Аль-Мухтасар · Тафсир · на сингальском
Аль-Анбия 21:50–99
21:50Страница 326
وَهَٰذَا ذِكۡرٞ مُّبَارَكٌ أَنزَلۡنَٰهُۚ أَفَأَنتُمۡ لَهُۥ مُنكِرُونَ ٥٠
Это - благословенное Напоминание, которое Мы ниспослали. Неужели вы станете отрицать его?
මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පහළ කරනු ලැබූ මෙම අල් කුර්ආනය වනාහි, එය එමගින් උපදෙස් ලබන්නටත්, අනුශාසනා ලබන්නටත් අපේක්ෂා කරන්නන්හට මෙනෙහි කිරීමකි. අධික යහපත හා ප්රයෝජන ගෙන දෙන්නකි. එසේ තිබියදී එහි ඇති දෑට සමීප නොවී ඒ අනුව කටයුතු නොකර නුඹලා එය හෙළා දකින්නෙහු ද?
21:51Страница 326
۞ وَلَقَدۡ ءَاتَيۡنَآ إِبۡرَٰهِيمَ رُشۡدَهُۥ مِن قَبۡلُ وَكُنَّا بِهِۦ عَٰلِمِينَ ٥١
Еще раньше Мы даровали Ибрахиму (Аврааму) верное руководство, и Мы были осведомлены о нем.
සැබැවින්ම ඉබ්රාහීම්ට ඔහුගේ කුඩා අවදියේම ඔහුගේ සමූහයා වෙත ඉදිරිපත් කළ යුතු සාධක පිරිනැමුවෙමු. තවද අපි ඒ ගැන දැන සිටියෙමු. ඔහුගේ ජනයා සඳහා වූ සාධක අතරින් අපගේ දැනුම අනුව එයට සුදුසු දෑ අපි ඔහුට පිරිනැමුවෙමු.
21:52Страница 326
إِذۡ قَالَ لِأَبِيهِ وَقَوۡمِهِۦ مَا هَٰذِهِ ٱلتَّمَاثِيلُ ٱلَّتِيٓ أَنتُمۡ لَهَا عَٰكِفُونَ ٥٢
Вот он сказал своему отцу и народу: «Что это за изваяния, которым вы предаетесь?».
ඔහුගේ පියා ආසර්ට හා ඔහුගේ ජනයාට ඔහු මෙසේ පවසා සිටියේය. "නුඹලාගේ අත්වලින් නුඹලා තැනූ නුඹලා නැමදුමෙහි නියැළී සිටින මෙම පිළිම මොනවාද?"
21:53Страница 326
قَالُواْ وَجَدۡنَآ ءَابَآءَنَا لَهَا عَٰبِدِينَ ٥٣
Они сказали: «Мы видели, что наши отцы поклонялись им».
ඔහුගේ ජනයා ඔහුට, "අපගේ මුතුන්මිත්තන් ඒවා නමදිමින් සිටිනු අපි දැක ඇත්තෙමු. ඔවුන් පදනම් කර ගනිමින් අපි ඒවාට නැමදුම් කළෙමු." යැයි පැවසුහ.
21:54Страница 326
قَالَ لَقَدۡ كُنتُمۡ أَنتُمۡ وَءَابَآؤُكُمۡ فِي ضَلَٰلٖ مُّبِينٖ ٥٤
Он сказал: «Воистину, вы и ваши отцы пребываете в очевидном заблуждении».
ඉබ්රාහීම් ඔවුනට, "අහෝ අනුගමනය කරන්නනි! නුඹලා හා අනුගමනය කරනු ලැබූ නුඹලාගේ මුතුන්මිත්තන් සත්ය මාර්ගයෙන් බැහැර වී පැහැදිළි මුළාවෙහි සිටින්නෙහුය" යැයි පැවසීය.
21:55Страница 326
قَالُوٓاْ أَجِئۡتَنَا بِٱلۡحَقِّ أَمۡ أَنتَ مِنَ ٱللَّٰعِبِينَ ٥٥
Они сказали: «Ты принес нам истину, или же ты забавляешься?».
ඔහුගේ ජනයා ඔහුගෙන්, "නුඹ පවසන දෑ පවසා අප වෙත කැපවීමෙන් පැමිණියෙහි ද එසේ නැතහොත් නුඹ විහිළු කාරයින් අතරින් කෙනෙක් ද?" යැයි විමසා සිටියේය.
21:56Страница 326
قَالَ بَل رَّبُّكُمۡ رَبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ ٱلَّذِي فَطَرَهُنَّ وَأَنَا۠ عَلَىٰ ذَٰلِكُم مِّنَ ٱلشَّٰهِدِينَ ٥٦
Он сказал: «О нет! Ваш Господь - Господь небес и земли, Который создал их. Я же являюсь одним из тех, кто свидетельствует об этом».
ඉබ්රාහීම් තුමා, "මම නුඹලා වෙත පැමිණියේ උවමනාවෙන් මිස විහිළුවකට නොවේ. නුඹලාගේ පරමාධිපති වනාහි, අහස්හි හා මහපොළොවේ පරමාධිපතිය. ඔහු ඒවා කිසිදු පූර්ව නිදසුනකින් තොරව මැව්වේය. තවද සැබැවින්ම නුඹලාගේ පරමාධිපති ද අහස්හි හා මහපොළොවේ පරමාධිපති ද ඔහු බව මම සාක්ෂි දරන්නන් අතරින් කෙනෙකු වෙමි. ඒ සම්බන්ධයෙන් කිසිදු කොටසක් නුඹලාගේ පිළිමවලට නැත." යැයි පැවසීය.
21:57Страница 326
وَتَٱللَّهِ لَأَكِيدَنَّ أَصۡنَٰمَكُم بَعۡدَ أَن تُوَلُّواْ مُدۡبِرِينَ ٥٧
Ибрахим подумал: «Клянусь Аллахом! Я непременно замыслю хитрость против ваших идолов, когда вы уйдете и отвернетесь».
ඉබ්රාහීම් තුමා තම ජනතාවට නොඇසෙන සේ, "අල්ලාහ් මත දිවුරා පවසමි. නුඹලා නුඹලාගේ පිළිම අතහැර දමා නුඹලාගේ උත්සවය සඳහා ගිය පසු, නුඹලා පිළිකුල් කරන සැලැස්මක් ඒවාට මම යොදමි" යැයි පවසා සිටියේය.
21:58Страница 327
فَجَعَلَهُمۡ جُذَٰذًا إِلَّا كَبِيرٗا لَّهُمۡ لَعَلَّهُمۡ إِلَيۡهِ يَرۡجِعُونَ ٥٨
Затем он разнес на куски всех идолов, кроме главного из них, чтобы они могли обратиться к нему.
ඔවුන්ගේ පිළිම කුඩා කැබලි බවට පත්වන තුරු ඉබ්රාහීම් ඒවා කඩා දැම්මේය. ඒවා කඩා දැමූ අය කවුරුන්දැ?යි විමසීම සඳහා ඔවුන් ඒ වෙත යොමුවනු ඇතැයි යන යහපත් බලාපොරොත්තු වෙන් ඒ අතර තිබූ විශාල පිළිමය ඉතිරි කළේය.
21:59Страница 327
قَالُواْ مَن فَعَلَ هَٰذَا بِـَٔالِهَتِنَآ إِنَّهُۥ لَمِنَ ٱلظَّٰلِمِينَ ٥٩
Они сказали: «Кто поступил так с нашими богами? Воистину, он является одним из беззаконников!».
ඔවුන් නැවත හැරී ආ කල්හි ඔවුන්ගේ පිළිම කඩා දමා තිබෙනු ඔවුහු දුටුවෝය. "අපගේ නැමදුමට ලක් වූ මේවා විනාශ කර දැමුවේ කවුද? ගරුබුහුමන් කිරීමට හා පිවිතුරු කිරීම සුදුසු දෑ හෙළා දකිමින් සැබැවින්ම ඒවා විනාශ කළ තැනැත්තා අපරාධකරුවන්ගෙන් කෙනෙකු ය." යැයි ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකුගෙන් විමසන්නට විය.
21:60Страница 327
قَالُواْ سَمِعۡنَا فَتٗى يَذۡكُرُهُمۡ يُقَالُ لَهُۥٓ إِبۡرَٰهِيمُ ٦٠
Они сказали: «Мы слышали, как юноша по имени Ибрахим (Авраам) выступал против них».
ඔවුන්ගෙන් ඇතැමෙකු, "ඒවා ගැන නපුරු ලෙස කතා කරන; ඒවාට අඩුපාඩු කියන ඉබ්රාහීම් නමැති තරුණයකු පිළිබඳ අපි අසා ඇත්තෙමු. සමහරවිට මේවා කඩා දමා ඇත්තේ ඔහු විය හැක." යැයි පැවසීය.
21:61Страница 327
قَالُواْ فَأۡتُواْ بِهِۦ عَلَىٰٓ أَعۡيُنِ ٱلنَّاسِ لَعَلَّهُمۡ يَشۡهَدُونَ ٦١
Они сказали: «Приведите же его пред людские очи, чтобы они могли принести свидетельство».
ඔවුන්ගෙන් ප්රධානියා, "මිනිසුන්ට දැකිය හැකි පරිදි ඔවුන් ඉදිරියට ඉබ්රාහීම් ව ගෙන එනු. ඔහු සිදු කළ දෑ පිළිගැනීම සම්බන්ධයෙන් ඔවුනට සාක්ෂි දැරිය හැක. එවිට ඔහුගේ පිළිගැනීම ඔහුට එරෙහිව නුඹලාට සාධකයක් ලෙස පිහිටනු ඇත." යැයි පැවසීය.
21:62Страница 327
قَالُوٓاْ ءَأَنتَ فَعَلۡتَ هَٰذَا بِـَٔالِهَتِنَا يَٰٓإِبۡرَٰهِيمُ ٦٢
Они сказали: «О Ибрахим (Авраам)! Ты ли поступил таким образом с нашими богами?».
ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමාව ගෙන එන ලදී. එවිට ඔවුහු ඔහුගෙන්, "අහෝ ඉබ්රාහීම්! අපගේ මේ පිළිමවලට සිදු වී ඇති විනාශය සිදු කළේ නුඹදැ?" යි විමසා සිටියේය.
21:63Страница 327
قَالَ بَلۡ فَعَلَهُۥ كَبِيرُهُمۡ هَٰذَا فَسۡـَٔلُوهُمۡ إِن كَانُواْ يَنطِقُونَ ٦٣
Он сказал: «Нет! Это содеял их старший, вот этот. Спросите их самих, если они способны разговаривать».
ජනයා උපහාසයට ගනිමින් ඔවුන් ඉදිරියේ ඔවුන්ගේ පිළිමවල නොහැකියාව හෙළි කරමින්, "මෙය මම සිදු නොකළෙමි. මෙය සිදු කළේ මේ විශාලතම පිළිමයයි. නුඹලාගේ පිළිම කතා කරන්නේ නම් නුඹලා ඔවුන්ගෙන් විමසා දැනගනු" යැයි පැවසීය.
21:64Страница 327
فَرَجَعُوٓاْ إِلَىٰٓ أَنفُسِهِمۡ فَقَالُوٓاْ إِنَّكُمۡ أَنتُمُ ٱلظَّٰلِمُونَ ٦٤
Обратившись друг к другу, они сказали: «Воистину, вы сами являетесь беззаконниками!».
එවිට ඔවුහු ඔවුන් වෙත හැරී සිතන්නට කල්පනා කරන්නට ගත්තෝය. සැබැවින්ම ඔවුන්ගේ පිළිම සෙත නොසලසන බවත්, හානි ඇති නොකරන බවත් ඔවුනට පැහැදිළි විය. අල්ලාහ් හැර ඔවුන් ඒවාට නමදිමින් සිටි අවස්ථාවේ ඔවුහු අපරාධකරුවන් වූහ.
21:65Страница 327
ثُمَّ نُكِسُواْ عَلَىٰ رُءُوسِهِمۡ لَقَدۡ عَلِمۡتَ مَا هَٰٓؤُلَآءِ يَنطِقُونَ ٦٥
Затем они принялись за свое и сказали: «Ты же знаешь, что они не способны разговаривать».
පසු ව ඔවුන් නැවතත් මුරණ්ඩුකම හා ප්රතික්ෂේපය වෙත හැරී "අහෝ ඉබ්රාහීම්! සැබැවින්ම මෙම පිළිම කතා නොකරන බව නුඹ ස්ථීර කළෙහිය. අප ඒවායින් අසන මෙන් නුඹ අපට අණ කරනුයේ කෙසේ ද?" යැයි පැවසුවෝය. ඔවුහු එය ඔවුනට පක්ෂ වූ තර්කයක් ලෙස සිතුවෝය. නමුත් එය ඔවුනට එරෙහි වූ තර්කයක් බවට පත් විය.
21:66Страница 327
قَالَ أَفَتَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَا يَنفَعُكُمۡ شَيۡـٔٗا وَلَا يَضُرُّكُمۡ ٦٦
Он сказал: «Неужели вы поклоняетесь вместо Аллаха тому, что ничем не способно помочь или навредить вам?
ඔවුන් හෙළා දකිමින් ඉබ්රාහීම් තුමා මෙසේ පැවසූහ. "නුඹලා අල්ලාහ් ව හැර දමා; නුඹලාට කිසිදු සෙතක් නොකරන, කිසිදු බලපෑමක් නොකරන පිළිමවලට නුඹලා නැමදුම් කරන්නෙහු ද? ඒවා වනාහි, ඒවාට අත්වන හිංසාවන් වළක්වා ගැනීමට හෝ ඒවාට කිසිදු සෙතක් ගෙන දෙන්නට හෝ පවා නොහැකි තත්ත්වයේ තිබේ."
21:67Страница 327
أُفّٖ لَّكُمۡ وَلِمَا تَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِۚ أَفَلَا تَعۡقِلُونَ ٦٧
Тьфу на вас и на то, чему вы поклоняетесь вместо Аллаха! Неужели же вы не образумитесь?».
"නුඹලාට විනාශය වේවා! එමෙන්ම අල්ලාහ්ගෙන් තොර ව කිසිදු සෙතක් නොකරන කිසිදු බලපෑමත් ඇති නොකරන පිළිම අතරින් නුඹලා නමදිමින් සිටින දෑට ද විනාශය අත් වේවා! එහෙයින් ඒ ගැන වටහා ගෙන ඒවාට නැමදුම් කිරීම නුඹලා අතහැර නොදමන්නෙහු ද?"
21:68Страница 327
قَالُواْ حَرِّقُوهُ وَٱنصُرُوٓاْ ءَالِهَتَكُمۡ إِن كُنتُمۡ فَٰعِلِينَ ٦٨
Они сказали: «Сожгите его и помогите вашим богам, если вы будете действовать!».
එම තර්කයේ දී මුහුණ දීමට ඔවුනට නොහැකි වූ කල්හි, බලය යොදවන්නට වූහ. ඔවුහු, "නුඹලා ඔහු ව වැළැක්වීම සඳහා ඔහුට දඬුවමක් ලබා දෙන්නේ නම්, ඔහු විනාශ කළ, කඩා දැමූ නුඹලාගේ පිළිමවලට ජයග්රහණයක් වශයෙන් නුඹලා ඉබ්රාහීම්ව ගින්නෙන් පුළුස්සා දමනු." යැයි පැවසුවෝය.
21:69Страница 327
قُلۡنَا يَٰنَارُ كُونِي بَرۡدٗا وَسَلَٰمًا عَلَىٰٓ إِبۡرَٰهِيمَ ٦٩
Мы сказали: «О огонь! Стань для Ибрахима (Авраама) прохладой и спасением!».
පසු ව ගිනි අවුළා ඔහුව එයට විසි කළෝය. එවිට අපි, "අහෝ ගින්න! ඉබ්රාහීම්ට සිසිලක් හා ආරක්ෂාවක් බවට නුඹ පත්වනු." යැයි පැවසුවෙමු. එවිට එය එලෙසම විය. කිසිදු වේදනාවක් ඔහුට අත් වූයේ නැත.
21:70Страница 327
وَأَرَادُواْ بِهِۦ كَيۡدٗا فَجَعَلۡنَٰهُمُ ٱلۡأَخۡسَرِينَ ٧٠
Они хотели навредить ему, но Мы сделали так, что они оказались в наибольшем убытке.
ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමා ව පුළුස්සා දැමීමට ඔවුහු කුමන්ත්රණයක් කිරීමට සිතුවෝය. නමුත් අපි ඔවුන්ගේ කුමන්ත්රණය නිෂ්ප්රභා කළෙමු. එමෙන්ම අපි ඔවුන් පරාජයට පත් විනාශවී යන්නන් බවට පත් කළෙමු.
21:71Страница 327
وَنَجَّيۡنَٰهُ وَلُوطًا إِلَى ٱلۡأَرۡضِ ٱلَّتِي بَٰرَكۡنَا فِيهَا لِلۡعَٰلَمِينَ ٧١
Мы спасли его и Лута (Лота) и привели их на землю, которую Мы сделали благословенной для миров.
අපි ඔහුව ආරක්ෂා කළෙමු. එමෙන්ම ලූත්ව ද ආරක්ෂා කළෙමු. නබිවරුන් අප පහළ කිරීමෙන් හා මැවීම් සඳහා උතුම් සම්පත් ලබා දීමෙන් අප සමෘද්ධිමත් කළ සිරියා දේශයට අපි ඔවුන් දෙදෙනා පිටත් කර යැව්වෙමු.
21:72Страница 327
وَوَهَبۡنَا لَهُۥٓ إِسۡحَٰقَ وَيَعۡقُوبَ نَافِلَةٗۖ وَكُلّٗا جَعَلۡنَا صَٰلِحِينَ ٧٢
Мы даровали ему Исхака (Исаака), а вдобавок - Йакуба (Иакова), и сделали их всех праведниками.
තමන්ට දරුවකු ප්රදානය කරන මෙන් එතුමා තම පරමාධිපතිගෙන් පැතූ අවස්ථාවේ අපි ඔහුට ඉස්හාක්ව තිළිණ කළෙමු. ඊට අමතරව යඃකූබ්ව ද තිළිණ කළෙමු. ඉබ්රාහීම් හා ඔහුගේ දරුවන් වන ඉස්හාක් හා යඃකූබ් යන සෑම කෙනෙකුවම අල්ලාහ්ට අවනත වන දැහැමියන් බවට අපි පත් කළෙමු.
21:73Страница 328
وَجَعَلۡنَٰهُمۡ أَئِمَّةٗ يَهۡدُونَ بِأَمۡرِنَا وَأَوۡحَيۡنَآ إِلَيۡهِمۡ فِعۡلَ ٱلۡخَيۡرَٰتِ وَإِقَامَ ٱلصَّلَوٰةِ وَإِيتَآءَ ٱلزَّكَوٰةِۖ وَكَانُواْ لَنَا عَٰبِدِينَ ٧٣
Мы сделали их вождями, которые по Нашему велению указывали на прямой путь. Мы внушили им вершить добрые дела, совершать намаз и выплачивать закят, и они поклонялись Нам.
යහපත් කටයුතුවලදී ජනයා ඔවුන්ගෙන් මග ලබන නායකයින් බවට අපි ඔවුන් පත් කළෙමු. උත්තරීතර අල්ලාහ්ගෙන් වූ නියෝගය අනුව අල්ලාහ්ට පමණක් නැමදීම සඳහා ඔවුහු ජනයාට ඇරයුම් කරති. "නුඹලා යහපත කරනු. නුඹලා සලාතය පූර්ණවත් ලෙස ඉටු කරනු. සකාත් නියමය ඉටු කරනු." යැයි අපි ඔවුනට දේව පණිවිඩ එව්වෙමු. ඔවුහු අපට අවනත වූහ.
21:74Страница 328
وَلُوطًا ءَاتَيۡنَٰهُ حُكۡمٗا وَعِلۡمٗا وَنَجَّيۡنَٰهُ مِنَ ٱلۡقَرۡيَةِ ٱلَّتِي كَانَت تَّعۡمَلُ ٱلۡخَبَٰٓئِثَۚ إِنَّهُمۡ كَانُواْ قَوۡمَ سَوۡءٖ فَٰسِقِينَ ٧٤
Помяни также Лута (Лота), которому Мы даровали власть (мудрость или пророчество) и знание и которого Мы спасли от селения, жители которого совершали отвратительные поступки. Воистину, они были злодеями и нечестивцами.
වාදී ප්රතිවාදීන් අතර තීන්දු දීමේ යුක්තිය, අපි ලූත්ට පිරිනැමුවෙමු. ඔහුගේ ආගමික කටයුතුවල දැනුම ද අපි ඔහුට පිරිනැමුවෙමු. "සදෝම්" නම් ඔහුගේ ගම්මානයට අපි පහළ කළ දඬුවමින් අපි ඔහු මුදවා ගත්තෙමු. එම ගම්වාසීන් අශීලාචාර සමලිංගික සේවනයේ හැසිරුණහ. සැබැවින්ම ඔවුන් ඔවුන්ගේ පරමාධිපතිට අවනත වීමෙන් ඉවත් වූ ප්රචණ්ඩකාරී පිරිසක් වූහ.
21:75Страница 328
وَأَدۡخَلۡنَٰهُ فِي رَحۡمَتِنَآۖ إِنَّهُۥ مِنَ ٱلصَّٰلِحِينَ ٧٥
Мы ввели его в Нашу милость, поскольку он был одним из праведников.
ඔහුගේ ජනයාට අත් වූ දඬුවමින් අපි ඔවුන් මුදවා ගත් අවස්ථාවේ ඔහුව අපගේ කරුණාව තුළට ඇතුළත් කළෙමු. සැබැවින්ම ඔහු වනාහි, අපගේ නියෝග පිළිපදිමින් හා අප තහනම් කළ දැයින් වැළකෙමින් ආ දැහැමියන් අතරින් කෙනෙකු විය.
21:76Страница 328
وَنُوحًا إِذۡ نَادَىٰ مِن قَبۡلُ فَٱسۡتَجَبۡنَا لَهُۥ فَنَجَّيۡنَٰهُ وَأَهۡلَهُۥ مِنَ ٱلۡكَرۡبِ ٱلۡعَظِيمِ ٧٦
Помяни также Нуха (Ноя), который воззвал еще раньше. Мы ответили на его мольбу и спасли его и его семью от великой скорби.
අහෝ දූතය! නූහ්ගේ කතා වස්තුව ද මෙනෙහි කරනු. ඉබ්රාහීම් හා ලූත්ට පෙර ඔහු අල්ලාහ්ව ඇමතීය. ඔහු පැතූ දෑ අපි ඔහුට පිරිනැමීමෙන් අපි ඔහුට ප්රතිචාර දැක්වූයෙමු. ඒ අනුව අපි ඔහු හා දේව විශ්වාසී ජනයා මහත් වූ විනාශයෙන් මුදවා ගත්තෙමු.
21:77Страница 328
وَنَصَرۡنَٰهُ مِنَ ٱلۡقَوۡمِ ٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَآۚ إِنَّهُمۡ كَانُواْ قَوۡمَ سَوۡءٖ فَأَغۡرَقۡنَٰهُمۡ أَجۡمَعِينَ ٧٧
Мы помогли ему в борьбе против людей, которые считали ложью Наши знамения. Они были злодеями, и Мы потопили их всех.
ඔහුගේ සත්යතාව පෙන්වා දෙමින්, අප ඔහු ව තහවුරු කළ සාධක බොරු කළ ජනයාගේ කුමන්ත්රණයෙන් අපි ඔහුව මුදවා ගත්තෙමු. සැබැවින්ම ඔවුහු ප්රචණ්ඩකාරී නපුරු ජන පිරිසක් වූහ. එහෙයින් අපි ඔවුන් සියලු දෙනා දියේ ගිල්වා විනාශ කළෙමු.
21:78Страница 328
وَدَاوُۥدَ وَسُلَيۡمَٰنَ إِذۡ يَحۡكُمَانِ فِي ٱلۡحَرۡثِ إِذۡ نَفَشَتۡ فِيهِ غَنَمُ ٱلۡقَوۡمِ وَكُنَّا لِحُكۡمِهِمۡ شَٰهِدِينَ ٧٨
Помяни также Давуда (Давида) и Сулеймана (Соломона), которые судили о ниве, потравленной ночью чужими овцами. Мы были Свидетелями их суда.
අහෝ දූතය! දාවූද් හා ඔහුගේ පුත් සුලෙයිමාන් (අලයිහිමස් සලාම්) යන අය ගැනද මෙනෙහි කරනු. දෙදෙනෙකු වාද කරමින් ඔවුන් දෙදෙනා වෙත තබන ලද නඩුවක් සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා තීන්දු ලබා දුන්හ. එනම් ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක් සතු ව තිබූ එළුවකු රාත්රියේ දී අනෙක් පුද්ගලයාගේ ගොවිබිමෙහි සැරිසරා එය විනාශ කර දැමීමයි. දාවූද් හා සුලෙයිමාන්ගේ තීන්දුවේදී අපි සාක්ෂිකරුවන් ලෙස සිටියෙමු. ඔවුන් දෙදෙනාගේ තීන්දුවෙහි කිසිවක් අපට සැඟ වූයේ නැත.
21:79Страница 328
فَفَهَّمۡنَٰهَا سُلَيۡمَٰنَۚ وَكُلًّا ءَاتَيۡنَا حُكۡمٗا وَعِلۡمٗاۚ وَسَخَّرۡنَا مَعَ دَاوُۥدَ ٱلۡجِبَالَ يُسَبِّحۡنَ وَٱلطَّيۡرَۚ وَكُنَّا فَٰعِلِينَ ٧٩
Мы помогли Сулейману (Соломону) разобраться в этом и даровали им обоим власть (мудрость или пророчество) и знание. Мы подчинили горы и птиц для того, чтобы они славили Нас вместе с Давудом (Давидом). Мы это сделали.
සුලයිමාන්ගේ පියා වන දාවූද්ට නොව, සුලෙයිමාන් වන ඔහුට අපි එම තීන්දුව වටහා දුන්නෙමු. දාවූද් හා සුලයිමාන් යන දෙදෙනාටම නබිත්වය හා ආගමික නීති පිළිබඳ දැනුම අපි පිරිනැමුවෙමු. අපි සුලයිමාන්ට පමණක් විශේෂකොට සැලකුවේ නැත. දාවූද් ට ගුණගායනා කරන කඳු යටත් කර දුන්නෙමු. එමෙන්ම ඔහුට පක්ෂීන්ද යටත් කර දුන්නෙමු. අපි මෙසේ වටහා දීමටත් ප්රඥාව හා දැනුම පිරීනැමීමටත් කටයුතු කරන්නන් වූයෙමු.
21:80Страница 328
وَعَلَّمۡنَٰهُ صَنۡعَةَ لَبُوسٖ لَّكُمۡ لِتُحۡصِنَكُم مِّنۢ بَأۡسِكُمۡۖ فَهَلۡ أَنتُمۡ شَٰكِرُونَ ٨٠
Мы научили его (Давуда) изготовлять для вас кольчуги, чтобы они предохраняли вас от причиняемого вами вреда. Но разве вы благодарны?
නුඹලාගේ ශරීර කඩු පහරින් වළක්වා ආරක්ෂා කර ගැනීම සඳහා යුද කබා නිර්මාණය කිරීමේ හැකියාව අපි සුලෙයිමාන්ට නොව දාවූද්ට පිරිනැමුවෙමු. අහෝ ජනයිනි! අල්ලාහ් එමගින් නුඹලා වෙත ආශිර්වාද කර ඇති මෙම ආශිර්වාද සඳහා නුඹලා කෘතගුණ සලකන්නන් වන්නෙහු ද?
21:81Страница 328
وَلِسُلَيۡمَٰنَ ٱلرِّيحَ عَاصِفَةٗ تَجۡرِي بِأَمۡرِهِۦٓ إِلَى ٱلۡأَرۡضِ ٱلَّتِي بَٰرَكۡنَا فِيهَاۚ وَكُنَّا بِكُلِّ شَيۡءٍ عَٰلِمِينَ ٨١
Мы подчинили Сулейману (Соломону) сильный ветер, который дул по его повелению на землю, которую Мы благословили. Мы знаем о всякой вещи.
එහි අප නබිවරුන් පහළ කිරීමෙන් හා දැහැමි සම්පත් ව්යාප්ත කිරීමෙන් සමෘද්ධිමත් කළ සිරියා දේශය වෙත තදින් හමන සුළං හැමිමට සුලෙයිමාන් අණ කළ විට ඔහුගේ නියෝගය පරිදි එය හමා ගමන් ගත්තේය. සියලු දෑ පිළිබඳ අපි දැන සිටියෙමු. එයින් කිසිවක් අපට සැඟවෙන්නේ නැත.
21:82Страница 329
وَمِنَ ٱلشَّيَٰطِينِ مَن يَغُوصُونَ لَهُۥ وَيَعۡمَلُونَ عَمَلٗا دُونَ ذَٰلِكَۖ وَكُنَّا لَهُمۡ حَٰفِظِينَ ٨٢
Среди дьяволов были такие, которые ныряли для него и выполняли другие работы. Мы стерегли их.
එමෙන්ම මුහුදේ ගිලී මුතු හා වෙනත් සම්පත් මතු කරමින් එන ජින්නුන් ද අපි ඔහුට වසඟ කර දුන්නෙමු. ඔවුහු ඒ හැර ගොඩනැගිලි ඉදිකිරීම් මෙන් වෙනත් කටයුතු පිළිබඳව ද දැන සිටියෝය. ඔවුන්ගේ සංඛ්යාව හා ඔවුන්ගේ ක්රියාවන් අපි ආරක්ෂා කරන්නන් වූයෙමු. ඒවායින් කිසිවක් අපට මඟ හැරී යන්නේ නැත.
21:83Страница 329
۞ وَأَيُّوبَ إِذۡ نَادَىٰ رَبَّهُۥٓ أَنِّي مَسَّنِيَ ٱلضُّرُّ وَأَنتَ أَرۡحَمُ ٱلرَّٰحِمِينَ ٨٣
Помяни также Айюба (Иова), который воззвал к своему Господу: «Воистину, меня коснулось зло, а ведь Ты - Милосерднейший из милосердных».
අහෝ දූතය! අය්යූබ් (අලයිහිස් සලාම්) තුමාගේ කතා වස්තුව ද මෙනෙහි කරනු. ඔහුට අත් වූ පරීක්ෂණ අවස්ථාවේ ඔහු තම පරමාධිපතිට ප්රාර්ථනා කරමින්, "අහෝ මාගේ පරමාධිපති යාණනි! සැබැවින්ම මම රෝගයෙන් පෙළෙමි. මාගේ පවුල අහිමි විය. කරුණාව දක්වන්නන් අතරින් සැබැවින්ම නුඹ සියලු දනන් හට මහා කාරුණිකය. මාහට අත්වූ මෙම පරීක්ෂණය මගෙන් ඉවත් කරනු මැනව!" යැයි ප්රාර්ථනා කර සිටියේය.
21:84Страница 329
فَٱسۡتَجَبۡنَا لَهُۥ فَكَشَفۡنَا مَا بِهِۦ مِن ضُرّٖۖ وَءَاتَيۡنَٰهُ أَهۡلَهُۥ وَمِثۡلَهُم مَّعَهُمۡ رَحۡمَةٗ مِّنۡ عِندِنَا وَذِكۡرَىٰ لِلۡعَٰبِدِينَ ٨٤
Мы ответили на его мольбу, устранили постигшее его зло и даровали ему его семью и вдобавок еще столько же в качестве милости от Нас и в назидание тем, кто поклоняется.
ඔහුගේ ප්රාර්ථනාවට අපි පිළිතුරු දුන්නෙමු. ඔහුට අත්වූ හානිය අපි ඔහුගෙන් ඉවත් කළෙමු. ඔහුට අහිමි වූ පවුල හා ඔහුගේ දරුවන් අපි ඔහුට පිරිනැමුවෙමු. ඔවුන් මෙන්ම ඔවුන් මෙන් සමාන තවත් අය ද පිරිනැමුවෙමු. මේ සියල්ල අප සිදු කළේ අප වෙතින් වූ ආශිර්වාදයක් වශයෙනි. එමෙන්ම නැමදුම් කරමින් අල්ලාහ්ට යටත් වන සෑම කෙනෙකුටම මෙනෙහි කිරීමක් වශයෙනි. එය අය්යූබ්ගේ ඉවසීම මෙන් ඔවුන් ඉවසනු පිණිසය.
21:85Страница 329
وَإِسۡمَٰعِيلَ وَإِدۡرِيسَ وَذَا ٱلۡكِفۡلِۖ كُلّٞ مِّنَ ٱلصَّٰبِرِينَ ٨٥
Помяни также Исмаила (Измаила), Идриса, Зулькифла. Все они были из числа терпеливых.
අහෝ දූතය! ඉස්මාඊල් ඉද්රීස් හා දුල් කිෆ්ල් (ඔවුන් වෙත සාමය අත් වේවා!) යන අය ගැන ද මෙනෙහි කරනු. ඔවුන් අතරින් සෑම කෙනෙකුම පරීක්ෂණයන් මත ඉවසීමෙන් කටයුතු කරන්නන් අතරින් වූහ. අල්ලාහ් ඔවුනට කවර කරුණක් පවරා සිටියේ ද ඒවා ක්රියාත්මක කරන්නන් වූහ.
21:86Страница 329
وَأَدۡخَلۡنَٰهُمۡ فِي رَحۡمَتِنَآۖ إِنَّهُم مِّنَ ٱلصَّٰلِحِينَ ٨٦
Мы ввели их в Нашу милость, поскольку они были одними из праведников.
ඔවුන් අපගේ කරුණාව තුළට අපි ඇතුළත් කළෙමු. ඔවුන් නබිවරුන් බවට අපි පත් කළෙමු. ඔවුන් ස්වර්ගයට අපි ඇතුළත් කළෙමු. සැබැවින්ම ඔවුන් වනාහි, ඔවුන්ගේ පරමාධිපතිට අවනත වෙමින් දැහැමි ක්රියාවන් සිදු කළ අල්ලාහ්ගේ ගැත්තන් අතරින් වූහ. ඔවුන්ගේ අභ්යන්තරය මෙන්ම බාහිරය දැහැමි විය.
21:87Страница 329
وَذَا ٱلنُّونِ إِذ ذَّهَبَ مُغَٰضِبٗا فَظَنَّ أَن لَّن نَّقۡدِرَ عَلَيۡهِ فَنَادَىٰ فِي ٱلظُّلُمَٰتِ أَن لَّآ إِلَٰهَ إِلَّآ أَنتَ سُبۡحَٰنَكَ إِنِّي كُنتُ مِنَ ٱلظَّٰلِمِينَ ٨٧
Помяни также человека в рыбе (Иунуса), который ушел в гневе и подумал, что Мы не справимся с ним. Он воззвал из мрака: «Нет божества, кроме Тебя! Пречист Ты! Воистину, я был одним из беззаконников!».
අහෝ දූතය! මත්සයා හා බැඳුණු යූනුස් (අලෙයිහි සලාම්) තුමාගේ කතා වස්තුව ද මෙනෙහි කරනු. තම ජනයා පිටුපාමින් ක්රියා කළ අත්තනෝමතික ක්රියාවන් හේතුවෙන් ඔහුගේ පරමාධිපතිගේ අවසරයෙන් තොර ව ඔහු ඔවුන් මත ඔහු කෝප වී ගිය අවස්ථාවේ, එසේ ඔහු අතහැර යාමෙන් ඔහු දඬුවමට ලක් කර ඔහු ව පීඩනයට පත් නොකරනු ඇතැයි ඔහු සිතුවේය. මත්සයා ගිල දැමීමෙන් පසු දැඩි පීඩනයකින් හා හිරවීමෙන් ඔහු පරීක්ෂාවට ලක් කරනු ලැබීය. මත්සයාගේ කුස, සාගරය හා රාත්රිය යන අන්ධකාරයන්හි සිට තම පාපකම පිළිගනිමින් ඒ ගැන පසුතැවිලි වී ඔහු අල්ලාහ් වෙත යොමු වෙමින් ප්රාර්ථනා කළේය. එහි ඔහු, "නුඹ හැර සැබෑ ලෙසින් නැමදුමට ලක් වන කිසිවකු නැත. නුඹ පිවිතුරු විය. සුවි ශුද්ධ විය. සැබැවින්ම මම අපරාධකරුවන්ගෙන් කෙනෙකු වූයෙමි" යැයි පවසා සිටියේය.
21:88Страница 329
فَٱسۡتَجَبۡنَا لَهُۥ وَنَجَّيۡنَٰهُ مِنَ ٱلۡغَمِّۚ وَكَذَٰلِكَ نُـۨجِي ٱلۡمُؤۡمِنِينَ ٨٨
Мы ответили на его мольбу и спасли его от печали. Так Мы спасаем верующих.
ඔහුගේ ප්රාර්ථනාවට අපි පිළිතුරු දුනිමු. එම අන්ධකාරයෙන් හා මත්ස කුසෙන් ඔහු ව බැහැර කරමින් අපි ඔහු ව එම දරුණු ව්යසනයෙන් මුදවා ගත්තෙමු. යූනුස් තුමාව ඔහුගේ ව්යසනයෙන් අපි මුදවා ගත්තා සේම යම් ව්යසනයක දේව විශ්වාසීන් වැටුණු විට ඔවුන් අල්ලාහ්ගෙන් ප්රාර්ථනා කර සිටියේ නම් අපි ඔවුන්ව ද මුදවා ගන්නෙමු.
21:89Страница 329
وَزَكَرِيَّآ إِذۡ نَادَىٰ رَبَّهُۥ رَبِّ لَا تَذَرۡنِي فَرۡدٗا وَأَنتَ خَيۡرُ ٱلۡوَٰرِثِينَ ٨٩
Помяни также Закарию (Захарию), который воззвал к своему Господу: «Господи! Не оставляй меня одиноким, и Ты - Наилучший из наследников».
අහෝ දූතය! නුඹ සකරිය්යා (අලයිහිස් සලාම්) තුමා පිළිබඳව ද මෙනෙහි කරනු. එවිට, "මගේ පරමාධිපතියාණනි! කිසිදු දරුවකු නොමැති ව මා තනි ව අතහැර නොදමනු. සැබැවින්ම ඉතිරි කරන්නන් අතරින් ශ්රේෂ්ඨයා ඔබ වන්නෙහිය. එහෙයින් මගෙන් පසු පවතින දරුවකු මාහට පෝෂණය කරනු මැනව!" යැයි පවසමින් ප්රාර්ථනා කළේය.
21:90Страница 329
فَٱسۡتَجَبۡنَا لَهُۥ وَوَهَبۡنَا لَهُۥ يَحۡيَىٰ وَأَصۡلَحۡنَا لَهُۥ زَوۡجَهُۥٓۚ إِنَّهُمۡ كَانُواْ يُسَٰرِعُونَ فِي ٱلۡخَيۡرَٰتِ وَيَدۡعُونَنَا رَغَبٗا وَرَهَبٗاۖ وَكَانُواْ لَنَا خَٰشِعِينَ ٩٠
Мы ответили на его мольбу, даровали ему Йахью (Иоанна) и сделали его жену способной на это. Воистину, они спешили творить добро, взывали к Нам с чаянием и страхом и были смиренны перед Нами.
ඔහුගේ ප්රාර්ථනාවට අපි පිළිතුරු දුනිමු. අපි ඔහුට දරුවකු වශයෙන් යහ්යාව පිරිනැමුවෙමු. ඔහුගේ බිරිය යහපත් තත්ත්වයට පත් කළෙමු. එවිට ඇය දරුවන් නොමැති තත්ත්වයේ සිට අධික ලෙස දරුවන් බිහි කරන තත්ත්වයට පත් වූවාය. සැබැවින්ම සකරිය්යා, ඔහුගේ බිරිය හා ඔහුගේ දරුවා දැහැමි ක්රියාවන් සිදු කිරීමට යුහුසුළු වූහ. එමෙන්ම අප වෙත වූ කුසල් බලාපොරොත්තුවෙන් ඔවුහු අපගෙන් ප්රාර්ථනා කර සිටියෝය. අප වෙතින් වූ දඬුවම ගැන බියෙන් පසු වූහ. ඔවුහු අපට යටහත් පහත් වූවන් වූහ.
21:91Страница 330
وَٱلَّتِيٓ أَحۡصَنَتۡ فَرۡجَهَا فَنَفَخۡنَا فِيهَا مِن رُّوحِنَا وَجَعَلۡنَٰهَا وَٱبۡنَهَآ ءَايَةٗ لِّلۡعَٰلَمِينَ ٩١
Помяни также ту, которая сохранила свое целомудрие (Марьям). Мы вдохнули в нее посредством Нашего духа (Джибрила) и сделали ее и ее сына (Ису) знамением для миров.
අහෝ දූතය! දුරාචාරයෙන් තම රහස්ය පෙදෙස ආරක්ෂා කරගත් මර්යම් (අලයිහිස් සලාම්) තුමිය පිළිබඳ කතා වස්තුව ද මෙනෙහි කරනු. ඇය වෙත අල්ලාහ් ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමාව යැව්වේය. ඔහු ඇය තුළ පිම්ඹේය. එමගින් ඇය ඊසා (අලයිහිස් සලාම්) තුමා ව පිළිසිඳ ගත්තාය. ඇය හා ඇයගේ පුත් ඊසා මිනිසුන්ට අල්ලාහ්ගේ බලය පෙන්වා දෙන සළකුණක් වූහ. පියකුගෙන් තොර ව මැවීමට හැකි ඔහුව කිසිවකු විසින් පරාජයට පත් කළ නොහැක.
21:92Страница 330
إِنَّ هَٰذِهِۦٓ أُمَّتُكُمۡ أُمَّةٗ وَٰحِدَةٗ وَأَنَا۠ رَبُّكُمۡ فَٱعۡبُدُونِ ٩٢
Воистину, эта ваша религия - религия единая. Я же - ваш Господь. Поклоняйтесь же Мне!
අහෝ ජනයිනි! සැබැවින්ම නුඹලාගේ පිළිවෙත එකම පිළිවෙතකි. එය ඉස්ලාම් දහම වන දේව ඒකීයකරණයේ දහමයි. මම නුඹලාගේ පරමාධිපති වෙමි. එහෙයින් නුඹලා මට පමණක් අවංකව නැමදුම් කරනු.
21:93Страница 330
وَتَقَطَّعُوٓاْ أَمۡرَهُم بَيۡنَهُمۡۖ كُلٌّ إِلَيۡنَا رَٰجِعُونَ ٩٣
Они впали в противоречия, но все они вернутся к Нам.
මිනිස්සු වෙන් ව ගියෝය. ඔවුන් අතරින් ඒකදේවත්වය විශ්වාස කරන්නා, දෙවියන්ට ආදේශ කරන්නා, දෙවියන් ප්රතික්ෂේප කරන්නා, දෙවියන් විශ්වාස කරන්නා යනා දී පිරිස් බවට පත් වූහ. මෙසේ පිල්වලට බෙදුණු ජනයා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ හැරී එනුයේ අප වෙත පමණි.
21:94Страница 330
فَمَن يَعۡمَلۡ مِنَ ٱلصَّٰلِحَٰتِ وَهُوَ مُؤۡمِنٞ فَلَا كُفۡرَانَ لِسَعۡيِهِۦ وَإِنَّا لَهُۥ كَٰتِبُونَ ٩٤
Устремления того, кто совершал праведные деяния, будучи верующим, не будут отвергнуты. Воистину, Мы записываем их для него.
අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව විශ්වාස කරන්නෙකු සේ ඔවුන් අතරින් කවරෙකු දැහැමි ක්රියාවන් සිදු කළේ ද, ඔහුගේ දැහැමි ක්රියාවන් ප්රතික්ෂේප කරනු නොලැබේ. ඔහුගේ තිළිණ පිරිනමා අල්ලාහ් ඔහුට කෘතවේදීත්වය පළ කර එය ඔහුට ගුණ කර දෙනු ඇත. යළි අවදි කරන දිනයේ ඔහුගේ ක්රියා ලේඛනය තුළ එය ඔහු දැක ගනී. එමගින් ඔහු සතුටට පත් වෙයි.
21:95Страница 330
وَحَرَٰمٌ عَلَىٰ قَرۡيَةٍ أَهۡلَكۡنَٰهَآ أَنَّهُمۡ لَا يَرۡجِعُونَ ٩٥
Запрет лежит на селениях, которые Мы погубили, и они не вернутся,
තම ප්රතික්ෂේපය හේතුවෙන් අප විනාශ කළ ගම්වාසීන්හට, ඔවුන් පාපක්ෂමාවේ නිරත වී ඔවුන්ගේ පාපක්ෂමාව පිළිගනු ලබන පිණිස නැවත මෙලොවට පැමිණීමට නොහැකි වුහ.
21:96Страница 330
حَتَّىٰٓ إِذَا فُتِحَتۡ يَأۡجُوجُ وَمَأۡجُوجُ وَهُم مِّن كُلِّ حَدَبٖ يَنسِلُونَ ٩٦
пока Йаджудж и Маджудж (Гог и Магог) не будут выпущены и не устремятся вниз с каждой возвышенности.
කිසිවිටෙක ඔවුන් නැවත හරවා යවනු නොලබති. එය යඃජූජ් හා මඃජූජ්ගේ බාධකය විවෘත කරනු ලබන තුරුම පවතී. එදින ඔවුහු සෑම උස් භූමියකින්ම වේගයෙන් බැහැර වී පැමිණෙනු ඇත.
21:97Страница 330
وَٱقۡتَرَبَ ٱلۡوَعۡدُ ٱلۡحَقُّ فَإِذَا هِيَ شَٰخِصَةٌ أَبۡصَٰرُ ٱلَّذِينَ كَفَرُواْ يَٰوَيۡلَنَا قَدۡ كُنَّا فِي غَفۡلَةٖ مِّنۡ هَٰذَا بَلۡ كُنَّا ظَٰلِمِينَ ٩٧
Приблизится истинное обещание, и тогда закатятся взоры неверующих. Они скажут: «О горе нам! Мы беспечно относились к этому. Более того, мы были беззаконниками».
ඔවුන් බැහැරට පැමිණීමෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය සමීප වනු ඇත. එහි අර්බුද හා දරුණු ව්යසනයන් හෙළිවනු ඇත. එහි අර්බුදවල දරුණුකම හේතුවෙන් දේව ප්රතික්ෂේපකයින්ගේ බැල්ම විවෘත ව පවතී. ඔවුහු මෙසේ පවසති. "අහෝ අපගේ විනාශය! මෙම මහත් වූ දිනය වෙනුවෙන් සූදානම් වීමෙන් දුරස් ව මෙලොව කටයුතුවලදී කාර්යබහුලව හා විනෝදයෙහි පසු වූයෙමු. දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් අපි අපරාධකරුවන් වූයෙමු."
21:98Страница 330
إِنَّكُمۡ وَمَا تَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ حَصَبُ جَهَنَّمَ أَنتُمۡ لَهَا وَٰرِدُونَ ٩٨
Вы и те, чему вы поклоняетесь вместо Аллаха, являетесь растопкой для Геенны, в которую вы войдете.
අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! සැබැවින්ම නුඹලා -අල්ලාහ් හැර දමා නුඹලා නමදින පිළිමද ජින්නුන් හා මිනිසුන් අතරින් නුඹලාගේ නැමදීම ගැන සෑහීමට පත්වන්නන් ද- නිරයේ ඉන්ධන වෙති. නුඹලා හා නුඹලාගේ නැමදුමට ලක්වූවන් එහි පිවිසෙන්නෝ වෙති.
21:99Страница 330
لَوۡ كَانَ هَٰٓؤُلَآءِ ءَالِهَةٗ مَّا وَرَدُوهَاۖ وَكُلّٞ فِيهَا خَٰلِدُونَ ٩٩
Если бы они были богами, то не вошли бы туда. Но все они останутся там навечно.
මෙසේ නැමදුම් ලබන්නන් සැබෑ ලෙස නැමදුම් ලබන දෙවිවරුන් වී නම්, ඔවුහු නැමදුම් කළ අය සමග නිරයට ඇතුළු නොවෙති. නැමදුම් කළ හා නැමදුම් ලැබූ සෑම කෙනෙකුම නිරයේ වෙති. එයින් බැහැරට යා නොහැකිව සදාතනිකව එහි කල් ගෙවති.
Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии