Аль-МухтасарГафир · 40:1–39

Аль-Мухтасар · Тафсир · на сингальском

غافر

Гафир

Прощающий · Мекканская · 85 аятов

40:1Страница 467

حمٓ ١

Ха. Мим.

(හා, මීම්) සූරා බකරා ආරම්භයේදී මෙවැනි පාඨ පිළිබඳ විස්තර සඳහන් කර ඇත.

40:2Страница 467

تَنزِيلُ ٱلۡكِتَٰبِ مِنَ ٱللَّهِ ٱلۡعَزِيزِ ٱلۡعَلِيمِ ٢

Писание ниспослано от Аллаха Могущественного, Знающего,

මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත අල් කුර්ආනය පහළ වූයේ කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්ව බලධාරී, තම ගැත්තන්ගේ යහපත් කටයුතු පිළිබඳ සර්වඥානී අල්ලාහ්ගෙනි.

40:3Страница 467

غَافِرِ ٱلذَّنۢبِ وَقَابِلِ ٱلتَّوۡبِ شَدِيدِ ٱلۡعِقَابِ ذِي ٱلطَّوۡلِۖ لَآ إِلَٰهَ إِلَّا هُوَۖ إِلَيۡهِ ٱلۡمَصِيرُ ٣

Прощающего грехи, Принимающего покаяния, Сурового в наказании, Обладающего милостью. Нет божества, кроме Него, и к Нему предстоит прибытие.

පාපතරයින්ගේ පාප කම්වලට සමාව දෙන්නාය. තම ගැත්තන් අතරින් ඔහු වෙත පාප ක්ෂමාව අයැද සිටින්නන්ගේ පාපොච්චාරණය පිළිගන්නාය. තම පාපයන්ට සමාව නොඇයදින්නන්ට දැඩි දඬුවම් පමුණුවන්නාය. ත්යාගශීලිය. භාග්ය පිරිනමන්නාය. ඔහු හැර සැබෑ ලෙස නැමදුම් ලබන්නට කිසිවෙකු නැත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ගැත්තන් යොමු වන ස්ථානය පිහිටා ඇත්තේ ඔහු වෙතමය. ඔවුනට උරුම වූ ගැළපෙන දැයින් ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත.

40:4Страница 467

مَا يُجَٰدِلُ فِيٓ ءَايَٰتِ ٱللَّهِ إِلَّا ٱلَّذِينَ كَفَرُواْ فَلَا يَغۡرُرۡكَ تَقَلُّبُهُمۡ فِي ٱلۡبِلَٰدِ ٤

Знамения Аллаха оспаривают только неверующие. Пусть не обольщает тебя то, как они мечутся на земле.

අල්ලාහ්ගේ ඒකීයත්වය, ඔහුගේ දූතවරුන්ගේ සත්යභාවය පෙන්වා දෙන අල්ලාහ්ගේ වදන් පිළිබඳ තර්ක කරනුයේ තම බුද්ධිය නරක් වී ගිය හේතුවෙන් අල්ලාහ් ව ප්රතික්ෂේප කළවුන් මිස වෙනත් කිසිවකු නොවේ. එහෙයින් ඔවුන් ගැන නුඹ දුක් නොවනු. ඔවුන් සිටින සැප පහසුකම් හා පෝෂණ සම්පත් නුඹ ව රවටා නොදැමිය යුතුය. එසේ ඔවුනට ඉඩ දී ඇත්තේ ක්රමක්රමයෙන් ඔවුන් ග්රහණය කිරීමට ඔවුනට සිදු කරන සැලසුමක් වන්නේය.

40:5Страница 467

كَذَّبَتۡ قَبۡلَهُمۡ قَوۡمُ نُوحٖ وَٱلۡأَحۡزَابُ مِنۢ بَعۡدِهِمۡۖ وَهَمَّتۡ كُلُّ أُمَّةِۭ بِرَسُولِهِمۡ لِيَأۡخُذُوهُۖ وَجَٰدَلُواْ بِٱلۡبَٰطِلِ لِيُدۡحِضُواْ بِهِ ٱلۡحَقَّ فَأَخَذۡتُهُمۡۖ فَكَيۡفَ كَانَ عِقَابِ ٥

До них сочли лжецами посланников народ Нуха (Ноя) и соумышленники после них. Каждый народ намеревался схватить своего посланника. Они спорили, прибегая ко лжи, чтобы опровергнуть ею истину. Но Я схватил их, и каким же было Мое наказание!

මොවුනට පෙර නූහ්ගේ ජනයා ද බොරු කළෝය. නූහ්ගෙන් පසු ව පැමිණි කණ්ඩායම්ද බොරු කළෝය. ඒ අනුව ආද්, සමූද්, ලූත්ගේ ජනයා, මද්යන්වාසීහු බොරු කළෝය. එමෙන්ම ෆිර්අවුන්ද බොරු කළේය. මෙම සමූහයන් අතරින් සෑම සමූහයක් ම තම දූතයාණන් ග්රහණය කර මරා දමන්නට තැත් කළෝය. සත්යය පහ කිරීම සඳහා ඔවුන් වෙත තිබූ ව්යාජ දෑ ගෙනැවිත් තර්ක කළෝය. එවිට එම සමූහයන් ග්රහණයට ලක් වූහ. ඔවුන් සතු වූ මාගේ දඬුවම කෙසේ වී දැ?යි සිතා බලනු. සැබවින්ම එය ඉතා දරුණු දඬුවමක් විය.

40:6Страница 467

وَكَذَٰلِكَ حَقَّتۡ كَلِمَتُ رَبِّكَ عَلَى ٱلَّذِينَ كَفَرُوٓاْ أَنَّهُمۡ أَصۡحَٰبُ ٱلنَّارِ ٦

Так сбылось Слово твоего Господа относительно того, что неверующие окажутся обитателями Огня.

මෙම බොරුකාර සමූහයන් විනාශ කිරීමට අල්ලාහ් තීන්දු කළ පරිදිම, "අහෝ දූතය! සැබවින්ම ඔවුන් නිරාවාසීන්" බව නුඹේ පරමාධිපතිගේ වදන ඔහු ව ප්රතික්ෂේප කළවුන් මත නියම විය.

40:7Страница 467

ٱلَّذِينَ يَحۡمِلُونَ ٱلۡعَرۡشَ وَمَنۡ حَوۡلَهُۥ يُسَبِّحُونَ بِحَمۡدِ رَبِّهِمۡ وَيُؤۡمِنُونَ بِهِۦ وَيَسۡتَغۡفِرُونَ لِلَّذِينَ ءَامَنُواْۖ رَبَّنَا وَسِعۡتَ كُلَّ شَيۡءٖ رَّحۡمَةٗ وَعِلۡمٗا فَٱغۡفِرۡ لِلَّذِينَ تَابُواْ وَٱتَّبَعُواْ سَبِيلَكَ وَقِهِمۡ عَذَابَ ٱلۡجَحِيمِ ٧

Те, которые несут Трон, и те, которые вокруг него, прославляют хвалой своего Господа, веруют в Него и просят прощения для верующих: «Господь наш! Ты объял всякую вещь милостью и знанием. Прости же тех, которые раскаялись и последовали Твоим путем, и защити их от мучений в Аду.

අහෝ දූතය! නුඹේ පරමාධිපතිගේ අර්ෂය හෙවත් රාජ්යය උසුලාගෙන සිටින මලක්වරුන් හා ඔහු අවට සිටින්නන් ඔවුන්ගේ පරමාධිපති වූ ඔහුට සුදුසු නොවන දැයින් පිවිතුරු කොට ගුණ ගායනා කරති. ඔහු ව විශ්වාස කරති. අල්ලාහ් ව විශ්වාස කළවුන් වෙනුවෙන් පාප ක්ෂමාව ඇයද සිටිමින් මෙසේ පවසති. ‘අපගේ පරමාධිපතියාණනි! ඔබේ දැනුම හා ඔබේ කරුණාව, සියලු දෑ මත පුළුල් ව පවතී. එහෙයින් තම පාපකම් සඳහා පසුතැවිලි වී ඔබේ දහම පිළිපදින්නන්හට ඔබ සමාව දෙනු මැනව! නිරය ඔවුන් ස්පර්ශ කිරීමෙන් නුඹ ඔවුන් ආරක්ෂා කරනු මැනව!'

40:8Страница 468

رَبَّنَا وَأَدۡخِلۡهُمۡ جَنَّٰتِ عَدۡنٍ ٱلَّتِي وَعَدتَّهُمۡ وَمَن صَلَحَ مِنۡ ءَابَآئِهِمۡ وَأَزۡوَٰجِهِمۡ وَذُرِّيَّٰتِهِمۡۚ إِنَّكَ أَنتَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ٨

Господь наш! Введи их в сады Эдема, которые Ты обещал им, а также праведников из числа их отцов, супруг и потомков. Воистину, Ты - Могущественный, Мудрый.

අපගේ පරමාධිපතියාණනි! දේව විශ්වාසීන් ස්වර්ග උයන් වලට ඇතුළත් කරන බවට නුඹ ඔවුනට කළ ප්රතිඥාව අනුව ඔවුන්ව එහි සදාකල් ප්රවේශ කරනු මැනව! ඔවුන් සමගම දැහැමි ක්රියාවන් සිදු කළ ඔවුන්ගේ පියවරුන් ඔවුන්ගේ බිරියන් හා ඔවුන්ගේ දරුවන් ද ප්රවේශ කරනු මැනව! සැබවින්ම නුඹ කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරීය. නුඹේ සැලසුමෙහි හා නුඹේ නියමයෙහි නුඹ මහා ප්රඥාවන්තය.

40:9Страница 468

وَقِهِمُ ٱلسَّيِّـَٔاتِۚ وَمَن تَقِ ٱلسَّيِّـَٔاتِ يَوۡمَئِذٖ فَقَدۡ رَحِمۡتَهُۥۚ وَذَٰلِكَ هُوَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ ٩

Защити их от грехов, ведь только тот, кого Ты защитишь в тот день от грехов, будет помилован Тобой. Это и есть великое преуспеяние».

ඔවුන්ගේ ක්රියාවන් අතර පවතින නපුරුකම් වලින් නුඹ ඔවුන් ආරක්ෂා කරනු. ඒ හේතුවෙන් ඔවුනට දඬුවම් නොකරනු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තමන් කළ නපුරු ක්රියාවන් වෙනුවෙන් හිමි වන දඬුවමින් ඔබ කවරෙකු ආරක්ෂා කරන්නෙහි ද සැබවින්ම නුඹ ඔහුට ආශිර්වාද කර ඇත්තේය. එසේ දඬුවමින් ආරක්ෂා කොට ස්වර්ගයට ප්රවේශ කිරීම වනාහි කිසිදු ජයග්රහණකට සමීප කළ නොහැකි අතිමහත් ජයග්රහණයකි.

40:10Страница 468

إِنَّ ٱلَّذِينَ كَفَرُواْ يُنَادَوۡنَ لَمَقۡتُ ٱللَّهِ أَكۡبَرُ مِن مَّقۡتِكُمۡ أَنفُسَكُمۡ إِذۡ تُدۡعَوۡنَ إِلَى ٱلۡإِيمَٰنِ فَتَكۡفُرُونَ ١٠

Воистину, к неверующим воззовут: «Ненависть Аллаха к вам тогда, когда вас призывали к вере, а вы не веровали, была сильнее, чем ваша ненависть к самим себе».

‘මෙලොවෙහි අල්ලාහ් ව විශ්වාස කරන මෙන් නුඹලා ඇරයුම් කරනු ලබමින් සිටියදී එය නුඹලා ප්රතික්ෂේප කොට ඔහු සමග වෙනත් දෙවිවරුන් ගත් අවස්ථාවේ නුඹලාගෙන් ඇතෙමකු ඇතැමෙකු කෙරෙහි දැක් වූ ක්රෝධයට වඩා අල්ලාහ්ගේ ඉමහත් ක්රෝධය නුඹලා සතු වනු ඇතැ’යි අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කළවුන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරයට පිවිසෙන විට ඔවුනටම දොස් නගමින්, ශාප කරමින් සිටින අවස්ථාවේ අමතනු ලබති.

40:11Страница 468

قَالُواْ رَبَّنَآ أَمَتَّنَا ٱثۡنَتَيۡنِ وَأَحۡيَيۡتَنَا ٱثۡنَتَيۡنِ فَٱعۡتَرَفۡنَا بِذُنُوبِنَا فَهَلۡ إِلَىٰ خُرُوجٖ مِّن سَبِيلٖ ١١

Они скажут: «Господь наш! По Твоей воле дважды мы были мертвы, и дважды Ты оживил нас. Мы признались в своих грехах. Нет ли пути к выходу?».

දේව ප්රතික්ෂේපකයෝ තමන්ගේ වැරදි පිළිගැනීම හෝ තමන්ගේ පසුතැවිලිවීම ප්රයෝජනවත් නොවන අවස්ථාවේ ඔවුන්ගේ පාපකම් පිළිගනිමින් මෙසේ පවසා සිටිති. ‘අපගේ පරමාධිපතියාණනි! කිසිවක් නොමැති ව නුඹ අප බිහි කරමින් අනතුරුව බිහි වූ පසුව අප මරණයට පත් කරමින් දෙවතාවක් ඔබ අප මරණයට පත් කළෙහිය. එමෙන්ම නොමැති දැයකින් අපි බිහි කරමින් මිය ගිය පසු අපට යළි ජීවය ලබා දෙමින් දෙවරක් අපට ප්රාණය දුන්නෙහිය. එනිසාවෙන් අපි ඉපැයූ පාපකම් අපි පිළිගනිමු. එහෙයින් නිරාගින්නෙන් පිටතට ගමන් කොට, නැවත මෙලොව ජීවිතය වෙත හැරී ගොස් දැහැමි ක්රියාවන් සිදු කර අප ගැන ඔබ තෘප්තියට පත්වන්නට හැකි මගක් තිබේද?'

40:12Страница 468

ذَٰلِكُم بِأَنَّهُۥٓ إِذَا دُعِيَ ٱللَّهُ وَحۡدَهُۥ كَفَرۡتُمۡ وَإِن يُشۡرَكۡ بِهِۦ تُؤۡمِنُواْۚ فَٱلۡحُكۡمُ لِلَّهِ ٱلۡعَلِيِّ ٱلۡكَبِيرِ ١٢

Это потому, что когда призывали одного Аллаха, вы не веровали. Если же к Нему приобщали сотоварищей, вы верили. Решение принимает только Аллах, Возвышенный, Большой».

නුඹලා විඳින මෙම දඬුවම වනාහි, සැබවින්ම කිසිවකු සමග හවුලක් නැති අල්ලාහ්ට පමණක් නුඹලා නැමදුම් කරන මෙන් ඇරයුම් කරනු ලබන විට නුඹලා ඔහුව ප්රතික්ෂේප කොට ඔහුට හවුල්කරුවන් පත් කළ බැවින් හා ඔහු සමග තවත් හවුල්කරුවකු නමදිනු ලබන විට නුඹලා විශ්වාස කළ බැවිණි. තීන්දුව අල්ලාහ්ට පමණක් සතුය. ඔහුගේ පැවැත්මෙන් ඔහුගේ කිර්තියෙන් හා ඔහුගේ අසීමිත බලයෙන් ඔහු උත්තරීතරය. සියලු දේ ඔහුට පහළින් ඇති ඔහු අති ශ්රේෂ්ඨය.

40:13Страница 468

هُوَ ٱلَّذِي يُرِيكُمۡ ءَايَٰتِهِۦ وَيُنَزِّلُ لَكُم مِّنَ ٱلسَّمَآءِ رِزۡقٗاۚ وَمَا يَتَذَكَّرُ إِلَّا مَن يُنِيبُ ١٣

Он - Тот, Кто показывает вам Свои знамения и ниспосылает вам с неба удел, но поминают назидание только обращающиеся к Аллаху.

අල්ලාහ් වනාහි, ඔහු නුඹලාට ක්ෂිතිජයෙහි හා නුඹලාගේ ආත්මාවන් තුළ ම තම සංඥා ප්රාතිහාර්යය පෙන්වා දෙයි. එය ඔහුගේ බලය හා ඒකීයත්වය පෙන්වා දෙන සාක්ෂි හා සාධක නුඹලාට ඉදිරිපත් කරනු පිණිසය. එමෙන්ම අහසින් වැසි ජලය නුඹලාට පහළ කරයි. එය ගහකොළ පැළෑටි හා වෙනත් දෑයින් නුඹලා පෝෂණය ලැබීමේ හේතු සාධකයක් වශයෙනි. පාපක්ෂමාව අයැදිමින් අවංක ලෙස අල්ලාහ් වෙත යොමු වන්නන් හැර ඔහුගේ වදන් තුළින් වෙනත් කිසිවෙකු උපදෙස් ලබන්නේ නැත.

40:14Страница 468

فَٱدۡعُواْ ٱللَّهَ مُخۡلِصِينَ لَهُ ٱلدِّينَ وَلَوۡ كَرِهَ ٱلۡكَٰفِرُونَ ١٤

Взывайте же к Аллаху, очищая перед Ним веру, даже если это ненавистно неверующим.

එහෙයින් අහෝ දෙවියන් විශ්වාස කළවුනි! නුඹලා දේව ආදේශකයින් මෙන් නොව අල්ලාහ්ට අවනත වීමෙහි හා ප්රාර්ථනා කිරීමෙහි අවංකයින් ලෙස ඔහුට ප්රාර්ථනා කර සිටිනු. දේව ප්රතික්ෂේපකයින් එය පිළිකුල් කළ ද ඔවුනට වඩාක් කෝපය ඇති කරන්නක් වුවද කම් නැත.

40:15Страница 468

رَفِيعُ ٱلدَّرَجَٰتِ ذُو ٱلۡعَرۡشِ يُلۡقِي ٱلرُّوحَ مِنۡ أَمۡرِهِۦ عَلَىٰ مَن يَشَآءُ مِنۡ عِبَادِهِۦ لِيُنذِرَ يَوۡمَ ٱلتَّلَاقِ ١٥

Он обладает возвышенными качествами (или возвышает по степеням) и владеет Троном. Он ниспосылает дух (откровение) со Своими велениями тем из Своих рабов, кому пожелает, чтобы предупредить о Дне встречи.

ඔහුට අවංක ලෙස ප්රාර්ථනාව හා අවනතභාවය පුද කරන්නට සුදුස්සා ඔහුම ය. ඔහු ඔහුගේ සියලු නිර්මාණ වලට වඩා වෙනස් උසස් නිලයෙන් යුක්තය. සර්ව රාජ්යයේ පරමාධිපතිය. ඔහු අභිමත කරන ගැත්තන්හට ඔවුන් ජීවී ව ජීවත් වනු පිණිසත් අන් අයට ජීවය දෙනු පිණිසත් පෙරගාමීන් හා පසුගාමීන් එකිනෙකා මුණ ගැසෙන මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් ඔවුන් බිය ගන්වනු පිණිසත් දේව පණිවිඩ ඔහු පහළ කරයි.

40:16Страница 468

يَوۡمَ هُم بَٰرِزُونَۖ لَا يَخۡفَىٰ عَلَى ٱللَّهِ مِنۡهُمۡ شَيۡءٞۚ لِّمَنِ ٱلۡمُلۡكُ ٱلۡيَوۡمَۖ لِلَّهِ ٱلۡوَٰحِدِ ٱلۡقَهَّارِ ١٦

В тот день, когда они появятся на поверхности земли после воскрешения, ничто о них не скроется от Аллаха. Кому же принадлежит власть сегодня? Аллаху, Единственному, Всемогущему.

එදින ඔවුන් එළිමහනට පැමිණෙති. එක් උස් තැනකට රැස් වෙති. ඔවුන්ගේ චරිතය හෝ ඔවුන්ගේ ක්රියාවන් හෝ ඔවුන්ගේ ප්රතිඵල යනාදී කිසිවක් ඔවුන්ගෙන් සැඟවෙන්නේ නැත. අද දින සර්ව රාජ්ය හිමි වන්නේ කාහටදැ?යි විමසනු ලැබේ. දැන් ඇත්තේ එකම පිළිතුරක් පමණි. ඔහුගේ පැවැත්ම, ඔහුගේ ගුණාංග හා ක්රියාවන්හි ඔහුට පමණක් රාජ්ය බලය සතු වන්නේය. ඔහු සියලු දෑ මැඬ ලමින් පාලනය කරන මහා පාලකායය. සෑම දෙයක්ම ඔහු ට යටහත් ය.

40:17Страница 469

ٱلۡيَوۡمَ تُجۡزَىٰ كُلُّ نَفۡسِۭ بِمَا كَسَبَتۡۚ لَا ظُلۡمَ ٱلۡيَوۡمَۚ إِنَّ ٱللَّهَ سَرِيعُ ٱلۡحِسَابِ ١٧

Сегодня каждая душа получит только то, что она приобрела, и не будет сегодня несправедливости. Воистину, Аллах скор в расчете!

අද දින සෑම ආත්මයක්ම සිදු කළ ක්රියාවන් සඳහා ප්රතිඵල පිරිනමනු ලැබේ. එය යහපත් නම් යහපතකි. එය නපුරක් නම් නපුරකි. මෙදින කිසිදු අසාධාරණයක් නැත. ඊට හේතුව විනිශ්චයකරු සාධාරණනීය අල්ලාහ් වන බැවිණි. සැබවින්ම අල්ලාහ් තම ගැත්තන්ගේ ක්රියාවන් පිළිබඳ සර්ව ප්රකාරයෙන් දන්නා බැවින් ඔවුන් සඳහා වූ විනිශ්චය ඉක්මන් කරන්නාය.

40:18Страница 469

وَأَنذِرۡهُمۡ يَوۡمَ ٱلۡأٓزِفَةِ إِذِ ٱلۡقُلُوبُ لَدَى ٱلۡحَنَاجِرِ كَٰظِمِينَۚ مَا لِلظَّٰلِمِينَ مِنۡ حَمِيمٖ وَلَا شَفِيعٖ يُطَاعُ ١٨

Предупреди их о приближающемся дне, когда сердца подступят к горлу, и они будут опечалены. Не будет у беззаконников ни любящего родственника, ни заступника, которому подчиняются.

අහෝ දූතය! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය ගැන ඔවුනට අවවාද කරනු. සැබවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන එදින ඉතා සමීපය. එය පැමිණෙන්නක්මය. පැමිණෙන සෑම දෙයක්ම සමීපයෙන් පවතී. එදින පවතින දරුණු ව්යසනය හේතුවෙන් හදවත්, අදාළ පුද්ගලයින්ගේ උගුරු වෙත සේන්දු වන තරමට ඉහළට නැගී පවතී. මහා කරුණාන්විතයාණන් අවසර දුන් අය හැර ඔවුන් අතරින් කිසිවෙකු කතා කළ නොහැකි ගොළුවන් සේ සිටිති. දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් තමන්ට ම අපරාධ කර ගත් අපරාධකරුවන් හට කිසිදු මිතුරෙකු හෝ සමීපතයෙකු හෝ නොවනු ඇත. එමෙන්ම ඔහු වෙනුවෙන් මැදිහත් වන්නට නියම කරනු ලැබූ විට එයට අවනත වී මැදිහත් වන කිසිදු මැදිහත්කරුවකු ද නොමැත.

40:19Страница 469

يَعۡلَمُ خَآئِنَةَ ٱلۡأَعۡيُنِ وَمَا تُخۡفِي ٱلصُّدُورُ ١٩

Он знает о предательском взгляде и том, что скрывают груди.

බලන්නන්ගේ ඇස් සඟවා ගෙන ඇති බිය ද හදවත් වසන් කර ඇති දෑ ද ඔහු දනී. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.

40:20Страница 469

وَٱللَّهُ يَقۡضِي بِٱلۡحَقِّۖ وَٱلَّذِينَ يَدۡعُونَ مِن دُونِهِۦ لَا يَقۡضُونَ بِشَيۡءٍۗ إِنَّ ٱللَّهَ هُوَ ٱلسَّمِيعُ ٱلۡبَصِيرُ ٢٠

Аллах решает по справедливости, а те, которых призывают вместо Него, не решают ничего. Воистину, Аллах - Слышащий, Видящий.

අල්ලාහ් සාධාරණීය ලෙස තීන්දු පිරිනමයි. කිසිවකුගේ කුසල් අඩු කරමින් හෝ ඔහුගේ පාපකම් හි කිසිවක් වැඩි කරමින් හෝ කිසිදු අසාධාරණයක් කිසිවකුට නොකරයි. අල්ලාහ් හැර දේව ආදේශකයින් නමදිමින් සිටින දෑ වනාහි ඔවුහු කිසිවක් තීන්දු කිරීමට නොහැකි අය වෙති. ඊට හේතුව ඔවුනට කිසිවක් අයිති නොමැති බැවිණි. සැබැවින්ම අල්ලාහ් තම ගැත්තන්ගේ ප්රකාශ වලට මැනවින් සවන් දෙන්නාය. එමෙන්ම ඔවුන්ගේ අධිෂ්ඨානයන් හා ඔවුන්ගේ ක්රියාවන් පිළිබඳ සර්ව නිරීක්ෂකය.

40:21Страница 469

۞ أَوَلَمۡ يَسِيرُواْ فِي ٱلۡأَرۡضِ فَيَنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ كَانُواْ مِن قَبۡلِهِمۡۚ كَانُواْ هُمۡ أَشَدَّ مِنۡهُمۡ قُوَّةٗ وَءَاثَارٗا فِي ٱلۡأَرۡضِ فَأَخَذَهُمُ ٱللَّهُ بِذُنُوبِهِمۡ وَمَا كَانَ لَهُم مِّنَ ٱللَّهِ مِن وَاقٖ ٢١

Разве они не странствовали по земле и не видели, каким был конец их предшественников? А ведь они превосходили их силой и оставили больше следов на земле, но Аллах схватил их за их грехи, и никто не защитил их от Аллаха.

මෙම දේව ආදේශකයෝ මහ පොළොවේ සැරිසරා ඔවුනට පෙර විසූ ජන සමූහයාගේ අවසානය කෙසේ වී දැයි සිතා නොබැලුවෝ ද? සැබවින්ම එය නපුරු අවසානයක් විය. එම සමූහයන් මොවුනට වඩා බලවත් අය විය. ඔවුන් එහි ගොඩනැගිලි ඉදිකර බලපෑමක් ඇති කළාක් මෙන් මොවුන් මිහිකතේ බලපෑමක් ඇති නෙකළෝය. ඔවුන්ගේ පාපකම් හේතුවෙන් අල්ලාහ් ඔවුන් විනාශ කර දැමීය. අල්ලාහ්ගේ දඬුවමින් ඔවුන් වළක්වාලන කිසිවකු ඔවුනට නොවීය.

40:22Страница 469

ذَٰلِكَ بِأَنَّهُمۡ كَانَت تَّأۡتِيهِمۡ رُسُلُهُم بِٱلۡبَيِّنَٰتِ فَكَفَرُواْ فَأَخَذَهُمُ ٱللَّهُۚ إِنَّهُۥ قَوِيّٞ شَدِيدُ ٱلۡعِقَابِ ٢٢

Это произошло потому, что они не веровали, когда их посланники приходили к ним с ясными знамениями. Аллах схватил их, ведь Он - Всесильный, Суровый в наказании.

ඔවුනට අත් වූ එම දඬුවම එසේ ඔවුනට අත් වූයේ, ඔවුන්ගේ දූතවරු අල්ලාහ් වෙතින් පැහැදිලි සාක්ෂි හා සාධක ඔවුන් වෙත ගෙන ආව ද, ඔවුහු අල්ලාහ් හා ඔහුගේ දූතවරුන් බොරු කළ බැවිණි. ඔවුන් එසේ බලවත් ලෙස සිටිය ද අල්ලාහ් ඔවුන් ග්රහණය කොට විනාශ කර දැමීය. අල්ලාහ් ව ප්රතික්ෂේප කොට ඔහුගේ දූතවරුන් බොරු කළවුනට දැඩි ලෙස දඬුවම් දීමෙහි සැබවින්ම සුවිශුද්ධයාණන් වන ඔහු අති බලවත්ය.

40:23Страница 469

وَلَقَدۡ أَرۡسَلۡنَا مُوسَىٰ بِـَٔايَٰتِنَا وَسُلۡطَٰنٖ مُّبِينٍ ٢٣

Мы послали Мусу (Моисея) с Нашими знамениями и ясным доказательством

අපගේ පැහැදිලි සාධක හා විශ්වාසනීය සාක්ෂි සමග සැබවින්ම අපි මූසා ව එව්වෙමු.

40:24Страница 469

إِلَىٰ فِرۡعَوۡنَ وَهَٰمَٰنَ وَقَٰرُونَ فَقَالُواْ سَٰحِرٞ كَذَّابٞ ٢٤

к Фараону, Хаману и Каруну (Корею). Они сказали: «Он - лживый колдун!».

ෆිර්අවුන් හා ඔහුගේ ඇමති හාමාන් වෙත හා කාරූන් වෙත (මූසා ව)යැව්වෙමු. එවිට ඔවුහු ‘මූසා මායාකරුවෙකි. සැබවින්ම තමන් දූතයකු යැයි වාද කරන දෑ හි ඔහු මහා බොරුකාරයෙකි.’ යැයි පැවසුවෝය.

40:25Страница 469

فَلَمَّا جَآءَهُم بِٱلۡحَقِّ مِنۡ عِندِنَا قَالُواْ ٱقۡتُلُوٓاْ أَبۡنَآءَ ٱلَّذِينَ ءَامَنُواْ مَعَهُۥ وَٱسۡتَحۡيُواْ نِسَآءَهُمۡۚ وَمَا كَيۡدُ ٱلۡكَٰفِرِينَ إِلَّا فِي ضَلَٰلٖ ٢٥

Когда он принес им истину от Нас, они сказали: «Убивайте сыновей тех, кто уверовал вместе с ним, и оставляйте в живых их женщин!». Но козни неверующих безуспешны.

මූසා තම සත්යයතාව ගැන පෙන්වා දෙන පැහැදිලි සාධක සමග පැමිණි කල්හි ෆිර්අවුන්, ‘ඔහු සමග විශ්වාස කළ දරුවන් මරා දමනු. ඔවුනට අවමානයක් ලෙස ගැහැනු දරුවන් ඉතිරි කරනු.’ යැයි පැවසීය. එම නියෝගයෙන් දේව විශ්වාසීන්ගේ සංඛ්යාව අඩු කිරීමේ ප්රතික්ෂේපකයින්ගේ කුමන්ත්රණය විනාශ කරන්නක් මිස නොවීය. ඒ සඳහා කිසිදු බලපෑමක් ඇති නොවීය.

40:26Страница 470

وَقَالَ فِرۡعَوۡنُ ذَرُونِيٓ أَقۡتُلۡ مُوسَىٰ وَلۡيَدۡعُ رَبَّهُۥٓۖ إِنِّيٓ أَخَافُ أَن يُبَدِّلَ دِينَكُمۡ أَوۡ أَن يُظۡهِرَ فِي ٱلۡأَرۡضِ ٱلۡفَسَادَ ٢٦

Фараон сказал: «Не мешайте мне убить Мусу (Моисея). Пусть он призовет своего Господа. Я опасаюсь, что он заменит вашу религию или распространит на земле нечестие».

‘මූසාට දඬුවමක් වශයෙන් මා ඔහු මරා දමන්නට නුඹලා මට ඉඩ දෙනු. මගෙන් එය වැළැක්වීම සඳහා ඔහු ඔහුගේ පරමාධිපතිට කන්නලව් කරත්වා! ඔහු ඔහුගේ පරමාධිපතිට ප්රාර්ථනා කර සිටීම සම්බන්ධයෙන් මට කම් නැත. සැබවින්ම නුඹලා සිටින නුඹලාගේ දහම ඔහු වෙනස් කරනු ඇතැයි මම බිය වෙමි. එසේ නැතහොත් මහ පොළොවේ මිනී මරමින් හා විනාශ කරමින් ප්රචණ්ඩත්වය බිහි කරනු ඇතැයි බිය වෙමි.’ යැයි ෆිර්අවුන් පැවසීය.

40:27Страница 470

وَقَالَ مُوسَىٰٓ إِنِّي عُذۡتُ بِرَبِّي وَرَبِّكُم مِّن كُلِّ مُتَكَبِّرٖ لَّا يُؤۡمِنُ بِيَوۡمِ ٱلۡحِسَابِ ٢٧

Муса (Моисей) сказал: «Воистину, я прибег к защите моего Господа и вашего Господа от всякого превознесшегося гордеца, не верующего в День расчета».

ෆිර්අවුන් ඔහුට කළ තර්ජනය ගැන මූසා (අලයිහිස් සලාම්) තුමා දැන ගත් කල්හි එතුමා: ‘සැබවින්ම මම පැත්තකට වෙමි. පරමාධිපති පිළිබඳ වූ විශ්වාසය හා සත්යය පිළිගැනීමට උඩඟු වූ සෑම කෙනෙකුගෙන්ම මම මාගේ පරමාධිපති මෙන්ම නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතමි. එවැන්නන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය හා එහි පවතින විනිශ්චය හා දඬුවම ගැන විශ්වාස නොකරයි.'යැයි පැවසීය.

40:28Страница 470

وَقَالَ رَجُلٞ مُّؤۡمِنٞ مِّنۡ ءَالِ فِرۡعَوۡنَ يَكۡتُمُ إِيمَٰنَهُۥٓ أَتَقۡتُلُونَ رَجُلًا أَن يَقُولَ رَبِّيَ ٱللَّهُ وَقَدۡ جَآءَكُم بِٱلۡبَيِّنَٰتِ مِن رَّبِّكُمۡۖ وَإِن يَكُ كَٰذِبٗا فَعَلَيۡهِ كَذِبُهُۥۖ وَإِن يَكُ صَادِقٗا يُصِبۡكُم بَعۡضُ ٱلَّذِي يَعِدُكُمۡۖ إِنَّ ٱللَّهَ لَا يَهۡدِي مَنۡ هُوَ مُسۡرِفٞ كَذَّابٞ ٢٨

Верующий муж из рода Фараона, скрывавший свою веру, сказал: «Неужели вы убьете человека за то, что он говорит: «Мой Господь - Аллах»? Ведь он явился к вам с ясными знамениями от вашего Господа. Если он лжет, то его ложь навредит только ему самому. Если же он говорит правду, то вас поразит некоторое из того, что он вам обещает. Воистину, Аллах не ведет прямым путем того, кто излишествует и лжет.

අල්ලාහ් ව විශ්වාස කළ (නමුත්), තම දේව විශ්වාසය තම සමූහයාගෙන් වසන් කළ ෆිර්අවුන් පැළැන්තියෙන් වූ මිනිසෙකු, මූසා ව ඝාතනය කිරීමේ ඔවුන්ගේ අධිෂ්ඨානය හෙළා දකිමින් ඔවුනට මෙසේ පැවසීය. “කිසිදු වරදකින් තොර ව ‘මාගේ පරමාධිපති අල්ලාහ්’ යැයි පැවසූ එකම හේතුවෙන් නුඹලා ඒ පුද්ගලයා මරා දමන්නෙහු ද? සැබවින්ම ඔහු ඔහුගේ පරමාධිපති විසින් එවන ලද්දෙක් යැයි ඔහු කරන වාදය තහවුරු කරනු වස් පැහැදිලි සාක්ෂි හා සාධක නුඹලා වෙත ගෙනැවිත් ඇත. සැබවින්ම ඔහු බොරු කාරයෙකු යැයි සැලකෙන්නේ නම් ඔහුගේ බොරුවේ හානිය ඔහු වෙතම නැවත හැරී එනු ඇත. එමෙන්ම ඔහු සත්යයවාදියෙකු නම් නුඹලාට කවර දඬුවමක් පිළිබඳ ඔහු ප්රතිඥා දෙන්නේද ඉන් සමහරක් මෙලොවෙහිම නුඹලාට අත්වනු ඇත. සැබවින්ම අල්ලාහ් ඔහුගේ සීමාව ඉක්මවා ගිය ඔහු කෙරෙහි හා ඔහුගේ දූතවරුන් කෙරෙහි බොරුගොතන පුද්ගලයින් හට සත්යය වෙත මග ලබන්නට ආශිර්වාද නොකරයි.”

40:29Страница 470

يَٰقَوۡمِ لَكُمُ ٱلۡمُلۡكُ ٱلۡيَوۡمَ ظَٰهِرِينَ فِي ٱلۡأَرۡضِ فَمَن يَنصُرُنَا مِنۢ بَأۡسِ ٱللَّهِ إِن جَآءَنَاۚ قَالَ فِرۡعَوۡنُ مَآ أُرِيكُمۡ إِلَّا مَآ أَرَىٰ وَمَآ أَهۡدِيكُمۡ إِلَّا سَبِيلَ ٱلرَّشَادِ ٢٩

О мой народ! Сегодня у вас есть власть, и вы господствуете на земле. Но кто поможет нам, если наказание Аллаха явится к нам?». Фараон сказал: «Я указываю вам только на то, что сам считаю нужным. Я веду вас только правильным путем».

අහෝ මාගේ ජනයිනි! අද දින රාජ්ය බලය නුඹලා සතු ව ඇත. මිසර දේශයේ (ඊජිප්තුවෙහි) නුඹලා සාර්ථක ව සිටින්නෙහුය. මූසා ව මරා දැමීම හේතුවෙන් අප වෙත අල්ලාහ්ගේ දඬුවම පැමිණියේ නම් ඉන් අපට උදව් කරනුයේ කවරෙකු ද? (යැයි විමසීය.) (ඒවිට) ෆිර්අවුන්, ‘අදහස මගේ අදහස පමණය. තීරණය මගේ තීරණය පමණය. හානිය ප්රචණ්ඩත්වය වැළැක්වීමක් වශයෙන් සැබවින්ම මම මූසා ව මරා දමන්නට තීරණය කළෙමි. නිවැරුදි ඍජු දෑ වෙත හැර මම නුඹලාට මග නොපෙන්වෙමි’ යැයි තවදුරටත් පැවසීය.

40:30Страница 470

وَقَالَ ٱلَّذِيٓ ءَامَنَ يَٰقَوۡمِ إِنِّيٓ أَخَافُ عَلَيۡكُم مِّثۡلَ يَوۡمِ ٱلۡأَحۡزَابِ ٣٠

Тогда тот, кто уверовал, сказал: «О мой народ! Я боюсь, что вас постигнет нечто подобное дню соумышленников,

විශ්වාස කළ තැනැත්තා තම සමූහයා දෙස බලා, ‘සතුරුකමින් හා අසාධාරණ ලෙස නුඹලා මූසා ව මරා දැමුවෙහු නම්, පෙර සිටි පිරිස් අතර වූ ඔවුන්ගේ දූතවරුන්ට එරෙහිව ඒකරාශී වූ කණ්ඩායම් වලට අත් වූ දඬුවම නුඹලාට ද අත්වනු ඇතැයි බිය වෙමි. අල්ලාහ් ඔවුන් විනාශ කර දැමීය.' යැයි පැවසීය.

40:31Страница 470

مِثۡلَ دَأۡبِ قَوۡمِ نُوحٖ وَعَادٖ وَثَمُودَ وَٱلَّذِينَ مِنۢ بَعۡدِهِمۡۚ وَمَا ٱللَّهُ يُرِيدُ ظُلۡمٗا لِّلۡعِبَادِ ٣١

подобное тому, что произошло с народом Нуха (Ноя), адитами, самудянами и теми, которые были после них. Аллах не желает поступать несправедливо с рабами.

නූහ්ගේ ජනයා හා ආද්, සමූද් සමූහයන් මෙන්ම ඔවුනට පසු පැමිණි තම දූතවරුන් බොරු කොට ප්රතික්ෂේප කළවුන්ට අත් වූ ඉරණම මෙනි. ඔවුන්ගේ ප්රතික්ෂේපය හා ඔවුන් ඔවුන්ගේ දූතවරුන් බොරු කළ හේතුවෙන් සැබවින්ම අල්ලාහ් ඔවුන් විනාශ කළේය. අල්ලාහ් ගැත්තන්හට අපරාධයක් සිදු කරන්නට අපේක්ෂා නොකරයි. සැබවින්ම ඔහු ඔවුනට ඔවුන්ගේ පාපකම් හේතුවෙන් දඬුවම් දෙනුයේ පූර්ණ ප්රතිවිපාකයක් වශයෙනි.

40:32Страница 470

وَيَٰقَوۡمِ إِنِّيٓ أَخَافُ عَلَيۡكُمۡ يَوۡمَ ٱلتَّنَادِ ٣٢

О мой народ! Я боюсь наступления для вас того дня, когда одни будут взывать к другим.

මාගේ ජනයිනි! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය නුඹලාට එරෙහි ව පිහිටනු ඇතැයි ද මම බියවෙමි. එදින මෙම බිහිසුණු ස්ථානයේ ඥාතීත්වය හෝ පක්ෂපාතීත්වය හේතු කොටගෙන සැබවින්ම එම මාර්ගය ඔවුනට ප්රයෝනවත් වනු ඇතැයි සිතා ජනයා අතරින් ඇතමෙකු ඇතෙමකු අමතයි.

40:33Страница 470

يَوۡمَ تُوَلُّونَ مُدۡبِرِينَ مَا لَكُم مِّنَ ٱللَّهِ مِنۡ عَاصِمٖۗ وَمَن يُضۡلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِنۡ هَادٖ ٣٣

В тот день вы обратитесь вспять, но никто не защитит вас от Аллаха. Кого Аллах введет в заблуждение, тому не будет наставника.

නිරා ගින්නට බිය වී නුඹලා පලා යන දින අල්ලාහ්ගේ දඬුවමින් නුඹලා ව වළක්වාලන කිසිවකු නුඹලාට නැත. අල්ලාහ් කවරෙකු අවමානයට පත් කර දේව විශ්වාසය වෙත ඔහුට ආශිර්වාද නොකරන්නේ ද ඔහුට මග පෙන්වන කිසිදු මග පෙන්වන්නෙකු ඔහුට නැත. ඊට හේතුව සැබවින්ම යහ මග ආශිර්වාද කිරීම අල්ලාහ්ගේ සුරතෙහි පමණක් ඇති බැවිණි.

40:34Страница 471

وَلَقَدۡ جَآءَكُمۡ يُوسُفُ مِن قَبۡلُ بِٱلۡبَيِّنَٰتِ فَمَا زِلۡتُمۡ فِي شَكّٖ مِّمَّا جَآءَكُم بِهِۦۖ حَتَّىٰٓ إِذَا هَلَكَ قُلۡتُمۡ لَن يَبۡعَثَ ٱللَّهُ مِنۢ بَعۡدِهِۦ رَسُولٗاۚ كَذَٰلِكَ يُضِلُّ ٱللَّهُ مَنۡ هُوَ مُسۡرِفٞ مُّرۡتَابٌ ٣٤

Прежде к вам явился с ясными знамениями Йусуф (Иосиф), но вы до сих пор сомневаетесь в том, что он вам принес. Когда же он умер, вы сказали: «Аллах не отправит посланника после него». Так Аллах вводит в заблуждение того, кто излишествует и сомневается».

මූසාට පෙර අල්ලාහ්ගේ ඒකීයත්වය තහවුරු කරමින් පැහැදිලි සාධක සමග යූසුෆ් නුඹලා වෙත පැමිණියේය. ඔහු නුඹලා වෙත කවර කරුණක් ගෙන ආවේ ද ඔහු මරණයට පත් වන තුරුම නුඹලා එය බොරු කරමින් හා සැක කරමින් සිටියෙහුය. සැකය හා කුතුහලය නුඹලා වර්ධනය කර ගත්තෙහුය. තවදුරටත්: ‘මොහුගෙන් පසු කිසිදු දූතයකු අල්ලාහ් එවන්නේ නැතැ'යි නුඹලා පැවසුවෙහුය. මෙම සත්යයෙන් නුඹලා මුළාවූවාක් සේම අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා යන ඔහුගේ ඒකීයත්වය පිළිබඳ සැකයෙන් පසුවන සෑම කෙනෙකුවම අල්ලාහ් නොමග යන්නට ඉඩ හරින්නේය.

40:35Страница 471

ٱلَّذِينَ يُجَٰدِلُونَ فِيٓ ءَايَٰتِ ٱللَّهِ بِغَيۡرِ سُلۡطَٰنٍ أَتَىٰهُمۡۖ كَبُرَ مَقۡتًا عِندَ ٱللَّهِ وَعِندَ ٱلَّذِينَ ءَامَنُواْۚ كَذَٰلِكَ يَطۡبَعُ ٱللَّهُ عَلَىٰ كُلِّ قَلۡبِ مُتَكَبِّرٖ جَبَّارٖ ٣٥

Препирательство тех, которые оспаривают знамения Аллаха без всякого довода, явившегося к ним, весьма ненавистно Аллаху и верующим. Так Аллах накладывает печать на сердце каждого возгордившегося тирана.

ඔවුන් වෙත පැමිණි කිසිදු සාක්ෂියක් හෝ සාධකයක් හෝ නොමැති ව අල්ලාහ්ගේ වදන් නිෂ්ප්රභ කිරීම සඳහා ඒවා සම්බන්ධයෙන් තර්ක කරන්නන් වනාහි, අල්ලාහ් අබියසත් ඔහු හා ඔහුගේ දූතයාණන් විශ්වාස කළවුන් අබියසත් ඔවුන්ගේ තර්කය බරපතල වරදක් විය. අපගේ වදන් අවලංගු කිරීම සඳහා තර්ක කළ මොවුන්ගේ හදවත් මත අල්ලාහ් මුද්රා තැබුවාක් සේ ම සත්යය පිළිගැනීමට උඩඟු වූ අහංකාර වූ සෑම කෙනෙකුගේ ම හදවත් මත අල්ලාහ් මුද්රා තබනු ඇත. එවිට නිවැරදි දේ වෙත මග පෙන්වනු නොලබන අතර ම යහපත වෙත මග පෙන්වනු නොලැබේ.

40:36Страница 471

وَقَالَ فِرۡعَوۡنُ يَٰهَٰمَٰنُ ٱبۡنِ لِي صَرۡحٗا لَّعَلِّيٓ أَبۡلُغُ ٱلۡأَسۡبَٰبَ ٣٦

Фараон сказал: «О Хаман! Построй для меня башню. Быть может, я достигну путей,

ෆිර්අවුන් තම ඇමති හාමාන්ට මෙසේ පැවසීය. ‘අහෝ හාමාන්! (අහස්) මාර්ග වෙත ළඟා වීම සඳහා නුඹ මා වෙනුවෙන් උස් ගොඩනැගිල්ලක් තනනු.’

40:37Страница 471

أَسۡبَٰبَ ٱلسَّمَٰوَٰتِ فَأَطَّلِعَ إِلَىٰٓ إِلَٰهِ مُوسَىٰ وَإِنِّي لَأَظُنُّهُۥ كَٰذِبٗاۚ وَكَذَٰلِكَ زُيِّنَ لِفِرۡعَوۡنَ سُوٓءُ عَمَلِهِۦ وَصُدَّ عَنِ ٱلسَّبِيلِۚ وَمَا كَيۡدُ فِرۡعَوۡنَ إِلَّا فِي تَبَابٖ ٣٧

путей небесных, и взгляну на Бога Мусы (Моисея). Воистину, я считаю его лжецом». Вот так Фараону представилось прекрасным зло его деяний, и он был сбит с пути. А козни Фараона оказались безуспешными.

එනම් අහස් වෙත ළඟා විය හැකි එහි මාර්ග වෙත සේන්දු වී, සැබවින්ම තමන් නැමදුමට සුදුස්සා යැයි මූසා පවසන නැමදුමට ලක්වන්නා දෙස බලන්නට හැකි වන සේ ඉදි කරනු. සැබවින්ම මූසා තර්ක කරන දෑ හි ඔහු මුසාවාදියෙකු බව මම සිතමි. ෆිර්අවුන් හාමාන්ගෙන් ඉල්ලා සිටි දෑ ඉල්ලන අවස්ථාවේ ඔහුගේ නපුරු ක්රියාව ඔහුට අලංකාරවත් කරන ලද්දේ ද සත්ය මාර්ගයෙන් පෙරළී අසත්ය මාර්ගය වෙත යොමු කරනු ලද්දේ ද මෙසේය. - ෆිර්අවුන් සිටි ව්යාජ භාවය ප්රසිද්ධ කිරීමටත් මූසා ගෙන ආ සත්යය නිෂ්පල කිරීමටත්- ෆිර්අවුන් දියත් කළ ඔහුගේ කුමන්ත්රණය විනාශය තුළ මිස නොවීය. ඊට හේතුව සැබවින් ඔහුගේ බලාපොරොත්තු සුන් වූ සිතුවිලි ඔහුගේ අසාර්ථක වෑයම හා කිසිවිටෙක නැති වී නොයන අභාග්යවන්තකම විය.

40:38Страница 471

وَقَالَ ٱلَّذِيٓ ءَامَنَ يَٰقَوۡمِ ٱتَّبِعُونِ أَهۡدِكُمۡ سَبِيلَ ٱلرَّشَادِ ٣٨

Тот, кто уверовал, сказал: «О мой народ! Последуйте за мной, и я поведу вас правильным путем.

ෆිර්අවුන්ග් පැළැන්තියෙන් දෙවියන් විශ්වාස කළ පුද්ගලයා තම සමූහයාට උපදෙස් දෙමින් සත්ය මාර්ගය වෙත ඔවුනට මග පෙන්වමින්, ‘අහෝ මාගේ ජනයිනි! නුඹලා මා අනුගමනය කරනු නිවැරදි මාර්ගය හා සත්යය මාර්ගය වෙත මම නුඹලාට මග පෙන්වමි.’ යැයි පැවසීය.

40:39Страница 471

يَٰقَوۡمِ إِنَّمَا هَٰذِهِ ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَا مَتَٰعٞ وَإِنَّ ٱلۡأٓخِرَةَ هِيَ دَارُ ٱلۡقَرَارِ ٣٩

О мой народ! Мирская жизнь - не что иное, как предмет пользования, а Последняя жизнь является Обителью пребывания.

අහෝ මාගේ ජනයිනි! සැබවින්ම මෙලොව ජීවිතය අවසන් වී යන අල්ප සතුටු විඳින ස්ථානයක් පමණි. එහි ඇති පහත් දෑ නුඹලා ව රවටා නොදැමිය යුතුයි. සැබවින්ම මතුලොව, එහි ඇති සැප පහසුකම් ගැන සැළකීමේදී එය කිසිදා අවසන් නොවන සදාතනික හා ස්ථාවර ස්ථානයකි. එහෙයින් නුඹලා ඒ සඳහා අල්ලාහ්ට අවනත වී කටයුතු කරනු. නුඹලාගේ මෙලොව ජීවිතය කාර්යය බහුල කර ගනිමින් මතු ලොව ජීවිතය වෙනුවෙන් සිදු කළ යුතු ක්රියාකාරකම් වලින් වෙනතකට යොමු වීම ගැන ප්රවේශම් වනු.

Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии

Содержание

Аят аль-Курси36Аль-Кахфстр. 42джуз 15Бухари 1Муслим 2999

Вид

Тема
Размер текста
Вид

Read in English