Аль-Мухтасар · Тафсир · на сингальском
Аль-Касас 28:39–78
28:39Страница 390
وَٱسۡتَكۡبَرَ هُوَ وَجُنُودُهُۥ فِي ٱلۡأَرۡضِ بِغَيۡرِ ٱلۡحَقِّ وَظَنُّوٓاْ أَنَّهُمۡ إِلَيۡنَا لَا يُرۡجَعُونَ ٣٩
Он и его воины несправедливо возгордились на земле и предположили, что они не вернутся к Нам.
ෆිර්අවුන් හා ඔහුගේ සේනාව දැඩි ලෙස කටයුතු කළහ. උඩඟු වූහ. කිසිදු යුක්තියකින් තොර ව මිසර දේශයේ අහංකාරකම් පෑහ. නැවත නැගිටුවනු ලැබීම ප්රතික්ෂේප කළහ. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය හා ප්රතිවිපාක සඳහා නැවත නැගිටුවනු නොලබන්නෝ. යැයි සිතුවෝය.
28:40Страница 390
فَأَخَذۡنَٰهُ وَجُنُودَهُۥ فَنَبَذۡنَٰهُمۡ فِي ٱلۡيَمِّۖ فَٱنظُرۡ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلظَّٰلِمِينَ ٤٠
Мы схватили его и его воинов и бросили их в море. Посмотри же, каким был конец беззаконников!
ඒ අනුව අපි ඔහු ග්රහණය කළෙමු. ඔහුගේ සේනාව ද ග්රහණය කළෙමු. ඔවුන් විනාශ වන තෙක් සාගරයේ ගිලෙන්නට ඔවුන් හෙළුවෙමු. එහෙයින් අහෝ දූතය! අපරාධකරුවන්ට සිදු වූ දෑ කෙසේ වී දැ යි ද ඔවුන්ගේ අවසානය කෙසේ වී දැ යි ද සිතා බලනු. ඒ අනුව සැබවින්ම ඔවුන්ට අත් වූයේ, ඔවුන්ගේ අවසානය වූයේ විනාශයයි.
28:41Страница 390
وَجَعَلۡنَٰهُمۡ أَئِمَّةٗ يَدۡعُونَ إِلَى ٱلنَّارِۖ وَيَوۡمَ ٱلۡقِيَٰمَةِ لَا يُنصَرُونَ ٤١
Мы сделали их предводителями, которые призывают в Огонь, и в День воскресения им не окажут помощи.
ප්රතික්ෂේපය හා මුළාව විකාශ කරමින් නිරය වෙත ඇරයුම් කරන අපරාධකරුවන් හා මුළා කරන්නන්හට පූර්වාදර්ශයක් බවට සැබවින්ම අපි ඔවුන් පත් කළෙමු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දඬුවමින් ඔවුන් මුදවාලීමට උදව් කරනු නොලබති. නමුත් ඔවුන් කළ පාපකම් හා ඔවුන් කවර දෙයක් වෙත ඇරයුම් කළේ ද ඒ සඳහා වූ දඬුවම ඔවුනට ගුණ කර දෙනු ලැබේ. එය ක්රියාවට නැංවූ අයගේ බර ද එම ක්රියාවෙහි ඔවුන් අනුගමනය කළ අයගේ ක්රියාවන්හි බර ද ඔවුන් මත පටවා සටහන් කරනු ලැබේ.
28:42Страница 390
وَأَتۡبَعۡنَٰهُمۡ فِي هَٰذِهِ ٱلدُّنۡيَا لَعۡنَةٗۖ وَيَوۡمَ ٱلۡقِيَٰمَةِ هُم مِّنَ ٱلۡمَقۡبُوحِينَ ٤٢
Мы сделали так, что проклятие следует за ними в этом мире, а в День воскресения они будут в числе отдаленных от милости.
ඔවුන්ගේ දඬුවමට අමතර ව මෙලොව ජීවිතයේ අවමානය හා හෙළා දැකීම ඔවුන් පසුපස එවන්නෙමු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුහු අල්ලාහ්ගේ කරුණා දයාවෙන් නෙරපා හරින ලද නීචයින් අතර සිටිති.
28:43Страница 390
وَلَقَدۡ ءَاتَيۡنَا مُوسَى ٱلۡكِتَٰبَ مِنۢ بَعۡدِ مَآ أَهۡلَكۡنَا ٱلۡقُرُونَ ٱلۡأُولَىٰ بَصَآئِرَ لِلنَّاسِ وَهُدٗى وَرَحۡمَةٗ لَّعَلَّهُمۡ يَتَذَكَّرُونَ ٤٣
Погубив первые поколения, Мы даровали Мусе (Моисею) Писание в качестве наглядного наставления для людей, верного руководства и милости, чтобы они могли помянуть назидание.
පෙර විසූ සමූහයන් වෙත අපි දූතවරුන් එවා ඔවුහු ඔවුන් බොරු කළ පසු ව, සැබවින්ම අපි මූසාට තව්රාතය පිරිනැමුවෙමු. ඔවුන් වෙනුවෙන් ඔවුන් විසින් ඔවුන් බොරු කර සිටීම හේතුවෙන් අපි ඔවුන් විනාශ කළෙමු. එහි ඒ දෙස බලන මිනිසුන්හට ප්රයෝජනවත් වන දෑ ඇති අතර ඒ අනුව ඔවුහු කටයුතු කරති. ඔවුනට හානිය ගෙන දුන් දෑ ද එහි ඇති අතර ඔවුහු එය අතහැර දමති. එමෙන්ම එහි යහපත වෙත එය මග පෙන්වීමක් ද ඇත. එය ආශිර්වාදයකි. ඊට හේතුව මෙලොව හා මතු ලොව යන දෙයාකාර යහපත එහි ඇති බැවිණි. එය ඔවුන් වෙත අල්ලාහ් පිරිනැමූ ආශිර්වාද මෙනෙහි කොට ඔහුට කෘතඥතාව පුද කොට ඔහු ව විශ්වාස කිරීමට හැකි වන පරිදිය.
28:44Страница 391
وَمَا كُنتَ بِجَانِبِ ٱلۡغَرۡبِيِّ إِذۡ قَضَيۡنَآ إِلَىٰ مُوسَى ٱلۡأَمۡرَ وَمَا كُنتَ مِنَ ٱلشَّٰهِدِينَ ٤٤
Тебя не было на западном склоне, когда Мы возложили на Мусу (Моисея) наши повеления, и тебя не было в числе присутствовавших.
අහෝ දූතය! ෆිර්අවුන් හා ඔහුගේ ප්රධානීන් වෙත මූසා තුමා ව එවීමෙන් කටයුතු තීන්දු කළ අවස්ථාවේ කන්දේ බටහිර අසල නුඹ නොසිටියෙහිය. මේ පිළිබඳ තොරුතුරු හදාරන තෙක් නුඹ සම්මුඛ වූවන් අතරින් නොවූයෙහිය. එහෙයින් එය ජනයාට කියා පෙන්වනු. කවර දෙයක් නුඹ ඔවුනට පවසන්නේ ද එය නුඹ වෙත එවන ලද අල්ලාහ්ගේ දිව්ය පණිවුඩය වන්නේය.
28:45Страница 391
وَلَٰكِنَّآ أَنشَأۡنَا قُرُونٗا فَتَطَاوَلَ عَلَيۡهِمُ ٱلۡعُمُرُۚ وَمَا كُنتَ ثَاوِيٗا فِيٓ أَهۡلِ مَدۡيَنَ تَتۡلُواْ عَلَيۡهِمۡ ءَايَٰتِنَا وَلَٰكِنَّا كُنَّا مُرۡسِلِينَ ٤٥
Но Мы сотворили поколения после Мусы (Моисея), и долгим оказался для них срок. Тебя не было среди жителей Мадьяна, и ты не читал им Наши аяты, но Мы отправили посланников.
නමුත් අපි මූසාගෙන් පසු ව සමූහයන් හා මැවීම් බිහි කළෙමු. අල්ලාහ්ගේ ගිවිසුම් ඔවුන් අමතක කරන තෙක් ඔවුන් වෙත වූ කාලය දුරස් විය. අපගේ වදන ඔවුනට පාරායනය කරමින් මද්යන් වාසීන් අතර නුඹ පදිංචි වී නොසිටියෙහිය. නමුත් අපි නුඹ ව එව්වේ අප වෙතින්ය. එහෙයින් අපි නුඹ වෙත මූසාගේ තොරතුරු හා එතුමා මද්යන්හි වාසය කළ තොරතුරු දන්වා සිටියෙමු. ඒ ගැන අල්ලාහ් නුඹ වෙත කවර කරුණක් දන්වා සිටියේද එම තොරතුරු නුඹ මිනිසුනට දන්වා සිටිනු.
28:46Страница 391
وَمَا كُنتَ بِجَانِبِ ٱلطُّورِ إِذۡ نَادَيۡنَا وَلَٰكِن رَّحۡمَةٗ مِّن رَّبِّكَ لِتُنذِرَ قَوۡمٗا مَّآ أَتَىٰهُم مِّن نَّذِيرٖ مِّن قَبۡلِكَ لَعَلَّهُمۡ يَتَذَكَّرُونَ ٤٦
Тебя не было на склоне горы, когда Мы воззвали, но это было милостью твоего Господа, чтобы ты предостерег народ, к которому до тебя не приходил предостерегающий увещеватель. Быть может, они помянут назидание.
ඒ ගැන තොරතුරු නුඹ දැන ගන්නා තෙක්, අප මූසා අමතන විට තූන් කන්ද අසල නුඹ නොසිටියෙහිය. දන්වා සිටිය යුතු දෑ අපි ඔහුට දන්වා සිටියෙමු. නමුත් අපි නුඹ ව මිනිසුන්හට නුඹේ පරමාධිපතිගෙන් වූ ආශිර්වාදයක් ලෙස එවා ඇත්තෙමු. ඒ පිළිබඳ තොරතුරු ද නුඹ වෙත දන්වා ඇත්තෙමු. එය නුඹට පෙර සිටි දූතයකු ඔවුන් වෙත නොපැමිණි පිරිසකට නුඹ අවවාද කරනු පිණිසත් ඔවුනට අවවාද කරනු පිණිසත්ය. එවිට ඔවුහු පාඩම් ලබා සුවිශුද්ධ අල්ලාහ් අබියසින් කවර කරුණක් නුඹ ඔවුන් වෙත ගෙන ආවේ ද ඒ ගැනි විශ්වාස කරන්නට හැකිය.
28:47Страница 391
وَلَوۡلَآ أَن تُصِيبَهُم مُّصِيبَةُۢ بِمَا قَدَّمَتۡ أَيۡدِيهِمۡ فَيَقُولُواْ رَبَّنَا لَوۡلَآ أَرۡسَلۡتَ إِلَيۡنَا رَسُولٗا فَنَتَّبِعَ ءَايَٰتِكَ وَنَكُونَ مِنَ ٱلۡمُؤۡمِنِينَ ٤٧
А если бы этого не произошло и если бы их постигло несчастье за то, что приготовили их руки, то они бы сказали: «Господь наш! Почему Ты не отправил к нам посланника, чтобы мы последовали за Твоими знамениями и стали одними из верующих?».
ඔවුන් දේව ප්රතික්ෂේපය හා පාපකම්වල නිරත ව සිටි හේතුවෙන් දේව දඬුවමක් ඔවුනට අත් නොවන්නේ නම් ඔවුන් වෙත දූතයකු නොඑවූ බව පවසා තර්ක කරන්නන් ලෙස මෙසේ පවසති. "අප වෙත දූතයකු එවන්නට තිබුණා නොවේද? එවිට අපි නුඹේ සංඥාවන් පිළිපැද ඒ අනුව කටයුතු කරන්නට තිබුණි. එමෙන්ම තම පරමාධිපතිගේ නියෝග අනුව කටයුතු කළ දේව විශ්වාසීන් අතරට අප ද පත්වන්නට තිබුණි" යැයි පවසති. එය එසේ නොවී නම් ඔවුනට අපි දඬුවම ඉක්මන් කරන්නෝ වෙමු. නමුත් ඔවුන් වෙත දූතයකු එවීමෙන් අපි ඔවුනට අවවාද කරන තෙක් ඔවුන්ගෙන් දඬුවම අපි ප්රමාද කළෙමු.
28:48Страница 391
فَلَمَّا جَآءَهُمُ ٱلۡحَقُّ مِنۡ عِندِنَا قَالُواْ لَوۡلَآ أُوتِيَ مِثۡلَ مَآ أُوتِيَ مُوسَىٰٓۚ أَوَلَمۡ يَكۡفُرُواْ بِمَآ أُوتِيَ مُوسَىٰ مِن قَبۡلُۖ قَالُواْ سِحۡرَانِ تَظَٰهَرَا وَقَالُوٓاْ إِنَّا بِكُلّٖ كَٰفِرُونَ ٤٨
Когда же к ним явилась истина от Нас, они сказали: «Почему ему не даровано то, что было даровано Мусе (Моисею)?». Разве они не отвергли то, что прежде было даровано Мусе (Моисею)? Они сказали: «Эти два колдовства (Коран и Тора) поддерживают друг друга». Они также сказали: «Мы не веруем ни в одно из них».
මුහම්මද් කුරෙයිෂීන් වෙත තම පරමාධිපතිගෙන් වූ දූත පණිවිඩය ගෙන ආ කල්හි, ඒ ගැන යුදෙව්වෝ මෙසේ විමසා සිටියෝය. "සැබවින්ම මූසා තුමා තම පරමාධිපතිගෙන් වූ දූතයකු බව පෙන්වා දෙන සැරයටිය, අත වැනි සළකුණු එතුමාට පිරිනමනු ලැබුවාක් මෙන් මුහම්මද්ට පිරිනමනු ලැබිය යුතු නොවේ ද?" යැයි ඔවුනට තර්ක ඔවුහු ඉදිරිපත් කළෝය. අහෝ දූතය! ඔවුනට පිළිතුරු වශයෙන් නුඹ මෙසේ පවසනු. "මීට පෙර මූසාට දෙනු ලැබූ දෑ යුදෙව්වන් විසින් ප්රතික්ෂේප නොකළෝ ද?" ඔවුහු තව්රාතයේ ද කුර්ආනයේ ද "සැබවින්ම ඒ දෙක හූනියම් දෙකකි. ඒ එකිනෙකෙ අනෙකට උර දෙයි." යැයි පවසා සිටියෝය. තවද ඔවුහු: ‘සැබැවින්ම අපි තව්රාතය අල් කුර්ආනය යන සෑම එකක්ම ප්රතික්ෂේප කරන්නෝ වෙමු.
28:49Страница 391
قُلۡ فَأۡتُواْ بِكِتَٰبٖ مِّنۡ عِندِ ٱللَّهِ هُوَ أَهۡدَىٰ مِنۡهُمَآ أَتَّبِعۡهُ إِن كُنتُمۡ صَٰدِقِينَ ٤٩
Скажи: «Если вы говорите правду, то принесите Писание от Аллаха, которое было бы более верным руководством, чем эти два Писания, и я последую за ним».
අහෝ දූතය! මොවුනට නුඹ මෙසේ පවසනු. "තව්රාතයට හා කුර්ආනයට වඩා වඩාත් යහ මගින් යුත් අල්ලාහ් වෙතින් පහළ කරනු ලැබූ පුස්තකයක් ගෙන එනු. නුඹලා එය ගෙන එන්නෙහු නම්, සැබවින්ම තව්රාතය හා කුර්ආනය හූනියම් දෙකක් බව නුඹලා කරන වාදයෙහි නුඹලා සත්යවාදීහු නම් මම එය පිළිපදින්නෙමි." යැයි නුඹ පවසනු.
28:50Страница 391
فَإِن لَّمۡ يَسۡتَجِيبُواْ لَكَ فَٱعۡلَمۡ أَنَّمَا يَتَّبِعُونَ أَهۡوَآءَهُمۡۚ وَمَنۡ أَضَلُّ مِمَّنِ ٱتَّبَعَ هَوَىٰهُ بِغَيۡرِ هُدٗى مِّنَ ٱللَّهِۚ إِنَّ ٱللَّهَ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلظَّٰلِمِينَ ٥٠
Если они не ответят тебе, то знай, что они лишь потакают своим желаниям. А кто может быть более заблудшим, чем тот, кто потакает своим желаниям без верного руководства от Аллаха? Воистину, Аллах не ведет прямым путем несправедливых людей.
තව්රාතයට හා කුර්ආනයට වඩා යහ මගින් යුත් ග්රන්ථයක් ගෙන ඒම සම්බන්ධයෙන් කුරෙයිෂ්වරුන් වෙත ඉදිරිපත් කළ අභියෝගයට ඔවුන් පිළිතුරු නොදුන්නේ නම් සැබවින්ම ඔවුන් ඒ දෙක ගැන කිසිදු සාධකයක් නොමැති ව බොරු පවසා ඇතැයි තහවුරු වන්නේය. සැබවින්ම එය ආශාවන් පිළිපැදීමෙන් වූවකි. සුවිශුද්ධ අල්ලාහ්ගේ යහ මග හැර තම ආශාවන් පිළිපදින්නාට වඩා නොමග ගිය වෙනත් කිසිවකු නැත. අල්ලාහ්ව ප්රතික්ෂේප කිරීමෙන් තමන්ටම අපරාධ කර ගත් අයට සැබවින්ම අල්ලාහ් යහ මග හා ඍජු මග ආශිර්වාද කරන්නේ නැත.
28:51Страница 392
۞ وَلَقَدۡ وَصَّلۡنَا لَهُمُ ٱلۡقَوۡلَ لَعَلَّهُمۡ يَتَذَكَّرُونَ ٥١
Мы довели до них Слово, чтобы они могли помянуть назидание.
පෙර විසූ සමූහයන් පිළිබඳ විස්තර හා ඔවුන් අපගේ දූතවරුන් බොරු කළ බැවින් ඔවුනට අත් වූ දඬුවම් ගැන ඉස්රාඊල් දරුවන් අතර සිටි යුදෙව්වන් හා දේව ආදේශකයින්හට කියා පාමින් සැබවින්ම අපි ඉදිරිපත් කළෙමු. එය ඔවුනට අත් වූ විපාකය මෙන් මොවුනට අත් නොවී මොවුන් ඒ ගැන පාඩම් ලබා, එය විශ්වාස කිරීමේ අපේක්ෂාවෙනි.
28:52Страница 392
ٱلَّذِينَ ءَاتَيۡنَٰهُمُ ٱلۡكِتَٰبَ مِن قَبۡلِهِۦ هُم بِهِۦ يُؤۡمِنُونَ ٥٢
Те, кому Мы прежде даровали Писание, уверовали в него (Коран).
අල් කුර්ආනය පහළ වීමට පෙර තව්රාතය පිළිබඳ වූ විශ්වාසය මත රැඳි සිටියවුන් වනාහි, ඔවුන්ගේ එම පුස්තකයේ අල් කුර්ආනය පිළිබඳ තොරතුරු හා විස්තර ඔවුන් දැක ගන්නා බැවින් ඔවුන් අල් කුර්ආනය විශ්වාස කරන්නෝ වෙති.
28:53Страница 392
وَإِذَا يُتۡلَىٰ عَلَيۡهِمۡ قَالُوٓاْ ءَامَنَّا بِهِۦٓ إِنَّهُ ٱلۡحَقُّ مِن رَّبِّنَآ إِنَّا كُنَّا مِن قَبۡلِهِۦ مُسۡلِمِينَ ٥٣
Когда им читают его, они говорят: «Мы уверовали в него! Это - истина от нашего Господа. Мы и прежде были мусульманами».
ඔවුන් වෙත (මෙම ග්රන්ථය) කියවා පෙන්වනු ලබන විට ඔවුහු "අපි ඒ ගැන විශ්වාස කළෙමු. සැබවින්ම එය සත්යයකි. එහි කිසිදු සැකයක් නැත. අපගේ පරමාධිපතිගෙන් පහළ වූවකි. සැබවින්ම මෙම අල් කුර්ආනයට පෙර සිටම ඊට පෙර දූතවරුන් කවර කරුණක් ගෙන ආවේ ද එය අප විශ්වාස කර සිටීම හේතුවෙන් අපි මුස්ලිම්වරුන් (අල්ලාහ්ට අවනත වන්නන්) ලෙස සිටියෙමු.
28:54Страница 392
أُوْلَٰٓئِكَ يُؤۡتَوۡنَ أَجۡرَهُم مَّرَّتَيۡنِ بِمَا صَبَرُواْ وَيَدۡرَءُونَ بِٱلۡحَسَنَةِ ٱلسَّيِّئَةَ وَمِمَّا رَزَقۡنَٰهُمۡ يُنفِقُونَ ٥٤
Они получат свою награду в двойном размере за то, что были терпеливы. Они отвращают зло добром и расходуют из того, чем Мы наделили их.
සඳහන් කරනු ලැබූ පරිදි වර්ණනා කරනු ලැබූවන් වනාහි, ඔවුන්ගේ පුස්තකය විශ්වාස කිරීමෙහි ඔවුන් ඉවසීමෙන් රැඳී සිටි බැවින් ද, මුහම්මද් (සල්ලල්ලාහු අලයිහ් වසල්ලම්) තුමාණන් ව එවනු ලැබූ අවස්ථාවෙහි එතුමා ව ඔවුන් විශ්වාස කර සිටි බැවින් ද ඔවුන්ගේ ක්රියාවන්හි ප්රතිඵල දෙමුරයක් අල්ලාහ් ඔවුනට පිරිනමනු ඇත. ඔවුන්ගේ ක්රියාවන්හි දැහැමිකම් හේතුවෙන් ඔවුන් පාපය ඉපැයීමෙන් වැළකී සිටිති. අපි ඔවුනට පෝෂණය කළ දැයින් යහපත් කටයුතුවල ඔවුහු වියදම් කරති.
28:55Страница 392
وَإِذَا سَمِعُواْ ٱللَّغۡوَ أَعۡرَضُواْ عَنۡهُ وَقَالُواْ لَنَآ أَعۡمَٰلُنَا وَلَكُمۡ أَعۡمَٰلُكُمۡ سَلَٰمٌ عَلَيۡكُمۡ لَا نَبۡتَغِي ٱلۡجَٰهِلِينَ ٥٥
А услышав праздные речи, они отворачиваются от них и говорят: «Нам достанутся наши деяния, а вам - ваши. Мир вам! Мы не желаем следовать путем невежд».
ආගම් ලත් ජනයා අතරින් වූ මෙම විශ්වාසීන් අසත්ය ප්රකාශයකට සවන් දුන් විට, ඒ දෙස හැරී නොබලාම එය පිටුදකිති. ඔවුහු එයට අදාළ පිරිසට කතා කරමින් "අපට අපගේ ක්රියාවන් සඳහා වූ ප්රතිඵල ඇත. නුඹලාට නුඹලාගේ ක්රියාවන් සඳහා වූ ප්රතිඵල ඇත. දොස් නැගීමෙන් හා හිංසා කිරීමෙන් නුඹලා අපෙන් ආරක්ෂාව ලැබුවෙහුය. දහමට හා මෙලොවට හිංසා පීඩා ඇති බැවින් අඥාන ජනයා සමග මිත්රකම්පෑමට අපට අවශ්ය වන්නේ නැත." යැයි පැවසූහ.
28:56Страница 392
إِنَّكَ لَا تَهۡدِي مَنۡ أَحۡبَبۡتَ وَلَٰكِنَّ ٱللَّهَ يَهۡدِي مَن يَشَآءُۚ وَهُوَ أَعۡلَمُ بِٱلۡمُهۡتَدِينَ ٥٦
Воистину, ты не сможешь наставить на прямой путь тех, кого возлюбил. Только Аллах наставляет на прямой путь тех, кого пожелает. Он лучше знает тех, кто следует прямым путем.
අහෝ දූතය! සැබවින් නුඹ ප්රිය කරන අබූතාලිබ් හා වෙනත් අය මෙන් කිසිවෙකුට දේව විශ්වාසය වෙත ආශිර්වාද කරමින්, යහ මග පෙන්වීමට නුඹට නොහැක. නමුත් තමන් යහ මග අභිමත කරන්නන්හට ආශිර්වාද කරනුයේ අල්ලාහ් වන ඔහු පමණය. සැබවින්ම යමෙකු ඍජු මාර්ගය වෙත මග පෙන්වනු ලැබූවන් අතරින් යැයි ඔහුගේ පූර්ව දැනුමෙහි ඇත්තන් පිළිබඳ ඔහු මැනවින් දන්නාය.
28:57Страница 392
وَقَالُوٓاْ إِن نَّتَّبِعِ ٱلۡهُدَىٰ مَعَكَ نُتَخَطَّفۡ مِنۡ أَرۡضِنَآۚ أَوَلَمۡ نُمَكِّن لَّهُمۡ حَرَمًا ءَامِنٗا يُجۡبَىٰٓ إِلَيۡهِ ثَمَرَٰتُ كُلِّ شَيۡءٖ رِّزۡقٗا مِّن لَّدُنَّا وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَعۡلَمُونَ ٥٧
Они (неверующие мекканцы) сказали: «Если мы последуем за верным руководством вместе с тобой, то мы будем выброшены из нашей земли». Разве Мы не закрепили за ними безопасного святилища, в которое привозят плоды любых видов в качестве пропитания от Нас? Однако большинство их не ведает этого.
ඉස්ලාමය පිළිපැදීම හා එය විශ්වාස කිරීම සඳහා නිදහසට කරුණු දක්වමින් මක්කාවාසීන් අතර සිටින දේව ආදේශකයින් මෙසේ පවසා සිටියහ. "නුඹ කවර කරුණක් ගෙන ආවෙහි ද එම ඉස්ලාමය අපි අනුගමනය කළේ නම් අපගේ සතුරන් අප ව මෙම භූමියෙන් ඉතා ඉක්මණින් ඉවත් කරනු ඇත."අපරාධ කිරීමට හෝ ජීවිත විනාශ කිරීමට හෝ තහනම් කරන ලද මෙම හරම් සීමාවෙහි, මෙම දේව ආදේශකයින්ට අපි ඉඩ සලසා නොදුන්නෙමු ද? ඔවුන් කෙරෙහි වෙනත් අය වැටලීමෙන් එහි ඔවුන් සුරක්ෂිත ව ගත කළෝය. අප වෙතින් ඔවුනට සපයන පෝෂණ සම්පත් වශයෙන් සෑම පලතුරක්ම ඒ වෙත ගෙන දෙන ලදී. නමුත් ඔවුන් කෙරෙහි අල්ලාහ් ආශිර්වාද කර ඇති දෑ පිළිබඳ ඔවුන්ගෙන් බහුතරයක් දෙනා නොදනිති. එමෙන්ම ඒ සඳහා ඔවුහු ඔහුට කෘතඥ නොවෙති.
28:58Страница 392
وَكَمۡ أَهۡلَكۡنَا مِن قَرۡيَةِۭ بَطِرَتۡ مَعِيشَتَهَاۖ فَتِلۡكَ مَسَٰكِنُهُمۡ لَمۡ تُسۡكَن مِّنۢ بَعۡدِهِمۡ إِلَّا قَلِيلٗاۖ وَكُنَّا نَحۡنُ ٱلۡوَٰرِثِينَ ٥٨
Сколько селений, которых обуяла гордыня из-за дарованных им средств, Мы погубили! Вот их жилища, в которых никто не проживает после них, за исключением немногих. Мы унаследовали все это.
අල්ලාහ්ගේ ආශිර්වාද ප්රතික්ෂේප කොට, පාපකම්හි හා අපරාධ වල ඉක්මවා ගිය ගම්මාන කොපමණ අධික සංඛ්යාවක් වීද? එවිට අපි ඒ වෙත දඬුවමක් එවා එමගින් ඒවා විනාශ කළෙමු. ඔවුන්ගේ පාළු වී ගිය එම වාසස්ථාන මත මිනිසුන් ගමන් කරති. එම වැසියන්ට පසු ව එහි වාසය කළේ එය තරණය කළ ස්වල්ප දෙනෙකු පමණි. අහස්හි හා මහ පොළොවෙහි ද ඒ දෙක අතර සිටින ජීවීන්ගේ ද උරුමක්කරුවන් වන්නේ අපි වෙමු.
28:59Страница 392
وَمَا كَانَ رَبُّكَ مُهۡلِكَ ٱلۡقُرَىٰ حَتَّىٰ يَبۡعَثَ فِيٓ أُمِّهَا رَسُولٗا يَتۡلُواْ عَلَيۡهِمۡ ءَايَٰتِنَاۚ وَمَا كُنَّا مُهۡلِكِي ٱلۡقُرَىٰٓ إِلَّا وَأَهۡلُهَا ظَٰلِمُونَ ٥٩
Твой Господь не уничтожал селения, пока не отправлял в важнейшее из них посланника, который читал им Наши аяты. Мы не уничтожали селения, если только их жители не были беззаконниками.
අහෝ දූතය! මව් නගරය වන මක්කාවට නුඹ ව දූතයකු ලෙස එවනු ලැබූවාක් මෙන්, ගම්මාන වැසියන් අතරින් එහි ප්රධාන නගරය වෙත ඔවුන් නිදහසට කරුණු දැක්විය හැකි පිරිදි දූතයකු එවන තුරු එම ගම්මානය විනාශ කිරීමට නුඹේ පරමාධිපතිට යුතු නොවීය. ගම්මාන වැසියන් සත්යය මත ස්ථාවර ව සිටියදී අපි ඔවුන් විනාශ කරන්නට නොවීමු. සැබවින්ම අපි ඔවුන් විනාශ කරනුයේ ඔවුන් දේව ප්රතික්ෂේපය හා පාපකම් සිදු කරමින් අපරාධකරුවන් ලෙස සිටියේ නම් පමණි.
28:60Страница 393
وَمَآ أُوتِيتُم مِّن شَيۡءٖ فَمَتَٰعُ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا وَزِينَتُهَاۚ وَمَا عِندَ ٱللَّهِ خَيۡرٞ وَأَبۡقَىٰٓۚ أَفَلَا تَعۡقِلُونَ ٦٠
Все, что вам даровано, является всего лишь преходящим благом мирской жизни и ее украшением, а у Аллаха - нечто более прекрасное и долговечное. Неужели вы не разумеете?
නුඹලාගේ පරමාධිපති නුඹලාට කවර දෙයක් පිරිනැමුවේ ද එයින් නුඹලා භුක්ති විඳින්නෙහුය. ජීවිතයේ අලංකාරවත් කර ගන්නෙහුය. පසු ව ඒවා විනාශ වී යනු ඇත. මතු ලොවෙහි අල්ලාහ් අබියස ඇති මහඟු තිළිණ ඉතා උතුම්ය. මෙලොව පවතින භුක්ති විඳීමට හා අලංකාරයට වඩා ස්ථීර පැවැත්මක් එයට ඇත. ඒ ගැන නුඹලා වටහා නොගන්නෙහු ද? එහෙයින් නුඹලා විනාශ වී යන දෑ වෙනුවට වඩා පැවැත්මක් ඇති දෑ තෝරා ගනු.
28:61Страница 393
أَفَمَن وَعَدۡنَٰهُ وَعۡدًا حَسَنٗا فَهُوَ لَٰقِيهِ كَمَن مَّتَّعۡنَٰهُ مَتَٰعَ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا ثُمَّ هُوَ يَوۡمَ ٱلۡقِيَٰمَةِ مِنَ ٱلۡمُحۡضَرِينَ ٦١
Неужели тот, кому Мы дали прекрасное обещание, с которым он непременно встретится, равен тому, кого Мы наделили преходящими благами мирской жизни и кто в День воскресения предстанет в числе обитателей Ада?
මතු ලොවෙහි ස්වර්ගය හා එහි ඇති සදාතනික සැප පහසුකම් පිළිබඳ අපි ප්රතිඥා දී පසුව කිසිදු සැකයකින් තොරව ඒ වෙතට නැඹුරු වූ කෙනෙක්, මෙලොව ජීවිතයේ සම්පත් හා අලංකාරය භුක්ති විඳීමට අවශ්ය දෑ ඔහුට පිරිනමනු ලැබ පසු ව මළවුන් කෙරන් නැගිටුවනු ලබන දිනයේ නිරා ගින්න වෙත සම්මුඛවන්නන් අතරට පත් වන අයකු මෙන් වේද?
28:62Страница 393
وَيَوۡمَ يُنَادِيهِمۡ فَيَقُولُ أَيۡنَ شُرَكَآءِيَ ٱلَّذِينَ كُنتُمۡ تَزۡعُمُونَ ٦٢
В тот день Он воззовет к ним и скажет: «Где же Мои сотоварищи, о существовании которых вы предполагали?».
ඔවුන්ගේ පරමාධිපති අමතන දිනයේ ඔවුනට කතා කරමින්, "මා හැර දමා නුඹලා නමදිමින් සිටි මා හට හවුල් කළවුන් කොහේ ද? මාගේ හවුල්කරුවන් ලෙස නුඹලා විශ්වාස කරමින් සිටියවුන් කොහේදැ?"යි විමසා සිටියි.
28:63Страница 393
قَالَ ٱلَّذِينَ حَقَّ عَلَيۡهِمُ ٱلۡقَوۡلُ رَبَّنَا هَٰٓؤُلَآءِ ٱلَّذِينَ أَغۡوَيۡنَآ أَغۡوَيۡنَٰهُمۡ كَمَا غَوَيۡنَاۖ تَبَرَّأۡنَآ إِلَيۡكَۖ مَا كَانُوٓاْ إِيَّانَا يَعۡبُدُونَ ٦٣
Тогда те, относительно которых подтвердилось Слово, скажут: «Господь наш! Вот те, которых мы ввели в заблуждение. Мы ввели их в заблуждение, потому что сами были заблудшими. Мы отрекаемся от них перед Тобой. Не нам они поклонялись».
දේව ප්රතික්ෂේපය වෙත ඇරයුම් කරන්නන් අතරින් දඬුවම නියම වූ අය, "අපගේ පරමාධිපතියාණනි! අප නොමග යැවූ අය මොවූහුය. අප නොමග ගියාක් මෙන්ම අප ඔවුන්ව ද නොමඟ හැරියෙමු. ඔවුන්ගෙන් අපි නිදොස් වී ඔබ වෙතට හැරෙන්නෙමු. ඔවුන් අප නමදින්නන් ලෙස සිටියේ නැත. සැබවින්ම ඔවුන් නමදිමින් සිටියේ ෂෙයිතානුන්වය." යැයි පවසති.
28:64Страница 393
وَقِيلَ ٱدۡعُواْ شُرَكَآءَكُمۡ فَدَعَوۡهُمۡ فَلَمۡ يَسۡتَجِيبُواْ لَهُمۡ وَرَأَوُاْ ٱلۡعَذَابَۚ لَوۡ أَنَّهُمۡ كَانُواْ يَهۡتَدُونَ ٦٤
Им скажут: «Призовите своих сотоварищей!». Они призовут их, но те не ответят им, и тогда они увидят наказание. О, если бы они следовали прямым путем!
"නුඹලා කවර අවමානයක සිටින්නේ ද, එයින් නුඹලා ආරක්ෂා වනු පිණිස නුඹලාගේ හවුල්කරුවන් නුඹලා කැඳවනු." යැයි පවසනු ලැබේ. එවිට ඔවුහු ඔවුන්ගේ හවුල්කරුවන් කැඳවුවද, ඔවුන්ගේ කැඳවුමට ඔවුහු පිළිතුරු නොදෙති. ඔවුන් වෙනුවෙන් සූදානම් කරනු ලැබූ දඬුවම ඔවුන් දෑසින් දැක්කෝය. සැබවින්ම තමන් මෙලොව සත්යය වෙත මග ලැබූවන් ලෙස සිටියේ නම්! යැයි ආශා කරති.
28:65Страница 393
وَيَوۡمَ يُنَادِيهِمۡ فَيَقُولُ مَاذَآ أَجَبۡتُمُ ٱلۡمُرۡسَلِينَ ٦٥
В тот день Он воззовет к ним и скажет: «Что вы ответили посланникам?».
ඔවුන්ගේ පරමාධිපති, "නුඹලා වෙත එවූ මාගේ දූතවරුන්ට නුඹලා කවර පිළිතුරක් දුන්නෙහුද?" යැයි පවසමින් ඔවුන් අමතන දිනයේ.
28:66Страница 393
فَعَمِيَتۡ عَلَيۡهِمُ ٱلۡأَنۢبَآءُ يَوۡمَئِذٖ فَهُمۡ لَا يَتَسَآءَلُونَ ٦٦
В тот день известия будут сокрыты от них, и они не будут расспрашивать друг друга.
කවර කරුණක් ඔවුන් සාධක කර ගත්තේ ද එය ඔවුන්ගෙන් සැඟ වී ඇත. කිසිවක් ඔවුහු මෙනෙහි නොකරති. දඬුවම සමග ඔවුන් ඔහු වෙත යන බව තරයේ විශ්වාස කළ බැවින් ඇති වන ගැටලුවෙහි බිහිසුණුකම හේතුවෙන් ඔවුන්ගෙන් කිසිවෙක් කිසිවකුගෙන් කිසිවක් විමසා සිටින්නේ නැත.
28:67Страница 393
فَأَمَّا مَن تَابَ وَءَامَنَ وَعَمِلَ صَٰلِحٗا فَعَسَىٰٓ أَن يَكُونَ مِنَ ٱلۡمُفۡلِحِينَ ٦٧
А тот, кто раскаялся, уверовал и поступал праведно, возможно, окажется в числе преуспевших.
මෙම දේව ආදේශකයින් අතරින් කවරෙකු තම ප්රතික්ෂේපය හේතුවෙන් පාප ක්ෂමාවේ නිරත ව, අල්ලාහ් ව හා ඔහුගේ දූතවරුන් විශ්වාස කොට, දැහැමි ක්රියාවන් සිදු කළේ ද ඔවුන් වනාහි ඔවුන් පතන දැයින් ජයග්රාහණය ලබන්නන් ලෙසත් ඔවුන් බිය වන දැයින් ආරක්ෂා වන්නන් ලෙසත් වන්නට පුළුවන.
28:68Страница 393
وَرَبُّكَ يَخۡلُقُ مَا يَشَآءُ وَيَخۡتَارُۗ مَا كَانَ لَهُمُ ٱلۡخِيَرَةُۚ سُبۡحَٰنَ ٱللَّهِ وَتَعَٰلَىٰ عَمَّا يُشۡرِكُونَ ٦٨
Твой Господь создает, что пожелает, и избирает, но у них нет выбора. Аллах пречист и превыше тех, кого они приобщают в сотоварищи!
අහෝ දූතය! නුඹේ පරමාධිපති මැවීමට අභිමත කරන දෑ මවන්නේය. ඔහුට අවනත වන්නටත් ඔහුගේ දූත මෙහෙවර දරන්නටත් ඔහු අභිමත කරන අය තෝරා ගන්නේය. දේව ආදේශකයින් අල්ලාහ්ට විරුද්ධ වුව ද ඔවුනට කිසිදු තේරීමක අයිතියක් නොමැත. ඔවුන් ඔහු සමග හවුලේ තබමින් නැමදුම් කරමින් සිටි දැයින් අල්ලාහ් සුවිශුද්ධය, පිවිතුරුය.
28:69Страница 393
وَرَبُّكَ يَعۡلَمُ مَا تُكِنُّ صُدُورُهُمۡ وَمَا يُعۡلِنُونَ ٦٩
Твой Господь знает то, что кроется в их груди, и то, что они обнаруживают.
සැබවින්ම නුඹේ පරමාධිපති ඔවුන්ගේ හදවත් තුළ සැඟ වී ඇති දෑ ද, ඔවුන් හෙළි කරන දෑ ද මැනවින් දන්නාය. එයින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු ඔවුනට කුසල් පිරිනමනු ඇත.
28:70Страница 393
وَهُوَ ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَۖ لَهُ ٱلۡحَمۡدُ فِي ٱلۡأُولَىٰ وَٱلۡأٓخِرَةِۖ وَلَهُ ٱلۡحُكۡمُ وَإِلَيۡهِ تُرۡجَعُونَ ٧٠
Он - Аллах, кроме Которого нет иного божества. Ему надлежит хвала в первой жизни и в Последней жизни. Он принимает решения, и к Нему вы будете возвращены.
සුවිශුද්ධයාණන් වන අල්ලාහ් ඔහුය. ඔහු හැර සැබෑ ලෙස නැමදුම් ලබන්නට වෙනත් කිසිවකු නැත. මෙලොවෙහි සියලු පැසසුම් ඔහුට පමණක් සතුය. මතු ලොවෙහි ද සියලු පැසසුම් ඔහුට පමණක් සතුය. නැවත හැරවීමක් නැති ඵලදායී තීන්දුව ද ඔහු සතුය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය හා ප්රතිඵල සඳහා නුඹලා යොමු කරනු ලබනුයේ ඔහු වෙත පමණය.
28:71Страница 394
قُلۡ أَرَءَيۡتُمۡ إِن جَعَلَ ٱللَّهُ عَلَيۡكُمُ ٱلَّيۡلَ سَرۡمَدًا إِلَىٰ يَوۡمِ ٱلۡقِيَٰمَةِ مَنۡ إِلَٰهٌ غَيۡرُ ٱللَّهِ يَأۡتِيكُم بِضِيَآءٍۚ أَفَلَا تَسۡمَعُونَ ٧١
Скажи: «Как вы думаете, какой бог, кроме Аллаха, сможет принести вам свет, если Аллах продлит вам ночь до Дня воскресения? Неужели вы не слышите?».
අහෝ දූතය! මෙම දේව ආදේශකයින්ට පවසනු. "මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින තෙක් කිසිදු විසන්ධියකින් තොර ව නුඹලාට රාත්රිය අඛණ්ඩ ව පවතින්නක් බවට අල්ලාහ් පත් කළේ නම් දහවලෙහි ආලෝකය මෙන් ආලෝකයක් නුඹලා වෙත ගෙන එන්නේ අල්ලාහ් හැර නැමදුම් ලබන වෙනත් කවර දෙවියකු ද? මෙම සාධක වලට නුඹලා සවන් නොදෙන්නෙහු ද? නුඹලා වෙත එය ගෙන එන්නේ නැමදුමට සුදුසු අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොවන බව නුඹලා නොදන්නෙහු ද?"
28:72Страница 394
قُلۡ أَرَءَيۡتُمۡ إِن جَعَلَ ٱللَّهُ عَلَيۡكُمُ ٱلنَّهَارَ سَرۡمَدًا إِلَىٰ يَوۡمِ ٱلۡقِيَٰمَةِ مَنۡ إِلَٰهٌ غَيۡرُ ٱللَّهِ يَأۡتِيكُم بِلَيۡلٖ تَسۡكُنُونَ فِيهِۚ أَفَلَا تُبۡصِرُونَ ٧٢
Скажи: «Как вы думаете, какой бог, кроме Аллаха, сможет принести вам ночь, чтобы вы могли отдохнуть во время нее, если Аллах продлит вам день до Дня воскресения? Неужели вы не видите?».
අහෝ දූතය! නුඹ තවදුරටත් ඔවුන්ගෙන් මෙසේ විමසනු. ‘මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින තෙක් දහවල අඛණ්ඩ ව පවතින්නක් බවට අල්ලාහ් නුඹලාට පත් කළේ නම් දහවල් කාලයේ දුෂ්කර කාර්යයන්හි නිරත වී විවේකය ලබා සැනසුම ලබන්නට රාත්රිය නුඹලා වෙත ගෙන එන්නේ අල්ලාහ් හැර නැමදුම් ලබන වෙනත් කවර දෙවියකු ද? මෙම සංඥාවන් දෙස නුඹලා අධීක්ෂණයෙන් නොබලන්නෙහු ද? නුඹලා වෙත ඒ සියල්ල ගෙන එන්නේ නැමදුමට සුදුසු අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොවන බව නුඹලා නොදන්නෙහු ද?
28:73Страница 394
وَمِن رَّحۡمَتِهِۦ جَعَلَ لَكُمُ ٱلَّيۡلَ وَٱلنَّهَارَ لِتَسۡكُنُواْ فِيهِ وَلِتَبۡتَغُواْ مِن فَضۡلِهِۦ وَلَعَلَّكُمۡ تَشۡكُرُونَ ٧٣
По милости Своей Он сотворил для вас ночь и день, чтобы вы отдыхали во время нее и искали Его милость, - быть может, вы будете благодарны.
අහෝ ජනයිනි! දහවල් කාලයේ වැඩ කටයුතු වල නිරත වීමෙන් පසු ව නුඹලා සැනසුම ලබනු පිණිස නුඹලාට රාත්රිය අන්ධකාරය ලෙසත් නුඹලා පෝෂණ සම්පත් සොයා යනු පිණිස දහවල ආලෝකය ලෙසත් පත් කර තිබීම සුවිශුද්ධයාණන්ගේ ආශිර්වාදයකි. එය අල්ලාහ් නුඹලාට කළ ආශිර්වාද වලට කෘතඥ විය හැකි වනු පිණිස හා ඒවාට නුඹලා ගුණමකු නොවනු පිණිසය.
28:74Страница 394
وَيَوۡمَ يُنَادِيهِمۡ فَيَقُولُ أَيۡنَ شُرَكَآءِيَ ٱلَّذِينَ كُنتُمۡ تَزۡعُمُونَ ٧٤
В тот день Он воззовет к ним и скажет: «Где же Мои сотоварищи, о существовании которых вы предполагали?».
ඔවුන්ගේ පරමාධිපති ඔවුනට කතා කරමින් අමතන දිනයේ, "මා හැර දමා නුඹලා නමදිමින් සිටි මා වෙත හවුල් කළවුන් කොහේ ද? මාගේ හවුල්කරුවන් ලෙස නුඹලා විශ්වාස කරමින් සිටියවුන් කොහේදැ?" යි විමසා සිටියි.
28:75Страница 394
وَنَزَعۡنَا مِن كُلِّ أُمَّةٖ شَهِيدٗا فَقُلۡنَا هَاتُواْ بُرۡهَٰنَكُمۡ فَعَلِمُوٓاْ أَنَّ ٱلۡحَقَّ لِلَّهِ وَضَلَّ عَنۡهُم مَّا كَانُواْ يَفۡتَرُونَ ٧٥
Из каждой общины Мы выберем свидетеля и скажем: «Приведите ваше доказательство!». Тогда они узнают, что истина - с Аллахом. И покинет их (или исчезнет) то, что они измышляли.
කවර දේව ප්රතික්ෂේපයක හා බොරු කිරීමක සිටියේද ඒ ගැන සාක්ෂි දැරීම සඳහා සෑම සමූහයකින්ම එහි නබිවරයා සම්මුඛ කරවා, එම සමූහයා අතර සිටි බොරුකාරයින්ට අපි මෙසේ පවසන්නෙමු. "නුඹලා කවර ප්රතික්ෂේපයක හා බොරු කිරීමක සිටියෙහු ද ඒ සඳහා නුඹලාගේ සාක්ෂි හා තර්ක ගෙන එනු." නමුත් ඔවුන්ගේ තර්ක විසන්ධි වී යනු ඇත. කිසිදු සැකයක් නැති සත්යය අල්ලාහ් සතු බව ඔවුන් තරයේ විශ්වාස කරති. ඔවුන් අල්ලාහ්ට හවුල් තබමින්, බොරු ගොතමින් සිටියවුන් ඔවුන්ගෙන් සැඟ වී යනු ඇත.
28:76Страница 394
۞ إِنَّ قَٰرُونَ كَانَ مِن قَوۡمِ مُوسَىٰ فَبَغَىٰ عَلَيۡهِمۡۖ وَءَاتَيۡنَٰهُ مِنَ ٱلۡكُنُوزِ مَآ إِنَّ مَفَاتِحَهُۥ لَتَنُوٓأُ بِٱلۡعُصۡبَةِ أُوْلِي ٱلۡقُوَّةِ إِذۡ قَالَ لَهُۥ قَوۡمُهُۥ لَا تَفۡرَحۡۖ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ ٱلۡفَرِحِينَ ٧٦
Воистину, Карун (Корей) был соплеменником Мусы, но притеснял их. Мы даровали ему столько сокровищ, что ключи от них были обременительны даже для нескольких силачей. Соплеменники сказали ему: «Не ликуй, ведь Аллах не любит тех, кто ликует.
සැබවින්ම කාරූන් මූසාගේ සමූහයා අතරින් විය. ඔහු ඔවුන් මත අහංකාරයෙන් කටයුතු කළේය. අපි ඔහුට ධන නිධන් පිරිනැමුවෙමු. සැබවින්ම ඔහුගේ භාණ්ඩාගාරයේ යතුරු බලවත් පිරිසක් විසින් ඔසවන තරමට බරින් විය. එවිට ඔහුගේ සමූහයා ඔහුට මෙසේ පැවසීය. "නුඹ අහංකාර ලෙස සතුටු නොවනු. අහංකාරයෙන් සතුටුවන්නන් අල්ලාහ් ප්රිය කරන්නේ නැත." එනමුත් ඔහු ඔවුන් කෙරෙහි කෝප වන අතර ම ඒ සඳහා ඔහු ඔවුනට දඬුවම් පමුණුවනු ඇත.
28:77Страница 394
وَٱبۡتَغِ فِيمَآ ءَاتَىٰكَ ٱللَّهُ ٱلدَّارَ ٱلۡأٓخِرَةَۖ وَلَا تَنسَ نَصِيبَكَ مِنَ ٱلدُّنۡيَاۖ وَأَحۡسِن كَمَآ أَحۡسَنَ ٱللَّهُ إِلَيۡكَۖ وَلَا تَبۡغِ ٱلۡفَسَادَ فِي ٱلۡأَرۡضِۖ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ ٱلۡمُفۡسِدِينَ ٧٧
А посредством того, что Аллах даровал тебе, стремись к Последней обители, но не забывай о своей доле в этом мире! Твори добро, подобно тому, как Аллах сотворил добро для тебя, и не стремись распространять нечестие на земле, ведь Аллах не любит распространяющих нечестие».
අල්ලාහ් නුඹට පිරිනැමූ ධනය යහපත් අයුරින් වියදම් කොට, මතු ලොව නිවහනෙහි කුසල් අපේක්ෂා කරනු. ආහාර පාන ඇඳුම් පැලදුම් හා වෙනත් ආශිර්වාදයන් කිසිදු නාස්තියකින් හෝ අංහකාරයෙන් තොර ව ලබන්නට අමතක නොකළ යුතුය. එමෙන්ම සුවිශුද්ධයාණන් නුඹ සමග යහපත් අයුරින් කටයුතු කළාක් මෙන්ම ඔබේ පරමාධිපති හා ඔහුගේ ගැත්තන් සමග යහපත් අයුරින් ගනු දෙනු කළ යුතුය. පාපකම් සිදු කරමින් හා අවනතවීම් අතහැර දමමින් මහ පොළොවේ කලහකම් කරන්නට නුඹ නොපතනු. සැබවින්ම එලෙස මහ පොළොවේ කලහකම් කරන්නන්හට අල්ලාහ් ප්රිය නොකරන අතර ඔහු ඔවුන් කෙරෙහි කෝප වනු ඇත.
28:78Страница 395
قَالَ إِنَّمَآ أُوتِيتُهُۥ عَلَىٰ عِلۡمٍ عِندِيٓۚ أَوَلَمۡ يَعۡلَمۡ أَنَّ ٱللَّهَ قَدۡ أَهۡلَكَ مِن قَبۡلِهِۦ مِنَ ٱلۡقُرُونِ مَنۡ هُوَ أَشَدُّ مِنۡهُ قُوَّةٗ وَأَكۡثَرُ جَمۡعٗاۚ وَلَا يُسۡـَٔلُ عَن ذُنُوبِهِمُ ٱلۡمُجۡرِمُونَ ٧٨
Он сказал: «Все это даровано мне благодаря знанию, которым я обладаю». Неужели он не знал, что до него Аллах погубил целые поколения, которые превосходили его мощью и накоплениями? Грешники не будут спрошены об их грехах.
"මෙම සම්පත් මාහට දෙනු ලැබ ඇත්තේ මා සතු ව ඇති දැනුම හා ශක්තිය හේතුවෙනි. ඒ සඳහා මම සුදුසු අයකු වෙමි." යැයි කාරූන් පැවසීය. සැබවින්ම ඔහුට පෙර සිටි සමූහයන් අතරින් වඩාත් බලවත් හා සම්පත් රැසක් තිබූ ජනයා අල්ලාහ් විනාශ කර තිබීම කාරූන් නොදන්නේ ද? ඔවුන්ගේ බලය හා ඔවුන්ගේ සම්පත් ඔවුනට ප්රයෝජනවත් නොවීය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපරාධකරුවන් ඔවුන්ගේ පාපකම් ගැන අල්ලාහ් දන්නා නිසාවෙන් විමසනු ලබන්නේ නැත. සැබවින්ම ඔවුන්ගේ විනිශ්චය බිහිසුණු මෙන්ම විනාශකාරී විනිශ්චයක් වන්නේය.
Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии