Аль-МухтасарФуссилят · 41:1–43

Аль-Мухтасар · Тафсир · на сингальском

فصلت

Фуссилят

Разъяснены · Мекканская · 54 аята

41:1Страница 477

حمٓ ١

Ха. Мим.

(හා, මීම්) සූරා බකරා ආරම්භයේදී මෙවැනි පාඨ පිළිබඳ විස්තර සඳහන් කර ඇත.

41:2Страница 477

تَنزِيلٞ مِّنَ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ ٢

Ниспосланное от Милостивого, Милосердного

මෙම අල් කුර්ආනය අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගෙන් පහළ කිරීමකි.

41:3Страница 477

كِتَٰبٞ فُصِّلَتۡ ءَايَٰتُهُۥ قُرۡءَانًا عَرَبِيّٗا لِّقَوۡمٖ يَعۡلَمُونَ ٣

является Писанием, аяты которого разъяснены в виде Корана на арабском языке для людей знающих.

එහි වදන් මුළුමනින්ම පූර්ණ අයුරින් පැහැදිලි කරනු ලැබූ ග්රන්ථයකි. වටහා ගන්නා ජනයාට අරාබි බසින් වූ කියවීමක් බවට පත් කරන ලදී. ඊට හේතුව එහි අර්ථ හා එහි පවතින සත්යය වෙත වූ යහ මග තුළින් ඔවුන් ප්රයෝජන ලබන්නටය.

41:4Страница 477

بَشِيرٗا وَنَذِيرٗا فَأَعۡرَضَ أَكۡثَرُهُمۡ فَهُمۡ لَا يَسۡمَعُونَ ٤

Оно возвещает благую весть и предостерегает, однако большинство их отворачивается и не слышит.

දේව විශ්වාසීන්හට අල්ලාහ් සූදානම් කර ඇති අති විශාල ප්රතිඵල ගැන සුබාරංචි දන්වන්නක් ලෙස ද" දේව ප්රතික්ෂේපකයින්ට අල්ලාහ්ගේ වේදනීය දඬුවම ගැන අවවාද කරන්නක් ලෙස ද මෙය පත් කරන ලදී. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා එය පිටු දැක්කෝය. ඔවුහු එහි පවසන යහමගට පිළිගත හැකි සවන් දීමකින් සවන් නොදෙති.

41:5Страница 477

وَقَالُواْ قُلُوبُنَا فِيٓ أَكِنَّةٖ مِّمَّا تَدۡعُونَآ إِلَيۡهِ وَفِيٓ ءَاذَانِنَا وَقۡرٞ وَمِنۢ بَيۡنِنَا وَبَيۡنِكَ حِجَابٞ فَٱعۡمَلۡ إِنَّنَا عَٰمِلُونَ ٥

Они говорят: «Наши сердца закрыты для того, к чему ты призываешь нас, наши уши поражены глухотой, а между нами и тобой - завеса. Трудись же, и мы будем трудиться».

ඔවුහු, ‘අපගේ හදවත් නොසැලකිලිමත් කමින් ආවරණය වී ඇත. එහෙයින් නුඹ අප කවර කරුණක් වෙත ඇරයුම් කර සිටින්නේ ද එය වැටහෙන්නේ නැත. අපගේ කන් තුළ බිහිරි බවක් ඇත. එහෙයින් එය කන් වැකෙන්නේ නැත. අප අතර හා නුඹ අතර තිරයක් පවතී. එහෙයින් නුඹ පවසන දෑ කිසිවක් අප වෙත සේන්දු වන්නේ නැත. එහෙයින් නුඹ නුඹේ මාර්ගය අනුව කටයුතු කරනු. සැබවින්ම අපි අපගේ මාර්ගය අනුව කටයුතු කරන්නෙමු. අපි නුඹ කිසිවිටෙක අනුගමනය නොකරන්නෙමු.’ යැයි පැවසූහ.

41:6Страница 477

قُلۡ إِنَّمَآ أَنَا۠ بَشَرٞ مِّثۡلُكُمۡ يُوحَىٰٓ إِلَيَّ أَنَّمَآ إِلَٰهُكُمۡ إِلَٰهٞ وَٰحِدٞ فَٱسۡتَقِيمُوٓاْ إِلَيۡهِ وَٱسۡتَغۡفِرُوهُۗ وَوَيۡلٞ لِّلۡمُشۡرِكِينَ ٦

Скажи: «Я - такой же человек, как и вы. Мне внушено в откровении, что ваш бог - Бог Единственный. Идите к Нему прямым путем и просите у Него прощения. И горе многобожникам,

අහෝ දූතයිනි! මෙම මුරණ්ඩුකාරයින්හට නුඹ මෙසේ පවසනු. ‘සැබවින්ම මම නුඹලා මෙන් මිනිසෙකි. සැබෑ ලෙස නැමදුම් ලැබිය යුතු නුඹලාගේ දෙවියා ඒකීය අල්ලාහ් යැයි අල්ලාහ් මට දිව්ය පණිවිඩ එවා ඇත. එහෙයින් ඔහු වෙත සේන්දු කරවන මාර්ගයේ නුඹලා ද ගමන් කරනු. නුඹලාගේ පාපකම් සඳහා ඔහුගෙන් සමාව ඇයදිනු.' අල්ලාහ් නොවන දෑ ට නමස්කාර කරන, ඔහු සමග යමක් ආදේශ කරන දේව ආදේශකයින්හට විනාශය හා දඬුවම සතුය.

41:7Страница 477

ٱلَّذِينَ لَا يُؤۡتُونَ ٱلزَّكَوٰةَ وَهُم بِٱلۡأٓخِرَةِ هُمۡ كَٰفِرُونَ ٧

которые не выплачивают закята и не веруют в Последнюю жизнь».

ඔවුන්ගේ ධනය මත ඔවුහු සකාත් නොදෙති. ඔවුහු මතු ලොව - එහි ඇති සදාතනික සැප සම්පත් හා වේදනීය දඬුවම- පිළිබඳ ප්රතික්ෂේප කරන්නෝ වෙති.

41:8Страница 477

إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ لَهُمۡ أَجۡرٌ غَيۡرُ مَمۡنُونٖ ٨

Воистину, тем, которые уверовали и совершали праведные деяния, уготована неиссякаемая награда.

නමුත් අල්ලාහ් හා ඔහුගේ දූතවරුන් විශ්වාස කොට, යහකම් සිදු කළවුන් වනාහි, ඔවුනට නිම් නොවන කුසල් ඇත. එය ස්වර්ගයයි.

41:9Страница 477

۞ قُلۡ أَئِنَّكُمۡ لَتَكۡفُرُونَ بِٱلَّذِي خَلَقَ ٱلۡأَرۡضَ فِي يَوۡمَيۡنِ وَتَجۡعَلُونَ لَهُۥٓ أَندَادٗاۚ ذَٰلِكَ رَبُّ ٱلۡعَٰلَمِينَ ٩

Скажи: «Неужели вы не веруете в Того, Кто создал землю за два дня, и равняете с Ним других? Он же - Господь миров.

අහෝ දූතය! දේව ආදේශකයින් හෙළා දකිමින්, "ඉරිදා සහ සඳුදා යන දෙදින තුළ මහ පොළොව මැවූ අල්ලාහ් ව නුඹලා ප්රතික්ෂේප කරනුයේ කුමක් නිසාද? ඔහු හැර නුඹලා නමදින දාර්ශනිකයින් නුඹලා ඔහුට ආදේශ වශයෙන් පත් කරනුයේ ඇයි? ඔහු ඒ සියලු මැවීම් හි පරමාධිපති වෙයි." යැයි පවසනු.

41:10Страница 477

وَجَعَلَ فِيهَا رَوَٰسِيَ مِن فَوۡقِهَا وَبَٰرَكَ فِيهَا وَقَدَّرَ فِيهَآ أَقۡوَٰتَهَا فِيٓ أَرۡبَعَةِ أَيَّامٖ سَوَآءٗ لِّلسَّآئِلِينَ ١٠

Он воздвиг над землей незыблемые горы, наделил ее благодатью и распределил на ней пропитание для страждущих (или для тех, кто спрашивает) за четыре полных дня.

ඊට ඉහළින් එය චලනය නොවන පරිදි ස්ථාවර ලෙස ස්ථාපිත කරන ලද කඳු එහි ඇති කළේය. එහි සමෘධිය ඇති කළේය. එහි වෙසෙන්නන්හට සදා යහපත එහි ඔහු ඇති කළේය. අඟහරුවාදා, බදාදා යන පෙර සඳහන් දින දෙකට පසු තිබෙන දින හතරෙහි මිනිසුන් හා සතුන්ට අවශ්ය කරන පෝෂණ සම්පත් සමසේ එහි නිර්ණය කළේය. අසන්නන්ට (පිළිතුරු) සම්පූර්ණ විය.

41:11Страница 477

ثُمَّ ٱسۡتَوَىٰٓ إِلَى ٱلسَّمَآءِ وَهِيَ دُخَانٞ فَقَالَ لَهَا وَلِلۡأَرۡضِ ٱئۡتِيَا طَوۡعًا أَوۡ كَرۡهٗا قَالَتَآ أَتَيۡنَا طَآئِعِينَ ١١

Потом Он обратился к небу, которое было дымом, и сказал ему и земле: «Придите по доброй воле или по принуждению». Они сказали: «Мы пришли по доброй воле».

පසු ව සුවිශුද්ධයාණන් අහස මැවීමට අරමුණු කර ගත්තේය. එවිට එය දුමාරයක් සේ පැවතිණි. පසු ව එයට හා මහ පොළොවට, ‘නුඹලා දෙදෙනා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ මාගේ නියෝගයට යටත් වනු. එයින් තොර නුඹලාට වෙනත් මගක් නැත’ යැයි පැවසීය. ඔවුන් දෙදෙනා, ‘අනුගමනය කරන්නන් ලෙස අපි පැමිණියෙමු. අපගේ පරමාධිපතියාණනි! ඔබේ පැතුමෙන් තොර අපට වෙනත් කිසිදු පැතුමක් නැත’ යැයි පැවසුවෝය.

41:12Страница 478

فَقَضَىٰهُنَّ سَبۡعَ سَمَٰوَاتٖ فِي يَوۡمَيۡنِ وَأَوۡحَىٰ فِي كُلِّ سَمَآءٍ أَمۡرَهَاۚ وَزَيَّنَّا ٱلسَّمَآءَ ٱلدُّنۡيَا بِمَصَٰبِيحَ وَحِفۡظٗاۚ ذَٰلِكَ تَقۡدِيرُ ٱلۡعَزِيزِ ٱلۡعَلِيمِ ١٢

Он сотворил их семью небесами за два дня и внушил каждому небу его обязанности. Мы украсили нижнее небо светильниками и оберегаем его (или для оберегания его). Таково предопределение Могущественного, Знающего».

බ්රහස්පතින්දා සහ සිකුරාදා යන දෙදින තුළ අල්ලාහ් අහස මවා සම්පූර්ණ කළේය. ඒ අනුව දින හයක් තුළ අහස් සහ මහ පොළොව මැවීම සම්පූර්ණ විය. සෑම අහසක් තුළම ඒවාට අදාළ වන නිර්ණායක නියම කළේය. එමෙන්ම ඒවා යටත් වීමට හා නැමදුම් කිරීමට නියෝග කළ දෑ ද නියම කළේය. තවද අපි පහළ අහස තරු මගින් අලංකාරවත් කළෙමු. එමගින් අපි ෂෙයිතානුන් රහසේ කරුණු සවන් දීමෙන් අහස ආරක්ෂා කළෙමු. සඳහන් කරනු ලැබූ ඒ සියල්ල කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්ව බලධාරී තම මැවීම් පිළිබඳ සර්වඥ අල්ලාහ්ගේ තක්සේරුව වන්නේය.

41:13Страница 478

فَإِنۡ أَعۡرَضُواْ فَقُلۡ أَنذَرۡتُكُمۡ صَٰعِقَةٗ مِّثۡلَ صَٰعِقَةِ عَادٖ وَثَمُودَ ١٣

Если же они отвернутся, то скажи: «Я предостерегаю вас от мучений, подобных мучениям адитов и самудян».

අහෝ දූතය! නුඹ කවර කරුණක් ගෙන ආවේ ද, එය විශ්වාස කිරීමට මොවුන් පිටුපෑවේ නම්, නුඹ ඔවුනට මෙසේ කියනු. ‘හූද්ගේ සමූහයා වූ ආද් ප්රජාව හා සාලිහ්ගේ සමූහයා වූ සමූද් ප්රජාව බොරු කර සිටි හේතුවෙන් ඔවුනට අත් වූ දඬුවම මෙන් යම් දඬුවමක් නුඹලාට ද අත්වීම ගැන මම නුඹලාට අවවාද කරමි.’

41:14Страница 478

إِذۡ جَآءَتۡهُمُ ٱلرُّسُلُ مِنۢ بَيۡنِ أَيۡدِيهِمۡ وَمِنۡ خَلۡفِهِمۡ أَلَّا تَعۡبُدُوٓاْ إِلَّا ٱللَّهَۖ قَالُواْ لَوۡ شَآءَ رَبُّنَا لَأَنزَلَ مَلَٰٓئِكَةٗ فَإِنَّا بِمَآ أُرۡسِلۡتُم بِهِۦ كَٰفِرُونَ ١٤

Посланники приходили к ним спереди и сзади: «Не поклоняйтесь никому, кроме Аллаха». Они же говорили: «Если бы наш Господь захотел, то ниспослал бы ангелов. Воистину, Мы не веруем в то, с чем вы посланы».

ඔවුන්ගේ දූතවරු එකිනෙකාට පර ව එකම මග පෙන්වීමක් සමග ඔවුන් වෙත පැමිණි අවස්ථාවේ, ‘අල්ලාහ් හැර වෙනත් කිසිවකු නොනමදින’ මෙන් ඔවුහු ඔවුනට නියෝග කර සිටියේය. ඔවුන් අතර සිටි දේව ප්රතික්ෂේපකයෝ, ‘අප වෙත දූතයකු ලෙස මලක්වරුන් පහළ කිරීමට අපගේ පරමාධිපති අභිමත කළේ නම් ඔහු ඔවුන් පහළ කරන්නට තිබුණි. නුඹලා කවර කරුණක් සමග එවනු ලැබුවේ ද සැබවින්ම අපි එය ප්රතික්ෂේප කරන්නන් වෙමු. හේතුව, සැබවින්ම නුඹලා අප මෙන් මිනිසුන් මිස නැත.'යැයි පැවසුහ.

41:15Страница 478

فَأَمَّا عَادٞ فَٱسۡتَكۡبَرُواْ فِي ٱلۡأَرۡضِ بِغَيۡرِ ٱلۡحَقِّ وَقَالُواْ مَنۡ أَشَدُّ مِنَّا قُوَّةًۖ أَوَلَمۡ يَرَوۡاْ أَنَّ ٱللَّهَ ٱلَّذِي خَلَقَهُمۡ هُوَ أَشَدُّ مِنۡهُمۡ قُوَّةٗۖ وَكَانُواْ بِـَٔايَٰتِنَا يَجۡحَدُونَ ١٥

Что касается адитов, то они возгордились на земле без всякого права и сказали: «Кто может превзойти нас силой?». Неужели они не видели, что Аллах, Который сотворил их, превосходит их силой? Они отвергали Наши знамения.

හූද්ගේ ජනයා වන ආද් වනාහි, අල්ලාහ් ප්රතික්ෂේප කිරීමත් සමගම කිසිදු යුක්තියකින් තොර ව මහ පොළොවේ උඩඟුකම් පෑවෝය. ඔවුන් අවට සිටින්නන්හට අපරාධ කළෝය. ඔවුන්ගේ බලය මත මුළා වෙමින් ඔවුහු: ‘අපට වඩා බලවතුන් කවුරුන්දැ?යි විමසුවෝය. ඔවුන්ගේ විශ්වාසය වූයේ ඔවුනට වඩා බලවතුන් කිසිවකු නොමැති බවය. අල්ලාහ් ඔවුනට ප්රතිචාර වශයෙන්: ‘සැබවින්ම ඔවුන් මවා ඔවුන් සීමාව ඉක්ම වූ බලය ඔවුන් තුළ ඇති කළ අල්ලාහ් ඔවුනට වඩා බලවත් බව ඔවුහු නොදුටුවෝ ද? ඒ ගැන ඔවුහු වටහා නොගත්තෝ ද? තවද හූද් (අලයිහිස් සලාම්) තුමා ගෙන ආ අල්ලාහ්ගේ සංඥාවන් ඔවුහු ප්රතික්ෂේප කරමින් සිටියෝය.

41:16Страница 478

فَأَرۡسَلۡنَا عَلَيۡهِمۡ رِيحٗا صَرۡصَرٗا فِيٓ أَيَّامٖ نَّحِسَاتٖ لِّنُذِيقَهُمۡ عَذَابَ ٱلۡخِزۡيِ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۖ وَلَعَذَابُ ٱلۡأٓخِرَةِ أَخۡزَىٰۖ وَهُمۡ لَا يُنصَرُونَ ١٦

Мы наслали на них морозный (или завывающий) ветер в злополучные дни, чтобы дать им вкусить муки позора в мирской жизни. А мучения в Последней жизни будут еще более позорными, и им не будет оказана помощь.

දඬුවම හේතුවෙන් ඔවුනට අසුබ වූ දිනවල අමිහිරි හඬක් සහිත සුළඟක් අපි ඔවුන් වෙත යැව්වෙමු. එය මෙලොව ජීවිතයේ ඔවුන් අවමානයට හා හෑල්ලුවට ලක් කරන දඬුවම ඔවුන් භුක්ති විඳිනු පිණිසය. ඔවුන් බලාපොරොත්තුවෙන් සිටින මතු ලොව දඬුවම ඔවුනට මහත් නින්දාවක් ගෙන දෙනු ඇත. එම දඬුවමින් ඔවුන් මිදීම සඳහා ඔවුනට උපකාර කරන කිසිවකු ඔවුන් නොලබනු ඇත.

41:17Страница 478

وَأَمَّا ثَمُودُ فَهَدَيۡنَٰهُمۡ فَٱسۡتَحَبُّواْ ٱلۡعَمَىٰ عَلَى ٱلۡهُدَىٰ فَأَخَذَتۡهُمۡ صَٰعِقَةُ ٱلۡعَذَابِ ٱلۡهُونِ بِمَا كَانُواْ يَكۡسِبُونَ ١٧

Что же касается самудян, то Мы указали им на прямой путь, но они предпочли слепоту верному руководству, и их поразила молния унизительных мучений за то, что они приобретали.

සාලිහ්ගේ ජනයා වූ සමූද් ජනයා වනාහි, සැබවින්ම අපි ඔවුනට සත්යය මග පැහැදිලි කරමින් යහ මග පෙන්වූයෙමු. නමුත් ඔවුන් සත්ය වෙත වූ මගට වඩා නොමගට මුල්තැන දුන්නෝය. එහෙයින් ඔවුන් උපයමින් සිටි දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් නින්දනීය අකුණු දඬුවම ඔවුන් විනාශ කර දැමීය.

41:18Страница 478

وَنَجَّيۡنَا ٱلَّذِينَ ءَامَنُواْ وَكَانُواْ يَتَّقُونَ ١٨

А тех, которые уверовали и были богобоязненны, Мы спасли.

අල්ලාහ් හා ඔහුගේ දූතවරුන් විශ්වාස කළවුන් වනාහි අපි ඔවුන් මුදවා ගත්තෙමු. ඔවුහු අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් ඔහුට භක්තිමත් ව කටයුතු කළවුන් වූහ. ඔවුන්ගේ ප්රජාවට අත් වූ දඬුවමින් අපි ඔවුන් මුදවා ගත්තෙමු.

41:19Страница 478

وَيَوۡمَ يُحۡشَرُ أَعۡدَآءُ ٱللَّهِ إِلَى ٱلنَّارِ فَهُمۡ يُوزَعُونَ ١٩

В тот день, когда враги Аллаха будут собраны перед Огнем, их задержат.

අල්ලාහ් තම සතුරන් අපා ගින්න වෙත රැස් කරන දිනයේ ඔවුන්ගේ ආරම්භයා සිට ඔවුන්ගේ අවසානයා දක්වා අපා ගින්නේ භාරකරුවෝ පෙළ ගස්වා ඇද ගෙන යති. අපා ගින්නෙන් මිදී පලා යන්නට ඔවුහු ශක්තිය නොදරනු ඇත.

41:20Страница 478

حَتَّىٰٓ إِذَا مَا جَآءُوهَا شَهِدَ عَلَيۡهِمۡ سَمۡعُهُمۡ وَأَبۡصَٰرُهُمۡ وَجُلُودُهُم بِمَا كَانُواْ يَعۡمَلُونَ ٢٠

Когда же они достигнут его, их слух, их взоры и их кожа станут свидетельствовать против них о том, что они совершали.

ඔවුන් රැදෙන්නට යන අපා ගින්න වෙත ඔවුන් පැමිණ, මෙලොවෙහි ඔවුන් සිදු කරමින් සිටි දෑ පිළිකුල් කරන අවස්ථාවේ ඔවුන්ගේ සවන්, ඔවුන්ගේ දෘෂ්ටීන් හා ඔවුන්ගේ හම් ඔවුන් මෙලොවෙහි සිදු කරමින් සිටි දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් ඔවුනට එරෙහි ව සාක්ෂි දරනු ඇත.

41:21Страница 479

وَقَالُواْ لِجُلُودِهِمۡ لِمَ شَهِدتُّمۡ عَلَيۡنَاۖ قَالُوٓاْ أَنطَقَنَا ٱللَّهُ ٱلَّذِيٓ أَنطَقَ كُلَّ شَيۡءٖۚ وَهُوَ خَلَقَكُمۡ أَوَّلَ مَرَّةٖ وَإِلَيۡهِ تُرۡجَعُونَ ٢١

Они скажут своей коже: «Почему вы стали свидетельствовать против нас?». Они скажут: «Нас заставил говорить Аллах, Который заставил говорить всякую вещь». Он сотворил вас в первый раз, и к Нему вы будете возвращены.

දේව ප්රතික්ෂේපකයෝ ඔවුන්ගේ හම් දෙස බලා, ‘මෙලොව අප සිදු කරමින් සිටි දෑ ට අපට එරෙහි ව නුඹලා සාක්ෂි දැරුවේ ඇයි දැ?’යි විමසා සිටිති. එය සතු පුද්ගලයාට පිළිතුරු දෙමින් හම, ‘සෑම දෙයක්ම කතා කෙරෙව්වා වූ අල්ලාහ් අප ව ද කතා කෙරෙව්වේය. මෙලොවෙහි නුඹලා සිටියදී නුඹලාව මුල් වරට මැව්වේ ඔහුය. මතු ලොවෙහි විනිශ්චය හා ප්රතිඵල සඳහා නුඹලා නැවත යොමු කරනු ලබනුයේ ද ඔහු වෙතමය.' යැයි පවසයි.

41:22Страница 479

وَمَا كُنتُمۡ تَسۡتَتِرُونَ أَن يَشۡهَدَ عَلَيۡكُمۡ سَمۡعُكُمۡ وَلَآ أَبۡصَٰرُكُمۡ وَلَا جُلُودُكُمۡ وَلَٰكِن ظَنَنتُمۡ أَنَّ ٱللَّهَ لَا يَعۡلَمُ كَثِيرٗا مِّمَّا تَعۡمَلُونَ ٢٢

Вы не укрывались от свидетельств вашего слуха, ваших взоров и вашей кожи. Но вы предполагали, что Аллах не знает многого из того, что вы совершали.

නුඹලා පාපකම් සිදු කරන අවස්ථාවේ නුඹලාගේ සවන් නුඹලාගේ දෘෂ්ටීන් හා නුඹලාගේ හම් නුඹලාට එරෙහි ව සාක්ෂි නොදරන තරමට කිසිවක් සඟවන්නන් ලෙස නුඹලා නැත. ඊට හේතු ව සැබවින්ම නුඹලා මරණින් පසු ව විනිශ්චය, දඬුවම හා කුසල් ගැන විශ්වාස නොකරන බැවිණි. නමුත් සැබවින් සුවිශුද්ධයාණන් වූ අල්ලාහ් නුඹලා සිදු කරන බොහෝ දෑ පිළිබඳ නොදන්නා බවත් ඒවා ඔහුට වසන් වී ඇති බවත් සිතා සිටියෙහුය. නුඹලා රැවටී ඇත්තාහුය.

41:23Страница 479

وَذَٰلِكُمۡ ظَنُّكُمُ ٱلَّذِي ظَنَنتُم بِرَبِّكُمۡ أَرۡدَىٰكُمۡ فَأَصۡبَحۡتُم مِّنَ ٱلۡخَٰسِرِينَ ٢٣

Эти ваши предположения, которые вы делали о вашем Господе, погубили вас, и вы оказались одними из потерпевших убыток.

නුඹලාගේ පරමාධිපති පිළිබඳ නුඹලා සිතූ ඒ නපුරු සිතුවිල්ල නුඹලා ව විනාශ කර දැමුවේය. ඒ හේතුවෙන් නුඹලා මෙලොවෙහි මෙන්ම මතු ලොවෙහි ද පරාජයට පත්වූවන් අතරට පත් වූහ.

41:24Страница 479

فَإِن يَصۡبِرُواْ فَٱلنَّارُ مَثۡوٗى لَّهُمۡۖ وَإِن يَسۡتَعۡتِبُواْ فَمَا هُم مِّنَ ٱلۡمُعۡتَبِينَ ٢٤

Если даже они проявят терпение, их обителью будет Огонь. Если же они попросят о благосклонности, то к ним не будут благосклонны (или если к ним проявят благосклонность, то они не станут искать благосклонности).

ඔවුන්ගේ සවන් ඔවුන්ගේ දෘෂ්ටීන් හා ඔවුන්ගේ හම් ඔවුනට එරෙහි ව සාක්ෂි දැරීම සම්බන්ධයෙන් ඔවුන් ඉවසීමෙන් සිටිය ද නිරාගින්න ඔවුන්ගේ නවාතැන විය. ඔවුන් ලැඟුම් ගන්නා ස්ථානය එයයි. දඬුවම ඉවත් කරන මෙන් ද, අල්ලාහ් ඔවුන් ගැන තෘප්තිමත් වන මෙන් ද ඔවුන් ඇයද සිටියත්, ඔහුගේ තෘප්තිය ලබන්නන් ලෙස ඔවුන් නැත. ඔවුහු කිසිවිටෙක ස්වර්ග උයනට පිවිසෙන්නන් නොවෙති.

41:25Страница 479

۞ وَقَيَّضۡنَا لَهُمۡ قُرَنَآءَ فَزَيَّنُواْ لَهُم مَّا بَيۡنَ أَيۡدِيهِمۡ وَمَا خَلۡفَهُمۡ وَحَقَّ عَلَيۡهِمُ ٱلۡقَوۡلُ فِيٓ أُمَمٖ قَدۡ خَلَتۡ مِن قَبۡلِهِم مِّنَ ٱلۡجِنِّ وَٱلۡإِنسِۖ إِنَّهُمۡ كَانُواْ خَٰسِرِينَ ٢٥

Мы приставили к ним товарищей, которые представили им прекрасным их настоящее и будущее, и сбылось Слово относительно них и относительно живших до них народов из числа джиннов и людей. Воистину, они были потерпевшими убыток.

මෙම දේව ප්රතික්ෂේපකයින්හට අපි ෂෙයිතානුන්ගෙන් වූ සහචරයින් අනිවාර්යය ලෙස පෙළ ගැස්වූයෙමු. මෙලොවෙහි ඔවුන්ගේ ක්රියාවන් ඔවුහු ඔවුනට අලංකාරවත් කර පෙන්වූවෝය. මතු ලොව කටයුතු ඔවුන් ප්රමාද කිරීම ද ඔවුනට අලංකාරවත් කර පෙන්වූවෝය. ඒ ගැන සිහිපත් කිරීම හෝ ඒ සඳහා කටයුතු කිරීම ඔවුහු ඔවුනට අමතක කර දැමුවෝය. ඔවුනට පෙර ඉකුත් ව ගිය ජින්නුන් හා මිනිසුන් සමස්තය තුළ ඔවුනට ද දඬුවම අනිවාර්යය කළේය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් අපා ගින්නට පිවිසීමෙන් ඔවුන් හා ඔවුන්ගේ පවුල විනාශ කර ගත් පරාජිතයෝ වූහ.

41:26Страница 479

وَقَالَ ٱلَّذِينَ كَفَرُواْ لَا تَسۡمَعُواْ لِهَٰذَا ٱلۡقُرۡءَانِ وَٱلۡغَوۡاْ فِيهِ لَعَلَّكُمۡ تَغۡلِبُونَ ٢٦

Неверующие сказали: «Не слушайте этот Коран, а начинайте говорить вздор (опровергайте его любым способом или шумите во время его чтения). Быть может, вы одержите верх».

දේව ප්රතික්ෂේපකයින් තර්කයට තර්කය තුළින් මුහුණ දීමට අපොහොසත් වූ කල්හි, ඔවුහු ඔවුන් අතර එකිනෙකාට උපදෙස් දෙමින්, ‘මුහම්මද් නුඹලාට කියවා පෙන්වන මෙම කුර්ආනයට නුඹලා සවන් නොදෙනු. එහි ඇති දෑ ට අවනත නොවනු. ඔහු එය කියවන අවස්ථාවේ කෑ ගසනු නුඹලාගේ හඬවල් උස් කරනු. එවිට නුඹලා ජය ලබනු ඇත. ඔහු ඔහුගේ පාරායනය හා ඒ වෙත වූ ඇරයුම ඔහු අත හැර දමනු ඇත. එවිට ඔහුගෙන් සැනසුම අපට ලැබිය හැකි වන්නේය.' යැයි පැවසුහ.

41:27Страница 479

فَلَنُذِيقَنَّ ٱلَّذِينَ كَفَرُواْ عَذَابٗا شَدِيدٗا وَلَنَجۡزِيَنَّهُمۡ أَسۡوَأَ ٱلَّذِي كَانُواْ يَعۡمَلُونَ ٢٧

Мы непременно дадим неверующим вкусить тяжкие мучения и воздадим им за наихудшее из того, что они совершали.

අල්ලාහ් ව ප්රතික්ෂේප කොට, ඔහුගේ දූතවරුන් බොරු කළවුනට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දැඩි දඬුවමක් භුක්ති විඳින්නට සලස්වමු. ඔවුන් සිදු කරමින් ආ දේව ආදේශය හා පාපකම් වලට වඩා නපුරු විපාකයක් අපි ඔවුනට ප්රතිවිපාක වශයෙන් පිරිනමමු.

41:28Страница 479

ذَٰلِكَ جَزَآءُ أَعۡدَآءِ ٱللَّهِ ٱلنَّارُۖ لَهُمۡ فِيهَا دَارُ ٱلۡخُلۡدِ جَزَآءَۢ بِمَا كَانُواْ بِـَٔايَٰتِنَا يَجۡحَدُونَ ٢٨

Таково воздаяние врагам Аллаха! Огонь! В нем будет их Вечная обитель в воздаяние за то, что они отвергали Наши знамения.

මෙහි සඳහන් කරන ලැබූ ප්රතිවිපාකය, අල්ලාහ් ව ප්රතික්ෂේප කොට ඔහුගේ දූතවරුන් බොරු කළවුන් වන අල්ලාහ්ගේ සතුරන් සඳහා වූ විපාකයයි. එය නිරයයි. ඔවුනට එය සදාකාලික ව පිහිටයි. කිසිවිටෙක නැවතීමක් නැත. එය අල්ලාහ්ගේ සංඥාවන් හෙළා දැකීම හා ඒවා පැහැදිලි ව තිබියදී, ඒවා සඳහා වූ බලවත් තර්ක තිබියදී ඔවුන් ඒවා විශ්වාස නොකිරීම හේතුවෙන් පිරිනැමෙන ප්රතිඵලයක් වශයෙනි.

41:29Страница 479

وَقَالَ ٱلَّذِينَ كَفَرُواْ رَبَّنَآ أَرِنَا ٱلَّذَيۡنِ أَضَلَّانَا مِنَ ٱلۡجِنِّ وَٱلۡإِنسِ نَجۡعَلۡهُمَا تَحۡتَ أَقۡدَامِنَا لِيَكُونَا مِنَ ٱلۡأَسۡفَلِينَ ٢٩

Неверующие скажут: «Господь наш! Покажи нам тех джиннов и людей, которые ввели нас в заблуждение. Мы бросим их себе под ноги, чтобы они были самыми низкими».

අල්ලාහ් ව ප්රතික්ෂේප කොට, ඔහුගේ දූතවරුන් බොරුකළවුන්, ‘අපගේ පරමාධිපතියාණනි! අප නොමග යැවූ ජින්නුන් හා මිනිසුන් අපට පෙන්වනු මැනව. ඉබ්ලීස් දේව ප්රතික්ෂේපය හා ඔහු වෙත ඇරයුම් කිරීම සිරිතක් කර ගත් අයෙකි. ආදම්ගේ දරුවා ලේ හැළීම සිරිතක් කර ගත් අයෙකි. ඔවුන් දෙවර්ගයම අපගේ පාද යට නිරා ගින්න තුළ තබන්නෙමු. ඔවුන් දෙදෙනා නිරා වාසීන් අතරින් දැඩි සේ දඬුවමට ලක් වන පහත් අය අතරින් වනු පිණිසයැ.යි පවසති.

41:30Страница 480

إِنَّ ٱلَّذِينَ قَالُواْ رَبُّنَا ٱللَّهُ ثُمَّ ٱسۡتَقَٰمُواْ تَتَنَزَّلُ عَلَيۡهِمُ ٱلۡمَلَٰٓئِكَةُ أَلَّا تَخَافُواْ وَلَا تَحۡزَنُواْ وَأَبۡشِرُواْ بِٱلۡجَنَّةِ ٱلَّتِي كُنتُمۡ تُوعَدُونَ ٣٠

Воистину, к тем, которые сказали: «Наш Господь - Аллах», - а потом были стойки, нисходят ангелы: «Не бойтесь и не печальтесь, а возрадуйтесь Раю, который был обещан вам.

සැබැවින්ම ‘අපගේ පරමාධිපති අල්ලාහ්ය. ඔහු හැර වෙනත් පරමාධිපතියෙකු අපට නැත.’ යැයි පවසා, ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඒ මත ස්ථාවරව සිටියවුන් වනාහි, මලක්වරුන් ඔවුන් වෙත පහළ වී ඔවුන් ඉදිරියේ පෙනී සිටින විට ඔවුනට, ‘නුඹලා මරණය ගැන හෝ ඉන් පසු ඇති දෑ ගැන බිය නොවනු. මෙලොවෙහි නුඹලා හැර දමා ආ දෑ ගැන ද දුක් නොවනු. මෙලොවෙහි නුඹලා අල්ලාහ්ව විශ්වාස කොට, නුඹලා කළ දැහැමි ක්රියාවන් සඳහා ප්රතිඥ දෙනු ලබමින් සිටි ස්වර්ගය ගැන සතුටු වනු.’ යැයි පවසා සිටිති.

41:31Страница 480

نَحۡنُ أَوۡلِيَآؤُكُمۡ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا وَفِي ٱلۡأٓخِرَةِۖ وَلَكُمۡ فِيهَا مَا تَشۡتَهِيٓ أَنفُسُكُمۡ وَلَكُمۡ فِيهَا مَا تَدَّعُونَ ٣١

Мы - ваши помощники (или хранители) в мирской жизни и Последней жизни. Вам там уготовано все, чего пожелают ваши души! Вам там уготовано все, о чем вы попросите!

"මෙලොව ජීවිතයේ නුඹලාගේ හිතමිතුරන් අපය. සැබැවින්ම අපි නුඹලාව ප්රවේසම් කරමින් හා ආරක්ෂා කරමින් සිටියෙමු. මතුලොවෙහි ද නුඹලාගේ හිතමිතුරන් අපමය. නුඹලාට හිමි අපගේ භාරකාරත්වය අඛණ්ඩව පවතින්නකි. නුඹලාගේ සිත් ආශා කරන ආශාවන් හා වින්දනයන් නුඹලාට ස්වර්ගයේ ඇත. නුඹලා ආශා කරන දැයින් නුඹලා පතන සියල්ල නුඹලාට එහි ඇත."

41:32Страница 480

نُزُلٗا مِّنۡ غَفُورٖ رَّحِيمٖ ٣٢

Таково угощение от Прощающего, Милосердного».

නුඹලාට ආගන්තුක සත්කාර වශයෙන් සූදානම් කරන ලද පරමාධිපතිගෙන් වූ සංග්රහයක් වශයෙනි. තම ගැත්තන් අතරින් කවරෙකු පාපක්ෂමාව අයැද ඔහු වෙත යොමු වන්නේ ද ඔවුන්ගේ පාපයන්ට සමාව දෙන්නාය. ඔවුන් කෙරෙහි කරුණාව දක්වන්නාය.

41:33Страница 480

وَمَنۡ أَحۡسَنُ قَوۡلٗا مِّمَّن دَعَآ إِلَى ٱللَّهِ وَعَمِلَ صَٰلِحٗا وَقَالَ إِنَّنِي مِنَ ٱلۡمُسۡلِمِينَ ٣٣

Чья речь прекраснее, чем речь того, кто призывает к Аллаху, поступает праведно и говорит: «Воистину, я - один из мусульман»?

අල්ලාහ්ගේ ඒකීයත්වය හා ඔහුගේ ආගමික පිළිවෙත අනුව කටයුතු කිරීම සඳහා ඇරයුම් කරමින් ඔහුගේ පරමාධිපති තෘප්තියට පත්වන දැහැමි ක්රියාවන් ඉටු කරමින්, ‘සැබැවින්ම මම අල්ලාහ්ට අවනත වූ, ඔහුට යටත් වූ අය අතරින් කෙනෙක් වෙමි’ යැයි පවසා සිටින කෙනෙකුගේ ප්රකාශට වඩා වෙනත් අලංකාර ප්රකාශයක් නැත. කවරෙකු මේ සියල්ලම ඉටු කළේ ද ප්රකාශයෙන් ජනයා අතර වඩාත් දැහැමි වනුයේ ඔහුය.

41:34Страница 480

وَلَا تَسۡتَوِي ٱلۡحَسَنَةُ وَلَا ٱلسَّيِّئَةُۚ ٱدۡفَعۡ بِٱلَّتِي هِيَ أَحۡسَنُ فَإِذَا ٱلَّذِي بَيۡنَكَ وَبَيۡنَهُۥ عَدَٰوَةٞ كَأَنَّهُۥ وَلِيٌّ حَمِيمٞ ٣٤

Не равны добро и зло. Оттолкни зло тем, что лучше, и тогда тот, с кем ты враждуешь, станет для тебя словно близкий любящий родственник.

දැහැමි ක්රියාවන් හා අල්ලාහ් තෘප්තියට පත්වන අවනතවීම්, නපුරු ක්රියාවන් හා ඔහු කෝපයට පත් කරවන පාපකම් සමාන වන්නේ නැත. ජනයා අතරින් නුඹට නපුරක් කරන්නන්ගේ නපුර, වඩාත් යහපත් කරුණකින් වළක්වාලනු. නුඹ අතර හා ඔහු අතර පෙර සතුරුකමක් වුව ද -ඔහුගේ නපුර ඔහු වෙත යහපතක් කිරීමෙන් නුඹ වළක්වන විට- සැබැවින්ම ඔහු සමීප මිතුරෙකු සේ වන්නේය.

41:35Страница 480

وَمَا يُلَقَّىٰهَآ إِلَّا ٱلَّذِينَ صَبَرُواْ وَمَا يُلَقَّىٰهَآ إِلَّا ذُو حَظٍّ عَظِيمٖ ٣٥

Но не будет это даровано никому, кроме тех, кто проявляет терпение, и не будет это даровано никому, кроме тех, кто обладает великой долей.

දුෂ්කරතාවන් මත හා ජනයා විසින් ඔවුනට මුහුණ දෙන්නට සිදු වූ නපුරුකම් මත ඉවසීමෙන් කටයුතු කළවුනට හැර වෙනත් කිසිවකුට මෙම ප්රශංසනීය කරුණ සඳහා ආශිර්වාද කරනු නොලැබේ. එමෙන්ම අතිමහත් භාග්යයක් ඇත්තන්හට මිස ඒ සඳහා ආශිර්වාද කරනු නොලැබේ. ඊට හේතුව සැබැවින්ම එහි අධික යහපත හා පූර්ණ ප්රයෝජන ඇති බැවිණි.

41:36Страница 480

وَإِمَّا يَنزَغَنَّكَ مِنَ ٱلشَّيۡطَٰنِ نَزۡغٞ فَٱسۡتَعِذۡ بِٱللَّهِۖ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ ٣٦

А если тебя коснется наваждение от дьявола, то прибегай к защите Аллаха, ибо Он - Слышащий, Знающий.

කවර වේලාවක හෝ ෂෙයිතාන් කොඳුරා, නුඹට සැක මතු කරන්නේ නම්, එවිට නුඹ අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතා ඔහු වෙත යොමුවනු. සැබැවින්ම ඔහු නුඹ කවර කරුණක් පවසන්නේ ද එයට සවන්දෙන්නාය. එමෙන්ම නුඹේ තත්ත්වය ගැන මැනවින් දන්නාය.

41:37Страница 480

وَمِنۡ ءَايَٰتِهِ ٱلَّيۡلُ وَٱلنَّهَارُ وَٱلشَّمۡسُ وَٱلۡقَمَرُۚ لَا تَسۡجُدُواْ لِلشَّمۡسِ وَلَا لِلۡقَمَرِ وَٱسۡجُدُواْۤ لِلَّهِۤ ٱلَّذِي خَلَقَهُنَّ إِن كُنتُمۡ إِيَّاهُ تَعۡبُدُونَ ٣٧

Среди Его знамений - ночь и день, солнце и луна. Не падайте ниц перед солнцем и луной, а падайте ниц перед Аллахом, Который сотворил их, если Ему вы поклоняетесь.

රාත්රිය හා දහවල එකින් පසු එක මාරුවෙන් මාරුව පැමිණීම ද, හිරු හා සඳු ද අල්ලාහ්ගේ බලය හා ඔහුගේ ඒකීයත්වය පෙන්වා දෙන ඔහුගේ සංඥාවන් අතරින් වේ. අහෝ ජනයිනි! නුඹ හිරුට නමස්කාර නොකරනු. සඳුටත් නමස්කාර නොකරනු නුඹලා සැබෑ ලෙස නමදින්නන් ලෙස සිටියෙහු නම් ඒවා මැවූ ඒකීය අල්ලාහ්ට පමණක් නමස්කාර කරනු.

41:38Страница 480

فَإِنِ ٱسۡتَكۡبَرُواْ فَٱلَّذِينَ عِندَ رَبِّكَ يُسَبِّحُونَ لَهُۥ بِٱلَّيۡلِ وَٱلنَّهَارِ وَهُمۡ لَا يَسۡـَٔمُونَ۩ ٣٨

Если же они возгордятся, то ведь находящиеся возле твоего Господа прославляют Его ночью и днем, и им это не наскучивает.

නුඹලා උඩඟු වී, පිටුපා, මැවුම්කරු වන අල්ලාහ්ට නමස්කාර නොකළේ නම්, (දැනගනු) මලක්වරුන් හෙවත් සුර දූතයෝ අල්ලාහ් අබියස සිට ඔහු ව සුවි ශුද්ධ කරති. රාත්රියේ සහ දහවලෙහි ඔහුට ප්රශංසා කරති. ඔහුට නැමදීමෙන් ඔවුන් වෙහෙසයට පත් නොවෙති.

41:39Страница 481

وَمِنۡ ءَايَٰتِهِۦٓ أَنَّكَ تَرَى ٱلۡأَرۡضَ خَٰشِعَةٗ فَإِذَآ أَنزَلۡنَا عَلَيۡهَا ٱلۡمَآءَ ٱهۡتَزَّتۡ وَرَبَتۡۚ إِنَّ ٱلَّذِيٓ أَحۡيَاهَا لَمُحۡيِ ٱلۡمَوۡتَىٰٓۚ إِنَّهُۥ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٌ ٣٩

Среди Его знамений - то, что ты видишь землю иссохшей, но когда Мы ниспосылаем на нее воду, она приходит в движение и набухает. Воистину, Тот, Кто оживил ее, непременно оживит мертвецов. Он способен на всякую вещь.

අල්ලාහ්ගේ බලය, ඔහුගේ ඒකීයත්වය, යළි අවදි කිරීමේ ඔහුගේ හැකියාව පෙන්වා දෙන තවත් සාධකයක් වනුයේ කිසිදු පැලෑටියක් නොමැති භූමියක් දෑසින් දකින්නාක් මෙනි. ඒ මත වර්ෂා ජලය පහළ වූ විට එතුළ සැඟවී තිබූ බීජ වර්ධනය වීම හේතුවෙන් පොළව පැළී; එය ඉහළට එනු ඇත. මිය ගිය මෙම භූමිය පැලෑටි මගින් ජීවමාන කළ ඔහු, මිය ගියවුන්ට යළි ජීවය දෙන්නාය. විනිශ්චය හා ප්රතිඵල සඳහා යළි අවදි කරන්නාය. සැබැවින්ම ඔහු සියලු දෑ කෙරෙහි බලාධිකාරීය. මහපොළොව මිය යෑමෙන් පසුව එය යළි ජීවමාන කිරීමත්, මියගියවුනට යළි ජීවය දී ඔවුන්ගේ මිණීවලවල්වලින් ඔවුන් අවදි කිරීමත් ඔහුට නොහැකි කාර්යයක් නොවේ.

41:40Страница 481

إِنَّ ٱلَّذِينَ يُلۡحِدُونَ فِيٓ ءَايَٰتِنَا لَا يَخۡفَوۡنَ عَلَيۡنَآۗ أَفَمَن يُلۡقَىٰ فِي ٱلنَّارِ خَيۡرٌ أَم مَّن يَأۡتِيٓ ءَامِنٗا يَوۡمَ ٱلۡقِيَٰمَةِۚ ٱعۡمَلُواْ مَا شِئۡتُمۡ إِنَّهُۥ بِمَا تَعۡمَلُونَ بَصِيرٌ ٤٠

Воистину, те, которые уклоняются от истины в отношении Наших аятов, не сокрыты от Нас. Тот, кто будет брошен в Огонь, лучше или тот, кто в День воскресения явится, будучи в безопасности? Поступайте, как пожелаете! Он видит то, что вы совершаете.

අල් කුර්ආනයේ පාඨ හෙළා දකිමින්, ඒවා බොරු කරමින් හා ඒවා විකෘති කරමින් එහි නිවැරදිතාවයෙන් හැරෙන්නන් වනාහි, සැබැවින්ම ඔවුන්ගේ එවැන් තත්ත්වයන් අප හට සැඟවී යන්නේ නැත. අපි ඔවුන්ව දකින්නෙමු. උතුම් වන්නේ නිරා ගින්නට හෙළනු ලබන්නන් ද, එසේ නැතහොත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දඬුවමින් ආරක්ෂිත ව පැමිණෙන්න ද? අහෝ ජනයිනි! නුඹලා අභිමත කරන පරිදි යහපත හෝ අයහපත සිදු කරනු. සැබැවින්ම යහපත හා අයහපත අපි නුඹලාට පැහැදිලි කර ඇත්තෙමු. සැබැවින්ම අල්ලාහ් ඒ දෙකින් නුඹලා සිදු කරන දෑ පිළිබඳව අධීක්ෂණය කරන්නාය. නුඹලාගේ ක්රියාවන් අතරින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.

41:41Страница 481

إِنَّ ٱلَّذِينَ كَفَرُواْ بِٱلذِّكۡرِ لَمَّا جَآءَهُمۡۖ وَإِنَّهُۥ لَكِتَٰبٌ عَزِيزٞ ٤١

Воистину, те, которые не уверовали в Напоминание, когда оно дошло до них, будут наказаны. Воистину, это - могущественное Писание.

අල්ලාහ් වෙතින් ඔවුන් වෙත පැමිණි කරුණු අල් කුර්ආනයේ ඇතුළත් වන බැවින් අල් කුර්ආනය ප්රතික්ෂේප කරන්නන් වනාහි, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දඬුවම් කරනු ලබන්නන් වෙති. සැබැවින්ම එය බලවත්ය. දෝෂවලින් වළක්වනු ලැබූවක්ය. එය විකෘති කිරීමට කිසිදු විකෘති කරන්නෙකුට හැකියාවක් නැත. එමෙන්ම එය වෙනස් කිරීමට කිසිදු වෙනස් කරන්නෙකුට හැකියාවක් ද නැත.

41:42Страница 481

لَّا يَأۡتِيهِ ٱلۡبَٰطِلُ مِنۢ بَيۡنِ يَدَيۡهِ وَلَا مِنۡ خَلۡفِهِۦۖ تَنزِيلٞ مِّنۡ حَكِيمٍ حَمِيدٖ ٤٢

Ложь не подберется к нему ни спереди, ни сзади. Оно ниспослано от Мудрого, Достохвального.

යමක් අඩු කිරීමකින් හෝ එකතු කිරීමකින් හෝ වෙනස් කිරීමකින් හෝ විකෘති කිරීමකින් හෝ අල් කුර්ආනයට ඉදිරියේ හෝ එයට පසු පසින් හෝ ව්යාජ කරුණක් ඒ වෙත ගෙන ආ නොහැකිය. මැවීමෙහි ද සැලසුම් කිරීමෙහි ද ආගමානුගත කිරීමෙහි ද මහා ප්රඥාවන්තයාණන් හා සියලු අවස්ථාවන්හිම ප්රශංසාලාභී අල්ලාහ්ගෙන් පහළ වූවකි.

41:43Страница 481

مَّا يُقَالُ لَكَ إِلَّا مَا قَدۡ قِيلَ لِلرُّسُلِ مِن قَبۡلِكَۚ إِنَّ رَبَّكَ لَذُو مَغۡفِرَةٖ وَذُو عِقَابٍ أَلِيمٖ ٤٣

Тебе будет сказано только то, что было сказано посланникам до тебя. Воистину, твой Господь обладает прощением и обладает мучительным наказанием.

අහෝ දූතය! බොරු කරමින් නුඹහට පවසනු ලබන දෑ, නුඹට පෙර විසූ දූතවරුන්ටත් පවසන ලද දෑ මිස නොවේ. එහෙයින් ඉවසීමෙන් කටයුතු කරනු. සැබැවින්ම නුඹේ පරමාධිපති ඔහු වෙත පාපක්ෂමාව ඇයැද, ඔහු වෙත යොමු වන ඔහුගේ ගැත්තන්හට අති ක්ෂමාශීලීය. පාපයේම හිඳ පාපක්ෂාම අයැද නොසිටි අයට වේදනීය දඬුවම් දෙන්නාය.

Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии

Содержание

Аят аль-Курси36Аль-Кахфстр. 42джуз 15Бухари 1Муслим 2999

Вид

Тема
Размер текста
Вид

Read in English