Аль-Мухтасар · Тафсир · на сингальском
الشعراء
Аш-Шуара
Поэты · Мекканская · 227 аятов
(තා, සීන්, මීම්) සූරා බකරා ආරම්භයේදී මෙවැනි පාඨ පිළිබඳ විස්තර සඳහන් කර ඇත.
ඒවා අසත්යයෙන් සත්ය පැහැදිලි කරන අල් කුර්ආනයේ පැහැදිලි පාඨ වේ.
26:3Страница 367
لَعَلَّكَ بَٰخِعٞ نَّفۡسَكَ أَلَّا يَكُونُواْ مُؤۡمِنِينَ ٣
Ты можешь погубить себя от скорби оттого, что они не становятся верующими.
අහෝ දූතය! ඔවුන්ගේ යහ මග ගැන නුඹ තුළ ඇති දැඩි ආශාව ඔවුන්ගේ යහ මග ගැන දැඩි ආශාවෙන් හා කනස්සල්ලෙන් පෙළමින් ඔබව විනාශ කරන්නට බලනු ඇත.
26:4Страница 367
إِن نَّشَأۡ نُنَزِّلۡ عَلَيۡهِم مِّنَ ٱلسَّمَآءِ ءَايَةٗ فَظَلَّتۡ أَعۡنَٰقُهُمۡ لَهَا خَٰضِعِينَ ٤
Если Мы пожелаем, то ниспошлем им с неба знамение, перед которым покорно склонятся их шеи.
අහසින් ඔවුන් වෙත සංඥාවක් පහළ කිරීමට අපි අභිමත කළේ නම්, එය ඔවුන් වෙත අපි පහළ කරන්නෙමු. එවිට ඔවුන්ගේ ගෙලවල් එයට පහත් ව යටහත් වනු ඇත. නමුත් ඔවුනට පරීක්ෂණයක් වශයෙන් අපි එය ඔවුනට අභිමත නොකළෙමු. නුඹලා ගුප්ත දෑ විශ්වාස කරන්නෙහු ද?
26:5Страница 367
وَمَا يَأۡتِيهِم مِّن ذِكۡرٖ مِّنَ ٱلرَّحۡمَٰنِ مُحۡدَثٍ إِلَّا كَانُواْ عَنۡهُ مُعۡرِضِينَ ٥
Какое бы новое напоминание ни приходило к ним от Милостивого, они отворачивались от него.
අල්ලාහ්ගේ ඒකීයත්වය හා ඔහුගේ නබිවරයාගේ සත්යයභාවය පෙන්වා දෙන පැහැදිලි සාධකයක් සමග මහා කරුණාන්විතයාණන්ගෙන් පහළ වූ යම් නව සිදුවීමක මෙනෙහි කිරීමක් මෙම දේවත්වය ආදේශ කළ මොවුන් වෙත පැමිණි විට මොවුන් එයට සවන් දීමට හා එය තහවුරු කිරීමට පිටුපෑවා මිස නැත.
26:6Страница 367
فَقَدۡ كَذَّبُواْ فَسَيَأۡتِيهِمۡ أَنۢبَٰٓؤُاْ مَا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ ٦
Они сочли это ложью, и к ним придут вести о том, над чем они издевались.
ඔවුන්ගේ දූතවරුන් ඔවුන් වෙත කවර කරුණක් ගෙන ආවේ ද සැබවින්ම ඔවුහු එය බොරු කළෝය. ඔවුන් කවර කරුණක් පිළිබඳ සරදම් කරමින් සිටියේ ද එම පුවත් සහතික කිරීමක් ඔවුන් වෙත පැමිණෙනු ඇත. ඔවුනට දඬුවම අනුමත වන්නේය.
26:7Страница 367
أَوَلَمۡ يَرَوۡاْ إِلَى ٱلۡأَرۡضِ كَمۡ أَنۢبَتۡنَا فِيهَا مِن كُلِّ زَوۡجٖ كَرِيمٍ ٧
Неужели они не видят, сколько Мы взрастили на земле благородных видов растений?
ඔවුහු ඔවුන්ගේ ප්රතික්ෂේපය තුළ ම නිරත වී එහි රැඳී සිටින්නෝ ද? අධික ලෙස ප්රයෝජන ගෙන දෙන දැකුම්කලු විවිධ වර්ගයේ පැළෑටි අතරින් විවිධ පැළෑටි වර්ග කෙතරම් භූමිය තුළ හට ගන්වා ඇත්තේ දැ?යි ඔවුන් ඒ දෙස අධීක්ෂණය කළ යුතු නොවේද?
26:8Страница 367
إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ ٨
Воистину, в этом - знамение, но большинство их не стали верующими.
විවිධ වර්ගයෙන් යුත් පැළෑටි මහ පොළොවේ හට ගැන්වීමෙහි ඒවා හට ගන්වන්නාහට, මිය ගිය අය යළි බිහි කිරීමේ බලය ඇති බව පැහැදිලි ව පෙන්වා දෙන සාධකයක් ඇත. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා විශ්වාස නොකරන්නන් වූහ.
26:9Страница 367
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ ٩
Воистину, твой Господь - Могущественный, Милосердный.
අහෝ දූතය! සැබවින්ම නුඹේ පරමාධිපති වනාහි කිසිවකු විසින් අබිබවා යා නොහැකි සර්ව බලධාරීය. ඔහුගේ ගැත්තන් කෙරෙහි මහා කාරුණිකය.
26:10Страница 367
وَإِذۡ نَادَىٰ رَبُّكَ مُوسَىٰٓ أَنِ ٱئۡتِ ٱلۡقَوۡمَ ٱلظَّٰلِمِينَ ١٠
Вот твой Господь воззвал к Мусе (Моисею): «Ступай к несправедливому народу -
අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීමෙන් හා මූසාගේ සමූහයා වහල්භාවයට ගනිමින් සිටි අපරාධකාරී ජනයා වෙත යන්නැයි නියෝග කරමින් නුඹේ පරමාධිපති මූසා ව කැඳ වූ අවස්ථාව අහෝ දූතය! නුඹ මෙනෙහි කර බලනු.
26:11Страница 367
قَوۡمَ فِرۡعَوۡنَۚ أَلَا يَتَّقُونَ ١١
к народу Фараона. Неужели они не устрашатся?».
ඔවුන් ෆිර්අවුන්ගේ සමූහයාය. එහෙයින් අල්ලාහ්ගේ නියෝග පිළිපැද, ඔහු තහනම් කළ දැයින් වැළකී, ඔහුට භක්තිමත් ව කටයුතු කරන මෙන් ඔවුනට ඉතා සිහින් හා මෘදු ලෙස නියෝග කරනුයැයි ඔහු අණ කළේය.
26:12Страница 367
قَالَ رَبِّ إِنِّيٓ أَخَافُ أَن يُكَذِّبُونِ ١٢
Он сказал: «Господи! Я боюсь, что они сочтут меня лжецом,
"නුඹ ගැන මා කවර කරුණක් ඔවුනට දන්වා සිටින්නේ ද එහි ඔවුන් මා බොරු කරනු ඇතැයි සැබවින්ම මම බිය වෙමි" යැයි මූසා (අලයිහිස් සලාම්) තුමා පවසා සිටියේය.
26:13Страница 367
وَيَضِيقُ صَدۡرِي وَلَا يَنطَلِقُ لِسَانِي فَأَرۡسِلۡ إِلَىٰ هَٰرُونَ ١٣
что стеснится моя грудь и не развяжется мой язык. Пошли же за Харуном (Аароном).
"ඔවුන් මා බොරුකරමින් සිටි නිසාවෙන් මාගේ හදවත පීඩනයට පත් ව ඇත. කතා කිරීමෙන් මාගේ දිව හිර වී ඇත. එහෙයින් මාගේ සහෝදර හාරූන් මා හට සහයකයෙකු වශයෙන් වනු පිණිස ඔහු වෙත ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා ව එවනු මැනව!" යැයි පවසා සිටියේය.
26:14Страница 367
وَلَهُمۡ عَلَيَّ ذَنۢبٞ فَأَخَافُ أَن يَقۡتُلُونِ ١٤
Я несу перед ними ответственность за грех и боюсь, что они убьют меня».
කිබ්තී ගෝත්රිකයකු මා ඝාතනය කිරීමේ වරද හේතුවෙන් ඔවුන් සතු අයිතිය මුල් කර ගනිමින් ඔවුන් මා මරා දමනු ඇතැයි මම බිය වෙමි.
26:15Страница 367
قَالَ كـَلَّاۖ فَٱذۡهَبَا بِـَٔايَٰتِنَآۖ إِنَّا مَعَكُم مُّسۡتَمِعُونَ ١٥
Аллах сказал: «Нет! Ступайте вдвоем с Моими знамениями. Мы будем вместе с вами и будем слушать.
අල්ලාහ් මූසා (අලයිහිස් සලාම්) තුමා අමතා, "එසේ නොව, ඔවුන් කිසිවිටෙක නුඹ ව ඝාතනය කරන්නේ නැත. එහෙයින් නුඹ හා නුඹේ සහෝදර හාරූන් නුඹලා දෙදෙනාගේ සත්යතාව තහවුරු කරන අපගේ සංඥා සමග පිටත් වනු. නුඹලා කවර කරුණක් කතා කරන්නේ ද, නුඹලාට කවර ප්රකාශයක් සිදු කරනු ලබන්නේ ද එයට අප සවන්දෙන්නන් ලෙසින් උදව් කරමින් හා ස්ථාවර කරමින් සැබවින්ම අපි නුඹලා දෙදෙනා සමග සිටින්නෙමු. ඒ කිසිවක් අපට මග හැරෙන්නේ නැත." යැයි පැවසීය.
26:16Страница 367
فَأۡتِيَا فِرۡعَوۡنَ فَقُولَآ إِنَّا رَسُولُ رَبِّ ٱلۡعَٰلَمِينَ ١٦
Придите вдвоем к Фараону и скажите: "Мы посланы Господом миров.
එහෙයින් නුඹලා දෙදෙනා ෆිර්අවුන් වෙත ගොස් ඔහුට, “සැබවින්ම අපි සියලු මැවීම් හි පරමාධිපති වෙතින් නුඹ වෙත එවන ලද දහම් දූතවරුන් දෙදෙනෙකු වෙමු.” යැයි පවසනු.
26:17Страница 367
أَنۡ أَرۡسِلۡ مَعَنَا بَنِيٓ إِسۡرَٰٓءِيلَ ١٧
Посему отпусти с нами сынов Исраила (Израиля)"».
"අප සමග ඉස්රාඊල් දරුවන් එවනු." (යැයි ද පවසනු.)
26:18Страница 367
قَالَ أَلَمۡ نُرَبِّكَ فِينَا وَلِيدٗا وَلَبِثۡتَ فِينَا مِنۡ عُمُرِكَ سِنِينَ ١٨
Фараон сказал: «Разве мы не воспитывали тебя среди нас с младенческих лет? Разве ты не оставался среди нас многие годы своей жизни.
ෆිර්අවුන් මූසාට, "කුඩා අවදියේ නුඹ අප ළඟ හැදී වැඩී වසර ගණනාවක ආයු කාලයක් අප සමග රැදී සිටියා නොවේ ද? නබිත්වය ගැන වාද කිරීම සඳහා නුඹට ඇරයුම් කළේ කුමක්දැ?"යි විමසා සිටියේය.
26:19Страница 367
وَفَعَلۡتَ فَعۡلَتَكَ ٱلَّتِي فَعَلۡتَ وَأَنتَ مِنَ ٱلۡكَٰفِرِينَ ١٩
Разве ты не совершил тот поступок, который ты совершил? Воистину, ты являешься одним из неблагодарных».
නුඹේ සමූහයා අතර සිටි මිනිසෙකුට උපකාරයක් වශයෙන් ‘කිබ්තී’ ගෝත්රිකයකු නුඹ ඝාතනය කිරීම හේතුවෙන් නුඹ බරපතළ වරදක් සිදු කර ඇත්තෙහිය. එමෙන්ම නුඹ, නුඹ වෙත වූ මාගේ ආශිර්වාද ප්රතික්ෂේප කරන්නන් අතරින් කෙනෙකි.
26:20Страница 368
قَالَ فَعَلۡتُهَآ إِذٗا وَأَنَا۠ مِنَ ٱلضَّآلِّينَ ٢٠
Он сказал: «Я совершил это, когда был в числе заблудших,
මූසා (අලයිහිස් සලාම්) තුමා එය පිළිගනිමින් ෆිර්අවුන්ට, "මා වෙත දේව පණිවුඩ පැමිණීමට පෙර මා අඥානයින් අතරින් සිටියදී මම එම මිනිසා ව ඝාතනය කළෙමි" යැයි පවසා සිටියේය.
26:21Страница 368
فَفَرَرۡتُ مِنكُمۡ لَمَّا خِفۡتُكُمۡ فَوَهَبَ لِي رَبِّي حُكۡمٗا وَجَعَلَنِي مِنَ ٱلۡمُرۡسَلِينَ ٢١
Я сбежал от вас, когда испугался вас, но мой Господь даровал мне власть (пророчество или знание) и сделал меня одним из посланников.
ඔහු ව ඝාතනය කිරීමෙන් පසු ව නුඹලා මා ඝාතනය කරනු ඇතැයි යන බියෙන් මද්යන් නම් ගම්මානය වෙත නුඹලාගෙන් වෙන් ව මම පලා ගියෙමි. එවිට මාගේ පරමාධිපති මට ප්රඥාව පිරිනැමීය. ජනයා වෙත එවනු ලැබූවන් අතරින් මා ද දූතයකු බවට ඔහු මා පත් කළේය.
26:22Страница 368
وَتِلۡكَ نِعۡمَةٞ تَمُنُّهَا عَلَيَّ أَنۡ عَبَّدتَّ بَنِيٓ إِسۡرَٰٓءِيلَ ٢٢
А та милость, в которой ты меня попрекаешь, состоит в том, что ты поработил сынов Исраила (Израиля)».
නුඹ වහල්භාවයට ගත් ඉස්රාඊල් දරුවන් සමග මාද වහල්භාවයට නොගෙන නුඹ මා හදා වඩාගත් සිදුවීම සැබෑ ලෙසින්ම නුඹ මට පිරිනැමූ භාග්යයකි. නමුත් එය නුඹට කරන ඇරයුමෙන් මා වළක්වන්නේ නැත.
26:23Страница 368
قَالَ فِرۡعَوۡنُ وَمَا رَبُّ ٱلۡعَٰلَمِينَ ٢٣
Фараон сказал: «А что такое Господь миров?».
"සැබවින්ම නුඹ ඔහුගේ දූතයා යැයි විශ්වාස කරන, සියලු මැවීම්හි පරමාධිපති කවුරුන්දැ?"යි ෆිර්අවුන් මූසා (අලයිහිස් සලාම්) තුමාගෙන් විමසා සිටියේය.
26:24Страница 368
قَالَ رَبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَآۖ إِن كُنتُم مُّوقِنِينَ ٢٤
Муса сказал: «Господь небес, земли и того, что между ними, если только вы обладаете убежденностью».
ෆිර්අවුන්ට පිළිතුරු වශයෙන් මූසා (අලයිහිස් සලාම්) තුමා, "සියලු මැවීම්හි පරමාධිපති වන ඔහු අහස්හි පරමාධිපතිය. මහ පොළොවේ පරමාධිපතිය. ඒ දෙක අතර ඇති දෑ හි පරමාධිපතිය. සැබවින් ඔහු ඔවුන්ගේ පරමාධිපති බව නුඹලා විශ්වාස කර සිටියෙහු නම් නුඹලා ඔහුට පමණක් නැමදුම් කරනු" යැයි පැවසීය.
26:25Страница 368
قَالَ لِمَنۡ حَوۡلَهُۥٓ أَلَا تَسۡتَمِعُونَ ٢٥
Фараон сказал тем, кто был около него: «Разве вы не слышите?».
ෆිර්අවුන් ඔහු අවට සිටින ඔහුගේ පිරිසේ නායකයින්හට, "මූසාගේ පිළිතුරට හා එහි ඇති බොරු විශ්වාසයට නුඹලා සවන් දිය යුතු නොවේදැ?යි!" පැවසීය.
26:26Страница 368
قَالَ رَبُّكُمۡ وَرَبُّ ءَابَآئِكُمُ ٱلۡأَوَّلِينَ ٢٦
Муса сказал: «Ваш Господь и Господь ваших праотцев».
මූසා තුමා ඔවුනට, "නුඹලාගේ පරමාධිපති හා නුඹලාගේ පෙර මුතුන්මිත්තන්ගේ පරමාධිපති අල්ලාහ්ය." යැයි පැවසීය.
26:27Страница 368
قَالَ إِنَّ رَسُولَكُمُ ٱلَّذِيٓ أُرۡسِلَ إِلَيۡكُمۡ لَمَجۡنُونٞ ٢٧
Фараон сказал: «Воистину, отправленный к вам посланник - одержимый».
ෆිර්අවුන්, "සැබවින්ම නුඹලා වෙත එවනු ලැබූ දූතයා යැයි විශ්වාස කරමින් සිටින්නා උම්මත්තකයෙකි. පිළිතුරු දිය යුත්තේ කෙසේදැ යි ඔහු නොදනී. එමෙන්ම වැටහීමක් නැති දෑ ඔහු කතා කරයි" යනුවෙන් පැවසීය.
26:28Страница 368
قَالَ رَبُّ ٱلۡمَشۡرِقِ وَٱلۡمَغۡرِبِ وَمَا بَيۡنَهُمَآۖ إِن كُنتُمۡ تَعۡقِلُونَ ٢٨
Муса сказал: «Господь востока и запада и того, что между ними, если только вы разумеете».
එයට මූසා, "මා කවර අයකු වෙත නුඹලා ව ඇරයුම් කරන්නේ ද ඔහු අල්ලාහ්ය. ඔහු නැගෙනහිරෙහි පරමාධිපතිය. බටහිරෙහි පරමාධිපතිය. ඒ දෙක අතර ඇති දෑ හි පරමාධිපතිය. නුඹලාට බුද්ධිය ඇත්නම් ඒ ගැන බුද්ධිමත් ව සිතා බලනු." යැයි කීවේය.
26:29Страница 368
قَالَ لَئِنِ ٱتَّخَذۡتَ إِلَٰهًا غَيۡرِي لَأَجۡعَلَنَّكَ مِنَ ٱلۡمَسۡجُونِينَ ٢٩
Фараон сказал: «Если ты будешь поклоняться иному богу, кроме меня, то я помещу тебя вместе с заключенными».
ෆිර්අවුන් ඔහු සමග වාද කිරීමට නොහැකි වූ පසු ඔහු මූසාට, "මා හැර වෙනත් දෙවියෙකු නුඹ නැමදුමට ගත්තෙහි නම් සැබවින්ම මම නුඹ ව සිරකරුවන් අතරට පත් කරමි" යැයි පැවසීය.
26:30Страница 368
قَالَ أَوَلَوۡ جِئۡتُكَ بِشَيۡءٖ مُّبِينٖ ٣٠
Муса сказал: «А если я покажу тебе нечто явное?».
මූසා, "අල්ලාහ් වෙතින් මා කවර කරුණක් ගෙන ආවේ ද, එහි මාගේ සත්යතාව පැහැදිලි කරන යමක් නුඹ වෙත මා ගෙන ආව ද, නුඹ මා සිරකරුවන් අතරට පත් කරන්නෙහිද" යි ෆිර්අවුන්ගෙන් විමසා සිටියේය.
26:31Страница 368
قَالَ فَأۡتِ بِهِۦٓ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ ٣١
Фараон сказал: «Так покажи нам это, если ты - один из тех, кто говорит правду».
‘නුඹ වාද කරන දෑ හි නුඹ සත්යවාදීන් අතර කෙනෙකු වී නම්, නුඹේ සත්යතාව පෙන්වා දෙන නුඹ මෙනෙහි කළ කරුණ ගෙන එනු.’ යැයි පැවසීය.
26:32Страница 368
فَأَلۡقَىٰ عَصَاهُ فَإِذَا هِيَ ثُعۡبَانٞ مُّبِينٞ ٣٢
Муса бросил свой посох, и тот превратился в явную змею.
එවිට මූසා ඔහුගේ සැරයටිය බිම හෙළුවේය. එවිට ක්ෂණික ව දෑසට පැහැදිලි ව පෙනෙන සර්පයකු බවට එය වෙනස් විය.
26:33Страница 368
وَنَزَعَ يَدَهُۥ فَإِذَا هِيَ بَيۡضَآءُ لِلنَّٰظِرِينَ ٣٣
Он вынул свою руку, и она стала белой (цвета молока, светящейся) для тех, кто смотрел на нее.
තවද ඔහු ඔහුගේ සුදුවන් නොවූ අත සාක්කුවට දැමුවේය. සුදු කබර රොගයේ සුදු වර්ණය මෙන් නොව දීප්තිමත් බැබළෙන සුදු වර්ණයකින් යුතු ව ඔහු එය එළියට ගත්තේය. නරඹන්නන් එය එලෙස නැරඹුවෝය.
26:34Страница 368
قَالَ لِلۡمَلَإِ حَوۡلَهُۥٓ إِنَّ هَٰذَا لَسَٰحِرٌ عَلِيمٞ ٣٤
Фараон сказал стоявшим вокруг него приближенным: «Воистину, он - знающий колдун.
ෆිර්අවුන් ඔහු අවට සිටි ඔහුගේ සමූහයා අතරින් වූ නායකයින්හට, "සැබවින්ම මෙම මිනිසා හූනියම් පිළිබඳ මනා දැනුමක් ඇති මායාකාරයෙකි" යැයි පැවසීය.
26:35Страница 368
يُرِيدُ أَن يُخۡرِجَكُم مِّنۡ أَرۡضِكُم بِسِحۡرِهِۦ فَمَاذَا تَأۡمُرُونَ ٣٥
Он хочет своим колдовством вывести вас из вашей страны. Что же вы прикажете делать?».
"ඔහුගේ මායාවෙන් ඔහු නුඹලා ව නුඹලාගේ භූමියෙන් නෙරපා හරින්නට අපේක්ෂා කරයි. ඔහු විෂයයෙහි අපි ඔහු ව හසු කර ගැනීම ගැන නුඹලාගේ අදහස කුමක්ද?"
26:36Страница 368
قَالُوٓاْ أَرۡجِهۡ وَأَخَاهُ وَٱبۡعَثۡ فِي ٱلۡمَدَآئِنِ حَٰشِرِينَ ٣٦
Они сказали: «Повремени с ним и его братом и разошли по городам сборщиков,
ඔවුහු ඔහුට මෙසේ පවසා සිටියහ. "ඔහුට කල් දෙනු. ඔහුගේ සහෝදරයාටද කල් දෙනු. ඔවුන් දෙදෙනාට දඬුවම් කිරීමට ඔබ ඉක්මන් නොවනු. මායාකරුවන් එක්රැස් කරන්නන් ඔබ මිසරයේ නගර වලට එවනු."යැයි ඔවුහු පැවසුහ.
26:37Страница 368
يَأۡتُوكَ بِكُلِّ سَحَّارٍ عَلِيمٖ ٣٧
чтобы они привели к тебе всех знающих колдунов».
"හූනියම් පිළිබඳ මැනවින් දන්නා සෑම මායාකරුවකුම ඔවුන් ඔබ වෙත රැගෙන එනු ඇත."
26:38Страница 368
فَجُمِعَ ٱلسَّحَرَةُ لِمِيقَٰتِ يَوۡمٖ مَّعۡلُومٖ ٣٨
Колдунов собрали в назначенное время в назначенный день.
නියමිත වේලාවක නියමිත ස්ථානයක මූසා (අලයිහිස් සලාම්) තුමා සමග තරඟ වදින්නට ෆිර්අවුන් ඔහුගේ මායාකාර හූනියම්කරුවන් එක්රැස් කළෝය.
"ජය ලබනුයේ මූසා ද එසේ නැතහොත් එම මායාකරුවන් දැ යි නුඹලා දැක බලා ගනු පිණිස නුඹලාත් එක්රැස් වන්නෙහුදැ?"යි ජනයාගෙන් විමසන ලදී.
26:40Страница 369
لَعَلَّنَا نَتَّبِعُ ٱلسَّحَرَةَ إِن كَانُواْ هُمُ ٱلۡغَٰلِبِينَ ٤٠
Возможно, нам придется последовать за колдунами, если они одержат верх».
මායාකරුවන් මූසා අබිබවා ජය ලැබුවේ නම් ඔවුන්ගේ දහම අප පිළිපැදීමේ බලාපොරොත්තුව තිබිය හැකි වේ.
26:41Страница 369
فَلَمَّا جَآءَ ٱلسَّحَرَةُ قَالُواْ لِفِرۡعَوۡنَ أَئِنَّ لَنَا لَأَجۡرًا إِن كُنَّا نَحۡنُ ٱلۡغَٰلِبِينَ ٤١
Явившись, колдуны сказали Фараону: «Будет ли нам награда, если мы одержим верх?».
මූසා ව පරාජය කරනු පිණිස ෆිර්අවුන් වෙත මායාකාර හූනියම් කරුවෝ පැමිණි කල්හි ඔවුහු ඔහුට "මූසා අබිබවා අපට ජය අත් වූයේ නම් භෞතික වශයෙන් හා සදාචාරාත්මක වශයෙන් කවර ප්රතිඵලයක් අපට හිමි වන්නේ දැ?"යි විමසා සිටියෝය.
26:42Страница 369
قَالَ نَعَمۡ وَإِنَّكُمۡ إِذٗا لَّمِنَ ٱلۡمُقَرَّبِينَ ٤٢
Он сказал: «Да. В этом случае вы непременно окажетесь в числе приближенных».
ෆිර්අවුන් ඔවුනට, "නුඹලාගේ ප්රතිඵලය යහපතකි. ඔහු අබිබවා නුඹලා ජය ගත් තත්ත්වයේ පසු වූයෙහු නම් සැබවින්ම නුඹලාට උසස් නිලයන් පිරිනැමිමෙන් නුඹලා මා වෙත සමීපයින් බවට පත් වනු ඇත." ඔහු ඔවුනට පැවසීය.
26:43Страница 369
قَالَ لَهُم مُّوسَىٰٓ أَلۡقُواْ مَآ أَنتُم مُّلۡقُونَ ٤٣
Муса (Моисей) сказал им: «Бросайте то, что вы собираетесь бросить».
අල්ලාහ්ගේ ජයග්රහණය පිළිබඳ සහතික කරමින් හා ඔහු අබියස ඇති දෑ මායාවක් නොවන බව පැහැදිලි කරමින් මූසා ඔවුනට, "නුඹලා හෙළන නුඹලාගේ ලණු හා නුඹලාගේ සැරයටි නුඹලා හෙළනු." යැයි පැවසීය.
26:44Страница 369
فَأَلۡقَوۡاْ حِبَالَهُمۡ وَعِصِيَّهُمۡ وَقَالُواْ بِعِزَّةِ فِرۡعَوۡنَ إِنَّا لَنَحۡنُ ٱلۡغَٰلِبُونَ ٤٤
Они бросили свои веревки и посохи и сказали: «Во имя могущества Фараона! Мы непременно одержим верх!».
එවිට ඔවුහු ඔවුන්ගේ ලණු හා යෂ්ටි හෙළූහ. එසේ හෙළන අවස්ථාවේ. ඔවුහු, "ෆිර්අවුන්ගේ බලමහිමයෙන් සැබවින් අපි ජයග්රහකයෝ වෙමු. මූසා පරාජයට පත් කරනු ලැබේ." යැයි පැවසූහ.
26:45Страница 369
فَأَلۡقَىٰ مُوسَىٰ عَصَاهُ فَإِذَا هِيَ تَلۡقَفُ مَا يَأۡفِكُونَ ٤٥
Затем Муса (Моисей) бросил свой посох, и тот проглотил все, что они лживо измыслили.
පසු ව මූසා ඔහුගේ සැරයටිය බිම හෙළූහ. එවිට එය සර්පයෙකු බවට වෙනස් විය. මායා හූනියම හේතුවෙන් මිනිසුන් කවර දෙයක් සැක කරමින් සිටියේ ද ඒවා ඌ ගිල දැමීය.
මායාකාර හූනියම්කරුවන් විසින් හෙළන ලද මායාවන් මූසාගේ සැරයටිය ගිල ගනු ඔවුන් දුටු කල්හි ඔවුහු සිරිස බිම තබමින් වැටුණෝය.
26:47Страница 369
قَالُوٓاْ ءَامَنَّا بِرَبِّ ٱلۡعَٰلَمِينَ ٤٧
и сказали: «Мы уверовали в Господа миров,
තවදුරටත් ඔවුහු මෙසේ පැවසූහ. "සකල ලෝකයන්හි පරමාධිපති ව අපි විශ්වාස කළෙමු."
"මූසාගේ පරමාධිපති හා හාරූන්ගේ පරමාධිපතිය. (අලයිහිමස් සලාම්)."
26:49Страница 369
قَالَ ءَامَنتُمۡ لَهُۥ قَبۡلَ أَنۡ ءَاذَنَ لَكُمۡۖ إِنَّهُۥ لَكَبِيرُكُمُ ٱلَّذِي عَلَّمَكُمُ ٱلسِّحۡرَ فَلَسَوۡفَ تَعۡلَمُونَۚ لَأُقَطِّعَنَّ أَيۡدِيَكُمۡ وَأَرۡجُلَكُم مِّنۡ خِلَٰفٖ وَلَأُصَلِّبَنَّكُمۡ أَجۡمَعِينَ ٤٩
Он сказал: «Неужели вы поверили ему до того, как я позволил вам? Воистину, он - старший из вас, который научил вас колдовству! Но скоро вы узнаете! Я отрублю вам руки и ноги накрест и распну вас всех!».
මායාකාර හූනියම් කරුවන් දෙවියන් විශ්වාසය කිරීම සම්බන්ධයෙන් ෆිර්අවුන් හෙළා දැක මෙසේ පැවසීය. "මම නුඹලාට ඒ ගැන අවසර දෙන්නට පෙර නුඹලා මූසා ව විශ්වාස කළෙහු ද? සැබවින්ම නුඹලාට හූනියම ඉගැන් වූ මූසා නුඹලාගේ ප්රධානියා වී ඇත. සැබවින්ම මිසර වැසියන් එයින් පිටුවහල් කිරීමට නුඹලා සියලු දෙනාම සැලසුම කර ඇත්තාහ. නුඹලාට අත් වන දඬුවම නුඹලා මතු දැන ගනු ඇත. සෑම කෙනෙකුගේම පාද හා අත් ඒ දෙක අතර එකිනෙක මාරුවෙන් මාරුවට කපා හරිමි. එනම් දකුණු කකුල වම් අත සමග ද එයට ප්රතිවිරුද්ධ ව ද කපා හරිමි. ඉඳි කඳන් මත කුරුසයට බැද නුඹලා සියල්ලන්ට ඇණ ගසමි. නුඹලා අතරින් කිසිවෙකු මා ඉතිරි නොකරමි."
26:50Страница 369
قَالُواْ لَا ضَيۡرَۖ إِنَّآ إِلَىٰ رَبِّنَا مُنقَلِبُونَ ٥٠
Они сказали: «Не беда! Воистину, мы возвратимся к нашему Господу.
මායාකාර හූනියම් කරුවන් ෆිර්අවුන්හට, "නුඹ අපට තර්ජනය කරන පරිදි මෙලොවෙහි කපා දැමීම හා කුරුසියේ ඇණ ගැසීම සම්බන්ධයෙන් කිසිදු හානියක් අපට නැත. නුඹේ දඬුවම ඉවත් ව යනු ඇත. අපි අපගේ පරමාධිපති වෙත හැරී යන්නන් වෙමු. ඔහුගේ සදාතනික කරුණාව තුළට ඔහු අපි ඇතුළත් කරනු ඇත." යැයි පැවසූහ.
26:51Страница 369
إِنَّا نَطۡمَعُ أَن يَغۡفِرَ لَنَا رَبُّنَا خَطَٰيَٰنَآ أَن كُنَّآ أَوَّلَ ٱلۡمُؤۡمِنِينَ ٥١
Мы жаждем, чтобы наш Господь простил нам наши грехи за то, что мы стали первыми верующими».
"මූසා ව විශ්වාස කොට ඔහු ව තහවුරු කළ පළමුවැන්නන් බවට අප පත් ව ඇති බැවින්, අප පෙර සිදුකළ අපගේ පාපයන් අල්ලාහ් අපගෙන් ඉවත් කරනු ඇතැයි සැබවින්ම අපි අපේක්ෂා කරමු."
26:52Страница 369
۞ وَأَوۡحَيۡنَآ إِلَىٰ مُوسَىٰٓ أَنۡ أَسۡرِ بِعِبَادِيٓ إِنَّكُم مُّتَّبَعُونَ ٥٢
Мы внушили Мусе (Моисею): «Отправляйся в путь с Моими рабами ночью, ибо вас будут преследовать».
රාත්රියේම ඉස්රාඊල් දරුවන් කැටුව යන මෙන් ද සැබවින්ම ෆිර්අවුන් හා ඔහු සමග වූවන් ඔවුන් නැවත ගෙන්වා ගනු පිණිස ඔවුන් ව ලුහුබඳිනු ඇතැයි ද අපි මූසාට නියෝග කරමින් දේව පණිවුඩ පහළ කළෙමු.
26:53Страница 369
فَأَرۡسَلَ فِرۡعَوۡنُ فِي ٱلۡمَدَآئِنِ حَٰشِرِينَ ٥٣
Фараон разослал по городам сборщиков.
ඉස්රාඊල් දරුවන් මිසර දේශයෙන් (ඊජිප්තුවෙන්) පිටත් ව ගිය බව ෆිර්අවුන් දැන ගත් කල්හි ඔවුන් නැවත ගෙන්වා ගනු පිණිස සේනාවන් රැස් කිරීම සඳහා ඔහුගේ සේනාවෙන් රැස් කරන පිරිසක් එම නගර වලට එවීය.
26:54Страница 369
إِنَّ هَٰٓؤُلَآءِ لَشِرۡذِمَةٞ قَلِيلُونَ ٥٤
Он сказал: «Это - всего лишь малочисленная кучка.
ෆිර්අවුන් ඉස්රාඊල්ගේ කරුණ සුළුකොට සලකා "සැබවින්ම මොවුහු සුළු පිරිසකි." යැයි පැවසීය.
"ඔවුන් කෙරෙහි අප කෝප වන දෑ සැබවින්ම ඔවුන් සිදු කරන්නෝ වූහ."
"නියත වශයෙන්ම අපි ඔවුන් වෙනුවෙන් අවදියෙන් හා සූදානමින් සිටිය යුත්තෝ වෙමු."
26:57Страница 369
فَأَخۡرَجۡنَٰهُم مِّن جَنَّٰتٖ وَعُيُونٖ ٥٧
Мы вынудили их покинуть сады и источники,
එවිට ෆිර්අවුන් හා ඔහුගේ පිරිස සරුසාරවත් වතු වලින් හා ජලය ගලා යන උල්පත් වලින් යුත් මිසර දේශයෙන් අපි පිටුවහල් කළෙමු.
තවද ධන නිධන් වලින් හා අලංකාර නිවහන්වලින් ද බැහැර කළෙමු.
26:59Страница 369
كَذَٰلِكَۖ وَأَوۡرَثۡنَٰهَا بَنِيٓ إِسۡرَٰٓءِيلَ ٥٩
Вот так! Мы позволили унаследовать это сынам Исраила (Израиля).
මෙම සැප සම්පත් වලින් ෆිර්අවුන් හා ඔහුගේ ජනයා අප බැහැර කළාක් සේම ඔවුන්ගෙන් පසු මෙම සැප සම්පත් වර්ග සිරියා දේශයේ සිටි ඉස්රාඊල් දරුවන්ට උරුම කර දුනිමු.
හිරු උදා වන වේලාවෙහි ඉස්රාඊල් දරුවන් ලුහුබඳිමින් ෆිර්අවුන් හා ඔහුගේ සේනාව ගමන් ගත්තෝය.
26:61Страница 370
فَلَمَّا تَرَٰٓءَا ٱلۡجَمۡعَانِ قَالَ أَصۡحَٰبُ مُوسَىٰٓ إِنَّا لَمُدۡرَكُونَ ٦١
Когда два сборища увидели друг друга, сподвижники Мусы (Моисея) сказали: «Нас непременно настигнут».
ෆිර්අවුන් හා ඔහුගේ සේනාව මූසා හා ඔහුගේ සේනාව සමග ඒ සෑම පිරිසක්ම අනෙක් පිරිස දකින තරමට ඔවුන් එකිනෙක දුටු කල්හි මූසාගේ සගයෝ මෙසේ පැවසූහ. "සැබවින්ම ෆිර්අවුන් හා ඔහුගේ සේනාව අප සමග සේන්දු වනු ඇත. ඔවුන් සම්බන්ධයෙන් අපට කිසිදු ගැලවුමක් නැත."
26:62Страница 370
قَالَ كـَلَّآۖ إِنَّ مَعِيَ رَبِّي سَيَهۡدِينِ ٦٢
Он сказал: «О нет! Со мной - мой Господь, и Он укажет мне прямой путь».
"නුඹලා කල්පනය කරන පරිදි කරුණ නැත. සැබවින්ම ජය හා ස්ථාවරත්වය සමග මාගේ පරමාධිපති මා සමග සිටියි. ඔහු මට මග පෙන්වනු ඇත. මිදීමේ මගක් ඔහු මට පෙන්වා දෙනු ඇත." යැයි මූසා ජනයාට පැවසීය.
26:63Страница 370
فَأَوۡحَيۡنَآ إِلَىٰ مُوسَىٰٓ أَنِ ٱضۡرِب بِّعَصَاكَ ٱلۡبَحۡرَۖ فَٱنفَلَقَ فَكَانَ كُلُّ فِرۡقٖ كَٱلطَّوۡدِ ٱلۡعَظِيمِ ٦٣
Тогда Мы внушили Мусе (Моисею): «Ударь своим посохом по морю». Оно разверзлось, и каждая часть его стала подобна огромной горе.
එවිට තම සැරයටියෙන් මුහුදට ගසන මෙන් නියෝග කරමින් අපි මූසාට දිව්ය පණිවිඩ එව්වෙමු. ඔහු එමගින් එයට ගැසුවේය. මුහුද දෙබෑ විය. ඉස්රාඊල් දරුවන්ගේ ගෝත්ර ප්රමාණයට මාර්ග දොළොසක් බවට එය පරිවර්තනය විය. මුහුදෙන් දෙබෑ වූ සෑම පැත්තක්ම විශාලත්වයෙන් දැවැන්ත කඳු මෙන් විය. ඒවා එයින් ජලය ගලා නොයන පරිදි ස්ථීර ව පැවතිණ.
"සැබවින්ම මෙම මාර්ග ගමන් කළ හැක්කකි," යැයි සිතා ෆිර්අවුන් හා ඔහුගේ සේනාව මුහුදට පිවිසෙන තරමට අපි සමීප කළෙමු.
26:65Страница 370
وَأَنجَيۡنَا مُوسَىٰ وَمَن مَّعَهُۥٓ أَجۡمَعِينَ ٦٥
Мы спасли Мусу (Моисея) и тех, кто был с ним,
අපි මූසා හා ඔහු සමග සිටි ඉස්රාඊල් දරුවන් මුදවා ගත්තෙමු. ඔවුන්ගෙන් කිසිවකු අපි විනාශ නොකළෙමු.
පසු ව ෆිර්අවුන් හා ඔහුගේ සේනාව මුහුදේ ගිල්වමින් අපි විනාශ කළෙමු.
Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии