Аль-МухтасарАр‑Рум · 30:1–44

Аль-Мухтасар · Тафсир · на сингальском

الروم

Ар-Рум

Римляне · Мекканская · 60 аятов

30:1Страница 404

الٓمٓ ١

Алиф. Лам. Мим.

(අලිෆ්, ලාම්, මීම්) සූරා බකරා ආරම්භයේදී මෙවැනි පාඨ පිළිබඳ විස්තර සඳහන් කර ඇත.

30:2Страница 404

غُلِبَتِ ٱلرُّومُ ٢

Повержены римляне

පර්සියාව රෝමවරුන් පරාජය කළේය.

30:3Страница 404

فِيٓ أَدۡنَى ٱلۡأَرۡضِ وَهُم مِّنۢ بَعۡدِ غَلَبِهِمۡ سَيَغۡلِبُونَ ٣

в самой низкой (или ближайшей) земле. Но после своего поражения они одержат верх

පර්සියාවට සමීපයෙන් පිහිටි සිරියා භූමියෙහි විය. පර්සියානුවන් ජය ලැබුවායින් පසු, නැවතත් ඔවුන්ව රෝමානුවන් පරාජයට පත් කරනු ඇත.

30:4Страница 404

فِي بِضۡعِ سِنِينَۗ لِلَّهِ ٱلۡأَمۡرُ مِن قَبۡلُ وَمِنۢ بَعۡدُۚ وَيَوۡمَئِذٖ يَفۡرَحُ ٱلۡمُؤۡمِنُونَ ٤

через несколько (от трех до десяти) лет. Аллах принимал решения до этого и будет принимать их после этого. В тот день верующие возрадуются

පර්සියාවට සමීපයෙන් පිහිටි සිරියා භූමියෙහි විය. පර්සියානුවන් ජය ලැබුවායින් පසු රෝමානුවන් නැවතත් ඔවුන් පරාජයට පත් කරනු ඇත.

30:5Страница 404

بِنَصۡرِ ٱللَّهِۚ يَنصُرُ مَن يَشَآءُۖ وَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ ٥

помощи Аллаха. Он помогает, кому пожелает. Он - Могущественный, Милосердный.

රෝමවරුන්ට අල්ලාහ් ජය ලබා දීම ගැන ඔවුහු සතුටු වෙති. හේතුව සැබැවින්ම ඔවුන් ආගම් ලත් ජනයා වූ බැවිණි. අල්ලාහ් අභිමත කරන අයට එරෙහිව ඔහු අභිමත කරන වෙනත් අයට ජය ලබා දෙයි. ඔහු කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරියාණන්ය. ඔහුගේ විශ්වාසී ගැත්තන්හට ඔහු මහා කාරුණිකය.

30:6Страница 405

وَعۡدَ ٱللَّهِۖ لَا يُخۡلِفُ ٱللَّهُ وَعۡدَهُۥ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ ٦

Таково обещание Аллаха, и Аллах не нарушает Своего обещания, однако большинство людей не знают этого.

මෙම ජයග්රහණය උත්තරීතර අල්ලාහ්ගෙන් වූ ප්රතිඥාවක් විය. අල්ලාහ් තම ප්රතිඥාව කඩ කරන්නේ නැත. එය තහවුරු කිරීමෙන් ජයග්රහණය පිළිබඳ අල්ලාහ්ගේ ප්රතිඥාව ගැන දැඩි විශ්වාසය දේව විශ්වාසින් වර්ධනය කර ගත්තෝය. ජනයා අතර බහුතරයක් දෙනා ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් ඒ ගැන වටහා නොගනිති.

30:7Страница 405

يَعۡلَمُونَ ظَٰهِرٗا مِّنَ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا وَهُمۡ عَنِ ٱلۡأٓخِرَةِ هُمۡ غَٰفِلُونَ ٧

Они знают о мирской жизни только явное, и они беспечны к Последней жизни.

ඔවුහු දේව විශ්වාසය හෝ ආගමික නීතිය පිළිබඳ නොදනිති. ඔවුන් දැන සිටිනුයේ ජීවනෝපාය, භෞතික සංස්කෘතිය ගොඩ නැගීම වැනි දැයින් බැඳුණු මෙලොව ජීවිතයේ මතුපිට පමණි. මතුලොව සැබෑ නිවහන වන මතුලොව ඔවුන් ප්රතික්ෂේප කරන්නෝ වෙති. ඒ දෙස ඔවුහු හැරී නොබලති.

30:8Страница 405

أَوَلَمۡ يَتَفَكَّرُواْ فِيٓ أَنفُسِهِمۗ مَّا خَلَقَ ٱللَّهُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَمَا بَيۡنَهُمَآ إِلَّا بِٱلۡحَقِّ وَأَجَلٖ مُّسَمّٗىۗ وَإِنَّ كَثِيرٗا مِّنَ ٱلنَّاسِ بِلِقَآيِٕ رَبِّهِمۡ لَكَٰفِرُونَ ٨

Неужели они не размышляли о самих себе? Аллах создал небеса, землю и то, что между ними, только ради истины и только на определенный срок. Но многие люди не веруют во встречу со своим Господом.

තමන් මවා සකසා ඇත්තේ කෙසේ දැයි බොරුකාර දේව ආදේශකයින් වන මොවුහු මොවුන් තුළ පරිශීලනය කළ යුතු නොවේ ද? සත්යයෙන් යුතු ව මිස අල්ලාහ් අහස් හෝ මහපොළොව හෝ ඒ දෙක අතර ඇති දෑ හෝ මවා නැත. ඒවා නිකරුණේ මැවූ වස්තූන් දෙකක් නොවෙති. මෙලොව ජීවිතයේ ඒ දෙකෙහිම පැවැත්ම සඳහා නියමිත කාලයක් අල්ලාහ් ඒ දෙක සඳහා වෙන් කර ඇත. ජනයා අතරින් බොහෝ දෙනෙක් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තම පරමාධිපතිගේ හමු ව පිළිබඳ ප්රතික්ෂේප කරන්නෝ වෙති. එහෙයින් තම පරමාධිපති අබියස තෘප්තියට ලක්වන දැහැමි ක්රියාවන් තුළින් නැවත නැගිටුවනු ලැබීම සඳහා ඔවුහු සූදානම් නොවෙති.

30:9Страница 405

أَوَلَمۡ يَسِيرُواْ فِي ٱلۡأَرۡضِ فَيَنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡۚ كَانُوٓاْ أَشَدَّ مِنۡهُمۡ قُوَّةٗ وَأَثَارُواْ ٱلۡأَرۡضَ وَعَمَرُوهَآ أَكۡثَرَ مِمَّا عَمَرُوهَا وَجَآءَتۡهُمۡ رُسُلُهُم بِٱلۡبَيِّنَٰتِۖ فَمَا كَانَ ٱللَّهُ لِيَظۡلِمَهُمۡ وَلَٰكِن كَانُوٓاْ أَنفُسَهُمۡ يَظۡلِمُونَ ٩

Неужели они не странствовали по земле и не видели, каким был конец тех, кто был до них? Они превосходили их силой, возделывали землю и отстраивали ее лучше, чем это делают они (мекканские язычники). Их посланники приносили им ясные знамения. Аллах не был несправедлив к ним - они сами поступили несправедливо по отношению к себе.

ඔවුනට පෙර විසූ ජන සමූහයන්ගේ අවසානය කෙසේ වී දැ?යි සිතා බලනු පිණිස ඔවුන් මහපොළොවේ සැරිසරා බැලිය යුතු නොවේද? එම සමූහයන් මොවුනට වඩා බලවත් වූහ. කෘෂිකර්මය සඳහාත් ප්රතිසංස්කරණය සඳහාත් උචිත ලෙස ඔවුන් ඉඩම් පරිවර්තනය කළෝය. මොවුන් පාලනය කිරීමට වඩා අධික කාලයක් ඔවුන් එය පාලනය කළෝය. අල්ලාහ්ගේ ඒකීයත්වය සැල කරමින් පැහැදිළි සාධක හා සාක්ෂි සමග ඔවුන්ගේ දූතවරු ඔවුන් වෙත පැමිණියෝය. නමුත් ඔවුහු බොරු කළෝය. අල්ලාහ් ඔවුන් විනාශ කරන විට අපරාධකරුවකු නොවීය. නමුත් ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් විනාශයේ කරුණු ගෙන්වා ගනිමින් තමන්ටම අපරාධකර ගත්තෝ ඔවුහුමය.

30:10Страница 405

ثُمَّ كَانَ عَٰقِبَةَ ٱلَّذِينَ أَسَٰٓـُٔواْ ٱلسُّوٓأَىٰٓ أَن كَذَّبُواْ بِـَٔايَٰتِ ٱللَّهِ وَكَانُواْ بِهَا يَسۡتَهۡزِءُونَ ١٠

Концом тех, кто творил зло, стало зло, потому что они сочли ложью знамения Аллаха и насмехались над ними.

අල්ලාහ්ට ආදේශ කිරීමෙන් හා පාපකම් සිදු කිරීමෙන් තම ක්රියාවන් නරක් කර ගත්තවුන්ගේ අවසානය යනාහි එය නපුරෙන් ඉතා ගැඹුරුම අවසානය විය. ඊට හේතු ව සැබැවින්ම ඔවුන් අල්ලාහ්ගේ වදන් ප්රතික්ෂේප කළ බැවිණි. ඔවුන් ඒවාට සරදම් කළෝය. ඒවා හාස්යයට ලක් කළෝය.

30:11Страница 405

ٱللَّهُ يَبۡدَؤُاْ ٱلۡخَلۡقَ ثُمَّ يُعِيدُهُۥ ثُمَّ إِلَيۡهِ تُرۡجَعُونَ ١١

Аллах создает творение в первый раз, а затем воссоздает его. А после этого вы будете возвращены к Нему.

පූර්ව ආදර්ශයකින් තොර ව අල්ලාහ් මැවීම් උත්පාදනය කරයි. පසු ව ඔහු එය විනාශ කරයි. පසු ව නැවතත් එය ගෙන එයි. පසුව නැවතත් හරවා ගනියි. පසු ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය හා ප්රතිඵල සඳහා ඔහු වෙත පමණක් නුඹලා යොමු කරනු ලබන්නෙහුය.

30:12Страница 405

وَيَوۡمَ تَقُومُ ٱلسَّاعَةُ يُبۡلِسُ ٱلۡمُجۡرِمُونَ ١٢

В тот день, когда наступит Час, грешники придут в отчаяние.

අවසන් හෝරාව සිදුවන දිනයේ අපරාධකරුවන් අල්ලාහ්ගේ කරුණාව ගැන බලාපොරොත්තු සුන් කර ගනිති. අල්ලාහ්ව ප්රතික්ෂේපය කිරීම සම්බන්ධයෙන් ඔවුන් සතු සාධක නොමැති වීම හේතුවෙන් ඔවුන්ගේ ආශාවන් එහි බිඳී යනු ඇත.

30:13Страница 405

وَلَمۡ يَكُن لَّهُم مِّن شُرَكَآئِهِمۡ شُفَعَٰٓؤُاْ وَكَانُواْ بِشُرَكَآئِهِمۡ كَٰفِرِينَ ١٣

Никто из их сотоварищей не заступится за них, и они отвергнут своих сотоварищей.

මෙලොවෙහි ඔවුන් නමදිමින් සිටි, ඔවුන්ගේ හවුල්කරුවන් ඔවුන් දඬුවමින් මුදවා ගැනීම සඳහා ඔවුන් වෙනුවෙන් මැදිහත් වන්නන් අතරින් නොවනු ඇත. (එහෙත්) ඔවුන්ගේ හවුල්කරු වන් ප්රතික්ෂේප කරන්න්නෝ වෙති. ඔවුනට අවශ්ය වූ වේලාවේ ඔවුහු ඔවුන්ගෙන් වෙන්ව යති. ඔවුන් සියලු දෙනාම විනාශයේ සමානයන් වෙති.

30:14Страница 405

وَيَوۡمَ تَقُومُ ٱلسَّاعَةُ يَوۡمَئِذٖ يَتَفَرَّقُونَ ١٤

В тот день, когда наступит Час, они (творения) разделятся.

එම දිනයේ අවසන් හෝරාව සිදුවන දිනයේ ජනයා මෙලොව කළ ක්රියාවන්ට අනුකූලව ප්රතිඵල පිරිනැමීම සඳහා ඉල්ලීය්යීන් වෙත උසස් කරනු ලබමින් ද පහත් අය අතරින් ඉතා පහත් තත්ත්වයට පත් කරනු ලබමින් ද වෙන් වෙන්ව යති.

30:15Страница 405

فَأَمَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ فَهُمۡ فِي رَوۡضَةٖ يُحۡبَرُونَ ١٥

Те, которые уверовали и совершали праведные деяния, будут радоваться (или слушать пение) в Райском саду.

අල්ලාහ්ව විශ්වාස කොට; ඔහු අබියස පිළිගනු ලබන දැහැමි ක්රියාවන් සිදු කළවුන් වනාහි, ස්වර්ගයේ කිසි දිනක විසන්ධි වී නොයන ඔවුන් ලබන සුව පහසුකම් පිළිබඳ ඔවුහු සතුටට පත් වෙති.

30:16Страница 406

وَأَمَّا ٱلَّذِينَ كَفَرُواْ وَكَذَّبُواْ بِـَٔايَٰتِنَا وَلِقَآيِٕ ٱلۡأٓخِرَةِ فَأُوْلَٰٓئِكَ فِي ٱلۡعَذَابِ مُحۡضَرُونَ ١٦

А те, которые не уверовали и сочли ложью Наши знамения и встречу в Последней жизни, будут испытывать мучения.

අල්ලාහ් ව ප්රතික්ෂේප කොට, අපගේ දූතවරුන්හට පහළ කරන ලද වදන් බොරු කොට, යළි අවදි කරනු ලැබීම හා විනිශ්චය බොරු කළවුන් වනාහි, ඔවුහ්මය දඬුවම සඳහා ඔවුන් ඉදිරිපත් කරනු ලබන්නෝ. ඔවුහු එයට අනිවාර්යය වූවෝ වෙති.

30:17Страница 406

فَسُبۡحَٰنَ ٱللَّهِ حِينَ تُمۡسُونَ وَحِينَ تُصۡبِحُونَ ١٧

Славьте же Аллаха, когда для вас наступает вечер и когда наступает утро!

නුඹලා සවස් කාලයට පිවිසෙන විට අල්ලාහ් සුවිශුද්ධ කරනු. එය මග්රිබ් හා ඉෂා සලාත් දෙක අතර කාලයයි. එමෙන්ම අලුයම් කාලයට පිවිසෙන විට ද ඔහු ව සුවිශුද්ධ කරනු. එය ෆජ්ර් සලාතයේ වේලාවයි.

30:18Страница 406

وَلَهُ ٱلۡحَمۡدُ فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَعَشِيّٗا وَحِينَ تُظۡهِرُونَ ١٨

Ему надлежит хвала на небесах и на земле. Славьте Его после полудня и в полдень!

සියලු පැසසුම් සුවිශුද්ධයාණන් වූ ඔහුට පමණක් සතුය. ඔහුගේ මලක්වරුන් ඔහු ව අහසේදී ප්රශංසාවට පත් කරයි. එමෙන්ම ඔහුගේ මැවීම් ඔහු ව මහපොළොවේ ප්රශංසාවට පත් කරයි. නුඹලා සැන්දෑ කාලයට පිවිසෙන විට ද ඔහුව සුවිශුද්ධ කරනු. එය අසර් සලාතයේ වේලාවයි. එමෙන්ම ලුහර් කාලයට පිවිසෙන විට ද නුඹලා ඔහු ව සුවිශුද්ධ කරනු.

30:19Страница 406

يُخۡرِجُ ٱلۡحَيَّ مِنَ ٱلۡمَيِّتِ وَيُخۡرِجُ ٱلۡمَيِّتَ مِنَ ٱلۡحَيِّ وَيُحۡيِ ٱلۡأَرۡضَ بَعۡدَ مَوۡتِهَاۚ وَكَذَٰلِكَ تُخۡرَجُونَ ١٩

Он выводит живое из мертвого и выводит мертвое из живого. Он оживляет землю после ее смерти, и таким же образом вы будете выведены из могил.

මිනිසා ව ශුක්රාණුවෙන් ද, කුරුළු පැටියා බිත්තරයෙන් මතු කරන්නාක් මෙන් ද අජීවී දැයින් ජීවී දෑ ඔහු බිහි කරයි. මිනිසාගෙන් ශුක්රාණුව ද කිකිලිගෙන් බිත්තරය ද මතු කරන්නාක් මෙන් ජීවී දැයි අජීවී දෑ ඔහු බිහි කරයි. මහපොළොව වියළී ගිය පසුව වර්ෂාව පහළ කොට ගහකොළ හට ගන්වා එය ජීවමාන කරයි. එසේ මහපොළොවේ පැලෑටි හට ගන්වා එය ජීවමාන කරන්නාක් මෙන්ම විනිශ්චය හා ප්රතිඵල සඳහා නුඹලා නුඹලාගේ මිණීවල්වල්වලින් බැහැර කරනු ලබන්නෙහුය.

30:20Страница 406

وَمِنۡ ءَايَٰتِهِۦٓ أَنۡ خَلَقَكُم مِّن تُرَابٖ ثُمَّ إِذَآ أَنتُم بَشَرٞ تَنتَشِرُونَ ٢٠

Среди Его знамений - то, что Он сотворил вас из земли. После этого вы стали родом человеческим и расселяетесь.

අහෝ ජනයිනි! නුඹලාගේ පියාණන් පසින් මවනු ලැබූ අවස්ථාවේ අල්ලාහ්ගේ ශක්තිය හා ඔහුගේ ඒකීයත්වය පෙන්වා දෙන ඔහුගේ අතිමහත් සංඥාවක් විය. පසු ව ප්රජනන ක්රියාවලිය තුළින් අධික පරම්පරාවන්ගෙන් සමන්විත මිනිස් සමූහයක් බවට පත්ව මහපොළොවේ නැගෙනහිරවල් හා බටහිරවල් අතර නුඹලා විසිරී ජීවත් වන්නෙහුය.

30:21Страница 406

وَمِنۡ ءَايَٰتِهِۦٓ أَنۡ خَلَقَ لَكُم مِّنۡ أَنفُسِكُمۡ أَزۡوَٰجٗا لِّتَسۡكُنُوٓاْ إِلَيۡهَا وَجَعَلَ بَيۡنَكُم مَّوَدَّةٗ وَرَحۡمَةًۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يَتَفَكَّرُونَ ٢١

Среди Его знамений - то, что Он сотворил из вас самих жен для вас, чтобы вы находили в них успокоение, и установил между вами любовь и милосердие. Воистину, в этом - знамения для людей размышляющих.

අල්ලාහ්ගේ ශක්තිය හා ඔහුගේ ඒකීයත්වය පෙන්වා දෙන තවත් අති වැදගත් සාධකයක් වන්නේ, අහෝ පිරිමි පුද්ගලයිනි! නුඹලාගේ ආත්මාවන් ඔවුන් වෙත ගොස් සම්බන්ධකම් ඇති කරමින් සැනසුම ලබනු පිණිස නුඹලාගේ වර්ගයාගෙන්ම නුඹලා වෙනුවෙන් බිරියන් මවා නුඹලා අතර හා ඔවුන් අතර ආදරය හා කරුණාව ඇති කර තිබීමය. සඳහන් කරනු ලැබූ දෑහි වටහා ගන්නා ජනයාට පැහැදිළි සාධක හා සාක්ෂි ඇත. සැබැවින්ම ඔවුන්ගේ බුද්ධිය ක්රියාත්මක කිරීම තුළින් ප්රයෝජනය ලබනුයේ ඔවුන් වන බැවිණි.

30:22Страница 406

وَمِنۡ ءَايَٰتِهِۦ خَلۡقُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَٱخۡتِلَٰفُ أَلۡسِنَتِكُمۡ وَأَلۡوَٰنِكُمۡۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّلۡعَٰلِمِينَ ٢٢

Среди Его знамений - сотворение небес и земли и различие ваших языков и цветов. Воистину, в этом - знамения для обладающих знанием.

අල්ලාහ්ගේ ශක්තිය හා ඔහුගේ ඒකීයත්වය පෙන්වා දෙන තවත් අති වැදගත් සාධකයක් වනුයේ, අහස් හා මහපොළොව මැවීමය. ඒ අතර නුඹලාගේ භාෂාවන්හි වෙනස්කම් ද නුඹලාගේ වර්ණයේ වෙනස්කම් ද පිහිටා ඇත. දැනුමැති හා දැක්මැති ජනයාට සඳහන් කරනු ලැබූ දෑහි සාක්ෂි හා සාධක ඇත.

30:23Страница 406

وَمِنۡ ءَايَٰتِهِۦ مَنَامُكُم بِٱلَّيۡلِ وَٱلنَّهَارِ وَٱبۡتِغَآؤُكُم مِّن فَضۡلِهِۦٓۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يَسۡمَعُونَ ٢٣

Среди Его знамений - ваш ночной и дневной сон и ваши поиски Его милости. Воистину, в этом - знамения для людей слышащих.

අල්ලාහ්ගේ ශක්තිය හා ඔහුගේ ඒකීයත්වය පෙන්වා දෙන තවත් අති වැදගත් සාධකයක් වන්නේ, නුඹලාගේ රාත්රී නින්ද සහ දහවල් කාලයේ නුඹලාගේ වැඩ කටයුතු වලින් මදක් විවේක ගැනීම සඳහා නුඹලාගේ දහවල් සුළු නින්දය. එමෙන්ම ඔහුගේ තවත් සංඥාවක් වනුයේ නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලා පෝෂණය සොයමින් සැරිසරනු පිණිස දහවල් කාලය ඔහු වෙන් කර තිබීමයි. පරිශීලනාත්මකව සවන් දෙන, පිළිගන්නා අයුරින් සවන් දෙන ජනයාහට සඳහන් කරනු ලැබූ දෑහි සාක්ෂි හා සාධක ඇත.

30:24Страница 406

وَمِنۡ ءَايَٰتِهِۦ يُرِيكُمُ ٱلۡبَرۡقَ خَوۡفٗا وَطَمَعٗا وَيُنَزِّلُ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَيُحۡيِۦ بِهِ ٱلۡأَرۡضَ بَعۡدَ مَوۡتِهَآۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يَعۡقِلُونَ ٢٤

Среди Его знамений - то, что Он показывает вам молнию, чтобы вызвать у вас страх и надежду, а также ниспосылает с неба воду и оживляет ею землю после ее смерти. Воистину, в этом - знамения для людей разумеющих.

ඔහුගේ ශක්තිය හා ඔහුගේ ඒකීයත්වය පෙන්වා දෙන තවත් සාධකයක් වන්නේ, අහසෙහි නුඹලා දකින අකුණු එළියයි. අකුණු සැර හේතුවෙන් බිය ද වර්ෂාව පිළිබඳ සතුට ද යන කාරණා දෙකම එහි නුඹලාට මුසු කර ඇත. ඔහු නුඹලා වෙනුවෙන් අහසින් වැසි ජලය පහළ කරයි. මහපොළොව වියළී ගිය පසුව එමගින් පැළෑටි හට ගන්වා එය ප්රාණවත් කරයි. සැබැවින්ම වටහා ගන්නා ජනයාහට එහි පැහැදිලි සාධක හා සාක්ෂි ඇත. ඔවුහු එමගින් විනිශ්චය හා ප්රතිඵල සඳහා මරණින් පසු අවදි කරනු ලබනු ඇතැයි සාධක කර ගනිති.

30:25Страница 407

وَمِنۡ ءَايَٰتِهِۦٓ أَن تَقُومَ ٱلسَّمَآءُ وَٱلۡأَرۡضُ بِأَمۡرِهِۦۚ ثُمَّ إِذَا دَعَاكُمۡ دَعۡوَةٗ مِّنَ ٱلۡأَرۡضِ إِذَآ أَنتُمۡ تَخۡرُجُونَ ٢٥

Среди Его знамений - то, что небо и земля держатся по Его воле. Потом Он позовет вас всего один раз, и вы выйдете из могил.

අල්ලාහ්ගේ ශක්තිය හා ඔහුගේ ඒකීයත්වය පෙන්වා දෙන ඔහුගේ තවත් සාධකයක් වනුයේ, ඔහුගේ අනුහසින් අහස නොවැටී පැවතීම හා මහපොළොව නොපැළී පැවතීමයි. අනතුරු ව සූර් හොරණෑවෙහි මලක්වරයා පිඹීමෙන් කරන ඇරයුම තුළින් සුවිශුද්ධයාණන් නුඹලා ව ඇරයුම් කරන විට, නුඹලා විනිශ්චය හා ප්රතිඵල සඳහා නුඹලාගේ මිණීවලවල් වලින් නුඹලා බැහැර කරනු ලබනු ඇත.

30:26Страница 407

وَلَهُۥ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ كُلّٞ لَّهُۥ قَٰنِتُونَ ٢٦

Ему принадлежат те, кто на небесах и на земле. Все они покорны Ему.

හිමිකාරත්වයෙන් මැවීමෙන් හා ප්රමාණ කිරීමෙන් අහස්හි ඇති දෑ ඔහුට පමණක් සතුය. මහපොළොවේ ඇති දෑ ද ඔහුට පමණක් සතුය. ඔහුගේ මැවීම් අතරින් අහස්හි ඇති සියලු දෑ ද මහපොළොවේ ඇති සියලු දෑ ද ඔහුගේ නියෝගයට යටන් වන්නන් ලෙසින් ඔහුට අවනත වූවෝ වෙති.

30:27Страница 407

وَهُوَ ٱلَّذِي يَبۡدَؤُاْ ٱلۡخَلۡقَ ثُمَّ يُعِيدُهُۥ وَهُوَ أَهۡوَنُ عَلَيۡهِۚ وَلَهُ ٱلۡمَثَلُ ٱلۡأَعۡلَىٰ فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ٢٧

Он - Тот, Кто создает творения в первый раз, а затем воссоздает их, и сделать это для Него еще легче. Ему принадлежат наивысшие качества на небесах и на земле. Он - Могущественный, Мудрый.

කිසිදු පූර්වාදර්ශයකින් තොර ව මැවීම් උත්පාදනය කරන්නා සුවිශුද්ධ අල්ලාහ්ය. එය විනාශ වූ පසු ඔහු එය යළි ගෙන එයි. (ප්රථම වරට) උත්පාදනය කිරීමට වඩා යමක් නැවත ගෙන ඒම වඩාත් පහසුය. ඒ දෙකම ඔහුට පහසුය. ඊට හේතුව ඔහු යමකට ‘කුන්’ - වනු - යැයි පැවසූ වහාම එය සිදුවන බැවිනි. කීර්තිමත් හා පූර්ණවත් ගුණාංග අතරින් ඔහු කවර ගුණාංගයකින් වර්ණනා කරනු ලබන්නේ ද ඒ සියලු ගුණාංගවලට වඩා ඉහළ ගුණාංග ඔහු සතුය. ඔහු කිසිවකු පරාජය කළ නොහැකි සර්වබලධාරීය. ඔහුගේ මැවීමෙහි හා සැලසුම් කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය.

30:28Страница 407

ضَرَبَ لَكُم مَّثَلٗا مِّنۡ أَنفُسِكُمۡۖ هَل لَّكُم مِّن مَّا مَلَكَتۡ أَيۡمَٰنُكُم مِّن شُرَكَآءَ فِي مَا رَزَقۡنَٰكُمۡ فَأَنتُمۡ فِيهِ سَوَآءٞ تَخَافُونَهُمۡ كَخِيفَتِكُمۡ أَنفُسَكُمۡۚ كَذَٰلِكَ نُفَصِّلُ ٱلۡأٓيَٰتِ لِقَوۡمٖ يَعۡقِلُونَ ٢٨

Он привел вам притчу о вас самих. Есть ли среди невольников, которыми овладели ваши десницы, совладельцы того, чем Мы наделили вас, которые имеют с вами одинаковые права на это и которых вы опасаетесь так, как опасаетесь друг друга? Так Мы разъясняем знамения для людей разумеющих.

අහෝ දේවත්වය ආදේශ කරන්නනි! නුඹලා තුළින්ම අල්ලාහ් නුඹලාට උපමාවක් ගෙන හැර පෑවේය. නුඹලාගේ මෙහෙකරුවන් හා වහලුන් අතරින් නුඹලාගේ ධනයෙහි නුඹලාට සමානුපාතිකව හවුල්වන කිසිදු හවුල්කරුවකු නුඹලාට වෙත්ද? නුඹලා අතරින් ඇතැමුන් තමන්ට හවුල් වූ නිදහස් පුද්ගලයකු සමග ධනය බෙඳනු ලැබීම නුඹලා බියවන්නාක් මෙන්ම නුඹලා සමග වූ නුඹලාගේ ධනය ඔවුන් අතර බෙදී යාම ගැන නුඹලා බිය වන්නෙහුය. මේ හේතුවෙන් නුඹලාගේ වහලුන් නුඹලා වෙනුවෙන් පිළිගන්නෙහු ද? සැබැවින්ම නුඹලා එය පිළි නොගන්නා බවට කිසිදු සැකයක් නැත. එසේ නම් තම මැවීම් හා තම ගැත්තන් අතරින් තම පාලනයේ කිසිදු හවුල් කරුවකු නොවීමට වඩාත් සුදුස්සා අල්ලාහ්ය. මෙවැනි උදාහරණ හා වෙනත් උදාහරණ ඉදිරිපත් කරමින් නොයෙකුත් සාක්ෂි හා සාධක වටහා ගන්නා ජනයාට අපි පැහැදිලි කරන්නෙමු. ඊට හේතුව එමගින් ප්රයෝජනය ලබන්නෝ ඔවුන් වන බැවිණි.

30:29Страница 407

بَلِ ٱتَّبَعَ ٱلَّذِينَ ظَلَمُوٓاْ أَهۡوَآءَهُم بِغَيۡرِ عِلۡمٖۖ فَمَن يَهۡدِي مَنۡ أَضَلَّ ٱللَّهُۖ وَمَا لَهُم مِّن نَّٰصِرِينَ ٢٩

Но нет! Беззаконники потакают своим желаниям без всякого знания. Кто наставит на прямой путь тех, кого Аллах ввел в заблуждение? Не будет для них помощников!

ඔවුන්ගේ මුළාවට හේතුව සාක්ෂි හා සාධකවල හිඟකම හෝ ඒවා පැහැදිලි නොකර තිබීම නොවේ. සැබැවින්ම එය ඔවුන් ආශාවන්ට වහල් වීම හා ඔවුන් මත වූ අල්ලාහ්ගේ වගකීම් පිළිබඳ නොදැනුවත්කමින් ඔවුන්ගේ මුතුන්මිත්තන්ව ඔවුන් අනුගමනය කිරීමය. අල්ලාහ් කවරෙකු නොමග යන්නට ඉඩ හැරියේ ද ඔහුට මග ලබනු පිණිස ආශිර්වාද කරනුයේ කවු ද? අල්ලාහ්ගේ දඬුවම ඔවුන්ගෙන් වළක්වන්නට උදව්කරුවන් කිසිවකු ඔවුනට නොවනු ඇත.

