Аль-МухтасарАль‑Касас · 28:79–88

Аль-Мухтасар · Тафсир · на сингальском

Аль-Касас 28:79–88

28:79Страница 395

فَخَرَجَ عَلَىٰ قَوۡمِهِۦ فِي زِينَتِهِۦۖ قَالَ ٱلَّذِينَ يُرِيدُونَ ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا يَٰلَيۡتَ لَنَا مِثۡلَ مَآ أُوتِيَ قَٰرُونُ إِنَّهُۥ لَذُو حَظٍّ عَظِيمٖ ٧٩

Он вышел к своему народу в своих украшениях. Те, которые желали мирской жизни, сказали: «Вот если бы у нас было то, что даровано Каруну (Корею)! Воистину, он обладает великой долей».

කාරූන් මතු පිටින් තමන් ආකර්ෂණය වන පරිදි අලංකාරයෙන් යුතු ව පිටත් ව ගියේය. කාරූන්ගේ සගයින් අතරින් මෙලොව ජීවිතයේ අලංකාරය ගැන ආශා කරන්නන්, "කාරූන්ට දෙනු ලැබුවාක් මෙන් මෙලොව අලංකාරය අප වෙතත් දෙනු ලැබුවේ නම් කෙතරම් අගනේද? සැබවින් ම කාරූන් භාග්යය සම්පන්න ඉමහත් පූර්ණ අයෙකි." යැයි පැවසුවෝය.

28:80Страница 395

وَقَالَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡعِلۡمَ وَيۡلَكُمۡ ثَوَابُ ٱللَّهِ خَيۡرٞ لِّمَنۡ ءَامَنَ وَعَمِلَ صَٰلِحٗاۚ وَلَا يُلَقَّىٰهَآ إِلَّا ٱلصَّٰبِرُونَ ٨٠

А те, которым было даровано знание, сказали: «Горе вам! Вознаграждение Аллаха будет лучше для тех, которые уверовали и поступали праведно. Но не обретет этого никто, кроме терпеливых».

දැනුම දෙනු ලැබූවන් කාරූන් ව ඔහුගේ ආකර්ෂණීය පෙනුමෙන් දැක ඔවුන්ගේ සගයින් ආශා කරන දෑ ට සවන් දුන් කල්හි, "නුඹලාට විනාශය අත්වේවා! අල්ලාහ්ගේ තිළිණ මතු ලොව ඇත. ඔහු ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් කළවුනට සූදානම් කර ඇති සැප පහසුකම් මෙලොව අලංකාරයෙන් කාරූන්ට දෙනු ලැබූ දෑ ට වඩා උතුම් ය."යැයි පැවසුහ. එම ප්රකාශයට හා එය අපේක්ෂා කරන ක්රියාවට ඉවසිලිවන්තයින් මිස වෙනත් කිසිවෙකු ආශීර්වාද කරනු නොලබන්නේය. ඔවුන් වනාහි මෙලොව ඉතා පහත් භුක්ති විඳීම් වලට වඩා අල්ලාහ් අබියස ඇති කුසල් තෝරා ගැනීමේ දී ඔවුහු ඉවසිලිමත් ව කටුයුතු කරති.

28:81Страница 395

فَخَسَفۡنَا بِهِۦ وَبِدَارِهِ ٱلۡأَرۡضَ فَمَا كَانَ لَهُۥ مِن فِئَةٖ يَنصُرُونَهُۥ مِن دُونِ ٱللَّهِ وَمَا كَانَ مِنَ ٱلۡمُنتَصِرِينَ ٨١

Мы заставили землю поглотить его вместе с его домом. Не было у него сторонников, которые помогли бы ему вместо Аллаха, и сам он не мог помочь себе.

එවිට අපි ඔහුගේ අපරාධය හේතුවෙන් ඔහුට ප්රතිචාර දැක්වීමක් වශයෙන් ඔහු මෙන්ම ඔහුගේ නිවස හා එහි සිටි වැසියන් මහ පොළොවට ගිල්වීමු. ඔහුට උදව් කිරීමට අල්ලාහ් හැර වෙනත් පිරිසක් නොවීය. එමෙන්ම ඔවුන් විසින්ම ඔවුනට උදව් කර ගන්නට ද නොවීය.

28:82Страница 395

وَأَصۡبَحَ ٱلَّذِينَ تَمَنَّوۡاْ مَكَانَهُۥ بِٱلۡأَمۡسِ يَقُولُونَ وَيۡكَأَنَّ ٱللَّهَ يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ مِنۡ عِبَادِهِۦ وَيَقۡدِرُۖ لَوۡلَآ أَن مَّنَّ ٱللَّهُ عَلَيۡنَا لَخَسَفَ بِنَاۖ وَيۡكَأَنَّهُۥ لَا يُفۡلِحُ ٱلۡكَٰفِرُونَ ٨٢

А те, которые накануне желали оказаться на его месте, наутро сказали: «Ох! Аллах увеличивает или ограничивает удел тому из Своих рабов, кому пожелает? Если бы Аллах не оказал нам милость, то Он заставил бы землю поглотить нас. Ох! Неверующие не преуспеют».

කාරූන් පොළොවෙහි ගිලීමට පෙර අලංකාරයට හා ධනයට ආශා කළවුන් කනගාටුවෙන් යුතු ව මෙසේ පවසන්නන් බවට පත් වූහ. එනම්, "සැබවින්ම අල්ලාහ් තමන් අභිමත කරන ගැත්තන්හට පෝෂණ සම්පත් ව්යාප්ත කරන බවත්, ඔවුන්ගෙන් ඔහු අභිමත කරන අයට එය සීමා කරන බවත් අප නොදැන සිටියා නොවේ ද? අප පැවසූ දෑ සඳහා අල්ලාහ් අපට දඬුවම් නොකර ඔහු අපට ආශිර්වාද නොකළා නම්, කාරූන් පොළවට ගිල්වනු ලැබුවාක් මෙන් අප ද ගිල්වනු ලබන්නට තිබුණි. සැබවින්ම දේව ප්රතික්ෂේපකයෝ ජය නොලබති. මෙලොවත් මතු ලොවෙත් ජය නොලබති. සැබවින්ම ඔවුන් යොමු වන ස්ථානය හා ඔවුන්ගේ ඉරණම ඒ දෙකෙහිම කනගාටුදායකය."

28:83Страница 395

تِلۡكَ ٱلدَّارُ ٱلۡأٓخِرَةُ نَجۡعَلُهَا لِلَّذِينَ لَا يُرِيدُونَ عُلُوّٗا فِي ٱلۡأَرۡضِ وَلَا فَسَادٗاۚ وَٱلۡعَٰقِبَةُ لِلۡمُتَّقِينَ ٨٣

Ту Последнюю обитель Мы определили для тех, которые не желают превозноситься на земле и распространять нечестие. Добрый исход уготован только для богобоязненных.

සත්යය විශ්වාස කිරීමෙන්, එය පිළිපැදීමෙන් මහ පොළොවේ අහංකාරකම් පෑමට ප්රිය නොකළ, එහි කලහකම් සිදු කිරීමට අපේක්ෂා නොකළවුනට පිරිනමනු ලබන සංග්රහයකින් යුත් සැප පහසුකම් සහිත නිවහනක් බවට එම මතු ලොව නිවහන අපි පත් කරන්නෙමු. ප්රශංසනීය අවසානයකි. එය ස්වර්ගයේ ඇති සුව පහසුකම් හේතුවෙනි. අල්ලාහ්ගේ තෘප්තිය එහි ඇති වනුයේ ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් ඔහුට බැතිමත් ව කටයුතු කරන්නන්හටය.

28:84Страница 395

مَن جَآءَ بِٱلۡحَسَنَةِ فَلَهُۥ خَيۡرٞ مِّنۡهَاۖ وَمَن جَآءَ بِٱلسَّيِّئَةِ فَلَا يُجۡزَى ٱلَّذِينَ عَمِلُواْ ٱلسَّيِّـَٔاتِ إِلَّا مَا كَانُواْ يَعۡمَلُونَ ٨٤

Тот, который предстанет с добрым деянием, получит нечто лучшее. А если кто предстанет со злым деянием, то ведь творящие зло получат воздаяние только за то, что они совершали.

සත්යය විශ්වාස කිරීමෙන් එය පිළිපැදීමෙන් මහ පොළොවේ අහංකාරකම් පෑමට ප්රිය නොකළ එහි කලහකම් සිදු කිරීමට අපේක්ෂා නොකළවුනට පිරිනමනු ලබන සංග්රහයකින් යුත් සැප පහසුකම් සහිත නිවහනක් බවට එම මතු ලොව නිවහන අපි පත් කරන්නෙමු. ප්රශංසනීය අවසානයකි. එය ස්වර්ගයේ ඇති සුව පහසුකම් හේතුවෙනි. අල්ලාහ්ගේ තෘප්තිය එහි ඇති වනුයේ ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් ඔහුට බැතිමත් ව කටයුතු කරන්නන්හටය.

28:85Страница 396

إِنَّ ٱلَّذِي فَرَضَ عَلَيۡكَ ٱلۡقُرۡءَانَ لَرَآدُّكَ إِلَىٰ مَعَادٖۚ قُل رَّبِّيٓ أَعۡلَمُ مَن جَآءَ بِٱلۡهُدَىٰ وَمَنۡ هُوَ فِي ضَلَٰلٖ مُّبِينٖ ٨٥

Тот, кто ниспослал тебе Коран и сделал его предписания обязательными, непременно вернет тебя к месту возвращения (в Мекку или в Рай). Скажи: «Мой Господь лучше знает, кто принес верное руководство, а кто находится в очевидном заблуждении».

සැබවින්ම අල්කුර්ආනය නුඹ වෙත පහළ කර, එය ප්රචාරය කරන මෙන් හා එහි ඇති දෑ අනුව ක්රියා කරන මෙන් නුඹට අනිවාර්යය කළ අල්ලාහ්, සැබැවින්ම ඔහු මක්කාවේ ජය නුඹ වෙත නැවත ළඟා කර දෙන්නාය. අහෝ දූතය! දේව ආදේශකයින්ට නුඹ මෙසේ පවසනු. "කවරෙකු යහ මග සමග පැමිණ ඇත්තේ දැ යි ද යහ මගින් හා සත්යයෙන් දුරස් ව පැහැදිලි මුළාවෙහි සිටින්නේ දැ යි ද මාගේ පරමාධිපති මැනවින් දන්නාය."

28:86Страница 396

وَمَا كُنتَ تَرۡجُوٓاْ أَن يُلۡقَىٰٓ إِلَيۡكَ ٱلۡكِتَٰبُ إِلَّا رَحۡمَةٗ مِّن رَّبِّكَۖ فَلَا تَكُونَنَّ ظَهِيرٗا لِّلۡكَٰفِرِينَ ٨٦

Ты не ожидал, что тебе будет ниспослано Писание, но это было милостью от твоего Господа. Посему никогда не поддерживай неверующих.

අහෝ දූතය! නබිත්වයට පෙර තත්ත්වය සිතා බලන්න. අල්ලාහ්ගෙන් වූ දිව්ය පණිවිඩ නුඹ වෙත පහළ කරනු ලබන්නෙකු ලෙස නුඹ නොසිටියෙහිය. නමුත් ඔහුගෙන් වූ ආශිර්වාදයක් ලෙස නුඹ වෙත එය පහළ කිරීම තීන්දු කරනු ලැබීය. දේව ප්රතික්ෂේපකයින් කවර මුළාවක සිටින්නේ ද එයට උදව්කරුවකු ලෙස නුඹ නොවන්න.

28:87Страница 396

وَلَا يَصُدُّنَّكَ عَنۡ ءَايَٰتِ ٱللَّهِ بَعۡدَ إِذۡ أُنزِلَتۡ إِلَيۡكَۖ وَٱدۡعُ إِلَىٰ رَبِّكَۖ وَلَا تَكُونَنَّ مِنَ ٱلۡمُشۡرِكِينَ ٨٧

Да не отвратят они тебя от аятов Аллаха после того, как они были ниспосланы тебе. Призывай к своему Господу и не будь одним из многобожников.

මෙම දේව ආදේශකයින් නුඹ වෙත අල් කුර්ආනය පහළ කිරීමෙන් පසු ව අල්ලාහ්ගේ වදන් වලින් නුඹ ව වෙනතකට යොමු කොට, එය කියවීමෙන් හා එය ප්රචාරය කිරීමෙන් නුඹ අතහැර නොදැමිය යුතුය. අල්ලාහ් ව විශ්වාස කිරීම, ඔහු ව ඒකීයත්වයට පත් කිරීම හා ඔහුගේ පිළිවෙත අනුව ක්රියා කිරීම සඳහා ඔවුනට නුඹ ඇරයුම් කරනු. අල්ලාහ් සමඟ වෙනත් දෙවිවරුන් නමදිමින් සිටින දේව ආදේශකයින් අතර ට නුඹ පත් නොවනු. අල්ලාහ් හැර වෙනත් කිසිවකු නොනමදිනු. ඔහු ඒකීයකරණයට පත් කරන්නන් සමග වනු.

28:88Страница 396

وَلَا تَدۡعُ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَۘ لَآ إِلَٰهَ إِلَّا هُوَۚ كُلُّ شَيۡءٍ هَالِكٌ إِلَّا وَجۡهَهُۥۚ لَهُ ٱلۡحُكۡمُ وَإِلَيۡهِ تُرۡجَعُونَ ٨٨

Не взывай наряду с Аллахом к другим богам. Нет божества, кроме Него! Всякая вещь погибнет, кроме Его Лика. Только Он принимает решения, и к Нему вы будете возвращены.

අල්ලාහ් සමග ඔහු හැර වෙනත් දෙවිවරුන් නොනමදිනු. සැබෑ ලෙස නැමදුම් ලබන්නට ඔහු හැර වෙනත් දෙවියකු නැත. අල්ලාහ් හැර සෙසු සියලු දෑ විනාශ වී යන්නකි. නීතිය ඔහුට පමණක් සතුය. ඔහු අභිමත කරන දෑ තීන්දු කරනු ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය හා ප්රතිඵල සඳහා නුඹලා යොමු කරනු ලබනුයේ ඔහු වෙතමය.

Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии

Содержание

Аят аль-Курси36Аль-Кахфстр. 42джуз 15Бухари 1Муслим 2999

Вид

Тема
Размер текста
Вид

Read in English