Al-MukhtasarAl‑Qasas · 28:1–38

Al-Mukhtasar · Tafsir · in Sinhala

القصص

Al-Qasas

The Stories · Meccan · 88 ayahs

28:1Page 385

طسٓمٓ ١

Ṭā, Seen, Meem.1

(තා, සීන්, මීම්) සූරා බකරා ආරම්භයේදී මෙවැනි පාඨ පිළිබඳ විස්තර සඳහන් කර ඇත.

28:2Page 385

تِلۡكَ ءَايَٰتُ ٱلۡكِتَٰبِ ٱلۡمُبِينِ ٢

These are verses of the clear Book.

මෙය පැහැදිලි අල් කුර්ආනයේ පාඨ වෙයි.

28:3Page 385

نَتۡلُواْ عَلَيۡكَ مِن نَّبَإِ مُوسَىٰ وَفِرۡعَوۡنَ بِٱلۡحَقِّ لِقَوۡمٖ يُؤۡمِنُونَ ٣

We recite to you from the news of Moses and Pharaoh in truth for a people who believe.

මූසා හා ෆිර්අවුන්ගේ තොරතුරු කිසිදු සැකයකින් තොර ව දෙවියන් විශ්වාස කරන ජනයා වෙනුවෙන් සැබෑ ලෙස අපි නුඹට කියවා පෙන්වමු. සැබවින්ම ඔවුන් එහි ඇති දැයින් ප්රයෝජනය ලබන බැවිණි.

28:4Page 385

إِنَّ فِرۡعَوۡنَ عَلَا فِي ٱلۡأَرۡضِ وَجَعَلَ أَهۡلَهَا شِيَعٗا يَسۡتَضۡعِفُ طَآئِفَةٗ مِّنۡهُمۡ يُذَبِّحُ أَبۡنَآءَهُمۡ وَيَسۡتَحۡيِۦ نِسَآءَهُمۡۚ إِنَّهُۥ كَانَ مِنَ ٱلۡمُفۡسِدِينَ ٤

Indeed, Pharaoh exalted himself in the land and made its people into factions, oppressing a sector among them, slaughtering their [newborn] sons and keeping their females alive. Indeed, he was of the corrupters.

සැබවින්ම ෆිර්අවුන් මිසර දේශයේ සීමාව ඉක්මවා අපරාධ සිදු කළේය. එහි ඔහු ආධිපත්යය දැරුවේය. එහි වැසියන් අතර විවිධ කණ්ඩායම් බවට පත් කළේය. ඔවුන් අතරින් පිරිසක් දුර්වලයින් බවට පත් කළේය. ඔවුන් ඉස්රාඊල් දරුවන් වෙති. ඔවුන්ගේ පිරිමි දරුවන් මරා දමා ඔවුන්ගේ ගැහැනු දරුවන් සේවය සඳහා තබා ගනිමින් ඔවුන් අතිශයින් අපහාසයට ලක් කළේය. සැබවින්ම ඔහු අපරාධ හා ඉක්මවා කටයුතු කරමින් මහ පොළොවේ ප්රචණ්ඩකාරීන් අතරින් කෙනෙකු විය.

28:5Page 385

وَنُرِيدُ أَن نَّمُنَّ عَلَى ٱلَّذِينَ ٱسۡتُضۡعِفُواْ فِي ٱلۡأَرۡضِ وَنَجۡعَلَهُمۡ أَئِمَّةٗ وَنَجۡعَلَهُمُ ٱلۡوَٰرِثِينَ ٥

And We wanted to confer favor upon those who were oppressed in the land and make them leaders and make them inheritors

ෆිර්අවුන් විසින් මිසර දේශයේ දුර්වලතාවට පත් කරනු ලැබූ ඉස්රාඊල් දරුවන්හට, ඔවුන්ගේ සතුරන් විනාශ කොට ඔවුන්ගෙන් අසරණකම් ඉවත් කොට, සත්යය තුළ ඔවුන් අනුගමනය කරන නායකයින් බවට ඔවුන්ව පත් කොට, ෆිර්අවුන්ගේ විනාශයෙන් පසු ව භාග්යලත් සිරියා දේශය උරුමකම් පාන්නට සලස්වා, අපි ඔවුනට ශ්රේෂ්ඨත්වය පිරිනමන්නට අපේක්ෂා කළෙමු. ඒ පිළිබඳ උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: “දුර්වලතාවට පත් කරනු ලැබූ ජනයාට අපි සමෘද්ධිමත් කළ මහ පොළොවේ නැගෙනහිරවල් හා එහි බටහිරවල් අපි උරුම කර දුන්නෙමු.”

28:6Page 386

وَنُمَكِّنَ لَهُمۡ فِي ٱلۡأَرۡضِ وَنُرِيَ فِرۡعَوۡنَ وَهَٰمَٰنَ وَجُنُودَهُمَا مِنۡهُم مَّا كَانُواْ يَحۡذَرُونَ ٦

And establish them in the land and show Pharaoh and [his minister] Hāmān and their soldiers through them1 that which they had feared.

ඔවුන් එහි ආධිපත්යය දරණ සගයින් ලෙස අප පත් කිරීමෙන් ඔවුනට මහ පොළොවේ පහසුකම් සලසා දෙන්නට අපි අපේක්ෂා කළෙමු. එමෙන්ම ෆිර්අවුන් හා රාජ්ය අනුග්රහය සැපයූ ප්රධානී හාමාන්ගේ මෙන්ම ඔවුන් දෙදෙනාගේ රාජ්ය සහායකයින් වූ ඔවුන් දෙදෙනාගේ සේනාවගේ රාජ්ය පාලනය ගිලිහී යෑම හා ඉස්රාඊල්ගේ දරුවන්ගෙන් වූ පිරිමි දරුවකුගේ දෑතින් එහි අවසානයට පත් වීම ගැන ඔවුන් බියට පත්වීම ගැන ඔවුනට පෙන්වන්නටද අපේක්ෂා කළෙමු.

28:7Page 386

وَأَوۡحَيۡنَآ إِلَىٰٓ أُمِّ مُوسَىٰٓ أَنۡ أَرۡضِعِيهِۖ فَإِذَا خِفۡتِ عَلَيۡهِ فَأَلۡقِيهِ فِي ٱلۡيَمِّ وَلَا تَخَافِي وَلَا تَحۡزَنِيٓۖ إِنَّا رَآدُّوهُ إِلَيۡكِ وَجَاعِلُوهُ مِنَ ٱلۡمُرۡسَلِينَ ٧

And We inspired to the mother of Moses, "Suckle him; but when you fear for him, cast him into the river and do not fear and do not grieve. Indeed, We will return him to you and will make him [one] of the messengers."

"ෆිර්අවුන් හා ඔහුගේ ජනයා මූසා ව මරා දමනු ඇතැයි බිය වී, ඔහු ව පෙට්ටියක බහාලා නයිල් නදියේ හෙළනු තුරු ඔහුට කිරි දෙනු. එය දියේ ගිලීම ගැන හෝ ෆිර්වුන් ගැන හෝ බිය නොවනු. ඔහුගේ වෙන්වීම හේතුවෙන් නුඹ දුක් නොවනු. සැබවින්ම අපි නුඹ වෙත ජීවමාන ලෙස ඔහු ව නැවත ලබා දෙන්නෙමු. අල්ලාහ්ගේ මැවීම් වෙත එවන ලද ඔහුගේ දූතවරුන් අතරින් කෙනෙකු බවට අපි ඔහු පත් කරන්නෙමු." යැයි මූසාගේ මවට අපි දේව ප්රඥාව පහළ කළෙමු.

28:8Page 386

فَٱلۡتَقَطَهُۥٓ ءَالُ فِرۡعَوۡنَ لِيَكُونَ لَهُمۡ عَدُوّٗا وَحَزَنًاۗ إِنَّ فِرۡعَوۡنَ وَهَٰمَٰنَ وَجُنُودَهُمَا كَانُواْ خَٰطِـِٔينَ ٨

And the family of Pharaoh picked him up [out of the river] so that he would become to them an enemy and a [cause of] grief. Indeed, Pharaoh and Hāmān and their soldiers were deliberate sinners.

ඔහු ව පෙට්ටිය බහාලා ගඟට දමන මෙන් ඇයට කළ දේව නියෝගය ඇය පිළිපැද්දාය. ෆිර්අවුන්ගේ පවුල එය දැක ඔහුව අර ගත්තෝය. සැබවින්ම එය, මූසා ෆිර්අවුන්ගේ සතුරකු බවට පත් වී ඔහුගේ දෑතින් ෆිර්අවුන්ගේ රාජ්යය පහ කිරීමටත්, ඔවුන්ගේ දුක ඉවත් කිරීමටත්, අල්ලාහ් අභිමත කළ දෑ තහවුරු කරනු වස්ය. සැබවින්ම ෆිර්අවුන් හා ඔහුගේ ඇමති හාමාන් ද ඔවුන් දෙදෙනාගේ සහායකයින්ද ඔවුන්ගේ දේව ප්රතික්ෂේපය මහ පොළොවේ ඔවුන් සිදු කළ ප්රචණ්ඩත්වය හා කලහකම් හේතුවෙන් පාපිෂ්ඨයින් බවට පත් වූහ.

28:9Page 386

وَقَالَتِ ٱمۡرَأَتُ فِرۡعَوۡنَ قُرَّتُ عَيۡنٖ لِّي وَلَكَۖ لَا تَقۡتُلُوهُ عَسَىٰٓ أَن يَنفَعَنَآ أَوۡ نَتَّخِذَهُۥ وَلَدٗا وَهُمۡ لَا يَشۡعُرُونَ ٩

And the wife of Pharaoh said, "[He will be] a comfort of the eye [i.e., pleasure] for me and for you. Do not kill him; perhaps he may benefit us, or we may adopt him as a son." And they perceived not.1

ෆිර්අවුන් ඔහු ව ඝාතනය කිරීමට සිතූ කල්හි ඔහුගේ බිරිය ඔහුට, "මෙම දරුවා මටත් ඔබටත් සතුට ගෙන දෙන්නක් විය හැක. එහෙයින් නුඹලා ඔහු මරා නොදමනු. ඇතැම් විට මෙහෙකම් කිරීමෙන් ඔහු අපට ප්රයෝජනවත් වනු ඇත. එසේ නැතහොත් දරුවකු ලෙස අපි ඔහු හදාවඩා ගත හැක." යැයි පැවසුවාය. නමුත් ඔහුගේ දෑතින් ඔවුන්ගේ රාජ්යයට අත්වන්නට යන දෑ ඔවුහු නොදැන සිටියෝය.

28:10Page 386

وَأَصۡبَحَ فُؤَادُ أُمِّ مُوسَىٰ فَٰرِغًاۖ إِن كَادَتۡ لَتُبۡدِي بِهِۦ لَوۡلَآ أَن رَّبَطۡنَا عَلَىٰ قَلۡبِهَا لِتَكُونَ مِنَ ٱلۡمُؤۡمِنِينَ ١٠

And the heart of Moses' mother became empty [of all else]. She was about to disclose [the matter concerning] him had We not bound fast her heart that she would be of the believers.

මූසා (අලයිහිස් සලාම්) තුමාගේ මවගේ හදවත, මූසා (අලයිහිස් සලාම්) තුමා හැර වෙනත් සියලුම ආකාරයේ ලෞකික කටයුතු වලින් හිස් වී තිබිණ. අල්ලාහ් කවර තීන්දුවක් තමන් වෙත නියම කර සිටියේ ද ඒ මත ඉවසිලිවන්තයින් ලෙස කටයුතු කරන තම පරමාධිපති මත සියල්ල පවරන දේව විශ්වාසීන් අතරට ඇය ද පත්වනු පිණිස අපි ඇයගේ හදවත ස්ථාවරත්වයෙන් හා ඉවසීමෙන් බැඳ නොතැබුවේ නම් තම දරුවා කෙරෙහි ඇති බැඳීමෙහි තීව්රතාව හේතුවෙන් ඔහු ඇගේ පුත්රයා බව හෙළි කිරීමට තරම් ඇය ඉවසිලිවන්ත නොවන්නට තිබිණ.

28:11Page 386

وَقَالَتۡ لِأُخۡتِهِۦ قُصِّيهِۖ فَبَصُرَتۡ بِهِۦ عَن جُنُبٖ وَهُمۡ لَا يَشۡعُرُونَ ١١

And she said to his sister, "Follow him"; so she watched him from a distance while they perceived not.

මූසා (අලයිහිස් සලාම්) තුමාගේ මව ඔහු ව ගඟෙහි දැමීමෙන් පසු ව ඔහුගේ සහෝදරියට මෙසේ පැවසුවාය. "ඔහුට කුමක් සිදු වන්නේ දැ?යි නුඹට දැනගත හැකි පරිදි ඔහුගේ මග සලකුණු ඔස්සේ ලුහුබැඳ යනු." පසු ව තමන් ඔහුගේ සහෝදරිය යන වගත් සැබවින්ම ඔහු ගැන තමන් තොරතුරු සොයන වගත් ෆිර්අවුන්ට හා ඔහුගේ ජනයාට නොහැඟෙන පරිදිත් තමන් ගැන හෙළි නොවන පරිදිත් ඇය දුරින් සිට ඔහු ගැන ඇය නිරීක්ෂා කළාය.

28:12Page 386

۞ وَحَرَّمۡنَا عَلَيۡهِ ٱلۡمَرَاضِعَ مِن قَبۡلُ فَقَالَتۡ هَلۡ أَدُلُّكُمۡ عَلَىٰٓ أَهۡلِ بَيۡتٖ يَكۡفُلُونَهُۥ لَكُمۡ وَهُمۡ لَهُۥ نَٰصِحُونَ ١٢

And We had prevented from him [all] wet nurses before,1 so she said, "Shall I direct you to a household that will be responsible for him for you while they are to him [for his upbringing] sincere?"

අපි ඔහුව ඔහුගේ මවට නැවත ලබා දීමට පෙර අල්ලාහ්ගේ සැලසුම අනුව කිරි දෙන කාන්තාවන්ගෙන් කිරි බීමෙන් මූසා වැළකී සිටියේය. ඔහුගේ සහෝදරිය ඔහුට කිරි පෙවීම සඳහා ඔවුන් දක්වන දැඩි කැමැත්ත දුටු කල්හි ඇය ඔවුනට: "ඔහුට කිරි දී ඔහු ව හදාවඩා ගන්නා නිවසක් වෙත මම නුඹලාට මග පෙන්වන්නද? ඔවුහු ඔහුට නිරන්තරයෙන්ම යහපත පතන්නෝ වෙති." යැයි විමසුවාය.

28:13Page 386

فَرَدَدۡنَٰهُ إِلَىٰٓ أُمِّهِۦ كَيۡ تَقَرَّ عَيۡنُهَا وَلَا تَحۡزَنَ وَلِتَعۡلَمَ أَنَّ وَعۡدَ ٱللَّهِ حَقّٞ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَعۡلَمُونَ ١٣

So We restored him to his mother that she might be content and not grieve and that she would know that the promise of Allāh is true. But most of them [i.e., the people] do not know.

ඔහුගේ මව ළඟින් සිට ඔහු ව රැකබලා ගැනීමෙන් ඇයගේ නෙත් සිසිල්වත් වන පරිදි හා ඔහුගේ වෙන්වීම ගැන ඇය දුක් නොවන පරිදි ඇයට අපි මූසා ව නැවත ලබා දුනිමු. ඔහු ඇය වෙත නැවත ලබා දීම සම්බන්ධයෙන් අල්ලාහ් දුන් පොරොන්දුව කිසිදු සැකයකින් තොර සත්යයක් බව ඇය දැන ගත්තාය. නමුත් මෙම ප්රතිඥාව ගැන ඔවුන්ගෙන් බහුතරයක් දෙනා නොදනිති. සැබවින්ම ඇය ඔහුගේ මව බව කිසිවෙකු දැන සිටියේ නැත.

28:14Page 387

وَلَمَّا بَلَغَ أَشُدَّهُۥ وَٱسۡتَوَىٰٓ ءَاتَيۡنَٰهُ حُكۡمٗا وَعِلۡمٗاۚ وَكَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ ١٤

And when he attained his full strength and was [mentally] mature, We bestowed upon him judgement and knowledge. And thus do We reward the doers of good.

ශරීරය වැඩී, වැඩි වියට පත් ව තම බලය ක්රියාත්මක කළ හැකි අවදියට පත් වූ කල්හි ඔහුට නබිත්වය පිරිනැමීමට පෙර ඉස්රාඊල් දරුවන්ගේ දහම සම්බන්ධයෙන් වූ දැනුම හා අවබෝධය අපි ඔහුට පිරිනැමුවෙමු. මූසා (අලයිහිස් සලාම්) තුමාගේ අවනතභාවය සඳහා අපි ඔහුට ප්රතිඵල පිරිනැමුවාක් සේම සෑම කාලයකම සෑම ස්ථානයකම පසුවන දැහැමියන්හට අපි ප්රතිඵල පිරිනමන්නෙමු.

28:15Page 387

وَدَخَلَ ٱلۡمَدِينَةَ عَلَىٰ حِينِ غَفۡلَةٖ مِّنۡ أَهۡلِهَا فَوَجَدَ فِيهَا رَجُلَيۡنِ يَقۡتَتِلَانِ هَٰذَا مِن شِيعَتِهِۦ وَهَٰذَا مِنۡ عَدُوِّهِۦۖ فَٱسۡتَغَٰثَهُ ٱلَّذِي مِن شِيعَتِهِۦ عَلَى ٱلَّذِي مِنۡ عَدُوِّهِۦ فَوَكَزَهُۥ مُوسَىٰ فَقَضَىٰ عَلَيۡهِۖ قَالَ هَٰذَا مِنۡ عَمَلِ ٱلشَّيۡطَٰنِۖ إِنَّهُۥ عَدُوّٞ مُّضِلّٞ مُّبِينٞ ١٥

And he entered the city at a time of inattention by its people1 and found therein two men fighting: one from his faction and one from among his enemy. And the one from his faction called for help to him against the one from his enemy, so Moses struck him and [unintentionally] killed him. [Moses] said, "This is from the work of Satan. Indeed, he is a manifest, misleading enemy."

ජනයා ඔවුන්ගේ නිවෙස් තුළ විවේකී ව සිටින වේලාවක මූසා නගරයට පිවිසීය. එවිට වාද කරමින් සණ්ඩුසරුවල් කරන මිනිසුන් දෙදෙනෙකු දුටුවේය. ඔවුන්ගෙන් එක් අයකු මූසා (අලයිහිස් සලාම්) තුමාගේ ප්රජාවේ ඉස්රාඊල් දරුවන්ගෙන් කෙනෙකු වූ අතර අනෙකා මූසාගේ සතුරුන් වූ ෆිර්අවුන්ගේ ජනයා වන කිබ්ති වංශයට අයත් කෙනෙකු විය. තම සතුරන් වන කිබ්ති වංශයේ මිනිසාට එරෙහි ව තමන්ට උපකාර කරන්නැයි ඔහුගේ ජනයා අතරින් වූ මිනිසා ඔහුගෙන් ඉල්ලා සිටියේය. එම කිබ්තී මිනිසාට තම අත මිට මොළොව මූසා පහරක් ගැසීය. එවිට එම පහරේ බලවත්භාවය හේතුවෙන් ඔහු මැරී වැටුණේය. මූසා (අලයිහිස් සලාම්) තුමා, "මෙය ෂෙයිතාන් විචිත්රවත් කළ දෙයකි. ඔහුගේ වංචාවකි. සැබවින්ම ෂෙයිතාන් ඔහු ව අනුගමනය කරන්නන් නොමග හරින්නාය. සැපැහිදිලි සතුරාය. එහෙයින් ඔහු මට මෙය ඇති කළේ ද ඔහුට මා සතුරු වීම හේතුවෙන් හා සැබවින්ම ඔහු මුළා කරන්නට අපේක්ෂා කරන්නන් ඔහු මුළා කරන්නෙකු ව සිටින බැවිණි." යැයි පැවසීය.

28:16Page 387

قَالَ رَبِّ إِنِّي ظَلَمۡتُ نَفۡسِي فَٱغۡفِرۡ لِي فَغَفَرَ لَهُۥٓۚ إِنَّهُۥ هُوَ ٱلۡغَفُورُ ٱلرَّحِيمُ ١٦

He said, "My Lord, indeed I have wronged myself, so forgive me," and He forgave him. Indeed, He is the Forgiving, the Merciful.

තමන්ගෙන් සිදු වූ වරද පිළිගනිමින් තම පරමාධිපතිගෙන් සමාව අයදිමින් මූසා, "මාගේ පරමාධපතියාණනි! සැබවින්ම මම මේ කිබ්ති වංශයේ මිනිසා ව ඝාතනය කිරීමෙන් මා මට ම අපරාධ කර ගත්තෙමි. එහෙයින් මාගේ පාපයන් සඳහා මට සමාව දෙනු මැනව." යැයි කීය. මූසා (අලයිහිස් සලාම්) තුමාට සමාව දීම ගැන අල්ලාහ් අපට එසේ පැහැදිලි කර සිටියේය. සැබවින්ම ඔහු ඔහුගේ ගැත්තන් අතරින් ඔහුගෙන් සමාව අයදින්නන්හට අති ක්ෂමාශීලී වන අතර ඔවුන් කෙරෙහි මහා කාරුණිකය.

28:17Page 387

قَالَ رَبِّ بِمَآ أَنۡعَمۡتَ عَلَيَّ فَلَنۡ أَكُونَ ظَهِيرٗا لِّلۡمُجۡرِمِينَ ١٧

He said, "My Lord, for the favor You bestowed upon me, I will never be an assistant to the criminals."

පසු ව මූසා (අලයිහිස් සලාම්) තුමාගේ ප්රාර්ථනාව පිළිබඳ තොරතුරු දිගට ම මෙසේ පවසා සිටියි. එහි එතුමා, "මාගේ පරමාධිපති මා වෙත පිරිනැමූ ශක්තිය, ප්රඥාව හා දැනුම හේතුවෙන් අපරාධකරුවන් සිදු කරන අපරාධ වලට කිසිවිටෙක මම උදව් කරන්නෙකු නොවෙමි."

28:18Page 387

فَأَصۡبَحَ فِي ٱلۡمَدِينَةِ خَآئِفٗا يَتَرَقَّبُ فَإِذَا ٱلَّذِي ٱسۡتَنصَرَهُۥ بِٱلۡأَمۡسِ يَسۡتَصۡرِخُهُۥۚ قَالَ لَهُۥ مُوسَىٰٓ إِنَّكَ لَغَوِيّٞ مُّبِينٞ ١٨

And he became inside the city fearful and anticipating [exposure], when suddenly the one who sought his help the previous day cried out to him [once again]. Moses said to him, "Indeed, you are an evident, [persistent] deviator."

කිබ්තී පුද්ගලයා ව මරා දැමීමේ සිදු වීම ඔහු විසින් සිදු වූ පසු, තමන් කුමක් කළ යුතු දැ යි සිතා බියෙන් යුතු ව නගරයේ අවධානයෙන් සැරිසැරීය. එවිට පෙර දින තම සතුරා වන කිබ්තී පුද්ගලයාට එරෙහි ව උදව් උපකාර ඉල්ලා පැමිණි පුද්ගලයා තවත් කිබ්තී මිනිසෙකුට එරෙහි ව ඔහුගෙන් උදව් ඉල්ලා සිටියේය. මූසා තුමා ඔහුට, "සැබවින්ම නුඹ ප්රචණ්ඩකාරී මෙන්ම පැහැදිලි නොමගෙහි සිටින්නෙකි." යැයි පවසා සිටියේය.

28:19Page 387

فَلَمَّآ أَنۡ أَرَادَ أَن يَبۡطِشَ بِٱلَّذِي هُوَ عَدُوّٞ لَّهُمَا قَالَ يَٰمُوسَىٰٓ أَتُرِيدُ أَن تَقۡتُلَنِي كَمَا قَتَلۡتَ نَفۡسَۢا بِٱلۡأَمۡسِۖ إِن تُرِيدُ إِلَّآ أَن تَكُونَ جَبَّارٗا فِي ٱلۡأَرۡضِ وَمَا تُرِيدُ أَن تَكُونَ مِنَ ٱلۡمُصۡلِحِينَ ١٩

And when he wanted to strike the one who was an enemy to both of them, he1 said, "O Moses, do you intend to kill me as you killed someone yesterday? You only want to be a tyrant in the land and do not want to be of the amenders."

මූසා (අලයිහිස් සලාම්) තුමා ඔහුට හා ඉස්රාඊල මිනිසාට සතුරු වූ එම කිබ්තී පුද්ගලයා ව අල්ලා ගන්නට සිතූ කල්හි එම ඉස්රාඊලීය මිනිසා,"සැබවින්ම නුඹ පැහැදිලි අපරාධකරුවෙකි" යැයි ඔහු කළ ප්රකාශයට සවන් දුන් කල්හි, සැබැවින්ම තමන් අල්ලා ගන්නට යන බව සිතා මූසාට මෙසේ පැවසීය. "පෙර දින නුඹ මිනිසෙකු මරා දැමුවාක් මෙන් මා මරා දමන්නට නුඹ සිතන්නෙහි ද? සැබැවින්ම නුඹ මිනිසුන් මරා දමමින් ඔවුනට අපරාධ කරමින් බලහත්කාරකම් කරන්නකු වීමට මිස වෙනත් දෙයක් අපේක්ෂා නොකරන්නෙහිය. එමෙන්ම වාද කරන්නන් අතර සමතයට පත් කරන්නන් අතරින් කෙනෙකු වීමට ද නුඹ ප්රිය කරන්නේ නැත." යැයි පැවසීය.

28:20Page 387

وَجَآءَ رَجُلٞ مِّنۡ أَقۡصَا ٱلۡمَدِينَةِ يَسۡعَىٰ قَالَ يَٰمُوسَىٰٓ إِنَّ ٱلۡمَلَأَ يَأۡتَمِرُونَ بِكَ لِيَقۡتُلُوكَ فَٱخۡرُجۡ إِنِّي لَكَ مِنَ ٱلنَّٰصِحِينَ ٢٠

And a man came from the farthest end of the city, running. He said, "O Moses, indeed the eminent ones are conferring over you [intending] to kill you, so leave [the city]; indeed, I am to you of the sincere advisors."

එම පුවත පැතිරී ගිය කල්හි නගරයේ කොනක සිටි මිනිසෙකු මූසාට අත් වූ විපාකය ගැන අනුකම්පා කරමින් වේගයෙන් දිව ඇවිත්, "අහෝ මූසා! සැබවින්ම ෆිර්අවුන්ගේ ජනයා අතර සිටින ප්රභූවරු ඔබ ව ඝාතනය කිරීමට සාකච්ඡා කරති. එහෙයින් නුඹ නගරයෙන් පිට ව යනු. ඔවුන් නුඹ ව අල්ලා නුඹ ව මරා දැමීම ගැන නුඹ කෙරෙහි වූ මාගේ අනුකම්පාව හේතුවෙන් සැබවින්ම මම නුඹට උපදෙස් දෙන්නෙක්මි" යැයි පැවසීය.

28:21Page 387

فَخَرَجَ مِنۡهَا خَآئِفٗا يَتَرَقَّبُۖ قَالَ رَبِّ نَجِّنِي مِنَ ٱلۡقَوۡمِ ٱلظَّٰلِمِينَ ٢١

So he left it, fearful and anticipating [apprehension]. He said, "My Lord, save me from the wrongdoing people."

උපදෙස් දුන් පුද්ගලයාගේ උපදෙස් මූසා (අලයිහිස් සලාම්) තුමා පිළිපැද්දේය. තමාට සිදු වන දෑ ගැන සිතමින් ඒ ගැන බියෙන් ඔහු නගරයෙන් පිට ව ගියේය. ඔහු ඔහුගේ පරමාධිපතිට ප්රාර්ථනා කරමින්, "මාගේ පරමාධිපතියාණනි! අපරාධකාරී ජනයාගෙන් මා මුදවා ගනු මැනව. ඔවුන් මට නපුරුක් ළඟා කර නොදිය යුතුය" යැයි පැවසීය.

28:22Page 388

وَلَمَّا تَوَجَّهَ تِلۡقَآءَ مَدۡيَنَ قَالَ عَسَىٰ رَبِّيٓ أَن يَهۡدِيَنِي سَوَآءَ ٱلسَّبِيلِ ٢٢

And when he directed himself toward Madyan, he said, "Perhaps my Lord will guide me to the sound way."

මද්යන් දෙසට මුහුණ ලා ගමන් ගත් කල්හි හෙතෙම, "මාගේ පරමාධිපති ශ්රේෂ්ඨ මාර්ගයක් වෙත මට මග පෙන්වනු ඇතැයි මම අපේක්ෂා කරමි. එවිට මම එයින් නොමග නොයමි." යැයි පැවසීය.

28:23Page 388

وَلَمَّا وَرَدَ مَآءَ مَدۡيَنَ وَجَدَ عَلَيۡهِ أُمَّةٗ مِّنَ ٱلنَّاسِ يَسۡقُونَ وَوَجَدَ مِن دُونِهِمُ ٱمۡرَأَتَيۡنِ تَذُودَانِۖ قَالَ مَا خَطۡبُكُمَاۖ قَالَتَا لَا نَسۡقِي حَتَّىٰ يُصۡدِرَ ٱلرِّعَآءُۖ وَأَبُونَا شَيۡخٞ كَبِيرٞ ٢٣

And when he came to the water [i.e., well] of Madyan, he found there a crowd of people watering [their flocks], and he found aside from them two women holding back [their flocks]. He said, "What is your circumstance?" They said, "We do not water until the shepherds dispatch [their flocks]; and our father is an old man."

මද්යන් වාසීන්ට ජලය සපයන මද්යන්හි ජලාශ්රයක් වෙතට ඔහු ළඟා වූ කල්හි තම ගොවිපළ සතුන්ට ජලය සපයන මිනිසුන් පිරිසක් දුටුවේය. ඒ සමගම ජනයා ජලය සපයන තෙක් තම එළුවන්ට ජලය සැපයීමෙන් වැළකී සිටි කාන්තාවන් දෙදෙනකු ද ඔහු දුටුවේය. ඔවුන් දෙදෙනාගෙන් මූසා (අලයිහිස් සලාම්) තුමා මෙසේ විමසීය. "මිනිසුන් සමග එක් ව නුඹලා දෙදෙනා ජලය නොසපයන්නට තරම් නුඹලා දෙදෙනාගේ කාරණාව කුමක්දැ?"යි විමසීය. එම කාන්තාවන් දෙදෙනා ඔහුට "එසේ අපි පැමිණ, එඬේරුන් සමග මිශ්රවීමෙන් ප්රවේශම් වනු වස් ඔවුන් හැරී යන තෙක්ම අපි ජලය නොසැපයීම අපගේ සිරිතකි. අපගේ පියාණන් වයස්ගත මැහල්ලෙකි. ජලය සැපයීමට ඔහුට හැකියාවක් නැත. එහෙයින් අපගේ එළුවන්ට ජලය සැපයීමට අපි බල කරනු ලැබ ඇත්තෙමු." යැයි පැවසුවෝය.

28:24Page 388

فَسَقَىٰ لَهُمَا ثُمَّ تَوَلَّىٰٓ إِلَى ٱلظِّلِّ فَقَالَ رَبِّ إِنِّي لِمَآ أَنزَلۡتَ إِلَيَّ مِنۡ خَيۡرٖ فَقِيرٞ ٢٤

So he watered [their flocks] for them; then he went back to the shade and said, "My Lord, indeed I am, for whatever good You would send down to me, in need."

එවිට ඔහු ඔවුන් දෙදෙනාට අනුකම්පා කොට ඔවුන් දෙදෙනාගේ එළුවන්ට ජලය සැපයීය. පසු ව හෙවණකට ගොස් එහි විවේක ගත්තේය. තම අවශ්යතාව ඉදිරිපත් කරන මෙන් ඔහු තම පරමාධිපතිට ප්රාර්ථනා කළේය. "මාගේ පරමාධිපතියාණනි! මා වෙත නුඹ පහළ කළ දෑ හි කවර යහපතක් වුවද සැබවින්ම ඒ කෙරෙහි අවශ්යතාවෙන් පෙළෙන්නෙකි." යැයි පැවසීය.

28:25Page 388

فَجَآءَتۡهُ إِحۡدَىٰهُمَا تَمۡشِي عَلَى ٱسۡتِحۡيَآءٖ قَالَتۡ إِنَّ أَبِي يَدۡعُوكَ لِيَجۡزِيَكَ أَجۡرَ مَا سَقَيۡتَ لَنَاۚ فَلَمَّا جَآءَهُۥ وَقَصَّ عَلَيۡهِ ٱلۡقَصَصَ قَالَ لَا تَخَفۡۖ نَجَوۡتَ مِنَ ٱلۡقَوۡمِ ٱلظَّٰلِمِينَ ٢٥

Then one of the two women came to him walking with shyness. She said, "Indeed, my father invites you that he may reward you for having watered for us." So when he came to him1 and related to him the story, he said, "Fear not. You have escaped from the wrongdoing people."

ඔවුන් (එම ස්ත්රීන්) දෙදෙනා නැවත හැරී ගිය කල්හි ඔවුන් දෙදෙනාගේ පියාට ඔහු ගැන තොරතුරු දන්වා සිටියෝය. ඔහු ව කැඳවා ගෙන එන්නට ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු ඔහු වෙත එවීය. එවිට ඇය ඔහු වෙත ලැජ්ජාවෙන් යුතු ව ගමන් කරමින් පැමිණ, "සැබවින්ම මාගේ පියාණන් ඔබ අපට ජලය සැපයීම වෙනුවෙන් ඔබේ කුලිය ඔබට පිරිනැමීමේ අපේක්ෂාවෙන් ඔහු වෙත පැමිණෙන මෙන් ඔහු ඔබට ඇරයුම් කළේ යැ"යි පැවසුවාය. මූසා තුමා ඔවුන් දෙදෙනාගේ පියාණන් වෙත පැමිණි කල්හි තම තොරතුරු පිළිබඳව ඔහුට දැනුම් දුන්නේය. එවිට ඔහු ඉතා තැන්පත් ව ඔහුට, "අපරාධකාරී ෆිරිඅවුන් හෝ ඔවුන්ගේ ප්රධානීන් අතර වූ සාකච්ඡාව ගැන නුඹ බිය නොවනු. මද්යන් දේශයේ ආධිපත්යය දරන්නට ඔවුනට ආධිපත්යයක් නැත. නුඹ වෙත නපුරක් කිරීමට ඔවුනට නොපුළුවන." යැයි පැවසුවේය.

28:26Page 388

قَالَتۡ إِحۡدَىٰهُمَا يَٰٓأَبَتِ ٱسۡتَـٔۡجِرۡهُۖ إِنَّ خَيۡرَ مَنِ ٱسۡتَـٔۡجَرۡتَ ٱلۡقَوِيُّ ٱلۡأَمِينُ ٢٦

One of the women said, "O my father, hire him. Indeed, the best one you can hire is the strong and the trustworthy."

ඔහුගේ දියණියන් දෙදෙනාගෙන් එක් අයකු "මාගේ පියාණනි! අපගේ එළුවන් බලා ගන්නට කුලීකරුවකු ලෙස ඔහු පත් කරන්න. ශක්තිය හා විශ්වාසය යන කරුණු ඔහු තුළ එකට බැඳී ඇති බැවින් ඔහු ව කුලීකරුවකු ලෙස ගැනීම වඩාත් වැදගත්වේ. එවිට ඔහුගේ ශක්තිය තුළින් ඔහුට පවරනු ලබන දෑ ඔහු ඉටු කරනු ඇත. ඔහුගේ විශ්වාසය තුළින් ඔහු වෙත කවර දෙයක් විශ්වාසී ලෙස පවරනු ලැබුවේ ද එය ඔහු ආරක්ෂා කරනු ඇත." යැයි පැවසුවාය.

28:27Page 388

قَالَ إِنِّيٓ أُرِيدُ أَنۡ أُنكِحَكَ إِحۡدَى ٱبۡنَتَيَّ هَٰتَيۡنِ عَلَىٰٓ أَن تَأۡجُرَنِي ثَمَٰنِيَ حِجَجٖۖ فَإِنۡ أَتۡمَمۡتَ عَشۡرٗا فَمِنۡ عِندِكَۖ وَمَآ أُرِيدُ أَنۡ أَشُقَّ عَلَيۡكَۚ سَتَجِدُنِيٓ إِن شَآءَ ٱللَّهُ مِنَ ٱلصَّٰلِحِينَ ٢٧

He said, "Indeed, I wish to wed you one of these, my two daughters, on [the condition] that you serve me for eight years; but if you complete ten, it will be [as a favor] from you. And I do not wish to put you in difficulty. You will find me, if Allāh wills, from among the righteous."

ඔවුන් දෙදෙනාගේ පියා මූසා (අලයිහිස් සලාම්) තුමාට කතා කරමින්, "මාගේ මේ දියණියන් දෙදෙනාගෙන් එකියකු නුඹට සරණපාවා දෙන්නට අපේක්ෂා කරමි. එය ඇයට දිය යුතු ‘මහර්’ විවාහ ත්යාගය ලෙස වසර අටක් අපගේ එළුවන් ඔබ රැක බලා ගැනීමේ පදනම යටතේය. නමුත් නුඹ වසර දහයක් ලෙස එය පූර්ණ කළේ නම්, එය ඔබෙන් සිදු වන ව්යතිරේකයකි. මම නුඹට ඒ ගැන බල නොකරමි. සැබවින්ම ගිවිසුම ඇත්තේ වසර අටකට පමණය. ඊට වැඩියෙන් ඇති දෑ අමතර ය. එහි නුඹ වෙත දුෂ්කරතාවක් බල කරන්නට මම ප්රිය නොකරමි. අල්ලාහ්ගේ අභිමතය පරිදි නුඹ ගිවිසුම් ඉටු කරන ප්රතිඥා කඩ නොකරන දැහැමියන් අතරින් කෙනෙකු බව මම නුඹ ව දකිමි" යැයි පැවසීය.

28:28Page 388

قَالَ ذَٰلِكَ بَيۡنِي وَبَيۡنَكَۖ أَيَّمَا ٱلۡأَجَلَيۡنِ قَضَيۡتُ فَلَا عُدۡوَٰنَ عَلَيَّۖ وَٱللَّهُ عَلَىٰ مَا نَقُولُ وَكِيلٞ ٢٨

[Moses] said, "That is [established] between me and you. Whichever of the two terms I complete - there is no injustice to me, and Allāh, over what we say, is Witness."

මූසා අලයිහිස් සලාම්, "එය වනාහි මා අතර හා ඔබ අතර අප ගිවිස ගත් දෑ ය. නුඹට මා සේවය කළ යුතු කාලය කවර කාලයක් වුව ද එනම් වසර අටක් හෝ වසර දහයක් වුව ද මා වෙත පැවරූ දෑ මම සම්පූර්ණ කරන්නෙකු වෙමි. නමුත් ඊට අමතර කිසිවක් මගෙන් ඉල්ලා නොසිටිය යුතුය. කවර කරුණක් මත අපි ගිවිසුම් ඇති කර ගත්තෙමු ද අල්ලාහ් ඒ ගැන භාරකරුය. ඒ ගැන ආරක්ෂා කරන්නාය.’ යැයි පැවසීය.

28:29Page 389

۞ فَلَمَّا قَضَىٰ مُوسَى ٱلۡأَجَلَ وَسَارَ بِأَهۡلِهِۦٓ ءَانَسَ مِن جَانِبِ ٱلطُّورِ نَارٗاۖ قَالَ لِأَهۡلِهِ ٱمۡكُثُوٓاْ إِنِّيٓ ءَانَسۡتُ نَارٗا لَّعَلِّيٓ ءَاتِيكُم مِّنۡهَا بِخَبَرٍ أَوۡ جَذۡوَةٖ مِّنَ ٱلنَّارِ لَعَلَّكُمۡ تَصۡطَلُونَ ٢٩

And when Moses had completed the term and was traveling with his family, he perceived from the direction of the mount a fire. He said to his family, "Stay here; indeed, I have perceived a fire. Perhaps I will bring you from there [some] information or burning wood from the fire that you may warm yourselves."

මූසා (අලයිහිස් සලාම්) තුමා එම කාල පරිච්ඡේදයන් දෙකින් වඩාත් පූර්ණවත් වසර දහය සම්පූර්ණ කළ කල්හි තම පවුල රැගෙන මද්යන් දේශයේ සිට මිසර දේශයට ගමන් ගත්තේය. ඔහු තූර් කන්ද අසලින් ගින්නක් දුටුවේය. තම පවුලට ඔහු මෙසේ පැවසීය. "නුඹලා රැඳී සිටිනු. සැබවින්ම මම ගින්නක් දුටිමි. එයින් යම් තොරතුරක් මම නුඹලා වෙත ගෙන එමි. එසේ නැතහොත් ගිනි මෙළවිය හැකි ගිනි පෙනෙල්ලක් මම නුඹලා වෙත ගෙන එමි. එවිට නුඹලා සීතලෙන් ආරක්ෂා විය හැකි වනන්නේය."

28:30Page 389

فَلَمَّآ أَتَىٰهَا نُودِيَ مِن شَٰطِيِٕ ٱلۡوَادِ ٱلۡأَيۡمَنِ فِي ٱلۡبُقۡعَةِ ٱلۡمُبَٰرَكَةِ مِنَ ٱلشَّجَرَةِ أَن يَٰمُوسَىٰٓ إِنِّيٓ أَنَا ٱللَّهُ رَبُّ ٱلۡعَٰلَمِينَ ٣٠

But when he came to it, he was called from the right side of the valley in a blessed spot - from the tree,1 "O Moses, indeed I am Allāh, Lord of the worlds."

තමන් දුටු ගින්න වෙත මූසා තුමා පැමිණි කල්හි උත්තරීතර සුවිශුද්ධයාණන් සමෘද්ධිමත් කළ මිටියාවතෙහි දකුණු දෙසින් පිහිටි ගසකින් මූසා තුමාට කතා කරන්නට විය. "අහෝ මූසා! සැබවින්ම මම සියලු මැවීම් හි පරමාධිපති වන අල්ලාහ් වෙමි." යැයි පැවසීය.

28:31Page 389

وَأَنۡ أَلۡقِ عَصَاكَۚ فَلَمَّا رَءَاهَا تَهۡتَزُّ كَأَنَّهَا جَآنّٞ وَلَّىٰ مُدۡبِرٗا وَلَمۡ يُعَقِّبۡۚ يَٰمُوسَىٰٓ أَقۡبِلۡ وَلَا تَخَفۡۖ إِنَّكَ مِنَ ٱلۡأٓمِنِينَ ٣١

And [he was told], "Throw down your staff." But when he saw it writhing as if it was a snake, he turned in flight and did not return.1 [Allāh said], "O Moses, approach and fear not. Indeed, you are of the secure.

"ඔබේ සැරයටිය විසි කරනු." එවිට මූසා තම පරමාධිපතිගේ නියෝගය පිළිපදිමින් එය විසි කළේය. එය සර්පයකු මෙන් වේගයෙන් දගලනු පෙරළෙනු ඔහු දුටු කල්හි එයට බියෙන් පසුපස හැරී දිව්වේය. ඒ ගැන ඇති බියෙන් ඔහු නැවත හැරී ආවේ නැත. එවිට ඔහුගේ පරමාධිපති ඔහුට අමතා, අහෝ මූසා! ඉදිරියට යනු ඒ ගැන බිය නොවනු. සැබවින්ම නුඹ එයින් ද, ඒ ගැන නුඹ බිය වන වෙනත් දැයින් ද නුඹ රැකවරණය ලැබූවන් අතරින් කෙනෙකි." යැයි පැවසීය.

28:32Page 389

ٱسۡلُكۡ يَدَكَ فِي جَيۡبِكَ تَخۡرُجۡ بَيۡضَآءَ مِنۡ غَيۡرِ سُوٓءٖ وَٱضۡمُمۡ إِلَيۡكَ جَنَاحَكَ مِنَ ٱلرَّهۡبِۖ فَذَٰنِكَ بُرۡهَٰنَانِ مِن رَّبِّكَ إِلَىٰ فِرۡعَوۡنَ وَمَلَإِيْهِۦٓۚ إِنَّهُمۡ كَانُواْ قَوۡمٗا فَٰسِقِينَ ٣٢

Insert your hand into the opening of your garment; it will come out white, without disease. And draw in your arm close to you [as prevention] from fear, for those are two proofs from your Lord to Pharaoh and his establishment. Indeed, they have been a people defiantly disobedient."

"ඔබේ කමිසයේ විවෘත ව ඇති ගෙලට පහළින් වූ ප්රදේශය තුළට ඔබේ දකුණත ඇතුළත් කරනු. සමේ රොගයක් මෙන් නොව සුදුවන් ලෙස එය පිටතට එනු ඇත" යැයි පැවසීය. එවිට මූසා එය ඇතුළු කොට එළියට ගත්තේය. පිනි කැට මෙන් සුදුවන් ලෙස එය එළියට ආවේය. "ඔබේ බිය තුරන් වීම සඳහා ඔබේ අත ඔබ වෙත ළං කර ගනු." යැයි පැවසීය. මූසා තමන් වෙත එය ළං කර ගත්තේය. එවිට ඔහුගෙන් බිය පහ ව ගියේය. "සඳහන් කරනු ලැබූ ‘සැරයටිය හා අත’ යන කරුණු දෙක නුඹේ පරමාධිපති වෙතින් ෆිර්අවුන් හා ඔහුගේ ජනයා අතර සිටින ප්රභූවරුන් වෙත එවන ලද සාධක දෙකකි. සැබවින්ම ඔවුන් දේව ප්රතික්ෂේපය හා පාපකම් සිදු කරමින් අල්ලාහ්ට අවන වීමෙන් බැහැර වූ පිරිසක් වූවෝය."

28:33Page 389

قَالَ رَبِّ إِنِّي قَتَلۡتُ مِنۡهُمۡ نَفۡسٗا فَأَخَافُ أَن يَقۡتُلُونِ ٣٣

He said, "My Lord, indeed I killed from among them someone, and I fear they will kill me.

මූසා තුමා තම පරමාධිපති වෙත බැගෑපත් ව, "සැබවින්ම මම ඔවුන්ගෙන් වූ ජීවිතයක් ඝාතනය කර ඇත්තෙමි. නුඹ කවර දෙයක් මා වෙත එව්වේ ද එය මා ඔවුනට දන්වා සිටීම සඳහා මම ඔවුන් වෙත පැමිණියේ නම් ඔවුන් මා මරා දමනු ඇතැයි මම බිය වෙමි." යැයි පැවසීය.

28:34Page 389

وَأَخِي هَٰرُونُ هُوَ أَفۡصَحُ مِنِّي لِسَانٗا فَأَرۡسِلۡهُ مَعِيَ رِدۡءٗا يُصَدِّقُنِيٓۖ إِنِّيٓ أَخَافُ أَن يُكَذِّبُونِ ٣٤

And my brother Aaron is more fluent than me in tongue, so send him with me as support, verifying me. Indeed, I fear that they will deny me."

"මාගේ සහෝදර හාරූන් මට වඩා පැහැදිලි ව කතා කරන්නෙකි. එහෙයින් මාගේ කතාවට අනුගත වෙමින් මට සහය දක්වන්නෙකු ලෙස ඔහු ව මා සමග එවනු මැනව! ෆිර්අවුන් හා ඔහුගේ ජනයා මා බොරු කළේ නම් මට පෙර දූතවරුන් එවනු ලැබූ සමූහයා සිරිතක් වශයෙන් ඔවුන් ඔවුන් ව බොරු කළ සිටියාක් මෙන් මොවුන් ද මා බොරු කාරයකු බවට පත් කරනු ඇත."

28:35Page 389

قَالَ سَنَشُدُّ عَضُدَكَ بِأَخِيكَ وَنَجۡعَلُ لَكُمَا سُلۡطَٰنٗا فَلَا يَصِلُونَ إِلَيۡكُمَا بِـَٔايَٰتِنَآۚ أَنتُمَا وَمَنِ ٱتَّبَعَكُمَا ٱلۡغَٰلِبُونَ ٣٥

[Allāh] said, "We will strengthen your arm through your brother and grant you both supremacy so they will not reach you. [It will be] through Our signs; you and those who follow you will be the predominant."

මූසා තුමාගේ ප්රාර්ථනාවට ප්රතිචාර දක්වමින් අල්ලාහ්, "ඔබ සමග ඔබේ සහෝදරයා සහකාර දූතයකු ලෙස එවීමෙන් මම නුඹ ව ශක්තිමත් කරමි. නුඹලා දෙදෙනාට සාධකයක් හා තහවුරු කිරීමේ සාක්ෂියක් ඇති කරන්නෙමු. නුඹලා වෙත කවර සාධක අපි එව්වෙමු ද එම අපගේ ප්රාතිහාර්යයන් හේතුවෙන් නුඹලාට හා ජය ලබන දේව විශ්වාසීන් අතර සිටි නුඹ ව අනුගමනය කරන්නන්හට නුඹලා පිළිකුල් කරන නපුරක් ඇති කළ නොහැකිය."

28:36Page 390

فَلَمَّا جَآءَهُم مُّوسَىٰ بِـَٔايَٰتِنَا بَيِّنَٰتٖ قَالُواْ مَا هَٰذَآ إِلَّا سِحۡرٞ مُّفۡتَرٗى وَمَا سَمِعۡنَا بِهَٰذَا فِيٓ ءَابَآئِنَا ٱلۡأَوَّلِينَ ٣٦

But when Moses came to them with Our signs as clear evidences, they said, "This is not except invented magic, and we have not heard of this [religion] among our forefathers."

මූසා (අලයිහිස් සලාම්) තුමා අපගේ පැහැදිලි සාධක ඔවුන් වෙත ගෙන ආ කල්හි ඔවුහු, "මෙය මූසා විසින් ගෙතූ බොරුවක් මිස නැත. අපගේ මුල්කාලීන මුතුන් මිත්තන් අතර මෙය අප අසා නැත." යැයි පැවසූහ.

28:37Page 390

وَقَالَ مُوسَىٰ رَبِّيٓ أَعۡلَمُ بِمَن جَآءَ بِٱلۡهُدَىٰ مِنۡ عِندِهِۦ وَمَن تَكُونُ لَهُۥ عَٰقِبَةُ ٱلدَّارِۚ إِنَّهُۥ لَا يُفۡلِحُ ٱلظَّٰلِمُونَ ٣٧

And Moses said, "My Lord is more knowing [than we or you] of who has come with guidance from Him and to whom will be succession in the home.1 Indeed, wrongdoers do not succeed."

මූසා ෆිර්අවුන්ට කතා කරමින්, "සුවිශුද්ධයාණන් අබියසින් යහ මග රැගෙන ආ සත්යවාදියා කවුරුන් දැයි මාගේ පරමාධිපති දනී. මතු ලොවෙහි ප්රශංසනීය අවසානයක් අත්වන්නේ කවරෙකුටදැ යි ද ඔහු දනී." යැයි පැවසීය. සැබවින්ම අපරාධකරුවන් පතන දැයින් ඔහු ඔවුනට ජය ලබා දෙන්නේ නැත. ඔවුන් බිය වන දැයින් ඔවුන් මිදෙන්නේ ද නැත.

28:38Page 390

وَقَالَ فِرۡعَوۡنُ يَٰٓأَيُّهَا ٱلۡمَلَأُ مَا عَلِمۡتُ لَكُم مِّنۡ إِلَٰهٍ غَيۡرِي فَأَوۡقِدۡ لِي يَٰهَٰمَٰنُ عَلَى ٱلطِّينِ فَٱجۡعَل لِّي صَرۡحٗا لَّعَلِّيٓ أَطَّلِعُ إِلَىٰٓ إِلَٰهِ مُوسَىٰ وَإِنِّي لَأَظُنُّهُۥ مِنَ ٱلۡكَٰذِبِينَ ٣٨

And Pharaoh said, "O eminent ones, I have not known you to have a god other than me. Then ignite for me, O Hāmān, [a fire] upon the clay1 and make for me a tower that I may look at the God of Moses. And indeed, I do think he is among the liars."

ෆිර්අවුන් තම ජනයා අතර සිටින ප්රභූවරුන් අමතමින්, "අහෝ ප්රධානියනි! මා හැර නැමඳුම් ලබන වෙනත් කිසිවෙකු නුඹලාට ඇතැයි මා නොදනිමි. අහෝ හාමාන්! ගඩොල් ශක්තිමත් වන තරමට ඒවා පුලුුස්සනු. මූසා නමදින දෙවියන් මා දැකිය හැකි පරිදි උස් ගොඩනැගිල්ලක් මා වෙත ඉදි කරනු. මම ඒ මත නැග සිට ගනිමි. සැබවින්ම මූසා තමන් අල්ලාහ් වෙතින් මා වෙත හා මාගේ ජනයා වෙත එවන ලැබූවෙකි යැයි ඔහු තර්ක කරන විෂයයෙහි ඔහු බොරුකාරයකු යැයි සැබවින්ම මම හඟමි." යැයි පැවසීය.

Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences

Contents

Ayat al-Kursi36Al-Kahfpage 42juz 15Bukhari 1Muslim 2999

Style

Theme
Text size
Layout

Читать на русском