Аль-МухтасарАль‑Анбия · 21:100–112

Аль-Мухтасар · Тафсир · на сингальском

Аль-Анбия 21:100–112

21:100Страница 330

لَهُمۡ فِيهَا زَفِيرٞ وَهُمۡ فِيهَا لَا يَسۡمَعُونَ ١٠٠

Там они будут стенать при выдохе, но ничего не услышат.

ඔවුන් එහි මුහුණ දෙන දැඩි වේදනාව හේතුවෙන් එහි ඔවුනට දැඩි විලාපයක් ඇත. නිරා ගින්නේ සිටින ඔවුනට අත් වූ බියකරු දැඩි අර්බුද හේතුවෙන් හඬවල්වලට සවන් දෙන්නන් ලෙස පවා නොසිටිති.

21:101Страница 330

إِنَّ ٱلَّذِينَ سَبَقَتۡ لَهُم مِّنَّا ٱلۡحُسۡنَىٰٓ أُوْلَٰٓئِكَ عَنۡهَا مُبۡعَدُونَ ١٠١

А те, кому Мы изначально определили наилучшее, будут отдалены от нее.

දේව ආදේශකයින් "සැබැවින්ම ඊසා හා ඔවුන් නැමදුමට ගත් මලක්වරුන් නිරා ගින්නට පිවිසෙනු ඇතැ"යි පැවසූ කල්හි, "සැබැවින්ම ඔවුන් ඊසා අලයිහිස් සලාම් තුමා මෙන් නිරා ගින්නෙන් දුරස් කරනු ලැබූ ප්රීතිමත් ජනයා වන බව අල්ලාහ්ගේ පූර්ව දැනුමෙහි විය." යැයි අල්ලාහ් පැවසීය.

21:102Страница 331

لَا يَسۡمَعُونَ حَسِيسَهَاۖ وَهُمۡ فِي مَا ٱشۡتَهَتۡ أَنفُسُهُمۡ خَٰلِدُونَ ١٠٢

Они не услышат даже малейшего ее звука и вечно пребудут среди того, что возжелали их души.

ඔවුන්ගේ සවන්වලට නිරයේ හඬ ලඟා නොවෙයි. ඔවුන්ගේ ආත්මාවන් සතුටුවන සුව පහසුකම් හා වින්දනයන් තුළ රැඳෙන්නෝ වෙති. ඔවුන්ගේ එම සැපත කිසි විටෙක විසන්ධි වී යන්නේ නැත.

21:103Страница 331

لَا يَحۡزُنُهُمُ ٱلۡفَزَعُ ٱلۡأَكۡبَرُ وَتَتَلَقَّىٰهُمُ ٱلۡمَلَٰٓئِكَةُ هَٰذَا يَوۡمُكُمُ ٱلَّذِي كُنتُمۡ تُوعَدُونَ ١٠٣

Их не опечалит величайший испуг, а ангелы встретят их словами: «Вот ваш день, который был вам обещан!».

නිරය එයට අදාළ වූවන් මත ක්රියාත්මක වන මොහොතේ එම භයානක අර්බුධය ඔවුන් බියට පත් නොකරයි. මලක්වරුන් ඔවුනට සුබ පතමින් මෙසේ පවසති: මෙලොවෙහි නුඹලාට කවර ප්රතිඥාවක් දෙනු ලබමින් සිටියෙහු ද නුඹලාගේ ඒ දවස මෙයයි. නුඹලා එහි ලබන සුවපහසුකම් පිළිබඳ ශුභාරංචි දන්වා සිටිනු.

21:104Страница 331

يَوۡمَ نَطۡوِي ٱلسَّمَآءَ كَطَيِّ ٱلسِّجِلِّ لِلۡكُتُبِۚ كَمَا بَدَأۡنَآ أَوَّلَ خَلۡقٖ نُّعِيدُهُۥۚ وَعۡدًا عَلَيۡنَآۚ إِنَّا كُنَّا فَٰعِلِينَ ١٠٤

В тот день Мы свернем небо, как сворачивают свитки для книг. Мы воссоздадим творения подобно тому, как начали творить их в первый раз. Так было обещано Нами. Воистину, Мы сделаем это.

එදින අපි අහස, එහි ඇති දෑ කොළ නමා මදින්නාක් සේ අපි මදින්නෙමු. සියලු මැවීම් ඒවා මුල් අවදියේ මවනු ලැබුවාක් මෙන්ම ඒ හැඩරුවෙන් ම අපි එක්රැස් කරන්නෙමු. ඒ ගැන වූ අපගේ ප්රතිඥාව කඩ කරනු ලබන්නක් නොවේ. සැබැවින්ම අපි පොරොන්දු වූ දෑ ඉටු කරන්නන් වෙමු.

21:105Страница 331

وَلَقَدۡ كَتَبۡنَا فِي ٱلزَّبُورِ مِنۢ بَعۡدِ ٱلذِّكۡرِ أَنَّ ٱلۡأَرۡضَ يَرِثُهَا عِبَادِيَ ٱلصَّٰلِحُونَ ١٠٥

Мы уже записали в Писаниях после того, как это было записано в Напоминании (Хранимой скрижали), что землю унаследуют Мои праведные рабы.

සැබැවින්ම අල්ලාහ්ට අවනතව කටයුතු කරන ඔහුගේ දැහැමි ගැත්තන් මහපොළොව උරුම කර ගනු ඇතැයි ද ඔවුහු මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ සමූහයා බව ද, "ලව්හුල් මහ්ෆූල්’ නම් ආරක්ෂක පුවරුවේ සටහන් කළ පසු ව දූතවරුන් වෙත අප පහළ කළ පුස්තකවල සටහන් කර තැබුවෙමු.

21:106Страница 331

إِنَّ فِي هَٰذَا لَبَلَٰغٗا لِّقَوۡمٍ عَٰبِدِينَ ١٠٦

Воистину, в этом - послание для тех, кто поклоняется.

ඔවුනට දහම්ගත කරනු ලැබූ කරුණු අනුව තම පරමාධිපතිට ගැතිකම් කරන ජනයාහට අප පහළ කළ දෑහි ප්රයෝජනයක් හා ප්රමාණවත් උපදෙසක් ඇත. ඒ අනුව ඔවුහු එමගින් ප්රයෝජනය ලබන්නෝ වෙති.

21:107Страница 331

وَمَآ أَرۡسَلۡنَٰكَ إِلَّا رَحۡمَةٗ لِّلۡعَٰلَمِينَ ١٠٧

Мы отправили тебя только в качестве милости к мирам.

අහෝ මුහම්මද්! නුඹ මිනිසුන් හට මඟපෙන්වීමටත් අල්ලාහ්ගේ දඬුවමින් ඔවුන් මුදවා ගන්නටත් ආශාකරන්නෙකු වශයෙන් වැජඹෙන බැවින් සියලු මැවීම්හට ආශිර්වාදයක් වශයෙන් මිස අපි නුඹව දහම් දූතයකු ලෙස නොඑව්වෙමු.

21:108Страница 331

قُلۡ إِنَّمَا يُوحَىٰٓ إِلَيَّ أَنَّمَآ إِلَٰهُكُمۡ إِلَٰهٞ وَٰحِدٞۖ فَهَلۡ أَنتُم مُّسۡلِمُونَ ١٠٨

Скажи: «Мне внушено в откровении, что ваш Бог - Бог Единственный. Не станете ли вы мусульманами?».

අහෝ දූතය! නුඹ පවසනු. "සැබැවින්ම මාගේ පරමාධිපතිගෙන් මා හට දැනුම් දී ඇත්තේ, ‘සැබැවින්ම සැබෑ ලෙස නුඹලා නැමදුම් කරනු ලැබිය යුත්තේ එකම දෙවියකුටය. ඔහුට කිසිදු හවුල්කරුවකු නැත. ඔහු අල්ලාහ්ය’ යන්නය. එහෙයින් ඔහු විශ්වාස කිරීමටත් ඔහුට අවනත වී කටයුතු කිරීමටත් නුඹලා අවනත වනු."

21:109Страница 331

فَإِن تَوَلَّوۡاْ فَقُلۡ ءَاذَنتُكُمۡ عَلَىٰ سَوَآءٖۖ وَإِنۡ أَدۡرِيٓ أَقَرِيبٌ أَم بَعِيدٞ مَّا تُوعَدُونَ ١٠٩

Если они отвернутся, то скажи: «Я предупреждаю всех вас в равной мере, и я не знаю, рано или поздно настанет то, что вам обещано.

නුඹ ඔවුන් වෙත කවර කරුණක් ගෙන ආවේ ද එය ඔවුන් පිටුපෑවේ නම්, එවිට "අහෝ දූතය! නුඹ ඔවුනට, ‘සැබැවින්ම මා අතර හා නුඹලා අතර පවතින සමාන කරුණක් විස්තර කරමින් සැබැවින්ම මා හා නුඹලා ඒ මත සිටින බවත්, අල්ලාහ් ප්රතිඥා දුන් ඔහුගේ දඬුවම නුඹලාට කවර මොහොතක පහළ වන්නේ දැයි මා නොදන්නා බවත් මම නුඹලාට දන්වා සිටියෙමි’ යැයි පවසනු."

21:110Страница 331

إِنَّهُۥ يَعۡلَمُ ٱلۡجَهۡرَ مِنَ ٱلۡقَوۡلِ وَيَعۡلَمُ مَا تَكۡتُمُونَ ١١٠

Воистину, Он ведает о словах, которые произносят вслух, и ведает о том, что вы утаиваете.

මම නුඹලාට කවර ප්රකාශයක් දැනුම් දුන්නේ ද ඒ බව අල්ලාහ් දනී. නුඹලා කවර කරුණක් වසන් කරන්නේ ද ඒ ගැන ද ඔහු දනී. ඒවායින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු මතු ප්රතිඵල පිරිනමනු ඇත.

21:111Страница 331

وَإِنۡ أَدۡرِي لَعَلَّهُۥ فِتۡنَةٞ لَّكُمۡ وَمَتَٰعٌ إِلَىٰ حِينٖ ١١١

Я не знаю, может быть, это - искушение для вас или же возможность пользоваться благами до определенного времени».

දඬුවම නුඹලාට ප්රමාද කිරීම නුඹලාට පරීක්ෂණයක් වේ දැයි හෝ පියවරෙන් පියවර සිදුවන්නක් දැයි හෝ අල්ලාහ්ගේ දැනුමෙහි නියමිත කාලයක් දක්වා නුඹලා වෙනුවෙන් වූ භුක්ති විඳීමක් දැයි හෝ මම නොදනිමි. නුඹලා නුඹලාගේ ප්රතික්ෂේපය තුළ හා මුළාව තුළ අඛණ්ඩව සිටින්නෙහුය.

21:112Страница 331

قَٰلَ رَبِّ ٱحۡكُم بِٱلۡحَقِّۗ وَرَبُّنَا ٱلرَّحۡمَٰنُ ٱلۡمُسۡتَعَانُ عَلَىٰ مَا تَصِفُونَ ١١٢

Пророк сказал: «Господи! Рассуди по справедливости. У нашего Милостивого Господа надо просить помощи против того, что вы приписываете».

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම පරමාධිපතිට ප්රාර්ථනා කරමින්, "මාගේ පරමාධිපතියාණනි! අප අතර හා දේව ප්රතික්ෂේපය මත සිටින අපගේ ජනයා අතර සත්ය තීන්දුවක් තුළින් වෙන් කරනු මැනව. ඔවුන් පවසන දේව ප්රතික්ෂේපය හා අසත්යයට එරෙහිව අපගේ කාරුණික පරමාධිපතියාණන්ගෙන් අපි උදව් පතමු" යැයි පැවසූහ.

Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии

Содержание

Аят аль-Курси36Аль-Кахфстр. 42джуз 15Бухари 1Муслим 2999

Вид

Тема
Размер текста
Вид

Read in English