Аль-Мухтасар · Тафсир · на сингальском
Марьям 19:54–98
19:54Страница 309
وَٱذۡكُرۡ فِي ٱلۡكِتَٰبِ إِسۡمَٰعِيلَۚ إِنَّهُۥ كَانَ صَادِقَ ٱلۡوَعۡدِ وَكَانَ رَسُولٗا نَّبِيّٗا ٥٤
Помяни в Писании Исмаила (Измаила). Воистину, он был правдивым в обещаниях и был посланником и пророком.
අහෝ දූතය! නුඹ වෙත පහළ කරන ලද අල් කුර්ආනයේ ඉස්මාඊල් (අලයිහිස් සලාම්) තුමා පිළිබඳ සඳහන් තොරතුරු ද මෙනෙහි කර බලනු. සැබැවින්ම හෙතෙම ප්රතිඥාව තහවුරු කන්නෙකු විය. යම් කිසි ප්රතිඥාවක් දෙනු ලැබූ විට එය ඉටු කළේය. එමෙන්ම ඔහු නබිවරයකු මෙන්ම දූතයකු විය.
19:55Страница 309
وَكَانَ يَأۡمُرُ أَهۡلَهُۥ بِٱلصَّلَوٰةِ وَٱلزَّكَوٰةِ وَكَانَ عِندَ رَبِّهِۦ مَرۡضِيّٗا ٥٥
Он велел своей семье совершать намаз и выплачивать закят, а его Господь был доволен им.
සලාතය විධිමත්ව ඉටු කරන මෙන් ද සකාතය පිරිනමන මෙන් ද ඔහුගේ පවුලට ඔහු නියෝග කරන්නෙකු විය. එමෙන්ම ඔහු ඔහුගේ පරමාධිපති අබියස පිළිගැනීමට ලක්වූ අයකු විය.
19:56Страница 309
وَٱذۡكُرۡ فِي ٱلۡكِتَٰبِ إِدۡرِيسَۚ إِنَّهُۥ كَانَ صِدِّيقٗا نَّبِيّٗا ٥٦
Помяни в Писании Идриса. Воистину, он был правдивейшим человеком и пророком.
අහෝ දූතය! නුඹ වෙත පහළ කරනු ලැබූ අල් කුර්ආනයේ ඉදිරීස් (අලයිහිස් සලාම්) තුමා පිළිබඳ සඳහන් තොරතුරු මෙනෙහි කර බලනු. සැබැවින්ම ඔහු වඩාත් සත්යවාදියෙකු හා ඔහුගේ පරමාධිපතිගේ වදන් තහවුරු කරන්නෙකු විය. තවද, අල්ලාහ්ගේ නබිවරුන් අතරින් නබිවරයකු ද විය.
ඔහුට අපි නබිත්වය පිරිනැමීම තුළින් අපි ඔහුව මෙනෙහි කිරීම උසස් කළෙමු. එහෙයින් ඔහු උසස් නිලයක් ඇත්තෙකු විය.
19:58Страница 309
أُوْلَٰٓئِكَ ٱلَّذِينَ أَنۡعَمَ ٱللَّهُ عَلَيۡهِم مِّنَ ٱلنَّبِيِّـۧنَ مِن ذُرِّيَّةِ ءَادَمَ وَمِمَّنۡ حَمَلۡنَا مَعَ نُوحٖ وَمِن ذُرِّيَّةِ إِبۡرَٰهِيمَ وَإِسۡرَٰٓءِيلَ وَمِمَّنۡ هَدَيۡنَا وَٱجۡتَبَيۡنَآۚ إِذَا تُتۡلَىٰ عَلَيۡهِمۡ ءَايَٰتُ ٱلرَّحۡمَٰنِ خَرُّواْۤ سُجَّدٗاۤ وَبُكِيّٗا۩ ٥٨
Это - те, кого облагодетельствовал Аллах, из числа пророков, которые были потомками Адама и тех, кого Мы спасли вместе с Нухом (Ноем), и потомками Ибрахима (Авраама) и Исраила (Израиля), и из числа тех, кого Мы наставили на прямой путь и избрали. Когда им читали аяты Милостивого, они падали ниц и рыдали.
මෙම සූරාවෙහි සකරිය්යා ගෙන් ආරම්භ කොට ඉද්රීස්ගෙන් (අලයිහිමස් සලාම්) අවසන් කරමින් සඳහන් කරනු ලැබූ මොවුහු වනාහි, ආදම්ගේ දරුවන් අතරින් ද නූහ් (අලයිහිස් සලාම්) සමග නැවෙහි ප්රවාහනය කෙරෙව්වා වූ අය අතරින්ද ඉබ්රාහීම්ගේ දරුවන් අතරින්ද යඃකූබ්ගේ දරුවන් අතරින්ද එමෙන්ම ඉස්ලාමය හා යහමඟ වෙත ආශිර්වාද කළවුන් අතරින් ද නබිත්වය ප්රදානය කිරීමෙන් අල්ලාහ් ඔවුනට ආශිර්වාද කළ අය වෙති. අපි ඔවුන්ව තෝරා ගත්තෙමු. අපි ඔවුන් නබිවරුන් බවට පත් කළෙමු. පාරායනය කරනු ලැබූ අල්ලාහ්ගේ වදන්වලට ඔවුහු සවන් දුන් විට ඔහුට ඇති බියෙන් හඬමින් ඔහුට සිරස නමා නමස්කාර කරන්නන් වූහ.
19:59Страница 309
۞ فَخَلَفَ مِنۢ بَعۡدِهِمۡ خَلۡفٌ أَضَاعُواْ ٱلصَّلَوٰةَ وَٱتَّبَعُواْ ٱلشَّهَوَٰتِۖ فَسَوۡفَ يَلۡقَوۡنَ غَيًّا ٥٩
После них пришли потомки, которые перестали совершать намаз и стали потакать желаниям. Все они понесут убыток (или будут испытывать тяготы; или понесут наказание за невежество; или встретят зло),
තෝරා ගනු ලැබූ මෙම නබිවරුන්ගෙන් පසුව නොමඟ හා නපුර අනුගමනය කළවුන් පැමිණියෝය. ඔවුන් සලාතය අපතේ යැව්වෝය. එය අපේක්ෂා කරන පරිදි ඉටු කළේ නැත. ඔවුන්ගේ ආත්මාවන් ආශා කරන පරිදි අපචාරය වැනි පාපකම් සිදු කළෝය. එහෙයින් නිරයේ නපුර හා බිහිසුණු භාවයට ඔවුන් මුහුණ දෙනු ඇත.
19:60Страница 309
إِلَّا مَن تَابَ وَءَامَنَ وَعَمِلَ صَٰلِحٗا فَأُوْلَٰٓئِكَ يَدۡخُلُونَ ٱلۡجَنَّةَ وَلَا يُظۡلَمُونَ شَيۡـٔٗا ٦٠
кроме тех, которые раскаялись, уверовали и поступали праведно. Они войдут в Рай, и с ними нисколько не поступят несправедливо.
නමුත් ඔවුන් සිදු කළ වැරදි හා අඩුපාඩු හැඩගස්වා ගනිමින් පාපක්මාවේ නිරතව, අල්ලාහ් ව විශ්වාස කොට; දැහැමි ක්රියාවන් සිදු කළ අය හැර. මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූවෝ, ස්වර්ගයට පිවිසෙති. ඔවුන්ගේ ප්රතිඵල කිසිවක් සුළු ප්රමාණයකින් හෝ අඩු කරන්නේ නැත.
19:61Страница 309
جَنَّٰتِ عَدۡنٍ ٱلَّتِي وَعَدَ ٱلرَّحۡمَٰنُ عِبَادَهُۥ بِٱلۡغَيۡبِۚ إِنَّهُۥ كَانَ وَعۡدُهُۥ مَأۡتِيّٗا ٦١
Это будут сады Эдема, обещанные Милостивым Его рабам, которые не видели их воочию. Воистину, обещание Его исполнится.
දෙවියන් නොදකින තත්ත්වයේ හිද, දැහැමි ක්රියාවන් සිදු කළ තම දැහැමි ගැත්තන්හට සැබැවින්ම ඔවුන්ව ස්වර්ගයට ඇතුළත් කරන බවට මහා කාරුණිකයාණන් ප්රතිඥා දුන් සදා පවත්නා ස්වර්ග උයන් ඔවුනට ඇත. ඔවුහු එය දැක තිබුණේ නැති නමුත් ඒ ගැන විශ්වාස කළෝය. එහෙයින් ස්වර්ගය ගැන වූ අල්ලාහ්ගේ ප්රතිඥාව -අදෘශ්යමාන වුව ද- එය කිසිදු සැකයකින් තොර ව ඉටු කරනු ලබන්නකි.
19:62Страница 309
لَّا يَسۡمَعُونَ فِيهَا لَغۡوًا إِلَّا سَلَٰمٗاۖ وَلَهُمۡ رِزۡقُهُمۡ فِيهَا بُكۡرَةٗ وَعَشِيّٗا ٦٢
Они не услышат там празднословия, но услышат приветствие миром. Для них там приготовлен их удел утром и после полудня.
ඔවුහු වැඩකට නැති අමතර දෑට හෝ පරුෂ වචනවලට හෝ සවන් නොදෙති. ඒ වෙනුවට ඔවුනොවුන් අතර හුවමාරු කර ගන්නා ශාන්තියේ ප්රකාශය වන සලාමයට සවන් දෙති. ඔවුන් මත මලක්වරුන්ගේ සලාමය පවතී. ඔවුන් ප්රිය කරන ආහාර උදේ සවස එහි ඔවුනට ගෙන දෙනු ඇත.
19:63Страница 309
تِلۡكَ ٱلۡجَنَّةُ ٱلَّتِي نُورِثُ مِنۡ عِبَادِنَا مَن كَانَ تَقِيّٗا ٦٣
Таков Рай, который Мы отдадим в наследство тем из Наших рабов, которые были богобоязненны.
මෙම වර්ණනාවන්ගෙන් විස්තර කරනු ලැබූ මෙම ස්වර්ගය වනාහි, දේව නියෝග පිළිපදිමින් හා තහනම් කළ දැයින් වැළකෙමින් කටයුතු කළ අපගේ ගැත්තන් හට අප උරුම කර දෙන ස්වර්ග උයන වෙයි.
19:64Страница 309
وَمَا نَتَنَزَّلُ إِلَّا بِأَمۡرِ رَبِّكَۖ لَهُۥ مَا بَيۡنَ أَيۡدِينَا وَمَا خَلۡفَنَا وَمَا بَيۡنَ ذَٰلِكَۚ وَمَا كَانَ رَبُّكَ نَسِيّٗا ٦٤
Ангелы сказали: «Мы нисходим только по велению твоего Господа. Ему принадлежит то, что перед нами, и то, что позади нас, и то, что между ними. Господь твой не забывчив».
අහෝ ජිබ්රීල්! නුඹ මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට මෙසේ පවසනු. "සැබැවින්ම මලක්වරුන් ඔවුන් විසින්ම පහළ වන්නේ නැත. සැබැවින්ම ඔවුන් පහළ වනුයේ අල්ලාහ්ගේ නියෝගය අනුවය. අප අනාගතයේ මුහුණ දෙන්නට තිබෙන මතුලොව කටයුතු ද, අප පසුපසින් එන්නට තිබෙන මෙලොව කටයුතු ද, මෙලොව හා මතුලොව අතර පවතින කටයුතු ද යන සියල්ල අල්ලාහ්ටම සතුය. අහෝ දූතය! නුඹේ පරමාධිපති කිසිවක් අමතක කරන්නෙකු නොවීය.
19:65Страница 310
رَّبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَا فَٱعۡبُدۡهُ وَٱصۡطَبِرۡ لِعِبَٰدَتِهِۦۚ هَلۡ تَعۡلَمُ لَهُۥ سَمِيّٗا ٦٥
Господь небес, земли и того, что между ними! Поклоняйся же Ему и будь стоек в поклонении Ему. Знаешь ли ты другого с таким именем (или подобного Ему)?
ඔහු අහස්හි මැවුම්කරුය. මහපොළෙවෙහි මැවුම්කරුය. ඒ දෙකෙහි පාලකයාය. ඒ දෙකෙහි කටයුතු සැලසුම් සම්පාදනය කරන්නාය. එමෙන්ම ඒ දෙක අතර ඇති දෑහි ද මැවුම්කරුය. එහි පාලකයාය. එය සැලසුම් කරන්නාය. එහෙයින් නුඹ අල්ලාහ්ට පමණක් නමදිනු. නැමදුමට සුදුස්සා ඔහුය. ඔහුට නැමදුම් කිරීමෙහි ස්ථාවරව සිටිනු. නැමදුමෙහි ඔහු සමග හවුල් වන, ඔහුට සමාන කිසිදු සමානයකු හෝ දැක්මක් හෝ නැත.
19:66Страница 310
وَيَقُولُ ٱلۡإِنسَٰنُ أَءِذَا مَا مِتُّ لَسَوۡفَ أُخۡرَجُ حَيًّا ٦٦
Человек говорит: «Неужели после того, как я умру, я выйду из могилы живым?».
නැවත නැගිටුවනු ලැබීම හෙළා දකින දේව ප්රතික්ෂේපකයා, මෙය සමච්චලටය ගනිමින්, "මා මිය ගිය විට මාගේ මිණීවළෙන් දෙවන වතාවට ප්රාණය ලබා ජීවමානව බැහැර කරනු ලබන්නෙම් ද? එය අන්ත මුළාවකි" යැයි පවසයි.
19:67Страница 310
أَوَلَا يَذۡكُرُ ٱلۡإِنسَٰنُ أَنَّا خَلَقۡنَٰهُ مِن قَبۡلُ وَلَمۡ يَكُ شَيۡـٔٗا ٦٧
Разве человек не помнит, что еще раньше Мы создали его, хотя его вообще не было?
නැවත නැගිටුවනු ලැබීම හෙළා දකින්නා මීට පෙර ඔහු කිසිවක් ලෙස නොසිටියදී සැබැවින්ම අප ඔහු මවා තිබීම ගැන මෙනෙහි නොකරන්නේද? එම මැවීම දෙවන මැවීමට වඩා සුලබ හා පහසු දෙයක් වන අතරම ඒ අනුව පළමු මැවීම දෙවන මැවීමට සාධකයක් වන්නේය.
19:68Страница 310
فَوَرَبِّكَ لَنَحۡشُرَنَّهُمۡ وَٱلشَّيَٰطِينَ ثُمَّ لَنُحۡضِرَنَّهُمۡ حَوۡلَ جَهَنَّمَ جِثِيّٗا ٦٨
Клянусь твоим Господом, Мы непременно соберем их и дьяволов, а затем поставим их вокруг Геенны на колени.
අහෝ දූතය! නුඹේ පරමාධිපති මත දිවුරා පවසමි. සැබැවින්ම ඔවුන් නොමග යැවූ ඔවුන්ගේ නපුරු බලවේග ෂාතානුන් සමග එක් කරමින් මහ්ෂර් නම් රැස් කිරීමේ පිටිය වෙත ඔවුන්ව ඔවුන්ගේ මිණිවළවල්වලින් බැහැර කරන්නෙමු. පසුව නින්දිත නිරය වෙත ඔවුන් දණ ගස්වමින් අපි ඔවුන් ඇදගෙන යන්නෙමු.
19:69Страница 310
ثُمَّ لَنَنزِعَنَّ مِن كُلِّ شِيعَةٍ أَيُّهُمۡ أَشَدُّ عَلَى ٱلرَّحۡمَٰنِ عِتِيّٗا ٦٩
Потом Мы выведем из каждой общины того, кто больше других ослушался Милостивого.
නොමග ගිය පිරිස් අතරින් වඩාත් දරුණු ලෙස පිටු පෑ සෑම කණ්ඩායමක්ම ඉතා දරුණු හා දැඩි ලෙස සැබැවින්ම අපි ඔවුන් උදුරා ගන්නෙමු. ඔවුහු ඔවුන්ගේ නායකයෝ වෙති.
19:70Страница 310
ثُمَّ لَنَحۡنُ أَعۡلَمُ بِٱلَّذِينَ هُمۡ أَوۡلَىٰ بِهَا صِلِيّٗا ٧٠
Нам лучше знать, кому более подобает гореть там (или кто более других заслуживает войти туда).
පසු ව නිරා ගින්නට පිවිසීමට වඩාත් සුදුසු, එහි උණුසුම හා එහි පීඩා විඳීමට වඩාත් සුදුසු අය කවුරුන්දැයි අපි මැනවින් දනිමු.
19:71Страница 310
وَإِن مِّنكُمۡ إِلَّا وَارِدُهَاۚ كَانَ عَلَىٰ رَبِّكَ حَتۡمٗا مَّقۡضِيّٗا ٧١
Каждый из вас войдет туда. Таково окончательное решение твоего Господа.
නිරය මධ්යයේ ඉදි කරනු ලැබ ඇති පාලමට ඉහළින් තරණය කිරීමට නුඹලා අතරින් කිසිවකුට නොහැක. එසේ තරණය කිරීම අල්ලාහ් නියම කළ ස්ථීර තීන්දුවකි. ඔහුගේ තීන්දුවට කිසිදු ප්රතික්ෂේප කිරීමක් නැත.
19:72Страница 310
ثُمَّ نُنَجِّي ٱلَّذِينَ ٱتَّقَواْ وَّنَذَرُ ٱلظَّٰلِمِينَ فِيهَا جِثِيّٗا ٧٢
Потом Мы спасем богобоязненных, а беззаконников оставим там стоять на коленях.
එම පාලම තරණය කිරීමෙන් පසු ව අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔවුන්ගේ පරමාධිපතිට බැතියෙන් කටයුතු කරන්නන් අපි මුදවා ගනිමු. අපරාධකරුවන් ඔවුන්ගේ දණින් වැටී සිටීමට අත හරිමු. එයින් පළා යන්නට ඔවුහු ශක්තිය නොදරති.
19:73Страница 310
وَإِذَا تُتۡلَىٰ عَلَيۡهِمۡ ءَايَٰتُنَا بَيِّنَٰتٖ قَالَ ٱلَّذِينَ كَفَرُواْ لِلَّذِينَ ءَامَنُوٓاْ أَيُّ ٱلۡفَرِيقَيۡنِ خَيۡرٞ مَّقَامٗا وَأَحۡسَنُ نَدِيّٗا ٧٣
Когда им читают Наши ясные аяты, неверующие говорят верующим: «Какая из двух групп занимает более высокое положение и более достойное место?».
අපගේ දූතයාණන් වෙත පහළ කරනු ලැබූ අපගේ පාඨ, පැහැදිලි ව ජනයා වෙත පාරායනය කරනු ලැබූ විට, දේව ප්රතික්ෂේපකයින් දේව විශ්වාසීන්හට, “අපගේ කණ්ඩායම් දෙකින් කවර කණ්ඩායමක් පැවැත්මෙන් හා නවාතැනින් උතුම් ද? එමෙන්ම සභාවෙන් හා ප්රජාවෙන් දැහැමිද? අපගේ කණ්ඩායම ද එසේ නැතහොත් නුඹලාගේ කණ්ඩායමද?” යැයි විමසා සිටිති.
19:74Страница 310
وَكَمۡ أَهۡلَكۡنَا قَبۡلَهُم مِّن قَرۡنٍ هُمۡ أَحۡسَنُ أَثَٰثٗا وَرِءۡيٗا ٧٤
Сколько же поколений до них Мы погубили! Они превосходили их богатством (или утварью) и внешностью.
භෞතික සම්පත් තුළ හිඳිමින් උඩඟුකමින් කටයුතු කළ දේව ප්රතික්ෂේපකයින්ට පෙර, කොපමණ සමූහයන් අපි විනාශ කර ඇත්තෙමුද? එම සමූහයා මොවුනට වඩා ධනයෙන් සමෘද්ධිමත් විය. ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් වඩාත් දැකුම්කළු විය. එමෙන්ම ඔවුන්ගේ ශරීර වඩාත් හොඳින් වැඩී තිබිණි.
19:75Страница 310
قُلۡ مَن كَانَ فِي ٱلضَّلَٰلَةِ فَلۡيَمۡدُدۡ لَهُ ٱلرَّحۡمَٰنُ مَدًّاۚ حَتَّىٰٓ إِذَا رَأَوۡاْ مَا يُوعَدُونَ إِمَّا ٱلۡعَذَابَ وَإِمَّا ٱلسَّاعَةَ فَسَيَعۡلَمُونَ مَنۡ هُوَ شَرّٞ مَّكَانٗا وَأَضۡعَفُ جُندٗا ٧٥
Скажи: «Да продлит Милостивый жизнь заблудших до тех пор, пока они не увидят обещанные мучения или Час. Тогда они узнают, чье место хуже и чье воинство слабее».
අහෝ දූතය! කවරෙකු මුළාවෙහි ගිලී සිටින්නේ ද, මහා කාරුණිකයාණන් මුළාව වැඩි කරන තෙක් ඔහුව ඒ වෙත නැඹුරු කරවනු ඇත. එය ඔවුනට කවර දඬුවමක් ප්රතිඥා දුන්නේ ද, එය මෙලොවෙහි කල් ඇති ව හෝ, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ප්රමාද වී හෝ ඔවුන් දෑසින් දකින තරමට වනු ඇත. එවිට නවාතැනින් නපුරු කවුරුන් දැ?යි ද, උදව්කරුවන්ගෙන් වඩාත් අඩු කවුරුන්දැ?යි ද, තමන් ඔවුන්ගේ පිරිසෙන් කෙනෙක් ද, එසේ නැතහොත් දේවත්වය විශ්වාස කරන්නන්ගේ පිරිසෙන් කෙනෙක් ද යන්න වග ඔවුහු දැනගනු ඇත.
19:76Страница 310
وَيَزِيدُ ٱللَّهُ ٱلَّذِينَ ٱهۡتَدَوۡاْ هُدٗىۗ وَٱلۡبَٰقِيَٰتُ ٱلصَّٰلِحَٰتُ خَيۡرٌ عِندَ رَبِّكَ ثَوَابٗا وَخَيۡرٞ مَّرَدًّا ٧٦
Аллах увеличивает приверженность прямому пути тех, кто следует прямым путем. А нетленные благодеяния лучше перед твоим Господом по вознаграждению и по исходу.
මුළා ව ඔවුන් වර්ධනය කර ගැනීම සඳහා ඔවුන්හට කල් දීමට සමගාමීව යහමඟ ගියවුන්හට දේව විශ්වාසයෙන් හා අවනත වීමෙන් හා සදා සතුට වෙත ගෙන යන දැහැමි ක්රියාවන්ගෙන් අල්ලාහ් වර්ධනය කරනු ඇත. අහෝ දූතය! ප්රතිඵලයෙන් හා යහපත් අවසානයෙන් නුඹේ පරමාධිපති ඉදිරියේ වඩාත් ප්රයෝජනවත්ය.
19:77Страница 311
أَفَرَءَيۡتَ ٱلَّذِي كَفَرَ بِـَٔايَٰتِنَا وَقَالَ لَأُوتَيَنَّ مَالٗا وَوَلَدًا ٧٧
Видел ли ты того, кто не уверовал в Наши знамения и сказал: «Я непременно буду одарен богатством и детьми?».
අහෝ දූතය! අපගේ සාධක ප්රතික්ෂේප කොට, අපගේ අවවාදය හෙළා දැක, "මා මිය ගොස් යළි අවදි කරනු ලබන්නේ නම්, මා වෙත අධික ධනය හා දරුවන් පිරිනමනු ලබනු ඇත" යැයි පවසන තැනැත්තා නුඹ නොදුටුවෙහි ද?
19:78Страница 311
أَطَّلَعَ ٱلۡغَيۡبَ أَمِ ٱتَّخَذَ عِندَ ٱلرَّحۡمَٰنِ عَهۡدٗا ٧٨
Разве он знал сокровенное или заключил завет с Милостивым?
ගුප්තය ගැන දැනගෙන, සාක්ෂිය ගැන පවසන යමක් ඔහු පැවසුවේද? එසේ නැතහොත් ඔහු ව ස්වර්ගයට ඇතුළත් කර, ඔහුට ධනය හා දරුවන් පිරිනැමීම සඳහා ඔහුගේ පරමාධිපති වෙතින් යම් ගිවිසුමක් ගෙන තිබේ ද?
19:79Страница 311
كـَلَّاۚ سَنَكۡتُبُ مَا يَقُولُ وَنَمُدُّ لَهُۥ مِنَ ٱلۡعَذَابِ مَدّٗا ٧٩
Нет! Мы запишем его слова и увеличим его мучения.
කරුණ ඔහු පවසන පරිදි නොවේ. ඔහු පවසන දෑ හා ඔහු සිදු කරන දෑ අපි සටහන් කර ගන්නෙමු. ඔහු ව්යාජ දෑ ගැන වාද කරමින් සිටින බැවින් ඔහුගේ දඬුවමට ඉහළින් දඬුවමක් අපි අධික කරන්නෙමු.
19:80Страница 311
وَنَرِثُهُۥ مَا يَقُولُ وَيَأۡتِينَا فَرۡدٗا ٨٠
Мы унаследуем от него то, о чем он говорил, и он явится к Нам в одиночестве.
අප ඔහුව විනාශ කළ පසුව ඔහු හැර දමා ගිය ධනය හා දරුවන් අපි උරුම කර ගන්නෙමු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔහු තනි ව අප වෙත පැමිණෙයි. ඔහු භුක්ති විඳිමින් සිටි ධනය හා සම්පත් ඔහුගෙන් උදුරා ගනු ලබයි.
19:81Страница 311
وَٱتَّخَذُواْ مِن دُونِ ٱللَّهِ ءَالِهَةٗ لِّيَكُونُواْ لَهُمۡ عِزّٗا ٨١
Они стали поклоняться наряду с Аллахом другим богам, чтобы те одарили их могуществом.
දේව ආදේශකයින් අල්ලාහ් හැර නැමදුමට ලක්වන (වෙනත්) දෑ ඔවුනට සහය දෙන උදව් කරුවන් හා සහායකියන් ලෙස වනු පිණිස ඔවුහු ඒවා පත් කර ගත්තෝය.
19:82Страница 311
كـَلَّاۚ سَيَكۡفُرُونَ بِعِبَادَتِهِمۡ وَيَكُونُونَ عَلَيۡهِمۡ ضِدًّا ٨٢
Но нет! Они отрекутся от поклонения им и станут их противниками.
ඔවුන් සිතූ පරිදි කරුණ නැත. අල්ලාහ් හැරදමා ඔවුන් නමදින මෙම දෙවිවවරුන් වනාහි, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දේව ආදේශකයින් ඒවාට කළ නැමදුම් ප්රතික්ෂේප කරනු ඇත. ඔවුන්ගෙන් වෙන්වනු ඇත. ඔවුනට එරෙහි වන්නන් වනු ඇත.
19:83Страница 311
أَلَمۡ تَرَ أَنَّآ أَرۡسَلۡنَا ٱلشَّيَٰطِينَ عَلَى ٱلۡكَٰفِرِينَ تَؤُزُّهُمۡ أَزّٗا ٨٣
Разве ты не видишь, что Мы послали к неверующим дьяволов, чтобы те подстрекали их?
අහෝ දූතය! සැබැවින්ම අපි ෂාතානුන් එවා ඇත්තෙමු. පාපකම් සිදු කිරීමට හා අල්ලාහ්ගේ දහමින් ජනයා වැළැක්වීමට දේව ප්රතික්ෂේපකයින් පොළඹවන පරිදි ඔවුන් මත ආධිපත්යය දරන්නට අපි ඔවුන් පත්කර තිබීම නුඹ නොදුටුවෙහි ද?
19:84Страница 311
فَلَا تَعۡجَلۡ عَلَيۡهِمۡۖ إِنَّمَا نَعُدُّ لَهُمۡ عَدّٗا ٨٤
Посему не торопись с ними! Мы ведем для них счет.
අහෝ දුතය! ඔවුනට විනාශය ඉක්මන් කරනු යැයි අල්ලාහ්ගෙන් ප්රාර්ථනා කිරීමට නුඹ ඉක්මන් නොවනු. ඔවුන්ගේ ආයු කාලය අපි ගණනය කරමින් සිටින්නෙමු. එය ඔවුනට දුන් අවාකශය අවසන් වන තෙක් පමණි. පසුව ඔවුනට සුදුසු දැයින් අපි ඔවුන් දඬුවමට ලක් කරන්නෙමු.
19:85Страница 311
يَوۡمَ نَحۡشُرُ ٱلۡمُتَّقِينَ إِلَى ٱلرَّحۡمَٰنِ وَفۡدٗا ٨٥
В тот день Мы соберем благочестивых перед Милостивым почтенной делегацией,
අහෝ දූතය! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය පිළිබඳ නුඹ මෙනෙහි කරනු. එය වනාහි අල්ලාහ්ට - ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් - බැතිමත්ව කටයුතු කළවුන් ඔවුන්ගේ පරමාධිපති වන ඔහු වෙත ගෞරවනීය, සම්භාවනීය කණ්ඩායමක් ලෙස අපි ඔවුන් එක්රැස් කරන දිනයයි.
19:86Страница 311
وَنَسُوقُ ٱلۡمُجۡرِمِينَ إِلَىٰ جَهَنَّمَ وِرۡدٗا ٨٦
а грешников погоним в Геенну, словно на водопой.
දේව ප්රතික්ෂේපකයින් පිපාසිතයින් ලෙස නිරයට අපි දක්කාගෙන යන්නෙමු.
19:87Страница 311
لَّا يَمۡلِكُونَ ٱلشَّفَٰعَةَ إِلَّا مَنِ ٱتَّخَذَ عِندَ ٱلرَّحۡمَٰنِ عَهۡدٗا ٨٧
Никто не обретет права заступничества, кроме тех, у кого был завет с Аллахом.
අල්ලාහ් ගැන හා ඔහුගේ දූතයාණන් ගැන විශ්වාසය පදනම් කර ගනිමින් මෙලොවෙහි අල්ලාහ් අබියස ගිවිසුමක් ගත් අය හැර මෙම දේව ආදේශකයින් විසින් ඔවුන්ගෙන් ඇතැමෙකු වෙනුවෙන් මැදිහත් වීම සඳහා කිසිදු අයිතියක් ඔවුන් සතු නොවනු ඇත.
19:88Страница 311
وَقَالُواْ ٱتَّخَذَ ٱلرَّحۡمَٰنُ وَلَدٗا ٨٨
Они говорят: «Милостивый взял Себе сына».
යුදෙව්වන්, කිතුනුවන් හා දේවත්වය ආදේශ කරන ඇතැමුන්: "මහාකරුණන්විතයාණන් දරුවකු ගෙන ඇත"යි පැවසීය.
මෙසේ පවසන්නනි! සැබැවින්ම නුඹලා අති භයානක කරුණක් ගෙනැවිත් ඇත්තෙහුය.
19:90Страница 311
تَكَادُ ٱلسَّمَٰوَٰتُ يَتَفَطَّرۡنَ مِنۡهُ وَتَنشَقُّ ٱلۡأَرۡضُ وَتَخِرُّ ٱلۡجِبَالُ هَدًّا ٩٠
Небо готово расколоться, земля готова разверзнуться, а горы готовы рассыпаться в прах от того,
මෙම පිළිකුල් සහගත ප්රකාශය හේතුවෙන් අහස් පැළෙන්නට බලයි. මහපොළොව දෙදෙරන්නට බලයි. කඳු සුණු විසුණු වී කඩා වැටෙන්නට බලයි.
මේ සියල්ල මහා කරුණාන්විතයාණන්හට දරුවකු ඇතැයි ඔවුන් ආරෝපණය කළ බැවිනි. අල්ලාහ් ඉන් ඉවත් වූ ඉමහත් උසස් භාවයෙන් උත්තරීතරය.
19:92Страница 311
وَمَا يَنۢبَغِي لِلرَّحۡمَٰنِ أَن يَتَّخِذَ وَلَدًا ٩٢
Не подобает Милостивому иметь сына!
මහා කරුණාන්විතයාණන් එයින් පිරිසිදු බැවින් ඔහු දරුවකු ගැනීම සුදුසු නොවීය.
19:93Страница 311
إِن كُلُّ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ إِلَّآ ءَاتِي ٱلرَّحۡمَٰنِ عَبۡدٗا ٩٣
Каждый, кто на небесах и на земле, явится к Милостивому только в качестве раба.
අහස්හි හා මහපොළොවේ සිටින සියලුම මලක්වරුන් ද මිනිසුන් මෙන්ම ජින්නුන් ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ පරමාධිපති වෙත යටහත් පහත්ව පැමිණෙන්නන් මිස නැත.
සැබැවින්ම ඔහු ඔවුන්ව දැනුමෙන් ආවරණය කර ඇත. ඔවුන්ව ගණන් බලා තබා ඇත. ඔවුන්ගෙන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.
19:95Страница 311
وَكُلُّهُمۡ ءَاتِيهِ يَوۡمَ ٱلۡقِيَٰمَةِ فَرۡدًا ٩٥
Каждый из них явится к Нему в День воскресения в одиночестве.
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් සෑම කෙනෙකුම තනි තනිව පැමිණෙනු ඇත. ඔහුට කිසිදු උදව්කරුවකු හෝ ධනය හෝ නොවනු ඇත.
19:96Страница 312
إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ سَيَجۡعَلُ لَهُمُ ٱلرَّحۡمَٰنُ وُدّٗا ٩٦
Тех, которые уверовали и совершали праведные деяния, Милостивый одарит любовью.
සැබැවින්ම අල්ලාහ් ව විශ්වාස කොට අල්ලාහ් අබියස පිළිගනු ලබන දැහැමි ක්රියාවන් සිදු කළවුන් වනාහි, ඔවුනට ඔහුගේ ආදරයත් ඔහුගේ ගැත්තන් වෙත වූ ඔවුන්ගේ ආදරයත් අල්ලාහ් ඔවුනට ඇති කරයි.
19:97Страница 312
فَإِنَّمَا يَسَّرۡنَٰهُ بِلِسَانِكَ لِتُبَشِّرَ بِهِ ٱلۡمُتَّقِينَ وَتُنذِرَ بِهِۦ قَوۡمٗا لُّدّٗا ٩٧
Мы облегчили его (Коран) на твоем языке для того, чтобы ты обрадовал им богобоязненных людей и предостерег им злостных спорщиков.
අහෝ දූතය! සැබැවින්ම අපි මෙම අල් කුර්ආනය ඔබේ බසින්ම පහළ කර ඇත්තේ මාගේ නියෝග පිළිපදිමින් හා මා තහනම් කළ දැයින් වැළකී මට බැතිමත්ව කටයුතු කරන්නන්හට ඔබ ශුභාරංචි දන්වනු පිණිසය. එමෙන්ම සත්යය දැන ගැනීමේදි තර්ක කිරීමෙහි හා අහංකාරභාවයෙහි දැඩි ව සිටි ජනයාහට ඔබ බිය ගන්වනු පිණිසය.
19:98Страница 312
وَكَمۡ أَهۡلَكۡنَا قَبۡلَهُم مِّن قَرۡنٍ هَلۡ تُحِسُّ مِنۡهُم مِّنۡ أَحَدٍ أَوۡ تَسۡمَعُ لَهُمۡ رِكۡزَۢا ٩٨
Сколько поколений до них Мы подвергли гибели! Разве ты ощущаешь присутствие кого-нибудь из них или слышишь их шепот?
ඔබේ සමූහයාට පෙර ජීවත් වූ කොපමණක් සමූහයන් අපි විනාශ කර ඇත්තෙමුද? අද දින එම සමූහයන් පිළිබඳ ඔබට හැඟෙන්නේ ද? ඔවුන් වෙනුවෙන් වූ සිහින් හඬක් හෝ ඔබට ඇසෙන්නේද? ඔවුනට අත් වූ ඉරණම අල්ලාහ් අවසරය දුන් විට ඔවුන් හැර වෙනත් අයට ද අත් වනු ඇත.
Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии