Аль-Мухтасар · Тафсир · на сингальском
البقرة
Аль-Бакара
Корова · Мединская · 286 аятов
الٓمٓ අලිෆ්, ලාම්, මීම් මෙවන් අක්ෂර මාලාවන් සහිතව අල් කුර්ආනයේ ඇතැම් සූරාවන් ආරම්භ වේ. මේවා අරාබි හෝඩියේ අක්ෂරයි. ඒ එක් එක් අක්ෂරයට වෙන වෙනම අර්ථයක් දැක ගත නොහැක. නමුත් අල් කුර්ආනයේ ඒ ගැන සඳහන් නොවන කිසියම් යථාර්ථයක් හෝ බිහිරිබවක් මෙහි තිබිය හැක. ඒ අතුරින් අරාබි වරුන් දන්නා ඔවුන් කතා කරන අක්ෂරවලින්ම සැදුම් ලත් අරාබියෙන් කතා කරන කුර්ආනයක් බව එහි එක් යථාර්ථයක් ලෙස පෙන්වා දිය හැක. පොදුවේ මෙවන් අක්ෂර මාළාවක් ඉදිරිපත් කිරීමෙන් පසු අල් කුර්ආනය පිළිබඳ සඳහන් වනුයේ එබැවිනි. එය මෙහිදී ද දැක ගත හැක.
2:2Страница 2
ذَٰلِكَ ٱلۡكِتَٰبُ لَا رَيۡبَۛ فِيهِۛ هُدٗى لِّلۡمُتَّقِينَ ٢
Это Писание, в котором нет сомнения, является верным руководством для богобоязненных,
එය මහඟු අල් කුර්ආනයයි. එහි කිසිදු සැකයක් නැත. එය පහළ වූ ක්රමයෙහි ද කිසිදු සැකයක් නැත. එහි වචන හා අර්ථවලද කිසිදු සැකයක් නැත. එය අල්ලාහ්ගේ ප්රකාශයි. දෙවියන් පිළිබඳ හැඟීමෙන් කටයුතු කරන්නන් හට ඔහු වෙත පියනගන මග එය පෙන්වා දෙයි.
2:3–4Страница 2
ٱلَّذِينَ يُؤۡمِنُونَ بِٱلۡغَيۡبِ وَيُقِيمُونَ ٱلصَّلَوٰةَ وَمِمَّا رَزَقۡنَٰهُمۡ يُنفِقُونَ ٣
которые веруют в сокровенное, совершают намаз и расходуют из того, чем Мы их наделили,
وَٱلَّذِينَ يُؤۡمِنُونَ بِمَآ أُنزِلَ إِلَيۡكَ وَمَآ أُنزِلَ مِن قَبۡلِكَ وَبِٱلۡأٓخِرَةِ هُمۡ يُوقِنُونَ ٤
которые веруют в ниспосланное тебе и ниспосланное до тебя и убеждены в Последней жизни.
ඔවුන් ගුප්ත දෑ ගැන විශ්වාස කරන්නෝ වෙති: එනම් පරමාන්ත දිනය වැනි අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් දන්වා සිටි දෑ අතරින් අපට සැඟව ඇති, අපගේ ඉන්ද්රියන්ට ගෝචර නොවන සියලු දෑ ඔවුහු විශ්වාස කරති. ඔවුන් සලාතය ස්ථාපිත කරන්නෝ වෙති: එනම්, අල්ලාහ් එහි නියම කළ ‘ෂර්ත්’ හෙවත් කොන්දේසි, ‘අර්කාන්’ හෙවත් මූලිකාංග, ‘වාජිබාත්’ හෙවත් අනිවාර්ය දෑ හා ‘සුනන්’ හෙවත් අතිරේක දෑ යන සියල්ල නිසි ලෙස පිළිපදිමින් එම වගකීම ඉටු කරති. ඔවුන් වෙත අල්ලාහ් පිරිනැමූ දැයින් වියදම් කරන්නෝ වෙති: එනම්, අල්ලාහ්ගේ කුසල් බලාපොරොත්තුවෙන් ‘සකාත්’ වැනි අනිවාර්ය බදු ද ‘සදකා’ වැනි අනිවාර්ය නොවන දානයන් ද පිරිනමමින් අල්ලාහ් තමන්ට පෝෂණය කළ දැයින් වියදම් කරති. තවද නබි තුමනි, ඔබ වෙත අල්ලාහ් පහළ කළ දේව පණිවිඩ ඔවුහු විශ්වාස කරති. එපමණක් නොව ඔබට පෙර විසූ සෙසු නබිවරුන්ට පහළ වූ දෑ ද කිසිදු වෙනසකින් තොරව විශ්වාස කරති. තවද අවසන් දිනයත් එහි හිමිවන කුසල් හා දඬුවම් පිළිබඳවත් දැඩි ලෙස විශ්වාස කරති.
2:5Страница 2
أُوْلَٰٓئِكَ عَلَىٰ هُدٗى مِّن رَّبِّهِمۡۖ وَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡمُفۡلِحُونَ ٥
Они следуют верному руководству от их Господа, и они являются преуспевшими.
මෙම ගුණාංග වලින් වර්ණනා කරනු ලැබූවන් ඍජු මාර්ගයේ සිටින්නෝ වෙති. ඔවුන් අපේක්ෂිත ඉලක්කය වෙත නැඹුරු වෙමින් ඔවුන් බියෙන් පසු වූ දැයින් ජය ලබා මෙලොව හා මතු ලොව ජයග්රාහකයින් ලෙස සිටිති. තම බාහිරය හා අභ්යන්තරය නිවැරැදි කර ගෙන, දේව හැඟීමෙන් යුතු ව කටයුතු කරන දේව විශ්වාසවන්තයින්ගේ ගුණාංග අල්ලාහ් පැහැදිලි කරන අවස්ථාවේම තම බාහිරය හා අභ්යන්තරය නරක් කරගත් දේව ප්රතික්ෂේපකයින්ගේ ගුණාංග පිළිබඳව ද මෙනෙහි කරයි.
2:6Страница 3
إِنَّ ٱلَّذِينَ كَفَرُواْ سَوَآءٌ عَلَيۡهِمۡ ءَأَنذَرۡتَهُمۡ أَمۡ لَمۡ تُنذِرۡهُمۡ لَا يُؤۡمِنُونَ ٦
Воистину, неверующим безразлично, предостерег ты их или не предостерег. Они все равно не уверуют.
දේව විශ්වාසයෙන් පසු ඔවුන්ගේ මුළාවෙහි හා ඔවුන්ගේ මුරණ්ඩුකමෙහි දේව ප්රතික්ෂේපකයින් දිගටම රැඳී සිටිි බැවින් ඔවුන් කෙරෙහි අල්ලාහ්ගේ දඩුවමේ ප්රකාශය නියම විය. එහෙයින් ඔබ ඔවුනට අවවාද කළ ද එසේ නොකළද එය ඔවුනට එක සමානය.
2:7Страница 3
خَتَمَ ٱللَّهُ عَلَىٰ قُلُوبِهِمۡ وَعَلَىٰ سَمۡعِهِمۡۖ وَعَلَىٰٓ أَبۡصَٰرِهِمۡ غِشَٰوَةٞۖ وَلَهُمۡ عَذَابٌ عَظِيمٞ ٧
Аллах запечатал их сердца и слух, а на глазах у них - покрывало. Им уготованы великие мучения.
ඊට හේතුව අල්ලාහ් ඔවුන්ගේ හදවත් මත මුද්රා තබා එහි පවතින අසත්යය සමගම එය වසා දැමුවේය. ඔවුන්ගේ ශ්රවණ මත ද මුද්රා තැබුවේය. එහෙයින් එය පිළිගෙන පිළිපදින තරමට සත්යයට සවන් දිය නොහැක. එමෙන්ම ඔවුන්ගේ දෘෂ්ටි මත ද ආවරණයක් දැමුවේය. එහෙයින් සත්යය පැහැදිලි ව දැක ගත නොහැක. ඔවුනට මතුලොවෙහි ද දැඩි දඬුවම් ඇත.
2:8Страница 3
وَمِنَ ٱلنَّاسِ مَن يَقُولُ ءَامَنَّا بِٱللَّهِ وَبِٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ وَمَا هُم بِمُؤۡمِنِينَ ٨
Среди людей есть такие, которые говорят: «Мы уверовали в Аллаха и в Последний день». Однако они суть неверующие.
සැබැවින්ම තමන් දේව විශ්වාසවන්තයින් යැයි පවසන පිරිසක් ජනයා අතුරින් වෙති. ඔවුන් එසේ තම මුඛවලින් පවසා සිටිනුයේ තම ජීවිත හා ධනය ආරක්ෂා කර ගැනීමටය. නමුත් ඔවුන්ගේ අභ්යන්තරය තුළ ඇත්තේ දේව ප්රතික්ෂේපයයි.
2:9Страница 3
يُخَٰدِعُونَ ٱللَّهَ وَٱلَّذِينَ ءَامَنُواْ وَمَا يَخۡدَعُونَ إِلَّآ أَنفُسَهُمۡ وَمَا يَشۡعُرُونَ ٩
Они пытаются обмануть Аллаха и верующих, но обманывают только самих себя и не осознают этого.
ඔවුන් විශ්වාසය මතුපිටින් පෙන්වා දේව ප්රතික්ෂේපය සිත තුළ සඟවා අල්ලාහ් හා සැබෑ දේව විශ්වාසවන්තයින් රවටන්නට බලති. නමුත් යාථාර්ථය නම් ඔවුහු ඔවුන්වම රවටා ගෙන ඇත. නමුත් ඔවුහු ඒ ගැන හැඟීමෙන් යුතුව නොබලති. අල්ලාහ් රහසිගත දෑ හා සැඟව ඇති සියල්ල පිළිබඳ මැනවින් දනියි. ඔවුන්ගේ ගුණාංග හා ඔවුන්ගේ තත්ත්වයන් දේව විශ්වාසවන්තයින්හට හෙළි කළේය.
2:10Страница 3
فِي قُلُوبِهِم مَّرَضٞ فَزَادَهُمُ ٱللَّهُ مَرَضٗاۖ وَلَهُمۡ عَذَابٌ أَلِيمُۢ بِمَا كَانُواْ يَكۡذِبُونَ ١٠
Их сердца поражены недугом. Да усилит Аллах их недуг! Им уготованы мучительные страдания за то, что они лгали.
ඊට හේතුව ඔවුන්ගේ සිත් තුළ තිබූ සැකයයි. එබැවින් අල්ලාහ් ඔවුන්ගේ සැකය සමඟ තව තවත් සැකය වර්ධනය කළේය. එය, එම ක්රියාවට සරිලන ප්රතිවිපාකයක් වශයෙනි. ඔවුන් අල්ලාහ් හා ජනයා රවටමින් සිටි බැවින්ද දේව දූත මුහම්මද් තුමාණන්ට දෙනු ලැබූ පණිවිඩය බොරු කරමින් සිටි බැවින් ද නිරා ගින්නේ අඩියේ වේදනීය දඬුවම ඔවුනට හිමි වනු ඇත.
2:11Страница 3
وَإِذَا قِيلَ لَهُمۡ لَا تُفۡسِدُواْ فِي ٱلۡأَرۡضِ قَالُوٓاْ إِنَّمَا نَحۡنُ مُصۡلِحُونَ ١١
Когда им говорят: «Не распространяйте нечестия на земле!». - они отвечают: «Только мы и устанавливаем порядок».
මහපොළොවේ දෙවියන් ප්රතික්ෂේප කරමින් පාපකම් සිදු කරමින් හා වෙනත් අක්රමිකතා සිදු කරමින් කලහකාරී ලෙස හැසිරීමෙන් වැළකෙන මෙන් ඔවුනට කියනු ලැබූ විට, ඔවුන් එය පිළි නොගෙන සැබැවින්ම තමන් දැහැමියන් හා සංශෝධකයින් බව ඔවුහු සිතූහ.
2:12Страница 3
أَلَآ إِنَّهُمۡ هُمُ ٱلۡمُفۡسِدُونَ وَلَٰكِن لَّا يَشۡعُرُونَ ١٢
Воистину, именно они распространяют нечестие, но они не осознают этого.
සැබෑ යථාර්ථය නම්, සැබැවින්ම කලහකාරීහූ ඔවුහුම යන්නයි. එනමුත් ඔවුහු ඒ ගැන වටහා නොගනිති. ඔවුන්ගේ ක්රියා කලහකාරී බව ඔවුහු අවබෝධ කර නොගනිති.
2:13Страница 3
وَإِذَا قِيلَ لَهُمۡ ءَامِنُواْ كَمَآ ءَامَنَ ٱلنَّاسُ قَالُوٓاْ أَنُؤۡمِنُ كَمَآ ءَامَنَ ٱلسُّفَهَآءُۗ أَلَآ إِنَّهُمۡ هُمُ ٱلسُّفَهَآءُ وَلَٰكِن لَّا يَعۡلَمُونَ ١٣
Когда им говорят: «Уверуйте так, как уверовали люди», - они отвечают: «Неужели мы уверуем так, как уверовали глупцы?». Воистину, именно они являются глупцами, но они не знают этого.
මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාගේ අනුගාමිකයින් විශ්වාස කළාක් මෙන් විශ්වාස කරන්නැයි ඔවුනට අණ කළ විට, බුද්ධිහීනයින් විශ්වාස කළාක් මෙන් අප ද විශ්වාස කළ යුතු දැයි අපහාසාත්මකව හා පිළිකුල් සහගත ලෙසින් පිළිතුරු දුන්හ. නමුත් ඔවුහු ඒ ගැන අඥානීව සිටිති.
2:14Страница 3
وَإِذَا لَقُواْ ٱلَّذِينَ ءَامَنُواْ قَالُوٓاْ ءَامَنَّا وَإِذَا خَلَوۡاْ إِلَىٰ شَيَٰطِينِهِمۡ قَالُوٓاْ إِنَّا مَعَكُمۡ إِنَّمَا نَحۡنُ مُسۡتَهۡزِءُونَ ١٤
Когда они встречают верующих, то говорят: «Мы уверовали». Когда же они остаются наедине со своими дьяволами, они говорят: «Воистину, мы - с вами. Мы лишь издеваемся».
ඔවුන් දේව විශ්වාසවන්තයින් මුණ ගැසුණු විට ‘නුඹලා කවරු කරුණක් විශ්වාස කරන්නේද එය සැබෑවකි’ යැයි ඔවුහු පවසති. එසේ ඔවුන් පවසා සිටිනුයේ දේව විශ්වාසවන්තයින්ට බියෙනි. දේව විශ්වාසවන්තියින්ගෙන් වෙන්ව ඔවුන්ගේ ප්රධානීන් සමඟ තනි වූ විටක ‘ඇත්තෙන්ම අපි නුඹලා සමග නුඹලාගේ මාර්ගයේම වෙමු. දෙවියන් විශ්වාස කරන්නන්හට මතුපිටින් අප එකඟ වූයේ ඔවුනට අවමන් කිරීමක් හා සමච්චල් කිරීමක් ලෙසිනි’ යැයි දන්වා තම ස්ථාවරය ඔවුන් සමඟ යැයි තහවුරු කරමින් පවසති.
2:15Страница 3
ٱللَّهُ يَسۡتَهۡزِئُ بِهِمۡ وَيَمُدُّهُمۡ فِي طُغۡيَٰنِهِمۡ يَعۡمَهُونَ ١٥
Аллах поиздевается над ними и увеличит их беззаконие, в котором они скитаются вслепую.
දෙවියන් විශ්වාස කළවුන් හමු වූ විට ඔවුන් ඔවුන්ව අවමන් කළ බැවින් අල්ලාහ් ද ඔවුන් අවමානයට ලක් කරනු ඇත. එය ඔවුන්ගේ ක්රියාවට සරිලන ප්රති විපාකයක් වශයෙනි. ඒ අනුව මෙලොවෙහි මුස්ලිම්වරුන් නීතිරීති ඔවුන් මත ක්රියාත්මක කරන ලදී. මතුලොවෙහි ද ඔවුන්ගේ ප්රතික්ෂේපය හා කුහකත්වයට සරිලන ප්රතිවිපාක දෙනු ලබනු ඇත. එසේම ඔවුන් ව්යාකූලත්වයෙන් පසු වන්නට ඔවුන්ගේ මුළාවෙහි හා සීමාව ඉක්මවා යෑමෙහි තටමන්නට ඔහු ඉඩ හරින්නේය.
2:16Страница 3
أُوْلَٰٓئِكَ ٱلَّذِينَ ٱشۡتَرَوُاْ ٱلضَّلَٰلَةَ بِٱلۡهُدَىٰ فَمَا رَبِحَت تِّجَٰرَتُهُمۡ وَمَا كَانُواْ مُهۡتَدِينَ ١٦
Они - те, которые купили заблуждение за верное руководство. Но сделка не принесла им прибыли, и они не последовали прямым путем.
ඔවුහු අඥානයෝ වෙති. හේතුව ඔවුහු දේව විශ්වාසය වෙනුවට දේව ප්රතික්ෂේපය හුවමාරු කර ගත්තෝය. එහෙයින් ඔවුන්ගේ ව්යාපාරය ලාභදායී නොවීය. අල්ලාහ් පිළිබඳව විශ්වාස කිරීමට ඔවුන් අපොහොසත් විය. තවද ඔවුහු සත්ය වෙත මඟ ලබන්නන් නොවූහ.
2:17Страница 4
مَثَلُهُمۡ كَمَثَلِ ٱلَّذِي ٱسۡتَوۡقَدَ نَارٗا فَلَمَّآ أَضَآءَتۡ مَا حَوۡلَهُۥ ذَهَبَ ٱللَّهُ بِنُورِهِمۡ وَتَرَكَهُمۡ فِي ظُلُمَٰتٖ لَّا يُبۡصِرُونَ ١٧
Они подобны тому, кто разжег огонь. Когда же огонь озарил все вокруг него, Аллах лишил их света и оставил их в темноте, где они ничего не видят.
මෙම කුහකයිනට උපමා දෙකක් අල්ලාහ් මෙහි ඉදිරිපත් කොට ඇත. එකක් ගින්න හා බැඳුණු උපමාවකි අනෙක ජලය හා බැඳුණු උපමාවකි. ගින්න හා බැඳුණු ඔවුන්ගේ උපමාව වනුයේ: ආලෝකය ලබන්නට ගිනි දැල්වූ කෙනෙකු මෙනි. එහි ආලෝකය විහිද යන විට ඉන් ඵලක් ඇතැයි සිතයි. නමුත් අවසානයේ එහි ආලෝකය නිවී යයි. දැවී ගිය දෑ පමණක් ඉතිරි වෙයි. එලෙස කිසිවක් දැකිය නොහැකි අන්ධකාරයේ එහි අවට සිටි ජනයා රැඳී සිටී. ඔවුන් ඉන් කිසිදු මඟක් නොලබනු ඇත.
2:18Страница 4
صُمُّۢ بُكۡمٌ عُمۡيٞ فَهُمۡ لَا يَرۡجِعُونَ ١٨
Глухие, немые, слепые! Они не вернутся на прямой путь.
ඔවුන් සත්යය පිළිගන්නා තරමට සවන් නොදෙන බිහිරන්ය. ඒ ගැන කතා නොකරන ගොළුවන්ය. ඒ දෙස නෙත් යොමු නොකරන අන්ධයින්ය. එහෙයින් ඔවුන් ඔවුන්ගේ මුළාවෙන් හැරෙන්නේ නැත.
2:19Страница 4
أَوۡ كَصَيِّبٖ مِّنَ ٱلسَّمَآءِ فِيهِ ظُلُمَٰتٞ وَرَعۡدٞ وَبَرۡقٞ يَجۡعَلُونَ أَصَٰبِعَهُمۡ فِيٓ ءَاذَانِهِم مِّنَ ٱلصَّوَٰعِقِ حَذَرَ ٱلۡمَوۡتِۚ وَٱللَّهُ مُحِيطُۢ بِٱلۡكَٰفِرِينَ ١٩
Или же они подобны тем, кто оказался под ливнем с неба. Он несет мрак, гром и молнию. Они же в смертельном страхе затыкают уши пальцами от грохота молний. Воистину, Аллах объемлет неверующих.
ජලය හා බැඳුණු ඔවුන්ගේ උපමාව: වළාවෙන් ඇද හැළෙන මහා වර්ෂාවක් වැනිය. එහි ඒකරාශි වූ අන්ධකාරය, හෙණ හඬ හා අකුණු එකට පවතී. එය ප්රජාවක් වෙත පහළ වෙයි. ඔවුනට දැඩි බියක් ඇති කරයි. මහා හෙණ හඬ නිසා මරණ බියෙන් ඔවුන් තම ඇගිලි තුඩු මගින් ඔවුන්ගේ කන් වසා ගනී. අල්ලාහ් ප්රතික්ෂේප කරන්නන් පිළිබඳ සර්වප්රකාරයෙන් දන්නාය. ඔවුනට ඔහුගෙන් මිදී යා නොහැක.
2:20Страница 4
يَكَادُ ٱلۡبَرۡقُ يَخۡطَفُ أَبۡصَٰرَهُمۡۖ كُلَّمَآ أَضَآءَ لَهُم مَّشَوۡاْ فِيهِ وَإِذَآ أَظۡلَمَ عَلَيۡهِمۡ قَامُواْۚ وَلَوۡ شَآءَ ٱللَّهُ لَذَهَبَ بِسَمۡعِهِمۡ وَأَبۡصَٰرِهِمۡۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ٢٠
Молния готова отнять у них зрение. Когда она вспыхивает, они отправляются в путь, когда же опускается мрак, они останавливаются. Если бы Аллах пожелал, Он лишил бы их слуха и зрения. Воистину, Аллах способен на всякую вещь.
දැඩි අකුණු එළිය ඔවුන්ගේ දෘෂ්ටිය පැහැර ගන්නාක් මෙන් පවතී. අකුණු එළිය වැටෙන කල්හි ඔවුහු ඉදිරියට ගමන් කරති. එසේ එළිය නොවැටුනු විට අන්ධකාරයේ රැඳී සිටිති. ඔවුනට සෙලවෙන්නට නොහැකි වෙති. අල්ලාහ් අභිමත කළේ නම් සියලු දෑ කෙරෙහි ආවරණය වී ඇති ඔහුගේ බලයෙන් ඔවුන්ගේ ශ්රවණය හා දෘෂ්ටිය පහ කර දමනු ඇත. ඔවුන් සත්යයට පිටුපෑ හේතුවෙන් එය ඔවුන් වෙත නැවත හැරී නොඑයි. මහා වර්ෂාව කුර්ආනයට උපමාවයි. අකුණු හඬ එය වළක්වාලන දෑට උපමාවයි. අකුණු එළිය විටින් විට ඔවුනට ඉදිරිපත් කරනු ලැබූ සත්යයට උපමාවයි. දැඩි අකුණු හඞ හේතුවෙන් ඔවුන් තම කන් වසා ගන්නට විය. එය ඔවුන් සත්යය පිළි නොගෙන පිටු පෑමට සමානය. එම කුහකයින් දෙදෙනා අතර හා මේ උපමා දෙක සහිත පුද්ගලයින් අතර උපමා කළ ස්වභාවය; එය ප්රයෝජනය රහිත දෙයක්ය යන්නයි. ගින්න හා සම්බන්ධ උපමාවේ: එය අවුළන්නා එහි අන්ධකාරය හා ඇවිලීම හැර වෙන කිසිදු ප්රයෝජනයක් ගෙන නැතැයි යන්න අවධාරණය කරයි. මහා වර්ෂාව හා සම්බන්ධ උපමාවේ: හෙණ හඬ හා අකුණු එළියෙන් ඔවුන් බිය ගැන්වීම හැර වෙන කිසිදු ප්රයෝජනයක් ගෙන නැතැයි අවධාරණය කරයි. මෙලෙස කුහකයින් ඉස්ලාමය දෙස දැඩි හදවතකින් මිස බලන්නේ නැත.
2:21Страница 4
يَٰٓأَيُّهَا ٱلنَّاسُ ٱعۡبُدُواْ رَبَّكُمُ ٱلَّذِي خَلَقَكُمۡ وَٱلَّذِينَ مِن قَبۡلِكُمۡ لَعَلَّكُمۡ تَتَّقُونَ ٢١
О люди! Поклоняйтесь вашему Господу, Который сотворил вас и тех, кто был до вас, - быть может, вы устрашитесь.
අහෝ ජනයිනි, ඔබේ පරමාධිපතිට පමණක් නැමදුම් කරනු. වෙනත් කිසිවකුහට නැමදුම් නොකරනු. ඔබ හා ඔබට පෙර සිටි ජන සමූහයන් මැව්වේ ඔහු ය. එය ඔබ ඔවුන් ආදර්ශයට ගෙන අල්ලාහ්ගේ නියෝග පිළිපැද; ඔහු වැළැක් වූ දෙයින් වැළකී; ඔහුගේ දඬුවමින් ඔබ ආරක්ෂා වනු පිණිසය.
2:22Страница 4
ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلۡأَرۡضَ فِرَٰشٗا وَٱلسَّمَآءَ بِنَآءٗ وَأَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَخۡرَجَ بِهِۦ مِنَ ٱلثَّمَرَٰتِ رِزۡقٗا لَّكُمۡۖ فَلَا تَجۡعَلُواْ لِلَّهِ أَندَادٗا وَأَنتُمۡ تَعۡلَمُونَ ٢٢
Он сделал для вас землю ложем, а небо - кровлей, низвел с неба воду и взрастил ею плоды для вашего пропитания. Посему никого не равняйте с Аллахом сознательно.
මහපොළොව ඇතිරිල්ලක් හා තොටිල්ලක් සේ මැව්වේ ඔහුය. පසුව ඔහු අහස මවා ඊට ඉහළින් ශක්තිමක් නිර්මාණයක් ඇති කළේය. ඔහු වර්ෂාවෙන් ආශිර්වාද කළේ ය. ඔබේ ආහාරය සඳහා එමගින් පොළොවේ විවිධ පලතුරු හා බවභෝග හට ගැන්වීය. එහෙයින් අල්ලාහ් හැර වෙනත් කිසිදු මැවුම් කරුවකු නොමැති බව ඔබ දැන දැනුම කිසිවිටෙක අල්ලාහ්ට හවුල්කරුවන් හෝ සමානයන් තොබනු.
2:23Страница 4
وَإِن كُنتُمۡ فِي رَيۡبٖ مِّمَّا نَزَّلۡنَا عَلَىٰ عَبۡدِنَا فَأۡتُواْ بِسُورَةٖ مِّن مِّثۡلِهِۦ وَٱدۡعُواْ شُهَدَآءَكُم مِّن دُونِ ٱللَّهِ إِن كُنتُمۡ صَٰدِقِينَ ٢٣
Если же вы сомневаетесь в том, что Мы ниспослали Нашему рабу, то сочините одну подобную суру и призовите своих свидетелей, помимо Аллаха, если вы говорите правду.
අහෝ ජනයිනි, අපගේ ගැත්තා වන මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාහට පහළ කරනු ලැබූ අල් කුර්ආනය පිළිබඳ යම් සැකයක ඔබ පසුවන්නෙහු නම්, ඊට සමාන හෝ ඊටත් වඩා කුඩා පරිච්ඡේදයක් ඊට එරෙහිව ගෙනැවිත් පෙන්වන්නැයි අපි ඔබට අභියෝග කරන්නෙමු. එසේ ඔබ තර්ක කරමින් සිටින දෑහි ඔබ සත්යවාදීන් නම් ඔබේ සහයට හැකි පමණක් උදව්කරුවන් කැඳවා ගන්න.
2:24Страница 4
فَإِن لَّمۡ تَفۡعَلُواْ وَلَن تَفۡعَلُواْ فَٱتَّقُواْ ٱلنَّارَ ٱلَّتِي وَقُودُهَا ٱلنَّاسُ وَٱلۡحِجَارَةُۖ أُعِدَّتۡ لِلۡكَٰفِرِينَ ٢٤
Если же вы этого не сделаете - а ведь вы никогда этого не сделаете, - то побойтесь Огня, растопкой которого являются люди и камни. Он уготован для неверующих.
ඔබ එසේ නොකළෙහු නම් - ඔබට එසේ කිසිවිටෙක කළ නොහැක්කේමය- එවිට ඔබ දඬුවමට සුදුසුකම් ලත් ජනයා හා ඔවුන් නමදිමින් සිටි ගස්, ගල් මැටි වර්ග ඉන්ධන ලෙස භාවිතා කරනු ලබන නිරා ගින්නට බියවනු. මෙම නිරා ගින්න අල්ලාහ් සූදානම් කර ඇත්තේ ඔහුුු ව ප්රතික්ෂේප කරමින් කටයුතු කරන්නන්හට ය.
2:25Страница 5
وَبَشِّرِ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ أَنَّ لَهُمۡ جَنَّٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۖ كُلَّمَا رُزِقُواْ مِنۡهَا مِن ثَمَرَةٖ رِّزۡقٗا قَالُواْ هَٰذَا ٱلَّذِي رُزِقۡنَا مِن قَبۡلُۖ وَأُتُواْ بِهِۦ مُتَشَٰبِهٗاۖ وَلَهُمۡ فِيهَآ أَزۡوَٰجٞ مُّطَهَّرَةٞۖ وَهُمۡ فِيهَا خَٰلِدُونَ ٢٥
Обрадуй тех, которые уверовали и совершали праведные деяния, тем, что им уготованы Райские сады, в которых текут реки. Всякий раз, когда им будут подавать плоды для пропитания, они будут говорить: «Это уже было даровано нам прежде». Но им будут давать нечто похожее. У них там будут очищенные супруги, и они пребудут там вечно.
පෙර සඳහන් අවවාද දෙවියන් ප්රතික්ෂේප කරන්නන්හට ඉදිරිපත් කොට දැන් නබිවරයා අමතා: අහෝ නබිවරය, අල්ලාහ්ව විශ්වාස කොට දැහැමි ක්රිය කළවුන් හට ඔවුන් සතුටු කරවන ස්වර්ග උයන් හා ස්වර්ග වෘක්ෂලතා යටින් ගංගා ගලා බස්නා උසන් ඇති බව ශුභාරංචි දන්වා සිටින්න. ආහාරය සඳහා ඔවුනට නැවුම් පළතුරු පිරිනමනු ලබන සෑම කල්හිම ඒවා මෙලොව පලතුරුවලට බෙහෙවින් සමාන වන බැවින් “මීට පෙර අප වෙත ආහාර වශයෙන් දෙනු ලැබූවේ මේ හා සමාන පලතුරු යැ”යි පවසනු ඇත. මෙලොව තමන් හඳුනා ගත් පළතුරු වර්ග අතුරින් හැඩයෙන් හා නාමයෙන් ඒවාට සමාන දෑ ඔවුනට පිළිගන්වනු ලැබේ. නමුත් ඒවා රසයෙන් හා සුවයෙන් විවිධය. ලෝ වැසියන් අතර හැඩ ගැන් වූ ස්වභාවික කිලිටිවලින් බැහැර වූ ද මිනිස් ආත්මයක් ස්පර්ශ නොකළා වූ ද එවන් සියලු අඩුපාඩුවලින් නිදොස් වූ කලත්රයන් ස්වර්ගයේ ඔවුනට ඇත. මෙලොව පවතින තාවකාලික සැපතට එහායින් ගිය නිමක් නැති සදා සැපත එහි ඔවුනට ඇත.
2:26Страница 5
۞ إِنَّ ٱللَّهَ لَا يَسۡتَحۡيِۦٓ أَن يَضۡرِبَ مَثَلٗا مَّا بَعُوضَةٗ فَمَا فَوۡقَهَاۚ فَأَمَّا ٱلَّذِينَ ءَامَنُواْ فَيَعۡلَمُونَ أَنَّهُ ٱلۡحَقُّ مِن رَّبِّهِمۡۖ وَأَمَّا ٱلَّذِينَ كَفَرُواْ فَيَقُولُونَ مَاذَآ أَرَادَ ٱللَّهُ بِهَٰذَا مَثَلٗاۘ يُضِلُّ بِهِۦ كَثِيرٗا وَيَهۡدِي بِهِۦ كَثِيرٗاۚ وَمَا يُضِلُّ بِهِۦٓ إِلَّا ٱلۡفَٰسِقِينَ ٢٦
Воистину, Аллах не смущается приводить притчи о комаре или том, что больше него. Те, которые уверовали, знают, что это - истина от их Господа. Те же, которые не уверовали, говорят: «Чего хотел Аллах, когда приводил эту притчу?». Посредством нее Он многих вводит в заблуждение, а многих наставляет на прямой путь. Однако вводит Он в заблуждение посредством нее только нечестивцев,
සැබැවින්ම අල්ලාහ් තමන් කැමති උපමා ගෙනහැර පාන්නට ලැජ්ජා නොවෙයි. ඔහු කෝඳුරුවකු හෝ ඊටත් විශාල හෝ ඊටත් කුඩා දෙයක් පවසා උපමා ගෙන හැර පානු ඇත. මේ උපමා රූප ඉදිරියේ මිනිසා දෙවර්ගයකි. එනම් දෙවියන් විශ්වාස කරන්නන් හා ප්රතික්ෂේප කරන්නන්ය. දෙවියන් විශ්වාස කරන්නන් වනාහි, මෙම උපමාව පසුපසින් ඇති යථාර්ථය වටහා ගෙන එය සැබෑවක් ලෙස තහවුරු කර ගනී. නමුත් දෙවියන් ප්රතික්ෂේප කරන්නන් වනාහි, කෝඳුරුවා, මැස්සා, මකුළුවා හා වෙනත් අල්ප ගණයේ මැවීම් උදාහරණ ලෙස අල්ලාහ් ගෙන හැර පෑමේ හේතුසාධක කුමක්දැයි සමච්චලයෙන් යුතුව විමසා සිටිති. දැන් අල්ලාහ් එයට මෙසේ පිළිතුරු සපයයි: සැබැවින්ම මිනිසාට මෙම උපමාවල මඟපෙන්වීමක් පාඩමක් හා ආදර්ශයක් ඇත. නමුත් ඔවුන්ගෙන් සමහරු මෙම උපමාවන් පරිශීලනය කිරීමට ප්රතික්ෂේප කර සිටි බැවින් අල්ලාහ් ඔවුන් නොමග හැරියේය. ඔවුන් බොහෝ දෙනෙකි. එමෙන්ම සමහරු එයින් උපදෙස් ලබා යහමඟ ලැබූවන් ද වෙති ඔවුන් ද බොහෝ දෙනෙකි. නොමඟ යන්නට සුදුසුකම් ඇති අය හැර වෙනත් කිසිවකු අල්ලාහ් නොමඟ යන්නට ඉඩ හරින්නේ නැත. ඔවුහු කුහකයින් මෙන් ඔහුට අවනත වීමෙන් බැහැර වූවෝ වෙති.
2:27Страница 5
ٱلَّذِينَ يَنقُضُونَ عَهۡدَ ٱللَّهِ مِنۢ بَعۡدِ مِيثَٰقِهِۦ وَيَقۡطَعُونَ مَآ أَمَرَ ٱللَّهُ بِهِۦٓ أَن يُوصَلَ وَيُفۡسِدُونَ فِي ٱلۡأَرۡضِۚ أُوْلَٰٓئِكَ هُمُ ٱلۡخَٰسِرُونَ ٢٧
которые нарушают завет с Аллахом после того, как они заключили его, разрывают то, что Аллах велел поддерживать, и распространяют нечестие на земле. Именно они окажутся в убытке.
එම කුහකයෝ ඔහුට පමණක් නැමදීමටත් පෙර නබිවරුන් දන්වා සිටි ඔහුගේ අවසන් දූතයාණන් පිළිපැදීමටත් ඔහු ඔවුන් සමඟ ඇති කර ගත් ගිවිසුම කඩ කළෝය. අල්ලාහ්ගේ ගිවිසුම් හෙළා දකින මොවුහු ඥාතී සම්බන්ධකම් මෙන් අල්ලාහ් සම්බන්ධකම් ඇති කර ගන්නට නියම කළ සම්බන්ධකම් බිද දමන මහපොළොවේ පාපකම් සිදු කොට ප්රචණ්ඩත්වය පතුරුවාලන්නට උත්සහ දරන පිරිසක් යැයි වර්ණනා කරමින් පවසයි. එහෙයින් මෙලොව හා මතුලොව ඔවුන් ලබන කොටසින් පාඩු විඳින්නෝ ඔවුහුමය.
2:28Страница 5
كَيۡفَ تَكۡفُرُونَ بِٱللَّهِ وَكُنتُمۡ أَمۡوَٰتٗا فَأَحۡيَٰكُمۡۖ ثُمَّ يُمِيتُكُمۡ ثُمَّ يُحۡيِيكُمۡ ثُمَّ إِلَيۡهِ تُرۡجَعُونَ ٢٨
Как вы можете не веровать в Аллаха, тогда как вы были мертвы, и Он оживил вас? Потом Он умертвит вас, потом оживит, а потом вы будете возвращены к Нему.
අහෝ දෙවියන් ප්රතික්ෂේප කරන්නනි, සැබැවින්ම නුඹලාගේ කරුණනම් පුදුමසහගතය. නුඹලා තුළ ඇති ඔහුගේ බලය පෙන්වා දෙන සාධක නුඹලා දෑසින් දැක දැකම නුඹලා අල්ලාහ් ප්රතික්ෂේප කරනුයේ කෙසේද? සැබැවින්ම නුඹලා කිසිවක් කියන්නට තරම් වස්තුවක් ලෙස නොසිටිය දී නුඹලාව ඔහු මවා නුඹලාට ජීවිය ලබා දුන්නේය. පසු ව දෙවන වරටත් ඔහු නුඹලාව මරණයටපත් කොට පසු ව යළි දෙවන වරටත් නුඹලාට ඔහු පණ දෙන්නේය. නුඹලා කල් ඇතිව මෙලොව සිදු කළ දෑ වෙනුවෙන් නුඹලාගෙන් විනිශ්චය කරනු පිණිස ඔහු වෙත නුඹලා යොමු කරනු ලබන්නෙහුය.
2:29Страница 5
هُوَ ٱلَّذِي خَلَقَ لَكُم مَّا فِي ٱلۡأَرۡضِ جَمِيعٗا ثُمَّ ٱسۡتَوَىٰٓ إِلَى ٱلسَّمَآءِ فَسَوَّىٰهُنَّ سَبۡعَ سَمَٰوَٰتٖۚ وَهُوَ بِكُلِّ شَيۡءٍ عَلِيمٞ ٢٩
Он - Тот, Кто сотворил для вас все, что на земле, а затем обратился к небу и сделал его семью небесами. Ему известно о всякой вещи.
අල්ලාහ් ඒකීයය. ඔහු මහපොළොවේ ඇති ගංගා ගහකොළ මෙන්ම ගැණිය නොහැකි වෙනත් ආශිර්වාද කොපමණක් නුඹලා වෙනුවෙන් මවා තිබේද? ඒවායින් නුඹලා ප්රයෝජන ලබන්නෙහුය. නුඹලාට වසග කර දුන් දැයින් නුඹලා භුක්ති විඳින්නෙහුය. පසුව ඔහු අහසට නැගී සමාන අහස් හතක් මැව්වේය. ඔහුගේ ඥානය සියලු දෑ ග්රහණය කර ඇත.
2:30Страница 6
وَإِذۡ قَالَ رَبُّكَ لِلۡمَلَٰٓئِكَةِ إِنِّي جَاعِلٞ فِي ٱلۡأَرۡضِ خَلِيفَةٗۖ قَالُوٓاْ أَتَجۡعَلُ فِيهَا مَن يُفۡسِدُ فِيهَا وَيَسۡفِكُ ٱلدِّمَآءَ وَنَحۡنُ نُسَبِّحُ بِحَمۡدِكَ وَنُقَدِّسُ لَكَۖ قَالَ إِنِّيٓ أَعۡلَمُ مَا لَا تَعۡلَمُونَ ٣٠
Вот твой Господь сказал ангелам: «Я установлю на земле наместника». Они сказали: «Неужели Ты поселишь там того, кто будет распространять нечестие и проливать кровь, тогда как мы прославляем Тебя хвалой и освящаем Тебя?». Он сказал: «Воистину, Я знаю то, чего вы не знаете».
සැබැවින්ම අල්ලාහ් මලක්වරුන් දෙස බලා මෙසේ පැවසූ බව දන්වා සිටියි: ‘තමන් වෙත අවනතභාවය නගා සිටුවන්නට මහපොළොවේ පිරිසකගෙන් පසු තවත් පිරිසක් නියෝජනය කරන මිනිස් වර්ගයක් බිහි කරන්නට යමි.’ යැයි අල්ලාහ් පැවසීය. එවිට මලක්වරු තම පරමාධිපති දෙස බලා: ‘මහපොළොවේ නියෝජනය සඳහා ප්රචණ්ඩත්වය පතුරුවාලන අපරාධකාරී ලෙස රුධිරය හළන මිනිස් පරපුරක් මවන්නට යෑමේ යථාර්ථය ගැන -තමන් දැනගන්නටත් එය වටහාගන්නටත්- අල්ලාහ්ගෙන් එසේ ප්රශ්න කරමින් ‘අපි ඔබට අවනත වන පිරිසක් වෙමු. ඔබ ප්රශංසාවට ලක් කරමින් පිවිතුරු කරන්නෙමු. ඔබේ කීර්තියට හා පූර්ණත්වයට ගරු කරන්නෙමු. අපි එයින් විඩාවට පත් නොවෙමු. යැයි පැවසුවෝය. එවිට අල්ලාහ් ‘සැබැවින්ම ඔබ නොදන්නා, ඔවුන් මැවීමේ යථාර්ථය හා ඔවුන් නියෝජනයට පත් කිරීමෙහි අරමුණ පිළිබඳ මම මැනවින් දනිමි.’ යැයි පැවසීය.
2:31Страница 6
وَعَلَّمَ ءَادَمَ ٱلۡأَسۡمَآءَ كُلَّهَا ثُمَّ عَرَضَهُمۡ عَلَى ٱلۡمَلَٰٓئِكَةِ فَقَالَ أَنۢبِـُٔونِي بِأَسۡمَآءِ هَٰٓؤُلَآءِ إِن كُنتُمۡ صَٰدِقِينَ ٣١
Он научил Адама всевозможным именам, а затем показал их (творения, нареченные именами) ангелам и сказал: «Назовите мне их имена, если вы говорите правду».
මිනිස් පියාණන් වන ආදම් ගේ තත්ත්වය විස්තරය කරන්නට අල්ලාහ් ඔහුට සතුන් හා භෞතික වස්තු සියල්ලෙහි නාම ඒවායෙහි යෙදුම් හා අර්ථ කියා දුන්නේය. පසුව ඔහු එම නාම මලක්වරු ඉදිරියේ තබමින් ‘නුඹලා මෙම මැවීමට වඩා ශ්රේෂ්ටය; උතුම්ය; නුඹලා පවසන පරිදි එහි නුඹලා සත්යවාදීන් නම්, මෙම නාම මා වෙත දන්වා සිටිනු යැයි පැවසීය.
2:32Страница 6
قَالُواْ سُبۡحَٰنَكَ لَا عِلۡمَ لَنَآ إِلَّا مَا عَلَّمۡتَنَآۖ إِنَّكَ أَنتَ ٱلۡعَلِيمُ ٱلۡحَكِيمُ ٣٢
Они ответили: «Пречист Ты! Мы знаем только то, чему Ты научил нас. Воистину, Ты - Знающий, Мудрый».
මලක්වරු තමන්ගේ අඩුව පිළිගනිමින් එම මහිමය අල්ලාහ් වෙත යොමු කරමින්, අපගේ පරමාධිපතියාණනි, ඔබගේ පිළිවෙත හා නියමය තුළ ඔබට විරෝධය පෑමෙන් අපි ඔබ ව පිවිතුරු කරන්නෙමු. ඔබට ගරුබුහුමන් කරන්නෙමු. ඔබ අපට පිරිනැමූ දැනුම මිස වෙනත් කිසිවක් අපි නොදනිමු. සැබැවින්ම ඔබ සර්වඥානීය. ඔබ වෙත කිසිවක් සැඟවෙන්නේ නැත. ඔබ මහා ප්රඥාවන්තය. ඔබේ නියමය හා ඔබේ පිළිවෙත අනුව සියලු කරුණු නිසි තැන ඔබ තබනු ඇත. යැයි පැවසීය.
2:33Страница 6
قَالَ يَٰٓـَٔادَمُ أَنۢبِئۡهُم بِأَسۡمَآئِهِمۡۖ فَلَمَّآ أَنۢبَأَهُم بِأَسۡمَآئِهِمۡ قَالَ أَلَمۡ أَقُل لَّكُمۡ إِنِّيٓ أَعۡلَمُ غَيۡبَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَأَعۡلَمُ مَا تُبۡدُونَ وَمَا كُنتُمۡ تَكۡتُمُونَ ٣٣
Он сказал: «О Адам! Поведай им об их именах». Когда Адам поведал им об их именах, Он сказал: «Разве Я не говорил вам, что знаю сокровенное на небесах и земле, и знаю, что вы совершаете открыто и что утаиваете?».
එම අවස්ථාවේ අල්ලාහ් ආදම් වෙත: ‘නම් තැබූ මේවායෙහි නාම ඔබ ඔවුනට දන්වා සිටින්නැ’යි පැවසීය. ඔහුගේ පරමාධිපති ඔහුට ඉගැන් වූ පරිදි ඔවුනට ඔහු දන්වා සිටි කල්හි, අල්ලාහ් මලක්වරු දෙස බලා: ‘මහපොළොවේ හා අහසේ සැගවුණු දෑ පිළිබඳ මා මැනවින් දන්නා බවත් ඔබ හෙළිකරන ඔබගේ තත්ත්වයන් හා ඔබ තුළ රහසිගතව කතා කරන දෑ පිළිබඳ මා මැනවින් දන්නා බවත් මම ඔබට නොකීවෙම්දැයි විමසීය.
2:34Страница 6
وَإِذۡ قُلۡنَا لِلۡمَلَٰٓئِكَةِ ٱسۡجُدُواْ لِأٓدَمَ فَسَجَدُوٓاْ إِلَّآ إِبۡلِيسَ أَبَىٰ وَٱسۡتَكۡبَرَ وَكَانَ مِنَ ٱلۡكَٰفِرِينَ ٣٤
Вот Мы сказали ангелам: «Падите ниц перед Адамом». Они пали ниц, и только Иблис отказался, возгордился и стал одним из неверующих.
සැබැවින්ම ආදම්ට නමස්කාර කරන මෙන් මලක්වරුන්ට තමන් අණ කර සිටි බව අල්ලාහ් විස්තර කරයි. එය ආචාර කිරීමේ හා ගරුකිරීමේ නමස්කාරයකි. එවිට ඔවුහු අල්ලාහ්ගේ අණ පිළිපඳිමින් ඔහුට නමස්කාර කරන්නට යුහුසුළු වූහ. නමුත් ජින් වර්ගයාගෙන් වූ ඉබ්ලීස් හැර. ඔහු ආදම් සම්බන්ධයෙන් උඩඟුකම් පා, නමස්කාර කිරීමේ අල්ලාහ්ගේ නියෝගයට පිටුපා, ඉන් වැළකී සිටියේය. ඔහු උත්තරීතර අල්ලාහ්ව ප්රතික්ෂේප කරන්නන් අතුරින් විය.
2:35Страница 6
وَقُلۡنَا يَٰٓـَٔادَمُ ٱسۡكُنۡ أَنتَ وَزَوۡجُكَ ٱلۡجَنَّةَ وَكُلَا مِنۡهَا رَغَدًا حَيۡثُ شِئۡتُمَا وَلَا تَقۡرَبَا هَٰذِهِ ٱلشَّجَرَةَ فَتَكُونَا مِنَ ٱلظَّٰلِمِينَ ٣٥
Мы сказали: «О Адам! Поселись в Раю вместе со своей супругой. Ешьте там вволю, где пожелаете, но не приближайтесь к этому дереву, а не то окажетесь одними из беззаконников».
අහෝ ආදම්! ඔබ ඔබේ බිරිය හව්වා සමග ස්වර්ග උයනේ වාසය කරනු. ස්වර්ගයේ කැමති තැනක කැමති දෙයක් කිසිදු බාධාවකින් තොරව ඇතිතරම් ආහාරයට ගනු. නමුත් ආහාර අනුභවයට මා තහනම් කළ එම ගස අසළට ඔබ දෙදෙනා යෑමෙන් මම අවවාද කර සිටිමි. එසේ මා ඔබට නියෝග කර සිටි දෑ පිටුපෑවෙහු නම් නුඹලා දෙපළ අපරාධකරුවන් බවට පත්වනු ඇතැයි පැවසූහ.
2:36Страница 6
فَأَزَلَّهُمَا ٱلشَّيۡطَٰنُ عَنۡهَا فَأَخۡرَجَهُمَا مِمَّا كَانَا فِيهِۖ وَقُلۡنَا ٱهۡبِطُواْ بَعۡضُكُمۡ لِبَعۡضٍ عَدُوّٞۖ وَلَكُمۡ فِي ٱلۡأَرۡضِ مُسۡتَقَرّٞ وَمَتَٰعٌ إِلَىٰ حِينٖ ٣٦
Дьявол же побудил их споткнуться о него и вывел их оттуда, где они находились. И тогда Мы сказали: «Низвергнитесь и будьте врагами друг другу! Земля будет для вас обителью и предметом пользования до определенного срока».
ෂෙයිතාන් ඔවුන් දෙදෙනාට කොඳුරමින් දකින දෑ අලංකාරවත් කරමින් සිටියේය. අවසානයේ අල්ලාහ් අනුභව කිරීමට තහනම් කළ එම ගසින් ඔවුන් දෙදෙනා අනුභව කරන්නට ඔහු සැලැස්වීය. ඔවුන් දෙදෙනා පෙරළා වැරදි කරන්නට විය. එහි ප්රතිවිපාක වශයෙන් ඔවුන් දෙදෙනා සිටි ස්වර්ගයෙන් අල්ලාහ් ඔවුන් බැහැර කළේය. පසුව අල්ලාහ් ඔවුන් දෙදෙනා හා ෂයිතාන් දෙස බලා: ‘නුඹලා මහපොළොවට බසිනු. නුඹලා අතැමෙක් ඇතැමෙකුට සතුරන් වනු ඇත. මිහිතලයේ නුඹලාගේ ආයුෂ අවසන් වී අවසන් හෝරාව පැමිණෙන තෙක් යහපත් දෑ භුක්ති විදීමටත් නුඹලාගේ වාසස්ථාන හා නවාතැන් තනා ගැනීමටත් අවස්ථාව ඇත’ යැයි පැවසීය.
2:37Страница 6
فَتَلَقَّىٰٓ ءَادَمُ مِن رَّبِّهِۦ كَلِمَٰتٖ فَتَابَ عَلَيۡهِۚ إِنَّهُۥ هُوَ ٱلتَّوَّابُ ٱلرَّحِيمُ ٣٧
Адам принял слова от своего Господа, и Он принял его покаяние. Воистину, Он - Принимающий покаяние, Милосердный.
පසුව ආදම් තමන් වෙත අල්ලාහ් ඉගැන් වූ වදන් කිහිපයක් ගෙන ප්රාර්ථනා කරන්නට විය. එය සූරා අල් අඃරාෆ් හි 23 වන වැකියේ මෙසේ සඳන් වේ. ‘ඔවුන් දෙදෙනා මෙසේ පැවසීය: අපගේ පරමාධිපතියාණනි, අපි අපටම අපරාධ කරගෙන ඇත්තෙමු. ඔබ අපට සමාව දී කරුණාව නොදැක්වූයේ නම්, සැබැවින් අපි පරාජ වන්නන් අතරට පත්වෙමු.’ අල්ලාහ් ඔහුගේ පශ්චාත්තාපය පිළිගෙන ඔහුට සමාව දුන්නේය. සුවිශුද්ධ අල්ලාහ් තම ගැත්තන්හට අසීමිත ලෙස සමාව දෙන්නාය. එමෙන්ම ඔවුන් වෙත මහත් කාරුණිකය.
Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии