Аль-МухтасарАз‑Зумар · 39:39–75

Аль-Мухтасар · Тафсир · на сингальском

Аз-Зумар 39:39–75

39:39Страница 462

قُلۡ يَٰقَوۡمِ ٱعۡمَلُواْ عَلَىٰ مَكَانَتِكُمۡ إِنِّي عَٰمِلٞۖ فَسَوۡفَ تَعۡلَمُونَ ٣٩

Скажи: «О мой народ! Действуйте по своему усмотрению, и я тоже буду действовать. Скоро вы узнаете,

අහෝ දූතය! නුඹ මෙසේ පවසනු. ‘මාගේ ජනයිනි! අල්ලාහ්ට ආදේශ තැබීමෙන් නුඹලා තෝරා ගත් ස්ථාවරය මත පදනම් ව නුඹලා කටයුතු කරනු. සැබැවින්ම මම මාගේ පරමාධිපතිගේ ඒකීයත්වය වෙත ඇරයුම් කිරීම, ඔහුට පමණක් අවංක ව නැමදුම් කිරීම යනාදී ලෙස ඔහු මට කවර කරුණක් නියෝග කර ඇත්තේ ද ඒ මත සිට කටයුතු කරන්නෙකු වෙමි. එහෙයින් සෑම ගමනකම විපාකය නුඹලා මතු දැන ගනු ඇත.'

39:40Страница 462

مَن يَأۡتِيهِ عَذَابٞ يُخۡزِيهِ وَيَحِلُّ عَلَيۡهِ عَذَابٞ مُّقِيمٌ ٤٠

кого постигнет мучение, которое опозорит его, и на кого падут вечные мучения».

තමන් අවමානයට පත් කරන, හෑල්ලුවට ලක් කරන, මෙලොවෙහි දඬුවම පැමිණෙන්නේ කවුරුන් වෙත දැ යි ද, මතු ලොවෙහි අඛණ්ඩ ව සදා පවතින දඬුවම පහළ වන්නේ කවුරුන් වෙත දැයි ද නුඹලා මතු දැන ගනු ඇත.

39:41Страница 463

إِنَّآ أَنزَلۡنَا عَلَيۡكَ ٱلۡكِتَٰبَ لِلنَّاسِ بِٱلۡحَقِّۖ فَمَنِ ٱهۡتَدَىٰ فَلِنَفۡسِهِۦۖ وَمَن ضَلَّ فَإِنَّمَا يَضِلُّ عَلَيۡهَاۖ وَمَآ أَنتَ عَلَيۡهِم بِوَكِيلٍ ٤١

Мы ниспослали тебе Писание для людей с истиной. Тот, кто последовал прямым путем, поступил во благо себе. А тот, кто впал в заблуждение, поступает во вред только себе, и ты не являешься их попечителем и хранителем.

අහෝ දූතය! සැබවින්ම නුඹ ජනයාට අවවාද කරනු පිණිස නුඹ වෙත අපි අල් කුර්ආනය සත්යයෙන් යුතු ව පහළ කළෙමු. එහෙයින් කවරෙකු මග ලබන්නේ ද සැබවින්ම එම මග ලැබීම ඔහුටම ප්රයෝජනවත් වනු ඇත. ඔහුගේ මග ලැබීම අල්ලාහ්ට ප්රයෝජනවත් වන්නේ නැත. සැබවින්ම ඔහු එහි අවශ්යතාවක් නොමැත්තාය. එමෙන්ම කවරෙකු නොමග ගියේද ඔහු නොමග යෑමේ හානිය ඔහුට එරෙහිව ම පිහිටනු ඇත. ඔහුගේ නොමග යෑම අල්ලාහ්ට කිසිදු හානියක් නොකරයි. යහ මග වෙත ඔවුනට බල කිරීමට ඔවුන් වෙත භාරකරුවකු ලෙස නුඹ නැත. නුඹ වෙත පැවරෙනුයේ දන්වා සිටින්නට කවර කරුණක් නියෝග කරනු ලැබුවේ ද එය ඔවුන් වෙත දන්වා සිටීම පමණය.

39:42Страница 463

ٱللَّهُ يَتَوَفَّى ٱلۡأَنفُسَ حِينَ مَوۡتِهَا وَٱلَّتِي لَمۡ تَمُتۡ فِي مَنَامِهَاۖ فَيُمۡسِكُ ٱلَّتِي قَضَىٰ عَلَيۡهَا ٱلۡمَوۡتَ وَيُرۡسِلُ ٱلۡأُخۡرَىٰٓ إِلَىٰٓ أَجَلٖ مُّسَمًّىۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يَتَفَكَّرُونَ ٤٢

Аллах забирает души в момент смерти, а ту, которая пока не умирает, - во время сна. Он удерживает ту, которой предопределил смерть, а другую отпускает до определенного срока. Воистину, в этом - знамения для людей размышляющих.

ජීවිත වල ආයු කාලය අවසන් වන විට ඒවා අත්පත් කර ගන්නා අල්ලාහ්ය. ඒවායෙහි අයු කාලය අවසන් නොවූ ප්රාණ ද නින්දේදී ඔහු අත්පත් කර ගනියි. මරණය තීන්දු වූ ප්රාණ රඳවා ගනියි. ඒ ගැන තීන්දු නොකළ දෑ ඔහුගේ දැනුම තුළ නිශ්චිත කාලයක් දක්වා අතහැර දමයි. එසේ ජීවිත අත්පත් කර ගැනීම, අතහැර දැමීම මරණයට පත් කිරීම, ජීවය ලබා දීම යනාදිය වටහා ගන්නා ජනයාට සැබවින්ම එසේ සිදු කරන්නා විනිශ්චය හා ප්රතිඵල සඳහා ඔවුන්ගේ මරණයෙන් පසු ව ඔවුන් යළි අවදි කරවන බලාධිකාරියා බවට සාධක ඇත.

39:43Страница 463

أَمِ ٱتَّخَذُواْ مِن دُونِ ٱللَّهِ شُفَعَآءَۚ قُلۡ أَوَلَوۡ كَانُواْ لَا يَمۡلِكُونَ شَيۡـٔٗا وَلَا يَعۡقِلُونَ ٤٣

Или же они взяли себе заступников помимо Аллаха? Скажи: «А если они не владеют ничем и не разумеют?».

සැබැවින්ම දේව ආදේශකයෝ ඔවුන්ගේ පිළිම අල්ලාහ්ගෙන් තොර ව ඔවුන් අබියස ප්රයෝජනය අපේක්ෂා කරනු ලබන ඔවුන් වෙනුවෙන් මැදිහත් වන්නන් ලෙස සලකති. අහෝ දූතය! නුඹ ඔවුනට මෙසේ පවසනු. නුඹලාට හෝ ඔවුනට හෝ යමක් කිරීමට බලයක් නැති වැටහීමක් නැති තත්ත්වයක ඔවුන් සිටිය දී, ඔවුන් මැදිහත්කරුවන් ලෙස නුඹලා ගන්නෙහු ද? ඒවා කතා නොකරන ගොළු, එමෙන්ම සවන් නොදෙන නොබලන සෙත නොසලසන හානි නොපමුණුවන භෞතික වස්තූන් වෙති.

39:44Страница 463

قُل لِّلَّهِ ٱلشَّفَٰعَةُ جَمِيعٗاۖ لَّهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ ثُمَّ إِلَيۡهِ تُرۡجَعُونَ ٤٤

Скажи: «Аллаху принадлежит заступничество целиком. Ему принадлежит власть над небесами и землей, и к Нему вы будете возвращены».

අහෝ දූතය! එම දේව ආදේශකයින්හට නුඹ මෙසේ පවසනු. ‘සියලු දෑ වෙනුවෙන් වූ මැදිහත්වීමේ අයිතිය ඇත්තේ අල්ලාහ්ට පමණය. ඔහුගේ අනුමැතියෙන් තොර ව ඔහු ඉදිරියේ කිසිවකු මැදිහත් වන්නේ නැත. ඔහු පිළිගත් අය හැර වෙනත් කිසිවකු මැදිහත් වන්නේ ද නැත. අහස්හි ආධිපත්යය හා මහ පොළොවේ ආධිපත්යය ඔහුට පමණක් සතුය. පසු ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය හා ප්රතිඵල සඳහා නුඹලා යොමු කරනු ලබනුයේ ඔහු වෙත පමණය. පසු ව නුඹලාගේ ක්රියාවන් සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.’

39:45Страница 463

وَإِذَا ذُكِرَ ٱللَّهُ وَحۡدَهُ ٱشۡمَأَزَّتۡ قُلُوبُ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِۖ وَإِذَا ذُكِرَ ٱلَّذِينَ مِن دُونِهِۦٓ إِذَا هُمۡ يَسۡتَبۡشِرُونَ ٤٥

Когда поминают одного лишь Аллаха, содрогаются от отвращения сердца тех, которые не веруют в Последнюю жизнь. А когда поминают тех, которые ниже Него, они радуются.

මතු ලොව හා එහි පවතින නැවත නැගිටුවනු ලැබීම, විනිශ්චය හා ප්රතිඵල යනාදිය විශ්වාස නොකරන දේව ආදේශකයින් වෙත අල්ලාහ් ගැන පමණක් මෙනෙහි කරනු ලැබූ විට ඔවුන්ගේ හදවත් හැකිළී යනු ඇත. අල්ලාහ් හැර ඔවුන් නමදින පිළිම ගැන මෙනෙහි කරනු ලැබූ විට ඔවුන් සතුටින් ඉපිලී යති.

39:46Страница 463

قُلِ ٱللَّهُمَّ فَاطِرَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ عَٰلِمَ ٱلۡغَيۡبِ وَٱلشَّهَٰدَةِ أَنتَ تَحۡكُمُ بَيۡنَ عِبَادِكَ فِي مَا كَانُواْ فِيهِ يَخۡتَلِفُونَ ٤٦

Скажи: «О Аллах, Творец небес и земли, Ведающий сокровенное и явное! Ты рассудишь Своих рабов в том, в чем они расходились во мнениях».

කිසිදු පූර්ව ආදර්ශයකින් තොර ව අහස් හා මහ පොළොව මැවූ දෙවිඳුනි! ගුප්ත ව පවතින දෑ හා ඉදිරියේ ඇති දෑ පිළිබඳ මැනවින් දන්නා දෙවිඳුනි! ඒ කිසිවක් ඔබට සැඟවෙන්නේ නැත. සැබැවින්ම නුඹ ඒකීයය. මෙලොවෙහිදී ඔබේ ගැත්තන් කවර කරුණක මත භේද ඇති කර ගනිමින් සිටියේද ඒ ගැන මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔබේ ගැත්තන් අතර වෙන් කරන්නෙහිය. එවිට සත්යවාදියා හා අසත්යවාදියා කවුරුන්දැ යි ද භාග්යවන්තයා හා අභාග්යවන්තයා කවරුන් දැ යි ද පැහැදිලි වනු ඇත.

39:47Страница 463

وَلَوۡ أَنَّ لِلَّذِينَ ظَلَمُواْ مَا فِي ٱلۡأَرۡضِ جَمِيعٗا وَمِثۡلَهُۥ مَعَهُۥ لَٱفۡتَدَوۡاْ بِهِۦ مِن سُوٓءِ ٱلۡعَذَابِ يَوۡمَ ٱلۡقِيَٰمَةِۚ وَبَدَا لَهُم مِّنَ ٱللَّهِ مَا لَمۡ يَكُونُواْ يَحۡتَسِبُونَ ٤٧

Если бы у тех, которые поступали несправедливо, было все, что на земле, и еще столько же, то они непременно попытались бы откупиться этим от ужасных мучений в День воскресения. Но откроется им от Аллаха то, о чем они даже не предполагали.

දේව ආදේශය හා පාපකම් හේතුවෙන් තමන්ටම අපරාධ කරගත්තවුන්හට මහපොළොවේ ඇති වටිනා වස්තු, දේපළ සියල්ල හා ඒවා හැර වෙනත් දෑ ද තිබුණ ද ඒ සමගම ඒ හා සමාන තවත් බොහෝ ගුණයක් තිබුණ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලැබීමෙන් පසු ඔවුන් දකින දරුණු දඬුවමින් මිදීම සඳහා ඒවා සියල්ල වන්දි වශයෙන් පිරිනමන්නට බලති. නමුත් ඔවුනට එය සතු නොවීය. එය ඔවුනට හැකි යැයි සිතුව ද ඔවුන්ගෙන් එය පිළිගනු නොලැබේ. එමෙන් ම ඔවුන් කිසිවිටෙක බලාපොරොත්තු නොවූ අල්ලාහ්ගෙන් වූ විවිධ දඩුවම් ඔවුනට හෙළි වනු ඇත.

39:48Страница 464

وَبَدَا لَهُمۡ سَيِّـَٔاتُ مَا كَسَبُواْ وَحَاقَ بِهِم مَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ ٤٨

Им откроются злые деяния, которые они приобрели, а то, над чем они издевались, окружит (или поразит) их.

ඔවුන් උපයා ගත් දේව ආදේශය හා පාපකම් හි නපුරු විපාකය ඔවුනට මතු විය. ඔවුනට මෙලොවෙහි දඬුවම ගැන බිය ගන්වනු ලැබූ විට ඔවුන් සරදම් කරමින් සිටි එම දඬුවම සිව්දෙසින් ඔවුන් වට කර ගත්තේය.

39:49Страница 464

فَإِذَا مَسَّ ٱلۡإِنسَٰنَ ضُرّٞ دَعَانَا ثُمَّ إِذَا خَوَّلۡنَٰهُ نِعۡمَةٗ مِّنَّا قَالَ إِنَّمَآ أُوتِيتُهُۥ عَلَىٰ عِلۡمِۭۚ بَلۡ هِيَ فِتۡنَةٞ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَعۡلَمُونَ ٤٩

Когда человека касается вред, он взывает к Нам. Когда же Мы предоставляем ему благо от Нас, он говорит: «Воистину, это даровано мне благодаря знанию (знанию Аллаха о моих заслугах или моему знанию)». О нет, это - искушение, но большинство их не знает этого.

දෙවියන් ප්රතික්ෂේප කරන මිනිසාට යම් රෝගයක් හෝ දරිද්රතාවක් හෝ එවැනි යම් විපතක් ඇති වූ විට ඔහුට අත් වූ එම විපත ඉවත් කරන මෙන් ඔහු අපගෙන් ප්රාර්ථනා කර සිටි. පසු ව ඔහුට සුවය හෝ ධනයෙහි යම් ආශිර්වාදයක් අප පිරිනැමූ විට දේව ප්රතික්ෂේපකයා, ‘සැබවින්ම අල්ලාහ් මට එය ලබා දී ඇත්තේ මම උරුම කර ගත් දැනුම වන බැවිණි' යැයි පවසයු. නිවැරදි කරුණ වනුයේ සැබවින් ඔහු පරීක්ෂාවට ලක් වී ඇත. පොළඹවනු ලැබ ඇත. නමුත් දේව ප්රතික්ෂේපකයින් බහුතරයක් දෙනා ඒ ගැන නොහඳුනිති. අල්ලාහ් ඔවුනට පිරිනමා ඇති ආශිර්වාදයන් ගැන ඔවුහු රැවටී සිටිති.

39:50Страница 464

قَدۡ قَالَهَا ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ فَمَآ أَغۡنَىٰ عَنۡهُم مَّا كَانُواْ يَكۡسِبُونَ ٥٠

Так уже говорили их предшественники, но их не спасло то, что они приобретали.

ඔවුනට පෙර සිටි දේව ප්රතික්ෂේපකයෝ ද මෙම කියමන ප්රකාශ කළෝය. ඔවුන් උපයමින් සිටි ධනය හෝ ඉඩකඩම් කිසිවක් ඔවුනට ඵලක් දුන්නේ නැත.

39:51Страница 464

فَأَصَابَهُمۡ سَيِّـَٔاتُ مَا كَسَبُواْۚ وَٱلَّذِينَ ظَلَمُواْ مِنۡ هَٰٓؤُلَآءِ سَيُصِيبُهُمۡ سَيِّـَٔاتُ مَا كَسَبُواْ وَمَا هُم بِمُعۡجِزِينَ ٥١

Их поразили злые деяния, которые они приобрели. Тех, которые поступали несправедливо, из этих также поразят злые деяния, которые они приобрели, и им не удастся спастись.

ඔවුන් උපයා ගත් දේව ආදේශය හා පාපකම්හි නපුරු ප්රතිවිපාක ඔවුනට අත් විය. මෙසේ ඉදිරිපත් ව සිටියවුන් අතරින් දේව ආදේශය හා පාපකම් තුළින් තමන්ටම අපරාධකරගත්තවුන් වනාහි, ඔවුන් අතීතයේ ඔවුන් උපයා ගත් පාපකම්හි විපාක ඔවුනට අත්වනු ඇත. කිසිවිටෙක අල්ලාහ්ගෙන් මිදී ඔහු ව අබිබවා යන්නට ඔවුනට නොහැක්කේමය.

39:52Страница 464

أَوَلَمۡ يَعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ وَيَقۡدِرُۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يُؤۡمِنُونَ ٥٢

Разве они не знают, что Аллах увеличивает или ограничивает удел, кому пожелает? Воистину, в этом - знамения для верующих людей.

දේව ප්රතික්ෂේපකයෝ සැබවින්ම අල්ලාහ්, ඔහු අභිමත කරන අයට පරීක්ෂණයක් ලෙස පෝෂණ සම්පත් ව්යාප්ත කර දී ඔහු ඔහුට කෘතඥ වන්නේ ද, එසේ නැතහොත් ගුණමකු වන්නේ දැයි ද, එමෙන්ම ඔහු අභිමත කර අයට පරීක්ෂණයක් ලෙසින් එය සීමා කොට ඔහු ඉවසීමෙන් කටයුතු කරන්නේ ද එසේ නැතහොත් අල්ලාහ් ගේ නියමය මත කෝප වන්නේදැ?යි පරීක්ෂා කරන බව ඔවුන් නොදැන ඔවුන් පවසා සිටි දෑ පමණක් පවසා සිටියෝ ද? පෝෂණ සම්පත් විස්තීරණ කිරීම හා එය සීමා කිරීම ගැන සඳහන් කරනු ලැබූ කරුණෙහි දෙවියන් විශ්වාස කරන ජනයාට අල්ලාහ්ගේ සැලසුම් කිරීම පිළිබඳ සාධක ඇත. සැබවින්ම එම සාධක වලින් ප්රයෝජනය ලබනුයේ ඔවුන්මය. දේව ප්රතික්ෂේපකයෝ වනාහි ඔවුන් ඒ අසලින් ගමන් ගන්නා නමුත් එය ඔවුන් ප්රතික්ෂේප කරති.

39:53Страница 464

۞ قُلۡ يَٰعِبَادِيَ ٱلَّذِينَ أَسۡرَفُواْ عَلَىٰٓ أَنفُسِهِمۡ لَا تَقۡنَطُواْ مِن رَّحۡمَةِ ٱللَّهِۚ إِنَّ ٱللَّهَ يَغۡفِرُ ٱلذُّنُوبَ جَمِيعًاۚ إِنَّهُۥ هُوَ ٱلۡغَفُورُ ٱلرَّحِيمُ ٥٣

Скажи Моим рабам, которые излишествовали во вред самим себе: «Не отчаивайтесь в милости Аллаха. Воистину, Аллах прощает грехи полностью, ибо Он - Прощающий, Милосердный».

අහෝ දූතය! අල්ලාහ්ට ආදේශ තබමින් හා පාපකම් සිදු කරමින්, සීමාව ඉක්මවා ගිය මාගේ ගැත්තන්හට නුඹ මෙසේ පවසනු. අල්ලාහ්ගේ කරුණා ව පිළිබඳ හා නුඹලාගේ පාපයන් වලට ඔහුගේ සමාව පිළිබඳ නුඹලා බලාපොරොත්තු සුන් කර නොගනු. සැබවින්ම අල්ලාහ් ඔහු වෙත පශ්චාත්තාප වී යොමු වන්නන්ගේ සියලු පාපකම් කමා කරයි. සැබවින්ම ඔහු පාප ක්ෂමාවෙහි නිරත වන්නන්ගේ පාපකම් සඳහා අති ක්ෂමාශීලීය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය.

39:54Страница 464

وَأَنِيبُوٓاْ إِلَىٰ رَبِّكُمۡ وَأَسۡلِمُواْ لَهُۥ مِن قَبۡلِ أَن يَأۡتِيَكُمُ ٱلۡعَذَابُ ثُمَّ لَا تُنصَرُونَ ٥٤

Обратитесь к вашему Господу и покоритесь Ему до того, как мучения явятся к вам, ведь тогда вам уже не будет оказана помощь.

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දඬුවම නුඹලා වෙත පැමිණීමට පෙර පාප ක්ෂමාව හා දැහැමි ක්රියාවන් තුළින් නුඹලා නුඹලාගේ පරමාධිපති වෙත යොමු වනු. ඔහුට යටහත් වනු. පසු ව නුඹලාගේ පිළිම හෝ නුඹලාගේ පවුලේ ඥාතීන් අතරින් කිසිවෙකු හෝ එම දඬුවමින් නුඹලා ව මුදවා නුඹලාට පිහිට වන කිසිවකු නුඹලා නොදකිනු ඇත.

39:55Страница 464

وَٱتَّبِعُوٓاْ أَحۡسَنَ مَآ أُنزِلَ إِلَيۡكُم مِّن رَّبِّكُم مِّن قَبۡلِ أَن يَأۡتِيَكُمُ ٱلۡعَذَابُ بَغۡتَةٗ وَأَنتُمۡ لَا تَشۡعُرُونَ ٥٥

Следуйте за наилучшим из того, что ниспослано вам вашим Господом, прежде чем мучения явятся к вам внезапно, когда вы даже не почувствуете их приближения.

නුඹලාගේ පරමාධිපති ඔහුගේ දූතයාණන් වෙත පහළ කළ වඩාත් අලංකාරවත් අල් කුර්ආනය නුඹලා පිළිපදිනු. එහෙයින් පාප ක්ෂමාව තුළින් ඒ සඳහා සූදානම් වීමට පවා නොහැකි, නුඹලා නොසිතූ මොහොතක එකවර නුඹලා වෙත දඬුවම පැමිණීමට පෙර එහි ඇති නියෝග ක්රියාත්මක කරනු. එහි තහනම් කළ දැයින් වැළකී සිටිනු.

39:56Страница 464

أَن تَقُولَ نَفۡسٞ يَٰحَسۡرَتَىٰ عَلَىٰ مَا فَرَّطتُ فِي جَنۢبِ ٱللَّهِ وَإِن كُنتُ لَمِنَ ٱلسَّٰخِرِينَ ٥٦

Чтобы не пришлось человеку говорить: «О горе мне за то, что я был нерадив по отношению к Аллаху! Я был всего лишь одним из насмехающихся!».

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දැඩි කනස්සල්ලෙන් යුතු ව: “අහෝ ඛේදය! දේව ප්රතික්ෂේපය හා පාපකම් මත හිඳිමින් අල්ලාහ්ගේ පැත්තෙන් ඇති කරුණු ගැන ද දේව විශ්වාසී හා අවනත වූ ජනයා වසඟ වී සිටි දෑ ගැන ද නොසැලකිලිමත් වීමේ ඛේදය!’ යැයි නුඹ පැවසීමෙන් ප්රවේශම්වීමට එසේ සිදු කරනු.

39:57Страница 465

أَوۡ تَقُولَ لَوۡ أَنَّ ٱللَّهَ هَدَىٰنِي لَكُنتُ مِنَ ٱلۡمُتَّقِينَ ٥٧

Или чтобы не пришлось ему говорить: «Если бы Аллах наставил меня на прямой путь, то я был бы одним из богобоязненных».

එසේ නැතහොත් පෙර නියමය ගැන වාද කරමින්, ‘සැබවින්ම අල්ලාහ් මට ආශිර්වාද කර තිබුණේ නම් මම ඔහුට බැතිමත් ව කටයුතු කරන්නන් අතුරින් වී, ඔහුගේ නියෝග පිළිපැද, ඔහු තහනම් කළ දැයින් වැළකී සිටින්නට තිබුණි’ යැයි නුඹ පවසා සිටීමෙන් ප්රවේශම් වනු පිණිස.

39:58Страница 465

أَوۡ تَقُولَ حِينَ تَرَى ٱلۡعَذَابَ لَوۡ أَنَّ لِي كَرَّةٗ فَأَكُونَ مِنَ ٱلۡمُحۡسِنِينَ ٥٨

Или чтобы не пришлось ему говорить, когда он увидит мучения: «Если бы у меня была еще одна возможность, то я стал бы одним из творящих добро».

එසේ නැතහොත් දඬුවම දෑසින් දකින මොහොතේ, ‘මෙලොවට නැවත හැරීමක් මට ඇත් නම් මම අල්ලාහ් වෙත පාප ක්ෂමාවෙහි නිරත වී, ඔහු වෙත යොමු වෙමි. දැහැමියන්ගේ කටයුතු සිදු කරමින් ඔවුන් අතරින් කෙනෙකු වෙමි’ යැයි කැමැත්තෙන් යුතු ව නුඹ පැවසීමෙන් ප්රවේශම් වනු පිණිස.

39:59Страница 465

بَلَىٰ قَدۡ جَآءَتۡكَ ءَايَٰتِي فَكَذَّبۡتَ بِهَا وَٱسۡتَكۡبَرۡتَ وَكُنتَ مِنَ ٱلۡكَٰفِرِينَ ٥٩

О нет! К тебе явились Мои знамения, но ты счел их ложью, возгордился и был одним из неверующих.

යහ මග ආශා කිරීම ගැන නුඹ විශ්වාස කරන්නාක් මෙන් කරුණ නැත. සැබවින්ම මාගේ වදන් නුඹ වෙත පැමිණියේය. නමුත් නුඹ ඒවා බොරු කොට උඩඟු වූයෙහිය. අල්ලාහ් හා ඔහුගේ වදන් ප්රතික්ෂේප කරන්නන් අතරට නුඹ ද පත් වූයෙහිය.

39:60Страница 465

وَيَوۡمَ ٱلۡقِيَٰمَةِ تَرَى ٱلَّذِينَ كَذَبُواْ عَلَى ٱللَّهِ وُجُوهُهُم مُّسۡوَدَّةٌۚ أَلَيۡسَ فِي جَهَنَّمَ مَثۡوٗى لِّلۡمُتَكَبِّرِينَ ٦٠

В День воскресения ты увидишь тех, которые возводили навет на Аллаха, с почерневшими лицами. Разве не в Геенне обитель возгордившихся?

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ට හවුල්කරුවන් හා දරුවන් ආරෝපණය කරමින් ඔහු කෙරෙහි බොරු ගෙතූවන්ගේ මුහුණු කළු පැහැ ගැන්වී තිබෙනු නුඹ දකිනු ඇත. එය ඔවුන්ගේ අභාග්යවන්තකමෙහි සළකුණයි. අල්ලාහ් හා ඔහුගේ දූතවරුන් විශ්වාස කිරීමට උඩඟුවූවන්හට නිරයෙහි නවාතැනක් නොමැත්තේ ද? එසේය, සැබවින්ම එහි ඔවුනට නවාතැනක් ඇත.

39:61Страница 465

وَيُنَجِّي ٱللَّهُ ٱلَّذِينَ ٱتَّقَوۡاْ بِمَفَازَتِهِمۡ لَا يَمَسُّهُمُ ٱلسُّوٓءُ وَلَا هُمۡ يَحۡزَنُونَ ٦١

Аллах спасет богобоязненных, и они обретут успех (или по причине их успеха). Зло не коснется их, и они не будут опечалены.

අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට බැතිමත් ව කටයුතු කළවුන් වනාහි ඔවුන්ගේ ජයග්රාහී ස්ථානය වන ස්වර්ග උයනට ඔවුන් ප්රවේශ කරමින් අල්ලාහ් ඔවුන් දඬුවමින් මුදවාලයි. ඔවුනට දඬුවම ස්පර්ශ වන්නේ නැත. මෙලොවෙහි ඔවුනට මග හැරුණු ලෞකික කටයුතු සම්බන්ධයෙන් ඔවුන් දුකට පත් වන්නේ ද නැත.

39:62Страница 465

ٱللَّهُ خَٰلِقُ كُلِّ شَيۡءٖۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ وَكِيلٞ ٦٢

Аллах - Творец всякой вещи. Он - Попечитель и Хранитель всякой вещи.

සියලු දෑ හි මැවුම්කරු අල්ලාහ්ය. ඔහු හැර වෙනත් මැවුම්කරුවකු නැත. සියලු දෑ කෙරෙහි ඔහු ආරක්ෂකය. ඔහුගේ කරුණු ඔහු සැලසුම් කරයි. ඔහු අභිමත කරන පරිදි එය ක්රියාත්මක කරයි.

39:63Страница 465

لَّهُۥ مَقَالِيدُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۗ وَٱلَّذِينَ كَفَرُواْ بِـَٔايَٰتِ ٱللَّهِ أُوْلَٰٓئِكَ هُمُ ٱلۡخَٰسِرُونَ ٦٣

Ему принадлежат ключи небес и земли. А те, которые не веруют в знамения Аллаха, являются потерпевшими убыток.

අහස්හි හා මහ පොළොවේ යහපත් දෑ හි භාණ්ඩාගාරයේ යතුරු ඔහු සතුය. ඔහු අභිමත කරන අයට ඒවා පිරිනමයි. ඔහු අභිමත කරන අයගෙන් ඒවා වළක්වාලයි. අල්ලාහ්ගේ වදන් ප්රතික්ෂේප කළවුන් වනාහි, ඔවුන්ගේ මෙලොව ජීවිතයේ ඔවුන් දේව විශ්වාසය තහනම් කර ගැනීම හේතුවෙන් හා මතු ලොවෙහි සදාතනිකයින් ලෙස අපා ගින්නට පිවිසීම හේතුවෙන් ඔවුහුමය පරාජිතයෝ වන්නෝ.

39:64Страница 465

قُلۡ أَفَغَيۡرَ ٱللَّهِ تَأۡمُرُوٓنِّيٓ أَعۡبُدُ أَيُّهَا ٱلۡجَٰهِلُونَ ٦٤

Скажи: «Неужели вы повелеваете мне поклоняться кому-либо другому вместо Аллаха, о невежды?».

අහෝ දූතය! ඔවුන්ගේ පිළිම වලට නුඹ නැමදිය යුතු යැයි නුඹට බලකරමින් සිටින මෙම දේව ආදේශකයින්ට නුඹ මෙසේ පවසනු. ‘නුඹලාගේ පරමාධිපති පිළිබඳ නොදැනුවත් ජනයිනි! අල්ලාහ් හැර වෙනත් දෑට නමදින ලෙස නුඹලා මට අණ කරන්නෙහු ද? නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු නැත. එහෙයින් ඔහු හැර වෙනත් කිසිවෙකු කිසිවිටෙක මම නොනමදිමි.’ යැයි පවසනු.

39:65Страница 465

وَلَقَدۡ أُوحِيَ إِلَيۡكَ وَإِلَى ٱلَّذِينَ مِن قَبۡلِكَ لَئِنۡ أَشۡرَكۡتَ لَيَحۡبَطَنَّ عَمَلُكَ وَلَتَكُونَنَّ مِنَ ٱلۡخَٰسِرِينَ ٦٥

Тебе и твоим предшественникам уже было внушено: «Если ты станешь приобщать сотоварищей, то тщетными будут твои деяния и ты непременно окажешься одним из потерпевших убыток».

අහෝ දූතය! සැබවින්ම අල්ලාහ් නුඹ වෙත දිව්ය පණිවිඩ පහළ කළේය. නුඹට පෙර සිටි දූතවරුන් වෙතත් දිව්ය පණිවිඩ පහළ කළේය. නුඹ අල්ලාහ් සමග වෙනත් දෑ ට නැමදුම් කළෙහි නම් නුඹගේ යහපත් ක්රියාවන්හි ප්රතිඵල නිෂ්ඵල වී යනු ඇත. මෙලොවෙහි නුඹ නුඹේ දහම අතහැරීම හේතුවෙන් හා මතු ලොවෙහි දඬුවමට භාජනය වන හේතුවෙන් අලාභවන්තයින් අතරට නුඹ වනු ඇත.

39:66Страница 465

بَلِ ٱللَّهَ فَٱعۡبُدۡ وَكُن مِّنَ ٱلشَّٰكِرِينَ ٦٦

Поклоняйся же одному Аллаху и будь в числе благодарных.

එසේය, නුඹ අල්ලාහ්ට පමණක් නමදිනු. ඔහුට කිසිවක් ආදේශ නොකරනු. ඔහු නුඹට පිරිනමා ඇති ඔහුගේ ආශිර්වාද සඳහා කෘතගුණ සලකන්නන් අතරින් කෙනෙකු වනු.

39:67Страница 465

وَمَا قَدَرُواْ ٱللَّهَ حَقَّ قَدۡرِهِۦ وَٱلۡأَرۡضُ جَمِيعٗا قَبۡضَتُهُۥ يَوۡمَ ٱلۡقِيَٰمَةِ وَٱلسَّمَٰوَٰتُ مَطۡوِيَّٰتُۢ بِيَمِينِهِۦۚ سُبۡحَٰنَهُۥ وَتَعَٰلَىٰ عَمَّا يُشۡرِكُونَ ٦٧

Не ценили они Аллаха должным образом, а ведь вся земля в День воскресения будет всего лишь Пригоршней Его, а небеса будут свернуты Его Десницей. Пречист Он и превыше того, что они приобщают к Нему в сотоварищи.

දේව ආදේශකයින් අල්ලාහ්ට ගරු බුහුමන් කළ යුතු නිසි අයුරින් ගරු බුහුමන් කළේ නැත. මෙය, දුර්වල හා දුබල මැවීම් අල්ලාහ්ට ආදේශ කරමින්, මහ පොළොවේ පවතින කඳු ගස් ගංගා සාගර යනාදියෙන් විද්යාමාන වන ඔහුගේ බලය ගැන නොසැලකිලිමත් වෙමින් හා ඒවා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දී ඔහුගේ ග්රහණය තුළ පවතින බවත්, සැබවින්ම අහස් හත ඔහුගේ දකුණතෙහි වෙළී පවතින බවත් නොසැලකිලිමත් ව කටයුතු කළ බැවිණි. දේව ආදේශකයින් පවසන දැයින් හා ඔවුන් විශ්වාසය තබන දැයින් ඔහු සුවිශුද්ධය පිවිතුරුය.

39:68Страница 466

وَنُفِخَ فِي ٱلصُّورِ فَصَعِقَ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَمَن فِي ٱلۡأَرۡضِ إِلَّا مَن شَآءَ ٱللَّهُۖ ثُمَّ نُفِخَ فِيهِ أُخۡرَىٰ فَإِذَا هُمۡ قِيَامٞ يَنظُرُونَ ٦٨

Но подуют в Рог, и тогда потеряют сознание (или умрут) те, кто на небесах, и те, кто на земле, кроме тех, кого Аллах пожелает оставить. Потом в нее подуют еще раз, и тогда они встанут и будут смотреть.

හොරණෑවෙහි පිඹීම සඳහා පවරනු ලැබූ මලක්වරයා එහි පිඹින දින මරණය නොවිය යුතු යැයි අල්ලාහ් අභිමත කළ අය හැර අහස්හි හා මහපොළොවේ ඇති සෙසු සියලු දෑ මරණයට පත් වෙයි. පසු ව එම මලක්වරයා යළි අවදි වීම සඳහා දෙවන වරට එහි පිඹියි. එවිට සියලු දෙනා අල්ලාහ් ඔවුනට සිදු කරන දෑ නරඹමින් ජීවමාන ව නැගී සිටිති.

39:69Страница 466

وَأَشۡرَقَتِ ٱلۡأَرۡضُ بِنُورِ رَبِّهَا وَوُضِعَ ٱلۡكِتَٰبُ وَجِاْيٓءَ بِٱلنَّبِيِّـۧنَ وَٱلشُّهَدَآءِ وَقُضِيَ بَيۡنَهُم بِٱلۡحَقِّ وَهُمۡ لَا يُظۡلَمُونَ ٦٩

Земля озарится светом своего Господа. Будет положено Писание, и будут приведены пророки и свидетели. Между ними рассудят по справедливости, и с ними не поступят несправедливо.

ගැත්තන් අතර තීන්දු දීම සඳහා සර්වබල හිමිපාණන් සම්ප්රාප්ත වන මොහොතේ මහ පොළොව ආලෝකමත් වෙයි. මිනිසුන්ගේ ක්රියා ලේඛන දිගු හරිනු ලැබේ. නබිවරුන් ගෙන එනු ලැබේ. එම නබිවරුන් වෙනුවෙන් ඔවුන්ගේ ජනයාට එරෙහි ව සාක්ෂි දැරීම සඳහා මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ සමූහයා ගෙන එනු ලැබේ. ඔවුන් සියලු දෙනා අතර සාධාරණීය ලෙස අල්ලාහ් තීන්දු පිරිනමයි. එදින ඔවුන් අසාධාරණයට ලක් නොවෙති. එහෙයින් මිනිසාට යම් පාපයක් වැඩි කරන්නේ හෝ යම් කුසලක් අඩු කරන්නේ හෝ නැත.

39:70Страница 466

وَوُفِّيَتۡ كُلُّ نَفۡسٖ مَّا عَمِلَتۡ وَهُوَ أَعۡلَمُ بِمَا يَفۡعَلُونَ ٧٠

Каждой душе воздастся сполна за то, что она совершила. Ему лучше знать о том, что они делают.

සෑම ආත්මයකට එහි ක්රියාව යහපත් වුව ද අයහපත් වුව ද එහි ප්රතිඵල අල්ලාහ් පූර්ණ ව පිරිනමයි. ඔවුන් සිදු කරන දෑ පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය. ඔවුන්ගේ යහපත් හෝ අයහපත් ක්රියාවන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. එදින ඔවුන්ගේ ක්රියාවන් සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත.

39:71Страница 466

وَسِيقَ ٱلَّذِينَ كَفَرُوٓاْ إِلَىٰ جَهَنَّمَ زُمَرًاۖ حَتَّىٰٓ إِذَا جَآءُوهَا فُتِحَتۡ أَبۡوَٰبُهَا وَقَالَ لَهُمۡ خَزَنَتُهَآ أَلَمۡ يَأۡتِكُمۡ رُسُلٞ مِّنكُمۡ يَتۡلُونَ عَلَيۡكُمۡ ءَايَٰتِ رَبِّكُمۡ وَيُنذِرُونَكُمۡ لِقَآءَ يَوۡمِكُمۡ هَٰذَاۚ قَالُواْ بَلَىٰ وَلَٰكِنۡ حَقَّتۡ كَلِمَةُ ٱلۡعَذَابِ عَلَى ٱلۡكَٰفِرِينَ ٧١

Тех, которые не уверовали, толпами погонят в Геенну. Когда они подойдут в ней, ее врата будут распахнуты, и ее стражи скажут им: «Разве не приходили к вам посланники из вас самих, которые читали вам аяты вашего Господа и предупреждали вас о встрече с этим днем вашим?». Они скажут: «Конечно!». Но сбылось относительно неверующих Слово о мучениях.

අල්ලාහ් ව ප්රතික්ෂේපකළවුන් ව නින්දිත කණ්ඩායමක් ලෙස මලක්වරු විසින් නිරය වෙත ඇද ගෙන යති. ඔවුන් අපා ගින්නට පැමිණි විට එහි දොරටු අසල නියම කරනු ලැබූ එහි දොරටු පාලක මලක්වරුන් දොරටු විවෘත කොට ඔවුන් හෙළා දැක, මෙසේ පවසා ඔවුන් ව පිළිගනිති. ‘නුඹලා වෙත පහළ කරනු ලැබූ නුඹලාගේ පරමාධිපතිගේ වදන් නුඹලා මත කියවා පෙන්වන, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එහි ඇති බිහිසුණු දඬුවම නිසාවෙන් එහි හමු ව ගැන, නුඹලාට අවවාද කරන නුඹලාගේ ම වර්ගයා අතරින් දූතවරුන් නුඹලා වෙත නොපැමිණියේ ද?' දේව ප්රතික්ෂේපකයෝ තම වරද පිළිගනිමින්, ‘එසේය. ඒ සියල්ල සිදු විය. නමුත් (දැන්) දේව ප්රතික්ෂේපකයින් මත දඬුවමේ ප්රකාශය නියම වී ඇත. අප ද දෙවියන් ප්රතික්ෂේප කරන්නන් ලෙස සිටියෙමු.’ යැයි පවසති.

39:72Страница 466

قِيلَ ٱدۡخُلُوٓاْ أَبۡوَٰبَ جَهَنَّمَ خَٰلِدِينَ فِيهَاۖ فَبِئۡسَ مَثۡوَى ٱلۡمُتَكَبِّرِينَ ٧٢

Будет сказано: «Войдите во врата Геенны и пребудьте там вечно!». Как же скверна обитель возгордившихся!

ඔවුන් නින්දාවට පත් කරමින්, එමෙන්ම අල්ලාහ්ගේ කරුණාව ගැන හා අපා ගින්නෙන් බැහැර කරනු ලැබීම ගැන බලාපොරොත්තු සුන් කරවමින්, ‘අපා ගින්නේ දොරටු ඔස්සේ සදාකාලිකයින් ලෙස පිවිසෙනු. සත්ය පිළිගැනීමට උඩඟු වූ අහංකාරයින්ගේ නවාතැන ඉතා නපුරු හා නින්දිත විය.’ යැයි පවසනු ලැබේ.

39:73Страница 466

وَسِيقَ ٱلَّذِينَ ٱتَّقَوۡاْ رَبَّهُمۡ إِلَى ٱلۡجَنَّةِ زُمَرًاۖ حَتَّىٰٓ إِذَا جَآءُوهَا وَفُتِحَتۡ أَبۡوَٰبُهَا وَقَالَ لَهُمۡ خَزَنَتُهَا سَلَٰمٌ عَلَيۡكُمۡ طِبۡتُمۡ فَٱدۡخُلُوهَا خَٰلِدِينَ ٧٣

А тех, которые боялись своего Господа, толпами проводят в Рай. Когда они приблизятся, и его врата распахнутся, его стражи скажут им: «Мир вам! Вы были хороши. Входите же сюда навечно!».

තම පරමාධිපතිගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට බැතිමත් ව කටයුතු කළ දේව විශ්වාසීන් ගෞරවනීය කණ්ඩායමක් ලෙස ඉතා කාරුණික ව මලක්වරුන් විසින් ස්වර්ගය වෙත කැටුවා ගෙන යනු ලබති. ඔවුන් ස්වර්ගය අබියසට පැමිණි විට ඔවුන් වෙනුවෙන් එහි දොරටු විවෘත කරනු ලැබේ. ඒ සඳහා භාරකාර්තවය දරන මලක්වරුන් ඔවුනට, "සියලු උවදුරු වලින් හා නුඹලා පිළිකුල් කරන සියලු දැයින් ආරක්ෂාව හා ශාන්තිය නුඹලාට අත් වේවා! නුඹලාගේ සිත් හා නුඹලාගේ ක්රියාවන් යහපත් වේවා! එහෙයින් නුඹලා සදාතනිකයින් ලෙසින් ස්වර්ග උයනට පිවිසෙනු." පවසති.

39:74Страница 466

وَقَالُواْ ٱلۡحَمۡدُ لِلَّهِ ٱلَّذِي صَدَقَنَا وَعۡدَهُۥ وَأَوۡرَثَنَا ٱلۡأَرۡضَ نَتَبَوَّأُ مِنَ ٱلۡجَنَّةِ حَيۡثُ نَشَآءُۖ فَنِعۡمَ أَجۡرُ ٱلۡعَٰمِلِينَ ٧٤

Они скажут: «Хвала Аллаху, Который дал нам правдивое обещание и позволил нам унаследовать райскую землю. Мы можем поселиться в Раю, где пожелаем. Как же прекрасна награда тружеников!».

දේව විශ්වාසීන් ස්වර්ගයට පිවිසුණු කල්හි ‘තම දූතවරුන්ගේ දිවවල් හරහා අපට ප්රතිඥා දුන් ඔහුගේ ප්රතිඥාව අපට සැබෑවක් බවට පත් කළ අල්ලාහ්ටම සියලු ප්රශංසා. සැබවින්ම අප ස්වර්ගයට ඇතුළත් කරන බවත් ස්වර්ග භූමිය උරුම කර දෙන බවත් ඔහු අපට ප්රතිඥා දුන්නේය. අපි පහළ වීමට ප්රිය කළ ස්ථානයට අපි ගොඩ බසින්නෙමු. තම පරමාධිපතිගේ තෘප්තිය උදෙසා දැහැමි ක්රියාවන් කළ ක්රියාකාරීන්ගේ ප්රතිඵල යහපත් විය.

39:75Страница 467

وَتَرَى ٱلۡمَلَٰٓئِكَةَ حَآفِّينَ مِنۡ حَوۡلِ ٱلۡعَرۡشِ يُسَبِّحُونَ بِحَمۡدِ رَبِّهِمۡۚ وَقُضِيَ بَيۡنَهُم بِٱلۡحَقِّۚ وَقِيلَ ٱلۡحَمۡدُ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ ٧٥

Ты увидишь ангелов, окружающих Трон и прославляющих хвалой своего Господа. Между ними рассудят по справедливости, и будет сказано: «Хвала Аллаху, Господу миров!».

සාක්ෂි ඉදිරිපත් කරනු ලබන මෙම දිනයේ මලක්වරුන් අර්ෂය වටා සිටිති. දේව ප්රතික්ෂේපකයින් අල්ලාහ් පිළිබඳ පවසන නුසුදුසු දැයින් අල්ලාහ් නිදහස් කරයි. සියලු මැවීම් අතර අල්ලාහ් සාධාරණීය ලෙස තීන්දු ලබා දෙයි. ගෞරව කළ යුත්තන් ගෞරවයට පත් කරයි. දඬුවම් කළ යුත්තන් දඬුවමට ලක් කරයි. ‘තම දේව විශ්වාසී ගැත්තන්හට කරුණාවෙන් ද, ප්රතික්ෂේප කළ තම ගැත්තන්ට හට දඬුවම් පමුණුවමින් ද තීන්දූ ලබා දෙමින් ඔහුගේ තීන්දුව මත සියලු මැවීම් පාලනය කරවන අල්ලාහ්ටම සියලු ප්රශංසා යැයි කියනු ලැබේ.

Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии

Содержание

Аят аль-Курси36Аль-Кахфстр. 42джуз 15Бухари 1Муслим 2999

Вид

Тема
Размер текста
Вид

Read in English