Аль-МухтасарАль‑Бакара · 2:138–169

Аль-Мухтасар · Тафсир · на сингальском

Аль-Бакара 2:138–169

2:138Страница 21

صِبۡغَةَ ٱللَّهِ وَمَنۡ أَحۡسَنُ مِنَ ٱللَّهِ صِبۡغَةٗۖ وَنَحۡنُ لَهُۥ عَٰبِدُونَ ١٣٨

Скажи: «Такова религия Аллаха! А чья религия может быть лучше религии Аллаха? Ему одному мы поклоняемся».

නුඹලා වෙත සහජයෙන් පිරිනැමූ අල්ලාහ්ගේ දහම මතු පිටින් පමණක් නොව අභ්යන්තරයෙන්ද පිළිපදිනු. අල්ලාහ්ගේ දහම හැර වෙනත් ලස්සන දහමක් නැත. එය ස්වභාව ධර්මයාට අනුකූලය. යහපත ඇති කරයි. අයහපත නැති කරයි. තවද නුඹලා: ‘අපි අල්ලාහ්ට පමණක් නැමදුම් කරන්නෝ වෙමු. ඔහු සමග වෙනත් කිසිවකු ආදේශ නොකරන්නෙමු’ යැයි පවසනු.

2:139Страница 21

قُلۡ أَتُحَآجُّونَنَا فِي ٱللَّهِ وَهُوَ رَبُّنَا وَرَبُّكُمۡ وَلَنَآ أَعۡمَٰلُنَا وَلَكُمۡ أَعۡمَٰلُكُمۡ وَنَحۡنُ لَهُۥ مُخۡلِصُونَ ١٣٩

Скажи: «Неужели вы станете препираться с нами относительно Аллаха, тогда как Он является нашим Господом и вашим Господом. Нам достанутся наши деяния, а вам - ваши деяния, и мы искренни перед Ним».

අහෝ දහම් ලත් ජනයිනි, ‘සැබැවින්ම නුඹලාගේ දහම ඉතා පැරණි බැවින් ද නුඹලාගේ පුස්තක පූර්ව කාලයේ පහළ වූ බැවන් ද අල්ලාහ්ට හා ඔහුගේ දහමට වඩා සමීපතයින් තමන් බව නුඹලා අප සමග තරක් කරන්නෙහු දැ’යි අහෝ නබිවරය නුඹ ඔවුන්ගෙන් අසනු. එසේ තර්ක කිරීමෙන් ඵලක් නැත. හේතුව අප සියලු දෙනාගේම පරමාධිපති අල්ලාහ් වන බැවිනි. ඔහුව යම් පිරිසකට විශේෂ කොට සැලකිය නොහැක. අපගේ ක්රියාවන් අප සතුය. ඒ ගැන නුඹලාගෙන් ප්රශ්න කරනු නොලැබේ. එමෙන්ම නුඹලාගේ ක්රියාවන් නුඹලා සතුය. ඒ ගැන අපගෙන් ප්රශ්න කරනු නොලැබේ. සෑම කෙනෙකුම තම තමන් කළ ක්රියාවන් අනුව ප්රතිඵල දෙනු ලැබේ. නැමදුම් කිරීම හා අවනත භාවය අල්ලාහ්ට පමණක් අපි අවංකව ඉටු කරන්නෙමු. ඔහුට කිසිවක් ආදේශ නොකරමු.

2:140Страница 21

أَمۡ تَقُولُونَ إِنَّ إِبۡرَٰهِـۧمَ وَإِسۡمَٰعِيلَ وَإِسۡحَٰقَ وَيَعۡقُوبَ وَٱلۡأَسۡبَاطَ كَانُواْ هُودًا أَوۡ نَصَٰرَىٰۗ قُلۡ ءَأَنتُمۡ أَعۡلَمُ أَمِ ٱللَّهُۗ وَمَنۡ أَظۡلَمُ مِمَّن كَتَمَ شَهَٰدَةً عِندَهُۥ مِنَ ٱللَّهِۗ وَمَا ٱللَّهُ بِغَٰفِلٍ عَمَّا تَعۡمَلُونَ ١٤٠

Неужели вы скажете, что Ибрахим (Авраам), Исмаил (Измаил), Исхак (Исаак), Йакуб (Иаков) и колена (двенадцать сыновей Йакуба) были иудеями или христианами? Скажи: «Вы лучше знаете или же Аллах? Кто может быть несправедливее того, кто скрыл имеющееся у него от Аллаха свидетельство? Аллах не пребывает в неведении относительно того, что вы совершаете».

ආහෝ ආගම් ලත් ජනයිනි, සැබැවින්ම ඉබ්රාහීම්, ඉස්මාඊල්, ඉස්හාක්, යඃකූබ් හා යඃකූබ්ගෙන් පැවත එන නබිවරු යුදෙව් හා කිතුනු පිළිවෙත් මත සිටින බව නුඹලා පවසන්නෙහුද? අහෝ නබිවරය, ඔවුනට පිළිතුරු වශයෙන් ‘ඒ ගැන මැනවින් දන්නේ නුඹලා ද ඒසේ නැතිනම් අල්ලාහ් දැ’යි ප්රශ්න කරනු. සැබැවින්ම ඔවුහු මොවුන්ගේ පිළිවෙත් මත සිටින බව මොවුහු විශ්වාස කරන්නේ නම් මොවුහු පවසන්නේ බොරුය. හේතුව ඔවුන් සියලු දෙනාගේ පැමිණීමත් ඔවුන්ගේ මරණයත් සිදු වූයේ තෝරාව හා ඉන්ජීලය පහළ වීමට පෙරය. සැබැවින්ම ඔවුහු පවසන දෑ අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වෙත ගොතා පවසන බොරු බව ඔවුහු මැනවින් දනිති. සැබැවින්ම ඔවුහු ඔවුන් වෙත පහළ කරනු ලැබූ සත්යය වසන් කරන්නෙහුය. අල්ලාහ්ගෙන් දැනගත් ස්ථීර සාක්ෂි හා සාධක තමන් ලග තිබිය දී ආගම්ලත් ජනයාගේ ක්රියා කළ ආකාරයෙන් ඒවා වසන් කරන්නාට වඩා මහා අපරාධකරුවකු තවත් නැත. නුඹලාගේ ක්රියාවන් පිළිබඳ අල්ලාහ් අනවධානියකු නොවේ. ඒ වෙනුවෙන් ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.

2:141Страница 21

تِلۡكَ أُمَّةٞ قَدۡ خَلَتۡۖ لَهَا مَا كَسَبَتۡ وَلَكُم مَّا كَسَبۡتُمۡۖ وَلَا تُسۡـَٔلُونَ عَمَّا كَانُواْ يَعۡمَلُونَ ١٤١

Этот народ уже миновал. Они получат то, что они заслужили, а вы получите то, что вы заслужили, и вы не будете спрошены о том, что они совершали.

එය නුඹලාට පෙර ඉකුත්ව ගිය සමූහයකි. ඔවුන් කළ ක්රියාවන් ඔවුන් සමගමය. ඔවුන් උපයා ගත් දෑ ඔවුන් සතුය. නුඹලා උපයාගත් දෑ නුඹලා සතුය. ඔවුන්ගේ ක්රියාවන් ගැන නුඹලා ප්රශ්න කරනු නොලබන්නෙහුය. නුඹලාගේ ක්රියාවන් පිළිබඳ ඔවුන් ප්රශ්න කරනු නොලබති. කිසිවකුගේ පාපයක් හේතුවෙන් කිසිවකු ග්රහණය කරනු නොලැබේ. වෙනත් කිසිවකුගේ ක්රියාවක් තමන්ට ප්රයෝජනවත් නොවනු ඇත. නමුත් ඔවුන් සෑම කෙනෙකුටම ඔවුන් ඉදිරිපත් කළ දෑ සඳහා ප්රතිඵල පිරිනමනු ලැබේ.

2:142Страница 22

۞ سَيَقُولُ ٱلسُّفَهَآءُ مِنَ ٱلنَّاسِ مَا وَلَّىٰهُمۡ عَن قِبۡلَتِهِمُ ٱلَّتِي كَانُواْ عَلَيۡهَاۚ قُل لِّلَّهِ ٱلۡمَشۡرِقُ وَٱلۡمَغۡرِبُۚ يَهۡدِي مَن يَشَآءُ إِلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ ١٤٢

Глупые люди скажут: «Что заставило их отвернуться от киблы, к которой они поворачивались лицом прежде?». Скажи: «Восток и запад принадлежат Аллаху. Он наставляет, кого пожелает, на прямой путь».

යුදෙව්වන් අතර බුද්ධිහීන අඥාන ජනයා හා ඔවුන්ගේ ස්වරූපයට සමාන කුහකයෝ කලින් පිහිටා තිබූ බයිතුල් මුකද්දිස් නම් දිශාවෙන් වෙනත් දිශාවකට මුස්ලිම්වරුන් හැරෙව්වේ කුමක් දැ?යි විමසනු ඇත. ඔවුනට පිළිතුරු වශයෙන් නබිවරය, නුඹ මෙසේ පවසනු.: නැගෙනහිර, බටහිර හා සෙසු සියලු දිශාවන්හි පාලන බලය ඔහු සතුය. තම ගැත්තන් අතුරින් තමන් කැමති අය කැමති පරිදි කැමති දිශාවකට හරවනු ඇත. ඔහු පිවිතුරුය. ඔහුගේ ගැත්තන් අතුරින් ඔහු අභිමත කරන අයට ඍජු මාර්ගය වෙත මග පෙන්වයි. එහි කිසිදු අඩුවක් හෝ විකෘතිභාවයක් හෝ නොමැත.

2:143Страница 22

وَكَذَٰلِكَ جَعَلۡنَٰكُمۡ أُمَّةٗ وَسَطٗا لِّتَكُونُواْ شُهَدَآءَ عَلَى ٱلنَّاسِ وَيَكُونَ ٱلرَّسُولُ عَلَيۡكُمۡ شَهِيدٗاۗ وَمَا جَعَلۡنَا ٱلۡقِبۡلَةَ ٱلَّتِي كُنتَ عَلَيۡهَآ إِلَّا لِنَعۡلَمَ مَن يَتَّبِعُ ٱلرَّسُولَ مِمَّن يَنقَلِبُ عَلَىٰ عَقِبَيۡهِۚ وَإِن كَانَتۡ لَكَبِيرَةً إِلَّا عَلَى ٱلَّذِينَ هَدَى ٱللَّهُۗ وَمَا كَانَ ٱللَّهُ لِيُضِيعَ إِيمَٰنَكُمۡۚ إِنَّ ٱللَّهَ بِٱلنَّاسِ لَرَءُوفٞ رَّحِيمٞ ١٤٣

Мы сделали вас общиной, придерживающейся середины, чтобы вы свидетельствовали обо всем человечестве, а Посланник свидетельствовал о вас самих. Мы назначили киблу, к которой ты поворачивался лицом прежде, только для того, чтобы отличить тех, кто последует за Посланником, от тех, кто повернется вспять. Это оказалось тяжело для всех, кроме тех, кого Аллах повел прямым путем. Аллах никогда не даст пропасть вашей вере. Воистину, Аллах сострадателен и милосерден к людям.

නුඹලා සඳහා අප පිළිගත් දිශාව වෙනස් කර දුන්නාක් මෙන්ම ප්රතිපත්තීන් නැමදුම් ගනුදෙනු යනාදියෙහි සියලු සමූහයන් අතර මධ්යස්ථ සාධාරණීය ශ්රේෂ්ඨ ජන සමූහයක් බවට අපි නුඹලා පත් කළෙමු. එය අල්ලාහ්ගේ දූතවරුන් වෙත ඔහු කවර කරුණක් අණ කර සිටියේ ද එය ඔවුන් තම සමූහයා වෙත ප්රචාරය කර ඇති බවට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා ඔවුන් වෙනුවෙන් සාක්ෂිකරුවන් වනු පිණිසත් අල්ලාහ් ආගමානුගත කළ දෑ පිළිගෙන; ඔහුට කැප වී, දහම් දූතයාණන් පිළිපදිමින් කටයුතු කරන්නේ කවුරුන්දැයි - තරාතිරම් අනුව ප්රතිඵල පිරිනමන්නට ඔවුන්ගේ මතුපිට තත්ත්වය - අපි දැනගනු පිණිසත් ඔහුගේ දහම ප්රතික්ෂේප කර; තම ආශාවන්ට වහල් වී; අල්ලාහ් ආගමානුගත කළ කරුණු උවමනාවෙන් නොකරන අය කවුරුන්දැයි දැන ගනු පිණිසත් මිස නුඹලා මුහුණලමින් සිටි බයිතුල් මක්දිස් දිශාවෙන් නුඹලාව අප හැරෙව්වේ නැත. සැබැවින්ම පළමු කිබ්ලා දිශාවෙන් හැරවීමේ සිද්ධිය අල්ලාහ් හා ඔහු තම ගැත්තන්හට ආගමානුගත කර ඇති දෑ විශ්වාස කරන්නට සලස්වා ඔහු කවුරුන්හට ආශිර්වාද කළේ ද ඔවුන් කෙරෙහි මිස සෙසු අයට එය අති මහත් කරුණක් විය. සැබැවින්ම එසේ ආගමානුගත කරනු ලබනුයේ කිසියම් යථාර්ථයක් වෙනුවෙනි. අල්ලාහ් කෙරෙහි නුඹලා තබා ඇති අචල විශ්වාසය අපතේ යවන්නට අල්ලාහ්ට නොවීය. කිබ්ලා දිශාව මාරුකිරීමට පෙර නුඹලා සලාතය ඉටු කරමින් සිටි ස්ථානය ද එසේ ආගමානුගත කරනු ලැබූ කරුණු වලින් එකකි. සැබැවින්ම අල්ලාහ් මිනිසුනට මහත් කාරුණිකය. සෙනෙහෙවන්තය. එහෙයින් ඔහු ඔවුනට දුෂ්කරතා ඇති කරන්නේ නැත. ඔවුන් කළකම් සඳහා කුසල් ඔහු විනාශ කර දමන්නේ නැත.

2:144Страница 22

قَدۡ نَرَىٰ تَقَلُّبَ وَجۡهِكَ فِي ٱلسَّمَآءِۖ فَلَنُوَلِّيَنَّكَ قِبۡلَةٗ تَرۡضَىٰهَاۚ فَوَلِّ وَجۡهَكَ شَطۡرَ ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِۚ وَحَيۡثُ مَا كُنتُمۡ فَوَلُّواْ وُجُوهَكُمۡ شَطۡرَهُۥۗ وَإِنَّ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ لَيَعۡلَمُونَ أَنَّهُ ٱلۡحَقُّ مِن رَّبِّهِمۡۗ وَمَا ٱللَّهُ بِغَٰفِلٍ عَمَّا يَعۡمَلُونَ ١٤٤

Мы видели, как ты обращал свое лицо к небу, и Мы обратим тебя к кибле, которой ты останешься доволен. Обрати же свое лицо в сторону Заповедной мечети. Где бы вы ни были, обращайте ваши лица в ее сторону. Воистину, те, которым даровано Писание, знают, что такова истина от их Господа. Аллах не пребывает в неведении относительно того, что они совершают.

අහෝ ! නබිවරය, ඔබ ප්රිය කරන පරිදි කිබ්ලා දිශාව වෙනස් කිරීම සම්බන්ධයෙන් දේව පණිවිඩ පහළ වීම ගැන අපේක්ෂාවෙන් බලාපොරොත්තුවෙන් ඔබේ මුහුණ හා ඔබේ බැල්ම අහස දෙසට යොමු කරනු සැබැවින්ම අපි දුටුවෙමු. එහෙයින් දැන් ඔබ මුහුණලා සිටින බය්තුල් මක්දිස් දිශාව වෙනුවට ඔබ ප්රිය කරන ඔබට සතුට දනවන කිබ්ලා දිශාවට (හරම් දේවස්ථානය වෙත) අපි නුඹව හරවන්නෙමු. එහෙයින් දැන් ඔබේ මුහුණ ශුද්ධ මක්කාවේ පිහිටි හරම් දේවස්ථානය වෙත හරවනු. අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, නුඹලා කොතැනක සිටිය ද නුඹලා සලාතය ඉටු කරන මොහොතේ එම දිශාව වෙතම මුහුණලනු. සැබැවින්ම යුදෙව්වන් හා කිතුනුවන්ගේ පුස්තක වල කිබ්ලාව වෙනස් කිරීමේ සිද්ධිය ඔවුන්ගේ මැවුම්කරු වූ සියලු කරුණු සැලසුම් කරන්නාගෙන් පහළ වූ සත්යයක් බව ඔවුහු මැනවින් දැන සිටිති. සත්යය පිටුපාන්නන් වන මොවුන්ගේ ක්රියාවන් පිළිබඳ අල්ලාහ් අනවධානියකු නොවේ. ඔහු ඒ පිළිබඳ මැනවින් දන්නාය. ඔහු පිවිතුරුය. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිවිපාක පිරිනමනු ඇත.

2:145Страница 22

وَلَئِنۡ أَتَيۡتَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ بِكُلِّ ءَايَةٖ مَّا تَبِعُواْ قِبۡلَتَكَۚ وَمَآ أَنتَ بِتَابِعٖ قِبۡلَتَهُمۡۚ وَمَا بَعۡضُهُم بِتَابِعٖ قِبۡلَةَ بَعۡضٖۚ وَلَئِنِ ٱتَّبَعۡتَ أَهۡوَآءَهُم مِّنۢ بَعۡدِ مَا جَآءَكَ مِنَ ٱلۡعِلۡمِ إِنَّكَ إِذٗا لَّمِنَ ٱلظَّٰلِمِينَ ١٤٥

Какое бы знамение ты ни показал тем, кому было даровано Писание, они все равно не станут обращаться к твоей кибле, а ты не станешь обращаться к их кибле. Никто не станет обращаться к кибле других. А если ты станешь потакать их желаниям после того, как к тебе явилось знание, то тогда ты окажешься в числе беззаконников.

අල්ලාහ් මත දිවුරා පවසමි. අහෝ! නබිවරය, සැබැවින්ම කිබ්ලා දිශාව වෙනස් කිරීම සත්යයක් බව තහවුරු කරමින් නුඹ දහම් ලත් යුදෙව්වන් හා කිතුනුවන්හට කෙතරම් සාධක හා සංඥා ගෙන ආවත් නුඹ ගෙන ආ දෑට හිතුවක්කාරකම් පා සත්ය පිළිපැදීමට උඩගු වී නුඹගේ කිබ්ලා දිශාවට ඔවුහු හැරෙන්නේ නැත. ඔබ ව අල්ලාහ් ඔවුන්ගේ දිශාවෙන් වෙනස් කළ පසු නැවත ඒ වෙත හැරී මුහුණලෑම නුඹට සුදුසු නැත. ඔවුන් ඇතැමෙක් ද ඇතැමෙකුගේ දිශාවට මුහුණලන්නේ නැත. හේතුව ඔවුන්ගෙන් ඇතැම් පිරිස් අනෙක් පිරිස ප්රතික්ෂේප කරන බැවිනි. කිසිදු සැකයකට ඉඩක් නැති නිවැරදි දැනුම නුඹ වෙත පැමිණි පසු ව කිබ්ලා විෂයයෙහි හා වෙනත් ආගමික පිළිවෙත් හා නීතිරීති වලදී ඔවුන්ගේ ආශාවන් නුඹ පිළිපදින්නේ නම් සැබැවින්ම එසේ නුඹ යහමග අතහැර දැමූ හේතුවෙන් හා ආශාවන් පිළිපැදීම හේතුවෙන් අපරාධකරුවන් අතරට පත් වන්නෙහිය. මෙම ප්රකාශය නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාහට ඔවුන් පිළිපැදීමේ පිළිකුල්භාවය පෙන්වා දෙන සාධක වන්නේය. එසේ නොමැති නම් සැබැවින්ම අල්ලාහ් ඔහුගේ නබිවරයා එයින් ආරක්ෂා කර ඇත. මෙය එතුමාගෙන් පසු එතුමාගේ සමූහයට කෙරෙන අවවාදයකි.

2:146Страница 23

ٱلَّذِينَ ءَاتَيۡنَٰهُمُ ٱلۡكِتَٰبَ يَعۡرِفُونَهُۥ كَمَا يَعۡرِفُونَ أَبۡنَآءَهُمۡۖ وَإِنَّ فَرِيقٗا مِّنۡهُمۡ لَيَكۡتُمُونَ ٱلۡحَقَّ وَهُمۡ يَعۡلَمُونَ ١٤٦

Те, кому Мы даровали Писание, знают его (Мухаммада или Каабу), как знают своих сыновей. Однако часть их сознательно скрывает истину.

අප විසින් පිරිනැමූ පුස්තක ලත් යුදෙව් හා කිතුනු විද්වතුන් කිබ්ලා ව වෙනස් කිරීමේ නියෝගය මුහම්මද්ගේ නබිත්වයේ සළකුණු බව තම දරුවන් වෙන්කර හඳුනා ගන්නාක් මෙන් මැනවින් දැන සිටියහ. ඒ සමගම ඔවුන් අතර සිටි පිරිසක් ඊර්ෂ්යාව හේතුවෙන් පැමිණි සත්යය වසන් කරති. එය සත්යයක් බව ඔවුන් දැන දැනම එසේ කටයුතු කරති.

2:147Страница 23

ٱلۡحَقُّ مِن رَّبِّكَ فَلَا تَكُونَنَّ مِنَ ٱلۡمُمۡتَرِينَ ١٤٧

Истина - от твоего Господа. Посему не будь в числе тех, кто сомневается.

මෙය ඔබේ පරමාධිපතිගෙන් පැමිණි සත්යයයි. එබැවින් අහෝ! දූතය, එහි නිවැරුදිභාවය ගැන සැකකරන්නන් අතරට පත් නොවනු.

2:148Страница 23

وَلِكُلّٖ وِجۡهَةٌ هُوَ مُوَلِّيهَاۖ فَٱسۡتَبِقُواْ ٱلۡخَيۡرَٰتِۚ أَيۡنَ مَا تَكُونُواْ يَأۡتِ بِكُمُ ٱللَّهُ جَمِيعًاۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ١٤٨

У каждого есть сторона, куда он обращается лицом. Стремитесь же опередить друг друга в добрых делах. Где бы вы ни были, Аллах приведет всех вас вместе. Воистину, Аллах способен на всякую вещь.

සෑම සමූහයකටම ආධ්යාත්මික වශයෙන් හෝ භෞතික වශයෙන් හැරෙන දිශාවක් ඇත. ඔවුන්ගේ කිබ්ලා දිශාවෙහි හා අල්ලාහ් ඔවුනට ආගමානුගත කළ දෑහි පවතින වෙනස්කම් ඒ අතුරින් වන්නේය. අල්ලාහ්ගේ නියෝගයක් හෝ ඔහුගේ පිළිවෙතක් වී නම් ඔවුන්ගේ දිශාවන් කවර වෙනස්කම් වලින් පැවතුණ ද කිසිදු හානියක් නැත. අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, ඉටු කරන්නට නියෝග කරනු ලැබූ ක්රියාවන් ඉටු කිරීම සඳහා තරඟ වදිනු. නුඹලා කවර ස්ථානයක සිටියද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා සිදු කළ ක්රියාවන් සඳහා ප්රතිඵල පිරිනමනු පිණිස ඔහු නුඹලා ව එක්රැස් කරනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි බලය ඇත්තාය. නුඹලාගේ සියලු දෙනා එක් වුව ද ඔහු ව පරාජය කළ නොහැක. ඔහු හැර නුඹලාට වෙනත් මගක් නැත.

2:149Страница 23

وَمِنۡ حَيۡثُ خَرَجۡتَ فَوَلِّ وَجۡهَكَ شَطۡرَ ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِۖ وَإِنَّهُۥ لَلۡحَقُّ مِن رَّبِّكَۗ وَمَا ٱللَّهُ بِغَٰفِلٍ عَمَّا تَعۡمَلُونَ ١٤٩

Откуда бы ты ни вышел, обращай лицо в сторону Заповедной мечети. Воистину, такова истина от твоего Господа. Аллах не пребывает в неведении относительно того, что вы совершаете.

අහෝ! නබිවරය, ඔබ හා ඔබගේ අනුගාමිකයින් කවර ස්ථානයකින් පිට ව ගියද කවර ස්ථානයක සිටියද සලාතය ඉටු කිරීමට සිතන්නේ නම් මස්ජිදුල් හරාම් වෙත මුහුණලා ඉටු කරන්න. හේතුව ඔබේ පරමාධිපතිගෙන් ඔබ වෙත දැනුම් දී ඇති සත්යය එය වන බැවිනි. නුඹලා සිදු කරන දෑ පිළිබඳ අල්ලාහ් අනවධානියකු නොවේ. ඒ කෙරෙහි ඔහු නීරීක්ෂණය කරමින් සිටියි. ඒ වෙනුවෙන් ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.

2:150Страница 23

وَمِنۡ حَيۡثُ خَرَجۡتَ فَوَلِّ وَجۡهَكَ شَطۡرَ ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِۚ وَحَيۡثُ مَا كُنتُمۡ فَوَلُّواْ وُجُوهَكُمۡ شَطۡرَهُۥ لِئَلَّا يَكُونَ لِلنَّاسِ عَلَيۡكُمۡ حُجَّةٌ إِلَّا ٱلَّذِينَ ظَلَمُواْ مِنۡهُمۡ فَلَا تَخۡشَوۡهُمۡ وَٱخۡشَوۡنِي وَلِأُتِمَّ نِعۡمَتِي عَلَيۡكُمۡ وَلَعَلَّكُمۡ تَهۡتَدُونَ ١٥٠

Откуда бы ты ни вышел, обращай лицо в сторону Заповедной мечети. Где бы вы ни оказались, обращайте ваши лица в ее сторону, чтобы у людей, если только они не беззаконники, не было довода против вас. Не бойтесь их, а бойтесь Меня, чтобы Я довел до конца Мою милость к вам. Быть может, вы последуете прямым путем.

අහෝ නබිවරය, ඔබ කවර ස්ථානයකින් පිට ව ගියද සලාතය ඉටු කරන්නට සිතන්නේ නම් එවිට මස්ජිදුල් හරාම් දිශාවට මුහුණලන්න. එමෙන්ම දෙවියන් විශ්වාසකළවුනි, නුඹලා ද සලාතය ඉටු කරන්නට සිතන්නේ නම් නුඹලාගේ මුහුණු ද ඒ දෙසට මුහුණලන්න. එය නුඹලාට එරෙහිව අභියෝග කරන්නට ජනයාට සාධකයක් නොවනු පිණිසය. නමුත් ඔවුන් අතර අපාරධ කළවුන් ඔවුන්ගේ හිතුවක්කාරකම් මත රැදී සිටිති. වඩාත් සැකසහිත සාධක නුඹලා වෙත ගෙනැවිත් අභියෝග කරති. එහෙයින් නුඹලා ඔවුනට බිය නොවනු. නුඹලාගේ පරමාධිපති නුඹලාට අණ කර ඇති නියෝග පිළිපදිමින් ඔහු වැළැක් වූ දැයින් වැළකෙමින් ඔහුට පමණක් බිය වනු. නුඹලා සෙසු සමූහයන්ගෙන් වෙන් කර දැක්වීම තුළින් නුඹලා වෙත අල්ලාහ්ගේ ආශිර්වාද සම්පූර්ණ කර ඇති බැවින්ද ජනයාට වඩාත් ගෞරවනීය දිශාවක් වෙත නුඹලා මග පෙන්වා ඇති බැවින්ද කඃබාව මුහුණලෑම සැබැවින්ම අල්ලාහ් ආගමානුගත කර ඇත.

2:151Страница 23

كَمَآ أَرۡسَلۡنَا فِيكُمۡ رَسُولٗا مِّنكُمۡ يَتۡلُواْ عَلَيۡكُمۡ ءَايَٰتِنَا وَيُزَكِّيكُمۡ وَيُعَلِّمُكُمُ ٱلۡكِتَٰبَ وَٱلۡحِكۡمَةَ وَيُعَلِّمُكُم مَّا لَمۡ تَكُونُواْ تَعۡلَمُونَ ١٥١

Таким же образом Я отправил к вам Посланника из вашей среды, который читает вам Наши аяты, очищает вас, обучает вас Писанию и мудрости, обучает вас тому, чего вы не знали.

වෙනත් ආශිර්වාද නුඹලා වෙත අප ආශිර්වාද කළාක් මෙන්ම නුඹලා වෙත අපගේ වදන් පාරායනය කර පෙන්වන; යහපත හා මහිමයන්ගෙන් කවර දෙයක් නුඹලාට ඔහු අණ කර සිටින්නේද එමගින් හා නින්දිත හා පිළිකුල් සහගත දැයින් කවර කරුණකින් නුඹලා ව ඔහු වළක්වන්නේද එමගින් නුඹලා පිරිසිදු කරන අල් කුර්ආනය හා දූත පිළිවෙත නුඹලාට උගන්වන නුඹලාගේ ආගමික හා ලෞකික කටයුතු අතරින් නුඹලා කවර දෙයක් ගැන නොදැන සිටියේද එවන් දෑ නුඹලාට උගන්වන නුඹලා අතර සිටින දූතයකු අපි නුඹලා වෙත යැව්වෙමු.

2:152Страница 23

فَٱذۡكُرُونِيٓ أَذۡكُرۡكُمۡ وَٱشۡكُرُواْ لِي وَلَا تَكۡفُرُونِ ١٥٢

Поминайте Меня, и Я буду помнить о вас. Благодарите Меня и не будьте неблагодарны Мне.

එහෙයින් නුඹලා ගතින් හා හදවතින් මා මෙනෙහි කරනු. නුඹලා ගැන ප්රශංසා කරමින් නුඹලාට ආරක්ෂාව සලසමින් මම නුඹලා මෙනෙහි කරමි. ප්රතිඵල ක්රියාවට අනුව සිදු ටේ. නුඹලා වෙත මා කවර ආශිර්වාදයක් පිරිනමා ඇත්තේද එම ආශිර්වාදය වෙනුවෙන් මට කෘතගුණ සලකනු. එය පිටුදකිමින් එහි නුඹලා වෙත තහනම් කරනු ලැබූ දෑ පරිහරණය කරමින් මා ප්රතික්ෂේප නොකරනු.

2:153Страница 23

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱسۡتَعِينُواْ بِٱلصَّبۡرِ وَٱلصَّلَوٰةِۚ إِنَّ ٱللَّهَ مَعَ ٱلصَّٰبِرِينَ ١٥٣

О те, которые уверовали! Обратитесь за помощью к терпению и намазу. Воистину, Аллах - с терпеливыми.

අහෝ! විශ්වාස කළවුනි, මගේ අණට කීකරු වී මට අවනත වී ඉවසීම හා සලාතය ඉටු කරමින් මගෙන් උදව් පතනු. නියත වශයෙන්ම ඉවසිලිවන්තයින් සමගය. ඔහු ඔවුනට ආශිර්වාද කොට උපකාර කරනු ඇත.

2:154Страница 24

وَلَا تَقُولُواْ لِمَن يُقۡتَلُ فِي سَبِيلِ ٱللَّهِ أَمۡوَٰتُۢۚ بَلۡ أَحۡيَآءٞ وَلَٰكِن لَّا تَشۡعُرُونَ ١٥٤

Не говорите о тех, кто погиб на пути Аллаха: «Мертвецы!». Напротив, они живы, но вы не ощущаете этого.

දෙවියන් විශ්වාස කරන්නනි, අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පිදූ අය විෂයයෙහි වෙනත් අය මිය යදින්නාක් මෙන් සැබවින්ම මොවුන් ද මියගොස් ඇතැයි නුඹලා නොපවසනු. ඔහු තම පරමාධිපති අබියස ජීවත්වන්නෝ වෙති. එය සුවිශේෂී ජීවිතයක් වන බැවින් ඔවුන්ගේ ජීවිතය පිළිබඳ නුඹලාට වැටහීමක් නැත. අල්ලාහ්ගේ වහී හෙවත් ඔහුගෙන් වූ දේව පණිවිඩ මගින් මිස ඒ ගැන දැනගැනීමට වෙනත් මාධ්යයක් නැත.

2:155Страница 24

وَلَنَبۡلُوَنَّكُم بِشَيۡءٖ مِّنَ ٱلۡخَوۡفِ وَٱلۡجُوعِ وَنَقۡصٖ مِّنَ ٱلۡأَمۡوَٰلِ وَٱلۡأَنفُسِ وَٱلثَّمَرَٰتِۗ وَبَشِّرِ ٱلصَّٰبِرِينَ ١٥٥

Мы непременно испытаем вас незначительным страхом, голодом, потерей имущества, людей и плодов. Обрадуй же терпеливых,

නුඹලාගේ සතුරන්ගෙන් ඇතිවන බිය සම්පත් විනාශ වී යෑමෙන් හෝ එය ලබා ගැනීමට අපොහොසත් වීමෙන් එහි ඇති වන හිඟය මිනිසුන් විනාශ කරන ආපදාවන් හෝ අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පිදීමෙන් සිදුවන ආත්ම විනාශය මහපොළොවේ හට ගන්නා බවභෝගවල හිඟය වැනි විවිධ විපත් හා පරීක්ෂණ තුළින් අපි නුඹලා පරීක්ෂණයට ලක් කරන්නෙමු. නබිවරය, මෙම පරීක්ෂණ වලට ඉවසීමෙන් මුහුණ දෙන්නන්හට මෙලොව හා මතුලොව සතුට ඇති බව ඔවුනට ශුභාරංචි දන්වා සිටින්න.

2:156Страница 24

ٱلَّذِينَ إِذَآ أَصَٰبَتۡهُم مُّصِيبَةٞ قَالُوٓاْ إِنَّا لِلَّهِ وَإِنَّآ إِلَيۡهِ رَٰجِعُونَ ١٥٦

которые, когда их постигает беда, говорят: «Воистину, мы принадлежим Аллаху, и к Нему мы вернемся».

එවැන්නෝ තමන්හට යම් විපතක් සිදු වූ විට එය පිළිගෙන භාර ගනිමින් ‘සැබැවින්ම අප සියලු දෙනා සතු වනුයේ අල්ලාහ්ටමය. ඔහු කැමති දෑ අප අතරට ගෙන එයි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සැබැවින්ම අපි හැරී යන්නේ ඔහු වෙතටමය. අප මැව්වේ ඔහුය. අපහට විවිධාකාර ආශිර්වාද පිරිනැමුවේ ඔහුය. අප නැවත හැරී යා යුතු ස්ථානය ඇත්තේ ද ඔහු වෙතය. අප සියලු කටයුතු වල අවසානය ද ඔහුය.’ යැයි පවසන්නෝ වෙති.

2:157Страница 24

أُوْلَٰٓئِكَ عَلَيۡهِمۡ صَلَوَٰتٞ مِّن رَّبِّهِمۡ وَرَحۡمَةٞۖ وَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡمُهۡتَدُونَ ١٥٧

Они удостаиваются благословения своего Господа и милости. Они следуют прямым путем.

මෙම ගතිගුණ වලින් වර්ණනා කරනු ලැබූවන් පිළිබඳ අල්ලාහ් ඔහුගේ උත්තරීතර මලක්වරුන් අතර ප්රශංසා කරනු ඇත. ඔවුන් වෙත අල්ලාහ් තම කරුණාව පහළ කරනු ඇත. නිවැරදි මාර්ගය වෙත මග පෙන්වනු ලැබූවෝ ඔවුහුමය.

2:158Страница 24

۞ إِنَّ ٱلصَّفَا وَٱلۡمَرۡوَةَ مِن شَعَآئِرِ ٱللَّهِۖ فَمَنۡ حَجَّ ٱلۡبَيۡتَ أَوِ ٱعۡتَمَرَ فَلَا جُنَاحَ عَلَيۡهِ أَن يَطَّوَّفَ بِهِمَاۚ وَمَن تَطَوَّعَ خَيۡرٗا فَإِنَّ ٱللَّهَ شَاكِرٌ عَلِيمٌ ١٥٨

Воистину, ас-Сафа и аль-Марва - одни из обрядовых знамений Аллаха. Кто совершает хадж к Каабе или малое паломничество, тот не совершит греха, если пройдет между ними. А если кто добровольно совершает доброе дело, то ведь Аллах - Признательный, Знающий.

මක්කාහ්වේ කඃබාව අසල පිහිටි සෆා හා මර්වා යන කදු දෙක සැවොම දන්නා ප්රසිද්ධ ආගමික සලකුණු වෙති. එහෙයින් කවරෙකු හජ් හෝ උම්රා වන්දනාව ඉටු කරන්නට අපේක්ෂා කරන්නේද ඒ දෙක අතර සක්මන් කිරීමට පාපයක් නැත. ‘සැබැවින්ම එය අඥාන කාලයේ පැවති කටයුත්තක්’ බව විශ්වාස කරමින් ඒ දෙක අතර සක්මන් කිරීමට පසුබට වූ මුස්ලිම්වරුන්ට දිරි ගැන්වීමක් විය. සැබැවින්ම එය හජ්හි පිළිවෙතක් බව අල්ලාහ් පැහැදිලි කළේය. කවරෙකු අවනත වෙමින් සතුටුදායක ක්රියාදාමයන් අමතර වශයෙන් අවංකව ඉටු කරන්නේද සැබැවින්ම අල්ලාහ් ඔහුට කෘතඥපූර්වකය. එය ඔහුගෙන් පිළිගෙන ඒ වෙනුවෙන් ඔහුට කුසල් පිරිනමයි. යහපත සිදු කරන්නන් කවුරුන්දැයිද කුසල් ලබන්නට සුදුස්සන් කවුරුන්දැයිද අල්ලාහ් මැනවින් දනී.

2:159Страница 24

إِنَّ ٱلَّذِينَ يَكۡتُمُونَ مَآ أَنزَلۡنَا مِنَ ٱلۡبَيِّنَٰتِ وَٱلۡهُدَىٰ مِنۢ بَعۡدِ مَا بَيَّنَّٰهُ لِلنَّاسِ فِي ٱلۡكِتَٰبِ أُوْلَٰٓئِكَ يَلۡعَنُهُمُ ٱللَّهُ وَيَلۡعَنُهُمُ ٱللَّٰعِنُونَ ١٥٩

Воистину, тех, которые скрывают ниспосланные Нами ясные знамения и верное руководство после того, как Мы разъяснили это людям в Писании, проклянет Аллах и проклянут проклинающие,

නබිතුමාණන් හා එතුමාණන් ගෙන ආ දෑ සත්යයක් බව පෙන්වා දෙමින් අපි පහළ කළ සාධක ඔවුන්ගේ දේව පුස්තකවල ජනයාට හෙළිදරව් කළ පසු පවා ඒවා වසන් කළ යුදෙව්වන් හා කිතුනුවන් අල්ලාහ්ගේ කරුණාවෙන් බැහැර කරන ලදී. එසේ අල්ලාහ්ගේ කරුණාවෙන් ඔවුන් බැහැර කරන මෙන් ඔවුනට එරෙහි ව මලක්වරු නබිවරු හා සියලු මිනිසුන් ප්රාර්ථනා කරති.

2:160Страница 24

إِلَّا ٱلَّذِينَ تَابُواْ وَأَصۡلَحُواْ وَبَيَّنُواْ فَأُوْلَٰٓئِكَ أَتُوبُ عَلَيۡهِمۡ وَأَنَا ٱلتَّوَّابُ ٱلرَّحِيمُ ١٦٠

за исключением тех, которые раскаялись, исправили содеянное и стали разъяснять истину. Я приму их покаяния, ибо Я - Принимающий покаяния, Милосердный.

නමුත් එම පැහැදිලි සංඥා වසන් කිරීම ගැන පසුතැවිලි වී අල්ලාහ් වෙත යොමු වූ ඔවුන්ගේ බාහිර හා අභ්යන්තර ක්රියාකාරකම් හැඩගස්වා ගත් ඔවුන් වසන් කළ සත්ය හා යහමග පැහැදිලි කළවුන් අල්ලාහ්ගේ කරුණාවෙන් බැහැර කරනු නොලබති. ඔවුහු මා හට අවනත වීම සඳහා ඉදිරියට පැමිණි අය වෙති. එම ගැත්තන් අතුරින් කවරෙකු පාප සමාව අයැද මා වෙත හැරෙන්නේ ද ඔවුනට මම සමාව දෙමි. ඔවුන් වෙත මම කරුණාව දක්වමි.

2:161Страница 24

إِنَّ ٱلَّذِينَ كَفَرُواْ وَمَاتُواْ وَهُمۡ كُفَّارٌ أُوْلَٰٓئِكَ عَلَيۡهِمۡ لَعۡنَةُ ٱللَّهِ وَٱلۡمَلَٰٓئِكَةِ وَٱلنَّاسِ أَجۡمَعِينَ ١٦١

Воистину, на тех, которые не уверовали и умерли неверующими, лежит проклятие Аллаха, ангелов и людей - всех.

නියත වශයෙන්ම සත්යය ප්රතික්ෂේප කොට ඒ ගැන පසුතැවිලි වී සමාව ලබන්නට පෙර එම ප්රතික්ෂේපය මත ම මිය ගිය ඇත්තන් වනාහි අල්ලාහ්ගේ කරුණාවෙන් ඔවුන් ඉවත් ව ඔහුගේ ශාපයට ලක් වනු ඇත. එමෙන්ම අල්ලාහ්ගේ කරුණාවෙන් බැහැර කරන මෙන්ද ඉන් දුරස් කරන මෙන්ද මලක්වරු හා සියලු මිනිසුන් පවා ඔවුනට එරෙහිව ප්රාර්ථනා කරනු ඇත.

2:162Страница 24

خَٰلِدِينَ فِيهَا لَا يُخَفَّفُ عَنۡهُمُ ٱلۡعَذَابُ وَلَا هُمۡ يُنظَرُونَ ١٦٢

Это продлится вечно. Их мучения не будут облегчены, и они не получат отсрочки.

මෙම ශාපය ඔවුන් වෙත අනිවාර්යය වනු ඇත. එක් දිනක් හෝ දඬුවම ඔවුන්ගෙන් ලිහිල් කරනු නොලැබේ. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුහු අතහැර දමනු නොලබති.

2:163Страница 24

وَإِلَٰهُكُمۡ إِلَٰهٞ وَٰحِدٞۖ لَّآ إِلَٰهَ إِلَّا هُوَ ٱلرَّحۡمَٰنُ ٱلرَّحِيمُ ١٦٣

Ваш Бог - Бог Единственный. Нет божества, кроме Него, Милостивого, Милосердного.

ජනයිනි, නුඹලාගේ සත්ය දෙවිඳුන් එකෙකි. ඔහුගේ ගුණාංග හා ස්වරූපය ඔහුටම ආවේණික වූවකි. ඔහු හැර සැබෑ ලෙස නැමදුම් ලබන්නට කිසිවෙකු නැත. ඔහු මහා කාරුණිකය. මහත් කරුණා ගුණයෙන් යුක්තය. තම ගැත්තන් කෙරෙහි අපරමිත දයාන්විතය. ගැණිය නොහැකි තරම් ආශිර්වාද ඔහු තම ගැත්තන් වෙත පිරිනමා ඇත.

2:164Страница 25

إِنَّ فِي خَلۡقِ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَٱخۡتِلَٰفِ ٱلَّيۡلِ وَٱلنَّهَارِ وَٱلۡفُلۡكِ ٱلَّتِي تَجۡرِي فِي ٱلۡبَحۡرِ بِمَا يَنفَعُ ٱلنَّاسَ وَمَآ أَنزَلَ ٱللَّهُ مِنَ ٱلسَّمَآءِ مِن مَّآءٖ فَأَحۡيَا بِهِ ٱلۡأَرۡضَ بَعۡدَ مَوۡتِهَا وَبَثَّ فِيهَا مِن كُلِّ دَآبَّةٖ وَتَصۡرِيفِ ٱلرِّيَٰحِ وَٱلسَّحَابِ ٱلۡمُسَخَّرِ بَيۡنَ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يَعۡقِلُونَ ١٦٤

Воистину, в сотворении небес и земли, в смене ночи и дня, в кораблях, которые плывут по морю с тем, что приносит пользу людям, в воде, которую Аллах ниспослал с неба и посредством которой Он оживил мертвую землю и расселил на ней всевозможных животных, в смене ветров, в облаке, подчиненном между небом и землей, заключены знамения для людей разумеющих.

අහස් හා මහපොළොව මැවීමෙහිද ඒ දෙක අතර පවතින දෑහි ද ප්රාතිහාර්යමත් මැවීම් බොහෝමයක් දක්නට ඇත. රාත්රිය හා දහවල එකිනෙක පසුපසින් යෑමෙහි ද ආහාර ඇඳුම් පැලඳුම් හා ව්යාපාරික භාණ්ඩ මෙන්ම මිනිසාට අවශ්ය කරන වෙනත් භාණ්ඩ පටවාගෙන මුහුදු ජලයෙහි යාත්රා කරන නැව්හිද අල්ලාහ් අහසින් ජලය පතිත කරවා එමගින් මහපොළොවෙහි ගොයම් පැළෑටි සහ ගහ කොළ හට ගන්නට සලස්වා එය ප්රාණවත් කිරීමෙහිද එහි ව්යාප්ත ව දැකිය හැකි ජීවරාශීන්හිද දිශාවෙන් දිශාවට හමන සුළගෙහිද අහස හා පොළව අතර එල්ලී පවතින වලාවන්හිද ප්රාතිහාර්යයන් බොහෝමයක් දැකිය හැක. සැබැවින්ම විද්යාමානව පවතින කරුණු වටහා ගන්නා සාක්ෂි හා සාධක අවබෝධ කර ගන්නා ජනයාට අල්ලාහ්ගේ ඒකීයත්වය පෙන්වා දෙන පැහැදිලි සාක්ෂි හා සාධක ප්රමාණවත් තරමට මේවායෙහි ඇත.

2:165Страница 25

وَمِنَ ٱلنَّاسِ مَن يَتَّخِذُ مِن دُونِ ٱللَّهِ أَندَادٗا يُحِبُّونَهُمۡ كَحُبِّ ٱللَّهِۖ وَٱلَّذِينَ ءَامَنُوٓاْ أَشَدُّ حُبّٗا لِّلَّهِۗ وَلَوۡ يَرَى ٱلَّذِينَ ظَلَمُوٓاْ إِذۡ يَرَوۡنَ ٱلۡعَذَابَ أَنَّ ٱلۡقُوَّةَ لِلَّهِ جَمِيعٗا وَأَنَّ ٱللَّهَ شَدِيدُ ٱلۡعَذَابِ ١٦٥

Среди людей есть такие, которые приобщают к Аллаху равных и любят их так же, как любят Аллаха. Но те, которые уверовали, любят Аллаха сильнее. Если бы беззаконники, узрев мучения, увидели, что могущество целиком принадлежит Аллаху и что Аллах причиняет тяжкие мучения.

මෙසේ පැහැදිලි සාක්ෂි හා සාධක තිබියදීත් ජනයා අතර ඇතැමෙක් අල්ලාහ් හැර වෙනත් දෑ නැමදුමට ගනිති. ඔවුන් ඒවා අල්ලාහ්ගේ සමීපතයින් බවට පත් කර ගෙන අල්ලාහ්ට ප්රිය කරනවාක් සේම ඒවාටත් ප්රිය කරති. අල්ලාහ්ට වඩාත් ප්රියමනාප වනුයේ එවන් දෑ නමදින මොවුනට වඩා සත්යය විශ්වාස කළවුන්ය. ඔවුහු අල්ලාහ්ට කිසිවෙකු ආදේශ නොකළහ. ඔවුහු සතුටේදී මෙන්ම දුකේදීත් ඔහු ව ප්රිය කරති. නමුත් මොවූහු සතුටුදායක තත්ත්වයන්හි පමණක් ඔවුන්ගේ දෙවිවරුන්ට ප්රිය කරති. නමුත් පීඩාකාරී තත්ත්වයකදී අල්ලාහ් හැර වෙනත් කිසිවකුට කණ්ණලව් නොකරති. අපරාධකරුවන් තමන්ගේ ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් නියම වූ දඬවම් මතු ලොවෙහි දෑසින් දකින විට සියලු ශක්තිය ඇත්තේ අල්ලාහ්ට පමණක් බවත් ඔහු ව පිටුපාන්නන්හට දැඩි ලෙස ඔහු දඬුවම් කරන බවත් වටහා ගනු ඇත. එය ඔවුන් දකින විට ඔහු සමග කිසිවකු ආදේශ නොකරනු ඇත.

2:166Страница 25

إِذۡ تَبَرَّأَ ٱلَّذِينَ ٱتُّبِعُواْ مِنَ ٱلَّذِينَ ٱتَّبَعُواْ وَرَأَوُاْ ٱلۡعَذَابَ وَتَقَطَّعَتۡ بِهِمُ ٱلۡأَسۡبَابُ ١٦٦

Когда те, за кем следовали, отрекутся от тех, кто следовал за ними, и увидят мучения, связи между ними оборвутся.

එය, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඇති අර්බුද දෑසින් දකින විට අනුගමනය කරනු ලැබූ ප්රධානීහු ඔවුන් අනුගමනය කළ දුර්වලයින්ගෙන් මිදී යන මොහොතය. ජයග්රහණයේ සියලු කරුණු හා මාධ්යයන් ඔවුන් සමගම විසන්ධි වී යනු ඇත.

2:167Страница 25

وَقَالَ ٱلَّذِينَ ٱتَّبَعُواْ لَوۡ أَنَّ لَنَا كَرَّةٗ فَنَتَبَرَّأَ مِنۡهُمۡ كَمَا تَبَرَّءُواْ مِنَّاۗ كَذَٰلِكَ يُرِيهِمُ ٱللَّهُ أَعۡمَٰلَهُمۡ حَسَرَٰتٍ عَلَيۡهِمۡۖ وَمَا هُم بِخَٰرِجِينَ مِنَ ٱلنَّارِ ١٦٧

Те, которые следовали за другими, скажут: «Если бы у нас был еще один шанс, то мы отреклись бы от них, подобно тому, как они отреклись от нас». Таким же образом Аллах покажет им их деяния, чтобы это опечалило их. Они никогда не выйдут из Огня.

දුබලයින් හා අනුගාමිකයින්: ‘නැවත වාරයක් මෙලොවට පැමිණීමට අවස්ථාවක් තිබිය යුතු නොවේද? එවිට අපගේ නායකයින් අද අපගෙන් වී ගියාක් මෙන් අපටද ඔවුන්ගෙන් වෙන්වී යන්නට තිබුණි’ යැයි පවසති. මතු ලොවෙහි මොවුනට හිමි දැඩි දඬුවම අල්ලාහ් ඔවුනට පෙන්වා දෙන්නාක් මෙන්ම අසත්යය මත වූ ඔවුන්ගේ නායකයින්හට ඔවුන් පිළිපදිමින් සිටි අයගේ අවසානය දුක හා ශෝක ජනක එකක් බව පෙන්වා දෙයි. ඔවුන් නිරා ගින්නෙන් කිසි විටෙක බැහර වන්නන් නොවෙති.

2:168Страница 25

يَٰٓأَيُّهَا ٱلنَّاسُ كُلُواْ مِمَّا فِي ٱلۡأَرۡضِ حَلَٰلٗا طَيِّبٗا وَلَا تَتَّبِعُواْ خُطُوَٰتِ ٱلشَّيۡطَٰنِۚ إِنَّهُۥ لَكُمۡ عَدُوّٞ مُّبِينٌ ١٦٨

О люди! Вкушайте на земле то, что дозволено и чисто, и не следуйте по стопам дьявола. Воистину, он для вас - явный враг.

මිනිසුනි, මහපොළොවේ ඇති සතුන් පැළෑටි හා ගස් තුළින් ඔබේ ආහාරය සපයා ගනු. එය අනුමත ඉපැයීමකින් විය යුතු අතරම හානිදායක නොවූ හිතකර එකක් විය යුතුය. නුඹලා පියවරෙන් පියවර නොමග යවන ෂෙයිතාන්ගේ මාර්ගය අනුගමනය නොකරනු. සැබැවින් ඔහු නුඹලාට පැහැදිලි සතුරෙකි. යමෙකුට හිංසා කරන්නට නොමග යවන්නට ආශා කරන තම සතුරා පිළිපැදීම බුද්ධිමතෙකුට සුදුසු නොවන්නේය.

2:169Страница 25

إِنَّمَا يَأۡمُرُكُم بِٱلسُّوٓءِ وَٱلۡفَحۡشَآءِ وَأَن تَقُولُواْ عَلَى ٱللَّهِ مَا لَا تَعۡلَمُونَ ١٦٩

Воистину, он велит вам творить зло и мерзость и наговаривать на Аллаха то, чего вы не знаете.

ෂෙයිතාන් වන හෙතෙම නුඹලාට නියෝග කරනුයේ ඉමහත් සේ අකුසල් කරන්නටත් මහත්සේ පාපකම් කරන්නටත් අල්ලාහ් ගැන හා ඔහුගේ දූතත්වය ගැන නුඹලා වෙත පැමිණි ඥානය ගැන කිසිදු අවබෝධයකින් තොරව ආගමික ප්රතිපත්තීන් හා පිළිවෙත් තුළ අල්ලාහ් කෙරෙහි බොරු ගොතා පැවසීමටත් ඉඩ සලසා දීමය.

Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии

Содержание

Аят аль-Курси36Аль-Кахфстр. 42джуз 15Бухари 1Муслим 2999

Вид

Тема
Размер текста
Вид

Read in English