Аль-Мухтасар · Тафсир · на сингальском
Аль-Бакара 2:266–286
2:266Страница 45
أَيَوَدُّ أَحَدُكُمۡ أَن تَكُونَ لَهُۥ جَنَّةٞ مِّن نَّخِيلٖ وَأَعۡنَابٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ لَهُۥ فِيهَا مِن كُلِّ ٱلثَّمَرَٰتِ وَأَصَابَهُ ٱلۡكِبَرُ وَلَهُۥ ذُرِّيَّةٞ ضُعَفَآءُ فَأَصَابَهَآ إِعۡصَارٞ فِيهِ نَارٞ فَٱحۡتَرَقَتۡۗ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمُ ٱلۡأٓيَٰتِ لَعَلَّكُمۡ تَتَفَكَّرُونَ ٢٦٦
Захочет ли кто-нибудь из вас, если у него будет сад из финиковых пальм и виноградника, в котором текут реки и растут всякие плоды, чтобы его сад был поражен огненным вихрем и сгорел, когда его постигнет старость, а его дети будут еще слабы? Так Аллах разъясняет вам знамения, - быть может, вы поразмыслите.
පුද්ගලයකුට රට ඉඳි හා මිදි වගාවෙන් යුත් වතුයායක් තිබේ. ඒ තුළ බීමට මිහිරි දිය පහරක් ගලා යයි. සෑම වර්ගයකම නැවුම් පලතුරු ද එහි ඔහුට ඇත. එහි අයිතිකරු කිසිවක් කර කියාගත නොහැකි ඉපැයිය නොහැකි වයස්ගත තත්ත්වයට පත් වෙයි. වැඩක් හරිහැටි සිදු කර ගැනීමට හැකියාවක් නැති තත්ත්වයක පසුවන දුර්වල දරු පරපුරක් ඔහුට වෙයි. ඒ සමගම ලැව් ගින්නක් එම වතු යායේ හට ගනී. එම වයස්ගත පුද්ගලයාද තම මහළුවිය හේතුවෙන් හා දුර්වල පරම්පරාවක් ඇති හේතුවෙන් ඒ ගැන දැඩි අවශ්යතාවකින් සිටියදී මුළු වතු යායම පිළිස්සී යයි. මෙසේ සිදු වීම නුඹලාගෙන් කිසිවකු හෝ ප්රිය කරන්නේද? මිනිසුනට පෙන්වීම පිණිස මූණිච්චාවට විදයම් කරන්නාගේ තත්ත්වයද මේ පුද්ගලයා හා සමානය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දැඩි අවශ්යතාවකින් සිටියදී කිසිදු යහපතක් නොමැතිවම ඔහු අල්ලාහ් වෙත පැමිණෙනු ඇත. අල්ලාහ් මෙම විස්තරය පැහැදිලි කළාක් මෙන්ම මෙලොවට හා මතු ලොවට ප්රයෝජනවත් වන දෑ ගැන ද පැහැදිලි කරන්නේය. එය නුඹලා වටහාගෙන ක්රියා කරනු පිණිසය.
2:267Страница 45
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ أَنفِقُواْ مِن طَيِّبَٰتِ مَا كَسَبۡتُمۡ وَمِمَّآ أَخۡرَجۡنَا لَكُم مِّنَ ٱلۡأَرۡضِۖ وَلَا تَيَمَّمُواْ ٱلۡخَبِيثَ مِنۡهُ تُنفِقُونَ وَلَسۡتُم بِـَٔاخِذِيهِ إِلَّآ أَن تُغۡمِضُواْ فِيهِۚ وَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ غَنِيٌّ حَمِيدٌ ٢٦٧
О те, которые уверовали! Делайте пожертвования из приобретенных вами благ и того, что Мы взрастили для вас на земле, и не стремитесь раздать в качестве пожертвования дурное, чего бы вы сами не взяли, пока не зажмурили глаза. И знайте, что Аллах - Богатый, Достохвальный.
අල්ලාහ් ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන් පිළිපදින්නනි, නුඹලා නිත්යනුකූලව ඉපැයූ පිවිතුරු අනුමත දැයින් වියදම් කරනු. අපි නුඹලා වෙනුවෙන් මහපොළොවේ හට ගන්නට සැලැස්වූ දැයින් ද නුඹලා වියදම් කරනු. ඒවායින් පහත් බාල දෑ වියදම් කිරීමට නුඹලා අපේක්ෂා නොකරනු. එය නුඹලාට පිරිනමනු ලැබුවේ නම් පහත් හා බාල බැවින් නුඹලා ද එය පිළි නොගනු ඇත. නුඹලා තෘප්තියට පත් නොවන දෙයකින් අල්ලාහ් ව තෘප්තියට පත් කළ හැක්කේ කෙසේද? නුඹලා කරන වියපැහැදම් ගැන කිසිදු අවශ්යතාවක් අල්ලාහ්ට නොමැති බව නුඹලා දැන ගනු. ඔහුගේ ස්වභාවය තුළ හා ඔහුගේ ක්රියාකාරකම් තුළ ඔහු ප්රශංසාලාභියාය.
2:268Страница 45
ٱلشَّيۡطَٰنُ يَعِدُكُمُ ٱلۡفَقۡرَ وَيَأۡمُرُكُم بِٱلۡفَحۡشَآءِۖ وَٱللَّهُ يَعِدُكُم مَّغۡفِرَةٗ مِّنۡهُ وَفَضۡلٗاۗ وَٱللَّهُ وَٰسِعٌ عَلِيمٞ ٢٦٨
Дьявол угрожает вам бедностью и велит творить мерзость. Аллах же обещает вам прощение от Него и милость. Аллах - Объемлющий, Знающий.
දිළිඳුකම පදනම් කර ගනිමින් ෂෙයිතාන් නුඹලා බිය ගන්වයි. නුඹලා මසුරුකම වෙත පොළඹවයි. පාපකම් හා වැරදි සිදු කරන්නට ඔහු නුඹලා කැඳවයි. නමුත් අල්ලාහ් නුඹලා කරන වැරදි වලට මහත් සේ සමාව දානය කිරීමටත් නුඹලාගේ ආහාර විස්තීරණය කිරීමටත් ප්රතිඥා දෙයි. අල්ලාහ් මහත් භාග්යවන්තය. ඔහුගේ ගැත්තන්ගේ සියලුම තත්ත්වයන් පිළිබඳ මනා දැනුමක් ඇත්තාය.
2:269Страница 45
يُؤۡتِي ٱلۡحِكۡمَةَ مَن يَشَآءُۚ وَمَن يُؤۡتَ ٱلۡحِكۡمَةَ فَقَدۡ أُوتِيَ خَيۡرٗا كَثِيرٗاۗ وَمَا يَذَّكَّرُ إِلَّآ أُوْلُواْ ٱلۡأَلۡبَٰبِ ٢٦٩
Он дарует мудрость, кому пожелает, и тот, кому дарована мудрость, награжден великим благом. Однако поминают назидание только обладающие разумом.
ප්රවේසමෙන් කතා කිරීමේ හා කටයුතු වල නිරත වීමේ ප්රඥාවන්තභාවය අල්ලාහ් තමන් කැමති ගැත්තන්හට පිරිනමයි. කවරෙකුට එය පිරිනමනු ලැබුවේද ඔහුට අධික යහපත පිරිනමනු ලැබීය. අල්ලාහ්ගේ අලෝකයෙන් ආලෝකය ලැබ ඔහුගේ මග පෙන්වීමෙන් මග ලැබ පූර්ණ ප්රඥාවලෝකයෙන් හෙබි අය හැර වෙනත් කිසිවෙකු ඔහුගේ වදන් හා සංඥා තුළින් උපදෙස් නොලබනු ඇත.
2:270Страница 46
وَمَآ أَنفَقۡتُم مِّن نَّفَقَةٍ أَوۡ نَذَرۡتُم مِّن نَّذۡرٖ فَإِنَّ ٱللَّهَ يَعۡلَمُهُۥۗ وَمَا لِلظَّٰلِمِينَ مِنۡ أَنصَارٍ ٢٧٠
Что бы вы ни потратили, какой бы обет вы ни дали, Аллах знает об этом. Но для беззаконников нет помощников.
අල්ලාහ්ගේ තෘප්තිය උදෙසා ස්වල්ප වශයෙන් හෝ විශාල වශයෙන් හෝ නුඹලා වියදම් කර ඇති දෑ ද, නුඹලා වෙත නොපැවරුණු, අල්ලාහ්ට යටහත් වීමේ කටයුත්තක් නුඹලා විසින් නුඹලාට අනිවාර්යය කර ගත්තද ඒ සියල්ල පිළිබඳ අල්ලාහ් දන්නේය. එයින් කිසිවක් ඔහු අබිසය නිෂ්ඵල වී යන්නේ නැත. ඒ සඳහා මහත් ප්රතිඵල ඔහු නුඹලාට පිරිනමනු ඇත. තමන්ට අනිවාර්යය වූ දැයින් වැළකී අපරාධකම් කළවුන්හ්ටත් අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා ගියවුන්ටත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ හිමිවන දඬුවමින් ඔවුන් වළක්වා ගන්නට කිසිදු උදව්කරුවකු නොසිටිනු ඇත.
2:271Страница 46
إِن تُبۡدُواْ ٱلصَّدَقَٰتِ فَنِعِمَّا هِيَۖ وَإِن تُخۡفُوهَا وَتُؤۡتُوهَا ٱلۡفُقَرَآءَ فَهُوَ خَيۡرٞ لَّكُمۡۚ وَيُكَفِّرُ عَنكُم مِّن سَيِّـَٔاتِكُمۡۗ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ خَبِيرٞ ٢٧١
Если вы раздаете милостыню открыто, то это прекрасно. Но если вы скрываете это и раздаете ее неимущим, то это еще лучше для вас. Он простит вам некоторые из ваших прегрешений. Аллах ведает о том, что вы совершаете.
සදකා වශයෙන් නුඹලා වියදම් කරන ධනය නුඹලා විසින් ප්රසිද්ධියේ පිරිනමන්නේ නම් එම සදකා ව යහපතකි. එසේම නුඹලා එය රහසිගතව දුගී දුප්පතුන්හට පිරිනැමුවේ නම් එය එළිපිට ප්රසිද්ධියේ පිරිනමන දානයට වඩා උතුම් වන්නේය. ඊට හේතුව එය ඉහඃලාස් හෙවත් චිත්ත පාරිශුද්ධියට වඩාත් සමීප වන බැවිණි. අවංක චේතනාවකින් යුතු ව පිරිනමන සදකාවන්හි තමන්ගේ පාපයන්ට ආවරණයක් හා පාප ක්ෂමාවක් ඇත්තේය. නුඹලා සිදු කරන දෑ පිළිබඳ සියලු තොරතුරු අල්ලාහ් දන්නේය. නුඹලාගේ තත්ත්වයන් කිසිවක් අල්ලාහ්ට සැඟ වී යන්නේ නැත.
2:272Страница 46
۞ لَّيۡسَ عَلَيۡكَ هُدَىٰهُمۡ وَلَٰكِنَّ ٱللَّهَ يَهۡدِي مَن يَشَآءُۗ وَمَا تُنفِقُواْ مِنۡ خَيۡرٖ فَلِأَنفُسِكُمۡۚ وَمَا تُنفِقُونَ إِلَّا ٱبۡتِغَآءَ وَجۡهِ ٱللَّهِۚ وَمَا تُنفِقُواْ مِنۡ خَيۡرٖ يُوَفَّ إِلَيۡكُمۡ وَأَنتُمۡ لَا تُظۡلَمُونَ ٢٧٢
Вести их прямым путем - не твоя обязанность, ибо Аллах ведет прямым путем, кого пожелает. Все, что вы расходуете, идет на пользу вам самим. Вы расходуете это только из стремления к Лику Аллаха. Какое бы добро вы ни израсходовали, вам воздастся сполна, и с вами не поступят несправедливо.
අහෝ නබිවරය! සත්යය පිළිගැන්වීමටත් එය ඔවුන් පිළිපැදීමටත් ඔවුනට යහමග පිරිනැමීම හෝ ඔවුන් ඒ මත උසුලාගෙන යෑම නුඹගේ වගකීම නොවන්නේය. නුඹට අනිවාර්යය වනුයේ සත්යය වෙත ඔවුනට සාධක ගෙන හැර පෑම හා ඒ ගැන ඔවුන් දැනුවත් කිරීම පමණය. සත්යය ආශිර්වාද කිරීමත් ඒ වෙත මග පෙන්වීමත් අල්ලාහ් සතු වගකීමක් වන්නේය. ඔහු අභිමත කරන අය යහමග යවයි. යම් යහපත් කටයුත්තක් වෙනුවෙන් නුඹලා වියදම් කර ඇත්නම් එහි යහපත නුඹලා වෙත නැවත පැමිණෙනු ඇත. ඊට හේතුව අල්ලාහ් අවශ්යතාවන්ගෙන් තොර වන බැවිණි. නුඹලාගේ වියහියදම් අල්ලාහ් වෙනුවෙන් පමණක් විය යුතුය. සැබෑ මුඃමින්වරුන් හෙවත් දෙවියන් විශ්වාස කරන්නන් අල්ලාහ්ගේ තෘප්තිය උදෙසාම මිස වෙනත් කිසිදු අපේක්ෂාවකින් වියදම් නොකරති. නුඹලා වියදම් කළ යහපත් දෑ සුළු වුවද විශාල වුවද කිසිදු අඩුවකින් තොර ව පූර්ණ ව එහි කුසල් නුඹලාට පිරිනමනු ලබනු ඇත. අල්ලාහ් කිසිෙවෙකුට අසාධාරණයක් සිදු නොකරනු ඇත.
2:273Страница 46
لِلۡفُقَرَآءِ ٱلَّذِينَ أُحۡصِرُواْ فِي سَبِيلِ ٱللَّهِ لَا يَسۡتَطِيعُونَ ضَرۡبٗا فِي ٱلۡأَرۡضِ يَحۡسَبُهُمُ ٱلۡجَاهِلُ أَغۡنِيَآءَ مِنَ ٱلتَّعَفُّفِ تَعۡرِفُهُم بِسِيمَٰهُمۡ لَا يَسۡـَٔلُونَ ٱلنَّاسَ إِلۡحَافٗاۗ وَمَا تُنفِقُواْ مِنۡ خَيۡرٖ فَإِنَّ ٱللَّهَ بِهِۦ عَلِيمٌ ٢٧٣
Милостыня полагается неимущим, которые задержаны на пути Аллаха или не могут передвигаться по земле. Неосведомленный считает их богачами по причине их скромности. Ты узнаешь их по приметам: они не выпрашивают у людей милостыню настойчиво. Какое бы добро вы ни израсходовали, Аллах знает об этом.
අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් හෙවත් ඇප කැප වී කටයුතු කිරීම හේතුවෙන් තම ජීවනෝපාය සොයා යෑමෙන් වළක්වනු ලැබූ දිළිඳුන් හට එය ලබා දෙන්න. ඔවුන් කිසිවක් ඉල්ලා සිටීමෙන් වැළකී සිටින බැවින් ඔවුන් පොහොසත් තත්ත්වයේ පසුවන්නන් ලෙස අවබෝධයක් නොමැත්තා ඔවුන් ගැන සිතනු ඇත. ඔවුන්ගේ ඇඳුමෙහි හා ඔවුන්ගේ ශරීරයෙහි මතුපිටින් පෙනෙන අවශ්යතාවන් දෙස හොඳින් නිරීක්ෂා කර බලන විට ඔවුන්ගේ දිළිඳුකමේ සලකුණු මැනවින් හඳුනාගත හැක. ඔවුන් සෙසු දිළින්දන් මෙන් ජනයාගෙන් බැගෑපත් ව ජනයාගෙන් ඇයැද නොසිටිති. කවර ධනයක් හෝ වස්තුවක් නුඹලා වියදම් කළද සැබැවින්ම අල්ලාහ් ඒ ගැන මැනවින් දන්නාය. ඒ සඳහා අතිමහත් ප්රතිඵල ඔහු නුඹලාට මතු පිරිනමනු ඇත.
2:274Страница 46
ٱلَّذِينَ يُنفِقُونَ أَمۡوَٰلَهُم بِٱلَّيۡلِ وَٱلنَّهَارِ سِرّٗا وَعَلَانِيَةٗ فَلَهُمۡ أَجۡرُهُمۡ عِندَ رَبِّهِمۡ وَلَا خَوۡفٌ عَلَيۡهِمۡ وَلَا هُمۡ يَحۡزَنُونَ ٢٧٤
Тем, кто расходует свое имущество ночью и днем, тайно и явно, уготована награда у их Господа. Они не познают страха и не будут опечалены.
අල්ලාහ්ගේ තෘප්තිය වෙනුවෙන් කිසිදු ආඩම්භරකමකින් හෝ මූණිච්චාවකින් තොර ව අවංක ලෙසින් තම ධනය රෑ දහවල් රහසිගතවද ප්රසිද්ධියේද වියදම් කරන්නන් වනාහි ඔවුනට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුන්ගේ කුසල් දැක ගනු ඇත. ඔවුන් කවර කරුණකට මුහුණ දුන්නද ඒ ගැන කිසිදු බියක් ඔවුනට ඇති වන්නේ නැත. මෙලොවෙහි අතපසු වූ දෑ පිළිබඳ ඔවුන් දුකට පත් වන්නේද නැත. එය අල්ලාහ්ගෙන් වූ භාග්යයක් හා ආශිර්වාදයක් යැයි ඔවුහු සිතති.
2:275Страница 47
ٱلَّذِينَ يَأۡكُلُونَ ٱلرِّبَوٰاْ لَا يَقُومُونَ إِلَّا كَمَا يَقُومُ ٱلَّذِي يَتَخَبَّطُهُ ٱلشَّيۡطَٰنُ مِنَ ٱلۡمَسِّۚ ذَٰلِكَ بِأَنَّهُمۡ قَالُوٓاْ إِنَّمَا ٱلۡبَيۡعُ مِثۡلُ ٱلرِّبَوٰاْۗ وَأَحَلَّ ٱللَّهُ ٱلۡبَيۡعَ وَحَرَّمَ ٱلرِّبَوٰاْۚ فَمَن جَآءَهُۥ مَوۡعِظَةٞ مِّن رَّبِّهِۦ فَٱنتَهَىٰ فَلَهُۥ مَا سَلَفَ وَأَمۡرُهُۥٓ إِلَى ٱللَّهِۖ وَمَنۡ عَادَ فَأُوْلَٰٓئِكَ أَصۡحَٰبُ ٱلنَّارِۖ هُمۡ فِيهَا خَٰلِدُونَ ٢٧٥
Те, которые пожирают лихву, восстанут, как восстает тот, кого дьявол поверг своим прикосновением. Это потому, что они говорили: «Воистину, торговля подобна лихоимству». Но Аллах дозволил торговлю и запретил лихоимство. Если кто-нибудь из них после того, как к нему явится увещевание от его Господа, прекратит, то ему будет прощено то, что было прежде, и его дело будет в распоряжении Аллаха. А кто вернется к этому, те станут обитателями Огня, в котором они пребудут вечно.
පොලිය හා බැඳුණු ගනුදෙනු වල නිරත වී එය භුක්ති විඳින්නන් වනාහි, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ මිනිවළවල් වලින් ඔවුන් යළි නැගිටින විට ෂෙයිතාන් ස්පර්ශ කළ අයකු මෙන් මිස නැගිට නොසිටිති. මීමැස්මොරය සෑදුනු කෙනෙකු නැගිට සිටින විට හෝ වැටෙන විට දඟලන්නාක් මෙන් ඔහු ඔහුගේ මිණිවළින් නැගිටිනු ඇත. එය පොලිය හා අල්ලාහ් ඉපැයීමට අනුමත කළ ව්යාපාරය අතර වෙන් කර හඳුනා නොගෙන පොලිය අනුභව කිරීම ඔවුන් අනුමත කර ගත් බැවිණි. ඔවුහු ‘පොලිය, සැබැවින්ම වෙළඳාම මෙන් අනුමත ක්රියාවකි. ඒ දෙකින්ම ධනය වර්ධනය කරයි’ යැයි පවසා සිටියහ. එවිට අල්ලාහ් ඔවුනට පිළිතුරු දුන්නේය. ඔවුන්ගේ සැසඳීම හා ඔවුන්ගේ බොරුව ව්යර්ථ කළේය. සැබැවින්ම වෙළඳාම තුළ පොදු යහපත මෙන්ම පුද්ගල යහපත ඇති බැවින් එය අනුමත බවත් පොලිය තුළ අසාධාරණය මෙන්ම මිනිසුන් තෘප්තියට පත් නොවන තත්ත්වයේ ඔවුන්ගේ ධනය හූරාකෑමක් සිදු වන බැවින් එය තහනම් කටයුත්තක් බවත් අල්ලාහ් පැහැදිලි කළේය. කවරෙකුට පොලියේ ඇති ප්රවේසම් සහගත තත්ත්වය ගැන හා එය තහනම් බවට වූ උපදෙස පැමිණි පසු ව ඉන් වැළකී අල්ලාහ් වෙත පාප සමාව අයැද සිටියේද මීට පෙර පොලියෙන් ඔහු ලබා ඇති දෑ ඔහු සතු වනු ඇත. එහි වරදක් නැත. නමුත් මින් පසු මුහුණ දෙන දෑහි අල්ලාහ්ගේ නියෝගය ක්රියාත්මක වනු ඇත. ඒ ගැන නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා අල්ලාහ්ගෙන් ලබා ගත් සාක්ෂි හා සාධක ඉදිරිපත් කරමින් එය තහනම් බව දන්වා සිටීමෙන් පසුවත් යළි පොලිය වෙත පිය නගන්නේද ඔහු නිරයට යෑමට සුදුස්සෙකු බවට පත් වන අතරම ඔහු එහි සදාකල් වෙසෙනු ඇත. මෙසේ සදාකල් එහි වෙසෙනු ඇතැයි පැවසීම; පොලිය අනුමත කරමින් එහි නිරත වූ පුද්ගලයා සදාකල් නිරයෙහි සිටී; නැතහොත් එහි දිගු කාලයක් ජීවත් වන බව අර්ථවත් කරයි. නිරයේ සදාකල් වෙසෙනුයේ අල්ලාහ් ප්රතික්ෂේප කරන්නන් වෙති. අල්ලාහ් විශ්වාස කළවුන් එහි සදාකල් නොවෙසෙනු ඇත.
2:276Страница 47
يَمۡحَقُ ٱللَّهُ ٱلرِّبَوٰاْ وَيُرۡبِي ٱلصَّدَقَٰتِۗ وَٱللَّهُ لَا يُحِبُّ كُلَّ كَفَّارٍ أَثِيمٍ ٢٧٦
Аллах уничтожает лихву и приумножает пожертвования. Аллах не любит всяких неблагодарных (или неверующих) грешников.
පොලී ධනය අල්ලාහ් විනාශ කර දමයි. එය නැති කර දමයි. එය හා එයට සමාන දෑ විනාශ කර දමමින් මානසික මට්ටමින් හෝ එහි අභිවෘද්ධිය නැති කර දමමින් භෞතික වශයෙන් හෝ එහි විනාශය සිදු වනු ඇත. නමුත් සදකා නොහොත් දානය ඔහු වර්ධනය කරයි. ඒ සඳහා වූ කුසල් අධික ලෙස ගුණ කර දෙයි. එක් යහපතක් වෙනුවෙන් ඒ හා සමාන යහපත් දහයක සිට හත්සීය දක්වා ගුණ කොට අධික වශයෙන් පිරිනමයි. දානමාන කරන්නන්ගේ ධනයෙහි අභිවෘද්ධිය ඇති කරයි. පාපකම් හා වැරදි කටයුතු වල නිරත වන තහනම් දෑ අනුමත කරන හිතුවක්කාර ලෙස දෙවියන් ප්රතික්ෂේප කරන සෑම කෙනෙකුවම අල්ලාහ් ප්රිය කරන්නේ නැත.
2:277Страница 47
إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ وَأَقَامُواْ ٱلصَّلَوٰةَ وَءَاتَوُاْ ٱلزَّكَوٰةَ لَهُمۡ أَجۡرُهُمۡ عِندَ رَبِّهِمۡ وَلَا خَوۡفٌ عَلَيۡهِمۡ وَلَا هُمۡ يَحۡزَنُونَ ٢٧٧
Воистину, тем, которые уверовали и вершили праведные деяния, совершали намаз и выплачивали закят, уготована награда у их Господа. Они не познают страха и не будут опечалены.
අල්ලාහ් කෙරෙහි විශ්වාසය තබා ඔහුගේ දූතයාණන් පිළිපැද දැහැමි ක්රියාවන් සිදු කොට අල්ලාහ් ආගමානුගත කළ පරිදි සලාතයද ඉටු කොට තම ධනයෙන් එය ලබන්නට සුදුස්සන් වෙත සකාත් පිරිනැමූ අයට ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුන් සතු කුසල් ඇත. ඔවුන් මුහුණ දෙන කරුණු පිළිබඳ ඔවුනට කිසිදු බියක් ඇති නොවන්නේය. එමෙන්ම මෙලොවෙහි ඔවුනට මග හැරුණු දෑ පිළිබඳවත් මග හැරුණු එහි සැපත පිළිබඳවත් ඔවුන් දුක්වන්නේද නැත.
2:278Страница 47
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱتَّقُواْ ٱللَّهَ وَذَرُواْ مَا بَقِيَ مِنَ ٱلرِّبَوٰٓاْ إِن كُنتُم مُّؤۡمِنِينَ ٢٧٨
О те, которые уверовали! Бойтесь Аллаха и не берите оставшуюся часть лихвы, если только вы являетесь верующими.
අල්ලාහ් ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන් ව අනුගමනය කරන්නනි! ඔහුගේ නියෝග පිළිපදිමින් ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් ඔහුට බිය වවු. නුඹලා අල්ලාහ් ව සැබෑ ලෙසින් විශ්වාස කරන්නෙහු නම් ජනයා ළඟ ඇති ඉතිරි පොලිය හා පොලියෙන් කවර දෙයක් ඔහු නුඹලාට තහනම් කළේද එයද ඔවුන්ගෙන් ඉල්ලා සිටීම අතහැර දමනු.
2:279Страница 47
فَإِن لَّمۡ تَفۡعَلُواْ فَأۡذَنُواْ بِحَرۡبٖ مِّنَ ٱللَّهِ وَرَسُولِهِۦۖ وَإِن تُبۡتُمۡ فَلَكُمۡ رُءُوسُ أَمۡوَٰلِكُمۡ لَا تَظۡلِمُونَ وَلَا تُظۡلَمُونَ ٢٧٩
Но если вы не сделаете этого, то знайте, что Аллах и Его Посланник объявляют вам войну. А если вы раскаетесь, то вам останется ваш первоначальный капитал. Вы не поступите несправедливо, и с вами не поступят несправедливо.
නුඹලාට කවර දෙයක් අණ කරනු ලැබුවේද එය නුඹලා සිදු නොකළේ නම් දැනගනු. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් සමග සටන් කිරීමට නුඹලා අධිෂ්ඨාන කරනු. නමුත් නුඹලා අල්ලාහ් වෙත හැරී පශ්චාත්තාප වී පොලිය අතහැර දැමුවේ නම් නුඹලාගේ ප්රාග්ධනයෙන් නුඹලා කවර ප්රමාණයක් ණය ලෙස පිරිනැමුවේද එම ප්රමාණය නුඹලා සතු විය යුත්තකි. නුඹලාගේ ප්රාග්ධනයට වඩා වැඩි මුදලක් අය කර සිටීමෙන් කිසිවකුට අසාධාරණයක් සිදු නොකරනු. ඉන් කිසිවක් අඩු කරනු ලැබීමෙන් නුඹලා ද අසාධාරණයට ලක් නොවිය යුතුය.
2:280Страница 47
وَإِن كَانَ ذُو عُسۡرَةٖ فَنَظِرَةٌ إِلَىٰ مَيۡسَرَةٖۚ وَأَن تَصَدَّقُواْ خَيۡرٞ لَّكُمۡ إِن كُنتُمۡ تَعۡلَمُونَ ٢٨٠
Если должник находится в трудном положении, то дайте ему отсрочку, пока его положение не улучшится. Но дать милостыню будет лучше для вас, если бы вы только знали!
නුඹලා ණය ගැත්තෙකුගෙන් පිරිනැමූ ණය ඉල්ලා සිටියදී ඔහු එය පියවීමට නොහැකි දුෂ්කර තත්ත්වයේ පසුවන්නේ නම් ඔහුට මුදල් පහසුකම් ලැබ ණය පියවීමට හැකි තත්ත්වයක් උදාවන තෙක් එසේ ඉල්ලා සිටීම ප්රමාද කරනු. ණය ඉල්ලා සිටීම අතහැර දමමින් හෝ ඉන් කොටසක් ඔහුගෙන් ඉවත් කරමින් දානයක් ලෙස එය පිරිනමන්නේද ඒ සඳහා අල්ලාහ් අබියස ඇති භාග්යය පිළිබඳ නුඹලා දන්නෙහු නම් එය නුඹලාට වඩාත් උතුම් වනු ඇත.
2:281Страница 47
وَٱتَّقُواْ يَوۡمٗا تُرۡجَعُونَ فِيهِ إِلَى ٱللَّهِۖ ثُمَّ تُوَفَّىٰ كُلُّ نَفۡسٖ مَّا كَسَبَتۡ وَهُمۡ لَا يُظۡلَمُونَ ٢٨١
Бойтесь того дня, когда вы будете возвращены к Аллаху. Тогда каждый человек сполна получит то, что приобрел, и с ними не поступят несправедливо.
නුඹලා සියලු දෙනා අල්ලාහ් වෙත යළි හැරී යන දිනයේ දඬුවමට නුඹලා බිය වනු. එදින නුඹලා ඔහු ඉදිරියේ සිටගෙන සිටිනු ඇත. පසු ව සෑම ආත්මයක්ම ඔහු ඉපැයූ හොඳ නරකට අනුව ප්රතිඵල පිරිනමනු ලබනු ඇත. ඔවුන් ඉපැයූ යහපත් කුසල් කිසිවක අඩුවක් ඇති කරමින් හෝ ඔවුන් සිදු කළ නපුරුකම් සඳහා වූ දඬුවමට වඩා කිසිවක් වැඩි කරමින් හෝ ඔහු අසාධාරණ තත්ත්වයට පත් නොකරනු ඇත.
2:282Страница 48
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا تَدَايَنتُم بِدَيۡنٍ إِلَىٰٓ أَجَلٖ مُّسَمّٗى فَٱكۡتُبُوهُۚ وَلۡيَكۡتُب بَّيۡنَكُمۡ كَاتِبُۢ بِٱلۡعَدۡلِۚ وَلَا يَأۡبَ كَاتِبٌ أَن يَكۡتُبَ كَمَا عَلَّمَهُ ٱللَّهُۚ فَلۡيَكۡتُبۡ وَلۡيُمۡلِلِ ٱلَّذِي عَلَيۡهِ ٱلۡحَقُّ وَلۡيَتَّقِ ٱللَّهَ رَبَّهُۥ وَلَا يَبۡخَسۡ مِنۡهُ شَيۡـٔٗاۚ فَإِن كَانَ ٱلَّذِي عَلَيۡهِ ٱلۡحَقُّ سَفِيهًا أَوۡ ضَعِيفًا أَوۡ لَا يَسۡتَطِيعُ أَن يُمِلَّ هُوَ فَلۡيُمۡلِلۡ وَلِيُّهُۥ بِٱلۡعَدۡلِۚ وَٱسۡتَشۡهِدُواْ شَهِيدَيۡنِ مِن رِّجَالِكُمۡۖ فَإِن لَّمۡ يَكُونَا رَجُلَيۡنِ فَرَجُلٞ وَٱمۡرَأَتَانِ مِمَّن تَرۡضَوۡنَ مِنَ ٱلشُّهَدَآءِ أَن تَضِلَّ إِحۡدَىٰهُمَا فَتُذَكِّرَ إِحۡدَىٰهُمَا ٱلۡأُخۡرَىٰۚ وَلَا يَأۡبَ ٱلشُّهَدَآءُ إِذَا مَا دُعُواْۚ وَلَا تَسۡـَٔمُوٓاْ أَن تَكۡتُبُوهُ صَغِيرًا أَوۡ كَبِيرًا إِلَىٰٓ أَجَلِهِۦۚ ذَٰلِكُمۡ أَقۡسَطُ عِندَ ٱللَّهِ وَأَقۡوَمُ لِلشَّهَٰدَةِ وَأَدۡنَىٰٓ أَلَّا تَرۡتَابُوٓاْ إِلَّآ أَن تَكُونَ تِجَٰرَةً حَاضِرَةٗ تُدِيرُونَهَا بَيۡنَكُمۡ فَلَيۡسَ عَلَيۡكُمۡ جُنَاحٌ أَلَّا تَكۡتُبُوهَاۗ وَأَشۡهِدُوٓاْ إِذَا تَبَايَعۡتُمۡۚ وَلَا يُضَآرَّ كَاتِبٞ وَلَا شَهِيدٞۚ وَإِن تَفۡعَلُواْ فَإِنَّهُۥ فُسُوقُۢ بِكُمۡۗ وَٱتَّقُواْ ٱللَّهَۖ وَيُعَلِّمُكُمُ ٱللَّهُۗ وَٱللَّهُ بِكُلِّ شَيۡءٍ عَلِيمٞ ٢٨٢
О те, которые уверовали! Если вы заключаете договор о долге на определенный срок, то записывайте его, и пусть писарь записывает его справедливо. Писарь не должен отказываться записать его так, как его научил Аллах. Пусть он пишет, и пусть берущий взаймы диктует и страшится Аллаха, своего Господа, и ничего не убавляет из него. А если берущий взаймы слабоумен, немощен или не способен диктовать самостоятельно, пусть его доверенное лицо диктует по справедливости. В качестве свидетелей призовите двух мужчин из вашего числа. Если не будет двух мужчин, то одного мужчину и двух женщин, которых вы согласны признать свидетелями, и если одна из них ошибется, то другая напомнит ей. Свидетели не должны отказываться, если их приглашают. Не тяготитесь записать договор, будь он большим или малым, вплоть до указания его срока. Так будет справедливее перед Аллахом, убедительнее для свидетельства и лучше для избежания сомнений. Но если вы заключаете наличную сделку и расплачиваетесь друг с другом на месте, то на вас не будет греха, если вы не запишите ее. Но призывайте свидетелей, если вы заключаете торговый договор, и не причиняйте вреда писарю и свидетелю. Если же вы поступите так, то совершите грех. Бойтесь Аллаха - Аллах обучает вас. Аллах ведает о всякой вещи.
අහෝ අල්ලාහ් විශ්වාස කොට ඔහුගේ දූතයාණන්ව පිළිපදින්නනි! නුඹලා අතර කිසිවකු විසින් කිසිවකුට නියමිත කල් ණයක් ලබා දෙමින් ගනුදෙනු වල නිරත වන්නේ නම් එම කල් ණය පිළිබඳ සටහන් කරනු. එය ආගමානුකූල ව එයට ගැළපෙන පරිදි සත්යය හා සාධාරණ ලියන්නකු විසින් නුඹලා ඉදිරියේ සටහන් කළ යුතුය. යුක්තිය හා සාධාරණය පිළිබඳ අල්ලාහ් තමන්හට කවර දැයක් උගන්වා ඇත්තේ ද එයට අනුකූල ව එසේ සටහන් කරන්නා එම ණය ලිවීමෙන් කිසිවෙකු වැළැක්විය නොයුතුය. වගකීම කවුරුන් වෙත පැවරෙන්නේද ඔහු ගැන සැලකිල්ලට ගෙන ඔහු පිළිගන්නා අයුරින් ලියන්නා විසින් ලිවිය යුතුයි. ඒ සම්බන්ධයෙන් ඔහු අල්ලාහ්ට බැතිමත් විය යුතුයි. ණය හා සම්බන්ධ ව එකඟ වූ ප්රමාණයෙහි, වර්ගයෙහි හා ක්රමයෙහි කිසිදු අඩුවක් නොකළ යුතුයි. වගකීම පැවරුණු අයට එම ගනුදෙනු ව යහපත් අයුරින් ඉටු කළ නොහැකි වී නම් හෝ ඔහු කුඩා වයසේ පසුවීම හා උමතුභාවය වැනි හේතුන් නිසා දුර්වල තත්ත්වයේ පසුවන්නේ නම් හෝ ගොලු වැනි ශරීර ඌණතාවක් හේතුවෙන් හෝ එය පියවීමට නොහැකිවී නම් හෝ ඔහු වෙනුවෙන් වගකීම් දරන්නන් යුක්තිගරුක ව හා සාධාරණ ලෙසින් එම ණය පියවීමට ඉදිරිපත් විය යුතුය. යුක්තිගරුක බුද්ධිය ඇති පිරිමින් දෙදෙනෙකු ඒ සඳහා සාක්ෂිකරුවන් වශයෙන් පත් කර ගත යුතුය. පිරිමින් දෙදෙනෙකු නොලැබුණු විටෙක එක් පිරිමියකු හා ඔවුන්ගේ දහම හා වගකීම පිළිබඳ නුඹලා තෘප්තියට පත්වන එක් කාන්තාවකට අමතක වූ විට අනෙක් කාන්තාව විසින් මතක් කර දිය හැකි අයුරින් කාන්තාවන් දෙදෙනෙකු සාක්ෂිකරුවන් ලෙස පත් කර ගනු. ණයක් සම්බන්ධ ව සාක්ෂියට ඔවුන් ඇරයුම් කරනු ලබන විට එම සාක්ෂිය නොවැළැක්විය යුතුය. ඒ සඳහා ඇරයුම් කරනු ලබන විට එයට පෙනී සිටීම ඔවුන්ගේ වගකීම වන්නේය.සටහන් කළ නියමිත ගිවිසුමෙන් නුඹලා නැඹුරු නොවිය යුතුයි. ණය පිළිබඳ ලියා තබා ගැනීම අල්ලාහ්ගේ දහම තුළ වඩාත් සාධාරණ එකක් වන්නේය. සාක්ෂි ඉදිරිපත් කිරීමටත් එය ඉටු කිරීමටත් වඩාත් සුදුසු වන්නේය. ණය වර්ගය එහි ප්රමාණය හා එහි කාලය සම්බන්ධ ව ඇති වන සැකය දුරු කිරීමටත් වඩාත් යෝග්ය වන්නේය.නමුත් නුඹලා අතර පවතින ව්යාපාර ගිවිසුම අත්පිට මුදලක් හෝ අත්පිට භාණ්ඩයක් සම්න්ධයෙන් නම් ලිවීමේ අවශ්යතාවක් එහි ඇති නොවන බැවින් එය අතහැර දැමීමේ වරදක් නැත. එසේ සාක්ෂි දැරීම නුඹලාට ආගමානුගත කර ඇත්තේ ගැටලු ඇති කරන හේතූන් හා තත්ත්වයන් වැළැක්වීම සඳහාය. ලේඛන ගත කරන්නන් හා සාක්ෂිකරුවන් කිසිවකු නුඹලා විසින් හිංසා පීඩාවට පත් නොකළ යුතුය. එමෙන්ම ඔවුන් එසේ ලිවීමටත් සාක්ෂි දැරීමටත් ඉල්ලා සිටින්නා ද හිංසාවට පත් නොවිය යුතුය. නුඹලා අතර කිසිවකු එසේ හිංසා පීඩා ඇතිි කරන්නේද සැබැවින්ම ඔහු අල්ලාහ්ට අවනත වීමෙන් බැහැර වී තම පාපය වෙත යොමු වන්නේය. අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි! අල්ලාහ් නුඹලාට කවර කරුණක් අණ කර තිබේද ඒවා පිළිපදිමින් කවර කරුණක් නුඹලාට තහනම් කර තිබේද නුඹලා ඒවායින් වැළකී සිටිමින් නුඹලා අල්ලාහ්ට බිය වනු. එහි නුඹලාගේ මෙලොව හා මතු ලොව ජීවිතයේ ඇති යහපත පිළිබඳ අල්ලාහ් නුඹලාට උගන්වන්නේය. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳ මැනවින් දන්නාය. කිසිවක් ඔහුට සැඟ වී යන්නේ නැත.
2:283Страница 49
۞ وَإِن كُنتُمۡ عَلَىٰ سَفَرٖ وَلَمۡ تَجِدُواْ كَاتِبٗا فَرِهَٰنٞ مَّقۡبُوضَةٞۖ فَإِنۡ أَمِنَ بَعۡضُكُم بَعۡضٗا فَلۡيُؤَدِّ ٱلَّذِي ٱؤۡتُمِنَ أَمَٰنَتَهُۥ وَلۡيَتَّقِ ٱللَّهَ رَبَّهُۥۗ وَلَا تَكۡتُمُواْ ٱلشَّهَٰدَةَۚ وَمَن يَكۡتُمۡهَا فَإِنَّهُۥٓ ءَاثِمٞ قَلۡبُهُۥۗ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ عَلِيمٞ ٢٨٣
Если вы окажетесь в поездке и не найдете писаря, то назначьте залог, который можно получить в руки. Но если один из вас доверяет другому, то пусть тот, кому доверено, вернет доверенное ему и убоится Аллаха, своего Господа. Не скрывайте свидетельства. А у тех, кто скрывает его, сердце поражено грехом. Аллаху известно о том, что вы совершаете.
නුඹලා ගමනක නිරතව සිට ණය ගිවිසුම ලියන්නට කිසිදු ලේකකයෙකු නුඹලාට නොලැබුණේ නම් ණය හිමියාහට උකසට යමක් ලබා දී ණය ගැත්තා එය ලබා ගැනීම ප්රමාණවත් වන්නේය. පිරිනමනු ලබන එම උකස් භාණ්ඩය ණය ගැත්තා ණය පියවීමේ වගකීම සඳහා ඇපයක් වනු ඇත. නමුත් නුඹලා එකිනෙකා අතර දැඩි විශ්වාසයෙන් පසුවන්නේ නම් ලිවීමක් හෝ සාක්ෂියක් හෝ උගසක් හෝ අවශ්ය වන්නේ නැත. එවිට ණය ගැත්තන්ගේ භාරයේ පවතින වගකීමක් ලෙස එම ණය පත් වනු ඇත. ඔහුගේ එම ණය පියවා දැමීම ඔහුට අනිවාර්යය වේ. එම වගකීම සම්බන්ධයෙන් අල්ලාහ්ට බිය විය යුතුය. කිසිදු වංචාවක් සිදු නොකළ යුතුය. එසේ යම් කිසි වංචාවක් සිදු කළේ නම් ගනුදෙනු සඳහා ඉදිරිපත් වූ සාක්ෂිකරුවන් මත පැවරෙනු ඇත. එය ඔහු සැඟවීම සුදුසු නැත. කවරෙකු එය වසන් කරන්නේද සැබැවින්ම එවැනි අයකුගේ හදවත පාපී හදවතක් වන්නේය. නුඹලා සිදු කරන දෑ පිළිබඳ අල්ලාහ් සර්ව ඥානීය. ඔහුට කිසිවක් සැඟ වී යන්නේ නැත. නුඹලාගේ ක්රියාවන් සඳහා ඔහු නුඹලාට මතු ප්රතිඵල පිරිනමනු ඇත.
2:284Страница 49
لِّلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۗ وَإِن تُبۡدُواْ مَا فِيٓ أَنفُسِكُمۡ أَوۡ تُخۡفُوهُ يُحَاسِبۡكُم بِهِ ٱللَّهُۖ فَيَغۡفِرُ لِمَن يَشَآءُ وَيُعَذِّبُ مَن يَشَآءُۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٌ ٢٨٤
Аллаху принадлежит то, что на небесах, и то, что на земле. Обнаружите ли вы то, что в ваших душах, или утаите, Аллах предъявит вам счет за это. Он прощает, кого пожелает, и причиняет мучения, кому пожелает. Аллах способен на всякую вещь.
අහස්හි හා මහපොළොවේ ඇති මැවීම් ආධිපත්යය හා සැලසුම් කිරීම යන සියල්ල අල්ලාහ්ට පමණක් සතු වන්නේය. නුඹලාගේ සිත් තුළ ඇති දෑ නුඹලා හෙළි කළ ද ඒවා සඟවා ගත්තද ඒ සියල්ල පිළිබඳ අල්ලාහ් දන්නේය. ඒවා සම්බන්ධයෙන් ඔහු නුඹලාගෙන් විමසනු ඇත. පසු ව ඔහුගේ ආශිර්වාදය හා දයාවෙන් ඔහු අභිමත කරන අයට සමාව දෙනු ඇත. සාධාරණ ව හා ප්රඥාවෙන් යුතු ව ඔහු අභිමත අයට දඬුවම් කරනු ඇත. අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්ව බලධාරියාණන් ය.
2:285Страница 49
ءَامَنَ ٱلرَّسُولُ بِمَآ أُنزِلَ إِلَيۡهِ مِن رَّبِّهِۦ وَٱلۡمُؤۡمِنُونَۚ كُلٌّ ءَامَنَ بِٱللَّهِ وَمَلَٰٓئِكَتِهِۦ وَكُتُبِهِۦ وَرُسُلِهِۦ لَا نُفَرِّقُ بَيۡنَ أَحَدٖ مِّن رُّسُلِهِۦۚ وَقَالُواْ سَمِعۡنَا وَأَطَعۡنَاۖ غُفۡرَانَكَ رَبَّنَا وَإِلَيۡكَ ٱلۡمَصِيرُ ٢٨٥
Посланник и верующие уверовали в то, что ниспослано ему от Господа. Все они уверовали в Аллаха, Его ангелов, Его Писания и Его посланников. Они говорят: «Мы не делаем различий между Его посланниками». Они говорят: «Слушаем и повинуемся! Твоего прощения мы просим, Господь наш, и к Тебе предстоит прибытие».
අල්ලාහ්ගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණෝ තම පරමාධිපති වෙතින් තමන් වෙත පහළ කරනු ලැබූ සියලු දෑ විශ්වාස කළහ. එසේම සත්යය විශ්වාස කළ දේව විශ්වාසවන්තයෝද විශ්වාස කළෝය. ඔවුන් සියල්ලෝම විශ්වාස කළෝය. අල්ලාහ්ගේ සියලුම මලක්වරුන් පිළිබඳවත් ඔහු නබිවරුන්ට පහළ කළ ඔහුගේ සියලුම පුස්තක පිළිබඳවත් ඔහු එවූ සියලුම දහම් දූතවරුන් පිළිබඳවත් විශ්වාස කළෝය. එසේ විශ්වාස කරමින්: “අල්ලාහ්ගේ රසූල්වරුන් අතුරින් කිසිවකු අපි වෙන් කොට නොසලකමු” යැයි පැවසුවෝය. තවදුරටත් “ඔබ අපට කවර දෙයක් අණ කර සිටියේද අපි එයට සවන් දුනිමු. කවර දෙයක් අපට තහනම් කර සිටියේද එයින් අපි වැළකී සිටියෙමු. ඔබ කවර දෙයක් අණ කර සිටියේද එය ක්රියාවට නංවමින්ද ඔබ කවර දෙයකින් අප වැළැක්වූයේද එයින් වැළකී සිටිමින් අපි ඔබට අවනත වූයෙමු. අහෝ! අපගේ පරමාධිපතියාණනි, අපහට සමාව දෙනු මැනව! සැබැවින්ම අපගේ අවසන් නවාතැන ඔබ වෙත පමණය. අපගේ සියලු කටයුතු වලදී අපි යොමු විය යුත්තේ ඔබ වෙත පමණය.
2:286Страница 49
لَا يُكَلِّفُ ٱللَّهُ نَفۡسًا إِلَّا وُسۡعَهَاۚ لَهَا مَا كَسَبَتۡ وَعَلَيۡهَا مَا ٱكۡتَسَبَتۡۗ رَبَّنَا لَا تُؤَاخِذۡنَآ إِن نَّسِينَآ أَوۡ أَخۡطَأۡنَاۚ رَبَّنَا وَلَا تَحۡمِلۡ عَلَيۡنَآ إِصۡرٗا كَمَا حَمَلۡتَهُۥ عَلَى ٱلَّذِينَ مِن قَبۡلِنَاۚ رَبَّنَا وَلَا تُحَمِّلۡنَا مَا لَا طَاقَةَ لَنَا بِهِۦۖ وَٱعۡفُ عَنَّا وَٱغۡفِرۡ لَنَا وَٱرۡحَمۡنَآۚ أَنتَ مَوۡلَىٰنَا فَٱنصُرۡنَا عَلَى ٱلۡقَوۡمِ ٱلۡكَٰفِرِينَ ٢٨٦
Аллах не возлагает на человека сверх его возможностей. Ему достанется то, что он приобрел, и против него будет то, что он приобрел. Господь наш! Не наказывай нас, если мы позабыли или ошиблись. Господь наш! Не возлагай на нас бремя, которое Ты возложил на наших предшественников. Господь наш! Не обременяй нас тем, что нам не под силу. Будь снисходителен к нам! Прости нас и помилуй! Ты - наш Покровитель. Помоги же нам одержать верх над неверующими людьми.
කිසිදු ක්රියාවක් දැරිය හැකි ප්රමාණයකට මිස කිසිවකු මත අල්ලාහ් පටවන්නේ නැත. ඊට හේතුව අල්ලාහ්ගේ දහම පහසු ව මත පදනම් වූවක් බැවිණි. එහි කිසිදු දුෂ්කරතාවක් නැත. එහෙයින් කවරෙකු යහපත උපයන්නේද ඔහු සිදු කළ දෑහි කුසල ඔහු සතු වනු ඇත. ඉන් කිසිවක් අඩු නොකරනු ඇත. එසේම කවරෙකු යම් අයහපතක් උපයන්නේද ඔහු ඉපැයූ පාපයේ ප්රතිවිපාකය ඔහු සතු වන්නේය. වෙනත් අයකු එය උසුලන්නේ නැත. අල්ලාහ්ගේ දූතයාණන් හා විශ්වාසවන්තයින් මෙසේ පවසා සිටියහ. “අපගේ පරමාධිපතියාණනි, කිසිදු චේතනාවකින් තොර ව අපට යම් ක්රියාවක හෝ ප්රකාශයක යම් අමතකවීමක් සිදු වී නම් හෝ අපට වැරදුණේ නම් හෝ ඒ සඳහා අපට දඬුවම් නොකරනු මැනව! අහෝ! පරමාධිපතියාණනි, ඔවුන්ගේ අපරාධකම් හේතුවෙන් නුඹ ඔවුනට දඬුවම් කළ, අපට පෙර විසූ යුදෙව් ජනයා හට පැටවූවාක් මෙන් දරා ගත නොහැකි දුෂ්කරතා අප වෙත නොපටවනු මැනව! අපට දැරිය නොහැකි දුෂ්කර විධාන හා තහනම් අප මත නොපටවනු මැනව! අපගේ පාපයන් නොසලකා හරිනු මැනව! අපට සමාව දෙනු මැනව! ඔබේ ආශිර්වාදයෙන් අපට කරුණා කරනු මැනව! ඔබ අපගේ භාරකරුය. අපගේ උදව්කරුය. එබැවින් ඔබ ව ප්රතික්ෂේප කරන ජනයාට එරෙහි ව අපට උදව් කරනු මැනව!
Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии