Аль-МухтасарАль‑Исра · 17:81–111

Аль-Мухтасар · Тафсир · на сингальском

Аль-Исра 17:81–111

17:81Страница 290

وَقُلۡ جَآءَ ٱلۡحَقُّ وَزَهَقَ ٱلۡبَٰطِلُۚ إِنَّ ٱلۡبَٰطِلَ كَانَ زَهُوقٗا ٨١

Скажи: «Явилась истина, и сгинула ложь. Воистину, ложь обречена на погибель».

අහෝ දූතය! මෙම ආදේශකයින්ට නුඹ තවදුරටත් මෙසේ පවසනු. "ඉස්ලාමය පැමිණ ඇත. අල්ලාහ් උදව් කරන්නන් හට ඔහුගේ ප්රතිඥාව තහවුරු වී ඇත. දේව ආදේශය හා ප්රතික්ෂේපය පහව ගොස් ඇත. සැබැවින්ව ව්යාජත්වය සත්ය ඉදිරියේ ස්ථාවර ව නොපිහිටන අතර එය විනාශ වී යන්නකි."

17:82Страница 290

وَنُنَزِّلُ مِنَ ٱلۡقُرۡءَانِ مَا هُوَ شِفَآءٞ وَرَحۡمَةٞ لِّلۡمُؤۡمِنِينَ وَلَا يَزِيدُ ٱلظَّٰلِمِينَ إِلَّا خَسَارٗا ٨٢

Мы ниспосылаем в Коране то, что является исцелением и милостью для верующих, а беззаконникам он не прибавляет ничего, кроме убытка.

සැකය දේව ප්රතික්ෂේපය හා අඥානකම යනාදියෙන් හදවත් සුව කරන ප්රතිකාර සහිත අල් කුර්ආනය අපි පහළ කළෙමු. එය ඔබ මතුරන්නේ නම් ශරීරයට ද සුවයක් ද ඇත. එමෙන්ම ඒ අනුව කටයුතු කරන දේව විශ්වාසීන්හට ආශිර්වාදයක් ද ඇත. නමුත් මෙම අල් කුර්ආනය දෙවියන් ප්රතික්ෂේප කරන්නන්හට විනාශය මිස වෙනත් කිසිවක් වැඩි කරන්නේ නැත. ඊට හේතුව සැබැවින්ම එයට සවන් දීම ඔවුන් කුපිත කරවන බැවින් හා එමෙන්ම ඒ ගැන බොරු කිරීම හා පිටුපෑම ඔවුනට අධික කරන බැවිණි.

17:83Страница 290

وَإِذَآ أَنۡعَمۡنَا عَلَى ٱلۡإِنسَٰنِ أَعۡرَضَ وَنَـَٔا بِجَانِبِهِۦ وَإِذَا مَسَّهُ ٱلشَّرُّ كَانَ يَـُٔوسٗا ٨٣

Когда Мы даруем милость человеку, он отворачивается и удаляется в гордыне. Если же его касается беда, то он приходит в отчаяние.

ආරෝග්යය, පොහොසත්කම වැනි ආශිර්වාදයක් අපි මිනිසාට පිරිනැමූ විට අල්ලාහ්ට කෘතවේදී වීමෙන් හා ඔහුට අවනත වීමෙන් ඔහු ඉවත් වෙයි. අහංකාරයෙන් දුරස් වෙයි. නමුත් ඔවුනට යම් රෝගයක් හෝ දිළිඳුකමක් හෝ වෙනත් යම් අභාග්යයක් ඇති වූ විට අල්ලාහ්ගේ ආශිර්වාදය ගැන දැඩි සේ බලාපොරොත්තු සුන් කර ගනී.

17:84Страница 290

قُلۡ كُلّٞ يَعۡمَلُ عَلَىٰ شَاكِلَتِهِۦ فَرَبُّكُمۡ أَعۡلَمُ بِمَنۡ هُوَ أَهۡدَىٰ سَبِيلٗا ٨٤

Скажи: «Каждый человек избирает свой путь, а вашему Господу лучше знать, кто следует более прямым путем».

"අහෝ දූතය! සෑම මිනිසකුම ඔහුගේ තත්ත්වයට ගැළපෙන මාර්ගයේ යහමග හා මුළාවෙහි කටයුතු කරමින් සිටී. සත්යය වෙත වූ මාර්ගයේ වඩාත් යහමඟ ලැබූ අය කවුරුන්දැ?යි නුඹේ පරමාධිපති මැනවින් දන්නාය." යැයි නුඹ පවසනු.

17:85Страница 290

وَيَسۡـَٔلُونَكَ عَنِ ٱلرُّوحِۖ قُلِ ٱلرُّوحُ مِنۡ أَمۡرِ رَبِّي وَمَآ أُوتِيتُم مِّنَ ٱلۡعِلۡمِ إِلَّا قَلِيلٗا ٨٥

Они станут спрашивать тебя о духе (душе или Джибриле). Скажи: «Дух - от повеления моего Господа, а вам дано знать об этом очень мало».

අහෝ දූතය! ආගම් ලත් ජනයා අතර සිටින දේව ප්රතික්ෂේපකයෝ ප්රාණයේ යථාර්ථය ගැන ඔබෙන් විමසති. ප්රාණයේ යථාර්ථය අල්ලාහ් හැර වෙනත් කිසිවකු නොදනී. ‘ශුද්ධවන්තයාණෝ අල්ලාහ්ගේ දැනුම දෙසින් බලන කළ, නුඹලාට හා සෙසු මැවීම්වලට පිරිනමනු ලැබ ඇත්තේ දැනුමෙන් ඉතා ස්වල්පයක් මිස නැත.’ යැයි ඔවුනට පවසනු.

17:86Страница 290

وَلَئِن شِئۡنَا لَنَذۡهَبَنَّ بِٱلَّذِيٓ أَوۡحَيۡنَآ إِلَيۡكَ ثُمَّ لَا تَجِدُ لَكَ بِهِۦ عَلَيۡنَا وَكِيلًا ٨٦

Если бы Мы захотели, то лишили бы тебя того, что дали тебе в откровении. И никто не защитил бы тебя от Нас,

අල්ලාහ් මත දිවුරා පවසමු. අපි නුඹ වෙත පහළ කළ දිව්ය පණිවිඩ හදවතින් හා ලේඛනයෙන් ඉවත් කරන්නට අභිමත කළේ නම්, සැබැවින්ම අපි එය ඉවත් කරන්නෙමු. පසු ව නුඹට ඒ සඳහා උදව් කරන, එයට පිළිතුරු දීමේ වගකීම භාරගන්නා කිසිවෙකු නොලබනු ඇත.

17:87Страница 291

إِلَّا رَحۡمَةٗ مِّن رَّبِّكَۚ إِنَّ فَضۡلَهُۥ كَانَ عَلَيۡكَ كَبِيرٗا ٨٧

не будь милости твоего Господа. Воистину, Его милость к тебе велика!

නමුත් නුඹේ පරමාධිපතිගේ කරුණාවෙන් අපි එය ඉවත් නොකළෙමු. අපි එය සුරක්ෂිත ව අතහැරියෙමු. නුඹ ව දූතයකු බවට පත් කිරීමෙන් නබිවරුන්ගේ ඇවෑම නුඹගෙන් අවසන් කිරීමෙන් හා නුඹ වෙත අල් කුර්ආනය පහළ කිරීමෙන් නුඹේ පරමාධිපති නුඹට පිරිනමා ඇති භාග්යය අතිමහත් විය.

17:88Страница 291

قُل لَّئِنِ ٱجۡتَمَعَتِ ٱلۡإِنسُ وَٱلۡجِنُّ عَلَىٰٓ أَن يَأۡتُواْ بِمِثۡلِ هَٰذَا ٱلۡقُرۡءَانِ لَا يَأۡتُونَ بِمِثۡلِهِۦ وَلَوۡ كَانَ بَعۡضُهُمۡ لِبَعۡضٖ ظَهِيرٗا ٨٨

Скажи: «Если бы люди и джинны объединились для того, чтобы сочинить нечто, подобное этому Корану, это не удалось бы им, даже если бы они стали помогать друг другу».

"අහෝ දූතය, නුඹ වෙත පහළ කළා වූ අල් කුර්ආනය මෙන් එහි ඇති සාහිත්යය, මනා සැකැස්ම හා ආකර්ෂනයට සමාන යමක් ගෙන එන්නට මිනිස් වර්ගයා හා ජින් වර්ගයා යන සියලු දෙනා එකතු වුව ද ඔවුන් එකිනෙකා එයට උදව් කරුවකු හා උපකාර කරන්නකුව සිටිය ද කිසිවිටෙක එවැන්නක් ගෙන එන්නට නොහැක්කේමය." යැයි පවසනු.

17:89Страница 291

وَلَقَدۡ صَرَّفۡنَا لِلنَّاسِ فِي هَٰذَا ٱلۡقُرۡءَانِ مِن كُلِّ مَثَلٖ فَأَبَىٰٓ أَكۡثَرُ ٱلنَّاسِ إِلَّا كُفُورٗا ٨٩

Мы разъяснили людям в этом Коране всякие притчи, но большинство людей отвергает все, кроме неверия.

ජනයා විශ්වාස කිරීමේ යහපත් අපේක්ෂාවෙන් යුතු ව ඔවුන් පාඩම් ලැබිය හැකි පරිදි උපදෙස්, ආදර්ශයන්, නියෝග, තහනම් නියෝග කතා වස්තු වැනි දෑ අල් කුර්ආනයේ අපි වර්ග කර ඇත්තෙමු. ඔවුනට පැහැදිලි කර ඇත්තෙමු.

17:90Страница 291

وَقَالُواْ لَن نُّؤۡمِنَ لَكَ حَتَّىٰ تَفۡجُرَ لَنَا مِنَ ٱلۡأَرۡضِ يَنۢبُوعًا ٩٠

Они говорят: «Ни за что мы не уверуем, пока ты не исторгнешь для нас из земли источник;

දෙවියන්ට ආදේශ කළවුන්, "විස්තර කළ නොහැකි ගලා යන උල්පතක් මක්කා භූමියෙන් නුඹ අපට මතු කර පෙන්වන තෙක් කිසිවිටෙක අපි නුඹ ව විශ්වාස නොකරන්නෙමු" යැයි පැවසූහ.

17:91Страница 291

أَوۡ تَكُونَ لَكَ جَنَّةٞ مِّن نَّخِيلٖ وَعِنَبٖ فَتُفَجِّرَ ٱلۡأَنۡهَٰرَ خِلَٰلَهَا تَفۡجِيرًا ٩١

или пока не будет у тебя пальмовой рощи и виноградника, в которых ты проложишь реки;

එසේ නැතහොත් ඉඳි හා මිදිවලින් යුත් වත්තක් නුඹ සතුව තිබී; එහි අධික ලෙස ගංගාවන් ගලා බැසිය යුතුය.

17:92Страница 291

أَوۡ تُسۡقِطَ ٱلسَّمَآءَ كَمَا زَعَمۡتَ عَلَيۡنَا كِسَفًا أَوۡ تَأۡتِيَ بِٱللَّهِ وَٱلۡمَلَٰٓئِكَةِ قَبِيلًا ٩٢

или пока не обрушишь на нас небо кусками, как ты это утверждаешь; или не предстанешь перед нами вместе с Аллахом и ангелами;

නුඹ මෙනෙහි කර සිටියාක් මෙන් අහස දඬුවමින් කොටසක් අප මත හෙළිය යුතුය. එසේ නැතහොත් නුඹ වාද කරන දෑ නිවැරැදිය යන්නට නුඹ වෙනුවෙන් සාක්ෂි ලබා දෙන්නට අල්ලාහ් හා මලක්වනුන් සජීවී ව පහළ විය යුතුය.

17:93Страница 291

أَوۡ يَكُونَ لَكَ بَيۡتٞ مِّن زُخۡرُفٍ أَوۡ تَرۡقَىٰ فِي ٱلسَّمَآءِ وَلَن نُّؤۡمِنَ لِرُقِيِّكَ حَتَّىٰ تُنَزِّلَ عَلَيۡنَا كِتَٰبٗا نَّقۡرَؤُهُۥۗ قُلۡ سُبۡحَانَ رَبِّي هَلۡ كُنتُ إِلَّا بَشَرٗا رَّسُولٗا ٩٣

или пока у тебя не будет дома из драгоценностей; или пока ты не взойдешь на небо. Но мы не поверим в твое восхождение, пока ты не спустишься с Писанием, которое мы станем читать». Скажи: «Пречист мой Господь! Я же - всего лишь человек и посланник».

එසේ නැතහොත් රනින් හා වෙනත් වටිනා වස්තුවලින් අලංකාරය කරන ලද නිවසක් නුඹට විය යුතුය. එසේ නැතහොත් අහසට නුඹ ආරෝහණය විය යුතුය. එසේ නුඹ ආරෝහණය වුවද සැබැවින්ම නුඹ අල්ලාහ්ගේ දූතයාණන් බව අප කියවා දැන ගන්නා ලිඛිත ලේඛනයක් අල්ලාහ් වෙතින් පහළ වූයේ නම් හැර සැබැවින්ම නුඹ අල්ලාහ්ගෙන් පහළ කරනු ලැබූ දූතයකු ලෙස අපි නුඹ ව විශ්වාස නොකරන්නෙමු. අහෝ දූතය! නුඹ ඔවුනට මෙසේ පවසනු, "මාගේ පරමාධිපති සුවිශුද්ධය. සෙසු දහම් දූතයින් මෙන් මා ද මිනිස් දූතයකු මිස වෙනත් කෙනෙකු විය හැකි ද? කිසිවක් ගෙන එන්නට මට අයිතියක් නැත. නුඹලා යෝජනා කරන දෑ ගෙන එන්නට මාහට හැකි වන්නේ කෙසේද?"

17:94Страница 291

وَمَا مَنَعَ ٱلنَّاسَ أَن يُؤۡمِنُوٓاْ إِذۡ جَآءَهُمُ ٱلۡهُدَىٰٓ إِلَّآ أَن قَالُوٓاْ أَبَعَثَ ٱللَّهُ بَشَرٗا رَّسُولٗا ٩٤

Людям помешало уверовать после того, как к ним явилось верное руководство, только то, что они сказали: «Неужели Аллах отправил посланником человека?».

අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කිරීමෙන් හා එම දූතයා ගෙන ආ දෑ පිළිපැදීමෙන් දෙවියන් ප්රතික්ෂේප කළවුන් වළක්වාලීයේ එම දූතයා මිනිස් වර්ගයාගෙන් කෙනකු වීම ගැන හෙළා දැකීම මිස වෙනකක් නොවීය. ඔවුහු එසේ හෙළා දකිමින්. "අප වෙත අල්ලාහ් පහළ කර ඇත්තේ මිනිස් දූතයෙකු ද?" යැයි විමසා සිටියෝය.

17:95Страница 291

قُل لَّوۡ كَانَ فِي ٱلۡأَرۡضِ مَلَٰٓئِكَةٞ يَمۡشُونَ مُطۡمَئِنِّينَ لَنَزَّلۡنَا عَلَيۡهِم مِّنَ ٱلسَّمَآءِ مَلَكٗا رَّسُولٗا ٩٥

Скажи: «Если бы по земле спокойно ходили ангелы, то Мы отправили бы к ним посланником с неба ангела».

අහෝ දූතය! ඔවුනට පිළිතුරු වශයෙන්, "නුඹලාගේ තත්ත්වයේ මහපොළොවේ පදිංචි ව සිටින එහි තැන්පත්ව සැරිසරන මලක්වරුන් එහි සිටියේ නම් ඔවුන්ගේම වර්ගයා අතරින් මලක්වරයෙක් දූතයකු සේ අප එවන්නට තිබුණි. එවනු ලබන දෑ ඔවුනට වටහා දෙන්නට ඔහු හැකියාව ලබනුයේ එවිටය. එවන් තත්ත්වයක මිනිස් වර්ගයා අතරින් දූතයකු ඔවුන් වෙත අප එවීම ප්රඥා සහගත කරුණක් නොවනු ඇත. නුඹලාගේ තත්ත්වය ද එලෙසමය." යැයි නුඹ පවසනු.

17:96Страница 291

قُلۡ كَفَىٰ بِٱللَّهِ شَهِيدَۢا بَيۡنِي وَبَيۡنَكُمۡۚ إِنَّهُۥ كَانَ بِعِبَادِهِۦ خَبِيرَۢا بَصِيرٗا ٩٦

Скажи: «Довольно того, что Аллах является Свидетелем между мною и вами. Воистину, Он знает и видит Своих рабов».

"සැබැවින්ම මා නුඹලා වෙත එවනු ලැබූ දූතයකු යන්නට මා අතර හා නුඹලා අතර සාක්ෂිකරුවකු වශයෙන් අල්ලාහ් ප්රමාණවත්ය. සැබැවින්ම කවර කරුණක් නුඹලා වෙත එවනු ලැබ ඇත්තේ ද එය මා නුඹලා වෙත දන්වා සිටියෙමි. සැබැවින්ම ඔහු ඔහුගේ ගැත්තන්ගේ තත්ත්වයන් සර්වප්රකාරයෙන් දන්නාය. ඒවායින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඔවුන්ගේ සිත් තුළ සැඟ වී ඇති සියලු දෑ ගැන ඔහු අධීක්ෂණය කරන්නාය." යැයි අහෝ දූතය! නුඹ පවසනු.

17:97Страница 292

وَمَن يَهۡدِ ٱللَّهُ فَهُوَ ٱلۡمُهۡتَدِۖ وَمَن يُضۡلِلۡ فَلَن تَجِدَ لَهُمۡ أَوۡلِيَآءَ مِن دُونِهِۦۖ وَنَحۡشُرُهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ عَلَىٰ وُجُوهِهِمۡ عُمۡيٗا وَبُكۡمٗا وَصُمّٗاۖ مَّأۡوَىٰهُمۡ جَهَنَّمُۖ كُلَّمَا خَبَتۡ زِدۡنَٰهُمۡ سَعِيرٗا ٩٧

Тот, кого Аллах ведет прямым путем, следует прямым путем. А для того, кого Аллах вводит в заблуждение, ты не найдешь покровителей вместо Него. В День воскресения Мы соберем их лежащими ничком, слепыми, немыми, глухими. Их пристанищем будет Геенна. Как только она утихает, Мы добавляем им пламени.

අල්ලාහ් කවරෙකුහට යහමග වෙත ආශිර්වාද කරන්නේ ද සැබෑ ලෙසින් යහමග ලබන්නා ඔහුය. කවරෙකු ඔහු එයින් පහත් කොට නොමග යන්නට ඉඩ හැරියේ ද අහෝ දූතය! ඔවුන් වෙනුවෙන් ඔවුනට සත්ය වෙත මග පෙන්වන, හානියෙන් ඔවුන් වළක්වන, ඔවුනට සෙත සලසන භාරකරුවන් කිසිවෙකු නුඹ නොදකිනු ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ මුහුණු මත ආවරණය කරනු ලැබ කිසිවක් බැලිය නොහැකි, කිසිවක් කතා කළ නොහැකි, කිසිවකට සවන් දිය නොහැකි තත්ත්වයේ අපි ඔවුන් රැස් කරන්නෙමු. ඔවුන් යොමු වන ස්ථානය නිරයයි. එහි ගිනි දැල් පවතින සෑම කල්හිම ඔවුන් දැවී යාම අපි වැඩි කරන්නෙමු.

17:98Страница 292

ذَٰلِكَ جَزَآؤُهُم بِأَنَّهُمۡ كَفَرُواْ بِـَٔايَٰتِنَا وَقَالُوٓاْ أَءِذَا كُنَّا عِظَٰمٗا وَرُفَٰتًا أَءِنَّا لَمَبۡعُوثُونَ خَلۡقٗا جَدِيدًا ٩٨

Таково возмездие им за то, что они не уверовали в Наши знамения и говорили: «Неужели после того, как мы превратимся в прах и частички, мы будем воскрешены в новом творении?».

එය අපගේ දූතයාණන් හට පහළ කරනු ලැබූ අපගේ වදන් ඔවුන් ප්රතික්ෂේප කිරීම හේතුවෙන් ද, "අප මිය ගොස් අප දිරාපත් වූ අස්ථි බවට හා සුන්බුන් බවට පත් වූ විට ඉන්පසු අප නව මැවීමකින් යළි අවදි කරනු ලබන්නෙම්දැ?"යි විමසමින් නැවත නැගිටුවනු ලැබීම ගැන දුරස්භාවය ඇති කර ගනිමින් ඔවුන් කළ ප්රකාශය හේතුවෙන් ද ඔවුනට ප්රතිවිපාක වශයෙන් ඔවුන් මුහුණ දෙන දඬුවමයි.

17:99Страница 292

۞ أَوَلَمۡ يَرَوۡاْ أَنَّ ٱللَّهَ ٱلَّذِي خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ قَادِرٌ عَلَىٰٓ أَن يَخۡلُقَ مِثۡلَهُمۡ وَجَعَلَ لَهُمۡ أَجَلٗا لَّا رَيۡبَ فِيهِ فَأَبَى ٱلظَّٰلِمُونَ إِلَّا كُفُورٗا ٩٩

Неужели они не видят, что Аллах, сотворивший небеса и землю, способен создать подобных им? Он установил для них срок, в котором нет сомнения, но беззаконники отвергают все, кроме неверия.

සැබැවින්ම අහස් හා මහපොළොව යන අතිමහත් මැවීම් මැවූ අල්ලාහ් ඔවුන් නැවත මැවීමට බලය ඇත්තා බව මළවුන් කෙරෙන් නැවත නැගිටුවනු ලැබීම ප්රතික්ෂේප කරන මොවූහු නොදන්නෙහු ද? අති මහත් මැවීමක් මැවීමට ශක්තිය ඇත්තාට ඊට වඩා අඩු දෙයක් මැවීමට වඩාත් ශක්තිය ඇත්තාය. මෙලොවෙහි ඔවුන්ගේ ආයු කාලය නිමා කරවන නියමිත කාලයක් අල්ලාහ් ඔවුනට නියම කළේය. එමෙන්ම කිසිදු සැකයකින් තොරව ඔවුන් යළි අවදි කිරීම සඳහා ද නියමිත කාලයක් ඔවුන් වෙනුවෙන් නියම කර ඇත්තේය. යළි නැගිටුවීම පිළිබඳ සාධක එළිපිට තිබියදී එම සාධක පැහැදිළි ව තිබියදී දෙවියන්ට ආදේශ කරන්නන් යළි නැගිටුවීම තරයේ ප්රතික්ෂේප කරති.

17:100Страница 292

قُل لَّوۡ أَنتُمۡ تَمۡلِكُونَ خَزَآئِنَ رَحۡمَةِ رَبِّيٓ إِذٗا لَّأَمۡسَكۡتُمۡ خَشۡيَةَ ٱلۡإِنفَاقِۚ وَكَانَ ٱلۡإِنسَٰنُ قَتُورٗا ١٠٠

Скажи: «Если бы вы владели сокровищницами милости моего Господа, то все равно скупились бы из страха обеднеть, ибо человек скуп».

අහෝ දූතය! දෙවියන්ට ආදේශ තබන මොවුනට නුඹ මෙසේ පවසනු. ‘කිසිදා නිම නොවන, නැති නොවන මාගේ පරමාධිපතිගේ ආශිර්වාදයේ ගබඩාවන් නුඹලා සතුව තිබුණේ නම්, නුඹලා දිළිඳුභාවයට පත් නොවන සේ ඒවා රඳවා තබා ගනිමින් ඒවා අහිමි වීමට බියෙන් ඒවා වියදම් කිරීමෙන් නුඹලා වැළකී සිටිනු ඇත. දේවත්වය විශ්වාස කරන්නෙකු වී නම් මිස සැබැවින්ම මිනිසා මසුරෙකු වීම ඔහුගේ ස්වභාවයයි. දෙවියන් විශ්වාස කරන්නා අල්ලාහ්ගේ කුසල් බලාපොරොත්තුවෙන් වියදම් කරනු ඇත.

17:101Страница 292

وَلَقَدۡ ءَاتَيۡنَا مُوسَىٰ تِسۡعَ ءَايَٰتِۭ بَيِّنَٰتٖۖ فَسۡـَٔلۡ بَنِيٓ إِسۡرَٰٓءِيلَ إِذۡ جَآءَهُمۡ فَقَالَ لَهُۥ فِرۡعَوۡنُ إِنِّي لَأَظُنُّكَ يَٰمُوسَىٰ مَسۡحُورٗا ١٠١

Мы даровали Мусе (Моисею) девять ясных знамений. Спроси сынов Исраила (Израиля) о том, как Муса (Моисей) пришел к ним, и Фараон сказал ему: «О Муса (Моисей)! Воистину, я полагаю, что ты околдован».

මූසාට සාක්ෂි වශයෙන් පැහැදිලි සාධක නවයක් සැබැවින්ම අපි ඔහුට පිරිනැමුවෙමු. එනම් සැරයටිය, අත, වසරවල්, බවභෝග හිඟවීම, මහා ජල ගැල්ම, පළගැටියන්, උකුණන්, ගෙම්බන් හා රුධිරය යනාදියයි. මෙම ප්රාතිහාර්යයන් තම මුතුන් මිත්තන් වෙත මූසා ගෙන ආ අවස්ථාව ගැන යුදෙව්වන්ගෙන් විමසා සිටිනු. එවිට ෆිර්අවුන් ඔහුට, "අහෝ මූසා! නුඹ ගෙන ආ දුර්ලභ දෑ හේතුවෙන් සැබැවින්ම ඔබ හූනියම් කරනු ලැබූ මිනිසෙකු ලෙස සිතමි." යැයි පැවසීය.

17:102Страница 292

قَالَ لَقَدۡ عَلِمۡتَ مَآ أَنزَلَ هَٰٓؤُلَآءِ إِلَّا رَبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ بَصَآئِرَ وَإِنِّي لَأَظُنُّكَ يَٰفِرۡعَوۡنُ مَثۡبُورٗا ١٠٢

Муса (Моисей) сказал: «Ты уже знаешь, что не кто иной, а только Господь небес и земли ниспослал их в качестве наглядных знамений. О Фараон! Я полагаю, что тебя постигнет погибель».

මූසා ඔහුට පිළිතුරු වශයෙන්, "අහෝ ෆිර්අවුන්! සැබැවින්ම මෙම ප්රාතිහාර්යයන් පහළ කළේ අහස්හි හා මහපොළොවේ පරමාධිපති වන අල්ලාහ් මිස වෙනත් කිසිවකු නොවන බව නුඹ තරයේම දන්නෙහිය. ඔහු ඒවා ඔහුගේ බලය හා ඔහුගේ දූතයාණන්ගේ සත්යතාව පෙන්වා දෙන සාධක ලෙස පහළ කර ඇත. එනමුත් නුඹ එය ප්රතික්ෂේප කරන්නෙහිය. අහෝ ෆිර්අවුන්! සැබැවින්ම නුඹ විනාශ වී යන පරාජිතයෙකු බව සැබැවින්ම මම දනිමි." යැයි පැවසීය.

17:103Страница 292

فَأَرَادَ أَن يَسۡتَفِزَّهُم مِّنَ ٱلۡأَرۡضِ فَأَغۡرَقۡنَٰهُ وَمَن مَّعَهُۥ جَمِيعٗا ١٠٣

Фараону хотелось вытеснить их с земли, но Мы потопили его и всех, кто был с ним.

එහෙයින් මූසා හා ඔහුගේ ජනයා මිසර දේශයෙන් (ඊජිප්තුවෙන්) පිටුවහල් කිරීමෙන් ඔවුනට දඬුවම් දෙන්නට ෆිර්අවුන් අපේක්ෂා කළේය. එවිට අපි ඔහු හා ඔහු සමග වූ සේනාවේ සියලු දෙනා ජලයේ ගිල්වා විනාශ කළෙමු.

17:104Страница 292

وَقُلۡنَا مِنۢ بَعۡدِهِۦ لِبَنِيٓ إِسۡرَٰٓءِيلَ ٱسۡكُنُواْ ٱلۡأَرۡضَ فَإِذَا جَآءَ وَعۡدُ ٱلۡأٓخِرَةِ جِئۡنَا بِكُمۡ لَفِيفٗا ١٠٤

После этого Мы сказали сынам Исраила (Израиля): «Живите на этой земле. А когда исполнится последнее обещание, Мы соберем вас всех вместе».

ෆිර්අවුන් හා ඔහුගේ සේනාව විනාශ කිරීමෙන් පසු ව ඉස්රාඊල් දරුවන්හට අපි, "ෂාම් දේශයේ (සිරියාවේ) පදිංචි වනු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය උදා වන විට නුඹලා සියලු දෙනා විනිශ්චය සඳහා එක්රැස් කරනු ලබන පිටියට ගෙන එන්නෙමු." යැයි පැවසුවෙමු.

17:105Страница 293

وَبِٱلۡحَقِّ أَنزَلۡنَٰهُ وَبِٱلۡحَقِّ نَزَلَۗ وَمَآ أَرۡسَلۡنَٰكَ إِلَّا مُبَشِّرٗا وَنَذِيرٗا ١٠٥

Мы ниспослали его (Коран) с истиной, и он сошел с истиной, а тебя Мы послали только добрым вестником и предостерегающим увещевателем.

සත්යයෙන් යුතු ව මෙම අල් කුර්ආනය අපි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පහළ කළෙමු. සත්යයෙන් යුතු ව කිසිදු වෙනස් කිරීමකින් හෝ විකෘති කිරීමකින් තොර ව එය ඔහු වෙත පහළ විය. අහෝ දූතය! දෙවියන් පිළිබඳ බියෙන් පසුවන්නන්හට ස්වර්ගය පිළිබඳ ශුභාරංචි දන්වන්නෙකු වශයෙන් හා දෙවියන් ප්රතික්ෂේප කරන හා පිටුපාන ජනයාට නිරය පිළිබඳ බිය ගන්වන්නෙකු වශයෙන් මිස අපි නුඹ ව දූතයෙකු ලෙස නොඑව්වෙමු.

17:106Страница 293

وَقُرۡءَانٗا فَرَقۡنَٰهُ لِتَقۡرَأَهُۥ عَلَى ٱلنَّاسِ عَلَىٰ مُكۡثٖ وَنَزَّلۡنَٰهُ تَنزِيلٗا ١٠٦

Мы разделили Коран для того, чтобы ты читал его людям не спеша. Мы ниспослали его частями.

අපි ඔහුට අල් කුර්ආනය පහළ කොට පැහැදිළි කළෙමු. එය කියවීමේදී ඉතා පහසුවෙන් හා හික්මීමෙන් ජනයා අතර ඔහු එය පාරායනය කිරීමේ යහපත් බලාපොරොත්තුවෙන් අපි ඔහුට එය විස්තර කර දුනිමු. සැබැවින්ම එසේ පාරායනය කිරීම වටහා ගන්නටත් පරිශීලනය කරන්නටත් වඩාත් යහපත් වන්නේය. එමෙන්ම තත්ත්වයන් හා සිදුවීම්වලට අනුව කොටස් වශයෙන් වෙන් වෙන්ව අපි එය පහළ කළෙමු.

17:107Страница 293

قُلۡ ءَامِنُواْ بِهِۦٓ أَوۡ لَا تُؤۡمِنُوٓاْۚ إِنَّ ٱلَّذِينَ أُوتُواْ ٱلۡعِلۡمَ مِن قَبۡلِهِۦٓ إِذَا يُتۡلَىٰ عَلَيۡهِمۡ يَخِرُّونَۤ لِلۡأَذۡقَانِۤ سُجَّدٗاۤ ١٠٧

Скажи: «Веруйте в него (Коран) или не веруйте! Воистину, когда его читают тем, кому прежде было даровано знание, они падают ниц, касаясь земли своими подбородками.

අහෝ දූතය! නුඹ ඔවුනට මෙසේ පවසනු, "නුඹලා එය විශ්වාස කරනු. නුඹලාගේ දේව විශ්වාසය එය කිසිවක් වැඩි කරන්නේ නැත. එසේ නැතහොත් එය විශ්වාස නොකරනු. නුඹලාගේ දේව ප්රතික්ෂේපය එය කිසිවක් අඩු කරන්නේ ද නැත. සැබැවින්ම පෙර පහළ වූ දිව්යමය ග්රන්ථ කියවා දේව පණිවිඩ හා දූතත්වය පිළිබඳ වටහා ගත් අය වනාහි, ඔවුනට අල් කුර්ආනය කියවනු ලැබූ විට අල්ලාහ්ට කෘතවේදීව සිරිස නමමින් ඔවුන්ගේ මුහුණු මත ඇද වැටී සජදා කළහ.

17:108Страница 293

وَيَقُولُونَ سُبۡحَٰنَ رَبِّنَآ إِن كَانَ وَعۡدُ رَبِّنَا لَمَفۡعُولٗا ١٠٨

Они говорят: «Хвала нашему Господу! Воистину, обещание нашего Господа непременно исполнится».

ඔවුන් සිරස නමන අවස්ථාවේදී මෙසේ පවසති. "ප්රතිඥා කඩ කිරීමෙන් අපගේ පරමාධිපති සුවිශුද්ධ විය. මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ව එවන බවට කවර ප්රතිඥාවක් දී තිබුණේ ද එය සිදු ව ඇත. සැබැවින්ම ඒ ගැන වූ ප්රතිඥාව මෙන්ම අනෙකුත් ප්රතිඥාවන් ද කිසිදු සැකයකින් තොර ව සිදුවන්නේමය."

17:109Страница 293

وَيَخِرُّونَ لِلۡأَذۡقَانِ يَبۡكُونَ وَيَزِيدُهُمۡ خُشُوعٗا۩ ١٠٩

Они падают ниц, касаясь земли подбородками и рыдая. И это приумножает их смирение».

අල්ලාහ් ගැන බියෙන් හඬමින් ඔහුට සිරස නමන්නන් ලෙසින් ඔවුන්ගේ මුහුණ මත වැටෙති. අල්ලාහ්ට යටහත් පහත් ව හා ඔහුට භක්තිමත් ව අල් කුර්ආනයට සවන් දීම හා එහි ඇති අර්ථය පරිශීලනය කිරීම ඔවුනට එය වර්ධනය කරයි.

17:110Страница 293

قُلِ ٱدۡعُواْ ٱللَّهَ أَوِ ٱدۡعُواْ ٱلرَّحۡمَٰنَۖ أَيّٗا مَّا تَدۡعُواْ فَلَهُ ٱلۡأَسۡمَآءُ ٱلۡحُسۡنَىٰۚ وَلَا تَجۡهَرۡ بِصَلَاتِكَ وَلَا تُخَافِتۡ بِهَا وَٱبۡتَغِ بَيۡنَ ذَٰلِكَ سَبِيلٗا ١١٠

Скажи: «Призывайте Аллаха или призывайте Милостивого! Как бы вы ни призывали Его, у Него - самые прекрасные имена». Не совершай свой намаз громко и не совершай его шепотом, а выбери среднее между этим.

‘අහෝ දෙවිඳුනි! අහෝ කරුණාවන්තයාණනි!’යැයි පවසමින් නුඹ ප්රාර්ථනා කිරීම හෙළා දකින්නන්හට අහෝ දූතය! නුඹ මෙසේ පවසනු, අල්ලාහ් (දෙවියන්), අර්රහ්මාන් (කරුණාවන්තයාණන්) යන නාම පද දෙක ශුද්ධවන්තයාණන් සතු නම් දෙකකි. එහෙයින් ඒ දෙකින් කවර හෝ නාමයකින් හෝ ඔහුගේ අනෙකුත් අලංකාර නාම අතරින් කවර හෝ නාමයකින් හෝ අමතා ඔහුගෙන් ප්රාර්ථනා කරනු. නුඹේ සලාතයේදී අල් කුර්ආනය උස් හඩින් පාරායනය නොකරනු. එවිට දෙවියන්ට ආදේශ තබන්නෝ නුඹට සවන් දෙති. එමෙන්ම එය පහත් හඬින් ද පාරායනය නොකරනු. එවිට දේවත්වය විශ්වාස කරන්නන් එයට සවන් දිය නොහැකි වන්නේය. මේ කරුණු දෙකින් මධ්යස්ත පිළිවෙතක් සොයනු.

17:111Страница 293

وَقُلِ ٱلۡحَمۡدُ لِلَّهِ ٱلَّذِي لَمۡ يَتَّخِذۡ وَلَدٗا وَلَمۡ يَكُن لَّهُۥ شَرِيكٞ فِي ٱلۡمُلۡكِ وَلَمۡ يَكُن لَّهُۥ وَلِيّٞ مِّنَ ٱلذُّلِّۖ وَكَبِّرۡهُ تَكۡبِيرَۢا ١١١

Скажи: «Хвала Аллаху, Который не взял Себе сына, Который ни с кем не делит власть, Которому не нужен защитник от унижения». И возвеличивай Его величаво!

දරුවකු ගැනීමෙන් පිවිතුරු වූ හවුල් කරුවන් ගැනීමෙන් පිවිතුරු වූ සියලු වර්ගයේ ප්රශංසාවන්ට සුදුසුකම්ලාභී අල්ලාහ්ටම සියලු ප්රශංසා හිමිය. ඔහුගේ පාලනයේ ඔහුට කිසිදු හවුල් කරුවකු නැත. ඔහුට කිසිදු අවමානයක් හෝ අපහාසයක් හෝ ඇති වන්නේ නැත. ඔහුට උපකාර කරන, ඔහුට ගෞරවය කරන, ඔහුට අධික ලෙස ගරුබුහුමන් කරන, කිසිවකුගේ අවශ්යතාවක් ඔහුට නැත. එහෙයින් ඔහුගේ පාලනයේ ඔහුට දරුවකු හෝ හවුල්කරුවකු හෝ ඇතැයි ද උපකාර කරන කිසියම් උදව්කරුවකු ඇතැයි ද නුඹ ඔහු ට ආරෝපණය කර නොපවසනු.

Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии

Содержание

Аят аль-Курси36Аль-Кахфстр. 42джуз 15Бухари 1Муслим 2999

Вид

Тема
Размер текста
Вид

Read in English