Аль-Мухтасар · Тафсир · на сингальском
النحل
Ан-Нахль
Пчелы · Мекканская · 128 аятов
16:1Страница 267
أَتَىٰٓ أَمۡرُ ٱللَّهِ فَلَا تَسۡتَعۡجِلُوهُۚ سُبۡحَٰنَهُۥ وَتَعَٰلَىٰ عَمَّا يُشۡرِكُونَ ١
Веление Аллаха придет, и не пытайтесь это ускорить. Преславен Он и превыше того, что они приобщают в сотоварищи!
අහෝ දෙවියන් ප්රතික්ෂේප කරන්නනි! අල්ලාහ් නුඹලාට නියම කළ දඬුවම සමීපයෙන් ඇත. එය නියමිත වේලාවෙහි පැමිණිමට පෙර ඉක්මන් කරන මෙන් නොපතනු. ආදේශ කරන්නන් කවරෙකු අල්ලාහ්ට හවුල් කරන්නේ ද සැබැවින්ම අල්ලාහ් එයින් පිවිතුරය. උත්තරීතරය.
16:2Страница 267
يُنَزِّلُ ٱلۡمَلَٰٓئِكَةَ بِٱلرُّوحِ مِنۡ أَمۡرِهِۦ عَلَىٰ مَن يَشَآءُ مِنۡ عِبَادِهِۦٓ أَنۡ أَنذِرُوٓاْ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّآ أَنَا۠ فَٱتَّقُونِ ٢
Он ниспосылает ангелов с духом (откровением) по Своему велению тому из Своих рабов, кому пожелает: «Предостерегайте тем, что нет божества, кроме Меня. Бойтесь же Меня».
අල්ලාහ්ගේ දූතයින් අතරින් ඔහු අභිමත කරන්නන් හට ඔහුගේ නියමය අනුව දේව පණිවිඩ සමග ඔහු මලක්වරුන් පහළ කරනු ඇත. අහෝ දූතවරුනි! එසේ නැතිනම් අල්ලාහ්ට ආදේශ තැබීම ගැන ජනයාට බිය ගන්වනු. එහෙයින් නැමදුම් ලබන්නට සුදුසු මා හැර වෙනත් කෙනෙකු නැත. අහෝ ජනයිනි! නුඹලා මාගේ නියෝග පිළිපදිමින් හා මා තහනම් කළ දැයින් වැළකෙමින් මට බැතිමත් ව කටයුතු කරනු.
16:3Страница 267
خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ بِٱلۡحَقِّۚ تَعَٰلَىٰ عَمَّا يُشۡرِكُونَ ٣
Он сотворил небеса и землю ради истины. Он превыше тех, кого они приобщают в сотоварищи!
කිසිදු පූර්වාදර්ශයකින් තොරව සත්යයෙන් යුතු ව අල්ලාහ් අහස් මැව්වේය. එමෙන්ම පොළව ද මැව්වේය. ඔහු ඒ දෙක නිෂ්ඵල ලෙස මවා නැත. ඒ දෙක ඔහු මවා ඇත්තේ එමගින් අල්ලාහ්ගේ බලය සඳහා ඒ දෙක සාධකයක් කර ගැනීමට හා ඔහුට වෙනත් කිසිවෙකු ඔවුන් හවුල් කිරීමෙන් ඔහුව පිවිතුරු කිරීමටය.
16:4Страница 267
خَلَقَ ٱلۡإِنسَٰنَ مِن نُّطۡفَةٖ فَإِذَا هُوَ خَصِيمٞ مُّبِينٞ ٤
Он сотворил человека из капли, и после этого тот открыто пререкается.
නොවැදගත් ශුක්රාණු බිඳකින් ඔහු මිනිසාව මැව්වේය. මැවීමකින් පසු මැවීමක් ලෙස එය වර්ධනය කළේය. නමුත් දැන් ඔහු සත්යය නැති කර දැමීම සඳහා අසත්ය දෑ සම්බන්ධයෙන් දැඩි සේ තර්ක කරන්නෙකු විය. ඒ සම්බන්ධයෙන් වූ ඔහුගේ තර්කයේ ඔහු පැහැදිලිව සිටියි.
16:5Страница 267
وَٱلۡأَنۡعَٰمَ خَلَقَهَاۖ لَكُمۡ فِيهَا دِفۡءٞ وَمَنَٰفِعُ وَمِنۡهَا تَأۡكُلُونَ ٥
Он также сотворил скот, который приносит вам тепло и пользу. Вы также употребляете его в пищу.
අහෝ ජනයිනි! ඔටුවන්, ගවයින්, එළුවන් යනාදී වශයෙන් ගොවිපළ සතුන් ඔහු මවා ඇත්තේ නුඹලාගේ යහපත පිණිසය. ඒවායෙහි ලොම් හා සම්වලින් ඇඳුම් නිර්මාණය කර ගැනීම එවන් යහපත් දැයින් එකකි. සෙත සලසන තවත් යහපත් දෑ වනුයේ උන්ගේ කිරි, උන්ගේ මස් හා උන්ගේ පිටවල්ය. නුඹලා ඒවායින් අනුභව කරන්නෙහුය.
16:6Страница 267
وَلَكُمۡ فِيهَا جَمَالٌ حِينَ تُرِيحُونَ وَحِينَ تَسۡرَحُونَ ٦
Они украшают вас, когда вы пригоняете их обратно вечерами и выводите на пастбище по утрам.
සවස් කාලයේ නුඹලා උන් ඇතුළට ගන්නා විට ද උදෑසන තණබුදින්නට උන් බැහැරට ගෙන යන විට ද නුඹලාට එහි අලංකරණයක් ඇත.
16:7Страница 268
وَتَحۡمِلُ أَثۡقَالَكُمۡ إِلَىٰ بَلَدٖ لَّمۡ تَكُونُواْ بَٰلِغِيهِ إِلَّا بِشِقِّ ٱلۡأَنفُسِۚ إِنَّ رَبَّكُمۡ لَرَءُوفٞ رَّحِيمٞ ٧
Они перевозят ваши грузы в края, достичь которых вы могли бы только ценой больших усилий. Воистину, Господь ваш - Сострадательный, Милосердный.
නුඹලා වෙනුවෙන් අප මැවූ මෙම ගොවිපල සතුන් නුඹලාගේ ගමනෙහි නුඹලාගේ භාණ්ඩ උසුලාගෙන ගමින් ගමට යති. ඉතා අසීරුවෙන් මිස නුඹලා එය ගෙන යන්නට හැකියාවක් නොදැරූහ. අහෝ මිනිසුනි! සැබැවින්ම නුඹලාගේ පරමාධිපති නුඹලා කෙරෙහි මහා කාරුණිකය. සෙනෙහෙවන්තය. නුඹලාට මෙම ගොවිපල සතුන් ඔහු වසඟ කර දී ඇත.
16:8Страница 268
وَٱلۡخَيۡلَ وَٱلۡبِغَالَ وَٱلۡحَمِيرَ لِتَرۡكَبُوهَا وَزِينَةٗۚ وَيَخۡلُقُ مَا لَا تَعۡلَمُونَ ٨
Он сотворил коней, мулов и ослов, чтобы вы ездили на них верхом и для украшения. Он творит также то, о чем вы не ведаете.
නුඹලා ප්රවාහනය කළ හැකි පරිදි අශ්වයින්, කොටළුවන් හා බූරුවන් අල්ලාහ් නුඹලා වෙනුවෙන් මවා ඇත. නුඹලාගේ භාණ්ඩ ද ඒ මත තබා නුඹලා ප්රවාහනය කරන්නෙහුය. එමෙන්ම ජනයා අතර එමගින් නුඹලා අලංකරණය වීම සඳහා නුඹලාට එය අලංකාරවත් කර දී ඇත. තවද අල්ලාහ් මැවීමට අපේක්ෂා කරන, නුඹලා ඒ ගැන නොදන්නා දෑ මවයි.
16:9Страница 268
وَعَلَى ٱللَّهِ قَصۡدُ ٱلسَّبِيلِ وَمِنۡهَا جَآئِرٞۚ وَلَوۡ شَآءَ لَهَدَىٰكُمۡ أَجۡمَعِينَ ٩
Аллах указывает на прямой путь, но есть дороги, которые уводят в сторону. Если бы Аллах пожелал, то Он вас всех наставил бы на прямой путь.
අල්ලාහ්ගේ තෘප්තිය වෙත ළඟා කරන ඍජු මාර්ගය පැහැදිලි කිරීම ඔහු සතුව ඇත්තකි. එය ඉස්ලාමයයි. මාර්ග අතරින් සත්යයෙන් වෙනතකට නැඹුරු කරන ෂෙයිතාන්ගේ මාර්ග ද ඇත. ඉස්ලාමයේ මාර්ගය හැර පවතින අනෙකුත් සියලුම මාර්ග සත්යයෙන් වෙනතකට නැඹුරු වූ මාර්ග වේ. නුඹලා සියලු දෙනාට දේව විශ්වාසය ආශිර්වාද කරන්නට අල්ලාහ් අභිමත කළේ නම් නුඹලා සියලු දෙනාටම එසේ ඒ වෙත ආශිර්වාද කරන්නට තිබිණ.
16:10Страница 268
هُوَ ٱلَّذِيٓ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗۖ لَّكُم مِّنۡهُ شَرَابٞ وَمِنۡهُ شَجَرٞ فِيهِ تُسِيمُونَ ١٠
Он - Тот, Кто ниспосылает с неба воду. Она служит для вас питьем, и благодаря ей произрастают растения, среди которых вы пасете скот.
වළාකුළෙන් නුඹලාට ජලය පහළ කරනුයේ ශුද්ධවන්ත ඔහුය. නුඹලා පානය කිරීම සඳහාත් නුඹලාගේ ගොවිපල සතුන් පානය කිරීම සඳහාත් එම ජලයෙන් නුඹලාට පානයක් ඇත. එමගින් හට ගැනෙන නුඹලාගේ ගොවිපළ සතුන් උලා කන පැළෑටි ද ඇත.
16:11Страница 268
يُنۢبِتُ لَكُم بِهِ ٱلزَّرۡعَ وَٱلزَّيۡتُونَ وَٱلنَّخِيلَ وَٱلۡأَعۡنَٰبَ وَمِن كُلِّ ٱلثَّمَرَٰتِۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لِّقَوۡمٖ يَتَفَكَّرُونَ ١١
Он взращивает для вас злаки, маслины, финики, виноград и всевозможные плоды. Воистину, в этом - знамение для людей размышляющих.
මෙම ජලය මගින් නුඹලා අනුභව කරන වගාවන් අල්ලාහ් හට ගන්වයි. අත්තික්කා, ඉදි හා මිදි වැනි ගස් වැල් ද නුඹලා වෙනුවෙන් ඔහු හට ගන්වයි. එමෙන්ම සියලුම පළතුරු වර්ග ද නුඹලා වෙනුවෙන් ඔහු හට ගන්වයි. සැබැවින්ම එම ජලයෙහි හා එමගින් හට ගන්නා දෑහි අල්ලාහ්ගේ මැවීම් ගැන සිතා බලන්නන් හට අල්ලාහ්ගේ බලය පෙන්වා දෙන සාධක ඇත. එහෙයින් ශුද්ධවන්ත අල්ලාහ්ගේ බලය එමගින් ඔවුහු සාධක කර ගනිති.
16:12Страница 268
وَسَخَّرَ لَكُمُ ٱلَّيۡلَ وَٱلنَّهَارَ وَٱلشَّمۡسَ وَٱلۡقَمَرَۖ وَٱلنُّجُومُ مُسَخَّرَٰتُۢ بِأَمۡرِهِۦٓۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يَعۡقِلُونَ ١٢
Он покорил вам ночь и день, солнце и луну. Звезды также покорны по Его воле. Воистину, в этом - знамения для людей разумеющих.
තවද රාත්රිය, නුඹලා එහි නවාතැන් ගෙන විවේක ගනු පිණිසත් දහවල නුඹලාගේ ජීවනපහසුකම් උපයාගනු පිණිසත් අල්ලාහ් නුඹලාට වසඟ කර දුන්නේය. තවද හිරු ද නුඹලාට වසඟ කර දී එය අලෝකය ලබා දෙන වස්තුවක් බවට පත් කළේය. සඳු ද වසඟ කර දී එයට ආලෝකය ඇති කළේය. ඔහුගේ නියමය අනුව ප්රමාණකොට තාරකාවන් ද නුඹලාට වසඟ කර දී ඇත. එමගින් නුඹලා ගොඩබිමේ හා සාගරයේ ගමන් කරන විට මඟ දැනගන්නෙහුය. වේලාවන් හා ඒ හැර වෙනත් දෑද දැන ගන්නෙහුය. සැබැවින්ම වසඟ කර දී ඇති මේ සියලුම දෑහි තම බුද්ධිය භාවිතා කරන ජනයාට අල්ලාහ්ගේ බලය පෙන්වා දෙන පැහැදිලි සාධක ඇත. එමගින් ප්රඥාව ලබන්නෝ ඔවුහුමය.
16:13Страница 268
وَمَا ذَرَأَ لَكُمۡ فِي ٱلۡأَرۡضِ مُخۡتَلِفًا أَلۡوَٰنُهُۥٓۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لِّقَوۡمٖ يَذَّكَّرُونَ ١٣
Он сотворил для вас на земле разнообразие цветов. Воистину, в этом - знамение для людей поминающих.
මහපොළොවේ මවා ඇති ඛණිජ, සතා සිව්පාවුන්, පැලෑටි, බවභෝග වැනි විවිධ වර්ගයෙන් යුත් දෑ නුඹලාට ශුද්ධවන්ත අල්ලාහ් වසඟ කර දුන්නේය. මැවීම් හා ඒවා වසඟ කර තිබීම ගැන සඳහන් කරනු ලැබූ දෑහි පාඩම් ලබන ජනයාට අල්ලාහ්ගේ බලය විදහා පාන පැහැදිළි සාධක ඇත. සැබැවින්ම අල්ලාහ් සර්වබලධාරී බවත් ආශිර්වාද පිරිනමන්නා බවත් ඔවුහු එමගින් දැන ගනිති.
16:14Страница 268
وَهُوَ ٱلَّذِي سَخَّرَ ٱلۡبَحۡرَ لِتَأۡكُلُواْ مِنۡهُ لَحۡمٗا طَرِيّٗا وَتَسۡتَخۡرِجُواْ مِنۡهُ حِلۡيَةٗ تَلۡبَسُونَهَاۖ وَتَرَى ٱلۡفُلۡكَ مَوَاخِرَ فِيهِ وَلِتَبۡتَغُواْ مِن فَضۡلِهِۦ وَلَعَلَّكُمۡ تَشۡكُرُونَ ١٤
Он - Тот, Кто подчинил море, чтобы вы вкушали из него свежее мясо и добывали в нем украшения, которые вы носите. Ты видишь корабли, которые бороздят его для того, чтобы вы могли снискать Его милость, - быть может, вы будете благодарны.
තවද සාගරය ද ඔහු නුඹලාට වසඟ කර දී ඇත. එහි යාත්රා කිරීමටත් එහි ඇති දෑ මතු කර ගැනීමටත් ඔහු නුඹලාට ඉඩ සලසා දී ඇත. එය නුඹලා මසුන් අල්ලා, නැවුම් මත්ස ආහාර භුක්ති විඳිනු පිණිසත්, මුතු මෙන් නුඹලාගේ කාන්තාවන් අඳින පළඳින අලංකාර දෑ නුඹලා මතු කර ගනු පිණිසත්ය. මුහුද දෙබෑ කරමින් යාත්රා කරන නැව් දැකිය හැක. අල්ලාහ්ගේ භාග්යයයෙන් ව්යාපාරයෙන් ලැබෙන ලාභය සොයා නුඹලා එම නැව්වල යාත්රා කරන්නෙහුය. එය නුඹලා වෙනුවෙන් කවර දායාදයක් අල්ලාහ් පිරිනමා ඇත්තේ ද ඒ වෙනුවෙන් නුඹලා ඔහුට කෘතඥ වනු පිණිසත් ඔහුට පමණක් නුඹලා නැමදුම් කිරීම පිණිසත්ය.
16:15Страница 269
وَأَلۡقَىٰ فِي ٱلۡأَرۡضِ رَوَٰسِيَ أَن تَمِيدَ بِكُمۡ وَأَنۡهَٰرٗا وَسُبُلٗا لَّعَلَّكُمۡ تَهۡتَدُونَ ١٥
Он поместил на земле незыблемые горы, дабы она не колебалась вместе с вами, а также реки и дороги, дабы вы могли идти верным путем.
නුඹලාට මහපොළොව කම්පනය නොවන සේ එය ඇළ නොවන සේ ඒ මත කඳු හෙළා එය ශක්තිමත් කළේය. නුඹලා ජලය පානය කිරීම පිණිසත් නුඹලාගේ ගොවිපල සතුන් හා ගොයමට ජලය පවහනය කිරීම පිණිසත් ඔහු එහි ගංගාවන් ගලා යන්නට සැලසීය. නුඹලා ගමන් කරනු පිණිස මාර්ග ඇති කළේය. එහෙයින් නුඹලා අතරමං නොවී නුඹලා අපේක්ෂා කරන ස්ථානයට නුඹලා සේන්දු වන්නෙහුය.
16:16Страница 269
وَعَلَٰمَٰتٖۚ وَبِٱلنَّجۡمِ هُمۡ يَهۡتَدُونَ ١٦
Он создал знаки. А по звездам они находят правильную дорогу.
දහවල් කාලයේ ගමනෙහි දී නුඹලා මග හඳුනාගත හැකි පරිදි මතුපිටින් පිහිටන සළකුණු නුඹලා වෙනුවෙන් ඔහු මහපොළොවේ ඇති කළේය. එමෙන්ම රාත්රී කාලයේ මග හඳුනාගැනීමේ බලාපොරොත්තුවෙන් අහස්හි තාරකාවන් නුඹලා වෙනුවෙන් ඇති කළේය.
16:17Страница 269
أَفَمَن يَخۡلُقُ كَمَن لَّا يَخۡلُقُۚ أَفَلَا تَذَكَّرُونَ ١٧
Разве Тот, Кто творит, подобен тому, кто не творит? Неужели вы не помяните назидание?
මෙම වස්තූන් මෙන්ම වෙනත් දෑ මවන්නා, කිසිවක් මැවිය නොහැකි අය මෙන් සමාන විය හැකි ද? සියලු දේ මවන අල්ලාහ්ගේ බලමහිමය නුඹලා මෙනෙහි කළ යුතු නොවේ ද? ඔහුට පමණක් නැමදුම් කළ යුතු නොවේ ද? කිසිවක් මැවිය නොහැකි දෑ, ඔහුට ආදේශ කිරීමෙන් වැළකී සිටිය යුතු නොවේ ද?
16:18Страница 269
وَإِن تَعُدُّواْ نِعۡمَةَ ٱللَّهِ لَا تُحۡصُوهَآۗ إِنَّ ٱللَّهَ لَغَفُورٞ رَّحِيمٞ ١٨
Если вы станете считать милости Аллаха, то не пересчитаете их! Воистину, Аллах - Прощающий, Милосердный.
අල්ලාහ් නුඹලා වෙත පිරිනමා ඇති, අති බහුල ආශිර්වාදයන් ගණන් කර බැලීමට හා ඒවා සටහන් කිරීමට නුඹලා උත්සාහ දැරුව ද එහි ඇති අධිකත්වය හා විවිධත්වය හේතුවෙන් එසේ ගණන් කිරීමට හෝ සටහන් කිරීමට හෝ නුඹලාට නොහැකිය. කතෘඥ වීමට අමතක කිරීම නිසාවෙන් ඔහු නුඹලා ව ග්රහණය නොකරන තරමට සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය. පාපකම් හා ඔහුට කෘතවේදී වීමේ දී අඩපාඩුකම් ඇති කිරීම හේතුවෙන් ඒවා කපා නොහරින තරමට ඔහු මහා කාරුණිකය.
16:19Страница 269
وَٱللَّهُ يَعۡلَمُ مَا تُسِرُّونَ وَمَا تُعۡلِنُونَ ١٩
Аллах ведает то, что вы утаиваете, и то, что вы совершаете открыто.
අහෝ ගැත්තනි! නුඹලාගේ ක්රියාදාමයන් අතරින් නුඹලා සඟවන දෑ අල්ලාහ් දනී. එමෙන්ම ඒවායින් ප්රසිද්ධියට පත් කරන දෑ ද ඔහු දනී. ඒවායින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.
16:20Страница 269
وَٱلَّذِينَ يَدۡعُونَ مِن دُونِ ٱللَّهِ لَا يَخۡلُقُونَ شَيۡـٔٗا وَهُمۡ يُخۡلَقُونَ ٢٠
А те, к кому они обращаются с молитвами вместо Аллаха, не могут ничего сотворить, тогда как сами они были сотворены.
අල්ලාහ්ගෙන් තොර ව ඔහුට ආදේශ තබන්නන් නමදිමින් සිටින අය වනාහි ඔවුන් කිසිවක් හෝ සුළු වශයෙන් හෝ මවන්නට හැකි අය නොවෙති. අල්ලාහ් හැර ඔවුන් නමදිමින් සිටින අය ඔවුන් විසින්ම තැනූ අය වෙති. එසේ තිබිය දී අල්ලාහ්ගෙන් තොර ව ඔවුන්ගේ අත්වලින් නිමැයුම් කළ පිළිමවලට ඔවුන් වන්දනාමාන කරනුයේ කෙසේද?
16:21Страница 269
أَمۡوَٰتٌ غَيۡرُ أَحۡيَآءٖۖ وَمَا يَشۡعُرُونَ أَيَّانَ يُبۡعَثُونَ ٢١
Они мертвы, а не живы, и не знают они, когда будут воскрешены.
ඔවුන්ගේ අත්වලින්ම ඒවා තනා, ඒවාට නැමදුම් කරමින් සිටිය ද, ඒවා කිසිදු ජීවයක් හෝ ප්රඥාවක් හෝ නොමැති භෞතික වස්තු වේ. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඒවාට වන්දනාමාන කළවුන් සමග ඒවා නිරා ගින්නට හෙළනු ලබනු පිණිස ඒවා යළි අවදි කරනු ලබනුයේ කවදාදැයි ඒවා නොදනිති.
16:22Страница 269
إِلَٰهُكُمۡ إِلَٰهٞ وَٰحِدٞۚ فَٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ قُلُوبُهُم مُّنكِرَةٞ وَهُم مُّسۡتَكۡبِرُونَ ٢٢
Ваш Бог - Бог Единственный. Но сердца тех, которые не верует в Последнюю жизнь, отрицают истину, а сами они - высокомерные гордецы.
සැබෑ ලෙස නුඹලාගේ වන්දනාවට පාත්ර විය යුත්තේ, ඔහුට කිසිදු හවුල්කරුවෙකු නැති, නැදුමට සුදසු එකම දෙවිඳුන් අල්ලාහ් පමණය. විනිශ්චය සඳහා යළි අවදි කරනු ලැබීම විශ්වාස නොකරන්නන් වනාහි, ඔවුනට ඒ ගැන බියක් නොමැති බැවින් අල්ලාහ්ගේ ඒකීයත්වය ඔවුන්ගේ හදවත් ප්රතික්ෂේප කරති. එම හදවත් කිසිදු විනිශ්චයක් ගැන හෝ දඬුවමක් ගැන විශ්වාස නොකරති. ඔවුහු අහංකාරයෙන් පෙළෙති. සත්ය පිළි නොගනිති. එයට යටහත් නොවෙති.
16:23Страница 269
لَا جَرَمَ أَنَّ ٱللَّهَ يَعۡلَمُ مَا يُسِرُّونَ وَمَا يُعۡلِنُونَۚ إِنَّهُۥ لَا يُحِبُّ ٱلۡمُسۡتَكۡبِرِينَ ٢٣
Несомненно, Аллах знает то, что вы утаиваете, и то, что вы обнародуете. Воистину, Он не любит высокомерных.
සැබෑ ලෙසින්ම ඔවුන් සඟවන ක්රියාවන් පිළිබඳ අල්ලාහ් දනී. එමෙන්ම ඔවුන් ඒවායින් හෙළි කරන දෑ ද ඔහු දනී. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත. සැබැවින්ම ශුද්ධවන්තයාණන් තමන්ට නැමදුම් කිරීමෙන් හා තමන්ට යටත් වීමෙන් අහංකාරකම් පාන්නන් ප්රිය නොකරයි. ඔවුන් ව දැඩි ලෙස පිළිකුල් කරයි.
16:24Страница 269
وَإِذَا قِيلَ لَهُم مَّاذَآ أَنزَلَ رَبُّكُمۡ قَالُوٓاْ أَسَٰطِيرُ ٱلۡأَوَّلِينَ ٢٤
Когда им говорят: «Что ниспослал вам Господь?». - они говорят: «Это - легенды древних народов!».
මැවුම්කරුගේ ඒකීයත්වය ප්රතික්ෂේප කරන යළි නැගිටුවනු ලැබීම බොරු කරන මොවුන්ගෙන් "මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්හට පහළ කර ඇත්තේ කුමක් දැ?’යි විමසා සිටින විට ඔවුහු, "එතුමා කෙරෙහි කිසිවක් පහළ කර නැත. පැරැණ්නන්ගේ කතා හා ප්රබන්ධයන් ගෙන ආවේ ඔහු විසින්මය" යැයි පැවසුවෝය.
16:25Страница 269
لِيَحۡمِلُوٓاْ أَوۡزَارَهُمۡ كَامِلَةٗ يَوۡمَ ٱلۡقِيَٰمَةِ وَمِنۡ أَوۡزَارِ ٱلَّذِينَ يُضِلُّونَهُم بِغَيۡرِ عِلۡمٍۗ أَلَا سَآءَ مَا يَزِرُونَ ٢٥
Пусть они понесут свою ношу целиком в Последний день, а также ношу тех невежд, которых они ввели в заблуждение. Как же отвратительна их ноша!
කිසිදු අඩුවකින් තොර ව ඔවුන්ගේ පාපකම් ඉසිලීමත්, අඥානකම හා අනුකරණය හේතුවෙන් ඉස්ලාමයෙන් ඔවුන් නොමඟ යැවූ අයගේ පාපකම් ද ඉසිලීමත් ඔවුන්ගේ ඉරණම වනු පිණිසය. ඔවුන්ගේ පාපකම් හා ඔවුන් අනුගමනය කළ අයගේ පාපකම් ඔවුන් ඉසිලීම කෙතරම් දැඩි පිළිකුල් සහගත කරුණක් ද!
16:26Страница 269
قَدۡ مَكَرَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ فَأَتَى ٱللَّهُ بُنۡيَٰنَهُم مِّنَ ٱلۡقَوَاعِدِ فَخَرَّ عَلَيۡهِمُ ٱلسَّقۡفُ مِن فَوۡقِهِمۡ وَأَتَىٰهُمُ ٱلۡعَذَابُ مِنۡ حَيۡثُ لَا يَشۡعُرُونَ ٢٦
Козни строили еще те, которые жили до них, но Аллах разрушил основание их строения. Крыша обрушилась на них сверху, и мучения постигли их оттуда, откуда они их не ожидали.
මොවුනට පෙර සිටි දෙවියන් ප්රතික්ෂේප කළවුන්, ඔවුන්ගේ දූතයින්ට කුමන්ත්රණ කරමින් පැමිණියෝය. ඔවුන් තනාගත් ගොඩනැගිලි මුලිනුපුටා දමා අල්ලාහ් විනාශ කළේය. ඔවුනට ඉහළින් ඇති ඔවුන්ගේ වහලවල් ඔවුන් මත කඩා වැටිණ. ඔවුන් බලාපොරොත්තු නොවූ අයුරින් දඬුවම ඔවුන් වෙත පැමිණියේය. ඔවුන්ගේ ගොඩනැගිලි ඔවුන්ව ආරක්ෂා කරනු ඇතැයි ඔවුන් අපේක්ෂා කළෝය. නමුත් ඔවුන් ඒවා මගින් විනාශ කරනු ලැබුවෝය.
16:27Страница 270
ثُمَّ يَوۡمَ ٱلۡقِيَٰمَةِ يُخۡزِيهِمۡ وَيَقُولُ أَيۡنَ شُرَكَآءِيَ ٱلَّذِينَ كُنتُمۡ تُشَٰٓقُّونَ فِيهِمۡۚ قَالَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡعِلۡمَ إِنَّ ٱلۡخِزۡيَ ٱلۡيَوۡمَ وَٱلسُّوٓءَ عَلَى ٱلۡكَٰفِرِينَ ٢٧
А потом, в День воскресения, Он опозорит их и скажет: «Где же Мои сотоварищи, о которых вы спорили?». Те, которым было даровано знание, скажут: «Воистину, сегодня неверующих постигнут позор и зло».
පසුව, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔවුන් අවමානයට හා අපහාසයට ලක් කරමින්, "නැමදුමෙහි මා සමග නුඹලා හවුල්කරගත් නුඹලාගේ ආදේශකයින් කොහේද? නුඹලා ඔවුන් හේතුවෙන් මාගේ නබිවරුන් හා දේව විශ්වාසීන්ට එරෙහි ව කටයුතු කරමින් සිටියෙහුය" යැයි ඔවුනට ඔහු පවසයි. ඥානය දෙනු ලැබූ විද්වතුන් "මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සැබැවින්ම අවමානය හා දඬුවම දෙවියන් ප්රතික්ෂේප කරන්නන් හට අත්වන්නේය" යැයි පවසති.
16:28Страница 270
ٱلَّذِينَ تَتَوَفَّىٰهُمُ ٱلۡمَلَٰٓئِكَةُ ظَالِمِيٓ أَنفُسِهِمۡۖ فَأَلۡقَوُاْ ٱلسَّلَمَ مَا كُنَّا نَعۡمَلُ مِن سُوٓءِۭۚ بَلَىٰٓۚ إِنَّ ٱللَّهَ عَلِيمُۢ بِمَا كُنتُمۡ تَعۡمَلُونَ ٢٨
Те, кого ангелы умертвили, когда они грешили во вред себе, изъявят покорность и скажут: «Мы не совершили никакого зла». Им ответят: «О нет! Воистину, Аллаху известно о том, что вы совершали.
මලකුල් මව්ත් හෙවත් මරණයේ දූතයා හා මලක්වරුන්ගෙන් සමන්විත ඔහුගේ උදව්කරුවන් විසින් ඔවුන්ගේ ප්රාණ අත්පත් කර ගනු ලබන්නන් වනාහි, ඔවුහු අල්ලාහ් ව ප්රතික්ෂේප කරමින් අපරාධවල වෙළී සිටියෝය. ඔවුනට මරණය පහළ වූ කල්හි එයට යටහත් වූවෝය. ඔවුන් සිදුකරමින් ආ දේව ප්රතික්ෂේපය හා පාපකම් හෙළා දුටුවෝය. එසේ හෙළා දැකීම තමන්ට ප්රයෝජනවත් වනු ඇතැයි ඔවුහු සිතූහ. එවිට ඔවුනට මෙසේ පවසනු ලැබේ. "නුඹලා බොරු පවසා ඇත. පාපය ගැන දැන දැනම දේව ප්රතික්ෂේපකයින් ලෙස නුඹලා සිටියෙහුය. මෙලොවෙහි නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳ සැබැවින්ම අල්ලාහ් සර්වඥානීය. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට මතු ප්රතිඵල පිරිනමනු ඇත."
16:29Страница 270
فَٱدۡخُلُوٓاْ أَبۡوَٰبَ جَهَنَّمَ خَٰلِدِينَ فِيهَاۖ فَلَبِئۡسَ مَثۡوَى ٱلۡمُتَكَبِّرِينَ ٢٩
Войдите во врата Геенны и пребудьте там вечно. Как же скверна обитель возгордившихся!».
නුඹලාගේ ක්රියාවන්ට සරිලන පරිදි නිරයේ දොරටුවලින් පිවිස, එහි සදා කල් ගත වෙසෙනු. අල්ලාහ් විශ්වාස කිරීමෙන් හා ඔහුට පමණක් නැමදීමෙන් උඩඟුවූවන් හට එම නවාතැන වඩාත් නපුරු විය.
16:30Страница 270
۞ وَقِيلَ لِلَّذِينَ ٱتَّقَوۡاْ مَاذَآ أَنزَلَ رَبُّكُمۡۚ قَالُواْ خَيۡرٗاۗ لِّلَّذِينَ أَحۡسَنُواْ فِي هَٰذِهِ ٱلدُّنۡيَا حَسَنَةٞۚ وَلَدَارُ ٱلۡأٓخِرَةِ خَيۡرٞۚ وَلَنِعۡمَ دَارُ ٱلۡمُتَّقِينَ ٣٠
Когда богобоязненных спрашивают: «Что ниспослал вам Господь?». - они говорят: «Благо». Тем, кто творил в этом мире добро, будет воздано добром. А Последняя обитель будет еще лучше. Как же прекрасна Обитель богобоязненных!
තම පරමාධිපතිගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට බැතිමත් ව කටයුතු කරන්නන්ගෙන්, "නුඹලාගේ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට කවර කරුණක් නුඹලාගේ පරමාධිපති පහළ කළේ දැ?" යි විමසනු ලැබේ. ඔවුහු පිළිතුරු දෙමින් "අල්ලාහ් ඔහුට අති විශිෂ්ට යහපත පහළ කර ඇත" යැයි පවසති. අල්ලාහ්ට විධිමත් අයුරින් නැමදුම් කොට ඔහුගේ මැවීම් සමග අලංකාර අයුරින් ගනුදෙනු කළවුන් වනාහි, ඔවුනට මෙලොව ජීවිතයේ යහපත් තිළිණ ඇත. ඒ අතරින් උපකාරය හා පෝෂණ සම්පත්වල සමෘධිය ද වේ. මතුලොවෙහි අල්ලාහ් ඔවුනට සූදානම් කර ඇති තිළිණ මෙලොවෙහි ඔවුන් ඉක්මණින් පතන දෑට වඩා ඔවුනට යහපත්ය. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් බැතිමතුන් ලෙස කටයුතු කළවුන්ගේ මතුලොව නිවහන යහපත්ම විය.
16:31Страница 270
جَنَّٰتُ عَدۡنٖ يَدۡخُلُونَهَا تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۖ لَهُمۡ فِيهَا مَا يَشَآءُونَۚ كَذَٰلِكَ يَجۡزِي ٱللَّهُ ٱلۡمُتَّقِينَ ٣١
Они войдут в сады Эдема, в которых текут реки. Они получат там все, чего пожелают. Так Аллах воздает богобоязненным,
ස්ථාවර වාසස්ථාන හා ස්ථායී ස්වර්ගයේ උයන් ඇත. ඔවුහු එහි පිවිසෙති. ඒවායෙහි මාලිගා හා ගස්වලට පහළින් ගංගාවන් ගලා බසියි. එම උයන්හි ඔවුන් ආශා කරන ආහාර පාන මෙන්ම වෙනත් දෑ ද ඔවුනට ඇත. මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ ප්රජාව අතර බැතිමත් ව කටයුතු කළවුනට මෙවන් ප්රතිඵල පිරිනමනු ලබන්නාක් මෙන්ම පෙර විසූ සමූහයන් අතර බැතිමත් ව කටයුතු කළවුනට ප්රතිඵල පිරිනමනු ඇත.
16:32Страница 270
ٱلَّذِينَ تَتَوَفَّىٰهُمُ ٱلۡمَلَٰٓئِكَةُ طَيِّبِينَ يَقُولُونَ سَلَٰمٌ عَلَيۡكُمُ ٱدۡخُلُواْ ٱلۡجَنَّةَ بِمَا كُنتُمۡ تَعۡمَلُونَ ٣٢
которых ангелы умерщвляют праведниками. Они говорят: «Мир вам! Войдите в Рай благодаря тому, что вы совершали».
දේව ප්රතික්ෂේපයෙන් තම හදවත් පිරිසිදු කරගත් තත්ත්වයේ මලකුල් මව්ත් හෙවත් මරණයේ දූතයා හා මලක්වරුන්ගෙන් සමන්විත ඔහුගේ උදව්කරුවන් ඔවුන්ගේ ප්රාණ අත්පත් කර ගන්නන් වනාහි, ඔවුන් සමග මලක්වරු කතා කරමින්, "නුඹලාට ශාන්තිය අත්වේවා! සියලුම උවදුරුවලින් නුඹලා නිදහස් වී ඇත. නිවැරදි විශ්වාසය හා දැහැමි ක්රියාවන් තුළින් නුඹලා මෙලොවෙහි සිදු කරමින් ආ දෑ සමග නුඹලා ස්වර්ග උයනට පිවිසෙනු" යැයි පවසනු ඇත.
16:33Страница 270
هَلۡ يَنظُرُونَ إِلَّآ أَن تَأۡتِيَهُمُ ٱلۡمَلَٰٓئِكَةُ أَوۡ يَأۡتِيَ أَمۡرُ رَبِّكَۚ كَذَٰلِكَ فَعَلَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡۚ وَمَا ظَلَمَهُمُ ٱللَّهُ وَلَٰكِن كَانُوٓاْ أَنفُسَهُمۡ يَظۡلِمُونَ ٣٣
Неужели они ждут чего-либо иного, кроме ангелов или веления твоего Господа? Так же поступали те, которые жили прежде. Аллах не был несправедлив к ним - они сами поступали несправедливо по отношению к себе.
දෙවියන්ට ආදේශ කරන මෙම බොරුකාරයින්, ඔවුන්ගේ ප්රාණ අත්පත් කර ගැනීමටත් ඔවුන්ගේ මුහුණු හා ඔවුන්ගේ පිටවල්වලට පහර එල්ල කිරීමටත් ඔවුන් වෙත මරණයේ දූතයා හා මලක්වරුන්ගෙන් සමන්විත ඔහුගේ උදව්කරුවන් පැමිණීම හෝ මෙලොවෙහි දඬුවම ඔවුනට අත්කර දෙන අල්ලාහ්ගේ නියෝගය පැමිණීම හෝ මිස වෙනෙකක් ඔවුන් බලාපොරොත්තු නොවන්නේද?. මක්කාවේ විසූ මෙම දේව ආදේශකයින් සිදු කළ ක්රියාව හා සමානව ඔවුනට පෙර සිටි දේව ආදේශකයින් ද සිදු කළෝය. එවිට අල්ලාහ් ඔවුන් විනාශ කළේය. ඔවුන් විනාශ කරන මොහොතේ ඔහු ඔවුනට අපරාධ නොකළේය. නමුත් අල්ලාහ්ව ප්රතික්ෂේප කොට විනාශයේ සාධක ගෙන එමින් ඔවුන් ඔවුන්ටම අපරාධ කර ගත්තෝය.
16:34Страница 270
فَأَصَابَهُمۡ سَيِّـَٔاتُ مَا عَمِلُواْ وَحَاقَ بِهِم مَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ ٣٤
Злое возмездие постигло их за то, что они творили, и окружило (или поразило) их то, над чем они издевались.
ඔවුන් සිදු කරමින් සිටි ඔවුන්ගේ ක්රියාවන් සඳහා වූ දඬුවම් ඔවුනට පහළ විය. ඔවුනට එය මෙනෙහි කරනු ලැබූ කල්හි ඒ ගැන සරදම් කරමින් සිටි දඬුවම ඔවුන් වෙළා ගත්තේය.
16:35Страница 271
وَقَالَ ٱلَّذِينَ أَشۡرَكُواْ لَوۡ شَآءَ ٱللَّهُ مَا عَبَدۡنَا مِن دُونِهِۦ مِن شَيۡءٖ نَّحۡنُ وَلَآ ءَابَآؤُنَا وَلَا حَرَّمۡنَا مِن دُونِهِۦ مِن شَيۡءٖۚ كَذَٰلِكَ فَعَلَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡۚ فَهَلۡ عَلَى ٱلرُّسُلِ إِلَّا ٱلۡبَلَٰغُ ٱلۡمُبِينُ ٣٥
Многобожники говорят: «Если бы Аллах захотел, то ни мы, ни наши отцы не стали бы поклоняться ничему, кроме Него, и мы не стали бы запрещать чтолибо вопреки Ему». Так же поступали те, которые жили прежде. Разве на посланников было возложено что-либо, кроме ясной передачи откровения?
ඔවුන්ගේ නැමදුම්වල අල්ලාහ් සමග වෙනත් අය හවුල්කර ගත්තවුන්, "අල්ලාහ්ට පමණක් අප නැමදීමටත් ඔහුට කිසිවක් අප ආදේශ නොකිරීමටත් ඔහු අභිමත කළේ නම් ඔහු හැර වෙනත් කිසිවෙකු අප නොනමදින්නට තිබුණි. අප පමණක් නොව අපට පෙර සිටි අපගේ මුතුන්මිත්තන් ද එලෙස නොකරන්නට තිබුණි. එමෙන්ම ව්යාජ සාධක වැනි ඔහු අපට තහනම් කළ යමක් අප තහනම් නොකිරීමට ඔහු අභිමත කළේ නම් එය ද එලෙසමය."යැයි පැවසුවෝය. පෙර සිටි දෙවියන් ප්රතික්ෂේප කළවුන්, "දහම් දූතවරුන්ගේ කාර්යය භාරය වනුයේ ඔවුනට ප්රචාරය කරන මෙන් නියෝග කරනු ලබන දෑ පැහැදිලි ව දන්වා සිටීම පමණි. සැබැවින්ම ඔවුන් එය දන්වා සිටියෝය. අල්ලාහ් ඔවුනට යම් අභිමතයක් ඇති කිරීමෙන් පසු එම ඉරණමට නිදහසට කරුණු දැක්වීමට ප්රතික්ෂේපකයින් හට කිසිදු සාධකයක් නැත.
16:36Страница 271
وَلَقَدۡ بَعَثۡنَا فِي كُلِّ أُمَّةٖ رَّسُولًا أَنِ ٱعۡبُدُواْ ٱللَّهَ وَٱجۡتَنِبُواْ ٱلطَّٰغُوتَۖ فَمِنۡهُم مَّنۡ هَدَى ٱللَّهُ وَمِنۡهُم مَّنۡ حَقَّتۡ عَلَيۡهِ ٱلضَّلَٰلَةُۚ فَسِيرُواْ فِي ٱلۡأَرۡضِ فَٱنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُكَذِّبِينَ ٣٦
Мы отправили к каждой общине посланника: «Поклоняйтесь Аллаху и избегайте тагута!». Среди них есть такие, которых Аллах наставил на прямой путь, и такие, которым было справедливо предначертано заблуждение. Ступайте же по земле и посмотрите, каким был конец неверующих.
අල්ලාහ්ට පමණක් නමදින ලෙසත් ඔහු හැර පවතින සෙසු පිළිම, නපුරු බලවේග හා වෙනත් දෑ නැමදුම් කිරීම අතහැර දමන ලෙසත් අණ කරන දූතයෙකු පෙර විසූ සෑම සමූහයක් අතරටම සැබැවින්ම අපි එව්වෙමු. ඔවුන් අතර අල්ලාහ් ආශිර්වාද කළ අය ද විය. එවැන්නෝ ඔහු ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන් කවර කරුණක් ගෙන ආවේද එය පිළිපැද්දෝය. එමෙන්ම ඔවුන් අතර අල්ලාහ් ව ප්රතික්ෂේප කොට ඔහුගේ දූතයාණන්ට පිටු පෑ අය ද විය. අල්ලාහ් ඔවුනට ආශිර්වාද කළේ නැත. ඔවුනට මුළාව නියම විය. එහෙයින් බොරුකාරයින්හට දඬුවම හා විනාශය පහළ වූවායින් පසු ඔවුන්ගේ වාසස්ථාන කෙසේ පවතින්නේ දැයි නුඹලාගේ දෑසින්ම දැක ගනු පිණිස මිහිතලයෙහි සැරිසරා බලනු.
16:37Страница 271
إِن تَحۡرِصۡ عَلَىٰ هُدَىٰهُمۡ فَإِنَّ ٱللَّهَ لَا يَهۡدِي مَن يُضِلُّۖ وَمَا لَهُم مِّن نَّٰصِرِينَ ٣٧
Как бы ты ни хотел наставить их на прямой путь, Аллах не наставляет на прямой путь тех, кого Он вводит в заблуждение, и не будет у них помощников.
අහෝ දූතය! මොවුනට උපරිමයෙන් නුඹ ඇරයුම් කරන්නට උත්සාහ දරා ඔවුනට යහමග ලැබිය යුතු යැයි නුඹ ආශා කොට ඒ සඳහා සාධක ගෙන ආව ද, අල්ලාහ් කවරෙකු නොමග හැරියේ ද ඔහුට යහමග වෙත ඔහු ආශිර්වාද නොකරනු ඇත. ඔවුන්ගෙන් දඬුවම වළක්වාලමින් ඔවුනට උදව් කරන්නට අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු නැත.
16:38Страница 271
وَأَقۡسَمُواْ بِٱللَّهِ جَهۡدَ أَيۡمَٰنِهِمۡ لَا يَبۡعَثُ ٱللَّهُ مَن يَمُوتُۚ بَلَىٰ وَعۡدًا عَلَيۡهِ حَقّٗا وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ ٣٨
Именем Аллаха они принесли величайшие клятвы о том, что Аллах не воскресит мертвецов. О нет! Это произойдет согласно истинному обещанию, но большинство людей не знает этого.
මෙම බොරුකාරයින් "මිය ගිය ඇත්තන් අල්ලාහ් යළි අවදි නොකරනු ඇතැ"යි නැවත නැගිටුවීම ගැන ඔවුන්ගේ දිවුරීම්වල දී ඉතා ස්ථීර ව ප්රතික්ෂේප කොට දිවුරා පවසති. ඒ සඳහා ඔවුනට කිසිදු සාදයක් නැත. එසේ නොව, මිය ගිය සෑම කෙනෙකුවම අල්ලාහ් යළි අවදි කරවනු ඇත. එය සැබෑ ප්රතිඥාවකි. නමුත් සැබැවින්ම අල්ලාහ් මියගිය ඇත්තන් යළි අවදි කරන බව බහුතරයක් ජනයා නොදනිති. එසේ යළි නැගිටුවීම ඔවුහු හෙළා දකිති.
16:39Страница 271
لِيُبَيِّنَ لَهُمُ ٱلَّذِي يَخۡتَلِفُونَ فِيهِ وَلِيَعۡلَمَ ٱلَّذِينَ كَفَرُوٓاْ أَنَّهُمۡ كَانُواْ كَٰذِبِينَ ٣٩
Он разъяснит им то, в чем они расходились во мнениях, и неверующие узнают, что они были лжецами.
දේව ඒකීයත්වය, නැවත නැගිටුවනු ලැබීම හා දූත මෙහෙය ගැන මතභේද ඇති කරගත් දෑහි සත්යතාව මිනිසුනට පැහැදිළි කරනු පිණිසද සැබැවින්ම අල්ලාහ් සමග හවුල් කරුවන් සිටින බව කරන වාදයේ හා නැවත නැගිටුවීම හෙළා දැකීමෙහි තමන් බොරුකාරයින් ලෙස සිටි බව දේව ප්රතික්ෂේපකයින්ට දැනුම්වත් කිරීම පිණිස ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔවුන් සියලු දෙනාම නැගිටුවනු ඇත.
16:40Страница 271
إِنَّمَا قَوۡلُنَا لِشَيۡءٍ إِذَآ أَرَدۡنَٰهُ أَن نَّقُولَ لَهُۥ كُن فَيَكُونُ ٤٠
Когда Мы хотим чего-либо, то стоит Нам сказать: «Будь!». - как это сбывается.
මියගිය ඇත්තන්හට යළි ජීවය දී ඔවුන් අවදි කිරීමට සැබැවින්ම අපි සිතූ විට එයින් අප වළක්වන කිසිවෙකු නොවනු ඇත. අපි යමක් සිතූ විට එයට ‘වනු’ යැයි පැවසූ වහාම කිසිදු සැකයකින් තොර ව එය සිදුවනු ඇත.
Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии