Аль-Мухтасар · Тафсир · на сингальском
الأنبياء
Аль-Анбия
Пророки · Мекканская · 112 аятов
21:1Страница 322
ٱقۡتَرَبَ لِلنَّاسِ حِسَابُهُمۡ وَهُمۡ فِي غَفۡلَةٖ مُّعۡرِضُونَ ١
Приблизился к людям расчет с ними, однако они с пренебрежением отворачиваются.
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ජනයාගේ ක්රියාවන් සඳහා ඔවුන්ගෙන් විනිශ්චය කිරීම ඔවුන් වෙත සමීප වී ඇත. ඔවුන් මෙලොවෙහි කාර්යබහුලව සිටි බැවින් මතුලොව ප්රතික්ෂේප කරමින් ඔවුහු ඒ ගැන නොසැලකිල්ලෙන් පසුවූහ.
21:2Страница 322
مَا يَأۡتِيهِم مِّن ذِكۡرٖ مِّن رَّبِّهِم مُّحۡدَثٍ إِلَّا ٱسۡتَمَعُوهُ وَهُمۡ يَلۡعَبُونَ ٢
Когда бы ни приходило к ним новое назидание от их Господа, они выслушивали его, забавляясь.
ඔවුන්ගේ පරමාධිපතිගෙන් ඔවුන් වෙත අල් කුර්ආනයේ නව පහළ වීමක් පැමිණි විට ඔවුන් එයට පලක් නැති අයුරින් සවන් දුන්නාක් මිස නැත. එහි ඇති දෑ ගැන ඔවුන් සැලකිලිමත් නොවී එයට හාස්යය ලෙස සවන් දෙන්නට වුහ.
21:3Страница 322
لَاهِيَةٗ قُلُوبُهُمۡۗ وَأَسَرُّواْ ٱلنَّجۡوَى ٱلَّذِينَ ظَلَمُواْ هَلۡ هَٰذَآ إِلَّا بَشَرٞ مِّثۡلُكُمۡۖ أَفَتَأۡتُونَ ٱلسِّحۡرَ وَأَنتُمۡ تُبۡصِرُونَ ٣
Сердца же их оставались беспечными. Беззаконники говорили между собой тайком: «Разве это - не такой же человек, как и вы? Неужели вы покоритесь колдовству, которое вы видите воочию?».
ඒ ගැන ඔවුන්ගේ හදවත් තැකීමකින් තොර ව තිබියදී, ඔවුහු එයට සවන් දුන්නෝය. දේව ප්රතික්ෂේපය හේතුවෙන් අපරාධකරුවන් වූ වනාහි, ඔවුන් කවර කරුණක් රහසින් කතා කළේද එම කතාව සඟවමින් මෙසේ පවසන්නන් වූහ. "සැබැවින්ම තමන් දූතයකු යැයි වාද කරන්නා නුඹලා මෙන් මිනිසෙකු මිස නැත. නුඹලාට වඩා ඔහුට කීර්තියක් නොමැත. ඔහු කවර දෙයක් ගෙන ආවේ ද එය හූනියමකි. එහෙයින් සැබැවින්ම ඔහු නුඹලා මෙන් මිනිසෙකු බවත් ඔහු ගෙන ආ දෑ හූනියමක් බවත් නුඹලා දැන දැනුම ඔහුව අනුගමනය කරන්නෙහු ද?"
21:4Страница 322
قَالَ رَبِّي يَعۡلَمُ ٱلۡقَوۡلَ فِي ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِۖ وَهُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ ٤
Мухаммад сказал: «Мой Господь знает то, что говорят на небе и на земле. Он - Слышащий, Знающий».
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පවසා සිටියහ. "නුඹලා කවර කතාවක් සඟවන්නේ ද, ඒ ගැන සැබැවින්ම මාගේ පරමාධිපති දනී. අහස්හි හා මහපොළොවේ කවර ප්රකාශයක් ප්රකාශකයකු විසින් හෙළි වන්නේ ද ඒ සෑම ප්රකාශයක්ම ඔහු දනී. ඔහුගේ ගැත්තන්ගේ ප්රකාශවලට ඔහු මැනවින් සවන් දෙන්නාය. ඔවුන්ගේ ක්රියාවන් පිළිබඳ මැනවින් දන්නාය. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල මතු පිරිනමනු ඇත."
21:5Страница 322
بَلۡ قَالُوٓاْ أَضۡغَٰثُ أَحۡلَٰمِۭ بَلِ ٱفۡتَرَىٰهُ بَلۡ هُوَ شَاعِرٞ فَلۡيَأۡتِنَا بِـَٔايَةٖ كَمَآ أُرۡسِلَ ٱلۡأَوَّلُونَ ٥
Они сказали: «Это - бессвязные сны! Нет, он сочинил это! Нет, он - поэт! Пусть он покажет нам знамение, подобное тем, с которыми были отправлены первые посланники».
මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කවර කරුණක් ගෙන ආවේද එම කරුණ ගැන ඔවුහු ව්යාකූලත්වයෙන් පසුවෙති. විටෙක ඔවුහු, "කිසිදු පදනමක් නැති ව්යාකූල සිහිනකි" යැයි පවසති. තවත් විටෙක, "නැත, කිසිදු පදනමකින් තොරව එය ගොතන ලද්දකි" යැයි පවසති. තවත් විටෙක, "ඔහු කවියෙකි. ඔහු ඇරයුම් කරන දෑහි ඔහු සත්යවාදියෙකු නම් මූසාගේ සැරයටිය, සාලිහ්ගේ ඔටු දෙන වැනි ආරම්භක දූතවරුන් ගෙන ආ ප්රාතිහාර්යයන් මෙන් ප්රාතිහාර්යයක් අප වෙත ඔහු ගෙන ආ යුතුය. සැබැවින්ම ඔවුහු එවන් ප්රාතිහාර්යයන් ගෙන ආවෝය." යැයි පවසති.
21:6Страница 322
مَآ ءَامَنَتۡ قَبۡلَهُم مِّن قَرۡيَةٍ أَهۡلَكۡنَٰهَآۖ أَفَهُمۡ يُؤۡمِنُونَ ٦
Ни одно из селений, которые Мы погубили до них, не уверовало. Неужели они уверуют?
මෙම යෝජිතයින්ට පෙර මෙවන් සංඥා පහළ කරන මෙන් යෝජනා කළ ගම්මානවාසීහුද වුහ. ඔවුන් විශ්වාස කළේ නැත. ඔවුන් යෝජනා කළ පරිදි ඔවුනට ඒවා දෙනු ලැබුවෝය. නමුත් ඔවුහු එය බොරු කළෝය. එහෙයින් අපි ඔවුන් විනාශ කළෙමු. එසේ තිබියදී මොවුහු විශ්වාස කරනු ඇත් ද?
21:7Страница 322
وَمَآ أَرۡسَلۡنَا قَبۡلَكَ إِلَّا رِجَالٗا نُّوحِيٓ إِلَيۡهِمۡۖ فَسۡـَٔلُوٓاْ أَهۡلَ ٱلذِّكۡرِ إِن كُنتُمۡ لَا تَعۡلَمُونَ ٧
Мы и до тебя отправляли только мужей, которым внушали откровение. Спросите людей Напоминания, если вы не знаете этого.
අහෝ දූතය! නුඹට පෙර පිරිමින් වෙත මිස අපි දේව පණිවිඩ දන්වා වෙනත් වර්ගයක් එව්වේ නැත. ඔවුන්ව මලක්වරුන් ලෙස එව්වේ ද නැත. ඒ ගැන නුඹලා නොදන්නෙහු නම්, නුඹලාට පෙර විසූ ආගම්ලත් ජනයාගෙන් අසා දැනගනු.
21:8Страница 322
وَمَا جَعَلۡنَٰهُمۡ جَسَدٗا لَّا يَأۡكُلُونَ ٱلطَّعَامَ وَمَا كَانُواْ خَٰلِدِينَ ٨
Мы не сотворили их (посланников) телами, которые не потребляют пищу, и они не были бессмертными.
අප එවූ දූතවරුන් ආහාර අනුභව නොකරන ශරීරයකින් යුක්ත වූවන් ලෙස අපි පත් නොකළෙමු. වෙනත් අය ආහාර ගන්නාක් මෙන්ම ඔවුන් ද ආහාර ගත්තෝය. ඔවුන් නොමියන මෙලොවෙහි සදා රැඳී සිටින්නන් වූයේ ද නැත.
21:9Страница 322
ثُمَّ صَدَقۡنَٰهُمُ ٱلۡوَعۡدَ فَأَنجَيۡنَٰهُمۡ وَمَن نَّشَآءُ وَأَهۡلَكۡنَا ٱلۡمُسۡرِفِينَ ٩
Потом Мы выполнили данное им обещание, спасли их и тех, кого пожелали, и погубили тех, кто излишествовал.
පසු ව අපි අපගේ දූතවරුන්ට ප්රතිඥා දුන් දෑ ස්ථීර කළෙමු. එනම් ඔවුන් ද අපි අභිමත කළ දේව විශ්වාසීන් ද විනාශයෙන් මුදවා, අල්ලාහ්ව ප්රතික්ෂේප කිරීමෙන් හා පාපකම් සිදු කරමින් සීමාව ඉක්මවා කටයුතු කළවුන් විනාශයට පත් කිරීම තුළිනි.
21:10Страница 322
لَقَدۡ أَنزَلۡنَآ إِلَيۡكُمۡ كِتَٰبٗا فِيهِ ذِكۡرُكُمۡۚ أَفَلَا تَعۡقِلُونَ ١٠
Мы уже ниспослали вам Писание, в котором содержится напоминание о вас. Неужели вы не разумеете?
සැබැවින්ම අපි අල් කුර්ආනය නුඹලා වෙත පහළ කළෙමු. නුඹලා එය සත්ය බව සහතික කොට; එහි ඇති දෑ අනුව කටයුතු කළේ නම්, එහි නුඹලාට ගෞරවයත් අභිමානයත් ඇත. එහෙයින් නුඹලා ඒ ගැන වටහා ගෙන එය විශ්වාස කිරීමට යුහුසුළු නොවන්නෙහු ද?
21:11Страница 323
وَكَمۡ قَصَمۡنَا مِن قَرۡيَةٖ كَانَتۡ ظَالِمَةٗ وَأَنشَأۡنَا بَعۡدَهَا قَوۡمًا ءَاخَرِينَ ١١
Сколько Мы разрушили селений, которые были несправедливы, сотворив после них другие народы!
දේව ප්රතික්ෂේපය හේතුවෙන් අපරාධකාරී බවට පත් වූ ගම්මාන කොපමණ ප්රමාණයක් අපි විනාශ කර ඇත්තෙමු ද? ඒවායින් පසු ව අප වෙනත් පිරිසක් මැව්වෙමු.
21:12Страница 323
فَلَمَّآ أَحَسُّواْ بَأۡسَنَآ إِذَا هُم مِّنۡهَا يَرۡكُضُونَ ١٢
Когда они чувствовали Наше наказание, то бросались бежать от него.
අපගේ දඬුවම ඉවත් වනු ඇතැයි විනාශ කරනු ලබන්නන් දකින කල්හි ඔවුන්ගේ ගම්මානයෙන් පළා ගොස් එම විනාශයෙන් බේරෙන්නට බලති.
21:13Страница 323
لَا تَرۡكُضُواْ وَٱرۡجِعُوٓاْ إِلَىٰ مَآ أُتۡرِفۡتُمۡ فِيهِ وَمَسَٰكِنِكُمۡ لَعَلَّكُمۡ تُسۡـَٔلُونَ ١٣
Не убегайте и вернитесь туда, где вам было позволено вести роскошную жизнь, и в свои жилища, быть может, к вам будут обращаться с просьбами!
උපහාසය දන්වන පරිදි ඔවුන් ඇරයුම් කරනු ලැබ, "නුඹලා පළා නොයනු. නුඹලා කවර වින්ඳනයන් භුත්කි විඳිමින් සිටියේ ද, ඒ වෙත නැවත හැරී යනු. නුඹලාගේ නවාතැන් වෙත නැවත හැරී යනු. නුඹලාගේ මෙලොව ජීවිතය ගැන යමක් නුඹලාගෙන් විමසන්නට හැකි වනු පිණිස." (යැයි පවසනු ලැබේ).
21:14Страница 323
قَالُواْ يَٰوَيۡلَنَآ إِنَّا كُنَّا ظَٰلِمِينَ ١٤
Они говорили: «О горе нам! Воистину, мы были несправедливы!».
මෙම අපරාධකරුවන් ඔවුන්ගේ පාපකම් පිළිගනිමින්, "අහෝ අපගේ විනාශය! අපගේ ඛේදය! අල්ලාහ් ව ප්රතික්ෂේප කළ හේතුවෙන් සැබැවින්ම අපි අපරාධකරවුන් වූයෙමු" යැයි පවසා සිටිති.
21:15Страница 323
فَمَا زَالَت تِّلۡكَ دَعۡوَىٰهُمۡ حَتَّىٰ جَعَلۡنَٰهُمۡ حَصِيدًا خَٰمِدِينَ ١٥
Они продолжали так взывать, пока Мы не превратили их в затухшее жнивье.
අස්වනු නෙළන ලද, වැඩකට නැති (පොළොව) මෙන් ඔවුන් අප පත් කරන තෙක්ම ඔවුන්ගේ පාපකම් පිළිගනිමින් හා ඔවුන් මත වූ විනාශය ගැන පසුතැවිලි වෙමින් සිටිති.
21:16Страница 323
وَمَا خَلَقۡنَا ٱلسَّمَآءَ وَٱلۡأَرۡضَ وَمَا بَيۡنَهُمَا لَٰعِبِينَ ١٦
Мы не создали небо, землю и все, что между ними, забавляясь.
අහස හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද විහිළුවට හෝ නිෂ්ඵල දෙයක් ලෙස හෝ අප මවා නැත. ඒ දෙක අපගේ බලය පෙන්වා දෙන සාධක වශයෙන් අපි මවා ඇත්තෙමු.
21:17Страница 323
لَوۡ أَرَدۡنَآ أَن نَّتَّخِذَ لَهۡوٗا لَّٱتَّخَذۡنَٰهُ مِن لَّدُنَّآ إِن كُنَّا فَٰعِلِينَ ١٧
Если бы Мы пожелали устроить Себе потеху, то устроили бы ее из того, что есть у Нас.
සහකාරියක් හෝ දරුවෙක් හෝ ගැනීමට අපි අභිමත කළේ නම් අප වෙතින් එය ගන්නට තිබුණි. එයින් අපි පිරිසිදු බැවින් එය සිදුකරන්නන් ලෙස අපි නැත.
21:18Страница 323
بَلۡ نَقۡذِفُ بِٱلۡحَقِّ عَلَى ٱلۡبَٰطِلِ فَيَدۡمَغُهُۥ فَإِذَا هُوَ زَاهِقٞۚ وَلَكُمُ ٱلۡوَيۡلُ مِمَّا تَصِفُونَ ١٨
Однако Мы бросаем истину в ложь, и та разбивается и исчезает. Горе вам за то, что вы приписываете!
නමුත් අපගේ දූතයාණන් වෙත අපි කවර පණිවිඩයක් එව්වෙමු ද එම සත්යය දෙවියන් ප්රතික්ෂේප කරන ජනයාගේ ව්යාජත්වය මත හෙළන්නෙමු. එවිට එය ව්යාජත්වය විනාශ කර දමයි. එහෙයින් ඔවුන්ගේ ව්යාජත්වය පහ වී යනු ඇත. අහෝ, ඔහු සහකාරියක් හා දරුවෙකු ගත් බවට පවසා සිටින්නනි! ඔහුට නුසුදුසු වර්ණනාවක් නුඹලා කර ඇති බැවින් නුඹලාට විනාශය අත්වනු ඇත.
21:19Страница 323
وَلَهُۥ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَمَنۡ عِندَهُۥ لَا يَسۡتَكۡبِرُونَ عَنۡ عِبَادَتِهِۦ وَلَا يَسۡتَحۡسِرُونَ ١٩
Ему принадлежат все, кто на небесах и на земле. А те, кто находится рядом с Ним, не превозносятся над поклонением Ему и не устают.
අහස්හි ආධිපත්යයත්, මහපොළොවේ ආධිපත්යයත් සුවිශුද්ධයාණන්හට පමණක් සතුය. ඔහු අබියස සිටින මලක්වරුන් ඔහුට ගැතිකම් කිරීමට අහංකාර නොවෙති. එයින් ඔවුන් විඩාවට පත් නොවෙති.
21:20Страница 323
يُسَبِّحُونَ ٱلَّيۡلَ وَٱلنَّهَارَ لَا يَفۡتُرُونَ ٢٠
Они славят Его днем и ночью без устали.
අල්ලාහ්ව පිවිතුරු කිරීමෙහි ඔවුහු නිරන්තරයෙන්ම නියැළී සිටිති. එයින් ඔවුන් වෙනතකට නොහැරෙති.
21:21Страница 323
أَمِ ٱتَّخَذُوٓاْ ءَالِهَةٗ مِّنَ ٱلۡأَرۡضِ هُمۡ يُنشِرُونَ ٢١
Или же они стали поклоняться божествам из земли, которые способны воскрешать?
නමුත් දේව ආදේශකයින් අල්ලාහ් හැර වෙනත් දෙවිවරුන් නැමදුමට ගත්තෝය. ඔවුහු මියගියවුන්හට යළි ජීවය ලබා දෙන්නන් නොවෙති. එසේනම්, ඒ සඳහා හැකියාවක් නොමැත්තෙකුට ඔවුන් නැමදුම් කරනුයේ කෙසේ ද?
21:22Страница 323
لَوۡ كَانَ فِيهِمَآ ءَالِهَةٌ إِلَّا ٱللَّهُ لَفَسَدَتَاۚ فَسُبۡحَٰنَ ٱللَّهِ رَبِّ ٱلۡعَرۡشِ عَمَّا يَصِفُونَ ٢٢
Если бы на них (на небесах и земле) были иные божества наряду с Аллахом, то они (небеса и земля) разрушились бы. Аллах, Господь Трона, пречист и далек от того, что они приписывают Ему!
අල්ලාහ් හැර අහස්හි හා මහපොළොවෙහි නැමදුම් ලබන විවිධ අය වී නම්, එසේ නැමදුම් ලබන එකිනෙකා අතර ආධිපත්යය සම්බන්ධයෙන් ගැටුම් ඇති වන බැවින් ඒ දෙකහෙි අර්බුධ හට ගනු ඇත. නමුත් සිදු ව ඇත්තේ එයට පටහැනි ලෙසය. එබැවින් සැබැවින්ම අල්ලාහ්ට හවුල්කරුවන් සිටින බව දේවත්වයට ආදේශ කරන්නන් කරන වර්ණනාවෙන් අර්ෂ්හි පරමාධිපති වූ අල්ලාහ් පිවිතුරුය.
21:23Страница 323
لَا يُسۡـَٔلُ عَمَّا يَفۡعَلُ وَهُمۡ يُسۡـَٔلُونَ ٢٣
Его не спросят за то, что Он совершает, а они будут спрошены.
අල්ලාහ් ඔහුගේ ආධිපත්යයේ හා ඔහුගේ තීන්දුවේ ඛේවලය. ඔහු කවර දෙයක් නියම කොට තීන්දු කළේ ද ඒගැන කිසිවකු ඔහුගෙන් විමසා සිටින්නේ නැත. තම ගැත්තන්ගෙන් ඔවුන්ගේ ක්රියාවන් ගැන විමසා සිටිනුයේ ඔහුය. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත.
21:24Страница 323
أَمِ ٱتَّخَذُواْ مِن دُونِهِۦٓ ءَالِهَةٗۖ قُلۡ هَاتُواْ بُرۡهَٰنَكُمۡۖ هَٰذَا ذِكۡرُ مَن مَّعِيَ وَذِكۡرُ مَن قَبۡلِيۚ بَلۡ أَكۡثَرُهُمۡ لَا يَعۡلَمُونَ ٱلۡحَقَّۖ فَهُم مُّعۡرِضُونَ ٢٤
Неужели они стали поклоняться иным божествам вместо Него? Скажи: «Приведите ваши доказательства! Вот напоминание для тех, кто со мной, и напоминание для тех, кто жил до меня». Однако большинство их не ведает об истине и отворачивается.
නමුත් ඔවුහු අල්ලාහ් හැර දමා, නැමදුමට ලක්වන වෙනත් දෑ තෝරා ගත්තෝය. අහෝ දූතය! එම ආදේශකයින්ට නුඹ මෙසේ පවසනු. "නැමදුම සඳහා ඒවාට සුදුසුකම් ඇති බව පෙන්වා දෙන නුඹලාගේ සාධක ගෙන එනු." මෙය මා වෙත පහළ කරනු ලැබූ පුස්තකයයි. දූතවරුන්ට පහළ කරනු ලැබූ පුස්තක ද ඇත. ඒ ගැන එහි නුඹලාට කිසිදු සාධකයක් නැත. දෙවියන්ට ආදේශ තබන බහුතරයක් දෙනා අඥානකම හා මිථ්යා අනුගමනය වෙත මිස බැඳී නැත. සත්ය පිළිගැනීමට ඔවුහු ප්රතික්ෂේප කරන්නෝ වෙති.
21:25Страница 324
وَمَآ أَرۡسَلۡنَا مِن قَبۡلِكَ مِن رَّسُولٍ إِلَّا نُوحِيٓ إِلَيۡهِ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّآ أَنَا۠ فَٱعۡبُدُونِ ٢٥
Мы не посылали до тебя ни одного посланника, которому не было бы внушено: «Нет божества, кроме Меня. Поклоняйтесь же Мне!».
අහෝ දූතය! "සැබැවින්ම නැමදුමට සුදුස්සා මා හැර වෙනත් කෙනෙකු නැත. එහෙයින් නුඹලා මටම පමණක් නැමදුම් කරනු. මට කිසිවක් ආදේශ නොකරනු" යැයි අපි ඔහු වෙත දන්වා සිටිමින් මිස නුඹට පෙර කිසිදු දූතයකු අපි නොඑව්වෙමු.
21:26Страница 324
وَقَالُواْ ٱتَّخَذَ ٱلرَّحۡمَٰنُ وَلَدٗاۗ سُبۡحَٰنَهُۥۚ بَلۡ عِبَادٞ مُّكۡرَمُونَ ٢٦
Они говорят: «Милостивый взял Себе сына». Пречист Он! Они же - почитаемые рабы.
"සැබැවින්ම මලක්වරුන් ගැහැණු දරුවන් ලෙස අල්ලාහ් තෝරා ගෙන ඇතැ"යි දේව ආදේශකයින් පවසා සිටියේය. ඔවුන් පවසන මුසාවෙන් ඔහු පිවිතුරුය. සුවිශුද්ධය. මලක්වරුන් අල්ලාහ්ගේ ගැත්තන්ය. ඔහු විසින් ගරුත්වයට පත් කරනු ලැබූවන්ය. ඔහු වෙත ඉතා සමීපයෙන් සිටින්නන්ය.
21:27Страница 324
لَا يَسۡبِقُونَهُۥ بِٱلۡقَوۡلِ وَهُم بِأَمۡرِهِۦ يَعۡمَلُونَ ٢٧
Они не опережают Его своими речами и поступают согласно Его велениям.
වචනයෙන් පවා ඔවුහු ඔවුන්ගේ පරමාධිපති අබිබවා නොයති. එහෙයින් ඔවුනට ඔහු නියෝග කරන තෙක් ඔවුහු කතා නොකරති. ඔවුහු ඔහුගේ නියෝගය අනුව ක්රියා කරන්න් වෙති. එහෙයින් කිසිදු කරුණක ඔහුට විරුද්ධව ඔවුහු කටයුතු නොකරති.
21:28Страница 324
يَعۡلَمُ مَا بَيۡنَ أَيۡدِيهِمۡ وَمَا خَلۡفَهُمۡ وَلَا يَشۡفَعُونَ إِلَّا لِمَنِ ٱرۡتَضَىٰ وَهُم مِّنۡ خَشۡيَتِهِۦ مُشۡفِقُونَ ٢٨
Он ведает их прошлое и будущее. Они заступаются только за тех, кем Он доволен, а сами трепещут от страха перед Ним.
ඔවුන්ගේ පූර්ව ක්රියාවන් හා පසු ව එකතු වන දෑ ගැන ඔහු දනී. කවරෙකු වෙනුවෙන් මැදිහත් වීම පිළිගනු ලබන්නේ ද ඔහු වෙනුවෙන් අල්ලාහ්ගේ නියෝගයෙන් මිස මැදිහත්වීමට නොඉල්ලති. ශුද්ධවන්තයාණන් ගැන වූ බියෙන් ඔවුහු ප්රවේසමින් සිටිති. කිසිදු නියෝගයක හෝ තහනම් නියෝගයක හෝ ඔහුට විරුද්ධව කටයුතු නොකරති.
21:29Страница 324
۞ وَمَن يَقُلۡ مِنۡهُمۡ إِنِّيٓ إِلَٰهٞ مِّن دُونِهِۦ فَذَٰلِكَ نَجۡزِيهِ جَهَنَّمَۚ كَذَٰلِكَ نَجۡزِي ٱلظَّٰلِمِينَ ٢٩
А тому из них, кто скажет: «Я являюсь богом наряду с Ним», - воздаянием будет Геенна. Так Мы воздаем беззаконникам.
උපකල්පනයක් වශයෙන්, මලක්වරුන්ගෙන් කිසිවකු හෝ : "අල්ලාහ් නොව, සැබැවින්ම නැමදුමට ලක් විය යුත්තා මාවෙමි" යැයි පවසන්නේ ද ඔහුගේ එම ප්රකාශය හේතුවෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරන්තර අපායේ දඬුවම ඔහුට ප්රතිවිපාක වශයෙන් සැබැවින්ම් අපි පිරිනමන්නෙමු. මෙම ප්රතිවිපාකය සේ දේව ප්රතික්ෂේපය හා දේව ආදේශය හේතුවෙන් අපරාධකාරීන් බවට පත්වූවන්හටත් අපි ප්රතිවිපාක පිරිනමමු.
21:30Страница 324
أَوَلَمۡ يَرَ ٱلَّذِينَ كَفَرُوٓاْ أَنَّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ كَانَتَا رَتۡقٗا فَفَتَقۡنَٰهُمَاۖ وَجَعَلۡنَا مِنَ ٱلۡمَآءِ كُلَّ شَيۡءٍ حَيٍّۚ أَفَلَا يُؤۡمِنُونَ ٣٠
Неужели неверующие не видят, что небеса и земля были единым целым и что Мы разделили их и сотворили все живое из воды? Неужели они не уверуют?
සැබැවින්ම අහස් හා මහපොළොව අතර කිසිදු හිඩසකින් තොර ව ඒ දෙක එකට ඇලී තිබුණු බවත් පසුව අපි ඒ දෙක අතර වෙන් කළ බවත් අහසින් මහපොළොව වෙත පහළ වන ජලයෙන් සියලු ජීවීන් හා පැලෑටි ඇති කළ බවත් අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන් නොදන්නෙහු ද? ඒ ගැන ඔවුහු වටහාගෙන අල්ලාහ් පිළිබඳ පමණක් විශ්වාස කළ යුතු නොවේද?
21:31Страница 324
وَجَعَلۡنَا فِي ٱلۡأَرۡضِ رَوَٰسِيَ أَن تَمِيدَ بِهِمۡ وَجَعَلۡنَا فِيهَا فِجَاجٗا سُبُلٗا لَّعَلَّهُمۡ يَهۡتَدُونَ ٣١
Мы воздвигли на земле незыблемые горы, чтобы она не колебалась вместе с ними. Мы проложили на ней широкие дороги, чтобы они следовали верным путем.
මහපොළොව මත සිටින්නන් නොසැලෙන අයුරින් ශක්තිමත් කඳු අපි මහපොළොවේ මැව්වෙමු. ඔවුන් අපේක්ෂා කරන ස්ථානය වෙත යාම සඳහා ඔවුන්ගේ ගමන්බිමන්වල දී ඔවුනට මඟ පෙන්වනු ලබනු පිණිස විශාල මාර්ග හා මංමාවත් අපි එහි ඇති කළෙමු.
21:32Страница 324
وَجَعَلۡنَا ٱلسَّمَآءَ سَقۡفٗا مَّحۡفُوظٗاۖ وَهُمۡ عَنۡ ءَايَٰتِهَا مُعۡرِضُونَ ٣٢
Мы сделали небо оберегаемой кровлей, однако они отворачиваются от его знамений.
කිසිදු කණුවකින් තොර ව නොවැටෙන සේ ආරක්ෂිත වියනක් බවට අපි අහස ඇති කළෙමු. එමෙන්ම හොරෙන් සවන් දෙන්නන්ගෙන් ආරක්ෂා කරන්නක් බවටත් අපි එය ඇති කළෙමු. අහසේ ඇති සූර්යයා, චන්ද්රයා වැනි සංඥා පිළිබඳ දේව ආදේශකයින් ප්රතික්ෂේප කරන්නන් වෙති. ඒ ගැන සැලකිලිමත් නොවෙති.
21:33Страница 324
وَهُوَ ٱلَّذِي خَلَقَ ٱلَّيۡلَ وَٱلنَّهَارَ وَٱلشَّمۡسَ وَٱلۡقَمَرَۖ كُلّٞ فِي فَلَكٖ يَسۡبَحُونَ ٣٣
Он - Тот, Кто сотворил ночь и день, солнце и луну. Все плывут по орбитам.
විවේකය සඳහා රාත්රිය මැව්වේ ද ජීවනෝපාය සඳහා දහවල මැව්වේ ද දහවලේ සංඛේතයක් ලෙස හිරු මැව්වේ ද රාත්රියේ සංඛේතයක් ලෙස සඳු මැව්වේ ද අල්ලාහ් වන ඔහු පමණය. හිරු හා සඳු යන සෑම වස්තුවක්ම එහි භ්රමණය තුළ පරිභ්රමණය වී ගමන් කරයි. එයින් හැරී නොයයි. වෙනතකට යොමු නොවෙයි.
21:34Страница 324
وَمَا جَعَلۡنَا لِبَشَرٖ مِّن قَبۡلِكَ ٱلۡخُلۡدَۖ أَفَإِيْن مِّتَّ فَهُمُ ٱلۡخَٰلِدُونَ ٣٤
Никому из людей до тебя Мы не даровали бессмертия. Неужели, если даже ты умрешь, они будут жить вечно?
අහෝ දූතය! නුඹට පෙර කිසිදු මිනිසෙකුට මෙලොව ජීවිතයේ සදා රැඳී සිටින්නට අවකාශය පිරිනැමුවේ නැත. නුඹේ ආයු කාලය අවසන් වී මරණයට පත් වූයේ නම් මොවුහු නුඹට පසු ඉතිරි ව සිටිනු ඇත් ද? එසේ නැත.!
21:35Страница 324
كُلُّ نَفۡسٖ ذَآئِقَةُ ٱلۡمَوۡتِۗ وَنَبۡلُوكُم بِٱلشَّرِّ وَٱلۡخَيۡرِ فِتۡنَةٗۖ وَإِلَيۡنَا تُرۡجَعُونَ ٣٥
Каждая душа вкусит смерть. Мы испытываем вас добром и злом ради искушения, и к Нам вы будете возвращены.
දේව විශ්වාසී ආත්මයක් වුව ද දේව ප්රතික්ෂේපක ආත්මයක් වුව ද ඒ සෑම ආත්මයක්ම මෙලොව මරණය භුක්ති විඳින්නේමය. අහෝ ජනයිනි! මෙලොව ජීවිතයේ විවිධ දුෂ්කරතා, ආශිර්වාද, විනාශය වැනි දැයින් නුඹලාව අපි පරීක්ෂාවට ලක් කරන්නෙමු. පසුව නුඹලාගේ මරණයෙන් පසු අප වෙත මිස වෙනත් කිසිවෙකු වෙත නුඹලා හැරී නොයනු ඇත. එවිට අපි නුඹලාගේ ක්රියාවන් සඳහා ප්රතිඵල පිරිනමන්නෙමු.
21:36Страница 325
وَإِذَا رَءَاكَ ٱلَّذِينَ كَفَرُوٓاْ إِن يَتَّخِذُونَكَ إِلَّا هُزُوًا أَهَٰذَا ٱلَّذِي يَذۡكُرُ ءَالِهَتَكُمۡ وَهُم بِذِكۡرِ ٱلرَّحۡمَٰنِ هُمۡ كَٰفِرُونَ ٣٦
Когда неверующие видят тебя, они лишь насмехаются над тобой и говорят: «Не тот ли это, кто плохо отзывается о ваших богах?». Но сами они не веруют в поминание Милостивого.
අහෝ දූතය! නුඹ ව සරදමක් ලෙස ගත් මෙම ආදේශයකයින් නුඹව දුටු විට, "නුඹලා නමදිමින් සිටින නුඹලාගේ දෙවිවරුන්ට දොස් නගනුයේ මේ මොහු ද?" යැයි ඔවුන්ගේ අනුගාමිකයින්ට පවසමින් දුරස් කරන්නට බලති. නුඹව හාස්යයට ගැනීමත් සමඟ ඔවුන් වෙත අල්ලාහ් පහළ කළ කුර්ආනය හා ඔවුන් වෙත පිරිනමා තිබූ ආශිර්වාදයන් ඔවුහු ප්රතික්ෂේප කරන්නෝ වූහ. සියලු නපුරුකම් ඔවුනට එකතු කිරීම සඳහා මෙම අඩුපාඩව ඔවුනට වඩාත් උචිතය.
21:37Страница 325
خُلِقَ ٱلۡإِنسَٰنُ مِنۡ عَجَلٖۚ سَأُوْرِيكُمۡ ءَايَٰتِي فَلَا تَسۡتَعۡجِلُونِ ٣٧
Человек сотворен нетерпеливым. Я покажу вам Свои знамения, и посему не торопите Меня.
ස්වභාවයෙන්ම මිනිසා ඉක්මන් සුළු ගතියෙන් මවනු ලැබ ඇත. කරුණු සිදු වීමට පෙර ඒ ගැන ඔහු ඉක්මන් වනු ඇත. ඒ අනුව දේවත්වයට ආදේශ කරන්නන් ද දඬුවම ඉක්මන් කර ඉල්ලා සිටියේය. මාගේ දඬුවම ඉක්මණින් පතන්නනි! නුඹලා කවර කරුණක් ඉක්මන් කර ඉල්ලන්නේ ද මම එය නුඹලාට මතු පෙන්වමි. එහෙයින් එය ඉක්මන් කරන මෙන් නොපතනු.
21:38Страница 325
وَيَقُولُونَ مَتَىٰ هَٰذَا ٱلۡوَعۡدُ إِن كُنتُمۡ صَٰدِقِينَ ٣٨
Они говорят: «Когда же исполнится это обещание, если вы говорите правду?».
එම ඉක්මන් සුළු ගතිය අනුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය හෙළා දකින දේව ආදේශකයින් මෙසේ පවසා සිටියි. "අහෝ මුස්ලිම්වරුනි! නැවත නැගිටුවනු ලබීම සිදුවන බවට නුඹලා වාද කරමින් සිටින දෑහි නුඹලා සත්යවාදීහු නම් ඒ ගැන අපට ප්රතිඥාවක් දුන් අයුරින් එය සිදු වනුයේ කවදා ද?"
21:39Страница 325
لَوۡ يَعۡلَمُ ٱلَّذِينَ كَفَرُواْ حِينَ لَا يَكُفُّونَ عَن وُجُوهِهِمُ ٱلنَّارَ وَلَا عَن ظُهُورِهِمۡ وَلَا هُمۡ يُنصَرُونَ ٣٩
Если бы только неверующие знали о том времени, когда они не смогут отвратить Огонь от своих лиц и своих спин, когда им никто не поможет!
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය හෙළා දකින දේව ප්රතික්ෂේපකයින්, අපා ගින්න ඔවුන්ගේ මුහුණුවලින් හා ඔවුන්ගේ කොඳු ගැට පෙළින් ඉවත් නොවන අවස්ථාවේ ඔවුන්ගෙන් දඬුවම වැළැක්වීම සඳහා ඔවුනට උදව් කරන කිසිදු උදව්කරුවකු නොමැති බව ඔවුන් දැන සිටියේ නම්, ඒ ගැන ස්ථීරව විශ්වාස කළේ නම් ඔවුහු දඬුවම ඉක්මන් කරන මෙන් නොපතනු ඇත.
21:40Страница 325
بَلۡ تَأۡتِيهِم بَغۡتَةٗ فَتَبۡهَتُهُمۡ فَلَا يَسۡتَطِيعُونَ رَدَّهَا وَلَا هُمۡ يُنظَرُونَ ٤٠
Он (Ад или День воскресения) настигнет их внезапно и ошеломит их. Они не смогут избавиться от него, и им не будет предоставлена отсрочка.
ඔවුන් දඬුවම් කරනු ලබන මෙම ගින්න, ඔවුන් දැනුවත්ව ඔවුන් වෙත පැමිණෙන්නේ නැත. එය ඔවුන් වෙත පැමිණෙනුයේ ක්ෂණිකවය. එවිට ඔවුන්ගෙන් එය වළක්වා ගන්නට ඔවුහු හැකියාව නොලබති. එමෙන්ම ඔවුන් පාපක්ෂමාවේ නිරත වන්නට අවකාශය දී ඔවුන් කරුණාව ලබන තුරු ඔවුන් ප්රමාද කරනු ලබන්නේ නැත.
21:41Страница 325
وَلَقَدِ ٱسۡتُهۡزِئَ بِرُسُلٖ مِّن قَبۡلِكَ فَحَاقَ بِٱلَّذِينَ سَخِرُواْ مِنۡهُم مَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ ٤١
До тебя посланники тоже подвергались осмеянию, но тех, которые смеялись над ними, окружило (или поразило) то, над чем они насмехались.
නුඹේ ජනයා නුඹ ව හාස්යයට ලක් කළේ නම් එය අලුත් දෙයක් නොවේ. අහෝ දූතය! නුඹට පෙර සිටි දූතවරුන් පවා හාස්යයට ලක් කරනු ලැබූහ. එවිට ඔවුනට සමච්චල් කරමින් සිටි දේව ප්රතික්ෂේපකයින් හට දඬුවම ග්රහණය කළේය. එය ඔවුන්ගේ දූතවරුන් ඒ ගැන ඔවුන් බියවද්දමින් සිටියදී මෙලොවෙහි ඔවුන් සමච්චලයට ලක් කළ දඬුවමයි.
21:42Страница 325
قُلۡ مَن يَكۡلَؤُكُم بِٱلَّيۡلِ وَٱلنَّهَارِ مِنَ ٱلرَّحۡمَٰنِۚ بَلۡ هُمۡ عَن ذِكۡرِ رَبِّهِم مُّعۡرِضُونَ ٤٢
Скажи: «Кто способен защитить вас от Милостивого днем или ночью?». Но они отворачиваются от поминания своего Господа.
අහෝ දූතය! දඬුවම ඉක්මනින් පතන මොවුනට නුඹ මෙසේ පවසනු. "මහා කාරුණිකයාණන් නුඹලාට දඬුවම හෝ විනාශය පහළ කිරීමට අභිමත කළේ නම්, රාත්රියේ හා දහවලේ එයින් නුඹලාව ආරක්ෂා කරනුයේ කවුරුන් ද?" නමුත් ඔවුහු ඔවුන්ගේ පරමාධිපතිගේ උපදෙස් හා ඔහුගේ සාධක මෙනෙහි කිරීමට ප්රතික්ෂේප කරන්නෝ වෙති. අඥානකම හා මෝඩකම නිසාවෙන් ඒ ගැන ඔවුන් පරිශීලනය කර නොබලති.
21:43Страница 325
أَمۡ لَهُمۡ ءَالِهَةٞ تَمۡنَعُهُم مِّن دُونِنَاۚ لَا يَسۡتَطِيعُونَ نَصۡرَ أَنفُسِهِمۡ وَلَا هُم مِّنَّا يُصۡحَبُونَ ٤٣
Или же у них есть боги, которые могут защитить их от Нас? Они не способны помочь самим себе, и никто не защитит их от Нас.
එසේ නැතහොත් අපගේ දඬුවමින් ඔවුන් වළක්වලන දෙවිවරුන් ඔවුනට සිටිත් ද? ඔවුනට අත්වන හානියෙන් ඔවුන් වළක්වා ගැනීමෙන් හෝ යම් සෙතක් ඔවුන් වෙත ගෙන දීමෙන් හෝ ඔවුහු තමන්ට පවා උදව් කිරීමේ හැකියාව නොදරති. තමන්ටම සෙතක් සලසා ගත නොහැකි අයකු කෙසේ නම් වෙනත් කෙනෙකුට උදව් කරනු ඇත් ද? ඔවුහු අපගේ දඬුවමින් මිදෙන්නන් නොවෙති.
21:44Страница 325
بَلۡ مَتَّعۡنَا هَٰٓؤُلَآءِ وَءَابَآءَهُمۡ حَتَّىٰ طَالَ عَلَيۡهِمُ ٱلۡعُمُرُۗ أَفَلَا يَرَوۡنَ أَنَّا نَأۡتِي ٱلۡأَرۡضَ نَنقُصُهَا مِنۡ أَطۡرَافِهَآۚ أَفَهُمُ ٱلۡغَٰلِبُونَ ٤٤
Мы позволили им и их отцам пользоваться благами, так что их жизнь затянулась. Неужели они не видят, что Мы уменьшаем землю по краям (отдаем ее во владение верующим)? Неужели это они одержат верх?
මෙම දේව ප්රතික්ෂේපකයින්හට ඔවුන්ගේ කාලය පියවරෙන් පියවර ගෙවී යන තෙක්ම අපි ඔවුනට පුළුල් ලෙස පිරිනැමූ අපගේ ආශිර්වාදයන් භුක්ති විඳින්නට අපි ඔවුනට ඉඩ හැරියෙමු. එමෙන්ම ඔවුන්ගේ මුතුන්මිත්තන්හට ද භුක්ති විඳින්නට ඉඩ හැරියෙමු. ඔවුහු එය පිළිගත්තෝය. ඔවුන්ගේ ප්රතික්ෂේපය මතම ඔවුහු රැඳී සිටියෝය. අපගේ දඬුවම ඉක්මනින් පතන, අපගේ දායාද තුළින් රැවටී සිටින මොවුහු මහපොළොව පැත්තකින් සිට එහි වැසියන් මැඩලමින්, හීන කරමින් අප පැමිණීම දැක, වෙනත් අයට සිදු වූ දෑ ඔවුනට අත් නොවනු පිණිස ඔවුහු ඒ ගැන පාඩම් නොලබන්නෝ ද? ඔවුහු ජය ලැබූවන් නොවූහ. ඔවුහු පරාජයට පත් වූහ.
21:45Страница 326
قُلۡ إِنَّمَآ أُنذِرُكُم بِٱلۡوَحۡيِۚ وَلَا يَسۡمَعُ ٱلصُّمُّ ٱلدُّعَآءَ إِذَا مَا يُنذَرُونَ ٤٥
Скажи: «Я предостерегаю вас посредством откровения». Но глухие не слышат зова, даже когда их предостерегают.
අහෝ ජනයිනි! සැබැවින්ම අල්ලාහ්ගේ දඬුවමින් මා නුඹලා බියගන්වනුයේ මාගේ පරමාධිපති මා වෙත දන්වා සිටින දේව පණිවිඩ මගින් යැයි අහෝ දූතය! නුඹ ඔවුනට පවසනු. අල්ලාහ්ගේ දඬුවම ගැන ඔවුනට බිය ගන්වනු ලබන විට ඔහු වෙත කරනු ලබන ඇරයුම පිළිගන්නා අයුරින් බිහිරා සත්යයට සවන් නොදෙනු ඇත.
21:46Страница 326
وَلَئِن مَّسَّتۡهُمۡ نَفۡحَةٞ مِّنۡ عَذَابِ رَبِّكَ لَيَقُولُنَّ يَٰوَيۡلَنَآ إِنَّا كُنَّا ظَٰلِمِينَ ٤٦
А если их коснется дуновение кары твоего Господа, то они непременно скажут: «О горе нам! Воистину, мы были несправедливы!».
දඬුවම ඉක්මන් කරන මෙන් පතන මොවුනට නුඹගේ පරමාධිපතිගෙන් යම් දඬුවමක් ස්පර්ශ වූයේ නම් අහෝ දූතය! ඒ අවස්ථාවේ ඔවුහු, "අහෝ අපගේ විනාශය! අපගේ ඛේදය! අල්ලාහ්ට ආදේශ තැබීමෙන් හා මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කවර කරුණක් ගෙන ආවේ ද එය බොරු කිරීමෙන් සැබැවින්ම අපි අපරාධකාරයින් වූයෙමු" යැයි පවසා සිටිති.
21:47Страница 326
وَنَضَعُ ٱلۡمَوَٰزِينَ ٱلۡقِسۡطَ لِيَوۡمِ ٱلۡقِيَٰمَةِ فَلَا تُظۡلَمُ نَفۡسٞ شَيۡـٔٗاۖ وَإِن كَانَ مِثۡقَالَ حَبَّةٖ مِّنۡ خَرۡدَلٍ أَتَيۡنَا بِهَاۗ وَكَفَىٰ بِنَا حَٰسِبِينَ ٤٧
В День воскресения Мы установим справедливые Весы, и ни с кем не поступят несправедливо. Если найдется нечто весом с горчичное зернышко, Мы принесем его. Довольно того, что Мы ведем счет!
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එහි වැසියන් සඳහා ඔවුන්ගේ ක්රියාවන් කිරනු පිණිස තුළාවන් අපි තබන්නෙමු. එදින කිසිදු ආත්මයකට එහි කුසල් අඩු කිරීමෙන් හෝ එහි පාපකම් අධික කරවීමෙන් හෝ අපරාධ සිදු කරනු නොලැබේ. කිරනු ලබන දෑ අබ ඇටයක තරම් සුළු ප්රමාණයක් වුව ද අපි එය ගෙන එන්නෙමු. ගණන් තබා ගන්නන් වශයෙන් අප ප්රමාණවත් වන්නෙමු. අපගේ ගැත්තන්ගේ ක්රියාවන් අපි ගණන් කර තබමු.
21:48Страница 326
وَلَقَدۡ ءَاتَيۡنَا مُوسَىٰ وَهَٰرُونَ ٱلۡفُرۡقَانَ وَضِيَآءٗ وَذِكۡرٗا لِّلۡمُتَّقِينَ ٤٨
Мы даровали Мусе (Моисею) и Харуну (Аарону) различение (способность различать истину ото лжи), сияние (Таурат) и напоминание для богобоязненных,
මූසා හා හාරූන් (අලයිහිමස් සලාම්) යන දෙදෙනාට සත්ය, අසත්ය අතර හා අනුමත, තහනම් දෑ අතර වෙන් කරන්නක් වශයෙන් ද, එය විශ්වාස කළවුනට මඟපෙන්වීමක් වශයෙන් ද, ඔවුන්ගේ පරමාධිපතිට බැතිමත්ව කටයුතු කරන්නන්හට මෙනෙහි කිරීමක් වශයෙන් ද තව්රාතය අපි පිරිනැමුවෙමු.
21:49Страница 326
ٱلَّذِينَ يَخۡشَوۡنَ رَبَّهُم بِٱلۡغَيۡبِ وَهُم مِّنَ ٱلسَّاعَةِ مُشۡفِقُونَ ٤٩
которые боятся своего Господа, не видя Его воочию, и трепещут перед Часом.
තම පරමාධිපතිගේ දඬුවමට බිය වන්නන් වනාහි, ඔවුහු ඔහු ව දෑසින් නොදුටුව ද ඔහු ව විශ්වාස කරන්නන් වෙති. ඔවුහු අවසන් හෝරාව ගැන බියෙන් පසුවන්නන් වෙති.
Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии