Аль-Мухтасар · Тафсир · на сингальском
الإنفطار
Аль-Инфитар
Раскалывание · Мекканская · 19 аятов
අහසින් මලක්වරුන් පැමිණීම සඳහා අහස පැළී යන විට ...
ග්රහ තාරකා හැළී විසිර යන විට...
මුහුදු විවෘත වී එකිනෙක මිශ්ර වන විට...
මිනීවලවල් තුළ සිටින මියගිය ඇත්තන් යළි අවදිවනු පිණිස මිනීවලවල් පෙරළනු ලබන විට ...
82:5Страница 587
عَلِمَتۡ نَفۡسٞ مَّا قَدَّمَتۡ وَأَخَّرَتۡ ٥
тогда каждая душа узнает, что она совершила и что оставила после себя.
එම අවස්ථාවේදී සෑම ආත්මයක්ම ඔහු කලින් සිදු කළ දෑ හා ඔහු නොකළ, පසුව සිදු කිරීමට සිටි දෑ පිළිබඳ දැනගනු ඇත.
82:6Страница 587
يَٰٓأَيُّهَا ٱلۡإِنسَٰنُ مَا غَرَّكَ بِرَبِّكَ ٱلۡكَرِيمِ ٦
О человек! Что ввело тебя в заблуждение относительно твоего Великодушного Господа,
අහෝ ඔබේ පරමාධිපති ගැන ප්රතික්ෂේප කරන මිනිසුනි! ඔහුගෙන් වූ ගෞරවනීය පිදුමක් ලෙස යම් කාලයක් ඔබට කල් දී දඬුවම ඉක්මන් නොකොට තිබියදී ඔබේ පරමාධිපතිගේ නියෝගයට ඔබ විරුද්ධ වන්නට සැලැස්වූ හේතුව කුමක්ද?
82:7Страница 587
ٱلَّذِي خَلَقَكَ فَسَوَّىٰكَ فَعَدَلَكَ ٧
Который сотворил тебя и сделал твой облик совершенным и соразмеренным?
ශූන්ය යන තත්ත්වයෙන් ඔහු ඔබව ඇති කළේය. පසු ව ඔබේ සියලු ශරීර අවයව නිසිලෙස සැකසුවේය.
82:8Страница 587
فِيٓ أَيِّ صُورَةٖ مَّا شَآءَ رَكَّبَكَ ٨
Он сложил тебя в том облике, в каком пожелал.
ඔබව කවර හැඩයකින් මැවිය යුත්තේද ඒ අයුරින්ම ඔහු මැව්වේය. බූරුවකු, වඳුරෙකු, බල්ලෙකු හෝ වෙනත් කිසිවකුගේ හැඩයෙන් ඔබව නොමවා ඔබව මිනිස් ස්වරූපයක් දී ඔහු ඔබට ආශිර්වාද කළේය.
අහෝ රැවටී සිටින්නනි! නුඹලා මවා ගත් ප්රතිරූපය මෙන් නොව, නුඹලා ප්රතිඵල දෙනු ලබන දිනය ගැන බොරු කරමින් සිටින්නාහුය. නුඹලා ඒ සඳහා ක්රියා නොකරන්නාහුය.
නුඹලාගේ ක්රියා දාමයන් සියල්ල ආරක්ෂා වන පරිදි සටහන් කරන මලක්වරුන් නුඹලා වෙත පනවා ඇත.
අල්ලාහ් අබියස ගෞරවයට පාත්ර වූවන් හා නුඹලා කරන ක්රියාවන් ලියාගන්නන් ලෙසින් ඔවුන් කටයුතු කරනු ඇත.
නුඹලා සිදු කරන දේ පිළිබඳ ඔවුන් දැනුම්වත් ය. ඒවා ඔවුන් සටහන් කර ගනිති.
යහපත අධිකව සිදු කරන, අවනත වන දැහැමියන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී සදා සැපතෙහි සිටිති.
තවද දුෂ්ඨයෝ නිරා ගින්නෙහි තැවෙනු ඇත.
එහි උෂ්ණත්වය විඳවමින් එතුළට පිවිසෙනු ඇත.
කිසිවිටෙකදී ඔවුන්ට එයින් සැඟවී සිටිය නොහැක. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.
82:17Страница 587
وَمَآ أَدۡرَىٰكَ مَا يَوۡمُ ٱلدِّينِ ١٧
Откуда ты мог знать, что такое День воздаяния?
අහෝ දූතය! විනිශ්චය දිනය කුමක්දැයි ඔබට දැනුම් දුන්නේ කුමක්ද?
82:18Страница 587
ثُمَّ مَآ أَدۡرَىٰكَ مَا يَوۡمُ ٱلدِّينِ ١٨
Да, откуда ты мог знать, что такое День воздаяния?
විනිශ්චය දිනය කුමක්දැයි ඔබට උගන්වා දුන්නේ කවරක්ද?
82:19Страница 587
يَوۡمَ لَا تَمۡلِكُ نَفۡسٞ لِّنَفۡسٖ شَيۡـٔٗاۖ وَٱلۡأَمۡرُ يَوۡمَئِذٖ لِّلَّهِ ١٩
В тот день ни одна душа не сможет ничем помочь другой, и власть в тот день будет принадлежать Аллаху.
එය කිසිවකුට සෙත සැලසිය නොහැකි දිනයකි. එදින සිදුවන සියලු කටයුතු අල්ලාහ්ට පමණක් සතු වේ. ඔහු කැමති පරිදි ක්රියා කරයි. එය ඔහුට -අල්ලාහ්ට- හැර වෙන කිසිවකුත් කිසිවකුට නොවන්නේය.
Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии