Аль-Мухтасар · Тафсир · на сингальском
Аш-Шуара 26:207–227
26:207Страница 376
مَآ أَغۡنَىٰ عَنۡهُم مَّا كَانُواْ يُمَتَّعُونَ ٢٠٧
то все, чем им было позволено пользоваться, не принесет им никакой пользы?
මෙලොව ජීවිතයේ ඔවුන් භුක්ති විඳිමින් සිටි දැයින් ඔවුනට ප්රයෝජනවත් වූයේ කවර කරුණක් ද? සැබවින්ම එම සැප සම්පත් විසන්ධි වී ගොස් ඇත. ඒ කිසිවක් නොලබනු ඇත.
26:208Страница 376
وَمَآ أَهۡلَكۡنَا مِن قَرۡيَةٍ إِلَّا لَهَا مُنذِرُونَ ٢٠٨
Мы не губили ни одного селения, в котором предостерегающие увещеватели не побывали
සමූහයන් අතරින් යම් කිසි සමූහයක් වේවා, ඔවුන් වෙත දූතවරුන් එවීමෙන් හා දිව්යමය පුස්තක පහළ කිරීමෙන් අවවාද කළ පසු ව මිස අපි ඔවුන් විනාශ නොකළෙමු.
මෙය ඔවුනට උපදෙසකි. මෙනෙහි කිරීමකි. දූතවරුන් එවීමෙන් හා දිව්ය පුස්තක පහළ කිරීමෙන් ඔවුන් වෙත නිදහසට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු ව ඔවුන් දඬුවම් කිරීමෙන් අප අපරාධකරුවන් නොවූයෙමු.
දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්)ගේ හදවතට මෙම අල් කුර්ආනය සමග ෂෙයිතානුන් පහළ වූයේ නැත.
26:211Страница 376
وَمَا يَنۢبَغِي لَهُمۡ وَمَا يَسۡتَطِيعُونَ ٢١١
Это не подобает им, и они не способны на это.
ඔවුන් ඔහුගේ හදවතට ඒ සමග පහළ වීම ඔවුනට සුදුසු කාර්යයක් නොවීය. ඒ සඳහා ඔවුන් ශක්තිය දරන්නේ ද නැත.
26:212Страница 376
إِنَّهُمۡ عَنِ ٱلسَّمۡعِ لَمَعۡزُولُونَ ٢١٢
Они отстранены от прислушивания к нему.
ඔවුහු එයට ශක්තිය නොදරති. එයට හේතුව අහසෙහි වූ එම ස්ථානයෙන් ඔවුන් ඉවත් කරනු ලැබූවන් බැවිණි. එසේ නම් ඔවුහු ඒ වෙත සේන්දු වී එය පහළ කරනුයේ කෙසේ ද?
26:213Страница 376
فَلَا تَدۡعُ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ فَتَكُونَ مِنَ ٱلۡمُعَذَّبِينَ ٢١٣
Не взывай к другим богам помимо Аллаха, а не то окажешься в числе тех, кого подвергнут мучениям.
අල්ලාහ් සමග නැමදුම් ලබන වෙනත් කිසිවකු ආදේශ කොට ඒවාට නොනමදිනු. එවිට ඒ හේතුවෙන් නුඹ දඬුවම් ලබන්නන් අතරින් කෙනෙකු වනු ඇත.
26:214Страница 376
وَأَنذِرۡ عَشِيرَتَكَ ٱلۡأَقۡرَبِينَ ٢١٤
Предостереги своих ближайших родственников!
අහෝ දූතය! ඥාතීන්ට, නුඹේ සමූහයා අතරින් වූ සමීප ඥාතීන්ට අවවාද කරනු. ඔවුන් බහුදේවවාදය මත රැඳී සිටියේ නම් ඔවුනට අල්ලාහ්ගේ දඬුවම අත් නොවනු පිණිස නුඹ ඔවුනට අවවාද කරනු.
26:215Страница 376
وَٱخۡفِضۡ جَنَاحَكَ لِمَنِ ٱتَّبَعَكَ مِنَ ٱلۡمُؤۡمِنِينَ ٢١٥
Склони свое крыло перед верующими, которые следует за тобой (будь добр и милосерден к ним).
නුඹ ව අනුගමනය කරන නුඹ අසළින් සිටින දේව විශ්වාසීන්හට කරුණාවෙන් හා සෙනෙහසින් යුතු ව ක්රියාවෙන් හෝ ප්රකාශයෙන් හෝ මෛත්රී ව කටයුතු කරනු.
26:216Страница 376
فَإِنۡ عَصَوۡكَ فَقُلۡ إِنِّي بَرِيٓءٞ مِّمَّا تَعۡمَلُونَ ٢١٦
Если же они ослушаются тебя, то скажи: «Я не причастен к тому, что вы совершаете».
නුඹ ඔවුනට අණ කර සිටින අල්ලාගේ ඒකදෙවත්වය, ඔහුට අවනත වීම යනාදියට පිළිතුරු නොදී ඔවුන් නුඹ ව පිටුපෑවේ නම්, නුඹ ඔවුනට, "නුඹලා සිදු කරමින් එන බහුදේවවාදය හා පාපයෙන් සැබවින්ම මම ඉවත් වෙමි." යැයි පවසනු.
26:217Страница 376
وَتَوَكَّلۡ عَلَى ٱلۡعَزِيزِ ٱلرَّحِيمِ ٢١٧
Уповай на Могущественного, Милосердного,
නුඹේ සියලුම කටයුතු වලදී, තම සතුරන්ට ප්රතිචාර දක්වන සර්ව බලධාරී, ඔවුන් අතරින් ඔහු වෙත නැඹුවරන්නන්හට මහා කාරුණික අල්ලාහ් මත නුඹ ස්ථාවර ව රැඳී සිටිනු.
26:218Страница 376
ٱلَّذِي يَرَىٰكَ حِينَ تَقُومُ ٢١٨
Который видит тебя, когда ты выстаиваешь намазы по ночам
ඔහු වනාහි, නුඹ සලාතය සඳහා අවදි වී නැගිටින විට නුඹ ව බලා සිටින්නාය.
සලාත් ඉටු කරන්නන් අතර ඉරියව්වකින් තවත් ඉරියව්වකට නුඹගේ හැරීම ද ඔහු බලා සිටින්නාය. නුඹ ඒ සම්බන්ධ කවර කටයුත්තක් සිදු කරන්නේ ද එමෙන්ම ඒ හැර වෙනත් කවර ක්රියාමාර්ගයක් සිදු කරන්නේ ද එය ඔහුට සැඟවෙන්නේ නැත.
නියත වශයෙන්ම ඔහු නුඹේ සලාතයේදී නුඹ කියවන දික්රයන්ට හා කුර්ආනයට මැනවින් සවන් දෙන්නාය. නුඹේ චේතනාව ගැන මැනවින් දන්නාය.
26:221Страница 376
هَلۡ أُنَبِّئُكُمۡ عَلَىٰ مَن تَنَزَّلُ ٱلشَّيَٰطِينُ ٢٢١
Поведать ли вам о том, на кого нисходят дьяволы?
මෙම අල් කුර්ආනය පහළ කළේ ෂෙයිතානුන් යැයි නුඹලා විශ්වාස කරන මොවුන් පහළ වනුයේ කවරකු මත දැ යි මම නුඹලාට දැනුම් දෙන්න ද?
26:222Страница 376
تَنَزَّلُ عَلَىٰ كُلِّ أَفَّاكٍ أَثِيمٖ ٢٢٢
Они нисходят на каждого лжеца и грешника.
පාපකම් හා අපරාධ අධික ව සිදු කරන ඉමහත් සේ බොරු කියන සෑම හූනියම්කරුවකු මත ම ෂෙයිතානුන් පහළ වන්නේය.
26:223Страница 376
يُلۡقُونَ ٱلسَّمۡعَ وَأَكۡثَرُهُمۡ كَٰذِبُونَ ٢٢٣
Они подбрасывают услышанное, но большинство из них являются лжецами.
මෙම ෂෙයිතානුන් ඉහළ සිටින පිරිසට සවන් දී, ඒවා සොරකම් කොට ඔවුන්ගේ හිතමිතුරු හූනියම්කරුවන් වෙත එය ඉදිරිපත් කරති. හූනියම්කරුවන්ගෙන් බහුතරයක් දෙනා බොරුකාරයෝය. වචනයක් ඔවුන් සත්යය පැවසුවේ නම් ඒ සමග වචන සියයක් බොරු පවසති.
කවිවරුන් වනාහි සැබවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ද ඔවුන් අතරින් කෙනෙකු යැයි නුඹලා විශ්වාස කරමින් සිටින ඔවුන් ව, යහ මගින් හා ඍජු මගින් වෙනතකට යොමු වූවෝ අනුගමනය කරති. ඔවුන් පවසන කවි දෙස ඔවුහු බලති.
26:225Страница 376
أَلَمۡ تَرَ أَنَّهُمۡ فِي كُلِّ وَادٖ يَهِيمُونَ ٢٢٥
Разве ты не видишь, что они блуждают по всем долинам (слагают стихи на любые темы)
අහෝ දූතය! ඔවුන්ගේ අරමුණු වල විද්යාමානයක් ලෙස සැබවින්ම ඔවුන් විටෙක ප්රශංසා කරමින් ද තවත් විටෙක අපහාස කරමින් ද තවත් විටෙක ඒ දෙකම නොකරමින් ද සෑම මිටියාවතකම නිදැල්ලේ හැසිරීම නුඹ නොදුටුවෙහි ද?
"අපි එලෙස සිදු කළෙමු" යැයි කියමින් ඔවුහු බොරු පවසති. නමුත් ඔවුන් එය කිසිවිටෙක සිදු කර නැත.
26:227Страница 376
إِلَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ وَذَكَرُواْ ٱللَّهَ كَثِيرٗا وَٱنتَصَرُواْ مِنۢ بَعۡدِ مَا ظُلِمُواْۗ وَسَيَعۡلَمُ ٱلَّذِينَ ظَلَمُوٓاْ أَيَّ مُنقَلَبٖ يَنقَلِبُونَ ٢٢٧
Это не относится к тем, которые уверовали, совершают праведные деяния, многократно поминают Аллаха и защищаются после того, как с ними поступили несправедливо? А те, которые поступают несправедливо, скоро узнают, куда они вернутся.
නමුත් එම කවිවරුන් අතරින් හස්සාන් ඉබ්නු සාබිත් (රළියල්ලාහු අන්හු) තුමා වැනි අල්ලාහ් ව විශ්වාස කරමින්, දැහැමි ක්රියාවන් සිදු කරමින්, අධික ලෙස අල්ලාහ් ව මෙනෙහි කරමින්, අල්ලාහ්ගේ සතුරන් ඔවුනට අපරාධ සිදු කළ පසු ව එම අපරාධ කළවුනට එරෙහි ව උදව් ලැබූවන් හැර. අල්ලාහ්ට ආදේශ තබා ඔහුගේ ගැත්තන් මත පමණක් ඉක්මවා කටයුතු කරන්නන් වනාහි ඔවුන් කවර තැනකට වෙත යොමු වන්නේ දැයි මතු දැන ගනු ඇත. ඒ අනුව ඔවුන් ඉතා බිහිසුණු ස්ථානයක් වෙත හා ඉතා තියුණු විනිශ්චයක් වෙත යොමු කරනු ලබනු ඇත.
Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии