Аль-Мухтасар · Тафсир · на сингальском
Ан-Намль 27:48–93
27:48Страница 381
وَكَانَ فِي ٱلۡمَدِينَةِ تِسۡعَةُ رَهۡطٖ يُفۡسِدُونَ فِي ٱلۡأَرۡضِ وَلَا يُصۡلِحُونَ ٤٨
В городе было девять человек, которые распространяли на земле нечестие и ничего не улучшали.
හිජ්ර් නගරයේ දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් මහ පොළොවේ කලහකාරී ලෙස හැසිරෙන කණ්ඩායම් නවයක් වූහ. දේව විශ්වාසය හා දැහැමි ක්රියාවන් තුළින් ඔවුහු තම වරද හරිගැස්වුයේ නැත.
27:49Страница 381
قَالُواْ تَقَاسَمُواْ بِٱللَّهِ لَنُبَيِّتَنَّهُۥ وَأَهۡلَهُۥ ثُمَّ لَنَقُولَنَّ لِوَلِيِّهِۦ مَا شَهِدۡنَا مَهۡلِكَ أَهۡلِهِۦ وَإِنَّا لَصَٰدِقُونَ ٤٩
Они сказали: «Поклянитесь друг другу Аллахом, что ночью мы обязательно нападем на Салиха и его семью, а потом скажем его близкому родственнику, что мы не присутствовали при убийстве его семьи и что мы говорим правду».
ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකු දෙස බලා, "නුඹලා අතරින් සෑම කෙනෙකුම අල්ලාහ් මත දිවුරා සිටිය යුතුයි. සැබැවින්ම අපි රාත්රියේ ඔහුගේ නිවසට ගොස් ඔහු හා ඔහුගේ පවුලේ උදවිය මරා දමන්නෙමු. පසුව එහි ප්රාණ අයිතිකරුට: "සාලිහ් හා ඔහුගේ නිවැසියන් ඝාතනය කරන අවස්ථාවේ අපි නොසිටියෙමු. සැබවින්ම අපි පවසන දෑ හි සත්යවාදීන් වෙමු." යැයි පවසා සිටිමු යැයි පැවසූහ.
27:50Страница 381
وَمَكَرُواْ مَكۡرٗا وَمَكَرۡنَا مَكۡرٗا وَهُمۡ لَا يَشۡعُرُونَ ٥٠
Они замыслили хитрость, и Мы замыслили хитрость, но они не ощущали этого.
සාලිහ් හා එතුමා ව අනුගමනය කළ දේව විශ්වාසීන් විනාශ කිරීමට ඔවුහු කූට සැලසුමක් කුමන්ත්රණය කළෝය. ඔහුට උදව් කිරීමටත් ඔවුන්ගේ කුමන්ත්රණයෙන් ඔහු ව මුදවාලන්නටත් ඔවුන් නොදැනුවත් ව සිටිය දී ඔහුගේ ජනයා අතරින් වූ දේව ප්රතික්ෂේපකයින් විනාශ කර දැමීමටත් අපි සැලසුම් යෙදුවෙමු.
27:51Страница 381
فَٱنظُرۡ كَيۡفَ كَانَ عَٰقِبَةُ مَكۡرِهِمۡ أَنَّا دَمَّرۡنَٰهُمۡ وَقَوۡمَهُمۡ أَجۡمَعِينَ ٥١
Посмотри же, каким был конец их хитрости! Мы уничтожили их вместе со всем их народом.
අහෝ දූතය! ඔවුන්ගේ සැලසුමෙහි හා කුමන්ත්රණයෙහි විපාකය කෙසේ වී දැ?යි නුඹ සිතා බලනු. අපගෙන් වූ දඬුවමකින් අපි ඔවුන් මුලිනුපුටා දමා ඔවුන්ගේ අන්තිම පුද්ගලයා දක්වා විනාශ කළෙමු.
27:52Страница 381
فَتِلۡكَ بُيُوتُهُمۡ خَاوِيَةَۢ بِمَا ظَلَمُوٓاْۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لِّقَوۡمٖ يَعۡلَمُونَ ٥٢
Вот их дома, разрушенные за то, что они поступали несправедливо. Воистину, в этом - знамения для людей знающих.
ඔවුන්ගේ අපරාධකම් හේතුවෙන් එහි බිත්ති, එහි වහලවල් සමග ගරා වැටුණු එහි වැසියන්ගෙන් ශේෂ වී ඉතිරි වූ ඔවුන්ගේ නිවෙස් මේවාය. ඔවුන්ගේ අපරාධකම් හේතුවෙන් ඔවුනට අත් වූ දඬුවම තුළ සැබවින්ම විශ්වාස කරන ජනයාහට පාඩමක් ඇත. මෙම පාඨ තුළින් ඔවුහු පාඩම් ලබන්නෝ වෙති.
27:53Страница 381
وَأَنجَيۡنَا ٱلَّذِينَ ءَامَنُواْ وَكَانُواْ يَتَّقُونَ ٥٣
А тех, которые уверовали и были богобоязненны, Мы спасли.
සාලිහ් (අලයිහිස් සලාම්) තුමාගේ ජනයා අතරින් අල්ලාහ් ව විශ්වාස කළ අයවලුන් අපි මුදවා ගත්තෙමු. ඔවුහු අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට භක්තිමත් ව කටයුතු කළෝය.
27:54Страница 381
وَلُوطًا إِذۡ قَالَ لِقَوۡمِهِۦٓ أَتَأۡتُونَ ٱلۡفَٰحِشَةَ وَأَنتُمۡ تُبۡصِرُونَ ٥٤
Вот Лут (Лот) сказал своему народу: «Неужели вы будете совершать мерзость, видя это?
අහෝ දූතය! ලූත් තුමා තම ජනයා පිළිකුල් කරමින් හා ඔවුන් හෙළා දකිමින්, "නුඹලාගේ සමාජ ශාලාවන්හි ප්රසිද්ධියේම නුඹලා එකිනෙකා දෙස බලමින් අශීලාචාර කරුණ වෙත යන්නෙහු ද?" (එය සමලිංගිකත්වයයි). යැයි ඇසීය.
27:55Страница 381
أَئِنَّكُمۡ لَتَأۡتُونَ ٱلرِّجَالَ شَهۡوَةٗ مِّن دُونِ ٱلنِّسَآءِۚ بَلۡ أَنتُمۡ قَوۡمٞ تَجۡهَلُونَ ٥٥
Неужели вы будете приходить с вожделением к мужчинам вместо женщин? О нет! Вы - невежественный народ!».
"සැබවින්ම නුඹලා කාන්තාවන් අතහැර දමා ආශාවන් ඉටු කිරීමේ මාර්ගයක් ලෙස නුඹලා පිරිමින් වෙත යන්නෙහු ද? නුඹලා ප්රිය කරනුයේ නිර්මලකම හෝ දරුවකු හෝ නොව තිරිසන් රාගය ඉෂ්ට කර ගැනීමය. නුඹලා දේව විශ්වාසය, පිරිසිදුකම හා පාපකම් වලින් දුරස්වීම යනාදිය තුළින් නුඹලා වෙත කවර කරුණක් අනිවාර්යය කර ඇත්තේ ද ඒගැන නුඹලා නොදන්නා පිරිසකි.
27:56Страница 382
۞ فَمَا كَانَ جَوَابَ قَوۡمِهِۦٓ إِلَّآ أَن قَالُوٓاْ أَخۡرِجُوٓاْ ءَالَ لُوطٖ مِّن قَرۡيَتِكُمۡۖ إِنَّهُمۡ أُنَاسٞ يَتَطَهَّرُونَ ٥٦
В ответ его народ смог лишь сказать: «Прогоните семью Лута (Лота) из вашего селения. Воистину, эти люди хотят очиститься».
"නුඹලාගේ ගම්මානයෙන් ලූත්ගේ ජනයා නුඹලා පිටුවහල් කරනු. සැබවින්ම ඔවුන් කිලිටි හා අපවිත්ර දැයින් පිරිසිදු කරන මිනිසුන් පිරිසකි" යැයි ඔහුගේ ජනයා වෙනුවෙන් ඔවුන් ප්රකාශ කර සිටියා මිස ඔවුන්ගේ වෙනත් පිළිතුර නොවීය. ඔවුන් එය ප්රකාශ කළේ ඔවුන් සිදු කරමින් ආ අශීලාචාර ක්රියාවන්හි ඔවුනට හවුල් නොවූ ලූත්ගේ ජනයාට අපහාස කිරීමක් ලෙසිනි. ඔවුනට එරෙහි ව ඔවුහු එම වැරැද්ද පිළිකුල් කළෝය.
27:57Страница 382
فَأَنجَيۡنَٰهُ وَأَهۡلَهُۥٓ إِلَّا ٱمۡرَأَتَهُۥ قَدَّرۡنَٰهَا مِنَ ٱلۡغَٰبِرِينَ ٥٧
Мы спасли его вместе с его семьей, кроме его жены. Мы предопределили ей оказаться в числе оставшихся позади.
අපි ඔහු මුදවා ගත්තෙමු. ඔහුගේ බිරිය හැර ඔහුගේ පවුල සෙස්සන් මුදවා ගත්තෙමු. ඇය විනාශ කරනු ලැබූවන් අතරින් කෙනෙකු වනු පිණිස දඬුවමෙහි රැඳී සිටින්නන් අතර ඇය ද පත්වීමට අපි තීන්දු කළෙමු.
27:58Страница 382
وَأَمۡطَرۡنَا عَلَيۡهِم مَّطَرٗاۖ فَسَآءَ مَطَرُ ٱلۡمُنذَرِينَ ٥٨
Мы пролили на них дождь. Как же пагубен дождь тех, кого предостерегали!
අපි ඔවුන් මත අහසින් වූ ගල් වර්ෂාවක් පහළ කළෙමු. දඬුවම ගැන බිය ගන්වනු ලැබ, එයට ප්රතිචාර නොදැක්වූවන්හට එය විනාශකාරී හානිදායක වර්ෂාවක් විය.
27:59Страница 382
قُلِ ٱلۡحَمۡدُ لِلَّهِ وَسَلَٰمٌ عَلَىٰ عِبَادِهِ ٱلَّذِينَ ٱصۡطَفَىٰٓۗ ءَآللَّهُ خَيۡرٌ أَمَّا يُشۡرِكُونَ ٥٩
Скажи: «Хвала Аллаху, и мир Его избранным рабам! Аллах лучше или те, кого вы приобщаете в сотоварищи?».
"අහෝ දූතය! ඔහු පිරිනැමූ ඔහුගේ ආශිර්වාද සඳහාත් ලූත් හා සාලිහ්ගේ සමූහයාට කවර දඬුවමක් දෙනු ලැබුවේ ද එවන් දඬුවමින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ සහගාමීන්හට ආරක්ෂාව සැලසීම සඳහාත් සියලු ප්රශංසා හිමි විය යුත්තේ අල්ලාහ්ටම යැ"යි නුඹ පවසනු. "උතුම් වනුයේ සියලු දෑ හි යහපත තමන් සතු ව ඇති සැබෑ ලෙස නැමදුම් ලබන අල්ලාහ් ද? එසේ නැතහොත් කිසිදු සෙතක් හෝ හානියක් හෝ සිදු කිරීමට නොහැකි දේව ආදේශකයින් විසින් නැමදුම් ලබන දෑ ද?" යැයි විමසනු.
27:60Страница 382
أَمَّنۡ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَأَنزَلَ لَكُم مِّنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَنۢبَتۡنَا بِهِۦ حَدَآئِقَ ذَاتَ بَهۡجَةٖ مَّا كَانَ لَكُمۡ أَن تُنۢبِتُواْ شَجَرَهَآۗ أَءِلَٰهٞ مَّعَ ٱللَّهِۚ بَلۡ هُمۡ قَوۡمٞ يَعۡدِلُونَ ٦٠
Кто создал небеса и землю и ниспослал вам с неба воду? Посредством нее Мы взрастили прекрасные сады. Вы не смогли бы взрастить деревья в них. Так есть ли бог, кроме Аллаха? Нет, но они являются людьми, которые уклоняются от истины (или равняют с Аллахом вымышленных богов).
එසේ නැතහොත් අහස් හා මහ පොළොව කිසිදු පූර්වාදර්ශයකින් තොර ව මැවූ මැවුම්කරුවාණන් ද? අහෝ ජනයිනි! ඔහු නුඹලාට අහසින් වැසි ජලය පහළ කොට අලංකාර හා සාරවත් වතු එමගින් ඔහු නුඹලාට හට ගැන්වීය. නුඹලාගේ නොහැකියාව හේතුවෙන් මෙම වතු වල ගස් වැවීමට නුඹලාට හැකි නොවීය. එය හට ගැන්වූයේ අල්ලාහ්ය. අල්ලාහ් සමග මෙය සිදු කරන නැමදුම් ලබන වෙනත් කෙනෙක් සිටී ද? නැත ඔවුන් සත්යයෙන් පෙරළී යන සමූහයක් විය. ඔවුන් අපරාධකාරී ලෙස මැවුම්කරුට මැවීම් සමාන කරති.
27:61Страница 382
أَمَّن جَعَلَ ٱلۡأَرۡضَ قَرَارٗا وَجَعَلَ خِلَٰلَهَآ أَنۡهَٰرٗا وَجَعَلَ لَهَا رَوَٰسِيَ وَجَعَلَ بَيۡنَ ٱلۡبَحۡرَيۡنِ حَاجِزًاۗ أَءِلَٰهٞ مَّعَ ٱللَّهِۚ بَلۡ أَكۡثَرُهُمۡ لَا يَعۡلَمُونَ ٦١
Кто сделал землю жилищем, проложил по ее расщелинам реки, воздвиг на ней незыблемые горы и установил преграду между морями? Есть ли бог, кроме Аллаха? Нет, но большинство их не знает этого.
මහ පොළොව මත වෙසෙන්නන් නොසෙලවෙන පරිදි එය ස්ථාවර ලෙස රඳවා, එහි අභ්යන්තරයේ ගංගාවන් ගලා යන්නට සලස්වා ඒ වෙනුවෙන් ස්ථාවර කඳු පිහිටුවා පානය කරන්නන්හට සුදුසු නොවන පරිදි කරදිය හා මිරිදිය මිශ්ර නොවන අයුරින් කරදිය හා මිරිදිය වෙන් වෙන් වශයෙන් ඇති කළ අය ද?. අල්ලාහ් සමග ඒවා සිදු කළ නැමදුම් ලැබිය හැකි වෙනත් අය සිටී ද? නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා ඒ බව නොදනිති. ඔවුන් දැන සිටියේ නම් ඔහුගේ මැවීම් අතරින් කිසිවකු ඔවුන් ඔහුට ආදේශ නොකරති.
27:62Страница 382
أَمَّن يُجِيبُ ٱلۡمُضۡطَرَّ إِذَا دَعَاهُ وَيَكۡشِفُ ٱلسُّوٓءَ وَيَجۡعَلُكُمۡ خُلَفَآءَ ٱلۡأَرۡضِۗ أَءِلَٰهٞ مَّعَ ٱللَّهِۚ قَلِيلٗا مَّا تَذَكَّرُونَ ٦٢
Кто отвечает на мольбу нуждающегося, когда он взывает к Нему, устраняет зло и делает вас наследниками земли? Есть ли бог, кроме Аллаха? Мало же вы поминаете назидания!
කවරෙකු ඔහුගේ යම් කටයුත්තක හිර වී එය දරුණු වූ විට ඒ ගැන ඔහු ප්රාර්ථනා කළ අවස්ථාවේ එයට පිළිතුරු දී මිනිසාට අත්වන රෝගාබාධය, දිළිඳුකම හා වෙනත් උවදුරු ඉවත් කරන්නා ද? යුගයෙන් යුගය නුඹලාගෙන් පිරිසක් තවත් පිරිසක් පාලනය කරන පරිදි මහ පොළොවේ නියෝජිතයින් බවට ඔහු නුඹලාව පත් කළේය. අල්ලාහ් සමග මේවා සිදු කරන වෙනත් දෙවියකු සිටිත් ද? නැත. නුඹලා උපදෙස් ලබනුයේ ද පාඩම් ලබනුයේ ද ස්වල්පයක් පමණි.
27:63Страница 382
أَمَّن يَهۡدِيكُمۡ فِي ظُلُمَٰتِ ٱلۡبَرِّ وَٱلۡبَحۡرِ وَمَن يُرۡسِلُ ٱلرِّيَٰحَ بُشۡرَۢا بَيۡنَ يَدَيۡ رَحۡمَتِهِۦٓۗ أَءِلَٰهٞ مَّعَ ٱللَّهِۚ تَعَٰلَى ٱللَّهُ عَمَّا يُشۡرِكُونَ ٦٣
Кто ведет вас прямым путем во мраках суши и моря и посылает ветры с доброй вестью о Своей милости? Есть ли бог, кроме Аллаха? Аллах превыше тех, кого приобщают в сотоварищи!
එසේ නැතහොත් ගොඩබිමේ අන්ධකාරයන් තුළ හා මුහුදේ අන්ධකාරයන් තුළ නුඹලාට තාරකාවන් හා සලකුණු පිහිටවමින් නුඹලාට මග පෙන්වන්නා ද? එමෙන්ම තම ගැත්තන්හට ආශිර්වාද කරන වර්ෂාව පහළ වීමට ළඟා කරන ශුභාරංචිදායක සුළං එවන්නා ද? අල්ලාහ් සමග මේවා සිදු කරන වෙනත් දෙවියෙකු සිටිත් ද? අල්ලාහ් සුවිශුද්ධය. ඔහුගේ මැවීම් අතරින් ඔවුන් ඔහුට තබන ආදේශයන්ගෙන් ඔහු පිවිතුරුය.
27:64Страница 383
أَمَّن يَبۡدَؤُاْ ٱلۡخَلۡقَ ثُمَّ يُعِيدُهُۥ وَمَن يَرۡزُقُكُم مِّنَ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِۗ أَءِلَٰهٞ مَّعَ ٱللَّهِۚ قُلۡ هَاتُواْ بُرۡهَٰنَكُمۡ إِن كُنتُمۡ صَٰدِقِينَ ٦٤
Кто создает творение изначально, а затем воссоздает его и обеспечивает вас пропитанием с неба и земли? Есть ли бог, кроме Аллаха? Скажи: «Приведите ваше доказательство, если вы говорите правду».
එසේ නැතහොත් අදියරයකින් පසු ව අදියරයක් ලෙස ගර්භාෂයන් තුළ මැවීම් උත්පාදනය කරන්නා ද? පසු ව ඔහු මිය ගිය පසු ව ඔහුට යළි ජීවය ලබා දෙයි. අහසින් පහළ කරනු ලබන වාර්ෂාවෙන් ඔහු නුඹලා ව පෝෂණය කරයි. අල්ලාහ් සමග ඒවා සිදු කරන වෙනත් දෙවියකු සිටිත් ද?" සැබවින්ම නුඹලා සත්යය මත සිටින බව කරන වාදයෙහි නුඹලා සත්යවාදීන් ලෙස සිටියෙහු නම් නුඹලා කවර ආදේශයක් මත පිහිටා සිටින්නේ ද ඒ සඳහා නුඹලාගේ සාධක ගෙන එනු." යැයි අහෝ දූතය! මෙම ආදේශකයින්හට නුඹ පවසනු.
27:65Страница 383
قُل لَّا يَعۡلَمُ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ ٱلۡغَيۡبَ إِلَّا ٱللَّهُۚ وَمَا يَشۡعُرُونَ أَيَّانَ يُبۡعَثُونَ ٦٥
Скажи: «Никто из тех, кто на небесах и на земле, не ведает сокровенное, кроме Аллаха, а они даже не подозревают, когда их воскресят.
"අහෝ දූතය! අහස්හි සිටින මලක්වරු හෝ මහ පොළොවේ වෙසෙන ජනයා ගුප්ත දෑ පිළිබඳ නොදනී. ඒ පිළිබඳ දන්නේ අල්ලාහ් පමණය. ප්රතිඵල සඳහා ඔවුන් අවදි කරනු ලබනුයේ කවදාදැ?යි අල්ලාහ් හැර අහස් හි සිටින හා මහ පොළොවේ සිටින සියලු දෙනා නොදනිති." යැයි පවසනු.
27:66Страница 383
بَلِ ٱدَّٰرَكَ عِلۡمُهُمۡ فِي ٱلۡأٓخِرَةِۚ بَلۡ هُمۡ فِي شَكّٖ مِّنۡهَاۖ بَلۡ هُم مِّنۡهَا عَمُونَ ٦٦
Но они не постигли о Последней жизни (или но их знание станет совершенным в Последней жизни). Более того, они сомневаются в ней и даже слепы к ней».
ඔවුන්ගේ දැනුම මතු ලොව දක්වා ළඟා වී ඒ ගැන ඔවුහු විශ්වාස කරන්නෝද? නැත. ඔවුන් මතු ලොව පිළිබඳ සැකයෙහි හා ව්යාකූලත්වයේ පසු වෙති. ඒ ගැන ඔවුන්ගේ බැල්ම අන්ධ වී ඇත්තේය.
27:67Страница 383
وَقَالَ ٱلَّذِينَ كَفَرُوٓاْ أَءِذَا كُنَّا تُرَٰبٗا وَءَابَآؤُنَآ أَئِنَّا لَمُخۡرَجُونَ ٦٧
Неверующие говорят: «Неужели после того, как мы и наши отцы превратимся в прах, мы будем выведены из могил?
දෙවියන් ප්රතික්ෂේප කළවුන් එය හෙළා දකින්නන් ලෙසින් "අපි මියගොස් පස් බවට පත් වූ විට ජීවමාන ව අප අවදි කරනු ලැබීම විය හැක්කක් දැ?"යි විමසා සිටියෝය.
27:68Страница 383
لَقَدۡ وُعِدۡنَا هَٰذَا نَحۡنُ وَءَابَآؤُنَا مِن قَبۡلُ إِنۡ هَٰذَآ إِلَّآ أَسَٰطِيرُ ٱلۡأَوَّلِينَ ٦٨
Это было обещано нам и еще раньше - нашим отцам. Но это - всего лишь легенды древних народов».
අපි සියලු දෙනා අවදි කරනු ලැබීමට පෙර සැබවින්ම අප ප්රතිඥා දෙනු ලැබුවෙමු. අපගේ මුතුන් මිත්තන් ද ප්රතිඥා දෙනු ලැබුහ. එම ප්රතිඥාව සඳහා සහතිකයක් අපි නොදුටුවෙමු. අපට කවර කරුණක් ප්රතිඥා දෙනු ලැබුවේ ද ඒ සියලු ප්රතිඥා අපගේ මුතුන් මිත්තන්ගේ පුස්තක වල නොමැති ඔවුන්ගේ ප්රබන්ධයන් මිස නැත.
27:69Страница 383
قُلۡ سِيرُواْ فِي ٱلۡأَرۡضِ فَٱنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُجۡرِمِينَ ٦٩
Скажи: «Постранствуйте по земле и посмотрите, каким был конец грешников».
අහෝ දූතය! යළි නැගිටුවනු ලැබීම හෙළා දකින මොවුනට "මහ පොළොවේ කවර දෙසකට හෝ ගමන් කර නැවත නැගිටුවනු ලැබීම බොරු යැයි පවසා සිටි අපරාධකරුවන්ගේ අවසානය කෙසේ වී දැයි සිතා බලනු. ඔවුන් එය ප්රතික්ෂේප කළ හේතුවෙන් අපි ඔවුන් විනාශ කළෙමු." යැයි පවසනු.
27:70Страница 383
وَلَا تَحۡزَنۡ عَلَيۡهِمۡ وَلَا تَكُن فِي ضَيۡقٖ مِّمَّا يَمۡكُرُونَ ٧٠
Не печалься о них и пусть не стесняет тебя то, что они замышляют.
දේව ආදේශකයින් නුඹේ ඇරයුම ප්රතික්ෂේප කිරීම හේතුකොටගෙන නුඹ දුක් නොවනු. ඔවුන්ගේ කුමන්ත්රණ හේතුවෙන් නුඹේ හදවත පීඩනයට පත් කර නොගනු. සැබවින්ම ඔවුනට එරෙහි ව අල්ලාහ් නුඹට උදව් කරන්නාය.
27:71Страница 383
وَيَقُولُونَ مَتَىٰ هَٰذَا ٱلۡوَعۡدُ إِن كُنتُمۡ صَٰدِقِينَ ٧١
Они говорят: «Когда же сбудется это обещание, если вы говорите правду?».
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය හෙළා දකින දේව ආදේශකයින් මෙසේ පවසා සිටියි. "නුඹලා කවර කරුණක් පිළිබඳ වාද කරමින් සිටින්නෙහු ද එහි නුඹලා සත්යවාදීහු නම් නුඹ හා දේව විශ්වාසීන් අපට ප්රතිඥා දුන් දඬුවම තහවුරු වනුයේ කවදා ද?"
27:72Страница 383
قُلۡ عَسَىٰٓ أَن يَكُونَ رَدِفَ لَكُم بَعۡضُ ٱلَّذِي تَسۡتَعۡجِلُونَ ٧٢
Скажи: «Возможно, некоторое из того, что вы торопите, уже находится позади вас».
අහෝ දූතය! නුඹ ඔවුනට මෙසේ පවසනු. "නුඹලා ඉක්මනින් පතන දඬුවමින් සමහරක් නුඹලාට සමීපයෙන්ම සිදු විය හැක."
27:73Страница 383
وَإِنَّ رَبَّكَ لَذُو فَضۡلٍ عَلَى ٱلنَّاسِ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَشۡكُرُونَ ٧٣
Воистину, твой Господь оказывает милость людям, но большинство их неблагодарны.
අහෝ දූතය! සැබැවින්ම නුඹේ පරමාධිපතියාණන් මිනිසුන් දේව ප්රතික්ෂේපයේ හා පාපකම්හි නිරත ව සිටියදී දඬුවම ඉක්මන් නොකර එය අතහැර දමමින් ඔහු ඔවුන් කෙරෙහි අනුග්රහශීලී විය. නමුත් ජනයා අතරින් බහුතරයක් දෙනා අල්ලාහ් ඔවුනට පිරිනමන ආශිර්වාද සඳහා කෘතවේදී නොවෙති.
27:74Страница 383
وَإِنَّ رَبَّكَ لَيَعۡلَمُ مَا تُكِنُّ صُدُورُهُمۡ وَمَا يُعۡلِنُونَ ٧٤
Воистину, твой Господь знает то, что таят их сердца, и то, что они обнаруживают.
සැබැවින්ම නුඹේ පරමාධිපති තම ගැත්තන්ගේ හදවත් තුළ සැඟ වී ඇති දෑ ද, ඔවුන් හෙළි කරන දෑ ද මැනවින් දන්නාය. එයින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු ඔවුනට කුසල් පිරිනමනු ඇත.
27:75Страница 383
وَمَا مِنۡ غَآئِبَةٖ فِي ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِ إِلَّا فِي كِتَٰبٖ مُّبِينٍ ٧٥
На небе и на земле нет такого сокровенного, которого бы не было в ясном Писании.
අහසේ මිනිසුනට සැගවුණු කිසිවක් හෝ මහ පොළොවේ ඔවුනට සැඟවුණු කිසිවක් හෝ පැහැදිලි ග්රන්ථයේ සඳහන් ව මිස නැත. එය ලව්හුල් මහ්ෆූල් නම් සටහන් ඵලකයයි.
27:76Страница 383
إِنَّ هَٰذَا ٱلۡقُرۡءَانَ يَقُصُّ عَلَىٰ بَنِيٓ إِسۡرَٰٓءِيلَ أَكۡثَرَ ٱلَّذِي هُمۡ فِيهِ يَخۡتَلِفُونَ ٧٦
Воистину, этот Коран рассказывает сынам Исраила (Израиля) большую часть того, о чем они расходятся во мнениях.
සැබැවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පහළ කරනු ලැබූ අල් කුර්ආනය ඉස්රාඊල් දරුවන්හට ඔවුන් කවර කරුණු සම්බන්ධයෙන් මතභේද ඇති කර ගත්තේ ද ඒවා බොහෝමයක් ගැන කතා කරයි. එමෙන්ම ඔවුන්ගේ නොමගයෑම් ගැන හෙළි කරයි.
27:77Страница 384
وَإِنَّهُۥ لَهُدٗى وَرَحۡمَةٞ لِّلۡمُؤۡمِنِينَ ٧٧
Воистину, это - верное руководство и милость для верующих.
තවද එහි සඳහන් දේ සමඟ කටයුතු කරන ඇදහිලිවන්තයන්ට එය මඟ පෙන්වීමක් හා දයාවක් වේ
27:78Страница 384
إِنَّ رَبَّكَ يَقۡضِي بَيۡنَهُم بِحُكۡمِهِۦۚ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡعَلِيمُ ٧٨
Воистину, твой Господь рассудит между ними Своим судом. Он - Могущественный, Знающий.
අහෝ දූතය! සැබවින්ම නුඹේ පරමාධිපති මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුගේ යුක්ති ධර්මය අනුව ජනයා අතර සිටින දේවත්වය විශ්වාස කරන්නන් හා දේවත්වය ප්රතික්ෂේප කරන්නන් අතර තීන්දු දෙන්නේය. දේව විශ්වාසියාට ආශිර්වාද කරන අතර දේව ප්රතික්ෂේපකයාට ඔහු දඬුවම් දෙනු ඇත. ඔහු ඔහුගේ සතුරන් හට සම ප්රතිචාර දක්වන සර්ව බලධාරියාය. කිසිවකු ඔහු අබිබවා යා නො හැක. සත්යවාදියා අසත්යවාදියා සමග මුසු නොකර ඒ ගැන මැනවින් දන්නාය.
27:79Страница 384
فَتَوَكَّلۡ عَلَى ٱللَّهِۖ إِنَّكَ عَلَى ٱلۡحَقِّ ٱلۡمُبِينِ ٧٩
Уповай же на Аллаха, ибо ты придерживаешься очевидной истины.
එහෙයින් නුඹ අල්ලාහ් මත සියල්ල භාර කරනු. නුඹේ සියලු කටයුතු වලදී නුඹ ඔහු මත ම රැඳී සිටිනු. සැබවින්ම නුඹ පැහැදිලි සත්යය මත සිටින්නෙහිය.
27:80Страница 384
إِنَّكَ لَا تُسۡمِعُ ٱلۡمَوۡتَىٰ وَلَا تُسۡمِعُ ٱلصُّمَّ ٱلدُّعَآءَ إِذَا وَلَّوۡاْ مُدۡبِرِينَ ٨٠
Ты не заставишь слышать мертвецов и не заставишь глухих услышать твой призыв, когда они обращаются вспять.
අහෝ දූතය! සැබවින්ම අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීම හේතුවෙන් හදවත් මිය ගිය මළවුනට ඇසෙන්නට සැලැස්වීමට නුඹට නොහැක. එමෙන්ම නුඹ කවර කරුණක් වෙත ඔවුන්ට ඇරයුම් කරන්නෙහි ද ඒ ගැන නුඹට පිටුපාමින් ඔවුන් හැරී ගිය විට, සත්යයට සවන් දීමෙන් අල්ලාහ් ඔහුගේ ශ්රවණ ශක්තිය නැති කළ අයට ඇසෙන්නට සැලැස්වීමට ද නුඹට නො හැක.
27:81Страница 384
وَمَآ أَنتَ بِهَٰدِي ٱلۡعُمۡيِ عَن ضَلَٰلَتِهِمۡۖ إِن تُسۡمِعُ إِلَّا مَن يُؤۡمِنُ بِـَٔايَٰتِنَا فَهُم مُّسۡلِمُونَ ٨١
Ты не выведешь слепых из их заблуждения. Ты можешь заставить слышать только тех, которые веруют в Наши знамения, будучи мусульманами.
සත්යය දැකීමෙන් අන්ධවූවන්හට මග පෙන්වන්නෙකු ලෙස නුඹ නැත. එහෙයින් ඔවුන් ගැන නුඹ දුක් නොවනු. නුඹ නො තැවෙනු. අපගේ වදන් විශ්වාස කරන්නන්හට හැර වෙනත් කිසිවකුට සත්යය වටහා දෙන්නට නුඹට නො හැකිය. අල්ලාහ්ගේ නියෝගවලට යටත් වන්නෝ (විශ්වාසී) ඔවුහුමය.
27:82Страница 384
۞ وَإِذَا وَقَعَ ٱلۡقَوۡلُ عَلَيۡهِمۡ أَخۡرَجۡنَا لَهُمۡ دَآبَّةٗ مِّنَ ٱلۡأَرۡضِ تُكَلِّمُهُمۡ أَنَّ ٱلنَّاسَ كَانُواْ بِـَٔايَٰتِنَا لَا يُوقِنُونَ ٨٢
Когда же свершится над ними Слово, Мы выведем к ним из земли животное, которое скажет им, что люди не были убеждены в Наших знамениях.
ඔවුන් ඔවුන්ගේ ප්රතික්ෂේපය හා පාපකම් මත අඛණ්ඩ ව නිරත ව සිටි බැවින් දඬුවම අනිවාර්යය වී ඔවුනට එය ස්ථීර වී; නපුරු ජනයා ඉතිරි වූ විට අවසන් හෝරාව ළඟා වන අවස්ථාවේ ඔවුනට අපි එහි ප්රධාන සලකුණු අතරින් එක් සලකුණක් මතු කරන්නෙමු. එය ‘සැබවින්ම මිනිසුන් අපගේ නබි තුමාණන් වෙත පහළ කරනු ලැබූ අපගේ සංඥාවන් සත්ය බව තහවුරු කරන්නෝ නොවැතැයි’ මිනිසුන් වටහා ගන්නා පරිදි ඔවුන් සමග කතා කරන මහ පොළොවේ සිටින සත්වයකි.
27:83Страница 384
وَيَوۡمَ نَحۡشُرُ مِن كُلِّ أُمَّةٖ فَوۡجٗا مِّمَّن يُكَذِّبُ بِـَٔايَٰتِنَا فَهُمۡ يُوزَعُونَ ٨٣
В тот день Мы соберем из каждого народа толпу тех, кто считал ложью Наши знамения, и их будут подталкивать.
අහෝ දූතය! සමූහයන් අතරින් අපගේ වදන් බොරු කළ සෑම සමූහයකින් ම ඔවුන්ගේ ප්රධානීන්ගෙන් පිරිසක් එක් රැස් කරනු ලබන දිනය ගැන මෙනෙහි කරනු. ඔවුන්ගේ පළමුවැන්නා සිට අවසානයා දක්වා හරවා එවනු ලබති. පසු ව විනිශ්චය සඳහා කැටුවා ගෙන යනු ලබති.
27:84Страница 384
حَتَّىٰٓ إِذَا جَآءُو قَالَ أَكَذَّبۡتُم بِـَٔايَٰتِي وَلَمۡ تُحِيطُواْ بِهَا عِلۡمًا أَمَّاذَا كُنتُمۡ تَعۡمَلُونَ ٨٤
Когда они придут, Он скажет: «Неужели вы сочли ложью Мои знамения, даже не постигнув их? Что же вы совершали?».
ඔවුන් විනිශ්චයට භාජනය කරනු ස්ථානය දක්වා පැමිණෙන තෙක්ම ඔවුන් කැටුවාගෙන යමින් පවතී. අල්ලාහ් ඔවුන් හෙළා දකිමින්, "මාගේ ඒකීයත්වය පෙන්වා දෙන, එමෙන්ම මාගේ පිළිවෙත ආවරණය වී ඇති මාගේ සංඥාවන් නුඹලා බොරු කළෙහු ද? සැබැවින්ම එය නිෂ්ඵල දෙයක් බවට වූ දැනුමක් නුඹලාට නොවීය. බොරු කිරීම නුඹලා වෙනුවෙන්ම සිදු විය. එසේ නැතහොත් සත්ය කරමින් හා බොරු කරමින් නුඹලා ඒ ගැන සිදු කරමින් සිටියේ කුමක් ද?" යැයි අසනු ඇත.
27:85Страница 384
وَوَقَعَ ٱلۡقَوۡلُ عَلَيۡهِم بِمَا ظَلَمُواْ فَهُمۡ لَا يَنطِقُونَ ٨٥
Слово свершится над ними за то, что они поступали несправедливо, и они будут безмолвствовать.
අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීම. ඔහුගේ වදන් බොරු කිරීම, යනාදී ඔවුන්ගේ අපරාධකම් හේතුවෙන් ඔවුන් වෙත දඬුවම පතිත විය. ඔවුන්ගේ තර්ක වල අවලංගුභාවය හා ඔවුන්ගේ නොහැකියාව නිසාවෙන් තමන් වෙනුවෙන් ඔවුන් කතා කළ නොහැක්කන් වෙති.
27:86Страница 384
أَلَمۡ يَرَوۡاْ أَنَّا جَعَلۡنَا ٱلَّيۡلَ لِيَسۡكُنُواْ فِيهِ وَٱلنَّهَارَ مُبۡصِرًاۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يُؤۡمِنُونَ ٨٦
Разве они не видели, что Мы создали ночь для того, чтобы они отдыхали в течение нее, и день для освещения? Воистину, в этом - знамения для верующих людей.
යළි නැගිටුවනු ලැබීම බොරු යැයි පවසන්නන්, ඔවුන් නින්දට යමින් එහි කල් ගත කිරීම සඳහා අපි රාත්රිය මවා ඇති බවත් දහවල එහි දසුන් දැක ගැනීම සඳහා ආලෝකයක් බවට පත් කර ඇති බවත් නොදුටුවෝ ද? ඔවුන් ඔවුන්ගේ ක්රියාවන් වෙත යුහුසුලු ව ගමන් කරති. සැබවින්ම නැවත නැවත මරණයට පත්වීම (නින්ද) පසුව යළි අවදි වීම යන්නෙහි දෙවියන් විශ්වාස කරන ජනයාට පැහැදිලි සාධක ඇත.
27:87Страница 384
وَيَوۡمَ يُنفَخُ فِي ٱلصُّورِ فَفَزِعَ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَمَن فِي ٱلۡأَرۡضِ إِلَّا مَن شَآءَ ٱللَّهُۚ وَكُلٌّ أَتَوۡهُ دَٰخِرِينَ ٨٧
В тот день подуют в Рог, и перепугаются те, кто на небесах и на земле, кроме тех, кого Аллах пожелает выделить. Все предстанут перед Ним смиренными.
අහෝ දූතය! දෙවන පිඹුම පිඹින හොරණෑවෙහි එයට භාර මලක්වරයා පිඹින දිනය ගැන මෙනෙහි කරනු. එවිට අල්ලාහ්ගෙන් වූ භාග්යයක් ලෙස ව්යතිරේකයක් බවට පත් කළ අය හැර අහස්හි හා මහ පොළොවේ ඇති සෙසු සියලු දෙනා තැති ගනිති. අල්ලාහ්ගේ මැවීම් සියල්ල එදින යටහත් පහත් ව අවනතව ඔහු වෙත පැමිණෙනු ඇත.
27:88Страница 384
وَتَرَى ٱلۡجِبَالَ تَحۡسَبُهَا جَامِدَةٗ وَهِيَ تَمُرُّ مَرَّ ٱلسَّحَابِۚ صُنۡعَ ٱللَّهِ ٱلَّذِيٓ أَتۡقَنَ كُلَّ شَيۡءٍۚ إِنَّهُۥ خَبِيرُۢ بِمَا تَفۡعَلُونَ ٨٨
И ты увидишь, что горы, которые ты считал неподвижными, придут в движение, словно облака. Таково творение Аллаха, Который выполнил все в совершенстве. Воистину, Он ведает о том, что вы делаете.
එදින නුඹලා නොසෙලවෙනසේ ස්ථාවර ව ඇතැයි සිතන කඳු දකිනු ඇත. ඒවා එම කරුණ සිදුවන අවස්ථාවේ වලාකුළ් මෙන් ගමනින් වේගයෙන් ගමන් කරනු ඇත. එය අල්ලාහ්ගේ නිර්මාණයකි. එය චලනය කරනුයේ ඔහුය. සැබවින්ම නුඹලා සිදු කරන දෑ පිළිබඳ ඔහු අභිඥානවන්තය. නුඹලාගේ ක්රියාවන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.
27:89Страница 385
مَن جَآءَ بِٱلۡحَسَنَةِ فَلَهُۥ خَيۡرٞ مِّنۡهَا وَهُم مِّن فَزَعٖ يَوۡمَئِذٍ ءَامِنُونَ ٨٩
Те, которые предстанут с добрым деянием, получат нечто лучшее. В тот день они будут защищены от испуга.
දේව විශ්වාසය හා දැහැමි ක්රියාවන් සමග කවරෙකු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පැමිණෙන්නේ ද ඔහුට ස්වර්ගය ඇත. ඔවුහු වනාහි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පවතින තැතිගැන්මෙන් අල්ලාහ් ආරක්ෂාව සලසා එමගින් සුරක්ෂිතභාවය ලබන්නෝ වෙති.
27:90Страница 385
وَمَن جَآءَ بِٱلسَّيِّئَةِ فَكُبَّتۡ وُجُوهُهُمۡ فِي ٱلنَّارِ هَلۡ تُجۡزَوۡنَ إِلَّا مَا كُنتُمۡ تَعۡمَلُونَ ٩٠
А те, которые предстанут с дурными деяниями, будут повергнуты в Огонь ничком: «Разве вы не получаете воздаяние только за то, что совершали?».
කවරෙකු දේව ප්රතික්ෂේපය හා පාපකම් සමග පැමිණෙන්නේ ද ඔවුනට අපා ගින්න ඇත. ඔවුන් මුණිනතට පෙරළා එහි හෙළනු ලබති. ඔවුනට අපහාස කරමින් මෙසේ පවසනු ලැබේ. "දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් මෙලොව නුඹලා කරමින් සිටී දෑ ට මිස වෙනත් කිසිවකට ප්රතිවිපාක පිරිනමනු ලැබනු ඇත් ද?"
27:91Страница 385
إِنَّمَآ أُمِرۡتُ أَنۡ أَعۡبُدَ رَبَّ هَٰذِهِ ٱلۡبَلۡدَةِ ٱلَّذِي حَرَّمَهَا وَلَهُۥ كُلُّ شَيۡءٖۖ وَأُمِرۡتُ أَنۡ أَكُونَ مِنَ ٱلۡمُسۡلِمِينَ ٩١
Скажи: «Мне велено только поклоняться Господу этого города (Мекки), который Он провозгласил заповедным. Ему принадлежит всякая вещь, мне же велено быть одним из мусульман
අහෝ දූතය! නුඹ ඔවුනට මෙසේ පවසනු. 'සැබවින්ම මම අණ කරනු ලැබුවේ, අල්ලාහ් සුවිශුද්ධ කළ, එහි ප්රාණ ඝාතනය තහනම් කරන ලද, කිසිවකුට අපරාධයක් සිදු කරනු නොලබන, එහි දඩයම් කර සතුන් මරා නොදමන, එහි ගස් කපා නොහරින මක්කාවේ හිමිපාණන්ට නැමදුම් කිරීමටය. සියලු දෑ හි ආධිපත්යය ඔහු සතුය. අල්ලාහ්ට අවනත වී යටත් වන, ඔහු වෙනුවෙන් අවනතවන්නන් අතරින් මා ද වීමට මම අණ කරනු ලැබුවෙමි.'
27:92Страница 385
وَأَنۡ أَتۡلُوَاْ ٱلۡقُرۡءَانَۖ فَمَنِ ٱهۡتَدَىٰ فَإِنَّمَا يَهۡتَدِي لِنَفۡسِهِۦۖ وَمَن ضَلَّ فَقُلۡ إِنَّمَآ أَنَا۠ مِنَ ٱلۡمُنذِرِينَ ٩٢
и читать Коран». Кто следует прямым путем, тот поступает во благо себе. А тому, кто впал в заблуждение, скажи: «Я - всего лишь один из тех, кто предостерегает».
මිනිසුන් වෙත අල් කුර්ආනය කියවා පෙන්වීමටත් මම අණ කරනු ලැබුවෙමි. එහෙයින් කවරෙකු එම මග පෙන්වීම තුළින් යහ මග ලබා, එහි ඇති දෑ අනුව කටයුතු කළේ ද එවිට ඔහුගේ මග පෙන්වීම ඔහුට ප්රයෝජනවත් වනු ඇත. තවද කවරෙකු නොමග ගොස් එයින් හැරී, එය හෙළා දැක, එහි ඇති දෑ අනුව කටයුතු නොකළේ ද එවිට නුඹ ඔවුනට සැබවින්ම "මම නුඹලාට අල්ලාහ්ගේ දඬුවම ගැන අවවාද කරන්නන් අතරින් කෙනෙකු වෙමි. නුඹලාගේ යහ මග මාගේ අතේ නැත" යැයි පවසනු.
27:93Страница 385
وَقُلِ ٱلۡحَمۡدُ لِلَّهِ سَيُرِيكُمۡ ءَايَٰتِهِۦ فَتَعۡرِفُونَهَاۚ وَمَا رَبُّكَ بِغَٰفِلٍ عَمَّا تَعۡمَلُونَ ٩٣
Скажи: «Хвала Аллаху! Он покажет вам Свои знамения, и вы узнаете их». Твой Господь не находится в неведении о том, что вы совершаете.
අහෝ දූතය! ගණන් කළ නොහැකි අල්ලාහ්ගේ ආශිර්වාද සඳහා ඔහුටමය ප්රශංසා! නුඹලා තුළ ද, අහස් හා මහ පොළොව තුළ ද, නුඹලාගේ පෝෂණය තුළ ද ඔහුගේ සංඥාවන් ඔහු නුඹලාට පෙන්වනු ඇත. එවිට සත්ය වෙත කෙරෙන ඇරයුම වෙත නුඹලා මග ලබන දැනුම නුඹලා හඳුනා ගනු ඇත. නුඹලා සිදු කරන දෑ පිළිබඳව නුඹගේ පරමාධිපති අනවධානියෙකු නොවේ. ඔහු ඒ දෙස බලා සිටියි. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට මතු ප්රතිඵල පිරිනමනු ඇත.
Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии