Аль-МухтасарАз‑Зумар · 39:1–38

Аль-Мухтасар · Тафсир · на сингальском

الزمر

Аз-Зумар

Толпы · Мекканская · 75 аятов

39:1Страница 458

تَنزِيلُ ٱلۡكِتَٰبِ مِنَ ٱللَّهِ ٱلۡعَزِيزِ ٱلۡحَكِيمِ ١

Писание ниспослано от Аллаха Могущественного, Мудрого.

අල් කුර්ආනය පහළ කිරීම කිසිවෙකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරියාණන් වූ ද ඔහුගේ මැවීම්හි සැලසුම් කිරීම්හි හා ආගමානුගත කිරීම්හි මහා ප්රඥාවන්තයාණන් වූ අල්ලාහ්ගෙන් වූවකි. සුවිශුද්ධයාණන් අල්ලාහ් විසින් මිස එය වෙනත් පහළ කිරීමක් ලෙස නැත.

39:2Страница 458

إِنَّآ أَنزَلۡنَآ إِلَيۡكَ ٱلۡكِتَٰبَ بِٱلۡحَقِّ فَٱعۡبُدِ ٱللَّهَ مُخۡلِصٗا لَّهُ ٱلدِّينَ ٢

Мы ниспослали тебе Писание с истиной. Поклоняйся же Аллаху, очищая перед Ним веру.

අහෝ දූතයිනි! සත්යය අන්තර්ගත ව ඇති කුර්ආනය සැබවින්ම අපි නුඹ වෙත පහළ කළෙමු. එහි ඇති සියලු තොරතුරු සත්යයකි. එහි ඇති සියලු නීතිරීතී සාධාරනණීයය. එහෙයින් අල්ලාහ්ට ආදේශ කිරීමෙන් ඉවත් ව ඔහුට ඒකීයත්වය අවංක ලෙස පුද කරමින් ඔහුට පමණක් නමදිනු.

39:3Страница 458

أَلَا لِلَّهِ ٱلدِّينُ ٱلۡخَالِصُۚ وَٱلَّذِينَ ٱتَّخَذُواْ مِن دُونِهِۦٓ أَوۡلِيَآءَ مَا نَعۡبُدُهُمۡ إِلَّا لِيُقَرِّبُونَآ إِلَى ٱللَّهِ زُلۡفَىٰٓ إِنَّ ٱللَّهَ يَحۡكُمُ بَيۡنَهُمۡ فِي مَا هُمۡ فِيهِ يَخۡتَلِفُونَۗ إِنَّ ٱللَّهَ لَا يَهۡدِي مَنۡ هُوَ كَٰذِبٞ كَفَّارٞ ٣

Воистину, чистая вера может быть посвящена одному Аллаху. А те, которые взяли себе вместо Него других покровителей и помощников, говорят: «Мы поклоняемся им только для того, чтобы они приблизили нас к Аллаху как можно ближе». Аллах рассудит их в том, в чем они расходились во мнениях. Воистину, Аллах не ведет прямым путем тех, кто лжет и не верует.

දැනගනු! සියලු ආදේශයන්ගෙන් තොර වූ දහම අල්ලාහ් සතුය. අල්ලාහ් අතහැර ඔවුන් නමදින පිළිම හා වෙනත් ව්යාජ බලවේග අතරින් ඔහු හැර භාරකරුවන් ලෙස තෝරා ගත් අය වනාහි, ඔවුන් ඒවා නැමදීම ගැන නිදහසට කරුණු දක්වමින් මෙසේ ප්රකාශ කරති. ‘නිලයෙන් අල්ලාහ් වෙත ඔවුන් අප සමීප කරනු පිණිසත් අපගේ අවශ්යතා ඔහු වෙත ඔවුන් ඉදිරිපත් කරනු පිණිසත් ඔහු අබියස අප වෙනුවෙන් ඔවුන් මැදිහත්වී කතා කරනු පිණිසත් මිස අපි ඔවුන් නමදින්නේ නැත.’ නියත වශයෙන්ම අල්ලාහ් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුගේ ඒකීයත්වය විශ්වාස කළවුන් හා ඔහුට ආදේශ තැබූ ප්රතික්ෂේපකයින් අතර වෙන් කරනු ඇත. එය ඔවුන් ඒකදේවත්වය පිළිබඳ කවර මතභේදයක සිටියේ ද එහි තීන්දුව අනුවය. කවරෙකු අල්ලාහ්ට හවුල් කරුවකු ආරෝපණය කොට බොරු පවසන්නේ ද එමෙන්ම ඔහු වෙත අල්ලාහ් පිරිනැමූ ආශිර්වාදවලට ගුණමකු වන්නේ ද සැබවින්ම අල්ලාහ් ඔහුට සත්යය වෙත මග ලබන්නට ආශිර්වාද කරන්නේ නැත.

39:4Страница 458

لَّوۡ أَرَادَ ٱللَّهُ أَن يَتَّخِذَ وَلَدٗا لَّٱصۡطَفَىٰ مِمَّا يَخۡلُقُ مَا يَشَآءُۚ سُبۡحَٰنَهُۥۖ هُوَ ٱللَّهُ ٱلۡوَٰحِدُ ٱلۡقَهَّارُ ٤

Если бы Аллах захотел иметь детей, то Он избрал бы из Своих творений того, кого бы пожелал. Пречист Он! Он - Аллах, Единственный, Всемогущий.

අල්ලාහ් දරුවකු ගැනීමට අභිමත කළේ නම් ඔහුගේ මැවීම් අතරින් ඔහු අභිමත කරන අයකු තෝරා ඔහු ව දරුවාගේ නිලයෙහි ඔහු පත් කරන්නට තිබුණි. මෙම දේව ආදේශකයින් පවසන දැයින් අල්ලාහ් පිවිතුරුය. සුවි ශුද්ධය. ඔහුගේ පැවත්ම, ඔහුගේ ගුණාංග හා ඔහුගේ ක්රියාවන්හි ඔහු ඒකීයය. එහි ඔහු සමග කිසිදු හවුල්කරුවකු නැත. ඔහුගේ සියලු මැවීම් වෙනුවෙන් ආධිපත්යය දරනුයේ ඔහුය.

39:5Страница 458

خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ بِٱلۡحَقِّۖ يُكَوِّرُ ٱلَّيۡلَ عَلَى ٱلنَّهَارِ وَيُكَوِّرُ ٱلنَّهَارَ عَلَى ٱلَّيۡلِۖ وَسَخَّرَ ٱلشَّمۡسَ وَٱلۡقَمَرَۖ كُلّٞ يَجۡرِي لِأَجَلٖ مُّسَمًّىۗ أَلَا هُوَ ٱلۡعَزِيزُ ٱلۡغَفَّٰرُ ٥

Он сотворил небеса и землю ради истины. Он обвивает ночью день и обвивает днем ночь. Он подчинил солнце и луну. Все они движутся к назначенному сроку. Воистину, Он - Могущественный, Всепрощающий.

ඔහු අහස් හා මහපොළොව මවා ඇත්තේ ගැඹුරු ප්රඥාවක් සඳහාය. අපරාධකරුවන් පවසන පරිදි ඒවා නිකරුණේ මවා නැත. රාත්රිය දහවල මත ප්රවේශ වෙයි. දහවල රාත්රිය මත ප්රවේශ වෙයි. ඒ දෙකින් එකක් පැමිණෙන විට අනෙක සැඟවී යයි. තවද ඔහු හිරු වසඟ කළේය. සඳු ද වසඟ කළේය. ඒ දෙකින් සෑම එකක්ම නියම කරන වේලාවක් වෙනුවෙන් ගමන් කරනු ඇත. එය මෙම ජීවිතයේ අවසානයයි. දැනගනු! ඔහු වනාහි ඔහුගේ සතුරන්ට සමප්රතිචාර දක්වන කිසිවකු විසින් ඔහු අභිබවා යා නොහැකි සර්වබලධාරී සුවිශුද්ධයාණන්ය. තම ගැත්තන් අතරින් පාපක්ෂමාව අයැද සිටින්නන්ගෙන් පාපකම් මකන අති ක්ෂමාශීලීය.

39:6Страница 459

خَلَقَكُم مِّن نَّفۡسٖ وَٰحِدَةٖ ثُمَّ جَعَلَ مِنۡهَا زَوۡجَهَا وَأَنزَلَ لَكُم مِّنَ ٱلۡأَنۡعَٰمِ ثَمَٰنِيَةَ أَزۡوَٰجٖۚ يَخۡلُقُكُمۡ فِي بُطُونِ أُمَّهَٰتِكُمۡ خَلۡقٗا مِّنۢ بَعۡدِ خَلۡقٖ فِي ظُلُمَٰتٖ ثَلَٰثٖۚ ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمۡ لَهُ ٱلۡمُلۡكُۖ لَآ إِلَٰهَ إِلَّا هُوَۖ فَأَنَّىٰ تُصۡرَفُونَ ٦

Он создал вас из одного человека. Он сотворил из него жену и ниспослал для вас из скотины восемь животных парами. Он создает вас в утробах ваших матерей: одно творение появляется вслед за другим в трех мраках. Таков Аллах, ваш Господь. Ему принадлежит власть. Нет божества, кроме Него. До чего же вы отвращены от истины!

අහෝ ජනයිනි! නුඹලාගේ පරමාධිපති නුඹලා ව එක් ආත්මයකින් මැව්වේය. ඔහු ආදම්ය. පසු ව ආදම්ගෙන් ඔහුගේ සහකාරිය වූ හව්වා මැව්වේය. තවද ඔටු, ගව, බැටලු හා එළු වර්ග අටක් මැව්වේය. සෑම මැවීමක් අතරම පිරිමි හා ගැහැණු වර්ග මැව්වේය. සුවිශුද්ධයාණන් නුඹලා ව නුඹලාගේ මව් කුසවල් තුළ අදියරින් අදියර කුසෙහි අන්ධකාරයන්හි ද, ගර්භාෂයෙහි ද වැදෑමහෙහි ද ඔහු නුඹලා බිහි කළේය. මේ සියල්ල මැව්වා වූ ඔහු නුඹලාගේ පරමාධිපතියාණන් වූ අල්ලාහ්ය. සියලු රාජ්යය ඔහුට පමණක් සතුය. ඔහු හැර සැබෑ ලෙස නැමදුම් ලබන්නට වෙනත් කිසිවෙක් නැත. එසේ නම් ඔහු නැමදීම අතහැර දමා කිසිවක් නොමැ වූ ඔවුන් පවා මවනු ලැබූ තත්ත්වයේ තිබියදී එවැන්නන් නැමදීමට ඔවුන් යොමු වනුයේ කෙසේ ද?

39:7Страница 459

إِن تَكۡفُرُواْ فَإِنَّ ٱللَّهَ غَنِيٌّ عَنكُمۡۖ وَلَا يَرۡضَىٰ لِعِبَادِهِ ٱلۡكُفۡرَۖ وَإِن تَشۡكُرُواْ يَرۡضَهُ لَكُمۡۗ وَلَا تَزِرُ وَازِرَةٞ وِزۡرَ أُخۡرَىٰۚ ثُمَّ إِلَىٰ رَبِّكُم مَّرۡجِعُكُمۡ فَيُنَبِّئُكُم بِمَا كُنتُمۡ تَعۡمَلُونَۚ إِنَّهُۥ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ ٧

Если вы не уверуете, то ведь Аллах не нуждается в вас. Он не одобряет неверия для Своих рабов. А если вы будете благодарны, то Он одобрит для вас это. Ни одна душа не понесет чужого бремени. Затем вам предстоит вернуться к вашему Господу, и Он поведает вам о том, что вы совершали. Воистину, Он ведает о том, что в груди.

අහෝ ජනයිනි! නුඹලා නුඹලාගේ පරමාධිපති ව ප්රතික්ෂේප කළේ නම්, සැබැවින්ම අල්ලාහ් නුඹලාගේ විශ්වාසය ගැන අවශ්යතාවෙන් තොර බව දැනගත යුතුය. නුඹලාගේ ප්රතික්ෂේපය ඔහුට හානියක් සිදු නොකරයි. සැබවින්ම නුඹලාගේ ප්රතික්ෂේපයේ හානිය නුඹලා වෙතම නැවත හැරී එනු ඇත. ඔහුගේ ගැත්තන් ඔහු ව ප්රතික්ෂ්ප කිරීම ඔහු පිළිගන්නේ නැත. දේව ප්රතික්ෂේපය ඔහු ඔවුනට නියෝග කරන්නේ ද නැත. ඊට හේතුව අල්ලාහ් අශීලාචාර හා පිළිකුල්සහගත දෑ නියෝග නොකරන බැවිණි. නුඹලා අල්ලාහ්ගේ ආශිර්වාද සඳහා ඔහුට කෘතඥ වී ඔහු ව විශ්වාස කරන්නේ නම් නුඹලාගේ කෘතඥතා ව ඔහු පිළිගනී. ඒ සඳහා ඔහු නුඹලාට කුසල් පිරිනමයි. කිසිදු ආත්මයක් තවත් කෙනෙකුගේ පව් බර නොඋසුලයි. සෑම ආත්මයක්ම එය උපයන දෑ සඳහා ඇපකරුවෙකි. පසු ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා නැවත යොමු කරනු ලබන ස්ථානය ඇත්තේ නුඹලාගේ පරමාධිපති වෙත පමණය. එවිට නුඹලා මෙලොවෙහි සිදු කරමින් සිටි දෑ ගැන ඔහු නුඹලාට දන්වයි. නුඹලාගේ ක්රියාවන් සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමයි. සැබැවින්ම සුවිශුද්ධයාණන් වන ඔහු තම ගැත්තන්ගේ හදවත් තුළ ඇති දෑ ගැන සර්ව ඥානීය. එහි ඇති කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.

39:8Страница 459

۞ وَإِذَا مَسَّ ٱلۡإِنسَٰنَ ضُرّٞ دَعَا رَبَّهُۥ مُنِيبًا إِلَيۡهِ ثُمَّ إِذَا خَوَّلَهُۥ نِعۡمَةٗ مِّنۡهُ نَسِيَ مَا كَانَ يَدۡعُوٓاْ إِلَيۡهِ مِن قَبۡلُ وَجَعَلَ لِلَّهِ أَندَادٗا لِّيُضِلَّ عَن سَبِيلِهِۦۚ قُلۡ تَمَتَّعۡ بِكُفۡرِكَ قَلِيلًا إِنَّكَ مِنۡ أَصۡحَٰبِ ٱلنَّارِ ٨

Когда человека коснется вред, он взывает к своему Господу, обращаясь к Нему одному. Когда же Он предоставляет ему благо от Себя, человек забывает Того, к Кому он взывал прежде (или забывает то, ради чего он взывал прежде), и равняет с Аллахом других, чтобы сбить других с Его пути. Скажи: «Попользуйся благами со своим неверием немного! Воистину, ты будешь одним из обитателей Огня».

දේව ප්රතික්ෂේපකයාට යම් රෝගයකින් යම් පීඩාවක් ඇති වූ විට ඔහු සැලෙයි. බියවෙයි. තම පරමාධිපති වෙත පමණක් යොමු වී පීඩාවෙන් තමන් ගලවා ගන්නා මෙන් ඔහුට කන්නලව් කර එහි ගිලී යයි. පසු ව ඔහුට අත් වූ එම පීඩාව ඔහුගෙන් ඉවත් කොට ඔහුට ආශිර්වාදයක් පිරිනැමූ විට මීට පෙර ඔහු යටත් වෙමින් සිටි අල්ලාහ්ව අතහැර දමයි. අල්ලාහ්ගේ මාර්ගය අතහැර ඔහු වෙත සේන්දු විය හැකි වෙනත් අයකු අතරමැදියකු බවට පත් කිරීම පිණිස ඔහුට හවුල්කරුවන් පත් කොට ඔහු හැර දමා ඔවුනට නමදියි. අහෝ දූතය! මෙම තත්ත්වයේ සිටින්නන්හට නුඹ මෙසේ පවසනු. ‘නුඹේ ඉතිරි ආයු කාලය ද නුඹ නුඹේ ප්රතික්ෂේපය සමගම භුක්ති විඳිනු. එය සුළු කාලයකි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සැබැවින්ම නුඹ අපා ගින්නට බැඳී සිටින පුද්ගලයින් අතරින් කෙනෙකි. එම නිරාවාසියා ඔහුගේ මිතුරා සමග එහි බැඳී සිටියි.

39:9Страница 459

أَمَّنۡ هُوَ قَٰنِتٌ ءَانَآءَ ٱلَّيۡلِ سَاجِدٗا وَقَآئِمٗا يَحۡذَرُ ٱلۡأٓخِرَةَ وَيَرۡجُواْ رَحۡمَةَ رَبِّهِۦۗ قُلۡ هَلۡ يَسۡتَوِي ٱلَّذِينَ يَعۡلَمُونَ وَٱلَّذِينَ لَا يَعۡلَمُونَۗ إِنَّمَا يَتَذَكَّرُ أُوْلُواْ ٱلۡأَلۡبَٰبِ ٩

Неужели тот, кто смиренно проводит ночные часы, падая ниц и стоя, страшась Последней жизни и надеясь на милость своего Господа, равен неверующему? Скажи: «Неужели равны те, которые знают, и те, которые не знают?». Воистину, поминают назидание только обладающие разумом.

තම පරමාධිපතිට සුජූද් කරමින් ඔහුට නැමදුම් කරමින් රාත්රී කාලය ගත කර මතුලොව දඬුවම ගැන බිය වී තම පරමාධිපතිගේ ආශිර්වාදයන් ගැන සිතා ඔහුට අවනත වන්නා උතුම් ද එසේ නැතහොත් දුෂ්කර අවස්ථාවන්හි අල්ලාහ්ව නැමද ප්රීතිමත් අවස්ථාවන්හි ඔහු ව ප්රතික්ෂේප කොට ඔහු සමග හවුල්කරුවන් පත් කරන එම දේව ප්රතික්ෂේපකයා ද? අහෝ දූතය! නුඹ මෙසේ පවසනු. ‘අල්ලාහ් ව ඔවුන් හඳුනා ගත් හේතුවෙන් ඔවුන් මත අල්ලාහ් අනිවාර්යය කළ දෑ ගැන වටහා ගන්නන් හා ඒ ගැන කිසිවක් නොදන්නා මොවුන් එක සමාන වන්නේ ද? මෙම කණ්ඩයම් දෙක අතර වූ වෙනස හඳුනා ගනුයේ මනා බුද්ධියක් ඇති පුද්ගලයෝය.

39:10Страница 459

قُلۡ يَٰعِبَادِ ٱلَّذِينَ ءَامَنُواْ ٱتَّقُواْ رَبَّكُمۡۚ لِلَّذِينَ أَحۡسَنُواْ فِي هَٰذِهِ ٱلدُّنۡيَا حَسَنَةٞۗ وَأَرۡضُ ٱللَّهِ وَٰسِعَةٌۗ إِنَّمَا يُوَفَّى ٱلصَّٰبِرُونَ أَجۡرَهُم بِغَيۡرِ حِسَابٖ ١٠

Скажи Моим рабам, которые уверовали: «Бойтесь вашего Господа! Тем, которые совершили добро в этом мире, уготовано добро. Земля Аллаха обширна. Воистину, терпеливым их награда воздастся полностью без счета».

අහෝ දූතය! මා හා මාගේ දූතයා විශ්වාස කළ මාගේ ගැත්තන් හට නුඹ මෙසේ පවසනු. ‘නුඹලාගේ පරමාධිපතිගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් නුඹලා ඔහුට භක්තිමත්ව කටයුතු කරනු. මෙලොවෙහි නුඹලා අතරින් යහපත් ක්රියාවන් දැහැමි ලෙස සිදු කළවුනට මෙලොවෙහි යහපත් උපකාරය නිරෝගිකම හා සම්පත් ඇත. මතුලොවෙහි ද ස්වර්ගය ඇත. අල්ලාහ්ගේ භූමිය විශාලය. නුඹලා අල්ලාහ්ට නැමදුම් කරන ස්ථානයක් ලබන තුරු නුඹලා එහි සංක්රමණය කරනු. නුඹලාව වළක්වන කිසිවෙකු නැත. සැබැවින්ම ඉවසිලිවන්තයින්ට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ කුසල් පිරිනමනුයේ කිසිදු ගණනයකින් තොරවය. එහි අධිකත්වයටත් විවිධත්වයටත් සීමාවක් නැත.

39:11Страница 460

قُلۡ إِنِّيٓ أُمِرۡتُ أَنۡ أَعۡبُدَ ٱللَّهَ مُخۡلِصٗا لَّهُ ٱلدِّينَ ١١

Скажи: «Мне велено поклоняться Аллаху, очищая перед Ним веру.

"අහෝ දූතය! සැබවින්ම මා අල්ලාහ්ට පමණක් අවංක ලෙසින් නමදින මෙන් ඔහු විසින් නියෝග කරනු ලැබුවෙමි." යැයි පවසනු.

39:12Страница 460

وَأُمِرۡتُ لِأَنۡ أَكُونَ أَوَّلَ ٱلۡمُسۡلِمِينَ ١٢

Мне также велено быть первым из мусульман».

එමෙන්ම මෙම සමූහයා අතරින් ඔහුට යටත් වී අවනත වූ පළමු පුද්ගලයා වීමට ද මා අණ කරනු ලැබුවෙමි.

39:13Страница 460

قُلۡ إِنِّيٓ أَخَافُ إِنۡ عَصَيۡتُ رَبِّي عَذَابَ يَوۡمٍ عَظِيمٖ ١٣

Скажи: «Я боюсь, что если я ослушаюсь своего Господа, то меня постигнут мучения в Великий день».

"සැබවින්ම මම අල්ලාහ්ට පිටුපා ඔහුට අවනත නොවූයේ නම්, අතිමහත් දිනයේ දඬුවමට ලක් වීම ගැන බියවෙමි. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය" යි, නබි තුමණි පවසනු.

39:14Страница 460

قُلِ ٱللَّهَ أَعۡبُدُ مُخۡلِصٗا لَّهُۥ دِينِي ١٤

Скажи: «Я поклоняюсь одному Аллаху, очищая перед Ним веру.

‘නියත වශයෙන්ම නැමදුම අල්ලාහ්ට අවංක ලෙස පුද කරමින් ඔහුට පමණක් මම නමදිමි. ඔහු සමග වෙනත් කිසිවකු මම නොනමදිමි'’ යැයි අහෝ දූතය! නුඹ පවසනු.

39:15Страница 460

فَٱعۡبُدُواْ مَا شِئۡتُم مِّن دُونِهِۦۗ قُلۡ إِنَّ ٱلۡخَٰسِرِينَ ٱلَّذِينَ خَسِرُوٓاْ أَنفُسَهُمۡ وَأَهۡلِيهِمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِۗ أَلَا ذَٰلِكَ هُوَ ٱلۡخُسۡرَانُ ٱلۡمُبِينُ ١٥

Поклоняйтесь же, помимо Него, чему пожелаете». Скажи: «Воистину, потерпят убыток те, которые потеряют себя и свои семьи в День воскресения. Воистину, это и есть явный убыток!

එහෙයින් අහෝ ආදේශ තබන්නනි! නුඹලා ද ඔහු හැර නුඹලා අභිමත කරන පිළිම වලට නමිදිනු. (මෙය අවවාදයේ නියෝගයකි.) අහෝ! නුඹ ඔවුනට මෙසේ පවසනු: ‘සැබෑ ලෙස පරාජිතයින් වනුයේ තමන්ටම අලාභහානි සිදු කොට, තමන්ගේ පවුලට ද අලාභහානි සිදු කරගත් පුද්ගලයෝය. ඔවුහු ඔවුන්ගෙන් වෙන් වී ගොස් ස්වර්ගයට ඔවුන් තනි ව ප්රවේශවීමෙන් හෝ ඔවුන් සමගම නිරා ගින්නට ඔවුන් ඇතුළුවීමෙන් ඔවුහු ඔවුන් මුණගැසුනේ නැත. කිසිවිටෙක මුණගැසෙන්නේද නැත. එය කිසිදු සැකයක් නැති පැහැදිළි අලාභයක් බව සැබෑ ලෙස දැන ගත යුතු නොවේ ද?

39:16Страница 460

لَهُم مِّن فَوۡقِهِمۡ ظُلَلٞ مِّنَ ٱلنَّارِ وَمِن تَحۡتِهِمۡ ظُلَلٞۚ ذَٰلِكَ يُخَوِّفُ ٱللَّهُ بِهِۦ عِبَادَهُۥۚ يَٰعِبَادِ فَٱتَّقُونِ ١٦

Над ними будут навесы из огня, и под ними будут навесы». Этим Аллах устрашает Своих рабов. О рабы Мои, бойтесь Меня!

ඔවුනට ඉහළින් දුමක්, ගිනි දළු හා දැඩි උණුසුමක් පිහිටනු ඇත. එමෙන්ම ඔවුනට පහළින් ද දුමක්, ගිනි දළු හා දැඩි උණුසුමක් පිහිටනු ඇත. සඳහන් කරන ලද මෙම දඬුවම අල්ලාහ් තම ගැත්තන්හට දන්වා අවවාද කරමින් ‘මාගේ ගැත්තනි! මාගේ නියෝග පිළිපදිමින් හා තහනම් කළ දැයින් වැළකෙමින් නුඹ මට භක්තිමත් ව කටයුතු කරනු.’ යැයි පවසා සිටීයි.

39:17Страница 460

وَٱلَّذِينَ ٱجۡتَنَبُواْ ٱلطَّٰغُوتَ أَن يَعۡبُدُوهَا وَأَنَابُوٓاْ إِلَى ٱللَّهِ لَهُمُ ٱلۡبُشۡرَىٰۚ فَبَشِّرۡ عِبَادِ ١٧

Для тех, которые избежали поклонения тагуту и обратились к Аллаху, есть благая весть. Обрадуй же Моих рабов,

පිළිම වන්දනාවෙන් හා අල්ලාහ් හැර නැමදුම් ලබන සියලු දැයින් වැළකී, පාප ක්ෂමාවෙහි නිරත ව, අල්ලාහ් වෙත හැරුණු අයවලුන් වනාහි, ඔවුනට මරණ අවස්ථාවේ ද මිනීවළ තුළ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දී ස්වර්ගය පිළිබඳ සුබ පැතුම් ඇත. එහෙයින් අහෝ දූතය! මාගේ ගැත්තන්ට සුභාරංචි දන්වා සිටිනු.

39:18Страница 460

ٱلَّذِينَ يَسۡتَمِعُونَ ٱلۡقَوۡلَ فَيَتَّبِعُونَ أَحۡسَنَهُۥٓۚ أُوْلَٰٓئِكَ ٱلَّذِينَ هَدَىٰهُمُ ٱللَّهُۖ وَأُوْلَٰٓئِكَ هُمۡ أُوْلُواْ ٱلۡأَلۡبَٰبِ ١٨

которые прислушиваются к словам и следуют наилучшим из них. Это - те, которых Аллах наставил на прямой путь. Они и есть обладающие разумом.

ප්රකාශයට සවන් දී එහි ඇති යහපත හා පිළිකුල් සහඟත දෑ අතර වෙන් කොට එහි ප්රයෝජන ඇති වඩාත් අලංකාර දෑ පිළිපදින්නන් වනාහි, මෙම ගුණාංග වලින් වර්ණනා කරනු ලැබූ ඔවුහුමය යහ මග වෙත අල්ලාහ් ආශිර්වාද කළවුන් වන්නෝ. එමෙන්ම මනා බුද්ධියක් ඇත්තෝ ද ඔවුහුමය.

39:19Страница 460

أَفَمَنۡ حَقَّ عَلَيۡهِ كَلِمَةُ ٱلۡعَذَابِ أَفَأَنتَ تُنقِذُ مَن فِي ٱلنَّارِ ١٩

Разве ты сможешь спасти того, относительно кого сбылось Слово о мучениях, кто находится в Огне?

කවරෙකු දේව ප්රතික්ෂේපයේ හා මුළාවෙහි රැඳී සිටියේ ද ඔහු එසේ රැඳී සිටීම හේතුවෙන් ඔහු මත දඬුවමේ වදන නියම විය. එහෙයින් අහෝ දූතය! ඔහුට මග පෙන්වීමෙහි හා ඔහුට ආශිර්වාද කිරීමෙහි නුඹට කිසිදු උපක්රමයක් නැත. අහෝ දූතය! මෙවන් ගුණාංග ඇත්තන් අපා ගින්නෙන් ආරක්ෂා කරන්නට නුඹට හැකි වන්නෙහි ද?

39:20Страница 460

لَٰكِنِ ٱلَّذِينَ ٱتَّقَوۡاْ رَبَّهُمۡ لَهُمۡ غُرَفٞ مِّن فَوۡقِهَا غُرَفٞ مَّبۡنِيَّةٞ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۖ وَعۡدَ ٱللَّهِ لَا يُخۡلِفُ ٱللَّهُ ٱلۡمِيعَادَ ٢٠

Но для тех, кто боялся своего Господа, уготованы горницы, расположенные одна над другой, под которыми текут реки. Таково обещание Аллаха, и Аллах не нарушает обещания!

නමුත් තම පරමාධිපතිගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට භක්තිමත් ව කටයුතු කළවුන් වනාහි, එකිනෙකට ඉහළින් පිහිටන උසස් මන්දිර ඔවුනට ඇත. ඒවාට යටින් ගංගාවෝ ගලා බසිනු ඇත. අල්ලාහ් මෙම ප්රතිඥා ව ඔවුනට පොරොන්දු විය. අල්ලාහ් එම ප්රතිඥාව කඩ කරන්නේ නැත.

39:21Страница 460

أَلَمۡ تَرَ أَنَّ ٱللَّهَ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَسَلَكَهُۥ يَنَٰبِيعَ فِي ٱلۡأَرۡضِ ثُمَّ يُخۡرِجُ بِهِۦ زَرۡعٗا مُّخۡتَلِفًا أَلۡوَٰنُهُۥ ثُمَّ يَهِيجُ فَتَرَىٰهُ مُصۡفَرّٗا ثُمَّ يَجۡعَلُهُۥ حُطَٰمًاۚ إِنَّ فِي ذَٰلِكَ لَذِكۡرَىٰ لِأُوْلِي ٱلۡأَلۡبَٰبِ ٢١

Неужели ты не видел, что Аллах ниспослал с неба воду и провел ее к источникам по земле? Потом посредством нее Он выводит посевы различных цветов. Затем они вянут, и ты видишь их пожелтевшими. Затем Он превращает их в труху. Воистину, во всем этом - напоминание для обладающих разумом.

සැබවින්ම අල්ලාහ් අහසින් වැසි ජලය පහළ කොට එය උල්පත් හා ගලා යන තැන් වලට ප්රවේශ කොට පසු ව එම ජලයෙන් විවිධ වර්ගයේ බෝග හට ගන්වා පසු ව එම භෝග වියළී යෑම නුඹලා දෑසින් දැක වටහා ගන්නෙහු ය. අහෝ අධීක්ෂණය කරන්නනි! අනතුරු ව එය සරුවට තිබීමෙන් පසු ව කහ පැහැ ගැන්වී එය වියළී ගිය පසු කැබලි වලට පත් වන කොළ රොඩු බවට ඔහු පත් කරයි. සඳහන් කරනු ලැබූ දෑ හි ජීවමාන බුද්ධියක් ඇත්තවුන්හට උපදෙසක් ඇත.

39:22Страница 461

أَفَمَن شَرَحَ ٱللَّهُ صَدۡرَهُۥ لِلۡإِسۡلَٰمِ فَهُوَ عَلَىٰ نُورٖ مِّن رَّبِّهِۦۚ فَوَيۡلٞ لِّلۡقَٰسِيَةِ قُلُوبُهُم مِّن ذِكۡرِ ٱللَّهِۚ أُوْلَٰٓئِكَ فِي ضَلَٰلٖ مُّبِينٍ ٢٢

Разве тот, чью грудь Аллах раскрыл для ислама, кто на свету от своего Господа, равен неверующему? Горе тем, чьи сердца черствы к поминанию Аллаха! Они пребывают в очевидном заблуждении.

අල්ලාහ් කවරෙකුගේ හදවත ඉස්ලාමය වෙත විවෘත කොට, ඒ වෙත ඔහු මග ලබා ඔහු ඔහුගේ පරමාධිපතිගේ පැහැදිලි පදනම මත සිටින්නෙකි. එවැන්නෙකු අල්ලාහ් ව මෙනෙහි නොකිරීමෙන් තම හදවත රළු කර ගත් අයකු මෙන් ද? කිසිවිටෙක ඔවුන් දෙදෙනා සමාන වන්නේ නැත. ජයග්රහණය ඇත්තේ යහ මග ගියවුන්ටය. පරාජය ඇත්තේ අල්ලාහ්ව මෙනෙහි නොකිරීමෙන් තම හදවත් රළු කර ගත්තවුන්ටය. ඔවුන් සත්යයෙන් දුරස් ව පැහැදිලි මුළාවෙහි සිටිති.

39:23Страница 461

ٱللَّهُ نَزَّلَ أَحۡسَنَ ٱلۡحَدِيثِ كِتَٰبٗا مُّتَشَٰبِهٗا مَّثَانِيَ تَقۡشَعِرُّ مِنۡهُ جُلُودُ ٱلَّذِينَ يَخۡشَوۡنَ رَبَّهُمۡ ثُمَّ تَلِينُ جُلُودُهُمۡ وَقُلُوبُهُمۡ إِلَىٰ ذِكۡرِ ٱللَّهِۚ ذَٰلِكَ هُدَى ٱللَّهِ يَهۡدِي بِهِۦ مَن يَشَآءُۚ وَمَن يُضۡلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِنۡ هَادٍ ٢٣

Аллах ниспослал наилучшее повествование - Писание, аяты которого сходны и повторяются. У тех, кто страшится своего Господа, от него по коже проходит дрожь. А потом их кожа и сердца смягчаются при поминании Аллаха. Это - верное руководство Аллаха, посредством которого Он ведет прямым путем того, кого пожелает. А кого Аллах введет в заблуждение, тому не будет наставника.

අල්ලාහ් තම දූත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත අල් කුර්ආනය පහළ කළේය. එය කතාවෙන් වඩාත් අලංකාරය. සත්යය, අලංකාරය හා බැඳීම් හි එකිනෙකට ගැළපෙන පරස්පර නොවන කතා, නීති, ප්රතිඥා, අවවාද, සත්යවාදීන්ගේ ගුණාංග, අසත්යවාදීන්ගේ ගුණාංග හා වෙනත් දෑ වාර ගණනාවක් සඳහන් වන අයුරින් අල්ලාහ් එය පහළ කළේය. එහි ඇති අවවාද හා තර්ජන වලට ඔවුන් සවන් දෙන විට ඔවුන්ගේ පරමාධිපතිට බියෙන් ඔවුන්ගේ හම් කිළිපොළා යනු ඇත. පසු ව යහපත් බලාපොරොත්තු, ශුභාරංචි ඇති දෑ ට ඔවුන් සවන් දුන් විට ඔවුන්ගේ හම් හා ඔවුන්ගේ හදවත් අල්ලාහ් ව මෙනෙහි කිරීම සඳහා යටත් වී සැහැල්ලු වනු ඇත. අල් කුර්ආනයේ සඳහන් කරනු ලැබූ ඒවා හා ඒවායෙහි බලපෑම් අල්ලාහ් තමන් අභිමත කරන අයට පෙන්වා දෙන මග පෙන්වීම් වෙයි. අල්ලාහ් කවරෙකු අවමානයට පත් කළේ ද, ඔහුට යහ මග සඳහා ඔහු ආශිර්වාද කරන්නේ නැත. ඉන්පසු ඔහුට මග පෙන්වන කිසිදු මගපෙන්වන්නෙකු ද නොවනු ඇත.

39:24Страница 461

أَفَمَن يَتَّقِي بِوَجۡهِهِۦ سُوٓءَ ٱلۡعَذَابِ يَوۡمَ ٱلۡقِيَٰمَةِۚ وَقِيلَ لِلظَّٰلِمِينَ ذُوقُواْ مَا كُنتُمۡ تَكۡسِبُونَ ٢٤

Разве тот, кто в День воскресения будет лицом защищаться от ужасных мучений, равен верующему? Беззаконникам скажут: «Вкусите то, что вы приобретали!».

අල්ලාහ් යමෙකුට යහ මග පෙන්වා මෙලොවෙහි ඔහුට ආශිර්වාද කොට මතු ලොවෙහි ඔහු ව ස්වර්ගයට ප්රවේශ කළ පුද්ගලයෙකු, දෙවියන් ප්රතික්ෂේප කොට දේව ප්රතික්ෂේපය මත ම මිය ගොස් අවසානයේ අත් දෙක හා පාද දෙක බැඳ දමා නිරා ගින්නට ප්රවේශ කොට අපා ගින්නට මුණින් අතට වැටීමෙන් මිස ආරක්ෂාව ලැබිය හැකි පුද්ගලයකු හා සමාන වන්නේ ද? දෙවියන් ප්රතික්ෂේප කරමින් හා පාපකම් සිදු කරමින් තමන්ටම අපරාධකරගත්තවුන් හෙළා දකිමින් ‘නුඹලා දේව ප්රතික්ෂේපය හා පාපකම් තුළින් උපයමින් සිටි දෑ විඳවනු. මෙය නුඹලාගේ ප්රතිවිපාකය වේ’ යැයි කියනු ලැබේ.

39:25Страница 461

كَذَّبَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ فَأَتَىٰهُمُ ٱلۡعَذَابُ مِنۡ حَيۡثُ لَا يَشۡعُرُونَ ٢٥

Их предшественники также считали лжецами посланников, и мучения явились к ним оттуда, откуда они не предполагали.

මෙම දේව ආදේශකයින්ට පෙර සිටි සමූහයින් ද බොරු කළෝය. ඔවුන් එය වටහා ගෙන ඒ සඳහා පාප ක්ෂමා අයැද සිටීමට නොහැකි පරිදි එකවර ඔවුනට දඬුවම පැමිණියේය.

39:26Страница 461

فَأَذَاقَهُمُ ٱللَّهُ ٱلۡخِزۡيَ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۖ وَلَعَذَابُ ٱلۡأٓخِرَةِ أَكۡبَرُۚ لَوۡ كَانُواْ يَعۡلَمُونَ ٢٦

Аллах дал им вкусить позор в мирской жизни. А мучений в Последней жизни, несомненно, будет еще больше, если бы они только знали!

මෙලොව ජීවිතයේ දී අපකීර්තිමත්, අවමන් ලැජ්ජා සහගත මෙම දඬුවම අල්ලාහ් ඔවුනට විඳවන්නට සැලසීය. ඔවුන් ව බලාපාරොත්තු වෙමින් සිටින මතු ලොව දඬුවම ද අති බිහිසුණු දැඩි දඬුවමකි. ඔවුහු ඒ ගැන දැන සිටියාහු නම් කෙතරම් අගනේ ද!?

39:27Страница 461

وَلَقَدۡ ضَرَبۡنَا لِلنَّاسِ فِي هَٰذَا ٱلۡقُرۡءَانِ مِن كُلِّ مَثَلٖ لَّعَلَّهُمۡ يَتَذَكَّرُونَ ٢٧

Мы уже привели для людей в этом Коране всевозможные притчи, чтобы они могли помянуть назидание.

මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත පහළ කරනු ලැබූ අල් කුර්ආනයෙහි යහපත හා අයහපත සත්යය හා අසත්යයට දේව විශ්වාසය හා දේව ප්රතික්ෂේපයට මෙන්ම ඒ හැර වෙනත් දෑට ද විවිධ උදාහරණය සැබවින්ම අපි ගෙන හැර පා ඇත්තෙමු. එය අප කවර උදාහරණයක් ඔවුන් වෙත ගෙන ආවේ ද ඒ ගැන ඔවුන් පාඩම් ලබා, සත්යය හඳුනා, ව්යාජ දෑ අතහැර දැමීමේ යහපත් අපෙක්ෂාවෙනි.

39:28Страница 461

قُرۡءَانًا عَرَبِيًّا غَيۡرَ ذِي عِوَجٖ لَّعَلَّهُمۡ يَتَّقُونَ ٢٨

Мы ниспослали Коран, в котором нет неправды, на арабском языке, чтобы они устрашились.

අපි අල් කුර්ආනය අරාබි කියවීමක් බවට පත් කළෙමු. එහි ඇදයක් හෝ විකෘතිභාවයක් හෝ මුසුවක් හෝ නොමැත. එය ඔවුන් අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී ඔහුට භක්තිමත් ව කටයුතු කරනු පිණිසය.

39:29Страница 461

ضَرَبَ ٱللَّهُ مَثَلٗا رَّجُلٗا فِيهِ شُرَكَآءُ مُتَشَٰكِسُونَ وَرَجُلٗا سَلَمٗا لِّرَجُلٍ هَلۡ يَسۡتَوِيَانِ مَثَلًاۚ ٱلۡحَمۡدُ لِلَّهِۚ بَلۡ أَكۡثَرُهُمۡ لَا يَعۡلَمُونَ ٢٩

Аллах приводит в качестве притчи мужа, принадлежащего нескольким несговорчивым партнерам, и мужа, принадлежащего только одному человеку. Равны ли они в притче? Хвала надлежит Аллаху, но большинство их не знает этого.

බහුදේවවාදියා හා ඒකදේවවාදියාට අල්ලාහ් උපමාවක් ගෙන හැර පෑවේය. එකිනෙකට පරස්පර හවුල්කාර දෙපාර්ශවයකට වහල් වූ මිනිසෙකි. ඔහු ඔවුන්ගෙන් පිරිසක් පිළිගත් විට තවත් පිරිසකට කෝපය ඇති කරනු ඇත. එහෙයින් ඔහු සිටිනුයේ කුතුහලයෙහි හා කලබලකාරී තත්ත්වයකය. අනෙකා තමන්ට පමණක් පාලනය සතු පුද්ගලයකුට අවංක වූ මිනිසෙකි. ඔහු සාමයෙන් හා තැන්පත් කමින් සිටින බැවින් ඔහුගේ අපේක්ෂාවන් ගැන ඔහු දනී. මෙම මිනිසුන් දෙදෙනා එක සමාන වන්නේ නැත. සියලු ප්රශංසා අල්ලාහ් සතුය. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා නොදනිති. එහෙයින් ඔවුහු අල්ලාහ් සමග ඔහු හැර වෙනත් අය ව ද හවුලේ තබති.

39:30Страница 461

إِنَّكَ مَيِّتٞ وَإِنَّهُم مَّيِّتُونَ ٣٠

Воистину, ты смертен, и они смертны.

අහෝ දූතය! කිසිදු සැකයකින් තොර ව සැබවින්ම නුඹ මිය යන්නෙකි. සැබවින්ම ඔවුන්ද මිය යන්නෝ වෙති.

39:31Страница 461

ثُمَّ إِنَّكُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ عِندَ رَبِّكُمۡ تَخۡتَصِمُونَ ٣١

А потом, в День воскресения, вы будете препираться у своего Господа.

පසු ව අහෝ ජනයිනි! නුඹලා කවර කරුණක් සම්බන්ධයෙන් මත ගැටුම් ඇති කර ගත්තේ ද සැබවින්ම නුඹලා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලාගේ පරමාධිපති අබියස ඒ ගැන තර්ක කරන්නෙහුය. එවිට සත්යවාදියා අසත්යවාදියාගෙන් පැහැදිලි වනු ඇත.

39:32Страница 462

۞ فَمَنۡ أَظۡلَمُ مِمَّن كَذَبَ عَلَى ٱللَّهِ وَكَذَّبَ بِٱلصِّدۡقِ إِذۡ جَآءَهُۥٓۚ أَلَيۡسَ فِي جَهَنَّمَ مَثۡوٗى لِّلۡكَٰفِرِينَ ٣٢

Кто может быть несправедливее того, кто возвел навет на Аллаха и счел ложью правду, когда она явилась ему? Разве не в Геенне обитель неверующих?

අල්ලාහ්ට හවුල්කරුවෙක් බිරියක් හා දරුවෙක් සිටින බව පවසා ඔහුට සුදුසු නොවන දෙයක් ඔහු වෙත ආරෝපණය කරන්නාට වඩා මහත් අපරාධකරුවකු වෙනත් නැත. එමෙන්ම දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කවර කරුණක් ගෙන ආවේ ද එම දිව්ය පණිවිඩ බොරු කරන්නාට වඩා මහත් අපරාධකරුවකු වෙනත් නැත. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ගෙන ආ දෑ ප්රතික්ෂේප කරන්නන්හට නිරයේ නවාතැනක් හා ලැඟුම් ගන්නා ස්ථානයක් ඇත.

39:33Страница 462

وَٱلَّذِي جَآءَ بِٱلصِّدۡقِ وَصَدَّقَ بِهِۦٓ أُوْلَٰٓئِكَ هُمُ ٱلۡمُتَّقُونَ ٣٣

Но тот, кто явился с правдой, и тот, кто признал ее истинность, действительно являются богобоязненными.

නබිවරුන් හා වෙනත් අය පිළිබඳ තම ප්රකාශයන්හි හා තම ක්රියාවන්හි සත්යය රැගෙනවිත් එය විශ්වාස කරන්නෙකු ලෙස ස්ථීර කොට ඒ අනුව කටයුතු කළ පුද්ගලයින් වනාහි සැබෑ ලෙසින්ම තම පරමාධිපතිගේ නියෝග පිළිපදිමින් ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් භක්තිමත් ව කටයුතු කළවුන් ඔවුහුමය.

39:34Страница 462

لَهُم مَّا يَشَآءُونَ عِندَ رَبِّهِمۡۚ ذَٰلِكَ جَزَآءُ ٱلۡمُحۡسِنِينَ ٣٤

Для них у их Господа уготовано то, чего они пожелают. Таково воздаяние творящим добро!

ඔවුන් අපේක්ෂා කරන සදාතනික භුක්ති විඳීම් ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුනට ඇත. මෙය, තම පරමාධිපති සමගත් ඔහුගේ ගැත්තන් සමගත් යහපත් ලෙස කටයුතු කළවුනට පිරිනැමෙන ප්රතිඵල වේ.

39:35Страница 462

لِيُكَفِّرَ ٱللَّهُ عَنۡهُمۡ أَسۡوَأَ ٱلَّذِي عَمِلُواْ وَيَجۡزِيَهُمۡ أَجۡرَهُم بِأَحۡسَنِ ٱلَّذِي كَانُواْ يَعۡمَلُونَ ٣٥

Это произойдет для того, чтобы Аллах простил им наихудшее из того, что они совершили, и воздал им наградой за лучшее из того, что они совершали (или лучшим, чем то, что они совершали).

මෙලොවෙහි ඔවුන් සිදු කරමින් ආ දරුණු පාපකම් වෙනුවෙන් ඔවුන් පාප ක්ෂමාවෙහි නිරත වී ඔවුන්ගේ පරමාධිපති වෙත ඔවුන් යොමු වීම නිසාවෙන් අල්ලාහ් ඔවුන්ගෙන් එම පාපකම් මකා දමා ඔවුන් සිදු කරමින් ආ දැහැමි ක්රියාවන්ට වඩා අලංකාර කුසල් ඔවුනට පිරිනමනු පිණිසය.

39:36Страница 462

أَلَيۡسَ ٱللَّهُ بِكَافٍ عَبۡدَهُۥۖ وَيُخَوِّفُونَكَ بِٱلَّذِينَ مِن دُونِهِۦۚ وَمَن يُضۡلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِنۡ هَادٖ ٣٦

Разве Аллаха не достаточно для Его раба? Они устрашают тебя теми, которые ниже Него. А кого Аллах введет в заблуждение, тому не будет наставника.

අල්ලාහ්ගේ ගැත්තා වන මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට තම ආගමික කටයුතු හා ලෞකික කටයුතු වලදී අල්ලාහ් ප්රමාණවත් නොවන්නේ ද? ඔහු ඔහුගේ සතුරන්ගෙන් ඔහු ව වළක්වාලන්නෙකු නොවේ ද? එසේය. සැබවින්ම ඔහු ප්රමාණවත්ය. අහෝ දූතය! ඔවුන්ගේ මෝඩකම හා අඥානකම හේතුවෙන් අල්ලාහ් හැර ඔවුන් නමදින පිළිම නුඹට නපුරක් කරනු ඇතැයි ඔවුහු නුඹ ව බියගන්වති. කවරෙකු අල්ලාහ්ට අවමන් කරන්නේ ද අල්ලාහ් ඔහුට යහ මග වෙත ආශිර්වාද කරන්නේ නැත. පසු ව ඔහුට මග පෙන්වන ඔහුට ආශිර්වාද කරන කිසිදු මග පෙන්වන්නෙකු ඔහුට නොවනු ඇත.

39:37Страница 462

وَمَن يَهۡدِ ٱللَّهُ فَمَا لَهُۥ مِن مُّضِلٍّۗ أَلَيۡسَ ٱللَّهُ بِعَزِيزٖ ذِي ٱنتِقَامٖ ٣٧

А кого Аллах наставит на прямой путь, того никто не введет в заблуждение. Разве Аллах - не Могущественный, Способный на возмездие?

අල්ලාහ් කවරෙකුට යහ මග වෙත ආශිර්වාද කරන්නේ ද ඔහු ව නොමග යවන්නට කිසිවකුට හැකියාවක් නැත. අල්ලාහ් කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්ව බලධාරියාණන් නොවේ ද? තමන් ප්රතික්ෂේප කොට පාපකම් කළවුනට සම ප්රතිචාර දක්වන්නෙකු නොවේ ද? එසේය. සැබවින්ම ඔහු සර්ව බලධාරීය. සම ප්රතිචාර දක්වන්නාය.

39:38Страница 462

وَلَئِن سَأَلۡتَهُم مَّنۡ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ لَيَقُولُنَّ ٱللَّهُۚ قُلۡ أَفَرَءَيۡتُم مَّا تَدۡعُونَ مِن دُونِ ٱللَّهِ إِنۡ أَرَادَنِيَ ٱللَّهُ بِضُرٍّ هَلۡ هُنَّ كَٰشِفَٰتُ ضُرِّهِۦٓ أَوۡ أَرَادَنِي بِرَحۡمَةٍ هَلۡ هُنَّ مُمۡسِكَٰتُ رَحۡمَتِهِۦۚ قُلۡ حَسۡبِيَ ٱللَّهُۖ عَلَيۡهِ يَتَوَكَّلُ ٱلۡمُتَوَكِّلُونَ ٣٨

Если ты спросишь их: «Кто создал небеса и землю?». - они непременно скажут: «Аллах». Скажи: «Видели ли вы тех, к кому вы взываете вместо Аллаха? Если Аллах захочет навредить мне, разве они смогут отвратить Его вред? Или же, если Он захочет оказать мне милость, разве они смогут удержать Его милость?». Скажи: «Довольно мне Аллаха. На Него одного уповают уповающие».

අහෝ දූතය! මෙම ආදේශකයින්ගෙන්, "අහස් හා මහ පොළොව මැව්වේ කවුරුන්දැ?"යි නුඹ විමසා සිටියෙහි නම්, ඔවුන්, ‘සැබවින්ම ඒවා මැව්වේ අල්ලාහ් වේ.’ යැයි පවසනු ඇත. ඔවුන්ගේ දෙවිවරුන්ගේ නොහැකියා ව හෙළිදරව් කරනු පිණිස නුඹ ඔවුන්ගෙන් මෙසේ විමසනු. "අල්ලාහ් හැර නුඹලා නමදිමින් සිටින එම පිළිම පිළිබඳ නුඹලා මට දන්වනු. අල්ලාහ් මට නපුරක් සිදු කරන්නට අපේක්ෂා කළේ නම් එම නපුර මගෙන් ඉවත් කරන්නට ඒවාට හැකි ද? එසේ නැතහොත් මාගේ පරමාධිපති ඔහුගෙන් වූ ආශිර්වාදයක් මට පිරිනැමීමට අපේක්ෂා කළේ නම් ඔහුගේ ආශිර්වාදය මගෙන් වළක්වන්නට ඔවුනට හැකි ද?" ඔවුනට මෙසේ පවසනු. ‘මට අල්ලාහ් පමණක් ප්රමාණවත්ය. මාගේ සියලුම කටයුතු වලදී මම අල්ලාහ් මත පමණක් භාරකර විශ්වාසය තබමි. භාර කරන්නන් ඔහු මත ම සියල්ල භාර කරති."

Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии

Содержание

Аят аль-Курси36Аль-Кахфстр. 42джуз 15Бухари 1Муслим 2999

Вид

Тема
Размер текста
Вид

Read in English