Аль-Мухтасар · Тафсир · на сингальском
Аль-Бакара 2:242–265
2:242Страница 39
كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمۡ ءَايَٰتِهِۦ لَعَلَّكُمۡ تَعۡقِلُونَ ٢٤٢
Так Аллах разъясняет вам Свои знамения, - быть может, вы уразумеете.
අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! අල්ලාහ් පැන වූ සීමාවන් හා ඔහුගේ නීති ඇතුළත් මෙම වදන් හා මේ හා සමාන පෙර සඳහන් කරනු ලැබූ වදන් අල්ලාහ් මෙලෙස නුඹලාට පැහැදිලි කරනුයේ මේවා පිළිබඳ නුඹලා අවබෝධය ලබා ඒ අනුව ක්රියා කර මෙලොව හා මතු ලොව යහපත නුඹලා ලබනු පිණිසය.
2:243Страница 39
۞ أَلَمۡ تَرَ إِلَى ٱلَّذِينَ خَرَجُواْ مِن دِيَٰرِهِمۡ وَهُمۡ أُلُوفٌ حَذَرَ ٱلۡمَوۡتِ فَقَالَ لَهُمُ ٱللَّهُ مُوتُواْ ثُمَّ أَحۡيَٰهُمۡۚ إِنَّ ٱللَّهَ لَذُو فَضۡلٍ عَلَى ٱلنَّاسِ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَشۡكُرُونَ ٢٤٣
Разве ты не знаешь о тех, которые покинули свои жилища, опасаясь смерти, хотя их были тысячи? Аллах сказал им: «Умрите!». Затем Он оживил их. Воистину, Аллах милостив к людям, однако большинство людей неблагодарны.
අහෝ! නබිවරය, ඔවුන් බහුතර පිරිසක්ව සිටියදී වසංගතය හේතුවෙන් හෝ වෙනත් කාරණාවක් හේතුවෙන් මරණයට බියෙන් තම නිවෙස් වලින් පිට ව ගියවුන්ගේ තොරතුරු ඔබේ දැනුමට නොලැබුණේද? ඔවුන් ඉස්රාඊල් දරුවන්ගෙන් පිරිසකි. අල්ලාහ් ඔවුනට "නුඹලා මියැදෙනු" යැයි පැවසීය. එවිට ඔවුන් මියැදුණෝය. පසු ව ඔහු ඔවුනට යළි ප්රාණය දුන්නේය. එය සියලුම කරුණු අල්ලාහ් සතුය. ඔවුන් විසින් ඔවුනට පවා කිසිදු සෙතක් හෝ හිංසනයක් සිදු කළ නොහැක, සැබැවින්ම අල්ලාහ් මහත් පරිත්යාග ශීලීය, මිනිසුන්ට් ඔහු ආශිර්වාද කරන්නාය යන්න ඔවුන්හට වටහා දෙනු පිණිසය. නමුත් මිනිසුන් අතර බහුතරයක් දෙනා අල්ලාහ්ගේ ආශිර්වාද වෙනුවෙන් ඔහුට කෘතඥ නොවෙති.
2:244Страница 39
وَقَٰتِلُواْ فِي سَبِيلِ ٱللَّهِ وَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ سَمِيعٌ عَلِيمٞ ٢٤٤
Сражайтесь на пути Аллаха и знайте, что Аллах - Слышащий, Знающий.
අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, නුඹලා අල්ලාහ්ගේ සතුරන් සමග සටන් වදිනු. එය ඔහුගේ දහමට සහය පල කිරීමක් හා ඔහුගේ ප්රකාශය ඉහළින් පිහිටනු වස්ය. සැබැවින්ම අල්ලාහ් නුඹලා පවසන දෑට මැනවින් සවන් දෙන්නා බවත් නුඹලාගේ සිතුවිලි හා නුඹලාගේ ක්රියාවන් පිළිබඳ ඔහු මැනවින් දන්නා බවත් නුඹලා දැන ගනු. ඔහු ඒ සඳහා නුඹලාට මතු ප්රතිඵල පිරිනමනු ඇත.
2:245Страница 39
مَّن ذَا ٱلَّذِي يُقۡرِضُ ٱللَّهَ قَرۡضًا حَسَنٗا فَيُضَٰعِفَهُۥ لَهُۥٓ أَضۡعَافٗا كَثِيرَةٗۚ وَٱللَّهُ يَقۡبِضُ وَيَبۡصُۜطُ وَإِلَيۡهِ تُرۡجَعُونَ ٢٤٥
Если кто-либо одолжит Аллаху прекрасный заем, то Он увеличит его многократно. Аллах удерживает и щедро одаряет, и к Нему вы будете возвращены.
කවරෙකු ණය හා සම්බන්ධ කටයුත්තක නිරත වී දැහැමි චේතනාවකින් යුතු ව හා පිවිතුරු හදවතකින් යුතුව අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කරන්නේද එය ඔහු වෙත ප්රගුණ වී යළි ලැබෙනු ඇත. ඇතැමුන්ට ආහාර පාන, නිරෝගිකම හා වෙනත් දෑහි අල්ලාහ් සීමා කරනු ඇත. ඇතැමුන්ට ඔහුගේ ප්රඥාව ඔහුගේ යුක්තිගරුකභාවය යනාදී ඒ සියලු දෑහි විස්තීරණය ඇති කරයි. මතු ලොවෙහි නුඹලා ඔහු වෙත පමණක් නැවත හැරී යනු ඇත. නුඹලාගේ ක්රියාවන් සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.
2:246Страница 40
أَلَمۡ تَرَ إِلَى ٱلۡمَلَإِ مِنۢ بَنِيٓ إِسۡرَٰٓءِيلَ مِنۢ بَعۡدِ مُوسَىٰٓ إِذۡ قَالُواْ لِنَبِيّٖ لَّهُمُ ٱبۡعَثۡ لَنَا مَلِكٗا نُّقَٰتِلۡ فِي سَبِيلِ ٱللَّهِۖ قَالَ هَلۡ عَسَيۡتُمۡ إِن كُتِبَ عَلَيۡكُمُ ٱلۡقِتَالُ أَلَّا تُقَٰتِلُواْۖ قَالُواْ وَمَا لَنَآ أَلَّا نُقَٰتِلَ فِي سَبِيلِ ٱللَّهِ وَقَدۡ أُخۡرِجۡنَا مِن دِيَٰرِنَا وَأَبۡنَآئِنَاۖ فَلَمَّا كُتِبَ عَلَيۡهِمُ ٱلۡقِتَالُ تَوَلَّوۡاْ إِلَّا قَلِيلٗا مِّنۡهُمۡۚ وَٱللَّهُ عَلِيمُۢ بِٱلظَّٰلِمِينَ ٢٤٦
Не знаешь ли ты о знати сынов Исраила (Израиля), живших после Мусы (Моисея)? Они сказали своему пророку: «Назначь для нас царя, чтобы мы сражались на пути Аллаха». Он сказал: «Может ли быть, что если вам будет предписано сражаться, вы не станете сражаться?». Они сказали: «Отчего же нам не сражаться на пути Аллаха, если мы изгнаны из наших жилищ и разлучены с нашими детьми?». Когда же им было предписано сражаться, они отвернулись, за исключением немногих. Аллах ведает о беззаконниках.
අහෝ නබිවරය! මූසා (අලෛහිස් සලාම්) තුමාගෙන් පසු ජීවත් වූ ඉස්රාඊල් දරුවන් අතර සිටි ප්රභූවරුන්ගේ තොරතුරු ගැන ඔබේ දැනුමට ළඟා නොවූයේද? ඔවුන් තම නබිවරයා දෙස බලා: ‘අල්ලාහ්ගේ මාර්ගයේ ඔහු සමග එක් ව සටන් කරනු වස් අපහට රජෙකු පත් කරනු’ යැයි පවසා සිටි අවස්ථාවේ ඔවුන්ගේ නබිවරයා ඔවුන් දෙස බලා: ‘යුද්ධය නුඹලා වෙත අල්ලාහ් අනිවාර්යය කරන්නේ නම් අල්ලාහ්ගේ මාර්ගයේ නුඹලා සටන් නොකරන්නෙහුද?’ යැයි විමසා සිටියේය. ඔවුන් පිළිබඳ එතුමාට නැගුණු සිතුවිල්ලට විරෝධය පල කරමින් ඔවුන්: ‘එය අපට තීන්දු වී තිබියදී අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කිරීමෙන් අප වළක්වාලනුයේ කවර කරුණක්ද? අපගේ සතුරන් අප ජීවත් වූ දේශයෙන් අපව පිටුවහල් කර ඇත. අපගේ දරුවන් සිරභාරයට ගෙන ඇත. අපේ රටේ සෞභාග්යය වෙනුවෙන් හා අපේ සිරකරුවන්ගේ නිදහස වෙනුවෙන් අපි සටන් කරන්නෙමු’ යැයි පවසා සිටියහ. යුද්ධ කිරීම අල්ලාහ් ඔවුන් වෙත අනිවාර්ය කළ කල්හි ඔවුන් අතර සිටි ස්වල්ප දෙනෙකු මිස සෙසු අය තමන් ලබා දුන් පොරොන්දුව ඉටු නොකොට එයට පිටුපෑහ. අල්ලාහ්ගේ නියෝගය පිටුපාන අපරාධකරුවන් හා ඔහුගේ ගිවිසුම් කඩ කරන්නන් පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නේය. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත.
2:247Страница 40
وَقَالَ لَهُمۡ نَبِيُّهُمۡ إِنَّ ٱللَّهَ قَدۡ بَعَثَ لَكُمۡ طَالُوتَ مَلِكٗاۚ قَالُوٓاْ أَنَّىٰ يَكُونُ لَهُ ٱلۡمُلۡكُ عَلَيۡنَا وَنَحۡنُ أَحَقُّ بِٱلۡمُلۡكِ مِنۡهُ وَلَمۡ يُؤۡتَ سَعَةٗ مِّنَ ٱلۡمَالِۚ قَالَ إِنَّ ٱللَّهَ ٱصۡطَفَىٰهُ عَلَيۡكُمۡ وَزَادَهُۥ بَسۡطَةٗ فِي ٱلۡعِلۡمِ وَٱلۡجِسۡمِۖ وَٱللَّهُ يُؤۡتِي مُلۡكَهُۥ مَن يَشَآءُۚ وَٱللَّهُ وَٰسِعٌ عَلِيمٞ ٢٤٧
Их пророк сказал им: «Аллах назначил вам царем Талута (Саула)». Они сказали: «Как он может стать нашим царем, если мы более достойны править, чем он, и он лишен достатка в имуществе?». Он сказал: «Аллах предпочел его вам и щедро одарил его знаниями и статью. Аллах дарует Свое царство, кому пожелает. Аллах - Объемлющий, Знающий».
ඔවුන්ගේ නබිවරයා ඔවුන් දෙස බලා: ‘සැබවින්ම නුඹලා තාලූත්ගේ යටතේ සටන් කිරීම සඳහා නුඹලාට රජකු ලෙස අල්ලාහ් ඔහු පත් කර ඇත’ යැයි පැවසීය. නමුත් එම තේරීමට විරුද්ධතාව පල කරමින් එයට පිටුපාමින් ඔවුන් අතර සිටි ප්රභූවරු: ‘අප පාලනය කරන්නට ඔහුට බලය හිමිවිය හැක්කේ කෙසේද? එම පාලනයට ඔහුට වඩා සුදුස්සෝ වන්නේ අපමය. වෙනත් රජ දරුවන් මෙන් ඔහු නැත. තම රාජ්ය පාලනයට උදව් වනු වස් විශාල ධනයක් ඔහුට පිරිනමා නැත.’ යැයි පැවසූහ. එවිට ඔවුන්ගේ නබිවරයා: ‘සැබැවින්ම අල්ලාහ් නුඹලා වෙත ඔහු තෝරා දී ඇත. ඔහුගේ දැනුමේ පුළුල් බව හා ශරීර ශක්තිය ඔහුට වර්ධනය කොට දී ඇත. අල්ලාහ් තම කරුණාව හා ප්රඥාව තුළින් තමන් අභිමත කරන අය වෙත රාජ්ය පාලනය පිරිනමන්නේය. තවද අල්ලාහ් මහත් භාග්ය සම්පන්නය. ඔහු කැමති අයට එම භාග්යයන් පිරිනමනු ඇත. මැවීම් අතර එම භාග්යයයට වඩාත් සුදුස්සන් කවුරුන්දැයි ඔහු මැනවින් දන්නාය.
2:248Страница 40
وَقَالَ لَهُمۡ نَبِيُّهُمۡ إِنَّ ءَايَةَ مُلۡكِهِۦٓ أَن يَأۡتِيَكُمُ ٱلتَّابُوتُ فِيهِ سَكِينَةٞ مِّن رَّبِّكُمۡ وَبَقِيَّةٞ مِّمَّا تَرَكَ ءَالُ مُوسَىٰ وَءَالُ هَٰرُونَ تَحۡمِلُهُ ٱلۡمَلَٰٓئِكَةُۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لَّكُمۡ إِن كُنتُم مُّؤۡمِنِينَ ٢٤٨
Их пророк сказал им: «Знамением его царствия станет то, что к вам явится сундук с умиротворением от вашего Господа. В нем будет то, что осталось после семьи Мусы (Моисея) и семьи Харуна (Аарона). Его принесут ангелы. Это будет знамением для вас, если только вы являетесь верующими».
ඔවුන්ගේ නබිවරයා ඔවුන් දෙස බලා: ‘නුඹලා වෙත රජකු වශයෙන් ඔහු තෝරා පත් කර තිබීම සැබෑවක් බවට තහවුරු කරන සලකුණ වනුයේ, නුඹලා වෙත අල්ලාහ් මංජුසාවක් පහළ කිරීමය. -එය ඉස්රාඊල් දරුවන්ගෙන් ගනු ලැබූ ඔවුන් විසින් ගෞරවය කරනු ලැබූ පෙට්ටගමකි.-එහි එය සමග බැදුණු ශාන්තිය හා මූසා හා හාරුන්ගේ පරපුර අතහැර දමා ගොස් ශේෂ වූ සැරයටිය හා ඇතැම් ඵලක වැනි දෑ ද ඇත. නුඹලා සැබෑ විශ්වාස කරන්නන් ලෙස සිටින්නෙහු නම් මෙහි නුඹලාට පැහැදිලි ප්රමාණවත් සලකුණක් ඇත.
2:249Страница 41
فَلَمَّا فَصَلَ طَالُوتُ بِٱلۡجُنُودِ قَالَ إِنَّ ٱللَّهَ مُبۡتَلِيكُم بِنَهَرٖ فَمَن شَرِبَ مِنۡهُ فَلَيۡسَ مِنِّي وَمَن لَّمۡ يَطۡعَمۡهُ فَإِنَّهُۥ مِنِّيٓ إِلَّا مَنِ ٱغۡتَرَفَ غُرۡفَةَۢ بِيَدِهِۦۚ فَشَرِبُواْ مِنۡهُ إِلَّا قَلِيلٗا مِّنۡهُمۡۚ فَلَمَّا جَاوَزَهُۥ هُوَ وَٱلَّذِينَ ءَامَنُواْ مَعَهُۥ قَالُواْ لَا طَاقَةَ لَنَا ٱلۡيَوۡمَ بِجَالُوتَ وَجُنُودِهِۦۚ قَالَ ٱلَّذِينَ يَظُنُّونَ أَنَّهُم مُّلَٰقُواْ ٱللَّهِ كَم مِّن فِئَةٖ قَلِيلَةٍ غَلَبَتۡ فِئَةٗ كَثِيرَةَۢ بِإِذۡنِ ٱللَّهِۗ وَٱللَّهُ مَعَ ٱلصَّٰبِرِينَ ٢٤٩
Когда Талут (Саул) отправился в путь с войском, он сказал: «Аллах подвергнет вас испытанию рекой. Кто напьется из нее, тот не будет со мной. А кто не отведает ее, тот будет со мной. Но это не относится к тем, кто зачерпнет пригоршню воды». Напились из нее все, за исключением немногих из них. Когда же он и уверовавшие вместе с ним перебрались через реку, они сказали: «Сегодня мы не справимся с Джалутом (Голиафом) и его войском». Но те, которые были убеждены в том, что встретятся с Аллахом, сказали: «Сколько малочисленных отрядов победило многочисленные отряды по воле Аллаха!». Ведь Аллах - с терпеливыми.
තාලූත් තම සේනාව සමග ගමින් පිටත් ව ගිය කල්හි ඔහු ඔවුන් දෙස බලා: සැබැවින්ම අල්ලාහ් නුඹලා ගංගාවකින් පරීක්ෂා කරනු ඇත. කවරෙකු එයින් පානය කරන්නේද ඔහු මාගේ මාර්ගයේ පිහිටා සිටින්නෙකු නොවෙයි. ඔහු යුද්ධයේදී මා සමග සහභාගී නොවිය යුතුය. කවරෙකු එයින් පානය නොකළේද ඔහු සැබැවින්ම මාගේ මාර්ගයේ පිහිටා සිටින්නෙකි. යුද්ධයේදී ඔහු මා සමග සහභාගී වනු ඇත. නමුත් කවුරුන් හෝ නොවැළැක්විය හැකි හේතුවක් මත තම අතින් අහුරක් තරම් පාණක් පානය කරන්නේද ඔහු කෙරෙහි වරදක් නැත. දැඩි පිපාසයත් සමග ජලය පානය නොකර ඉවසීමෙන් සිටි ස්වල්ප දෙනෙකු හැර සේනාවේ සෙසු අය ඉන් පානය කළෝය. තාලූත් හා ඔහු සමග සිටි ඔහු ව විශ්වාස කළවුන් ගංගා ව තරණය කළ කල්හි ඔහුගේ සේනාවෙන් තවත් පිරිසක් ‘අද දින ජාලූත් හා ඔහුගේ සේනාව සමග සටන් කිරීමට අපහට ශක්තියක් නොමැතැයි පවසා සිටියෝය. ඒ අවස්ථාවේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ව හමුවන්නේම යැයි තරයේ විශ්වාස කළවුන්: අල්ලාහ්ගේ අනුබලයෙන් හා උදව්වෙන් සංඛ්යාවෙන් අඩු දෙවියන් විශ්වාස කරන කොපමණ සුළු සේනාවන්, සංඛ්යාවෙන් වැඩි දෙවියන් ප්රතික්ෂේප කළ මහා සේනාවන් කොපමණක් අබිබවා ගොස් ජය ගෙන ඇත්දැ’යි පවසා සිටියේය. ජයග්රහණය යනු දේව විශ්වාසය මත පදනම් වූවක් මිස අධිකත්වය පදනම් කරගනිමින් ඇති නොවන්නක් බව මෙහි අපට පෙන්වා දෙන පාඩමයි. අල්ලාහ් තම ගැත්තන් අතර ඉවසලිවන්තයින් සමග සිටියි. ඔහු ඔවුන් ස්ථාවර කරයි. ඔවුනට උපකාර කරයි.
2:250Страница 41
وَلَمَّا بَرَزُواْ لِجَالُوتَ وَجُنُودِهِۦ قَالُواْ رَبَّنَآ أَفۡرِغۡ عَلَيۡنَا صَبۡرٗا وَثَبِّتۡ أَقۡدَامَنَا وَٱنصُرۡنَا عَلَى ٱلۡقَوۡمِ ٱلۡكَٰفِرِينَ ٢٥٠
Когда они показались перед Джалутом (Голиафом) и его войском, то сказали: «Господь наш! Пролей на нас терпение, укрепи наши стопы и помоги нам одержать победу над неверующими людьми».
ජාලූත් හා ඔහුගේ සේනාවට එරෙහි ව ඔවුන් සටන් කිරීමට පිටත් ව ගිය කල්හි අල්ලාහ් වෙත හැරී මෙසේ ප්රාර්ථනා කළෝය: ‘අපගේ පරමාධිපතියාණනි, අපගේ හදවත් මතට ඉවසීම හෙළනු මැනව! සතුරන් ඉදිරියේ අප පරාජයට පත් නොවන සේ සටනින් අප පලා නොයන තරමට අපගේ පාද ශක්තිමත් කරනු මැනව! ඔබගේ බලගැන්වීමෙන් හා ඔබ අප ශක්තිමත් කිරීමෙන් ඔබ ව ප්රතික්ෂේප කරන පිරිසට එරෙහි ව අප හට ජයග්රහණය ලබා දෙනු මැනව!
2:251Страница 41
فَهَزَمُوهُم بِإِذۡنِ ٱللَّهِ وَقَتَلَ دَاوُۥدُ جَالُوتَ وَءَاتَىٰهُ ٱللَّهُ ٱلۡمُلۡكَ وَٱلۡحِكۡمَةَ وَعَلَّمَهُۥ مِمَّا يَشَآءُۗ وَلَوۡلَا دَفۡعُ ٱللَّهِ ٱلنَّاسَ بَعۡضَهُم بِبَعۡضٖ لَّفَسَدَتِ ٱلۡأَرۡضُ وَلَٰكِنَّ ٱللَّهَ ذُو فَضۡلٍ عَلَى ٱلۡعَٰلَمِينَ ٢٥١
Они разгромили их по воле Аллаха. Давуд (Давид) убил Джалута (Голиафа), и Аллах даровал ему царство и мудрость и научил его тому, чему пожелал. Если бы Аллах не сдерживал одних людей посредством других, то земля пришла бы в расстройство. Однако Аллах милостив к мирам.
අල්ලාහ්ගේ අනුමැතියෙන් ඔවුන් ඔවුන් ව පරාජයට පත් කළෝය. ඔවුන්ගේ සේනාධිපති ජාලූත් ව දාවූද් මරා දැමුවේය. අල්ලාහ් ඔහුට රාජ්ය බලය හා දේව දූතත්වය පිරිනැමීය. ඔහු අභිමත කරන සියලුම ආකාරයේ දැනුම ඔහුට ඉගැන්වීය. මෙලොව හා මතු ලොව විධිමත් කර ගන්නට අවශ්ය සියල්ල ඔහුට රැස් කර දුන්නේය. මෙසේ ඇතැම් ප්රචණ්ඩකාරී ජනයාට එරෙහි ව ප්රතිචාර දැක්වීම අල්ලාහ්ගේ පිළිවෙතක් නොවී නම් අපරාධකරුවන්ගේ ග්රහණයට මහපොළොව ලක් වී එය ව්යසනයට පත් වනු ඇත. නමුත් අල්ලාහ් සියලු මැවීම් කෙරෙහි භාග්යය සම්පන්නය. ත්යාගශීලීය.
2:252Страница 41
تِلۡكَ ءَايَٰتُ ٱللَّهِ نَتۡلُوهَا عَلَيۡكَ بِٱلۡحَقِّۚ وَإِنَّكَ لَمِنَ ٱلۡمُرۡسَلِينَ ٢٥٢
Таковы аяты Аллаха. Мы читаем их тебе истинно, и ты - один из посланников.
අහෝ! නබිවරය, අල්ලාහ්ගේ මෙම පැහැදිලි වදන් අපි ඔබට පාරායනය කර පෙන්වන්නෙමු. සත්යය තොරතුරු ද සාධාරණනීය නීති රීති ද මෙහි ඇතුළත් ව ඇත. තවද සැබැවින්ම නුඹ ලෝ වැසියන්ගේ පරමාධිපති විසින් එවනු ලැබූ රසූල්වරුන් අතුරින් කෙනෙකි.
2:253Страница 42
۞ تِلۡكَ ٱلرُّسُلُ فَضَّلۡنَا بَعۡضَهُمۡ عَلَىٰ بَعۡضٖۘ مِّنۡهُم مَّن كَلَّمَ ٱللَّهُۖ وَرَفَعَ بَعۡضَهُمۡ دَرَجَٰتٖۚ وَءَاتَيۡنَا عِيسَى ٱبۡنَ مَرۡيَمَ ٱلۡبَيِّنَٰتِ وَأَيَّدۡنَٰهُ بِرُوحِ ٱلۡقُدُسِۗ وَلَوۡ شَآءَ ٱللَّهُ مَا ٱقۡتَتَلَ ٱلَّذِينَ مِنۢ بَعۡدِهِم مِّنۢ بَعۡدِ مَا جَآءَتۡهُمُ ٱلۡبَيِّنَٰتُ وَلَٰكِنِ ٱخۡتَلَفُواْ فَمِنۡهُم مَّنۡ ءَامَنَ وَمِنۡهُم مَّن كَفَرَۚ وَلَوۡ شَآءَ ٱللَّهُ مَا ٱقۡتَتَلُواْ وَلَٰكِنَّ ٱللَّهَ يَفۡعَلُ مَا يُرِيدُ ٢٥٣
Таковы посланники. Одним из них Мы отдали предпочтение перед другими. Среди них были такие, с которыми говорил Аллах, а некоторых из них Аллах возвысил до степеней. Мы даровали Исе (Иисусу), сыну Марьям (Марии), ясные знамения и поддержали его Святым Духом (Джибрилем). Если бы Аллах пожелал, то следующие за ними поколения не сражались бы друг с другом после того, как к ним явились ясные знамения. Однако они разошлись во мнениях, одни из них уверовали, а другие не уверовали. Если бы Аллах пожелал, то они не сражались бы друг с другом, но Аллах вершит то, что пожелает.
නුඹට අප මෙනෙහි කර සිටි එම රසූල්වරු (දූතවරු) දේව පණිවිඩ ලැබීම, පිළිපැදීම හා තරාතිරම අනුව ඇතැමෙකු ඇතැමෙකුට වඩා අපි උසස් කර ඇත්තෙමු. මූසා (අලය්හිස් සලාම්) තුමා මෙන් අල්ලාහ් සමග ඍජු ව කතා කළ අය ද ඔවුන් අතර වෙති. එමෙන්ම මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් මෙන් තරාතිරම් උසස් කරනු ලැබූ අය ද ඔවුන් අතර වෙති. එතුමාණන් මුළු මිනිස් සංහතියටම රසූල්වරයකු ලෙස එවනු ලැබීය. ඔහු සමගම නබිත්වයටද මුද්රා තබනු ලැබීය. සෙසු සියලු සමූහයන්ට වඩා එතුමාගේ සමූහයා උසස් කරනු ලැබීය. එමෙන්ම මර්යම්ගේ පුත් ඊසාට, මළවුන් පණගැන්වීම ලාදුරු වැනි කුෂ්ඨ රෝග සුව කිරීම වැනි තම නබිත්වය තහවුරු කරන පැහැදිලි ප්රාතිහාර්යයන් අපි පිරිනැමුවෙමු. අල්ලාහ්ගේ නියෝග ක්රියාත්මක කරනු වස් ජිබ්රීල්ගේ සහයද ලබා දී අපි ඔහු බලවත් කළෙමු. අල්ලාහ් අභිමත කර තිබුණේ නම් එම දූතවරුන්ගෙන් පසු පැමිණියවුන් ඔවුන් වෙත පැහැදිලි සාධක පැමිණිමෙන් පසු එකිනෙකා මරා ගන්නට නොතිබුණි. නමුත් ඔවුන් භේදබින්න වී වෙන් වී ගියෝය. ඒ අනුව අල්ලාහ් ව විශ්වාස කළවුන් ද ඔහු ව ප්රතික්ෂේප කළවුන් ද ඔවුන් අතර දකින්නට විය. ඔවුන් එකිනෙකා මරා නොගත යුතු යැයි අල්ලාහ් අභිමත කර තිබුණේ නම් එසේ ඔවුන් මරා නොගනු ඇත. නමුත් අල්ලාහ් තමන් සිතන දේ සිදු කරයි. ඔහු අභිමත කරන අයට ඔහුගේ කරුණාව හා භාග්යයෙන් ඊමාන් හෙවත් දේව විශ්වාසය වෙත මග පෙන්වයි. ඔහු අභිමත කරන අය ඔහුගේ යුක්තිය හා ඔහුගේ ප්රඥාව තුළින් නොමග යන්නට ඉඩ හරියි.
2:254Страница 42
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ أَنفِقُواْ مِمَّا رَزَقۡنَٰكُم مِّن قَبۡلِ أَن يَأۡتِيَ يَوۡمٞ لَّا بَيۡعٞ فِيهِ وَلَا خُلَّةٞ وَلَا شَفَٰعَةٞۗ وَٱلۡكَٰفِرُونَ هُمُ ٱلظَّٰلِمُونَ ٢٥٤
О те, которые уверовали! Делайте пожертвования из того, чем Мы наделили вас, до наступления дня, когда не будет ни торговли, ни дружбы, ни заступничества. А неверующие являются беззаконниками.
අහෝ! අල්ලාහ් ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන් ව අනුගමනය කරන්නනි, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය පැමිණීමට පෙර අප නුඹලාට පෝෂණය කළ පිරිසිදු, අනුමත විවිධ වස්තූන් මගින් නුඹලා වියදම් කරනු. එදින මිනිසාට ප්රයෝජනවත් වන කිසිදු ඉපැයීමක ව්යාපාරයක් නොතිබෙනු ඇත. දැඩි දුෂ්කර අවස්ථාවක ඔහුට සෙතක් ලබා දෙන කිසිදු දානයක් නොතිබෙනු ඇත. අල්ලාහ් අභිමත කරන ඔහු ප්රිය කරන අයට අනුමැතිය ලබා දුන් පසු ව කිසිදු යහපතක් සැලසීමට හෝ කිසිදු හිංසනයකින් වැළැක්වීමට හෝ කිසිදු මාධ්යයක් නොතිබෙනු ඇත. දෙවියන් ප්රතික්ෂේප කරන්නෝ තමන් දෙවියන් ප්රතික්ෂේප කර සිටි බැවින් ඔවුහු සැබෑ අපරාධකායෝ වෙති.
2:255Страница 42
ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَ ٱلۡحَيُّ ٱلۡقَيُّومُۚ لَا تَأۡخُذُهُۥ سِنَةٞ وَلَا نَوۡمٞۚ لَّهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۗ مَن ذَا ٱلَّذِي يَشۡفَعُ عِندَهُۥٓ إِلَّا بِإِذۡنِهِۦۚ يَعۡلَمُ مَا بَيۡنَ أَيۡدِيهِمۡ وَمَا خَلۡفَهُمۡۖ وَلَا يُحِيطُونَ بِشَيۡءٖ مِّنۡ عِلۡمِهِۦٓ إِلَّا بِمَا شَآءَۚ وَسِعَ كُرۡسِيُّهُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَۖ وَلَا يَـُٔودُهُۥ حِفۡظُهُمَاۚ وَهُوَ ٱلۡعَلِيُّ ٱلۡعَظِيمُ ٢٥٥
Аллах - нет божества, кроме Него, Живого, Вседержителя. Им не овладевают ни дремота, ни сон. Ему принадлежит то, что на небесах, и то, что на земле. Кто станет заступаться перед Ним без Его дозволения? Он знает их будущее и прошлое. Они постигают из Его знания только то, что Он пожелает. Его Престол (Подножие Трона) объемлет небеса и землю, и не тяготит Его оберегание их. Он - Возвышенный, Великий.
අල්ලාහ් වනාහි නැමදුම් ලබන්නට ඔහු පමණක් හැර වෙනත් සුදුසු කිසිවකු නැත. ඔහු අමරණීයය. සදා ජීවමානය. විනාශයක් හෝ අඩුවක් ඔහු තුළ දකින්නට නැත. ඔහු ස්වයං ක්රියාකාරී සදා පැවැත්මක් ඇත්තාය. ඔහුගේ සියලු මැවීම් වලින් ඔහු කිසිදු අවශ්යතාවක් නොමැත්තාය. සියලු මැවීම් පවතින්නේ ඔහු තුළිනි. එහෙයින් සෑම අවස්ථාවකම ඔහුගෙන් තොර ව ස්වාධීන ව කටයුතු කරන්නට ඔවුනට නොහැක. ඔහුට නින්දක් හෝ මද නින්දක් හෝ ඇති නොවන්නේය. එය ඔහු සදා ජීවමානී සදා පැවැත්මකින් යුත් නිසාය. අහස්හි හා මහපොළොවේ ඇති පාලනය ඔහුට පමණක් සතුය. ඔහුගේ අනුමැතියෙන් හා ඔහුගේ පිළිගැනීමෙන් පසු ව මිස ඔහු අබියස කිසිවකු වෙනුවෙන් මැදිහත්වීමට කිසිවකුත් හැකියාව නොදරනු ඇත. ගෙවී ගිය කාලය තුළ ඔහුගේ මැවීම් වලට සිදු වුණු සියල්ල ඔහු දනියි. අනාගතයේ සිදුවන්නට යන තවමත් සිදු නොවුණු දෑ ද ඔහු දනියි. ඔහුගේ දැනුමෙන් ඔහු ඔවුනට ඉදිරිපත් කරන්නට අභිමත කළ දෑ හැර වෙනත් කිසිවක් ඔවුනට ඔහුගේ දැනුමෙන් ග්රහණය කළ නොහැක. ඔහුගේ රාජධානිය (පරමාධිපතිගේ පාද පිහිටි ස්ථානය) අහස් හා මහපොළොවේ විශාලත්වයේ හා විෂ්කම්භයේ ප්රමාණයට ආවරණය කොට ඇත. ඒ දෙක ආරක්ෂා කිරීමට කිසිදු අපහසුතාවක් හෝ දුෂ්කරතාවක් ඔහුට නැත. ඔහුගේ පැවැත්මෙන් ඔහුගේ ශක්තියෙන් හා බලාධිකාරයෙන් ඔහු උත්තරීතරය. ඔහුගේ රාජ්යය හා ඔහුගේ බලමහිමය තුළ ඔහු සර්ව බලධාරීය.
2:256Страница 42
لَآ إِكۡرَاهَ فِي ٱلدِّينِۖ قَد تَّبَيَّنَ ٱلرُّشۡدُ مِنَ ٱلۡغَيِّۚ فَمَن يَكۡفُرۡ بِٱلطَّٰغُوتِ وَيُؤۡمِنۢ بِٱللَّهِ فَقَدِ ٱسۡتَمۡسَكَ بِٱلۡعُرۡوَةِ ٱلۡوُثۡقَىٰ لَا ٱنفِصَامَ لَهَاۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٌ ٢٥٦
Нет принуждения в религии. Прямой путь уже отличился от заблуждения. Кто не верует в тагута, а верует в Аллаха, тот ухватился за самую надежную рукоять, которая никогда не сломается. Аллах - Слышащий, Знающий.
ඉස්ලාම් දහම තුළට පිවිසීම සම්බන්ධයෙන් කිසිවකුට බල කිරීමක් නැත. හේතුව එය ඉතා පැහදිලි සත්යය දහම වන බැවිණි. කිසිවකු ඒ වෙත පිවිසීමට බල කිරීමේ අවශ්යතාවක් එහි නැත. ඍජු මග නොමගින් පැහැදිලි ව වෙන් වී ඇත. කවරෙකු අල්ලාහ් හැර නැමුදුම් ලබන සියලු දෑ ප්රතික්ෂේප කොට එයින් දුරස් වී අල්ලාහ් පමණක් විශ්වාස කරන්නේද ඔහු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ජයග්රහණය ඇණ නොහිටින බලවත් හේතු සාධක දහම තුළින් පිළිපැද ඇත්තේය. තවද අල්ලාහ් තම ගැත්තන් පවසන දෑට සවන් දෙන්නාය. ඔවුන් සිදු කරන දෑ පිළිබඳ මැනවින් දන්නාය. ඒ සඳහා ඔහු ප්රතිඵල පිරිනමනු ඇත.
2:257Страница 43
ٱللَّهُ وَلِيُّ ٱلَّذِينَ ءَامَنُواْ يُخۡرِجُهُم مِّنَ ٱلظُّلُمَٰتِ إِلَى ٱلنُّورِۖ وَٱلَّذِينَ كَفَرُوٓاْ أَوۡلِيَآؤُهُمُ ٱلطَّٰغُوتُ يُخۡرِجُونَهُم مِّنَ ٱلنُّورِ إِلَى ٱلظُّلُمَٰتِۗ أُوْلَٰٓئِكَ أَصۡحَٰبُ ٱلنَّارِۖ هُمۡ فِيهَا خَٰلِدُونَ ٢٥٧
Аллах - Покровитель тех, которые уверовали. Он выводит их из мраков к свету. А покровителями и помощниками неверующих являются тагуты, которые выводят их из света к мракам. Они являются обитателями Огня и пребудут там вечно.
අල්ලාහ් ව විශ්වාස කළවුන්ගේ භාරකාරත්වය ඔහු ම භාර ගන්නේය. ඔහු ඔවුනට ආශිර්වාද කරන්නේය. උදව් කරන්නේය. දේව ප්රතික්ෂේපය හා අඥානකම යන අන්ධකාරයන්ගෙන් ඔවුන් බැහැර කොට දේව විශ්වාසය හා ඥානය යන ආලෝකය වෙත මග පෙන්වන්නේය. දෙවියන් ප්රතික්ෂේප කළවුන් වනාහි, ඔවුන්ගේ භාරකරුවන් වන්නේ ව්යාජ දෙවිවරුන් හා පිළිම වෙති. දේව ප්රතික්ෂේපය ඒවා ඔවුනට ආකර්ෂණීයත්වයට පත් කොට ඇත. දේව විශ්වාසය හා ඥානය යන ආලෝකයෙන් ඔවුන් බැහැර කොට දේව ප්රතික්ෂේපය අඥානකම යන අන්ධකාරය වෙතට ඔවුන් යොමු කර ඇත. ඔවුන් නිරා ගින්නේ සහකරුවෝ වෙති. එහි ඔවුන් සදා වෙසෙති.
2:258Страница 43
أَلَمۡ تَرَ إِلَى ٱلَّذِي حَآجَّ إِبۡرَٰهِـۧمَ فِي رَبِّهِۦٓ أَنۡ ءَاتَىٰهُ ٱللَّهُ ٱلۡمُلۡكَ إِذۡ قَالَ إِبۡرَٰهِـۧمُ رَبِّيَ ٱلَّذِي يُحۡيِۦ وَيُمِيتُ قَالَ أَنَا۠ أُحۡيِۦ وَأُمِيتُۖ قَالَ إِبۡرَٰهِـۧمُ فَإِنَّ ٱللَّهَ يَأۡتِي بِٱلشَّمۡسِ مِنَ ٱلۡمَشۡرِقِ فَأۡتِ بِهَا مِنَ ٱلۡمَغۡرِبِ فَبُهِتَ ٱلَّذِي كَفَرَۗ وَٱللَّهُ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلظَّٰلِمِينَ ٢٥٨
Не знаешь ли ты о том, кто спорил с Ибрахимом (Авраамом) относительно его Господа, поскольку Аллах даровал ему царство? Ибрахим (Авраам) сказал ему: «Мой Господь - Тот, Кто дарует жизнь и умерщвляет». Он сказал: «Я дарую жизнь и умерщвляю». Ибрахим (Авраам) сказал: «Аллах заставляет солнце восходить на востоке. Заставь же его взойти на западе». И тогда тот, кто не уверовал, пришел в замешательство. Аллах не ведет прямым путем несправедливых людей.
අහෝ! නබිවරය, අල්ලාහ්ගේ පරමාධිපත්යය හා ඔහුගේ ඒකීයභාවය පිළිබඳ ඉබ්රාහීම් (අලය්හිස් සලාම්) තුමා සමග තර්ක කළ දුෂ්ට පාලකයාගේ අපරාධයේ තරම හා පුදුමය නුඹ දුටුවේද? එසේ ඔහු ඒ තත්ත්වයට පත් වූයේ අල්ලාහ් ඔහුට රාජ්ය බලය පිරිනැමුවායින් පසු ඔහු සීමාව ඉක්මවා ගිය බැවිණි. අල්ලාහ්ගේ ගුණාංග පිළිබඳ ඉබ්රාහීම් (අලය්හිස් සලාම්) තුමා ඔහු දෙස බලා: ‘මාගේ පරමාධිපතියාණන් සියලු මැවීම් වලට ජීවය දෙයි. මරණයට පත් කරයි” යනුවෙන් පැහැදිලි කළේය. එවිට දුෂ්ටයා හිතුවක්කාර ලෙසින්: ‘මම ද ජීවය දෙමි. එමෙන්ම මරණයට පත් කරමි. මම කැමති අය ව ඝාතනය කරමි. මම කැමති අය ව අතහැර දමමි.’ යැයි පැවසීය. එවිට ඉබ්රාහීම් (අලය්හිස් සලාම්) තුමා ඔහු වෙත තවත් සාධකයක් ගෙන ආවේය. එතුමා ඔහුට: ‘මම නමදින මාගේ පරමාධිපති හිරු නැගෙනහිර දෙසින් උදා කරන්නේය. ඔබ එය බටහිර දෙසින් ගෙන එනු' යැයි පවසා සිටියේය. එවිට ඔහු වික්ෂිප්ත වී නිහඬ වීම හැර වෙනත් කිසිවක් කරකියාගත නොහැකි විය. සාධකයේ බලවත්කම ඔහු අබිබවා ගියේය. අල්ලාහ් අපරාධකරුවන්ට ඔවුන්ගේ අපරාධකම් හා දුෂ්ටකම් හේතුවෙන් ඔහුගේ මාර්ගයේ ගමන් කරන්නට ආශිර්වාද නොකරන්නේය.
2:259Страница 43
أَوۡ كَٱلَّذِي مَرَّ عَلَىٰ قَرۡيَةٖ وَهِيَ خَاوِيَةٌ عَلَىٰ عُرُوشِهَا قَالَ أَنَّىٰ يُحۡيِۦ هَٰذِهِ ٱللَّهُ بَعۡدَ مَوۡتِهَاۖ فَأَمَاتَهُ ٱللَّهُ مِاْئَةَ عَامٖ ثُمَّ بَعَثَهُۥۖ قَالَ كَمۡ لَبِثۡتَۖ قَالَ لَبِثۡتُ يَوۡمًا أَوۡ بَعۡضَ يَوۡمٖۖ قَالَ بَل لَّبِثۡتَ مِاْئَةَ عَامٖ فَٱنظُرۡ إِلَىٰ طَعَامِكَ وَشَرَابِكَ لَمۡ يَتَسَنَّهۡۖ وَٱنظُرۡ إِلَىٰ حِمَارِكَ وَلِنَجۡعَلَكَ ءَايَةٗ لِّلنَّاسِۖ وَٱنظُرۡ إِلَى ٱلۡعِظَامِ كَيۡفَ نُنشِزُهَا ثُمَّ نَكۡسُوهَا لَحۡمٗاۚ فَلَمَّا تَبَيَّنَ لَهُۥ قَالَ أَعۡلَمُ أَنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ٢٥٩
Или над тем, кто проходил мимо селения, разрушенного до основания? Он сказал: «Как Аллах воскресит это после того, как все это умерло?». Аллах умертвил его на сто лет, а затем оживил и сказал: «Сколько ты пробыл здесь?». Он сказал: «Я пробыл день или часть дня». Он сказал: «Нет, ты пробыл сто лет. Посмотри на свою еду и воду: они даже не изменились. И посмотри на своего осла. Мы непременно сделаем тебя знамением для людей. Посмотри же, как Мы соберем кости, а затем покроем их мясом». Когда это было показано ему, он сказал: «Я знаю, что Аллах способен на всякую вещь».
වහලවල් කඩා වැටුණු බිත්ති ඇද වැටුණු එහි ජීවත්වූවන් විනාශයට පත්වුණු පාළු වී ගිය ගම්මානයක් අසලින් ගමන් ගත් පුද්ගලයකුගේ උපමා ව නුඹ දුටුවේද? මෙම පුද්ගලයා: ‘මෙම ගම්මානය විනාශ වී ගිය පසු ව නැවත එහි ගම්වැසියන්ට අල්ලාහ් ප්රාණය දෙන්නේ කෙසේදැ’?යි පුදුමයෙන් විමසා සිටියේය. එවිට අල්ලාහ් වසර සියයක් ඔහු මරණයට පත් කොට යළි ඔහුට ජීවය දී ‘ඔබ මරණයට පත් ව කොපමණ කාලයක් සිටියේදැ'යි ඔහුගෙන් විමසීය. ඔහු එයට පිළිතුරු දෙමින්: 'දිනක් හෝ දිනකින් කොටසක් රැදී සිටියෙමි' යැයි පැවසීය. අල්ලාහ් ඔහු දෙස බලා: ‘නැත, නුඹ සම්පූර්ණ වසර සියයක් රැදී සිට ඇත. නුඹ සමග වූ ආහාර පාන දෙස අවධානයෙන් බලනු. ඒවා ඉක්මණින්ම පිළුම්වන දෑ වුවද වෙනස් නොවී ඒ තත්ත්වයේම ඉතිරි ව පවතී. මිය ගිය නුඹේ බූරුවා දෙස ද අවධානයෙන් බලනු. මිනිසුන් මිය ගිය පසු යළි නැගිටුවීමේ හැකියාව අල්ලාහ්ට ඇති බව නිරූපණය කරන පැහැදිලි සාධකයක් හා සංඥාවක් බවට අපි නුඹ ව පත් කරමු. දැන් වෙන් වී ගිය විසිරී ඇති නුඹගේ බූරුවාගේ ඇටකටු දෙස බලනු. එය අපි ඔසවා, එකිනෙක අමුණා මසින් පොරවා යළි ඌට අප පණ දෙන්නේ කෙසේදැයි බලනු. ඔහු එය දුටු විට එහි යථාර්ථය ඔහුට පැහැදිලි විය. අල්ලාහ්ගේ බල මහිමය පිළිබඳ වටහා ගත්තේය. ඔහු එය පිළිගෙන: ‘සැබැවින්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්ව බලධාරී බව ම දැන ගතිමි’ යැයි පැවසීය.
2:260Страница 44
وَإِذۡ قَالَ إِبۡرَٰهِـۧمُ رَبِّ أَرِنِي كَيۡفَ تُحۡيِ ٱلۡمَوۡتَىٰۖ قَالَ أَوَلَمۡ تُؤۡمِنۖ قَالَ بَلَىٰ وَلَٰكِن لِّيَطۡمَئِنَّ قَلۡبِيۖ قَالَ فَخُذۡ أَرۡبَعَةٗ مِّنَ ٱلطَّيۡرِ فَصُرۡهُنَّ إِلَيۡكَ ثُمَّ ٱجۡعَلۡ عَلَىٰ كُلِّ جَبَلٖ مِّنۡهُنَّ جُزۡءٗا ثُمَّ ٱدۡعُهُنَّ يَأۡتِينَكَ سَعۡيٗاۚ وَٱعۡلَمۡ أَنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٞ ٢٦٠
Вот сказал Ибрахим (Авраам): «Господи! Покажи мне, как Ты оживляешь покойников». Он сказал: «Разве ты не веруешь?». Он сказал: «Конечно! Но я хочу, чтобы мое сердце успокоилось». Он сказал: «Возьми четырех птиц, зарежь их, прижав к себе, и положи по кусочку на каждом холме. А потом позови их, и они стремительно явятся к тебе. И знай, что Аллах - Могущественный, Мудрый».
අහෝ! මාගේ පරමාධිපතියාණනි, මිය ගිය ඇත්තන්හට ඔබ යළි ප්රාණය දෙන්නේ කෙසේ දැ?යි මාගේ දෑසට ඔබ පෙන්වනු මැනව’යයි ඉබ්රාහීම් (අලය්හිස් සලාම්) තුමා තම පරමාධිපතිගෙන් ඉල්ලා සිටි අවස්ථාව ගැන -අහෝ නබිවරය,- නුඹ මෙනෙහි කර බලනු. එවිට: ‘මේ ගැන නුඹ තවමත් විශ්වාස නොකළේදැ?’යි අල්ලාහ් එතුමාගෙන් විමසා සිටියේය. ‘එසේ නොව, මම විශ්වාස කළෙමි. නමුත් මාගේ සිතෙහි තැන්පත් බව වැඩි කර ගන්නට මෙසේ අසමි’ යැයි එතුමා පවසා සිටියේය. එවිට අල්ලාහ් ඔහුට නියෝග කොට මෙසේ පැවසීය: ‘නුඹ කුරුලු වර්ග හතරක් ගෙන උන් නුඹට වඩාත් ලෙන්ගතු ලෙස ඇති කොට, පසු ව උන් කොටස් කොට ඒවායින් කොටසක් බැගින් නුඹ අවට පිහිටා ඇති කඳු අතරින් සෑම කන්දක් මත ම තබා පසු ව නුඹ උන් කැඳවන්න. එවිට උන් යළි ප්රාණය ලබා නුඹ වෙත වේගයෙන් පැමිණෙනු ඇත. සැබැවින් අල්ලාහ් ඔහුගේ රාජ්ය පාලනයේ සර්ව බලධාරී බවත් ඔහුගේ කටයුතු වලත් ඔහුගේ පිළිවෙත් හා මැවීම් වලත් ඔහු මහා ප්රඥාවන්ත බවත් දැන ගනු.
2:261Страница 44
مَّثَلُ ٱلَّذِينَ يُنفِقُونَ أَمۡوَٰلَهُمۡ فِي سَبِيلِ ٱللَّهِ كَمَثَلِ حَبَّةٍ أَنۢبَتَتۡ سَبۡعَ سَنَابِلَ فِي كُلِّ سُنۢبُلَةٖ مِّاْئَةُ حَبَّةٖۗ وَٱللَّهُ يُضَٰعِفُ لِمَن يَشَآءُۚ وَٱللَّهُ وَٰسِعٌ عَلِيمٌ ٢٦١
Притчей о тех, кто расходует свое имущество на пути Аллаха, является притча о зерне, из которого выросло семь колосьев, и в каждом колосе - по сто зерен. Аллах увеличивает награду, кому пожелает. Аллах - Объемлющий, Знающий.
අල්ලාහ්ගේ මාර්ගයේ තම වස්තුව වියදම් කරන දේව විශ්වාසකයින්ට හිමි කුසලට උපමාව වනුයේ සාරවත් භූමියක් තුළ ගොවියා පැළ කරන ධාන්ය ඇටයකි. එය කරල් හතක් හට ගන්වයි. සෑම කරලකම ධාන්ය සියයක් බැගින් හට ගනී. එසේ අල්ලාහ් තමන් අභිමත කරන ගැත්තන් හට ගුණ කොට කුසල් පිරිනමනු ඇත. කිසිදු ගණන් බැලීමකින් තොර ව ඔවුන්ගේ ප්රතිඵල ඔවුනට දෙනු ඇත. අල්ලාහ් මහත් භාග්ය සම්පන්නය. ත්යාගශීලීය. ගුණකර දෙනු ලබන්නට සුදුස්සන් කවරුන්ද යන වග ඔහු මැනවින් දන්නාය.
2:262Страница 44
ٱلَّذِينَ يُنفِقُونَ أَمۡوَٰلَهُمۡ فِي سَبِيلِ ٱللَّهِ ثُمَّ لَا يُتۡبِعُونَ مَآ أَنفَقُواْ مَنّٗا وَلَآ أَذٗى لَّهُمۡ أَجۡرُهُمۡ عِندَ رَبِّهِمۡ وَلَا خَوۡفٌ عَلَيۡهِمۡ وَلَا هُمۡ يَحۡزَنُونَ ٢٦٢
Тем, кто расходует свое имущество на пути Аллаха и не сопровождает свои пожертвования попреками и оскорблениями, уготована награда у их Господа. Они не познают страха и не будут опечалены.
අල්ලාහ්ට අවනත වෙමින් ඔහුගේ තෘප්තිය උදෙසා කවරෙකු තම ධනය වියදම් කොට පසු ව ඔවුන් වියදම් කළ දෑ වෙනුවට එහි කුසල් අහිමි කරන කියාවන් සිදු නොකරන්නේද (එනම් කළ දෑ මිනිසුන්හට වචනයෙන් හෝ ක්රියාවෙන් කියා නොපන්නේද) ඔවුනට ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුන් සතු කුසල් ඇත. ඔවුන් මුහුණ දෙන දෑ පිළිබඳ ඔවුන් තුළ කිසිදු බියක් ඇති නොවන්නේය. ඔවුන්ට හිමි ආශිර්වාදයන් සඳහා ඔවුන් ගරුබුහුමන් කළ බැවින් ගෙවී ගිය දෑ පිළිබඳ දුකට පත් වන්නේද නැත.
2:263Страница 44
۞ قَوۡلٞ مَّعۡرُوفٞ وَمَغۡفِرَةٌ خَيۡرٞ مِّن صَدَقَةٖ يَتۡبَعُهَآ أَذٗىۗ وَٱللَّهُ غَنِيٌّ حَلِيمٞ ٢٦٣
Доброе слово и прощение лучше милостыни, за которой следует обидный попрек. Аллах - Богатый, Выдержанный.
දෙවියන් විශ්වාස කරන්නාගේ හදවත තුළ සතුට දන්ව්න යහපත් වචනය හා ඔබ වෙත නපුරක් කරන්නාට පිරිනමන සමාව දානයක් ලබා දී පසු ව දානලාභියාට එය කියාපාමින් වේදනාවට පත් කරන දානයට වඩා උතුම්ය. අල්ලාහ් තම ගැත්තන්ගෙන් කිසිදු අවශ්යතාවක් බලාපොරොත්තු නොවන්නාය. ඔහු ඉවසන සුළුය. ඔවුන්හට දඬුවම පමුණුවීමට ඉක්මන් නොවන්නේය.
2:264Страница 44
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تُبۡطِلُواْ صَدَقَٰتِكُم بِٱلۡمَنِّ وَٱلۡأَذَىٰ كَٱلَّذِي يُنفِقُ مَالَهُۥ رِئَآءَ ٱلنَّاسِ وَلَا يُؤۡمِنُ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِۖ فَمَثَلُهُۥ كَمَثَلِ صَفۡوَانٍ عَلَيۡهِ تُرَابٞ فَأَصَابَهُۥ وَابِلٞ فَتَرَكَهُۥ صَلۡدٗاۖ لَّا يَقۡدِرُونَ عَلَىٰ شَيۡءٖ مِّمَّا كَسَبُواْۗ وَٱللَّهُ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلۡكَٰفِرِينَ ٢٦٤
О те, которые уверовали! Не делайте ваши подаяния тщетными своими попреками и оскорблениями, подобно тому, кто расходует свое имущество ради показухи и не веруют при этом в Аллаха и в Последний день. Притчей о нем является притча о гладкой скале, покрытой слоем земли. Но вот выпал ливень и оставил скалу голой. Они не властны ни над чем из того, что приобрели. Аллах не ведет прямым путем неверующих людей.
අල්ලාහ් ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන් පිළිපදින්නනි. දානලාභියාට තම දානය ගැන කියාපාමින් හා ඔහුට වේදනාව ගෙන දෙමින් නුඹලා පිරිනැමු නුඹලාගේ දානයේ කුසල් අහිමි කර නොගනු. මෙලෙස කටයුතු කරන්නාට උපමාව වනුයේ, තම දානය මිනිසුන්හට පෙන්වීමේ අරමුණින් හා ඔවුන් ඔහු ප්රශංසා කිරීමේ අරමුණින් තම ධනය වියදම් කරන්නෙකු මෙනි. ඔහු අල්ලාහ් හා පරමාන්ත දිනය ද එහි ඇති කුසල් අකුසල් ගැනද විශ්වාස නොකළා වූ දෙවියන් ප්රතික්ෂේප කරන්නෙකි. එයට උපමාව මතුපිටින් පස් ආවරණය වූ මුඩු ගලක් මෙනි. ධාරානිපාත වර්ෂාවක් එම ගල මතට පතිත වෙයි. මතුපිටින් වසා තිබූ පස් තට්ටුව එම ගලින් ඉවතට යයි. එය කිසිවක් නොමැති මුඩු ගලක් බවට පත් වෙයි. මූණිච්චාවට සිදු කරන්නන්හට මුහුණ දෙන්නට සිදු වන්නේද එලෙසමය. ඔවුන්ගේ ක්රියාවන්හි හා ඔවුන් වියදම් කළ ධනයේ කුසල් පහ ව යනු ඇත. ඔවුන්හට අල්ලාහ් අබියස ඉන් කිසිවක් ඉතිරි නොවනු ඇත. අල්ලාහ් ප්රතික්ෂේප කරන්නන්හට තමන් තෘප්තියට පත් වන ඔවුන් කළ ක්රියාවෙන් හා ඔවුන් කළ දානයෙන් ඔවුනට ප්රයෝජනවත් වන දෑ වෙත මඟ පෙන්වන්නේ නැත.
2:265Страница 45
وَمَثَلُ ٱلَّذِينَ يُنفِقُونَ أَمۡوَٰلَهُمُ ٱبۡتِغَآءَ مَرۡضَاتِ ٱللَّهِ وَتَثۡبِيتٗا مِّنۡ أَنفُسِهِمۡ كَمَثَلِ جَنَّةِۭ بِرَبۡوَةٍ أَصَابَهَا وَابِلٞ فَـَٔاتَتۡ أُكُلَهَا ضِعۡفَيۡنِ فَإِن لَّمۡ يُصِبۡهَا وَابِلٞ فَطَلّٞۗ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ بَصِيرٌ ٢٦٥
Притчей о тех, которые расходуют свое имущество, чтобы снискать довольство Аллаха и укрепить себя, является притча о саде на холме. Если его оросит ливень, он приносит плоды вдвойне. Если же его не оросит ливень, то ему бывает достаточно моросящего дождя. Аллах видит то, что вы совершаете.
අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් හා අල්ලාහ්ගේ ප්රතිඥාව සැබෑවක් යැයි සිත් ස්ථාවරයට පත් කර ගනිමින් කිසිදු අකමැත්තකින් තොර ව තම වස්තුව වියදම් කරන දේව විශ්වාසවන්තයින්ට උපමාව සාරවත් උස් තැනිතලාවක පිහිටි වතුයායකි. එයට ධාරානිපාත වැස්සක් හට ගනී. බවභෝග ගුණ කර දෙයි. ධාරානිපාත වැස්සක් නොලැබී පොද වැස්සක් ලැබුණත් එම සාරවත් පොළවට එය සෑහෙයන්නේය. අවංක සිත් ඇත්තන් කරන වියපැහැදම්ද එලෙසමය. එය ස්වල්ප වශයෙන් පිහිටිය ද අල්ලාහ් එය පිළිගනී. එහි ප්රතිඵල ගුණ කර පිරිනමයි. නුඹලා සිදු කරන දෑ අල්ලාහ් නිරීක්ෂා කරමින් සිටියි. අවංක ව දන් දෙන්නන් හා මූණිච්චාවට දන් දෙන්නන්ගේ තත්ත්වයන් ඔහුට සැඟ වී යන්නේ නැත. ඒ සෑම දෙයකටම ගැළපෙන පරිදි ඔහු ප්රතිඵල පිරිනමනු ඇත.
Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии