Аль-МухтасарАн‑Намль · 27:1–47

Аль-Мухтасар · Тафсир · на сингальском

النمل

Ан-Намль

Муравьи · Мекканская · 93 аята

27:1Страница 377

طسٓۚ تِلۡكَ ءَايَٰتُ ٱلۡقُرۡءَانِ وَكِتَابٖ مُّبِينٍ ١

Та. Син. Это - аяты Корана и ясного Писания,

(තා, සීන්) මෙවැනි පාඨ පිළිබඳ සූරා අල් බකරා හි ආරම්භයේ සඳහන් කර ඇත. නුඹ වෙත පහළ කරන ලද මෙම වදන් අල්කුර්ආනයේ හා කිසිදු මුසුවක් නැති පැහැදිලි ග්රන්ථයේ පාඨ වේ. කවරෙකු එය පරිශීලනය කරන්නේ ද සැබවින්ම එය අල්ලාහ්ගෙන් වූවක් යැයි ඔහු දැන ගනී.

27:2Страница 377

هُدٗى وَبُشۡرَىٰ لِلۡمُؤۡمِنِينَ ٢

верное руководство и благая весть для верующих,

මෙම පාඨ සත්ය වෙත යොමු කරන්නකි. ඒ වෙත මග පෙන්වනකි. එමෙන්ම අල්ලාහ් ව හා ඔහුගේ දූතවරුන් විශ්වාස කළවුනට ශුභාරංචි දන්වන්නකි.

27:3Страница 377

ٱلَّذِينَ يُقِيمُونَ ٱلصَّلَوٰةَ وَيُؤۡتُونَ ٱلزَّكَوٰةَ وَهُم بِٱلۡأٓخِرَةِ هُمۡ يُوقِنُونَ ٣

которые совершают намаз, выплачивают закят и убеждены в Последней жизни.

ඔවුන් වනාහි සලාතය පූර්ණවත් අයුරින් විධිමත් ව ඉටු කරන්නෝ වෙති. ඔවුන්ගේ ධනයෙන් වියදම් කළ යුතු කොටසක් එය වියදම් කළ යුතු අදාළ ස්ථානයට සකාත් වශයෙන් පිරිනමති. එමෙන්ම ඔවුහු මතු ලොවෙහි ඇති තිළිණ හා දඬුවම ගැන තරයේ විශ්වාස කරන්නෝ වෙති.

27:4Страница 377

إِنَّ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ زَيَّنَّا لَهُمۡ أَعۡمَٰلَهُمۡ فَهُمۡ يَعۡمَهُونَ ٤

Воистину, тем, которые не веруют в Последнюю жизнь, Мы представили их деяния прекрасными, и они блуждают в растерянности.

සැබවින්ම මතු ලොව ගැනත් එහි ඇති තිළිණ හා දඬුවම් ගැනත් විශ්වාස නොකරන දේව ප්රතික්ෂේපකයින්හට ඔවුන්ගේ ක්රියාවන් අපි ඔවුනට අලංකාරවත් කර පෙන්වූයෙමු. ඔවුහු එම ක්රියාවෙහි අඛණ්ඩ ව නිරතවී සිටියෝය. එහෙයින් ඔවුන් ව්යාකූලත්වයට පත් වූවෝ වෙති. නිවැරදි දෑ හා යහ මග වෙත ඔවුන් මග නොලබති.

27:5Страница 377

أُوْلَٰٓئِكَ ٱلَّذِينَ لَهُمۡ سُوٓءُ ٱلۡعَذَابِ وَهُمۡ فِي ٱلۡأٓخِرَةِ هُمُ ٱلۡأَخۡسَرُونَ ٥

Они - те, которым уготованы злые мучения, а в Последней жизни они понесут наибольший убыток.

සඳහන් කරනු ලැබූ පරිදි එලෙස වර්ණනා කරනු ලැබූවන් වන මොවුන් ඝාතනය කිරීමෙන් හා සිරගත කිරීමෙන් නපුරු දඬුවමක් ඔවුන් මෙලොව සතු කර ගනු ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරා ගින්නේ සදාතනිකයින් බවට පත්වීමෙන් ඔවුන් හා ඔවුන්ගේ පවුලේ උදවිය පාඩු විඳින පරිදි මතුලොව ජනයා අතර වඩාත් අලාභවන්තයෝ ඔවුන් ම වන්නෝය.

27:6Страница 377

وَإِنَّكَ لَتُلَقَّى ٱلۡقُرۡءَانَ مِن لَّدُنۡ حَكِيمٍ عَلِيمٍ ٦

Воистину, ты получаешь Коран от Мудрого, Знающего.

අහෝ දූතය! සැබැවින්ම නුඹ වෙත පහළ කරනු ලැබූ අල් කුර්ආනය, තම මැවීම් හි, තම සැලසුම් හි හා දහම් ගත කිරීමෙහි මහා ප්රඥාවන්තයාණන්ගෙන් සැබවින්ම නුඹ ලබා ඇත්තේය. ඔහුගේ ගැත්තන්ගේ කිසිදු යහපතක් ඔහුට සැඟවෙන්නේ නැත.

27:7Страница 377

إِذۡ قَالَ مُوسَىٰ لِأَهۡلِهِۦٓ إِنِّيٓ ءَانَسۡتُ نَارٗا سَـَٔاتِيكُم مِّنۡهَا بِخَبَرٍ أَوۡ ءَاتِيكُم بِشِهَابٖ قَبَسٖ لَّعَلَّكُمۡ تَصۡطَلُونَ ٧

Вот Муса (Моисей) сказал своей семье: «Воистину, я вижу огонь. Я принесу вам оттуда известие или горящую головню, чтобы вы могли согреться».

අහෝ දූතය! මූසා (අලයිහිස් සලාම්) තුමා තම පවුලට පැවසූ අවස්ථාව මෙනෙහි කරනු. ඔහු, "සැබවින්ම මම ගින්නක් දුටිමි. එය ඇවිළෙන තැනින් අපට මාර්ගය පෙන්වා දෙන තොරතුරක් මම නුඹලා වෙත ගෙන එමි එසේ නැතහොත් සීතලෙන් අප ආරක්ෂා කර ගනු පිණිස ඉන් ගනු ලබන ගිනි පන්දමක් හෝ නුඹලා වෙත ගෙන එමි."

27:8Страница 377

فَلَمَّا جَآءَهَا نُودِيَ أَنۢ بُورِكَ مَن فِي ٱلنَّارِ وَمَنۡ حَوۡلَهَا وَسُبۡحَٰنَ ٱللَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ ٨

Когда он подошел туда, раздался глас: «Благословен тот, кто в огне, и тот, кто вокруг него. Пречист Аллах, Господь миров!

හෙතෙම ගින්න දුටු ස්ථානය වෙත ළඟා වූ කල්හි, ලෝවැසියන්ගේ පරමාධිපතිට ගරු බුහුමන් කිරීමක් වශයෙන් ද නොමග ගියවුන් ඔහු ව විස්තර කරන පරිදි ඔහුට නොගැළපෙන ගුණාංග වලින් ඔහු ව පිවිතුරු කිරීමක් වශයෙන් ද ගින්නේ සිටින්නා හා ඒ අවට සිටින මලක්වරුන් සුවිශුද්ධ කිරීමට අල්ලාහ් ඔහු ඇමතීය.

27:9Страница 377

يَٰمُوسَىٰٓ إِنَّهُۥٓ أَنَا ٱللَّهُ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ٩

О Муса (Моисей)! Воистину, Я - Аллах, Могущественный, Мудрый.

අල්ලාහ් ඔහුට, "අහෝ මූසා! සැබවින්ම මම කිසිවකු විසින් අබිබවා යා නොහැකි, සර්ව බලධාරී අල්ලාහ් වෙමි. මාගේ මැවීමෙහි සැලසුම් කිරීමෙහි හා දහම් ගත කිරීමෙහි මම මහා ප්රඥාවන්තය." යැයි පැවසීය.

27:10Страница 377

وَأَلۡقِ عَصَاكَۚ فَلَمَّا رَءَاهَا تَهۡتَزُّ كَأَنَّهَا جَآنّٞ وَلَّىٰ مُدۡبِرٗا وَلَمۡ يُعَقِّبۡۚ يَٰمُوسَىٰ لَا تَخَفۡ إِنِّي لَا يَخَافُ لَدَيَّ ٱلۡمُرۡسَلُونَ ١٠

Брось свой посох!». Когда он увидел, как тот извивается, словно змея, то бросился бежать назад и не вернулся (или не обернулся). Аллах сказал: «О Муса (Моисей)! Не бойся, ибо посланникам нечего бояться, когда они находятся предо Мною.

"ඔබේ සැරයටිය හෙළනු." එවිට මූසා එලෙස පිළිපැද්දේය. මූසා තුමා එය සර්පයකු මෙන් සෙල වී දඟලනු දුටු කල්හි එයින් පසු පසට හැරී දිව ගියේය. නැවත ඒ වෙත නොපැමිණියේය. එවිට අල්ලාහ් ඔහු අමතා, "නුඹ එයට බිය නොවනු. මා අබියස සිටින දූතවරු සර්පයකුට හෝ ඒ හැර වෙනත් දෑ ට හෝ බියවන්නේ නැත." යැයි පැවසීය.

27:11Страница 377

إِلَّا مَن ظَلَمَ ثُمَّ بَدَّلَ حُسۡنَۢا بَعۡدَ سُوٓءٖ فَإِنِّي غَفُورٞ رَّحِيمٞ ١١

А если кто совершил несправедливость, а затем заменил зло добром, то ведь Я - Прощающий, Милосердный.

නමුත් කවරෙකු පාපයක් සිදු කොට තමන්ටම අපරාධ කර ගත් පසු ව, ඒ වෙනුවෙන් පාප ක්ෂමාව ඇයද සිටින්නේ ද එවැන්නන් හැර. සැබවින්ම මම ඔහුට අති ක්ෂමාශීලීය. එමෙන්ම ඔහු කෙරෙහි ම මහා කරුණිකය.

27:12Страница 377

وَأَدۡخِلۡ يَدَكَ فِي جَيۡبِكَ تَخۡرُجۡ بَيۡضَآءَ مِنۡ غَيۡرِ سُوٓءٖۖ فِي تِسۡعِ ءَايَٰتٍ إِلَىٰ فِرۡعَوۡنَ وَقَوۡمِهِۦٓۚ إِنَّهُمۡ كَانُواْ قَوۡمٗا فَٰسِقِينَ ١٢

Сунь свою руку за пазуху, и она выйдет белой (цвета молока, светящейся), без следов болезни. Вот некоторые из девяти знамений для Фараона и его народа. Воистину, они являются людьми нечестивыми».

පහත සඳහන් පරිදි ඔබේ කමිසයේ, ගෙල අසලින් පිහිටි විවෘත කොටස තුළට ඔබේ අත ඇතුළත් කරනු. නුඹ එය දැමුවායින් පසු කිසිදු ලාදුරු රෝගයක් මෙන් නොව පිනි කැට මෙන් සුදුවන් ලෙසින් බැහැර වනු ඇත. නුඹේ සත්යභාවයට සාක්ෂි දරණ ප්රාතිහාර්යයන් නවයක් (දෑතත් සමග සැරයටිය, නියමිත වසර ගණනාවක් ගත වීම, බවභෝග හිඟවීම, මහා ජල ගැල්ම, පළගැටියන්, උකුණන්, ගෙම්බන් හා රුධිරය යනාදී වශයෙන්) ෆිර්අවුන් හා ඔහුගේ ජනයා වෙත ගෙන හැර දැක්වීය. සැබවින්ම ඔවුන් දේව ප්රතික්ෂේපය හේතුවෙන් අල්ලාහ්ට අවනත වීමෙන් බැහැර වූ පිරිසක් වූහ.

27:13Страница 377

فَلَمَّا جَآءَتۡهُمۡ ءَايَٰتُنَا مُبۡصِرَةٗ قَالُواْ هَٰذَا سِحۡرٞ مُّبِينٞ ١٣

Когда Наши знамения были наглядно показаны им, они сказали: «Это - очевидное колдовство».

මූසා තුමා ව අප ශක්තිමත් කළ අපගේ සංඥාවන් පැහැදිලි ලෙස ප්රසිද්ධියේ ඔවුන් වෙත පැමිණි කල්හි ඔවුහු, "මූසා ගෙන හා සංඥාවන් පැහැදිලි හූනියමකැ"යි පැවසූහ.

27:14Страница 378

وَجَحَدُواْ بِهَا وَٱسۡتَيۡقَنَتۡهَآ أَنفُسُهُمۡ ظُلۡمٗا وَعُلُوّٗاۚ فَٱنظُرۡ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُفۡسِدِينَ ١٤

Они отвергли их несправедливо и надменно, хотя в душе они были убеждены в их правдивости. Посмотри же, каким был конец распространявших нечестие!

මෙම පැහැදිලි සංඥාවන් ඔවුහු ප්රතික්ෂේප කළෝය. සැබවින්ම ඒවා අල්ලාහ් අබියසින් වූවක් බව තමන් වටහා ගෙන සිටිය ද, ඔවුන්ගේ අපරාධකම් හේතුවෙන් හා සත්ය පිළිගැනීමට තිබූ අහංකාරය හේතුවෙන් ඒවා ඔවුන් පිළිගත්තේ නැත. එහෙයින් දූතය! කලහකාරීන්හට ඔවුන්ගේ පාපකම් හා දේව ප්රතික්ෂේපය හේතුවෙන් මහ පොළොවේ අත් වූ අවසාන විපාකය කෙසේ වී දැ?යි සිතා බලනු. සැබවින්ම අපි ඔවුන් විනාශ කළෙමු. ඔවුන් සියලු දෙනා මුලිනුපුටා දැමුවෙමු.

27:15Страница 378

وَلَقَدۡ ءَاتَيۡنَا دَاوُۥدَ وَسُلَيۡمَٰنَ عِلۡمٗاۖ وَقَالَا ٱلۡحَمۡدُ لِلَّهِ ٱلَّذِي فَضَّلَنَا عَلَىٰ كَثِيرٖ مِّنۡ عِبَادِهِ ٱلۡمُؤۡمِنِينَ ١٥

Мы даровали знание Давуду (Давиду) и Сулейману (Соломону), и они сказали: «Хвала Аллаху, который предпочел нас многим из Своих верующих рабов».

දාවූද්ට හා ඔහුගේ පුත් සුලෙයිමාන්ට අපි දැනුම පිරිනැමුවෙමු. පක්ෂීන් සමග කතා කිරීමේ දැනුම ද ඉන් එකකි. කීර්තිමත් අල්ලාහ්ට කෘතවේදී වෙමින් දාවුද් හා සුලෙයිමාන් යන දූතවරුන් දෙදෙනා මෙසේ පැවසූහ."තම විශ්වාසී ගැත්තන් බොහෝ දෙනාට වඩා ඥානය හා නබිත්වය සඳහා අප තෝරා ගෙන; අප උසස් කළ අල්ලාහ්ට ම සියලු ප්රශංසා."

27:16Страница 378

وَوَرِثَ سُلَيۡمَٰنُ دَاوُۥدَۖ وَقَالَ يَٰٓأَيُّهَا ٱلنَّاسُ عُلِّمۡنَا مَنطِقَ ٱلطَّيۡرِ وَأُوتِينَا مِن كُلِّ شَيۡءٍۖ إِنَّ هَٰذَا لَهُوَ ٱلۡفَضۡلُ ٱلۡمُبِينُ ١٦

Сулейман (Соломон) наследовал Давуду (Давиду) и сказал: «О люди! Мы обучены языку птиц, и нам даровано от всего сущего. Это и есть явное превосходство (или явная милость)».

නබිත්වය දැනුම හා රාජ්ය බලය යනාදියෙහි සුලෙයිමාන් තම පියාණන් වූ දාවූද්ගෙන් උරුම කර ගත්තේය. තමන් වෙත හා තම පියාණන් වෙත අල්ලාහ් පිරිනැමූ ආශිර්වාදයන් ගැන ඔහු කතා කරමින් මෙසේ පැවසීය. "අහෝ ජනයිනි! පක්ෂීන්ගේ හඬවල් වටහා ගැනීමේ දැනුම අල්ලාහ් අපට පිරිනමා ඇත. නබිවරුන් හා රජවරුන්හට ඔහු පිරිනමා ඇති සියලු දෑ ද අපට පිරිනමා ඇත. සැබවින්ම සුවිශුද්ධ අල්ලාහ් අපහට පිරිනමා ඇති දෑ ඉතා පැහැදිලි භාග්යයක්ම වන්නේය."

27:17Страница 378

وَحُشِرَ لِسُلَيۡمَٰنَ جُنُودُهُۥ مِنَ ٱلۡجِنِّ وَٱلۡإِنسِ وَٱلطَّيۡرِ فَهُمۡ يُوزَعُونَ ١٧

И собраны были к Сулейману (Соломону) его воины из числа джиннов, людей и птиц. Они были разделены на боевые порядки.

සුලෙයිමාන් වෙනුවෙන් මිනිසුන් ජින්නුන් හා පක්ෂීන්ගෙන් යුත් සේනාවන් රැස් කරන ලදී. ඔවුන් පිළිවෙළකට මෙහෙයවා ගෙන යනු ලැබුවෝය.

27:18Страница 378

حَتَّىٰٓ إِذَآ أَتَوۡاْ عَلَىٰ وَادِ ٱلنَّمۡلِ قَالَتۡ نَمۡلَةٞ يَٰٓأَيُّهَا ٱلنَّمۡلُ ٱدۡخُلُواْ مَسَٰكِنَكُمۡ لَا يَحۡطِمَنَّكُمۡ سُلَيۡمَٰنُ وَجُنُودُهُۥ وَهُمۡ لَا يَشۡعُرُونَ ١٨

Когда они прибыли в долину муравьев, муравьиха сказала: «О муравьи! Войдите в свои жилища, чтобы Сулейман (Соломон) и его воины не погубили вас, даже не почувствовав этого».

(සිරියාවේ ස්ථානයක) කුහුඹුවන්ගෙන් යුත් මිටියාවත දක්වා ඔවුන් පැමිණෙන තෙක්ම ඔවුන් මෙහෙයවනු ලබමින් සිටියෝය. කුහුඹුවන් අතරින් එක් කුහුඹියක් මෙසේ පැවසීය. "අහෝ කුහුඹුවනි! සුලෙයිමාන් හා ඔහුගේ සේනාව නුඹලා ගැන නොදැනුවත් ව නුඹලා ව විනාශ නොකරනු වස් නුඹලා නුඹලාගේ නිවෙස් වලට පිවිසෙනු. නුඹලා පිළිබඳ ඔවුන් දැන ගත්තේ නම් ඔවුන් නුඹලා ව පාගා නොදමනු ඇත.’

27:19Страница 378

فَتَبَسَّمَ ضَاحِكٗا مِّن قَوۡلِهَا وَقَالَ رَبِّ أَوۡزِعۡنِيٓ أَنۡ أَشۡكُرَ نِعۡمَتَكَ ٱلَّتِيٓ أَنۡعَمۡتَ عَلَيَّ وَعَلَىٰ وَٰلِدَيَّ وَأَنۡ أَعۡمَلَ صَٰلِحٗا تَرۡضَىٰهُ وَأَدۡخِلۡنِي بِرَحۡمَتِكَ فِي عِبَادِكَ ٱلصَّٰلِحِينَ ١٩

Он улыбнулся, рассмеявшись от ее слов. Он сказал: «Господи! Внуши мне быть благодарным за Твою милость, которую Ты оказал мне и моим родителям, и совершать праведные деяния, которыми Ты будешь доволен. Введи меня по Своей милости в число Своих праведных рабов».

සුලෙයිමාන් ඇයගේ කතාවට සවන් දුන් කල්හි, ඇයගේ එම ප්රකාශය ගැන සිනාසීය. සුවිශුද්ධයාණන් වන ඔහුගේ පරමාධිපතිට ප්රාර්ථනා කරමින්, "මාගේ පරමාධිපතියාණනි! මට ආශිර්වාද කරනු මැනව! මා වෙත හා මාගේ දෙමාපියන් හට පිරිනැමූ ඔබේ ආශිර්වාදයන්ට මා කෘත ගුණ සැලකීමට මට අවකාශය දෙනු මැනව! එමෙන්ම නුඹ බලාපොරොත්තු වන අයුරින් දැහැමි ක්රියාවන් කිරීමටත් මට ආශිර්වාද කරනු මැනව! නුඹේ කරුණාව තුළින් නුඹේ දැහැමි ගැත්තන් අතරට මා ඇතුළත් කරනු මැනව!" යැයී කීය.

27:20Страница 378

وَتَفَقَّدَ ٱلطَّيۡرَ فَقَالَ مَالِيَ لَآ أَرَى ٱلۡهُدۡهُدَ أَمۡ كَانَ مِنَ ٱلۡغَآئِبِينَ ٢٠

Осматривая птиц, он сказал: «Что со мной? Почему я не вижу удода? Или же он оказался в числе отсутствующих?

සුලෙයිමාන් පක්ෂියා ව සෙවීය. නමුත් හුද් හුද් ව දකින්නට නොලැබීය. එවිට ඔහු, "හුද් හුද් ව දකින්නට නැත්තේ ඇයි? ඔහු ව දැකීමෙන් කිසිවකු මා වැළැක්වූයේ ද? එසේ නැතහොත් ඌ සැඟවුණු අය අතරට පත් වූයේ ද?" යැයි කීය.

27:21Страница 378

لَأُعَذِّبَنَّهُۥ عَذَابٗا شَدِيدًا أَوۡ لَأَاْذۡبَحَنَّهُۥٓ أَوۡ لَيَأۡتِيَنِّي بِسُلۡطَٰنٖ مُّبِينٖ ٢١

Я подвергну его суровым мучениям или же зарежу его, если он не приведет ясного довода».

ඌ නොපැමිණි බව ඔහුට පැහැදිලි වූ කල්හි ඔහු "මම ඌට දැඩි දඬුවමකින් දඬුවම් කරමි. ඔහු නොපැමිණීම නිසා ඔහුට දඬුවමක් වශයෙන් මා ඌ කපා දමමි. එසේ නැතහොත් ඔහු නොපැමිණීමට නිදහසට කරුණු පැහැදිලි කරමින් පැහැදිලි සාක්ෂියක් ඌ මා වෙත ගෙන ආ යුතු වේ." යැයි පැවසීය.

27:22Страница 378

فَمَكَثَ غَيۡرَ بَعِيدٖ فَقَالَ أَحَطتُ بِمَا لَمۡ تُحِطۡ بِهِۦ وَجِئۡتُكَ مِن سَبَإِۭ بِنَبَإٖ يَقِينٍ ٢٢

Он оставался там недолго и сказал: «Я узнал о том, чего ты не знаешь. Я прибыл к тебе из Сабы (Савы) с достоверным известием.

නුදුරු කාලයක් හුද් හුද් රැඳී සිටියේය. පසු ව ඌ පැමිණි කල්හි සුලෙයිමාන් (අලයිහිස් සලාම්) තුමා වෙත, "නුඹ නිරීක්ෂණය නොකළ දෙයක් මාගේ නිරීක්ෂණයට ලක් විය. කිසිදු සැකයක් නැති සත්යය තොරතුරක් සමග සබඃ වාසීන් අතරින් මම නුඹ වෙත පැමිණියෙමි." යැයි පැවසීය.

27:23Страница 379

إِنِّي وَجَدتُّ ٱمۡرَأَةٗ تَمۡلِكُهُمۡ وَأُوتِيَتۡ مِن كُلِّ شَيۡءٖ وَلَهَا عَرۡشٌ عَظِيمٞ ٢٣

Я обнаружил там женщину, которая царствует над ними. Ей даровано все, и у нее есть великий трон.

"ඔවුන් පාලනය කරන කාන්තාවක් සැබවින්ම මම දුටුවෙමි. බලය රාජ්යය යනාදී සියලු සාධක මෙම කාන්තාවට පිරිනමනු ලැබ ඇත. ඇයට මහඟු කවිච්චියක් ඇත. ඇගේ ජනයාගේ කටයුතු ඊට ඉහළින් සිට ඇය කළමණාකරණය කරන්නීය."

27:24Страница 379

وَجَدتُّهَا وَقَوۡمَهَا يَسۡجُدُونَ لِلشَّمۡسِ مِن دُونِ ٱللَّهِ وَزَيَّنَ لَهُمُ ٱلشَّيۡطَٰنُ أَعۡمَٰلَهُمۡ فَصَدَّهُمۡ عَنِ ٱلسَّبِيلِ فَهُمۡ لَا يَهۡتَدُونَ ٢٤

Я увидел, что она вместе со своим народом поклоняется солнцу вместо Аллаха. Дьявол представил им их деяния прекрасными и сбил их с пути, и они не следуют прямым путем.

"මෙම කාන්තාව හා ඇගේ ජනයා උත්තරීතර අල්ලාහ් හැර හිරුට නමස්කාර කරමින් සිටිනු මා දුටුවෙමි. පාපකම් හා ආදේශ තැබීම යනාදී වශයෙන් ඔවුන් කවර ක්රියාවක පසුවන්නේ ද එය ෂෙයිතාන් ඔවුනට අලංකාරවත් කර ඇත්තේ ය. සත්ය මාර්ගයෙන් ඔවුන් වෙනතකට හරවා ඇත්තේය. එහෙයින් ඔවුන් ඒ වෙත මග නොලබති.

27:25Страница 379

أَلَّاۤ يَسۡجُدُواْۤ لِلَّهِ ٱلَّذِي يُخۡرِجُ ٱلۡخَبۡءَ فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَيَعۡلَمُ مَا تُخۡفُونَ وَمَا تُعۡلِنُونَ ٢٥

Это было сделано для того, чтобы они не поклонялись Аллаху, Который выявляет все сокрытое на небесах и на земле и знает то, что вы скрываете, и то, что вы обнаруживаете.

"පාප ක්රියා හා ආදේශ කිරීමේ කටයුතු ෂෙයිතාන් ඔවුනට අලංකාරවත් කළේය. එය අහසේ සැඟ ව ඇති දෑ වර්ෂාව මගින් මතු කරන මහ පොළොවේ පැළෑටි හට ගන්වන ඒකීය අල්ලාහ්ට ඔවුන් නමස්කාර නොකරනු පිණිසය. නුඹලා සඟවන කටයුතු හා නුඹලා හෙළි කරන කටයුතු ඔහු දනී. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත."

27:26Страница 379

ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَ رَبُّ ٱلۡعَرۡشِ ٱلۡعَظِيمِ۩ ٢٦

Нет иного божества, кроме Аллаха, Господа великого Трона».

අල්ලාහ් වනාහී සැබෑ ලෙස නැමදුම් ලැබිය යුත්තා. ඔහු හැර වෙනත් අයකු නැත. ඔහු අතිමහත් රාජ්යයේ පරමාධිපතියාණන්ය.

27:27Страница 379

۞ قَالَ سَنَنظُرُ أَصَدَقۡتَ أَمۡ كُنتَ مِنَ ٱلۡكَٰذِبِينَ ٢٧

Он сказал: «Посмотрим, сказал ли ты правду или же являешься одним из лжецов.

සුලෙයිමාන් හුද් හුද්ට, "නුඹ වාද කරමින් සිටින දෑ හි නුඹ සත්යවාදියෙකු ද එසේ නැතහොත් නුඹ බොරුකාරයින් අතරින් දැ?යි අපි මතුවට නිරීක්ෂා කරන්නෙමු." යැයි පැවසීය.

27:28Страница 379

ٱذۡهَب بِّكِتَٰبِي هَٰذَا فَأَلۡقِهۡ إِلَيۡهِمۡ ثُمَّ تَوَلَّ عَنۡهُمۡ فَٱنظُرۡ مَاذَا يَرۡجِعُونَ ٢٨

Отправляйся с этим посланием от меня и брось его им. Затем встань поодаль и погляди, что они ответят».

සුලෙයිමාන් ලිපියක් ලියා එය ඌට භාර දී, "මාගේ මේ ලිපිය ගෙන ගොස් එය සබඃ වාසීන් වෙත හෙළනු. එය ඔවුනටම භාර දෙනු. එම කරුණට ඔවුන් කුමන ප්රතිචාරයක් දෙන්නේ දැයි නුඹට සවන් දිය හැකි පරිදි ඔවුන්ගෙන් අහකට වී ඉවත් ව සිටිනු." යැයි කීය.

27:29Страница 379

قَالَتۡ يَٰٓأَيُّهَا ٱلۡمَلَؤُاْ إِنِّيٓ أُلۡقِيَ إِلَيَّ كِتَٰبٞ كَرِيمٌ ٢٩

Она сказала: «О знать! Мне было брошено благородное письмо.

රැජිනිය එම ලිපිය භාර ගත්තාය ඇය, "අහෝ ප්රධානියනි! සැබවින්ම මා වෙත කීර්තිමත් ගෞරවනීය ලිපියක් දමා ගොස් ඇතැ"යි පැවසුවාය.

27:30Страница 379

إِنَّهُۥ مِن سُلَيۡمَٰنَ وَإِنَّهُۥ بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ ٣٠

Оно - от Сулеймана (Соломона), и в нем сказано: «Во имя Аллаха, Милостивого, Милосердного!

සුලෙයිමාන් විසින් එවන ලද මෙම ලිපිය ආරම්භයේ ‘බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්’ -අපරමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන්- යැයි සඳහන් ව තිබුණි.

27:31Страница 379

أَلَّا تَعۡلُواْ عَلَيَّ وَأۡتُونِي مُسۡلِمِينَ ٣١

Не превозноситесь предо мною и явитесь ко мне покорными»».

"නුඹලා අහංකාර නොවනු. දේව ඒකීයත්වය පිළිබඳ නුඹලා ඒ සමග හිරුට වන්දනාමාන කරමින් නුඹලා කරන ආදේශය අතහැර දමන මෙන් ද, මා නුඹලාට කවර කරුණක් වෙත ඇරයුම් කළේ ද නුඹලා එයට යටහත් පහත් ව මා වෙත පැමිණෙනු."

27:32Страница 379

قَالَتۡ يَٰٓأَيُّهَا ٱلۡمَلَؤُاْ أَفۡتُونِي فِيٓ أَمۡرِي مَا كُنتُ قَاطِعَةً أَمۡرًا حَتَّىٰ تَشۡهَدُونِ ٣٢

Она сказала: «О знать! Посоветуйте, как мне поступить. Я никогда не принимала решений самостоятельно, пока вы находились рядом со мной».

රැජිනිය මෙසේ පැවසුවාය. "අහෝ ප්රධානියනි! නායකයිනි! මාගේ විෂයයෙහි නිවැරදි ක්රමය මට පැහැදිලි කර දෙනු. නුඹලා මා වෙත කරුණක් ඉදිරිපත් කරන තෙක්, ඒ සම්බන්ධයෙන් නුඹලාගේ අදහස් ප්රකාශ කරන තෙක් මම ඒ ගැන තීන්දු දෙන්නියක් නොවෙමි."

27:33Страница 379

قَالُواْ نَحۡنُ أُوْلُواْ قُوَّةٖ وَأُوْلُواْ بَأۡسٖ شَدِيدٖ وَٱلۡأَمۡرُ إِلَيۡكِ فَٱنظُرِي مَاذَا تَأۡمُرِينَ ٣٣

Они сказали: «Мы обладаем силой и великой мощью, но решение остается за тобой. Подумай, что ты прикажешь делать».

ඇයගේ ජනයා අතර සිටි ප්රභූවරු, "අපි වඩාත් බලවත් අය වෙමු. එමෙන්ම යුද්ධ කිරීමෙහි ශක්තිමත් අය වෙමු. අදහස විය යුත්තේ ඒ ගැන ඔබ දකින අදහසය. නුඹ අපට කවර කරුණක් අණ කරන්නීදැයි ඔබ ම නිරීක්ෂා කර බලන්න. එය ක්රියාත්මක කිරීමට අපි ශක්තිවන්තයෝ වෙමු." යැයි පැවසූහ.

27:34Страница 379

قَالَتۡ إِنَّ ٱلۡمُلُوكَ إِذَا دَخَلُواْ قَرۡيَةً أَفۡسَدُوهَا وَجَعَلُوٓاْ أَعِزَّةَ أَهۡلِهَآ أَذِلَّةٗۚ وَكَذَٰلِكَ يَفۡعَلُونَ ٣٤

Она сказала: «Когда цари вторгаются в селение, они разрушают его и превращают его самых славных жителей в самых униженных. Вот так они поступают.

එවිට රැජනිය, "සැබවින්ම රජවරු ගම්මාන අතරින් කිසියම් ගම්මානයකට ප්රවේශ වූ විට මිනිමැරුම්, කොල්ලකෑම් හා පැහැර ගැනීම් වැනි ක්රියාදාමයන් ඔවුන් සිදු කිරීම තුළින් එහි ප්රචණ්ඩත්වය පතුරුවති. එහි සිටින නායකයින් හා ප්රභූවරුන් ගෞරවයෙන් හා ආශිර්වාදයන් මත සිටි පසු ඉතා පහත් තත්ත්වයට පත් කරති. රජවරු කිසියම් ගම්මානයක වැසියන් අබිබවා ගිය විට ඔවුන් නිරතුරුව ම කටයුතු කරනුයේ එලෙසමය. එය ඔවුන් ආත්මාවන් තුළ බිය හා ත්රාසය වැපිරීම සඳහාය."

27:35Страница 379

وَإِنِّي مُرۡسِلَةٌ إِلَيۡهِم بِهَدِيَّةٖ فَنَاظِرَةُۢ بِمَ يَرۡجِعُ ٱلۡمُرۡسَلُونَ ٣٥

Я пошлю им дары и посмотрю, с чем вернутся послы».

"සැබවින්ම මම ලිපිය සතු අය වෙත හා ඔහුගේ ජනයා වෙත ත්යාගයක් එවමි. එම ත්යාගය එවීමෙන් පසු එම දූතවරු කවර පණිවිඩයක් රැගෙන එන්නේ දැ යි මා බලාපොරොත්තුවෙන් සිටිමි."

27:36Страница 380

فَلَمَّا جَآءَ سُلَيۡمَٰنَ قَالَ أَتُمِدُّونَنِ بِمَالٖ فَمَآ ءَاتَىٰنِۦَ ٱللَّهُ خَيۡرٞ مِّمَّآ ءَاتَىٰكُمۚ بَلۡ أَنتُم بِهَدِيَّتِكُمۡ تَفۡرَحُونَ ٣٦

Когда они прибыли к Сулейману (Соломону), он сказал: «Неужели вы можете помочь мне богатством? То, что даровал мне Аллах, лучше того, что Он даровал вам. Нет, это вы радуетесь преподнесенным вам дарам.

ඇයගේ දූතයා හා ඔහු සමග වූ සගයින් ත්යාග ඔසවාගෙන සුලෙයිමාන් වෙත පැමිණි කල්හි, සුලයිමාන් එවන ලද ත්යාග හෙළා දකිමින් ඔවුනට මෙසේ පැවසීය. "නුඹලාගෙන් මා වැළැක්වීම සඳහා නුඹලා මට අල්ලස් දෙන්නෙහු ද? නුඹලා පිරිනමන මේවාට වඩා අල්ලාහ් මට පිරිනැමූ නබිත්වය, රාජ්ය බලය හා ධනය අති උතුම්ය. නමුත් නුඹලා වෙත පිරිනමන ලද මෙලොව රොඩු පිළිබඳ නුඹලා සතුටු වන්නෙහුය." යැයි කීය.

27:37Страница 380

ٱرۡجِعۡ إِلَيۡهِمۡ فَلَنَأۡتِيَنَّهُم بِجُنُودٖ لَّا قِبَلَ لَهُم بِهَا وَلَنُخۡرِجَنَّهُم مِّنۡهَآ أَذِلَّةٗ وَهُمۡ صَٰغِرُونَ ٣٧

Возвращайся к ним, а мы обязательно прибудем с войском, перед которым они не устоят, и изгоним их оттуда униженными и ничтожными».

සුලෙයිමාන් (අලයිහිස් සලාම්) තුමා ඇයගේ දූතයාට තවදුරටත්, "නුඹ කවර තිළිණයක් ගෙන ආවේ ද එය ඔවුනට නැවත දෙනු. ඇය හා ඇයගේ ජනයාට මුහුණ දිය නොහැකි බලවත් සේනාවක් සමග සැබවින්ම අපි ඔවුන් වෙත පැමිණෙන්නෙමු. සබඃ දේශයෙන් අපි ඔවුන් පිටුවහල් කරමු. ඔවුන් මා වෙත අවනත වන්නන් ලෙස නොපැමිණියේ නම් ඔවුන් කවර ගෞරවයක් මත සිටින්නේ ද එකී තත්ත්වයෙන් පසු ඔවුන් අවමානයට පත් නිචයින් බවට පත් වන්නෝය." යැයි පැවසීය.

27:38Страница 380

قَالَ يَٰٓأَيُّهَا ٱلۡمَلَؤُاْ أَيُّكُمۡ يَأۡتِينِي بِعَرۡشِهَا قَبۡلَ أَن يَأۡتُونِي مُسۡلِمِينَ ٣٨

Он сказал: «О знать! Кто из вас принесет мне ее трон до того, как они предстанут предо мною покорными?».

සුලෙයිමාන් (අලයිහිස් සලාම්) තුමා තම පාලනය යටතේ සිටින උදව්කරුවන්හට කතා කරමින්, "අහෝ ප්රධානියනි! ඔවුන් මා වෙත යටහත් ව පැමිණීමට පෙර ඇයගේ රාජ්ය ආසනය මා වෙත ගෙන එන්නේ නුඹලා අතරින් කවරෙකු දැ?"යි විමසා සිටියහ.

27:39Страница 380

قَالَ عِفۡرِيتٞ مِّنَ ٱلۡجِنِّ أَنَا۠ ءَاتِيكَ بِهِۦ قَبۡلَ أَن تَقُومَ مِن مَّقَامِكَۖ وَإِنِّي عَلَيۡهِ لَقَوِيٌّ أَمِينٞ ٣٩

Силач из числа джиннов сказал: «Я принесу его тебе прежде, чем ты встанешь со своего места (до окончания собрания). Я достаточно силен и заслуживаю доверия для этого».

ජින්නුන් අතර සිටි යෝධ ජින්නුවෙකු, "ඔබ සිටින සභාවෙන් නැගිටීමට පෙර ඇයගේ රාජාසනය නුඹ වෙත මම ගෙන එමි. සැබවින්ම මා එය උසුලා ගෙන එන්නට ශක්තිය ඇත්තෙකි. එමෙන්ම එහි ඇති දෑ සම්බන්ධයෙන් මා විශ්වසනීය අයෙකි. ඉන් කිසිවක් මම අඩු නොකරමි" යැයි ඔහුට පිළිතුරු දුන්නේය.

27:40Страница 380

قَالَ ٱلَّذِي عِندَهُۥ عِلۡمٞ مِّنَ ٱلۡكِتَٰبِ أَنَا۠ ءَاتِيكَ بِهِۦ قَبۡلَ أَن يَرۡتَدَّ إِلَيۡكَ طَرۡفُكَۚ فَلَمَّا رَءَاهُ مُسۡتَقِرًّا عِندَهُۥ قَالَ هَٰذَا مِن فَضۡلِ رَبِّي لِيَبۡلُوَنِيٓ ءَأَشۡكُرُ أَمۡ أَكۡفُرُۖ وَمَن شَكَرَ فَإِنَّمَا يَشۡكُرُ لِنَفۡسِهِۦۖ وَمَن كَفَرَ فَإِنَّ رَبِّي غَنِيّٞ كَرِيمٞ ٤٠

А тот, который обладал знанием из Писания, сказал: «Я принесу его тебе в мгновение ока». Увидев установленный перед ним трон, он сказал: «Мой Господь оказал мне эту милость для того, чтобы испытать меня, буду ли я благодарен или же буду непризнателен. Кто благодарен, тот благодарен во благо себе. А если кто непризнателен, то ведь мой Господь - Богатый, Великодушный».

සුලෙයිමාන් ළඟ සිටි දිව්ය පුස්තකය පිළිබඳ දැනුම තිබූ අල්ලාහ්ගේ අතිමහත් නාමය යෙදුනු, විද්වත් දැහැමි පුද්ගලයකු ඒ සඳහා ඇරයුම් කරනු ලැබූ විට එයට පිළිතුරු දෙමින් මෙසේ පැවසීය. "ඔබ ඇසිපිලි ගසන්නට මත්තෙන් ඇයගේ ආසනය මම ඔබ වෙ ගෙන එමි. එය මා අල්ලාහ්ට ඇරයුම් කිරීමෙනි." එවිට ඔහු ඉදිරියට පැමිණ ප්රාර්ථනා කළේය. ඔහුගේ ප්රාර්ථනාවට අල්ලාහ් පිළිතුරු දුන්නේය. සුලෙයිමාන් තුමා ඇයගේ ආසනය ඔහු අසල තිබෙනු දුටු කල්හි, ඔහු,"මෙය මාගේ සුවිශුද්ධයාණන් වූ පරමාධිපතිගේ භාග්යයකි. ඔහුගේ ආශිර්වාදයට මා කෘත ගුණ සලකන්නේද එසේ නැතහොත් එය ප්රතික්ෂේප කරන්නේ දැ?යි ඔහු මා පරීක්ෂණය කරනු පිණිසය? කවරෙකු අල්ලාහ්ට කෘතඥ වන්නේ ද සැබවින්ම එම කෘතඥතාවයේ ඵලය ඔහු වෙත නැවත හැරී එනු ඇත. අල්ලාහ් අවශ්යතාවන්ගෙන් තොරය. ගැත්තන් කෘතඥවීම ඔහුට කිසිවක් වැඩි කරන්නේ නැත. කවරෙකු අල්ලාහ්ගේ ආශිර්වාදය ප්රතික්ෂේප කොට එයට ගුණමකු වන්නේ ද සැබවින්ම මාගේ පරමාධිපති ඔහුගේ කෘතඥාභාවය ගැන අවශ්යතාවන්ගෙන් තොරය. ඒවා ප්රතික්ෂේප කරන්නන් හටත් දායාද කිරීම ඔහුගේ ත්යාගශීලී භාවයකි." යැයි පැවසීය.

27:41Страница 380

قَالَ نَكِّرُواْ لَهَا عَرۡشَهَا نَنظُرۡ أَتَهۡتَدِيٓ أَمۡ تَكُونُ مِنَ ٱلَّذِينَ لَا يَهۡتَدُونَ ٤١

Он сказал: «Переделайте ее трон так, чтобы она не узнала его, и мы посмотрим, следует она прямым путем или же является одной из тех, кто не следует прямым путем».

සුලෙයිමාන් (අලයිහිස් සලාම්) තුමා, "ඇයගේ රාජසනයෙහි ස්වරූපය ඇය සඳහා වෙනස් කරනු. සැබවින්ම එය ඇයගේ ආසනය යැයි ඇයට දැන ගැනීමට මග ලබන්නේ ද නැතහොත් ඇය තම වස්තූන් පිළිබඳ දැන ගැනීමට නොහැකි අය අතරට පත්වන්නී ද? යැයි බලමු" යැයි පැවසීය.

27:42Страница 380

فَلَمَّا جَآءَتۡ قِيلَ أَهَٰكَذَا عَرۡشُكِۖ قَالَتۡ كَأَنَّهُۥ هُوَۚ وَأُوتِينَا ٱلۡعِلۡمَ مِن قَبۡلِهَا وَكُنَّا مُسۡلِمِينَ ٤٢

Когда она прибыла, ей сказали: «Таков ли твой трон?». Она сказала: «Будто это он и есть». Сулейман (Соломон) сказал: «Знание было даровано нам раньше, чем ей, и мы являемся мусульманами».

සබඃ රැජින සුලෙයිමාන් වෙත පැමිණි කල්හි ඇයට පරීක්ෂණයක් ලෙසින් ඇයට මෙසේ පවසන ලැබීය. "මෙය ඔබේ සිංහාසනය මෙන් දැ"යි විමසීය. ඇය අදාළ ප්රශ්නයට පිළිතුරු දෙමින්, "එය හා සමානය" යැයි පැවසුවාය. එවිට සුලෙයිමාන් "මෙවන් කටයුතු වලදී අල්ලාහ්ගේ බලයෙන් ඇයට පෙර එම දැනුම අල්ලාහ් අපට පිරිනැමීය. එහෙයින් අපි අල්ලාහ්ට අවනත වන්නන් ලෙස ඔහුගේ නියෝගයට යටත්වන්නන් වූයෙමු" යැයි පැවසීය.

27:43Страница 380

وَصَدَّهَا مَا كَانَت تَّعۡبُدُ مِن دُونِ ٱللَّهِۖ إِنَّهَا كَانَتۡ مِن قَوۡمٖ كَٰفِرِينَ ٤٣

Ей мешало то, чему она поклонялась вместо Аллаха, ведь она принадлежала к неверующему народу.

ඇය ඇයගේ ජනයා අනුකරණය කරමින් ඔවුන් ව අනුගමනය කරමින් අල්ලාහ් හැර නමදිමින් සිටි සෙසු දෑ අල්ලාහ් ව ඒකීයකරණය කිරීමෙන් ඇය ව වෙනතකට යොමු කර තිබිණ. සැබවින්ම ඇය අල්ලාහ් ව ප්රතික්ෂේප කරන ජනයා අතරින් වූවාය. ඔවුන් මෙන් දේව ප්රතික්ෂේනියක් වූවාය.

27:44Страница 380

قِيلَ لَهَا ٱدۡخُلِي ٱلصَّرۡحَۖ فَلَمَّا رَأَتۡهُ حَسِبَتۡهُ لُجَّةٗ وَكَشَفَتۡ عَن سَاقَيۡهَاۚ قَالَ إِنَّهُۥ صَرۡحٞ مُّمَرَّدٞ مِّن قَوَارِيرَۗ قَالَتۡ رَبِّ إِنِّي ظَلَمۡتُ نَفۡسِي وَأَسۡلَمۡتُ مَعَ سُلَيۡمَٰنَ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ ٤٤

Ей сказали: «Войди во дворец». Увидев его, она приняла его за водную пучину и обнажила свои голени. Он сказал: «Это - отшлифованный дворец из хрусталя». Она сказала: «Господи! Я была несправедлива к самой себе. Я покоряюсь вместе с Сулейманом (Соломоном) Аллаху, Господу миров».

මතුපිට පෙනෙන ස්වරූපයක් මෙන් වූ "මන්දිරයට නුඹ ඇතුළු වනු" යැයි ඇයට කියනු ලැබීය. එවිට ඇය එය ජලය යැයි සිතා ඇය එය තරණය කිරීම සඳහා ඇයගේ කෙණ්ඩයෙන් වස්ත්රය ඉවත් කළාය. සුලෙයිමාන් (අලයිහිස් සලාම්) තුමා, "සැබවින්ම එය පළිඟු වලින් අලේප කරන ලද මන්දිරයකි.’ යැයි පවසා සිටි අතර ඇය ව ඉස්ලාමය වෙත ඇරයුම් කළේය. කවර කරුණක් වෙත ඇය ඇරයුම් කරනු ලැබුවේ ද එයට පිළිතුරු දෙමින් ඇය මෙසේ පැවසුවාය. "පරමාධිපතියාණනි! ඔබ සමග, ඔබ නොවන වෙනත් දෑ ට නැමදුම් කිරීමෙන් සැබවින්ම මම මට ම අපරාධ කර ගත්තෙමි. මම සුලෙයිමාන් සමග සියලු දෑ හි මැවුම්කරුවාණන් වන අල්ලාහ්ට යටත් වෙමි." යැයි පැවසුවාය.

27:45Страница 381

وَلَقَدۡ أَرۡسَلۡنَآ إِلَىٰ ثَمُودَ أَخَاهُمۡ صَٰلِحًا أَنِ ٱعۡبُدُواْ ٱللَّهَ فَإِذَا هُمۡ فَرِيقَانِ يَخۡتَصِمُونَ ٤٥

Мы послали к самудянам их брата Салиха, чтобы они поклонялись Аллаху, но они стали двумя препирающимися группами.

අපි සමූද් වැසියන් වෙත ඔවුන්ගේ පරම්පරාවෙන් සහෝදරයකු වූ සාලිහ් (අලයිහිස් සලාම්) තුමා ව, "නුඹලා අල්ලාහ්ට පමණක් නැමදුම් කරනු." යැයි අණ කරමින් එව්වෙමු. නමුත් ඔවුනට කළ එම ඇරයුමෙන් පසු ව කණ්ඩායම් දෙකක් ලෙස ඔවුහු බෙදුණහ. කණ්ඩායමක් දේව විශ්වාසී පිරිසක් වූ අතර අනෙක් කණ්ඩායම සත්ය මත සිටින්නේ කවරෙකු දැයි පවසා දබර කරන පිරිසක් වූූහ.

27:46Страница 381

قَالَ يَٰقَوۡمِ لِمَ تَسۡتَعۡجِلُونَ بِٱلسَّيِّئَةِ قَبۡلَ ٱلۡحَسَنَةِۖ لَوۡلَا تَسۡتَغۡفِرُونَ ٱللَّهَ لَعَلَّكُمۡ تُرۡحَمُونَ ٤٦

Он сказал: «О мой народ! Почему вы торопите зло прежде добра? Почему вы не просите у Аллаха прощения? Быть может, вы будете помилованы».

සාලිහ් (අලයිහිස් සලාම්) තුමා ඔවුන් දෙස බලා," කරුණාවට පෙර දඬුවම ඉක්මන් කරන්නැයි නුඹලා පතනුයේ මන්ද? අල්ලාහු නුඹලාට කරුණා කරනු වස් නුඹලාගේ පාපකම් සඳහා නුඹලා අල්ලාහ්ගෙන් සමාව ඇයද සිටිය යුතු නොවේද?" යැයි පවසා සිටියේය.

27:47Страница 381

قَالُواْ ٱطَّيَّرۡنَا بِكَ وَبِمَن مَّعَكَۚ قَالَ طَٰٓئِرُكُمۡ عِندَ ٱللَّهِۖ بَلۡ أَنتُمۡ قَوۡمٞ تُفۡتَنُونَ ٤٧

Они сказали: «Мы видим дурное предзнаменование в тебе и тех, кто с тобой». Он сказал: «Ваше дурное предзнаменование - у Аллаха, но вы являетесь народом, который подвергают искушению».

සත්යය පිළිගැනීමට මුරණ්ඩු වූ ඔහුගේ ජනයා ඔහුට, "නුඹ හා නුඹ සමග සිටින දේව විශ්වාසීන් නිසාවෙන් අපට අසුබක් ඇති වී ඇතැ"යි පැවසීය. සාලිහ් (අලයිහිස් සලාම්) තුමා ඔවුන් දෙස බලා, "නුඹලාට අත් වූ පිළිකුල හේතුවෙන් අසුබත්වයෙන් නුඹලා තරවටු කරනු ලබන්නේ නැත. ඒ පිළිබඳ දැනුම අල්ලාහ් සතු වූවකි. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. නුඹලාට ඔහු ව්යාප්ත ව පිරිනමන යහපතින් හා නුඹලාට අත්වන නපුරෙන් නුඹලා පරීක්ෂාවට ලක් කරනු ලබන පිරිසක් වූහ." යැයි කීය.

Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии

Содержание

Аят аль-Курси36Аль-Кахфстр. 42джуз 15Бухари 1Муслим 2999

Вид

Тема
Размер текста
Вид

Read in English