Аль-Мухтасар · Тафсир · на сингальском
البلد
Аль-Баляд
Город · Мекканская · 20 аятов
ශුද්ධ වූ මක්කා නගරය මත අල්ලාහ් දිවුරා පවසයි.
90:2Страница 594
وَأَنتَ حِلُّۢ بِهَٰذَا ٱلۡبَلَدِ ٢
Ты обитаешь в этом городе (или Тебе будет дозволено сражаться в этом городе).
අහෝ දූතය! ඔබ එහි සිදු කරන දෑ ඔබට අනුමතය. මරණ දඬුවමට නියමිත වූ අය වෙත මරණ දඬුවම දියත් කිරීමත්, සිරභාරයට ගන්නට සුදුසු අය සිර භාරයට ගැනීමටත් ඔබට අනුමැතිය ඇත.
90:3Страница 594
وَوَالِدٖ وَمَا وَلَدَ ٣
Клянусь родителем и тем, кого он породил (Адамом и его потомством, или Ибрахимом и его потомками, в том числе Исмаилом и Мухаммадом)!
මිනිසාගේ පියා (ආදම්) මතද අල්ලාහ් දිවුරා පවසයි. එමෙන්ම ඔහුගෙන් දාව බිහිවන පරම්පරාව මත ද දිවුරා පවසයි.
සැබැවින්ම මිනිසා දුෂ්කර හා අසීරු ජීවන ක්රමයක් තුළ අපි මවා ඇත්තෙමු. මෙලොව ජීවත් වන විටදී බොහෝ පීඩාවන්ට ඔහු මුහුණ දෙයි. එහි ඔහු හිරවී සිටිනු ඇත.
90:5Страница 594
أَيَحۡسَبُ أَن لَّن يَقۡدِرَ عَلَيۡهِ أَحَدٞ ٥
Неужели он полагает, что никто не справится с ним?
මිනිසා පාපකම්හි නියැළුණු විට කිසිවකු ඔහු මත බලය නොදරනු ඇතැයි හෝ ඔහුගෙන් පළි නොගනු ඇතැයි හෝ සිතන්නේ ද? ඔහුගේ පරමාධිපති ඔහුව මවා නිරීක්ෂණය කරමින් සිටියි.
“අධික ලෙස උද්දච්චකමේ ගිලී එක පිට එක මම ධනය වියදම් කර ඇත්තෙමි’යැයි ඔහු පවසයි.
මෙසේ තමන් වියදම් කළ දෑ පිළිබඳ පුරසාරම් දොඩන්නා, තමන් දෙස අල්ලාහ් බලා නොසිටින බවත් ඔහුගේ ධනය සම්බන්ධයෙන්, එය ඉපැයුවේ කෙසේද? කුමක් සඳහා එය වියදම් කළේද යන්න පිළිබඳ ඔහු තමන්ගෙන් නොවිමසනු ඇතැයි ඔහු සිතන්නේ ද?
බලන්නට හැකිවන සේ අපි ඔහුට දෑස් ඇති නොකළෙමු ද?
කතා කරන්නට හැකිවන සේ දිවක් හා තොල් දෙකක් ඇති නොකළෙමු ද?
උතුම් මග හා වැරදි මග කුමක්දැ?යි යන්න අපි ඔහුට හඳුන්වා දුන්නෙමු.
තමන් ස්වර්ගයෙන් ඉවත් කරන, එයට බාධා පමුණුවන, එහි සීමාව ඉක්මවා යන අකබාව තරණය කිරීම ඔහුගෙන් අපේක්ෂා කෙරේ.
අහෝ දූතය! ස්වර්ගයට පිවිසීමට බාධා පමුණුවන අකබාව කුමක්දැ? යි ඔබව දැනුවත් කළේ කුමක් ද?
එය පුරුෂ වහලෙකු හෝ ස්ත්රී වහලියක නිදහස් කිරීමය.
එසේ නැතිනම් ආහාර ලබා ගැනීමට දුෂ්කර, සාගින්නෙන් පෙළෙන දිනකදී ආහාර සැපයීමය.
එසේත් නැත්නම් ඔහුට නෑකමක් ඇති පියකු නැති දරුවකුට ආහාර සැපයීමය.
එසේත් නැතිනම් කිසිවක් හිමි නැති දිළින්ඳෙකුට ආහාර සැපයීමය.
90:17Страница 594
ثُمَّ كَانَ مِنَ ٱلَّذِينَ ءَامَنُواْ وَتَوَاصَوۡاْ بِٱلصَّبۡرِ وَتَوَاصَوۡاْ بِٱلۡمَرۡحَمَةِ ١٧
А после этого надо быть одним из тех, которые уверовали и заповедали друг другу терпение и заповедали друг другу милосердие.
පසුව ඔහු අල්ලාහ්ව විශ්වාස කරන්නන් අතුරින් කෙනෙක් වී, ඔහුට අවනත වීම, පාපකම්වලින් දුරුවීම, පරීක්ෂාවන්ට ලක්වන අවස්ථාවන්හිදී ඉවසීමෙන් කටයුතු කිරීම යනාදිය ගැන අන්යෝන්ය ලෙස උපදෙස් දෙමින් අල්ලාහ් තම ගැත්තන් හට ප්රධානය කර ඇති සිය මහා කාරුණික භාවය ගැන එකිනෙකා දැනුවත් කිරීමය.
මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූවන්මය දකුණු පස ජනයා වනුයේ.
90:19Страница 594
وَٱلَّذِينَ كَفَرُواْ بِـَٔايَٰتِنَا هُمۡ أَصۡحَٰبُ ٱلۡمَشۡـَٔمَةِ ١٩
Те же, которые не уверовали в Наши знамения, являются людьми левой стороны,
අපගේ දූතයාණන් හට පහළ කරනු ලැබූ අපගේ වදන් හා සාධක ප්රේතික්ෂේප කළවුන් වනාහි ඔවුන් වම්පස ජනයා වෙති.
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී නිරා ගින්නෙන් ඔවුන් වසාගනු ලැබේ. එහි ඔවුන් දඬුවම් විදිති.
Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии