Аль-Мухтасар · Тафсир · на сингальском
العلق
Аль-Аляк
Сгусток крови · Мекканская · 19 аятов
96:1Страница 597
ٱقۡرَأۡ بِٱسۡمِ رَبِّكَ ٱلَّذِي خَلَقَ ١
Читай во имя твоего Господа, Который сотворил все сущее,
අහෝ දූතය! ඔබ වෙත එවන ලද දේව පණිවුඩය, සියලු මැවීම් නිර්මාණය කළ ඔබේ පරමාධිපති අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කොට කියවනු.
ශුක්ර බිඳුවක තත්ත්වයේ සිට පසුව කූඩැල්ලෙකුගේ ස්වරූපයෙන් දිස්වන ලේ කැටියක් බවට පත්කොට එමගින් ඔහු මිනිසාව මැව්වේය.
අහෝ දූතය! ඔබ වෙත අල්ලාහ් පහළ කළ පණිවුඩය ඔබ කියවනු. ඔබේ පරමාධිපති අති ගෞරවනීයය. ඔහුගේ ගෞරවයට සමීප වන්නට වෙනත් කිසිදු ගෞරවනීය කෙනෙකු නොමැත. ඔහු මහත් ත්යා්ගශීලීය. මහත් සේ උපකාර කරන්නාය.
ඔහු පන්හිඳෙන් අදින්නට හා ලියන්නට ඉගැන්වීය.
මිනිසා නොදැන සිටි දෑ ඔහු ඉගැන්වීය.
96:6Страница 597
كـَلَّآ إِنَّ ٱلۡإِنسَٰنَ لَيَطۡغَىٰٓ ٦
Но нет! Человек преступает границы дозволенного,
ඇත්තෙන්ම අබූ ජහල් වැනි පාපී මිනිසුන් අල්ලාහ්ගේ සීමාවන් ගැන තර්ක කරමින් ඒවා අබිබවා ගොස් කටයුතු කරති.
එය තමන් සතු නිල හා ධන බලය හේතුවෙන් තමන් ස්වාධීන යැයි ඔහු සිතූ බැවිනි.
අහෝ මිනිසාණෙනි! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී නැවත හැරී යා යුත්තේ ඔබේ පරමාධිපති වෙතමය. එවිට සෑම කෙනෙකුටම ඔහු උපයාගත් දෑට උචිත වූ පරිදි ඔහු(අල්ලාහ්) ප්රතිඵල පිරිනමනු ඇත.
(දහම් කටයුතුවලින්) වළක්වමින් සිටි අබූ ජහල්ගේ පුදුම සහගත හැසිරීම ඔබ දුටුවෙහිද?
අපගේ ගැත්තා වූ මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කඃබා දේවස්ථානයේ සලාතය ඉටු කරමින් සිටි විට ඔහු ඔහුව වැළැක්වීය.
96:11Страница 597
أَرَءَيۡتَ إِن كَانَ عَلَى ٱلۡهُدَىٰٓ ١١
Что ты думаешь, а если он был на правом пути
මෙසේ වළක්වන්නා තම පරමාධිපතිගෙන් වූ යම් සාධකයක් මත හෝ යහමග මත සිටිනු ඔබ දුටුවේද?
එසේ නැතහොත් අල්ලාහ්ගේ නියෝගයන් පිළිපැද ඔහු වැළැක් වූ දැයින් වැළකී ඔහු කෙරෙහි බැතිමත් වී කටයුතු කරන මෙන් ඔහු මිනිසාට අණ කර සිටින්නේද? මෙසේ තිබියදී ඒ මත සිටින්නාව ඔහු වළක්වන්නේද?
96:13Страница 597
أَرَءَيۡتَ إِن كَذَّبَ وَتَوَلَّىٰٓ ١٣
Что ты думаешь, а если он счел ложью истину и отвернулся?
මෙසේ වළක්වන්නා, අල්ලාහ්ගේ දූතයාණන් ගෙන ආ දෑ බොරු කරමින්, එයට පිටුපාමින් සිටිනු ඔබ දුටුවේද? ඔහු අල්ලාහ්ට බිය විය යුතු නොවේද?
මෙම ගැත්තාව සලාතයෙන් වළක්වන්නා, සැබැවින්ම අල්ලාහ් තමන් සිදු කරන දෑ දකින බවත් ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැති බවත් ඔහු නොදන්නේද?
96:15Страница 597
كـَلَّا لَئِن لَّمۡ يَنتَهِ لَنَسۡفَعَۢا بِٱلنَّاصِيَةِ ١٥
Но нет, если он не перестанет, то Мы схватим его за хохол -
මෙම මෝඩ මිනිසා රූපණය කරන්නාක් මෙන් නොව, අපගේ ගැත්තාට හිංසා කිරීමෙන් හා ඔහු බොරුකාරයකු බවට පත් කිරීමෙන් ඔහු නොවැළකුණේ නම් අපි ඔහුගේ හිස ඉදිරිපස කෙස් රොදෙන් අල්ලා ගෙන නිරා ගින්න වෙත ඇඳගෙන යන්නෙමු.
හිස ඉදිරිපස මෙම කෙස් රොදට හිමිකම් කියන්නා තමන් පවසන ප්රකාශයෙහි බොරුකාරයකි. තමන් කරන ක්රියාවෙහි අපරාධකාරයෙකි.
ඔහුගේ හිස ඉදිරියෙහි ඇති නළලේ තිබෙන කෙස් රොදින් ඔහු ග්රහණය කොට නිරය වෙත ගෙන යන විට, එම දඬුවමින් ආරක්ෂා වන්නට උදව් පතමින් ඔහු තම මිතුරන් හා ඔහුගේ සහායකයින් කැඳවත්වා!
අපි නිරයේ භාරකාර දරුණු මලක්වරුන් කැඳවන්නෙමු. ඔවුන් අල්ලාහ් අණ කළ කිසිවකට පිටු පාන්නේ නැත. ඔවුනට අණ කරනු ලබන පරිදිම ක්රිියා කරති. එවිට මෙම කණ්ඩායම් දෙකෙන් කවර කණ්ඩායමක් වඩාත් බලවත් හා ශක්තිමත් වන්නේ දැයි ඔහු හොඳින් බලත්වා.
96:19Страница 597
كـَلَّا لَا تُطِعۡهُ وَٱسۡجُدۡۤ وَٱقۡتَرِب۩ ١٩
Так нет! Не повинуйся ему, а пади ниц и приближайся к Аллаху.
අහෝ නබිවරය! මෙම අපරාධකාරයා ඔබට යම් නපුරක් කරතැයි ඔබ සැක කරන්නාක් මෙන් එම කරුණ නොමැත. එබැවින් ඔහු(අපරාධකරු) අණ කරන කිසිවකට ඔබ අවනත නොවනු. අල්ලාහ්ට ඔබ සුජූද් කරනු. ඔහුට අවනත වෙමින් ඔහු වෙත සමීප වනු. සැබැවින්ම එය ඔහු වෙතට සමීප කරවනු ඇත.
Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии