Аль-Мухтасар · Тафсир · на сингальском
السجدة
Ас-Саджда
Земной поклон · Мекканская · 30 аятов
(අලිෆ්, ලාම්, මීම්) සූරා බකරා ආරම්භයේදී මෙවැනි පාඨ පිළිබඳ විස්තර සඳහන් කර ඇත.
32:2Страница 415
تَنزِيلُ ٱلۡكِتَٰبِ لَا رَيۡبَ فِيهِ مِن رَّبِّ ٱلۡعَٰلَمِينَ ٢
Это Писание, в котором нет сомнения, ниспослано Господом миров.
මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ගෙන ආ අල් කුර්ආනය ලෝවැසියන්ගේ පරමාධිපතිගෙන් එතුමා වෙත පහළ කරනු ලැබූවකි. එහි කිසිදු සැකයක් නැත.
32:3Страница 415
أَمۡ يَقُولُونَ ٱفۡتَرَىٰهُۚ بَلۡ هُوَ ٱلۡحَقُّ مِن رَّبِّكَ لِتُنذِرَ قَوۡمٗا مَّآ أَتَىٰهُم مِّن نَّذِيرٖ مِّن قَبۡلِكَ لَعَلَّهُمۡ يَهۡتَدُونَ ٣
Или же они скажут: «Он измыслил его»? Нет, оно является истиной от твоего Господа, чтобы ты предостерег людей, к которым до тебя не приходил предостерегающий увещеватель, - быть может, они последуют прямым путем.
සැබැවින්ම මෙම දේව ප්රතික්ෂේපකයෝ, "සැබැවින්ම මුහම්මද් ඔහුගේ පරමාධිපති ගැන ගොතා පවසා ඇත." යැයි පවසති. ඔවුන් පවසනවාක් මෙන් උක්ත කරුණ පිහිටා නැත. එය කිසිදු සැකයක් නැති සත්යයකි. අහෝ දූතය! නුඹට පෙර අල්ලාහ්ගේ දඬුවම ගැන බිය වද්දන දූතයකු නොපැමිණි සමාජයකට නුඹ මෙමගින් බිය වද්දා ඔවුන් සත්යය වෙත මග ලබා ඔවුන් එය අනුගමනය කොට ඒ අනුව කටයුතු කරනු පිණිස නුඹේ පරමාධිපති විසින් පහළ වූවකි.
32:4Страница 415
ٱللَّهُ ٱلَّذِي خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَمَا بَيۡنَهُمَا فِي سِتَّةِ أَيَّامٖ ثُمَّ ٱسۡتَوَىٰ عَلَى ٱلۡعَرۡشِۖ مَا لَكُم مِّن دُونِهِۦ مِن وَلِيّٖ وَلَا شَفِيعٍۚ أَفَلَا تَتَذَكَّرُونَ ٤
Аллах - Тот, Кто создал небеса и землю и то, что между ними, за шесть дней, а затем вознесся на Трон (или утвердился на Троне). Нет для вас, помимо Него, ни покровителя, ни заступника. Неужели вы не помяните назидание?
අහස් ද මහ පොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද දින හයකින් මැව්වේ අල්ලාහ්ය. ඊටත් වඩා ඇසි පිය ගසන ඉතා කුඩා කාලයක් තුළ ඒවා මවන්නට ඔහු බලය ඇත්තාය. පසු ව ඔහුගේ කීර්තියට ගැලපෙන පරිදි උසින් පිහිටා, අර්ෂ් මත රැඳුණේය. අහෝ ජනයිනි! ඔහු හැර නුඹලාගේ කරුණු භාරගන්නා භාරකරුවකු හෝ නුඹලාගේ පරමාධිපති වන ඔහු අබියස නුඹලා වෙනුවෙන් මැදිහත් වන වෙනත් මැදිහත්කරුවකු හෝ නුඹලාට නැත. නුඹලා ඒ ගැන වටහා ගෙන නුඹලා ව මැවූ අල්ලාහ්ට නැමදුම් කොට ඔහු හැර වෙනත් දෑ හවුල් කොට ඔහු සමග වන්දනා නොකර සිටිය යුතු නොවේ ද?
32:5Страница 415
يُدَبِّرُ ٱلۡأَمۡرَ مِنَ ٱلسَّمَآءِ إِلَى ٱلۡأَرۡضِ ثُمَّ يَعۡرُجُ إِلَيۡهِ فِي يَوۡمٖ كَانَ مِقۡدَارُهُۥٓ أَلۡفَ سَنَةٖ مِّمَّا تَعُدُّونَ ٥
Он управляет делами с неба до земли, а затем они опять восходят к Нему в течение дня, который продолжается тысячу лет по тому, как вы считаете.
අහස්හි හා මහ පොළොවෙහි ඇති සියලු මැවීම්වල කටයුතු සුවිශුද්ධ උත්තරීතර අල්ලාහ් සැලසුම් කරයි. පසු ව අහෝ ජනයිනි! මෙලොවෙහි නුඹ ගණන් කරන වසර දහසක ප්රමාණයක් තරම් වූ දිනයක එම කරුණු ඔහු වෙත ආරෝහණය වෙයි.
32:6Страница 415
ذَٰلِكَ عَٰلِمُ ٱلۡغَيۡبِ وَٱلشَّهَٰدَةِ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ ٦
Таков Ведающий сокровенное и явное, Могущественный, Милосердный,
ඒ සියල්ල සැලසුම් කරන්නා වන ඔහු ගුප්ත දෑ හා විද්යාමාන දෑ සියල්ල මැනවින් දන්නාය. ඒවායින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඔහු තමන්ගේ විරුද්ධවාදීන්ට සමප්රතිචාර දක්වන්නා වූ ද කිසිවකු විසින් පරාජය කළ නොහැකි වූ ද සර්වබලධාරියාණන්ය. විශ්වාසී තම ගැත්තන්හට මහා කාරුණිකය.
32:7Страница 415
ٱلَّذِيٓ أَحۡسَنَ كُلَّ شَيۡءٍ خَلَقَهُۥۖ وَبَدَأَ خَلۡقَ ٱلۡإِنسَٰنِ مِن طِينٖ ٧
Который превосходно создал все, что сотворил, и начал создавать человека из глины,
ඔහුගේ සියලු මැවීම් ඔහු ප්රගුණ කළේය. කිසිදු පූර්වාදර්ශයකින් තොර ව මැටියෙන් අදම්ගේ මැවීම ආරම්භවිය.
32:8Страница 415
ثُمَّ جَعَلَ نَسۡلَهُۥ مِن سُلَٰلَةٖ مِّن مَّآءٖ مَّهِينٖ ٨
затем создал его потомство из капли презренной жидкости,
අනතුරුව ඔහුගෙන් පසු ව ඔහුගේ පරපුර ඔහුගෙන් බැහැර වූ ලිස්සන සුළු ද්රාවණයෙන් (ශුක්රාණුවෙන්) අල්ලාහ් බිහි කළේය.
32:9Страница 415
ثُمَّ سَوَّىٰهُ وَنَفَخَ فِيهِ مِن رُّوحِهِۦۖ وَجَعَلَ لَكُمُ ٱلسَّمۡعَ وَٱلۡأَبۡصَٰرَ وَٱلۡأَفۡـِٔدَةَۚ قَلِيلٗا مَّا تَشۡكُرُونَ ٩
затем придал ему соразмерный облик, вдохнул в него от Своего духа и даровал вам слух, зрение и сердца. Но как мала ваша благодарность!
පසු ව ඔහු මිනිසාව නිසි අයුරින් සකසා පූර්ණවත් කළේය. ප්රාණය පිඹීම සඳහා භාර කරන ලද මලක්වරයාට කරන නියෝගයෙන් ඔහුගේ ප්රාණයෙන් එහි පිඹිනු ලැබීය. අහෝ මිනිසුනි! නුඹලා සවන් දෙනු පිණිස නුඹලාට ඔහු සවන් ඇති කළේය. නුඹලා බලනු පිණිස නුඹලාට දෘෂ්ටීන් ඇති කළේය. නුඹලා වටහා ගනු පිණිස නුඹලාට හදවත් ඇති කළේය. නුඹලා වෙත පිරිනැමූ ආශිර්වාද සඳහා නුඹලා අල්ලාහ්ට කෘතඥ වනුයේ ස්වල්ප වශයෙනි.
32:10Страница 415
وَقَالُوٓاْ أَءِذَا ضَلَلۡنَا فِي ٱلۡأَرۡضِ أَءِنَّا لَفِي خَلۡقٖ جَدِيدِۭۚ بَلۡ هُم بِلِقَآءِ رَبِّهِمۡ كَٰفِرُونَ ١٠
Они говорят: «Неужели после того, как мы затеряемся в земле, мы возродимся в новом творении?». Но они не веруют во встречу со своим Господом.
යළි අවදි කරනු ලැබීම බොරු කළ දේව ආදේශකයින්, "අප මිය ගොස් මහපොළොවෙහි වැළලී අපගේ දේහ පස් බවට පත් වූ පසුව නව ජීවයකින් අපි අවදි කරනු ලබන්නෙම් ද? එය වැටහෙන්නේ නැත" යැයි පවසති. කෙසේ වෙතත්. ඔවුන්ගේ කරුණ මළවුන් කෙරෙන් නැගිටුවනු ලැබීමෙන් සිදු වන බව ඔවුහු ප්රතික්ෂේප කරන්නෝ වෙති. ඒ ගැන ඔවුහු විශ්වාස නොකරති.
32:11Страница 415
۞ قُلۡ يَتَوَفَّىٰكُم مَّلَكُ ٱلۡمَوۡتِ ٱلَّذِي وُكِّلَ بِكُمۡ ثُمَّ إِلَىٰ رَبِّكُمۡ تُرۡجَعُونَ ١١
Скажи: «Ангел смерти, которому вы поручены, умертвит вас, а затем вы будете возвращены к своему Господу».
අහෝ දූතය! යළි අවදි කරනු ලැබීම බොරු කරන මෙම දේව ආදේශකයින්හට "නුඹලාගේ ප්රාණ අත්පත් කර ගැනීමට අල්ලාහ් පැවරූ ‘මලකුල් මව්ත්’ හෙවත් මරණයේ දූතයා නුඹලා ව මරණයට පත් කරයි. පසු ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය හා ප්රතිඵල සඳහා නුඹලා යොමු වනුයේ අප වෙත පමණය." යැයි නුඹ පවසනු.
32:12Страница 416
وَلَوۡ تَرَىٰٓ إِذِ ٱلۡمُجۡرِمُونَ نَاكِسُواْ رُءُوسِهِمۡ عِندَ رَبِّهِمۡ رَبَّنَآ أَبۡصَرۡنَا وَسَمِعۡنَا فَٱرۡجِعۡنَا نَعۡمَلۡ صَٰلِحًا إِنَّا مُوقِنُونَ ١٢
Если бы ты видел, как грешники опустят головы перед своим Господом: «Господь наш! Мы увидели и услышали. Пошли нас обратно, и мы будем поступать праведно. Воистину, мы обрели убежденность».
නැවත නැගිටුවනු ලැබීම ගැන ප්රතික්ෂේප කිරීම හේතුවෙන් තම හිස් පහත් කරමින් අවමානයට පත් ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ වැරදිකරුවන් බැහැර කරනු ඇත. ඔවුහු එම අපහාසය ගැන වටා ගෙන, "අපගේ පරමාධිපතියාණනි! යළි අවදි කිරීම ගැන අපි බොරු කරමින් සිටි දෑ අපි දැන් දෑසින්ම දැක බලා ගත්තෙමු. ඔබ වෙතින් දූතවරු ගෙන ආ සත්යයට අපි සවන් දී ඇත්තෙමු. එහෙයින් නැවතත් අප මෙලොව ජීවිතය වෙත යොමු කරනු. ඔබ අපෙන් පිළිගන්නා අයුරින් දැහැමි ක්රියාවන් අපි සිදු කරන්නෙමු. සැබැවින්ම යළි අවදි කිරීම ගැනත් දූතවරුන් කවර කරුණක් ගෙන ආවේ ද ඒ ගැනත් දැන් අපි තරයේම විශ්වාස කරමු." යැයි පවසති. එම තත්ත්වයේ නුඹ එම අපරාධකරුවන් දුටුවේ නම් එය බරපතළ කරුණක් යැයි නුඹ දකිනු ඇත.
32:13Страница 416
وَلَوۡ شِئۡنَا لَأٓتَيۡنَا كُلَّ نَفۡسٍ هُدَىٰهَا وَلَٰكِنۡ حَقَّ ٱلۡقَوۡلُ مِنِّي لَأَمۡلَأَنَّ جَهَنَّمَ مِنَ ٱلۡجِنَّةِ وَٱلنَّاسِ أَجۡمَعِينَ ١٣
Если бы Мы пожелали, то наставили бы на прямой путь каждого человека, однако исполнится Слово Мое: «Я непременно заполню Геенну джиннами и людьми - всеми вместе!».
සෑම ආත්මයකටම එහි යහමග පිරිනමා එයට ආශිර්වාද කරන්නට අපි අභිමත කළේ නම් ඒ සඳහා අපි එය උසුලන්නට සලස්වමු. නමුත් මගෙන් වූ ප්රඥාවක් හා යුක්ති ධර්මයක් ලෙස මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ජින් හා මිනිස් යන දෙවර්ගයෙන් වූ දේව ප්රතික්ෂේපකයින්ගෙන් සැබැවින්ම නිරා ගින්න පුරවමි යන ප්රකාශය අනිවාර්යය විය. එය ඔවුන් දේව විශ්වාසය හා ඍජු මාර්ගයට වඩා දේව ප්රතික්ෂේය හා මුළාවේ මාර්ගය තෝරා ගන්නා බැවිණි.
32:14Страница 416
فَذُوقُواْ بِمَا نَسِيتُمۡ لِقَآءَ يَوۡمِكُمۡ هَٰذَآ إِنَّا نَسِينَٰكُمۡۖ وَذُوقُواْ عَذَابَ ٱلۡخُلۡدِ بِمَا كُنتُمۡ تَعۡمَلُونَ ١٤
Вкусите за то, что вы предали забвению встречу с этим днем вашим. Воистину, Мы предали забвению вас самих. Вкусите же вечные мучения за то, что вы совершали.
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් හෙළා දකිමින් හා ඔවුන් පිළිකුල් කරමින්, මෙසේ පවසනු ලැබේ: නුඹලාගේ විනිශ්චය සඳහා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ගේ හමුව පිළිබඳ මෙලොව ජීවිතයේ දී නුඹලා නොසැලකිල්ලෙන් සිටි බැවින් නුඹලා දඬුවම භුක්ති විඳිනු. සැබැවින්ම කවර දෙයකට නුඹලා අනුකූල වන්නේ ද ඒ ගැන අපි සැලකිලිමත් නොවී නුඹලා ව දඬුවම තුළ අතහැර දමන්නෙමු. නුඹලා මෙලොව සිදුකරමින් සිටි පාපකම් හේතුවෙන් නිමක් නැති සදාතනික නිරා ගින්නේ දඬුවම නුඹලා භුක්ති විඳිනු.
32:15Страница 416
إِنَّمَا يُؤۡمِنُ بِـَٔايَٰتِنَا ٱلَّذِينَ إِذَا ذُكِّرُواْ بِهَا خَرُّواْۤ سُجَّدٗاۤ وَسَبَّحُواْ بِحَمۡدِ رَبِّهِمۡ وَهُمۡ لَا يَسۡتَكۡبِرُونَ۩ ١٥
Воистину, веруют в Наши знамения только те, которые, когда им напоминают о них, падают ниц, прославляют хвалой своего Господа и не проявляют высокомерия.
අපගේ දූතයාණන් වෙත පහළ කරනු ලැබූ අපගේ වදන් විශ්වාස කරනුයේ, ඔවුනට ඒ ගැන උපදෙස් දෙනු ලැබූ විට අල්ලාහ්ගේ ප්රශංසාව තුළින් ඔහු ව පිවිතුරු කරමින් ඔහුට සුජූද් කරන්නෝ වෙති. එමෙන්ම ඔවුහු කවර තත්ත්වයක වුව ද අල්ලාහ්ව නැමදීමට හෝ ඔහුට සුජූද් කිරීමට හෝ උඩඟු නොවෙති.
32:16Страница 416
تَتَجَافَىٰ جُنُوبُهُمۡ عَنِ ٱلۡمَضَاجِعِ يَدۡعُونَ رَبَّهُمۡ خَوۡفٗا وَطَمَعٗا وَمِمَّا رَزَقۡنَٰهُمۡ يُنفِقُونَ ١٦
Они отрывают свои бока от постелей, взывая к своему Господу со страхом и надеждой, и расходуют из того, чем Мы их наделили.
ඔවුන්ගේ නින්දෙහි ඔවුන් නිදා සිටි ඔවුන්ගේ යහනින් ඔවුන්ගේ ඇලපත් දුරස් කොට එය හැරදමා අල්ලාහ් වෙත යොමු වෙති. ඔහුගේ දඬුවමට බියෙන් හා ඔහුගේ කරුණා ව අපේක්ෂාවෙන් ඔවුන්ගේ සලාතයේ මෙන්ම වෙනත් අවස්ථාවන් වල ඔහුට ප්රාර්ථනා කරති. තවද අපි ඔවුනට පිරිනැමූ සම්පත් අල්ලාහ්ගේ මාර්ගයේ ඔවුහු වියදම් කරති.
32:17Страница 416
فَلَا تَعۡلَمُ نَفۡسٞ مَّآ أُخۡفِيَ لَهُم مِّن قُرَّةِ أَعۡيُنٖ جَزَآءَۢ بِمَا كَانُواْ يَعۡمَلُونَ ١٧
Ни один человек не знает, какие услады для глаз сокрыты для них в воздаяние за то, что они совершали.
අල්ලාහ් ඔවුනට සූදානම් කර ඇති ඔවුන්ගේ ඇස් පිනවන දැකුම්කළු දෑ පිළිබඳ කිසිදු ආත්මයක් නොදනී. එය මෙලොවෙහි ඔවුන් සිදු කළ ක්රියාවන් සඳහා ඔවුනට ඔහුගෙන් පිරිනැමෙන තිළිණයක් වශයෙනි. එය අල්ලාහ්ගේ ශ්රේෂ්ඨත්වය හේතුවෙන් ඔහුට පමණක් ආවරණය වූ ප්රතිඵලයකි.
32:18Страница 416
أَفَمَن كَانَ مُؤۡمِنٗا كَمَن كَانَ فَاسِقٗاۚ لَّا يَسۡتَوُۥنَ ١٨
Неужели верующий подобен нечестивцу? Не равны они!
අල්ලාහ් ගැන විශ්වාස කොට, ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටින්නා අල්ලාහ්ට අවනත වීමෙන් බැහැර වූ අයෙකු මෙන් ද? ප්රතිඵල පිරිනැමීමේදී අල්ලාහ් අබියස එම කණ්ඩායම් දෙක සමාන වන්නේ නැත.
32:19Страница 416
أَمَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ فَلَهُمۡ جَنَّٰتُ ٱلۡمَأۡوَىٰ نُزُلَۢا بِمَا كَانُواْ يَعۡمَلُونَ ١٩
Для тех, которые уверовали и совершали праведные деяния, Сады пристанища станут угощением за то, что они совершили.
අල්ලාහ් ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් කළවුන් වනාහි, ඔවුන් වෙනුවෙන් ඔවුනට ගෞරවයක් ලෙස සූදානම් කරන ලද ඔවුන්ගේ ප්රතිඵල වනුයේ ඔවුන් එහි රැඳී සිටින ස්වර්ග උයන් වෙති. එය ඔවුන් මෙලොව සිදු කළ දැහැමි ක්රියාවන් සඳහා ප්රතිඵලයක් වශයෙනි.
32:20Страница 416
وَأَمَّا ٱلَّذِينَ فَسَقُواْ فَمَأۡوَىٰهُمُ ٱلنَّارُۖ كُلَّمَآ أَرَادُوٓاْ أَن يَخۡرُجُواْ مِنۡهَآ أُعِيدُواْ فِيهَا وَقِيلَ لَهُمۡ ذُوقُواْ عَذَابَ ٱلنَّارِ ٱلَّذِي كُنتُم بِهِۦ تُكَذِّبُونَ ٢٠
А пристанищем нечестивцев будет Огонь. Всякий раз, когда они захотят выйти оттуда, их вернут туда, и им будет сказано: «Вкусите мучения в Огне, которые вы считали ложью!».
දේව ප්රතික්ෂේපය හා පාපකම් සිදු කිරීම හේතුවෙන් අල්ලාහ්ට අවනත වීමෙන් බැහැර වූ අය කලී මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුනට සූදානම් කරනු ලැබූ ඔවුන්ගේ නවාතැන වනුයේ නිරා ගින්නය. ඔවුහු එහි සදා රැඳෙන්නෝ වෙති. එයින් ඔවුන් බැහැර වන්නට අපේක්ෂා කරන සෑම කල්හිම ඒ වෙත ඔවුන් නැවත යොමු කරනු ලැබේ. එමෙන්ම ඔවුන්ව හෙළා දකිමින් "නුඹලාගේ දූතවරුන් නුඹලාට බිය ගන්වන අවස්ථාවේ නුඹලා මෙලොවෙහි බොරු කරමින් සිටි නිරයේ දඬුවම නුඹලා භුක්ති විඳිනු." යැයි පවසනු ලැබේ.
32:21Страница 417
وَلَنُذِيقَنَّهُم مِّنَ ٱلۡعَذَابِ ٱلۡأَدۡنَىٰ دُونَ ٱلۡعَذَابِ ٱلۡأَكۡبَرِ لَعَلَّهُمۡ يَرۡجِعُونَ ٢١
Но помимо величайших мучений Мы непременно дадим им вкусить меньшие мучения, чтобы они могли вернуться на прямой путь.
ඔවුන්ගේ පරමාධිපතිට අවනත වීමෙන් බැහැර වූ බොරුකාරයින්හට ඔවුන් ඒ සඳහා පාපක්ෂමාවේ නිරත නොවූයේ නම්, මතු ලොවෙහි ඔවුන් වෙනුවෙන් සූදානම් කර ඇති මහත් දඬුවමට පෙර මෙලොවෙහි විපත්ති හා පීඩාවන් විඳින්නට සලස්වමු. එය ඔවුන් ඔවුන්ගේ පරමාධිපතිට අවනත වීම සඳහා යොමු වන්නට හැකිවනු පිණිසය.
32:22Страница 417
وَمَنۡ أَظۡلَمُ مِمَّن ذُكِّرَ بِـَٔايَٰتِ رَبِّهِۦ ثُمَّ أَعۡرَضَ عَنۡهَآۚ إِنَّا مِنَ ٱلۡمُجۡرِمِينَ مُنتَقِمُونَ ٢٢
Кто может быть несправедливее того, кому напомнили об аятах его Господа, после чего он отвернулся от них? Воистину, Мы отомстим грешникам.
අල්ලාහ්ගේ වදන් තුළින් උපදෙස් දෙනු ලැබීමෙන් පසු ව, එමගින් උපදෙස් නොලබා ඒ ගැන කිසිදු තැකීමකින් තොරව එය ප්රතික්ෂේප කරන්නාට වඩා මහත් අපරාධකරුවෙකු වෙනත් නැත. සැබැවින් අපි කිසිදු සැකයකින් තොරව (අල්ලාහ්ගේ වදන් පිටිදකිමින් දේව ප්රතික්ෂේපිත හා පාපකම් හි නිරත වන) අපරාධකරුවන්ගෙන් පළිගන්නන් වන්නෙමු.
32:23Страница 417
وَلَقَدۡ ءَاتَيۡنَا مُوسَى ٱلۡكِتَٰبَ فَلَا تَكُن فِي مِرۡيَةٖ مِّن لِّقَآئِهِۦۖ وَجَعَلۡنَٰهُ هُدٗى لِّبَنِيٓ إِسۡرَٰٓءِيلَ ٢٣
Мы даровали Мусе (Моисею) Писание, и не сомневайся во встрече с ним (во встрече с Мусой или встрече Мусы с Аллахом). Мы сделали его (Писание) верным руководством для сынов Исраила (Израиля).
සැබැවින්ම අපි මූසාට තව්රාතය පිරිනැමුවෙමු. එහෙයින් අහෝ දූතය! ඉස්රාඃ රාත්රියේ මිඃරාජ් ගමනෙහි ඔබ මූසා ව හමුවීම ගැන සැකයෙහි පසු නොවනු. තවද මූසා (අලයිහිස් සලාම්) තුමා වෙත පහළ කරන ලද ග්රන්ථය ඉස්රාඊල් දරුවන්ට මුළාවෙන් යහමග ලබන්නක් බවට පත් කළෙමු.
32:24Страница 417
وَجَعَلۡنَا مِنۡهُمۡ أَئِمَّةٗ يَهۡدُونَ بِأَمۡرِنَا لَمَّا صَبَرُواْۖ وَكَانُواْ بِـَٔايَٰتِنَا يُوقِنُونَ ٢٤
Мы создали среди них предводителей, которые вели остальных по Нашему повелению прямым путем, поскольку они были терпеливы и убежденно верили в Наши знамения.
සත්යය විෂයයෙහි ජනයා ඔවුන් පිළිපැදීම සඳහා අපි ඉසිරාඊල් දරුවන් අතරින් නායකයින් පත් කළෙමු. අපි ඔවුනට දුන් අවසරය හා ඔවුනට පිරිනැමූ බලය තුළින් ඔවුහු සත්යය වෙත මග පෙන්වති. ඔවුන් අල්ලාහ්ගේ නියෝග පිළිපැදීමෙහි හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටීමෙහි ඉවසා දරා ගත් අතර ඇරයුම් කරන මාර්ගයෙහි අත් වන වේදනාවන් ද ඉවසා දරා ගත්තෝය. ඔවුන්ගේ දූතවරුන්ට පහළ කළ අල්ලාහ්ගේ වදන් සහතික කොට ඒවා සත්යය බව පවසමින් සිටියෝය.
32:25Страница 417
إِنَّ رَبَّكَ هُوَ يَفۡصِلُ بَيۡنَهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ فِيمَا كَانُواْ فِيهِ يَخۡتَلِفُونَ ٢٥
В День воскресения твой Господь рассудит между ними в том, в чем они расходились во мнениях.
අහෝ දූතය! සැබැවින්ම නුඹේ පරමාධිපති වනාහි, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් මෙලොව කවර කරුණක් සම්බන්ධයෙන් මත ගැටුම් ඇති කර ගත්තේ ද එහි දී ඔහු ඔවුන් වෙන් කරනු ඇත. සත්යවාදියා හා අසත්යවාදියා කවුරුන්දැයි පැහැදිලි කරනු ඇත. ඒ සෑම කෙනෙකුටම ගැළපෙන ප්රතිපල ඔහු පිරිනමනු ඇත.
32:26Страница 417
أَوَلَمۡ يَهۡدِ لَهُمۡ كَمۡ أَهۡلَكۡنَا مِن قَبۡلِهِم مِّنَ ٱلۡقُرُونِ يَمۡشُونَ فِي مَسَٰكِنِهِمۡۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٍۚ أَفَلَا يَسۡمَعُونَ ٢٦
Неужели их не привело на прямой путь то, что Мы погубили до них столько поколений, по жилищам которых они ходят? Воистину, в этом есть знамения. Неужели они не прислушаются?
මොවුහු අන්ධ වී ඇත්තෝ ද? ඔවුනට පෙර සිටි කොපමණ සමූහයන් අපි විනාශ කර ඇත්තේදැ යි ඔවුනට පැහැදිලි නොවූයේද? ඔවුන් විනාශ කිරීමට පෙර තම වාසස්ථාන ලෙස ගත් ඔවුන්ගේ එම වාසස්ථාන අතර මොවුහු ගමන් කරති. නමුත් ඔවුන්ගේ තත්ත්වය දෙස බලා මොවූහු උපදෙස් නොලැබුවෝය. ඔවුන්ගේ ප්රතික්ෂේපය හා ඔවුන්ගේ පාපකම් හේතුවෙන් එම සමූහයන්ට අත් වූ විනාශයෙහි අල්ලාහ්ගෙන් ඔවුන් වෙත පැමිණි ඔවුන්ගේ දූතවරුන් සත්යයය බවට සාධක කර ගන්නා පාඩමක් ඇත. අල්ලාහ්ගේ වදන් බොරු කරන මොවුන් පිළිගන්නා හා උපදෙස් ලබන පරිදි ඒවාට සවන් දිය යුතු නොවේ ද?
32:27Страница 417
أَوَلَمۡ يَرَوۡاْ أَنَّا نَسُوقُ ٱلۡمَآءَ إِلَى ٱلۡأَرۡضِ ٱلۡجُرُزِ فَنُخۡرِجُ بِهِۦ زَرۡعٗا تَأۡكُلُ مِنۡهُ أَنۡعَٰمُهُمۡ وَأَنفُسُهُمۡۚ أَفَلَا يُبۡصِرُونَ ٢٧
Неужели они не видят, что Мы пригоняем воду к сухой земле и выводим посредством нее посевы, которыми питаются их скот и они сами? Неужели они не видят этого?
සැබැවින්ම අපි පැලෑටි නොමැති වියළි භූමියට වර්ෂාව පතිත කොට එම ජලය මගින් ඔවුන්ගේ ඔටුවන් ඔවුන්ගේ ගවයින් හා ඔවුන්ගේ එළුවන් මෙන්ම ඔවුන් ද එයින් ආහාර අනුභව කිරීම සඳහා පෝෂණ සම්පත් බැහැර කර තිබීම, මළවුන් කෙරෙන් නැගිටුවනු ලැබීම ප්රතික්ෂේප කරන මොවුහු නොදුටුවෝ ද? ඔවුන් ඒ ගැන සිතා බැලිය යුතු නොවේ ද? සැබැවින්ම වියළි පොළොවේ පැලෑටි හට ගන්වන්නා, මියගියවුන් යළි අවදි කිරීමට ශක්තිය ඇත්තා බව ඔවුහු ග්රහණය නොකරන්නෝ ද?
32:28Страница 417
وَيَقُولُونَ مَتَىٰ هَٰذَا ٱلۡفَتۡحُ إِن كُنتُمۡ صَٰدِقِينَ ٢٨
Они говорят: «Когда же свершится этот суд, если вы говорите правду?».
යළි අවදි කරනු ලැබීම බොරු කරමින් සිටින්නන්, දඬුවම ඉක්මන් කරන්නැයි ඉල්ලමින්, "මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අප අතර හා නුඹලා අතර වෙන් කරන බවත්, අපගේ නවාතැන නිරා ගින්න ද නුඹලාගේ නවාතැන ස්වර්ගය ද වන බවත් නුඹලා තරයේ විශ්වාස කරන තීන්දු ව පැමිණෙන්නේ කවදාදැ?"යි විමසා සිටිති.
32:29Страница 417
قُلۡ يَوۡمَ ٱلۡفَتۡحِ لَا يَنفَعُ ٱلَّذِينَ كَفَرُوٓاْ إِيمَٰنُهُمۡ وَلَا هُمۡ يُنظَرُونَ ٢٩
Скажи: «В День суда неверующим не принесет пользы их вера, и они не получат отсрочки».
අහෝ දූතය, "මෙය ප්රතිඥාව කළ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයයි. සැබැවින්ම එය ගැත්තන් අතර වෙන් කරන දිනයයි. එවිට මෙලොවෙහි අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දෑසින් දැකීමෙන් පසු ව ඔවුන් එය සත්යයක් බව තහවුරු කිරීම ප්රයෝජනවත් නොවන අවස්ථාවකි. ඔවුන්ගේ පරමාධිපති වෙත පාපක්ෂමාවේ නිරත වී ඔහු වෙත යොමු වන තෙක් ඔවුනට කල් නොලැබේ." යැයි ඔවුන්ට පවසනු.
32:30Страница 417
فَأَعۡرِضۡ عَنۡهُمۡ وَٱنتَظِرۡ إِنَّهُم مُّنتَظِرُونَ ٣٠
Отвернись от них и подожди, ведь они тоже ждут.
අහෝ දූතය! ඔවුන්ගේ මුළාවෙහි ඔවුන් නිරත වීමෙන් පසු ව ඔවුන් ව නුඹ නොසලකා හරිනු. ඔවුනට අත්වන්නට යන දෑ ගැන බලාපොරොත්තුවෙන් සිටිනු. සැබැවින්ම ඔවුන් ද ඔවුනට සූදානම් කර ඇති දඬුවම බලාපොරොත්තුවෙන් සිටිති.
Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии