Al-MukhtasarAl‑Furqan · 25:1–45

Al-Mukhtasar · Tafsir · in Sinhala

الفرقان

Al-Furqan

The Criterion · Meccan · 77 ayahs

25:1Page 359

تَبَارَكَ ٱلَّذِي نَزَّلَ ٱلۡفُرۡقَانَ عَلَىٰ عَبۡدِهِۦ لِيَكُونَ لِلۡعَٰلَمِينَ نَذِيرًا ١

Blessed is He who sent down the Criterion upon His Servant that he may be to the worlds a warner -

තම ගැත්තා හා දූතයා වන මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්හට සත්යය හා අසත්යය වෙන්කර දක්වන අල් කුර්ආනය පහළ කළා වූ අල්ලාහ් උත්කෘෂ්ට විය. අධික ශ්රේෂ්ඨත්වයට පත් විය. එය මිනිස් හා ජින් යන දෙවර්ගයාට ඔහු දූතයකු වනු පිණිස හා ඔවුනට අල්ලාහ්ගේ දඬුවම ගැන බිය වද්දනු පිණිසය.

25:2Page 359

ٱلَّذِي لَهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَلَمۡ يَتَّخِذۡ وَلَدٗا وَلَمۡ يَكُن لَّهُۥ شَرِيكٞ فِي ٱلۡمُلۡكِ وَخَلَقَ كُلَّ شَيۡءٖ فَقَدَّرَهُۥ تَقۡدِيرٗا ٢

He to whom belongs the dominion of the heavens and the earth and who has not taken a son and has not had a partner in dominion and has created each thing and determined it with [precise] determination.

අහස්හි ආධිපත්යය හා මහපොළොවේ ආධිපත්යය ඔහුට පමණක් සතුය. ඔහු කිසිදු දරුවකු ගත්තේ නැත. ඔහුගේ ආධිපත්යය තුළ කිසිදු හවුල්කරුවකු ද නැත. සියලුම දෑ ඔහු මැව්වේය. ඔහුගේ ඥානය හා ප්රඥාව අනුව එම මැවීම්වලට අවශ්ය වන න්යායයන්ට අනුකූලව ප්රමාණයෙන් නිර්ණය කළේය. සෑම දෙයක්ම එයට ගැළපෙන පරිදි පිහිටා ඇත.

25:3Page 360

وَٱتَّخَذُواْ مِن دُونِهِۦٓ ءَالِهَةٗ لَّا يَخۡلُقُونَ شَيۡـٔٗا وَهُمۡ يُخۡلَقُونَ وَلَا يَمۡلِكُونَ لِأَنفُسِهِمۡ ضَرّٗا وَلَا نَفۡعٗا وَلَا يَمۡلِكُونَ مَوۡتٗا وَلَا حَيَوٰةٗ وَلَا نُشُورٗا ٣

But they have taken besides Him gods which create nothing, while they are created, and possess not for themselves any harm or benefit and possess not [power to cause] death or life or resurrection.

දේව ආදේශකයින් අල්ලාහ් හැර දමා නැමදුම් ලබන වෙනත් දෙවිවරුන් තෝරා ගත්තෝය. ඔවුන් පවා මවනු ලැබූවන් ලෙස සිටිය දී කුඩා හෝ විශාල කිසිවක් ඔවුනට මැවිය නොහැක. කිසිවක් නොමැති තත්ත්වයේ සිට අල්ලාහ් ඔවුන් මැව්වේය. තමන්ට අත් වන හානිය වළක්වා ගැනීමට හෝ කිසියම් සෙතක් සලසා ගන්නට පවා ඔවුනට හැකියාවක් නැත. ජීවී ව සිටින්නෙකු මරණයට පත් කිරීමට හෝ මියගිය ඇත්තෙකු ජීවමාන කිරීමට හෝ ඔවුනට හැකියාවක් නැත. එමෙන්ම ඔවුන් මියගිය පසු ඔවුන්ගේ මිනීවළවල් වලින් නැවත නැගිටුවීමේ හැකියාවද ඔවුනට නැත.

25:4Page 360

وَقَالَ ٱلَّذِينَ كَفَرُوٓاْ إِنۡ هَٰذَآ إِلَّآ إِفۡكٌ ٱفۡتَرَىٰهُ وَأَعَانَهُۥ عَلَيۡهِ قَوۡمٌ ءَاخَرُونَۖ فَقَدۡ جَآءُو ظُلۡمٗا وَزُورٗا ٤

And those who disbelieve say, "This [Qur’ān] is not except a falsehood he invented, and another people assisted him in it." But they have committed an injustice and a lie.

අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ව ප්රතික්ෂේප කළවුන්, "මෙම කුර්ආනය මුහම්මද් ගෙතූ බොරුවක් මිස නැත. ඔහු අල්ලාහ් වෙත අභූත චෝදනාවක් ආරෝපණය කර ඇත. එය ප්රබන්ධ කිරීම සඳහා වෙනත් මිනිසුන් පිරිසක් ඔහුට උදව් කර ඇත." යැයි පැවසූහ. මෙම දේව ප්රතික්ෂේපකයෝ ව්යාජ ප්රකාශයක් ගොතා පවසා ඇත්තෝය. අල් කුර්ආනය අල්ලාහ්ගේ ප්රකාශයයි. ඒ හා සමාන දෙයක් මිනිසෙකුට හෝ ජින්නුවෙකුට හෝ ගෙන ඒමට නොහැකිය.

25:5Page 360

وَقَالُوٓاْ أَسَٰطِيرُ ٱلۡأَوَّلِينَ ٱكۡتَتَبَهَا فَهِيَ تُمۡلَىٰ عَلَيۡهِ بُكۡرَةٗ وَأَصِيلٗا ٥

And they say, "Legends of the former peoples which he has written down, and they are dictated to him morning and afternoon."

අල්-කුර්ආනය පිළිබඳ ප්රතික්ෂේප කරන අය මෙසේ පැවසූහ. "අල්-කුර්ආනය පැරැන්නන්ගේ ප්රකාශ සහ ව්යාජ ලෙස ඔවුන් විසින් ලියන ලද දෑ ය. මුහම්මද් ඒවා පිටපත් කළේය. ඒවා දවසේ ආරම්භයේ සහ දවස අවසානයේදී ඔහුට කියවනු ලැබේ."

25:6Page 360

قُلۡ أَنزَلَهُ ٱلَّذِي يَعۡلَمُ ٱلسِّرَّ فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ إِنَّهُۥ كَانَ غَفُورٗا رَّحِيمٗا ٦

Say, [O Muḥammad], "It has been revealed by He who knows [every] secret within the heavens and the earth. Indeed, He is ever Forgiving and Merciful."

අහෝ දූතය! මෙම බොරුකාරයින්හට නුඹ මෙසේ පවසනු. "අහස්හි හා මහ පොළොවේ ඇති සෑම දෙයක් පිළිබඳ ව ම මැනවින් දන්නා අල්ලාහ් මෙම අල් කුර්ආනය පහළ කළේය. නුඹලා සිතන පරිදි එය ගොතා පවසනු ලැබූවක් නොවේ." පසු ව ඔහු ඔවුනට පාප ක්ෂමාව පිළිබඳ කැමැත්තක් ඇති කරවමින්, "සැබවින්ම අල්ලාහ් ඔහුගේ ගැත්තන් අතරින් පාප ක්ෂමා ඇයද සිටින්නන්හට ඔහු අතික්ෂමාශීලීය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය." යැයි පැවසුවේය.

25:7Page 360

وَقَالُواْ مَالِ هَٰذَا ٱلرَّسُولِ يَأۡكُلُ ٱلطَّعَامَ وَيَمۡشِي فِي ٱلۡأَسۡوَاقِ لَوۡلَآ أُنزِلَ إِلَيۡهِ مَلَكٞ فَيَكُونَ مَعَهُۥ نَذِيرًا ٧

And they say, "What is this messenger that eats food and walks in the markets? Why was there not sent down to him an angel so he would be with him a warner?

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ව බොරු කළ දේවත්වය ආදේශ කරන්නෝ, "සැබවින්ම තමන් අල්ලාහ් වෙතින් පැමිණි දූතයකු ලෙස සිතන මොහුට කුමක් වී ද? සෙසු ජනයා ආහාර ගන්නාක් මෙන් මොහු ද ආහාර ගනියි. තම ජීවනෝපාය සොයමින් වෙළඳපළේ ගමන් කරයි. ඔහු ව තහවුරු කරන ඔහුට උදව් කරන මිතුරෙකු ලෙසින් ඔහු සමග මලක්වරයකු අල්ලාහ් පහළ කළ යුතු නොවේ ද?" යැයි පැවසුවෝය.

25:8Page 360

أَوۡ يُلۡقَىٰٓ إِلَيۡهِ كَنزٌ أَوۡ تَكُونُ لَهُۥ جَنَّةٞ يَأۡكُلُ مِنۡهَاۚ وَقَالَ ٱلظَّٰلِمُونَ إِن تَتَّبِعُونَ إِلَّا رَجُلٗا مَّسۡحُورًا ٨

Or [why is not] a treasure presented to him [from heaven], or does he [not] have a garden from which he eats?" And the wrongdoers say, "You follow not but a man affected by magic."

"එසේ නැතහොත් ඔහු වෙත අහසින් නිධානයක් පහළ විය යුතු නොවේ ද? එසේත් නැතහොත් පලතුරු අනුභව කළ හැකි වත්තක් ඔහුට විය යුතු නොවේ ද? එවිට වෙළඳපොළේ ගමන් කිරීමටත් පෝෂණ සම්පත් සෙවීමටත් ඔහුට අවශ්ය වන්නේ නැත." අපරාධකරුවෝ තවදුරටත් "අහෝ දේව විශ්වාසී ජනයිනි! නුඹලා දූතයකු අනුගමනය කරන්නෙහුය. නමුත් නුඹලා අනුගමනය කරනුයේ හූනියම හේතුවෙත් ඔහුගේ බුද්ධිය ඉහවහා ගිය මිනිසෙකි." යැයි කීහ.

25:9Page 360

ٱنظُرۡ كَيۡفَ ضَرَبُواْ لَكَ ٱلۡأَمۡثَٰلَ فَضَلُّواْ فَلَا يَسۡتَطِيعُونَ سَبِيلٗا ٩

Look how they strike for you comparisons;1 but they have strayed, so they cannot [find] a way.

අහෝ දූතය! නුඹ අවධානයෙන් බලනු. ව්යාජ වර්ණනා වලින් ඔවුන් නුඹ ව කෙසේ නම් වර්ණනය කර සිටින්නේදැයි නුඹ පුදුමයට පත් වනු ඇත. ඔවුහු විටෙක "හූනියම් කරුවෙකි" යැයි පවසති. විටෙක "හූනියම් කරනු ලැබූවෙකි" යැයි පවසති. තවත් විටෙක "උම්මත්තකයෙකු" යැයි පවසති. සත්යයෙන් පෙරළුණු ඒ හේතුවෙන් ඔවුහු මුළා වී ගියෝය. යහ මග වෙත වූ මාර්ගයේ ගමන් කිරීමට ඔවුනට හැකියාවක් නැත. නුඹේ අවංකකම හා නුඹේ විශ්වාසය තක්සේරු කිරීමට ද ඔවුනට හැකියාවක් නැත.

25:10Page 360

تَبَارَكَ ٱلَّذِيٓ إِن شَآءَ جَعَلَ لَكَ خَيۡرٗا مِّن ذَٰلِكَ جَنَّٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ وَيَجۡعَل لَّكَ قُصُورَۢا ١٠

Blessed is He who, if He willed, could have made for you [something] better than that - gardens beneath which rivers flow - and could make for you palaces.

අල්ලාහ් උත්කෘෂ්ඨ විය. ඔහු වනාහි ඔහු අභිමත කළේ නම්, ඔවුන් යෝජනා කරන පරිදි නුඹ එහි පලතුරු අනුභව කරනු වස් මෙලොවෙහි මාලිගාවන් හා ගස් වලට පහළින් ගංගාවන් ගලා බස්නා වතු යායන් නුඹට ඇති කිරීමෙන් හා සැප පසුකම් සහිත ව නුඹ එහි වාසය කිරීමට මාලිගාවන් නුඹට ඇති කිරීමෙන් යහපත් දෑ නුඹ වෙනුවෙන් ඔහු සූදානම් කර දෙනු ඇත.

25:11Page 360

بَلۡ كَذَّبُواْ بِٱلسَّاعَةِۖ وَأَعۡتَدۡنَا لِمَن كَذَّبَ بِٱلسَّاعَةِ سَعِيرًا ١١

But they have denied the Hour, and We have prepared for those who deny the Hour a Blaze.

සත්යය සෙවීමෙන් හා සාක්ෂි හා සාධක ගැන සෙවීමෙන් හෙළි වූ ප්රකාශයන් ඔවුන්ගෙන් හෙළි වූයේ නැත. නමුත් සිදු වූයේ සැබවින්ම ඔවුන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය බොරු කරමින් සිටීමය. කවරෙකු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය බොරු කළේ ද දැඩි ලෙස දැවෙන මහත් ගින්නක් අපි ඔහු වෙනුවෙන් සූදානම් කර ඇත්තෙමු.

25:12Page 361

إِذَا رَأَتۡهُم مِّن مَّكَانِۭ بَعِيدٖ سَمِعُواْ لَهَا تَغَيُّظٗا وَزَفِيرٗا ١٢

When it [i.e., the Hellfire] sees them from a distant place, they will hear its fury and roaring.

දේව ප්රතික්ෂේපකයින් නිරා ගින්නට ඇදගෙන යනු ලබමින් සිටිය දී නිරා ගින්න ඔවුන් ව දෑසින් දකින විට ඔවුන් කෙරෙහි එයට ඇති දැඩි කෝපය හේතුවෙන් දුර සිටම දැඩි ලෙස බුර බුරා නගන එහි හඬට හා කරදරකාරී ලෙස නගන එහි හඬට ඔවුන් සවන් දෙනු ඇත.

25:13Page 361

وَإِذَآ أُلۡقُواْ مِنۡهَا مَكَانٗا ضَيِّقٗا مُّقَرَّنِينَ دَعَوۡاْ هُنَالِكَ ثُبُورٗا ١٣

And when they are thrown into a narrow place therein bound in chains, they will cry out thereupon for destruction.

ඔවුන්ගේ අත් ඔවුන්ගේ ගෙලවල් සමග දම්වැල් වලින් බැඳ දමනු ලැබ, නිරා ගින්නේ පටු තැනකට එම දේව ප්රතික්ෂේපකයින් හෙළනු ලැබූ විට, එයින් ඔවුන් මිදීමේ අපේක්ෂාවෙන් ඔවුන් ඔවුනටම විනාශය ඇයද සිටිති.

25:14Page 361

لَّا تَدۡعُواْ ٱلۡيَوۡمَ ثُبُورٗا وَٰحِدٗا وَٱدۡعُواْ ثُبُورٗا كَثِيرٗا ١٤

[They will be told], "Do not cry this Day for one destruction but cry for much destruction."

අහෝ දේව ප්රතික්ෂේපකයිනි! නුඹලා එක් විනාශයක් පමණක් ඇයද නොසිටිනු. විනාශයන් රාශියක්ම ඇයද සිටිනු. නුඹලා පතන දෑ ට කිසිවිටෙක ප්රතිචාර දක්වනු නොලබන්නේමය. ඒ වෙනුවට නුඹලා වේදනා සහගත දඬුවමෙහි සදාකල් වෙසෙන්නෝ වෙති.

25:15Page 361

قُلۡ أَذَٰلِكَ خَيۡرٌ أَمۡ جَنَّةُ ٱلۡخُلۡدِ ٱلَّتِي وُعِدَ ٱلۡمُتَّقُونَۚ كَانَتۡ لَهُمۡ جَزَآءٗ وَمَصِيرٗا ١٥

Say, "Is that better or the Garden of Eternity which is promised to the righteous? It will be for them a reward and destination.

අහෝ දූතය! "නුඹලාට වර්ණනා කරනු ලැබූ දඬුවමින් සඳහන් කරන ලද මෙය නුඹලාට උතුම් ද එසේ නැතහොත් කිසිවිටෙක එහි ඇති සැප පහසුකම් කප්පාදු නොවන, එය එහි අඛණ්ඩ ව පවතින සදාතනික ස්වර්ගය උතුම් ද?" යැයි ඔවුනට පවසනු.එය අල්ලාහ්ගේ ගැත්තන් අතරින් දේව හැඟීමෙන් යුතු ව කටයුතු කරන භක්තිකයින් හට පිරිනමන තිළිණයක් වනු පිණිසත් හා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් ඒ වෙත යොමු වන ස්ථානයක් වනු පිණිසත් අල්ලාහ් ඔවුනට ප්රතිඥා දුන් ප්රතිඥාවකි.

25:16Page 361

لَّهُمۡ فِيهَا مَا يَشَآءُونَ خَٰلِدِينَۚ كَانَ عَلَىٰ رَبِّكَ وَعۡدٗا مَّسۡـُٔولٗا ١٦

For them therein is whatever they wish, [while] abiding eternally. It is ever upon your Lord a promise [worthy to be] requested.1

මෙම ස්වර්ගයේ ඔවුන් අභිමත කරන සැප පහසුකම් ඔවුනට ඇත. එය අල්ලාහ් වෙත පවරා ගත් ප්රතිඥාවකි. ඔහුගේ බැතිමත් ගැත්තන් ඔහුගෙන් එය ඉල්ලා සිටියි. අල්ලාහ්ගේ ප්රතිඥාව තහවුරුය. ඔහු ප්රතිඥා කඩ නොකරන්නේය.

25:17Page 361

وَيَوۡمَ يَحۡشُرُهُمۡ وَمَا يَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ فَيَقُولُ ءَأَنتُمۡ أَضۡلَلۡتُمۡ عِبَادِي هَٰٓؤُلَآءِ أَمۡ هُمۡ ضَلُّواْ ٱلسَّبِيلَ ١٧

And [mention] the Day He will gather them and that which they worship besides Allāh and will say, "Did you mislead these, My servants, or did they [themselves] stray from the way?"

බොරුකාර දේව ආදේශකයින් හා අල්ලාහ් හැර දමා ඔවුන් නමදිමින් සිටි දෑ එක් රැස් කරන දිනයේ එසේ නමදිමින් සිටි අය හෙළා දකිමින් නැමදුමට ලක්වුවන්ගෙන් ඔහු මෙසේ විමසා සිටියි. "නුඹලාට නමදින මෙන් මාගේ ගැත්තන්හට නුඹලා නියෝග කොට, ඔවුන් ව නොමග හැරියේ නුඹලා ද? එසේ නැතහොත් ඔවුන් විසින්ම ඔවුන් නොමග ගියෝ ද?" යැයි විමසයි.

25:18Page 361

قَالُواْ سُبۡحَٰنَكَ مَا كَانَ يَنۢبَغِي لَنَآ أَن نَّتَّخِذَ مِن دُونِكَ مِنۡ أَوۡلِيَآءَ وَلَٰكِن مَّتَّعۡتَهُمۡ وَءَابَآءَهُمۡ حَتَّىٰ نَسُواْ ٱلذِّكۡرَ وَكَانُواْ قَوۡمَۢا بُورٗا ١٨

They will say, "Exalted are You! It was not for us to take besides You any allies [i.e., protectors]. But You provided comforts for them and their fathers until they forgot the message and became a people ruined."

නැමදුමට ලක්වූවෝ, "අපගේ පරමාධිපතියාණනි, ඔබට හවුල්කරුවකු වීමෙන් ඔබ පිවිතුරු ය. අපගේ භාරකාරත්වය පැවරීම සඳහා ඔබ හැර අන් කිසිවකු අප ගැනීම සුදුසු කාර්යයක් නොවීය. එසේ තිබියදී ඔබ අතහැර දමා අප නමදින මෙන් ඔබේ ගැත්තන්හට අප ඇරයුම් කර සිටිය හැක්කේ කෙසේද? නමුත් මෙම දේව ආදේශකයින්හට ඔබේ මතකය අමතක වී ඔබ සමග වෙනත් කෙනෙකු ඔවුන් නමදින තුරු ඔවුන් පියවරෙන් පියවර මෙලොව ආශාවන්ගෙන් භුක්ති විඳින්නට ඔබ සැලැස්වූයෙහිය. ඔවුනට පෙර ඔවුන්ගේ මුතුන් මිත්තන්හටද භුක්ති විඳින්නට සැලැස්වූයෙහිය. ඔවුන්ගේ අභාග්යවන්තකම නිසා ඔවුහු විනාශ වී ගිය පිරිසක් බවට පත් වූහ." යැයි පවසන්නෝය.

25:19Page 361

فَقَدۡ كَذَّبُوكُم بِمَا تَقُولُونَ فَمَا تَسۡتَطِيعُونَ صَرۡفٗا وَلَا نَصۡرٗاۚ وَمَن يَظۡلِم مِّنكُمۡ نُذِقۡهُ عَذَابٗا كَبِيرٗا ١٩

So they will deny you, [disbelievers], in what you say,1 and you cannot avert [punishment] or [find] help. And whoever commits injustice2 among you - We will make him taste a great punishment.

අහෝ දේවත්වය ආදේශ කරන්නනි! අල්ලාහ් හැර දමා නුඹලා නමදිමින් සිටි ඔවුන් පිළිබඳ කවර තර්කයක නුඹලා නිරත වූයෙහු ද ඒ ගැන ඔවුහුම නුඹලා බොරු කාරයින් බව ප්රකාශ කර ඇත. එහෙයින් නුඹලාගේ ආත්මාවන් දඬුවමින් වළක්වාගන්නට නුඹලාට නොහැක. නුඹලාගේ නොහැකියාව නිසා ඒවාට උදව් කිරීමට ද නොහැක. අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! නුඹලා අතරින් කවරෙකු අල්ලාහ්ට ආදේශ තබමින් අපරාධ සිදු කරන්නේ ද එවැන්නන්හට භුක්ති විඳින්නට සලස්වන කවර කරුණක් මෙනෙහි කර ඇත්තේ ද එවැනි අතිමහත් දඬුවමක් විඳින්නට අපි සලස්වමු.

25:20Page 361

وَمَآ أَرۡسَلۡنَا قَبۡلَكَ مِنَ ٱلۡمُرۡسَلِينَ إِلَّآ إِنَّهُمۡ لَيَأۡكُلُونَ ٱلطَّعَامَ وَيَمۡشُونَ فِي ٱلۡأَسۡوَاقِۗ وَجَعَلۡنَا بَعۡضَكُمۡ لِبَعۡضٖ فِتۡنَةً أَتَصۡبِرُونَۗ وَكَانَ رَبُّكَ بَصِيرٗا ٢٠

And We did not send before you, [O Muḥammad], any of the messengers except that they ate food and walked in the markets. And We have made some of you [people] as trial for others - will you have patience? And ever is your Lord, Seeing.

අහෝ දූතය! නුඹට පෙර සිටි දහම් දූතවරුන් අතරින් කිසිදු දූතයකු මිනිසෙකු ලෙසින් මිස නොඑව්වෙමු. ඔවුහු ආහාර අනුභව කරමින් හා වෙළඳපොළවල්වල සැරිසරමින් සිටියහ. එය දහම් දූතවරුන්හට නව කරුණක් නොවීය. අහෝ ජනයිනි! නුඹලා එකිනෙකා අතර පොහොසත්කම දිළිඳුකම, සුවය හා රෝගීබව යනාදියෙහි වෙනස්කම් හේතුවෙන් එය පරීක්ෂාවක් බවට අපි ඇති කළෙමු. නුඹලා කවර කරුණක් මත පරීක්ෂාවට ලක්වන්නේ ද ඒ මත ඉවසීමෙන් කටයුතු කළ යුතු නොවේ ද? එවිට අල්ලාහ් නුඹලාගේ ඉවසීමට ප්රතිඵල පිරිනමනු ඇත. ඉවසීමෙන් කටයුතු කරන්නන් හා එසේ ඉවසීමෙන් කටයුතු නොකරන්නන් කවුරුන් දැ යි ද, ඔහුට අවනත වන්නන් හා ඔහුට පිටුපාන්නන් කවුරුන් දැ යි ද ඔබේ පරමාධිපති නිරීක්ෂා කරමින් සිටියි.

25:21Page 362

۞ وَقَالَ ٱلَّذِينَ لَا يَرۡجُونَ لِقَآءَنَا لَوۡلَآ أُنزِلَ عَلَيۡنَا ٱلۡمَلَٰٓئِكَةُ أَوۡ نَرَىٰ رَبَّنَاۗ لَقَدِ ٱسۡتَكۡبَرُواْ فِيٓ أَنفُسِهِمۡ وَعَتَوۡ عُتُوّٗا كَبِيرٗا ٢١

And those who do not expect the meeting with Us say, "Why were not angels sent down to us, or [why] do we [not] see our Lord?" They have certainly become arrogant within themselves1 and [become] insolent with great insolence.

අපගේ හමු ව බලාපොරොත්තු නොවන, අපගේ දඬුවම ගැන බිය නොවන දෙවියන් ප්රතික්ෂේප කළවුන් මෙසේ පවසා සිටියහ. “අප වෙත අල්ලාහ් මලක්වරුන් පහළ කොට මුහම්මද්ගේ සත්යතාව ගැන ඔවුන් අපට දන්වා සිටිය යුතු නොවේ ද? එසේ නැතහොත් අපගේ පරමාධිපති ව අපි දෑසින් දැක ඒ ගැන ඔහු අපට තොරතුරු දන්වා සිටිය යුතු නොවේ ද?" ඔවුන් ව දේව විශ්වාසයෙන් වළක්වන තරමට ඔවුන්ගේ සිත් තුළ උඩඟුකම බැරෑරුම් විය. දේව ප්රතික්ෂේපයේ හා පාපකම්හි සීමාව ඉක්මවමින් ඔවුන්ගේ ප්රකාශ ඉක්මවා ගොස් තිබිණ.

25:22Page 362

يَوۡمَ يَرَوۡنَ ٱلۡمَلَٰٓئِكَةَ لَا بُشۡرَىٰ يَوۡمَئِذٖ لِّلۡمُجۡرِمِينَ وَيَقُولُونَ حِجۡرٗا مَّحۡجُورٗا ٢٢

The day they see the angels1 - no good tidings will there be that day for the criminals, and [the angels] will say, "Prevented and inaccessible."2

එම දේව ප්රතික්ෂේපකයින් ඔවුන්ගේ මරණ අවස්ථාවේද මිනී වළ ජීවිතයේ ද, ඔවුන් යළි අවදි කරනු ලබන අවස්ථාවේද ,විනිශ්චය සඳහා ඔවුන් ඇදගෙන යනු ලබන විට ද, ඔවුන් නිරයට ඇතුළත් කරනු ලබන විට ද මලක්වරුන් ව දෑසින් දකින දින එම ස්ථානයන්හි ඔවුනට කිසිදු ශුභාරංචියක් නොවනු ඇත. දේව විශ්වාසීන්ට හාත්පසින්ම වෙනස් ආකාරයකින් එය පිහිටනු ඇත. මලක්වරු ඔවුනට තහනම්ය. "අල්ලාහ්ගෙන් වූ ශුභාරංචි නුඹලා වෙත තහනම් කරනු ලැබ ඇත!" යැයි පවසති.

25:23Page 362

وَقَدِمۡنَآ إِلَىٰ مَا عَمِلُواْ مِنۡ عَمَلٖ فَجَعَلۡنَٰهُ هَبَآءٗ مَّنثُورًا ٢٣

And We will approach [i.e., regard]1 what they have done of deeds and make them as dust dispersed.

දේව ප්රතික්ෂේපකයින් මෙලොවෙහි සිදු කළ දැහැමි හා යහපත් ක්රියාවන් දිගු හැර ජනේලයෙන් ඇතුළු වන හිරු එළිය තුළ බලන්නා දකින, වෙන් වෙන් වශයෙන් පවතින දූවිලි මෙන් කිසිදු ප්රයෝජනයක් නොමැති නිෂ්ඵල දෙයක් බවට අපි පත් කරන්නෙමු.

25:24Page 362

أَصۡحَٰبُ ٱلۡجَنَّةِ يَوۡمَئِذٍ خَيۡرٞ مُّسۡتَقَرّٗا وَأَحۡسَنُ مَقِيلٗا ٢٤

The companions of Paradise, that Day, are [in] a better settlement and better resting place.

මෙම දේව ප්රතික්ෂේපකයින් මෙලොව ගත කළ කාලයට වඩා එදින දේව විශ්වාසීන් වන ස්වර්ගවාසීහු නිලයෙන් වඩාත් උසස් හා විවේකී ස්ථානයෙන් වඩාත් සුඛෝපභෝගී ස්ථානයක පසු වෙති. එය ඔවුන් අල්ලාහ් ව විශ්වාස කළ බැවින් හා ඔවුන්ගේ දැහැමි කටයුතු හේතුවෙනි.

25:25Page 362

وَيَوۡمَ تَشَقَّقُ ٱلسَّمَآءُ بِٱلۡغَمَٰمِ وَنُزِّلَ ٱلۡمَلَٰٓئِكَةُ تَنزِيلًا ٢٥

And [mention] the Day when the heaven will split open with [emerging] clouds,1 and the angels will be sent down in successive descent.

අහෝ දූතයිනි! තුනී සුදු වලාකුළෙන් අහස පැළී; මහ්ෂර් නම් එක් රැස් කරන භූමිය වෙත අධික වශයෙන් මලක්වරුන් පහළ කරනු ලබන දිනය පිළිබඳ මෙනෙහි කරනු.

25:26Page 362

ٱلۡمُلۡكُ يَوۡمَئِذٍ ٱلۡحَقُّ لِلرَّحۡمَٰنِۚ وَكَانَ يَوۡمًا عَلَى ٱلۡكَٰفِرِينَ عَسِيرٗا ٢٦

True sovereignty, that Day, is for the Most Merciful. And it will be upon the disbelievers a difficult Day.

සැබෑ ස්ථාවර ආධිපත්යය වනුයේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මහා කරුණාන්විතයාණන් සතු ආධිපත්යයයි. එදින දේවත්වය විශ්වාස කරන්නන්හට මෙන් නොව දේවත්වය ප්රතික්ෂේප කරන්නන් හට දුෂ්කර දිනයක් වනු ඇත. සැබවින්ම ඔවුනට එය පහසු දිනයකි.

25:27Page 362

وَيَوۡمَ يَعَضُّ ٱلظَّالِمُ عَلَىٰ يَدَيۡهِ يَقُولُ يَٰلَيۡتَنِي ٱتَّخَذۡتُ مَعَ ٱلرَّسُولِ سَبِيلٗا ٢٧

And the Day the wrongdoer will bite on his hands [in regret] he will say, "Oh, I wish I had taken with the Messenger a way.1

අහෝ දූතය! අපරාධකරුවා දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ව පිළිපැදීම අතහැර දැමූ හේතුවෙන් ඒ ගැන ඔහු දැඩි සේ පසුතැවිලි වී, "දහම් දූතයාණන් කවර කරුණක් ඔහුගේ පරමාධිපති වෙතින් ගෙන ආවේ ද එය මා පිළිපදිමින් ඒ සමග ජය්රගහණය වෙත වූ මගක් සොයා ගන්නට මට තිබුණා නොවේ ද?" යැයි පවසා ඔහුගේ දෑත් සපා ගන්නා දිනය පිළිබඳ මෙනෙහි කරනු.

25:28Page 362

يَٰوَيۡلَتَىٰ لَيۡتَنِي لَمۡ أَتَّخِذۡ فُلَانًا خَلِيلٗا ٢٨

Oh, woe to me! I wish I had not taken that one1 as a friend.

ඔහු දැඩි කනස්සල්ලෙන් යුතු ව තමන්ටම විනාශය පතමින් "අහෝ මාගේ විනාශය! දේව ප්රතික්ෂේපකයා ව මා මිතුරෙකු ලෙස නොගන්නට තිබුණා නොවේදැ?" යි පවසයි.

25:29Page 362

لَّقَدۡ أَضَلَّنِي عَنِ ٱلذِّكۡرِ بَعۡدَ إِذۡ جَآءَنِيۗ وَكَانَ ٱلشَّيۡطَٰنُ لِلۡإِنسَٰنِ خَذُولٗا ٢٩

He led me away from the remembrance1 after it had come to me. And ever is Satan, to man, a deserter."2

"දූතයාණන්ගේ මාර්ගය පිළිබඳ මට දැනුම්වත් කළ පසු ව මෙම දේව ප්රතික්ෂේපක මිතුරා අල් කුර්ආනයෙන් මා නොමග යැවීය. ෂෙයිතාන් මිනිසාට දැඩි ද්රෝහියෙකු විය. ඔහුට යම් විපතක් පහළ වූ විට ඔහු ඔහුගෙන් ඉවත් ව යයි."

25:30Page 362

وَقَالَ ٱلرَّسُولُ يَٰرَبِّ إِنَّ قَوۡمِي ٱتَّخَذُواْ هَٰذَا ٱلۡقُرۡءَانَ مَهۡجُورٗا ٣٠

And the Messenger has said, "O my Lord, indeed my people have taken this Qur’ān as [a thing] abandoned."1

එදින දූතයාණන් තම සමූහයාගේ තත්ත්වය පැමිණිලි කරමින් "මාගේ පරමාධිපතියාණනි! නුඹ මා කවර සමූහයක් වෙත එව්වේ ද සැබවින්ම එම සමූහයා මෙම අල් කුර්ආනය අතහැර දැමුවෝය. එයට පිටුපෑවෝය." යැයි පවසයි.

25:31Page 362

وَكَذَٰلِكَ جَعَلۡنَا لِكُلِّ نَبِيٍّ عَدُوّٗا مِّنَ ٱلۡمُجۡرِمِينَۗ وَكَفَىٰ بِرَبِّكَ هَادِيٗا وَنَصِيرٗا ٣١

And thus have We made for every prophet an enemy from among the criminals. But sufficient is your Lord as a guide and a helper.

අහෝ දූතය! නුඹේ සමූහයා අතරින් නුඹ දුක්වේදනාවන්ට හා නුඹ යන මාර්ගයෙන් වැළැක්වීමට නුඹ මුහුණ දුන්නා සේම නුඹට පෙර සිටි නබිවරුන්ගෙන් සෑම නබිවරයකුටම ඔහුගේ සමූහයා අතර සිටි අපරාධකරුවන්ගෙන් සතුරෙකු ඇති කළෙමු. සත්ය වෙත මග පෙන්වන්නට මග පෙන්වන්නෙකු වශයෙන් නුඹේ පරමාධිපති ප්රමාණවත්ය. එමෙන්ම නුඹේ සතුරාට එරෙහි ව උපකාර කරන උදව් කරුවකු වශයෙන් ද ඔහු ප්රමාණවත්ය.

25:32Page 362

وَقَالَ ٱلَّذِينَ كَفَرُواْ لَوۡلَا نُزِّلَ عَلَيۡهِ ٱلۡقُرۡءَانُ جُمۡلَةٗ وَٰحِدَةٗۚ كَذَٰلِكَ لِنُثَبِّتَ بِهِۦ فُؤَادَكَۖ وَرَتَّلۡنَٰهُ تَرۡتِيلٗا ٣٢

And those who disbelieve say, "Why was the Qur’ān not revealed to him all at once?" Thus [it is] that We may strengthen thereby your heart. And We have spaced it distinctly.1

අල්ලාහ් ව ප්රතික්ෂේප කළවුන්, "දූතයා වෙත අල් කුර්ආනය වෙන් වෙන් ව කොටස් වශයෙන් පහළ කරනු නොලැබ, එකවර පහළ කරනු ලැබිය යුතු නොවේ ද?" යැයි විමසා සිටියෝය. අපි අල් කුර්ආනය එලෙස වෙන් වෙන් වශයෙන් පහළ කර ඇත්තෙමු. එසේ වරකට පසු වරක් අප එය පහළ කළේ නුඹේ හදවත ස්ථාවර කරනු පිණිසය. එමෙන්ම කරුණකින් පසු කරුණක් අප පහළ කළේ වටහා ගැනීමට හා ධාරණය කිරීමට නුඹට පහසු වනු පිණිසය.

25:33Page 363

وَلَا يَأۡتُونَكَ بِمَثَلٍ إِلَّا جِئۡنَٰكَ بِٱلۡحَقِّ وَأَحۡسَنَ تَفۡسِيرًا ٣٣

And they do not come to you with an example [i.e., argument] except that We bring you the truth and the best explanation.

අහෝ දූතය! දේව ආදේශකයින් කවර කරුණක් යෝජනා කරන්නේ ද එවන් දෙයක් අපි නුඹ මත ස්ථාවර සත්ය පිළිතුරක් තුළින් නුඹ වෙත ගෙන ඒමෙන් මිස ඔවුන් නුඹ වෙත ගෙන එන්නේ නැත. ඊටත් වඩා අලංකාර පැහැදිලි කිරීමක් නුඹ වෙත අපි ගෙන එන්නෙමු.

25:34Page 363

ٱلَّذِينَ يُحۡشَرُونَ عَلَىٰ وُجُوهِهِمۡ إِلَىٰ جَهَنَّمَ أُوْلَٰٓئِكَ شَرّٞ مَّكَانٗا وَأَضَلُّ سَبِيلٗا ٣٤

The ones who are gathered on their faces to Hell - those are the worst in position and farthest astray in [their] way.

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ මුහුණ මත මුණින් ඇද දමනු ලබමින් නිරය වෙත කැටුවා ගෙන යනු ලබන්නන් වනාහි, නවාතැනින් වඩාත් නපුරුම අය ඔවුහු වෙති. සැබවින්ම ඔවුන්ගේ ස්ථානය නිරයයි. එමෙන්ම සත්යය මාර්ගයෙන් වඩාත් දුරස් ව සිටින්නෝද වෙති. එය සැබවින්ම ඔවුන්ගේ එම මාර්ගය දේව ප්රතික්ෂේපයේ හා මුළාවෙහි මාර්ගය බැවිණි.

25:35Page 363

وَلَقَدۡ ءَاتَيۡنَا مُوسَى ٱلۡكِتَٰبَ وَجَعَلۡنَا مَعَهُۥٓ أَخَاهُ هَٰرُونَ وَزِيرٗا ٣٥

And We had certainly given Moses the Scripture and appointed with him his brother Aaron as an assistant.

සැබවින්ම අපි මූසාට තව්රාතය පිරිනැමුවෙමු. ඔහුට සහායකයකු වනු පිණිස ඔහු සමග ඔහුගේ සහෝදර හාරූන් ව ද දූතයකු බවට පත් කළෙමු.

25:36Page 363

فَقُلۡنَا ٱذۡهَبَآ إِلَى ٱلۡقَوۡمِ ٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَا فَدَمَّرۡنَٰهُمۡ تَدۡمِيرٗا ٣٦

And We said, "Go both of you to the people who have denied Our signs." Then We destroyed them with [complete] destruction.

ඔවුන් දෙදෙනාට, "නුඹලා දෙදෙනා ෆිර්අවුන් වෙත හා අපගේ සංඥාවන් බොරු කළ ඔහුගේ සමූහයා වෙත යනු" යැයි අපි පැවසුවෙමු. එවිට ඔවුන් දෙදෙනා අපගේ නියෝගය පිළිපදිමින් ඔවුන් වෙත ගොස් අල්ලාගේ ඒකීයත්වය වෙත ඔවුන් ඇරයුම් කළෝය. නමුත් ඔවුහු ඔවුන් දෙදෙනා බොරු කර සිටියෝය. එවිට අපි ඔවුන් දැඩි විනාශයකින් විනාශ කළෙමු.

25:37Page 363

وَقَوۡمَ نُوحٖ لَّمَّا كَذَّبُواْ ٱلرُّسُلَ أَغۡرَقۡنَٰهُمۡ وَجَعَلۡنَٰهُمۡ لِلنَّاسِ ءَايَةٗۖ وَأَعۡتَدۡنَا لِلظَّٰلِمِينَ عَذَابًا أَلِيمٗا ٣٧

And the people of Noah - when they denied the messengers,1 We drowned them, and We made them for mankind a sign. And We have prepared for the wrongdoers a painful punishment.

තවද නූහ් ගේ ජනයා දූතවරුන් බොරු යැයි පවසමින් නූහ් (අලයිහිස් සලාම්) තුමා ව බොරු කළ කල්හි අපි ඔවුන් මුහුදේ ගිල්වා විනාශ කළෙමු. ඔවුන්ගේ විනාශය අපරාධකරුවන් මුලිනුපුටා දැමීමේ අපගේ බලය පෙන්වා දෙන සාධකයක් බවට පත් කළෙමු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ වේදනීය දඬුවමක් අපි එම අපරාධකරුවන් සඳහා සූදානම් කර ඇත්තෙමු.

25:38Page 363

وَعَادٗا وَثَمُودَاْ وَأَصۡحَٰبَ ٱلرَّسِّ وَقُرُونَۢا بَيۡنَ ذَٰلِكَ كَثِيرٗا ٣٨

And [We destroyed] ʿAad and Thamūd and the companions of the well1 and many generations between them.

හූද්ගේ ජනයා, ආද් හා සාලිහ්ගේ ජනයා, සමූද් ද අපි විනාශ කළෙමු. එමෙන්ම ළිං වැසියන් ද විනාශ කළෙමු. මෙම තුන්ගොල්ලන් අතර වූ බොහෝ සමූහයන් ද අපි විනාශ කළෙමු.

25:39Page 363

وَكُلّٗا ضَرَبۡنَا لَهُ ٱلۡأَمۡثَٰلَۖ وَكُلّٗا تَبَّرۡنَا تَتۡبِيرٗا ٣٩

And for each We presented examples [as warnings], and each We destroyed with [total] destruction.

විනාශ කරනු ලැබූ සියලු අය අතරින් පෙර විසූ සමූහයන් විනාශ කිරීම හා ඒ සඳහා වූ සාධක අපි ඔහුට විස්තර කර පෙන්වූයේ ඔවුන් උපදෙස් ලබනු පිණිසය. ඔවුන්ගේ දේව ප්රතික්ෂේපය හා මුරණ්ඩුකම හේතුවෙන් දැඩි විනාශයක් සහිත ව අපි ඔවුන් සෑම කෙනෙකුවම විනාශ කළෙමු.

25:40Page 363

وَلَقَدۡ أَتَوۡاْ عَلَى ٱلۡقَرۡيَةِ ٱلَّتِيٓ أُمۡطِرَتۡ مَطَرَ ٱلسَّوۡءِۚ أَفَلَمۡ يَكُونُواْ يَرَوۡنَهَاۚ بَلۡ كَانُواْ لَا يَرۡجُونَ نُشُورٗا ٤٠

And they have already come upon the town which was showered with a rain of evil [i.e., stones]. So have they not seen it? But they are not expecting resurrection.1

අශිලාචාර සමලිංගික ක්රියාව හේතුවෙන් පාඩම් ලබනු පිණිස දඬුවමක් වශයෙන් ගල් වර්ෂාව හෙළන ලද ලූත්ගේ ජනයා විසූ ගම්මානය වෙත සැබවින්ම නුඹේ සමූහයා අතරින් බොරුකළවුන් -සිරියාවට යන විට-ගමන් කර ඇත. ඔවුහු එම ගම්මානය නොදැක අන්ධ ලෙස කටයුතු කරන්නෝද? නැත, මිය ගොස් යළි අවදි කිරීමෙන් පසු ව විනිශ්චය කරනු ලැබීම ඔවුන් බලාපොරොත්තු නොවී සිටියෝය.

25:41Page 363

وَإِذَا رَأَوۡكَ إِن يَتَّخِذُونَكَ إِلَّا هُزُوًا أَهَٰذَا ٱلَّذِي بَعَثَ ٱللَّهُ رَسُولًا ٤١

And when they see you, [O Muḥammad], they take you not except in ridicule, [saying], "Is this the one whom Allāh has sent as a messenger?

අහෝ දූතය! මෙම බොරුකාරයෝ මුහුණට මුහුණ නුඹ ව මුණ ගැසුණේ නම් නුඹ ව හාස්යයට ලක් කරමින් හෙළා දැක අපහාස කරන අයුරින් මෙසේ පවසති. "අල්ලාහ් අප වෙත දූතයෙකු ලෙස එවිය යුත්තේ මොහු ව ද?"

25:42Page 363

إِن كَادَ لَيُضِلُّنَا عَنۡ ءَالِهَتِنَا لَوۡلَآ أَن صَبَرۡنَا عَلَيۡهَاۚ وَسَوۡفَ يَعۡلَمُونَ حِينَ يَرَوۡنَ ٱلۡعَذَابَ مَنۡ أَضَلُّ سَبِيلًا ٤٢

He almost would have misled us from our gods had we not been steadfast in [worship of] them." But they are going to know, when they see the punishment, who is farthest astray in [his] way.

සැබවින්ම අපගේ දෙවිවරුන් නැමදීමෙන් අප වෙනතකට යොමු කරන්නට ඔහු තැත් කරයි. ඒවා නැමදීම මත අපි ඉවසීමෙන් නොසිටියේ නම් ඔහුගේ සාක්ෂි හා සාධක තුළින් අප එයින් වෙනතකට යොමු කරනු ඇත යැයි පවසති. ඔවුන්ගේ මිනීවළ වල් තුළ දී හෝ මළවුන් කෙරන් නැගිටුවනු ලබන දිනයේ දී දඬුවම ඔවුන් දෑසින් දකින විට මාර්ගයෙන් වඩාත් නොමග ගොස් ඇත්තේ ඔවුන් ද එසේ නැතහොත් ඔහු දැ?යි ඔවුන් මතු දැන ගනු ඇත. ඔවුන් අතරින් ද වඩාත් නොමග ගියවුන් කවුරුන්දැ?යි ඔවුන් විමසනු ඇත.

25:43Page 363

أَرَءَيۡتَ مَنِ ٱتَّخَذَ إِلَٰهَهُۥ هَوَىٰهُ أَفَأَنتَ تَكُونُ عَلَيۡهِ وَكِيلًا ٤٣

Have you seen the one who takes as his god his own desire? Then would you be responsible for him?

අහෝ දූතය! තම ආශාවන් දෙවියන් බවට පත් කර ගනිමින් එයට අවනත වූ තැනැත්තා දෙස නුඹ නොදුටුවෙහි ද? දේව විශ්වාසය වෙත නුඹ ඔහු නැවත යොමු කරවා, දේව ප්රතික්ෂේපයෙන් ඔහු ව වළක්වන ආරක්ෂකයකු වන්නෙහි ද?

25:44Page 364

أَمۡ تَحۡسَبُ أَنَّ أَكۡثَرَهُمۡ يَسۡمَعُونَ أَوۡ يَعۡقِلُونَۚ إِنۡ هُمۡ إِلَّا كَٱلۡأَنۡعَٰمِ بَلۡ هُمۡ أَضَلُّ سَبِيلًا ٤٤

Or do you think that most of them hear or reason? They are not except like livestock.1 Rather, they are [even] more astray in [their] way.

අහෝ දූතය! අල්ලාහ්ගේ ඒකීයත්වය හා ඔහුට අවනත වන මෙන් නුඹ ඇරයුම් කරන බොහෝ දෙනා පිළිගන්නා අයුරින් ඔවුන් සවන් දෙනු ඇතැයි හෝ සාධක හා සාක්ෂි වටහා ගනු ඇතැයි හෝ නුඹ සිතන්නෙහි ද? ඔවුන් සවන් දීමෙහි ද වටහා ගැනීමෙහි ද අවබෝධ කර ගැනීමෙහි ද ගොවිපළ සතුන් මෙන් මිස නැත. එසේ නොව, ඔවුහු එම ගොවිපළ සතුන්ටත් වඩා නොමග ගියවුන් වෙති.

25:45Page 364

أَلَمۡ تَرَ إِلَىٰ رَبِّكَ كَيۡفَ مَدَّ ٱلظِّلَّ وَلَوۡ شَآءَ لَجَعَلَهُۥ سَاكِنٗا ثُمَّ جَعَلۡنَا ٱلشَّمۡسَ عَلَيۡهِ دَلِيلٗا ٤٥

Have you not considered your Lord - how He extends the shadow, and if He willed, He could have made it stationary? Then We made the sun for it an indication.1

අහෝ දූතය! අල්ලාහ් මහ පොළොව මත හෙවණැල්ල දිගු හරින අවස්ථාවේ අල්ලාහ්ගේ මැවීම්හි සලකුණු දෙස නුඹ නොදුටුවෙහි ද? එය නොසෙල වී එක්තැන් කරන්නට ඔහු අභිමත කළේ නම් ඔහු එලෙස කරනු ඇත. පසු ව හිරු එයට සාධකයක් බවට පත් කළෙමු. එමගින් එය දිගු වෙයි. එමෙන්ම කෙටි වෙයි.

Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences

Contents

Ayat al-Kursi36Al-Kahfpage 42juz 15Bukhari 1Muslim 2999

Style

Theme
Text size
Layout

Читать на русском