Аль-МухтасарАль‑Фуркан · 25:46–77

Аль-Мухтасар · Тафсир · на сингальском

Аль-Фуркан 25:46–77

25:46Страница 364

ثُمَّ قَبَضۡنَٰهُ إِلَيۡنَا قَبۡضٗا يَسِيرٗا ٤٦

и затем постепенно сжимаем ее к Себе.

පසු ව හිරු ඉහළට නැගීම අනුව වස්තුවෙන් වස්තුවට සුළු වශයෙන් පිය නංවමින් එම හෙවණ අපි හසු කළෙමු.

25:47Страница 364

وَهُوَ ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلَّيۡلَ لِبَاسٗا وَٱلنَّوۡمَ سُبَاتٗا وَجَعَلَ ٱلنَّهَارَ نُشُورٗا ٤٧

Он - Тот, Кто сделал для вас ночь покровом, сон - отдыхом, а день - оживлением.

නුඹලා ව ආවරණය කරන; වස්තූන් ආවරණය කරන වස්ත්රයක ස්ථානයේ රාත්රිය නුඹලාට පත් කළේ අල්ලාහ්ය. එමෙන්ම නුඹලාගේ කාර්යබහුලතාවෙන් නුඹලා විවේක ගන්නා පරිදි විවේකී අවස්ථාවක් ලෙස ඔහු නුඹලාට නින්ද ඇති කළේය. තවද නුඹලාගේ කටයුතු සඳහා නුඹලා ගමන් කරන වේලාවක් බවට දහවල් කාලය ඔහු නුඹලාට ඇති කළේය.

25:48Страница 364

وَهُوَ ٱلَّذِيٓ أَرۡسَلَ ٱلرِّيَٰحَ بُشۡرَۢا بَيۡنَ يَدَيۡ رَحۡمَتِهِۦۚ وَأَنزَلۡنَا مِنَ ٱلسَّمَآءِ مَآءٗ طَهُورٗا ٤٨

Он - Тот, Кто посылает ветры с доброй вестью о Своей милости. Мы ниспосылаем с неба чистую и очищающую воду,

තවද ඔහු වනාහි, තම ගැත්තන්හට ඔහුගෙන් වූ ආශිර්වාදයක් වශයෙන් වර්ෂාව පහළ කිරීම ගැන සුබාරංචි දන්වන්නක් ලෙස සුළඟ පහළ කළේය. වැසි ජලය මගින් ඔවුන් පිරිසිදු වීම සඳහා එය පිරිසිදු ලෙස අහසින් අපි පහළ කළෙමු.

25:49Страница 364

لِّنُحۡـِۧيَ بِهِۦ بَلۡدَةٗ مَّيۡتٗا وَنُسۡقِيَهُۥ مِمَّا خَلَقۡنَآ أَنۡعَٰمٗا وَأَنَاسِيَّ كَثِيرٗا ٤٩

чтобы оживить ею мертвую землю и напоить ею многочисленный скот и многих людей из тех, кого Мы сотворили.

පැළෑටි රහිත වූ වැහිරී ගිය භූමිය පහළ වන එම ජලය මගින් විවිධ පැළෑටි හට ගන්වා එහි සාරවත් බව විහිඳුවා අපි එය ජීවමාන කරනු පිණිස හා අප මැවූ ගොවිපළ සතුන් හා මිනිසුනට අධික වශයෙන් ජලය සපයනු පිණිසය.

25:50Страница 364

وَلَقَدۡ صَرَّفۡنَٰهُ بَيۡنَهُمۡ لِيَذَّكَّرُواْ فَأَبَىٰٓ أَكۡثَرُ ٱلنَّاسِ إِلَّا كُفُورٗا ٥٠

Мы распределяем ее (дождевую воду) между ними, чтобы они помянули назидание, но большинство людей отказываются от всего, кроме неверия (или неблагодарности).

අල් කුර්ආනයේ ඇති සාක්ෂි හා සාධක තුළින් ඔවුන් පාඩම් ලබනු පිණිස අපි ඒවා පැහැදිලි කළෙමු. විවිධත්වයට පත් කළෙමු. සත්යය ප්රතික්ෂේප කිරීමෙන් හා එය හෙළා දකිමින් මිස මිනිසුන් බහුතරයක් දෙනා එය පිළිගැනීමට පිටුපෑවෝය.

25:51Страница 364

وَلَوۡ شِئۡنَا لَبَعَثۡنَا فِي كُلِّ قَرۡيَةٖ نَّذِيرٗا ٥١

Если бы Мы пожелали, то послали бы в каждое селение предостерегающего увещевателя.

අප අභිමත කළේ නම් සෑම ගම්මානයක් වෙතම අල්ලාහ්ගේ දඬුවම ගැන ඔවුනට අවවාද කරන, ඔවුන් බිය ගන්වන දූතයකු අප එවන්නට තිබුණි. නමුත් අපි එය අභිමත නොකළෙමු. සැබවින්ම අපි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ව මුළු මිනිස් සංහතියටම දූතයකු ලෙස එව්වෙමු.

25:52Страница 364

فَلَا تُطِعِ ٱلۡكَٰفِرِينَ وَجَٰهِدۡهُم بِهِۦ جِهَادٗا كَبِيرٗا ٥٢

Посему не повинуйся неверующим и веди с ними посредством него (Корана) великую борьбу.

විනාශ කරන මෙන් කවර කරුණක් දේව ප්රතික්ෂේපකයින් නුඹගෙන් ඉල්ලා සිටින්නේ ද එමෙන්ම කවර යෝජනාවක් ඔවුන් විසින් ඉදිරිපත් කරන්නේ ද ඒ සම්බන්ධයෙන් නුඹලා ඔවුනට අවනත නොවනු. ඔවුන්ගේ හිංසාවන් මත හා අල්ලාහ් වෙත ඔවුන් ඇරයුම් කිරීමෙහි දරන දුෂ්කරතා මත ඉවසීමෙන් යුතු ව, නුඹලා වෙත පහළ කරනු ලැබූ අල් කුර්ආනය තුළින් ඉමහත් සේ කැප වී කටයුතු කරනු.

25:53Страница 364

۞ وَهُوَ ٱلَّذِي مَرَجَ ٱلۡبَحۡرَيۡنِ هَٰذَا عَذۡبٞ فُرَاتٞ وَهَٰذَا مِلۡحٌ أُجَاجٞ وَجَعَلَ بَيۡنَهُمَا بَرۡزَخٗا وَحِجۡرٗا مَّحۡجُورٗا ٥٣

Он - Тот, Кто смешал два моря (вида воды): одно - приятное, пресное, а другое - соленое, горькое. Он установил между ними преграду и непреодолимое препятствие.

සුවිශුද්ධයාණන් වන අල්ලාහ් සාගර දෙකෙහි ජලය එකිනෙක ගැටෙන්නට සලස්වන්නාය. ඒ දෙකෙහි කරදිය ජලය මිරිදිය ජලය සමග මුසු කළේය. ඒ දෙක අතර එකිනෙක මිශ්රවීමෙන් වළක්වන බාධකයක් හා ආවරණයක් බවට තිරයක් ඇති කළේය.

25:54Страница 364

وَهُوَ ٱلَّذِي خَلَقَ مِنَ ٱلۡمَآءِ بَشَرٗا فَجَعَلَهُۥ نَسَبٗا وَصِهۡرٗاۗ وَكَانَ رَبُّكَ قَدِيرٗا ٥٤

Он - Тот, Кто сотворил человека из воды и одарил его родственниками и свойственниками. Господь твой - Всемогущий.

පිරිමියාගේ ශුක්රාණුව හා කාන්තාවගේ බීජය තුළින් ඔහු මිනිසා මැව්වේය. මිනිසා මැවූ ඔහු ඥාතී සම්බන්ධකම් හා පරම්පරානුගත සම්බන්ධකම් ඇති කළේය. අහෝ දූතය! ඔබේ පරමාධිපති කිසිවෙකු විසින් පරාජය කළ නොහැකි බලවත් අයෙකි. ඔහුගේ බලමහිමයෙන් පිරිමියා හා කාන්තාවගේ ශුක්රාණුවෙන් ඔහු මිනිසා ව මැව්වේය.

25:55Страница 364

وَيَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَا يَنفَعُهُمۡ وَلَا يَضُرُّهُمۡۗ وَكَانَ ٱلۡكَافِرُ عَلَىٰ رَبِّهِۦ ظَهِيرٗا ٥٥

Они поклоняются помимо Аллаха тому, что не может ни принести им пользу, ни причинить им вред. Неверующий является помощником против своего Господа.

දේව ප්රතික්ෂේපකයෝ අල්ලාහ් හැර දමා ඔවුන් ඒවාට අවනත වූයේ නම්, ඒවා ඔවුනට සෙත නොසලසන, ඒවාට පිටුපෑවේ නම් ඔවුනට හිංසාවක් නොකරන පිළිම වලට වන්දනාමාන කරති. දේව ප්රතික්ෂේපකයා අල්ලාහ් ව කෝපයට පත් කර වන ෂෙයිතාන් අනුගමනය කරන්නෙකු විය.

25:56Страница 365

وَمَآ أَرۡسَلۡنَٰكَ إِلَّا مُبَشِّرٗا وَنَذِيرٗا ٥٦

Мы отправили тебя всего лишь добрым вестником и предостерегающим увещевателем.

අහෝ දූතය! කවරෙකු දේව විශ්වාසය හා දැහැමි ක්රියාවන් තුළින් අල්ලාහ්ට අවනත වන්නේද එවැන්නන්හට ශුභාරංචි දන්වන්නෙකු වශයෙන් හා කවරෙකු දේව ප්රතික්ෂේපය හා පිටුපෑම තුළින් පිටු දකින්නේ ද එවැන්නන්හට අවවාද කරන්නෙකු වශයෙන් මිස අපි නුඹ ව නොඑව්වෙමු.

25:57Страница 365

قُلۡ مَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ مِنۡ أَجۡرٍ إِلَّا مَن شَآءَ أَن يَتَّخِذَ إِلَىٰ رَبِّهِۦ سَبِيلٗا ٥٧

Скажи: «Я не прошу у вас за это никакого вознаграждения, кроме того, чтобы желающие встали на путь к своему Господу».

"අහෝ දූතය! වියදම් කිරීමෙන් අල්ලාහ්ගේ තෘප්තිය වෙත වූ මාර්ගය තෝරා ගැනීමට නුඹලා අතරින් කවරෙකු අභිමත කරන්නේ ද එවැන්නෙකුගෙන් හැර දේව පණිවිඩය ප්රචාරය කිරීම සඳහා මම නුඹලාගෙන් කිසිදු කුලියක් නොඉල්ලමි. එහෙයින් එසේ කටයුතු කරත්වා!" යැයි පවසනු.

25:58Страница 365

وَتَوَكَّلۡ عَلَى ٱلۡحَيِّ ٱلَّذِي لَا يَمُوتُ وَسَبِّحۡ بِحَمۡدِهِۦۚ وَكَفَىٰ بِهِۦ بِذُنُوبِ عِبَادِهِۦ خَبِيرًا ٥٨

Уповай на Живого, Который не умирает, и прославляй Его хвалой. Довольно того, что Он ведает о грехах Своих рабов.

අහෝ දූතය! නුඹේ සියලු කටයුතු වලදී අමරණීය සදා පැවැත්ම ඇති, ජීවමාන අල්ලාහ් මත භාර කරනු. සුවිශුද්ධයාණන් පැසසුම් කරමින් ඔහු ප්රශංසාවට ලක් කරනු. තම ගැත්තන්ගේ පාපයක ගැන තොරතුරු දැන ගන්නෙකු වශයෙන් ඔහු ප්රමාණවත්ය. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත.

25:59Страница 365

ٱلَّذِي خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَمَا بَيۡنَهُمَا فِي سِتَّةِ أَيَّامٖ ثُمَّ ٱسۡتَوَىٰ عَلَى ٱلۡعَرۡشِۖ ٱلرَّحۡمَٰنُ فَسۡـَٔلۡ بِهِۦ خَبِيرٗا ٥٩

Он сотворил небеса и землю и то, что между ними, за шесть дней, а потом вознесся на Трон (или утвердился на Троне). Он - Милостивый. Спрашивай об этом Ведающего.

ඔහු වනාහි, දින හයක් තුළ අහස් ද මහ පොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද මැව්වේය. පසු ව ඔහු ඉහළට නැග ඔහුගේ කීර්තියට ගැළපෙන පරිදි අර්ෂ් හි ඉහළින් ස්ථාපිත විය. ඔහු මහා කාරුණිකය. එහෙයින් අහෝ දූතය! ඒ පිළිබඳ තොරතුරු දන්නාගෙන් විමසා සිටිනු. ඔහු සියලු දෑ දන්නා අල්ලාහ්ය. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත.

25:60Страница 365

وَإِذَا قِيلَ لَهُمُ ٱسۡجُدُواْۤ لِلرَّحۡمَٰنِ قَالُواْ وَمَا ٱلرَّحۡمَٰنُ أَنَسۡجُدُ لِمَا تَأۡمُرُنَا وَزَادَهُمۡ نُفُورٗا۩ ٦٠

Когда им говорят: «Падайте ниц перед Милостивым!». - они говорят: «Что такое Милостивый? Неужели мы будем падать ниц перед тем, кому ты нам приказываешь?». Это приумножает их отвращение.

"මහා කරුණාන්විතයාණන්ට සුජූද් කරනු" යැයි දේවත්වය ප්රතික්ෂේප කරන්නන් හට කියනු ලැබූ විට, ඔවුහු "අපි මහා කරුණාන්විතයාණන්ට සුජූද් නොකරමු. මහා කරුණාන්විතයාණන් කවුරුන්ද? අපි ඔහු නොහඳුනමු. අපි ඔහු ව නොපිළිගන්නෙමු. ඔහුට සුජූද් කරන මෙන් නුඹ නියෝග කරන දෑ පිළිබඳ නොහඳුනන තත්ත්වයේ අප සුජූද් කළ යුතුදැ?"යි ඔවුහු විමසා සිටිති. ඔහුට සුජූද් කරන මෙන් ඔවුනට ඔහු කළ නියෝගය ඔහු ව විශ්වාස කිරීමෙන් ඔවුන් දුරස් කළාක් මිස වෙනත් කිසිවක් වර්ධනය කළේ නැත.

25:61Страница 365

تَبَارَكَ ٱلَّذِي جَعَلَ فِي ٱلسَّمَآءِ بُرُوجٗا وَجَعَلَ فِيهَا سِرَٰجٗا وَقَمَرٗا مُّنِيرٗا ٦١

Благословен Тот, Кто установил на небе созвездия Зодиака и установил на нем светильник и освещающую луну.

ග්රහයන් හා තාරකා ගමනය සඳහා අහසේ ස්ථානයන් ස්ථාපිත කළ අල්ලාහ් උත්කෘෂ්ඨ විය. ඔහු ආලෝකය විහිඳුවන සූර්යයා අහසෙහි ඇති කළේය. එමෙන්ම එයට පටහැණිව හිරු ආලෝකයෙන් ආලෝකය ලබා භූමියට අලෝකය ලබා දෙන සඳු ද ඔහු එහි ඇති කළේය.

25:62Страница 365

وَهُوَ ٱلَّذِي جَعَلَ ٱلَّيۡلَ وَٱلنَّهَارَ خِلۡفَةٗ لِّمَنۡ أَرَادَ أَن يَذَّكَّرَ أَوۡ أَرَادَ شُكُورٗا ٦٢

Он - Тот, Кто чередует ночь и день для тех, кто желает помнить и благодарить.

අල්ලාහ්ගේ සංඥාවන් තුළින් උපදෙස් ලබා යහ මග ලබන්නට අපේක්ෂා කරන්නන්හට හෝ අල්ලාහ්ගේ ආශිර්වාද වලට කෘතවේදී වන්නට අපේක්ෂා කරන්නන්හට එකක් අනෙක පසුපස හඹා යන මාරුවෙන් මාරුව ගමන් කරන රාත්රිය හා දහවල පිළිවෙලින් ඇති කළේ අල්ලාහ්ය.

25:63Страница 365

وَعِبَادُ ٱلرَّحۡمَٰنِ ٱلَّذِينَ يَمۡشُونَ عَلَى ٱلۡأَرۡضِ هَوۡنٗا وَإِذَا خَاطَبَهُمُ ٱلۡجَٰهِلُونَ قَالُواْ سَلَٰمٗا ٦٣

А рабами Милостивого являются те, которые ступают по земле смиренно, а когда невежды обращаются к ним, они говорят: «Мир!»

මහා කරුණාන්විතයාණන්ගේ විශ්වාසී ගැත්තන්, මහ පොළොව මත ඉතා යටහත් පහත් ව, අභිමානයෙන් යුතු ව ගමන් කරති. අඥානයින් ඔවුන් සමග කතා කරන විට ඔවුන් හා සමානව ඔවුනට මුහුණ නොදෙති. ඒ වෙනුවට ඔවුන් වෙත අඥානභාවයෙන් තොර ව ඉතා යහපත් ලෙස ඔවුනට කතා කරති.

25:64Страница 365

وَٱلَّذِينَ يَبِيتُونَ لِرَبِّهِمۡ سُجَّدٗا وَقِيَٰمٗا ٦٤

Они проводят ночи, падая ниц и стоя перед своим Господом.

ඔවුන් වනාහි, ඔවුන්ගේ පරමාධිපති වෙනුවෙන් ඔවුන්ගේ නළල් මත සුජූද් කරමින් හා ඔවුන්ගේ පාද මත සිට ගනිමින් අල්ලාහ්ට නැමදුම් කරමින් රාත්රිය ගත කරන්නෝ වෙති.

25:65Страница 365

وَٱلَّذِينَ يَقُولُونَ رَبَّنَا ٱصۡرِفۡ عَنَّا عَذَابَ جَهَنَّمَۖ إِنَّ عَذَابَهَا كَانَ غَرَامًا ٦٥

Они говорят: «Господь наш! Отврати от нас мучения в Геенне, поскольку мучения там не отступают.

තවද ඔවුන් වනාහි ඔවුන්ගේ පරමාධිපතිට ඔවුන් කරන ප්රාර්ථනාවෙහි, "අපගේ පරමාධිපතියාණනි! අප ව නිරයේ දඬුවමින් දුරස් කරනු මැනව! සැබවින්ම නිරයේ දඬුවම දේව ප්රතික්ෂේපකයකු ලෙස මිය යන්නාට අනිවාර්යය මෙන්ම සදා පවතින්නක් විය" යැයි පවසන්නෝ වෙති.

25:66Страница 365

إِنَّهَا سَآءَتۡ مُسۡتَقَرّٗا وَمُقَامٗا ٦٦

Как скверны эта обитель и местопребывание!».

සැබවින්ම එය එහි රැඳෙන්නන්හට නපුරු වාසස්ථානයක් විය. එමෙන්ම එහි පදිංචි වන්නන්හට නපුරු නවාතැනක් විය.

25:67Страница 365

وَٱلَّذِينَ إِذَآ أَنفَقُواْ لَمۡ يُسۡرِفُواْ وَلَمۡ يَقۡتُرُواْ وَكَانَ بَيۡنَ ذَٰلِكَ قَوَامٗا ٦٧

Когда они делают пожертвования, то не излишествуют и не скупятся, а придерживаются середины между этими крайностями.

තවද ඔවුන් වනාහි ඔවුන්ගේ ධනය ඔවුන් වියදම් කරන විට ඔවුන්ගේ එම වියදම අපතේ යන තරමට නාස්ති නොකරති. ඔවුන් මෙන්ම (විය පැහැදම් කිරීම සඳහා) ඔවුන් වෙත පැවරුණු අනිවාර්යයන් හට වියදම් කිරීමෙහි ඔවුහු නාස්ති නොකරති. ඔවුන්ගේ වියදමෙහි නාස්ති කිරීම හා මසුරු වීම යන කරුණු දෙක අතරින් ඔවුන් මධ්යස්ථ සාධාරණ පිළිවෙතක් අනුගමනය කරති.

25:68Страница 366

وَٱلَّذِينَ لَا يَدۡعُونَ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ وَلَا يَقۡتُلُونَ ٱلنَّفۡسَ ٱلَّتِي حَرَّمَ ٱللَّهُ إِلَّا بِٱلۡحَقِّ وَلَا يَزۡنُونَۚ وَمَن يَفۡعَلۡ ذَٰلِكَ يَلۡقَ أَثَامٗا ٦٨

Они не взывают помимо Аллаха к другим богам, не убивают людей вопреки запрету Аллаха, если только они не имеют права на это, и не прелюбодействуют. А тот, кто поступает так, получит наказание.

තවද ඔවුන් වනාහි, සුවිශුද්ධ අල්ලාහ් සමග නැමදුම් ලබන වෙනත් කෙනෙකු ඇරයුම් නොකරති. ඝාතකයාට, දහම අතහැර දැමූ දහම් විරෝධියෙකුට හා දුරාචාරයෙහි නිරත වූ විවාහකයාට මරණ දඬුවම දියත් කිරීම සඳහා අල්ලාහ් අවසර දුන් මරණ දඬුවමක් හේතුවෙන් මිස අල්ලාහ් තහනම් කළ ජීවිතයක් නොනසති. දුරාචාරයෙහි නොයෙදෙති. කවරෙකු මෙම මහා පාපකම් සිදු කරන්නේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් සිදු කළ පාපය සඳහා දඬුවමට සුදුස්සන් වනු ඇත.

25:69Страница 366

يُضَٰعَفۡ لَهُ ٱلۡعَذَابُ يَوۡمَ ٱلۡقِيَٰمَةِ وَيَخۡلُدۡ فِيهِۦ مُهَانًا ٦٩

Его мучения будут приумножены в День воскресения, и он навечно останется в них униженным.

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දඬුවම ඔහුට ගුණ කර දෙනු ලැබේ. ඔහු දඬුවමෙහි නීච අවමානයට පත් වූ අයකු ලෙස සදා කල්ගත කරනු ඇත.

25:70Страница 366

إِلَّا مَن تَابَ وَءَامَنَ وَعَمِلَ عَمَلٗا صَٰلِحٗا فَأُوْلَٰٓئِكَ يُبَدِّلُ ٱللَّهُ سَيِّـَٔاتِهِمۡ حَسَنَٰتٖۗ وَكَانَ ٱللَّهُ غَفُورٗا رَّحِيمٗا ٧٠

Это не относится к тем, которые раскаялись, уверовали и поступали праведно. Их злые деяния Аллах заменит добрыми, ибо Аллах - Прощающий, Милосердный.

නමුත් කවරෙකු පසුතැවිලි වී, අල්ලාහ් වෙත විශ්වාස කොට, දැහැමි ක්රියාවන් සිදු කළේ ද ඔහුගේ පශ්චාත්තාය සත්ය බව එය පෙන්වා දෙනු ඇත. තම නපුරු ක්රියාවන් කුසල් බවට අල්ලාහ් පරිවර්තනය කර දෙනු ලබන්නෝ ඔවුහු වෙති. ඔහුගේ ගැත්තන් අතරින් කවරෙකු තම පාපකම් වෙනුවෙන් පාප ක්ෂමාව ඇයද සිටින්නේ ද ඔවුන් කෙරෙහි අල්ලාහ් අති ක්ෂමාශීලීය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය.

25:71Страница 366

وَمَن تَابَ وَعَمِلَ صَٰلِحٗا فَإِنَّهُۥ يَتُوبُ إِلَى ٱللَّهِ مَتَابٗا ٧١

Кто раскаивается и поступает праведно, тот действительно возвращается к Аллаху.

කවරෙකු අල්ලාහ් වෙත පාප ක්ෂමාවෙහි නිරත වී පසු ව අවනත ක්රියාවන් ඉටු කරමින් හා පාපකම් අතහැර දමමින් ඔහුගේ පශ්චාත්තාපය ඔහු සහතික කළේ ද සැබවින්ම ඔහුගේ පාප ක්ෂමාව පිළිගනු ලබන්නක් වනු ඇත.

25:72Страница 366

وَٱلَّذِينَ لَا يَشۡهَدُونَ ٱلزُّورَ وَإِذَا مَرُّواْ بِٱللَّغۡوِ مَرُّواْ كِرَامٗا ٧٢

Они не свидетельствуют лживо (или не присутствуют при лживых разговорах), а когда проходят мимо праздного, то проходят с достоинством.

තවද ඔවුන් වනාහි, පාපකම් සිදු වන ස්ථාන, තහනම් කරන ලද විනෝද සැණකිළි වලට සහභාගී නොවෙති. පුහු වදන් හා ප්රකාශ ඇති වන ස්ථාන අසලින් ඔවුන් ගමන් ගත් විට එය තරණය කරමින් ගමන් කරති.

25:73Страница 366

وَٱلَّذِينَ إِذَا ذُكِّرُواْ بِـَٔايَٰتِ رَبِّهِمۡ لَمۡ يَخِرُّواْ عَلَيۡهَا صُمّٗا وَعُمۡيَانٗا ٧٣

Когда им напоминают о знамениях их Господа, они не падают на них глухими и слепыми.

එමෙන්ම අල්ලාහ්ගේ පාඨ සවන් දෙන්නට සැලැස්වීමෙන් හා දකින්නට සැලස්වීමෙන් මෙනෙහි කරනු ලැබූ විට ඔවුන් සවන් දෙනු ලබන පාඨ වෙත සවන් දෙන විට ඔවුන්ගේ කන් බිහිරි බවින් සවන් නොදෙති. එමෙන්ම දකින්නට සලස්වන ලැබූ පාඨ දෙස බලන විට අන්ධ ලෙස නොබලති.

25:74Страница 366

وَٱلَّذِينَ يَقُولُونَ رَبَّنَا هَبۡ لَنَا مِنۡ أَزۡوَٰجِنَا وَذُرِّيَّٰتِنَا قُرَّةَ أَعۡيُنٖ وَٱجۡعَلۡنَا لِلۡمُتَّقِينَ إِمَامًا ٧٤

Они говорят: «Господь наш! Даруй нам отраду глаз в наших супругах и потомках и сделай нас образцом для богобоязненных».

ඔවුන්ගේ ප්රාර්ථනාවෙහි ඔවුන්ගේ පරමාධිපතිට “අපගේ පරමාධිපතියාණනි! අපගේ බිරියන් හා දරුවන් අතරින් භක්තිමත්භාවය හා සත්ය මත පිහිටීමෙන් අපගේ නෙත් පිනවන අයවලුන් අපට පත් කර දෙනු මැනව! අප පිළිපදිනු ලබන බැතිමතුන් සත්යය තුළ මෙහෙයවන නායකයින් බවට අප පත් කරනු මැනව!

25:75Страница 366

أُوْلَٰٓئِكَ يُجۡزَوۡنَ ٱلۡغُرۡفَةَ بِمَا صَبَرُواْ وَيُلَقَّوۡنَ فِيهَا تَحِيَّةٗ وَسَلَٰمًا ٧٥

Они получат Наивысшее место в воздаяние за то, что были терпеливы, и их встретят там приветствием и миром.

මෙම ගුණාංග වලින් වර්ණනා කරනු ලැබුවෝ, ඔවුන් අල්ලාහ්ට අවනත වීමෙහි ඉවසීමෙන් කටයුතු කළ හේතුවෙන්, ස්වර්ගයේ උසස් ෆිර්දවුස් හි උසස් කුටි ඔවුනට පිරිනමනු ලැබේ. එහි ඔවුන් මලක්වරුන් විසින් සුබ පතා සලාම් පවසා පිළිගනු ලබති. සියලු උවදුරු වලින් නිදහස් ව සාමයෙන් එහි සිටිති.

25:76Страница 366

خَٰلِدِينَ فِيهَاۚ حَسُنَتۡ مُسۡتَقَرّٗا وَمُقَامٗا ٧٦

Они пребудут там вечно. Как прекрасна эта обитель и местопребывание!

ඔවුහු එහි සදා රැඳී සිටිති. ඔවුන් වාසය කරන වාසස්ථානය මෙන්ම එහි ඔවුන් නවාතැන් ගන්නා නවාතැන යහපත් විය.

25:77Страница 366

قُلۡ مَا يَعۡبَؤُاْ بِكُمۡ رَبِّي لَوۡلَا دُعَآؤُكُمۡۖ فَقَدۡ كَذَّبۡتُمۡ فَسَوۡفَ يَكُونُ لِزَامَۢا ٧٧

Скажи: «Мой Господь не стал бы обращать на вас внимание, если бы не ваши молитвы. Вы сочли это ложью, и скоро оно (наказание) станет неотступным».

අහෝ දූතය! ඔවුන්ගේ දේව ප්රතික්ෂේපය මත ගැලී සිටින දේව ප්රතික්ෂේපකයින්ට නුඹ මෙසේ පවසනු. "මාගේ පරමාධිපති නුඹලා ගැන සැලකිලිමත් වනුයේ නුඹලා අවනත වෙමින් ඔහු වෙත ප්රයෝජනවත් ආකාරයෙන් යොමු වීමෙනි. සැබවින්ම ඔහුට නැමදුම් කරමින් ප්රාර්ථනා කරන කණ්ණලව් කරමින් ප්රාර්ථනා කරන ගැත්තන් නොවී නම් නුඹලා ගැන නොසලකා හරින්නට තිබුණි. නමුත් නුඹලාගේ පරමාධිපතිගෙන් දූතයාණන් නුඹලා වෙත ගෙන ආ දෑ නුඹලා බොරු කළෙහුය. එසේ බොරු කරමින් සිටීම සඳහා වූ ප්රතිවිපාකය නුඹලාට අනිවාර්යෙන් මතු හිමි වනු ඇත.

Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии

Содержание

Аят аль-Курси36Аль-Кахфстр. 42джуз 15Бухари 1Муслим 2999

Вид

Тема
Размер текста
Вид

Read in English