Аль-МухтасарТа Ха · 20:69–117

Аль-Мухтасар · Тафсир · на сингальском

Та Ха 20:69–117

20:69Страница 316

وَأَلۡقِ مَا فِي يَمِينِكَ تَلۡقَفۡ مَا صَنَعُوٓاْۖ إِنَّمَا صَنَعُواْ كَيۡدُ سَٰحِرٖۖ وَلَا يُفۡلِحُ ٱلسَّاحِرُ حَيۡثُ أَتَىٰ ٦٩

Брось то, что держишь в своей деснице, и оно проглотит содеянное ими. Воистину, содеянное ими - это козни колдуна, а колдун не преуспеет, куда бы он ни пришел».

"සර්පයකු බවට වෙනස් වන ඔබේ දකුණතෙහි ඇති සැරයටිය විසි කරනු. ඔවුන් සිදු කළ හූනියම් ඌ ගිල දමනු ඇත. ඔවුන් සිදු කළ දෑ කූට හූනියමක් මිස නොවීය. හූනියම් කරුවන් කවර ස්ථානයකින් ගෙන්වනු ලැබුව ද ඔවුන් ජය නොලබන්නෝය."

20:70Страница 316

فَأُلۡقِيَ ٱلسَّحَرَةُ سُجَّدٗا قَالُوٓاْ ءَامَنَّا بِرَبِّ هَٰرُونَ وَمُوسَىٰ ٧٠

Колдуны пали ниц и сказали: «Мы уверовали в Господа Харуна (Аарона) и Мусы (Моисея)!».

එවිට මූසා ඔහුගේ සැරයටිය විසි කළේය. එය සර්පයෙකු බවට පත් විය. හූනියම් කරුවන් මවා පෙන්වූ දෑ ඌ ගිල දැමීය. පසු ව මූසා අබියස ඇති දෑ හූනියමක් නොවන බවත්, සැබැවින්ම එය අල්ලාහ් වෙතින් වූවක් බවත් හූනියම් කරුවන් වටහා ගත් බැවින් ඔවුහු අල්ලාහ්ට සුජූද් කොට, "මූසාගේ හා හාරූන්ගේ පරමාධිපති වූ සියලු මැවීම්හි පරමාධිපති වූ අල්ලාහ්ව විශ්වාස කළෙමු" යැයි පැවසූහ.

20:71Страница 316

قَالَ ءَامَنتُمۡ لَهُۥ قَبۡلَ أَنۡ ءَاذَنَ لَكُمۡۖ إِنَّهُۥ لَكَبِيرُكُمُ ٱلَّذِي عَلَّمَكُمُ ٱلسِّحۡرَۖ فَلَأُقَطِّعَنَّ أَيۡدِيَكُمۡ وَأَرۡجُلَكُم مِّنۡ خِلَٰفٖ وَلَأُصَلِّبَنَّكُمۡ فِي جُذُوعِ ٱلنَّخۡلِ وَلَتَعۡلَمُنَّ أَيُّنَآ أَشَدُّ عَذَابٗا وَأَبۡقَىٰ ٧١

Фараон сказал: «Неужели вы поверили ему без моего соизволения? Воистину, он - старший из вас, который научил вас колдовству. Я отрублю вам руки и ноги накрест и распну вас на пальмовых стволах. Вот тогда вы узнаете, чье наказание суровее и долговечнее».

හූනියම් කරුවන් දේව විශ්වාසය ඇති කරගත් හේතුවෙන් ෆිර්අවුන් එය හෙළා දැක, ඔවුනට තර්ජනය කොට මෙසේ පැවසීය. "මම නුඹලාට ඒ ගැන අවසර දීමට පෙර මූසා ව නුඹලා විශ්වාස කළෙහුද? අහෝ හූනියම්කරුවනි! සැබැවින්ම මූසා නුඹලාට හූනියම් ඉගැන්වූ නුඹලාගේ ප්රධානියා වී ඇත. නුඹලා සෑම කෙනෙකුගේම අත් හා පාද මාරුවෙන් මාරුව වෙන් කර දමමි. නුඹලා මිය යන තෙක් ඉඳි කඳේ නුඹලාගේ ශරීර බැඳ තබමි. එවිට නුඹලා සෙසු අයට පාඩමක් වනු ඇත. එවිට දඬුවම් දීමෙහි වඩාත් බලවත් හා දරුණු මා ද එසේ නැතහොත් මූසාගේ පරමාධිපති දැ?යි නුඹලා දැන ගනු ඇත."

20:72Страница 316

قَالُواْ لَن نُّؤۡثِرَكَ عَلَىٰ مَا جَآءَنَا مِنَ ٱلۡبَيِّنَٰتِ وَٱلَّذِي فَطَرَنَاۖ فَٱقۡضِ مَآ أَنتَ قَاضٍۖ إِنَّمَا تَقۡضِي هَٰذِهِ ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَآ ٧٢

Они сказали: «Мы не отдадим тебе предпочтения перед ясными знамениями, которые явились нам, и перед нашим Творцом. Выноси же свой приговор! Воистину, ты выносишь приговор только в мирской жизни.

හූනියම් කරුවන් ෆිර්අවුන්ට, "අහෝ ෆිර්අවුන්! ඔහු අප වෙත ගෙන ආ පැහැදිළි සාධකය පිළිපැදීමට වඩා ඔබව පිළිපැදීම අපි කිසි විටෙක තෝරා නොගන්නෙමු. අපගේ මැවුම්කරු අල්ලාහ්ට වඩා කිසි විටෙක ඔබව ශ්රේෂ්ඨත්වයට පත් නොකරමු. ඔබ අපට කරන දේ කරනු. අප වෙත නුඹ ආධිපත්යය දරණුයේ විනාශ වී යන මෙලොව ජීවිතයේ පමණය. ඔබේ බලය තුරන් වී යනු ඇත."යැයි පැවසුහ.

20:73Страница 316

إِنَّآ ءَامَنَّا بِرَبِّنَا لِيَغۡفِرَ لَنَا خَطَٰيَٰنَا وَمَآ أَكۡرَهۡتَنَا عَلَيۡهِ مِنَ ٱلسِّحۡرِۗ وَٱللَّهُ خَيۡرٞ وَأَبۡقَىٰٓ ٧٣

Воистину, мы уверовали в нашего Господа для того, чтобы Он простил нам наши грехи и колдовство, к которому ты нас принудил. Аллах лучше и долговечнее».

දේව ප්රතික්ෂේපය හා අප පෙර කළ පාපකම් සඳහා අපට සමාව දෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් අපගේ පරමාධිපතිව සැබැවින්ම අපි විශ්වාස කළෙමු. ඉගෙන ගන්නා මෙන් ද, පුහුණු වන මෙන්ද මූසාව ජය ගැනීම සඳහා ද නුඹ අපට බලකරමින් සිටි හූනියමේ පාපය ඔහු අපෙන් පහ කරනු ඇත. නුඹ කවර කරුණක් ප්රතිඥා දුන්නෙහිද එයට වඩා ප්රතිඵල ලබා දීමෙන් අල්ලාහ් උතුම්ය. නුඹ කවර දඬුවමක් පිළිබඳ තර්ජනය කළෙහි ද එයට වඩා දඬුවම් දීමෙන් ස්ථායීය.

20:74Страница 316

إِنَّهُۥ مَن يَأۡتِ رَبَّهُۥ مُجۡرِمٗا فَإِنَّ لَهُۥ جَهَنَّمَ لَا يَمُوتُ فِيهَا وَلَا يَحۡيَىٰ ٧٤

Тому, кто явится к своему Господу, будучи грешником, уготована Геенна, в которой он не умрет и не будет жить.

සැබැවින්ම කරුණ සහ සංෂිප්තය නම්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ, කවරෙකු තම පරමාධිපති වෙත ඔහුව ප්රතික්ෂේප කරන්නෙකු ලෙස පැමිණෙන්නේ ද, සැබැවින්ම ඔහුට අපා ගින්න හිමි වන්නේය. එහි ඔහු පිවිස සදාකල් වෙසෙයි. එහි ඔහු මිය නොයයි. එහි දඬුවමින් සහනයක් නොලබයි. යහපත් ජීවිතයක් ගත නොකරයි.

20:75Страница 316

وَمَن يَأۡتِهِۦ مُؤۡمِنٗا قَدۡ عَمِلَ ٱلصَّٰلِحَٰتِ فَأُوْلَٰٓئِكَ لَهُمُ ٱلدَّرَجَٰتُ ٱلۡعُلَىٰ ٧٥

А тем, кто явится к Нему, будучи верующим, совершив праведные деяния, уготованы высшие ступени -

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ කවරෙකු තම පරමාධිපතිව විශ්වාසකරන්නෙකු ලෙස, දැහැමි ක්රියාවන් සිදු කොට ඔහු වෙත පැමිණෙන්නේ ද, මෙම මහඟු ගුණාංග වලින් වර්ණනා කරනු ලැබූවන් වනාහි ඔවුනට උසස් නිලයන් හා උසස් තරාතිරම් ඇත.

20:76Страница 316

جَنَّٰتُ عَدۡنٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَاۚ وَذَٰلِكَ جَزَآءُ مَن تَزَكَّىٰ ٧٦

сады Эдема, в которых текут реки. Они пребудут там вечно. Таково воздаяние тем, кто очистился.

එම උසස් තරාතිරම් වනුයේ ස්ථාපිත ස්වර්ග උයන්ය. ඒවායෙහි මාලිගා යටින් දිය දහරා ගලා බසියි. එහි ඔවුන් සදාකල් වෙසෙති. සඳහන් කරන ලද එම ප්රතිඵල දේව ප්රතික්ෂේපයෙන් හා පාපකම්වලින් පිරිසිදු කරගත් සෑම කෙනෙකු සඳහා වන ප්රතිඵලය වේ.

20:77Страница 317

وَلَقَدۡ أَوۡحَيۡنَآ إِلَىٰ مُوسَىٰٓ أَنۡ أَسۡرِ بِعِبَادِي فَٱضۡرِبۡ لَهُمۡ طَرِيقٗا فِي ٱلۡبَحۡرِ يَبَسٗا لَّا تَخَٰفُ دَرَكٗا وَلَا تَخۡشَىٰ ٧٧

Мы внушили Мусе (Моисею) откровение: «Ночью отправляйся в путь с Моими рабами и проложи для них по морю сухую дорогу. Не бойся, что тебя настигнут, и не опасайся!».

"කිසිවකුට නොහැඟෙන සේ මාගේ ගැත්තන් මිසර දේශයෙන් නුඹ කැටුවා ගෙන යනු. සැරයටියෙන් මුහුදට ගැසුවායින් පසු ඔවුන් වෙනුවෙන් මුහුදෙහි මාවතක් පෙන්වා දෙනු. ෆිර්අවුන් හා ඔහුගේ පිරිස නුඹ වෙත ළඟා වීම ගැන නුඹ බිය නොවනු. මුහුදේ ගිලීම ගැන ද නුඹ බිය නොවනු" යැයි අපි මූසාට දේව පණිවිඩ පහළ කළෙමු.

20:78Страница 317

فَأَتۡبَعَهُمۡ فِرۡعَوۡنُ بِجُنُودِهِۦ فَغَشِيَهُم مِّنَ ٱلۡيَمِّ مَا غَشِيَهُمۡ ٧٨

Фараон со своим войском бросился преследовать их, но море накрыло их полностью.

ෆිර්අවුන් ඔහුගේ සේනාව සමග එක් ව ඔවුන්ව ලුහු බැන්දේය. අල්ලාහ් හැර වෙනත් කිසිවකු එහි යථාර්තය නොදන්නා හේතු සාධකයකින් ඔහු හා ඔහුගේ සේනාව මුහුදේ ගිල්වනු ලැබීය. ඔවුන් සියලු දෙනාම මුහුදේ ගීලී විනාශ විය. මූසා හා ඔහු සමග සිටියවුන් මිදුණෝය.

20:79Страница 317

وَأَضَلَّ فِرۡعَوۡنُ قَوۡمَهُۥ وَمَا هَدَىٰ ٧٩

Фараон ввел в заблуждение свой народ и не повел его прямым путем.

ෆිර්අවුන් ඔහුගේ සමූහයාට දේව ප්රතික්ෂේපය අලංකාරවත් කරමින් හා ව්යාජ දැයින් ඔවුන් රවටාලමින් ඔවුන් නොමඟ යැවීය. ඔහු කිසිවිටෙක යහ මාර්ගය වෙත ඔවුනට මඟ පෙන්වූයේ නැත.

20:80Страница 317

يَٰبَنِيٓ إِسۡرَٰٓءِيلَ قَدۡ أَنجَيۡنَٰكُم مِّنۡ عَدُوِّكُمۡ وَوَٰعَدۡنَٰكُمۡ جَانِبَ ٱلطُّورِ ٱلۡأَيۡمَنَ وَنَزَّلۡنَا عَلَيۡكُمُ ٱلۡمَنَّ وَٱلسَّلۡوَىٰ ٨٠

О сыны Исраила (Израиля)! Мы спасли вас от вашего врага и дали вам обещание на правом склоне горы. Мы также ниспослали вам манну и перепелов.

ෆිර්අවුන් හා ඔහුගේ සේනාවෙන් අපි ඉස්රාඊල් දරුවන් මුදවා ගත් පසු අපි ඔවුනට, "අහෝ ඉස්රාඊල් දරුවනි! සැබැවින්ම අපි නුඹලාව නුඹලාගේ සතුරාගෙන් මුදවා ගත්තෙමු. තූර් කන්ද අසල පිහිටි මිටියාවතේ දකුණු දෙසින් මූසා සමග අපි කතා කරන බවට අපි නුඹලාට ප්රතිඥාවක් දුනිමු. අපගේ ආශිර්වාදයෙන් තීහ් හි නුඹලා වෙත මී පැණි මෙන් රසවත් පානයක් හා වටු කුරුල්ලන්ට සමාන නැවුම් මසින් යුත් කුඩා පක්ෂීන් පහළ කළෙමු." යැයි පවසා සිටියේය.

20:81Страница 317

كُلُواْ مِن طَيِّبَٰتِ مَا رَزَقۡنَٰكُمۡ وَلَا تَطۡغَوۡاْ فِيهِ فَيَحِلَّ عَلَيۡكُمۡ غَضَبِيۖ وَمَن يَحۡلِلۡ عَلَيۡهِ غَضَبِي فَقَدۡ هَوَىٰ ٨١

Вкушайте блага, которыми Мы наделили вас, но не преступайте посредством их границы дозволенного, а не то на вас падет Мой гнев. А всякий, на кого падет Мой гнев, погибнет.

අපි නුඹලා වෙත පෝෂණය කළ, අනුමත ආහාරයෙන් ප්රනීත දෑ අනුභව කරනු. අපි නුඹලාට අනුමත කළ දෑ ඉක්මවා ගොස් අපි නුඹලාට තහනම් කළ දෑ වෙත නොයනු. එවිට නුඹලා වෙත මාගේ උදහස පහළ වනු ඇත. කවරෙකු කෙරෙහි මාගේ උදහස පහළ වන්නේ ද සැබැවින්ම ඔහු මෙලොවෙහි මෙන්ම මතුලොවෙහි විනාශ වී යයි. අභාග්යවන්ත භාවයට පත් වෙයි.

20:82Страница 317

وَإِنِّي لَغَفَّارٞ لِّمَن تَابَ وَءَامَنَ وَعَمِلَ صَٰلِحٗا ثُمَّ ٱهۡتَدَىٰ ٨٢

Воистину, Я прощаю тех, кто раскаялся, уверовал, стал поступать праведно, а потом последовал прямым путем.

කවරෙකු මා විශ්වාස කර, මගෙන් පාපක්ෂමාව ඉල්ලා, දැහැමි ක්රියිවන් ඉටු කර, සත්ය මත ස්ථාවරව සිටින්නේ ද සැබැවින්ම මම ඔහුට අධික ලෙස සමාව දෙමි. ඔහුගේ පාපයන් නොසලකා හරිමි.

20:83Страница 317

۞ وَمَآ أَعۡجَلَكَ عَن قَوۡمِكَ يَٰمُوسَىٰ ٨٣

Аллах сказал: «О Муса (Моисей)! Зачем ты поспешил оставить свой народ?».

"අහෝ මූසා! නුඹ නුඹේ ජනයා ව නුඹ පසුපසින් හැර දමා, ඔවුනට පෙර නුඹ කලින් යෑමට ඉක්මන් කළේ කුමක් ද?"

20:84Страница 317

قَالَ هُمۡ أُوْلَآءِ عَلَىٰٓ أَثَرِي وَعَجِلۡتُ إِلَيۡكَ رَبِّ لِتَرۡضَىٰ ٨٤

Муса (Моисей) сказал: «Они находятся неподалеку и следуют по моим стопам, я же поторопился к Тебе, Господи, чтобы Ты остался доволен».

මූසා (අලයිහිස් සලාම්) තුමා, "මාගේ පසුපසින් සිටින මොවූහු මා සමග සේන්දු වනු ඇත. මාගේ ජනයා පසුකරමින් නුඹ වෙත මා පැමිණියේ, නුඹ වෙත යුහුසුළුව පැමණීමෙන් නුඹ මා ගැන තෘප්තියට පත්වනු පිණිසය." යැයි පැවසීය.

20:85Страница 317

قَالَ فَإِنَّا قَدۡ فَتَنَّا قَوۡمَكَ مِنۢ بَعۡدِكَ وَأَضَلَّهُمُ ٱلسَّامِرِيُّ ٨٥

Аллах сказал: «Мы подвергли твой народ искушению после того, как ты оставил их, и самаритянин ввел их в заблуждение».

"නුඹ පසුපසින් හැර දමා ආ නුඹගේ ජනයා, වසු පැටවා නැමදීමෙන් අපි ඔවුන් පරීක්ෂාවට ලක් කළෙමු. එය නැමදීම සඳහා සාමිරී ඔවුනට ඇරයුම් කළේය. පසුව එමගින් ඔහු ඔවුන් නොමග හැරියේය" යැයි අල්ලාහ් පැවසීය.

20:86Страница 317

فَرَجَعَ مُوسَىٰٓ إِلَىٰ قَوۡمِهِۦ غَضۡبَٰنَ أَسِفٗاۚ قَالَ يَٰقَوۡمِ أَلَمۡ يَعِدۡكُمۡ رَبُّكُمۡ وَعۡدًا حَسَنًاۚ أَفَطَالَ عَلَيۡكُمُ ٱلۡعَهۡدُ أَمۡ أَرَدتُّمۡ أَن يَحِلَّ عَلَيۡكُمۡ غَضَبٞ مِّن رَّبِّكُمۡ فَأَخۡلَفۡتُم مَّوۡعِدِي ٨٦

Муса (Моисей) вернулся к своему народу разгневанный, опечаленный и сказал: «О мой народ! Разве ваш Господь не дал вам прекрасного обещания? Неужели этот срок оказался долгим для вас? Или же вам захотелось, чтобы на вас пал гнев вашего Господа, и потому вы нарушили данное мне обещание?».

පසු ව මූසා ඔහුගේ ජනයා වසුපැටවා නැමදීමට ගත් හේතුවෙන් ඔවුන් කෙරෙහි කෝපයෙන් හා ඔවුන් ගැන දුක් වෙමින් ඔහු ඔවුන් අතරට නැවත පැමිණියේය. මූසා, "මාගේ ජනයිනි! නුඹලා වෙත තව්රාතය පහළ කරන බවටත් නුඹලාව ඔහු ස්වර්ගයට ප්රවේශ කරන බවටත් දැහැමි ප්රතිඥාවක් අල්ලාහ් නුඹලාට නොදුන්නේ ද? නුඹලාට දිගු කලක් ගත වී නුඹලා එය අමතක කළෙහිද? එසේ නැතහොත් නුඹලාගේ මෙම ක්රියාව තුළින් නුඹලා වෙත නුඹලාගේ පරමාධිපතිගේ උදහස පහළ වීමත්, නුඹලා වෙත ඔහුගේ දඬුවම පහළ වීමත් නුඹලා අපේක්ෂා කළෙහු ද? මා නුඹලා වෙත නැවත පැමිණෙන තෙක් අවනතභාවය මත ස්ථාවර ව සිටින බවට නුඹලා මට දුන් ප්රතිඥාව නුඹලා කඩ කළේ එබැවින් ද?" යැයි විමසා සිටියේය.

20:87Страница 317

قَالُواْ مَآ أَخۡلَفۡنَا مَوۡعِدَكَ بِمَلۡكِنَا وَلَٰكِنَّا حُمِّلۡنَآ أَوۡزَارٗا مِّن زِينَةِ ٱلۡقَوۡمِ فَقَذَفۡنَٰهَا فَكَذَٰلِكَ أَلۡقَى ٱلسَّامِرِيُّ ٨٧

Они сказали: «Мы не нарушали данного тебе обещания по своей воле. Мы были нагружены тяжелыми украшениями того народа и бросили их в огонь, и самаритянин тоже бросил».

මූසාගේ ජනයා, "අහෝ මූසා! අපි නුඹට කළ පොරොන්දුව අප විසින්ම තෝරා ගෙන කඩ නොකළෙමු. නමුත් එය එසේ සිදු වූයේ බල කිරීමකිනි. ෆිර්අවුන්ගේ ජනයාගේ ආභරණ පොදි බර අපි උසුලා සිටියෙමු. පසුව ඉන් මිදෙනු පිණිස අපි ඒවා වළකට හෙළුවෙමු. අපි එම වළට ඒවා හෙළුවාක් මෙන්ම සාමිරී ද දැමුවේය. ඔහු සමග තිබුණේ පසින් නිර්මාණය කරන ලද ජිබ්රීල්ගේ අශ්ව කුරයකි" යැයි පැවසුවෝය.

20:88Страница 318

فَأَخۡرَجَ لَهُمۡ عِجۡلٗا جَسَدٗا لَّهُۥ خُوَارٞ فَقَالُواْ هَٰذَآ إِلَٰهُكُمۡ وَإِلَٰهُ مُوسَىٰ فَنَسِيَ ٨٨

Он изготовил для них изваяние тельца, который мычал, и сказал: «Вот ваш бог и бог Мусы (Моисея), но он забыл его».

එවිට සාමිරී එම ආභරණයෙන් ගවයකු මෙන් හඩක් ඇති, ප්රාණයක් නැති වසුපැටවකුගේ ශරීරයක් ඉස්රාඊල් දරුවන්ට මතු කර පෙන්වීය. එවිට ඔවුන් අතර සාමිරීගේ ක්රියාව හේතුවෙන් නොමග ගිය පිරිස, "මෙය නුඹලාගේ හා මූසාගේ දෙවියාය. මූසා අමතක කර ඔහුව මෙහි අතහැර දමා ගියේය" යැයි පැවසූහ.

20:89Страница 318

أَفَلَا يَرَوۡنَ أَلَّا يَرۡجِعُ إِلَيۡهِمۡ قَوۡلٗا وَلَا يَمۡلِكُ لَهُمۡ ضَرّٗا وَلَا نَفۡعٗا ٨٩

Неужели они не видели, что он не говорил им в ответ ни слова и не был способен навредить им или принести им пользу?

වසු පැටවාට ආකර්ෂණය වී, එය නැමදුමට ලක් කළවුන් සැබැවින්ම එම වසුපැටවා ඔවුන් සමග කතා නොකරන බවත්, ඔවුනට ඌ පිළිතුරු නොදෙන බවත්, කිසිදු උවදුරකින් ඔවුන් හා වෙනත් අයව වැළැක්වීමට ඌට ශක්තිය නොමැති බවත්, ඔවුනට හෝ වෙනත් අයට සෙත සැලසීමට නොහැකි බවත් නොදුටුවේ ද?

20:90Страница 318

وَلَقَدۡ قَالَ لَهُمۡ هَٰرُونُ مِن قَبۡلُ يَٰقَوۡمِ إِنَّمَا فُتِنتُم بِهِۦۖ وَإِنَّ رَبَّكُمُ ٱلرَّحۡمَٰنُ فَٱتَّبِعُونِي وَأَطِيعُوٓاْ أَمۡرِي ٩٠

Харун (Аарон) сказал им до этого: «О мой народ! Вас искушают этим. Ваш Господь - Милостивый. Следуйте за мной и повинуйтесь моим велениям».

මූසා (අලයිහිස් සලාම්) තුමා ඔවුන් වෙත නැවත පැමිණීමට පෙර හාරූන් තුමා ඔවුනට මෙසේ පැවසීය, "රනින් වූ වසුපැටවාගේ ස්වරූපය හා උගේ හඬ තුළ නුඹලාට පරීක්ෂණයක් මිස නැත. එය දේව ප්රතික්ෂේපකයාගෙන් දේව විශ්වාසියා හෙළි කරනු පිණිසය. අහෝ මාගේ ජනයිනි! සැබැවින්ම නුඹලාගේ පරමාධිපති කරුණාව සතු අයෙකි. ඔහු නුඹලාට යම් උවදුරක් කිරීමට හෝ සෙතක් කිරීමට හෝ බලය නොමැත්තෙකු නොවේ. එය නුඹලාට කරුණා දැක්වීමේ අනුග්රහයක් වශයෙනි. එහෙයින් ඔහුට පමණක් නැමදීමෙහි නුඹලා මා අනුගමනය කරනු. වෙනත් අය වන්දනා කිරීම අතහැර දමා මාගේ නියෝගයට අවනත වනු."

20:91Страница 318

قَالُواْ لَن نَّبۡرَحَ عَلَيۡهِ عَٰكِفِينَ حَتَّىٰ يَرۡجِعَ إِلَيۡنَا مُوسَىٰ ٩١

Они сказали: «Мы не перестанем поклоняться ему, пока Муса (Моисей) не вернется к нам».

වසුපැටවා නැමදීමෙන් පරීක්ෂාවට ලක්වූවන්, “මූසා අප වෙත නැවත පැමිණෙන තුරු එය නැමදීමෙන් අපි ඉවත් නොවන්නෙමු" යැයි පැවසූහ.

20:92Страница 318

قَالَ يَٰهَٰرُونُ مَا مَنَعَكَ إِذۡ رَأَيۡتَهُمۡ ضَلُّوٓاْ ٩٢

Муса (Моисей) сказал: «О Харун (Аарон)! Когда ты увидел, что они впали в заблуждение, что помешало тебе

මූසා තම සහෝදර හාරූන් අමතා, "අල්ලාහ් හැරදමා ඔවුන් වසුපැටවා නමදිමින් නොමඟ යනු නුඹ දුටු කළ (ඔවුන් අතහැර මා සමග සෙන්දු වීම) නුඹ ව වැළැක්වූයේ කුමක් ද?" යැයි විමසුවේය.

20:93Страница 318

أَلَّا تَتَّبِعَنِۖ أَفَعَصَيۡتَ أَمۡرِي ٩٣

последовать за мной? Неужели ты ослушался меня?».

"නුඹ ඔවුන් අතහැර මා සමග නුඹ සේන්දු වීම ද? මගෙන් පසු ව ඔවුන් වෙත නියෝජිතයකු ලෙස මා නුඹ ව පත් කළ අවස්ථාවේ මා නුඹට කළ නියෝගයට පිටුපෑවෙහි ද?

20:94Страница 318

قَالَ يَبۡنَؤُمَّ لَا تَأۡخُذۡ بِلِحۡيَتِي وَلَا بِرَأۡسِيٓۖ إِنِّي خَشِيتُ أَن تَقُولَ فَرَّقۡتَ بَيۡنَ بَنِيٓ إِسۡرَٰٓءِيلَ وَلَمۡ تَرۡقُبۡ قَوۡلِي ٩٤

Харун (Аарон) сказал: «О сын моей матери! Не хватай меня за бороду и за голову. Я боялся, что ты скажешь: «Ты разобщил сынов Исраила (Израиля) и не выполнил моих наставлений»».

මූසා තම සහෝදරයා කළ ක්රියාව හෙළා දකිමින් ඔහුගේ යටි රැවුලෙන් හා ඔහුගේ හිසෙන් අල්ලා ඔහු වෙත ඇද ගත් කල්හි, හාරූන් බැගෑපත්ව ඔහුට, "මාගේ යටි රැවුලෙන් හෝ මාගේ හිසකෙසින් හෝ නොඅල්ලනු. ඔවුන් සමගම මා රැඳී සිටීමට නිදහසට කරුණක් විය. සැබැවින්ම මම ඔවුන් අතහැර දමා, ඔවුන් වෙන්වී ගියහොත් සැබැවින්ම මම ඔවුන් අතර වෙන් කළ බවටත්, ඔවුන් විෂයයෙහි ඔබගේ උපදෙස මා ආරක්ෂා නොකළ බවටත් ඔබ මට කරන චෝදනාවට බියවීමි." යැයි පැවසීය.

20:95Страница 318

قَالَ فَمَا خَطۡبُكَ يَٰسَٰمِرِيُّ ٩٥

Муса (Моисей) спросил: «А что ты скажешь, самаритянин?».

"අහෝ සාමිරී! නුඹේ කරුණ කුමක් වී ද? නුඹ කළ දැයින් නුඹ ව වැළැක්වූ අයගේ කරුණ කුමක් වීද?" යැයි මූසා සාමිරීගෙන් විමසීය.

20:96Страница 318

قَالَ بَصُرۡتُ بِمَا لَمۡ يَبۡصُرُواْ بِهِۦ فَقَبَضۡتُ قَبۡضَةٗ مِّنۡ أَثَرِ ٱلرَّسُولِ فَنَبَذۡتُهَا وَكَذَٰلِكَ سَوَّلَتۡ لِي نَفۡسِي ٩٦

Тот сказал: «Я видел то, чего не видели они. Я взял пригоршню со следов посланца (коня Джибрила) и бросил ее. Моя душа соблазнила меня на это».

"ඔවුන් නොදුටු දෙයක් මා දුටුවෙමි. සැබැවින්ම අශ්වයකු මත ජිබ්රීල් සිටිනු මම දුටුවෙමි. ඔහුගේ අශ්වයාගේ පා සළකුන තිබූ තැනින් පස් අහුරක් ගෙන උණු කරන ලද වසු පැටවාගේ ස්වරූපයෙන් යුත් ආභරණය මත එය විසි කළෙමි. එවිට වැසු පැටවාගේ ශරීරයෙන් හඬක් ඇති විය. මා සිදු කළ දෑ මා වෙත ආකර්ෂණය කරනු ලැබුවේ එලෙසය" යැයි සාමිරී මූසා තුමාට පැවසීය.

20:97Страница 318

قَالَ فَٱذۡهَبۡ فَإِنَّ لَكَ فِي ٱلۡحَيَوٰةِ أَن تَقُولَ لَا مِسَاسَۖ وَإِنَّ لَكَ مَوۡعِدٗا لَّن تُخۡلَفَهُۥۖ وَٱنظُرۡ إِلَىٰٓ إِلَٰهِكَ ٱلَّذِي ظَلۡتَ عَلَيۡهِ عَاكِفٗاۖ لَّنُحَرِّقَنَّهُۥ ثُمَّ لَنَنسِفَنَّهُۥ فِي ٱلۡيَمِّ نَسۡفًا ٩٧

Муса (Моисей) сказал: «Ступай! В этой жизни тебе придется говорить: «Я не касаюсь вас, а вы не касайтесь меня!». А затем наступит срок, которого тебе не удастся избежать. Смотри же на своего бога, которому ты предавался. Мы сожжем его и развеем его по морю.

මූසා සාමිරීට, "එසේ නම්, නුඹ පිටව යනු. සැබැවින්ම නුඹ ජීවත්ව සිටින කල්තාක් නුඹට මෙසේ පවසන්නට සිදුවනු ඇත. එනම්, ‘මම ස්පර්ශ නොකරමි. ස්පර්ශ කරනු නොලබමි.’ යැයි පැවසීමය. එවිට නුඹ බැහැර කරනු ලැබූවෙක් ලෙස ජීවිත් විය යුතු ව ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සැබැවින්ම නුඹ විනිශ්චයට භාජනය කරනු ලබන බවත් දඬුවම් කරනු ලබන බවත් නුඹට ප්රතිඥාවක් දී ඇත්තේය. මෙම ප්රතිඥාව අල්ලාහ් කිසිවිටෙක ඉවත් නොකරන්නේමය. නුඹ නැමදුමට ගත් නුඹේ වසු පැටවා දෙස බලනු. අල්ලාහ්ගෙන් තොරව වන්දනාමානය සඳහා නුඹ එය යොදා ගත්තෙහිය. සැබැවින්ම අපි එය දිය වී යන තෙක් ගින්නෙන් උණු කරන්නෙමු. පසු ව කිසිදු සළකුණක් නොපවතින පරිදි අපි එය මුහුදෙහි පා කර හරින්නෙමු" යැයි පැවසීය.

20:98Страница 318

إِنَّمَآ إِلَٰهُكُمُ ٱللَّهُ ٱلَّذِي لَآ إِلَٰهَ إِلَّا هُوَۚ وَسِعَ كُلَّ شَيۡءٍ عِلۡمٗا ٩٨

Вашим Богом является Аллах, кроме Которого нет иного божества. Он объемлет знанием всякую вещь».

අහෝ ජනනියි! සැබෑ ලෙසින්ම නැමදුමට ලක් විය යුත්තේ අල්ලාහ්ය. ඔහු හැර සැබෑ ලෙසින් නැමදුම් ලබන්නට සුදුසු වෙනත් කිසිවෙකු නැත. ඔහු සියලු දෑ දැනුමෙන් ආවරණය කර ඇත. ශුද්ධවන්තයාණන්හට කිසියම් දෙයක දැනුම මඟ හැරෙන්නේ නැත.

20:99Страница 319

كَذَٰلِكَ نَقُصُّ عَلَيۡكَ مِنۡ أَنۢبَآءِ مَا قَدۡ سَبَقَۚ وَقَدۡ ءَاتَيۡنَٰكَ مِن لَّدُنَّا ذِكۡرٗا ٩٩

Вот так Мы рассказываем тебе вести о том, что было в прошлом. Мы уже даровали тебе Напоминание.

අහෝ දූතය! නුඹ වෙත මූසා හා ෆිර්අවුන් පිළිබඳව ද, ඔවුන් දෙදෙනාගේ ජනයා පිළිබඳව ද තොරතුරු පවසා සිටියාක් මෙන්ම, නුඹට සහනයක් වනු පිණිස නුඹට පෙර පැමිණි නබිවරුන් හා සමූහයන් පිළිබඳ තොරතුරු ද නුඹ වෙත අපි පවසා සිටින්නෙමු. සිහිපත් කළ යුතු අය එමගින් මෙනෙහි කරනු ලබන කුර්ආනයක් අප වෙතින් අපි නුඹ වෙත පිරිනමා ඇත්තෙමු.

20:100Страница 319

مَّنۡ أَعۡرَضَ عَنۡهُ فَإِنَّهُۥ يَحۡمِلُ يَوۡمَ ٱلۡقِيَٰمَةِ وِزۡرًا ١٠٠

Кто отвернется от него (Корана), тот понесет в День воскресения тяжелую ношу.

කවරෙකු නුඹ වෙත පහළ කරන ලද අල් කුර්ආනයට පිටුපා, එය විශ්වාස නොකොට, එහි ඇති දෑ අනුව ක්රියා නොකළේ ද සැබැවින්ම ඔහු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අතිමහත් පාපයක් උසුලා ගනිමින් හා වේදනීය දඬුවමකට සුදුසුකම් ලබමින් පැමිණෙනු ඇත.

20:101Страница 319

خَٰلِدِينَ فِيهِۖ وَسَآءَ لَهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ حِمۡلٗا ١٠١

Они пребудут в таком состоянии вечно. Скверна будет их ноша в День воскресения!

ඔවුහු එම දඬුවමෙහි සදා රැඳෙන්නන් වෙති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් උසුලන බර ඉතා නරකය.

20:102Страница 319

يَوۡمَ يُنفَخُ فِي ٱلصُّورِۚ وَنَحۡشُرُ ٱلۡمُجۡرِمِينَ يَوۡمَئِذٖ زُرۡقٗا ١٠٢

В тот день подуют в Рог, и в тот день Мы соберем грешников синими (синеглазыми).

මළවුන් යළි අවදි කරනු ලබනු පිණිස සූර් නම් හොරණෑවෙහි මලක්වරයා පිඹිනු ලබන දිනය වනාහි, එදින දේව ප්රතික්ෂේපකයින් මතුලොවෙහි ව්යසනයන්ට දැඩි සේ මුහුණ දුන් හේතුවෙන් ඔවුන්ගේ වර්ණ හා ඔවුන්ගේ ඇස් වෙනස් වීමට ලක්ව ඇති බැවින් ඔවුන් නිල්වන් පැහැයෙන් එක්රැස් කරනු ඇත.

20:103Страница 319

يَتَخَٰفَتُونَ بَيۡنَهُمۡ إِن لَّبِثۡتُمۡ إِلَّا عَشۡرٗا ١٠٣

Они будут переговариваться шепотом: «Вы пробыли там (в мирской жизни) всего десять дней!».

"මිය ගිය පසු ව, රාත්රී දහයක් මිස නුඹලා මිණීවල ජීවිතයෙහි රැඳී නොසිටියෙහුය" යැයි ප්රකාශ කරමින් ඔවුන් අතර එකිනෙකා රහසිගත ව කතා කරති.

20:104Страница 319

نَّحۡنُ أَعۡلَمُ بِمَا يَقُولُونَ إِذۡ يَقُولُ أَمۡثَلُهُمۡ طَرِيقَةً إِن لَّبِثۡتُمۡ إِلَّا يَوۡمٗا ١٠٤

Нам лучше знать, о чем они будут говорить. Самый примерный из них скажет: «Вы пробыли там (в мирской жизни) всего один день».

ඔවුන් කවර කරුණක් පිළිබඳව රහසිගතව කතා කරන්නේ ද ඒ ගැන අපි මැනවින් දන්නෙමු. ඉන් කිසිවක් අපට අතපසු වන්නේ නැත. ඔවුන් අතරින් බුද්ධිමත් භාවයෙන් වඩාත් පූර්ණ කෙනෙකු, "නුඹලා මිණිවල ජීවිතයේ එක් දිනක් මිස ඊට වැඩියෙන් රැදීනොසිටියෙහුය" යැයි පවසා සිටියේය.

20:105Страница 319

وَيَسۡـَٔلُونَكَ عَنِ ٱلۡجِبَالِ فَقُلۡ يَنسِفُهَا رَبِّي نَسۡفٗا ١٠٥

Они спрашивают тебя о горах. Скажи: «Мой Господь развеет их

අහෝ දූතය! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ කඳුවල තත්ත්වය පිළිබඳ ඔවුහු නුඹෙන් විමසති. එහෙයින් නුඹ ඔවුනට, "මාගේ පරමාධිපති එම කඳු ඒවායෙහි මුල් සමගම උගුලා විසිරුවා හරියි. එවිට ඒවා දූවිලි බවට පත් වනු ඇත." යැයි පවසනු.

20:106Страница 319

فَيَذَرُهَا قَاعٗا صَفۡصَفٗا ١٠٦

и оставит только гладкую равнину.

එය උසුලා සිටින භූමිය කිසිදු ගොඩනැගිල්ලක් හෝ පැලෑටියක් නොමැති ව සමතලා භූමියක් ලෙස අත්හැර දමයි.

20:107Страница 319

لَّا تَرَىٰ فِيهَا عِوَجٗا وَلَآ أَمۡتٗا ١٠٧

Не увидишь ты на ней ни углубления, ни возвышения».

අහෝ ඒ දෙස බලන්නනි! පූර්ණ සමතලා භූමිය තුළ කිසිදු නැම්මක් හෝ ගැට්ටක් හෝ පහතක් හෝ නුඹ නොදකිනු ඇත.

20:108Страница 319

يَوۡمَئِذٖ يَتَّبِعُونَ ٱلدَّاعِيَ لَا عِوَجَ لَهُۥۖ وَخَشَعَتِ ٱلۡأَصۡوَاتُ لِلرَّحۡمَٰنِ فَلَا تَسۡمَعُ إِلَّا هَمۡسٗا ١٠٨

В тот день они последуют за глашатаем, и им не удастся уклониться от этого. Их голоса перед Милостивым будут смиренны, и ты услышишь только тихие звуки.

රැස් කරනු ලබන භූමිය වෙත ඇරයුම් කරන්නාගේ හඬ ජනයා එදින පිළිපදිති. ඔහු ව අනුගමනය කිරීමේ දී කිසිදු හැරවුමක් ඔවුනට නැත. මහා කාරුණිකයාණන්ට බියෙන් සියලු හඬවල් නිහඬ වනු ඇත. එදින සැහැල්ලු හඬකට මිස නුඹ සවන් නොදෙන්නෙහිය.

20:109Страница 319

يَوۡمَئِذٖ لَّا تَنفَعُ ٱلشَّفَٰعَةُ إِلَّا مَنۡ أَذِنَ لَهُ ٱلرَّحۡمَٰنُ وَرَضِيَ لَهُۥ قَوۡلٗا ١٠٩

В тот день заступничество не поможет никому, кроме тех, кому Милостивый позволит и чьими речами Он будет доволен.

එම මහත් වූ දිනයේ මැදිහත් වීම සඳහා අල්ලාහ් කවරෙකුට අවසර දුන්නේ ද, එම මැදිහත් වීමේ දී ඔහුගේ ප්රකාශය පිළිගැනීමට ලක් වන්නේ ද, එවන් මැදිහත් කරුවෙකුට මිස වෙනත් කිසිදු මැදිහත් වන්නෙකුගේ මැදිහත් වීම ප්රයෝජනවත් නොවනු ඇත.

20:110Страница 319

يَعۡلَمُ مَا بَيۡنَ أَيۡدِيهِمۡ وَمَا خَلۡفَهُمۡ وَلَا يُحِيطُونَ بِهِۦ عِلۡمٗا ١١٠

Он знает их будущее и прошлое, но они не способны объять Его своим знанием.

ජනයා මුහුණ දෙන්නට යන අවසන් හෝරාවේ කරුණු පිළිබඳ අල්ලාහ් දනී. ඔවුන්ගේ මෙලොව ජීවිතයේ කවර දෙයක් ඔවුන් අතහැර දමන්නේද එය ද ඔහු දනී. අල්ලාහ්ගේ ගුණාංග හා ඔහුගේ ස්වරූපයන් පිළිබඳ ගැත්තන් සියලු දෙනා නොදනිති.

20:111Страница 319

۞ وَعَنَتِ ٱلۡوُجُوهُ لِلۡحَيِّ ٱلۡقَيُّومِۖ وَقَدۡ خَابَ مَنۡ حَمَلَ ظُلۡمٗا ١١١

Лица смирятся перед Живым, Вседержителем, и разочарование постигнет тех, кто понесет бремя несправедливости.

ගැත්තන්ගේ මුහුණු අවමානයෙන් පවතී. මිය නොයන, ජීවමාන ව සිටින්නාට යටත්ව ඒවා පවතී. ඔහු තම ගැත්තන්ගේ කටයුතු සැලසුම් කරමින් හා ඒවා ක්රියාත්මක් කරමින් සිටියි. පාපය ඉසිලූ අය විනාශයේ කරුණු ඔවුන් වෙත ගෙනැවිත් පරාජයට පත් වූවෝය.

20:112Страница 319

وَمَن يَعۡمَلۡ مِنَ ٱلصَّٰلِحَٰتِ وَهُوَ مُؤۡمِنٞ فَلَا يَخَافُ ظُلۡمٗا وَلَا هَضۡمٗا ١١٢

А тот, кто совершал праведные дела, будучи верующим, не будет бояться ни несправедливости, ни ущемления.

කවරෙකු අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව විශ්වාස කරන්නෙකු ලෙස සිටිමින් දැහැමි ක්රියාවන් සිදු කරන්නේ ද, ඔහු ඒ සඳහා වූ පූර්ණ ප්රතිඵලය හිමි කර ගනු ඇත. ඔහු සිදු නොකළ පාපයක් සඳහා අසාධාරණ ලෙස දඬුවම් දෙනු ලබනු ඇතැයි හෝ ඔහුගේ දැහැමි ක්රියාවන්හි කුසල් අඩු කරනු ඇතැයි හෝ ඔහු බිය විය යුතු නැත.

20:113Страница 319

وَكَذَٰلِكَ أَنزَلۡنَٰهُ قُرۡءَانًا عَرَبِيّٗا وَصَرَّفۡنَا فِيهِ مِنَ ٱلۡوَعِيدِ لَعَلَّهُمۡ يَتَّقُونَ أَوۡ يُحۡدِثُ لَهُمۡ ذِكۡرٗا ١١٣

Таким образом Мы ниспослали его в виде Корана на арабском языке и подробно разъяснили в нем Свои угрозы, чтобы они устрашились или чтобы это стало для них назиданием.

පෙර සිටියවුන්ගේ කතා වස්තු අපි පහළ කළාක් මෙන්ම මෙම අල් කුර්ආනය පැහැදිලි අරාබි බසින් පහළ කළෙමු. ඔවුන් අල්ලාහ් ගැන බියවනු ඇතැයි හෝ අල් කුර්ආනය ඔවුනට උපදෙසක් හා පාඩමක් ලබා දෙනු ඇතැයි යන දැහැමි බලාපොරොත්තුවෙන් අපි එහි බිය ගන්වා අවවාද කොට විවිධ අවවාදයන් පැහැදිළි කර ඇත්තෙමු.

20:114Страница 320

فَتَعَٰلَى ٱللَّهُ ٱلۡمَلِكُ ٱلۡحَقُّۗ وَلَا تَعۡجَلۡ بِٱلۡقُرۡءَانِ مِن قَبۡلِ أَن يُقۡضَىٰٓ إِلَيۡكَ وَحۡيُهُۥۖ وَقُل رَّبِّ زِدۡنِي عِلۡمٗا ١١٤

Превыше всего Аллах, Истинный Царь! Не торопись читать Коран, пока ниспослание откровения тебе не будет завершено, и говори: «Господи! Приумножь мои знания».

සියලු දෑ සතු හිමිපාණන් වන අල්ලාහ් උත්තරීතරය. කීර්තිමත්ය. පිවිතුරුය. ඔහු සත්යය. ඔහුගේ ප්රකාශය ද සත්යය. දේව ආදේශකයින් ඔහු ගැන කවර වර්ණනාවක් කරන්නේ ද ඔහු එයින් උත්තරීතරය. ජිබ්රීල් අලයිහිස් සලාම් ඔබට අල් කුර්ආනය දන්වා අවසන් කිරීමට පෙර ඔහු සමග අල් කුර්ආනය කියවීමට නුඹ ඉක්මන් නොවනු. තවද නුඹ මෙසේ පවසනු. "මාගේ පරමාධිපතියාණනි! නුඹ මා හට ඉගැන්වූ දෑට වඩා අමතර දැනුමක් වර්ධනය කර දෙනු මැනව!"

20:115Страница 320

وَلَقَدۡ عَهِدۡنَآ إِلَىٰٓ ءَادَمَ مِن قَبۡلُ فَنَسِيَ وَلَمۡ نَجِدۡ لَهُۥ عَزۡمٗا ١١٥

Прежде Мы заключили завет с Адамом, но он забыл, и Мы не нашли у него твердой воли.

මීට පෙර නියමිත ගසින් අනුභව නොකරන මෙන් අපි ආදම්ට අනුශාසනා කළෙමු. එයින් අපි ඔහුව වැළැක්වූයෙමු. එහි අවසන් විපාකය ද අපි පැහැදිළි කළෙමු. පසුව එම අනුශාසනාව ඔහු අමතක කොට එම ගසින් අනුභව කළේය. ඒ ගැන ඉවසීමෙන් නොසිටියේය. කවර කරුණක් අපි ඔහුට උපදෙස් දුන්නේ ද එය ආරක්ෂා කිරීමේ ස්තීර ශක්තියක් ඔහු තුළ අපි නොදුටුවෙමු.

20:116Страница 320

وَإِذۡ قُلۡنَا لِلۡمَلَٰٓئِكَةِ ٱسۡجُدُواْ لِأٓدَمَ فَسَجَدُوٓاْ إِلَّآ إِبۡلِيسَ أَبَىٰ ١١٦

Вот сказали Мы ангелам: «Падите ниц перед Адамом!». Они пали ниц, и только Иблис отказался.

අහෝ දූතය! "නුඹලා ආදම්ට ආචාර කිරීමක් වශයෙන් හිස නමනු" යැයි අපි මලක්වරුන්ට පැවසූ අවස්ථාව මෙනෙහි කර බලනු. එවිට ඉබ්ලීස් හැර සෙසු සියලු දෙනාම සිරස නමා ආචාර කළෝය. ඔහු ඔවුන් සමග සිටිය ද ඔවුන්ගෙන් කෙනෙකු නොවීය. අහංකාරකමින් සුජූද් කිරීමෙන් ඔහු වැළකී සිටියේය.

20:117Страница 320

فَقُلۡنَا يَٰٓـَٔادَمُ إِنَّ هَٰذَا عَدُوّٞ لَّكَ وَلِزَوۡجِكَ فَلَا يُخۡرِجَنَّكُمَا مِنَ ٱلۡجَنَّةِ فَتَشۡقَىٰٓ ١١٧

Мы сказали: «О Адам! Это - враг тебе и твоей жене. Пусть же он не выведет вас из Рая, а не то ты станешь несчастным.

"අහෝ ආදම්! සැබැවින්ම ඉබ්ලීස් නුඹේ සතුරෙකි. නුඹේ බිරියගේ ද සතුරෙකි. එහෙයින් ඔහු කවර කරුණක් කොඳුරන්නේ ද එයට අවනත වීම හේතුවෙන් නුඹ හා නුඹගේ බිරිය ඔහු ස්වර්ගයෙන් බැහැර නොකළ යුතුයි. එවිට නුඹ දුෂ්කරතා හා පිළිකුල් සහගත දෑ උසුලනු ඇත.

Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии

Содержание

Аят аль-Курси36Аль-Кахфстр. 42джуз 15Бухари 1Муслим 2999

Вид

Тема
Размер текста
Вид

Read in English