Al-Mukhtasar · Tafsir · in Sinhala
طه
Taha
Ta-Ha · Meccan · 135 ayahs
(තා, හා) සූරා බකරා ආරම්භයේදී මෙවැනි පාඨ පිළිබඳ විස්තර සඳහන් කර ඇත.
20:2Page 312
مَآ أَنزَلۡنَا عَلَيۡكَ ٱلۡقُرۡءَانَ لِتَشۡقَىٰٓ ٢
We have not sent down to you the Qur’ān that you be distressed
අහෝ දූතය! නුඹේ සමූහයා නුඹ ව විශ්වාස කිරීමෙන් ඉවත් වීම ගැන නුඹ දුකට පත් වීමෙහි හේතු සාධකයක් වනු පිණිස අපි අල් කුර්ආනය නුඹ වෙත පහළ නොකළෙමු.
අල්ලාහ්ට බියබැතිමත් වීම සඳහා ඔහු ඔවුනට ආශිර්වාද කළ අයට මෙනෙහි කිරීමක් වනු පිණිස මිස අපි එය පහළ නොකළෙමු.
20:4Page 312
تَنزِيلٗا مِّمَّنۡ خَلَقَ ٱلۡأَرۡضَ وَٱلسَّمَٰوَٰتِ ٱلۡعُلَى ٤
A revelation from He who created the earth and highest heavens,
මහපොළොව මැවූ, උසට අහස් මැවූ අල්ලාහ් මෙය පහළ කළේය. සැබැවින්ම එය උසස් තැනකින් පහළ කරනු ලැබූවක් බැවින් එය අතිමහත් පාරායනයකි.
20:5Page 312
ٱلرَّحۡمَٰنُ عَلَى ٱلۡعَرۡشِ ٱسۡتَوَىٰ ٥
The Most Merciful [who is] above the Throne established.1
මහා කරුණාන්විතයාණන් අර්ෂය මත උත්තරීතර ඔහුගේ කීර්තියට සුදුසු පරිදි ස්ථාපිත විය.
20:6Page 312
لَهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَا وَمَا تَحۡتَ ٱلثَّرَىٰ ٦
To Him belongs what is in the heavens and what is on the earth and what is between them and what is under the soil.
අහස්හි ඇති දෑද මහපොළොවේ ඇති දෑද පස යට ඇති මැවීම් ද මැවීමෙන් පාලනය කිරීමෙන් හා සැලසුම් කිරීමෙන් ශුද්ධවන්තයාණන්ට පමණක් සතුය.
20:7Page 312
وَإِن تَجۡهَرۡ بِٱلۡقَوۡلِ فَإِنَّهُۥ يَعۡلَمُ ٱلسِّرَّ وَأَخۡفَى ٧
And if you speak aloud - then indeed, He knows the secret and what is [even] more hidden.
අහෝ දූතය! නුඹ ප්රකාශය හෙළි කළ ද, එසේ නැතහොත් එය සැඟවු ද සැබැවින්ම අල්ලාහ් ඒ සියල්ල දනීය. රහසිගත දෑද සිත් තුළ ඇතිවන වැරදි වැනි රහසින් සඟවන දෑද ඔහු දනී. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.
20:8Page 312
ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَۖ لَهُ ٱلۡأَسۡمَآءُ ٱلۡحُسۡنَىٰ ٨
Allāh - there is no deity except Him. To Him belong the best names.
සැබෑ ලෙස නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් කිසිවකු නැත. අලංකාරයේ පූර්ණ පරිනත නාමයන් ඔහුට පමණක් සතුය.
අහෝ දූතය! ඉම්රාන්ගේ පුත් මූසා (අලයිහිස් සලාම්) තුමාගේ කතා වස්තුව සැබැවින්ම නුඹ වෙත පැමිණ ඇත.
20:10Page 312
إِذۡ رَءَا نَارٗا فَقَالَ لِأَهۡلِهِ ٱمۡكُثُوٓاْ إِنِّيٓ ءَانَسۡتُ نَارٗا لَّعَلِّيٓ ءَاتِيكُم مِّنۡهَا بِقَبَسٍ أَوۡ أَجِدُ عَلَى ٱلنَّارِ هُدٗى ١٠
When he saw a fire and said to his family, "Stay here; indeed, I have perceived a fire; perhaps I can bring you a torch or find at the fire some guidance."
ඔහුගේ ගමනෙහි ඔහු ගින්නක් දුටු විට, තම පවුලට, "නුඹලා මෙම ස්ථානයේම රැඳී සිටිනු. මම ගින්නක් දුටිමි. එම ගින්නෙන් ගිනි මැලයක් රැගෙන ආ හැක. එසේ නැතහොත් මාර්ගය වෙත මග පෙන්වන කිසිවකු හෝ ලැබිය හැක" යැයි (මූසා) පැවසීය.
20:11Page 312
فَلَمَّآ أَتَىٰهَا نُودِيَ يَٰمُوسَىٰٓ ١١
And when he came to it, he was called, "O Moses,
ඔහු එම ගින්න වෙත පැමිණි කල්හි ශුද්ධවන්තයාණන් වූ අල්ලාහ් ඔහුගේම ප්රකාශයෙන්: ‘අහෝ මූසා!’ යැයි ඔහුව ඇමතුවේය.
20:12Page 312
إِنِّيٓ أَنَا۠ رَبُّكَ فَٱخۡلَعۡ نَعۡلَيۡكَ إِنَّكَ بِٱلۡوَادِ ٱلۡمُقَدَّسِ طُوٗى ١٢
Indeed, I am your Lord, so remove your sandals. Indeed, you are in the blessed valley of Ṭuwā.
"සැබැවින්ම මම නුඹගේ පරමාධිපති වෙමි. මා මුණ ගැසීම සඳහා සූදානමක් ලෙසින් නුඹේ පාවහන් යුවල ගලවා දමනු. සැබැවින්ම නුඹ සිටිනුයේ ශුද්ධත්වයට පත් කරනු ලැබූ භූමියකය.
20:13Page 313
وَأَنَا ٱخۡتَرۡتُكَ فَٱسۡتَمِعۡ لِمَا يُوحَىٰٓ ١٣
And I have chosen you, so listen to what is revealed [to you].
"අහෝ මූසා! මාගේ දූත පණිවිඩය වෙත ඇරයුම් කිරීම සඳහා සැබැවින්ම මම නුඹව තෝරා ඇත්තෙමි. එහෙයින් මා නුඹ වෙත දන්වා සිටින පණිවිඩයට සාවධානයෙන් සවන් දෙනු."
20:14Page 313
إِنَّنِيٓ أَنَا ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّآ أَنَا۠ فَٱعۡبُدۡنِي وَأَقِمِ ٱلصَّلَوٰةَ لِذِكۡرِيٓ ١٤
Indeed, I am Allāh. There is no deity except Me, so worship Me and establish prayer for My remembrance.
"සැබැවින්ම මම අල්ලාහ් වෙමි. සැබෑ ලෙස නැමදුම් ලබන්නට මා හැර වෙනත් කිසිවකු නැත. එහෙයින් නුඹ මට පමණක් නැමදුම් කරනු. එහි මා මෙනෙහි කරනු පිණිස පූර්ණ අයුරින් නුඹ සලාතය ඉටු කරනු.
20:15Page 313
إِنَّ ٱلسَّاعَةَ ءَاتِيَةٌ أَكَادُ أُخۡفِيهَا لِتُجۡزَىٰ كُلُّ نَفۡسِۭ بِمَا تَسۡعَىٰ ١٥
Indeed, the Hour is coming - I almost conceal it1 - so that every soul may be recompensed according to that for which it strives.
"සැබැවින්ම අවසන් හෝරාව කිසිදු සැකයකින් තොරව පැමිණෙන්නකි. එමෙන්ම සිදු වන්නකි. මම එය සඟවා ඇත්තෙමි. කිසිදු මැවීමක් එහි නියමිත වේලාව නොදනීය. නමුත් ඔවුන් වෙත පැමිණි නබිවරුන්ගේ තොරතුරුවලින් ඔවුහු එහි සළකුණු හඳුනා ගනිති. එය සෑම ආත්මයක්ම සිදු කළ යහපතක් හෝ අයහපතක් හෝ වේවා ඒ සඳහා ප්රතිඵල පිරිනමනු පිණිසය."
20:16Page 313
فَلَا يَصُدَّنَّكَ عَنۡهَا مَن لَّا يُؤۡمِنُ بِهَا وَٱتَّبَعَ هَوَىٰهُ فَتَرۡدَىٰ ١٦
So do not let one avert you from it1 who does not believe in it and follows his desire, for you [then] would perish.
ඒ ගැන විශ්වාස නොකරන, තහනම් කරන ලද දෑ, තම ආත්ම ආශාවන්ට අනුව අනුගමනය කරන දේව ප්රතික්ෂේපකයින් නුඹ ව එය සැබෑවක් බව පිළිගැනීමෙන් හා දැහැමි ක්රියාවන් සිදු කොට ඒ වෙනුවෙන් සූදානම් වීමෙන් වෙනතකට නොහැරවිය යුතුය. ඒ හේතුවෙන් නුඹ විනාශ වී යනු ඇත."
"අහෝ මූසා! නුඹේ දකුණතෙහි ඇත්තේ කුමක් ද?"
20:18Page 313
قَالَ هِيَ عَصَايَ أَتَوَكَّؤُاْ عَلَيۡهَا وَأَهُشُّ بِهَا عَلَىٰ غَنَمِي وَلِيَ فِيهَا مَـَٔارِبُ أُخۡرَىٰ ١٨
He said, "It is my staff; I lean upon it, and I bring down leaves for my sheep and I have therein other uses."
මූසා (අලයිහිස් සලාම්) තුමා: ‘එය මාගේ සැරයටියයි. ගමනේදී මම ඒ මත රැඳෙමි. මාගේ එළුවන් වෙනුවෙන් ගසේ කොළ කඩා ගැනීම සඳහා එමගින් ගස සොලවමි. මේ මා සඳහන් නොකළ වෙනත් ප්රයෝජනද එහි මට ඇත." යැයි පැවසීය.
‘අහෝ මූසා! නුඹ එය බිම හෙළනු’ යැයි අල්ලාහ් පැවසීය.
20:20Page 313
فَأَلۡقَىٰهَا فَإِذَا هِيَ حَيَّةٞ تَسۡعَىٰ ٢٠
So he threw it down, and thereupon it was a snake, moving swiftly.
එවිට මූසා එය බිම හෙළීය. එවිට එය වේගයෙන් හා සැහැල්ලුවෙන් දිව යන සර්පයකු බවට වෙනස් විය.
20:21Page 313
قَالَ خُذۡهَا وَلَا تَخَفۡۖ سَنُعِيدُهَا سِيرَتَهَا ٱلۡأُولَىٰ ٢١
[Allāh] said, "Seize it and fear not; We will return it to its former condition.
"එම සැරයටිය අල්ලනු. එය සර්පයකු බවට වෙනස් වීම ගැන නුඹ බිය නොවනු. ඔබ එය ගන්නා විට මුල් වතාවේ තිබුණාක් මෙන් එය නැවත යථා තත්ත්වයට පත් කරමු" යැයි අල්ලාහ් මූසා (අලයිහිස් සලාම්) තුමාට පැවසීය.
20:22Page 313
وَٱضۡمُمۡ يَدَكَ إِلَىٰ جَنَاحِكَ تَخۡرُجۡ بَيۡضَآءَ مِنۡ غَيۡرِ سُوٓءٍ ءَايَةً أُخۡرَىٰ ٢٢
And draw in your hand to your side; it will come out white without disease - another sign,
"ඔබේ අත ඔබේ ඉල පැත්තට ළං කර ගනු. එවිට කිසිදු සමේ රෝගයකින් තොරව සුදුවන් දීප්තියක් එය පිට කරනු ඇත. එය නුඹ වෙනුවෙන් වූ දෙවන සළකුණයි."
20:23Page 313
لِنُرِيَكَ مِنۡ ءَايَٰتِنَا ٱلۡكُبۡرَى ٢٣
That We may show you [some] of Our greater signs.
‘අහෝ මූසා! අප නුඹට මෙම සලකුණු දෙක පෙන්වූයේ අපගේ ශක්තිය පෙන්වා දෙන සැබැවින්ම නුඹ අල්ලාහ් වෙතින් වූ දූතයකු බව පෙන්වා දෙන අපගේ මහා ප්රාතිහාර්යයන් නුඹට පෙන්වීම සඳහාය.’
20:24Page 313
ٱذۡهَبۡ إِلَىٰ فِرۡعَوۡنَ إِنَّهُۥ طَغَىٰ ٢٤
Go to Pharaoh. Indeed, he has transgressed [i.e., tyrannized]."
"අහෝ මූසා! නුඹ ෆිර්අවුන් වෙත ගමන් කරනු. සැබැවින්ම ඔහු දේව ප්රතික්ෂේපයේ හා අල්ලාහ්ට එරෙහිව කැරැලි ගැසීමෙහි සීමාව ඉක්මවා කටයුතු කරන්නෙකි."
20:25Page 313
قَالَ رَبِّ ٱشۡرَحۡ لِي صَدۡرِي ٢٥
[Moses] said, "My Lord, expand [i.e., relax] for me my breast [with assurance]
"මාගේ පරමාධිපතියාණනි! හිංසාවන් දරා ගැනීම සඳහා මාගේ හදවත මා වෙනුවෙන් නුඹ විශාල කරනු මැනව" යැයි මූසා (අලයිහිස් සලාම්) තුමා පැවසීය.
"තවද මාගේ කටයුත්ත මට පහසු කරනු මැනව!"
"පැහැදිළි කතාවකින් කතා කරන්නට මා ශක්තිමත් කරනු මැනව!"
නුඹේ දූත පණිවිඩය මා ඔවුනට දන්වා සිටින විට මාගේ කතාව ඔවුන් වටහා ගනු පිණිස.
20:29Page 313
وَٱجۡعَل لِّي وَزِيرٗا مِّنۡ أَهۡلِي ٢٩
And appoint for me a minister [i.e., assistant] from my family -
මාගේ කටයුතුවලදී මට සහය දෙන උදව්කරුවකු මාගේ පවුලෙන් මා වෙත නියම කර දෙනු මැනව!
"මාගේ සහෝදර ඉම්රාන්ගේ පුත් හාරූන්ව"
"ඔහු මගින් මාගේ පසුපෙළ ශක්තිමත් කරනු මැනව!"
"දූත මෙහෙවරයෙහි මාගේ හවුල්කරු වශයෙන් ඔහුව පත් කරනු මැනව!"
"අධික වශයෙන් තස්බීහ් කර නුඹව පිවිතුරු කිරීම සඳහා."
"තවද අපි ඔබව අධික ලෙස මෙනෙහි කිරීම සඳහා."
"සැබැවින්ම ඔබ අප දෙස නිරීක්ෂා කරන්නෙකු ලෙස සිටියෙහිය. අපගේ කටයුතු කිසිවක් ඔබට සැඟවෙන්නේ නැත."
20:36Page 313
قَالَ قَدۡ أُوتِيتَ سُؤۡلَكَ يَٰمُوسَىٰ ٣٦
[Allāh] said, "You have been granted your request, O Moses.
"අහෝ මූසා! නුඹ පතන දෑ සැබැවින්ම මම නුඹට පිරිනැමුවෙමි" යැයි අල්ලාහ් පැවසීය.
20:37Page 313
وَلَقَدۡ مَنَنَّا عَلَيۡكَ مَرَّةً أُخۡرَىٰٓ ٣٧
And We had already conferred favor upon you another time,
සැබැවින්ම තවත් වරක් අපි නුඹට සහය දුන්නෙමු.
20:38Page 314
إِذۡ أَوۡحَيۡنَآ إِلَىٰٓ أُمِّكَ مَا يُوحَىٰٓ ٣٨
When We inspired to your mother what We inspired,
ෆිර්අවුන්ගේ කුමන්ත්රණයෙන් අල්ලාහ් ඔබව ආරක්ෂා කිරීම සඳහා ඔබේ මවට දන්වා සිටිය යුතු දෑ අපි ඇයට දන්වා සිටි විට,
20:39Page 314
أَنِ ٱقۡذِفِيهِ فِي ٱلتَّابُوتِ فَٱقۡذِفِيهِ فِي ٱلۡيَمِّ فَلۡيُلۡقِهِ ٱلۡيَمُّ بِٱلسَّاحِلِ يَأۡخُذۡهُ عَدُوّٞ لِّي وَعَدُوّٞ لَّهُۥۚ وَأَلۡقَيۡتُ عَلَيۡكَ مَحَبَّةٗ مِّنِّي وَلِتُصۡنَعَ عَلَىٰ عَيۡنِيٓ ٣٩
[Saying], 'Cast him into the chest and cast it into the river, and the river will throw it onto the bank; there will take him an enemy to Me and an enemy to him.' And I bestowed upon you love from Me1 that you would be brought up under My eye [i.e., observation and care].
ඇයට අප දේව පණිවිඩ දන්වා සිටි අවස්ථාවේ, ඔහුගේ උපතින් පසු ව ඔහුව පෙට්ටියක දමන මෙන් ද පෙට්ටිය සමුද්රයේ හෙළන මෙන් ද ඇයට අපි නියෝග කළෙමු. එවිට අපගෙන් වූ නියෝගය පරිදි සමුද්රය වෙරළ තීරයකට ඔහු ගෙනැවින් දැමීය. මාගේ මෙන්ම ඔහුගේ සතුරා එය ගත්තේය. ඔහු ෆිර්අවුන්ය. මගෙන් වූ දයාලුබව මම ඔබ වෙත තැබුවෙමි. ජනයා ද ඔබට ප්රිය කරන්නට ගත්තේය. මාගේ දෑස් ඉදිරියේ මෙන්ම මාගේ ආරක්ෂාව හා අධීක්ෂණය යටතේ ඔබ හැදී වැඩුණෙහිය.
20:40Page 314
إِذۡ تَمۡشِيٓ أُخۡتُكَ فَتَقُولُ هَلۡ أَدُلُّكُمۡ عَلَىٰ مَن يَكۡفُلُهُۥۖ فَرَجَعۡنَٰكَ إِلَىٰٓ أُمِّكَ كَيۡ تَقَرَّ عَيۡنُهَا وَلَا تَحۡزَنَۚ وَقَتَلۡتَ نَفۡسٗا فَنَجَّيۡنَٰكَ مِنَ ٱلۡغَمِّ وَفَتَنَّٰكَ فُتُونٗاۚ فَلَبِثۡتَ سِنِينَ فِيٓ أَهۡلِ مَدۡيَنَ ثُمَّ جِئۡتَ عَلَىٰ قَدَرٖ يَٰمُوسَىٰ ٤٠
[And We favored you] when your sister went and said, 'Shall I direct you to someone who will be responsible for him?' So We restored you to your mother that she might be content and not grieve. And you killed someone,1 but We saved you from retaliation and tried you with a [severe] trial. And you remained [some] years among the people of Madyan. Then you came [here] at the decreed time, O Moses.
එවිට ඔබේ සහෝදරිය ද පිටත් වූවාය. පෙට්ටිය ගමන් කරන සෑම විටෙකම එය පසුපස හඹා ඇය ගමන් ගත්තාය. එය ගත් අයට ඇය, "ඔහුව ආරක්ෂා කරන; ඔහුට කිරි දෙන; ඔහුව හදා වඩාගන්නා කෙනෙකු මා ඔබට පෙන්වා දෙන්නදැ?යි විමසා සිටියාය. පසුව ඔබේ මව ඔබේ පැමිණීමෙන් සතුටට පත්වනු පිණිස ඔබව නැවතත් ඇය වෙත භාර දී ඔබට අපි ආශිර්වාද කළෙමු. තවද ඔබ ගැන ඔබ දුක් නොවනු. ඔබ පහර දුන් අල් කිබ්තී ව ඔබ මරා දැමුවෙහිය. දඬුවමින් ඔබව මුදවාගෙන ඔබ වෙත අපි ආශිර්වාද කළෙමු. ඔබට ඇති වූ සෑම පරීක්ෂණයකින්ම පියවරෙන් පියවර අපි ඔබ මුදවා ගත්තෙමු. පසුව ඔබ එයින් පිටව ගොස් වසර ගණනාවක් මද්යන් වාසීන් අතර රැඳී සිටියෙහිය. පසුව අහෝ මූසා ඔබ සමග කතා කිරීම සඳහා ඔබට නියම කළ කාලයෙහි නුඹ නැවත පැමිණියෙහිය.
මාගේ දූත මෙහවර උසුලන දූතයකු ලෙසින් ඔබ වෙත කවර පණිවිඩයක් එවනු ලැබුවේ එය ජනයාට දන්වනු පිණිස මම නුඹ ව තෝරා ගත්තෙමි.
20:42Page 314
ٱذۡهَبۡ أَنتَ وَأَخُوكَ بِـَٔايَٰتِي وَلَا تَنِيَا فِي ذِكۡرِي ٤٢
Go, you and your brother, with My signs and do not slacken in My remembrance.
අහෝ මූසා! ඔබ හා ඔබේ සහෝදර හාරූන් අල්ලාහ්ගේ බලය හා ඔහුගේ ඒකීයත්වය පෙන්වා දෙන සාධක සමග පිටත්ව යනු. මා වෙත ඇරයුම් කිරීමෙන් හා මා ගැන මෙනෙහි කිරීමෙන් නුඹලා දෙදෙනා උදාසීන නොවනු.
20:43Page 314
ٱذۡهَبَآ إِلَىٰ فِرۡعَوۡنَ إِنَّهُۥ طَغَىٰ ٤٣
Go, both of you, to Pharaoh. Indeed, he has transgressed.
නුඹලා දෙදෙනා ෆිර්අවුන් වෙත ගමන් කරනු. සැබැවින්ම ඔහු දේව ප්රතික්ෂේපයේ හා අල්ලාහ්ට එරෙහිව කැරැලි ගැසීමෙහි සීමාව ඉක්මවා කටයුතු කරන්නෙකි.
20:44Page 314
فَقُولَا لَهُۥ قَوۡلٗا لَّيِّنٗا لَّعَلَّهُۥ يَتَذَكَّرُ أَوۡ يَخۡشَىٰ ٤٤
And speak to him with gentle speech that perhaps he may be reminded or fear [Allāh]."
ප්රචණ්ඩකාරිත්වයෙන් තොර ව මෘදු වදනින් ඔහු උපදෙස් ලබා අල්ලාහ්ට බියවී පව්සමාව ඇයැදිනු ඇතැයි යන යහපත් බලාපොරොත්තුවෙන් නුඹලා දෙදෙනා ඔහුට කතා කරනු.
20:45Page 314
قَالَا رَبَّنَآ إِنَّنَا نَخَافُ أَن يَفۡرُطَ عَلَيۡنَآ أَوۡ أَن يَطۡغَىٰ ٤٥
They said, "Our Lord, indeed we are afraid that he will hasten [punishment] against us or that he will transgress."
මූසා හා හාරූන් (අලයිහිමස් සලාම්), "සැබැවින්ම ඔහුට ඇරයුම් කිරීමට පෙර ඔහු දඬුවම් කිරීම ඉක්මන් කරනු ඇතැයි හෝ මරා දැමීමෙන් හෝ වෙනත් යම් ආකාරයකින් අපට අපරාධ කිරීමෙහි ඔහු ඉක්මවා කටයුතු කරනු ඇතැයි සැබැවින්ම අපි බියවෙමු" යැයි පවසා සිටියෝය.
20:46Page 314
قَالَ لَا تَخَافَآۖ إِنَّنِي مَعَكُمَآ أَسۡمَعُ وَأَرَىٰ ٤٦
[Allāh] said, "Fear not. Indeed, I am with you both; I hear and I see.
අල්ලාහ් ඔවුන් දෙදෙනාට, "නුඹලා දෙදෙනා බිය නොවනු. සහයට හා ශක්තිමත් කිරීමට සැබැවින්ම මම නුඹලා සමග සිටිමි. නුඹලා දෙදෙනා අතර හා ඔහු අතර කතා කෙරෙන දෑට මම සවන් දෙමි. බලා සිටිමි." යැයි පැවසීය.
20:47Page 314
فَأۡتِيَاهُ فَقُولَآ إِنَّا رَسُولَا رَبِّكَ فَأَرۡسِلۡ مَعَنَا بَنِيٓ إِسۡرَٰٓءِيلَ وَلَا تُعَذِّبۡهُمۡۖ قَدۡ جِئۡنَٰكَ بِـَٔايَةٖ مِّن رَّبِّكَۖ وَٱلسَّلَٰمُ عَلَىٰ مَنِ ٱتَّبَعَ ٱلۡهُدَىٰٓ ٤٧
So go to him and say, 'Indeed, we are messengers of your Lord, so send with us the Children of Israel and do not torment them. We have come to you with a sign from your Lord. And peace1 will be upon he who follows the guidance.
එවිට ඔවුන් දෙදෙනා ඔහු වෙත පැමිණ, "අහෝ ෆිර්අවුන්! සැබැවින්ම අපි ඔබේ පරමාධිපතිගේ දූතවරුන් දෙදෙනෙකු වෙමු. එහෙයින් අප සමග ඉස්රාඊල් දරුවන් යවනු. ඔවුන්ගේ පිරිමි දරුවන් මරා දමා, ඔවුන්ගේ ගැහැණු දරුවන්ට ජීවිත දානය දී නුඹ ඔවුන්ට දඬුවම් නොකරනු. අපගේ සත්යභාවය තහවුරු කරනු වස් නුඹේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධක සමග පැමිණ ඇත්තෙමු. අල්ලාහ්ව විශ්වාස කොට ඔහුගේ මග අනුගමනය කළවුන්ට අල්ලාහ්ගේ දඬුවමින් වූ ආරක්ෂාවක් ඇත" යැයි පැවසූහ.
20:48Page 314
إِنَّا قَدۡ أُوحِيَ إِلَيۡنَآ أَنَّ ٱلۡعَذَابَ عَلَىٰ مَن كَذَّبَ وَتَوَلَّىٰ ٤٨
Indeed, it has been revealed to us that the punishment will be upon whoever denies and turns away.'"
අල්ලාහ්ගේ ප්රාතිහාර්යයන් බොරු කොට, දූතවරු කවර කරුණක් ගෙන ආවේ ද එයට පිටපෑවුන්ට මෙලොවෙහි මෙන්ම මතුලොවෙහි ද දඬුවම ඇතැයි අප වෙත අල්ලාහ් දේව පණිවිඩ එවා ඇත.
20:49Page 314
قَالَ فَمَن رَّبُّكُمَا يَٰمُوسَىٰ ٤٩
[Pharaoh] said, "So who is the Lord of you two, O Moses?"
ඔවුන් දෙදෙනා ගෙන ආ දෑ හෙළා දකිමින් ෆිර්අවුන්, "අහෝ මූසා! මා වෙත නුඹලා දෙදෙනාව එවූ බව සිතන නුඹලා දෙදෙනාගේ පරමාධිපති කව්රුන්දැ?" යි විමසා සිටියේය.
20:50Page 314
قَالَ رَبُّنَا ٱلَّذِيٓ أَعۡطَىٰ كُلَّ شَيۡءٍ خَلۡقَهُۥ ثُمَّ هَدَىٰ ٥٠
He said, "Our Lord is He who gave each thing its form and then guided [it]."
මූසා, "අපගේ පරමාධිපති වනාහි සියලු දෑට, එයට ගැළපෙන ස්වරූපයක් හා හැඩරුවක් පිරිනමා පසුව කවර කරුණක් සඳහා එය මවා ඇත්තේ ද ඒ වෙත එම මැවීම්වලට මග පෙන්වීය." යැයි පැවසීය.
20:51Page 314
قَالَ فَمَا بَالُ ٱلۡقُرُونِ ٱلۡأُولَىٰ ٥١
[Pharaoh] said, "Then what is the case of the former generations?"
"එසේ නම්, දේව ප්රතික්ෂේපයේ සිටි පෙර සමූහයන්ගේ විෂය කුමක් දැ?"යි ෆිර්අවුන්ගෙන් විමසීය.
20:52Page 315
قَالَ عِلۡمُهَا عِندَ رَبِّي فِي كِتَٰبٖۖ لَّا يَضِلُّ رَبِّي وَلَا يَنسَى ٥٢
[Moses] said, "The knowledge thereof is with my Lord in a record. My Lord neither errs nor forgets."
මූසා (අලයිහිස් සලාම්) තුමා ෆිර්අවුන්ට, "මෙම සමූහයා කවර දැනුමක් මත සිටින්නේ ද එය මාගේ පරමාධිපති වෙතින් වූවකි. එය ලව්හුල් මහ්ෆූල් නම් ආරක්ෂිත ඵලකයේ ස්ථීරව තිබිණ. ඒ ගැන දැනුම මාගේ පරමාධිපතිට වරදින්නේ නැත. එමෙන්ම ඒ ගැන දන්නා දෑ ඔහුට අමතක වන්නේ නැත.
20:53Page 315
ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلۡأَرۡضَ مَهۡدٗا وَسَلَكَ لَكُمۡ فِيهَا سُبُلٗا وَأَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَخۡرَجۡنَا بِهِۦٓ أَزۡوَٰجٗا مِّن نَّبَاتٖ شَتَّىٰ ٥٣
[It is He] who has made for you the earth as a bed [spread out] and inserted therein for you roadways and sent down from the sky, rain and produced thereby categories of various plants.
එය නුඹලා ජීවත්වීම සඳහා තොටිල්ලක් බවට මහපොළොව පත් කළ මාගේ පරමාධිපති වෙතිනි. ඒ මත ගමන් කිරීම සඳහා නුඹලා වෙනුවෙන් එහි සුදුසු මාර්ග ඔහු ඇති කළේය. වැසි ජලය අහසින් පහළ කොට එම ජලය මගින් විවිධාකාර පැලෑටි වර්ග අපි මතු කළෙමු.
20:54Page 315
كُلُواْ وَٱرۡعَوۡاْ أَنۡعَٰمَكُمۡۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّأُوْلِي ٱلنُّهَىٰ ٥٤
Eat [therefrom] and pasture your livestock. Indeed in that are signs for those of intelligence.
අහෝ ජනයිනි! අපි නුඹලාට මතු කළ යහපත් දැයින් නුඹලා අනුභව කරනු. නුඹලාගේ ගොවිපළ සතුන්ට ද බුදින්නට දෙනු. සැබැවින්ම සඳහන් කරන ලද ආශිර්වාදයන්හි අල්ලාහ්ගේ ශක්තිය පෙන්වා දෙන සාධක ඇත.
20:55Page 315
۞ مِنۡهَا خَلَقۡنَٰكُمۡ وَفِيهَا نُعِيدُكُمۡ وَمِنۡهَا نُخۡرِجُكُمۡ تَارَةً أُخۡرَىٰ ٥٥
From it [i.e., the earth] We created you, and into it We will return you, and from it We will extract you another time.
මහපොළොවේ පසින් අපි නුඹලාගේ පියා ආදම් (අලයිහිස් සලාම්) තුමා ව මැව්වෙමු. නුඹලා මිය ගිය විට වළ දැමීම තුළින් නුඹලාව අපි ඒ වෙතම යොමු කරන්නෙමු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තවත් වතාවක් අපි නුඹලාව එයින් මතු කරන්නෙමු.
20:56Page 315
وَلَقَدۡ أَرَيۡنَٰهُ ءَايَٰتِنَا كُلَّهَا فَكَذَّبَ وَأَبَىٰ ٥٦
And We certainly showed him [i.e., Pharaoh] Our signs - all of them - but he denied and refused.
සැබැවින්ම අපි අපගේ සංඥාවන් නවයම ෆිර්අවුන්හට මතුකර පෙන්වූයෙමු. නමුත් ඔහු ඒවා දැක ඒවා බොරු යැයි පැවසීය. අල්ලාහ්ව විශ්වාස කිරීම සඳහා ප්රතිචාර දැක්වීමෙන් වැළකුණේය.
20:57Page 315
قَالَ أَجِئۡتَنَا لِتُخۡرِجَنَا مِنۡ أَرۡضِنَا بِسِحۡرِكَ يَٰمُوسَىٰ ٥٧
He said, "Have you come to us to drive us out of our land with your magic, O Moses?
අහෝ මූසා "නුඹ කවර මායාවක් ගෙන ආවේ ද, එමගින් නුඹ අප ව මිසර දේශයෙන් පිටුවහල් කොට එහි බලය නුඹට පිහිටුවා ගන්නට නුඹ අප වෙත පැමිණියෙහි ද?" යැයි ෆිර්අවුන් විමසීය.
20:58Page 315
فَلَنَأۡتِيَنَّكَ بِسِحۡرٖ مِّثۡلِهِۦ فَٱجۡعَلۡ بَيۡنَنَا وَبَيۡنَكَ مَوۡعِدٗا لَّا نُخۡلِفُهُۥ نَحۡنُ وَلَآ أَنتَ مَكَانٗا سُوٗى ٥٨
Then we will surely bring you magic like it, so make between us and you an appointment, which we will not fail to keep and neither will you, in a place assigned."1
"අහෝ මූසා! ඔබේ හූනියම මෙන් හූනියමක් සැබැවින්ම අප ද නුඹ වෙත ගෙන එන්නෙමි. සැබැවින්ම අප අතර හා නුඹ අතර නියමිත ස්ථානයක නියමිත කාලයක ප්රතිඥාවක් අති කරනු. අපි කඩ නොකරන්නෙමු. ඔබ ද එය කඩ නොකළ යුතුය. කණ්ඩායම් දෙක අතර මධ්යස්ත ලෙසින් මැද ස්ථානයක් විය යුතුය."
20:59Page 315
قَالَ مَوۡعِدُكُمۡ يَوۡمُ ٱلزِّينَةِ وَأَن يُحۡشَرَ ٱلنَّاسُ ضُحٗى ٥٩
[Moses] said, "Your appointment is on the day of the festival when the people assemble at mid-morning."1
මූසා අලයිහිස් සලාම් තුමා ෆිර්අවුන්ට, "අප අතර හා නුඹලා අතර ප්රතිඥත දිනය වනුයේ ජනයා අලුයම් කාලයේ ඔවුන්ගේ උත්සවය සමරමින් එක් රැස්වන උත්සව දිනය" යැයි පැවසීය.
20:60Page 315
فَتَوَلَّىٰ فِرۡعَوۡنُ فَجَمَعَ كَيۡدَهُۥ ثُمَّ أَتَىٰ ٦٠
So Pharaoh went away, put together his plan, and then came [to Moses].
පසු ව ෆිර්අවුන් හැරී ගොස් ඔහුගේ කූට සැලැස්ම හා කුමන්ත්රණය එක්රැස් කළේය. පසුව පරාජය කිරීම සඳහා නියමිත ස්ථානයට හා නියමිත වේලාවට ඔහු පැමිණියේය.
20:61Page 315
قَالَ لَهُم مُّوسَىٰ وَيۡلَكُمۡ لَا تَفۡتَرُواْ عَلَى ٱللَّهِ كَذِبٗا فَيُسۡحِتَكُم بِعَذَابٖۖ وَقَدۡ خَابَ مَنِ ٱفۡتَرَىٰ ٦١
Moses said to them [i.e., the magicians summoned by Pharaoh], "Woe to you! Do not invent a lie against Allāh or He will exterminate you with a punishment; and he has failed who invents [such falsehood]."
මූසා තුමා ෆිර්අවුන්ගේ හූනියම් කරුවන්ට උපදෙස් දෙමින්, "නුඹලා ප්රවේසම් වනු. හූනියම මගින් නුඹලා කවර වංචාවක් මිනිසුනට සිදු කරන්නේ ද, එමගින් අල්ලාහ්ට බොරු ගොතා නොපවසනු. එවිට ඔහු වෙතින් දඬුවමක් නුඹලා වෙත සේන්දු වනු ඇත. අල්ලාහ් මත බොරු ගෙතූවන්හට විනාශය අත් විය." යැයි පැවසීය.
20:62Page 315
فَتَنَٰزَعُوٓاْ أَمۡرَهُم بَيۡنَهُمۡ وَأَسَرُّواْ ٱلنَّجۡوَىٰ ٦٢
So they disputed over their affair among themselves and concealed their private conversation.
මූසා (අලයිහිස් සලාම්) තුමාගේ කතාවට එම හූනියම් කරුවෝ සවන් දුන් කල්හි ඔවුන් එකිනෙකා දෙස බලමින් ඔවුන් අතර රහසින් කතා කරන්නට විය.
20:63Page 315
قَالُوٓاْ إِنۡ هَٰذَٰنِ لَسَٰحِرَٰنِ يُرِيدَانِ أَن يُخۡرِجَاكُم مِّنۡ أَرۡضِكُم بِسِحۡرِهِمَا وَيَذۡهَبَا بِطَرِيقَتِكُمُ ٱلۡمُثۡلَىٰ ٦٣
They said, "Indeed, these are two magicians who want to drive you out of your land with their magic and do away with your most exemplary way [i.e., religion or tradition].
ඇතැම් හූනියම්කරුවන් ඇතැමුන් දෙස බලා රහසිගතව: "සැබැවින්ම මූසා හා හාරූන් හූනියම් කරුවන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා කවර හූනියමක් ගෙන ආවේ ද එමගින් ඔවුන් දෙදෙනා මිසර දේශයෙන් නුඹලා ව පිටුවල් කරන්නටත් මෙම ජීවිතයේ නුඹලාගේ උසස් පිළිවෙත හා මාර්ගයෙන් නුඹලාව ඉවත් කරන්නටත් අපේක්ෂා කරති.
20:64Page 315
فَأَجۡمِعُواْ كَيۡدَكُمۡ ثُمَّ ٱئۡتُواْ صَفّٗاۚ وَقَدۡ أَفۡلَحَ ٱلۡيَوۡمَ مَنِ ٱسۡتَعۡلَىٰ ٦٤
So resolve upon your plan and then come [forward] in line. And he has succeeded today who overcomes."
නුඹලාගේ කටයුතු නුඹලා තීන්දු කරනු. නුඹලා එහි මතභේද ඇති කර නොගනු. පසුව නුඹලා පෙළ ගැසී ඉදිරියට පැමිණෙනු. නුඹල අබියස ඇති දෑ එකවර විසි කරනු. අද දින ප්රතිවාදියා පරාජය කරන්නා ජය ලබනු ඇත.
20:65Page 316
قَالُواْ يَٰمُوسَىٰٓ إِمَّآ أَن تُلۡقِيَ وَإِمَّآ أَن نَّكُونَ أَوَّلَ مَنۡ أَلۡقَىٰ ٦٥
They said, "O Moses, either you throw or we will be the first to throw."
හූනියම් කරුවෝ මූසාට, "අහෝ මූසා! නුඹ සතු ව ඇති හූනියම හෙළීම නුඹ පළමු ව සිදු කිරීම හෝ එසේ නැතහොත් ඒ සඳහා අප පළමු ව සිදු කිරීම යන කරුණු දෙකින් එකක් නුඹ තෝරා ගනු." යැයි පවසා සිටියෝය.
20:66Page 316
قَالَ بَلۡ أَلۡقُواْۖ فَإِذَا حِبَالُهُمۡ وَعِصِيُّهُمۡ يُخَيَّلُ إِلَيۡهِ مِن سِحۡرِهِمۡ أَنَّهَا تَسۡعَىٰ ٦٦
He said, "Rather, you throw." And suddenly their ropes and staffs seemed to him from their magic that they were moving [like snakes].
"එසේ නම්, නුඹලා සතුව ඇති දෑ නුඹලා පළමුව හෙළනු" යැයි මූසා (අලයිහිස් සලාම්) තුමා පැවසුවේය. එවිට ඔවුහු ඔවුන් සතුව තිබූ දෑ හෙළුවෝය. එවිට ඔවුන් විසි කළ ඔවුන්ගේ ලණු හා සැරයටි ඔවුන්ගේ හූනියම මගින් සැබැවින්ම ඒවා වේගයෙන් දඟලන සර්පයින් බව මූසා තුමාට පරිකල්පනය කරවීය.
20:67Page 316
فَأَوۡجَسَ فِي نَفۡسِهِۦ خِيفَةٗ مُّوسَىٰ ٦٧
And he sensed within himself apprehension, did Moses.
මූසා තුමා ඔවුන් සිදු කළ දැයින් ඇති වූ බිය ඔහුගේ සිත තුළ සඟවා ගත්තේය.
20:68Page 316
قُلۡنَا لَا تَخَفۡ إِنَّكَ أَنتَ ٱلۡأَعۡلَىٰ ٦٨
We [i.e., Allāh] said, "Fear not. Indeed, it is you who are superior.
අල්ලාහ් මූසා (අලයිහිස් සලාම්) තුමාව තැන්පත් කරවමින් මෙසේ පැවසීය. "නුඹ වෙත කවර කරුණක් පරිකල්පනය වූයේ ද ඒ ගැන නුඹ බිය නොවනු. අහෝ මූසා! සැබැවින්ම නුඹ ඔවුනට වඩා උපකාරයෙන් හා අබිබවා යෑමෙන් ඉහළින් සිටින්නෙකි."
Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences