Аль-МухтасарАль‑Ахзаб · 33:1–33

Аль-Мухтасар · Тафсир · на сингальском

الأحزاب

Аль-Ахзаб

Союзники · Мединская · 73 аята

33:1Страница 418

يَٰٓأَيُّهَا ٱلنَّبِيُّ ٱتَّقِ ٱللَّهَ وَلَا تُطِعِ ٱلۡكَٰفِرِينَ وَٱلۡمُنَٰفِقِينَۚ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا حَكِيمٗا ١

О Пророк! Бойся Аллаха и не повинуйся неверующим и лицемерам. Воистину, Аллах - Знающий, Мудрый.

අහෝ නබිවරය! නුඹ සහ නුඹ සමග සිටින්නන් අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් ඔහුට භක්තිමත් ව කටයුතු කිරීමෙහි ස්ථාවර ව සිටිනු. ඔහුට පමණක් බිය වනු. දේව ප්රතික්ෂේපකයින්ගේ හා කුහකයින්ගේ ආශාවන් අතරට නුඹ යටත් නොවනු. දේව ප්රතික්ෂේපකයින් හා කුහකයින් සිදු කරන කුමන්ත්රණ පිළිබඳ ව සැබැවින්ම අල්ලාහ් මැනවින් දාන්නාය. එමෙන්ම ඔහුගේ මැවීම් හා ඔහුගේ සැලසුම් කිරීම් හි ඔහු මහා ප්රඥාවන්තය.

33:2Страница 418

وَٱتَّبِعۡ مَا يُوحَىٰٓ إِلَيۡكَ مِن رَّبِّكَۚ إِنَّ ٱللَّهَ كَانَ بِمَا تَعۡمَلُونَ خَبِيرٗا ٢

Следуй тому, что внушается тебе в откровении от твоего Господа. Воистину, Аллах ведает о том, что вы совершаете.

නුඹේ පරමාධිපති නුඹ වෙත පහළ කරන දිව්ය පණිවිඩ අනුගමනය කරනු. සැබැවින්ම අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ අභිඥානවන්තය. ඒවායින් කිසිවක් ඔහුට අතපසු වන්නේ නැත. නුඹලාගේ ක්රියාවන් සඳහා ඔහු නුඹලාට මතු ප්රතිඵල පිරිනමනු ඇත.

33:3Страница 418

وَتَوَكَّلۡ عَلَى ٱللَّهِۚ وَكَفَىٰ بِٱللَّهِ وَكِيلٗا ٣

Уповай на Аллаха, и довольно того, что Аллах является Попечителем и Хранителем!

සියලු කටයුතු වලදී අල්ලාහ් මත පමණක් නුඹ ස්ථාවර ව රැඳී සිටිනු. ඔහුගේ ගැත්තන් අතරින් ඔහු මත සියල්ල පවරන්නන් හට සුවිශුද්ධයාණන් වන ඔහු ප්රමාණවත්ය.

33:4Страница 418

مَّا جَعَلَ ٱللَّهُ لِرَجُلٖ مِّن قَلۡبَيۡنِ فِي جَوۡفِهِۦۚ وَمَا جَعَلَ أَزۡوَٰجَكُمُ ٱلَّٰٓـِٔي تُظَٰهِرُونَ مِنۡهُنَّ أُمَّهَٰتِكُمۡۚ وَمَا جَعَلَ أَدۡعِيَآءَكُمۡ أَبۡنَآءَكُمۡۚ ذَٰلِكُمۡ قَوۡلُكُم بِأَفۡوَٰهِكُمۡۖ وَٱللَّهُ يَقُولُ ٱلۡحَقَّ وَهُوَ يَهۡدِي ٱلسَّبِيلَ ٤

Аллах не даровал человеку двух сердец в одном теле. Он не сделал вашими матерями тех ваших жен, которых вы объявляете запретными для себя, и не сделал ваших приемных сыновей вашими сыновьями. Это - всего лишь слова из ваших уст. Аллах же глаголет истину и наставляет на прямой путь.

පිරිමියකුගේ ලය පෙදෙසෙහි හදවත් දෙකක් ඇති නොකළාක් මෙන්ම මහ්රම් තත්ත්වයේ දී බිරින්දෑවරු මව්වරුන්ගේ ස්ථානයට අල්ලාහ් පත් නොකළේය. දරුකමට හදා වඩා ගත් දරුවන් නුඹලාගේ කොඳු නාරටියෙන් බිහි වූ දරුවන්ගේ ස්ථානයට ඔහු පත් නොකළේය. එහෙයින් ලිහාර්, එනම් බිරිය තම මව හා සහෝදරියගේ ස්ථානයේ තබා, ස්වාමි පුරුෂයා ඇය ව තහනම් කර ගැනීම හා දරුකමට හදා වඩා ගත් දරුවන් තම දරුවන්ගේ ස්ථානයේ තැබීම ඉස්ලාමය අවලංගු කළ අඥාන කාලයේ සිරිත් අතරින් විය. මෙම ලිහාර් හා දරුකම නුඹලාගේ මුවවල්වලින් දොඩන ප්රකාශ මිස එහි යථාර්ථය නොවන්නේය. බිරිය මව මෙන් නැත. එමෙන්ම දරුකමට හදා වඩා ගත් දරුවා, තම දරුවා මෙන් වාද කරන්නාගේ දරුවකු ද නොවන්නේය. තම ගැත්තන් ක්රියා කරනු පිණිස සුවිශුද්ධ අල්ලාහ් සත්යය ප්රකාශ කර සිටියි. ඔහු නිවැරැදි දෑ වෙත මඟ පෙන්වනු ඇත.

33:5Страница 418

ٱدۡعُوهُمۡ لِأٓبَآئِهِمۡ هُوَ أَقۡسَطُ عِندَ ٱللَّهِۚ فَإِن لَّمۡ تَعۡلَمُوٓاْ ءَابَآءَهُمۡ فَإِخۡوَٰنُكُمۡ فِي ٱلدِّينِ وَمَوَٰلِيكُمۡۚ وَلَيۡسَ عَلَيۡكُمۡ جُنَاحٞ فِيمَآ أَخۡطَأۡتُم بِهِۦ وَلَٰكِن مَّا تَعَمَّدَتۡ قُلُوبُكُمۡۚ وَكَانَ ٱللَّهُ غَفُورٗا رَّحِيمًا ٥

Зовите их (приемных детей) по именам их отцов. Это более справедливо перед Аллахом. Если же вы не знаете их отцов, то они являются вашими братьями по вере и вашими близкими. Не будет на вас греха, если вы совершите ошибку, если только вы не вознамерились совершить такое в сердце. Аллах - Прощающий, Милосердный.

සැබැවින්ම නුඹලාගේ දරුවන් යැයි නුඹලා අවධාරණය කරන දරුවන් ඔවුන්ගේ සැබෑ පියවරුන්ගේ වාසගම සමග සම්බන්ධ කර අමතනු. එවිට ඔවුන් ඔවුන් සමග සම්බන්ධකම් පවත් වනු ඇත. එය අල්ලාහ් අබියස වූ යුක්ති ධර්මයකි. ඔවුනට ඔවුන්ගේ පියවරුන් සමග සම්බන්ධ කරන වාසගම් නුඹලා නොදන්නෙහු නම් ඔවුන් දහම තුළ නුඹලාගේ සහෝදරයින් වෙති. වහල්භාවයෙන් නිදහස් වූ නුඹලා අතර නිදහස් පුද්ගලයෝ වෙති. ‘මාගේ සහෝදරයා, මාගේ මහප්පාගේ සහෝදරයා’ වැනි ප්රකාශවලින් ඔවුන් ඇරයුම් කරනු. නුඹලා අතරින් කිසිවකුට වැරදී ඔහුගේ හිමිකම් පෑමට අයැදුම්කරුවෙකු ඉදිරිපත් කළහොත් ඔබ කෙරෙහි පාපයක් නැත. නමුත් ඒ ගැන උවමනාවෙන්ම කතා කරන අවස්ථාවේ නුඹලා පාපයින් බවට පත් වන්නෙහුය. තම ගැත්තන් අතරින් පාපක්ෂමාවේ නිරත වන්නන් හට අල්ලාහ් අති ක්ෂමාශීලීය. ඔවුන් වරදට හසුකර නොගන්නා පරිදි ඔහු ඔවුන් කෙරෙහි මහා කාරුණිකය.

33:6Страница 418

ٱلنَّبِيُّ أَوۡلَىٰ بِٱلۡمُؤۡمِنِينَ مِنۡ أَنفُسِهِمۡۖ وَأَزۡوَٰجُهُۥٓ أُمَّهَٰتُهُمۡۗ وَأُوْلُواْ ٱلۡأَرۡحَامِ بَعۡضُهُمۡ أَوۡلَىٰ بِبَعۡضٖ فِي كِتَٰبِ ٱللَّهِ مِنَ ٱلۡمُؤۡمِنِينَ وَٱلۡمُهَٰجِرِينَ إِلَّآ أَن تَفۡعَلُوٓاْ إِلَىٰٓ أَوۡلِيَآئِكُم مَّعۡرُوفٗاۚ كَانَ ذَٰلِكَ فِي ٱلۡكِتَٰبِ مَسۡطُورٗا ٦

Пророк ближе к верующим, чем они сами, а его жены - их матери. В соответствии с предписанием Аллаха, кровные родственники ближе друг к другу, чем верующие и мухаджиры, если только вы не сделаете добро своим друзьям. Так было записано в Писании (Хранимой скрижали).

නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දේවත්වය විශ්වාස කරන්නන් කවර කරුණක් වෙත ඇරයුම් කරමින් සිටියේ ද ඔවුන්ගේ ආත්මාවන් ඒ හැර වෙනත් දෑ වෙත නැඹුරු වුවද එම විෂයයන්හි ඔවුන්ගේ ආත්මාවන් පිළිබඳ එතුමාණන් වඩාත් උරුමය ඇත්තාය. එතුමාගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) බිරින්දෑවරු සියලුම දේවත්වය විශ්වාස කරන්නන් සඳහා මව්වරුන්ගේ ස්ථානයේ සිටිති. සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා අභාවයට පත් වූ පසු ව දේවත්වය විශ්වාස කරන කවරෙකු විසින් හෝ ඔවුන්ගෙන් එක් තැනැත්තියක් හෝ විවාහ කර ගැනීම තහනම් වන්නේය. ඉස්ලාමය ආරම්භයේ තමන් අතර උරුමකම් පාමින් සිටි දෙවියන් විශ්වාස කළ අල්ලාහ්ගේ මාර්ගයේ නික්ම ගිය අයවලුන් අතරින් අල්ලාහ්ගේ තීන්දුව අනුව ලේ ඥාතීත්වය ඇත්තෝ එකිනෙකා උරුමකම් පෑමට වාඩාත් සුදුස්සෝ වූවෝය. ඉන් පසුව ඔවුන්ගේ උරුමකම් පෑමේ නීතිය වෙනස් කරනු ලැබීය. අහෝ දේවත්වය විශ්වාස කළවුනි! එනමුත් උරුමය නොමැති ව නුඹලාගේ හිතමිතුරන් වෙත ඔවුන් සමග යහපත් අයුරින් කටයුතු කිරීමේ හා ඔවුන් සමග සම්බන්ධකම් පැවැත්වීමේ අපේක්ෂාවෙන් එසේ කටයුතු කරන්නේ නම් ඒ සඳහා නුඹලාට අනුමැතිය ඇත. මෙම නීතිය ‘ලව්හුල් මහ්ෆූල්’ නම් සටහන් පුවරුවේ පේළිවල විය. ඒ අනුව කටයුතු කිරීම අනිවාර්යය වන්නේය.

33:7Страница 419

وَإِذۡ أَخَذۡنَا مِنَ ٱلنَّبِيِّـۧنَ مِيثَٰقَهُمۡ وَمِنكَ وَمِن نُّوحٖ وَإِبۡرَٰهِيمَ وَمُوسَىٰ وَعِيسَى ٱبۡنِ مَرۡيَمَۖ وَأَخَذۡنَا مِنۡهُم مِّيثَٰقًا غَلِيظٗا ٧

Вот Мы заключили завет с пророками, с тобой, Нухом (Ноем), Ибрахимом (Авраамом), Мусой (Моисеем) и Исой (Иисусом), сыном Марьям (Марии). Мы заключили с ними суровый завет,

අල්ලාහ්ට පමණක් නමදින ලෙස ද, ඔහුට කිසිවක් ආදේශ නොකරන ලෙස ද ඔවුන් වෙත කවර දේව පණිවිඩයක් පහළ කරනු ලැබුවේ ද එය ප්රචාරය කරන ලෙස ද, අපි නබිවරුන්ගෙන් ස්ථාවර ගිවිසුමක් ගත් සැටි නබි තුමණි! මෙනෙහි කරනු. විශේෂයෙන්ම නුඹගෙන් ද නූහ් ඉබ්රාහීම් මූසා මර්යම්ගේ පුත් ඊසාගෙන් ද එවැනි අයුරින්ම ප්රතිඥාවක් ගත් සැටිත් මෙනෙහි කරනු. තවද ඔවුනට විශ්වාසයෙන් පවරන ලද අල්ලාහ්ගේ දූත පණිවිඩ ප්රචාරය කිරීම සම්පූර්ණ කරන මෙන් ස්ථාවර ප්රතිඥාවක් අපි ඔවුන්ගෙන් ගත්තෙමු.

33:8Страница 419

لِّيَسۡـَٔلَ ٱلصَّٰدِقِينَ عَن صِدۡقِهِمۡۚ وَأَعَدَّ لِلۡكَٰفِرِينَ عَذَابًا أَلِيمٗا ٨

чтобы Он спросил правдивых об их правдивости. Он приготовил неверующим мучительные страдания.

මෙම ස්ථාවර ප්රතිඥා ව නබිවරුන්ගෙන් අල්ලාහ් ගෙන ඇත්තේ දේව ප්රතික්ෂේපකයින් හෙළා දකින පරිදි ඔවුන්ගේ සත්යයතාව ගැන දූතවරුන් අතරින් සත්යාවදීන්ගෙන් ප්රශ්න කරනු පිණිසය. අල්ලාහ් හා ඔහුගේ දූතවරුන් ප්රතික්ෂේප කළවුන්ට, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ වේදනීය දඬුවමක් අල්ලාහ් සූදානම් කර ඇත්තේය. එය අපා ගින්නය.

33:9Страница 419

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱذۡكُرُواْ نِعۡمَةَ ٱللَّهِ عَلَيۡكُمۡ إِذۡ جَآءَتۡكُمۡ جُنُودٞ فَأَرۡسَلۡنَا عَلَيۡهِمۡ رِيحٗا وَجُنُودٗا لَّمۡ تَرَوۡهَاۚ وَكَانَ ٱللَّهُ بِمَا تَعۡمَلُونَ بَصِيرًا ٩

О те, которые уверовали! Помните милость Аллаха, которая была оказана вам, когда воины выступили против вас. Мы наслали на них ветер и воинов, которых вы не видели. Аллах видит то, что вы совершаете.

අල්ලාහ්ව විශ්වාස කොට ඔහු දහම්ගත කළ දෑ අනුව කටයුතු කළවුනි! නුඹලා වෙත අල්ලාහ් ආශිර්වාද කළ ආශිර්වාද ගැන මෙනෙහි කර බලනු. නුඹලා සමග සටන් කිරීම සඳහා දේව ප්රතික්ෂේපකයින්ගේ සේනාවන් මදීනා වෙත පැමිණි විට කුහකයින් හා යුදෙව්වන් ඔවුන් සමග එකතු වූ අවස්ථාවේ ඔවුන් වෙත අපි සුළඟක් එව්වෙමු. එය දැඩි සුළඟක් විය. එමගින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට ජය හිමි විය. එමෙන්ම නුඹලා නොදුටු මලක්වරුන්ගෙන් සේනාවක් ද අපි එව්වෙමු. දේව ප්රතික්ෂේපකයෝ කිසිවක් කර කියාගත නොහැකිව පලා ගියෝයා. නුඹලා සිදු කරන දෑ පිළිබඳ අල්ලාහ් සර්ව නිරීක්ෂක ය. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. නුඹලාගේ ක්රියාවන් සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.

33:10Страница 419

إِذۡ جَآءُوكُم مِّن فَوۡقِكُمۡ وَمِنۡ أَسۡفَلَ مِنكُمۡ وَإِذۡ زَاغَتِ ٱلۡأَبۡصَٰرُ وَبَلَغَتِ ٱلۡقُلُوبُ ٱلۡحَنَاجِرَ وَتَظُنُّونَ بِٱللَّهِ ٱلظُّنُونَا۠ ١٠

Вот они напали на вас сверху и снизу, и тогда взоры замерли, сердца достигли горла, и вы стали делать предположения об Аллахе.

එනම් දේව ප්රතික්ෂේපකයෝ මිටියාවතට බටහිරෙන් හා නැගෙනහිරෙන් ඉහළ දෙසින් ද එයට පහළ දෙසින් ද නුඹලා වෙත පැමිණි අවස්ථාවේ සතුරන්ගේ අවධානය මිස අන් සියලු දැයින් නුඹලාගේ බැල්ම බැහැර වී තිබූ අවස්ථාවේ දැඩි බිය හේතුවෙන් හදවත් උගුරු දණ්ඩ දක්වා ළඟා වී තිබූ අවස්ථාවේ නුඹලා අල්ලාහ් පිළිබඳ විවිධ සිතුවිලි ඇති කරගත්තෙහුය. විටෙක ජය සිතුවෙහුය. තවත් විටෙක එයින් පරාජයට පත්වේවි යැයි සිතුවෙහුය.

33:11Страница 419

هُنَالِكَ ٱبۡتُلِيَ ٱلۡمُؤۡمِنُونَ وَزُلۡزِلُواْ زِلۡزَالٗا شَدِيدٗا ١١

Там верующие подверглись испытанию и сильному потрясению.

හඃන්දක් යුද පිටියේ එම ස්ථානයේ දේව විශ්වාසීහු තමන්ට එරෙහි ව ඔවුන්ගේ සතුරන්ගේ පීඩනයට ඔවුන් මුහුණ දුන් හේතුවෙන් ඔවුහු පරීක්ෂාවට ලක් කරනු ලැබූහ. බිය හේතුවෙන් ඔවුන් දැඩි සේ කම්පනයට පත් වූහ. මෙම පරීක්ෂණය තුළින් දේව විශ්වාසියා හා කුහකයා කවුරුන්දැ යි පැහැදිලි විය.

33:12Страница 419

وَإِذۡ يَقُولُ ٱلۡمُنَٰفِقُونَ وَٱلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٞ مَّا وَعَدَنَا ٱللَّهُ وَرَسُولُهُۥٓ إِلَّا غُرُورٗا ١٢

Вот сказали лицемеры и те, чьи сердца поражены недугом: «Обещания Аллаха и Его Посланника были всего лишь обольщением».

එදින කුහකයෝ හා තම සිත් තුළ සැකය ඇති කර ගත් දුර්වල විශ්වාසයක් ඇත්තෝ, "අපගේ සතුරන්ට එරෙහි ව ජයග්රහණය හා මහපොළොවේ පහසුකම් සලසන බවට අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් අපහට ප්රතිඥා දුන් දෑ කිසිදු පදනමක් නැති නිෂ්ඵල දැයක් මිස නැතැ"යි පැවසූහ.

33:13Страница 419

وَإِذۡ قَالَت طَّآئِفَةٞ مِّنۡهُمۡ يَٰٓأَهۡلَ يَثۡرِبَ لَا مُقَامَ لَكُمۡ فَٱرۡجِعُواْۚ وَيَسۡتَـٔۡذِنُ فَرِيقٞ مِّنۡهُمُ ٱلنَّبِيَّ يَقُولُونَ إِنَّ بُيُوتَنَا عَوۡرَةٞ وَمَا هِيَ بِعَوۡرَةٍۖ إِن يُرِيدُونَ إِلَّا فِرَارٗا ١٣

Вот некоторые из них сказали: «О жители Ясриба (Медины), вы не сможете выстоять! Вернитесь!». А некоторые из них попросили разрешения у Пророка и сказали: «Наши дома остались беззащитны». Они не были беззащитны - они лишь хотели сбежать.

අහෝ දූතය! කුහකයින්ගෙන් පිරිසක් මදීනා වාසීන්ට, "යස්රිබ් වැසියනි! (ඉස්ලාමයට පෙර මදීනා නගරය හැඳින් වූ නාමයයි.) ‘හඃන්දක්’ අසළ ‘සල්උ’ කඳු පාමුළ නුඹලාට කිසිදු නවාතැනක් නැත. එහෙයින් නුඹලාගේ නිවෙස් වෙත හැරී යනු." යැයි කී අවස්ථාව නබිවරය මෙනෙහි කරනු. එවිට ඔවුන්ගෙන් පිරිසක් තමන්ගේ නිවෙස් සතුරන්ට අනාවරණය වී ඇතැයි තර්ක කරමින් ඔවුන්ගේ නිවෙස් වෙත නැවත හැරී යන්නට නබි(සල්ලලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් අවසර පැතුවෝය. ඔවුන් සිතූ පරිදි ඒවා අනාරක්ෂිත නොවීය. මෙසේ ඔවුන් බොරුවට නිදහසට කරුණු දැක්වීමෙන් බලාපොරොත්තු වූයේ සතුරන්ගෙන් පළා යෑමය.

33:14Страница 419

وَلَوۡ دُخِلَتۡ عَلَيۡهِم مِّنۡ أَقۡطَارِهَا ثُمَّ سُئِلُواْ ٱلۡفِتۡنَةَ لَأٓتَوۡهَا وَمَا تَلَبَّثُواْ بِهَآ إِلَّا يَسِيرٗا ١٤

Если бы они (союзники) вторглись в него со всех сторон и потребовали бы от них искушения (отказаться от веры), то они пошли бы на это и не стали бы медлить с этим, разве что немного.

මදීනාවේ සෑම දෙසකින්ම සතුරන් ඔවුන් වෙත ඇතුළු වී දේව ප්රතික්ෂේපය හා බහුදේව වාදය වෙත නැවත හැරෙන මෙන් ඇරයුම් කළේ නම් ඔවුන් එම සතුරන් වෙත පැමිණෙනු ඇත. ඔවුන් දහම අතහැර යාමෙන් හා දේව ප්රතික්ෂේපය වෙත පසුබෑමෙන් ස්වල්ප කාලයක් මිස රැඳී සිටියේ නැත.

33:15Страница 419

وَلَقَدۡ كَانُواْ عَٰهَدُواْ ٱللَّهَ مِن قَبۡلُ لَا يُوَلُّونَ ٱلۡأَدۡبَٰرَۚ وَكَانَ عَهۡدُ ٱللَّهِ مَسۡـُٔولٗا ١٥

А ведь прежде они заключили завет с Аллахом о том, что не обратятся вспять. О завете с Аллахом они будут спрошены.

උහද් දින යුද පිටියෙන් පලා යාමෙන් පසු ව, "අල්ලාහ් තමන්හට තවත් යුද්ධයකට සහභාගි වීමට අවස්ථාව සැලසුවේ නම් ඔවුන්ගේ සතුරන් සමග ඔවුන් යුද වදින බවටත් ඔවුනට බියෙන් පලා නොයන බවටත්" අල්ලාහ් සමග මෙම කුහකයෝ ගිවිස ගත්තෝය. නමුත් ඔවුහු ඉන් වැළකී සිටියෝය. ගැත්තා අල්ලාහ් සමග ඇති කර ගත් ගිවිසුම ගැන ප්රශ්න කරනු ලබන්නෙකි. ඒ ගැන ඔහු මතු විභාග කරනු ලබනු ඇත.

33:16Страница 420

قُل لَّن يَنفَعَكُمُ ٱلۡفِرَارُ إِن فَرَرۡتُم مِّنَ ٱلۡمَوۡتِ أَوِ ٱلۡقَتۡلِ وَإِذٗا لَّا تُمَتَّعُونَ إِلَّا قَلِيلٗا ١٦

Скажи: «Бегство не принесет вам пользы, если вы пытаетесь сбежать от смерти или гибели. В этом случае вы будете пользоваться благами лишь недолго».

අහෝ දූතය! ඔවුනට නුඹ මෙසේ පවසනු. "මිය යෑමට හෝ සටන් කිරීමට හෝ බියෙන් යුද පිටියෙන් නුඹලා පළා ගියේ නම්, එය නුඹලාට ප්රයෝජනවත් නොවනු ඇත. සැබැවින්ම ආයු කාලය නිර්ණය කරනු ලැබූවකි. නුඹලා එසේ පලා ගියෙහු නම් නුඹලාගේ ආයුකාලයට පරීක්ෂණයක් නොවනු ඇත. එවිට සැබැවින්ම නුඹලා මෙලොව ජීවිතයේ ස්වල්ප කාලයක් මිස භුක්ති නොවිඳිනු ඇත."

33:17Страница 420

قُلۡ مَن ذَا ٱلَّذِي يَعۡصِمُكُم مِّنَ ٱللَّهِ إِنۡ أَرَادَ بِكُمۡ سُوٓءًا أَوۡ أَرَادَ بِكُمۡ رَحۡمَةٗۚ وَلَا يَجِدُونَ لَهُم مِّن دُونِ ٱللَّهِ وَلِيّٗا وَلَا نَصِيرٗا ١٧

Скажи: «Кто защитит вас от Аллаха, если Он пожелает вам зла? А если Он пожелает оказать вам милость?». Они не найдут для себя вместо Аллаха ни покровителя, ни помощника.

අහෝ දූතය! නුඹ ඔවුන්ගෙන් මෙසේ විමසනු. ‘මරණය හෝ ඝාතනය වැනි නුඹලා පිළිකුල් කරන යමක් නුඹලා අත් විඳින්නට අල්ලාහ් අභිමත කළේ නම් හෝ සාමය, යහපත වැනි නුඹලා බලාපොරොත්තු වන යමක් නුඹලා අත් විඳින්නට අල්ලාහ් අභිමත කළේ නම් හෝ එය අල්ලාහ්ගෙන් නුඹලාට වළක්වාලනුයේ කවුරුන් ද? නුඹලාට එය වළක්වන කිසිවෙකු හෝ නැත.' කුහකයින්හට ඔවුන්ගේ කටයුතු භාර ව කටයුතු කරන්නෙකු ලෙස අල්ලාහ් හැර වෙනත් කිසිවකු නැත. ඔවුන් සතු අල්ලාහ්ගේ දඬුවමින් ඔවුන් වළක්වන්නට ද කිසිදු උදව්කරුවකු ඔවුනට නැත.

33:18Страница 420

۞ قَدۡ يَعۡلَمُ ٱللَّهُ ٱلۡمُعَوِّقِينَ مِنكُمۡ وَٱلۡقَآئِلِينَ لِإِخۡوَٰنِهِمۡ هَلُمَّ إِلَيۡنَاۖ وَلَا يَأۡتُونَ ٱلۡبَأۡسَ إِلَّا قَلِيلًا ١٨

Аллах знает тех из вас, которые отвращают людей от участия в войне, и тех, которые говорят своим братьям: «Идите к нам!». Они принимают в войне ничтожное участие,

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සමග එක් ව සටන් කිරීමේදී නුඹලා අතර සිටින සෙසු ජනයා අධෛර්යට පත් කරන්නන් පිළිබඳ අල්ලාහ් දනී. ඔවුහු තම සහෝදරයින්ට ‘අප වෙත එනු. ඔහු සමග එක්ව නුඹලා සටන් නො කරනු. එවිට නුඹලා ඝාතනය කරනු නො ලබනු ඇත. එසේ නොවී නම් සැබැවින්ම නුඹලා ඝාතනය කරනු ලබනු ඇතැයි අපි බියවෙමු. මෙම කඩාකප්පල්කාරීන් සටනට නොපැමිණෙන අතර ඔවුන්ගෙන් සුළු පිරිසක් හැර එයට සහභාගී වන්නේ ද නැත. ඔවුන් එසේ සිදු කරනුයේ අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ට ජය ලබා දෙනු පණිස නොව, තමන්ගේ විළි වසා ගැනීම සඳහාය.

33:19Страница 420

أَشِحَّةً عَلَيۡكُمۡۖ فَإِذَا جَآءَ ٱلۡخَوۡفُ رَأَيۡتَهُمۡ يَنظُرُونَ إِلَيۡكَ تَدُورُ أَعۡيُنُهُمۡ كَٱلَّذِي يُغۡشَىٰ عَلَيۡهِ مِنَ ٱلۡمَوۡتِۖ فَإِذَا ذَهَبَ ٱلۡخَوۡفُ سَلَقُوكُم بِأَلۡسِنَةٍ حِدَادٍ أَشِحَّةً عَلَى ٱلۡخَيۡرِۚ أُوْلَٰٓئِكَ لَمۡ يُؤۡمِنُواْ فَأَحۡبَطَ ٱللَّهُ أَعۡمَٰلَهُمۡۚ وَكَانَ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٗا ١٩

поскольку они скупы по отношению к вам. Когда ими овладевает страх, ты видишь, как они смотрят на тебя. Их глаза вращаются, словно у того, кто теряет сознание перед смертью. Когда же страх проходит, они обижают вас острыми языками, скупясь на добро. Они не уверовали, и Аллах сделал тщетными их деяния. Это для Аллаха было легко.

දේව විශ්වාසී ජනයිනි! එය ඔවුන්ගේ ධනය සම්බන්ධයෙන් පවතින නුඹලා කෙරෙහි වූ මසුරුකම හේතුවෙනි. ඒවා වියදම් කරමින් නුඹලාට ඔවුහු උපකාර නොකරති. එමෙන්ම ඔවුන් ඔවුන් ගැනම මසුරු වෙති. නුඹලා සමග එක් ව සටන් නොකරති. ඔවුන්ගේ හිතමිතුරන් ගැන ද මසුරු වෙති. එහෙයින් නුඹලා සමග හිතවත්කම් නොපානු ඇත. අහෝ දූතය! සතුරන් හමු වන අවස්ථාවේ ඔවුනට බිය පැමිණි විට මරණ මංචකයේ තම ඇස් දෙක කැරකෙමින් තිබෙන රෝගියකු මෙන් බියෙන් ඔවුන්ගේ ඇස් කැරකෙමින් තිබෙනු නුඹ දකිනු ඇත. ඔවුන්ගෙන් බිය පහ වී ඔවුන් සන්සුන් තත්ත්වයට පත් වූ විට ඔවුන් චතුර ලෙස කතා කරමින් නුඹලාට වේදනා ගෙන දෙති. තණ්හාවෙන් යුතු ව යුද්ධයේ අතහැර දමා ගිය වස්තුව ගැන සොයති. මෙම ගුණාංගවලින් යුත් ඇත්තන් සැබෑ ලෙස විශ්වාස නොකළෝය. ඔවුන්ගේ ක්රියාවන්වල ප්රතිඵල අල්ලාහ් නිෂ්ඵල කළේය. එසේ නිෂ්ඵල කිරීම අල්ලාහ්ට පහසු කාර්යයක් විය.

33:20Страница 420

يَحۡسَبُونَ ٱلۡأَحۡزَابَ لَمۡ يَذۡهَبُواْۖ وَإِن يَأۡتِ ٱلۡأَحۡزَابُ يَوَدُّواْ لَوۡ أَنَّهُم بَادُونَ فِي ٱلۡأَعۡرَابِ يَسۡـَٔلُونَ عَنۡ أَنۢبَآئِكُمۡۖ وَلَوۡ كَانُواْ فِيكُم مَّا قَٰتَلُوٓاْ إِلَّا قَلِيلٗا ٢٠

Они полагают, что союзники не ушли. Если бы союзники пришли, то они захотели бы кочевать среди бедуинов и расспрашивать о вас. Будь они вместе с вами, то они бы не сражались, разве что немного.

මෙම බියගුල්ලෝ සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් හා දේව විශ්වාසීන්ට එරෙහිව පවතින යුද්ධයේ කලහකාරී සේනාංක දේව විශ්වාසීන් වෙත සේන්දු වන තෙක්ම ඔවුන් ඔවුන්ගෙන් ඉවත්ව නොයන බව සිතති. නැවත වතාවක් එම සේනාංක පැමිණෙන්නට අවස්ථාවක් ඇති වූ විට එම කුහකයෝ සැබැවින්ම ගැමි අරාබිවරුන් සමග මදීනාවෙන් පිටතට ගොස් -නුඹලාගේ සතුරන් නුඹලා සමග සටන් කළ පසු නුඹලාට අත් වූයේ කුමක් දැයි විමසා නුඹලාගේ තොරතුරු දැනගන්නට ප්රිය කරති. අහෝ දේව විශ්වාසී ජනයිනි! ඔවුන් නුඹලා සමග සිටියේ නම් ස්වල්ප දෙනෙකු හැර නුඹලා සමග එක්ව සටන් නොවදිනු ඇත. එහෙයින් නුඹලා ඔවුන් ගැන ගැටලුවක් ඇති කර නොගන්න. ඔවුන් ගැන දුක් නොවන්න.

33:21Страница 420

لَّقَدۡ كَانَ لَكُمۡ فِي رَسُولِ ٱللَّهِ أُسۡوَةٌ حَسَنَةٞ لِّمَن كَانَ يَرۡجُواْ ٱللَّهَ وَٱلۡيَوۡمَ ٱلۡأٓخِرَ وَذَكَرَ ٱللَّهَ كَثِيرٗا ٢١

В Посланнике Аллаха был прекрасный пример для вас, для тех, кто надеется на Аллаха и Последний день и премного поминает Аллаха.

අල්ලාහ්ගේ දූතයාණන් ප්රකාශ කළ දෑහි, එතුමාණන් ඒ අනුව ක්රියාත්ම කළ දෑහි හා එතුමාණන් කටයුතු කළ දෑහි අලංකාර ආදර්ශයක් නුඹලාට විය. එතුමාගේ ගෞරවනීය ප්රාණය පරදුවට තබා යුද්ධය සඳහා යුහුසුළුව සූදානම් වූහ. එසේ තිබියදී එතුමාගේ ජීවිතයට වඩා නුඹලාගේ ජීවිත ගැන නුඹලා මසුරු වනුයේ කෙසේ ද? අල්ලාහ්ගේ කුසල් බලාපොරොත්තුවෙන් හා අවසන් දිනය බලාපොරොත්තුවෙන් සිටි, ඒ සඳහා කටයුතු කරන, අල්ලාහ්ව අධික ලෙස මෙනෙහි කරන්නන් මිස අල්ලාහ්ගේ දූතයාණන් ගැන වෙනත් කිසිවකු කණස්සලු වන්නේ නැත. අවසන් දිනය ගැන බලාපොරොත්තු නොවන, අල්ලාහ්ව අධික ලෙස මෙනෙහි නොකරන අය වනාහි, සැබැවින්ම ඔවුන් අල්ලාහ්ගේ දූතයාණන් ගැන දුක් නොවනු ඇත.

33:22Страница 420

وَلَمَّا رَءَا ٱلۡمُؤۡمِنُونَ ٱلۡأَحۡزَابَ قَالُواْ هَٰذَا مَا وَعَدَنَا ٱللَّهُ وَرَسُولُهُۥ وَصَدَقَ ٱللَّهُ وَرَسُولُهُۥۚ وَمَا زَادَهُمۡ إِلَّآ إِيمَٰنٗا وَتَسۡلِيمٗا ٢٢

Когда верующие увидели союзников, они сказали: «Это - то, что обещали нам Аллах и Его Посланник. Аллах и Его Посланник сказали правду». Это приумножило в них лишь веру и покорность.

දේව විශ්වාසීන් සමග යුද වදින්නට එක්රැස් වූ සේනාංකයන් ඔවුන් දෑසින් ම දුටු කල්හි ඔවුහු, "අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් අපට ප්රතිඥා දුන් පරීක්ෂණය, විභාගය, උදව්ව උපකාරය මෙයයි. මෙහිදී අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් සත්යය පවසා ඇත. එය තහවුරු විය." යැයි පවසා සිටියහ. සේනාවන් තම දෑසින් දැකීම අල්ලාහ් පිළිබඳ විශ්වාසය හා ඔහුට අවනත වීම මිස වෙනත් කිසිවක් ඔවුනට වර්ධනය කළේ නැත.

33:23Страница 421

مِّنَ ٱلۡمُؤۡمِنِينَ رِجَالٞ صَدَقُواْ مَا عَٰهَدُواْ ٱللَّهَ عَلَيۡهِۖ فَمِنۡهُم مَّن قَضَىٰ نَحۡبَهُۥ وَمِنۡهُم مَّن يَنتَظِرُۖ وَمَا بَدَّلُواْ تَبۡدِيلٗا ٢٣

Среди верующих есть мужи, которые верны завету, который они заключили с Аллахом. Среди них есть такие, которые уже выполнили свои обязательства (или умерли), и такие, которые еще ожидают, но никак не изменяют своему завету.

දේව විශ්වාසීන් අතර අල්ලාහ් සත්යය බව පවසා අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීම මත ඉවසීමෙන් දරා එහි ස්ථාවර ව සිටින බවට ඔහු සමග ඇති කරගත් ගිවිසුම ඉටු කළ පිරිමින් පිරිසක් දේව විශ්වාසීන් අතර වෙති. එමෙන්ම මිය ගිය හෝ අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කළවුන් පිරිසක් ද වෙති. තවද අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පිදූවන් ද වෙති. කුහකයින් තමන්ගේ ගිවිසුම සම්බන්ධයෙන් කටයුතු කළාක් මෙන් මෙම දේව විශ්වාසීන් අල්ලාහ් සමග ඇති කරගත් ගිවිසුම් වෙනස් කළේ නැත.

33:24Страница 421

لِّيَجۡزِيَ ٱللَّهُ ٱلصَّٰدِقِينَ بِصِدۡقِهِمۡ وَيُعَذِّبَ ٱلۡمُنَٰفِقِينَ إِن شَآءَ أَوۡ يَتُوبَ عَلَيۡهِمۡۚ إِنَّ ٱللَّهَ كَانَ غَفُورٗا رَّحِيمٗا ٢٤

Это происходит для того, чтобы Аллах воздал правдивым за их правдивость и наказал лицемеров, если Он пожелает этого, или принял их покаяния. Воистину, Аллах - Прощающий, Милосердный.

ඔවුන්ගේ සත්යතා ව, ඔවුන්ගේ ගිවිසුම් ඉටු කිරීම යනාදිය සම්බන්ධයෙන් ඔවුන් අල්ලාහ් සමග ඇති කර ගත් ගිවිසුම් ඉටු කළා වූ සත්යය වාදීන්හට අල්ලාහ් ප්රතිඵල පිරිනමනු පිණිසත් ඔහු අභිමත කරන පරිදි ඔවුන්ගේ දේව ප්රතික්ෂේපය හේතුවෙන් පාපක්ෂමාවට පෙර හෝ එම පාපක්ෂමාවට ඔවුනට ඔහු ආශිර්වාද කිරීමෙන් ඔවුනට පාපක්ෂමාව පිරිනැමීමට පෙර ඔවුන් මරණයට පත් කොට ගිවිසුම් කඩා දැමූ කුහකයින්හට දඬුවම් කරනු පිණිසත් ය. කවරෙකු තම පාපයන් සඳහා පාපක්ෂමාවේ නිරතවන්නේ ද ඔහු කෙරෙහි අල්ලාහ් අති ක්ෂමාශීලීය. එමෙන්ම ඔහු කෙරෙහි මහා කාරුණිකය.

33:25Страница 421

وَرَدَّ ٱللَّهُ ٱلَّذِينَ كَفَرُواْ بِغَيۡظِهِمۡ لَمۡ يَنَالُواْ خَيۡرٗاۚ وَكَفَى ٱللَّهُ ٱلۡمُؤۡمِنِينَ ٱلۡقِتَالَۚ وَكَانَ ٱللَّهُ قَوِيًّا عَزِيزٗا ٢٥

Аллах вернул неверующих в ярости (или по причине их ярости), и они не обрели добра. Аллах избавил верующих от сражения. Аллах - Всесильный, Могущественный.

කුරෙයිෂ්වරු, ගුත්ෆාන් වරු හා ඔවුන් සමග සිටි ජනයා බලාපොරොත්තු වූ දෑ ඔවුනට අහිමි වීම නිසාවෙන් හා දේව විශ්වාසීන්ට ළඟා කරවන්නට ඔවුන් සිතූ දෑ ක්රියාත්මක කිරීමට නොහැකිව ඔවුන් අසමත් වූ නිසාවෙන් පීඩාවෙන් හා වේදනාවන්ගෙන් අල්ලාහ් ඔවුනට ප්රතිචාර දැක්වීය. ඔවුනට එරෙහිව අල්ලාහ් සුළඟක් යවා මලක්වරුන් ද පහළ කිරීම හේතුවෙන් ඔවුන් සමග දේව විශ්වාසීන් සටන් කිරීම ප්රමාණවත් විය. අල්ලාහ් සර්වබලධාරී හා සර්ව ශක්තිය ඇත්තාය. කිසිවෙකු විසින් ඔහු ව පරාජය කිරීමට හෝ ඔහු ව පහත් කිරීමට හෝ නොහැක.

33:26Страница 421

وَأَنزَلَ ٱلَّذِينَ ظَٰهَرُوهُم مِّنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ مِن صَيَاصِيهِمۡ وَقَذَفَ فِي قُلُوبِهِمُ ٱلرُّعۡبَ فَرِيقٗا تَقۡتُلُونَ وَتَأۡسِرُونَ فَرِيقٗا ٢٦

Он вывел из крепостей тех людей Писания, которые помогали им (союзникам), и вселил в их сердца страх. Одну часть их вы убили, а другую взяли в плен.

තම සතුරන්ගෙන් ආරක්ෂා වීම සඳහා බලකොටු තනා ඔවුන්ගේ එම බලකොටුවල සිට ඔවුනට උපකාර කළ යුදෙව්වන් පහළට බැස්සවීය. ඔවුන්ගේ සිත් තුළ බිය ඇති කළේය. අහෝ දේව විශ්වාසී ජනයිනි! නුඹලා පිරිසක් ඝාතනය කළෙහුය. නුඹලා තවත් පිරිසක් සිරභාරයට ගත්තෙුහුය.

33:27Страница 421

وَأَوۡرَثَكُمۡ أَرۡضَهُمۡ وَدِيَٰرَهُمۡ وَأَمۡوَٰلَهُمۡ وَأَرۡضٗا لَّمۡ تَطَـُٔوهَاۚ وَكَانَ ٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٗا ٢٧

Он дал вам в наследство их землю, их дома, их имущество и землю, на которую вы даже не ступали. Аллах способен на всякую вещь.

ඔවුන් ව විනාශ කිරීමෙන් පසු ව වගාවන් හා රට ඉඳි ගස් සහිත ඔවුන්ගේ භූමිය අල්ලාහ් නුඹලාට අයිති කළේය. ඔවුන්ගේ වාසස්ථාන හා ඔවුන්ගේ අනෙකුත් සම්පත් ද නුඹලාට උරුම කළේය. කිසිවකු පය නොතැබූ කයිබර් භූමිය ද ඔහු නුඹලාට උරුම කළේය. මීට පෙර නුඹලා එහි පය නොතැබුවෙහිය. මෙය දේව විශ්වාසීන්හට වූ ප්රතිඥාවක් හා සුභාරංචියකි. අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්වබලධාරීය. ඔහුව පරාජය කිරීමට කිසිවකුට නොහැක.

33:28Страница 421

يَٰٓأَيُّهَا ٱلنَّبِيُّ قُل لِّأَزۡوَٰجِكَ إِن كُنتُنَّ تُرِدۡنَ ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا وَزِينَتَهَا فَتَعَالَيۡنَ أُمَتِّعۡكُنَّ وَأُسَرِّحۡكُنَّ سَرَاحٗا جَمِيلٗا ٢٨

О Пророк! Скажи своим женам: «Если вы желаете мирской жизни и ее украшений, то придите, и я наделю вас благами и отпущу красиво.

අහෝ නබිවරය! නුඹේ බිරියන් සඳහා අධික ව වියදම් කිරීමේ පහසුකම් නුඹ සතු ව නොමැති තත්ත්වයක, වියදම සඳහා වැඩිපුර ප්රමාණයක් ලබා දෙන මෙන් නුඹෙන් පතන බිරින්දෑවරුන්ට නුඹ මෙසේ පවසනු. "නුඹලා මෙලොව ජීවිතය හා එහි ඇති අලංකාරය අපේක්ෂා කරන්නෙහු නම් නුඹලා මා වෙත එනු. දික්කසාද වූ කාන්තාවන් කවර කරුණක් භුක්ති විඳින්නේ ද එවන් දෑ භුක්ති විඳීමට සලස්වමි. හිංසා කිරීමෙන් හෝ පීඩා කිරීමෙන් තොර ව මම නුඹලා ව දික්කසාද කරමි."

33:29Страница 421

وَإِن كُنتُنَّ تُرِدۡنَ ٱللَّهَ وَرَسُولَهُۥ وَٱلدَّارَ ٱلۡأٓخِرَةَ فَإِنَّ ٱللَّهَ أَعَدَّ لِلۡمُحۡسِنَٰتِ مِنكُنَّ أَجۡرًا عَظِيمٗا ٢٩

Но если вы желаете Аллаха, Его Посланника и Последнюю жизнь, то Аллах приготовил творящим добро среди вас великую награду».

"නුඹලා අල්ලාහ්ගේ තෘප්තිය හා ඔහුගේ දූතයාණන්ගේ තෘප්තිය බලාපොරොත්තු වන්නෙහු නම් මතුලොව නිවහනෙහි ස්වර්ග උයන අපේක්ෂා කරන්නෙහු නම් නුඹලා සිටින තත්ත්වය මත ඉවසීමෙන් රෑඳී සිටිනු. නුඹලා අතරින් ඉවසිලිවන්ත ව හා යහපත් පවුල් ජීවිතයක් ගත කරන්නන්හට සැබැවින්ම අල්ලාහ් අතිමහත් තිළිණයක් සූදානම් කර ඇත."

33:30Страница 421

يَٰنِسَآءَ ٱلنَّبِيِّ مَن يَأۡتِ مِنكُنَّ بِفَٰحِشَةٖ مُّبَيِّنَةٖ يُضَٰعَفۡ لَهَا ٱلۡعَذَابُ ضِعۡفَيۡنِۚ وَكَانَ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٗا ٣٠

О жены Пророка! Если кто из вас совершит явную мерзость, то ее мучения будут удвоены. Это для Аллаха легко.

නබිවරයාගේ බිරින්දෑවරුණි! නුඹලා අතරින් කවරෙකු ප්රසිද්ධ පාපයක් සිදු කරන්නේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඒ සඳහා දඬුවම ඇයට ගුණ කර දෙනු ඇත. එය ඇයට හිමිව ඇති නිලය හා ස්ථානය නිසාවෙනි. එමෙන්ම ඔවුන් සමග වූ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ ඇසුරු ආරක්ෂා කිරීම සඳහාය. එසේ ගුණ කර දීම අල්ලාහ්ට පහසු කාර්යයකි.

33:31Страница 422

۞ وَمَن يَقۡنُتۡ مِنكُنَّ لِلَّهِ وَرَسُولِهِۦ وَتَعۡمَلۡ صَٰلِحٗا نُّؤۡتِهَآ أَجۡرَهَا مَرَّتَيۡنِ وَأَعۡتَدۡنَا لَهَا رِزۡقٗا كَرِيمٗا ٣١

А ту из вас, которая будет покорна Аллаху и Его Посланнику и будет поступать праведно, Мы одарим двойным вознаграждением, и Мы приготовили для нее щедрый удел.

නුඹලා අතරින් කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වීමෙහි අඛණ්ඩව නියැළී අල්ලාහ් අබිසය පිළි ගනු ලැබූ දැහැමි ක්රියාවන් සිදු කරන්නී ද සෙසු බිරියන්ට වඩා ඇයට ඒ හැර වෙනත් තිළිණ ගුණ කර පිරිනමමු. ඇය වෙනුවෙන් මතුලොවෙහි ගෞරවනීය කුසලක් සූදානම් කර ඇත්තෙමු. එය ස්වර්ග උයනයි.

33:32Страница 422

يَٰنِسَآءَ ٱلنَّبِيِّ لَسۡتُنَّ كَأَحَدٖ مِّنَ ٱلنِّسَآءِ إِنِ ٱتَّقَيۡتُنَّۚ فَلَا تَخۡضَعۡنَ بِٱلۡقَوۡلِ فَيَطۡمَعَ ٱلَّذِي فِي قَلۡبِهِۦ مَرَضٞ وَقُلۡنَ قَوۡلٗا مَّعۡرُوفٗا ٣٢

О жены Пророка! Вы не таковы, как любая другая женщина. Если вы богобоязненны, то не проявляйте нежности в речах, дабы не возжелал вас тот, чье сердце поражено недугом, а говорите достойным образом.

අහෝ නබි මුහම්මද්ගේ (සල්ලල්ලාහු අලියිහි වසල්ලම්) බිරින්දෑවරුනි! ගෞරව මහිමයෙහි නුඹලා සෙසු කාන්තාවන් මෙන් නොවන්නෙහුය. නුඹලා අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටින්නෙහු නම්, එවිට නුඹලා නොවන වෙනත් කිසිවකු ලඟා කර නොගත් විශිෂ්ට නිලයක මහිමය හා ගෞරවය තුළ නුඹලා සිටින්නෙහුය. එහෙයින් නුඹලා පිටස්තර පිරිමින් සමග කතා කරන විට මෘදු හඬින් හෝ සිහින් හඬින් කතා නොකරනු. ඒ හේතුවෙන් ඔවුන්ගේ සිත් තුළ කුහකත්වයේ රෝගය හා තහනම් කරන ලද ආශාවන් ඇති වනු ඇත. කුතුහලය දුරස් කරන කතාවෙන් කතා කරනු. එය විහිළුවකින් තොරව හා අවශ්යතාවේ තරමට විය යුතුය.

33:33Страница 422

وَقَرۡنَ فِي بُيُوتِكُنَّ وَلَا تَبَرَّجۡنَ تَبَرُّجَ ٱلۡجَٰهِلِيَّةِ ٱلۡأُولَىٰۖ وَأَقِمۡنَ ٱلصَّلَوٰةَ وَءَاتِينَ ٱلزَّكَوٰةَ وَأَطِعۡنَ ٱللَّهَ وَرَسُولَهُۥٓۚ إِنَّمَا يُرِيدُ ٱللَّهُ لِيُذۡهِبَ عَنكُمُ ٱلرِّجۡسَ أَهۡلَ ٱلۡبَيۡتِ وَيُطَهِّرَكُمۡ تَطۡهِيرٗا ٣٣

Оставайтесь в своих домах, не наряжайтесь так, как наряжались во времена первого невежества, совершайте намаз, раздавайте закят и повинуйтесь Аллаху и Его Посланнику. О обитатели дома, Аллах желает лишь избавить вас от скверны и очистить вас полностью.

නුඹලාගේ නිවෙස් තුළම නුඹලා රැඳී සිටිනු. අවශ්යතාවකින් තොර ව ඉන් බැහැරට නොයනු. ඉස්ලාමයට පෙර අඥාන යුගයේ පිරිමින් ආකාර්ෂණය වන පරිදි කාන්තාවන් අලංකාරය ප්රදර්ශණය කළාක් මෙන් නුඹලාගේ අලංකාරය නුඹලා හෙළි නොකරනු. සලාතය පූර්ණ ව ඉටු කරනු. නුඹලාගේ ධනයෙන් සකාත් පිරිනමනු. අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වනු. දේව දූතයාණන්ගේ බිරින්දෑවරුණි! එතුමාගේ නිවැසියනි! අල්ලාහ් ප්රිය කරනුයේ සැබැවින්ම නුඹලාගෙන් නපුර හා කිලිටි ඉවත් කොට මහඟු සාරධර්ම තුළින් නුඹලාගේ සිත් පළඳවා ඒවා පිරිසිදු කොට නුඹලාගේ පහත් ක්රියාවන් ඒවායින් හිස් කොට ඉන් පසු කිසිදු පාපයක් නොවන තරමට ඒවා පිරිසිදු කිරීමටය.

Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии

Содержание

Аят аль-Курси36Аль-Кахфстр. 42джуз 15Бухари 1Муслим 2999

Вид

Тема
Размер текста
Вид

Read in English