Аль-МухтасарАш‑Шура · 42:1–38

Аль-Мухтасар · Тафсир · на сингальском

الشورى

Аш-Шура

Совет · Мекканская · 53 аята

42:1–2Страница 483

حمٓ ١

Ха. Мим.

عٓسٓقٓ ٢

Айн. Син. Каф.

(හා,මීම්. අයින්,සීන්,කාෆ්) මෙම අකුරු මාළාවන්හි දැක්ම සූරා අල් බකරාහි ආරම්භයේම සඳහන් කරනු ලැබ ඇත.

42:3Страница 483

كَذَٰلِكَ يُوحِيٓ إِلَيۡكَ وَإِلَى ٱلَّذِينَ مِن قَبۡلِكَ ٱللَّهُ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ٣

Так внушает откровение тебе и твоим предшественникам Аллах Могущественный, Мудрый.

අහෝ මුහම්මද්! නුඹ වෙත එවන ලද මෙම දේව පණිවිඩය මෙන්ම නුඹට පෙර විසූ අල්ලාහ්ගේ නබිවරුන් හටත් එවනු ලැබීය. සැබැවින්ම අල්ලාහ් ඔහුගේ සතුරන්හට සමවිපාක ලබා දීමේ දී සර්වබලධාරීය. එමෙන්ම ඔහුගේ සැලසුමෙහි හා මැවීමෙහි ඔහු මහා ප්රඥාවන්තය.

42:4Страница 483

لَهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۖ وَهُوَ ٱلۡعَلِيُّ ٱلۡعَظِيمُ ٤

Ему принадлежит то, что на небесах, и то, что на земле. Он - Возвышенный, Великий.

මැවීමෙන්, පාලනයෙන් හා සැලසුම් කිරීමෙන් අහස්හි ඇති දෑ හා මහපොළෝවේ ඇති දෑ අල්ලාහ්ට පමණක් සතුය. ඔහුගේ ස්වභාවෙයන් ද, ඔහුගේ බලයෙන් ද, ඔහුගේ ආධිපත්යයෙන් ද ඔහු අති උත්තරීතරය. ඔහුගේ පැවැත්මෙන් අති මහත්ය.

42:5Страница 483

تَكَادُ ٱلسَّمَٰوَٰتُ يَتَفَطَّرۡنَ مِن فَوۡقِهِنَّۚ وَٱلۡمَلَٰٓئِكَةُ يُسَبِّحُونَ بِحَمۡدِ رَبِّهِمۡ وَيَسۡتَغۡفِرُونَ لِمَن فِي ٱلۡأَرۡضِۗ أَلَآ إِنَّ ٱللَّهَ هُوَ ٱلۡغَفُورُ ٱلرَّحِيمُ ٥

Небеса готовы разверзнуться сверху (от величия Аллаха; или от многочисленных ангелов; или от слов многобожников). Ангелы прославляют хвалой своего Господа и просят прощения для тех, кто на земле. Воистину, Аллах - Прощающий, Милосердный.

ශුද්ධවන්තයාණන්ගේ බලමහිමය හේතුවෙන්, අහස් ඒවා විශාලත්වයෙන් හා උසින් පිහිටා තිබීමත් සමග පොළෝවාසීන්ට ඉහළින් පැළෙන්නට බලති. මලක්වරුන් ඔවුන්ගේ පරමාධිපතිව පිවිතුරු කරති. යටත් වීමෙන් හා ගෞරව කිරීමෙන් ඔහුට ප්රශංසා කරමින් ඔහුට ගරුබුහුමන් දක්වති. මහපොළොවේ සිටින්නන් වෙනුවෙන් අල්ලාහ්ගෙන් සමාව ඉල්ලා සිටිති. දැනගනු! සැබැවින්ම අල්ලාහ් තම ගැත්තන් අතරින්, සමාව ඇයැද ඔහු වෙත හැරෙන්නන්හට අති ක්ෂමාශීලීය.

42:6Страница 483

وَٱلَّذِينَ ٱتَّخَذُواْ مِن دُونِهِۦٓ أَوۡلِيَآءَ ٱللَّهُ حَفِيظٌ عَلَيۡهِمۡ وَمَآ أَنتَ عَلَيۡهِم بِوَكِيلٖ ٦

Аллах является Хранителем для тех, которые взяли себе иных покровителей и помощников помимо Него (сохраняет их злодеяния для того, чтобы они получили воздаяние), и ты не являешься их попечителем и хранителем.

අල්ලාහ් හැර දමා පිළිම තෝරා ගනිමින්, ඔහු හැර ඔවුන්ගේ භාරකාරත්වය දරන්නටත්, නැමදීමටත් ඒවා පත් කරගත් අය වනාහි, අල්ලාහ් ඔවුන් ගැන බලාපොරොත්තුවෙන් සිටියි. ඔවුන්ගේ ක්රියාවන් ඔහු සටහන් කර, ඒ අනුව ඔහු ඔවුනට ප්රතිවිපාක පිරිනමයි. අහෝ ධර්ම දූතය! ඔවුන්ගේ ක්රියාවන් සටහන් කරන්නෙකු ලෙස නුඹ නැත. එහෙයින් ඔවුන්ගේ ක්රියාවන් ගැන නුඹ විමසා නො සිටිනු. සැබැවින්ම, නුඹ දන්වා සිටින ඇරයුම් කරවෙකු පමණි.

42:7Страница 483

وَكَذَٰلِكَ أَوۡحَيۡنَآ إِلَيۡكَ قُرۡءَانًا عَرَبِيّٗا لِّتُنذِرَ أُمَّ ٱلۡقُرَىٰ وَمَنۡ حَوۡلَهَا وَتُنذِرَ يَوۡمَ ٱلۡجَمۡعِ لَا رَيۡبَ فِيهِۚ فَرِيقٞ فِي ٱلۡجَنَّةِ وَفَرِيقٞ فِي ٱلسَّعِيرِ ٧

Так Мы внушили тебе в откровении Коран на арабском языке, чтобы ты предостерегал Мать селений (жителей Мекки) и тех, кто вокруг нее, и предостерегал от Дня собрания, в котором нет сомнения. Одна часть людей окажется в Раю, а другая часть окажется в Пламени.

අහෝ දූතය! නුඹට පෙර විසූ නබිවරුන්හට අපි දේව පණිවිඩ එව්වාක් මෙන්ම මක්කා වාසීන්ටත් ඒ අවට වෙසෙන ගැමි අරාබිවරුන්ටත්, පසු ව මුලු මිනිස් සංහතියටත් අවවාද කරනු පිණිසත් විනිශ්චය හා ප්රතිඵල සඳහා එකම උස් ස්ථානයක් මුල සිට අග දක්වා වූ සියලු දනන් අල්ලාහ් එක්රැස් කරන දිනය පිළිබඳ නුඹ ජනයින්ට බිය ගැන්වීම පිණිසත් අපි නුඹ වෙත අරාබි බසින් වූ කුර්ආනය පහළ කර ඇත්තෙමු. එම දිනය සිදුවීමෙහි කිසිදු සැකයක් නැත. එහිදී ජනයා කණ්ඩායම් දෙකකට බෙදී යයි. පිරිසක් ස්වර්ගයේ සිටිති. ඔවුහු දෙවියන් විශ්වාස කළවුන්ය. තවත් පිරිසක් නිරා ගින්නේ සිටිති ඔවුන් දෙවියන් ප්රතික්ෂේප කළවුන්ය.

42:8Страница 483

وَلَوۡ شَآءَ ٱللَّهُ لَجَعَلَهُمۡ أُمَّةٗ وَٰحِدَةٗ وَلَٰكِن يُدۡخِلُ مَن يَشَآءُ فِي رَحۡمَتِهِۦۚ وَٱلظَّٰلِمُونَ مَا لَهُم مِّن وَلِيّٖ وَلَا نَصِيرٍ ٨

Если бы Аллах пожелал, то сделал бы их одной общиной верующих. Однако Он вводит в Свою милость того, кого пожелает. А у беззаконников не будет ни покровителя, ни помощника.

ඔවුන් සියලු දෙනාම ඉස්ලාම් දහම මත පදනම් කොට එකම සමූහයක් බවට පත් කරන්නට අල්ලාහ් අභිමත කළේ නම් ඔවුන් එකම සමූහයක් බවට පත් කොට ඔවුන් සියලු දෙනා ස්වර්ගයට ඇතුළත් කරන්නට තිබුණි. නමුත් ඔහු අභිමත කරන අය පමණක් ඉස්ලාමය තුළ ප්රවේශ කොට ස්වර්ගයට ඇතුළත් කිරීම සඳහා ඔහුගේ ප්රඥාව තීන්දු විය. දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් තමන්ටම අපරාධ කරගත් අය වනාහි, ඔවුන්ගේ භාරකාරත්වය දරන්නට කිසිදු භාරකරුවෙකු හෝ උදව්කරුවෙකු හෝ ඔවුනට නැත.

42:9Страница 483

أَمِ ٱتَّخَذُواْ مِن دُونِهِۦٓ أَوۡلِيَآءَۖ فَٱللَّهُ هُوَ ٱلۡوَلِيُّ وَهُوَ يُحۡيِ ٱلۡمَوۡتَىٰ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ٩

Неужели они взяли себе покровителей и помощников вместо Него? Аллах является Покровителем. Он оживляет мертвых, и Он способен на всякую вещь.

නමුත් දේව ආදේශකයින් තමන්ගේ භාරකාරත්වය දැරීම සඳහා අල්ලාහ් හැර වෙනත් භාරකරුවන් පත් කර ගත්තෝය. සැබෑ භාරකරු අල්ලාහ්ය. ඔහු හැර වෙනත් කිසිවෙකු සෙත සලසන්නේ නැත. හානි පමුණුවන්නේ ද නැත. ඔහු විනිශ්චය හා ප්රතිඵල සඳහා ඔවුන් යළි අවදි කිරීම සඳහා මියගියවුනට යළි ප්රාණය ලබා දෙන්නාය. කිසිවක් විසින් ශුද්ධවන්තයාණන්ව පරාජය කළ නොහැක.

42:10Страница 483

وَمَا ٱخۡتَلَفۡتُمۡ فِيهِ مِن شَيۡءٖ فَحُكۡمُهُۥٓ إِلَى ٱللَّهِۚ ذَٰلِكُمُ ٱللَّهُ رَبِّي عَلَيۡهِ تَوَكَّلۡتُ وَإِلَيۡهِ أُنِيبُ ١٠

Решение всего, в чем вы расходитесь во мнениях, остается за Аллахом. Скажи: «Таков Аллах, мой Господь! Я уповаю только на Него и к Нему обращаюсь».

අහෝ ජනයිනි! නුඹලාගේ දහමෙහි යම් මූලිකාංගයක හෝ එහි අනු අංගයක නුඹලා මතභේද ඇති කරගත්තෙහු නම්, එහි තීන්දුව අල්ලාහ් වෙතම විය යුතුය. එවිට එය ඔහුගේ පුස්තකය හා ඔහුගේ දූතයාණන්ගේ පිළිවෙත වෙත යොමු කරනු ලැබේ. මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූ ඔහුය මාගේ පරමාධිපති. මාගේ සියලු කටයුතුවලදී මම ඔහු මත පමණක් ස්ථීර ව රැඳෙමි. පාපක්ෂමාවෙහි නිරත වී ඔහු වෙත යොමු වෙමි.

42:11Страница 484

فَاطِرُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ جَعَلَ لَكُم مِّنۡ أَنفُسِكُمۡ أَزۡوَٰجٗا وَمِنَ ٱلۡأَنۡعَٰمِ أَزۡوَٰجٗا يَذۡرَؤُكُمۡ فِيهِۚ لَيۡسَ كَمِثۡلِهِۦ شَيۡءٞۖ وَهُوَ ٱلسَّمِيعُ ٱلۡبَصِيرُ ١١

Творец небес и земли! Он создал для вас супруг из вас самих, а также скот парами. Так Он размножает вас. Нет никого подобного Ему, и Он - Слышащий, Видящий.

කිසිදු පූර්වාදර්ශයකින් තොර ව අහස්හි හා මහපොළොවෙහි මැවුම්කරු අල්ලාහ්ය. නුඹලාගේ ආයුකාලය අධික කරනු පිණිස නුඹලා තුළින්ම නුඹලාගේ යුගලයන් ඔහු නුඹලාට මැව්වේය. එමෙන්ම නුඹලා වෙනුවෙන් ඔටුවන්, ගවයින් හා එළුවන් අතරින් ද යුගලයන් ඔහු මැව්වේය. නුඹලාගේ යුගලයන් අතර විවාහ වීම සඳහා කලත්රයන් මැව්වේය. නුඹලාගේ ගොවිපළ සතුන් අතරින් උන්ගේ මාංශ හා කිරි නුඹලා පරිභෝජනය කිරීම සඳහා නුඹලාට එමගින් ජීවනාධාර පිරිනැමුවේය. ඔහුගේ මැවීම් අතරින් ඔහුට සමාන කිසිවෙකු නැත. ඔහුගේ ගැත්තන්ගේ ප්රකාශවලට ඔහු සවන් දෙන්නාය. ඔවුන්ගේ ක්රියාවන් පිළිබඳ අධීක්ෂණය කරන්නාය. ඉන් කිසිවක් ඔහුට මඟ හැරෙන්නේ නැත. ඔවුන්ගේ ක්රියාවන් සඳහා ඔහු ප්රතිඵල පිරිනමනු ඇත. එය යහපත් වී නම් යහපතකි. එය අයහපත් වී නම් අයපහතකි.

42:12Страница 484

لَهُۥ مَقَالِيدُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ وَيَقۡدِرُۚ إِنَّهُۥ بِكُلِّ شَيۡءٍ عَلِيمٞ ١٢

Ему принадлежат ключи небес и земли. Он увеличивает или ограничивает удел, кому пожелает. Он знает о всякой вещи.

අහස්හි හා මහපොළොවේ භාණ්ඩාගාරවල යතුරු ඔහුට පමණක් සතුය. ඔහු අභිමත කරන ඔහුගේ ගැත්තන්හට පෝෂණ සම්පත් විස්තීරණ කරන්නේය. කෘතගුණ වීම හෝ ගුණමකු වීම ඔහු සතු තේරීමක් නොවේද?. එලෙස ඔහු අභිමත කරන අයට එය සීමා කරයි. අල්ලාහ්ගේ නියමය මත ඉවසීම හෝ කෝප වීම පරීක්ෂණයක් නොවේ ද?. සැබැවින්ම ඔහු සෑම දෙයක් පිළිබඳවම සර්වඥානීය. තම ගැත්තන් හට යහපත ඇති දෑ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.

42:13Страница 484

۞ شَرَعَ لَكُم مِّنَ ٱلدِّينِ مَا وَصَّىٰ بِهِۦ نُوحٗا وَٱلَّذِيٓ أَوۡحَيۡنَآ إِلَيۡكَ وَمَا وَصَّيۡنَا بِهِۦٓ إِبۡرَٰهِيمَ وَمُوسَىٰ وَعِيسَىٰٓۖ أَنۡ أَقِيمُواْ ٱلدِّينَ وَلَا تَتَفَرَّقُواْ فِيهِۚ كَبُرَ عَلَى ٱلۡمُشۡرِكِينَ مَا تَدۡعُوهُمۡ إِلَيۡهِۚ ٱللَّهُ يَجۡتَبِيٓ إِلَيۡهِ مَن يَشَآءُ وَيَهۡدِيٓ إِلَيۡهِ مَن يُنِيبُ ١٣

Он узаконил для вас в религии то, что заповедал Нуху (Ною), и то, что Мы внушили тебе в откровении, и то, что Мы заповедали Ибрахиму (Аврааму), Мусе (Моисею) и Исе (Иисусу): «Исповедуйте религию и не расходитесь во мнениях относительно нее». Тяжко для многобожников то, к чему ты их призываешь. Аллах избирает для Себя того, кого пожелает, и направляет к Себе того, кто обращается к Нему.

නූහ්(නබි)ට දහම ප්රචාරය කරන මෙන් ද ඒ අනුව කටයුතු කරන මෙන් ද අපි නියෝග කළා සේම නුඹලාටත් දහම සම්බන්ධයෙන් කටයුතු කරන මෙන් ආගමානුගත කර ඇත. අහෝ දූතය! අපි නුඹ වෙත දන්වා සිටි දෑ වනාහි, ප්රචාරය කරන මෙන් හා ඒ අනුව කටයුතු කරන මෙන් ඉබ්රාහීම්, මූසා හා ඊසාට නියෝග කළ දෑම නුඹලාටත් ආගමානුගත කර ඇත. සාරංශයක් වශයෙන්: දහම ස්ථාපිත කිරීම හා එහි ගැටුම් අතහැර දැමීමය. අල්ලාගේ ඒකීයත්වය වෙත දේව ආදේශකයින්හට නුඹලා කළ ඇරයුමත් ඔහු හැර නමදින වෙනත් දෑ අතැහැර දැමීමත් ඔවුනට බැරෑරුම් විය. අල්ලාහ් තම ගැත්තන් අතරින් ඔහු අභිමත කරන අය තෝරා, ඔහුට නැමදුම් කිරීමටත්, අවනත වීමටත් ඔහු ආශිර්වාද කරයි. එමෙන්ම ඔවුන් අතරින් පාපයන් සඳහා පාපක්ෂමාව පතා ඔහු වෙත යොමු වන අයට ඔහු වෙත මග පෙන්වයි.

42:14Страница 484

وَمَا تَفَرَّقُوٓاْ إِلَّا مِنۢ بَعۡدِ مَا جَآءَهُمُ ٱلۡعِلۡمُ بَغۡيَۢا بَيۡنَهُمۡۚ وَلَوۡلَا كَلِمَةٞ سَبَقَتۡ مِن رَّبِّكَ إِلَىٰٓ أَجَلٖ مُّسَمّٗى لَّقُضِيَ بَيۡنَهُمۡۚ وَإِنَّ ٱلَّذِينَ أُورِثُواْ ٱلۡكِتَٰبَ مِنۢ بَعۡدِهِمۡ لَفِي شَكّٖ مِّنۡهُ مُرِيبٖ ١٤

Они распались только после того, как к ним явилось знание, по причине зависти и несправедливого отношения друг к другу. И если бы не было прежде Слова от твоего Господа об отсрочке до назначенного срока, то их спор был бы решен. Воистину, те, которые унаследовали Писание после них, испытывают к нему смутные сомнения.

දේව ප්රතික්ෂේපකයින් හා දේව ආදේශකයින්, ඔවුන් වෙත මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ පැමිණීම ගැන සාධක ඉදිරිපත් කිරීමෙන් පසු ව මිස ඔවුහු වෙන්ව නොගියෝය. ඔවුන්ගේ වෙන්වීම ක්රෝධය හා ඊර්ෂ්යාව හේතු කර ගත්තක් විය. අල්ලාහ්ගේ දැනුමෙහි නියමිත කාලයක් දක්වා -එනම් ඔවුන් අතර තීන්දු දීම සඳහා වූ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා- දඬුවම ඔවුන්ගෙන් ප්රමාද කරන බවට අල්ලාහ්ගේ දැනුමෙහි පෙර නියමයක් නොවී නම්, ඔවුන් අල්ලාහ්ව ප්රතික්ෂේප කළ හේතුවෙන් හා ඔහුගේ ධර්ම දූතවරුන් බොරු කර සිටි හේතුවෙන් දඬුවම ඔවුනට ඉක්මන් වන්නට තිබුණි. ඔවුන්ගේ මුතුන්මිත්තන්ගෙන් පසුව හා මෙම ආදේශකයින්ගෙන් පසුව සැබැවින්ම තව්රාතය උරුම වූ යුදෙව්වන් ද ඉන්ජීලය උරුම වූ කිතුනුවන් ද මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ගෙන ආ අල් කුර්ආනය ගැන සැකයෙහි පසුවෙති.

42:15Страница 484

فَلِذَٰلِكَ فَٱدۡعُۖ وَٱسۡتَقِمۡ كَمَآ أُمِرۡتَۖ وَلَا تَتَّبِعۡ أَهۡوَآءَهُمۡۖ وَقُلۡ ءَامَنتُ بِمَآ أَنزَلَ ٱللَّهُ مِن كِتَٰبٖۖ وَأُمِرۡتُ لِأَعۡدِلَ بَيۡنَكُمُۖ ٱللَّهُ رَبُّنَا وَرَبُّكُمۡۖ لَنَآ أَعۡمَٰلُنَا وَلَكُمۡ أَعۡمَٰلُكُمۡۖ لَا حُجَّةَ بَيۡنَنَا وَبَيۡنَكُمُۖ ٱللَّهُ يَجۡمَعُ بَيۡنَنَاۖ وَإِلَيۡهِ ٱلۡمَصِيرُ ١٥

Посему проповедуй и следуй прямым путем, как тебе было велено. Не потакай их желаниям и говори: «Я уверовал в то, что Аллах ниспослал из Писания, и мне велено относиться к вам справедливо. Аллах - наш Господь и ваш Господь. Нам достанутся наши деяния, а вам - ваши деяния. Нет места доводам (дальнейшим спорам) между нами и вами. Аллах соберет всех нас, и к Нему предстоит прибытие».

මෙම ඍජු දහම වෙතට නුඹ ජනයා ඇරයුම් කරනු. අල්ලාහ් නුඹට නියෝග කළ දෑට අනුකූලව එහි ස්ථාවර ව සිටිනු. ඔවුන්ගේ ව්යාජ ආශාවන් අනුගමනය නොකරනු. ඔවුන් සමග තර්ක කරන විට, ‘මම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වෙත පහළ කළ දේව ග්රන්ථය පිළිබඳ විශ්වාස කරමි. නුඹලා අතර සාධාරණ ලෙස තීන්දු දෙන මෙන් අල්ලාහ් මට නියෝග කර ඇත. මා නමදින අල්ලාහ්, අපගේ පරමාධිපතිය. නුඹලා සියලු දෙනාගේ ද පරමාධිපතිය. අපගේ ක්රියාවන් යහපත් වුවද අයහපත් වුවද එවා අප වෙනුවෙනි. නුඹලාගේ ක්රියාවන් යහපත් වුව ද අයහපත් වුවද ඒවා නුඹලා වෙනුවෙනි. තර්කය පැහැදිලි වූවායින් පසු හා සාධක පෑදුනු පසු අප අතර හා නුඹලා අතර කිසිදු විවාධයක් නැත. අල්ලාහ් අප සියලු දෙනා එක්රැස් කරයි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නැවත හැරී යන ස්ථානය අත්තේ ඔහු වෙතය. අප අතරින් සෑම කෙනෙකුටම ඔහු සුදුසු ප්රතිඵල පිරිනමනු ඇත. එවිට බොරුකාරයාගෙන් සත්යවාදියා ද ව්යාජයෙන් සත්යය ද පැහැදිලිවනු ඇත.

42:16Страница 485

وَٱلَّذِينَ يُحَآجُّونَ فِي ٱللَّهِ مِنۢ بَعۡدِ مَا ٱسۡتُجِيبَ لَهُۥ حُجَّتُهُمۡ دَاحِضَةٌ عِندَ رَبِّهِمۡ وَعَلَيۡهِمۡ غَضَبٞ وَلَهُمۡ عَذَابٞ شَدِيدٌ ١٦

Доводы тех, которые препираются относительно Аллаха после того, как Ему ответили верующие, бесполезны перед их Господом. На них падет гнев, и им уготованы тяжкие мучения.

මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාහට පහළ කරනු ලැබූ මෙම දහම ජනයා පිළිගත් පසුව එහි ව්යාජ සාධක ගෙන තර්ක කරන්නන් වනාහි, ඔවුන්ගේ තර්කය ඔවුන්ගේ පරමාධිපති අබියස හා දේව විශ්වාසීන් අබියස ද ඉවත් වන්නකි. වැටෙන්නකි. එයට කිසිදු බලපෑමක් නැත. ඔවුන් සත්ය ප්රතික්ෂේප කළ හේතුවෙන් හා එය පිටුදැකීම හේතුවෙන් ඔවුන් මත අල්ලාහ්ගෙන් වූ කෝපය ඇති විය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ව බලාපොරොත්තුවෙන් සිටින දැඩි දඬුවමක් ඔවුනට ඇත.

42:17Страница 485

ٱللَّهُ ٱلَّذِيٓ أَنزَلَ ٱلۡكِتَٰبَ بِٱلۡحَقِّ وَٱلۡمِيزَانَۗ وَمَا يُدۡرِيكَ لَعَلَّ ٱلسَّاعَةَ قَرِيبٞ ١٧

Аллах - Тот, Кто ниспослал Писание с истиной и Весы. Откуда тебе знать, возможно, Час близок!

කිසිදු සැකයක් නැති සත්යයෙන් යුත් අල් කුර්ආනය පහළ කළේ අල්ලාහ්ය. ජනයා අතර සාධාරණනීය ලෙස තීන්දු ලබා දෙනු පිණිස ඔහු යුක්ති ධර්මය පහළ කළේය. මොවුන් සමීපයෙන් ඇති දෑ බොරු කර සිටින, සෑම දෙයක්ම ඉතා සමීපයෙන් පැමිණෙන්නට නියමිත අවසන් හෝරාව, එය සිදු වන්නේමය.

42:18Страница 485

يَسۡتَعۡجِلُ بِهَا ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِهَاۖ وَٱلَّذِينَ ءَامَنُواْ مُشۡفِقُونَ مِنۡهَا وَيَعۡلَمُونَ أَنَّهَا ٱلۡحَقُّۗ أَلَآ إِنَّ ٱلَّذِينَ يُمَارُونَ فِي ٱلسَّاعَةِ لَفِي ضَلَٰلِۭ بَعِيدٍ ١٨

Торопят с ним те, которые не веруют в него. А верующие трепещут перед ним и знают, что он является истиной. Воистину, те, которые препираются по поводу Часа, находятся в далеком заблуждении.

ඒ ගැන විශ්වාස නොකරන්නන් ද එය ඉක්මන් කරන මෙන් පතති. ඊට හේතුව සැබැවින්ම ඔවුන් විනිශ්චය ගැන හෝ ප්රතිඵල ගැන හෝ දඬුවම ගැන හෝ විශ්වාස නොකරන බැවිණි. අල්ලාහ් විශ්වාස කළවුන් වනාහි, ඒ ගැන බියෙන් පසුවන්නෝ වෙති. එය ඔවුන් යොමුවන ස්ථානය ගැන බිය හේතුවෙනි. සැබැවින්ම එය කිසිදු සැකයක් නැති සත්යයක්ම බව තරයේම වටහාගෙන සිටිති. දැනගන්න! අවසන් හෝරාව පිළිබඳ වාද කොට එහි තර්ක කොට එය ඇතිවීම ගැන සැක කරන්නන් සත්යයෙන් දුරස් වූ මුළාවෙහි සිටිති.

42:19Страница 485

ٱللَّهُ لَطِيفُۢ بِعِبَادِهِۦ يَرۡزُقُ مَن يَشَآءُۖ وَهُوَ ٱلۡقَوِيُّ ٱلۡعَزِيزُ ١٩

Аллах добр к Своим рабам и наделяет уделом, кого пожелает. Он - Всесильный, Могущественный.

අල්ලාහ් ඔහුගේ ගැත්තන් කෙරෙහි කාරුණිකභාවයෙන් යුක්තය. ඔහු අභිමත කරන අයට පෝෂණ සම්පත් පිරිනමා එම සම්පත් විස්තීරණ කරයි. එමෙන්ම ඔහුගේ ප්රඥාව හා ඔහුගේ කාරුණිකභාවය පදනම් කර ගනිමින් ඔහු අභිමත කරන අයට සීමා කරයි. ඔහු කිසිවකු විසින් අබිබවා යා නොහැකි බලවතාය. ඔහු සතුරන්හට සමප්රතිචාර දක්වන සර්වබලධාරීය.

42:20Страница 485

مَن كَانَ يُرِيدُ حَرۡثَ ٱلۡأٓخِرَةِ نَزِدۡ لَهُۥ فِي حَرۡثِهِۦۖ وَمَن كَانَ يُرِيدُ حَرۡثَ ٱلدُّنۡيَا نُؤۡتِهِۦ مِنۡهَا وَمَا لَهُۥ فِي ٱلۡأٓخِرَةِ مِن نَّصِيبٍ ٢٠

Тому, кто пожелал нивы Последней жизни, Мы увеличим его ниву. Тому же, кто пожелал нивы мирской жизни, Мы дадим из нее, но ему не будет доли в жизни Последней.

කවරකු මතුලොව තිළිණ අපේක්ෂාවෙන් ඒ වෙනුවෙන් කටයුතු කරන්නේ ද ඔහුගේ තිළිණ ඔහුට ගුණ කර දෙන්නෙමු. යහපත් තිළිණ එය හා සමාන දහයකින් ද එය හත්සීය ගුණය දක්වා ද එය ද අධික ලෙස ද ගුණකරමින් දෙන්නෙමු. තවද කවරෙකු මෙලොව අපේක්ෂාවෙන් කටයුතු කරන්නේ ද ඔහුට නියම කරන ලද කොටස පමණක් අපි එහි ඔහුට පිරිනැමුවෙමු. නමුත් ඔහු එම ක්රියාවන් සඳහා යහපත මෙලොවෙහි ඇති බැවින් කිසිදු කොටසක් මතුලොවෙහි ඔහුට හිමි නොවනු ඇත.

42:21Страница 485

أَمۡ لَهُمۡ شُرَكَٰٓؤُاْ شَرَعُواْ لَهُم مِّنَ ٱلدِّينِ مَا لَمۡ يَأۡذَنۢ بِهِ ٱللَّهُۚ وَلَوۡلَا كَلِمَةُ ٱلۡفَصۡلِ لَقُضِيَ بَيۡنَهُمۡۗ وَإِنَّ ٱلظَّٰلِمِينَ لَهُمۡ عَذَابٌ أَلِيمٞ ٢١

Или же у них есть сотоварищи, которые узаконили для них в религии то, чего не дозволил Аллах? Если бы не решающее Слово, то их спор был бы уже решен. Воистину, беззаконникам уготованы мучительные страдания.

එසේ නැතහොත්, අල්ලාහ්ගේ දහමෙහි ඔහු අනුමැතිය නොදුන්නා වූ, ඔහුට ආදේශ තැබීම, අනුමත දෑ තහනම් කිරීම හා තහනම් දෑ අනුමත කිරීම යනාදී කරුණු ඔහුගෙන් තොරව ආගමානුගත කළ වෙනත් දෙවිවරුන් එම ආදේශ තබන්නන්හට සිටිත් ද? මතගැටුම් ඇති කරන්නන් අතර වෙන් කිරීම සඳහා නියමිත කාලයක් හා ඒ වෙත ඔවුන් ප්රමාද කිරීමක් අල්ලාහ් නියම නොකළේ නම් සැබැවින්ම ඔවුන් අතර වෙන් කරන්නට තිබුණි. සැබැවින්ම අල්ලාහ්ට ආදේශ තබමින් පාපකම් සිදු කරමින් ඔවුන්ටම අපරාධකරගත් අය වනාහි, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ව අපේක්ෂා කරන වේදනීය දඬුවමක් ඔවුනට ඇත.

42:22Страница 485

تَرَى ٱلظَّٰلِمِينَ مُشۡفِقِينَ مِمَّا كَسَبُواْ وَهُوَ وَاقِعُۢ بِهِمۡۗ وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ فِي رَوۡضَاتِ ٱلۡجَنَّاتِۖ لَهُم مَّا يَشَآءُونَ عِندَ رَبِّهِمۡۚ ذَٰلِكَ هُوَ ٱلۡفَضۡلُ ٱلۡكَبِيرُ ٢٢

Ты увидишь, как беззаконники будут трепетать от того, что они приобрели, когда это падет на них. А те, которые уверовали и совершали праведные деяния, пребудут в Райских садах. Им уготовано у их Господа все, что они пожелают. Это и есть великая милость.

අහෝ දූතය! දේව ආදේශය හා පාපකම් හේතුවෙන් තමන්ටම අපරාධ කරගත්තවුන් වනාහි, ඔවුන් උපයා ගත් දෑහි දඬුවමට බියෙන් පසුවනු නුඹ දකිනු ඇත. එම දඬුවම කිසිදු සැකයකින් තොර ව ඔවුනට සිදු වන්නේමය. පාපක්ෂමාවෙන් තොර ව බියවීම පමණක් ඔවුනට ප්රයෝජනවත් වන්නේ නැත. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කොට ඔවුනට වඩා වෙනස් දැහැමි ක්රියාවන් සිදු කළවුන් වනාහි, ඔවුහු සැපපහසුකම් විඳින ස්වර්ග උයන්වල සිටිති. ඔවුන්ගේ පරමාධිපති අබියස ඇති කිසිදිනෙක කප්පාදු නොවන විවිධ සැප පහසුකම් අතරින් ඔවුන් කැමති දෑ ඔවුනට ඇත. කිසිදු මහිමයක් කිට්ටු කළ නොහැකි අතිමයත් භාග්යයකි එය.

42:23Страница 486

ذَٰلِكَ ٱلَّذِي يُبَشِّرُ ٱللَّهُ عِبَادَهُ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِۗ قُل لَّآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ أَجۡرًا إِلَّا ٱلۡمَوَدَّةَ فِي ٱلۡقُرۡبَىٰۗ وَمَن يَقۡتَرِفۡ حَسَنَةٗ نَّزِدۡ لَهُۥ فِيهَا حُسۡنًاۚ إِنَّ ٱللَّهَ غَفُورٞ شَكُورٌ ٢٣

Это - то, чем Аллах радует Своих рабов, которые уверовали и совершали праведные деяния. Скажи: «Я не прошу у вас за это никакой награды, кроме любви ради близости (ради моей близости к вам, или ради вашей близости к Аллаху, или любви к моим близким родственникам)». Тому, кто приобретет добро, Мы увеличим его. Воистину, Аллах - Прощающий, Благодарный.

එම ශුභාරංචිය අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කොට දැහැමි ක්රියාවන් සිදු කළවුනට ඔහුගේ දූතයාණන්ගේ දෑතින් අල්ලාහ් දන්වා සිටි මහඟු ශුභාරංචියයි. අහෝ දූතය! නුඹ මෙසේ පවසනු. "සත්යය දන්වා සිටීම වෙනුවෙන් එහි ඵලය නුඹලා වෙත නැවත ලබා දෙන ආකාරයේ තිළිණයක් මිස වෙනත් කිසිදු තිළිණයක් මම නො පතමි. එනම් නුඹලා අතර මා සමීපතයකු වීම සඳහා නුඹලා මට ආදරය කිරීමය. කවරෙකු යහපතක් උපයන්නේ ද, එහි ප්රතිඵල ඔහුට අපි ගුණ කර දෙන්නෙමු. එනම් යහපතක් සඳහා ඒ හා සමාන දස ගුණයකි. ඔහුගේ ගැත්තන් අතරින් කවරෙකු පව් සමාව අයැද ඔහු වෙත යොමුවන්නේ ද ඔවුන්ගේ පාපකම් සඳහා සැබැවින්ම ඔහු අතිශය සමාව දානය කරන්නාය. ඔහුගේ තෘප්තිය බලාපොරොත්තුවෙන් ඔවුන් සිදු කරන ඔවුන්ගේ ක්රියාවන් සඳහා ඔහු කෘතගුණ සලකන්නාය.

42:24Страница 486

أَمۡ يَقُولُونَ ٱفۡتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبٗاۖ فَإِن يَشَإِ ٱللَّهُ يَخۡتِمۡ عَلَىٰ قَلۡبِكَۗ وَيَمۡحُ ٱللَّهُ ٱلۡبَٰطِلَ وَيُحِقُّ ٱلۡحَقَّ بِكَلِمَٰتِهِۦٓۚ إِنَّهُۥ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ ٢٤

Или же они говорят, что он возвел навет на Аллаха? Если бы Аллах пожелал, то наложил бы печать на твое сердце. Своими Словами Аллах стирает ложь и утверждает истину. Воистину, Он знает о том, что в груди.

සැබැවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මෙම කුර්ආනය ගොතා, ඔහුගේ පරමාධිපතිට ආරෝපණය කර ඇති බව පැවසීම දේව ආදේශකයින්ගේ විශ්වාසයයි. ඔවුනට ප්රතිචාර වශයෙන් අල්ලාහ්,‘සැබැවින්ම නුඹ බොරුවක් ගොතා, නුඹ වෙනුවෙන් කතා කර ඇත්නම්, නුඹේ හදවත මත මම මුද්රා තබමි. ගොතන ලද අසත්යය මකා දමමි. සත්ය ඉතිරි කරමි' යැයි අල්ලාහ් පවසයි. එම කරුණ එසේ නොවී නම් සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ සත්යතාව එය පෙන්වා දෙනු ඇත. එනම් සැබැවින්ම එය ඔහුගේ පරමාධිපති විසින් ඔහු වෙත එවන ලද දේව පණිවිඩයක් යන වගය. සැබැවින්ම ඔහුගේ ගැත්තන්ගේ හදවත් තුළ ඇති දෑ පිළිබඳ ඔහු දනී. ඔහුට ඉන් කිසිවක් සැඟවෙන්නේ නැත.

42:25Страница 486

وَهُوَ ٱلَّذِي يَقۡبَلُ ٱلتَّوۡبَةَ عَنۡ عِبَادِهِۦ وَيَعۡفُواْ عَنِ ٱلسَّيِّـَٔاتِ وَيَعۡلَمُ مَا تَفۡعَلُونَ ٢٥

Он - Тот, Кто принимает покаяния Своих рабов, прощает злодеяния и знает то, что вы совершаете.

ඔහු වනාහි, ඔහුගේ ගැත්තන් ඔවුන්ගේ දේව ප්රතික්ෂේපය හා පාපකම් සඳහා ඔහුගෙන් පාපක්ෂමා අයැද සිටින විට එම පාපක්ෂමාව පිළිගන්නා සුවිශුද්ධයාණන්ය. ඔවුන් සිදු කරන පාපකම් ඔහු නොසලකා හරිනු ඇත. නුඹලා කවර කරුණක් සිදු කළ ද ඒ ගැන අල්ලාහ් දනී. ඔවුන්ගේ ක්රියාවන් අතරින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.

42:26Страница 486

وَيَسۡتَجِيبُ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ وَيَزِيدُهُم مِّن فَضۡلِهِۦۚ وَٱلۡكَٰفِرُونَ لَهُمۡ عَذَابٞ شَدِيدٞ ٢٦

Он отвечает тем, которые уверовали и совершают праведные деяния, и приумножает им из Своей милости. А неверующим уготованы тяжкие мучения.

අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් සිදු කළවුන්ගේ ප්රාර්ථනාවන්ට ඔහු පිළිතුරු සපයයි. ඔවුහු ඔහුගෙන් නොපැතූ දෑ ද ඔහුගේ භාග්යයෙන් ඔහු ඔවුනට අධික කර දෙයි. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව ප්රතික්ෂේප කරන්නන් වනාහි, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ව බලාපොරොත්තුවෙන් සිටින බලවත් දඬුවමක් ඔවුන් සතු වනු ඇත.

42:27Страница 486

۞ وَلَوۡ بَسَطَ ٱللَّهُ ٱلرِّزۡقَ لِعِبَادِهِۦ لَبَغَوۡاْ فِي ٱلۡأَرۡضِ وَلَٰكِن يُنَزِّلُ بِقَدَرٖ مَّا يَشَآءُۚ إِنَّهُۥ بِعِبَادِهِۦ خَبِيرُۢ بَصِيرٞ ٢٧

Если бы Аллах увеличил удел Своим рабам, они стали бы бесчинствовать на земле. Однако Он ниспосылает его в меру, как пожелает. Воистину, Он ведает о Своих рабах и видит их.

අල්ලාහ් තම පෝෂණ සම්පත් තමන්ගේ සියලු ගැත්තන් හට පුළුල්ව ප්රදානය කළේ නම්, ඔවුහු අපරාධ කරමින් මහපොළොවේ සීමාව ඉක්මවා කටයුතු කරනු ඇත. නමුත් ශුද්ධවන්තයාණන් පුළුල් වශයෙන් ද, සීමා කරමින් ද, ඔහු අභිමත කරන ප්රමාණ කොට පෝෂණ සම්පත් පහළ කරනු ඇත. සැබැවින්ම ඔහු ඔහුගේ ගැත්තන්ගේ තත්ත්වයන් ගැන තොරතුරු මැනවින් දන්නාය. එය අධීකෂණය කරමින් සිටින්නාය. එහෙයින් යම් ප්රඥාවක් වෙනුවෙන් ඔහු පිරිනමයි. එමෙන්ම යම් ප්රඥාවක් වෙනුවෙන් ඔහු එය වළක්වාලයි.

42:28Страница 486

وَهُوَ ٱلَّذِي يُنَزِّلُ ٱلۡغَيۡثَ مِنۢ بَعۡدِ مَا قَنَطُواْ وَيَنشُرُ رَحۡمَتَهُۥۚ وَهُوَ ٱلۡوَلِيُّ ٱلۡحَمِيدُ ٢٨

Он - Тот, Кто ниспосылает дождь после того, как они отчаиваются, и распространяет Свою милость. Он - Достохвальный Покровитель.

වර්ෂාව පහළ වීම ගැන බලාපොරොත්තු සුන්වී ගිය පසුව තම ගැත්තන්හට වර්ෂාව පහළ කරනුයේ ඔහුය. එවිට එම වර්ෂාව දසත පැතිරී යයි. එවිට මහපොළොව පැලෑටි හටගන්වයි. එමෙන්ම ඔහු තම ගැත්තන්ගේ කටයුතු භාරව සිටින්නාය. සියලු තත්ත්වයන්හි ඔහු ප්රශංසාලාභීය.

42:29Страница 486

وَمِنۡ ءَايَٰتِهِۦ خَلۡقُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَثَّ فِيهِمَا مِن دَآبَّةٖۚ وَهُوَ عَلَىٰ جَمۡعِهِمۡ إِذَا يَشَآءُ قَدِيرٞ ٢٩

Среди Его знамений - создание небес и земли, а также тех живых существ (или те живые существа), которых Он расселил на них. Он способен собрать их, когда пожелает.

අහස් මැවීම, මහපොළොව මැවීම, ඒ දෙක තුළ අපූරු මැවීම් විසිරුවා තිබීම යනාදිය අල්ලාහ්ගේ ඒකීයත්වය හා ඔහුගේ බලය පෙන්වා දෙන ඔහුගේ සංඥාවන් අතරිනි. ඔහු අභිමත වේලාවක රැස්කිරීම සඳහාත්, ප්රතිඵල පිරිනැමීම සඳහාත් ඔහු ඔවුන් එකතු කරන්නාය. පළමු වරට ඔවුන් මැවීමට අපොහොසත් නොවූ මෙන්ම එසේ අවදි කිරීමද අල්ලාහ්ට අපොහොසත් කාර්යයක් වන්නේ නැත.

42:30Страница 486

وَمَآ أَصَٰبَكُم مِّن مُّصِيبَةٖ فَبِمَا كَسَبَتۡ أَيۡدِيكُمۡ وَيَعۡفُواْ عَن كَثِيرٖ ٣٠

Любое бедствие постигает вас лишь за то, что приобрели ваши руки, и Он прощает вам многое.

අහෝ ජනයිනි! නුඹලා අතර හෝ නුඹලාගේ සම්පත් අතර යම් අභාග්යයක් අත් වූයේ නම් එය නුඹලාගේ අත්වලින් නුඹලා උපයා ගත් දෑ හේතුවෙනි. ඒවායින් බොහෝ දෑ නුඹලා වෙනුවෙන් අල්ලාහ් නොසලකා හැර ඇත. එමගින් නුඹලාව වරදකරුවන් බටව පත් කර නැත.

42:31Страница 486

وَمَآ أَنتُم بِمُعۡجِزِينَ فِي ٱلۡأَرۡضِۖ وَمَا لَكُم مِّن دُونِ ٱللَّهِ مِن وَلِيّٖ وَلَا نَصِيرٖ ٣١

Вы не спасетесь бегством на земле, и нет у вас, помимо Аллаха, ни покровителя, ни помощника.

නුඹලාගේ පරමාධිපති නුඹලාට දඬුවම් කිරීමට අපේක්ෂා කළ විට ඔහුගෙන් පලා ගොස් මිදෙන්නට නුඹලාට හැකියාවක් නැත. ඔහු හැර නුඹලාගේ කටයුතු භාරව කටයුතු කරන වෙනත් භාරකරුවෙකු නුඹලාට නැත. එමෙන්ම ඔහු නුඹලාට දඬුවමක් අපේක්ෂා කළ විට එයින් නුඹලාව වළක්වාලන කිසිදු උදව් කරුවෙකු ද නැත.

42:32Страница 487

وَمِنۡ ءَايَٰتِهِ ٱلۡجَوَارِ فِي ٱلۡبَحۡرِ كَٱلۡأَعۡلَٰمِ ٣٢

Среди Его знамений - плывущие по морю корабли, подобные горам.

අල්ලාහ්ගේ ඒකීයත්වය හා ඔහුගේ බලය පෙන්වා දෙන ඔහුගේ තවත් සංඥාවක් වනුයේ කඳු මෙන් සාගරයට ඉහළින් උසින් යාත්රා කරන නැව්ය.

42:33Страница 487

إِن يَشَأۡ يُسۡكِنِ ٱلرِّيحَ فَيَظۡلَلۡنَ رَوَاكِدَ عَلَىٰ ظَهۡرِهِۦٓۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّكُلِّ صَبَّارٖ شَكُورٍ ٣٣

Если Он пожелает, то успокоит ветер, и тогда они останутся неподвижными на его (моря) поверхности. Воистину, в этом - знамения для каждого терпеливого, благодарного.

ඒවා ගමන් කරවන සුළඟ හැමීම නවතාලන්නට අල්ලාහ් අභිමත කළේ නම්, එවා ක්රියා විරහිත වී මුහුදේම නැවතී තිබෙනු ඇත. නැව් මැවීම, සුළඟ වසඟ කරදීම යනාදිය මෙනෙහි කිරීම තුළ පරීක්ෂාවන් හා දුෂ්කරතාවන් මත ඉවසීමෙන් කටයුතු කරන ඔහුට පිරිනැමූ අල්ලාහ්ගේ ආශිර්වාදවලට ගුණගරුක වන සෑම කෙනෙකුටම අල්ලාහ්ගේ බලය පෙන්වා දෙන පැහැදිළි සාධක ඇත.

42:34Страница 487

أَوۡ يُوبِقۡهُنَّ بِمَا كَسَبُواْ وَيَعۡفُ عَن كَثِيرٖ ٣٤

Он может погубить их (корабли) за то, что они (люди) приобрели, но Он прощает многих.

එසේ නැතහොත්, එම නැව් මත සුළී කුණාටුවක් එවා ඒවා විනාශ කිරීමට ශුද්ධවන්තයාණන් අභිමත කර සිටියේ නම් මිනිසා උපයාගත් පාපකම් නිසාවෙන් ඔහු ඒවා විනාශ කරන්නට තිබුණි. නමුත් තම ගැත්තන්ගේ බොහෝ පාපකම් ඔහු නොසලකා හරියි. ඒ සඳහා ඔවුන් දඬුවමට ලක් නොකරයි.

42:35Страница 487

وَيَعۡلَمَ ٱلَّذِينَ يُجَٰدِلُونَ فِيٓ ءَايَٰتِنَا مَا لَهُم مِّن مَّحِيصٖ ٣٥

Те, которые препираются относительно Наших знамений, знают, что они не смогут сбежать.

සුළී කුණාටුවක් එවීමෙන් එම නැව් විනාශ කරන අවස්ථාවේ අල්ලාහ්ගේ වදන් ව්යාජත්වයට පත් කිරීම සඳහා එහි තර්ක කරන්නන් පිළිබඳ ඔහු දනී. එම විනාශයෙන් පළා යන්නට ඔවුනට කිසිදු තැනක් නැත. එවිට ඔවුන් අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු ඇරයුම් නොකරති. ඔහු හැර වෙනත් දෑ අතහැර දමති.

42:36Страница 487

فَمَآ أُوتِيتُم مِّن شَيۡءٖ فَمَتَٰعُ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۚ وَمَا عِندَ ٱللَّهِ خَيۡرٞ وَأَبۡقَىٰ لِلَّذِينَ ءَامَنُواْ وَعَلَىٰ رَبِّهِمۡ يَتَوَكَّلُونَ ٣٦

Все, что даровано вам, является преходящим благом мирской жизни. А то, что есть у Аллаха, будет лучше и долговечнее для тех, которые уверовали и уповают на своего Господа,

අහෝ ජනයිනි! ධනය, නිලය හෝ දරුවන්ගෙන් කවර කරුණක් නුඹලාට දෙනු ලබන්නේ ද එය මෙලොව ජීවිතයේ භුක්ති විඳීමක් පමණි. ඒවා විසන්ධි වී පහව යන දෑය. සදා සැපත යනු අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කොට ඔවුන්ගේ සියලුම කටයුතුවලදී ඔවුන්ගේ පමරාධිපති මත පමණක් රැඳී සිටින්නන්හට අල්ලාහ් සූදානම් කර ඇති ස්වර්ග සැපතයි.

42:37Страница 487

وَٱلَّذِينَ يَجۡتَنِبُونَ كَبَٰٓئِرَ ٱلۡإِثۡمِ وَٱلۡفَوَٰحِشَ وَإِذَا مَا غَضِبُواْ هُمۡ يَغۡفِرُونَ ٣٧

которые избегают великих грехов и мерзостей и прощают, когда гневаются,

තවද ඔවුහු බරපතළ පාපයන්ගෙන් හා අශීලාචාරකම් වලින් දුරස්වන්නන් වෙති. ඔවුන් වෙත වදනින් හෝ ක්රියාවෙන් නපුරක් කළ අයකු සම්බන්ධයෙන් ඔවුන් කෝපවූ විට, ඔහුට නිහතමානීව සමාව දෙති. ඒ වෙනුවෙන් දඬුවම් නොකරති. මෙම සමාව එහි හොඳක් හෝ යහපතක් තිබූ විට ඔවුනට හිමිවන භාග්යයකි.

42:38Страница 487

وَٱلَّذِينَ ٱسۡتَجَابُواْ لِرَبِّهِمۡ وَأَقَامُواْ ٱلصَّلَوٰةَ وَأَمۡرُهُمۡ شُورَىٰ بَيۡنَهُمۡ وَمِمَّا رَزَقۡنَٰهُمۡ يُنفِقُونَ ٣٨

которые отвечают своему Господу, совершают намаз, совещаются между собой о делах и расходуют из того, чем Мы их наделили,

තවද ඔවුහු වනාහි, ඔවුනට නියෝග කරනු ලැබූ දෑ පිළිපදිමින් හා තහනම් කළ දැයින් වැළකී සිටිමින් ඔවුන්ගේ පරමාධිපතිට පිළිතුරු දුන් අය වෙති. සලාතය පූර්ණ අයුරින් විධිමත්ව ඉටු කළවුන් වෙති. ඔවුන්ගේ වැදගත් කරුණු සම්බන්ධයෙන් එකිනෙකා සාකච්ඡා කරන්නන් වෙති. එමෙන්ම අපි ඔවුනට පිරිනැමූ දැයින් අල්ලාහ්ගේ තෘප්තිය උදෙසා වියදම් කරන්නන් වෙති.

Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии

Содержание

Аят аль-Курси36Аль-Кахфстр. 42джуз 15Бухари 1Муслим 2999

Вид

Тема
Размер текста
Вид

Read in English