30:30Страница 407

فَأَقِمۡ وَجۡهَكَ لِلدِّينِ حَنِيفٗاۚ فِطۡرَتَ ٱللَّهِ ٱلَّتِي فَطَرَ ٱلنَّاسَ عَلَيۡهَاۚ لَا تَبۡدِيلَ لِخَلۡقِ ٱللَّهِۚ ذَٰلِكَ ٱلدِّينُ ٱلۡقَيِّمُ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ ٣٠

Обрати свой лик к религии, как ханиф. Таково врожденное качество, с которым Аллах сотворил людей. Творение Аллаха не подлежит изменению. Такова правая вера, но большинство людей не знают этого.

නුඹ සියලු දහම්වලින් හැරී අල්ලාහ් කවර දහමක් වෙත හැරෙන්නැයි නුඹට නියම කර ඇත්තේ ද එම දහම වෙත නුඹ හා නුඹ සමග වූවන් මුහුණලනු. එය මිනිසාගේ සහජත්වය නිරූපණය කරන ඉස්ලාම් දහමය. අල්ලාහ්ගේ මැවීමට කිසිදු විකෘති කිරීමක් නැත. එය ඇද නැති ඍජු දහමය. නමුත් ජනයා අතරින් බහුතරයක් දෙනා සැබැවින්ම සත්යය දහම මෙම දහම බව නොහදුනති.

30:31Страница 407

۞ مُنِيبِينَ إِلَيۡهِ وَٱتَّقُوهُ وَأَقِيمُواْ ٱلصَّلَوٰةَ وَلَا تَكُونُواْ مِنَ ٱلۡمُشۡرِكِينَ ٣١

Обращайтесь к Нему с раскаянием, бойтесь Его, совершайте намаз и не будьте в числе многобожников,

නුඹලාගේ පව්වලට සමාව අයැද, සුවිශුද්ධයාණන් වෙත නුඹලා යොමු වනු. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට බැතිමත්ව කටයුතු කරනු. සලාතය පූර්ණවත් අයුරින් ඉටු කරනු. තවද නුඹලා සහජ ස්වභාවයට පටහැනිව තමන්ගේ නැමදුම් අතර අල්ලාහ් සමග වෙනත් දේ ආදේශ තබන්නන් අතරට නුඹලා පත් නොවනු.

30:32Страница 407

مِنَ ٱلَّذِينَ فَرَّقُواْ دِينَهُمۡ وَكَانُواْ شِيَعٗاۖ كُلُّ حِزۡبِۭ بِمَا لَدَيۡهِمۡ فَرِحُونَ ٣٢

в числе тех, которые внесли раскол в свою религию и стали сектами, каждая из которых радуется тому, что имеет.

ඔවුන්ගේ දහම විකෘති කොට; ඉන් කොටසක් විශ්වාස කොට; තවත් කොටසක් ප්රතික්ෂේප කළ දේව ආදේශකයින් අතරට නුඹලා පත් නොවනු. ඔවුන් විවිධ කණ්ඩායම් හා කොටස් බවට වෙන් වූහ. ඒ සෑම කණ්ඩායමක්ම ඔවුන් කවර ව්යාජ කරුණක සිටින්නේ ද ඒ ගැන සතුටු වෙමින් සිටියෝය. සත්යය මත පදනම්ව සිටින්නේ ඔවුන් පමණක් බවත් තමන් හැර සෙසු සියළු අය ව්යාජ දෑ මත සිටින බවත් ඔවුහු සිතා ගත්හ.

30:33Страница 408

وَإِذَا مَسَّ ٱلنَّاسَ ضُرّٞ دَعَوۡاْ رَبَّهُم مُّنِيبِينَ إِلَيۡهِ ثُمَّ إِذَآ أَذَاقَهُم مِّنۡهُ رَحۡمَةً إِذَا فَرِيقٞ مِّنۡهُم بِرَبِّهِمۡ يُشۡرِكُونَ ٣٣

Когда людей касается зло, они начинают взывать к своему Господу, обращаясь к Нему с раскаянием. А затем, когда Он дает им вкусить милость от Него, часть из них начинает приобщать сотоварищей к своему Господу,

දේව ආදේශකයින්හට දැඩි රෝගයක් හෝ දිළිඳුභාවයක් හෝ සාගින්නක් හෝ ඇති වූ විට තමන්ට අත් වූ ඉරණම පහ කරන මෙන් ඔවුන්ගේ පරමාධිපති වෙත යොමු වී බැගෑපත්ව ඇරයුම් කරති. ඔවුනට අත් වූ ඉරණම පහ කොට ඔවුනට අල්ලාහ් කරුණාව දැක් වූ විට ඔවුන් අතරින් පිරිසක් ඇරයුම් කිරීමෙහි අල්ලාහ් හැර දමා ඔහු සමග හවුල්කළවුන් වෙත යොමු වෙති.

30:34Страница 408

لِيَكۡفُرُواْ بِمَآ ءَاتَيۡنَٰهُمۡۚ فَتَمَتَّعُواْ فَسَوۡفَ تَعۡلَمُونَ ٣٤

Это происходит для того, чтобы они проявили неблагодарность за то, чем Мы их одарили. Пользуйтесь благами, и скоро вы узнаете.

ඔවුන් අල්ලාහ්ගේ ආශිර්වාද ප්රතික්ෂේප කොට - උවදුරු ඉවත් කිරීම ද ඉන් එකකි- මෙලොව ජීවිතයේ ඔවුන් අතර ඇති දෑ භුක්ති විඳිමින් සිටියේ නම්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සැබැවින්ම තමන් පැහැදිලි මුළාවෙහි සිටි බව ඔවුන්ගේ දෑස් තුළින්ම ඔවුන් දැක ගනු ඇත.

30:35Страница 408

أَمۡ أَنزَلۡنَا عَلَيۡهِمۡ سُلۡطَٰنٗا فَهُوَ يَتَكَلَّمُ بِمَا كَانُواْ بِهِۦ يُشۡرِكُونَ ٣٥

Разве Мы ниспослали им доказательство, которое говорило бы им о тех, кого они приобщают в сотоварищи к Нему?

ඔවුන්ට සාක්ෂි නැති තත්වය යටතේ අල්ලාහ්ට ආදේශ කිරීමට ඔවුන්ව පෙලඹවූයේ කුමක් ද ? ඔවුහු අල්ලාහ්ට ආදේශ කිරීම වස්, සාක්ෂි ඉදිරිපත් කිරීම සඳහා සාක්ෂි ඇතුලත් ග්රන්ථයක් අප විසින් ඔවුන් වෙත පහළ නොකළ අතර, ඔවුන්ගේ ආදේශභාවය ගැන විස්තර කරන සහ ඔවුන් සිටින්නා වූ ඔවුන්ගේ අවිශ්වාස තත්වයේ වලංගු භාවය ස්තීර කරන පොතක් ඔවුන් සතුව නැත.

30:36Страница 408

وَإِذَآ أَذَقۡنَا ٱلنَّاسَ رَحۡمَةٗ فَرِحُواْ بِهَاۖ وَإِن تُصِبۡهُمۡ سَيِّئَةُۢ بِمَا قَدَّمَتۡ أَيۡدِيهِمۡ إِذَا هُمۡ يَقۡنَطُونَ ٣٦

Когда Мы даем людям вкусить милость, они радуются ей. Когда же зло постигает их за то, что приготовили их руки, они тотчас приходят в отчаяние.

නීරෝගීභාවය, පොහොසත්කම වැනි අපගේ ආශිර්වාද අතරින් එක් ආශිර්වාදයක් මිනිසුන්ට භුක්ති විඳින්නට සැළැස්වූ විට, ඒ ගැන ආඩම්බරයෙන් ඔවුහු සතුටු වෙති. අහංකාරකම් පාති. ඔවුන්ගේ අත්වලින් ඔවුන් සිදු කරගත් පාපකම් හේතුවෙන් ඔවුනට ලෙඩක් හෝ දිළිඳුකමක් වැනි ඔවුනට නපුරක් වන පරිදි යමක් ඔවුනට අත් වූ විට අල්ලාහ්ගේ කරුණා ව පිළිබඳ බලාපොරොත්තු සුන් කර ගනිති. ඔවුනට අත් වූ නපුර ඉවත් වීම ගැන අපේක්ෂාව ඔවුහු අතහරිති.

30:37Страница 408

أَوَلَمۡ يَرَوۡاْ أَنَّ ٱللَّهَ يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ وَيَقۡدِرُۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يُؤۡمِنُونَ ٣٧

Разве они не видят, что Аллах увеличивает или ограничивает удел, кому пожелает? Воистину, в этом - знамения для людей верующих.

සැබැවින්ම අල්ලාහ්, ඔහු අභිමත කරන ඔහුගේ ගැත්තන්හට ඔවුන් කෘතගුණ සළකන්නේද එසේ නැතහොත් ගුණමකුවන්නේදැයි පරීක්ෂා කරනු පිණිස පෝෂණ සම්පත් ව්යාප්ත කර දීම ඔවුහු නොදුටුවෝ ද? එමෙන්ම ඔවුන් ඉවසීමෙන් සිටින්නේද එසේ නැතහොත් කෝපාවිශ්ඨ වන්නේ දැයි පරීක්ෂා කරනු පිණිස ඔවුන් අතරින් ඔහු අභිමත කරන අයට පෝෂණ සම්පත් සීමා කරනු ඇත. ඇතැමුන්ට පෝෂණ සම්පත් විස්තීරණ කිරීමෙහි හා ඇතැමුන්ට ඒවා සීමා කිරීමෙහි අල්ලාහ්ගේ කරුණාව හා දයාව පිළිබඳ සාධක දේව විශ්වාසීන්හට ඇත.

30:38Страница 408

فَـَٔاتِ ذَا ٱلۡقُرۡبَىٰ حَقَّهُۥ وَٱلۡمِسۡكِينَ وَٱبۡنَ ٱلسَّبِيلِۚ ذَٰلِكَ خَيۡرٞ لِّلَّذِينَ يُرِيدُونَ وَجۡهَ ٱللَّهِۖ وَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡمُفۡلِحُونَ ٣٨

Отдавай родственнику то, что ему полагается по праву, а также бедняку и путнику. Это лучше для тех, кто стремится к Лику Аллаха. Именно они являются преуспевшими.

අහෝ මුස්ලිම්වරය! සමීප ඥාතියාට උපකාර කිරීම, සම්බන්ධකම් පැවැත්වීම යනාදී ඔහුට උරුම විය යුතු අයිතිය පිරිනමනු. එමෙන්ම අවශ්යතාවෙන් පෙළෙන්නන්හට ඔවුන්ගේ අවශ්යතාව සපුරා ගන්නා දෑ පිරිනමනු. තම දේශයට යාමට නොහැකිව අතරමං වූ අසරණයාට ද නුඹ පිරිනමනු. අල්ලාහ්ගේ තෘප්තිය බලාපොරොත්තුවන්නන්හට මෙවන් මාර්ගවල වියදම් කිරීම උතුම් වන්නේය. මෙවන් උපකාර හා උරුමයන් පිළිගන්වන්නන් වනාහි, ඔවුහුමය ස්වර්ගයේ ඔවුන් පතන දෑ හිමි කර ගනිමින් ඔවුන් බියවන දඬුවමින් ආරක්ෂාව ලබමින් ජයග්රහණය ලබන්නෝ.

30:39Страница 408

وَمَآ ءَاتَيۡتُم مِّن رِّبٗا لِّيَرۡبُوَاْ فِيٓ أَمۡوَٰلِ ٱلنَّاسِ فَلَا يَرۡبُواْ عِندَ ٱللَّهِۖ وَمَآ ءَاتَيۡتُم مِّن زَكَوٰةٖ تُرِيدُونَ وَجۡهَ ٱللَّهِ فَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡمُضۡعِفُونَ ٣٩

Дары, которые вы преподносите, чтобы приумножить их за счет чужого богатства, не приумножатся у Аллаха. Приумножен для вас будет закят, который вы раздаете, стремясь к Лику Аллаха.

ජනයා අතරින් කෙනෙකුට නුඹලා ධනය පිරිනමා එමගින් නුඹලා අපරාධීකාරී ලෙස අධික ව බලාපොරොත්තු වන්නේ ද එය අල්ලාහ් ඉදිරියේ කුසලින් වර්ධනය වන්නේ නැත. නමුත් අවශ්යතාවක් සඳහා ජනයාගෙන් කිසිදු ලාබයක් හෝ නිලයක් හෝ බලාපොරොත්තුවෙන් තොර ව අල්ලාහ්ගේ තෘප්තිය පමණක් බලාපොරොත්තුවෙන් අවශ්යතාව ඇත්තන්හට නුඹලාගේ ධනයෙන් නුඹලා පිරිනමන දෑ වනාහි, සැබැවින් අල්ලාහ් අබියස එම කුසල ගුණ කර දෙනු ලබන්නෝ ඔවුහුමය.

30:40Страница 408

ٱللَّهُ ٱلَّذِي خَلَقَكُمۡ ثُمَّ رَزَقَكُمۡ ثُمَّ يُمِيتُكُمۡ ثُمَّ يُحۡيِيكُمۡۖ هَلۡ مِن شُرَكَآئِكُم مَّن يَفۡعَلُ مِن ذَٰلِكُم مِّن شَيۡءٖۚ سُبۡحَٰنَهُۥ وَتَعَٰلَىٰ عَمَّا يُشۡرِكُونَ ٤٠

Аллах - Тот, Кто создал вас, а потом одарил пропитанием. Потом Он умертвит вас, а потом оживит. Есть ли среди тех, кого вы приобщаете в сотоварищи, тот, кто совершал бы что-либо из этого? Пречист Он и превыше тех, кого вы приобщаете в сотоварищи!

නුඹලාව ඔහු තනිව මවා පසුව නුඹලාට පෝෂණය පිරිනමා පසුව නුඹලා මියගිය පසුව නැවත නැගිටුවනු ලැබීම සඳහා ජීවය ලබා දෙන්නේ අල්ලාහ් වන ඔහු පමණය. මේවා කිසිවක් හෝ සිදු කළ හැකි අල්ලාහ් නොවන වෙනත් පිළිම නුඹලා සතු තිබේ ද? දේව ආදේශකයින් පවසා සිටින දැයින් හා ඔවුන් විශ්වාස කර සිටින දැයින් අල්ලාහ් පිවිතුරුය.

30:41Страница 408

ظَهَرَ ٱلۡفَسَادُ فِي ٱلۡبَرِّ وَٱلۡبَحۡرِ بِمَا كَسَبَتۡ أَيۡدِي ٱلنَّاسِ لِيُذِيقَهُم بَعۡضَ ٱلَّذِي عَمِلُواْ لَعَلَّهُمۡ يَرۡجِعُونَ ٤١

Зло появляется на суше и на море по причине того, что совершают людские руки, чтобы они вкусили часть того, что они натворили, и чтобы они вернулись на прямой путь.

මිනිසා කළ පාපකම් හේතුවෙන් නියඟය, වර්ෂාව හිඟවීම, නොයෙකුත් ලෙඩ රෝග හා වසංගතයන් වැනි දෑ මහපොළොවේ හා සාගරයේ මතු විය. මෙලොව ජීවිතයේ ඔවුන් සිදු කළ නපුරුකම් සඳහා විපාක විදිනු පිණිසත් පාපක්ෂමාවෙහි නිරිත වී, ඔවුන් නැවත හැරීමේ අපේක්ෂාවෙන් ඒවා මතු වී ඇත.

30:42Страница 409

قُلۡ سِيرُواْ فِي ٱلۡأَرۡضِ فَٱنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ مِن قَبۡلُۚ كَانَ أَكۡثَرُهُم مُّشۡرِكِينَ ٤٢

Скажи: «Постранствуйте по земле и посмотрите, каким был конец тех, которые жили прежде. Большинство из них были многобожниками».

අහෝ දූතය! මෙම දේව ආදේශකයින්ට නුඹ මෙසේ පවසනු. ‘නුඹලා මහපොළොවේ සැරිසරා නුඹලාට පෙර විසූ ජන සමූහයන්ගේ අවසානය කෙසේ වී දැයි සිතා බලනු. එය නරක අවසානයක් විය. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා අල්ලාහ් සමග වෙනත් අය නමදිමින් ඔහුට ආදේශ කරන්නන් වූහ. ඔවුන් අල්ලාහ්ට ආදේශ කිරීම හේතුවෙන් ඔවුන් විනාශ කරනු ලැබුවෝය.

30:43Страница 409

فَأَقِمۡ وَجۡهَكَ لِلدِّينِ ٱلۡقَيِّمِ مِن قَبۡلِ أَن يَأۡتِيَ يَوۡمٞ لَّا مَرَدَّ لَهُۥ مِنَ ٱللَّهِۖ يَوۡمَئِذٖ يَصَّدَّعُونَ ٤٣

Обрати свой лик к правой вере до того, как придет Неотвратимый день от Аллаха. В тот день они будут поделены на две группы.

අහෝ දූතය! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය පැමිණීමට පෙර කිසිදු ඇදයක් නැති ඍජු ඉස්ලාම් දහම වෙත ඔබේ මුහුණ පිහුටවනු. එදින පැමිණි විට එය හෙළා දකින්නට කිසිවක් නැත. එදින මිනිසා වෙන් කරනු ලබනු ඇත. පිරිසක් ස්වර්ගයේ සුවපහසුකම් විඳිමින් සිටිති තවත් පිරිසක් නිරයේ දඬුවම් ලබමින් සිටිති.

30:44Страница 409

مَن كَفَرَ فَعَلَيۡهِ كُفۡرُهُۥۖ وَمَنۡ عَمِلَ صَٰلِحٗا فَلِأَنفُسِهِمۡ يَمۡهَدُونَ ٤٤

Кто не уверовал, того неверие обратится против него самого. А те, которые поступали праведно, будут готовить для себя места в Раю.

කවරෙකු අල්ලාහ්ව ප්රතික්ෂේප කළේ ද ඔහුගේ ප්රතික්ෂේපයේ හානිය ඔහු වෙත නැවත හැරී එනු ඇත. -එය නිරා ගින්නේ සදාකල් වෙසෙන්නෙකු ලෙස පත් වීමයි- කවරෙකු අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් දැහැමි ක්රියාවක් සිදු කළේ ද ස්වර්ගයට පිවිසීම හා සදාතනිකයින් ලෙස එහි ඇති දෑ භුක්ති විදීම ඔවුන් වෙනුවෙන් ඔවුන් ම සූදානම් කර ගනිති.

Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии

Содержание

Аят аль-Курси36Аль-Кахфстр. 42джуз 15Бухари 1Муслим 2999

Вид

Тема
Размер текста
Вид

Read in English