Аль-Мухтасар · Тафсир · на сингальском
Аш-Шуара 26:67–138
26:67Страница 370
إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ ٦٧
Воистину, в этом - знамение, но большинство их не стали верующими.
සැබවින්ම මූසා වෙනුවෙන් මුහුද පැළී වෙන්වීම, ඔහු ව මුදවා, ෆිර්අවුන් හා ඔහුගේ සේනාව විනාශ කිරීම යනාදියෙහි මූසාගේ සත්යභාවය ඔප්පු කරන සාධකයක් විය. ෆිර්අවුන් සමග සිටි බහුතරයක් දෙනා විශ්වාසීන් නොවූහ.
26:68Страница 370
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ ٦٨
Воистину, твой Господь - Могущественный, Милосердный.
අහෝ දූතය! සැබවින් ඔබේ පරමාධිපති වනාහි, ඔහුමය තම සතුරන්ට ප්රතිචාර දක්වන සර්ව බලධාරියාණන්. ඔවුන් අතරින් කවරෙකු පාප ක්ෂමා ඇයද සිටින්නේ ද ඔහු ඔවුනට මහා කරුණාන්විතය.
එමෙන්ම අහෝ දූතය! ඉබ්රාහීම්ගේ කතා වස්තුව ද නුඹ ඔවුනට කියවා පෙන්වනු.
26:70Страница 370
إِذۡ قَالَ لِأَبِيهِ وَقَوۡمِهِۦ مَا تَعۡبُدُونَ ٧٠
Вот он сказал своему отцу и своему народу: «Чему вы поклоняетесь?».
ඔහු තම පියාණන් ආසර්ට හා ඔහුගේ ජනයාට, "අල්ලාහ් හැර නුඹලා නමදිමින් සිටිනුයේ කුමක් දැ?"යි විමසා සිටි අවස්ථාවේ.
26:71Страница 370
قَالُواْ نَعۡبُدُ أَصۡنَامٗا فَنَظَلُّ لَهَا عَٰكِفِينَ ٧١
Они сказали: «Мы поклоняемся идолам и постоянно предаемся им».
ඔහුගේ ජනයා ඔහුට පිළිතුරු දෙමින්, "අපි පිළිම වලට නමදිමු. ඒවාට බැඳී ඒවා නැමදීමෙහි අපි නිරත ව සිටින්නෙමු." යැයි පැවසුහ.
26:72Страница 370
قَالَ هَلۡ يَسۡمَعُونَكُمۡ إِذۡ تَدۡعُونَ ٧٢
Он сказал: «Слышат ли они, когда вы взываете к ним?
ඉබ්රාහීම් ඔවුනට, "නුඹලා එම පිළිම වලට ඇරයුම් කරන විටදී නුඹලාගේ ප්රාර්ථනාවන්ට ඒවා සවන් දෙන්නේ ද?" යැයි ඇසීය.
26:73Страница 370
أَوۡ يَنفَعُونَكُمۡ أَوۡ يَضُرُّونَ ٧٣
Помогают ли они вам? И причиняют ли они вред?».
"එසේ නැතහොත් නුඹලා ඒවාට අවනත වූයේ නම් ඒවා නුඹලාට සෙත සලසනු ඇත් ද? එසේත් නැතහොත් නුඹලා ඒවාට පිටුපෑවෙහු නම් නුඹලාට හානියක් කරනු ඇත් දැ?" යි ද තවදුරටත් ඔහු විමසීය.
26:74Страница 370
قَالُواْ بَلۡ وَجَدۡنَآ ءَابَآءَنَا كَذَٰلِكَ يَفۡعَلُونَ ٧٤
Они сказали: «Но мы видели, что наши отцы поступали таким образом».
"අපි ඒවාට ඇරයුම් කරන විට ඒවා අපට සවන් දෙන්නේ නැත. අපි ඒවාට අවනත වූ විට ඒවා අපට සෙත සලසන්නේ ද නැත. අපි ඔවුනට පිටු පෑ විට ඒවා අපට හිංසාවක් කරන්නේ ද නැත. නමුත් සිදු ව ඇත්තේ සැබවින්ම අපගේ මුතුන් මිත්තන් එසේ සිදුකරමින් සිටිනු අප දැක තිබීමය. එහෙයින් අපි ඔවුන් ව පිළිපදින්නෙමු." යැයි ජනයා කීහ.
26:75Страница 370
قَالَ أَفَرَءَيۡتُم مَّا كُنتُمۡ تَعۡبُدُونَ ٧٥
Он сказал: «Видели ли вы, чему поклоняетесь
ඉබ්රාහීම්, "අල්ලාහ් හැර දමා නුඹලා නමදිමින් සිටින එම පිළිම දෙස නුඹලා බැලුවෙහු දැ’යි විමසා සිටියේය.
නූඹලාගේ මුල් මුතුන් මිත්තන් නමදිමින් සිටි දෑ ගැන.
26:77Страница 370
فَإِنَّهُمۡ عَدُوّٞ لِّيٓ إِلَّا رَبَّ ٱلۡعَٰلَمِينَ ٧٧
Все они - враги мои, кроме Господа миров,
එහෙයින් ඔවුන් සියලු දෙනාම මාගේ සතුරෝ වෙති. ඊට හේතුව සියලු මැවීම්හි පරමාධිපති අල්ලාහ් හැර සෙසු අය ව්යජ වන බැවිණි.
ඔහු වනාහි ඔහු මා මැව්වේය. මෙලොව හා මතු ලොව යහපත වෙත ඔහු මට මග පෙන්වනු ඇත.
මට කුසගිනි ඇති වූ විට මට ආහාර සපයන්නේ ද මම පිපාසිත ව සිටින විට මට ජලය සපයන්නේ ද ඔහු පමණය.
මා රෝගාතුර වූ විට එම රොගයෙන් මට සුවය ලබා දෙන්නේ ද ඔහුමය. ඔහු හැර වෙනත් කිසිදු සුවපත් කරන්නෙකු මට නැත.
මාගේ ආයු කාලය අවසන් වූ විට මා මරණයට පත් කරන්නේ ද ඔහුමය. එමෙන්ම මා මිය ගිය පසු ව මට යළි ජීවය ලබා දෙන්නේ ද ඔහුමය.
26:82Страница 370
وَٱلَّذِيٓ أَطۡمَعُ أَن يَغۡفِرَ لِي خَطِيٓـَٔتِي يَوۡمَ ٱلدِّينِ ٨٢
Который, я надеюсь, простит мой грех в День воздаяния.
"එමෙන්ම ප්රතිඵල පිරිනමන දිනයේ මාගේ වැරදි වලට මට සමාව දෙනු ඇතැයි මා අපේක්ෂා කරනුයේ ඔහුවමය."
26:83Страница 370
رَبِّ هَبۡ لِي حُكۡمٗا وَأَلۡحِقۡنِي بِٱلصَّٰلِحِينَ ٨٣
Господи! Даруй мне власть (пророчество или знание) и воссоедини меня с праведниками!
ඉබ්රාහීම් තුමා තම පරමාධිපතිට ප්රාර්ථනා කරමින්, "මාගේ පරමාධිපතියාණනි! දහම තුළ මට අවබෝධය පිරිනමනු මැනව! මට පෙර සිටි නබිවරුන් අතරින් වූ දැහැමියන් සමග මා ද ස්වර්ගයට ඇතුළත් කරමින් ඔබ මා ඔවුන් සමග සේන්දු කරනු මැනව!"
26:84Страница 371
وَٱجۡعَل لِّي لِسَانَ صِدۡقٖ فِي ٱلۡأٓخِرِينَ ٨٤
Оставь обо мне правдивую молву в последующих поколениях!
මගෙන් පසු එන පරම්පරාවන් අතර දැහැමි ලෙස අගය කිරීමක් හා අලංකාර අයුරින් මෙනෙහි කිරීමක් මා වෙනුවෙන් නුඹ කරනු මැනව!
26:85Страница 371
وَٱجۡعَلۡنِي مِن وَرَثَةِ جَنَّةِ ٱلنَّعِيمِ ٨٥
Сделай меня одним из наследников Сада блаженства!
සැප පහසුකම් විඳින ස්වර්ගස්ථාන උරුම කර දෙනු ලැබූ ඔබ ව විශ්වාස කළ ඔබේ ගැත්තන් අතරට මා පත් කරනු මැනව. එහි මා වාසය කරවනු මැනව!
26:86Страница 371
وَٱغۡفِرۡ لِأَبِيٓ إِنَّهُۥ كَانَ مِنَ ٱلضَّآلِّينَ ٨٦
Прости моего отца, ибо он был одним из заблудших!
"මාගේ පියාට සමාව දෙනු මැනව! සැබවින්ම ඔහු දේව ආදේශය හේතුවෙන් සත්යයෙන් පෙරළී නොමග ගිය අය අතරින් කෙනෙකු විය." එසේ ඉබ්රාහීම් තම පියාට ප්රාර්ථනා කර සිටියේ සැබවින්ම ඔහු නිරා වැසියන්ගෙන් කෙනෙකු බව ඔහුට පැහැදිලි වීමට පෙරය. ඒ ගැන ඔහුට පැහැදිලි වූ පසු ඔහුගෙන් ඉවත් වී ඔහු වෙනුවෙන් ප්රාර්ථනා කළේ නැත.
විනිශ්චය සඳහා ජනයා අවදි කරනු ලබන දින, දඬුවම් ලබා දෙමින් නුඹ මා වේදනාවට පත් නොකරනු මැනව!
26:88Страница 371
يَوۡمَ لَا يَنفَعُ مَالٞ وَلَا بَنُونَ ٨٨
в тот день, когда ни богатство, ни сыновья не принесут пользы никому,
මිනිසාට ඔහුගේ මෙලොව ජීවිතයේ එක් රැස් කළ ධනය හෝ ඔහුට උදව්වට සිටි දරුවන් හෝ ප්රයෝජනවත් නොවන දිනයකි එය.
26:89Страница 371
إِلَّا مَنۡ أَتَى ٱللَّهَ بِقَلۡبٖ سَلِيمٖ ٨٩
кроме тех, которые предстанут перед Аллахом с непорочным сердцем».
කිසිදු ආදේශ කිරීමක් හෝ කුහකත්වයක් හෝ මුණිච්ඡාවක් හෝ හාස්යයක් හෝ නොමැති ව නිර්මල හදවතකින් අල්ලාහ් වෙත පැමිණි අය හැර. ඔහු අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කළ ධනය හා ඔහු වෙනුවෙන් ප්රාර්ථනා කරමින් සිටින ඔහුගේ දරුවන් තුළින් සැබවින්ම ඔහු ප්රයෝජන ලබනු ඇත.
ඔවුන්ගේ පරමධිපතිගේ නියෝග පිළිපදිමින් ඔහු වැළැක් වූ දැයින් වැළකෙමින් ඔහු පිළිබඳ සිහියෙන් කටයුතු කරන මුත්තකීන්වරුන්හට ස්වර්ගය සමීප කරවනු ලැබේ.
සත්ය දහමින් මුළා වී නොමග ගියවුන්ටහට මහ්ෂර් නම් එක් රැස් කරන දිනයේ නිරය හෙළි කරනු ලැබේ.
26:92Страница 371
وَقِيلَ لَهُمۡ أَيۡنَ مَا كُنتُمۡ تَعۡبُدُونَ ٩٢
Им скажут: «Где же те, кому вы поклонялись
ඔවුන් හෙළා දකිමින්, "නුඹලා නමදිමින් සිටි පිළිම කොහෝදැ?" යි ඔවුන්ගෙන් විමසනු ලැබේ.
26:93Страница 371
مِن دُونِ ٱللَّهِ هَلۡ يَنصُرُونَكُمۡ أَوۡ يَنتَصِرُونَ ٩٣
наряду с Аллахом? Помогут ли они вам и помогут ли они себе?».
අල්ලාහ් හැර දමා නුඹලා ඔවුනට නැමදුම් කරමින් සිටියෙහුය. අල්ලාහ්ගේ දඬුවමින් නුඹලා ආරක්ෂා කරමින් ඔවුන් නුඹලාට පිහිට වන්නෝ ද එසේ නැතහොත් ඔවුන් ඔවුනට උදව් කර ගන්නෝ ද?
26:94Страница 371
فَكُبۡكِبُواْ فِيهَا هُمۡ وَٱلۡغَاوُۥنَ ٩٤
Они будут брошены туда вместе с заблудшими,
ඔවුන් හා ඔවුන් නොමග හැරියවුන් නිරයේ ඔවුන් එකිනෙකා උඩ වැටෙන සේ හෙළනු ලබනු ඇත.
සියලු නපුරු බලවේගයන් අතරින් වූ ඉබ්ලීස්ගේ උදව්කරුවන් ද හෙළනු ලැබේ. ඔවුන් අතරින් කිසිවෙකු බැහැර කරනු නොලැබේ.
අල්ලාහ් හැර වෙනත් දෑ නැමද ඔහු හැර වෙනත් අය හවුල්කරුවන් ලෙස ගෙන කටයුතු කළ දේව ආදේශකයින් වනාහී ඔවුන් ඔහු හැර දමා නමදිමින් සිටියදීම වාද කරමින් ඔවුහු මෙසේ පවසති.
26:97Страница 371
تَٱللَّهِ إِن كُنَّا لَفِي ضَلَٰلٖ مُّبِينٍ ٩٧
«Клянемся Аллахом, мы пребывали в очевидном заблуждении,
අල්ලාහ් මත දිවුරා පවසමු. සැබවින්ම අපි සත්යයෙන් දුරස් වූ පැහැදිලි මුළාවෙහි පසුවූයෙමු.
සියලු මැවීම්හි පරමාධිපතිට අපි නුඹලාව සමානකම් කළ අවස්ථාවේ අපි ඔහු ව නමදිනවාක් මෙන් නුඹලා ව ද නැමදුවෙමු.
26:99Страница 371
وَمَآ أَضَلَّنَآ إِلَّا ٱلۡمُجۡرِمُونَ ٩٩
Только грешники ввели нас в заблуждение,
අල්ලාහ් හැර තමන්ව නැමදීමට අපට ඇරයුම් කරමින් සිටි අපරාධකරුවන් මිස වෙනත් කිසිවකු සත්ය මාර්ගයෙන් අප ව මුළා කළේ නැත.
අල්ලාහ්ගේ දඬුවමින් (දැන්) අප මුදවා ගන්නට, ඔහු අබියස අප වෙනුවෙන් මැදිහත් වී කතා කරන මැදිහත්කරුවන් අපට නැත.
එමෙන්ම අප වෙනුවෙන් මැදිහත් වන, අපෙන් දඬුවම වළක්වාලන අවංක සෙනෙහෙවන්ත මිතුරෙකු ද අපට නැත.
26:102Страница 371
فَلَوۡ أَنَّ لَنَا كَرَّةٗ فَنَكُونَ مِنَ ٱلۡمُؤۡمِنِينَ ١٠٢
Если бы у нас была возможность вернуться, то мы стали бы верующими!».
මෙලොව ජීවිතය වෙත හැරී යන්නට අපට අවස්ථාවක් තිබුණා නම්, එවිට අල්ලාහ් විශ්වාස කරන්නන් අතරට අපි පත් වන්නෙමු.
26:103Страница 371
إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ ١٠٣
Воистину, в этом - знамение, но большинство их не стали верующими.
(මෙහි) සඳහන් කරන ලද ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමාගේ කතා වස්තුවෙහි හා දේව ප්රතික්ෂේපකයින්ගේ ඉරණමෙහි පාඩම් ලබන්නන්හට පාඩමක් ඇත. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා විශ්වාස කරන්නන් නොවූවෝය.
26:104Страница 371
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ ١٠٤
Воистину, твой Господь - Могущественный, Милосердный.
අහෝ දූතය! සැබවින් ඔබේ පරමාධිපති වනාහි, ඔහුමය තම සතුරන්ට ප්රතිචාර දක්වන සර්ව බලධාරියාණන්. ඔවුන් අතරින් කවරෙකු පාප ක්ෂමා ඇයද සිටින්නේ ද ඔහු ඔවුනට මහා කරුණාන්විතය.
26:105Страница 371
كَذَّبَتۡ قَوۡمُ نُوحٍ ٱلۡمُرۡسَلِينَ ١٠٥
Народ Нуха (Ноя) счел лжецами посланников.
නූහ්ගේ ජනයා නූහ් ව (එතුමා කෙරහි සාමය අත්වේවා!) බොරු කළ අවස්ථාවේ දහම් දූතවරුන් බොරු යැයි ඔවුහු පවසා සිටියහ.
26:106Страница 371
إِذۡ قَالَ لَهُمۡ أَخُوهُمۡ نُوحٌ أَلَا تَتَّقُونَ ١٠٦
Вот их брат Нух (Ной) сказал им: «Неужели вы не устрашитесь?
එවිට, "අල්ලාහ්ට බියෙන් ඔහු හැර වෙනත් දෑ අතහැර දමා ඔහුට බැතිමත් ව කටයුතු කළ යුතු නොවේදැ?"යි ඔවුන්ගේ පරම්පරාවෙන් වූ ඔවුන්ගේ සහෝදර සාලිහ් ඔවුන්ගෙන් විමසා සිටි අවස්ථාව මෙනෙහි කරනු.
සැබවින්ම මම නුඹලා වෙත අල්ලාහ් විසින් එවන ලද විශ්වසනීය දූතයකු වෙමි. මා වෙත අල්ලාහ් දන්වා සිටි දිව්ය පණිවිඩ වලට අමතර යමක් එකතු නොකරමි. ඉන් කිසිවක් අඩු නොකරමි.
අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහු පිළිබඳ මතකයෙන් පසු වනු. මම නුඹලාට කවර කරුණක් අණ කළේ ද එමෙන්ම කවර කරුණකින් මම නුඹලා ව වැළැක්වූයේ ද එම විෂයයෙහි නුඹලා මට අවනත වනු.
26:109Страница 371
وَمَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ مِنۡ أَجۡرٍۖ إِنۡ أَجۡرِيَ إِلَّا عَلَىٰ رَبِّ ٱلۡعَٰلَمِينَ ١٠٩
Я не прошу у вас за это вознаграждения, ибо вознаградит меня только Господь миров.
"මාගේ පරමාධිපති විසින් මා නුඹලාට දැනුම් දුන් දෑ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නොපතමි. සියලු දෑහි පරමාධිපති වන අල්ලාහ් මත හැර වෙනත් කිසිවකු මත මාගේ තිළිණය නොමැත."
"අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහු පිළිබඳ මතකයෙන් පසු වනු. මම නුඹලාට කවර කරුණක් අණ කළේ ද එමෙන්ම කවර කරුණකින් මම නුඹලා ව වැළැක්වූයේ ද එම විෂයයෙහි නුඹලා මට අවනත වනු."
26:111Страница 371
۞ قَالُوٓاْ أَنُؤۡمِنُ لَكَ وَٱتَّبَعَكَ ٱلۡأَرۡذَلُونَ ١١١
Они сказали: «Неужели мы поверим тебе, если за тобой последовали самые жалкие люди?».
ඔහුගේ ජනයා ඔහුට "අහෝ නූහ්! නුඹ ව පිළිපදින්නන්, ජනයා අතර පහත් අය ලෙස සිටිය දී නුඹ කවර කරුණක් ගෙන ආවේ ද එය අපි විශ්වාස කළ යුතු ද? පිළිපැදිය යුතු ද? ඔවුන් අතර නායකයින් හෝ ප්රභූවරුන් හෝ නොමැත." යැයි පැවසුහ.
26:112Страница 372
قَالَ وَمَا عِلۡمِي بِمَا كَانُواْ يَعۡمَلُونَ ١١٢
Он сказал: «Не мне знать о том, что они совершают.
“මෙම දේව විශ්වාසීන් සිදුකරමින් ආ දෑ පිළිබඳ මට දැනුමක් නැත. ඔවුන්ගේ ක්රියාවන් ගණන් කිරීම සඳහා මාව ඔවුන් මත පවරා නැත” යැයි නූහ් (අලයිහිස් සලාම්) තුමා ඔවුනට පැවසුවේය.
26:113Страница 372
إِنۡ حِسَابُهُمۡ إِلَّا عَلَىٰ رَبِّيۖ لَوۡ تَشۡعُرُونَ ١١٣
Только мой Господь предъявит им счет, если бы вы только понимали.
ඔවුන්ගේ විනිශ්චය වනාහි, එය ඔවුන්ගේ රහස් හා ඔවුන්ගේ විවෘතභාවය දන්නා අල්ලාහ් මත මිස නැත. මා වෙත පැවරී නැත. නුඹලා පවසන දෑ පිළිබඳ නුඹලා වටහා ගන්නේ නම්, නුඹලා එසේ නොපවසනු ඇත.
"නුඹලා දෙවියන් විශ්වාස කරනු වස් නුඹලා කළ ඉල්ලීමට ප්රතිචාර දක්වමින් මාගේ සභාවෙන් මම දේව විශ්වාසීන් නෙරපා හරින්නෙකු නොවමි."
26:115Страница 372
إِنۡ أَنَا۠ إِلَّا نَذِيرٞ مُّبِينٞ ١١٥
Я - всего лишь предостерегающий и разъясняющий увещеватель».
ඇත්තෙන්ම මා අල්ලාහ්ගේ දඬුවම ගැන නුඹලාට අවවාද කරන පැහැදිලි අවවාද කරන්නෙකු මිස නැත.
26:116Страница 372
قَالُواْ لَئِن لَّمۡ تَنتَهِ يَٰنُوحُ لَتَكُونَنَّ مِنَ ٱلۡمَرۡجُومِينَ ١١٦
Они сказали: «О Нух (Ной)! Если ты не прекратишь, то непременно окажешься одним из тех, кого побили камнями».
“නුඹ අප කවර කරුණක් වෙත ඇරයුම් කරන්නෙහි ද එයින් නුඹ වැළකී නොසිටියෙහි නම් දොස් නගනු ලබා ගල් ගසා මරා දමනු ලබන්නන් අතරින් කෙනෙකු බව නුඹ පත් වනු ඇතැ”යි ඔහුගේ ජනයා ඔහුට පවසා සිටියේය.
26:117Страница 372
قَالَ رَبِّ إِنَّ قَوۡمِي كَذَّبُونِ ١١٧
Он сказал: «Господи! Мой народ счел меня лжецом.
නූහ් තම පරමාධිපති අමතා “මාගේ පරමාධිපතියාණනි! සැබැවින්ම මාගේ ජනයා වනාහි, මා කවර දෙයක් නුඹ වෙතින් ගෙන ආවෙම් ද එම විෂයයෙහි ඔවුන් මා සත්ය නොකළෝය. මා බොරු කාරයකු බවට පත් කළෝය."
26:118Страница 372
فَٱفۡتَحۡ بَيۡنِي وَبَيۡنَهُمۡ فَتۡحٗا وَنَجِّنِي وَمَن مَّعِيَ مِنَ ٱلۡمُؤۡمِنِينَ ١١٨
Рассуди же нас окончательно и спаси меня и тех верующих, которые со мной».
"ඔවුන් අසත්යය මත දිගටම සිටින බැවින්, ඔවුන් විනාශ කර දමන තීන්දුවක් මා අතර හා ඔවුන් අතර නියම කරනු මැනව! මාගේ ජනයා අතර වූ දේව ප්රතික්ෂේපකයින් නුඹ කවර දඬුවමකින් විනාශ කරන්නෙහි ද එයින් මා හා මා සමග සිටින දේව විශ්වාසීන් මුදවනු කරනු මැනව!"
26:119Страница 372
فَأَنجَيۡنَٰهُ وَمَن مَّعَهُۥ فِي ٱلۡفُلۡكِ ٱلۡمَشۡحُونِ ١١٩
Мы спасли его и тех, кто был с ним, в переполненном ковчеге,
ඔහුගේ ප්රාර්ථනාවට අපි ඔහුට පිළිතුරු දුනිමු. මිනිසුන්ගෙන් ද සත්වයින්ගෙන් ද පිරුණු නැවෙහි නංවාගෙන ඔහු හා ඔහු සමග සිටි දේව විශ්වාසීන් අපි මුදවා ගත්තෙමු.
ඔවුන්ගෙන් පසු ඉතිරි වූ අය දියෙහි ගිල්වූයෙමු. ඔවුන් ද නූහ්ගේ ජනයා විය.
26:121Страница 372
إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ ١٢١
Воистину, в этом - знамение, но большинство их не стали верующими.
මෙනෙහි කරනු ලැබූ නූහ් හා ඔහුගේ ජනයාගේ කතා වස්තුව, නූහ් තුමා හා ඔහු සමග සිටි දේව විශ්වාසීන් මුදවා ගැනීම, ඔහුගේ සමූහයා අතරින් වූ දේව ප්රතික්ෂේපකයින් විනාශ කර දැමීම යනාදියෙහි පාඩම් ලබන්නන්හට පාඩමක් ඇත.
26:122Страница 372
وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ ١٢٢
Воистину, твой Господь - Могущественный, Милосердный.
අහෝ දූතය! සැබවින් ඔබේ පරමාධිපති වනාහි, තම සතුරන්ට ප්රතිචාර දක්වන සර්ව බලධාරියාණන්. ඔවුන් අතරින් කවරෙකු පාප ක්ෂමා ඇයද සිටින්නේ ද ඔහු ඔවුනට මහා කරුණාන්විතය.
ආද් සමූහයා ඔවුන්ගේ දූත හූද් (අලයිහිස් සලාම්)ව බොර කළ අවස්ථාවේ, "දහම් දූතවරුන් බොරු" යැයි ඔවුහු පවසා සිටියහ.
26:124Страница 372
إِذۡ قَالَ لَهُمۡ أَخُوهُمۡ هُودٌ أَلَا تَتَّقُونَ ١٢٤
Вот их брат Худ сказал им: «Неужели вы не устрашитесь?
"අල්ලාහ්ට බියවෙමින් ඔහු හැර වෙනත් දෑ අතහැර දමා ඔහුට බැතිමත් ව කටයුතු කළ යුතු නොවේදැ?"යි ඔවුන්ගේ පරම්පරාවෙන් වූ ඔවුන්ගේ සහෝදර හූද් ඔවුන්ගෙන් විමසා සිටි අවස්ථාව මෙනෙහි කරනු.
සැබවින්ම මම නුඹලා වෙත අල්ලාහ් විසින් එවන ලද විශ්වසනීය දූතයකු වෙමි. දන්වා සිටින මෙන් අල්ලාහ් මට නියෝග කළ දෑ ට අමතර යමක් එකතු නොකරමි. ඉන් කිසිවක් අඩු නොකරමි.
"අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහු පිළිබඳ මතකයෙන් පසු වනු. නුඹලාට කවර කරුණක් මා අණ කළේ ද එමෙන්ම කවර කරුණකින් මා නුඹලා ව වැළැක්වූයේ ද එම විෂයයෙහි නුඹලා මට අවනත වනු."
26:127Страница 372
وَمَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ مِنۡ أَجۡرٍۖ إِنۡ أَجۡرِيَ إِلَّا عَلَىٰ رَبِّ ٱلۡعَٰلَمِينَ ١٢٧
Я не прошу у вас за это вознаграждения, ибо вознаградит меня только Господь миров.
"මාගේ පරමාධිපති විසින් මා නුඹලාට දැනුම් දුන් දෑ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නොපතමි. සියලු මැවීම්හි පරමාධිපති වන අල්ලාහ් මත හැර වෙනත් කිසිවකු මත මාගේ තිළිණය නොමැත."
26:128Страница 372
أَتَبۡنُونَ بِكُلِّ رِيعٍ ءَايَةٗ تَعۡبَثُونَ ١٢٨
Неужели вы будете понапрасну возводить на каждом холме по примете (по высокому строению),
සෑම ප්රචලිත උස් ස්ථානයකම නුඹලාගේ මෙලොව ජීවිතයේ මෙන්ම මතු ලොව ජීවිතයේ කිසිදු ප්රයෝජනයක් නොදෙන පුහු සිහිවටනයන් ඉදි කරන්නෙහු ද?
26:129Страница 372
وَتَتَّخِذُونَ مَصَانِعَ لَعَلَّكُمۡ تَخۡلُدُونَ ١٢٩
строить замки (или водохранилища), словно вы будете жить вечно,
මෙලොව ජීවිතයේ නුඹලා වෙන් නොවී සදාකල් එහි වාසය කරන්නට යනවාක් මෙන් බලකොටු හා මාලිගාවන් තනන්නෙහු ද?
26:130Страница 372
وَإِذَا بَطَشۡتُم بَطَشۡتُمۡ جَبَّارِينَ ١٣٠
и хватать людей, подобно деспотичным тиранам?
ඝාතනය කිරීමෙන් හෝ පහර දීමකින් හෝ නුඹලා ඩැහැ ගන්නා විට කිසිදු කරුණාවක් හෝ දයාවක් හෝ නොමැති දැඩි පාලකයින් ලෙසින් නුඹලා ඩැහැ ගනු ඇත.
අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහු පිළිබඳ මතක සහිතන පසු වනු. නුඹලාට කවර කරුණක් මා අණ කළේ ද එමෙන්ම කවර කරුණකින් මා නුඹලා ව වැළැක්වූයේ ද එම විෂයයෙහි නුඹලා මා අනුගමනය කරනු.
26:132Страница 372
وَٱتَّقُواْ ٱلَّذِيٓ أَمَدَّكُم بِمَا تَعۡلَمُونَ ١٣٢
Бойтесь Того, Кто помог вам тем, что вам известно.
ඔහුගේ ආශිර්වාදය තුළින් නුඹලා දන්නා දෑ නුඹලාට පිරිනැමූ අල්ලාහ්ගේ කෝපය ගැන නුඹලා බිය වනු.
ඔහු නුඹලාට ගොවිපළ සතුන් පිරිනැමුවේය. එමෙන්ම දරුවන් ද පිරිනැමුවේය.
වතුයායන් හා ගලා යන දිය උල්පත් ද ඔහු නුඹලාට පිරිනැමුවේය.
26:135Страница 372
إِنِّيٓ أَخَافُ عَلَيۡكُمۡ عَذَابَ يَوۡمٍ عَظِيمٖ ١٣٥
Я боюсь того, что вас постигнут мучения в Великий день».
අහෝ මාගේ ජනයිනි! නුඹලාට එරෙහි ව පවතින බිහිසුණු දිනයක දඬුවම ගැන සැබවින්ම මම බිය වෙමි. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයයි.
26:136Страница 372
قَالُواْ سَوَآءٌ عَلَيۡنَآ أَوَعَظۡتَ أَمۡ لَمۡ تَكُن مِّنَ ٱلۡوَٰعِظِينَ ١٣٦
Они сказали: «Нам все равно, будешь ты увещевать или же не будешь в числе тех, которые увещевают.
ඔහුගේ ජනයා ඔහුට “නුඹ අපට මෙනෙහි කර සිටිය ද එසේ නුඹ මෙනෙහි නොකර සිටිය ද අප ඉදිරියේ එය එක සමානය. එහෙයින් කිසිවිටෙක අපි නුඹ ව විශ්වාස නොකරන්නෙමු. අප කවර කරුණක් මත සිටින්නේ ද කිසිවිටෙක අපි එයින් නොහැරෙමු.” යැයි පැවසූහ.
26:137Страница 373
إِنۡ هَٰذَآ إِلَّا خُلُقُ ٱلۡأَوَّلِينَ ١٣٧
Это - всего лишь обычаи (или измышления) первых поколений,
මෙය පැරැණ්නන්ගේ දහම ඔවුන්ගේ සිරිත් විරිත් හා ඔවුන්ගේ ගුණාංග මිස වෙනකක් නොවීය.
අපි දඬුවම් කරනු ලබන්නන් නොවූයෙමු.
Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии