Al-Mukhtasar · Tafsir · in Sinhala
القلم
Al-Qalam
The Pen · Meccan · 52 ayahs
‘නූන්’ සූරා අල් බකරා ආරම්භයෙහි මේ පිළිබඳ දැක්ම සඳහන් කොට ඇත. අල්ලාහ් පෑන මත දිවුරා සිටියි. එමෙන්ම මිනිසුන් ඔවුන්ගේ පෑනෙන් ලියන දෑ මත ද දිවුරා සිටියි.
68:2Page 564
مَآ أَنتَ بِنِعۡمَةِ رَبِّكَ بِمَجۡنُونٖ ٢
You are not, [O Muḥammad], by the favor of your Lord, a madman.
අහෝ දූතය, ඔබ වෙත අල්ලාහ් ආශිර්වාද කළ දූත මෙහෙවර හේතුවෙන් ඔබ උම්මතකයෙකු නොවේ. ආදේශ තබන්නන් පවසන අයුරින් ඔබ උම්මත්තභාවයෙන් නිදෝස් අයෙකි.
සැබැවින්ම නුඹ දූත මෙහෙවර උසුලා මිනිසුන් වෙත ගෙන යන බැවින් නුඹට අඛණ්ඩ කුසල් ඇත. නුඹ කෙරෙහි (පමණක් මිස වෙනත්) කිසිවෙකුට (එවන්) පිරිනැමීමක් නැත.
සැබැවින්ම ඔබ අල් කුර්ආනය ගෙන දුන් මහඟු ගතිගුණ මත වන්නෙහිය. එහි ඇති දෑ අනුව ඔබ පූර්ණ ලෙස හැඩ ගැසී ඇත්තෙහිය.
ඔබ මතු දකිනු ඇත. එමෙන්ම එම බොරුකාරයින් ද දකිනු ඇත.
සත්යය හෙළි වන අවස්ථාවේ උමතුවෙන් සිටියේ කවුරුන් දැ?යි පැහැදිළි වනු ඇත.
68:7Page 564
إِنَّ رَبَّكَ هُوَ أَعۡلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِۦ وَهُوَ أَعۡلَمُ بِٱلۡمُهۡتَدِينَ ٧
Indeed, your Lord is most knowing of who has gone astray from His way, and He is most knowing of the [rightly] guided.
අහෝ දූතය, සැබැවින්ම නුඹේ පරමාධිපතිගේ මාර්ගයෙන් හැරුණේ කවුදැයි ඔහු දනියි. ඒ වෙත මඟ ලැබූවන් පිළිබඳවත් මැනවින් දනියි. එහෙයින් සැබැවින්ම ඔවුන් එයින් නොමග ගියවුන් බවත් සැබැවින්ම ඔබ ඒ වෙත මග පෙන්වනු ලැබූ බවත් ඔහු දනී.
එහෙයින් අහෝ දූතය, නුඹ ගෙන ආ දෑ බොරු යැයි පවසන්නන්හට නුඹ අවනත නොවනු.
68:9Page 564
وَدُّواْ لَوۡ تُدۡهِنُ فَيُدۡهِنُونَ ٩
They wish that you would soften [in your position], so they would soften [toward you].
දහම පිළිබඳ සැලකිලිමත්වීමේදී නුඹ ඔවුනට ලිහිල් කළෙහි නම් හෝ නම්යශීලී වූයෙහි නම්, ඔවුහු ද නුඹට ලිහිල් කරන්නටත් නම්යශීලී භාවය දක්වන්නටත් ප්රිය කරති.
68:10Page 564
وَلَا تُطِعۡ كُلَّ حَلَّافٖ مَّهِينٍ ١٠
And do not obey every worthless habitual swearer
ව්යාජ ලෙස අධික ව දිවුරා සිටින නීච සෑම කෙනෙකුටම ඔබ අවනත නොවනු.
ජනයාට අධික ලෙස දොස් නගන්නෙකි. ඔවුන් අතර බෙදුම් ඇති කිරීම සඳහා අධික ලෙස කේළාම් කියමින් සැරිසරන්නෙකි.
68:12Page 564
مَّنَّاعٖ لِّلۡخَيۡرِ مُعۡتَدٍ أَثِيمٍ ١٢
A preventer of good, transgressing and sinful,
අධික ලෙස යහපත වළක්වන්නෙකි. තම ධනය, තම වස්තුව හා තම ජීවිත සම්බන්ධයෙන් සීමාව ඉක්මවා කටයුතු කරන්නෙකි. අධික ලෙස පාපකම් හා වැරදි සිදු කරන්නෙකි.
දැඩි මතධාරී වේළුණු සිතක් ඇත්තෙකි. ඔහුගේ සමාජයේ කිට්ටු ආශ්රයක් ඇත්තෙකු ලෙස කැඳවනු ලැබූවෙකි.
සැබැවින්ම ඔහු ධනය හා දරුවන් සහිත පුත්ගලයකු වූ බැවිනි. ඔහු අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කිරීම සම්බන්ධයෙන් අහංකාරයෙකු විය.
68:15Page 564
إِذَا تُتۡلَىٰ عَلَيۡهِ ءَايَٰتُنَا قَالَ أَسَٰطِيرُ ٱلۡأَوَّلِينَ ١٥
When Our verses are recited to him, he says, "Legends of the former peoples."
ඔහු වෙත අපගේ වදන් පාරායනය කරනු ලබන විට ඔහු: ‘මුල්කාලීනයන් ගෙතූ පේළි කිහිපයකි’ යැයි පවසයි.
ඔහුගේ නාසය මත අපහාසාත්කම හා නොමැකෙන සළකුණක් තබන්නෙමු.
68:17Page 565
إِنَّا بَلَوۡنَٰهُمۡ كَمَا بَلَوۡنَآ أَصۡحَٰبَ ٱلۡجَنَّةِ إِذۡ أَقۡسَمُواْ لَيَصۡرِمُنَّهَا مُصۡبِحِينَ ١٧
Indeed, We have tried them as We tried the companions of the garden, when they swore to cut its fruit in the [early] morning
සැබැවින්ම දුප්පත් ජනයාට ආහාර නොලැබෙන පරිදි හදිසියේම තමන් උදෑසනම ඵල නෙළන්න ගිය වතු වාසීන් අපි පරීක්ෂාවට ලක් කළාක් මෙන් දෙවියන්ට ආදේශ තබන මොවුන්වද නියඟය හා සාගතයෙන් අපි පරීක්ෂාවට ලක් කළෙමු.
ඔවුන් ඔවුන්ගේ සපථය තුළ ඉන්ෂා අල්ලාහ් යන ප්රකාශය වෙන් කර පැවසුවේ නැත.
68:19Page 565
فَطَافَ عَلَيۡهَا طَآئِفٞ مِّن رَّبِّكَ وَهُمۡ نَآئِمُونَ ١٩
So there came upon it [i.e., the garden] an affliction from your Lord while they were asleep.
ඒ වෙත අල්ලාහ් ගින්නක් එවීය. එහි හිමිකරුවන් නිදමින් සිටිය දී ගින්න එම වතු විනාශ කර දැමීය. ඇවිළෙන ගින්න වළක්වා ගැනීමට ඔවුනට නොහැකි විය.
එය අඳුරු රාත්රිය මෙන් කළු වී ගියේය.
උදෑසන කාලයේ ඔවුන් ඇතැමෙක් ඇතැමෙකු අමතන්නට විය.
68:22Page 565
أَنِ ٱغۡدُواْ عَلَىٰ حَرۡثِكُمۡ إِن كُنتُمۡ صَٰرِمِينَ ٢٢
[Saying], "Go early to your crop if you would cut the fruit."
"නුඹලා එහි අස්වැනු නෙළන්නට යන්නෙහු නම් දිළිඳුන් පැමිණීමට පෙර නුඹලාගේ අස්වැනු වෙත උදෑසනින්ම පිටත්ව යන්නැ"යි පවසා සිටියෝය.
ඔවුහු ඇතැමෙක් ඇතැමෙකු සමග ඉතා පහත් හඬින් කතා කරමින් ඔවුන්ගේ ගොවිබිම වෙත විගස ගියෝය.
68:24Page 565
أَن لَّا يَدۡخُلَنَّهَا ٱلۡيَوۡمَ عَلَيۡكُم مِّسۡكِينٞ ٢٤
[Saying], "There will surely not enter it today upon you [any] poor person."
ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකු ට, "අද දින කිසිදු දුප්පතෙකු නුඹලා සමග වතුයායට නොවිපිසිය යුතු යැ"යි පැවසීය.
68:25Page 565
وَغَدَوۡاْ عَلَىٰ حَرۡدٖ قَٰدِرِينَ ٢٥
And they went early in determination, [assuming themselves] able.1
ඔවුන්ගෙන් අස්වනු වළක්වා ගත හැකිය යන විශ්වාසය මත ඔවුහු උදෑසනම යුහුසුළුව ගියෝය.
68:26Page 565
فَلَمَّا رَأَوۡهَا قَالُوٓاْ إِنَّا لَضَآلُّونَ ٢٦
But when they saw it, they said, "Indeed, we are lost;
එය ගිනිබත් වී තිබෙනු ඔවුන් දෑසින් දුටු කල්හි ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකුට, "එහි මාර්ගය අපට වැරදී ඇතැ"යි පැවසීය.
"එසේ නොව, අපට හිමි අස්වැන්නෙන් අපි දුප්පතුන් වළක්වාලීමට තීරණය කළ බැවින් එහි ඵලදාව නෙළා ගැනීමෙන් අප වළක්වනු ලැබූවෙමු."
68:28Page 565
قَالَ أَوۡسَطُهُمۡ أَلَمۡ أَقُل لَّكُمۡ لَوۡلَا تُسَبِّحُونَ ٢٨
The most moderate of them said, "Did I not say to you, 'Why do you not exalt [Allāh]?'"1
ඔවුන් අතර සිටි උදාර පුද්ගලයෙක්: 'ඒවා දිළිඳුන්ට තහනම් කිරීමට නුඹලා තීරණය කළ අවස්ථාවේ නුඹලා අල්ලාහ් ව සුවිශුද්ධ කර, ඔහු වෙත නුඹලා පාපක්ෂමාවෙහි නිරත විය යුතු නොවේද?' යැයි මම නුඹලාට නොපැවසුවෙම්ද?"යැයි පවසා සිටියේය.
68:29Page 565
قَالُواْ سُبۡحَٰنَ رَبِّنَآ إِنَّا كُنَّا ظَٰلِمِينَ ٢٩
They said, "Exalted is our Lord! Indeed, we were wrongdoers."
"අපගේ පරමාධිපති සුවිශුද්ධය.අපේ වතු ඵලදාවෙන් දුප්පත් දිළිඳු ජනතාව වැළැක්වීමට අපි තීරණය කළ අවස්ථාවේ සැබැවින්ම අපි අපටම අපරාධ කර ගත්තෙමු" යැයි ඔවුහු පැවසුවෝය.
68:30Page 565
فَأَقۡبَلَ بَعۡضُهُمۡ عَلَىٰ بَعۡضٖ يَتَلَٰوَمُونَ ٣٠
Then they approached one another, blaming each other.
අපහාසාත්මක ලෙසින් ඔවුන් එකිනෙකාට කතා හුවමාරු කර ගනිමින් ඉදිරියට ආවෝය.
68:31Page 565
قَالُواْ يَٰوَيۡلَنَآ إِنَّا كُنَّا طَٰغِينَ ٣١
They said, "O woe to us; indeed we were transgressors.
ඔවුන් කනස්සල්ලෙන්, "අහෝ අපට සිදු වූ අලාභහානිය. දුප්පත් දිළිඳු ජනතාවගේ උරුමය තහනම් කිරීමෙන් අපි සීමාව ඉක්මවා කටයුතු කර ඇත්තෙමු" යැයි පැවසූහ.
68:32Page 565
عَسَىٰ رَبُّنَآ أَن يُبۡدِلَنَا خَيۡرٗا مِّنۡهَآ إِنَّآ إِلَىٰ رَبِّنَا رَٰغِبُونَ ٣٢
Perhaps our Lord will substitute for us [one] better than it. Indeed, we are toward our Lord desirous."1
අපගේ පරමාධිපතියාණන් මෙම වත්තට වඩා යහපත් දෙයක් අපට පෙරළා දිය හැකිය. සැබැවින්ම අපි අල්ලාහ් වෙත පමණක් කැමැත්තෙන් යොමු වෙමු. ඔහුගෙන් අපි සමාව අපේක්ෂා කරමු. ඔහුගෙන් යහපත පතමු.
68:33Page 565
كَذَٰلِكَ ٱلۡعَذَابُۖ وَلَعَذَابُ ٱلۡأٓخِرَةِ أَكۡبَرُۚ لَوۡ كَانُواْ يَعۡلَمُونَ ٣٣
Such is the punishment [of this world]. And the punishment of the Hereafter is greater, if they only knew.
පොෂණ සම්පත් වැළැක්වීමෙන් මෙම දඬුවම ඔවුනට අත්වූවාක් මෙන් අපට පිටුපාන්නන්හට ද දඬුවම් කරන්නෙමු. මතුලොව දඬුවම අති බිහිසුණුය. එහි බිහිසුණුකම හා සදාතනිකත්වය වටහා ගන්නේ නම් මැනවි.
68:34Page 565
إِنَّ لِلۡمُتَّقِينَ عِندَ رَبِّهِمۡ جَنَّٰتِ ٱلنَّعِيمِ ٣٤
Indeed, for the righteous with their Lord are the Gardens of Pleasure.
අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු වැළැක් වූ දැයින් වැළකෙමින් අල්ලාහ් පිළිබඳ මතකයෙන් පසුවන මුත්තකීන්වරුන්හට ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුන් එහි භුක්ති විදින සැප පහසුකම් සහිත ස්වර්ග උයන් ඇත. ඔවුන්ගේ සුවපහසුකම් විසන්ධි වන්නේ නැත.
68:35Page 565
أَفَنَجۡعَلُ ٱلۡمُسۡلِمِينَ كَٱلۡمُجۡرِمِينَ ٣٥
Then will We treat the Muslims like the criminals?
මක්කාවාසී අදේශ කරන්නන් සිතනවාක් මෙන් ප්රතිඵල පිරිනැමීමෙහි දෙවියන් ප්රතික්ෂේ කරන්නන් මෙන් මුස්ලිම්වරුන්ව අප පත් කරන්නෙමු ද?
අහෝ දෙවියන්ට ආදේශ තබන අයවලුනි! නුඹලාට කුමක් වීද? මෙම වංක හා වැරදි තීන්දුව නුඹලා තීරණය කරනුයේ කෙසේද?
අවනත වන්නා හා පිටුපාන්නා අතර සමානකම් ඇති බවට නුඹලා කියවන පුස්තකයක් එහි නුඹලාට තිබේ ද?
මතුලොවෙහි නුඹලා වෙනුවෙන් නුඹලා තෝරා ගන්නා යමක් එම පුස්තකයේ සැබැවින්ම නුඹලාට තිබේ ද?
68:39Page 565
أَمۡ لَكُمۡ أَيۡمَٰنٌ عَلَيۡنَا بَٰلِغَةٌ إِلَىٰ يَوۡمِ ٱلۡقِيَٰمَةِ إِنَّ لَكُمۡ لَمَا تَحۡكُمُونَ ٣٩
Or do you have oaths [binding] upon Us, extending until the Day of Resurrection, that indeed for you is whatever you judge?
නුඹලා වෙනුවෙන් නුඹලාට තීන්දු දිය හැකි යමක් නුඹලා සතු ව ඇතැයි අප වෙත තීන්දු කරන ලද ස්ථීර ගිවිසුම් නුඹලාට තිබේ ද?
68:40Page 565
سَلۡهُمۡ أَيُّهُم بِذَٰلِكَ زَعِيمٌ ٤٠
Ask them which of them, for that [claim], is responsible.
අහෝ දූතය, මෙම ප්රකාශය පවසන්නන්ගෙන්, ‘ඒ පිළිබඳ භාරකාරත්වය දරනුයේ ඔවුන්ගෙන් කවරෙකු දැ'යි විමසනු.
68:41Page 565
أَمۡ لَهُمۡ شُرَكَآءُ فَلۡيَأۡتُواْ بِشُرَكَآئِهِمۡ إِن كَانُواْ صَٰدِقِينَ ٤١
Or do they have partners?1 Then let them bring their partners, if they should be truthful.
ප්රතිඵල පිරිනැමීමේ දී දෙවියන් විශ්වාස කරන්නන් සමග ඔවුන් සමානුපාතිකව පිරිනමන අල්ලාහ් නොවන වෙනත් හවුල්කරුවන් ඔවුනට සිටීද? එසේ නම් ප්රතිඵල පිරිනැමීමේදී දේව විශ්වාසීන් සමග ඔවුනට සමානුපාතිකව පිරිනමන හවුල් කරුවන් ඇතැයි වාද කරන ඔවුන් සත්යවාදීහු නම් ඔවුන්ගේ එම හවුල්කරුවන් ගෙන එත්වා!
68:42Page 565
يَوۡمَ يُكۡشَفُ عَن سَاقٖ وَيُدۡعَوۡنَ إِلَى ٱلسُّجُودِ فَلَا يَسۡتَطِيعُونَ ٤٢
The Day the shin will be uncovered1 and they are invited to prostration but they [i.e., the disbelievers] will not be able,
මළවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනයේ අර්බුද හට ගැනේ. අපගේ පරමාධිපති ඔහුගේ කෙණ්ඩය නිරාවරණය කරයි. සුජූද් කිරීම සඳහා ජනයාට ඇරයුම් කරනු ලබයි. එවිට දෙවියන් විශ්වාස කළ මුඃමින්වරුන් සුජූද් කරන අතර දෙවියන් ප්රතික්ෂේප කරන්නන් හා කුහකයින් සුජූද් කිරීමට නොහැකිව රැඳී සිටිති.
68:43Page 566
خَٰشِعَةً أَبۡصَٰرُهُمۡ تَرۡهَقُهُمۡ ذِلَّةٞۖ وَقَدۡ كَانُواْ يُدۡعَوۡنَ إِلَى ٱلسُّجُودِ وَهُمۡ سَٰلِمُونَ ٤٣
Their eyes humbled, humiliation will cover them. And they used to be invited to prostration while they were sound.1
ඔවුන්ගේ බැල්ම පහත් ව පවතී. අවමානය හා අපහාසය ඔවුන් වෙළාගෙන තිබේ. ඔවුන් මෙලොවෙහි සුවෙන් සිටිය දී අල්ලාහ්ට සුජූද් කරන මෙන් ඔවුන්ගෙන් ඉල්ලීම් කරනු ලැබුවෝය.
68:44Page 566
فَذَرۡنِي وَمَن يُكَذِّبُ بِهَٰذَا ٱلۡحَدِيثِۖ سَنَسۡتَدۡرِجُهُم مِّنۡ حَيۡثُ لَا يَعۡلَمُونَ ٤٤
So leave Me, [O Muḥammad], with [the matter of] whoever denies this statement [i.e., the Qur’ān]. We will progressively lead them [to punishment] from where they do not know.1
අහෝ දූතය, ඔබ වෙත පහළ කරනු ලැබූ අල් කුර්ආනය බොරු කරන්නන් මා සමග අතහැර දමනු. සැබැවින්ම එය සැළසුම් සහගත හා පිළිවෙලෙන් ඇති වන්නක් බව ඔවුන් නොහඳුනන පරිදි පියවරෙන් පියවර අපි ඔවුන් දඬුවම වෙත ගෙන යන්නෙමු.
68:45Page 566
وَأُمۡلِي لَهُمۡۚ إِنَّ كَيۡدِي مَتِينٌ ٤٥
And I will give them time. Indeed, My plan is firm.
ඔවුන් ඔවුන්ගේ පාපකමෙහි පැටලෙන්නට ටික කලක් මම ඔවුනට අවකාශය දෙමි. දෙවියන් ප්රතික්ෂේප කරන්නන් හා බොරු කරන්නන් මත වූ මාගේ සැළසුම ඉතා බලවත්ය. එහෙයින් මගෙන් මිදීමට හෝ මාගේ දඬුවමින් නිදහස් වන්නට හෝ ඔවුනට නොහැක.
68:46Page 566
أَمۡ تَسۡـَٔلُهُمۡ أَجۡرٗا فَهُم مِّن مَّغۡرَمٖ مُّثۡقَلُونَ ٤٦
Or do you ask of them a payment, so they are by debt burdened down?
අහෝ ධර්ම දූතය, ඔබ ඔවුන් කවර කරුණක් වෙත ඇරයුම් කරන්නෙහි ද ඒ සඳහා නුඹ යම් තිළිණයක් ඔවුන්ගෙන් පතා ඒ හේතුවෙන් බලවත් කරුණක් ඔවුන් උසුලා, නුඹව ඔවුන් පිටු දැකීමට එය හේතුවක් වීද? සිදු ව ඇත්තේ එයට පටහැනි දෙයකි. නුඹ ඔවුන්ගෙන් කිසිදු කුලියක් නො පතන්නෙහිය. එසේනම්, නුඹව අනුගමනය කිරීමෙන් ඔවුන් වළක්වාලන්නේ කුමක් ද?
68:47Page 566
أَمۡ عِندَهُمُ ٱلۡغَيۡبُ فَهُمۡ يَكۡتُبُونَ ٤٧
Or have they [knowledge of] the unseen, so they write [it] down?
එසේ නැතහොත් ඔවුනට ගුප්ත ඥානය තිබී, කවර කරුණක් ඔවුන් ඔබ සමග වාද කරන්නේ ද එවන් සාධක අතරින් ඔවුනට අනුමත කරන යමක් ඔවුහු ලියන්නෝ ද?
68:48Page 566
فَٱصۡبِرۡ لِحُكۡمِ رَبِّكَ وَلَا تَكُن كَصَاحِبِ ٱلۡحُوتِ إِذۡ نَادَىٰ وَهُوَ مَكۡظُومٞ ٤٨
Then be patient for the decision of your Lord, [O Muḥammad], and be not like the companion of the fish [i.e., Jonah] when he called out while he was distressed.
අහෝ දූතය, ඔවුන් පියවරෙන් පියවර හසුකර ගැනීම සඳහා ඔවුන් අතහැර දමන මෙන් ඔබේ පරමාධිපති කළ තීන්දුව ගැන ඔබ ඉවසීමෙන් සිටිනු. තම සමූහයා අතරින් ඉවත් ව ගිය මත්සය කතාවට අදාළ යූනුස් අලය්හිස් සලාම් තුමා මෙන් ඔබ නොවනු. එවිට ඔහු මත්ස කුස අඳුරෙහි හා සාගර අඳුරෙහි පීඩාවට පත්ව තම පරමාධිපති ඇමතූහ.
68:49Page 566
لَّوۡلَآ أَن تَدَٰرَكَهُۥ نِعۡمَةٞ مِّن رَّبِّهِۦ لَنُبِذَ بِٱلۡعَرَآءِ وَهُوَ مَذۡمُومٞ ٤٩
If not that a favor [i.e., mercy] from his Lord overtook him, he would have been thrown onto the naked shore while he was censured.1
අල්ලාහ්ගේ දයාව හා කරුණාව ඔහුට නොලැබුණේ නම් ඔහු ශාප කරනු ලැබ නිසරු භූමියකට එම මත්සයා ඔහුව ගොඩ දමන්නට තිබුණි.
68:50Page 566
فَٱجۡتَبَٰهُ رَبُّهُۥ فَجَعَلَهُۥ مِنَ ٱلصَّٰلِحِينَ ٥٠
And his Lord chose him and made him of the righteous.
ඔහුගේ පරමාධිපති ඔහු ව තෝරා ගෙන ඔහුගේ දැහැමි ගැත්තන් අතරට පත් කළේය.
68:51Page 566
وَإِن يَكَادُ ٱلَّذِينَ كَفَرُواْ لَيُزۡلِقُونَكَ بِأَبۡصَٰرِهِمۡ لَمَّا سَمِعُواْ ٱلذِّكۡرَ وَيَقُولُونَ إِنَّهُۥ لَمَجۡنُونٞ ٥١
And indeed, those who disbelieve would almost make you slip with their eyes [i.e., looks] when they hear the message, and they say, "Indeed, he is mad."
අල්ලාහ්ව ප්රතික්ෂේප කොට ඔහුගේ දූතයාණන් බොරු කළවුන් වනාහි, ඔවුන් නුඹ වෙත තියුණු හා දරුණු බැල්මක් හෙළා නුඹව හසු කරන්නට බලති. නමුත් නුඹ වෙත පහළ කරන ලද මෙම කුර්ආනයට ඔවුන් සවන් දුන් කල්හි ඔවුන් තම ආශාවන් පිළිපදිමින් සත්ය පිටු දකිමින් මෙය ගෙන ආ දූතයා උම්මත්තකයකු යැයි පවසති.
68:52Page 566
وَمَا هُوَ إِلَّا ذِكۡرٞ لِّلۡعَٰلَمِينَ ٥٢
But it is not except a reminder to the worlds.
නුඹ වෙත පහළ කරන ලද අල් කුර්ආනය මිනිස් වර්ගයාට හා ජින් වර්ගයාට මෙනෙහි කිරීමක් හා උපදෙසක් මිස නැත.
Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences