Аль-Мухтасар · Тафсир · на сингальском
Ас-Саффат 37:135–182
37:135Страница 451
إِلَّا عَجُوزٗا فِي ٱلۡغَٰبِرِينَ ١٣٥
кроме старухи, которая была в числе оставшихся позади.
ඔහුගේ බිරිය හැර. ඇය ද ඇයගේ සමූහයාට අත් වූ දඬුවමින් ආවරණය වූ කාන්තාවක් විය. ඊට හේතුව ඇය ද ඔවුන් මෙන් දෙවියන් ප්රතික්ෂේප කළ එකියෙකු වූ බැවිණි.
පසු ව ඔහුගේ සමූහයා අතර ඔහු කවර කරුණක් ගෙන ආවේ ද, එය සැබෑවක් ලෙස පිළිනොගෙන ඔහු ව බොරු කළ ඉතිරි අය විනාශ කළෙමු.
අහෝ මක්කා වැසියනි! සැබැවින්ම නුඹලා උදෑසන කාලයේ සිරියාවට ගමන් කරන මාර්ගයේ ඔවුන්ගේ නිවාස අසළින් ගමන් කරන්නෙහුය.
එමෙන්ම රාත්රී කාලයේ ද ඒ හරහා නුඹලා ගමන් කරන්නෙහුය. ඔවුන්ගේ බොරු කිරීම, ඔවුන්ගේ ප්රතික්ෂේපය හා මීට පෙර සිදු නොකළා වූ අශීලාචාර පාපකම් සිදු කිරීමෙන් පසු ඔවුන්ගේ කරුණ ඔහු වෙත යොමු වූයේ කෙසේ දැයි යන්න පාඩම් ලබා ඒ ගැන වටහා ගත යුතු නොවේ ද?
37:139Страница 451
وَإِنَّ يُونُسَ لَمِنَ ٱلۡمُرۡسَلِينَ ١٣٩
Йунус (Иона) также был одним из посланников.
සැබැවින්ම යූනුස් ඔවුන්ගේ සමූහයා වෙත සුභාරංචි දන්වමින් හා අවවාද කරමින් එවනු ලැබූ අල්ලාහ්ගේ දූතවරුන් අතරින් කෙනෙකු විය.
ඔහු ඔහුගේ පරමාධිපතිගේ අවසරයෙන් තොරව ඔහුගේ සමූහයාගෙන් පලා ගොස් මගීන් හා භාණ්ඩ පුරවා ප්රවාහනය කරන නැවක නැග ගමන් ගත් අවස්ථාව මෙනෙහි කර බලනු.
37:141Страница 451
فَسَاهَمَ فَكَانَ مِنَ ٱلۡمُدۡحَضِينَ ١٤١
Он бросил жребий вместе с другими и оказался проигравшим.
නැව පිරී පැවතුණු බැවින් එය ගිලෙන්නට විය. එහෙයින් මගීහු ඔවුන්ගෙන් ඇතැමෙකු පිටත හෙළීම සඳහා කුසපත් ඇද්දෝය. එය මගීන්ගේ අධිකත්වය හේතුවෙන් නැවත ගිලී යාමට ඇති බියෙනි. එවිට යූනුස් පරාජිතයින් අතරට පත් විය. ඔවුහු ඔහු මුහුදට හෙළූහ.
37:142Страница 451
فَٱلۡتَقَمَهُ ٱلۡحُوتُ وَهُوَ مُلِيمٞ ١٤٢
Его проглотила рыба, когда он был достоин порицания.
ඔවුහු ඔහුව මුහුදට හෙළූ කල්හි මත්සයා ඔහු ඩැහැ ගෙන ගිල දැමීය. තම පරමාධිපතිගේ අවසරයෙන් තොර ව මුහුද දෙසට ඔහු ගිය බැවින් ඔහු දොස් නගනු ලැබූ දෑ සමග පැමිණියේය.
37:143Страница 451
فَلَوۡلَآ أَنَّهُۥ كَانَ مِنَ ٱلۡمُسَبِّحِينَ ١٤٣
Если бы он не был одним из прославляющих Аллаха,
සැබවින්ම යූනුස් තමන්ට අත් වූ දෑට පෙර අධික ලෙස අල්ලාහ්ව මෙනෙහි කරන්නන් අතරින් නොවී නම් මත්සයාගේ කුස තුළ ඔහු ව සුවිශුද්ධ නොකළේ නම්...
37:144Страница 451
لَلَبِثَ فِي بَطۡنِهِۦٓ إِلَىٰ يَوۡمِ يُبۡعَثُونَ ١٤٤
то непременно остался бы в ее чреве до того дня, когда они будут воскрешены.
මත්සයාගේ කුස ඔහුට මිනී වළක් වී මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් එම මත්සයාගේ කුස තුළම රැදෙන්නට තිබුණි.
37:145Страница 451
۞ فَنَبَذۡنَٰهُ بِٱلۡعَرَآءِ وَهُوَ سَقِيمٞ ١٤٥
Мы выбросили его на открытую местность, и он был болен.
පසු ව මත්ස කුසෙන් අපි ඔහු ගහකොළ ගොඩනැගිලි කිසිවක් නැති පුහු ඉඩමකට හෙළුවෙමු. එවිට ඔහු මත්ස කුසෙහි දීර්ග කාලයක් රැඳී සිටි බැවින් දුර්වල ශරීරයකින් පෙළුණේය.
37:146Страница 451
وَأَنۢبَتۡنَا عَلَيۡهِ شَجَرَةٗ مِّن يَقۡطِينٖ ١٤٦
Мы взрастили над ним (или возле него) тыкву.
එම හිස් භූමියේ ඔහු හෙවණ ලබන්නටත් අනුභව කරන්නටත් වැල් සහිත ගසක් හට ගැන්වීමු.
37:147Страница 451
وَأَرۡسَلۡنَٰهُ إِلَىٰ مِاْئَةِ أَلۡفٍ أَوۡ يَزِيدُونَ ١٤٧
Мы отправили его к ста тысячам или даже больше того.
අපි ඔහු ඔහුගේ සමූහයා වෙත සේන්දු කළෙමු. ඔවුන්ගේ සංඛ්යාව සිය දහසක් විය. ඔවුහු ඊටත් වඩා වැඩි සංඛ්යාවකින් සිටියහ.
37:148Страница 451
فَـَٔامَنُواْ فَمَتَّعۡنَٰهُمۡ إِلَىٰ حِينٖ ١٤٨
Они уверовали, и Мы позволили им пользоваться благами до определенного времени.
පසු ව ඔහු කවර කරුණක් ගෙන ආවේ ද එය ඔවුහු විශ්වාස කළෝය. තහවුරු කළෝය. ඔවුනට නියම වූ ආයු කාලය අවසන් වන තුරුම මෙලොව ජීවිතයේ භුක්ති විඳින්නට අල්ලාහ් ඔවුනට ඉඩ දුන්නේය.
37:149Страница 451
فَٱسۡتَفۡتِهِمۡ أَلِرَبِّكَ ٱلۡبَنَاتُ وَلَهُمُ ٱلۡبَنُونَ ١٤٩
Спроси их, почему это у твоего Господа дочери, а у них - сыновья?
අහෝ මුහම්මද්! දේව ආදේශකයින් හෙළා දකිමින්, ‘නුඹලා පිළිකුල් කරන ගැහැනු දරුවන් අල්ලාහ් වෙනුවෙන් වෙන් කොට නුඹලා ප්රිය කරන පිරිමි දරුවන් නුඹලා වෙනුවෙන් වෙන් කර ගන්නෙහු ද? එය කවර ආකාරයේ වෙන් කිරීමක් ද?’ යැයි විමසනු.
37:150Страница 451
أَمۡ خَلَقۡنَا ٱلۡمَلَٰٓئِكَةَ إِنَٰثٗا وَهُمۡ شَٰهِدُونَ ١٥٠
Или же Мы сотворили ангелов женщинами, и они присутствовали при этом?
ඔවුහු ඔවුන්ගේ මැවීම් ඉදිරියේ පෙනී සිටියේ නැත. එය ඔවුන් දෑසින් ද දැක නැති තත්ත්වයේ සැබැවින්ම මලක්වරුන් ගැහැනුන් වෙතැයි නුඹලා විශ්වාස කරනුයේ කෙසේද?
37:151–152Страница 451
أَلَآ إِنَّهُم مِّنۡ إِفۡكِهِمۡ لَيَقُولُونَ ١٥١
Воистину, по своей лживости они говорят:
وَلَدَ ٱللَّهُ وَإِنَّهُمۡ لَكَٰذِبُونَ ١٥٢
«Аллах родил». Воистину, они - лжецы.
දැන ගනු! සැබැවින්ම දේව ආදේශකයින් අල්ලාහ්ට දරුවකු ඈඳා අල්ලාහ් මත බොරු ගොතමින් හා ඔහු මත ප්රබන්ධයන් ගොතමින් සිටිති. සැබැවින්ම ඔවුන් ඒ ගැන තර්ක කිරීමෙහි මුසාවාදීහුය.
37:153Страница 451
أَصۡطَفَى ٱلۡبَنَاتِ عَلَى ٱلۡبَنِينَ ١٥٣
Неужели Он избрал дочерей и возвысил их над сыновьями?
නුඹලා ප්රිය කරන පිරිමි දරුවන්ට වඩා නුඹලා පිළිකුල් කරන ගැහැනු දරුවන් අල්ලාහ් තමන් වෙනුවෙන් තෝරා ගෙන ඇත්තේද? එසේ නොවේ.
අහෝ දේව ආදේශකයිනි! නුඹලා අල්ලාහ්ට ගැහැනු දරුවන් පත් කොට නුඹලා වෙනුවෙන් පිරිමි දරුවන් තෝරා ගනිමින් අයුක්ති සහගත තීන්දු කිරීමට නුඹලාට කුමක් වීද?
නුඹලා දරමින් සිටින නපුරු ප්රතිපත්තියේ ව්යාජත්වය ගැන නුඹලා මෙනෙහි නොකරන්නෙහු ද? සැබවින්ම නුඹලා මෙනෙහි කර තිබුණෙහි නම් මෙම ප්රකාශය නුඹලා නොපවසන්නට තිබුණි.
එසේ නැතහොත් මේ ගැන පෙන්වා දෙන දිව්ය ග්රන්ථයකින් හෝ දූතයකුගෙන් වූ කිසියම් පැහැදිලි සාධකයක් හෝ පැහිදිලි සංඥාවක් හෝ නුඹලා වීද?
37:157Страница 452
فَأۡتُواْ بِكِتَٰبِكُمۡ إِن كُنتُمۡ صَٰدِقِينَ ١٥٧
Принесите же ваше Писание, если вы говорите правду.
නුඹලා වාද කරන දෑහි නුඹලා සත්යවාදීන් ලෙස සිටියෙහු නම් ඒ සඳහා නුඹලාට සාක්ෂි වශයෙන් දරණ නුඹලාගේ දිව්ය ග්රන්ථ ගෙන එනු.
37:158Страница 452
وَجَعَلُواْ بَيۡنَهُۥ وَبَيۡنَ ٱلۡجِنَّةِ نَسَبٗاۚ وَلَقَدۡ عَلِمَتِ ٱلۡجِنَّةُ إِنَّهُمۡ لَمُحۡضَرُونَ ١٥٨
Они установили родство между Ним и джиннами, но джинны знают, что они будут собраны (неверующие будут собраны в Геенне, или джинны будут собраны для расчета).
සැබැවින්ම මලාඉකාවරුන් අල්ලාහ්ගේ දූවරුන් යැයි දේව ආදේශකයින් විශ්වාස කළ අවස්ථාවේ ඔවුන්ගෙන් සැඟවී සිටින අල්ලාහ් හා මලක්වරුන් අතර ඥාතී සම්බන්ධතාවක් ඔවුහු ඇති කළෝය. සැබවින්ම දේව ආදේශකයින් විනිශ්චය සඳහා අල්ලාහ් ඉදිරිපත් කරනු ඇතැයි මලක්වරුන් දැන සිටිති.
37:159Страница 452
سُبۡحَٰنَ ٱللَّهِ عَمَّا يَصِفُونَ ١٥٩
Аллах превыше того, что они приписывают Ему.
අල්ලාහ්ට සුදුසු නොවන දරුවකු ආදේශකයකු හා වෙනත් දෑ සම්බන්ධ කරමින් අල්ලාහ්ට දේව ආදේශකයෝ ආරෝපණය කරන දැයින් ඔහු සුවිශුද්ධය. පිවිතුරුය.
37:160Страница 452
إِلَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِينَ ١٦٠
Не делают этого только избранные (или искренние) рабы Аллаха.
අල්ලාහ්ගේ අවංක ගැත්තන් හැර. සැබැවින්ම ඔහුට සුදුසු කීර්තිමත් හා පූර්ණ ගුණාංග තුළින් මිස ඔවුහු ඔහු වර්ණනා නොකරති.
අහෝ දෙවියන්ට ආදේශ කරන්නනි! සැබැවින්ම නුඹලා හා අල්ලාහ් හැර නුඹලා නමදින දෑ ද,
සත්ය දහමින් කිසිවෙකු හෝ නොමග හරින්නන් ලෙස නුඹලා නැත.
සැබැවින්ම ඔවුන් නිරා වාසීන් අතරින් කෙනෙකු යැයි අල්ලාහ් තීන්දු කළ අය මිස. සැබැවින්ම අල්ලාහ් ඔහුගේ තීන්දුව ඔහු තුළ ක්රියාත්මක කරවයි. අවසානයේ ඔහු ප්රතික්ෂේප කොට නිරයට පිවිසෙයි. සැබැවින්ම නුඹලා හා නුඹලා නමදින දෑ වනාහි, ඒ සඳහා නුඹලාට කිසිදු බලයක් නොමැත.
37:164Страница 452
وَمَا مِنَّآ إِلَّا لَهُۥ مَقَامٞ مَّعۡلُومٞ ١٦٤
Ангелы сказали: «У каждого из нас есть известное место.
මලක්වරුන් අල්ලාහ්ට නැමදුම් කිරීම හා දේව ආදේශකයින් විශ්වාස කළ දැයින් ඔවුන් නිදොස් බව පැහැදිලි කරමින්, ‘අප අතරින් කිසිවෙකුට හෝ අල්ලාහ්ට නැමදුම් කිරීමෙහි හා ඔහුට අවනත වීමෙහි නියම කරන ලද ස්ථානක් පිහිටා තිබුණා මිස නැත.’ යැයි පවසා සිටියහ.
37:165–166Страница 452
وَإِنَّا لَنَحۡنُ ٱلصَّآفُّونَ ١٦٥
Воистину, мы выстраиваемся рядами.
وَإِنَّا لَنَحۡنُ ٱلۡمُسَبِّحُونَ ١٦٦
Воистину, мы прославляем Аллаха».
සැබැවින්ම මලක්වරුන් වන අපි අල්ලාහ්ට ගැතිකම් කිරීමෙහි හා ඔහුට අවනත වීමෙහි පෙළ ගැසී සිටින්නෙමු. ඔහුට සුදුසු නොවන ගුණාංග හා වර්ණනාවලින් අපි ඔහු පිවිතුරු කරන්නෝ වෙමු.
37:167–170Страница 452
وَإِن كَانُواْ لَيَقُولُونَ ١٦٧
Они (мекканские многобожники) сказали:
لَوۡ أَنَّ عِندَنَا ذِكۡرٗا مِّنَ ٱلۡأَوَّلِينَ ١٦٨
«Если бы у нас было напоминание от первых поколений,
لَكُنَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِينَ ١٦٩
то мы непременно были бы избранными рабами Аллаха».
فَكَفَرُواْ بِهِۦۖ فَسَوۡفَ يَعۡلَمُونَ ١٧٠
Они не уверовали в него, и скоро они узнают.
සැබැවින්ම මක්කා වාසීන් අතර සිටි දේව ආදේශකයින් මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දූතයකු ලෙස එවීමට පෙර, ‘උදාහරණයක් ලෙස තව්රාත් මෙන් මුතුන් මිත්තන් සතුව තිබූ දිව්ය ග්රන්ථයක් අප වෙත තිබුණේ නම් අපි අල්ලාහ්ට පමණක් අවංක ව නැමදුම් කරන්නෙමු’ යැයි පවසමින් සිටියෝය. නමුත් එහි ඔවුහු මුසාවාදීහු වූහ. සැබවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඔවුන් වෙත අල් කුර්ආනය ගෙන ආවේය. නමුත් ඔවුහු එය ප්රතික්ෂේප කළෝය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දැඩි දඬුවම ඔවුනට අපේක්ෂිත බව ඔවුන් මතු දැනගනු ඇත.
37:171–173Страница 452
وَلَقَدۡ سَبَقَتۡ كَلِمَتُنَا لِعِبَادِنَا ٱلۡمُرۡسَلِينَ ١٧١
Нашим посланным рабам уже было сказано Наше Слово.
إِنَّهُمۡ لَهُمُ ٱلۡمَنصُورُونَ ١٧٢
Воистину, им будет оказана помощь.
وَإِنَّ جُندَنَا لَهُمُ ٱلۡغَٰلِبُونَ ١٧٣
Воистину, Наше войско одержит победу.
අල්ලාහ් කවර සාධකයක් හා බලයක් අපගේ දූතවරුන්ට පිරිනැමුවේ ද එමගින් ඔවුන්ගේ සතුරන්ට එරෙහිව ඔවුන් ජය ලබන බවත් සැබැවින්ම ජයග්රහණය අල්ලාහ්ගේ වදන උසස් වීම සඳහා ඔහුගේ මාර්ගයේ අරගල කරන අපගේ සේනාව සතු බවත් අපගේ දූතවරුන් සඳහා වූ ප්රකාශය සැබැවින්ම පෙරටු විය.
අහෝ දූතය! මෙම මුරණ්ඩුකාර දේව අදේශකයින්හට නියමිත දඬුවමේ වේලාව අල්ලාහ් දන්වන තෙක් ටික කලක් නුඹ ඔවුන්ගෙන් ඉවත් ව සිටිනු.
ඔවුනට දඬුවම පහළ වන තෙක් ඔවුන් ගැන නුඹ විමසිල්ලෙන් සිටිනු. කිසිදු දෘෂ්ටියක් ඔවුනට ප්රයෝජනවත් නොවන අවස්ථාවක ඔවුන් ඒ ගැන සොයා බලනු ඇත.
මෙම ආදේශකයෝ අල්ලාහ්ගේ දඬුවම ඉක්මනින් පතන්නෝ ද?
37:177Страница 452
فَإِذَا نَزَلَ بِسَاحَتِهِمۡ فَسَآءَ صَبَاحُ ٱلۡمُنذَرِينَ ١٧٧
Когда они сойдут на их участки, то скверно будет утро тех, кого предостерегали.
අල්ලාහ්ගේ දඬුවම ඔවුනට පහළ වූ විට ඔවුන්ගේ අළුයම අවදිය විනාශ විය.
අහෝ දූතය! අල්ලාහ් ඔවුනට දඬුවම තීන්දු කරන තෙක් නුඹ ඔවුන්ගෙන් ඉවත් ව සිටිනු.
නුඹ බලා සිටිනු. ඔවුනට අත්වන අල්ලාහ්ගේ දඬුවම හා ඔහුගේ විපාකය ඔවුන් මතු දකිනු ඇත.
37:180Страница 452
سُبۡحَٰنَ رَبِّكَ رَبِّ ٱلۡعِزَّةِ عَمَّا يَصِفُونَ ١٨٠
Твой Господь, Господь могущества, пречист и далек от того, что они приписывают Ему.
අහෝ මුහම්මද්! බලය හිමි ඔබේ පරමාධිපති සුවිශුද්ධය. දේව ආදේශකයින් කවර අඩුපාඩු සහිත ගුණාංගවලින් ඔහු ව වර්ණනා කරන්නේ ද ඔහු එයින් පිවිතුරුය.
අල්ලාහ්ගේ සුබ පැතුම් හා ඔහුගේ පැසසුම් ඔහුගේ ගෞරවණීය දූතවරුන් වෙත හිමි වේවා!
සියලු පැසසුම් සුවිශුද්ධ හා උත්තරීතර වන අල්ලාහ් සතුය. එයට සුදුස්සා ඔහු පමණ ය. ඔහු ලෝවැසියන් සියලු දෙනාගේ පරමාධිපතිය. ඔවුනට ඔහු හැර වෙනත් පරමාධිපතියෙකු නැත.
Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии