Аль-МухтасарАль‑Хаджж · 22:1–37

Аль-Мухтасар · Тафсир · на сингальском

الحج

Аль-Хаджж

Паломничество · Мединская · 78 аятов

22:1Страница 332

يَٰٓأَيُّهَا ٱلنَّاسُ ٱتَّقُواْ رَبَّكُمۡۚ إِنَّ زَلۡزَلَةَ ٱلسَّاعَةِ شَيۡءٌ عَظِيمٞ ١

О люди! Бойтесь вашего Господа! Воистину, сотрясение Часа является ужасным событием.

අහෝ ජනයිනි! නුඹලාගේ පරමාධිපති නුඹලාට අණ කළ දෑ පිළිපදිමින් හා නුඹලාට තහනම් කළ දැයින් වැළකෙමින් නුඹලා ඔහුට බැතිමත් ව කටයුතු කරනු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එය හා බැඳුණු මහපොළොව කම්පනය වීම හා වෙනත් අර්බුද බරපතල කරුණක් වේ. අල්ලාහ් තෘප්තියට පත්වන දෑ සිදු කරමින් ඒ සඳහා සූදානම් වීම අනිවාර්යය වන්නේය.

22:2Страница 332

يَوۡمَ تَرَوۡنَهَا تَذۡهَلُ كُلُّ مُرۡضِعَةٍ عَمَّآ أَرۡضَعَتۡ وَتَضَعُ كُلُّ ذَاتِ حَمۡلٍ حَمۡلَهَا وَتَرَى ٱلنَّاسَ سُكَٰرَىٰ وَمَا هُم بِسُكَٰرَىٰ وَلَٰكِنَّ عَذَابَ ٱللَّهِ شَدِيدٞ ٢

В тот день, когда вы увидите его, каждая кормящая мать забудет того, кого она кормила, а каждая беременная женщина выкинет свой плод. Ты увидишь людей пьяными, но они не будут пьяны, зато мучения от Аллаха будут тяжки.

නුඹලා එය දෑසින් දකින දින, කිරි දෙන සෑම මවක්ම ඇයගේ කිරි දරුවා ගැන අවදානය යොමු නොකරයි. දැඩි බිය හේතුවෙන් කුසේ දරාගෙන සිටින ගැබිනි මව්වරුන් ඒවා වැටෙන්නට සලස්වයි. නතර වී සිටින ස්ථානයේ භයානක කම හේතුවෙන් මත්වූවන් මෙන් ජනයාගේ සිහි බුද්ධිය විකල්වී තිබෙනු නුඹ දකිනු ඇත. ඔවුහු මත්පැන් පානය කිරීමෙන් මත් බවට පත් නොවූහ. නමුත් අල්ලාහ්ගේ දැඩි දඬුවම හේතුවෙන් ඔවුනට එසේ සිදු විය. සැබැවින්ම ඔහු ඔවුන්ගේ බුද්ධිය නැතිකර දමනු ඇත.

22:3Страница 332

وَمِنَ ٱلنَّاسِ مَن يُجَٰدِلُ فِي ٱللَّهِ بِغَيۡرِ عِلۡمٖ وَيَتَّبِعُ كُلَّ شَيۡطَٰنٖ مَّرِيدٖ ٣

Среди людей есть такие, которые спорят об Аллахе, не имея знаний, и следуют за всяким мятежным дьяволом.

මිය ගියවුන් යළි අවදි කිරීමේ අල්ලාහ්ගේ බලය පිළිබඳ කිසිදු දැනුමකින් තොර ව තර්ක කරන අය මිනිසුන් අතර සිටිති. ඔහුගේ ප්රතිපත්තියේ හා ඔහුගේ ප්රකාශයේ ඔහුගේ පරමාධිපතිට අකීකරු වූ ෂෙයිතානුන් හා නොමග ගිය නායකයින්ව ඔවුහු අනුගමනය කරති.

22:4Страница 332

كُتِبَ عَلَيۡهِ أَنَّهُۥ مَن تَوَلَّاهُ فَأَنَّهُۥ يُضِلُّهُۥ وَيَهۡدِيهِ إِلَىٰ عَذَابِ ٱلسَّعِيرِ ٤

Ему было предписано, что любого, кто сочтет его своим покровителем и помощником, он введет в заблуждение и приведет к мучениям в Пламени.

මිනිස් හා ජින් ෂාතානුවන්ගෙන් වූ එම කැරලිකාරයින් හට, කවරෙකු ඔහුව අනුගමනය කළේද ඔහු ව සත්යය කළේ ද සැබැවින්ම ඔහු ඔහුව නිවැරදි මාර්ගයෙන් නොමග යොමු කරන බවත් නිරය වෙත මෙහෙයවන දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් ඔහු ව නිරා ගින්න වෙත ගමන් කරවන බවත් නියම කරන ලදී.

22:5Страница 332

يَٰٓأَيُّهَا ٱلنَّاسُ إِن كُنتُمۡ فِي رَيۡبٖ مِّنَ ٱلۡبَعۡثِ فَإِنَّا خَلَقۡنَٰكُم مِّن تُرَابٖ ثُمَّ مِن نُّطۡفَةٖ ثُمَّ مِنۡ عَلَقَةٖ ثُمَّ مِن مُّضۡغَةٖ مُّخَلَّقَةٖ وَغَيۡرِ مُخَلَّقَةٖ لِّنُبَيِّنَ لَكُمۡۚ وَنُقِرُّ فِي ٱلۡأَرۡحَامِ مَا نَشَآءُ إِلَىٰٓ أَجَلٖ مُّسَمّٗى ثُمَّ نُخۡرِجُكُمۡ طِفۡلٗا ثُمَّ لِتَبۡلُغُوٓاْ أَشُدَّكُمۡۖ وَمِنكُم مَّن يُتَوَفَّىٰ وَمِنكُم مَّن يُرَدُّ إِلَىٰٓ أَرۡذَلِ ٱلۡعُمُرِ لِكَيۡلَا يَعۡلَمَ مِنۢ بَعۡدِ عِلۡمٖ شَيۡـٔٗاۚ وَتَرَى ٱلۡأَرۡضَ هَامِدَةٗ فَإِذَآ أَنزَلۡنَا عَلَيۡهَا ٱلۡمَآءَ ٱهۡتَزَّتۡ وَرَبَتۡ وَأَنۢبَتَتۡ مِن كُلِّ زَوۡجِۭ بَهِيجٖ ٥

О люди! Если вы сомневаетесь в воскрешении, то ведь Мы сотворили вас из земли, потом - из капли, потом - из сгустка крови, потом - из разжеванного кусочка, сформировавшегося или не сформировавшегося. Так Мы разъясняем вам истину. Мы помещаем в утробах то, что желаем, до назначенного срока. Потом Мы выводим вас младенцами, чтобы вы могли достигнуть зрелого возраста. Одни из вас умирают, другие же возвращаются в жалкую старость и забывают все, что знали. Ты видишь безжизненную землю. Но стоит Нам ниспослать на нее воду, как она приходит в движение, набухает и порождает всякие прекрасные растения.

අහෝ ජනයිනි! මියගිය පසු ව නුඹලා ව යළි අවදි කිරීමේ අපගේ හැකියාව හා ශක්තිය පිළිබඳ නුඹලා තුළ සැකයක් වී නම්, නුඹලාගේ මැවීම තුළ කල්පනා කර බලනු. සැබැවින්ම අපි නුඹලාගේ පියා ආදම් ව පසින් මැව්වෙමු. පසු ව ඔහුගේ පරපුර පිරිමියෙක් කාන්තාවකගේ ගර්භාෂයට හළන ශුක්රාණුවේ මැව්වෙමු. පසුව එම ශුක්රාණු ව ලේ කැටියක් බවටත් පසුව එම ලේ කැටිය විකන ලද මස් කැබැල්ලක් බඳු මස් ගොබයක් බවටත් පරිවර්තනය කොට, පසු ව එම මස් ගොබය ජීවී දරුවකු බිහි කරන තුරු ගර්භාෂය තුළ නිසි හැඩරුවක් දක්වා ද එසේ නැතිනම් කිසිදු හැඩයකින් තොරව වැටෙන ලේ කැටියක් දක්වා ද පවතී. නුඹලාගේ මේ මැවීමේ අදියරය තුළින් අපගේ බලය නුඹලාට සැබැවින්ම අපි පැහැදිලි කරන්නෙමු. ගර්භාෂය තුළ අපි අභිමත කරන කලලය නියමිත කාලයේ ප්රසූත වන තෙක් අපි රදවන්නෙමු. එය මාස නවයකි. පසු ව නුඹලාගේ මව්වරුන්ගේ කුසවල්වලින් බිළිඳුන් ලෙස අපි නුඹලාව බැහැර කරන්නෙමු. පසුව නුඹලා ශක්ති සම්පන්න බුද්ධි සම්පන්න තත්ත්වයට ළඟා වන්නෙහුය. ඊට පෙර මිය යන්නන් ද නුඹලා අතර සිටිති. එමෙන්ම බෙලහීන වී, බුද්ධිය ද බෙලහීන වී බිළිඳෙකුට වඩා අන්ත තමන් දැන සිටි දැයින් කිසිවක් නොදන්නා තත්ත්වයට පත්වන තුරු ජීවත් වන්නන් ද නුඹලා අතර සිටිති. එමෙන්ම කිසිදු පැලෑටියන් රෝපණය නොවන වියළි භූමිය ද නුඹ දකින්නෙහිය. ඒ මත අපි වැසි ජලය පහළ කළ විට පැලෑටි සඳහා එය විවර වී පැලෑටිවල වර්ධනය හේතුවෙන් එය ඉහළ නැංවෙයි. දැකුම්කළු විවිධ පැලෑටි වර්ග එය මතු කරයි.

22:6Страница 333

ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ هُوَ ٱلۡحَقُّ وَأَنَّهُۥ يُحۡيِ ٱلۡمَوۡتَىٰ وَأَنَّهُۥ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ٦

Это происходит, потому что Аллах является Истиной, оживляет мертвых и способен на всякую вещь,

-නුඹලාගේ මැවීමේ ආරම්භය හා එහි අදියරයන් මෙන්ම නුඹලා අතරින් බිහි වන්නන්ගේ තත්ත්වයන් යනාදී වශයෙන් - අපි නුඹලාට මෙනෙහි කළ දෑ වනාහි, නුඹලා නමදින නුඹලාගේ පිළිමවලට පටහැනිව නුඹලාව මැව්වේ අල්ලාහ් බවත් එහි කිසිදු සැකයක් නැති බවත් නුඹලා විශ්වාස කරනු පිණිසය. එමෙන්ම සැබැවින්ම ඔහු මළවුනට ජීවය ලබා දෙන්නා බවත් ඔහු සියලු දෑ කෙරෙහි සර්වබලධාරියාණන් බවත් කිසිවකු විසින් ඔහුව පරාජය කළ නොහැකි බවත් නුඹලා විශ්වාස කරනු පිණිසය.

22:7Страница 333

وَأَنَّ ٱلسَّاعَةَ ءَاتِيَةٞ لَّا رَيۡبَ فِيهَا وَأَنَّ ٱللَّهَ يَبۡعَثُ مَن فِي ٱلۡقُبُورِ ٧

потому что Час, в котором нет сомнения, непременно наступит и потому что Аллах воскресит тех, кто в могилах.

සැබැවින්ම අවසන් හෝරාව පැමිණෙන බවත්, එය පැමිණීමෙහි කිසිදු සැකයක් නොමැති බවත්, සැබැවින්ම අල්ලාහ් ඔවුන් මිය ගිය පසු ඔවුන්ගේ ක්රියාවන් සඳහා ඔවුනට ප්රතිඵල පිරිනමනු පිණිස ඔවුන්ගේ මිණීවලවල්වලින් ඔවුන් අවදි කරන බවත් නුඹලා විශ්වාස කරනු පිණිසය.

22:8Страница 333

وَمِنَ ٱلنَّاسِ مَن يُجَٰدِلُ فِي ٱللَّهِ بِغَيۡرِ عِلۡمٖ وَلَا هُدٗى وَلَا كِتَٰبٖ مُّنِيرٖ ٨

Среди людей есть такой, который спорит об Аллахе, не имея ни знаний, ни верного руководства, ни освещающего Писания.

දේව ප්රතික්ෂේපකයින් අතර ඔවුන් සත්ය වෙත යොමු කරන කිසිදු දැනුමකින් හෝ ඒ වෙත මග පෙන්වන කිසිදු මගපෙන්වන්නෙකු අනුගමනය කිරීමෙන් හෝ ඒ වෙත ඔවුනට මග පෙන්වන අල්ලාහ්ගෙන් පහළ කරනු ලැබූ අලෝකමත් පුස්තකයකින් තොර ව අල්ලාහ්ගේ ඒකීයත්වය සම්බන්ධයෙන් තර්ක කරන්නන් ද වෙති.

22:9Страница 333

ثَانِيَ عِطۡفِهِۦ لِيُضِلَّ عَن سَبِيلِ ٱللَّهِۖ لَهُۥ فِي ٱلدُّنۡيَا خِزۡيٞۖ وَنُذِيقُهُۥ يَوۡمَ ٱلۡقِيَٰمَةِ عَذَابَ ٱلۡحَرِيقِ ٩

Он надменно поворачивает шею, чтобы сбить других с пути Аллаха. Ему уготован позор в этом мире, а в День воскресения Мы дадим ему вкусить мучения от обжигающего Огня.

අහංකාරයෙන් තම ගෙල දිගු කරමින් දේව විශ්වාසයෙන් හා අල්ලාහ්ගේ දහම තුළට ප්රවේශ වීමෙන් ජනයා වෙනතකට යොමු කරන්නන් ද සිටිති. මෙවන් ගුණාංග ඇත්තන්හට මෙලොවෙහි ඔහුට අත්වන දැයින් අවමානයක් ඇත. එමෙන්ම මතුලොවෙහි ඇවිළෙන ගින්න භුක්ති විඳින්නට අපි ඔහුට සළස්වමු.

22:10Страница 333

ذَٰلِكَ بِمَا قَدَّمَتۡ يَدَاكَ وَأَنَّ ٱللَّهَ لَيۡسَ بِظَلَّٰمٖ لِّلۡعَبِيدِ ١٠

Ему будет сказано: «Это - за то, что приготовили твои руки, ведь Аллах не поступает несправедливо с рабами».

"නුඹ වින්ඳා වූ එම දඬුවම වනාහි, නුඹ උපයා ගත් දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙනි. පාපයක් හේතුවෙන් මිස අල්ලාහ් ඔහුගේ කිසිදු මැවීමකට දඬුවම් දෙන්නේ නැත." යනුවෙන් ඔහුට පවසනු ලැබේ.

22:11Страница 333

وَمِنَ ٱلنَّاسِ مَن يَعۡبُدُ ٱللَّهَ عَلَىٰ حَرۡفٖۖ فَإِنۡ أَصَابَهُۥ خَيۡرٌ ٱطۡمَأَنَّ بِهِۦۖ وَإِنۡ أَصَابَتۡهُ فِتۡنَةٌ ٱنقَلَبَ عَلَىٰ وَجۡهِهِۦ خَسِرَ ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةَۚ ذَٰلِكَ هُوَ ٱلۡخُسۡرَانُ ٱلۡمُبِينُ ١١

Среди людей есть и такой, который поклоняется Аллаху, находясь на грани между верой и неверием. Если ему достается добро, то благодаря этому он чувствует себя уверенно; если же его постигает искушение, то он оборачивается вспять. Он теряет как этот мир, так и Последнюю жизнь. Это и есть очевидный убыток!

සැකය මත පදනම් ව අස්ථාවරයෙන් අල්ලාහ් නමදින පිරිසක් ද ජනයා අතර වෙති. සුවය, ධනය වැනි යම් යහපතක් ඔහුට අත් වූයේ නම් ඔහුගේ විශ්වාසය මත හා නැමදීම මත අල්ලාහ් වෙනුවෙන් රැඳී සිටියි. නමුත් කිසියම් රෝගයක් දිළිඳුකමක් හෝ ණය බරක් ඇති වූ විට ඔහුගෙන් එය ඉවත් වෙයි. ඔහු මෙලොව ජීවිතයෙහි පරාජයට පත් විය. ඔහුගේ දේව ප්රතික්ෂේපය ඔහුට නියම කරනු නොලැබූ කිසිදු කොටසක් මෙලොව ජීවිතයේ වැඩි කරන්නේ නැත. එමෙන්ම ඔහුගේ මතුලොව ජීවිතයෙහි ද ඔහු අල්ලාහ්ගේ දඬුවමට ලක්වන බැවින් ඔහු පරාජයට පත් වෙයි. එය ඉතා පැහැදිලි ප්රකට පරාජයකි.

22:12Страница 333

يَدۡعُواْ مِن دُونِ ٱللَّهِ مَا لَا يَضُرُّهُۥ وَمَا لَا يَنفَعُهُۥۚ ذَٰلِكَ هُوَ ٱلضَّلَٰلُ ٱلۡبَعِيدُ ١٢

Вместо Аллаха он взывает к тому, что не приносит ему ни вреда, ни пользы. Это и есть глубокое заблуждение!

ඔහු අල්ලාහ් හැර දමා පිළිමවලට වන්දනාමාන කරයි. ඔහු ඒවා ප්රතික්ෂේප කළේ නම් ඒවා ඔහුට කිසිදු බලපෑමක් ඇති කරන්නේ නැත. එමෙන්ම ඔහු ඒවාට අවනත වූයේ නම් ඔහුට කිසිදු ප්රයෝජනයක් ගෙන දෙන්නේ ද නැත. කිසිදු බලපෑමක් ඇති නොකරන, කිසිදු සෙතක් නොසලසන මෙම පිළිම සඳහා ප්රාර්ථනා කර කර සිටීම සත්යයෙන් දුරස් වූ අන්ත මුළාවකි.

22:13Страница 333

يَدۡعُواْ لَمَن ضَرُّهُۥٓ أَقۡرَبُ مِن نَّفۡعِهِۦۚ لَبِئۡسَ ٱلۡمَوۡلَىٰ وَلَبِئۡسَ ٱلۡعَشِيرُ ١٣

Он взывает к тому, кто может быстрее навредить, чем принести пользу. Плох такой господин! Плох такой товарищ!

මෙම පිළිමවලට වන්දනා කරමින් දෙවියන් ප්රතික්ෂේප කරන තැනැත්තා ඇරයුම් කර සිටිනුයේ ඔහුට අහිමි කරන ප්රයෝජනයට වඩා හානිය උරුම කර දීමට සමීපයෙන් සිටින අයගෙනි. ඔහුට සෙත සැළසීමට වඩා ඔහුට හානිය ඇති කරන වන්දනාවට ලක්වන්නන් නපුරු විය. කවරෙකු ඔහුගෙන් උදව් පතන්නේ ද ඔහු උදව් කරුවකු වශයෙන් ද කවරෙකු ඔහු සමග මිතුදම් පාන්නේ ද මිතුදමින් ද නපුරු විය.

22:14Страница 333

إِنَّ ٱللَّهَ يُدۡخِلُ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ جَنَّٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۚ إِنَّ ٱللَّهَ يَفۡعَلُ مَا يُرِيدُ ١٤

А тех, которые уверовали и совершали праведные деяния, Аллах введет в Райские сады, в которых текут реки. Воистину, Аллах поступает так, как пожелает.

අල්ලාහ්ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් කළවුන් වනාහි, ඒවායෙහි මාලිගා යටින් දියදහරා ගලා බස්නා ස්වර්ග උයන්වලට සැබැවින්ම අල්ලාහ් ඔවුන් ඇතුළත් කරනු ඇත. සැබැවින්ම අල්ලාහ් තමන් අභිමත කරන දේ සිදු කරන්නාය. ඔහු කරුණාවෙන් ඔහු අභිමත කරන අයට කරුණාව දක්වයි. එමෙන්ම දඬුවමින් ඔහු අභිමත කරන අයට දඬුවම ක්රියාත්මක කරයි. සුවිශුද්ධ අල්ලාහ්ට බලපෑම් කරන කිසිවකු නැත.

22:15Страница 333

مَن كَانَ يَظُنُّ أَن لَّن يَنصُرَهُ ٱللَّهُ فِي ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِ فَلۡيَمۡدُدۡ بِسَبَبٍ إِلَى ٱلسَّمَآءِ ثُمَّ لۡيَقۡطَعۡ فَلۡيَنظُرۡ هَلۡ يُذۡهِبَنَّ كَيۡدُهُۥ مَا يَغِيظُ ١٥

Кто полагает, что Аллах не окажет ему (Мухаммаду) помощи в этом мире и в Последней жизни, пусть подвяжет веревку к небу (или потолку), а затем перережет ее и посмотрит, устранит ли его хитрость то, что вызывает его ярость.

සැබැවින්ම අල්ලාහ් ඔහුගේ නබිවරයාට (එතුමා කෙරෙහි ශාන්තිය හා සමාදානය අත්වේවා!) මෙලොව මෙන්ම මතුලොවෙහි උදව් නොකරන බවට කවරෙකු සිතන්නේ ද ඔහුගේ නිවසේ වියනට කඹයක් දිගු කොට පසුව පොළොව දෙසින් කපා හැර එමගින් හුස්ම හිර කර ගනිත්වා. පසුව ඔහුගේ සිත තුළ පැවති කෝපය එය පහකර ඇත්දැයි බලත්වා. මුරණ්ඩුකාරයා අභිමත කළ ද ප්රතික්ෂේප කළ ද අල්ලාහ් ඔහුගේ නබිවරයාට උදව් කරන්නාය.

22:16Страница 334

وَكَذَٰلِكَ أَنزَلۡنَٰهُ ءَايَٰتِۭ بَيِّنَٰتٖ وَأَنَّ ٱللَّهَ يَهۡدِي مَن يُرِيدُ ١٦

Таким образом Мы ниспослали его (Коран) в виде ясных аятов, и Аллах ведет прямым путем того, кого пожелает.

යළි අවදි කරනු ලැබීම තහවුරු කරමින් පැහැදිළි තර්ක සාධක අපි නුඹලාට පැහැදිලි කළාක් මෙන් ම මුහම්මද් (එතුමා කෙරෙහි ශාන්තිය හා සමාදානය අත්වේවා) වෙත පැහැදිළි පාඨ සහිත කුර්ආනය පහළ කළෙමු. අල්ලාහ් ඔහුගේ භාග්යයෙන් ඔහු අභිමත කරන අයට යහමග හා නිවැරැදි මග ලබන්නට ආශිර්වාද කරනු ඇත.

22:17Страница 334

إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَٱلَّذِينَ هَادُواْ وَٱلصَّٰبِـِٔينَ وَٱلنَّصَٰرَىٰ وَٱلۡمَجُوسَ وَٱلَّذِينَ أَشۡرَكُوٓاْ إِنَّ ٱللَّهَ يَفۡصِلُ بَيۡنَهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ شَهِيدٌ ١٧

В День воскресения Аллах рассудит между верующими, исповедующими иудаизм, сабиями, христианами, огнепоклонниками и многобожниками. Воистину, Аллах является Свидетелем всякой вещи.

සැබැවින්ම මෙම සමූහයා අතර සිටින, අල්ලාහ්ව විශ්වාස කළවුන්, යුදෙව්වන්, සාබිඊන්වරුන් (ඇතැම් නබිවරුන් අනුගමනය කළ පිරිසක්), කිතුනුවන්, අග්නි වන්දනාකරුවන් හා පිළිම වන්දනාකරුවන් වනාහි, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සැබැවින්ම අල්ලාහ් ඔවුන් අතර තීන්දු කරනු ඇත. පසුව දේව විශ්වාසීන් ස්වර්ගයට ඇතුළත් කරයි. ඒ හැර සෙසු අය නිරා ගින්නට ඇතුළත් කරයි. සැබැවින්ම අල්ලාහ් ඔහුගේ ගැත්තන්ගේ සියලු ප්රකාශ හා ඔවුන්ගේ සියලු ක්රියාවන් සඳහා සාක්ෂිකරුවෙකු වෙයි. ඒවායින් කිසිවක් ඔහුට සැඟවී යන්නේ නැත. ඒ සඳහා ඔහු ඔවුනට කුසල් පිරිනමනු ඇත.

22:18Страница 334

أَلَمۡ تَرَ أَنَّ ٱللَّهَ يَسۡجُدُۤ لَهُۥۤ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَمَن فِي ٱلۡأَرۡضِ وَٱلشَّمۡسُ وَٱلۡقَمَرُ وَٱلنُّجُومُ وَٱلۡجِبَالُ وَٱلشَّجَرُ وَٱلدَّوَآبُّ وَكَثِيرٞ مِّنَ ٱلنَّاسِۖ وَكَثِيرٌ حَقَّ عَلَيۡهِ ٱلۡعَذَابُۗ وَمَن يُهِنِ ٱللَّهُ فَمَا لَهُۥ مِن مُّكۡرِمٍۚ إِنَّ ٱللَّهَ يَفۡعَلُ مَا يَشَآءُ۩ ١٨

Неужели ты не видишь, что перед Аллахом падают ниц те, кто на небесах и на земле, солнце, луна, звезды, горы, деревья, животные и многие люди. А многие из них заслуживают мучений. Никто не окажет почтения тому, кого унизит Аллах. Воистину, Аллах поступает так, как пожелает.

අහෝ දූතය! අහස්හි සිටින මලක්වරුන් හා මහපොළොවේ වෙසෙන දේව විශ්වාසී මිනිසුන් හා ජින්නුන් ඔහුට අවනත වෙමින් සිරස නමන බව නුඹ නොදන්නෙහි ද? එමෙන්ම හිරු ද ඔහුට සිරස නමයි. සඳුද ඔහුට සිරස නමයි අහසේ ඇති තාරක ද මහොපොළොවේ ඇති කඳුහෙල්, ගහ කොළ, සතා සිවුපාවුන් ද ඔහුට සිරස නමයි. එය යටහත් වීමේ සිරස නැමීමයි. එමෙන්ම ජනයා අතරින් බොහෝ දෙනා අවනත වීමේ සිරස නැමීමක් ලෙස ඔහුට සිරස නමති. තවත් බොහෝ දෙනා ඔහුට අවනත වීම සඳහා සිරස නැමීමෙන් වැළකී සිටිති. ඔවුන්ගේ ප්රතික්ෂේපය නිසාවෙන් අල්ලාහ්ගේ දඬුවම ඔවුන් මත නියම විය. කවරෙකුට අල්ලාහ් ඔහුගේ දේව ප්රතික්ෂේපය හේතුවෙන් අවමානය හා අපහාසය තීන්දු කළේ ද ඔහුව ගෞරවයට ලක් කරන කිසිවකු ඔහුට නොවනු ඇත. සැබැවින්ම අල්ලාහ් තමන් අභිමත කරන දෑ සිදු කරන්නාය. ඔහුට බලපෑම් කරන්නට කිසිවෙකු නැත.

22:19Страница 334

۞ هَٰذَانِ خَصۡمَانِ ٱخۡتَصَمُواْ فِي رَبِّهِمۡۖ فَٱلَّذِينَ كَفَرُواْ قُطِّعَتۡ لَهُمۡ ثِيَابٞ مِّن نَّارٖ يُصَبُّ مِن فَوۡقِ رُءُوسِهِمُ ٱلۡحَمِيمُ ١٩

Вот две тяжущиеся группы, которые препирались по поводу своего Господа. Для тех, которые не уверовали, выкроят одеяния из Огня, а на головы им будут лить кипяток.

ඔවුන්ගේ පරමාධිපති විෂයයෙහි වාද කරන මෙම දෙපිරිස අතරින් වඩාත් සුසුස්සන් වනුයේ කවරෙකු ද? දේව විශ්වාසී පිරිස ද එසේ නැතහොත් දේව ප්රතික්ෂේපක පිරිස ද? දේව ප්රතික්ෂේපක පිරිස වනාහි ඇඳින ඇඳුමෙන් ආවරණය කරන්නාක් මෙන් නිරා ගින්න ඔවුන් සිව් දෙසින් වට කරනු ඇත. ඔවුන්ගේ හිස මතට උපරිමයෙන් උණු කරන ලද ජලය වක්කරනු ලැබේ.

22:20Страница 334

يُصۡهَرُ بِهِۦ مَا فِي بُطُونِهِمۡ وَٱلۡجُلُودُ ٢٠

От него будут плавиться их внутренности и кожа.

එහි දැඩි උෂ්ණත්වය හේතුවෙන් ඔවුන්ගේ උදරය තුළ පවතින දෑ දිය වී ඔවුන්ගේ චර්මය දක්වාම ගෙන යයි. පසුව එයද දිය කරනු ලැබේ.

22:21Страница 334

وَلَهُم مَّقَٰمِعُ مِنۡ حَدِيدٖ ٢١

Для них уготованы железные палицы.

තවද ඔවුනට යකඩින් වූ මුගුරු ඇත. මලක්වරුන් ඒවා මගින් ඔවුන්ගේ හිසට පහර දෙති.

22:22Страница 334

كُلَّمَآ أَرَادُوٓاْ أَن يَخۡرُجُواْ مِنۡهَا مِنۡ غَمٍّ أُعِيدُواْ فِيهَا وَذُوقُواْ عَذَابَ ٱلۡحَرِيقِ ٢٢

Каждый раз, когда они захотят выбраться оттуда и избавиться от печали, их вернут обратно. Вкусите мучения от обжигающего Огня!

ඔවුන් එහි මුහුණ දෙන ව්යසනයේ දරුණුකම හේතුවෙන් නිරා ගින්නෙන් පිටත් වීමට ඔවුන් උත්සාහ කරන සෑම අවස්ථාවකම නැවත ඒ වෙත යොමු කරනු ලැබ, "ඇවිළෙන ගින්නේ දඬුවම නුඹලා භුක්ති විඳිනු" යැයි ඔවුනට පවසනු ලැබේ.

22:23Страница 334

إِنَّ ٱللَّهَ يُدۡخِلُ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ جَنَّٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ يُحَلَّوۡنَ فِيهَا مِنۡ أَسَاوِرَ مِن ذَهَبٖ وَلُؤۡلُؤٗاۖ وَلِبَاسُهُمۡ فِيهَا حَرِيرٞ ٢٣

А тех, которые уверовали и совершали праведные деяния, Аллах введет в Райские сады, в которых текут реки. Там они будут украшены золотыми браслетами и жемчугом, а их одеяния будут из шелка.

දේව විශ්වාසී පිරිස වනාහි, ඔවුහු අල්ලාහ්ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් කළවුන් වෙති. ඒවායෙහි මාලිගා හා ගස්වලට යටින් ගලා බස්නා දිය දහරාවලින් සපිරුණු ස්වර්ග උයන්වලට අල්ලාහ් ඔවුන් ඇතුළත් කරනු ඇත. රන් වළලු ඔවුනට පළන්දවනු ලැබ ඔවුන් අලංකාරවත් කරනු ඇත. එමෙන්ම මුතුවලින් වූ ආභරණවලින් ඔවුන්ව අලංකාරවත් කරනු ඇත. ඔවුනට ඇඳුම් ඇත. ඒවා ද සේද රෙදිවලින් යුක්තය.

22:24Страница 335

وَهُدُوٓاْ إِلَى ٱلطَّيِّبِ مِنَ ٱلۡقَوۡلِ وَهُدُوٓاْ إِلَىٰ صِرَٰطِ ٱلۡحَمِيدِ ٢٤

Их научили благим словам и наставили на путь Достохвального.

මෙලොව ජීවිතයේ දී අල්ලාහ් ඔවුනට ශුද්ධ ප්රකාශ වෙත මඟ පෙන්වීය. එනම්, "ලා ඉලාහ ඉල්ලල්ලාහ්" - නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත, "අල්ලාහු අක්බර්" -අල්ලාහ් අති ශ්රේෂ්ඨය, "අල් හම්දු ලිල්ලාහ්" -සියලු පැසසුම් අල්ලාහ්ටය යනාදී ශුද්ධ ප්රකාශ වේ. එමෙන්ම ප්රශංසනීය ඉස්ලාමීය මාවත වෙත ඔහු ඔවුනට මඟ පෙන්වීය.

22:25Страница 335

إِنَّ ٱلَّذِينَ كَفَرُواْ وَيَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ وَٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِ ٱلَّذِي جَعَلۡنَٰهُ لِلنَّاسِ سَوَآءً ٱلۡعَٰكِفُ فِيهِ وَٱلۡبَادِۚ وَمَن يُرِدۡ فِيهِ بِإِلۡحَادِۭ بِظُلۡمٖ نُّذِقۡهُ مِنۡ عَذَابٍ أَلِيمٖ ٢٥

Воистину, тем, которые не веруют, сбивают других с пути Аллаха, не пускают их в Заповедную мечеть, которую Мы воздвигли для всех людей, независимо от того, проживают они в ней или кочуют, а также тем, кто желает там уклониться от истины по несправедливости, Мы дадим вкусить мучительные страдания.

සැබැවින්ම අල්ලාහ්ව ප්රතික්ෂේප කොට, ඉස්ලාමය තුළට පිවිසෙන සෙසු ජනයා වෙනතකට යොමු කොට මස්ජිදුල් හරාමයෙන් ජනයා වළක්වන අය වනාහි එම දේව ආදේශකයින් හුදෙයිබියා ගිවිසුම් වසරෙහි ක්රියා කළාක් මෙන් ම අපි ද ඔවුනට වේදනීය දඬුවම මතු පිරිනමන්නෙමු. එම මස්ජිදය අප නියම කර ඇත්තේ ජනයා ඔවුන්ගේ සලාතයේ මුහුණලන දිශාව හා හජ් උම්රා පිළිවෙත් ඉටු කරන නැමදුම් ස්ථාන ලෙසය. එහිදී එහි පදිංචිව සිටින මක්කාවාසීන් ද මක්කා වාසීන් නොවන පිටස්තරයන් ද සමානය. එහෙයින් උවමනාවෙන්ම පාපයක් සිදු කිරීමෙන් සත්යයෙන් නැඹුරු වන්නට කවරෙකු සිතන්නේ ද සැබැවින්ම අපි ඔහුට වේදනීය දඬුවමක් විඳින්නට සළස්වමු.

22:26Страница 335

وَإِذۡ بَوَّأۡنَا لِإِبۡرَٰهِيمَ مَكَانَ ٱلۡبَيۡتِ أَن لَّا تُشۡرِكۡ بِي شَيۡـٔٗا وَطَهِّرۡ بَيۡتِيَ لِلطَّآئِفِينَ وَٱلۡقَآئِمِينَ وَٱلرُّكَّعِ ٱلسُّجُودِ ٢٦

Вот Мы указали Ибрахиму (Аврааму) на место Дома (Каабы): «Ничего не приобщай ко Мне в сотоварищи и очищай Мой Дом (Каабу) для тех, кто совершает обход, выстаивает намазы, кланяется и падает ниц».

අහෝ දූතය! දේව නිවසේ ස්ථානය හා එහි සීමාව ගැන නොදැන සිටි ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමාට, අප පැහැදිළි කළ අවස්ථාව නුඹ සිහිපත් කරනු. එමෙන්ම අපි ඔහුට, "මට නමස්කාර කිරීමෙහි කිසිවකු නුඹ ආදේශ නොකරනු. මාගේ නිවස තවාෆ් කරන්නන් වෙනුවෙන් හා එහි සලාත් ඉටු කරන්නන් වෙනුවෙන් මානසික මෙන්ම භෞතික කිලිටිවලින් පිරිසිදු කරනු" යැයි අපි ඔහුට දේව පණිවිඩ යැව්වෙමු.

22:27Страница 335

وَأَذِّن فِي ٱلنَّاسِ بِٱلۡحَجِّ يَأۡتُوكَ رِجَالٗا وَعَلَىٰ كُلِّ ضَامِرٖ يَأۡتِينَ مِن كُلِّ فَجٍّ عَمِيقٖ ٢٧

Возвести людям о хадже, и они будут прибывать к тебе пешком и на всех поджарых верблюдах с самых отдаленных дорог.

ඉදි කිරීමට අප නුඹට නියම කළ මෙම නිවස කරා වන්දනාවේ පැමිණෙන මෙන් නුඹ ජනයා අතර ඇරයුම් කරනු. ඔවුහු පා ගමනින් ද ගමනේදී දුෂ්කරතා උසුළන සැහැල්ලු ඔටුවන් මත ප්රවාහනිකවද පැමිණෙනු ඇත. සෑම දුර් මාර්ගයක සිටම ඔවුන් උසුලාගෙන එම ඔටුවන් ඒ වෙත පැමිණෙනු ඇත.

22:28Страница 335

لِّيَشۡهَدُواْ مَنَٰفِعَ لَهُمۡ وَيَذۡكُرُواْ ٱسۡمَ ٱللَّهِ فِيٓ أَيَّامٖ مَّعۡلُومَٰتٍ عَلَىٰ مَا رَزَقَهُم مِّنۢ بَهِيمَةِ ٱلۡأَنۡعَٰمِۖ فَكُلُواْ مِنۡهَا وَأَطۡعِمُواْ ٱلۡبَآئِسَ ٱلۡفَقِيرَ ٢٨

Пусть они засвидетельствуют то, что приносит им пользу, и поминают имя Аллаха в установленные дни над скотиной, которой Он наделил их. Ешьте от них и кормите неимущего страдальца!

පාපක්ෂමාව, තිළිණ හිමි කර ගැනීම, පිවිතුරු වදන ඒකීයකරණය හා වෙනත් ඔවුනට ඵල දෙන ප්රයෝජනය ලබනු පිණිසත්, නියමිත දිනයන්හි ඔවුන්ගේ සතුන් කැප කිරීමේදී අල්ලාහ්ගේ නාමය ඔවුන් මෙනෙහි කරනු පිණිසත්ය. එනම් දුල් හජ් මාසයේ දස වැනි දින හා ඉන් පසු පැමිණෙන දින තුනය. එය අල්ලාහ් වෙනුවෙන් ඔවුනට පිරිනැමූ ඔටුවන් ගවයන් හා එළුවන් සඳහා කෘතඥතාව පුද කිරීමක් වශයෙන්ය. එහෙයින් එම කැප කිරීමෙන් නුඹලා අනුභව කරනු. දරිද්රතාවෙන් පෙළෙන දිළිඳුන් හට එයින් ආහාර සපයනු.

22:29Страница 335

ثُمَّ لۡيَقۡضُواْ تَفَثَهُمۡ وَلۡيُوفُواْ نُذُورَهُمۡ وَلۡيَطَّوَّفُواْ بِٱلۡبَيۡتِ ٱلۡعَتِيقِ ٢٩

Затем пусть они завершат свои обряды, исполнят свои обеты и обойдут вокруг древнего Дома (Каабы).

පසු ව ඔවුන් මත ඉතිරි ව ඇති ඔවුන්ගේ හජ් පිළිවෙත් ඔවුන් ඉටු කරත්වා! ඉහ්රාම් ඇඳගත් හේතුවෙන් ඔවුන්ගේ හිස මුඩු කර ඔවුන්ගේ නියපොතු කපා, බැඳුණු කිලිටි ඉවත් කිරීමෙන් ඉහ්රාමයෙන් ලිහිල් වෙත්වා! ඔවුන් වෙත අනිවාර්යය කරනු ලැබූ හජ්, උම්රා හා සත්ව කැපය ඉටු කරත්වා! දරුණු පාළකයින්ගේ ආධිපත්යයේ ග්රහණයෙන් අල්ලාහ් මුදවාගත් එම නිවසෙහි ‘තවාෆුල් ඉෆාළා’ නම් හජ් වන්දනාවට අදාළ තවාෆය ඉටු කරත්වා!

22:30Страница 335

ذَٰلِكَۖ وَمَن يُعَظِّمۡ حُرُمَٰتِ ٱللَّهِ فَهُوَ خَيۡرٞ لَّهُۥ عِندَ رَبِّهِۦۗ وَأُحِلَّتۡ لَكُمُ ٱلۡأَنۡعَٰمُ إِلَّا مَا يُتۡلَىٰ عَلَيۡكُمۡۖ فَٱجۡتَنِبُواْ ٱلرِّجۡسَ مِنَ ٱلۡأَوۡثَٰنِ وَٱجۡتَنِبُواْ قَوۡلَ ٱلزُّورِ ٣٠

Вот так! Кто почитает святыни Аллаха, тот поступает во благо себе перед своим Господом. Вам дозволена скотина, кроме той, о которой вам читается. Избегайте же скверны идолов и избегайте лживых речей.

නුඹලාට අණ කරනු ලැබූ දෑ එනම්: හිස මුඩු කිරීම හා නියපොතු කැපීම අනුමත වීම, කිලිටි ඉවත් කිරීම, සත්ව කැපය ඉටු කිරීම, දේව නිවස තවාෆ් කිරීම යනාදිය නුඹලා වෙත අල්ලාහ් අනිවාර්යය කළ දෑය. එහෙයින් අල්ලාහ් නුඹලාට අනිවාර්යය කළ දෑට ගරුබුහුමන් කරනු. ඉහ්රාම් තත්ත්වයේ සිටියදී වැළකෙන මෙන් අල්ලාහ් නියෝග කළ දැයින් වැළකී අල්ලාහ්ගේ සීමාවන්ට ගරු කිරීමක් වශයෙන් ඒවාට වැටීමෙන් හා ඔහු තහනම් කළ දැය අනුමත කිරීමෙන් කවරෙකු වැළකී සිටින්නේ ද එය ඔහුට මෙලොව හා මතුලොව ඔහුගේ ශුද්ධවන්ත අල්ලාහ් අබියස උතුම් වන්නේය. අහෝ ජනයිනි! ඔටුවන් ගවයින් හා එළුවන් වැනි ගොවිපළ සතුන් නුඹලාට අනුමත විය. හාමී, බහිරා හා වසීලා යන පිළිම නුඹලා ගරු කිරීමට තබා නැත. අල් කුර්ආනයේ තහනම් කළ මළ දෑ, රුධිරය වැනි තහනම් දෑ හැර ඒවායින් තහනම් කර නැත. එහෙයින් කිලිටි පිළිමවලින් නුඹලා දුරස් වනු. අල්ලාහ් වෙත හා ඔහුගේ ස්වරූපය වෙත ගොතන ව්යාජ ප්රකාශයෙන් නුඹලා දුරස් වනු.

22:31Страница 336

حُنَفَآءَ لِلَّهِ غَيۡرَ مُشۡرِكِينَ بِهِۦۚ وَمَن يُشۡرِكۡ بِٱللَّهِ فَكَأَنَّمَا خَرَّ مِنَ ٱلسَّمَآءِ فَتَخۡطَفُهُ ٱلطَّيۡرُ أَوۡ تَهۡوِي بِهِ ٱلرِّيحُ فِي مَكَانٖ سَحِيقٖ ٣١

Оставайтесь ханифами и не приобщайте к Нему сотоварищей. А кто приобщает сотоварищей к Аллаху, тот словно падает с неба, и птицы подхватят его, или же ветер забросит его в далекое место.

නැමදුම් කිරීමෙහි අල්ලාහ්ට කිසිවක් ආදේශ නොකර, අල්ලාහ් අබියස පිළිගනු ලැබූ ඔහුගේ දහම හැර වෙනත් දහම්වලට නැඹුරුවීමෙන් වැළකෙනු. කවරෙකු අල්ලාහ්ට ආදේශ තබන්නේ ද ඔහු අහසින් වැටුණු වස්තුවක් මෙනි. එක්කො පක්ෂියා එහි මාංශ හෝ අස්ථි ඩැහැගෙන එසේ නැතහොත් සුළඟ එය රැගෙන දුර ස්ථානයක් වෙත යන්නාක් මෙනි.

22:32Страница 336

ذَٰلِكَۖ وَمَن يُعَظِّمۡ شَعَٰٓئِرَ ٱللَّهِ فَإِنَّهَا مِن تَقۡوَى ٱلۡقُلُوبِ ٣٢

Вот так! И если кто почитает обрядовые знамения Аллаха, то это исходит от богобоязненности в сердцах.

අල්ලාහ්ගේ ඒකීයත්වය, ඔහු වෙනුවෙන් විය යුතු අවංකභාවය, පිළිම වන්දනාවෙන් හා අවලාද නැගීමෙන් වැළකී සිටීම යනාදිය අල්ලාහ් අණ කළ කරුණු වේ. කවරෙකු දහමේ කටයුතුවටල ගරුබුහුමන් කරන්නේ ද - ඒ අතරින් සත්ව කැපය, හජ් හි පිළිවෙත් යනාදිය ඇතුළත් වේ.- සැබැවින්ම එසේ ගරුබුහුමන් කිරීම හදවත් තුළ ඒවායෙහි පරමාධිපති වෙනුවෙන් තිබෙන බැතිමත්භාවය හේතුවෙනි.

22:33Страница 336

لَكُمۡ فِيهَا مَنَٰفِعُ إِلَىٰٓ أَجَلٖ مُّسَمّٗى ثُمَّ مَحِلُّهَآ إِلَى ٱلۡبَيۡتِ ٱلۡعَتِيقِ ٣٣

Они (жертвенные животные) приносят вам пользу до определенного времени, а место их заклания - у древнего Дома (Каабы).

(හරම්) නිවස අසල නුඹලා කපා හරින සත්ව කැපය තුළ නුඹලාට ප්රයෝජන ඇත. මුරණ්ඩු පාලකයින්ගෙන් අල්ලාහ් නිදහස් කළ නිවසට සමීපයෙන් ඒවා කපා හරිනු ලබන නියමිත වේලාව දක්වාම ඒවා මත නැග ගමන් කිරීම, ලෝම, පැටවුන්, කිරි වැනි විවිධ ප්රයෝජන නුඹලාට ඇත.

22:34Страница 336

وَلِكُلِّ أُمَّةٖ جَعَلۡنَا مَنسَكٗا لِّيَذۡكُرُواْ ٱسۡمَ ٱللَّهِ عَلَىٰ مَا رَزَقَهُم مِّنۢ بَهِيمَةِ ٱلۡأَنۡعَٰمِۗ فَإِلَٰهُكُمۡ إِلَٰهٞ وَٰحِدٞ فَلَهُۥٓ أَسۡلِمُواْۗ وَبَشِّرِ ٱلۡمُخۡبِتِينَ ٣٤

Для каждой общины Мы установили места жертвоприношений (или религиозные обряды), чтобы они поминали имя Аллаха над скотиной, которой Он наделил их. Ваш Бог - Бог Единственный. Будьте же покорны Ему. А ты сообщи благую весть смиренным,

ඉකුත් වී ගිය සෑම සමූහයකටම අල්ලාහ් වෙනුවෙන් සත්ව කැපයක් පිළිගැන්වීමේ චාරිත්රයක් ඇති කළේය. එය කපා හරින අවස්ථාවේ ඔවුන් අල්ලාහ්ට සමීප වෙමින් ඔහුගේ නාමය මෙනෙහි කිරීමේ අපේක්ෂාවෙනි. එමෙන්ම ඔවුන් වෙත පිරිනැමූ ඔටුවන්, ගවයන් හා එළුවන් වෙනුවෙන් ඔවුන් අල්ලාහ්ට කෘතඥතාව පුද කිරීමක් වශයෙනි. අහෝ ජනයිනි! නුඹලා අතර සැබෑ ලෙස නැමදුමට ලක්වන්නා එකම දෙවියෙකි. ඔහුට කිසිදු හවුල්කරුවකු නැත. යටහත් වීමෙන් හා කීකරු වීමෙන් අවනත විය යුත්තේ ඔහුට පමණය. අහෝ දූතය! අවංක හා බියෙන් පසුවන අයට ඔවුන් සතුටු වන කරුණක් පිළිබඳ දන්වා සිටිනු.

22:35Страница 336

ٱلَّذِينَ إِذَا ذُكِرَ ٱللَّهُ وَجِلَتۡ قُلُوبُهُمۡ وَٱلصَّٰبِرِينَ عَلَىٰ مَآ أَصَابَهُمۡ وَٱلۡمُقِيمِي ٱلصَّلَوٰةِ وَمِمَّا رَزَقۡنَٰهُمۡ يُنفِقُونَ ٣٥

сердца которых при упоминании имени Аллаха переполняются страхом, которые терпеливы к тому, что их постигает, совершают намаз и расходуют из того, чем Мы их наделили.

ඔවුන් වනාහි, අල්ලාහ් ගැන මෙනෙහි කරනු ලබන විට ඔහුගේ දඬුවමට බිය වෙති. ඔහුගේ නියෝගයට විරුද්ධවීමෙන් දුරස් වෙති. ඔවුනට යම් පරීක්ෂණයක් අත් වූ විට ඉවසීමෙන් කටයුතු කරති. සලාතය පූර්ණ ලෙස ඉටු කරති. ඔවුනට අල්ලාහ් පෝෂණය කළ දැයින් යහපත් කටයුතුවල විදයම් කරති.

22:36Страница 336

وَٱلۡبُدۡنَ جَعَلۡنَٰهَا لَكُم مِّن شَعَٰٓئِرِ ٱللَّهِ لَكُمۡ فِيهَا خَيۡرٞۖ فَٱذۡكُرُواْ ٱسۡمَ ٱللَّهِ عَلَيۡهَا صَوَآفَّۖ فَإِذَا وَجَبَتۡ جُنُوبُهَا فَكُلُواْ مِنۡهَا وَأَطۡعِمُواْ ٱلۡقَانِعَ وَٱلۡمُعۡتَرَّۚ كَذَٰلِكَ سَخَّرۡنَٰهَا لَكُمۡ لَعَلَّكُمۡ تَشۡكُرُونَ ٣٦

Жертвенных верблюдов Мы сделали для вас обрядовыми знамениями Аллаха. Они приносят вам пользу. Произносите же над ними имя Аллаха, когда они стоят рядами. Когда же они падут на свои бока, то ешьте от них и кормите тех, кто довольствуется малым, и тех, кто просит от нищеты. Так Мы подчинили их (верблюдов) вам, - быть может, вы будете благодарны.

නිවස වෙත පුදනු ලබන ඔටුවන් හා ගවයින් වනාහි, අපි ඒවා නුඹලාට දහමේ සංඛේතයන් හා සළකුණු වශයෙන් ඇති කළෙමු. නුඹලාට එහි ආධ්යාත්මික මෙන්ම ලෞකික ප්රයෝජන ඇත. එහෙයින් ඒවා අවතැන් නොවන පරිදි ඒවායෙහි පාදවලින් එකක් ගැට ගසා සිටවමින් ඒවා පෙළට තබනු ලැබුවායින් පසු ඒවා කපන අවස්ථාවේ ‘බිස්මිල්ලාහ්’ යනුවෙන් පවසනු. ඒවා කපා හැරීමෙන් පසු පැත්තට ඇළ වී වැටුණු විට, අහෝ සත්ව කැපය පිරිනැමූවනි! එයින් නුඹලා අනුභව කරනු. ඉල්ලීමෙන් වැළකී සිටින දිළිඳුන්හටත් තමන්ට පිරිනමන මෙන් පෙන්වා දෙන දුප්පතුන්හටත් පිරිනමනු. නුඹලා ඒ මත වාඩි වී ප්රවාහනය කරනු පිණිස නුඹලාට ඒවා අපි වසඟ කර දුන්නාක් මෙන්ම මෙහිදී ද නුඹලාට වසඟ කර දී ඇත්තෙමු. එහෙයින් නුඹලා ඒවා කපා හරින පරිදි ඒවා නුඹලාට යටත් විය. එය අල්ලාහ්වෙනුවෙන් සමීප කරවන්නක් වශයෙනි. නුඹලාට ඒවා යටත් කර දීමේ ආශිර්වාදය සඳහා නුඹලා අල්ලාහ්ට කෘතඥවනු පිණිසය.

22:37Страница 336

لَن يَنَالَ ٱللَّهَ لُحُومُهَا وَلَا دِمَآؤُهَا وَلَٰكِن يَنَالُهُ ٱلتَّقۡوَىٰ مِنكُمۡۚ كَذَٰلِكَ سَخَّرَهَا لَكُمۡ لِتُكَبِّرُواْ ٱللَّهَ عَلَىٰ مَا هَدَىٰكُمۡۗ وَبَشِّرِ ٱلۡمُحۡسِنِينَ ٣٧

Ни мясо, ни кровь их не доходят до Аллаха. До Него доходит лишь ваша богобоязненность. Так Он подчинил их вам, чтобы вы возвеличивали Аллаха за то, что Он наставил вас на прямой путь. Обрадуй же благой вестью творящих добро.

අල්ලාහ් වෙත නුඹලා පිළිගන්වන සත්ව කැපයේ මාංශ හෝ උන්ගේ රුධිරය හෝ ඔහු වෙත ළඟා වන්නේ නැත. ඔහු වෙත ආරෝහණය වන්නේ ද නැත. නමුත් ඔහු වෙත ආරෝහණය වනුයේ එහිදී නුඹලා තුළ පවතින අල්ලාහ් පිළිබඳ වූ භක්තිමත් භාවයයි. එනම් එය ඔහු වෙත පිළිගැන්වීම වෙනුවෙන් නුඹලා කරන ක්රියාවන් ඔහුට පමණක් අවංක ලෙස පිළිගැන්වීමෙනි. එමෙන්ම සත්ය නුඹලාට ඔහු ආශිර්වාද කිරීම වෙනුවෙන් ඔහුට කෘත ගුණ සලකන්නන් ලෙස ඔහුට අල්ලාහු අක්බර් යැයි තක්බීර් නුඹලා පවසනු පිණිසත් නුඹලාට අල්ලාහ් ඒවා යටහත් කර දී ඇත. අහෝ දූතය! ඔවුන්ගේ පරමාධිපතිට නැමදුම් කිරීමෙහි හා ඔහුගේ මැවීම් සමග කටයුතු කිරීමෙහි දැහැමි ලෙස කටයුතු කරන්නන් හට ඔවුන් සතුටු වන දෑ ගැන දන්වා සිටිනු.

Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии

Содержание

Аят аль-Курси36Аль-Кахфстр. 42джуз 15Бухари 1Муслим 2999

Вид

Тема
Размер текста
Вид

Read in English