Аль-МухтасарГафир · 40:40–82

Аль-Мухтасар · Тафсир · на сингальском

Гафир 40:40–82

40:40Страница 471

مَنۡ عَمِلَ سَيِّئَةٗ فَلَا يُجۡزَىٰٓ إِلَّا مِثۡلَهَاۖ وَمَنۡ عَمِلَ صَٰلِحٗا مِّن ذَكَرٍ أَوۡ أُنثَىٰ وَهُوَ مُؤۡمِنٞ فَأُوْلَٰٓئِكَ يَدۡخُلُونَ ٱلۡجَنَّةَ يُرۡزَقُونَ فِيهَا بِغَيۡرِ حِسَابٖ ٤٠

Тот, кто совершил зло, получит только соответствующее воздаяние. А те мужчины и женщины, которые поступали праведно, будучи верующими, войдут в Рай, в котором они будут получать удел без счета.

කවරෙකු යම් නපුරු ක්රියාවක් සිදු කළේද ඔහු සිදු කළ එවන් දැයකට මිස ඔවුනට දඬුවම් කරනු නොලැබේ. එහි දඬුවම වැඩි කරනු ලබන්නේද නැත. එමෙන්ම කවරෙකු අල්ලාහ්ගේ තෘප්තිය උදෙසා යම් දැහැමි ක්රියාවක් සිදු කළේ ද ඔහු පිරිමියෙකු හෝ වේවා කාන්තාවක හෝ වේවා අල්ලාහ් හා ඔහුගේ දූතවරුන් විශ්වාස කළ අයෙකි. මෙම ප්රශංසනීය ගුණාංග වලින් වර්ණනා කරනු ලැබූවෝ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ස්වර්ගයට පිවිසෙති. අල්ලාහ් ඔවුනට එහි ප්රතිඥා දුන්, කිසිදා නොනවතින සදා සැප පහසුකම් හා පලතුරු කිසිදු ගණනයකින් තොර ව ඔහු ඔවුනට පෝෂණය කරයි.

40:41Страница 472

۞ وَيَٰقَوۡمِ مَا لِيٓ أَدۡعُوكُمۡ إِلَى ٱلنَّجَوٰةِ وَتَدۡعُونَنِيٓ إِلَى ٱلنَّارِ ٤١

О мой народ! Почему я зову вас к спасению, а вы зовете меня в Огонь?

අහෝ ජනයිනි! මෙලොව ජීවිතයේ අලාභහානියෙන් මුදවා අල්ලාහ් කෙරෙහි තබන විශ්වාසය හා දැහැමි ක්රියාවන් තුළින් ලැබෙන ජයග්රහණය වෙත මම නුඹලා ඇරයුම් කිරීමට මට ඇත්තේ කුමන අවශ්යතාවක් ද? අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීමෙන් හා ඔහුට පිටුපෑමෙන් නුඹල මා නිරයට ප්රවේශ වීම සඳහා කරන්නෙහුය.

40:42Страница 472

تَدۡعُونَنِي لِأَكۡفُرَ بِٱللَّهِ وَأُشۡرِكَ بِهِۦ مَا لَيۡسَ لِي بِهِۦ عِلۡمٞ وَأَنَا۠ أَدۡعُوكُمۡ إِلَى ٱلۡعَزِيزِ ٱلۡغَفَّٰرِ ٤٢

Вы призываете меня не веровать в Аллаха и приобщать к Нему в сотоварищи то, о чем у меня нет знания. Я же призываю вас к Могущественному, Всепрощающему.

අල්ලාහ් ව ප්රතික්ෂේප කොට, ඔහු සමග නැමදුම් කිරීමට සුදුසු නැති, ඒ ගැන කිසිදු දැනුමක් නැති දෑ, ඔහු සමග සම්බන්ධ කොට මා නමදිනු ඇතැයි බලාපොරොත්තුවෙන් නුඹලා මා ව්යාජ දෑ වෙත ඇරයුම් කරන්නෙහුය. නමුත් මා ඇරයුම් කරනුයේ කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්ව බලධාරී අල්ලාහ් ව විශ්වාස කිරීම සඳහාය. ඔහු අතික්ෂමාශීලීය. තම ගැත්තන්හට මහත් සේ සමාව දානය කරන්නාය.

40:43Страница 472

لَا جَرَمَ أَنَّمَا تَدۡعُونَنِيٓ إِلَيۡهِ لَيۡسَ لَهُۥ دَعۡوَةٞ فِي ٱلدُّنۡيَا وَلَا فِي ٱلۡأٓخِرَةِ وَأَنَّ مَرَدَّنَآ إِلَى ٱللَّهِ وَأَنَّ ٱلۡمُسۡرِفِينَ هُمۡ أَصۡحَٰبُ ٱلنَّارِ ٤٣

Нет сомнения в том, что то, к чему вы меня призываете, не заслуживает молитв ни в этом мире, ни в Последней жизни, и что нам предстоит вернуться к Аллаху, и что излишествующие окажутся обитателями Огня.

සැබවින්ම විශ්වාස කරන මෙන් ද, අවනත වන මෙන් ද, නුඹලා කවර දෙයක් වෙත මා ඇරයුම් කර සිටින්නේද සැබෑවටම මෙලොවෙහි හෝ මතු ලොවෙහි හෝ එසේ ඇරයුම් කරනු ලබන්නට ඔහු කිසිදු අයිතියක් නොමැත්තෙකි. ඔහුගෙන් ප්රාර්ථනා කරන්නන්හට පිළිතුරු නොදෙන්නෙකි. අප සියලු දෙනාගේම හැරී යන ස්ථානය ඇත්තේ අල්ලාහ් වෙත පමණය. සැබවින්ම දේව ප්රතික්ෂේපයේ හා පාපයේ ඉක්මවා කටයුතු කරන්නන් වනාහි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරයට පිවිසීමට අනිවාර්යය වූ නිරා වාසීහු වෙති.

40:44Страница 472

فَسَتَذۡكُرُونَ مَآ أَقُولُ لَكُمۡۚ وَأُفَوِّضُ أَمۡرِيٓ إِلَى ٱللَّهِۚ إِنَّ ٱللَّهَ بَصِيرُۢ بِٱلۡعِبَادِ ٤٤

Вы вспомните то, о чем я вам говорю. Я вверяю свое дело Аллаху. Воистину, Аллах видит рабов».

නමුත් ඔවුහු ඔහුගේ උපදෙස ප්රතික්ෂේප කළෝය. එවිට ඔහු: ‘මා නුඹලාට ඉදිරිපත් කළ උපදෙස නුඹලා මතු මෙනෙහි කරනු ඇත. එය පිළිනොගැනීම ගැන නුඹලා කණගාටු වනු ඇත. මාගේ සියලු කටයුතු මම අල්ලාහ් වෙත පමණක් යොමු කරමි. සැබවින්ම අල්ලාහ්ට ඔහුගේ ගැත්තන්ගේ කිසිදු ක්රියාවක් සැඟවෙන්නේ නැත.

40:45Страница 472

فَوَقَىٰهُ ٱللَّهُ سَيِّـَٔاتِ مَا مَكَرُواْۖ وَحَاقَ بِـَٔالِ فِرۡعَوۡنَ سُوٓءُ ٱلۡعَذَابِ ٤٥

Аллах защитил его от зла того, что они замыслили, а род Фараона окружили (или поразили) скверные мучения -

ඔවුන් ඔහු ව මරා දමන්නට අදහස් කළ කල්හි ඔවුන්ගේ නපුරු කුමන්ත්රණ යෙන් අල්ලාහ් ඔහු ව ආරක්ෂා කළේය. ගිලීමේ දඬුවම ෆිර්අවුන්ගේ සේනාව ග්රහණය කළේය. ඔහු හා ඔහුගේ සේනාවේ සියලු දනන් මෙලොවෙහිම අල්ලාහ් ජලයේ ගිල්වීය.

40:46Страница 472

ٱلنَّارُ يُعۡرَضُونَ عَلَيۡهَا غُدُوّٗا وَعَشِيّٗاۚ وَيَوۡمَ تَقُومُ ٱلسَّاعَةُ أَدۡخِلُوٓاْ ءَالَ فِرۡعَوۡنَ أَشَدَّ ٱلۡعَذَابِ ٤٦

Огонь, в который их ввергают утром и после полудня. А в День наступления Часа подвергните род Фараона самым жестоким мучениям!

ඔවුන්ගේ මරණයෙන් පසු ව මිනීවළවල් තුළ දහවල ආරම්භයේ හා එහි අවසානයේ ඔවුන්ගේ නිරය හමුවට ඉදිරිපත් කරනු ලබති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුනට: ‘ෆිර්අවුන් අනුගමනය කළවුන් වන නුඹලා අති බිහිසුණු මෙන්ම ඉතා දැඩි දඬුවම තුළට පිවිසෙනු. එය ඔවුන් දේව ප්රතික්ෂේපය බොරු කිරීම හා අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වමින් සිටි හේතුවෙනි.

40:47Страница 472

وَإِذۡ يَتَحَآجُّونَ فِي ٱلنَّارِ فَيَقُولُ ٱلضُّعَفَٰٓؤُاْ لِلَّذِينَ ٱسۡتَكۡبَرُوٓاْ إِنَّا كُنَّا لَكُمۡ تَبَعٗا فَهَلۡ أَنتُم مُّغۡنُونَ عَنَّا نَصِيبٗا مِّنَ ٱلنَّارِ ٤٧

Когда они будут препираться друг с другом в Огне, слабые скажут тем, которые превозносились: «Мы следовали за вами. Не избавите ли вы нас от доли Огня?».

නිරා වාසීන් අතරින් අනුගාමිකයෝ සහ අනුගමනය කරනු ලැබූවෝ එකිනෙකා වාද කරන මොහොත, අහෝ දූතය! මෙනෙහි කර බලනු. දුර්වල අනුගාමිකයින් අනුගමනය කරනු ලැබූ අහංකාරයින් දෙස බලා, "සැබවින්ම අපි මෙලොවෙහි මුළාවෙහි සිට නුඹලා ව අනුගමනය කළෙමු. අල්ලාහ්ගේ දඬුවමින් කොටසක් නුඹලා උසුලමින් එයින් අප ඉවත් කරන්නන් ලෙස නුඹලා සිටින්නෙහු ද?" යැයි විමසනු ඇත.

40:48Страница 472

قَالَ ٱلَّذِينَ ٱسۡتَكۡبَرُوٓاْ إِنَّا كُلّٞ فِيهَآ إِنَّ ٱللَّهَ قَدۡ حَكَمَ بَيۡنَ ٱلۡعِبَادِ ٤٨

Те, которые превозносились, скажут: «Все мы - в нем. Воистину, Аллах уже рассудил между рабами».

අනුගමනය කරනු ලැබූ අහංකාරයින්, ‘සැබවින්ම අපි-අනුගමනය කරන්නන් හා අනුගමනය කරනු ලැබූවන්- නිරා ගින්නෙහි එක සමානයන් වන්නෙමු. අප අතරින් කිසිවෙකු වෙනත් කෙනෙකුගේ දඬුවම උසුලන්නේ නැත. සැබවින්ම අල්ලාහ් ගැත්තන් අතර තීන්දු දී ඇත. සෑම කෙනෙකුටම සුදුසු දඬුවම ඔහු පිරිනමා ඇත. යැයි උඩඟු වූවෝ පවසති.

40:49Страница 472

وَقَالَ ٱلَّذِينَ فِي ٱلنَّارِ لِخَزَنَةِ جَهَنَّمَ ٱدۡعُواْ رَبَّكُمۡ يُخَفِّفۡ عَنَّا يَوۡمٗا مِّنَ ٱلۡعَذَابِ ٤٩

Те, которые попали в Огонь, скажут стражам Геенны: «Помолитесь вашему Господа, пусть Он облегчит наши мучения хотя бы на день».

අනුගාමිකයින් හා අනුගමනය කරනු ලැබූවන් අතරින් නිරා ගින්නේ දඬුවම් ලබමින් සිටින්නෝ නිරා ගින්නෙන් බැහැර වී නැවත මෙලොව ජීවිතය වෙත ගොස් පාප ක්ෂමාව අයැදීමට අසමත් වූ කල්හි, බලාපොරොත්තු සුන් කර ගනිමින් ඔවුහු නිරයට භාරකාර මලක්වරු දෙස බලා, ‘මෙම සදාකාලීන් දඬුවමින් එක් දවසක් හෝ අපගෙන් එය සැහැල්ලු කරන මෙන් නුඹලාගේ පරමාධිපතිට නුඹලා කන්නලව් කරනු.’ යැයි පවසති.

40:50Страница 473

قَالُوٓاْ أَوَلَمۡ تَكُ تَأۡتِيكُمۡ رُسُلُكُم بِٱلۡبَيِّنَٰتِۖ قَالُواْ بَلَىٰۚ قَالُواْ فَٱدۡعُواْۗ وَمَا دُعَٰٓؤُاْ ٱلۡكَٰفِرِينَ إِلَّا فِي ضَلَٰلٍ ٥٠

Они скажут: «Разве ваши посланники не приходили к вам с ясными знамениями?». Они ответят: «Конечно». Они скажут: «Тогда молите сами». Но мольбы неверующих безуспешны.

නිරයේ භාරකරුවෝ දේව ප්රතික්ෂේපකයින්ට ප්රතිචාර දක්වමින්, ‘පැහැදිලි සාක්ෂි හා සාධක සමග නුඹලාගේ දූතවරුන් නුඹලා වෙත නොපැමිණියේද?’ යැයි විමසුවෝය. දේව ප්රතික්ෂේපකයෝ, ‘එසේය, ඔවුන් පැහැදිලි සංඥා හා සාධක සමග අප වෙත පැමිණියෝය.' යැයි පවසති. භාරකරුවෝ ඔවුනට උපාහාසත්මක ලෙසින්, ‘එසේ නම් නුඹලා ඇරයුම් කරනු. නමුත් අපි දේව ප්රතික්ෂේපකයින් වෙනුවෙන් මැදිහත් නොවන්නෙමු.' යැයි පැවසුවෝය. දේව ප්රතික්ෂේපකයින්ගේ ප්රාර්ථනාව නිෂ්ඵල අපතේ ගිය ප්රාර්ථානවක් මිස නොවීය. ඊට හේතු ව ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් ඔවුන්ගෙන් එය පිළිනොගන්නා බැවිණි.

40:51Страница 473

إِنَّا لَنَنصُرُ رُسُلَنَا وَٱلَّذِينَ ءَامَنُواْ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا وَيَوۡمَ يَقُومُ ٱلۡأَشۡهَٰدُ ٥١

Воистину, Мы окажем помощь Нашим посланникам и верующим в мирской жизни и в тот день, когда предстанут свидетели.

සැබවින්ම අපි අපගේ දූතවරුන් හා අල්ලාහ් හා ඔහුගේ දූතවරුන් විශ්වාස කළවුනට, ඔවුන්ගේ සතුරන්ට එරෙහි ව ඔවුන් තහවුරු කරමින් හා ඔවුන්ගේ සක්ෂි සාධක ඉස්මතු කරමින් මෙලොවෙහි අපි ඔවුනට ජය අත් කර දෙමු. එමෙන්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ද ඔවුන් ස්වර්ගයට ඇතුළත් කිරීමෙන් අපි ඔවුනට ජය අත් කර දෙන අතර නබිවරුන්, මලාඉකාවරුන් හා දේව විශ්වාසීන් කළ ප්රචාරයට හා එම සමූහයන් බොරු කිරීමට එරෙහි ව වාද කරන්නන්ට දඬුවම් දෙමින් ජය අත් කර දෙනු ඇත.

40:52Страница 473

يَوۡمَ لَا يَنفَعُ ٱلظَّٰلِمِينَ مَعۡذِرَتُهُمۡۖ وَلَهُمُ ٱللَّعۡنَةُ وَلَهُمۡ سُوٓءُ ٱلدَّارِ ٥٢

В тот день извинения (или оправдания) не помогут беззаконникам. На них лежит проклятие, и им уготована Скверная обитель.

අපරාධකරුවන්ට දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් ඔවුන්ගේ අපරාධ වලට නිදහසට කරුණු දැක්වීම ප්රයෝජනවත් නොවන දිනයකි. එදින අල්ලාහ්ගේ කරුණාවෙන් නෙරපා හැරීම ඔවුනට අත් වන්නේය. එමෙන්ම මතු ලොවෙහි ඔවුන් එකිනෙකා මුහුණ දෙන වේදනීය දඬුවම හේතුවෙන් එය ඔවුනට නපුරු වාසස්ථානයක් වනු ඇත.

40:53Страница 473

وَلَقَدۡ ءَاتَيۡنَا مُوسَى ٱلۡهُدَىٰ وَأَوۡرَثۡنَا بَنِيٓ إِسۡرَٰٓءِيلَ ٱلۡكِتَٰبَ ٥٣

Мы даровали Мусе (Моисею) верное руководство и дали в наследство сынам Исраила (Израиля) Писание

බනූ ඉස්රාඊල්වරුන් සත්යය වෙත මග පෙන්විය හැකි පරිදි අපි මූසාට දැනුම පිරිනැමුවෙමු. එමෙන්ම ඉස්රාඊල් දරුවන්හට පරම්පරාවකින් පසු පරම්පරාවක් උරුම කර ගන්නා පරිදි තව්රාතය දිව්ය ලේඛනයක් බවට පත් කළෙමු.

40:54Страница 473

هُدٗى وَذِكۡرَىٰ لِأُوْلِي ٱلۡأَلۡبَٰبِ ٥٤

как верное руководство и напоминание для обладающих разумом.

සත්ය වෙත වූ මඟ පෙන්වීමක් හා මනා බුද්ධියක් ඇත්තවුනට මෙනෙහි කිරීමක් වශයෙනි.

40:55Страница 473

فَٱصۡبِرۡ إِنَّ وَعۡدَ ٱللَّهِ حَقّٞ وَٱسۡتَغۡفِرۡ لِذَنۢبِكَ وَسَبِّحۡ بِحَمۡدِ رَبِّكَ بِٱلۡعَشِيِّ وَٱلۡإِبۡكَٰرِ ٥٥

Будь же терпелив, ибо обещание Аллаха истинно. Проси прощения за свой грех и прославляй хвалой своего Господа после полудня и утром.

අහෝ දූතය! නුඹේ ප්රජාව නුඹ ව බොරුකාරයෙකු ලෙස සැලකීම හා ඔවුන්ගේ හිංසනයන් කෙරෙහි නුඹ ඉවසීමෙන් කටයුතු කරනු. ජයග්රහණය හා ස්ථාවරත්වය පිළිබඳ අල්ලාහ් නුඹට දුන් ප්රතිඥාවෙහි කිසිදු සැකයක් නැත. නුඹේ පාපයන් සඳහා නුඹ පාප ක්ෂමාව ඇයදිනු. නුඹේ පරමාධිපතිගේ ප්රශංසාව තුළින් දහවල් කාලයේ ආරම්භයේ හා එහි අවසානයේ සුවිශුද්ධ කරනු.

40:56Страница 473

إِنَّ ٱلَّذِينَ يُجَٰدِلُونَ فِيٓ ءَايَٰتِ ٱللَّهِ بِغَيۡرِ سُلۡطَٰنٍ أَتَىٰهُمۡ إِن فِي صُدُورِهِمۡ إِلَّا كِبۡرٞ مَّا هُم بِبَٰلِغِيهِۚ فَٱسۡتَعِذۡ بِٱللَّهِۖ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلۡبَصِيرُ ٥٦

Воистину, в сердцах тех, которые препираются относительно знамений Аллаха без всякого довода, явившегося к ним, нет ничего, кроме высокомерия. Они не достигнут этого (своей цели). Прибегай же к защите Аллаха. Воистину, Он - Слышащий, Видящий.

අල්ලාහ් වෙතින් ඔවුන් වෙත පැමිණි කිසිදු සාධකයක් හෝ සාක්ෂියක් හෝ නොමැති ව අල්ලාහ්ගේ වදන් නිෂ්ඵල කිරීම සඳහා වෙහෙසෙමින් වාද කරන්නන් වනාහි, ඒ සඳහා ඔවුනට උර දුන්නේ සත්යයට එරෙහි ව ඔවුන් තුළ තිබූ මහත් අහංකාරය මිස වෙනෙකක් නොවීය. එයින් ඔවුන් පතන උසස්භාවය වෙත කිසිවිටෙක ඔවුන් ළඟා වන්නේ ම නැත. අහෝ දූතය! ඔබ අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතනු. සැබවින්ම ඔහු ඔහුගේ ගැත්තන්ගේ ප්රකාශ වලට සවන් දෙන්නාය. ඔවුන්ගේ ක්රියාවන් පිළිබඳ බලා සිටින්නාය. ඒවායින් ඔහුට කිසිවක් අතපසු වන්නේ නැත. ඒවා සඳහා අල්ලාහ් ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත.

40:57Страница 473

لَخَلۡقُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ أَكۡبَرُ مِنۡ خَلۡقِ ٱلنَّاسِ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ ٥٧

Воистину, сотворение небес и земли есть нечто более великое, чем сотворение людей, но большинство людей не знает этого.

අහස් හා මහ පොළොව මැවීම ඒ දෙකෙහි වූ විශාලත්වය හා පුළුල්භාවය අනුව මිනිසා මැවීමට වඩා ඉතා බැරෑරුම් කාර්යයකි. ඒ දෙකෙහි විශාලත්වය සමග ඒ දෙක මැවූ මැවුම්කරුවා මියගියවුන් විනිශ්චයට භාජනය කොට ප්රතිඵල පිරිනැමීම සඳහා ඔවුන්ගේ මිනීවළවල් වලින් නැවත ජීවය දී අවදි කිරීමට බලය ඇත්තාය. නමුත් බහුතරයක් දෙනා ඒ ගැන වටහා නොගනිති. එමගින් පාඩම් නොලබති. එය එසේ පැහැදිලි ව තිබියදී නැවත නැගිටුවනු ලැබීම ගැන ඔවුන් එය සාධක බවත් පත් කර නොගනිති.

40:58Страница 473

وَمَا يَسۡتَوِي ٱلۡأَعۡمَىٰ وَٱلۡبَصِيرُ وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ وَلَا ٱلۡمُسِيٓءُۚ قَلِيلٗا مَّا تَتَذَكَّرُونَ ٥٨

Не равны слепой и зрячий, а также те, которые уверовали и совершали праведные деяния, и творящие зло. Как же мало вы поминаете назидания!

පෙනීම ඇත්තා හා පෙනීම නොමැත්තා සමාන වන්නේ නැත. එමෙන්ම අල්ලාහ් ව විශ්වාස කොට ඔහුගේ දූතවරුන් සත්යය ලෙස පිළිගෙන ඔවුන්ගේ ක්රියාවන් දැහැමි භාවයට පත් කරගත්තවුන් ද සමාන වන්නේ නැත. තම ක්රියාවන් කලහකාරී හා පාපකාරී හැඟීමෙන් යුක්ත ව එය නපුරු බවට පත් කොට ස්වල්පයක් පමණක් මෙනෙහි නොකරන්නන් ද සමාන වන්නේ නැත. නුඹලා ඔවුනට මෙනෙහි කළෙහි නම් එම කණ්ඩායම් දෙක අතර වෙනස නුඹලා හඳුනා ගනු ඇත. නුඹලා ද අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් දැහැමි ක්රියාවන් කළවුන් අතරට පත් වනු පිණිස නුඹලා වෙහෙස දරනු ඇත.

40:59Страница 474

إِنَّ ٱلسَّاعَةَ لَأٓتِيَةٞ لَّا رَيۡبَ فِيهَا وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يُؤۡمِنُونَ ٥٩

Час непременно наступит, и в нем нет сомнения. Однако большинство людей не верует.

විනිශ්චය හා ප්රතිඵල පිරිනැමීම සඳහා මළවුන් අවදි කරනු ලබන හෝරාව කිසිදු සැකයකින් තොර ව පැමිණෙන්නක්මය. එහි කිසිදු සැකයක් නැත. නමුත් ජනයා අතරින් බහුතරයක් දෙනා එය පැමිණීම ගැන විශ්වාස නොකරති. එබැවින් ඒ සඳහා සූදානම් නොවෙති.

40:60Страница 474

وَقَالَ رَبُّكُمُ ٱدۡعُونِيٓ أَسۡتَجِبۡ لَكُمۡۚ إِنَّ ٱلَّذِينَ يَسۡتَكۡبِرُونَ عَنۡ عِبَادَتِي سَيَدۡخُلُونَ جَهَنَّمَ دَاخِرِينَ ٦٠

Ваш Господь сказал: «Взывайте ко Мне, и Я отвечу вам. Воистину, те, которые превозносятся над поклонением Мне, войдут в Геенну униженными».

අහෝ ජනියිනි! නුඹලාගේ පරමාධිපති මෙසේ පවසා සිටියි. ‘නුඹලා නැමදුමෙහි හා ආයාචනයෙහි මා පමණක් ඒකීයකරණය කරනු. නුඹලාගේ ප්රාර්ථනාවට මම පිළිතුරු දෙමි. නුඹලාගේ පාපකම් නොසලකා හැර නුඹලාට කරුණා කරමි. මා පමණක් නැමදීමට උඩඟු වූවන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඉතා පහත් නීචයින් ලෙස අපා ගින්නට මතු පිවිසෙනු ඇත.

40:61Страница 474

ٱللَّهُ ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلَّيۡلَ لِتَسۡكُنُواْ فِيهِ وَٱلنَّهَارَ مُبۡصِرًاۚ إِنَّ ٱللَّهَ لَذُو فَضۡلٍ عَلَى ٱلنَّاسِ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَشۡكُرُونَ ٦١

Аллах - Тот, Кто сотворил для вас ночь, чтобы вы отдыхали в течение нее, и день для освещения. Воистину, Аллах оказывает людям милость, но большинство людей неблагодарны.

නුඹලා වාසය කිරීම සඳහාත් විවේකය සඳහාත් රාත්රිය අඳුර ගෙන දෙන්නක් බවට පත් කළේ අල්ලාහ් වන ඔහුය. එමෙන්ම නුඹලා වැඩ කටයුතු කිරීම සඳහා ආලෝකය ගෙන දෙන්නක් බවට දහවල ද ඇති කළේය. අල්ලාහ්ගේ බාහිර මෙන්ම අභ්යන්තර ආශිර්වාදයන් ඔවුනට ආවරණය කර දුන් අවස්ථාවේ ඔහු මිනිසුන්ට අතිමහත් භාග්යවන්තයකු විය. නමුත් ජනයා අතරින් බහුතරයක් දෙනා ඔහු ඔවුනට පිරිනැමූ ආශිර්වාදය සඳහා ඔහුට කෘතඥ නොවෙති.

40:62Страница 474

ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمۡ خَٰلِقُ كُلِّ شَيۡءٖ لَّآ إِلَٰهَ إِلَّا هُوَۖ فَأَنَّىٰ تُؤۡفَكُونَ ٦٢

Таков Аллах - ваш Господь, Творец всякой вещи. Нет божества, кроме Него. До чего же вы отвращены от истины!

තම ආශිර්වාද නුඹලාට පිරිනමා නුඹලා භාග්යමත් කළ අල්ලාහ් වන ඔහු සියලු දෑ හි මැවුම්කරුය. ඔහු හැර වෙනත් මැවුම්කරුවෙකු නැත. ඔහු හැර නැමදුමට සුදුසු වෙනත් කිසිවෙකු නොමැත. ඔහු නැමදීම අත්හැර දමා ඔහු විසින් හැර කිසිදු සෙතක් හෝ හානියක් හෝ සිදු කළ නොහැකි වෙනත් දෑ නැමදීමට නුඹලා හැරෙනුයේ කෙසේද?

40:63Страница 474

كَذَٰلِكَ يُؤۡفَكُ ٱلَّذِينَ كَانُواْ بِـَٔايَٰتِ ٱللَّهِ يَجۡحَدُونَ ٦٣

Таким же образом отвращаются те, которые отвергают знамения Аллаха.

අල්ලාහ් ව විශ්වාස කිරීමෙන් හා ඔහුට පමණක් නැමදීමෙන් ඔවුන් වෙනතකට යොමු කළාක් මෙන්ම, සෑම යුගයකම සෑම ස්ථානයකම ඔහුගේ ඒකීයත්වය පෙන්වා දෙන ඔහුගේ සාධක හෙළා දකින්නන් යොමු කරනු ලබනු ඇත. පසු ව සත්යය වෙත ඔහු මග නොලබනවාක් මෙන්ම නිවැරදි මාර්ගය වෙත ආශිර්වාද කරනු ලබන්නේ ද නැත.

40:64Страница 474

ٱللَّهُ ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلۡأَرۡضَ قَرَارٗا وَٱلسَّمَآءَ بِنَآءٗ وَصَوَّرَكُمۡ فَأَحۡسَنَ صُوَرَكُمۡ وَرَزَقَكُم مِّنَ ٱلطَّيِّبَٰتِۚ ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمۡۖ فَتَبَارَكَ ٱللَّهُ رَبُّ ٱلۡعَٰلَمِينَ ٦٤

Аллах - Тот, Кто сотворил для вас землю местом пребывания, а небо - кровлей. Он придал вам облик и сделал ваш облик прекрасным. Он наделил вас благами. Таков Аллах, ваш Господь. Благословен Аллах, Господь миров!

අහෝ ජනයිනි! නුඹලා මහ පොළොව මත වාසය කිරීම සඳහා සූදානම් කරනු ලැබූ ද්වීපයක් බවට එය නුඹලාට පත් කළේ අල්ලාහ්ය. එමෙන්ම නුඹලාට ඉහළින් පවතින අහස නොවැටෙන සේ ගොඩනැගිල්ලක් සේ නිර්මාණය කළේ ද ඔහුය. එමෙන්ම ඔහු නුඹලාගේ මව්වරුන්ගේ ගර්භාෂයන්හි නුඹලාට රුව ලබා දී නුඹලාගේ එම රුව ඔහු අලංකාරවත් කළේය. අනුමත හා පිවිතුරු ආහාර නුඹලාට පෝෂණය කළේය. මේ සියලු ආශිර්වාදයන් නුඹලාට පිරිනැමුවේ නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ්ය. සියලු මැවීම්හි හිමිපාණන් වන අල්ලාහ් උත්කෘෂ්ට විය. සුවිශුද්ධයාණන් වන ඔහු හැර වෙනත් පරමාධිපතියෙකු නැත.

40:65Страница 474

هُوَ ٱلۡحَيُّ لَآ إِلَٰهَ إِلَّا هُوَ فَٱدۡعُوهُ مُخۡلِصِينَ لَهُ ٱلدِّينَۗ ٱلۡحَمۡدُ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ ٦٥

Он - Живой, и нет божества, кроме Него. Взывайте же к Нему, очищая перед Ним веру. Хвала Аллаху, Господу миров!

ඔහු මිය නොයන අමරණීයය. ඔහු හැර සැබෑ ලෙස නැමදුම් ලබන වෙනත් කෙනෙකු නැත. එහෙයින් නුඹලා කන්නලව් කරමින් නැමදුම් කරමින් ඔහුගේ තෘප්තිය පමණක් අපේක්ෂාවෙන් ඔහුගෙන් පතනු. ඔහු සමග ඔහුගේ වෙනත් මැවීම් හවුල්කොට ඔහුට ආදේශ නොකරනු. සියලු මැවීම්හි පරමාධිපතියාණන්ටමය සියලු ප්රශංසා.

40:66Страница 474

۞ قُلۡ إِنِّي نُهِيتُ أَنۡ أَعۡبُدَ ٱلَّذِينَ تَدۡعُونَ مِن دُونِ ٱللَّهِ لَمَّا جَآءَنِيَ ٱلۡبَيِّنَٰتُ مِن رَّبِّي وَأُمِرۡتُ أَنۡ أُسۡلِمَ لِرَبِّ ٱلۡعَٰلَمِينَ ٦٦

Скажи: «Воистину, мне запрещено поклоняться тем, кого вы призываете помимо Аллаха, с тех пор, как ко мне явились ясные знамения от моего Господа, и мне велено покориться Господу миров».

මෙම පිළිම ව්යාජ බව පෙන්වමින් පැහැදිලි සාක්ෂි හා සාධක මා වෙත පැමිණි අවස්ථාවේ අල්ලාහ් හැර නුඹලා නමදිමින් සිටින කිසිදු සෙතක් හෝ හානියක් හෝ සිදු කිරීමට නොහැකි එවන් පිළිම මා වන්දනා කිරීම අල්ලාහ් මට තහනම් කර ඇත්තේය. තවද නැමදුම් කිරීමෙන් ඔහුට පමණක් අවනත වන මෙන් ද අල්ලාහ් මට නියෝග කර ඇත්තේය. ඔහු සියලු මැවීම්හි පරමාධිපතිය. ඔහු හැර ඒවාට වෙනත් පරමාධිපතියෙකු නැත.

40:67Страница 475

هُوَ ٱلَّذِي خَلَقَكُم مِّن تُرَابٖ ثُمَّ مِن نُّطۡفَةٖ ثُمَّ مِنۡ عَلَقَةٖ ثُمَّ يُخۡرِجُكُمۡ طِفۡلٗا ثُمَّ لِتَبۡلُغُوٓاْ أَشُدَّكُمۡ ثُمَّ لِتَكُونُواْ شُيُوخٗاۚ وَمِنكُم مَّن يُتَوَفَّىٰ مِن قَبۡلُۖ وَلِتَبۡلُغُوٓاْ أَجَلٗا مُّسَمّٗى وَلَعَلَّكُمۡ تَعۡقِلُونَ ٦٧

Он - Тот, Кто сотворил вас из земли, потом - из капли, потом - из сгустка крови. Потом Он выводит вас младенцами, чтобы потом вы могли достигнуть зрелого возраста и чтобы потом вы стали стариками, хотя среди вас есть такие, которых умерщвляют раньше, и чтобы вы достигли назначенного срока. Быть может, вы уразумеете.

නුඹලාගේ ආදි පියා ආදම් පසින් මැව්වේ ඔහුය. ඔහුගෙන් පසු ව නුඹලා ශුක්රාණුවෙන් ද ඉන් පසු ලේ කැටියෙන් ද නුඹලා ව නිර්මාණය කොට ඉන් පසු නුඹලාගේ මව්වරුන්ගේ කුසවල් තුළින් නුඹලා කුඩා බිළිඳන් සේ ඔහු බැහැර කළේය. පසු ව නුඹලා වැඩුණු ශරීරයෙන් යුත් වයසට ළඟා වී පසු ව වයෝවෘද්ධ භාවයට පත්වන තෙක් නුඹලා වැඩෙන්නෙහුය. නුඹලා අතර ඊට පෙර මිය යන්නන් ද වෙති. අල්ලාහ්ගේ දැනුමෙහි නියම කරන ලද කාලයක් දක්වා නුඹලා ළඟා වන්නෙහුය. ඉන් කිසිවක් නුඹලා අඩු නොකරනු ඇත. එමෙන්ම වැඩි නොකරනු ද ඇත. එය ඔහුගේ බලය හා ඔහුගේ ඒකීයත්වය පෙන්වා දෙන සාක්ෂි හා සාධක තුළින් නුඹලා ප්රයෝජනය ලැබිය හැකි වනු පිණිසය.

40:68Страница 475

هُوَ ٱلَّذِي يُحۡيِۦ وَيُمِيتُۖ فَإِذَا قَضَىٰٓ أَمۡرٗا فَإِنَّمَا يَقُولُ لَهُۥ كُن فَيَكُونُ ٦٨

Он - Тот, Кто дарует жизнь и умерщвляет. Когда же Он принимает решение, то стоит Ему сказать: «Будь!». - как это сбывается.

ඒකීය ඔහු සුවිශුද්ධය. ජීවය ලබා දීම ඔහු සතු වූවකි. එමෙන්ම මරණයට පත් කිරීම ද ඔහු සතු වූවකි. ඔහු යම් කරුණක් තීන්දු කළ විට එයට ඔහු (කුන්) වනු යැයි පවසන විගස එය සිදු වන්නේය.

40:69Страница 475

أَلَمۡ تَرَ إِلَى ٱلَّذِينَ يُجَٰدِلُونَ فِيٓ ءَايَٰتِ ٱللَّهِ أَنَّىٰ يُصۡرَفُونَ ٦٩

Разве ты не видел тех, которые препираются относительно знамений Аллаха? До чего же они отвращены от истины?

අහෝ දූතය! අල්ලාහ්ගේ වදන් පැහැදිලි ව තිබියදී ඒවා බොරු කරමින් ඒ ගැන වාද කරන්නන් දෙස නුඹ නොබැලුවෙහිද? ඔවුන්ගේ තත්ත්වය පුදුම සහගතය. සත්යය පැහැදිලි ව තිබිය දී ඔවුහු එය පිටු දකිති.

40:70Страница 475

ٱلَّذِينَ كَذَّبُواْ بِٱلۡكِتَٰبِ وَبِمَآ أَرۡسَلۡنَا بِهِۦ رُسُلَنَاۖ فَسَوۡفَ يَعۡلَمُونَ ٧٠

Они сочли ложью Писание и то, с чем Мы отправили Наших посланников. Но они узнают,

ඔවුන් වනාහි අල් කුර්ආනය හා අපගේ ධර්ම දූතවරුන් ගෙන ආ සත්යය බොරු කළෝය. එසේ බොරු කළවුන් ඔවුන්ගේ බොරුවෙහි අවසානය ගැන මතු දැන ගනු ඇත. නපුරු අවසානය ද දැක ගනු ඇත.

40:71Страница 475

إِذِ ٱلۡأَغۡلَٰلُ فِيٓ أَعۡنَٰقِهِمۡ وَٱلسَّلَٰسِلُ يُسۡحَبُونَ ٧١

когда с оковами на шеях и в цепях их поволокут

ඔවුන්ගේ ගෙලවල් වල විලංගු හා ඔවුන්ගේ පාද වල මාංචු යෙදෙන විට එහි අවසානය කෙසේ දැයි ඔවුහු දැන ගනු ඇත. දඬුවමේ භාරකරුවෝ ඔවුන් ඇද ගෙන යති.

40:72Страница 475

فِي ٱلۡحَمِيمِ ثُمَّ فِي ٱلنَّارِ يُسۡجَرُونَ ٧٢

в кипяток, а потом разожгут в Огне.

උපරිමයෙන්ම නටන උණුසුම් ජලයෙහි ඔවුන් රදවා තබනු ලබති. පසු ව අපා ගින්නෙහි දවනු ලබති.

40:73Страница 475

ثُمَّ قِيلَ لَهُمۡ أَيۡنَ مَا كُنتُمۡ تُشۡرِكُونَ ٧٣

Потом им скажут: «Где те, кого вы приобщали в сотоварищи

‘නුඹලා නැමදුමෙහි දෙවියන්ට ආදේශ තබමින් දෙවිවරුන් යැයි විශ්වාස කරමින් සිටි දෙවිවරුන් කොහේදැ?' යි ඔවුනට පිළිකුලෙන් හා උපහාසයෙන් පවසනු ලැබේ.

40:74Страница 475

مِن دُونِ ٱللَّهِۖ قَالُواْ ضَلُّواْ عَنَّا بَل لَّمۡ نَكُن نَّدۡعُواْ مِن قَبۡلُ شَيۡـٔٗاۚ كَذَٰلِكَ يُضِلُّ ٱللَّهُ ٱلۡكَٰفِرِينَ ٧٤

к Аллаху?». Они скажут: «Они скрылись от нас. Да и не молились мы раньше никому». Так Аллах вводит в заблуждение неверующих.

අල්ලාහ්ගෙන් තොර, නුඹලාගේ පිළිම කිසිදු සෙතක් හෝ හානියක් හෝ සිදු කරන්නේ නැත. දේව ප්රතික්ෂේපකයෝ මෙසේ පවසති. ‘අපගෙන් ඒවා සැඟ වී පසු වූවෝය. එහෙයින් අපි ඔවුන් දකින්නන් ලෙස නොසිටියෙමු. නමුත් නැමදුමට සුදුසු කිසිවක් මෙලොවෙහි අපි නමදිමින් නොසිටියෙමු.’ මොවුන් නොමග හැරියාක් මෙන් ම අල්ලාහ් දේව ප්රතික්ෂේපකයින් සෑම තැනක ම සෑම කාලයක ම සත්යයෙන් නොමග යන්නට හරිනු ඇත.

40:75Страница 475

ذَٰلِكُم بِمَا كُنتُمۡ تَفۡرَحُونَ فِي ٱلۡأَرۡضِ بِغَيۡرِ ٱلۡحَقِّ وَبِمَا كُنتُمۡ تَمۡرَحُونَ ٧٥

Это вам за то, что вы ликовали на земле без всякого права и превозносились.

ඔවුනට මෙසේ පවසනු ලැබේ. ‘නුඹලාට බලපෑ එම දඬුවම නුඹලා කවර ආදේශයක් මත පසු වූයෙහු ද ඒ ගැන නුඹලා සතුටු වූ හේතුවෙන් හා එම සතුටෙහි නුඹලා ඉහ වහා ගිය හේතුවෙනි.'

40:76Страница 475

ٱدۡخُلُوٓاْ أَبۡوَٰبَ جَهَنَّمَ خَٰلِدِينَ فِيهَاۖ فَبِئۡسَ مَثۡوَى ٱلۡمُتَكَبِّرِينَ ٧٦

Входите во врата Геенны и пребывайте там вечно. Как же скверна обитель возгордившихся!».

නිරයේ නුඹලා සදාකල් වෙසෙන්නන් ලෙසින් එහි දොරටු වලින් පිවිසෙනු. සත්යය පිළිගැනීමට උඩඟුවූවන්ගේ නවාතැන නපුරු විය.

40:77Страница 475

فَٱصۡبِرۡ إِنَّ وَعۡدَ ٱللَّهِ حَقّٞۚ فَإِمَّا نُرِيَنَّكَ بَعۡضَ ٱلَّذِي نَعِدُهُمۡ أَوۡ نَتَوَفَّيَنَّكَ فَإِلَيۡنَا يُرۡجَعُونَ ٧٧

Будь же терпелив, ибо обещание Аллаха истинно. Мы можем показать тебе часть того, что обещаем им, а можем умертвить тебя до этого. Они все равно будут возвращены к Нам.

අහෝ දූතය! නුඹේ ජනයා සිදු කරන හිංසාවන් හා බොරුකීරීම මත නුඹ ඉවසනු. අල්ලාහ් නුඹට ජය ලබා දෙන බවට දුන් ඔහුගේ පොරොන්දුව සැබෑවකි. එහි කිසිදු සැකයක් නැත. බද්ර් යුද දිනයේ සිදු කළාක් මෙන් අපි ඔවුනට දඬුවමක් ලෙස සලකන ඇතැම් දෑ නුඹගේ ජීවිත කාලය තුළම අපි නුඹට පෙන්වුයෙන්නෙමු. එසේ නැතහොත් ඊට පෙර නුඹව මරණයට පත් කරන්නෙමු. පසුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුහු අප වෙත පැමිණෙන්නෝය. එවිට ඔවුන්ගේ ක්රියාවන් සඳහා අපි ඔවුනට ප්රතිඵල පිරිනමමු. පසු ව සදාකල් වෙසෙන්නන් ලෙසින් අපි ඔවුන් නිරයට ප්රවේශ කරමු.

40:78Страница 476

وَلَقَدۡ أَرۡسَلۡنَا رُسُلٗا مِّن قَبۡلِكَ مِنۡهُم مَّن قَصَصۡنَا عَلَيۡكَ وَمِنۡهُم مَّن لَّمۡ نَقۡصُصۡ عَلَيۡكَۗ وَمَا كَانَ لِرَسُولٍ أَن يَأۡتِيَ بِـَٔايَةٍ إِلَّا بِإِذۡنِ ٱللَّهِۚ فَإِذَا جَآءَ أَمۡرُ ٱللَّهِ قُضِيَ بِٱلۡحَقِّ وَخَسِرَ هُنَالِكَ ٱلۡمُبۡطِلُونَ ٧٨

Мы уже отправляли посланников до тебя. Среди них есть такие, о которых Мы рассказали тебе, и такие, о которых Мы не рассказывали тебе. Все посланники показывали знамения только с дозволения Аллаха. Когда же явится веление Аллаха, будет вынесен истинный приговор, и там приверженцы лжи окажутся в убытке.

අහෝ දූතය! නුඹට පෙර විසූ සමූහයන් වෙත බොහෝ සෙයින් අපි ධර්ම දූතවරුන් එව්වෙමු. නමුත් ඔවුහු ඔවුන් බොරු කළෝය. ඔවුනට හිංසා කළෝය. එවිට ඔවුන්ගේ බොරු කිරීම හා හිංසා කිරීම ඔවුහු ඉවසා දරා ගත්හ. එම ධර්ම දූතවරුන්ගෙන් ඇතැමෙකුගේ තොරතුරු අපි නුඹට පවසා ඇත්තෙමු. තවත් ඇතැමෙකුගේ තොරතුරු අපි නුඹලාට නොපැවසුවෙමු. ධර්ම දූතයකු තම සමූහයා වෙත ඔහුගේ පරමාධිපතිගෙන් වූ යම් වදනක් ගෙන ආවේ නම් එය සුවිශුද්ධයාණන්ගේ අභිමතය අනුව මිස සිදුවීම නිවැරැදි වන්නේ නැත. දේවත්වය ප්රතික්ෂේප කරන්නන් එවන් වදන් ගෙන එන මෙන් ඔවුන්ගේ ධර්ම දූතවරුන්හට යෝජනා කිරීම අපරාධයකි. ජයග්රහණය හෝ ධර්ම දූතවරුන් හා ඔවුන්ගේ සමූහයන් අතර තීන්දුව පැමිණි විට ඔවුන් අතර ඔහු සාධාරණනීය ලෙස තීන්දු කළේය. ඒ අනුව දේව ප්රතික්ෂේපකයින් විනාශයට ලක් වී දූතවරුන් මුදවා ගනු ලැබීය. දේව ප්රතික්ෂේපය සිදු කොට තම ආත්මාවන් විනාශ මුඛයට ගෙන ආ හේතුවෙන් - ගැත්තන් අතර තීන්දු ලබා දෙන අවස්ථාවේ- ව්යාජ ජනයා තමන්ටම පරාජය අත් පත් කර ගත්හ.

40:79Страница 476

ٱللَّهُ ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلۡأَنۡعَٰمَ لِتَرۡكَبُواْ مِنۡهَا وَمِنۡهَا تَأۡكُلُونَ ٧٩

Аллах - Тот, Кто создал для вас скотину, чтобы на некоторых из них вы ездили верхом, а другими питались.

ඔටුවන්, ගවයින් හා එළුවන් නුඹලා වෙනුවෙන් ඇති කළේ අල්ලාහ් වන ඔහු ය. එය නුඹලා ඇතැමුන්ගේ පිටවල් මත නැග ගමන් කිරීම සඳහාත්, ඇතැමුන්ගේ මාංශ අනුභව කිරීම සඳහාත් ය.

40:80Страница 476

وَلَكُمۡ فِيهَا مَنَٰفِعُ وَلِتَبۡلُغُواْ عَلَيۡهَا حَاجَةٗ فِي صُدُورِكُمۡ وَعَلَيۡهَا وَعَلَى ٱلۡفُلۡكِ تُحۡمَلُونَ ٨٠

Они приносят вам пользу, и на них вы достигаете того, чего желают ваши сердца. На них и на кораблях вас перевозят.

මෙම මැවීම් තුළ නුඹලා සෑම කාලයකම අලුතින් යමක් ලබා ගත හැකි නොයෙකුත් ප්රයෝජන නුඹලාට ඇත. නුඹලාගේ සිත් තුළ නුඹලා ආශා කරන අවශ්යතා ඒවා අතරින් නුඹලාට ඉටු වේ. ඒවා අතරින් වඩාත් කැපී පෙනෙනුයේ, මහ මුහුදේ හා සාගරයේ එහෙ මෙහෙ ගමන් කිරීමයි.

40:81Страница 476

وَيُرِيكُمۡ ءَايَٰتِهِۦ فَأَيَّ ءَايَٰتِ ٱللَّهِ تُنكِرُونَ ٨١

Он показывает вам Свои знамения. Какие же знамения Аллаха вы отрицаете?

අල්ලාහ්ගේ ශක්තිය හා ඔහුගේ ඒකීයත්වය පෙන්වා දෙන ඔහුගේ සංඥා හා සාධක ඔහු නුඹලාට පෙන්වයි. එවිට සැබවින්ම එය ඔහුගේ සංඥාවක් බව නුඹලාට පිළිගන්නට සැලැස්වීමෙන් පසු නුඹලා පිළි නොගනුයේ කවර සංඥාවන් ද?

40:82Страница 476

أَفَلَمۡ يَسِيرُواْ فِي ٱلۡأَرۡضِ فَيَنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡۚ كَانُوٓاْ أَكۡثَرَ مِنۡهُمۡ وَأَشَدَّ قُوَّةٗ وَءَاثَارٗا فِي ٱلۡأَرۡضِ فَمَآ أَغۡنَىٰ عَنۡهُم مَّا كَانُواْ يَكۡسِبُونَ ٨٢

Разве они не странствовали по земле и не видели, каким был конец их предшественников? Они превосходили их числом и силой и оставили больше следов на земле, но не спасло их то, что они приобретали.

බොරුකරමින් සිටින මොවුහු මහ පොළොවේ සැරිසරා ඔවුනට පෙර සිටි බොරුකාර සමූහයන්ගේ අවසානය කෙසේ වී දැයි කල්පනා කොට ඒ ගැන පාඩම් ලැබිය යුතු නොවේ ද? එම සමූහයන් ඔවුනට වඩා ධනයෙන් ඉතා අධික, බලයෙන් ඉතා ශක්තිමත්, මහ පොළොවේ වඩාත් බලපෑම් ඇති කළ හැකි බලවත් උදවිය වූහ. අල්ලාහ්ගේ විනාශකාරී දඬුවම ඔවුන් වෙත පැමිණි කල්හි ඔවුන් උපයා ගත් එම බලය ඔවුනට ඵලක් නොවීය.

Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии

Содержание

Аят аль-Курси36Аль-Кахфстр. 42джуз 15Бухари 1Муслим 2999

Вид

Тема
Размер текста
Вид

Read in English