Аль-МухтасарФуссилят · 41:44–54

Аль-Мухтасар · Тафсир · на сингальском

Фуссилят 41:44–54

41:44Страница 481

وَلَوۡ جَعَلۡنَٰهُ قُرۡءَانًا أَعۡجَمِيّٗا لَّقَالُواْ لَوۡلَا فُصِّلَتۡ ءَايَٰتُهُۥٓۖ ءَا۬عۡجَمِيّٞ وَعَرَبِيّٞۗ قُلۡ هُوَ لِلَّذِينَ ءَامَنُواْ هُدٗى وَشِفَآءٞۚ وَٱلَّذِينَ لَا يُؤۡمِنُونَ فِيٓ ءَاذَانِهِمۡ وَقۡرٞ وَهُوَ عَلَيۡهِمۡ عَمًىۚ أُوْلَٰٓئِكَ يُنَادَوۡنَ مِن مَّكَانِۭ بَعِيدٖ ٤٤

Если бы Мы сделали его Кораном не на арабском языке, то они непременно сказали бы: «Почему его аяты не разъяснены? Неарабская речь и араб?». Скажи: «Он является верным руководством и исцелением для тех, которые уверовали. А уши неверующих поражены глухотой, и они слепы к нему. Это - те, к которым взывают издалека».

අල් කුර්ආනය අරාබි නොවන බසකින් අපි පහළ කළේ නම් ඔවුන් අතර සිටින දේව ප්රතික්ෂේපකයෝ, ‘මෙම පාඨ අපට වැටහෙන පරිදි පහැදිළි කළ යුතු නොවේ ද? අල් කුර්ආනය ගෙන ආ තැනැත්තා අරාබිවරයකු ලෙස සිටිය දී අල් කුර්ආනය අරාබි නොවන බසකින් වන්නේ ද?’ යැයි විමසා සිටිති. අහෝ දූතය! ඔවුනට නුඹ මෙසේ පවසනු. "අල් කුර්ආනය වනාහි,-අල්ලාහ්ව විශ්වාස කොට ඔහුගේ දූතයා සත්යය බව පිළිගත්තන්හට- නොමගින් යහමඟ පෙන්වන්නකි. හදවත් තුළ ඇති අඥාන කමට හා එය පසුපසින් හඹා එන දෑට සුවයකි. අල්ලාහ්ව විශ්වාස නොකරන්නන් වනාහි, ඔවුන්ගේ කන්වල බිහිරිභාවය ඇත. එය ඔවුනට අන්ධභාවයකි. එය වටහා නොගනිති. මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලබන්නෝ දුරක සිට ඇරයුම් කරනු ලබන්නන් මෙනි. එවිට එම ඇරයුම කරන්නාගේ හඬට ඔවුන් සවන් දිය හැක්කේ කෙසේද?

41:45Страница 481

وَلَقَدۡ ءَاتَيۡنَا مُوسَى ٱلۡكِتَٰبَ فَٱخۡتُلِفَ فِيهِۚ وَلَوۡلَا كَلِمَةٞ سَبَقَتۡ مِن رَّبِّكَ لَقُضِيَ بَيۡنَهُمۡۚ وَإِنَّهُمۡ لَفِي شَكّٖ مِّنۡهُ مُرِيبٖ ٤٥

Мы даровали Мусе (Моисею) Писание, но по его поводу возникли разногласия. И если бы не было прежде Слова от твоего Господа, то спор их был бы решен. Воистину, они испытывают смутные сомнения относительно него (Корана).

සැබැවින්ම අපි මූසාට තව්රාතය පිරිනැමුවෙමු. නමුත් එහි මතභේද හට ගැනිණ. ඔවුන් අතරින් එය විශ්වාස කරන්නන් සිටි අතර එය ප්රතික්ෂේප කරන්නන් ද සිටියහ. ඔවුන් කවර විෂයක මතභේද ඇති කර ගත්තේද, එම විෂයයෙහි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ගැත්තන් අතර වෙන් කරන බවට අල්ලාහ්ගෙන් වූ ප්රතිඥාවක් නොවී නම් එසේ මතභේද ඇති කරගත්තන්හට තව්රාතයේම තීන්දුවක් ගෙන සත්යවාදියා හා අසත්යවාදියා කවුරුන් දැයි පැහැදිලි කරන්නට තිබුණි. එවිට සත්යවාදිය ගෞරවයට පත් කරනු ලැබ අසත්යවාදියා අපහාසයට ලක්වනු ඇත. සැබැවින්ම දේව ප්රතික්ෂේපකයින් අල් කුර්ආනය විෂයයෙහි දැඩි සැකයෙහි පසුවෙති.

41:46Страница 481

مَّنۡ عَمِلَ صَٰلِحٗا فَلِنَفۡسِهِۦۖ وَمَنۡ أَسَآءَ فَعَلَيۡهَاۗ وَمَا رَبُّكَ بِظَلَّٰمٖ لِّلۡعَبِيدِ ٤٦

Кто поступает праведно, тот поступает во благо себе. А кто творит зло, тот поступает во вред себе. Господь твой не поступает несправедливо со Своими рабами.

කවරෙකු දැහැමි ක්රියාවක් සිදු කළේද, ඔහුගේ එම ක්රියාවෙහි ප්රයෝජනය ඔහු වෙතම හැරී එනු ඇත. කිසිවෙකුගේ දැහැමි ක්රියාව අල්ලාහ්ට සෙත සලසන්නේ නැත. එමෙන්ම කවරෙකු නපුරු ක්රියාවක් සිදු කළේ ද එහි විපාකය ඔහු වෙතම හැරී එනු ඇත. ඔහුගේ මැවීම් අතරින් කිසිවකුගේ පාපකම් අල්ලාහ්ට හානි ඇති කරන්නේ ද නැත. ඒ සෑම කෙනෙකුටම ගැළපෙන පරිදි අල්ලාහ් ප්රතිඵල පිරිනමනු ඇත. අහෝ දූතය! නුඹේ පරමාධිපති ඔහුගේ ගැත්තන්හට අසාධාරණකම් සිදු කරන්නෙකු නොවේ. ඔහු කිසිවිටෙක ඔවුන්ගේ යහ ප්රතිඵල අඩු කරන්නේ නැත. එමෙන්ම පාපකම් කළ ඔවුනට වැඩියෙන් පරිනමන්නේ ද නැත.

41:47Страница 482

۞ إِلَيۡهِ يُرَدُّ عِلۡمُ ٱلسَّاعَةِۚ وَمَا تَخۡرُجُ مِن ثَمَرَٰتٖ مِّنۡ أَكۡمَامِهَا وَمَا تَحۡمِلُ مِنۡ أُنثَىٰ وَلَا تَضَعُ إِلَّا بِعِلۡمِهِۦۚ وَيَوۡمَ يُنَادِيهِمۡ أَيۡنَ شُرَكَآءِي قَالُوٓاْ ءَاذَنَّٰكَ مَا مِنَّا مِن شَهِيدٖ ٤٧

К Нему восходит знание о Часе. Не вырастет ни один плод из завязи, не понесет и не родит ни одна самка без Его ведома. В тот день, когда Он воззовет к ним: «Где же Мои сотоварищи?». - они скажут: «Мы дали Тебе знать, что никто из нас не станет свидетельствовать».

අවසන් හෝරාව පිළිබඳ දැනුම අල්ලාහ් වෙත පමණක් ඇත්තකි. එය කවදා සිදුවන්නේ දැයි ඔහු පමණක් දනී. ඔහු හැර වෙනත් කිසිවෙකු එය නොදනී. පළතුරු ආරක්ෂා සහිත ව තැන්පත් කර ඇති කෝෂ තුළින් ඒවා හට ගැනීම ද, කාන්තාවන් උසුලන දෑ ප්රසූත කිරීම හෝ ප්රසූත නොකිරීමද අල්ලාහ්ගේ අනුදැනුමෙන් තොරව සිදුවන්නක් නොවේ. ඒ කිසිවක් ඔහුට මඟ හැරෙන්නේ නැත. පිළිමවලට වන්දනාමාන කරමින් සිටි දේව ආදේශකයින්ව අල්ලාහ් කැඳවන දින ඔවුන් ඔවුනට නැමදුම් කර සිටි හේතුවෙන් ඔවුන්ව අවඥාවට ලක් කරමින්, ‘සැබැවින්ම ඔවුන් හවුල්කරුවන් යැයි නුඹලා විශ්වාස කරමින් සිටි මාගේ හවුල්කරුවන් කොහෝදැ?’යි අල්ලාහ් විමසා සිටියි. දේව ආදේශකයින්, ‘ඔබ ඉදිරියේ අපි පිළිගන්නෙමු. සැබැවින්ම ඔබට හවුල් කරුවෙකු ඇති බවට සාක්ෂි දරණ කිසිවෙකු දැන් අප අතර නැත’ යැයි පවසා සිටිති.

41:48Страница 482

وَضَلَّ عَنۡهُم مَّا كَانُواْ يَدۡعُونَ مِن قَبۡلُۖ وَظَنُّواْ مَا لَهُم مِّن مَّحِيصٖ ٤٨

Те, к кому они взывали прежде, покинут их, и они обретут уверенность в том, что не смогут сбежать.

ඔවුන් ඇරයුම් කර සිටි පිළිම ඔවුන්ගෙන් මුළා වී ගියේය. සැබැවින්ම අල්ලාහ්ගේ දඬුවමින් පළා යන කිසිදු තැනක් හෝ කිසිවකු හෝ ඔවුනට නොමැති බව තරයේම විශ්වාස කළෝය.

41:49Страница 482

لَّا يَسۡـَٔمُ ٱلۡإِنسَٰنُ مِن دُعَآءِ ٱلۡخَيۡرِ وَإِن مَّسَّهُ ٱلشَّرُّ فَيَـُٔوسٞ قَنُوطٞ ٤٩

Человеку не наскучивает молить о добре, но если его коснется вред, то он отчаивается и теряет надежду.

සුවය, ධනය, දරුවන් හා වෙනත් ආශිර්වාද පැතීමෙහි මිනිසා ආයාසයට පත් වන්නේ නැත. නමුත් ඔහුට යම් දිළිඳුකමක් හෝ රෝගීභාවයක් හෝ වෙනත් යම් අභාග්යයක් අත් වූ විට ඔහු අධික ලෙස නිරායාසයට පත් වෙයි.

41:50Страница 482

وَلَئِنۡ أَذَقۡنَٰهُ رَحۡمَةٗ مِّنَّا مِنۢ بَعۡدِ ضَرَّآءَ مَسَّتۡهُ لَيَقُولَنَّ هَٰذَا لِي وَمَآ أَظُنُّ ٱلسَّاعَةَ قَآئِمَةٗ وَلَئِن رُّجِعۡتُ إِلَىٰ رَبِّيٓ إِنَّ لِي عِندَهُۥ لَلۡحُسۡنَىٰۚ فَلَنُنَبِّئَنَّ ٱلَّذِينَ كَفَرُواْ بِمَا عَمِلُواْ وَلَنُذِيقَنَّهُم مِّنۡ عَذَابٍ غَلِيظٖ ٥٠

Если Мы дадим ему вкусить милость от Нас после того, как его коснется несчастье, то он непременно скажет: «Вот это - для меня, и я не думаю, что настанет Час. Если же я буду возвращен к моему Господу, то у Него для меня обязательно будет уготовано наилучшее». Мы непременно поведаем неверующим о том, что они совершили, и дадим им вкусить жестокие мучения.

තවද ඔහුට අත් වූ රෝගයකට හෝ විපතකට පසුව අප වෙතින් ඔහුට යම් සුවයක් හෝ පොහොසත් කමක් විඳින්නට සැළැස්වූයේ නම් සැබැවින්ම ඔහු, ‘මෙය මා වෙනුවෙනි. සැබැවින්ම මා එය සතු සුදුස්සෙකි. අවසන් හෝරාව ඇති වන බව මම නොසිතමි. සැබැවින්ම අවසන් හෝරාව සිදුවන බවට නියම කරනු ලැබ තිබුණ ද අල්ලාහ් අභියස සැබැවින්ම මම පොහොසත් හා ධනවත් කෙනෙකි. මෙලොවෙහි අල්ලාහ් මාගේ සුදුසුකම වෙනුවෙන් මා වෙත ඔහු ආශිර්වාද කළාක් මෙන් ම මතුලොවෙහිද මා වෙත ඔහු එය ආශිර්වාද කරනු ඇත’ යැයි පවසා සිටියි. අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන් ඔවුන් සිදු කළ දේව ආදේශය හා පාපකම් පිළිබඳ සැබැවින්ම අපි දන්වා සිටින්නෙමු. ඉතා දරුණු ලෙස මුහුණ දෙන්නට සිදුවන දඬවමිකින් අපි ඔවුන් විඳ වන්නට සළස්වමු.

41:51Страница 482

وَإِذَآ أَنۡعَمۡنَا عَلَى ٱلۡإِنسَٰنِ أَعۡرَضَ وَنَـَٔا بِجَانِبِهِۦ وَإِذَا مَسَّهُ ٱلشَّرُّ فَذُو دُعَآءٍ عَرِيضٖ ٥١

Если Мы одаряем человека благами, он отворачивается и удаляется (или превозносится). Если же зло касается его, он начинает произносить пространные молитвы.

ආරෝග්යතාව, සුවය හා වෙනත් සහන අපි මිනිසාට ආශිර්වාද කළ විට, අල්ලාහ්ව මෙනෙහි කිරීම හා ඔහුට අවනත වීම ගැන ඔවුහු නොසැලකිලිමත් වෙති. උඩඟු වී පැත්තකට හැරී යති. නමුත් ඔහුට රෝගයක්, දිළිඳුකමක් හා එවන් දුකක් ඇති වූ විට අල්ලාහ්ගෙන් අධික ලෙස ප්රාර්ථනා කරන්නෙකු වනු ඇත. ඔහුට අත් වූ දෑ ඔහුගෙන් ඉවත් කරන මෙන් ඔහු අල්ලාහ් වෙත පැමිණිලි කර සිටියි. නමුත් අල්ලාහ් ඔහුට ආශිර්වාද කළ විට කෘතවේදී වන්නේ නැත. අල්ලාහ් ඔහුව පරීක්ෂාවට ලක් කළ විට ඉවසා දරා ගත්තේ නැත.

41:52Страница 482

قُلۡ أَرَءَيۡتُمۡ إِن كَانَ مِنۡ عِندِ ٱللَّهِ ثُمَّ كَفَرۡتُم بِهِۦ مَنۡ أَضَلُّ مِمَّنۡ هُوَ فِي شِقَاقِۭ بَعِيدٖ ٥٢

Скажи: «Что вы думаете, а если Коран - от Аллаха, и вы не веруете в него? Кто может быть более заблудшим, чем тот, кто находится в глубоком разладе с истиной?».

අහෝ දූතය! මෙම බොරුකාර ආදේශකයින්ට නුඹ මෙසේ පවසනු. ‘මෙම අල් කුර්ආනය අල්ලාහ් වෙතින් වී පසුව නුඹලා එය ප්රතික්ෂේප කොට එය බොරු කර සිටියේ නම් නුඹලාගේ තත්ත්වය කෙසේ වනු ඇත් ද? සත්යය හෙළි වී, ඒ ගැන බලවත් සාධක පැහැදිළි වූවාත් සමග එය පිළිගැනීමට මුරණ්ඩුකමෙන් සිටින්නාට වඩා නොමඟ ගියවුන් කවුරුන් වනු ඇත් ද?"

41:53Страница 482

سَنُرِيهِمۡ ءَايَٰتِنَا فِي ٱلۡأٓفَاقِ وَفِيٓ أَنفُسِهِمۡ حَتَّىٰ يَتَبَيَّنَ لَهُمۡ أَنَّهُ ٱلۡحَقُّۗ أَوَلَمۡ يَكۡفِ بِرَبِّكَ أَنَّهُۥ عَلَىٰ كُلِّ شَيۡءٖ شَهِيدٌ ٥٣

Мы покажем им Наши знамения по свету и в них самих, пока им не станет ясно, что это есть истина. Неужели не достаточно того, что твой Господь является Свидетелем всякой вещи?

අපගේ වදන් ප්රතික්ෂේප කළ කුරෙයිෂ්වරුන්හට මහපොළොවේ ක්ෂිතිජයේ අල්ලාහ් මුස්ලිම්වරුන්ට ලබා දෙන්නට යන ජයග්රහණයන් මතු පෙන්වා දෙමු. එමෙන්ම මක්කා ජයග්රහණය තුළින් ඔවුන් තුළම අපි අපගේ ප්රාතිහාර්යයන් පෙන්වමු. සැබැවින්ම අල් කුර්ආනය කිසිදු සැකයක් නැති සත්යයක් බවට වූ සැකය ඔවුන්ගෙන් ඉවත් වී ඔවුනට පහැදිළි වන තෙක් අපි එසේ ප්රාතිහාර්යයන් පෙන්වමු. සැබැවින්ම අල් කුර්ආනය සත්යයක් බවට අල්ලාහ්ම සාක්ෂි දැරීම සැබැවින්ම එය සත්යයක් බවට මෙම ආදේශකයින්ට ප්රමාණවත් නොවූයේ ද? අල්ලාහ්ට වඩා අතිමහත් සාක්ෂිකරු වෙනත් කවරෙකු ද? ඔවුන් සත්යය අපේක්ෂා කර සිටියේ නම් ඔවුන්ගේ පරමාධිපතිගේ සාක්ෂිය ඔවුනට ප්රමාණවත් විය යුතුය.

41:54Страница 482

أَلَآ إِنَّهُمۡ فِي مِرۡيَةٖ مِّن لِّقَآءِ رَبِّهِمۡۗ أَلَآ إِنَّهُۥ بِكُلِّ شَيۡءٖ مُّحِيطُۢ ٥٤

Воистину, они сомневаются во встрече со своим Господом. Воистину, Он объемлет всякую вещь.

සැබැවින්ම දේව ආදේශකයින්, යළි අවදි කරනු ලැබීම හෙළා දකින බැවින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ පරමාධිපතිගේ හමුව පිළිබඳ ඔවුහු සැකයෙහි වෙති. එහෙයින් ඔවුහු මතුලොව විශ්වාස නොකරති. දැහැමි ක්රියාවන් තුළින් ඒ සඳහා සූදානම් නොවෙති. දැනගනු! සැබැවින්ම අල්ලාහ් දැනුමෙන් හා බලයෙන් සියලු දේ ආවරණය කරන්නාය.

Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии

Содержание

Аят аль-Курси36Аль-Кахфстр. 42джуз 15Бухари 1Муслим 2999

Вид

Тема
Размер текста
Вид

Read in English