Аль-МухтасарНух · 71:1–28

Аль-Мухтасар · Тафсир · на сингальском

نوح

Нух

Нух · Мекканская · 28 аятов

71:1Страница 570

إِنَّآ أَرۡسَلۡنَا نُوحًا إِلَىٰ قَوۡمِهِۦٓ أَنۡ أَنذِرۡ قَوۡمَكَ مِن قَبۡلِ أَن يَأۡتِيَهُمۡ عَذَابٌ أَلِيمٞ ١

Мы отправили Нуха (Ноя) к его народу: «Предостереги свой народ прежде, чем их постигнут мучительные страдания».

නූහ් නබි තුමාගේ ප්රජාව අල්ලාහ්ට ආදේශ තබමින්, ඒ මත ගැලී සිටීම හේතුවෙන් වේදනීය දඬුවමක් ඔවුන් වෙත පැමිණීමට පෙර තම සමූහයා බිය ගන්වා ඔවුනට ඇරයුම් කරන මෙන් අපි නූහ් ව ඔහුගේ සමූහයා වෙත එව්වෙමු.

71:2Страница 570

قَالَ يَٰقَوۡمِ إِنِّي لَكُمۡ نَذِيرٞ مُّبِينٌ ٢

Он сказал: «О мой народ! Воистину, я для вас - предостерегающий и разъясняющий увещеватель.

අහෝ මාගේ ජනයිනි! සැබැවින්ම නුඹලා අල්ලාහ් වෙත පශ්චාත්තාප වී යොමු නොවූයේ නම්, නුඹලාව බලාපොරොත්තුවෙන් සිටින බිහිසුණු දඬුවම ගැන අවවාද කරන පැහැදිලි අවවාද කරන්නෙක් වෙමි’ යැයි නූහ් තම සමූහයාට පවසා සිටියේය.

71:3Страница 570

أَنِ ٱعۡبُدُواْ ٱللَّهَ وَٱتَّقُوهُ وَأَطِيعُونِ ٣

Поклоняйтесь Аллаху, бойтесь Его и повинуйтесь мне!

නුඹලා වෙත වූ මාගේ අවවාදයේ අවසානය වනුයේ, 'නුඹලා අල්ලාහ්ට පමණක් ගැතිකම් කරනු. ඔහුට කිසිවක් ආදේශ නොකරනු. ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී, ඔහුට භක්තිමත් ව කටයුතු කරනු. තවද මා කවර කරුණක් නුඹලාට අවවාද කර ඇත්තේ ද ඒ සම්බන්ධයෙන් නුඹලා මා පිළිපදිනු’ යැයි මා පැවසීමය.

71:4Страница 570

يَغۡفِرۡ لَكُم مِّن ذُنُوبِكُمۡ وَيُؤَخِّرۡكُمۡ إِلَىٰٓ أَجَلٖ مُّسَمًّىۚ إِنَّ أَجَلَ ٱللَّهِ إِذَا جَآءَ لَا يُؤَخَّرُۚ لَوۡ كُنتُمۡ تَعۡلَمُونَ ٤

Он простит вам ваши грехи и предоставит вам отсрочку до назначенного срока. Воистину, когда срок Аллаха наступает, он уже не откладывается. Если бы вы только знали!».

සැබැවින්ම නුඹලා එය සිදු කරන්නේ නම්, දේව ගැත්තන්ගේ අයිතිවාසිකම් හා නොබැඳුණු නුඹලාගේ පාපකම් සඳහා ඔහු නුඹලාට සමාව දෙනු ඇත. අල්ලාහ්ගේ අනුදැනුම තුළින් නියමිත කාලයක් දක්වා ජීවිතයේ දීර්ඝායුෂ නුඹලාගේ සමූහයාට පිරිනමනු ඇත. ඒ මත නුඹලා ස්ථීරව සිටින කාලයක් මහපොළොවේ නුඹලා පාලනය කරනු ඇත. සැබැවින්ම මරණය පැමිණියේ නම් ප්රමාද කරනු නොලැබේ. නුඹලා ඒ බව දැන සිටියෙහු නම් අල්ලාහ්ව විශ්වාස කිරීමටත්, නුඹලා නිරතවෙමින් සිටි දේව ආදේශය හා මුළාව සඳහා පශ්චාත්තාප වී ඔහු වෙත යොමුවන්නටත් යුහුසුළු වනු.

71:5Страница 570

قَالَ رَبِّ إِنِّي دَعَوۡتُ قَوۡمِي لَيۡلٗا وَنَهَارٗا ٥

Он сказал: «Господи! Я призывал мой народ ночью и днем,

මාගේ පරමාධිපතියාණනි, නුඹට ගැතිකම් කිරීමටත් නුඹව ඒකීයත්වයට පත් කිරීමටත් සැබැවින්ම මම දිවා රෑ අඛණ්ඩව මාගේ සමූහයාට ඇරයුම් කළෙමි යැයි නූහ් පැවසීය.

71:6Страница 570

فَلَمۡ يَزِدۡهُمۡ دُعَآءِيٓ إِلَّا فِرَارٗا ٦

но мои проповеди лишь ускорили их бегство.

ඔවුන් සඳහා කළ මාගේ ඇරයුම ඔවුන් පලා යෑම සහ මා කවර දෙයක් වෙත ඔවුන් ඇරයුම් කර සිටියේ ද ඉන් දුරස්වීම මිස වෙන කිසිවක් වර්ධනය කළේ නැත.

71:7Страница 570

وَإِنِّي كُلَّمَا دَعَوۡتُهُمۡ لِتَغۡفِرَ لَهُمۡ جَعَلُوٓاْ أَصَٰبِعَهُمۡ فِيٓ ءَاذَانِهِمۡ وَٱسۡتَغۡشَوۡاْ ثِيَابَهُمۡ وَأَصَرُّواْ وَٱسۡتَكۡبَرُواْ ٱسۡتِكۡبَارٗا ٧

Каждый раз, когда я призывал их, чтобы Ты простил их, они затыкали пальцами уши и укрывались одеждами. Они упорствовали и надменно превозносились.

ඔබට පමණක් නැමදීම, ඔබට අවනත වීම හා ඔබේ රසූල්වරයාට අවනත වීම යනාදී ඔවුන්ගේ පාපකම් සඳහා සමාවට හේතුවන සාධක වෙත මා ඔවුන් ඇරයුම් කළ සෑම කල්හිම, මාගේ ඇරයුම ඔවුන්ගේ කනට නොවැකෙන සේ ඔවුන්ගේ ඇගිලි ඔවුන්ගේ කන් තුළ දමා වසා ගත්තෝය. ඔවුන් මා නොදකින සේ ඔවුන්ගේ ඇදුමෙන් ඔවුන්ගේ මුහුණු වසා ගත්තෝය. ඔවුන් කවර දෙයක් ආදේශ කරමින් සිටියේ ද එහි දිගටම රැඳී සිටියෝය. මා ඔවුන් ඇරයුම් කරන දෑ පිළිගැනීමට හා ඒ සඳහා සවන් දීමට ඔවුන් උඩඟු වූවෝය.

71:8Страница 570

ثُمَّ إِنِّي دَعَوۡتُهُمۡ جِهَارٗا ٨

Затем я призывал их открыто.

මාගේ පරමාධිපතියාණනි, පසුව සැබැවින්ම මම ඔවුනට ප්රසිද්ධියේම ඇරයුම් කළෙමි.

71:9Страница 570

ثُمَّ إِنِّيٓ أَعۡلَنتُ لَهُمۡ وَأَسۡرَرۡتُ لَهُمۡ إِسۡرَارٗا ٩

Затем я обращался к ним всенародно и говорил с ними наедине.

ඇරයුම් කටයුතු සම්බන්ධයෙන් මාගේ හඬ ඔවුන් වෙනුවෙන් උස් කළෙමි. රහසිගතව සගවමින් ද ඇරයුම් කළෙමි. පහත් හඬින් ද ඇරයුම් කළෙමි. මාගේ ඇරයුම් විවිධ ස්වරූපයෙන් ඔවුන් වෙත පිළිගැන්වූයෙමි.

71:10Страница 570

فَقُلۡتُ ٱسۡتَغۡفِرُواْ رَبَّكُمۡ إِنَّهُۥ كَانَ غَفَّارٗا ١٠

Я говорил: «Просите у вашего Господа прощения, ведь Он - Всепрощающий.

මාගේ ජනයිනි, නුඹලාගේ පරමාධිපතිට පශ්චාත්තාපය වී සමාව අයැද සිටිනු. සැබැවින්ම පිවිතුරු අල්ලාහ් ඔහුගේ ගැත්තන් අතරින් ඔහු වෙත සමාව ඇයැද යොමු වන්නන්ගේ පාපකම්වලට අතිශයෙන් සමාව දෙන්නාය.

71:11Страница 571

يُرۡسِلِ ٱلسَّمَآءَ عَلَيۡكُم مِّدۡرَارٗا ١١

Он ниспошлет вам с неба обильные дожди,

සැබැවින්ම නුඹලා එසේ සිදු කළේ නම්, නුඹලාට වර්ෂාව අවශ්ය වන සෑම මොහොතකම අල්ලාහ් අහසින් අඛණ්ඩ ව වර්ෂාව පහළ කරනු ඇත. එවිට කිසිදු නියඟයක් හෝ සාගින්නක් ඔබට අත් වන්නේ නැත.

71:12Страница 571

وَيُمۡدِدۡكُم بِأَمۡوَٰلٖ وَبَنِينَ وَيَجۡعَل لَّكُمۡ جَنَّٰتٖ وَيَجۡعَل لَّكُمۡ أَنۡهَٰرٗا ١٢

поддержит вас имуществом и детьми, взрастит для вас сады и создаст для вас реки.

අධික ලෙස සම්පත් හා දරුවන් ඔහු නුඹලාට පිරිනමනු ඇත. නුඹලා අනුභව කිරීම සඳහා පළතුරු වතු නුඹලා වෙනුවෙන් ඔහු මතු කරනු ඇත. නුඹලා පානය කිරීම සඳහාත් නුඹලාගේ වගාවන් හා ගොවිපළ සතුන්ට ජලය සැපයීම සඳහාත් ගංගාවන් නුඹලා වෙනුවෙන් මතු කරනු ඇත.

71:13Страница 571

مَّا لَكُمۡ لَا تَرۡجُونَ لِلَّهِ وَقَارٗا ١٣

Почему вы не чтите величия Аллаха?

අහෝ ජනයිනි, කිසිදු උදාසීනත්වයෙන් තොර ව ආරක්ෂා වන පරිදි අල්ලාහ්ගේ බලමහිමය පිළිබඳ නුඹලා බිය නොවන්නට වූ නුඹලාගේ විෂය කුමක් වීද?

71:14Страница 571

وَقَدۡ خَلَقَكُمۡ أَطۡوَارًا ١٤

Он ведь создавал вас по этапам.

තවද ශුක්ර ධාතුවෙන් ලේ කැටියට, ලේ කැටියෙන් කලලයට යනා දී ලෙස එක් අදියරයකින් පසු තවත් අදියරයකින් සැබැවින්ම ඔහු නුඹලා මැව්වේය.

71:15Страница 571

أَلَمۡ تَرَوۡاْ كَيۡفَ خَلَقَ ٱللَّهُ سَبۡعَ سَمَٰوَٰتٖ طِبَاقٗا ١٥

Неужели вы не видели, как Аллах создал семь небес одно над другим,

අහසකට ඉහළින් තවත් අහසක් පිහිටන පරිදි අහස් හතක් අල්ලාහ් නිර්මාණය කර ඇත්තේ කෙසේදැයි නුඹලා නොදුටුවෙහු ද?

71:16Страница 571

وَجَعَلَ ٱلۡقَمَرَ فِيهِنَّ نُورٗا وَجَعَلَ ٱلشَّمۡسَ سِرَاجٗا ١٦

сделал луну светлой, а солнце сделал светильником?

ඒවා අතර පහළින් පිහිටා ඇති අහසේ මිහිකත වාසීන් සඳහා ආලෝකයක් ලෙස සඳුත් ආලෝකය උත්පාදනය කරන්නක් ලෙස හිරුත් ඔහු මැව්වේය.

71:17Страница 571

وَٱللَّهُ أَنۢبَتَكُم مِّنَ ٱلۡأَرۡضِ نَبَاتٗا ١٧

Аллах вырастил вас из земли, словно растения.

තවද අල්ලාහ් නුඹලාගේ පියාණන් වන ආදම්ව පසින් මැවීමෙන් නුඹලාගේ මැවීම ආරම්භ කොට පසුව නුඹලා වෙනුවෙන් ඔහු කවර කරුණක් පැළ කරන්නේ ද එමගින් නුඹලා පෝෂණය ලබන්නෙහුය.

71:18Страница 571

ثُمَّ يُعِيدُكُمۡ فِيهَا وَيُخۡرِجُكُمۡ إِخۡرَاجٗا ١٨

Потом Он вернет вас туда и вновь выведет оттуда.

නුඹලා මිය ගිය පසුව නැවතත් ඒ තුළට යොමු කරයි. පසුව විනිශ්චය සඳහා එයින් නුඹලාව ඔහු බැහැර කරයි.

71:19Страница 571

وَٱللَّهُ جَعَلَ لَكُمُ ٱلۡأَرۡضَ بِسَاطٗا ١٩

Аллах сделал для вас землю ковром,

තවද නුඹලාට වාසය කිරීමට පහසු වන අයුරින් මහපොළොව පුළුල් ලෙස අල්ලාහ් නිර්මාණය කළේය.

71:20Страница 571

لِّتَسۡلُكُواْ مِنۡهَا سُبُلٗا فِجَاجٗا ٢٠

чтобы вы ходили по ней широкими дорогами»».

එය අනුමත කළා වූ ජීවනෝපාය පිණිස එහි ඇති පුළුල් මාර්ග වල නුඹලා ගමන් කිරීමේ අපේක්ෂාවෙනි.

71:21Страница 571

قَالَ نُوحٞ رَّبِّ إِنَّهُمۡ عَصَوۡنِي وَٱتَّبَعُواْ مَن لَّمۡ يَزِدۡهُ مَالُهُۥ وَوَلَدُهُۥٓ إِلَّا خَسَارٗا ٢١

Нух (Ной) сказал: «Господи! Они ослушались меня и последовали за тем, чье богатство и чьи дети приносят им только убыток.

මාගේ පරමාධිපතියාණෙනි, ඔබට පමණක් ගැතිකම් කරන මෙන් ද ඔබ ඒකීයත්වයට පත් කරන මෙන් ද මා ඔවුනට කවර කරුණක් නියෝග කළේ ද එම විෂයයෙහි සැබැවින්ම මාගේ සමූහයා මට පිටු පා ඇත්තෝය. ඔවුන් අතර සිටින අඥානයින් ඔබ විසින් පිරිනමන ලද ධනය හා දරු සම්පත් හිමි ප්රභූවරුන් පිළිපදින්නට ගත්තේය. ඔබ ඔවුනට කවර ආශිර්වාදයක් පිරිනැමුවේද එය ඔවුනට මුළාව මිස වෙනත් කිසිවක් වර්ධනය කළේ නැත.

71:22Страница 571

وَمَكَرُواْ مَكۡرٗا كُبَّارٗا ٢٢

Они замыслили тяжкую хитрость

ඔවුන් අතර සිටි එම ප්රභූවරුන් නූහ් නබි තුමාට එරෙහිව ඔවුනට පහළින් සිටි ජනයා පොළොඹවා ඉමහත් කුමන්ත්රණයක් කූට ලෙස සැළසුම් කළෝය.

71:23Страница 571

وَقَالُواْ لَا تَذَرُنَّ ءَالِهَتَكُمۡ وَلَا تَذَرُنَّ وَدّٗا وَلَا سُوَاعٗا وَلَا يَغُوثَ وَيَعُوقَ وَنَسۡرٗا ٢٣

и сказали: «Не отрекайтесь от ваших богов: Вадда, Сувы, Йагуса, Йаука и Насра».

ඔවුන් අනුගමනය කළවුන්ට, ‘නුඹලාගේ දෙවිවරුන් නැමදුම් කිරීම අතහැර නොදමනු. එමෙන්ම වද්, සුවාඃ, යගූස්, යඌක් හා නස්ර් යන නුඹලාගේ පිළිම නැමදුම් කිරීමද අතහැර නොදමනු’ යැයි ඔවුහු පවසා සිටියෝය.

71:24Страница 571

وَقَدۡ أَضَلُّواْ كَثِيرٗاۖ وَلَا تَزِدِ ٱلظَّٰلِمِينَ إِلَّا ضَلَٰلٗا ٢٤

Они уже ввели в заблуждение многих. Не приумножай же беззаконникам ничего, кроме заблуждения!».

ඔවුහු ඔවුන්ගේ පිළිම වන්දනාව තුළින් ජනයා බොහෝ දෙනා නොමග යවා ඇත. දේව ප්රතික්ෂේපයේ හා පාපකම්වල නිතරවීමෙන් තමන්ටම අපරාධ කරගත් අපරාධකරුවන්හට සත්යයෙන් බැහැර වූ මුළාව මිස වෙනත් කිසිවක් වැඩි නොකරනු මැනව!

71:25Страница 571

مِّمَّا خَطِيٓـَٰٔتِهِمۡ أُغۡرِقُواْ فَأُدۡخِلُواْ نَارٗا فَلَمۡ يَجِدُواْ لَهُم مِّن دُونِ ٱللَّهِ أَنصَارٗا ٢٥

За свои грехи они были потоплены и ввергнуты в Огонь. Они не нашли себе помощников вместо Аллаха.

ඔවුන් සිදු කළ ඔවුන්ගේ වැරදි හේතුවෙන් මෙලොවෙහි මහා ජලගැල්මක ඔවුන් ගිල්වනු ලැබුවෝය. ඔවුන්ගේ මරණයෙන් පසු ක්ෂණිකව නිරා ගින්නට ඇතුළත් කරනු ලැබුවෝය. අල්ලාහ් හැර එම ජල ගැල්මෙන් හා නිරා ගින්නෙන් ඔවුන් අරාක්ෂා කරන උදව් කරුවන් කිසිවෙකු ඔවුන් වෙනුවෙන් ඔවුහ් නොලබන්නේමය.

71:26Страница 571

وَقَالَ نُوحٞ رَّبِّ لَا تَذَرۡ عَلَى ٱلۡأَرۡضِ مِنَ ٱلۡكَٰفِرِينَ دَيَّارًا ٢٦

Нух (Ной) сказал: «Господи! Не оставь на земле ни одного неверующего жителя!

මාගේ පරමාධිපතියාණනි, දෙවියන් ප්රතික්ෂේප කරන්නන් සතු කිසිදු නිවසක් ඔබ අතහැර නොදමන්නැයි නූහ් නබි තුමා පවසා සිටියේය.

71:27Страница 571

إِنَّكَ إِن تَذَرۡهُمۡ يُضِلُّواْ عِبَادَكَ وَلَا يَلِدُوٓاْ إِلَّا فَاجِرٗا كَفَّارٗا ٢٧

Если ты оставишь их, они введут в заблуждение Твоих рабов и породят только грешных неверующих.

අපගේ පරමාධිපතියාණෙනි, සැබැවින්ම ඔබ ඔවුන් අතහැර දැමුවේ නම් හෝ ඔවුනට අවකාශයක් දුන්නේ නම් හෝ දෙවියන් විශ්වාස කරන ඔබේ ගැත්තන් ඔවුන් විසින් නොමග හරිනු ඇත. ඔබ වෙනුවෙන් කිසිවක් පිරි නොනමන දුෂ්ඨයින් හා ඔබේ ආශිර්වාදයට කෘතඥ නොවන දැඩි ප්රතික්ෂේපකයින් මිස වෙනත් කිසිවකු ඔවුන් බිහි නොකරනු ඇත.

71:28Страница 571

رَّبِّ ٱغۡفِرۡ لِي وَلِوَٰلِدَيَّ وَلِمَن دَخَلَ بَيۡتِيَ مُؤۡمِنٗا وَلِلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِۖ وَلَا تَزِدِ ٱلظَّٰلِمِينَ إِلَّا تَبَارَۢا ٢٨

Господи! Прости меня и моих родителей и тех, кто вошел в мой дом верующим, а также верующих мужчин и женщин. А беззаконникам не приумножай ничего, кроме погибели!».

මාගේ පරමාධිපතියාණෙනි, මාගේ පව්වලට මට සමාව දෙනු මැනව! මාගේ දෙමව්පියන්ට ද සමාව දෙනු මැනව. මාගේ නිවසට ඔබ ව විශ්වාස කළ තත්ත්වයේ ඇතුළු වූවන්ට ද සමාව දෙනු මැනව. දෙවියන් විශ්වාස කරන පිරිමින් මෙන්ම දෙවියන් විශ්වාස කරන කාන්තාවන්ට ද සමාව දෙනු මැනව. දේව ප්රතික්ෂේපය හා පාපකම් තුළින් තමන්ටම අපරාධකර ගත්තවුනට අලාභය හා විනාශ මිස වෙනත් කිසිවක් වැඩි නොකරනු මැනව!

Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии

Содержание

Аят аль-Курси36Аль-Кахфстр. 42джуз 15Бухари 1Муслим 2999

Вид

Тема
Размер текста
Вид

Read in English