Аль-Мухтасар · Тафсир · на сингальском
الجن
Аль-Джинн
Джинны · Мекканская · 28 аятов
72:1Страница 572
قُلۡ أُوحِيَ إِلَيَّ أَنَّهُ ٱسۡتَمَعَ نَفَرٞ مِّنَ ٱلۡجِنِّ فَقَالُوٓاْ إِنَّا سَمِعۡنَا قُرۡءَانًا عَجَبٗا ١
Скажи: «Мне было открыто, что несколько джиннов послушали чтение Корана и сказали: «Воистину, мы слышали удивительный Коран.
‘නහ්ඃලා’ නම් දේශය මධ්යයේ ජින්වරුන්ගෙන් පිරිසක් මාගේ කුර්ආන් පාරායනයට සවන් දී ඔවුන් ඔවුන්ගේ සමූහයා වෙත හැරී ගිය කල්හි ඔවුහු: ‘සැබැවින්ම පුදුමාකාර විස්තර සහිත ඉතා පැහැදිලිව කියවන ලැබූ වදනකට අපි සවන් දුනිමු’ යැයි පවසමින් ඔවුන්ගේ සමූහයා වෙත දන්වා සිටී පුවත අල්ලාහ් මට දන්වා සිටි බව ඔබේ සමූහයාට ඔබ පවසන්න.
72:2Страница 572
يَهۡدِيٓ إِلَى ٱلرُّشۡدِ فَـَٔامَنَّا بِهِۦۖ وَلَن نُّشۡرِكَ بِرَبِّنَآ أَحَدٗا ٢
Он наставляет на прямой путь, и мы уверовали в него и не будем приобщать сотоварищей к нашему Господу.
අපි සවන් දුන් එම වදන ප්රතිපත්තිමය වශයෙන් කතාවෙන් හා ක්රියාවෙන් නිවැරදි බව පෙන්වා දෙයි. එහෙයින් අපි එය විශ්වාස කළෙමු. එය පහළ කළ ඒකීය පරමාධිපතිට අපි කිසිවිටෙක ආදේශ නොතබමු.
72:3Страница 572
وَأَنَّهُۥ تَعَٰلَىٰ جَدُّ رَبِّنَا مَا ٱتَّخَذَ صَٰحِبَةٗ وَلَا وَلَدٗا ٣
Величие (или богатство) нашего Господа превысокое, и Он не взял Себе ни супруги, ни сына.
තවද අපගේ පරමාධිපතිගේ විභූතිය හා ඔහුගේ කීර්තිය උත්තරීතර බවත් දෙවියන්ට ආදේශ තබන්නන් පවසනවාක් මෙන් නොව, ඔහු කිසිදු බිරියක් හෝ දරුවකු හෝ නොගත් බවත් අපි විශ්වාස කළෙමු.
72:4Страница 572
وَأَنَّهُۥ كَانَ يَقُولُ سَفِيهُنَا عَلَى ٱللَّهِ شَطَطٗا ٤
Глупец среди нас (Иблис) наговаривал на Аллаха чрезмерное.
සැබැවින්ම ෂෙයිතාන් පාරිශුද්ධ අල්ලාහ්ට බිරියන් හා දරුවන් සිටින බවට ඈඳමින් ව්යාජ ප්රකාශයක් පවසා සිටියේය.
72:5Страница 572
وَأَنَّا ظَنَنَّآ أَن لَّن تَقُولَ ٱلۡإِنسُ وَٱلۡجِنُّ عَلَى ٱللَّهِ كَذِبٗا ٥
Мы же думали, что ни люди, ни джинны не станут говорить об Аллахе ложь.
ජින්නුන් හා මිනිසුන් අතර සිටින දෙවියන්ට ආදේශ තබන්නන්, අල්ලාහ්ට සහකාරියක් හා දරුවකු සිටින බව විශ්වාස කරමින් සිටියදී ඔවුන් බොරුවක් නොපවසන බව සැබැවින්ම අපි සිතුවෙමු. එහෙයින් ඔවුන් අනුගමනය කරමින් ඔවුන්ගේ ප්රකාශය අපි විශ්වාස කළෙමු.
72:6Страница 572
وَأَنَّهُۥ كَانَ رِجَالٞ مِّنَ ٱلۡإِنسِ يَعُوذُونَ بِرِجَالٖ مِّنَ ٱلۡجِنِّ فَزَادُوهُمۡ رَهَقٗا ٦
Мужи из числа людей искали покровительства мужей из числа джиннов, но они только увеличивали в них страх (или беззаконие).
අඥාන යුගයේ ජින්නුන්ගෙන් පිරිසක් බියකරු ස්ථානයෙන් බසින විට මිනිසුන්ගෙන් පිරිසක් ඔවුන්ගෙන් සේවය පැතූහ. ඔවුන්ගෙන් අයක්, "මෙම මිටියාවතේ නායකයාණන්ගෙන් මෙහි ජීවත් වන සමූහයාගේ අඥානකමේ නපුරෙන් මම ආරක්ෂාව පතමි." යැයි පැවසීය. මිනිස් පිරිස බියෙන් හා ත්රාසයෙන් ජින් පිරිසට වඩා වැඩි විය.
72:7Страница 572
وَأَنَّهُمۡ ظَنُّواْ كَمَا ظَنَنتُمۡ أَن لَّن يَبۡعَثَ ٱللَّهُ أَحَدٗا ٧
Они думали так же, как и вы, что Аллах никого не воскресит.
අහෝ ජින් වර්ගයනි, විනිශ්චය හා ප්රතිඵල පිරිනැමීම සඳහා මිය ගිය පසු සැබැවින්ම අල්ලාහ් කිසිවකු අවදි නොකරන බව නුඹලා සිතනවාක් මෙන් සැබැවින්ම මිනිසුන් ද සිතුවෝය.
72:8Страница 572
وَأَنَّا لَمَسۡنَا ٱلسَّمَآءَ فَوَجَدۡنَٰهَا مُلِئَتۡ حَرَسٗا شَدِيدٗا وَشُهُبٗا ٨
Мы достигли неба, но обнаружили, что оно заполнено суровыми стражами и пылающими огнями.
අහසින් ලැබෙන තොරතුරු අපි පැතුවෙමු. නමුත් එයට සවන් දීමෙන් අප වළක්වා එය ආරක්ෂා කරන මලක්වරුන් අහස පුරා අපි දුටුවෙමු. ගිනි පෙනැලි ද පිරී තිබිණ. අහසට සමීප වන සෑම කෙනෙකුටම එමගින් පහර දෙන ලදී.
72:9Страница 572
وَأَنَّا كُنَّا نَقۡعُدُ مِنۡهَا مَقَٰعِدَ لِلسَّمۡعِۖ فَمَن يَسۡتَمِعِ ٱلۡأٓنَ يَجِدۡ لَهُۥ شِهَابٗا رَّصَدٗا ٩
Прежде мы садились там на седалищах, чтобы подслушивать. Но тот, кто подслушает сейчас, обнаружит, что его подстерегает пылающий огонь.
පෙර සිටම මලක්වරුන් හුවමාරු කර ගන්නා දෑ සවන් දීම සඳහා අහසෙහි නියමිත ස්ථානයක් අපි ගෙන සිටි අතර එම තොරතුරු පොළෝ වාසීන් අතර සිටින හූනියම් කරුවන් වෙත අපි දන්වා සිටියෙමු. දැන් එම කරුණු වෙනස් වී ඇත. අප අතරින් කවරෙකු සවන් දෙන්නේ ද ඔහුට පහර දීම සඳහා ගිනි පන්දම් දකිනු ඇත. එහෙයින් ඔහු සමීප වන විට ඔහු වෙත එම පන්දම් එවනු ලැබේ. එවිට ඔහු පිළිස්සී යනු ඇත.
72:10Страница 572
وَأَنَّا لَا نَدۡرِيٓ أَشَرٌّ أُرِيدَ بِمَن فِي ٱلۡأَرۡضِ أَمۡ أَرَادَ بِهِمۡ رَبُّهُمۡ رَشَدٗا ١٠
Мы не знаем, зло ли задумано для тех, кто на земле, или Господь пожелал направить их на прямой путь.
මෙම දැඩි ආරක්ෂාවට හේතුව කුමක් දැ?යි අපි නොදනිමු. එමෙන්ම එය පොළෝ වාසීන්ට නරකක් අපේක්ෂා කරනු ලැබේ ද, එසේ නැතහොත් සැබැවින්ම අල්ලාහ් එමගින් ඔවුනට යහපතක් පතන්නේ දැයි අපි නොදනිමු. දැන් අහස් තොරතුරු දැන ගැනීමෙන් අප වළක්වනු ලැබ ඇත.
72:11Страница 572
وَأَنَّا مِنَّا ٱلصَّٰلِحُونَ وَمِنَّا دُونَ ذَٰلِكَۖ كُنَّا طَرَآئِقَ قِدَدٗا ١١
Среди нас есть праведные и те, которые ниже этого. Мы были разрозненными группами.
ජින් වර්ගයා වන අප අතර භක්තිමත් ව කටයුතු කරන දැහැමියන් ද වෙති. එමෙන්ම ප්රචණ්ඩකාරී ලෙස හැසිරෙන දේව ප්රතික්ෂේපකයින් ද වෙති. අපි විවිධ කණ්ඩායම් වශයෙන් හා විවිධ ආශාවන් අනුගමනය කරන්නන් ලෙස සිටියෙමු.
72:12Страница 572
وَأَنَّا ظَنَنَّآ أَن لَّن نُّعۡجِزَ ٱللَّهَ فِي ٱلۡأَرۡضِ وَلَن نُّعۡجِزَهُۥ هَرَبٗا ١٢
Мы знали, что не спасемся от Аллаха на земле и не спасемся от Него бегством.
තවද සැබැවින්ම අප ගැන යමක් අල්ලාහ් අපේක්ෂා කළ විට, එය කිසිවිටෙක අප විසින් නැති කළ නොහැකි අතරම එය අප ආවරණය කර ඇති බැවින් ඉන් පලා ගොස් ඔහුගෙන් මිදීය නොහැකි බව අපි තරයේ විශ්වාස කළෙමු.
72:13Страница 572
وَأَنَّا لَمَّا سَمِعۡنَا ٱلۡهُدَىٰٓ ءَامَنَّا بِهِۦۖ فَمَن يُؤۡمِنۢ بِرَبِّهِۦ فَلَا يَخَافُ بَخۡسٗا وَلَا رَهَقٗا ١٣
Когда же мы услышали верное руководство, то уверовали в него. А тот, кто верует в своего Господа, не должен бояться ни обиды, ни притеснения.
වඩාත් නිවැරදි දෑ වෙත මග පෙන්වන අල් කුර්ආනයට අපි සවන් දුන් කල්හි නියත වශයෙන්ම අපි ඒ ගැන විශ්වාස කළෙමු. එහෙයින් කවරෙකු තම පරමාධිපති ව විශ්වාස කරන්නේ ද ඔහුගේ කුසල් අඩුවීම ගැන හෝ පෙර සිදු කළ ඔහුගේ පාපකම් සමග තවත් පාපකම් එකතු වීම ගැන හෝ ඔහු බිය වන්නේ නැත.
72:14Страница 573
وَأَنَّا مِنَّا ٱلۡمُسۡلِمُونَ وَمِنَّا ٱلۡقَٰسِطُونَۖ فَمَنۡ أَسۡلَمَ فَأُوْلَٰٓئِكَ تَحَرَّوۡاْ رَشَدٗا ١٤
Среди нас есть мусульмане и уклонившиеся. Те, которые стали мусульманами, последовали прямым путем.
තවද සැබැවින්ම අප අතර අල්ලාහ්ට අවනත වීමෙන් ඔහුට යටත් වූ මුස්ලිම්වරු ද වෙති එමෙන්ම ඉලක්කගත ඍජු මාර්ගයෙන් ඉවත් වූ වැරදිකරුවන් ද වෙති. එහෙයින් කවරෙකු අවනත වී දැහැමි ක්රියාවන් සිදු කිරීම තුළින් අල්ලාහ්ට යටහත් පහත් වන්නේ ද ඍජු මාර්ගය හා නිවැරදි මාර්ගය ඉලක්ක කර ගත්තෝ ඔවුහුමය.
72:15Страница 573
وَأَمَّا ٱلۡقَٰسِطُونَ فَكَانُواْ لِجَهَنَّمَ حَطَبٗا ١٥
Уклонившиеся же будут дровами для Геенны»».
ඉලක්කගත හා ඍජු මාර්ගයෙන් පෙරළුණු පීඩකයින් වනාහි ඔවුන්ගේ මිනිස් ස්වරූපය සමග නිරය සඳහා ඇවිළීමට භාවිත කරනු ලබන ඉන්ධන බවට පත් වී ඇත්තෝය.
72:16Страница 573
وَأَلَّوِ ٱسۡتَقَٰمُواْ عَلَى ٱلطَّرِيقَةِ لَأَسۡقَيۡنَٰهُم مَّآءً غَدَقٗا ١٦
Если бы они устояли на прямом пути, то Мы напоили бы их водой вволю,
ජින්නුන් අතරින් පිරිසක් සැබැවින්ම සවන් දුන් බවට ඔහු වෙත දේව පණිවිඩ එව්වාක් මෙන් සැබැවින්ම ජින් හා මිනිස් වර්ගයා ඉස්ලාමීය පිළිවෙත මත ස්ථාවර ව සිට එහි ඇති දෑ පිළිපැද්දේ නම්, අල්ලාහ් ඔවුනට අධික වශයෙන් වැසි ජලය පතිත කරනු ඇත. එමෙන්ම විවිධ ආශිර්වාද ඔවුනට වැඩි කර දෙනු ඇතැයි ද ඔහු වෙත දේව පණිවිඩ එවීය.
72:17Страница 573
لِّنَفۡتِنَهُمۡ فِيهِۚ وَمَن يُعۡرِضۡ عَن ذِكۡرِ رَبِّهِۦ يَسۡلُكۡهُ عَذَابٗا صَعَدٗا ١٧
чтобы этим подвергнуть их испытанию. А тех, кто отвращается от Напоминания своего Господа, Он ввергает в тяжкие мучения.
එය, ඔවුන් අල්ලාහ්ගේ ආශිර්වාදයට කෘතඥ වන්නේ ද, එසේ නැතහොත් ගුණමකු වන්නේ ද යැයි අපි ඔවුන් එහි පරීක්ෂණය කරනු පිණිසය. කවරෙකු අල් කුර්ආනය හා එහි ඇති උපදෙස් පිටු දකින්නේ ද, දැරිය නොහැකි ඉතා දුෂ්කර දඬුවමකට ඔහුගේ පරමාධිපති ඔහු ව ඇතුළත් කරනු ඇත.
72:18Страница 573
وَأَنَّ ٱلۡمَسَٰجِدَ لِلَّهِ فَلَا تَدۡعُواْ مَعَ ٱللَّهِ أَحَدٗا ١٨
Мечети принадлежат Аллаху. Не взывайте же ни к кому наряду с Аллахом.
සැබැවින්ම මසාජිද් හෙවත් දේවස්ථාන අල්ලාහ් සඳහා මිස වෙනස් කිසිවකු සඳහා පිහිටා ඇත්තක් නොවේ. එහෙයින් නුඹලා එහි අල්ලාහ් සමග කිසිවක් ඇරයුම් නොකරන්න. එසේ කරන්නේ නම් ඔවුනොවුන්ගේ දේවස්ථාන හා ආරාමවල සිටි යුදෙව්වන් හා කිතුනුවන් මෙන් නුඹලා ද පත් වෙති.
72:19Страница 573
وَأَنَّهُۥ لَمَّا قَامَ عَبۡدُ ٱللَّهِ يَدۡعُوهُ كَادُواْ يَكُونُونَ عَلَيۡهِ لِبَدٗا ١٩
Когда раб Аллаха встал, обращаясь с мольбой к Нему, они столпились вокруг него (джинны столпились вокруг Пророка, чтобы послушать Коран, или неверующие ополчились против него, чтобы помешать ему).
දේව ගැති මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා නහ්ඃලා දේශ මධ්යයේ තම පරමාධිපතිට නැමදුම් කිරීම සඳහා නැගී සිටි කල්හි එතුමාණන්ගේ අල් කුර්ආන් පාරායනයට සවන් දෙන අවස්ථාවේ තද බදයෙන් ජින්නුන් එකිනෙකාට බැඳී සමීපව සිටින්නන්ට බැලීය.
72:20Страница 573
قُلۡ إِنَّمَآ أَدۡعُواْ رَبِّي وَلَآ أُشۡرِكُ بِهِۦٓ أَحَدٗا ٢٠
Скажи: «Я взываю только к своему Господу и никого не приобщаю в сотоварищи к Нему».
අහෝ දූතය! දෙවියන් ආදේශ කරන මොවුනට, ‘සැබැවින්ම මම මාගේ පරමාධිපති ව පමණක් ඇරයුම් කරමි. කවර කෙනෙකු සිටිය ද ඔහුට පමණක් නැමදුම් කරමි ඒ හැර වෙනත් කිසිවක් ඔහුට ආදේශ නොතබමි’ යැයි නුඹ පවසනු.
72:21Страница 573
قُلۡ إِنِّي لَآ أَمۡلِكُ لَكُمۡ ضَرّٗا وَلَا رَشَدٗا ٢١
Скажи: «Не в моей власти навредить вам или наставить вас на прямой путь».
නුඹලාට අල්ලාහ් නියම කළ යම් හානියක් වී නම් එයින් නුඹලා ආරක්ෂා කිරීමට මම හැකියාව නොදරමි. එමෙන්ම අල්ලාහ් නුඹලාට තහනම් කළ දෙයක් ගෙන දෙන්නට ද මම හැකියාව නොදරමි.
72:22Страница 573
قُلۡ إِنِّي لَن يُجِيرَنِي مِنَ ٱللَّهِ أَحَدٞ وَلَنۡ أَجِدَ مِن دُونِهِۦ مُلۡتَحَدًا ٢٢
Скажи: «Никто не защитит меня от Аллаха, и мне не найти помимо Него прибежища.
‘මම අල්ලාහ්ට පිටු පෑවේ නම් ඔහුගෙන් මා ආරක්ෂා කරන්නට කිසිවකුට නොහැක්කේමය. තවද ඔහු හැර යොමුවන්නට වෙනත් පිළිසරණක් මට නැතැ’ යැයි නුඹ ඔවුනට පවසනු.
72:23Страница 573
إِلَّا بَلَٰغٗا مِّنَ ٱللَّهِ وَرِسَٰلَٰتِهِۦۚ وَمَن يَعۡصِ ٱللَّهَ وَرَسُولَهُۥ فَإِنَّ لَهُۥ نَارَ جَهَنَّمَ خَٰلِدِينَ فِيهَآ أَبَدًا ٢٣
Мне остается лишь доносить истину от Аллаха и Его послания. Кто же ослушается Аллаха и Его Посланника, тому уготован огонь Геенны, в котором они пребудут вечно».
මා සතු වන්නේ, නුඹලා වෙත දැනුම් දෙන මෙන් කවර කරුණක් මාහට නියෝග කර ඇත්තේ ද, එය හා කවර කරුණක් සමග නුඹලා වෙත මා එවනු ලැබුවේ ද එම දූත මෙහෙවර මා නුඹලාට දන්වා සිටීම පමණය. තවද කවරෙකු අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ට පිටුපාන්නේ ද ඔහුගේ නවාතැන සදා නිරා ගින්නට පිවිසීමය. ඉන් කිසිවෙකුට බැහැර විය නොහැක.
72:24Страница 573
حَتَّىٰٓ إِذَا رَأَوۡاْ مَا يُوعَدُونَ فَسَيَعۡلَمُونَ مَنۡ أَضۡعَفُ نَاصِرٗا وَأَقَلُّ عَدَدٗا ٢٤
Когда же они увидят то, что им было обещано, то узнают, чьи помощники слабее и малочисленнее.
දෙවියන් ප්රතික්ෂේප කළවුනට මෙලොවෙහි දී කවර දඬුවමක් පිළිබඳ අවවාද කරනු ලබමින් සිටියේද එය ඔවුන් මළවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනයේ දෑසින් දකින තෙක් ඔවුන් ඔවුන්ගේ ප්රතික්ෂේපයෙහි දිගටම සිටිති. එවිට උදව් කරුවන්ගෙන් වඩා දුර්වල කවුරුන් දැයි ද පිහිට ලබන්නන්ගෙන් වඩාත් අඩු අය කවුරුන්දැ?යි ද ඔවුන් මතු දැනගනු ඇත.
72:25Страница 573
قُلۡ إِنۡ أَدۡرِيٓ أَقَرِيبٞ مَّا تُوعَدُونَ أَمۡ يَجۡعَلُ لَهُۥ رَبِّيٓ أَمَدًا ٢٥
Скажи: «Я не знаю, скоро ли настанет обещанное вам, или же мой Господь отсрочил его».
අහෝ දූතය, නැවත නැගිටුවනු ලැබීම ප්රතික්ෂේප කරන, දෙවියන්ට ආදේශ කරන මොවුනට ‘නුඹලාට අවවාද කරනු ලබන දඬුවම ඉතා සමීපයෙන් තිබේ ද එසේ නැතහොත් එයට කල් තිබේ ද යන්න ගැන මම නොදනිමි. එය අල්ලාහ් හැර වෙනත් කිසිවකු නොදනියි.' යැයි පවසනු.
72:26Страница 573
عَٰلِمُ ٱلۡغَيۡبِ فَلَا يُظۡهِرُ عَلَىٰ غَيۡبِهِۦٓ أَحَدًا ٢٦
Он - Ведающий сокровенное, и Он не открывает Своего сокровенного никому,
ඔහු සුවිශුද්ධය. සියලු ගුප්ත දෑ පිළිබඳ සර්වඥානීය. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත. ඔහු සතු ගුප්ත දෑ වෙත කිසිවෙකුට බැලිය නොහැක. එය ඔහුගේ සුවිශේෂීව දැනුමට පමණක් සීමා වූවකි.
72:27Страница 573
إِلَّا مَنِ ٱرۡتَضَىٰ مِن رَّسُولٖ فَإِنَّهُۥ يَسۡلُكُ مِنۢ بَيۡنِ يَدَيۡهِ وَمِنۡ خَلۡفِهِۦ رَصَدٗا ٢٧
кроме тех посланников, которыми Он доволен и к которым Он приставляет спереди и сзади стражей,
නමුත් දහම් දූතයකුගෙන් ඔහු තෝරාගත් අයකුට මිස. සැබැවින්ම ඔහු අභිමත කරන දෑ ඔහුට පෙන්වයි. ආරක්ෂාවක් ලෙස එම දහම් දූතවරයා ඉදිරියෙන් ද ඔහු පසුපසින් ද මලක්වරුන් පහළ කරයි. ඒ ගැන එම දහම් දූතයා හැර වෙනත් කිසිවකු නොදැකිය හැකි පරිදි ඔවුහු එය ආරක්ෂා කරති.
72:28Страница 573
لِّيَعۡلَمَ أَن قَدۡ أَبۡلَغُواْ رِسَٰلَٰتِ رَبِّهِمۡ وَأَحَاطَ بِمَا لَدَيۡهِمۡ وَأَحۡصَىٰ كُلَّ شَيۡءٍ عَدَدَۢا ٢٨
чтобы знать, что они донесли послания своего Господа. Он объемлет знанием все, что с ними, и Он исчислил всякую вещь.
සැබැවින්ම රසූල්වරයාට පෙර පැමිණි දහම් දූතවරුන් ඔවුන්ගේ පරමාධිපතියාණන්ගේ දූත මෙහෙවර දන්වා සිටියේදැ?යි ඔහු දැන ගැනීමේ අපේක්ෂාවෙනි. එය කවර කරුණක් පිළිබඳ අල්ලාහ් සැලකිලිමත් ලෙස ආවරණය කර ඇත්තේ ද, ඒ සඳහා හා මලක්වරුන් හා දහම් දූතවරුන්ගේ අතෙහි කවර කරුණක් දැනුමෙන් ආවරණය කර ඇත්තේ ද ඒ සඳහාය. එහෙයින් ඒවායින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සියලු දෑහි ගණනයන් ඔහු ගණන් බලා ඇත්තේය. එහෙයින් ශුද්ධ වූ අල්ලාහ්ට කිසිවක් සැඟවෙන්නේ නැත.
Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии