Аль-Мухтасар · Тафсир · на сингальском
الهمزة
Аль-Хумаза
Хулитель · Мекканская · 9 аятов
මිනිසුන්ට එරෙහිව අධික ලෙස කේලාම් කියමින් දොස් නගමින් ඔවුනට අපහාස කරමින් සිටින්නන් හට විනාශය හා දැඩි දඬුවම අත් වනු ඇත.
ඔහුගේ අරමුණ ධනය රැස්කොට එය ගණන් කර තැබීමය. ඒ හැර වෙනත් කිසිදු අරමුණක් ඔහුට නැත.
නියත වශයෙන්ම ඔහු රැස් කළ ධනය ඔහුව මරණයෙන් මුදවා, මෙලොව ජීවිතයේදී ඔහුව සදාකාලිකයකු ලෙස ජීවත් කරවනු ඇතැයි ඔහු සිතයි.
104:4Страница 601
كـَلَّاۖ لَيُنۢبَذَنَّ فِي ٱلۡحُطَمَةِ ٤
Но нет! Его непременно ввергнут в Огонь сокрушающий.
මෙම අධමයා රූපණය කරන්නාක් මෙන් කරුණ නොපවතී. දැඩි දඬුවම සඳහා එහි හෙළන සෑම දෙයක්ම කඩා පොඩිකර දමන නිරා ගින්නට සැබැවින්ම ඔහුව හෙළනු ලැබේ.
104:5Страница 601
وَمَآ أَدۡرَىٰكَ مَا ٱلۡحُطَمَةُ ٥
Откуда ты мог знать, что такое Огонь сокрушающий?
අහෝ දූතය! හෙළන සෑම දෙයක්ම විනාශ කර දමන නිරා ගින්න කුමක් දැයි ඔබට දන්වා සිටියේ කුමක්ද?
සැබැවින් එය අල්ලාහ්ගේ අවුළනු ලැබූ ගින්නය.
එය මිනිසුන්ගේ ශරීර තුළින් රිංගා ඔවුන්ගේ හදවත් දක්වා පසාරු වී යනු ඇත.
සැබැවින්ම එය දඬුවමට ලක්වූවන් ආවරණය කර ගනු ඇත.
104:9Страница 601
فِي عَمَدٖ مُّمَدَّدَةِۭ ٩
высокими столбами (мученики будут прикованы к этим столбам или врата Ада будут заперты и закреплены этими столбами).
ඉන් පිටවිය නොහැකි තරමට උසට තනන ලද කුළුණු තුළ එය පවතියි.
Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии