Аль-МухтасарЙа Син · 36:1–49

Аль-Мухтасар · Тафсир · на сингальском

يس

Йа Син

Йа Син · Мекканская · 83 аята

36:1Страница 440

يسٓ ١

Йа. Син.

(යා, සීන්) සූරා බකරා ආරම්භයේදී මෙවැනි පාඨ පිළිබඳ විස්තර සඳහන් කර ඇත.

36:2Страница 440

وَٱلۡقُرۡءَانِ ٱلۡحَكِيمِ ٢

Клянусь мудрым Кораном!

එහි වදන් තීරණාත්මක බවට පත් කරන ලද, ඒ අතරට හෝ එයට පිටුපසින් හෝ ව්යාජ දෑ නොපැමිණෙන අල් කුර්ආනය මත අල්ලාහ් දිවුරා පවසයි.

36:3Страница 440

إِنَّكَ لَمِنَ ٱلۡمُرۡسَلِينَ ٣

Воистину, ты - один из посланников

අහෝ දූතය! සැබැවින්ම නුඹ අල්ලාහ්ගේ ගැත්තන්හට දේව ඒකීයත්වය හා ඔහුට පමණක් නැමදීමට නියෝග කිරීම සඳහා ඔවුන් අතරට ඔහු විසින් එවන ලද දූතවරුන් අතරින් කෙනෙකි.

36:4–5Страница 440

عَلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ ٤

на прямом пути.

تَنزِيلَ ٱلۡعَزِيزِ ٱلرَّحِيمِ ٥

Он ниспослан Могущественным, Милосердным,

ඍජු වැඩපිළිවෙලක් හා නිවැරදි පිළිවෙතක් මත පිහිටමිනි. මෙම ඍජු වැඩපිළිවෙල හා නිවැරදි පිළිවෙත වනාහි කිසිවෙකු විසින් පරාජය කළ නොහැකි තම දේව විශ්වාසීන් කෙරෙහි ඉමහත් කාරුණික වූ නුඹේ පරමාධිපති විසින් පහළ කරන ලද්දකි.

36:6Страница 440

لِتُنذِرَ قَوۡمٗا مَّآ أُنذِرَ ءَابَآؤُهُمۡ فَهُمۡ غَٰفِلُونَ ٦

чтобы ты предостерег людей, отцов которых никто не предостерег, из-за чего они оставались беспечными невеждами.

සැබැවින්ම අපි එය නුඹ වෙත පහළ කළේ පිරිසකට බිය වද්දා ඔවුනට අවවාද කරනු පිණිසය. ඔවුන් වනාහි ඔවුන් වෙත අවවාද කරන දූතයකු නොපැමිණි අරාබි ජාතිකයින් වූහ. ඔවුන් දේව විශ්වාසය හා දේව ඒකීයත්වය පිළිබඳ හාස්යට ලක් කරමින් අනවධානීව සිටියෝය. ඒ ගැන අවවාද කිරීම අත්හිටුවන ලද සෑම සමූහයකම කරුණ එලෙස විය. ඒ ගැන සිහිපත් කර දෙන දූතවරුන්ගේ අවශ්යතාව ඇති විය.

36:7Страница 440

لَقَدۡ حَقَّ ٱلۡقَوۡلُ عَلَىٰٓ أَكۡثَرِهِمۡ فَهُمۡ لَا يُؤۡمِنُونَ ٧

Относительно большинства из них сбылось Слово, и они не уверуют.

අල්ලාහ් වෙතින් වූ සත්යය ඔහුගේ දූතයාගේ දිවෙන් ඔවුනට දන්වා ඔවුන් එය විශ්වාස නොකොට ඔවුන්ගේ ප්රතික්ෂේපය මත ම රැඳී සිටීමෙන් පසු ව ඔවුන්ගෙන් බහුතරයක් දෙනාහට අල්ලාහ්ගෙන් වූ දඬුවම අනිවාර්යය විය. ඔවුහු අල්ලාහ් හෝ ඔහුගේ දූතයාණන්ව හෝ විශ්වාස නොකරති. ඔවුන් වෙත ගෙන ආ සත්ය ය අනුව ඔවුහු කටයුතු නොකරති.

36:8Страница 440

إِنَّا جَعَلۡنَا فِيٓ أَعۡنَٰقِهِمۡ أَغۡلَٰلٗا فَهِيَ إِلَى ٱلۡأَذۡقَانِ فَهُم مُّقۡمَحُونَ ٨

Воистину, Мы наложили на их шеи оковы до самого подбородка, и их головы задраны.

එම විෂයයෙහි ඔවුනට උපමාව වනුයේ ඔවුන්ගේ ගෙලවල් වටා මාංචු දමා ඔවුන්ගේ අත් ඔවුන්ගේ ගෙලවල් සමග ඔවුන්ගේ නිකටට එකතු කරමින් එයට පහළින් බැඳ තබනු ලැබූවන් මෙනි. එවිට ඔවුන්ගේ හිස් අහස දෙසට එස වී තිබේ. ඒවා පහත් කිරීමට ඔවුනට නොහැකි වෙයි. මොවුහු අල්ලාහ්ව විශ්වාස කිරීම පහත් කොට සැලකුවෝය. එබැවින් ඔවුහු ඔහුට යටත් නොවූ අතර ඔහු වෙනුවෙන් ඔවුන්ගේ හිස් පහත් නොකරති.

36:9Страница 440

وَجَعَلۡنَا مِنۢ بَيۡنِ أَيۡدِيهِمۡ سَدّٗا وَمِنۡ خَلۡفِهِمۡ سَدّٗا فَأَغۡشَيۡنَٰهُمۡ فَهُمۡ لَا يُبۡصِرُونَ ٩

Мы установили преграду перед ними и преграду позади них и накрыли их покрывалом, и они не видят.

සත්යයෙන් දුරස් කරන බාධකයක් ඔවුනට ඉදිරියෙන් විය. එමෙන්ම ඔවුනට පසුපසින් ද බාධකයක් විය. ඔවුන්ගේ දෘෂ්ටීන් සත්යයෙන් අපි වසන් කළෙමු. එමගින් ඔවුන් ප්රයෝජනය ලැබිය හැකි දැක්මකින් නොබලනු ඇත. ඔවුන්ගේ මුරණ්ඩුකම හෙළිවීමෙන් හා ඔවුන් දේව ප්රතික්ෂේපය මත ම නොකඩවා රැඳී සිටීමෙන් පසු ව ඔවුනට එය අත් විය.

36:10Страница 440

وَسَوَآءٌ عَلَيۡهِمۡ ءَأَنذَرۡتَهُمۡ أَمۡ لَمۡ تُنذِرۡهُمۡ لَا يُؤۡمِنُونَ ١٠

Им все равно, предостерег ты их или не предостерег. Они не веруют.

අහෝ මුහම්මද්! සත්යය පිළිගැනීමට මුරණ්ඩු වූ මෙම දේව ප්රතික්ෂේපකයින්හට නුඹ බිය ගන්වා අවවාද කළ ද එසේ ඔවුනට නුඹ අවවාද නොකළ ද අල්ලාහ් වෙතින් නුඹ ගෙන ආ දෑ ගැන ඔවුහු විශ්වාස නොකරති.

36:11Страница 440

إِنَّمَا تُنذِرُ مَنِ ٱتَّبَعَ ٱلذِّكۡرَ وَخَشِيَ ٱلرَّحۡمَٰنَ بِٱلۡغَيۡبِۖ فَبَشِّرۡهُ بِمَغۡفِرَةٖ وَأَجۡرٖ كَرِيمٍ ١١

Ты можешь предостеречь только того, кто последовал за Напоминанием и устрашился Милостивого, не видя Его воочию. Обрадуй его вестью о прощении и щедрой награде.

නුඹේ අවවාදය සැබෑ ලෙස ප්රයෝජනවත් වනුයේ මෙම කුර්ආනය සත්යය බව පිළිගෙන එහි ඇති දෑ අනුව පිළිපැද වෙනත් කිසිවෙකු නොදකින පරිදි තනි ව සිටිය දී තම පරමාධිපතිට බියවූවන්හටය. මෙම ගුණාංග ඇත්තන්හට තම පාපයන් අල්ලාහ් මකා දමන බවටත් ඒවාට ඔහු සමාව දෙන බවටත් මතුලොවෙහි අතිමහත් කුසල් ඔහු වෙනුවෙන් අපේක්ෂාවෙන් පවතින බවටත් එය ස්වර්ගයට ප්රවේශ වීමයි යන සතුටුදායක ආරංචිය දන්වා සිටිනු.

36:12Страница 440

إِنَّا نَحۡنُ نُحۡيِ ٱلۡمَوۡتَىٰ وَنَكۡتُبُ مَا قَدَّمُواْ وَءَاثَٰرَهُمۡۚ وَكُلَّ شَيۡءٍ أَحۡصَيۡنَٰهُ فِيٓ إِمَامٖ مُّبِينٖ ١٢

Воистину, Мы оживляем мертвых и записываем то, что они совершили, и то, что они оставили после себя. Всякую вещь Мы подсчитали в ясном руководстве (Хранимой скрижали).

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය සඳහා මළවුන් අවදි කරවා ඔවුනට සැබැවින්ම ජීවය ලබා දෙන්නෙමු. ඔවුන් මෙලොව පෙර කළ දැහැමි ක්රියාවන් හා නපුරු ක්රියාවන් අපි සටහන් කරමු. ඔවුන් මිය ගිය පසු ඔවුනට ඉතිරිවන දෑ එනම් සදකා වැන්නකින් ඇතිවන යහපත හා දේව ප්රතික්ෂේපය වැන්නකින් ඇතිවන පාපකම් ද අපි සටහන් කරමු. සියලු දෑ පැහැදිලි ග්රන්ථයෙහි අපි ගණන් බලා තැබුවෙමු. එය ලව්හුල් මහ්ෆූල් නම් ආරක්ෂක ඵලකයයි.

36:13Страница 441

وَٱضۡرِبۡ لَهُم مَّثَلًا أَصۡحَٰبَ ٱلۡقَرۡيَةِ إِذۡ جَآءَهَا ٱلۡمُرۡسَلُونَ ١٣

В качестве притчи приведи им жителей селения, к которым явились посланники.

මුරණ්ඩුකාර මෙම බොරුකාරයින්හට පාඩමක් වන සේ උපමාවක් ගෙන හැර පානු. එය ඔවුන්ගේ දූතවරු ඔවුන් වෙත පැමිණි අවස්ථාවේ එම ගම්මාන වැසියන් කටයුතු කළ ආකාරයේ කතාවයි.

36:14Страница 441

إِذۡ أَرۡسَلۡنَآ إِلَيۡهِمُ ٱثۡنَيۡنِ فَكَذَّبُوهُمَا فَعَزَّزۡنَا بِثَالِثٖ فَقَالُوٓاْ إِنَّآ إِلَيۡكُم مُّرۡسَلُونَ ١٤

Когда Мы отправили к ним двух посланников, они сочли их лжецами, и тогда Мы подкрепили их третьим. Они сказали: «Воистину, мы посланы к вам».

අල්ලාහ්ගේ ඒකීයත්වය හා ඔහුට නැමදුම් කිරීම සඳහා ඔවුන් ඇරයුම් කිරීම පිණිස පළමු ව අපි ඔවුන් වෙත දහම් දූතවරුන් දෙදෙනෙකු එවූ අවස්ථාව සිහියට නගනු. එවිට ඔවුහු එම දහම් දූතවරුන් දෙදෙනාව බොරු කොට ප්රතික්ෂේප කළෝය. පසුව ඔවුන් සමග තුන්වන දූතයකු එවා ඔවුන් දෙදෙනාව අපි ශක්තිමත් කළෙමු. මෙම දූතවරුන් තිදෙනාම එම ගම්වැසියන් හට ‘සැබැවින්ම අල්ලාහ්ගේ ඒකීයත්වය හා ඔහුගේ පිළිවෙත නුඹලා අනුගමනය කිරීම සඳහා අප නුඹලා ඇරයුම් කිරීම පිණිස අපි තිදෙනා නුඹලා වෙත එවනු ලැබූවෝ වෙමු.’ යැයි පැවසුවෝය.

36:15Страница 441

قَالُواْ مَآ أَنتُمۡ إِلَّا بَشَرٞ مِّثۡلُنَا وَمَآ أَنزَلَ ٱلرَّحۡمَٰنُ مِن شَيۡءٍ إِنۡ أَنتُمۡ إِلَّا تَكۡذِبُونَ ١٥

Они сказали: «Вы - такие же люди, как и мы. Милостивый ничего не ниспосылал, а вы всего лишь лжете».

එම ගම්වාසීන් එම දූතවරුන්හට, ‘නුඹලා අප මෙන් මිනිසුන් මිස නැත. අපට වඩා නුඹලාට කිසිදු විශේෂත්වයක් නැත. මහා කරුණාන්විතයාණන් නුඹලා වෙත කිසිදු දිව්ය පණිවිඩයක් පහළ කර ද නැත. නුඹලා කරන මෙම වාදයේ අල්ලාහ් මත බොරු ගොතනවාක් මිස නැත." යැයි පැවසුවෝය.

36:16Страница 441

قَالُواْ رَبُّنَا يَعۡلَمُ إِنَّآ إِلَيۡكُمۡ لَمُرۡسَلُونَ ١٦

Они сказали: «Наш Господь знает, что мы действительно посланы к вам.

එම ගම්වාසීන්ගේ බොරු කිරීමට ප්රතිචාර වශයෙන්, ‘අහෝ ගම්වැසියනි! සැබැවින්ම අපි නුඹලා වෙත ඔහු අබියසින් එවනු ලැබූ දූතවරු වෙමු. අපට සාධක වශයෙන් එයම ප්රමාණවත්ය.’ යැයි එම දූතවරු පවසා සිටියහ.

36:17Страница 441

وَمَا عَلَيۡنَآ إِلَّا ٱلۡبَلَٰغُ ٱلۡمُبِينُ ١٧

На нас возложена только ясная передача откровения».

"කවර කරුණක් දැනුම් දෙන්නැයි අපහට නියෝග කරනු ලැබුවේද එය නුඹලා වෙත පැහැදිලි ව දැනුම් දීම මිස වෙනත් කිසිවක් අප මත පැවරී නැත. නුඹලාට යහමඟ පිරිනැමීමේ හැකියාව අප සතු නොවන්නේය."

36:18Страница 441

قَالُوٓاْ إِنَّا تَطَيَّرۡنَا بِكُمۡۖ لَئِن لَّمۡ تَنتَهُواْ لَنَرۡجُمَنَّكُمۡ وَلَيَمَسَّنَّكُم مِّنَّا عَذَابٌ أَلِيمٞ ١٨

Они сказали: «Воистину, мы увидели в вас дурное предзнаменование. Если вы не прекратите, то мы непременно побьем вас камнями и вас коснутся мучительные страдания от нас».

ගම්වාසීහු දූතවරුන්හට, ‘නුඹලා නිසාවෙන් අප අසුභ තත්ත්වයට පත් ව ඇත්තෙමු. ඒක දේවත්වය වෙත අප ඇරයුම් කිරීමෙන් නුඹලා නොවැළකුණෙහු නම්, මිය යන තෙක්ම ගල් ගසා අපි නුඹලාට දඬුවම් කරන්නෙමු. වේදනීය දඬුවමක් අප නුඹලාට ලබා දෙන්නෙමු.’ යැයි පැවසුවෝය.

36:19Страница 441

قَالُواْ طَٰٓئِرُكُم مَّعَكُمۡ أَئِن ذُكِّرۡتُمۚ بَلۡ أَنتُمۡ قَوۡمٞ مُّسۡرِفُونَ ١٩

Они сказали: «Ваше дурное предзнаменование обратится против вас самих. Неужели, если вас предостерегают, вы считаете это дурным предзнаменованием? О нет! Вы - народ излишествующий.

දූතවරු ඔවුනට ප්රතිචාර දක්වමින්, ‘නුඹලා අල්ලාහ් ව ප්රතික්ෂේප කළ හේතුවෙන් හා ඔහුගේ දූතයාණන් පිළිපැදීම අතහැර දැමූ හේතුවෙන් නුඹලාගේ අසුභත්වය නුඹලාට නියම වී ඇත. අපි අල්ලාහ් පිළිබඳ නුඹලාට මෙනෙහි කළ විට නුඹලා අසුභ තත්ත්වයට පත්වන්නෙහු ද? එසේ නොව නුඹලා දේව ප්රතික්ෂේපය හා පාපකම් සිදු කිරීමෙහි ඉක්මවා ගිය පිරිසක් වන්නෙහුය.යැයි පැවසුහ.

36:20Страница 441

وَجَآءَ مِنۡ أَقۡصَا ٱلۡمَدِينَةِ رَجُلٞ يَسۡعَىٰ قَالَ يَٰقَوۡمِ ٱتَّبِعُواْ ٱلۡمُرۡسَلِينَ ٢٠

С окраины города второпях пришел мужчина и сказал: «О мой народ! Последуйте за посланниками.

තම ජනයා දූතවරුන් බොරු කළ හේතුවෙන් හා මරා දමන මෙන් ද දඬුවම් කරන මෙන් ද ඔවුන් ඔවුනට තර්ජනය කිරීම හේතුවෙන් බිය වී ගම්මානයේ ඈත තැනක සිට මිනිසෙකු පැමිණ, ‘මාගේ ජනයිනි! මෙම දූතවරුන් ගෙන ආ දෑ නුඹලා පිළිපදිනු’ යැයි පැවසීය.

36:21Страница 441

ٱتَّبِعُواْ مَن لَّا يَسۡـَٔلُكُمۡ أَجۡرٗا وَهُم مُّهۡتَدُونَ ٢١

Последуйте за теми, кто не просит у вас награды и следует прямым путем.

"අහෝ මාගේ ජනයිනි! දන්වා සිටීම සඳහා ගෙන ආ දෑ වෙනුවෙන් නුඹලාගෙන් කිසිදු ප්රතිලාභයක් නොපතන ඔවුන්ව පිළිපදිනු. ඔවුහු දිව්ය පණිවිඩ හරහා අල්ලාහ් පිළිබඳ ව දන්වා සිටින දෑහි මග ලැබූවෝ වෙති. එහෙයින් කවරෙකු එලෙස කටයුතු කරන්නේ ද එවැන්නෙකු අනුගමනය කරනු ලැබීම වඩාත් අගනේය."

36:22Страница 441

وَمَالِيَ لَآ أَعۡبُدُ ٱلَّذِي فَطَرَنِي وَإِلَيۡهِ تُرۡجَعُونَ ٢٢

И почему бы мне не поклоняться Тому, Кто сотворил меня и к Кому вы будете возвращены?

උපදෙස් දුන් මෙම පුද්ගලයා, ‘මා මැවූ අල්ලාහ්ට නැමදුම් කිරීමෙන් මා වළක්වාලනුයේ කුමක් ද? එමෙන්ම නුඹලා මැවූ නුඹලාගේ පරමාධිපතිට නැමදුම් කිරීමෙන් නුඹලාව වළක්වාලනුයේ කුමන බාධකයක් ද? ප්රතිඵල සඳහා යළි නැගිටුවා නුඹලා ව යොමු කරනු ලබනුයේ ඔහු වෙතමය.’ යැයි පැවසීය.

36:23Страница 441

ءَأَتَّخِذُ مِن دُونِهِۦٓ ءَالِهَةً إِن يُرِدۡنِ ٱلرَّحۡمَٰنُ بِضُرّٖ لَّا تُغۡنِ عَنِّي شَفَٰعَتُهُمۡ شَيۡـٔٗا وَلَا يُنقِذُونِ ٢٣

Неужели я стану поклоняться другим богам помимо Него? Ведь если Милостивый пожелает причинить мне зло, то их заступничество ничем не поможет мне, и они не спасут меня.

"මා මැවූ අල්ලාහ් හැර කිසිදු යුක්ති ධර්මතාවකින් තොර ව නැමදුම් ලබන වෙනත් දෙවිවරුන් මා ගන්නෙම් ද? කරුණාන්විතයාණන් යම් නපුරක් මා වෙත අභිමත කරන්නේ නම් ඒ සඳහා මා වෙනුවෙන් මැදිහත් වීමට එම දෙවිවරුන්ට නොහැකිය. මට සෙතක් හෝ හානියක් කිරීමට ඔවුනට නුපුළුවන. දේව ප්රතික්ෂේපය මත මා මිය ගියේ නම් අල්ලාහ් මට අභිමත කළ නපුරෙන් මා ආරක්ෂා කිරීමට ඔවුනට නොහැකිය.

36:24Страница 441

إِنِّيٓ إِذٗا لَّفِي ضَلَٰلٖ مُّبِينٍ ٢٤

Вот тогда я окажусь в очевидном заблуждении.

සැබැවින්ම මා අල්ලාහ් හැර නැමදුම් ලබන්නන් වශයෙන් ඔවුන් ගත් විට, සැබැවින්ම මා නැමදුමට සුදුසු නොවන අය නැමදීමෙන් හා නැමදුමට සුදුස්සාට නැමදුම් කිරීම අතහැර දැමීමෙන් පැහැදිලි වරදක වැටෙනු ඇත.

36:25Страница 441

إِنِّيٓ ءَامَنتُ بِرَبِّكُمۡ فَٱسۡمَعُونِ ٢٥

Воистину, я уверовал в вашего Господа. Послушайте же меня».

"අහෝ ජනයිනි! මාගේ පරමාධිපති මෙන්ම නුඹලාගේ පරමාධිපති වන අප සියලු දෙනාගේ පරමාධිපති ව මම විශ්වාස කළෙමි. එහෙයින් නුඹලා මට සවන් දෙනු. මා මරණ බවට නුඹලා මට කරන තර්ජනය පිළිබඳ මම නොතකමි." යැයි පැවසීය. නමුත් ඔහුගේ ජනයා ඔහු ව ඝාතනය කළේය. අල්ලාහ් ඔහු ව ස්වර්ගයට ප්රවේශ කළේය.

36:26Страница 441

قِيلَ ٱدۡخُلِ ٱلۡجَنَّةَۖ قَالَ يَٰلَيۡتَ قَوۡمِي يَعۡلَمُونَ ٢٦

Ему было сказано: «Войди в Рай!». Он сказал: «О, если бы мой народ знал,

ඔහු දිවි පිදූ පසු ඔහුට ගෞරව කිරීමක් වශයෙන් මෙසේ කියනු ලැබීය. ‘නුඹ ස්වර්ගයට පිවිසෙනු. ඔහු ස්වර්ගයට පිවිස එහි ඇති සැප පහසුකම් දුටු කල්හි යහපත අපේක්ෂාවෙන් ඔහු, ‘මා බොරු කොට මා ඝාතනය කළ මාගේ සමූහයා මට ලැබුණු පාපක්ෂමාව හා මාගේ පරමාධිපති මට පිරිනැමූ ගෞරවය ගැන දැනගෙන මා විශ්වාස කළාක් මෙන්ම ඔවුන් ද විශ්වාස කොට මාගේ ප්රතිඵල මෙන්ම ඔවුන් ද ප්රතිඵල හිමි කර ගත්තා නම්!’ යැයි පවසා සිටියේය.

36:27Страница 441

بِمَا غَفَرَ لِي رَبِّي وَجَعَلَنِي مِنَ ٱلۡمُكۡرَمِينَ ٢٧

за что мой Господь простил меня (или что мой Господь простил меня) и что Он сделал меня одним из почитаемых!».

ඔහු දිවි පිදූ පසු ඔහුට ගෞරව කිරීමක් වශයෙන් මෙසේ කියනු ලැබීය. ‘නුඹ ස්වර්ගයට පිවිසෙනු. ඔහු ස්වර්ගයට පිවිස එහි ඇති සැප පහසුකම් දුටු කල්හි යහපත අපේක්ෂාවෙන් ඔහු, ‘මා බොරු කොට මා ඝාතනය කළ මාගේ සමූහයා මට ලැබුණු පාපක්ෂමාව හා මාගේ පරමාධිපති මට පිරිනැමූ ගෞරවය ගැන දැනගෙන මම විශ්වාස කළාක් මෙන්ම ඔවුන් ද විශ්වාස කොට මාගේ ප්රතිඵල මෙන්ම ඔවුන් ද ප්රතිඵල හිමි කර ගත්තා නම්!’ යැයි පවසා සිටියේය.

36:28Страница 442

۞ وَمَآ أَنزَلۡنَا عَلَىٰ قَوۡمِهِۦ مِنۢ بَعۡدِهِۦ مِن جُندٖ مِّنَ ٱلسَّمَآءِ وَمَا كُنَّا مُنزِلِينَ ٢٨

После него Мы не ниспослали на его народ никакого войска с неба и не собирались делать этого.

ඔහු ව බොරු කොට ඔහු ව ඝාතනය කළ ඔහුගේ ජනයා විනාශ කිරීමේදී අහසින් පහළ වන මලක්වරුන්ගෙන් වූ සේනාවක් අපි පහළ නොකළෙමු. සමූහයක් විනාශ කරන විට ඔවුන් වෙත මලක්වරුන් පහළ කරන්නන් ලෙස අපි නොසිටියෙමු. ඔවුන්ගේ කරුණ ඊටත් වඩා අප අබියස පහසු දෙයක් විය. ඔවුන් විනාශ කිරීම සඳහා දඬුවමේ මලක්වරුන් පහළ කිරීමෙන් තොරව අහසින් වූ මහා හඬකින් ඔවුන්ගේ විනාශ සිදු කිරීමට අපි බලය දැරුවෙමු.

36:29Страница 442

إِن كَانَتۡ إِلَّا صَيۡحَةٗ وَٰحِدَةٗ فَإِذَا هُمۡ خَٰمِدُونَ ٢٩

Был всего лишь один глас, и они затухли.

ඔහුගේ සමූහයාගේ විනාශය අප එවූ එකම එක් හඬකින් මිස නොවීය. එවිට ඔවුන් අතරින් කිසිවෙකු ඉතිරි නොවී විනාශ වූහ. ඔවුනට උපමාව දැල්වූ ගින්නක් නිවී ගොස් එයට කිසිදු සළකුණක් ඉතිරි නොවී පවතින්නාක් මෙන් විය.

36:30Страница 442

يَٰحَسۡرَةً عَلَى ٱلۡعِبَادِۚ مَا يَأۡتِيهِم مِّن رَّسُولٍ إِلَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ ٣٠

О горе рабам! Не приходил к ним ни один посланник, над которым бы они не издевались.

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ බොරුකාර ගැත්තන් දඬුවම දෑසින් දකින විට ඔවුනට අත්වන විනාශයේ තරම! එයට හේතුව සැබැවින්ම ඔවුන් මෙලොවෙහි සිටිය දී අල්ලාහ් වෙතින් දූතයකු ඔවුන් වෙත පැමිණි විට ඔහුට සරදම් කරමින් හා ඔහු ව හාස්යයට ලක් කරමින් සිටි බැවිණි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ගේ දෙසින් ඔවුන් සිදු කළ වැරදි සඳහා ඔවුන්ගේ අවසානය ඛේදයක්ම විය.

36:31Страница 442

أَلَمۡ يَرَوۡاْ كَمۡ أَهۡلَكۡنَا قَبۡلَهُم مِّنَ ٱلۡقُرُونِ أَنَّهُمۡ إِلَيۡهِمۡ لَا يَرۡجِعُونَ ٣١

Неужели они не видят, сколько поколений Мы погубили до них и что они не вернутся к ним?

දූතවරුන් අපහාසයට ලක් කරමින් ඔවුන්ව බොරුකළවුන් ඔවුනට පෙර සමූහයන් තුළ පාඩම් නොදුටුවෝද? සැබැවින්ම ඔවුන් මිය ගියෝය. නැවත වතාවක් මෙලොවට ඔවුන් පැමිණියේ නැත. නමුත් ඔවුන් පෙර සිදු කළ ක්රියාවන් වෙත ඔවුන් ගමන් කර ඇත. ඒ සඳහා අල්ලාහ් ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත.

36:32Страница 442

وَإِن كُلّٞ لَّمَّا جَمِيعٞ لَّدَيۡنَا مُحۡضَرُونَ ٣٢

Воистину, все они будут собраны у Нас.

කිසිදු ව්යතිරේකයෙන් තොරව සියලු සමූහයන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ ක්රියාවන් සඳහා අපි ප්රතිඵල පිරිනමනු පිණිස ඔවුන් අවදි කිරීමෙන් පසු ව අප ඉදිරියේ පෙනී සිටින්නන් මිස නැත.

36:33Страница 442

وَءَايَةٞ لَّهُمُ ٱلۡأَرۡضُ ٱلۡمَيۡتَةُ أَحۡيَيۡنَٰهَا وَأَخۡرَجۡنَا مِنۡهَا حَبّٗا فَمِنۡهُ يَأۡكُلُونَ ٣٣

Знамением для них является мертвая земля, которую Мы оживили и извлекли из нее зерно, которым они питаются.

සැබැවින්ම යළි අවදි කරනු ලැබීම බොරු කරන්නන්හට සැබැවින්ම යළි අවදි කිරීම සැබෑවක් ලෙස පෙන්වා දෙන සළකුණක් වනුයේ, වියළී වඳ වී ගිය භූමියයි. අපි ඒ මත අහසින් වර්ෂාව පහළ කළෙමු. පසු ව එහි විවිධ පැලෑටි වර්ග අපි හටගැන්වීමු. මිනිසුන් අනුභව කරනු පිණිස විවිධ වර්ගයේ ධාන්යය එහි අපි මතු කරන්නෙමු. වර්ෂාව පහළ කර, පැලෑටි හට ගැන්වීම තුළින් මෙම භූමිය ජීවමාන කරන්නා, මියගියවුන්ට යළි ජීවය දීමටත් ඔවුන් නැවත නැගිටුවීමටත් බලය ඇත්තාය.

36:34Страница 442

وَجَعَلۡنَا فِيهَا جَنَّٰتٖ مِّن نَّخِيلٖ وَأَعۡنَٰبٖ وَفَجَّرۡنَا فِيهَا مِنَ ٱلۡعُيُونِ ٣٤

Мы создали на ней сады из финиковых пальм и винограда и заставили биться в них источники,

අප පහළ කළ වැසි ජලය මෙම මහපොළොවේ ගලා යන්නට සලස්වා ඉඳි හා මිදිවලින් යුත් වතුයායන් අපි ඇති කළෙමු. එතුළ ජල උල්පත් හා ජලය සම්පාදනය කරන දෑ අපි මතු කළෙමු.

36:35Страница 442

لِيَأۡكُلُواْ مِن ثَمَرِهِۦ وَمَا عَمِلَتۡهُ أَيۡدِيهِمۡۚ أَفَلَا يَشۡكُرُونَ ٣٥

чтобы они вкушали их плоды и то, что создали своими руками (или чтобы они вкушали плоды, которые они не создали своими руками). Неужели они не будут благодарны?

ජනයා මෙම වතුවල පළවගාවෙන් අල්ලාහ් ඔවුනට ආශිර්වාද කළ දෑ අනුභව කරනු පිණිසය. එහි ඔවුනට කිසිදු කැපවීමක් නොවීය. එහෙයින් ඔහුගේ මෙම ආශිර්වාද සඳහා ඔහුට පමණක් ගැතිකම් කොට ඔහුගේ දූතවරුන් විශ්වාස කරමින් ඔවුන් අල්ලාහ්ට ගුණ ගරුක විය යුතු නොවේ ද?

36:36Страница 442

سُبۡحَٰنَ ٱلَّذِي خَلَقَ ٱلۡأَزۡوَٰجَ كُلَّهَا مِمَّا تُنۢبِتُ ٱلۡأَرۡضُ وَمِنۡ أَنفُسِهِمۡ وَمِمَّا لَا يَعۡلَمُونَ ٣٦

Пречист Тот, Кто сотворил парами то, что растит земля, их самих и то, чего они не знают.

ගස් හා පැලෑටි අතරින් විවිධ වර්ග ද මිනිස් ආත්ම අතරින් පිරිමියා හා කාන්තාව යනාදී ලෙස මිනිස් වර්ගයා ද මහ පොළොවේ හෝ මහ මුහුදේ හෝ වෙනත් තැන්වල හෝ මිනිසා නොදන්නා අල්ලාහ්ගේ වෙනත් මැවීම් ද බිහිකළ අල්ලාහ් පිවිතුරුය. අති උත්තරීතරය.

36:37Страница 442

وَءَايَةٞ لَّهُمُ ٱلَّيۡلُ نَسۡلَخُ مِنۡهُ ٱلنَّهَارَ فَإِذَا هُم مُّظۡلِمُونَ ٣٧

Знамением для них является ночь, которую Мы отделяем ото дня, и вот они погружаются во мрак.

අල්ලාහ්ගේ ඒකීයත්වය මිනිසුනට පෙන්වා දෙන සාධකයක් වනුයේ සැබැවින්ම අපි රාත්රිය දහවලින් වෙන් කරමින් දහවල පහ කොට රාත්රිය පැමිණීමට සැලැස්වීමය. එමෙන්ම අපි දහවල පහව යෑමෙන් පසු අන්ධකාරය ගෙන එන්නෙමු. එවිට ජනයා අන්ධකාරය තුළට පිවිසෙන්නෝ වෙති.

36:38Страница 442

وَٱلشَّمۡسُ تَجۡرِي لِمُسۡتَقَرّٖ لَّهَاۚ ذَٰلِكَ تَقۡدِيرُ ٱلۡعَزِيزِ ٱلۡعَلِيمِ ٣٨

Солнце плывет к своему местопребыванию. Так предопределил Могущественный, Знающий.

අල්ලාහ්ගේ ඒකීයත්වය ඔවුනට පෙන්වා දෙන තවත් සළකුණක් වනුයේ නියමිත ස්ථානයක් වෙත ගමන් කරමින් සිටින මෙම සූර්යයාය. අල්ලාහ් එහි ප්රමාණය දනී. එය අබිබවා එයට යා නොහැක. එම ප්රමාණය තක්සේරු කිරීම කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්ව බලධාරියාණන්ගේ තක්සේරුවකි. ඔහු වනාහි තම මැවීම් අතරින් කිසිදු කරුණක් තමන්ට සැඟවී නොයන මහත් ඥානීය.

36:39Страница 442

وَٱلۡقَمَرَ قَدَّرۡنَٰهُ مَنَازِلَ حَتَّىٰ عَادَ كَٱلۡعُرۡجُونِ ٱلۡقَدِيمِ ٣٩

Мы предопределили для луны положения, пока она вновь не становится подобна старой пальмовой ветви.

අල්ලාහ්ගේ ඒකීයත්වය ඔවුනට පෙන්වා දෙන තවත් සංඥාවක් වනුයේ සෑම රාත්රියකම නියමිත ස්ථානයක් එයට අප නියම කළ සඳුය. එය සිහින් ව පටන් ගෙන පසු ව වැඩී පසු ව නැවතත් කුඩා වී එහි සිහින්බව වක්රය හා පැවැත්මෙහි මවිතය ද්වන පරිදි රට ඉඳි කෙන්දක ප්රමාණයට පත් වන තරමට සිහින් වී යයි.

36:40Страница 442

لَا ٱلشَّمۡسُ يَنۢبَغِي لَهَآ أَن تُدۡرِكَ ٱلۡقَمَرَ وَلَا ٱلَّيۡلُ سَابِقُ ٱلنَّهَارِۚ وَكُلّٞ فِي فَلَكٖ يَسۡبَحُونَ ٤٠

Солнцу не надлежит догонять луну, и ночь не опережает день. Каждый плывет по орбите.

හිරු, සඳු ,රාත්රිය, දහවල යනාදියෙහි සළකුණු අල්ලාහ්ගේ තක්සේරු කිරීම් අනුව ඒවා ප්රමාණ කොට ඇත. ඔහු ඒවාට තක්සේරු කළ දෑ ඉක්මවා යන්නේ නැත. හිරුගේ ගමන් මග වෙනස් කරමින්, එහි ආලෝකය ඉවත් කරමින්, සඳු සමග එයට එක්විය නොහැක. එමෙන්ම දහවල අබිබවා ගොස් එහි නියමිත වේලාව අවසන් වීමට පෙර රාත්රියට ඒ තුළ පිවිසීමට නොහැක. ග්රහලෝක මෙන්ම මන්දාකිණි ඇතුළු වසග කරන ලද සියලු මැවීම් සඳහා අල්ලාහ් විසින් තක්සේරු කරන ලද, ඔහු විසින් ආරක්ෂා කරන ලද ඒවාටම නියම වූ ගමන් මාර්ග පත ඇත.

36:41Страница 443

وَءَايَةٞ لَّهُمۡ أَنَّا حَمَلۡنَا ذُرِّيَّتَهُمۡ فِي ٱلۡفُلۡكِ ٱلۡمَشۡحُونِ ٤١

Знамением для них является то, что Мы перенесли их потомство в переполненном ковчеге.

එමෙන්ම අල්ලාහ්ගේ ඒකීයත්වය පෙන්වා දෙන ඔහුගේ ගැත්තන්හට ඔහු පිරිනැමූ ආශිර්වාදයන් පෙන්වා දෙන තවත් සාධකයක් වනුයේ, සැබැවින්ම නූහ්ගේ කාලයේ ආදම්ගේ පරපුරු මහා ජලගැල්මෙන් මුදවා අල්ලාහ්ගේ මැවීම් පුරවන ලද නැව තුළට ගොඩ නංවා අප ඔවුන් ඉසිලීමය. සැබැවින්ම එහි සෑම ජෝඩුවක්ම උසුලන්නට අල්ලාහ් සැලැස්වූයේය.

36:42Страница 443

وَخَلَقۡنَا لَهُم مِّن مِّثۡلِهِۦ مَا يَرۡكَبُونَ ٤٢

Мы создали для них по его подобию то, на что они садятся.

අල්ලාහ්ගේ ඒකීයත්වය හා ඔහු ඔහුගේ ගැත්තන්හට පිරිනමා තිබෙන ආශිර්වාද ගැන ඔවුනට පෙන්වා දෙන තවත් සලකුණක් වනුයේ, සැබැවින්ම නූහ්ගේ නැව මෙන් බෝට්ටු වැනි දෑ ඔවුන් වෙනුවෙන් අප මවා තිබීමය.

36:43Страница 443

وَإِن نَّشَأۡ نُغۡرِقۡهُمۡ فَلَا صَرِيخَ لَهُمۡ وَلَا هُمۡ يُنقَذُونَ ٤٣

Если Мы пожелаем, то потопим их, и тогда никто не спасет их, и сами они не спасутся,

ඔවුන් ගිල්වීමට අපි සිතුවේ නම් අපි ඔවුන්ව ගිල්වන්නට තිබුණි. අපි ඔවුන් ගිල්වන්නට සිතුවේ නම් ඔවුනට උදව් කරන්නට කිසිදු උදව් කරුවකු නොවනු ඇත. එමෙන්ම අපගේ නියෝගය හා තීරණය පරිදි ඔවුන් දියෙහි ගිලුනු විට ඔවුන්ව මුදවා ගන්නට කිසිදු මුදවාලන්නෙකු නොවනු ඇත.

36:44Страница 443

إِلَّا رَحۡمَةٗ مِّنَّا وَمَتَٰعًا إِلَىٰ حِينٖ ٤٤

если только Мы не окажем им милость и не позволим им пользоваться благами до определенного времени.

කෙසේ වෙතත් දියේ ගිලීමෙන් ඔවුන් මුදවාගෙන නැවතත් ඔවුන් ගෙන්වා ඔවුනට ඉක්මවා යා නොහැකි නියමිත කාලයක් දක්වා ජීවත් වන්නට අපි ඔවුනට කරුණා කළෙමු. එය ඔවුන් පාඩම් ලබා විශ්වාසය ඇති කරගනු පිණිසය.

36:45Страница 443

وَإِذَا قِيلَ لَهُمُ ٱتَّقُواْ مَا بَيۡنَ أَيۡدِيكُمۡ وَمَا خَلۡفَكُمۡ لَعَلَّكُمۡ تُرۡحَمُونَ ٤٥

Когда им говорят: «Бойтесь того, что перед вами, и того, что после вас, чтобы вы были помилованы», - они не отвечают.

දේව විශ්වාසය ප්රතික්ෂේප කළ මෙම ආදේශකයින්හට මෙසේ පවසන ලදී. ‘අල්ලාහ්ගේ කරුණාව ඔහු නුඹලාට පිරිනැමීමේ දැහැමි බලාපොරොත්තුවෙන් මතු ලොව කටයුතු අතරින් නුඹලා ඉදිරිපත් කරන දෑ ගැන හා එහි ඇති දරුණුකම ගැන ප්රවේසම් වනු. එමෙන්ම පසු කර එන මෙලොව ගැන ද ප්රවේසම් වනු.’ ඔවුහු ඒ සඳහා අවනත නොවූවෝය. ඒ ගැන සැලකිලිමත් නොවී, ඔවුහු එය ප්රතික්ෂේප කළෝය.

36:46Страница 443

وَمَا تَأۡتِيهِم مِّنۡ ءَايَةٖ مِّنۡ ءَايَٰتِ رَبِّهِمۡ إِلَّا كَانُواْ عَنۡهَا مُعۡرِضِينَ ٤٦

Какое бы знамение из знамений их Господа не явилось к ним, они непременно отворачиваются от него.

මේ මුරණ්ඩුකාර දේව ආදේශකයින් වෙත අල්ලාහ්ගේ ඒකීයත්ව පෙන්වා දෙන ඔහුට පමණක් නැමදුම් ඉටු කිරීම තහවුරු කරන සංඥාවන් ඔවුන් පැමිණි සෑම අවස්ථාවකම. ඒ ගැන සැලකිලිමත් නොවෙමින් ඔවුහු ඒවා පිටුදකින්නෝ වූහ.

36:47Страница 443

وَإِذَا قِيلَ لَهُمۡ أَنفِقُواْ مِمَّا رَزَقَكُمُ ٱللَّهُ قَالَ ٱلَّذِينَ كَفَرُواْ لِلَّذِينَ ءَامَنُوٓاْ أَنُطۡعِمُ مَن لَّوۡ يَشَآءُ ٱللَّهُ أَطۡعَمَهُۥٓ إِنۡ أَنتُمۡ إِلَّا فِي ضَلَٰلٖ مُّبِينٖ ٤٧

Когда им говорят: «Расходуйте из того, чем вас наделил Аллах», - неверующие говорят верующим: «Неужели мы будем кормить того, кого накормил бы Аллах, если бы пожелал? Воистину, вы лишь находитесь в очевидном заблуждении».

‘අල්ලාහ් නුඹලාට පෝෂණය කළ ධනයෙන් නුඹලා දිළිඳුන් හා දුප්පතුන්ට උපකාර කරනු’යි එම මුරණ්ඩුකාරයින් හට කියනු ලැබූ විට, ඔවුන් එය හෙළා දකිමින් දෙවියන් මත විශ්වාස කළවුනට මෙසේ ප්රතිචාර දැක්වූවෝය. ‘අල්ලාහ් කවරෙකුට ආහාර සැපයීම සඳහා අභිමත කර ඇත්තේ ද ඔහුට ආහාර ඔහුම සපයනු ඇත. එවන් අයට අපි ආහාර සැපයිය යුතුද? එහෙයින් අපි ඔහුගේ අභිමතයට විරුද්ධ නොවෙමු. අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! නුඹලා පැහැදිලි වරදෙහි හා සත්යයෙන් දුරස් වී මිස නැත.

36:48Страница 443

وَيَقُولُونَ مَتَىٰ هَٰذَا ٱلۡوَعۡدُ إِن كُنتُمۡ صَٰدِقِينَ ٤٨

Они говорят: «Когда сбудется это обещание, если вы говорите правду?».

නැවත නැගිටුවනු ලැබීම හෙළා දකින දේව ප්රතික්ෂේපකයෝ එය බොරු කරමින් හා ඉන් දුරස් වෙමින්, ‘අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! සැබැවින්ම එය සිදු වන බවට නුඹලා කරන වාදයෙහි නුඹලා සත්යවාදීන් ලෙස සිටියෙහු නම් මළවුන් කෙරෙන් නැගිටුවනු ලැබීම කවදා ද? යැයි විමසති.

36:49Страница 443

مَا يَنظُرُونَ إِلَّا صَيۡحَةٗ وَٰحِدَةٗ تَأۡخُذُهُمۡ وَهُمۡ يَخِصِّمُونَ ٤٩

Им нечего ожидать, кроме одного только гласа, который поразит их тогда, когда они будут препираться.

නැවත නැගිටුවනු ලැබීම බොරු කරන, එය දුරින් ඇත්තක් යැයි සිතන මොවුන්, හොරණෑවෙහි පළමු පිඹීම පිඹිනු ලැබීම මිස වෙනකක් බලාපොරොත්තු නොවෙති. ඔවුන් මෙලොවෙහි ගනු දෙනු කිරීම, ජලය සැපයුම මෙහෙයවීම හා වෙනත් ලෞකික කටයුතුවල කාර්යය බහුල ව සිටිය දී එම හඬ ඔවුන් වෙළා ගනු ඇත.

Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии

Содержание

Аят аль-Курси36Аль-Кахфстр. 42джуз 15Бухари 1Муслим 2999

Вид

Тема
Размер текста
Вид

Read in English