Аль-МухтасарАль‑Ахзаб · 33:63–73

Аль-Мухтасар · Тафсир · на сингальском

Аль-Ахзаб 33:63–73

33:63Страница 427

يَسۡـَٔلُكَ ٱلنَّاسُ عَنِ ٱلسَّاعَةِۖ قُلۡ إِنَّمَا عِلۡمُهَا عِندَ ٱللَّهِۚ وَمَا يُدۡرِيكَ لَعَلَّ ٱلسَّاعَةَ تَكُونُ قَرِيبًا ٦٣

Люди спрашивают тебя о Часе. Скажи: «Знанием о нем обладает только Аллах». Откуда тебе знать, быть может, Час близок?

අහෝ දූතය! ප්රතික්ෂේප හා බොරු කිරීමේ ස්වභාවයෙන් දේව ආදේශකයෝ නුඹෙන් ප්රශ්න අසති. එමෙන්ම යුදෙව්වන් ද අවසන් හෝරාව ගැනත් එය කවර වේලාවක සිදුවන්නේ ද යන වගත් නුඹෙන් විමසති. නුඹ ඔවුනට මෙසේ පවසනු. "අල්ලාහ් අබියස ඇති අවසන් හෝරාව පිළිබඳ දැනුමෙන් කිසිවක් මා සතුව නැතැ"යි පවසනු. අහෝ දූතය! සැබැවින්ම අවසන් හෝරාව ඉතා සමීපයෙන් ඇති බව නුඹට ඇඟවූයේ කුමක් ද?

33:64Страница 427

إِنَّ ٱللَّهَ لَعَنَ ٱلۡكَٰفِرِينَ وَأَعَدَّ لَهُمۡ سَعِيرًا ٦٤

Воистину, Аллах проклял неверующих и уготовил для них Пламя,

සැබැවින්ම අල්ලාහ් තම කරුණාවෙන් දේව ප්රතික්ෂේපකයින් නෙරපා හැරියේය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් බලාපොරොත්තුවෙන් සිටින දළුලා ඇවිළෙන ගින්නක් ඔවුන් වෙනුවෙන් සූදානම් කළේය.

33:65Страница 427

خَٰلِدِينَ فِيهَآ أَبَدٗاۖ لَّا يَجِدُونَ وَلِيّٗا وَلَا نَصِيرٗا ٦٥

в котором они пребудут вечно. Они не найдут ни покровителя, ни помощника.

ඔවුන් වෙනුවෙන් සූදානම් කරනු ලැබූ එම ගින්නේ දඬුවමෙහි ඔවුන් සදා කල් රැඳී සිටින්නන් වෙති. ඔවුනට සෙත සලසන කිසිදු හිතවතෙකු හෝ එම දඬුවමින් ඔවුන් වළක්වාලන කිසිදු උදව් කරුවකු හෝ ඔවුන් නොලබනු ඇත.

33:66Страница 427

يَوۡمَ تُقَلَّبُ وُجُوهُهُمۡ فِي ٱلنَّارِ يَقُولُونَ يَٰلَيۡتَنَآ أَطَعۡنَا ٱللَّهَ وَأَطَعۡنَا ٱلرَّسُولَا۠ ٦٦

В тот день их лица будут поворачиваться (или изменяться) в Огне, и они скажут: «Лучше бы мы повиновались Аллаху и повиновались Посланнику!».

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපා ගින්නේ ඔවුන්ගේ මුහුණු පෙරළනු ලැබේ. ඔවුන්ගේ දැඩි කනගාටුව හා පසුතැවිල්ල හේතුවෙන් ඔවුහු, "අපි මෙලොව ජීවිතයේ අල්ලාහ් අපට නියෝග කළ දෑ අනුගමනය කොට ඔහු අපට තහනම් කළ දැයින් වැළකී අල්ලාහ්ට අවනත වන්නන් ලෙස සිටින්නට තිබුණා නොවේ ද! එසේම දූතයාණන් කවර කරුණක් ගෙන ආවේ ද එම විෂයයෙහි දූතයාණන්ට ද අවනත වන්නන් ලෙස සිටින්නට තිබුණා නොවේදැ"යි පවසති.

33:67Страница 427

وَقَالُواْ رَبَّنَآ إِنَّآ أَطَعۡنَا سَادَتَنَا وَكُبَرَآءَنَا فَأَضَلُّونَا ٱلسَّبِيلَا۠ ٦٧

Они скажут: «Господь наш! Мы повиновались нашим старейшинам и нашей знати, и они сбили нас с пути.

ව්යාජ, බොරු සාධක ඔවුහු ගෙනැවිත් මෙසේ පැවසුවෝය. "අපගේ පරමාධිපතියාණනි! අපගේ නායකයින්ටත් අපගේ සමාජයේ ප්රධානීන්ටත් සැබැවින්ම අපි අවනත වූයෙමු. නමුත් ඔවුහු අප ඍජු මාර්ගයෙන් නොමග හැරියෝය."

33:68Страница 427

رَبَّنَآ ءَاتِهِمۡ ضِعۡفَيۡنِ مِنَ ٱلۡعَذَابِ وَٱلۡعَنۡهُمۡ لَعۡنٗا كَبِيرٗا ٦٨

Господь наш! Удвой для них мучения и прокляни их великим проклятием!».

"අපගේ පරමාධිපතියාණනි! ඍජු මාර්ගයේ අප නොමග හැරියා වූ මෙම නායකයින් හා ප්රධානීන්හට ඔවුන් අප නොමග යැවීම හේතුවෙන් අපට දෙන ලද දඬුවම මෙන් දෙගුණයක් ඔවුනට ලබා දෙනු. ඔබේ කරුණාවෙන් ඉතා දැඩි ලෙස ඔවුන්ව නෙරපා හරිනු."

33:69Страница 427

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَكُونُواْ كَٱلَّذِينَ ءَاذَوۡاْ مُوسَىٰ فَبَرَّأَهُ ٱللَّهُ مِمَّا قَالُواْۚ وَكَانَ عِندَ ٱللَّهِ وَجِيهٗا ٦٩

О те, которые уверовали! Не будьте подобны тем, которые обидели Мусу (Моисея). Аллах оправдал его и опроверг то, что они говорили. Он был почитаем перед Аллахом.

අල්ලාහ්ව විශ්වාස කොට දහම් ගත කළ දෑ අනුව කටයුතු කළවුනි! නුඹලා නුඹලාගේ දූතයාණන්හට හිංසා නොකරනු. එවිට මූසාගේ ශරීරය සම්බන්ධයෙන් අඩුපාඩු පවසා සිටියාක් මෙන් එතුමාට හිංසා පීඩාවන් ඇති කළවුන් බවට නුඹලා පත් වන්නෙහුය. ඔවුන් පවසන දැයින් අල්ලාහ් ඔහු ව නිදොස් කළේය. ඔවුන් පවසන දෑ සම්බන්ධයෙන් ඔහු නිරෝගී බව ඔවුනට පැහැදිලි කළේය. අල්ලාහ් අබියස මූසා යහපත් අයකු වූ අතර ඔහුගේ ප්රාර්ථනාව ප්රතික්ෂේප කරනු ලැබුවේ නැත. ඔහුගේ බලාපොරොත්තු සුන් කළේ ද නැත.

33:70Страница 427

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱتَّقُواْ ٱللَّهَ وَقُولُواْ قَوۡلٗا سَدِيدٗا ٧٠

О те, которые уверовали! Бойтесь Аллаха и говорите правое слово.

අල්ලාහ් විශ්වාස කොට ඔහු දහම් ගත කළ දෑ අනුව ක්රියා කළවුනි! අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට බැතිමත්ව කටයුතු කරනු. සත්යය, නිවැරැදි ප්රකාශය ප්රකාශ කරනු.

33:71Страница 427

يُصۡلِحۡ لَكُمۡ أَعۡمَٰلَكُمۡ وَيَغۡفِرۡ لَكُمۡ ذُنُوبَكُمۡۗ وَمَن يُطِعِ ٱللَّهَ وَرَسُولَهُۥ فَقَدۡ فَازَ فَوۡزًا عَظِيمًا ٧١

Тогда Он исправит для вас ваши дела и простит вам ваши грехи. А кто повинуется Аллаху и Его Посланнику, тот уже достиг великого успеха.

සැබැවින්ම නුඹලා අල්ලාහ්ට බැතිමත් ව කටයුතු කොට නිවැරදි ප්රකාශ පවසා සිටියෙහු නම් නුඹලාගේ ක්රියාවන් ඔහු නුඹලාට විධිමත් කරනු ඇත. නුඹලාගෙන් ඒවා පිළිගනු ඇත. නුඹලාගේ පාපකම් නුඹලාගෙන් මකා දමනු ඇත. එවිට එමගින් ඔහු නුඹලා වැරදිකරුවන් බවට ග්රහණය නොකරනු ඇත. කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වන්නේ ද සැබැවින්ම ඔහු කිසිදු ජයග්රහණයකට සමීප කළ නොහැකි අතිමහත් ජයග්රහණයක් ලැබුවේය. එනම් ඒය, අල්ලාහ්ගේ තෘප්තියට පත්වීමෙන් හා ස්වර්ගයට පිවිසීමෙන් ලබන ජයග්රහණයයි.

33:72Страница 427

إِنَّا عَرَضۡنَا ٱلۡأَمَانَةَ عَلَى ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَٱلۡجِبَالِ فَأَبَيۡنَ أَن يَحۡمِلۡنَهَا وَأَشۡفَقۡنَ مِنۡهَا وَحَمَلَهَا ٱلۡإِنسَٰنُۖ إِنَّهُۥ كَانَ ظَلُومٗا جَهُولٗا ٧٢

Мы предложили небесам, земле и горам взять на себя ответственность, но они отказались нести ее и испугались этого, а человек взялся нести ее. Воистину, он является несправедливым и невежественным.

සැබැවින්ම අපි ආගමික වගකීම්, ධනය හා රහසිගත දෑ ආරක්ෂා කරන දෑ අහස් මහපොළොව හා කඳු වෙතට ගෙන හැර පෑවෙමු. එය ඉසිලීමෙන් ඒවා වැළකිනි. එහි අවසන් ප්රතිඵල ගැන ඒවා බිය විය. මිනිසා එය ඉසිලීය. සැබැවින්ම ඔහු ඒවා ඉසිලීමේ අවසන් ප්රතිඵල පිළිබඳ නොදන්නා තමන්ටම අපරාධ කරගත් අයකු විය.

33:73Страница 427

لِّيُعَذِّبَ ٱللَّهُ ٱلۡمُنَٰفِقِينَ وَٱلۡمُنَٰفِقَٰتِ وَٱلۡمُشۡرِكِينَ وَٱلۡمُشۡرِكَٰتِ وَيَتُوبَ ٱللَّهُ عَلَى ٱلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِۗ وَكَانَ ٱللَّهُ غَفُورٗا رَّحِيمَۢا ٧٣

Это произошло для того, чтобы Аллах наказал лицемеров и лицемерок, многобожников и многобожниц и принял покаяния верующих мужчин и верующих женщин. Аллах - Прощающий, Милосердный.

අල්ලාහ්ගෙන් වූ පෙර නියමය අනුව මිනිසා එය ඉසිලීය. පුරුෂයින් අතර සිටින කුහකයින් හා කාන්තාවන් අතර සිටින කුහක කාන්තාවන්හටත් පුරුෂයින් අතර සිටින බහුදේවවාදීන් හා කාන්තාවන් අතර සිටින බහුදේවවාදී කාන්තාවන්හටත් ඔවුන්ගේ කුහකත්වය හා ඔවුන් අල්ලාහ්ට ආදේශ තැබීම හේතුවෙන් අල්ලාහ් ඔවුනට දඬුවම් කරනු පිණිසය. එමෙන්ම වගකීමේ භාරකාරත්වය ඉසිලීම යහපත් ලෙස ක්රියාත්මක කළ දේව විශ්වාසීන් හා දේව විශ්වාසී කාන්තාවන්හට අල්ලාහ් පාපක්ෂමාව පිරිනැමීම පිණිසය. අල්ලාහ් තම ගැත්තන් අතරින් ඔහු වෙත පාපක්ෂමාවේ නිරත වී යොමු වන්නන්හට අති ක්ෂමාශීලීය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය.

Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии

Содержание

Аят аль-Курси36Аль-Кахфстр. 42джуз 15Бухари 1Муслим 2999

Вид

Тема
Размер текста
Вид

Read in English