Al-Mukhtasar · Tafsir · in Sinhala
التكاثر
At-Takathur
The Rivalry in world increase · Meccan · 8 ayahs
අහෝ මිනිසුනි! ධනය හා දරුවන් හේතුවෙන් නුඹලා එකිනෙකා තුළ ඇති තරඟය අල්ලාහ්ට අවනත වීමෙන් නුඹලා ව වෙනතකට යොමු කර ඇත.
නුඹලා මිය ගොස් නුඹලාගේ මිණිවලවල් නුඹලා හමුවන තුරු.
ධනය හා දරුවන් හේතුවෙන් එසේ නුඹලා එකිනෙකා අහංකාරකම් පාමින් අල්ලාහ්ට අවනත වීමෙන් දුරස්වීම නුඹලාට සුදුසු නැත. එසේ නුඹලා වෙනතකට යොමු වී කටයුතු කිරීමේ විපාකය නුඹලා ඉක්මණින් මතු දැනගනු ඇත.
එහි විපාකය නුඹ මතුලොවෙහි දැනගනු ඇත.
102:5Page 600
كـَلَّا لَوۡ تَعۡلَمُونَ عِلۡمَ ٱلۡيَقِينِ ٥
No! If you only knew with knowledge of certainty...1
සැබැවින්ම අල්ලාහ් ඉදිරියට නුඹලා ව ඉදිරිපත් කරනු ඇත. එවිට නුඹලා සිදු කළ සියලු ක්රියාවන්ට ඔහු ප්රතිඵල දෙනු ඇතැයි නුඹලා ස්ථීරවම වටහා ගන්නේ නම් එසේ දරුවන් හා ධනය හේතුකොට ගෙන අහංකාරකම් පා නුඹලා අල්ලාහ්ගෙන් වෙනතකට යොමු නොවන්නාහුය.
අල්ලාහ් මත දිවුරා පවසමි. සැබැවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී නිරා ගින්න නුඹලා දෑසින්ම දැක ගනු ඇත.
102:7Page 600
ثُمَّ لَتَرَوُنَّهَا عَيۡنَ ٱلۡيَقِينِ ٧
Then you will surely see it with the eye of certainty.1
සැබැවින්ම එය කිසිදු සැකයකින් තොරවම ස්ථීර ලෙසම දැක ගනු ඇත.
102:8Page 600
ثُمَّ لَتُسۡـَٔلُنَّ يَوۡمَئِذٍ عَنِ ٱلنَّعِيمِ ٨
Then you will surely be asked that Day about pleasure.1
සුවය, ධනය හා වෙනත් සම්පත් අතුරින් කවර ආශිර්වාදයක් අල්ලාහ් නුඹලාට පිරිනමා ඇත්තේද ඒ පිළිබඳ ව නුඹලාගෙන් එහිදී ප්රදශ්න කරනු ලබන්නෝය.
Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences