Аль-Мухтасар · Тафсир · на сингальском
Аль-Анкабут 29:41–69
29:41Страница 401
مَثَلُ ٱلَّذِينَ ٱتَّخَذُواْ مِن دُونِ ٱللَّهِ أَوۡلِيَآءَ كَمَثَلِ ٱلۡعَنكَبُوتِ ٱتَّخَذَتۡ بَيۡتٗاۖ وَإِنَّ أَوۡهَنَ ٱلۡبُيُوتِ لَبَيۡتُ ٱلۡعَنكَبُوتِۚ لَوۡ كَانُواْ يَعۡلَمُونَ ٤١
Те, которые взяли себе покровителей и помощников помимо Аллаха, подобны пауку, соткавшему себе жилище. Воистину, самое непрочное жилище - это жилище паука. Если бы они только знали!
අල්ලාහ් හැර තමන්ට සෙත සලසනු ඇතැයි ද තමන් වෙනුවෙන් මැදිහත් වනු ඇතැයි යන අපේක්ෂාවෙන් පිළිම වන්දනාව තෝරාගත් බහුදේව වාදීන්ට උදාහරණය සතුරන්ගෙන් ආරක්ෂා වීම සඳහා තනා ගත් මකුළුවාගේ නිවස මෙනි. නිවෙස් වලින් දුර්වලතම නිවස මකුළුවාගේ නිවසයි. එය සතුරන්ගෙන් ආරක්ෂාව සලසන්නේ නැත. ඔවුන්ගේ පිළිමද එසේය. ඒවා කිසිදු සෙතක් සළසන්නේ නැති අතර මැදිහත් වන්නේ ද නැත. දේව ආදේශකයින් එය දැන සිටියා නම් අල්ලාහ් හැර නැමදීම සඳහා ඔවුන් පිළිම නොගන්නට තිබිණි.
29:42Страница 401
إِنَّ ٱللَّهَ يَعۡلَمُ مَا يَدۡعُونَ مِن دُونِهِۦ مِن شَيۡءٖۚ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ٤٢
Воистину, Аллах знает всех тех, кому они поклоняются помимо Него (или знает, что те, кому они поклоняются помимо Него, являются ничем). Он - Могущественный, Мудрый.
සැබැවින්ම උත්තරීතර සුවිශුද්ධ අල්ලාහ් හැර ඔවුන් නමදින දෑ පිළිබඳ ඔහු දනී. ඒවායින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඔහු කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරියාණන් ය. ඔහුගේ මැවීමෙහි, නියම කිරීමෙහි හා සැලසුම් කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය.
29:43Страница 401
وَتِلۡكَ ٱلۡأَمۡثَٰلُ نَضۡرِبُهَا لِلنَّاسِۖ وَمَا يَعۡقِلُهَآ إِلَّا ٱلۡعَٰلِمُونَ ٤٣
Такие притчи Мы приводим людям, но разумеют их только обладающие знанием.
මිනිසුනට මෙම උදාහරණ අප මෙසේ ගෙන හැර පෑවේ ඔවුන් අවදි කරනු පිණිසය. එමෙන්ම සත්යය දැකීමෙන් පසු ඒ වෙත මග ලබනු පිණිසය. එය අල්ලාහ්ගේ පිළිවෙත හා ඔහුගේ ප්රඥාව පිළිබද දැනගත්තවුන් හැර ඔවුන් පතන පරිදි වෙනත් කිසිවකු එය ලබා නොගනු ඇත.
29:44Страница 401
خَلَقَ ٱللَّهُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ بِٱلۡحَقِّۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لِّلۡمُؤۡمِنِينَ ٤٤
Аллах создал небеса и землю ради истины. Воистину, в этом - знамение для верующих.
උත්තරීතර සුවිශුද්ධ අල්ලාහ් සත්යයෙන් යුතු ව අහස් මැවීය. මහපොළොවද මැවීය. ඔහු ඒවා නිශ්ඵල ලෙස මවා නැත. නිකරුණේ මවා නැත. සැබැවින්ම එම මැවීම්හි දෙවියන් විශ්වාස කරන්නන් හට අල්ලාහ්ගේ ශක්තිය පැහැදිලි කරන සාධක ඇත. සැබැවින්ම අල්ලාහ්ගේ මැවීම් තුළින් ඔහු සුවිශුද්ධ මැවුම්කරු බවට සාධක කර ගන්නෝ ඔවුහුමය. තවද දේව ප්රතික්ෂේපකයින් වනාහි මැවුම්කරුගේ බලය හා ඔහුගේ ශක්තිය දෙස බලා අවදි නොවී ඔවුන් ක්ෂිතිජය තුළ හා ආත්මාවන් තුළ ඇති සංඥාවන් හරහා ගමන් කරති.
29:45Страница 401
ٱتۡلُ مَآ أُوحِيَ إِلَيۡكَ مِنَ ٱلۡكِتَٰبِ وَأَقِمِ ٱلصَّلَوٰةَۖ إِنَّ ٱلصَّلَوٰةَ تَنۡهَىٰ عَنِ ٱلۡفَحۡشَآءِ وَٱلۡمُنكَرِۗ وَلَذِكۡرُ ٱللَّهِ أَكۡبَرُۗ وَٱللَّهُ يَعۡلَمُ مَا تَصۡنَعُونَ ٤٥
Читай то, что внушено тебе из Писания, и совершай намаз. Воистину, намаз оберегает от мерзости и предосудительного. Но поминание Аллаха - гораздо важнее, и Аллах знает о том, что вы творите.
අහෝ දූතය! අල් කුර්ආනයෙන් කවර කරුණක් අල්ලාහ් නුඹ වෙත දන්වා සිටියේ ද, එය ජනයාට කියවා පෙන්වනු. සලාතය පූර්ණවත් අයුරින් ඉටු කරනු. සැබැවින්ම පූර්ණ අයුරින් ඉටු කරනු ලබන සලාතය පාපයන් හා පිළිකුල් සහගත දෑහි තමන් වැටීමෙන් එම පුද්ගලයාව වළක්වා ගන්නේය. එය හදවත් තුළ ආලෝකයක් ඇති කරන බැවින් පාපකම් යොජනා කිරීමෙන් වළක්වන්නේය. දැහැමි ක්රියාවන් වෙත මග පෙන්වන්නේය. අල්ලාහ්ව මෙනෙහි කිරීම සියලු දෑට වඩා අති මහත්ය. අති ශ්රේෂ්ඨය. නුඹලා සිදු කරන දෑ පිළිබඳ අල්ලාහ් දනී. නුඹලාගේ ක්රියාවන් අතුරින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. නුඹලාගේ ක්රියාවන් සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත. එය යහපත් නම් යහපතක්ම වන්නේය. එය අයහපත් නම් අයහපතක්ම වන්නේය.
29:46Страница 402
۞ وَلَا تُجَٰدِلُوٓاْ أَهۡلَ ٱلۡكِتَٰبِ إِلَّا بِٱلَّتِي هِيَ أَحۡسَنُ إِلَّا ٱلَّذِينَ ظَلَمُواْ مِنۡهُمۡۖ وَقُولُوٓاْ ءَامَنَّا بِٱلَّذِيٓ أُنزِلَ إِلَيۡنَا وَأُنزِلَ إِلَيۡكُمۡ وَإِلَٰهُنَا وَإِلَٰهُكُمۡ وَٰحِدٞ وَنَحۡنُ لَهُۥ مُسۡلِمُونَ ٤٦
Если вступаете в спор с людьми Писания, то ведите его наилучшим образом. Это не относится к тем из них, которые поступают несправедливо. Скажите: «Мы уверовали в то, что ниспослано нам, и то, что ниспослано вам. Наш Бог и ваш Бог - один, и мы покоряемся только Ему».
අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! නුඹලා යුදෙව්වන් හා කිතුනුවන් සමග යහපත් ක්රමවේදයකින් හා පූර්වාදර්ශී මාර්ගයකින් මිස තර්ක නොකරනු. වාද නොකරනු. එය උපදෙස් හා පැහැදිලි සාධක ඉදිරිපත් කරමින් කරන ඇරයුමයි. නමුත් ඔවුන් අතරින් අහංකාරයෙන් හා මුරණ්ඩුකමින් අපරාධ කළවුන් සමඟ හැර. නුඹලාට එරෙහිව යුද වදින්නන්හට යුද්ධය ප්රකාශ කරනු. ඔවුන් යටත් වන තෙක් හෝ ඔවුන් යටහත්ව ජිය්සා බදු ගෙවන තෙක් හෝ ඔවුන් සමග සටන් කරනු. තවදුරටත් යුදෙව්වන් හා කිතුනුවන්ට නුඹලා මෙසේ පවසනු, "සැබැවින්ම අල් කුර්ආනයෙන් අප වෙත අල්ලාහ් පහළ කළ දෑ අපි විශ්වාස කළෙමු. තවද නුඹලා වෙත පහළ කළ තව්රාතය හා ඉන්ජීලය ද විශ්වාස කළෙමු. අපගේ දෙවියන් හා නුඹලාගේ දෙවියන් එකමය. ඔහුගේ දේවත්වයේ ඔහුගේ පරිපාලනයේ හා ඔහුගේ පූර්ණත්වයේ ඔහුට කිසිදු හවුල්කරුවකු නැත. අපි ඔහුට පමණක් යටහත් පහත් වන්නෙමු."
29:47Страница 402
وَكَذَٰلِكَ أَنزَلۡنَآ إِلَيۡكَ ٱلۡكِتَٰبَۚ فَٱلَّذِينَ ءَاتَيۡنَٰهُمُ ٱلۡكِتَٰبَ يُؤۡمِنُونَ بِهِۦۖ وَمِنۡ هَٰٓؤُلَآءِ مَن يُؤۡمِنُ بِهِۦۚ وَمَا يَجۡحَدُ بِـَٔايَٰتِنَآ إِلَّا ٱلۡكَٰفِرُونَ ٤٧
Так Мы ниспослали тебе Писание. Те, кому Мы даровали Писание, веруют в него. И среди этих (современников Пророка Мухаммада из числа людей Писания) есть такие, которые веруют в него (Коран), и только неверующие отвергают Наши знамения.
ඔබට පෙර සිටි අය වෙත දිව්ය පුස්තක අපි පහළ කළාක් සේම ඔබ වෙත ද අල් කුර්ආනය අපි පහළ කළෙමු .-අබ්දුල්ලාහ් ඉබ්නු සලාම් වැනි - තව්රාතය කියවමින් සිටි ඇතැමුන් එය විශ්වාස කරන්නට විය. ඊට හේතුව ඔවුන්ගේ දිව්ය ග්රන්ථවල ඒ ගැන වර්ණනාවන් සිදු කර තිබෙනු ඔවුන් දැක තිබීමයි. මෙම බහුදේව වාදීන් අතරින් එය විශ්වාස කරන්නන් ද සිටිති. දේව ප්රතික්ෂේපය හා සත්යය පැහැදිලිව තිබියදීත් එය පිටුපෑම සිරිතක් කර ගත් දේව ප්රතික්ෂේපකයින් මිස වෙනත් කිසිවකු අපගේ සාධක හා සංඥා ප්රතික්ෂේප කරන්නේ නැත.
29:48Страница 402
وَمَا كُنتَ تَتۡلُواْ مِن قَبۡلِهِۦ مِن كِتَٰبٖ وَلَا تَخُطُّهُۥ بِيَمِينِكَۖ إِذٗا لَّٱرۡتَابَ ٱلۡمُبۡطِلُونَ ٤٨
Ты не читал прежде ни одного Писания и не переписывал его своей десницей. В противном случае приверженцы лжи впали бы в сомнение.
අහෝ දූතය! කුර්ආනයට පෙර කිසිදු ග්රන්ථයක් කියවන්නෙකු ලෙස නුඹ නොසිටියෙහිය. නුඹේ දකුණතින් නුඹ කිසිවක් ලියන්නෙකු නොවීය. සැබැවින්ම නුඹ මෙය ලිවීමට හෝ කියවීමට හෝ නොහැකි සාක්ෂරතාවක් නොමැත්තෙකු වන බැවිනි. නුඹට කියවීමට හා ලිවීමට හෝ හැකියාව තිබුණේ නම් නුඹේ නබිත්වය පිළිබඳ මිනිසුන් අඥාන ලෙස සැක කරන්නට තිබුණි. එමෙන්ම සැබැවින්ම නුඹට පෙර පහළ වූ ග්රන්ථවලින් නුඹ උපුටා ලියන්නට ඇතැයි ඔවුන් පවසා සිටින්නට තිබුණි.
29:49Страница 402
بَلۡ هُوَ ءَايَٰتُۢ بَيِّنَٰتٞ فِي صُدُورِ ٱلَّذِينَ أُوتُواْ ٱلۡعِلۡمَۚ وَمَا يَجۡحَدُ بِـَٔايَٰتِنَآ إِلَّا ٱلظَّٰلِمُونَ ٤٩
Напротив, это - ясные аяты в груди тех, кому даровано знание, и только беззаконники отвергают Наши знамения.
නුඹ වෙත පහළ කරනු ලැබූ අල් කුර්ආනය, දේව විශ්වාසීන් අතරින් දැනුම දෙනු ලැබූවන්ගේ හදවත් තුළ පැවති පැහැදිලි සංඥාවන් වේ. අල්ලාහ්ව ප්රතික්ෂේප කරමින් ඔහුට ආදේශ තබමින් තමන්ටම අපරාධ කරගත්තවුන් හැර වෙනත් කිසිවකු අපගේ සංඥාවන් ප්රතික්ෂේප කරන්නේ නැත.
29:50Страница 402
وَقَالُواْ لَوۡلَآ أُنزِلَ عَلَيۡهِ ءَايَٰتٞ مِّن رَّبِّهِۦۚ قُلۡ إِنَّمَا ٱلۡأٓيَٰتُ عِندَ ٱللَّهِ وَإِنَّمَآ أَنَا۠ نَذِيرٞ مُّبِينٌ ٥٠
Они говорят: «Почему ему не ниспосланы знамения от его Господа?». Скажи: «Воистину, знамения - у Аллаха, а я - всего лишь предостерегающий и разъясняющий увещеватель».
"මුහම්මද් වෙත ඔහුට පෙර සිටි දූතවරුන් හට පහළ කළාක් මෙන් සංඥාවන් පහළ කළ යුතු නොවේද?" යැයි දේව ආදේශකයෝ විමසා සිටියෝය. අහෝ දූතය! එසේ යෝජනා කරන ඔවුනට නුඹ මෙසේ පවසනු. “සැබැවින්ම සංඥාවන් ඇත්තේ අල්ලාහ් සතුවය. ඔහු අභිමත කරන වේලාවට එය පහළ කරයි. එය පහළ කිරීමේ බලය මා වෙත නැත. සැබැවින්ම මම අල්ලාහ්ගේ දඬුවම ගැන නුඹලාට පැහැදිලිව අවවාද කරන අවවාද කරන්නෙකු පමණි."
29:51Страница 402
أَوَلَمۡ يَكۡفِهِمۡ أَنَّآ أَنزَلۡنَا عَلَيۡكَ ٱلۡكِتَٰبَ يُتۡلَىٰ عَلَيۡهِمۡۚ إِنَّ فِي ذَٰلِكَ لَرَحۡمَةٗ وَذِكۡرَىٰ لِقَوۡمٖ يُؤۡمِنُونَ ٥١
Неужели им не достаточно того, что Мы ниспослали тебе Писание, которое им читается? Воистину, в этом - милость и напоминание для верующих людей.
මෙම සංඥාවන් පිළිබඳ යෝජනා කරන මොවුනට, අහෝ දූතය! සැබැවින්ම මුහම්මද් ඔවුන් වෙත පාරායනය කරන අල් කුර්නය අප පහළ කර තිබීම ප්රමාණවත් නොවීද? සැබැවින්ම ඔවුන් වෙත පහළ කරනු ලැබූ අල් කුර්ආනයේ දෙවියන් විශ්වාස කරන ජනයාහට ආශිර්වාදයක් හා උපදෙසක් විය. එහි ඇති දැයින් ප්රයෝජනය ලබන්නෝ ඔවුහුමය. ඔවුන් යෝජනා කළ පරිදි පෙර සිටි දූතවරුන් හට පහළ කළ දෑහි දැක්මට වඩා ඔවුන් වෙත පහළ වී ඇති දෑ ඉතා උතුම්ය.
29:52Страница 402
قُلۡ كَفَىٰ بِٱللَّهِ بَيۡنِي وَبَيۡنَكُمۡ شَهِيدٗاۖ يَعۡلَمُ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۗ وَٱلَّذِينَ ءَامَنُواْ بِٱلۡبَٰطِلِ وَكَفَرُواْ بِٱللَّهِ أُوْلَٰٓئِكَ هُمُ ٱلۡخَٰسِرُونَ ٥٢
Скажи: «Довольно того, что Аллах является Свидетелем между мною и вами. Он знает то, что на небесах и на земле. Те же, которые уверовали в ложь и не уверовали в Аллаха, непременно окажутся в убытке».
මා කවර කරුණක් ගෙන ආවේ ද, එහි මාගේ සත්යතාවයට හා ඒ ගැන නුඹලා කළ බොරුවට සාක්ෂි වශයෙන් නුඹලාට අල්ලාහ් ප්රමාණවත්ය. අහස්හි ඇති දෑ ඔහු දනී. මහපොළොවේ ඇති දෑ ද ඔහු දනී. ඒ දෙකෙහි ඇති කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. අල්ලාහ් හැර නැමදුම් ලබන සියලු නිෂ්ඵල දෑ විශ්වාස කොට නැමදුමට සුදුසු එකීය අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන් වනාහි, ඔවුහුමය පරාජිතයෝ. එය දේව විශ්වාසය වෙනුවට ඔවුන් දේව ප්රතික්ෂේපය හුවමාරු කරගත් බැවිණි.
29:53Страница 403
وَيَسۡتَعۡجِلُونَكَ بِٱلۡعَذَابِ وَلَوۡلَآ أَجَلٞ مُّسَمّٗى لَّجَآءَهُمُ ٱلۡعَذَابُۚ وَلَيَأۡتِيَنَّهُم بَغۡتَةٗ وَهُمۡ لَا يَشۡعُرُونَ ٥٣
Они торопят тебя с мучениями. Если бы не назначенный срок, то мучения уже явились бы к ним. Воистину, они явятся к ним внезапно, и они даже не почувствуют этого.
අහෝ දූතය! නුඹ දේව ආදේශකයින්හට අවවාද කළ දඬුවම ඉක්මන් කරන මෙන් ඔවුහු ඔබෙන් ඉල්ලති. ඉක්මන් ද නොවන හා ප්රමාද ද නොවන නියමිත කාලයක ඔවුන්ගේ දඬුවම අල්ලාහ් නියම නොකළේ නම්, ඔවුන් පතන දඬුවම ඔවුන් වෙත එන්නට තිබුණි. එමෙන්ම ඔවුන් නොසිතූ අවස්ථාවක, ක්ෂණිකව ඔවුන් වෙත පැමිණෙන්නට තිබුණි.
29:54Страница 403
يَسۡتَعۡجِلُونَكَ بِٱلۡعَذَابِ وَإِنَّ جَهَنَّمَ لَمُحِيطَةُۢ بِٱلۡكَٰفِرِينَ ٥٤
Они торопят тебя с мучениями. Воистину, Геенна непременно обступит неверующих.
නුඹ ඔවුනට ප්රතිඥා දුන් දඬුවම ඉක්මන් කරන මෙන් ඔවුහු පතති. සැබැවින්ම දේව ප්රතික්ෂේපකයින්හට අල්ලාහ් ප්රතිඥා කළ නිරය ඔවුන් වටකර ගනු ඇත. එහි දඬුවමින් පළා යන්නට ඔවුහු ශක්තිය නොදරති.
29:55Страница 403
يَوۡمَ يَغۡشَىٰهُمُ ٱلۡعَذَابُ مِن فَوۡقِهِمۡ وَمِن تَحۡتِ أَرۡجُلِهِمۡ وَيَقُولُ ذُوقُواْ مَا كُنتُمۡ تَعۡمَلُونَ ٥٥
В тот день мучения покроют их сверху и из-под ног. Он скажет: «Вкусите то, что вы совершали!».
ඔවුනට ඉහළින් දඬුවම ඔවුන් ආවරණය කරන ඔවුන්ගේ පාදවලට යටින් එය ඔවුනට ඇතිරිල්ලක් බවට පත්වන දිනයේ අල්ලාහ් ඔවුන් හෙළා දකිමින් ඔවුනට, "නුඹලා සිදුකරමින් ආ දේව ආදේශය හා පාපකම්වල ප්රතිවිපාකය නුඹලා භුක්ති විඳනු." යැයි පවසා සිටියි.
29:56Страница 403
يَٰعِبَادِيَ ٱلَّذِينَ ءَامَنُوٓاْ إِنَّ أَرۡضِي وَٰسِعَةٞ فَإِيَّٰيَ فَٱعۡبُدُونِ ٥٦
О Мои верующие рабы! Воистину, Моя земля обширна, поклоняйтесь же Мне!
අහෝ මා විශ්වාස කළ මාගේ ගැත්තනි! මා නැමදීමට නුඹලාට පහසුකම් නොමැති භූමියෙන් නුඹලා නික්ම යනු. සැබැවින්ම මාගේ භූමිය ඉතා විශාලය. එහෙයින් නුඹලා මා පමණක් නමදිනු. කිසිවෙකු මට ආදේශ නොතබනු.
29:57Страница 403
كُلُّ نَفۡسٖ ذَآئِقَةُ ٱلۡمَوۡتِۖ ثُمَّ إِلَيۡنَا تُرۡجَعُونَ ٥٧
Каждая душа вкусит смерть, а потом вы будете возвращены к Нам.
මරණ බිය ‘හිජ්රත්’ නික්ම යෑමෙන් නුඹලා නොවැළැක්විය යුතුය. සෑම ආත්මයක්ම මරණයේ සුවය විඳින්නකි. පසු ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය හා ප්රතිඵල සඳහා නුඹලා නැවත යොමු කරනු ලබනුයේ අප වෙතමය.
29:58Страница 403
وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ لَنُبَوِّئَنَّهُم مِّنَ ٱلۡجَنَّةِ غُرَفٗا تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَاۚ نِعۡمَ أَجۡرُ ٱلۡعَٰمِلِينَ ٥٨
Тех, которые уверовали и совершали праведные деяния, Мы непременно поселим в горницах в Раю, в котором текут реки. Они пребудут там вечно. Как же прекрасно вознаграждение тружеников,
අල්ලාහ්ව විශ්වාස කොට, ඔහුට සමීප වන දැහැමි ක්රියාවන් කළවුන් වනාහි, පහළින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයනේ උසස් ස්ථානවල අපි පදිංචි කරවන්නෙමු. ඔවුහු එහි සදාකල් වෙසෙති. ඔවුනට එහි කිසිදු විනාශයක් අත් වන්නේ නැත. මෙම ප්රතිඵලය අල්ලාහ්ට අවනත වෙමින් කටයුතු කළවුන් සඳහා වන යහපත් ප්රතිඵලයක් වන්නේය.
29:59Страница 403
ٱلَّذِينَ صَبَرُواْ وَعَلَىٰ رَبِّهِمۡ يَتَوَكَّلُونَ ٥٩
которые были терпеливы и уповали на своего Господа!
අල්ලාහ්ට අවනත වීමෙහි ද පාපයෙන් ඈත්වීමෙහි ද ඉවසීමෙන් ක්රියා කොට අල්ලාහ්ට අවනත වන ක්රියාවන්හි නියැළුණු අයගේ ප්රතිඵල යහපත් විය. තවද ඔවුන්ගේ සියලුම කටයුතුවලදී ඔවුහු ඔවුන්ගේ පරමාධිපති මත පමණක් රැඳී සිටිති.
29:60Страница 403
وَكَأَيِّن مِّن دَآبَّةٖ لَّا تَحۡمِلُ رِزۡقَهَا ٱللَّهُ يَرۡزُقُهَا وَإِيَّاكُمۡۚ وَهُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ ٦٠
Сколько есть живых существ, которые не уносят своего пропитания (или не запасаются своим пропитанием)! Аллах наделяет пропитанием их и вас. Он - Слышащий, Знающий.
සියලු සත්වයෝ වනාහි, -ඒවායෙහි අධිකත්වය නිසාවෙන්- ඒවායෙහි පෝෂණ සම්පත් රැස් කිරීමට හෝ ඒවායෙහි බර ඉසිලීමට හෝ නුඹ ශක්තිය දරන්නේ නැත. ඒවාට පෝෂණය සපයන්නේත්, නුඹලාට පෝෂණය සපයන්නේත් අල්ලාහ්ය. කුසගින්නට බියෙන නික්ම යෑම අතහැර දැමීම නිදහසට කරුණක් නොවේ. ඔහු නුඹලාගේ ප්රකාශවලට සවන් දෙන්නාය. නුඹලගේ චේතනාවන් හා නුඹලාගේ ක්රියාවන් පිළිබඳ සර්වඥානීය. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට කුසල් පිරිනමනු ඇත.
29:61Страница 403
وَلَئِن سَأَلۡتَهُم مَّنۡ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَسَخَّرَ ٱلشَّمۡسَ وَٱلۡقَمَرَ لَيَقُولُنَّ ٱللَّهُۖ فَأَنَّىٰ يُؤۡفَكُونَ ٦١
Если ты спросишь их: «Кто создал небеса и землю и подчинил солнце и луну?». - они непременно скажут: «Аллах». До чего же они отвращены от истины!
අහෝ දූතය! අහස් මැව්වේ කවුරුන් දැයි ද මහපොළොව මැව්වේ කවුරුන් දැයි ද හිරු හා සඳු එකිනෙක ගමන් කරන පරිදි ඒ දෙක වසඟ කළේ කවුරුන් දැයි ද එම දේව ආදේශකයින්ගෙන් නුඹ විමසා සිටියෙහි නම්, සැබැවින්ම ඔවුහු, "අල්ලාහ් ඒවා මැව්වේය" යැයි පවසති. එසේ නම් අල්ලාහ්ට පමණක් විශ්වාස කිරීමෙන් ඔවුන් වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේ ද? ඔහු හැර කිසිදු සෙතක් නොසලසන කිසිදු හිංසාවක් නොකරන දෙවිවරුන් ඔවුන් නමදිනුයේ කෙසේ ද?
29:62Страница 403
ٱللَّهُ يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ مِنۡ عِبَادِهِۦ وَيَقۡدِرُ لَهُۥٓۚ إِنَّ ٱللَّهَ بِكُلِّ شَيۡءٍ عَلِيمٞ ٦٢
Аллах увеличивает или ограничивает удел тому из Своих рабов, кому пожелает. Воистину, Аллах знает о всякой вещи.
අල්ලාහ් තම ගැත්තන් අතරින් තමන් අභිමත කරන අයට පෝෂණ සම්පත් අධික ලෙස ලබා දෙයි. ඔහු අභිමත කරන අයට එය සීමා කරයි. එය ඔහු දන්නා ප්රඥාවක් නිසාවෙනි. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ සර්වඥානීය. කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. තම ගැත්තන්හට සැලසුම් කර ඇති දැයින් යහපත් වන්නේ කුමක් දැයි යන්න වග ඔහුට සැඟවෙන්නේ නැත.
29:63Страница 403
وَلَئِن سَأَلۡتَهُم مَّن نَّزَّلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَحۡيَا بِهِ ٱلۡأَرۡضَ مِنۢ بَعۡدِ مَوۡتِهَا لَيَقُولُنَّ ٱللَّهُۚ قُلِ ٱلۡحَمۡدُ لِلَّهِۚ بَلۡ أَكۡثَرُهُمۡ لَا يَعۡقِلُونَ ٦٣
Если ты спросишь их: «Кто ниспосылает с неба воду и оживляет ею землю после того, как она умерла?». - они непременно скажут: «Аллах». Скажи: «Хвала Аллаху!». Но большинство их не разумеет.
"අහෝ දූතය! අහසින් වැසි පහළ කොට මහපොළොව වියළී ගිය පසුව එමගින් එහි පැල හටගන්වනුයේ කවුරුන් දැ?" යි නුඹ එම දේව ආදේශකයින්ගෙන් විමසා සිටියේ නම්, "අහසින් වර්ෂාව පහළ කරන්නේත් එමගින් මහපොළොවේ පැලෑටි හට ගන්වන්නේත් අල්ලාහ් යැ"යි පවසති. "අහෝ දූතය! නුඹ පවසනු. නුඹලා වෙනුවෙන් සාක්ෂි හා සාධක මතු කළ අල්ලාහ්ට සියලු ප්රශංසා!" නමුත් සිදු ව ඇත්තේ ඔවුන්ගෙන් බහුතරයක් දෙනා ඒ ගැන වටහා ගන්නෝ නොවෙති. ඔවුන් වටහා ගන්නේ නම් කිසිදු සෙතක් හෝ හානියක් සිදු නොකරන පිළිමවලට අල්ලාහ් සමග ආදේශ කොට නමදින්නේ නැත.
29:64Страница 404
وَمَا هَٰذِهِ ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَآ إِلَّا لَهۡوٞ وَلَعِبٞۚ وَإِنَّ ٱلدَّارَ ٱلۡأٓخِرَةَ لَهِيَ ٱلۡحَيَوَانُۚ لَوۡ كَانُواْ يَعۡلَمُونَ ٦٤
Мирская жизнь - всего лишь потеха и игра, а Последняя обитель - это настоящая жизнь. Если бы они только знали это!
මෙලොව ජීවිතය -එහි ඇති ආශාවන් හා විඳීම් හේතුවෙන්- ඒ සමග බැඳී සිටින්නන්ගේ හදවත්වලට විනෝදයක් හා සෙල්ලමක් මිස නැත. ඒවා ඉක්මණින් අවසන් වී යයි. සැබැවින්ම මතුලොව ජීවිතය වන එයමය සදා පවතින යථාර්ථයේ ජීවිතය වන්නේ. ඔවුන් ඒ ගැන දන්නේ නම් ශේෂව පවතින දෑට වඩා විනාශ වී යන දෑට ප්රමුඛත්වය නොදෙනු ඇත.
29:65Страница 404
فَإِذَا رَكِبُواْ فِي ٱلۡفُلۡكِ دَعَوُاْ ٱللَّهَ مُخۡلِصِينَ لَهُ ٱلدِّينَ فَلَمَّا نَجَّىٰهُمۡ إِلَى ٱلۡبَرِّ إِذَا هُمۡ يُشۡرِكُونَ ٦٥
Когда они садятся на корабль, то взывают к Аллаху, очищая перед Ним свою веру. Когда же Он спасает их и выводит на сушу, они тотчас начинают приобщать сотоварищей.
බහුදේව වාදීහු සාගරයේ නැවෙහි ගමන් කරන විට එහි ගිලී යාමෙන් තමන්ව මුදවා ගන්නා මෙන් ප්රාර්ථනා කරමින් අවංක ලෙස අල්ලාහ්ට පමණක් ඇරයුම් කරති. ඔවුන් ගිලීමෙන් ඔහු මුදවා ගත් කල්හි, ඔවුන්ගේ වෙනත් දෙවිවරුන් ඇරයුම් කරමින් දේව ආදේශකයින් ලෙස නැවත හැරී යති.
29:66Страница 404
لِيَكۡفُرُواْ بِمَآ ءَاتَيۡنَٰهُمۡ وَلِيَتَمَتَّعُواْۚ فَسَوۡفَ يَعۡلَمُونَ ٦٦
Это происходит для того, чтобы они проявили неблагодарность за то, чем Мы их одарили, и могли попользоваться благами, но скоро они узнают.
අප පිරිනැමූ ආශිර්වාද ඔවුන් ප්රතික්ෂේප කරනු පිණිසත්, ඔවුනට පිරිනමනු ලැබූ මෙලොව ජීවිතයේ සුඛෝපභෝගී ජීවිතය භුක්ති විඳිනු පිණිසත් දේවත්වය ආදේශ කරන්නන් ලෙස ඔවුන් එසේ හැරී යති. ඔවුන් මරණයට පත් වන අවස්ථාවේ ඔවුන්ගේ නපුරු අවසානය ගැන ඔවුන් මතු දැනගනු ඇත.
29:67Страница 404
أَوَلَمۡ يَرَوۡاْ أَنَّا جَعَلۡنَا حَرَمًا ءَامِنٗا وَيُتَخَطَّفُ ٱلنَّاسُ مِنۡ حَوۡلِهِمۡۚ أَفَبِٱلۡبَٰطِلِ يُؤۡمِنُونَ وَبِنِعۡمَةِ ٱللَّهِ يَكۡفُرُونَ ٦٧
Неужели они не видят, что Мы сделали Мекку безопасным святилищем, тогда как вокруг них людей хватают? Неужели они веруют в ложь и не веруют в милость Аллаха?
අල්ලාහ් ඔවුනට පිරිනැමූ ආශිර්වාද හෙළා දුටුවන් ඔවුන් දියේ ගිලීමෙන් අල්ලාහ් ඔවුන් මුදවා ගත් අවස්ථාවේ දී තවත් ආශිර්වාදයක් ඔවුහු නොදුටුවෝ ද? වෙනත් අය විසින් ඔවුනට එරෙහිව යුධමය වැටලීම් දියත් කිරීමෙන් ඔවුන් ඝාතනය කරනු ලැබීමෙන් සිරගත කරනු ලැබීමෙන් ඔවුන්ගේ කාන්තාවන් හා ඔවුන්ගේ පරපුර වහල්භාවයට පත් කරනු ලැබීෙමෙන් ඔවුන්ගේ ධනය කොල්ලකෑමට ලක් වීමෙන් ඔවුන්ගේ ජීවිතවලට හා ඔවුන්ගේ ධනයට රැකවරණය ලැබෙන පරිදි හරම් හෙවත් මක්කා සීමා ව අපි ඇති කළෙමු. ඉතා දැඩි සේ ඔවුන් විශ්වාස කරන දෙවිවරුන් ව්යාජ නොවන්නේ ද? ඔවුන් වෙත අල්ලාහ් පිරිනැමූ ආශිර්වාදයන් ඔවුහු ප්රතික්ෂේප කරති. ඔවුහු අල්ලාහ්ට කෘතඥ නොවෙති.
29:68Страница 404
وَمَنۡ أَظۡلَمُ مِمَّنِ ٱفۡتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَوۡ كَذَّبَ بِٱلۡحَقِّ لَمَّا جَآءَهُۥٓۚ أَلَيۡسَ فِي جَهَنَّمَ مَثۡوٗى لِّلۡكَٰفِرِينَ ٦٨
Кто может быть несправедливее того, кто возводит навет на Аллаха или считает ложью истину, которая явилась к нему? Разве не в Геенне будет обитель неверующих?
අල්ලාහ්ට හවුල් කරුවකු පත් කරමින් ඔහුට බොරු ගොතන හෝ ඔහුගේ දූතයාණන් කවර කරුණක් ගෙන ආවේ ද එම සත්යය බොරු කරන අයට වඩා වෙනත් අපරාධකරුවකු නොමැත. දෙවියන් ප්රතික්ෂේප කළවුනට හා ඔවුනට සමාන වූ අයට නිරයේ නවාතැනක් වෙන් වී ඇති බවට කිසිදු සැකයක් නැත.
29:69Страница 404
وَٱلَّذِينَ جَٰهَدُواْ فِينَا لَنَهۡدِيَنَّهُمۡ سُبُلَنَاۚ وَإِنَّ ٱللَّهَ لَمَعَ ٱلۡمُحۡسِنِينَ ٦٩
А тех, которые сражаются ради Нас, Мы непременно поведем Нашими путями. Воистину, Аллах - с творящими добро!
අපගේ තෘප්තිය බලාපොරොත්තුවෙන් කවරෙකු තමන්ව කැප කරන්නේද ඔවුනට ඍජු මාර්ගය ලබන්නට ඔවුනට අපි ආශිර්වාද කරන්නෙමු. සැබැවින්ම අල්ලාහ් උදව් උපකාර කිරීමෙන් හා මග පෙන්වීමෙන් දැහැමියන් සමග සිටියි.
Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии