Аль-Мухтасар · Тафсир · на сингальском
مريم
Марьям
Марьям · Мекканская · 98 аятов
(කාෆ්, හා, යා, අයින්, ස්වාද්.) සූරා බකරා ආරම්භයේදී මෙවැනි පාඨ පිළිබඳ විස්තර සඳහන් කර ඇත.
19:2Страница 305
ذِكۡرُ رَحۡمَتِ رَبِّكَ عَبۡدَهُۥ زَكَرِيَّآ ٢
Это является напоминанием о милости твоего Господа, оказанной Его рабу Закарии (Захарии).
මෙය නුඹේ පරමාධිපතිගේ ගැත්තෙකු වූ සකරිය්යා (අලයිහිස් සලාම්) තුමාණන්හට ඔහු දැක් වූ ආශිර්වාදයන් මෙනෙහි කිරීමකි. එමගින් පාඩම් ලැබිය හැකි පරිදි අපි එය නුඹ වෙත කතාවක් වශයෙන් ඉදිරිපත් කරන්නෙමු.
පිළිතුරු ලැබීම ඉතා සමීප අයුරින් පිහිටනු පිණිස සිහින් ප්රාර්ථනාවෙන් ඔහුගේ පරමාධිපතිට ප්රාර්ථනා කළ අවස්ථාව සිහියට නගනු.
19:4Страница 305
قَالَ رَبِّ إِنِّي وَهَنَ ٱلۡعَظۡمُ مِنِّي وَٱشۡتَعَلَ ٱلرَّأۡسُ شَيۡبٗا وَلَمۡ أَكُنۢ بِدُعَآئِكَ رَبِّ شَقِيّٗا ٤
и сказал: «Господи! Воистину, кости мои ослабели, а седина уже распространилась по моей голове. А ведь раньше благодаря молитвам к Тебе, Господи, я не был несчастен.
ඔහු, "අහෝ මාගේ පරමාධිපතියාණනි! සැබැවින්ම මාගේ අස්ථි දුර්වල වී ඇත. මාගේ හිසකෙස් පැහී ඇත. මා නුඹගෙන් ප්රාර්ථනා කර සිටියදී කිසිවිටෙක මා බලාපොරොත්තු සුන් කර ගත්තේ නැත. මා නුඹගෙන් ප්රාර්ථනා කළ සෑම විටම නුඹ මට පිළිතුරු දී ඇත" යැයි පැවසීය.
19:5–6Страница 305
وَإِنِّي خِفۡتُ ٱلۡمَوَٰلِيَ مِن وَرَآءِي وَكَانَتِ ٱمۡرَأَتِي عَاقِرٗا فَهَبۡ لِي مِن لَّدُنكَ وَلِيّٗا ٥
Я опасаюсь того, что натворят мои родственники после меня, потому что жена моя бесплодна. Даруй же мне от Тебя наследника,
يَرِثُنِي وَيَرِثُ مِنۡ ءَالِ يَعۡقُوبَۖ وَٱجۡعَلۡهُ رَبِّ رَضِيّٗا ٦
который наследует мне и семейству Йакуба (Иакова). И сделай его, Господи, угодником».
මාගේ සමීපතයින් මෙලොව කටයුතුවල කාර්යබහුලව සිටින බැවින් මාගේ මරණයෙන් පසු දහමේ වගකීම් ඔවුන් ඉටු නොකරනු ඇතැයි සැබැවින්ම මම බියවෙමි. එමෙන්ම මාගේ බිරිය දරුවන් ප්රසූත කළ නොහැකි වඳ කාන්තාවකි. එහෙයින් මට සහය වන දරුවෙකු ඔබ වෙතින් මාහට පිරිනමනු මැනව!
19:7Страница 305
يَٰزَكَرِيَّآ إِنَّا نُبَشِّرُكَ بِغُلَٰمٍ ٱسۡمُهُۥ يَحۡيَىٰ لَمۡ نَجۡعَل لَّهُۥ مِن قَبۡلُ سَمِيّٗا ٧
О Закария (Захария)! Воистину, Мы радуем тебя вестью о мальчике, имя которому Йахья (Иоанн). Мы не создавали прежде никого с таким именем (или никого подобного ему).
අල්ලාහ් ඔහුගේ ප්රාර්ථනාවට පිළිතුරු දී ඔහුට මෙසේ ආමන්ත්රණය කළේය. "අහෝ සකරිය්යා! සැබැවින්ම නුඹ සතුටට පත් වන දෑ අපි නුඹට දන්වන්නෙමු. නුඹේ ප්රාර්ථනාවට අපි පිළිතුරු දී ඇත්තෙමු. යහ්යා නම් දරුවෙකු අපි නුඹට පිරිනමමු. මීට පෙර වෙනත් කිසිවෙකුට මෙම නම අපි නොතැබුවෙමු."
19:8Страница 305
قَالَ رَبِّ أَنَّىٰ يَكُونُ لِي غُلَٰمٞ وَكَانَتِ ٱمۡرَأَتِي عَاقِرٗا وَقَدۡ بَلَغۡتُ مِنَ ٱلۡكِبَرِ عِتِيّٗا ٨
Он сказал: «Господи! Как может быть у меня мальчик, если моя жена бесплодна, а я уже достиг дряхлого возраста?».
අල්ලාහ්ගේ ශක්තිය පිළිබඳ පුදුමයට පත් ව සකරිය්යා, "සැබැවින්ම අස්ථි දුර්වල වූ වැඩිහිටි අවදියේ මා සිටියදී මාගේ බිරිය ද දරුවකු ප්රසූත කළ නොහැකි වඳ කාන්තාවක් ලෙස සිටියදී මට කෙසේ නම් දරුවකු වනු ඇත්දැ?" යි විමසීය.
19:9Страница 305
قَالَ كَذَٰلِكَ قَالَ رَبُّكَ هُوَ عَلَيَّ هَيِّنٞ وَقَدۡ خَلَقۡتُكَ مِن قَبۡلُ وَلَمۡ تَكُ شَيۡـٔٗا ٩
Он сказал: «Все так и будет! Господь твой сказал: «Это для Меня легко, ведь прежде Я сотворил тебя самого, хотя тебя вообще не было»».
සැබැවින්ම නුඹේ බිරිය දරුවන් ප්රසූත කරන තත්ත්වයේ නොසිටින බවත් සැබැවින්ම නුඹ අස්ථි දුර්වල වූ වයස්ගත අවසන් කාලයට ළඟා වී ඇති බවත් නුඹ පවසන කාරණාව සැබෑය. නමුත් නුඹේ පරමාධිපති, "වඳ මවකගෙන් හා අවසන් කාලය ළඟා වූ පියකුගෙන් යහ්යාව මැවීම නුඹේ පරමාධිපතිට පහසු කාර්යයකි. අහෝ සකරිය්යා මීට පෙර කිසිවක් නොමැති තත්ත්වයක සිට සැබැවින් මම නුඹව මවා ඇත්තෙමි" යැයි පවසා සිටියේය.
19:10Страница 305
قَالَ رَبِّ ٱجۡعَل لِّيٓ ءَايَةٗۖ قَالَ ءَايَتُكَ أَلَّا تُكَلِّمَ ٱلنَّاسَ ثَلَٰثَ لَيَالٖ سَوِيّٗا ١٠
Он сказал: «Господи! Назначь для меня знамение». Он сказал: «Знамением для тебя станет то, что ты не будешь говорить с людьми в течение трех ночей, будучи в полном здравии».
"මාගේ පරමාධිපතියාණනි! මා තැන්පත් වනු පිණිස මලක්වරුන් කවර ශුභාරංචියක් මාහට දන්වා සිටියේ ද එය සිදුවීම පෙන්වා දෙන සළකුණක් මා වෙත ඇති කරනු." යැයි සකරිය්යා පැවසුවේය. ඔහු, "කවර ශුභාරංචියක් නුඹට දන්වන ලද්දේ ද, එය ඇතිවීම පෙන්වා දෙන සළකුණ වනුයේ, කිසිදු හේතුවකින් තොර ව නුඹ මනා සෞඛ්යය තත්ත්වයෙන් සිටිය දී, රාත්රී තුනක් මිනිසුන් සමග කතා කිරීමට නුඹට නොහැකි වීමය" යැයි පැවසීය.
19:11Страница 305
فَخَرَجَ عَلَىٰ قَوۡمِهِۦ مِنَ ٱلۡمِحۡرَابِ فَأَوۡحَىٰٓ إِلَيۡهِمۡ أَن سَبِّحُواْ بُكۡرَةٗ وَعَشِيّٗا ١١
Он вышел из молельни к своему народу и дал им понять: «Воздавайте хвалу по утрам и перед закатом!».
සකරිය්යා නැමදුම් කළ ස්ථානයෙන් බැහැර ව, තම ජනයා වෙත පැමිණ ඔවුන් සමග කිසිවක් කතා නොකර නුඹලා දහවල ආරම්භයේ හා එහි අවසානයේ පිවිතුරු අල්ලාහ්ව සුවිශුද්ධ කරන මෙන් ඇඟවීය.
19:12Страница 306
يَٰيَحۡيَىٰ خُذِ ٱلۡكِتَٰبَ بِقُوَّةٖۖ وَءَاتَيۡنَٰهُ ٱلۡحُكۡمَ صَبِيّٗا ١٢
О Йахья (Иоанн)! Крепко держи Писание. Мы одарили его мудростью, пока он был еще ребенком,
ඔහු දාව යහ්යා උපත ලැබුවේය. ඔහු කතා කරන වයසට එළැඹුණු කළ අපි ඔහුට, "අහෝ යහ්යා! ඉතා උවමනාවෙන් හා උනන්දුවෙන් තව්රාතය ජීවිතයට ගනු" යැයි පැවසුවෙමු. තවද ඔහුගේ කුඩා අවදියේම අපි ඔහුට අවබෝධය, උනන්දුව හා ස්ථාවරත්වය පිරිනැමුවෙමු.
19:13Страница 306
وَحَنَانٗا مِّن لَّدُنَّا وَزَكَوٰةٗۖ وَكَانَ تَقِيّٗا ١٣
а также состраданием от Нас и чистотой. Он был богобоязнен,
අප වෙතින් වූ ආශිර්වාදයක් අපි ඔහුට ආශිර්වාද කළෙමු. ඔහුව අපි පාපකම්වලින් පිරිසිදු කළෙමු. ඔහු අල්ලාහ්ගේ නියෝග අනුව පාලනය කරන, ඔහු තහනම් කළ දැයින් වැළකී සිටින බැතිමත් අවංක අයකු විය.
19:14Страница 306
وَبَرَّۢا بِوَٰلِدَيۡهِ وَلَمۡ يَكُن جَبَّارًا عَصِيّٗا ١٤
почтителен к родителям и не был гордецом и ослушником.
ඔහු තම දෙමාපියන්ට ඇප උපස්ථාන කරන්නෙකු විය. ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් ඉතා කාරුණික විය. ඔවුන් දෙදෙනා සමග යහපත් අයුරින් කටයුතු කරන්නෙකු විය. ඔහුගේ පරමාධිපතිට අවනත වීමටත් ඔවුන් දෙදෙනාට කීකරු වීමටත් ඔහු උඬඟු නොවීය. ඔහුගේ පරමාධිපතිට හෝ ඔහුගේ දෙමාපියන්ට හෝ ඔහු පිටුපාන්නෙකු නොවීය.
19:15Страница 306
وَسَلَٰمٌ عَلَيۡهِ يَوۡمَ وُلِدَ وَيَوۡمَ يَمُوتُ وَيَوۡمَ يُبۡعَثُ حَيّٗا ١٥
Мир ему в тот день, когда он родился, в тот день, когда он скончался, и в тот день, когда он будет воскрешен к жизни!
ඔහු උපත ලැබූ දින ද, මිය යන දින ද මිය ගිය පසු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ජීවමානව ඔහුව යළි අවදි කරන දින ද අල්ලාහ්ගෙන් වූ ශාන්තිය හා ඔහුගෙන් වූ ආරක්ෂාව ඔහුට හිමිය. මෙම අවස්ථා තුන මිනිසෙකු තරණය කළ යුතු ඉතා බැරූරුම් අවස්ථාවන්ය. ඒ අවස්ථාවන්හි සුරක්ෂිත වූයේ නම් ඒ හැර අනෙක් විෂයයන්හි ඔහු කෙරෙහි බියක් නැත.
19:16Страница 306
وَٱذۡكُرۡ فِي ٱلۡكِتَٰبِ مَرۡيَمَ إِذِ ٱنتَبَذَتۡ مِنۡ أَهۡلِهَا مَكَانٗا شَرۡقِيّٗا ١٦
Помяни в Писании Марьям (Марию). Вот она ушла от своей семьи на восток
අහෝ දූතය! නුඹ වෙත පහළ කරන ලද අල් කුර්ආනයේ සඳහන් මර්යම් (අලයිහස් සලාම්) තුමිය, ඇයගේ පවුලෙන් ඈත් වී නැගෙනහිර දිශාවේ ස්ථානයකට වෙන්ව ගිය සිද්ධිය පිළිබඳ තොරතුරු මෙනෙහි කරනු.
19:17Страница 306
فَٱتَّخَذَتۡ مِن دُونِهِمۡ حِجَابٗا فَأَرۡسَلۡنَآ إِلَيۡهَا رُوحَنَا فَتَمَثَّلَ لَهَا بَشَرٗا سَوِيّٗا ١٧
и укрылась от них за завесой. Мы же послали к ней Нашего Духа (Джибрила), и он предстал перед ней в облике прекрасно сложенного человека.
ඇය තම පරමාධිපතිට ඉටු කරන නැමදුම් තත්ත්වයන් ඇයගේ ජනයාට නොපෙනෙන සේ ඔවුන්ගෙන් තොර ව ආවරණයක් ඇය වෙනුවෙන් සකසා ගත්තාය. එවිට අපි ඇය වෙත ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමාව අපි එව්වෙමු. පූර්ණවත් හැඩයෙන් යුත් මිනිසෙකුගේ හැඩරුවෙන් ඇය ඉදිරියේ ඔහු දිස්විය. ඇයට යම් හිංසාවක් කරනු ඇතැයි ඇය බිය වූවාය.
19:18Страница 306
قَالَتۡ إِنِّيٓ أَعُوذُ بِٱلرَّحۡمَٰنِ مِنكَ إِن كُنتَ تَقِيّٗا ١٨
Она сказала: «Я прибегаю к Милостивому, чтобы Он защитил меня от тебя, если только ты богобоязнен».
පූර්ණ මිනිසෙකුගේ හැඩයෙන් යුතු ව ඔහු ඇය වෙත ඉදිරියට එනු දුටු ඇය, "අහෝ! ඔබ අල්ලාහ්ට බැතිමත් අයකු නම් ඔහුට බියවනු. නුඹෙන් මට ඇත්විය හැකි හානියෙන් සැබැවින්ම මම ආරක්ෂාව මහාකාරුණිකයාණන් වෙත පතමි" යැයි පැවසුවාය.
19:19Страница 306
قَالَ إِنَّمَآ أَنَا۠ رَسُولُ رَبِّكِ لِأَهَبَ لَكِ غُلَٰمٗا زَكِيّٗا ١٩
Он сказал: «Воистину, я послан твоим Господом, чтобы даровать тебе чистого мальчика».
ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා, "මම මිනිසෙකු නොවෙමි. සැබැවින්ම නුඹට දැහැමි පිවිතුරු දරුවෙකු පරිත්යාග කිරීම (ගැන දන්වනු) සඳහා සැබැවින්ම මම නුඹගේ පරමාධිපති වෙතින් නුඹ වෙත එවනු ලැබූ දේව දූතයෙකු වෙමි"යැයි පැවසීය.
19:20Страница 306
قَالَتۡ أَنَّىٰ يَكُونُ لِي غُلَٰمٞ وَلَمۡ يَمۡسَسۡنِي بَشَرٞ وَلَمۡ أَكُ بَغِيّٗا ٢٠
Она сказала: «Как у меня может быть мальчик, если меня не касался мужчина, и я не была блудницей?».
මර්යම් තුමිය පුදුමයෙන් යුතු ව, "සහකරුවෙකු හෝ වෙනත් කිසිවෙකු හෝ මා වෙත ළංව නොසිටියදී මට දරුවකු ඇති වනුයේ කෙසේද? මට දරුවෙකු ඇති වන තරමට මම දුරාචාරයේ යෙදුණු කාන්තාවක් නොවූයෙමි" යැයි පැවසුවාය.
19:21Страница 306
قَالَ كَذَٰلِكِ قَالَ رَبُّكِ هُوَ عَلَيَّ هَيِّنٞۖ وَلِنَجۡعَلَهُۥٓ ءَايَةٗ لِّلنَّاسِ وَرَحۡمَةٗ مِّنَّاۚ وَكَانَ أَمۡرٗا مَّقۡضِيّٗا ٢١
Он сказал: «Вот так! Господь твой сказал: «Это для Меня легко. Мы сделаем его знамением для людей и милостью от Нас. Это дело уже предрешено!»»
ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා ඇයට, "සහකරුවෙකු හෝ වෙනත් කිසිවෙකු හෝ ඔබව ස්පර්ශ කර නොමැති බවත් ඔබ දුරාචාරයේ යෙදුණු කාන්තාවක් නොවන බවත් ඔබ සඳහන් කළ පරිදි එය එසේමය. නමුත් නුඹේ පරමාධිපතියාණන්: ‘පියෙකු තොරව දරුවකු මැවීම මා වෙත පහසු කාර්යයක්' යැයි පවසා සිටියි. ඔබට ත්යාග වශයෙන් පිරිනමනු ලබන දරුවා අල්ලාහ්ගේ ශක්තිය මිනිසුනට පෙන්වා දෙන සළකුණක් වන්නේය. එමෙන්ම අප වෙතින් නුඹට හා ඔහුව විශ්වාස කරන ජනයාට පිරිනමන ආශිර්වාදයකි. නුඹට දරුවකු බිහිවීම ගැන අල්ලාහ් විසින් නියම කරන ලද ‘ලව්හුල් මහ්ෆූල්’ නම් ආරක්ෂිත පුවරුවේ ලියන ලද අල්ලාහ්ගේ තීන්දුව විය පැවසුවේය.
19:22Страница 306
۞ فَحَمَلَتۡهُ فَٱنتَبَذَتۡ بِهِۦ مَكَانٗا قَصِيّٗا ٢٢
Она понесла его (забеременела) и отправилась с ним в отдаленное место.
මලක්වරයා ඇය මත පිඹීමෙන් පසුව ඇය එය උසුලාගෙන මිනිසුන්ගෙන් ඈත් වූ දුර තැනකට වෙන් ව ගියාය.
19:23Страница 306
فَأَجَآءَهَا ٱلۡمَخَاضُ إِلَىٰ جِذۡعِ ٱلنَّخۡلَةِ قَالَتۡ يَٰلَيۡتَنِي مِتُّ قَبۡلَ هَٰذَا وَكُنتُ نَسۡيٗا مَّنسِيّٗا ٢٣
Родовые схватки привели ее к стволу финиковой пальмы, и она сказала: «Лучше бы я умерла до этого и была навсегда забытой!».
විලිරුදාව ඇයට අත්විය. ඉඳි ගසක කඳක් වෙත ඇය ව යොමු කළේය. මර්යම් (අලයිහිස් සලාම්) තුමිය, "මෙදිනට පෙර මා මිය යා යුතු නොවේද! මට නපුරක් නොවනු ඇතැයි නොසිතන තරමට මෙනෙහි නොකරන ලද්දක් බවට මා පත්විය යුතු නොවේදැ?"යි පැවසුවාය.
19:24Страница 306
فَنَادَىٰهَا مِن تَحۡتِهَآ أَلَّا تَحۡزَنِي قَدۡ جَعَلَ رَبُّكِ تَحۡتَكِ سَرِيّٗا ٢٤
Тогда он (Иса или Джибрил) воззвал к ней из-под нее: «Не печалься! Господь твой создал под тобой ручей.
ඇයගේ පාද දෙක යටින් ඊසා (අලයිහිස් සලාම්) තුමා ඇය ව අමතා, "ඔබ දුක් නොවනු. ඔබ ජලය පානය කිරීම සඳහා දිය උල්පතක් ඔබට පහළින් ඔබේ පරමාධිපති ඇති කළේය." යැයි පැවසීය.
19:25Страница 306
وَهُزِّيٓ إِلَيۡكِ بِجِذۡعِ ٱلنَّخۡلَةِ تُسَٰقِطۡ عَلَيۡكِ رُطَبٗا جَنِيّٗا ٢٥
Потряси на себя ствол пальмы, и на тебя попадают свежие финики.
"ඔබ ඉඳි ගස් කඳ අල්ලාගෙන සොලවනු. ඒ මෙහොතේම නෙළන ලද නැවුම් ඉඳි නුඹ මත වැටෙනු ඇත."
19:26Страница 307
فَكُلِي وَٱشۡرَبِي وَقَرِّي عَيۡنٗاۖ فَإِمَّا تَرَيِنَّ مِنَ ٱلۡبَشَرِ أَحَدٗا فَقُولِيٓ إِنِّي نَذَرۡتُ لِلرَّحۡمَٰنِ صَوۡمٗا فَلَنۡ أُكَلِّمَ ٱلۡيَوۡمَ إِنسِيّٗا ٢٦
Ешь, пей и радуйся! Если же увидишь кого-либо из людей, то скажи: «Я дала Милостивому обет хранить молчание и не стану сегодня разговаривать с людьми»».
නුඹ පිරිසිදු නැවුම් දෙයින් අනුභව කරනු. මෙම ජලයෙන් පානය කරනු. නුඹට ඉපදුණු දරුවා පිළිබඳ සතුටු වනු. නුඹ දුක් නොවනු. ජනයා අතරින් කිසිවෙකුව නුඹ දැක ඉපදුණු දරුවා පිළිබඳ නුඹෙන් අසා සිටියේ නම් නුඹ ඔහුට: ‘කතා කිරීමෙන් නිහඬ වීමට මම මාගේ පරමාධිපති ට බැඳී සිටිමි. එබැවින් අද දින මිනිසුන් අතරින් කිසිවෙකු සමග මම කතා නොකරමි’ යැයි (සංඥාවෙන් දන්වනු) පවසනු.
19:27Страница 307
فَأَتَتۡ بِهِۦ قَوۡمَهَا تَحۡمِلُهُۥۖ قَالُواْ يَٰمَرۡيَمُ لَقَدۡ جِئۡتِ شَيۡـٔٗا فَرِيّٗا ٢٧
Она пришла к своим родным, неся его. Они сказали: «О Марьям (Мария)! Ты совершила тяжкий (или небывалый, или удивительный) проступок.
මර්යම් ඇයගේ දරුවා උසුලාගෙන ඇයගේ සමූහයා වෙත පැමිණියාය. එවිට ඇයගේ සමූහයා ඇය හෙළා දකිමින්, "අහෝ මර්යම්! පියකු නොමැති දරුවකු ගෙනැවින් සැබැවින් ඔබ බරපතළ කරුණක් සිදු කර ඇත්තාය" යැයි පැවසීය.
19:28Страница 307
يَٰٓأُخۡتَ هَٰرُونَ مَا كَانَ أَبُوكِ ٱمۡرَأَ سَوۡءٖ وَمَا كَانَتۡ أُمُّكِ بَغِيّٗا ٢٨
О сестра Харуна (Аарона)! Твой отец не был скверным человеком, и мать твоя не была блудницей».
"අහෝ නැමදුමෙහි හාරූන්ට සමාන තැනැත්තියනි!" (ඔහු දැහැමි මිනිසෙකු විය.) නුඹේ පියාණන් සල්ලාලයෙකු නොවීය. නුඹේ මව ද දුරාචාරයේ යෙදුනු කාන්තාවක් නොවීය. ඔබත් දැහැමි කටයුතු කරන පිවිතුරු නිවැසියන් අතර කෙනෙකි. එසේනම්, පියකු නොමැති ව දරුවෙකු නුඹ ගෙන එනුයේ කෙසේද?
19:29Страница 307
فَأَشَارَتۡ إِلَيۡهِۖ قَالُواْ كَيۡفَ نُكَلِّمُ مَن كَانَ فِي ٱلۡمَهۡدِ صَبِيّٗا ٢٩
Она показала на него, и они сказали: «Как мы можем говорить с младенцем в колыбели?».
එවිට ඇය ඇයගේ පුත් ඊසා (අලයිහිස් සලාම්) තුමා ව පෙන්වීය. ඔහු තොටිල්ලෙහි විය. එවිට ඇයගේ සමූහයා පුදුමයෙන් යුතුව: "දරුවා තොටිල්ලෙහි සිටියදී අප ඔහු සමග කතා කළ හැක්කේ කෙසේදැ?"යි විමසා සිටියෝය.
19:30Страница 307
قَالَ إِنِّي عَبۡدُ ٱللَّهِ ءَاتَىٰنِيَ ٱلۡكِتَٰبَ وَجَعَلَنِي نَبِيّٗا ٣٠
Он сказал: «Воистину, я - раб Аллаха. Он даровал мне Писание и сделал меня пророком.
ඊසා (අලයිහිස් සලාම්) තුමා, "සැබැවින්ම මම අල්ලාහ්ගේ ගැත්තෙකු වෙමි. මා වෙත ඔහු ඉන්ජීලය පිරිනමා ඇත. එමෙන්ම ඔහුගේ නබිවරුන් අතරින් නබිවරයකු ලෙස ඔහු මා පත් කර ඇත." යැයි පැවසීය.
19:31Страница 307
وَجَعَلَنِي مُبَارَكًا أَيۡنَ مَا كُنتُ وَأَوۡصَٰنِي بِٱلصَّلَوٰةِ وَٱلزَّكَوٰةِ مَا دُمۡتُ حَيّٗا ٣١
Он сделал меня благословенным, где бы я ни был, и заповедал мне совершать намаз и раздавать закят, пока я буду жив.
"මා කොතැනක සිටිය ද, ගැත්තන්හට අධික ලෙස සෙත සලසන්නෙකු බවට ඔහු මා පත් කර ඇත. එමෙන්ම මාගේ ජීවිතාන්තය දක්වාම සලාතය ඉටු කරන මෙන් ද සකාත් පිරිනමන මෙන් ද ඔහු මට නියෝග කර ඇත."
19:32Страница 307
وَبَرَّۢا بِوَٰلِدَتِي وَلَمۡ يَجۡعَلۡنِي جَبَّارٗا شَقِيّٗا ٣٢
Он сделал меня почтительным к моей матери и не сделал меня надменным и несчастным.
තවද මාගේ මවට ඇප උපස්ථාන කරන්නෙකු ලෙස ද ඔහු මා පත් කර ඇත. මාගේ පරමාධිපතිට අවනත වීමෙන් අහංකාරයකු ලෙස හෝ ඔහුට පාපකම් සිදු කරන්නෙකු ලෙස හෝ ඔහු මා පත් කර නැත.
19:33Страница 307
وَٱلسَّلَٰمُ عَلَيَّ يَوۡمَ وُلِدتُّ وَيَوۡمَ أَمُوتُ وَيَوۡمَ أُبۡعَثُ حَيّٗا ٣٣
Мир мне в тот день, когда я родился, в тот день, когда я скончаюсь, и в тот день, когда я буду воскрешен к жизни».
මා උපන් දිනයේත් මා මිය යන දිනයේදීත් මා යළිත් ජීමානව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේත් ෂෙයිතාන් හා ඔහුගේ උදව්කරුවන්ගෙන් ආරක්ෂාව මා වෙත විය. මේ විශේෂිත සංසිද්ධීන් තුනෙහිම ෂෙයිතාන් මා ස්පර්ශ කළේ නැත.
19:34Страница 307
ذَٰلِكَ عِيسَى ٱبۡنُ مَرۡيَمَۖ قَوۡلَ ٱلۡحَقِّ ٱلَّذِي فِيهِ يَمۡتَرُونَ ٣٤
Таков Иса (Иисус), сын Марьям (Марьям)! Слово Истины, относительно которого они препираются.
මෙම ගුණාංග වලින් වර්ණනා කරනු ලැබූ දැහැමියා මර්යම්ගේ පුත් ඊසාය. මෙම ප්රකාශය එතුමා සම්බන්ධයෙන් වූ සත්යය ප්රකාශයකි. මෙය ඔහු සම්බන්ධයෙන් සැක කරන, මතභේද ඇති කරන, නොමඟ ගියවුන් පවසන ප්රකාශයක් නොවේ.
19:35Страница 307
مَا كَانَ لِلَّهِ أَن يَتَّخِذَ مِن وَلَدٖۖ سُبۡحَٰنَهُۥٓۚ إِذَا قَضَىٰٓ أَمۡرٗا فَإِنَّمَا يَقُولُ لَهُۥ كُن فَيَكُونُ ٣٥
Не подобает Аллаху иметь сына. Пречист Он! Когда Он принимает решение, то стоит Ему сказать: «Будь!». - как это сбывается.
කිසිදු දරුවෙකු ගැනීමේ අවශ්යතාවක් අල්ලාහ්ට නොවීය. ඔහු එයින් පිවිතුරුය. සුවි ශුද්ධය. ඔහු යම් කටයුත්තක් සිතූ විට, ශුද්ධවන්තයාණන් වන ඔහු එම කරුණට ‘කුන්’ - වනු යැය පැවසීම ප්රමාණවත්ය. එවිට කිසිදු සැකයකින් තොරව එය සිදුවන්නේය. එසේ කටයුතු කරන්නා දරුවන්ගෙන් තොර පිවිතුරු වූවෙකි.
19:36Страница 307
وَإِنَّ ٱللَّهَ رَبِّي وَرَبُّكُمۡ فَٱعۡبُدُوهُۚ هَٰذَا صِرَٰطٞ مُّسۡتَقِيمٞ ٣٦
Иса (Иисус) сказал: «Воистину, Аллах - мой Господь и ваш Господь. Поклоняйтесь же Ему. Это и есть прямой путь».
"සැබැවින්ම සුවිශුද්ධ අල්ලාහ් මාගේ පරමාධිපතිය. නුඹලා සියල්ලන්ගේ පරමාධිපතිය. එහෙයින් ඔහුට පමණක් අවංකව නැමදුම් ඉටු කරනු. නුඹලාට මෙනෙහි කරන ලද මෙය අල්ලාහ්ගේ තෘප්තිය වෙත ළඟා කරවන ඍජු මාර්ගයයි." (යැයි ඊසා පැවසීය)
19:37Страница 307
فَٱخۡتَلَفَ ٱلۡأَحۡزَابُ مِنۢ بَيۡنِهِمۡۖ فَوَيۡلٞ لِّلَّذِينَ كَفَرُواْ مِن مَّشۡهَدِ يَوۡمٍ عَظِيمٍ ٣٧
Но секты разошлись во мнениях между собой. Горе же неверующим, которые встретят Великий день!
ඊසා (අලයිහිස් සලාම්) තුමාගේ කරුණ සම්බන්ධයෙන් මතභේද ඇති කර ගත්තවුන් මතභේද ඇතිකර ගත්තෝය. එහෙයින් ඔහුගේ ප්රජාව අතර විවිධ කණ්ඩායම් බිහි වූහ. ඒ අනුව ඔවුන්ගෙන් ඇතැමෙකු ඔහුව විශ්වාස කොට, "ඔහු දහම් දූතයෙකි." යැයි පැවසූහ. ඔහු සම්බන්ධයෙන් ඇතැම් පිරිස් අතිශයෝක්තියෙන් "ඔහුය අල්ලාහ්" යැයි පැවසුවාක් මෙන්ම, යුදෙව්වන් ඔහුව ප්රතික්ෂේප කළෝය. තවත් පිරිසක් "ඔහු අල්ලාහ්ගේ පුත්රයා" යැයි පැවසූහ. ඒවායින් අල්ලාහ් උත්තරීතරය. ඔහු විෂයයෙහි මෙසේ මත ගැටුම් ඇති කර ගත්තවුනට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන අතිමහත් දිනයේ ඇති දර්ශන, විනිශ්චය හා දඬුවම දැකීමෙන් විනාශයක්ම වන්නේය.
19:38Страница 307
أَسۡمِعۡ بِهِمۡ وَأَبۡصِرۡ يَوۡمَ يَأۡتُونَنَا لَٰكِنِ ٱلظَّٰلِمُونَ ٱلۡيَوۡمَ فِي ضَلَٰلٖ مُّبِينٖ ٣٨
Как же ясно они будут слышать и видеть в тот день, когда они явятся к Нам! Но сегодня беззаконники пребывают в очевидном заблуждении.
සවන් දීම ඔවුනට ප්රයෝජනවත් නොවන පරිදි සවන් දුන් ඔවුන්ගේ ශ්රවණය ද, දැකීම ඔවුනට ප්රයෝජනවත් නොවන පරිදි බැලු ඔවුන්ගේ බැල්ම ද පුදුමසහගතය. කෙසේ වෙතත් අපරාධකරුවෝ මෙලොවෙහි ඍජු මාර්ගයෙන් දුරස්ව පැහැදිළි නොමගෙහි පසුවූවෝය. ඔවුන් අපරාධකරමින් සිටියදී ඔවුන් වෙත එකවර පැමිණෙන මතුලොව සඳහා ඔවුහු සූදානම් නොවන්නෝය.
19:39Страница 308
وَأَنذِرۡهُمۡ يَوۡمَ ٱلۡحَسۡرَةِ إِذۡ قُضِيَ ٱلۡأَمۡرُ وَهُمۡ فِي غَفۡلَةٖ وَهُمۡ لَا يُؤۡمِنُونَ ٣٩
Предупреди их о Дне печали, когда решение уже будет принято. Но они проявляют беспечность и не веруют.
අහෝ දූතය! දුෂ්ඨයා ඔහුගේ දුෂ්ඨකම් මත පසුතැවෙන, දැහැමියා අවනතවීමෙහි වැඩි කාලයක් ගත නොකිරීම ගැන පසුතැවෙන එම පසුතැවීමේ දිනය ගැන ජනයාට අනතුරු අඟවනු. ගැත්තන්ගේ ලේඛන දිගු හරිනු ලැබ, ඔවුන්ගේ විනිශ්චය අවසන් වූ විට සියලු දෙනාම ඔහු ඉදිරිපත් කළ දෑ වෙතට පත් වෙති. ඔවුන් ඔවුන්ගේ මෙලොව ජීවිතයෙහි රවටනු ලැබූවන් වෙති. මතුලොව පිළිබඳ නොසැලකිල්ලෙන් පසුවෙති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය ගැන විශ්වාස නොකරති.
19:40Страница 308
إِنَّا نَحۡنُ نَرِثُ ٱلۡأَرۡضَ وَمَنۡ عَلَيۡهَا وَإِلَيۡنَا يُرۡجَعُونَ ٤٠
Воистину, Мы унаследуем землю и тех, кто на ней, и они вернутся к Нам!
මැවීම් විනාශ වී ගිය පසුව ඉතිරි වනුයේ අප පමණය. මහපොළොවේ උරුමය අප සතුය. ඒ මත විසූවන් ද විනාශ වී අප පමණක් ඉතිරිවන බැවින් ඒවා ද අප සතුය. අපි ඔවුනට ඒවා භාර කළෙමු. අපි අභිමත කරන පිරිදි ඔවුන් විශයෙහි කටයුතු කරන්නෙමු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය හා ප්රතිඵල සඳහා ඔවුන් නැවත හැරී පැමිණෙනුයේ අප වෙතමය.
19:41Страница 308
وَٱذۡكُرۡ فِي ٱلۡكِتَٰبِ إِبۡرَٰهِيمَۚ إِنَّهُۥ كَانَ صِدِّيقٗا نَّبِيًّا ٤١
Помяни в Писании Ибрахима (Авраама). Он был правдивейшим человеком и пророком.
අහෝ දූතය! නුඹ වෙත පහළ කරනු ලැබූ අල් කුර්ආනයේ ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමා පිළිබඳ සඳහන් තොරතුරු මෙනෙහි කර බලනු. සැබැවින්ම ඔහු වඩාත් සත්යවාදියෙකු හා අල්ලාහ්ගේ වදන් තහවුරු කරන්නෙකු විය. එමෙන්ම අල්ලාහ් වෙතින් වූ නබිවරයකු ද විය.
19:42Страница 308
إِذۡ قَالَ لِأَبِيهِ يَٰٓأَبَتِ لِمَ تَعۡبُدُ مَا لَا يَسۡمَعُ وَلَا يُبۡصِرُ وَلَا يُغۡنِي عَنكَ شَيۡـٔٗا ٤٢
Вот он сказал своему отцу: «Отец мой! Почему ты поклоняешься тому, что не слышит и не видит и не принесет тебе никакого избавления?
ඔහු ඔහුගේ පියා ආසර්ගෙන්, "ඔබ ඇරයුම් කර සිටිය ද ඔබේ ඇරයුමට සවන් නොදෙන, ඔබ ගැතිකම් කළ ද ඔබේ නැමදුම බලා නොසිටින, ඔබට ඇතිවන උවදුරු ඔබෙන් ඉවත් නොකරන, ඔබට කිසිදු ප්රයෝජනයක් ගෙන නොදෙන පිළිමයකට ඔබ වැඳුම් පිඳුම් කරනුයේ ඇයි දැ?"යි විමසීය.
19:43Страница 308
يَٰٓأَبَتِ إِنِّي قَدۡ جَآءَنِي مِنَ ٱلۡعِلۡمِ مَا لَمۡ يَأۡتِكَ فَٱتَّبِعۡنِيٓ أَهۡدِكَ صِرَٰطٗا سَوِيّٗا ٤٣
Отец мой! Мне открылось знание, которое не было открыто тебе. Последуй же за мной, и я поведу тебя верным путем.
"මාගේ පියාණනි, ඔබ වෙත නොපැමිණි දේව පණිවිඩ මඟින් සැබැවින්ම මා වෙත ඥානය පැමිණ ඇත. එහෙයින් ඔබ මා අනුගමනය කරන්න. මම ඔබට ඍජු මාර්ගය වෙත මඟ පෙන්වමි."
19:44Страница 308
يَٰٓأَبَتِ لَا تَعۡبُدِ ٱلشَّيۡطَٰنَۖ إِنَّ ٱلشَّيۡطَٰنَ كَانَ لِلرَّحۡمَٰنِ عَصِيّٗا ٤٤
Отец мой! Не поклоняйся дьяволу, поскольку он ослушался Милостивого.
"අහෝ මාගේ පියාණනි! ෂෙයිතාන්ට අවනත වී ඔහුට ගැතිකම් නොකරනු. සැබැවින්ම ෂෙයිතාන් වනාහි, මහා කරුණාන්විතයාණන් ආදම්ට සුජූද් කරන මෙන් ඔහුට නියෝග කළ විට ඔහු සුජූද් නොකිරීම හේතුවෙන් රහ්මාන්ට පිටුපාන්නෙකු විය."
19:45Страница 308
يَٰٓأَبَتِ إِنِّيٓ أَخَافُ أَن يَمَسَّكَ عَذَابٞ مِّنَ ٱلرَّحۡمَٰنِ فَتَكُونَ لِلشَّيۡطَٰنِ وَلِيّٗا ٤٥
Отец мой! Я боюсь, что тебя постигнет наказание от Милостивого и что ты станешь помощником дьявола.
මාගේ පියාණනි! ඔබ දේවත්වය ප්රතික්ෂේප කරන තත්ත්වය මතම මිය යැදුණේ නම් මහාකාරුණිකයාණන්ගෙන් වූ දඬවමක් ඔබට අත්වීම ගැන සැබැවින්ම මම බිය වෙමි. එවිට ඔබ ඔහු සමග සමීපයෙන් කටයුතු කළ බැවින් දඬුවම් ලැබීමෙහි ඔබ ෂෙයිතාන්ට සමීපතයෙකු බවට පත් වන්නෙහිය."
19:46Страница 308
قَالَ أَرَاغِبٌ أَنتَ عَنۡ ءَالِهَتِي يَٰٓإِبۡرَٰهِيمُۖ لَئِن لَّمۡ تَنتَهِ لَأَرۡجُمَنَّكَۖ وَٱهۡجُرۡنِي مَلِيّٗا ٤٦
Он сказал: «Неужели ты отворачиваешься от моих богов, Ибрахим (Авраам)? Если ты не перестанешь, то я непременно побью тебя камнями. Оставь же меня надолго!».
ආසර් තම පුත් ඉබ්රාහීම්ට, "අහෝ ඉබ්රාහීම්! මා නමදින මාගේ පිළිමවලට නුඹ පිටු පාන්නෙහිද? මාගේ පිළිමවලට දොස් නැගීමෙන් නුඹ නොවැළකුනෙහි නම් සැබැවින්ම මම නුඹව ගල් ගසා මරා දමමි. නුඹ මා ළඟින් දීර්ඝ කාලයක් වෙන්ව යනු. මා සමග කතා නොකරනු. මා සමග එකතු නොවනු" යැයි පැවසීය.
19:47Страница 308
قَالَ سَلَٰمٌ عَلَيۡكَۖ سَأَسۡتَغۡفِرُ لَكَ رَبِّيٓۖ إِنَّهُۥ كَانَ بِي حَفِيّٗا ٤٧
Он сказал: «Мир тебе! Я буду просить моего Господа простить тебя. Воистину, Он снисходителен ко мне.
ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමා තම පියාණන්ට, "මා ඔබට ශාන්තිය පතමි. මා ගැන ඔබ පිළිකුල් කරන කිසිවක් ඔබ ලබන්නේ නැත. ඔබ වෙනුවෙන් පාපක්ෂමාව හා යහමඟ මම මාගේ පරමාධිපතිගෙන් ඉල්ලා සිටිමි. සැබැවින්ම ඔහු සුවිශුද්ධය. ඔහු මා කෙරහි දායලුය." යැයි පැවසීය.
19:48Страница 308
وَأَعۡتَزِلُكُمۡ وَمَا تَدۡعُونَ مِن دُونِ ٱللَّهِ وَأَدۡعُواْ رَبِّي عَسَىٰٓ أَلَّآ أَكُونَ بِدُعَآءِ رَبِّي شَقِيّٗا ٤٨
Я удаляюсь от вас и от того, чему вы поклоняетесь помимо Аллаха, и обращаюсь с мольбой к моему Господу. Быть может, благодаря молитвам к моему Господу я не буду несчастен».
"මම නුඹලාගෙන් වෙන්වෙමි. එමෙන්ම අල්ලාහ් හැර දමා නුඹලා නමදිමින් සිටින නුඹලාගේ දෙවිවරුන්ගෙන් ද වෙන්වෙමි. මම මාගේ පරමාධිපති පමණක් ඇරයුම් කරමි. ඔහුට කිසිවක් ආදේශ නොකරමි. මම ඔහුට ඇරයුම් කර සිටින විට එම ප්රාර්ථනාව තුළින් දුර්භාග්යයකු වීමෙන් මා වළක්වා ගතහැකි වන්නේය."
19:49Страница 308
فَلَمَّا ٱعۡتَزَلَهُمۡ وَمَا يَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ وَهَبۡنَا لَهُۥٓ إِسۡحَٰقَ وَيَعۡقُوبَۖ وَكُلّٗا جَعَلۡنَا نَبِيّٗا ٤٩
Когда он удалился от них и от того, чему они поклонялись помимо Аллаха, Мы даровали ему Исхака (Исаака) и Йакуба (Иакова). Каждого из них Мы сделали пророком.
ඔහු ඔවුන් හා අල්ලාහ් හැරදමා ඔවුන් නමදිමින් සිටි ඔවුන්ගේ දෙවිවරුන් අතහැර දැමූ කල්හි, ඔහුට ඔහුගේ පවුල අහිමි වීම වෙනුවට අපි ඔහුට ඉස්හාක් නම් පුතෙකු පිරිනැමුවෙමු. තවද ඔහුගේ මුණුපුරු යඃකූබ්ව ද අපි ඔහුට පිරිනැමුවෙමු. ඔවුන් දෙදෙනාගෙන් සෑම කෙනෙකුවම නබිවරයකු බවට පත් කළෙමු.
19:50Страница 308
وَوَهَبۡنَا لَهُم مِّن رَّحۡمَتِنَا وَجَعَلۡنَا لَهُمۡ لِسَانَ صِدۡقٍ عَلِيّٗا ٥٠
Мы одарили их из Нашей милости и оставили о них правдивую молву.
අපගේ ආශිර්වාදයෙන් අපි ඔවුනට නබිත්වය සමගම අධික යහපත ද පිරිනැමුවෙමු. ගැත්තන්ගේ මුවින් පැසසුමට ලක් කරන නිරන්තර යහපත් ප්රශංසාවක් අපි ඔවුනට ඇති කළෙමු.
19:51Страница 308
وَٱذۡكُرۡ فِي ٱلۡكِتَٰبِ مُوسَىٰٓۚ إِنَّهُۥ كَانَ مُخۡلَصٗا وَكَانَ رَسُولٗا نَّبِيّٗا ٥١
Помяни в Писании Мусу (Моисея). Воистину, он был избранником (или искренним) и был посланником и пророком.
අහෝ දූතය! නුඹ වෙත පහළ කරනු ලැබූ අල් කුර්ආනයේ මූසා (අලයිහිස් සලාම්) පිළිබඳ සඳහන් තොරතුරු මෙනෙහි කර බලනු. සැබැවින්ම ඔහු තෝරා ගනු විශේෂිතයෙකු විය. එමෙන්ම නබිවරයකු මෙන්ම දූතයෙකු ද විය.
19:52Страница 309
وَنَٰدَيۡنَٰهُ مِن جَانِبِ ٱلطُّورِ ٱلۡأَيۡمَنِ وَقَرَّبۡنَٰهُ نَجِيّٗا ٥٢
Мы подали ему глас с правой стороны горы и подозвали его поближе тихим голосом.
මූසා අලයිහිස් සලාම් තුමාගේ ස්ථානයට යාබද ව දකුණු දෙසින් පිහිටි කන්දක් දෙසින් අපි ඔහුව ඇමතුවෙමු. අල්ලාහ්ගේ කතාව ඔහුගේ සවනට වැකෙන පරිදි ඔහු සමග කතා කිරීමට අපි ඔහුව සමීප කළෙමු.
19:53Страница 309
وَوَهَبۡنَا لَهُۥ مِن رَّحۡمَتِنَآ أَخَاهُ هَٰرُونَ نَبِيّٗا ٥٣
По милости Своей Мы сделали для него его брата Харуна (Аарона) пророком.
අපගේ කරුණාවෙන් හා අප ඔහුට පිරිනැමූ ආශිර්වාදයෙන් ඔහුගේ සහෝදර හාරූන් අලයිහිස් සලාම් තුමා ව නබිවරයකු ලෙස අපි ඔහුට පිරිනැමුවෙමු. එය ඔහු ඔහුගේ පරමාධිපතිගෙන් ඒ ගැන විමසා සිටි අවස්ථාවේදී ඔහුගේ ප්රාර්ථනාවට පිළිතුරු වශයෙනි.
Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии