Al-Mukhtasar · Tafsir · in Sinhala
الكهف
Al-Kahf
The Cave · Meccan · 110 ayahs
18:1Page 293
ٱلۡحَمۡدُ لِلَّهِ ٱلَّذِيٓ أَنزَلَ عَلَىٰ عَبۡدِهِ ٱلۡكِتَٰبَ وَلَمۡ يَجۡعَل لَّهُۥ عِوَجَاۜ ١
[All] praise is [due] to Allāh, who has sent down upon His Servant [Muḥammad (ﷺ)] the Book and has not made therein any deviance.1
බාහිර මෙන්ම අභ්යන්තර සියලු ආශිර්වාදයන් තුළින් හා කීර්තිමත් හා පරිපූරණ සියලු ගුණාංග තුළින් පවතින සියලු ප්රශංසා, තම ගැත්තා හා දූතයාණන් වන මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා වෙත අල් කුර්ආනය පහළ කළා වූ ඒකීය අල්ලාහ්ට පමණක් සතුය. මෙම අල් කුර්ආනයේ සත්යයෙන් වෙනතකට යොමු කිරීමක් හෝ අඩුපාඩුවක් හෝ ඔහු ඇති නොකළේය.
18:2Page 293
قَيِّمٗا لِّيُنذِرَ بَأۡسٗا شَدِيدٗا مِّن لَّدُنۡهُ وَيُبَشِّرَ ٱلۡمُؤۡمِنِينَ ٱلَّذِينَ يَعۡمَلُونَ ٱلصَّٰلِحَٰتِ أَنَّ لَهُمۡ أَجۡرًا حَسَنٗا ٢
[He has made it] straight, to warn of severe punishment from Him and to give good tidings to the believers who do righteous deeds that they will have a good reward [i.e., Paradise]
මතභේද හෝ පරස්පරතාවන්ගෙන් තොර ඍජු ග්රන්ථයක් බවට ඔහු එය පත් කළේය. දෙවියන් ප්රතික්ෂේප කරන්නන් බලාපොරොත්තුවෙන් සිටින අල්ලාහ්ගෙන් වූ බලවත් දඬුවම ගැන ඔහු ඔවුනට බිය ගන්වනු පිණිස හා දැහැමි ක්රියාවන් සිදු කරන දේව විශ්වාසීන් හට ඔවුන් සතුටු වන දැයින් කිසිදු තිළිණයකට සමීප කළ නොහැකි යහපත් තිළිණ ඔවුනට ඇති බව දන්වා සිටිනු පිණිසය.
එම තිළිණ මත ඔවුහු සදාකල් වෙසෙති. ඔවුන්ගෙන් එය විසන්ධි කරනු නොලැබේ.
18:4Page 293
وَيُنذِرَ ٱلَّذِينَ قَالُواْ ٱتَّخَذَ ٱللَّهُ وَلَدٗا ٤
And to warn those who say, "Allāh has taken a son."
"අල්ලාහ් දරුවකු ගෙන ඇතැ"යි පවසා සිටින යුදෙව්වන්, කිතුනුවන් හා දේව ආදේශකයන් (එහි බරපතලකම පිළිබඳ) බිය ගන්වනු පිණිසය.
18:5Page 294
مَّا لَهُم بِهِۦ مِنۡ عِلۡمٖ وَلَا لِأٓبَآئِهِمۡۚ كَبُرَتۡ كَلِمَةٗ تَخۡرُجُ مِنۡ أَفۡوَٰهِهِمۡۚ إِن يَقُولُونَ إِلَّا كَذِبٗا ٥
They have no knowledge of it,1 nor had their fathers. Grave is the word that comes out of their mouths; they speak not except a lie.
අල්ලාහ්ට දරුවෙකු ආරෝපණය කොට ඒ ගැන වාද කරමින් බොරු ගොතා පවසන්නන්හට ඒ ගැන කිසිදු දැනුමක් හෝ සාධකයක් හෝ නැත. ඒ සම්බන්ධයෙන් ඔවුන් පිළිපදින ඔවුන්ගේ මුතුන් මිත්තන්හට ද කිසිදු දැනුමක් නැත. කිසිදු අවබෝධයකින් තොර ව ඔවුන්ගේ කටින් පිටවන එම ප්රකාශය බපතල විය. ඔවුන් බොරුවක් මිස වෙනත් කිසිවක් නොපවසති. එයට කිසිදු පදනමක් හෝ ලේකනයක් හෝ නැත.
18:6Page 294
فَلَعَلَّكَ بَٰخِعٞ نَّفۡسَكَ عَلَىٰٓ ءَاثَٰرِهِمۡ إِن لَّمۡ يُؤۡمِنُواْ بِهَٰذَا ٱلۡحَدِيثِ أَسَفًا ٦
Then perhaps you would kill yourself through grief over them, [O Muḥammad], if they do not believe in this message, [and] out of sorrow.
අහෝ දූතය! මෙම කුර්ආනය ඔවුන් විශ්වාස නොකළේ නම් දුකින් හා ශෝකයෙන් නුඹ නුඹවම විනාශ කර ගන්නට බලනු ඇත. එසේ සිදු නොකරනු. ඔවුනට යහ මඟ හිමි කර දීම සඳහා නුඹට කිසිදු වගකීමක් නැත. නුඹේ වගකීම වනුයේ පැහැදිලිව යහමගට ඇරයුම් කිරීම පමණය.
18:7Page 294
إِنَّا جَعَلۡنَا مَا عَلَى ٱلۡأَرۡضِ زِينَةٗ لَّهَا لِنَبۡلُوَهُمۡ أَيُّهُمۡ أَحۡسَنُ عَمَلٗا ٧
Indeed, We have made that which is on the earth adornment for it that We may test them [as to] which of them is best in deed.
මහපොළොව මත ඇති සියලු මැවීම් එයට අලංකරණයක් ලෙස අපි මවා ඇත්තෙමු. එය ඔවුන් අතරින් කවරෙකු අල්ලාහ් තෘප්තිමත් වන අයුරින් වඩාත් දැහැමි ක්රියාවන් සිදු කරන්නේ ද එසේ නැතහොත් වඩාත් නපුරු ක්රියාවන් සිදු කරන්නේ දැයි අපි ඔවුන් පරීක්ෂා කරනු පිණිසය. ඔවුනොවුන්ට ගැළපෙන පරිදි අපි ඔවුනට ප්රතිඵල පිරිනමන්නෙමු.
18:8Page 294
وَإِنَّا لَجَٰعِلُونَ مَا عَلَيۡهَا صَعِيدٗا جُرُزًا ٨
And indeed, We will make that which is upon it [into] a barren ground.
තවද සැබැවින්ම මැවීම් අතරින් මහපොළොව මත ඇති දෑ ශාකවලින් තොර වියලි පස් බවට පත් කරන්නෙමු. එය, ඒ මත තිබෙන මැවීම්වල ආයු කාලය අවසන්වීමෙන් පසුවය. එහෙයින් ඒ ගැන සැලකිලිමත් වෙත්වා!
18:9Page 294
أَمۡ حَسِبۡتَ أَنَّ أَصۡحَٰبَ ٱلۡكَهۡفِ وَٱلرَّقِيمِ كَانُواْ مِنۡ ءَايَٰتِنَا عَجَبًا ٩
Or have you thought that the companions of the cave and the inscription were, among Our signs, a wonder?1
අහෝ දූතය! ‘අස්හාබුල් කහ්ෆ්’ නොහොත් ලෙන් වැසියන් හා ඔවුන්ගේ නම් කොටා ඇති ඔවුන්ගේ පුවරුව අපගේ පුදුමාකාර ප්රාතිහාර්යයන් ලෙස නොසිතනු. අහස් හා මහපොළොව මැවීම මෙන් ඊටත් වඩා මවිතයට පත් කරවන ප්රාතිහාර්යයන් ඇත.
18:10Page 294
إِذۡ أَوَى ٱلۡفِتۡيَةُ إِلَى ٱلۡكَهۡفِ فَقَالُواْ رَبَّنَآ ءَاتِنَا مِن لَّدُنكَ رَحۡمَةٗ وَهَيِّئۡ لَنَا مِنۡ أَمۡرِنَا رَشَدٗا ١٠
[Mention] when the youths retreated to the cave and said, "Our Lord, grant us from Yourself mercy and prepare for us from our affair right guidance."
අහෝ දූතය! තම දහම ආරක්ෂා කර ගනිමින් දේවත්වය විශ්වාස කළ තරුණ පිරිසක් පලාගොස් ලෙන තුළ රිංගා ගත් අවස්ථාව මෙනෙහි කර බලනු. එවිට ඔවුන්ගේ පරමාධිපතිට ඔවුන් ප්රාර්ථනා කරමින්, "අපගේ පරමාධිපතියාණනි! අපගේ පාපයන්ට සමාව දෙමින්, අපගේ සතුරන්ගෙන් අපව මුදවා ගනිමින්, නුඹ වෙතින් කරුණා දයාව අපහට පිරිනමනු මැනව! දේවත්වය ප්රතික්ෂේප කරන්නන් හා ඔවුන්ගේ විශ්වාසයෙන් අපි නික්ම ආවෙමු. එය සත්යය හා නිවැරදි මග පෙන්වා දෙන්නක් බවට පත් කරනු මැනව."යැයි ප්රාර්ථනා කළෝය.
18:11Page 294
فَضَرَبۡنَا عَلَىٰٓ ءَاذَانِهِمۡ فِي ٱلۡكَهۡفِ سِنِينَ عَدَدٗا ١١
So We cast [a cover of sleep] over their ears within the cave for a number of years.
ඔවුන්ගේ ගමනින් හා ඔවුන් ගුහාවට රිංගා ගත් පසු හඬවල් ඇසිය නොහැකි පරිදි ආවරණයක් ඔවුන්ගේ කන් මත තැබුවෙමු. වසර ගණනාවක් ඔවුන් මත නින්ද අපි හෙළුවෙමු.
18:12Page 294
ثُمَّ بَعَثۡنَٰهُمۡ لِنَعۡلَمَ أَيُّ ٱلۡحِزۡبَيۡنِ أَحۡصَىٰ لِمَا لَبِثُوٓاْ أَمَدٗا ١٢
Then We awakened them that We might show which of the two factions was most precise in calculating what [extent] they had remained in time.
ඔවුන්ගේ දිගු නින්දෙන් පසු ව ගුහාවේ ඔවුන් රැඳී සිටි කාල ප්රමාණය ගැන වඩාත් මැනවින් දන්නේ ඒ ගැන මතභේද ඇති කරගත් කණ්ඩායම් දෙකින් කවර කණ්ඩායමක් දැයි මතු පිටින් දැනගනු පිණිස ඔවුන්ගේ දිගු නින්දට පසු ව අපි ඔවුන් අවදි කළෙමු.
18:13Page 294
نَّحۡنُ نَقُصُّ عَلَيۡكَ نَبَأَهُم بِٱلۡحَقِّۚ إِنَّهُمۡ فِتۡيَةٌ ءَامَنُواْ بِرَبِّهِمۡ وَزِدۡنَٰهُمۡ هُدٗى ١٣
It is We who relate to you, [O Muḥammad], their story in truth. Indeed, they were youths who believed in their Lord, and We increased them in guidance.
කිසිදු සැකයකින් තොර ව ඔවුන්ගේ සත්ය තොරතුරු දෙස බලන්නට අපි නුඹව යොමු කරන්නෙමු. සැබැවින්ම ඔවුන් ඔවුන්ගේ පරමාධිපති විශ්වාස කොට ඔහුට යටත්ව ක්රියා කළ තරුණ පිරිසකි. සත්ය මත වූ ස්ථාවරත්වයත් මග පෙන්වීමත් අපි ඔවුනට අධික කළෙමු.
18:14Page 294
وَرَبَطۡنَا عَلَىٰ قُلُوبِهِمۡ إِذۡ قَامُواْ فَقَالُواْ رَبُّنَا رَبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ لَن نَّدۡعُوَاْ مِن دُونِهِۦٓ إِلَٰهٗاۖ لَّقَدۡ قُلۡنَآ إِذٗا شَطَطًا ١٤
And We bound [i.e., made firm] their hearts when they stood up and said, "Our Lord is the Lord of the heavens and the earth. Never will we invoke besides Him any deity. We would have certainly spoken, then, an excessive transgression.
"අප විශ්වාස කරන අප ගැතිකම් කරන අපගේ පරමාධිපතියාණන් අහස්හි පරමාධිපතිය. මහපොළොවේ පරමාධිපතිය. ඔහු හැර පහත් ව්යාජ දෙවිවරුන් අපි කිසිවිටෙක නොනමදින්නෙමු. ඔහු හැර වෙනත් කෙනෙකු අපි නමදින්නේ නම් සත්යයෙන් දුරස් වූ පාපී ප්රකාශයක් අපි සිදු කර ඇත්තෙමු" යැයි ඔවුන් රජු ඉදිරියේ අල්ලාහ් කෙරෙහි තබා ඇති ඒකීය විශ්වාසය දන්වා සිටිමින් ඔවුන් එම දේශයෙන් නික්ම යන මොහොතේ, ඔවුන් මත ඉවසීම හා දේව විශ්වාසය හා ඒ මත වූ ස්ථාවර්තවය තුළින් අපි ඔවුන්ගේ හදවත් බලවත් කළෙමු.
18:15Page 294
هَٰٓؤُلَآءِ قَوۡمُنَا ٱتَّخَذُواْ مِن دُونِهِۦٓ ءَالِهَةٗۖ لَّوۡلَا يَأۡتُونَ عَلَيۡهِم بِسُلۡطَٰنِۭ بَيِّنٖۖ فَمَنۡ أَظۡلَمُ مِمَّنِ ٱفۡتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبٗا ١٥
These, our people, have taken besides Him deities. Why do they not bring for [worship of] them a clear evidence? And who is more unjust than one who invents about Allāh a lie?"
පසු ව ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකු දෙස හැරී බලා, "අපගේ මෙම ජනයා අල්ලාහ් හැර නැමදුමට ලක්වන වෙනත් දෑ නමදින්නට ගෙන ඇත. ඒවාට නැමදුම් කිරීම සඳහා පැහැදිලි සාධකයක් ඔවුන් සතුව නැත. අල්ලාහ් වෙත හවුල්කරුවන් ආරෝපණය කරමින් අල්ලාහ් මත බොරු ගොතා පවසන්නාට වඩා වෙනත් අපරාධකරුවකු නැත." යැයි කීහ.
18:16Page 295
وَإِذِ ٱعۡتَزَلۡتُمُوهُمۡ وَمَا يَعۡبُدُونَ إِلَّا ٱللَّهَ فَأۡوُۥٓاْ إِلَى ٱلۡكَهۡفِ يَنشُرۡ لَكُمۡ رَبُّكُم مِّن رَّحۡمَتِهِۦ وَيُهَيِّئۡ لَكُم مِّنۡ أَمۡرِكُم مِّرۡفَقٗا ١٦
[The youths said to one another], "And when you have withdrawn from them and that which they worship other than Allāh, retreat to the cave. Your Lord will spread out for you of His mercy and will prepare for you from your affair facility."
නුඹලාගේ ජනයාගෙන් නුඹලා ඉවත් ව, ඔවුන් නමදිමින් සිටි දෑ අතහැර, අල්ලාහ්ට පමණක් මිස වෙනත් කිසිවකුට නැමදුම් නොකොට, නුඹලාගේ දහමට අගතියක් වීම හේතුවෙන් පළා ගොස් ලෙන තුළට නුඹලා රිංගා ගත් අවස්ථාවේ නුඹලාගේ පරමාධිපති ඔහුගේ දයාව පතුරුවා නුඹලාගේ සතුරන්ගෙන් නුඹලාව ආරක්ෂා කළේය. නුඹලාගේ විෂයය සම්බන්ධයෙන් ඔහු, එම ජනයා අතර නුඹලා ජීවත් වීමෙන් දුරස් කොට ඒ වෙනුවට නුඹලාට ප්රයෝජනය ලබන දෑ වෙනස් කොට ඔහු නුඹලාට පහසු කළේය.
18:17Page 295
۞ وَتَرَى ٱلشَّمۡسَ إِذَا طَلَعَت تَّزَٰوَرُ عَن كَهۡفِهِمۡ ذَاتَ ٱلۡيَمِينِ وَإِذَا غَرَبَت تَّقۡرِضُهُمۡ ذَاتَ ٱلشِّمَالِ وَهُمۡ فِي فَجۡوَةٖ مِّنۡهُۚ ذَٰلِكَ مِنۡ ءَايَٰتِ ٱللَّهِۗ مَن يَهۡدِ ٱللَّهُ فَهُوَ ٱلۡمُهۡتَدِۖ وَمَن يُضۡلِلۡ فَلَن تَجِدَ لَهُۥ وَلِيّٗا مُّرۡشِدٗا ١٧
And [had you been present], you would see the sun when it rose, inclining away from their cave on the right, and when it set, passing away from them on the left, while they were [lying] within an open space thereof. That was from the signs of Allāh. He whom Allāh guides is the [rightly] guided, but he whom He sends astray - never will you find for him a protecting guide.
නුඹලාට කවර කරුණක් නියෝග කරනු ලැබුවේ ද එය පිළිපදිනු. අල්ලාහ් ඔවුන්හට නින්ද ඇති කළේය. ඔවුන්ගේ සතුරන්ගෙන් ඔහු ඔවුන් ආරක්ෂා කළේය. ඔවුන් ව දකින්නනි! හිරු නැගෙනහිරෙන් උදා වූ විට එය ඔවුන්ගේ ලෙනින් එහි දකුණුපස පිවිසුම් දෙසට නැඹුරු වෙයි. එය බටහිරින් අවරට යන විට වම්පස දිශාවට එයින් වෙනස්ව පවතියි. එවිට ඔවුනට එය අත්වන්නේ නැත. එහෙයින් ඔවුන් නිරන්තරයෙන්ම හෙවණෙහි පසුවූහ. හිරුගේ රෂ්ණය ඔවුනට බලපෑමක් ඇති කළේ නැත. ඔවුන් ලෙනෙහි සුව පහසුවෙන් කල් ගත කළහ. ඔවුනට අවශ්ය වූ විට සුළඟ හැමීය. ඔවුන් සිටි ස්ථානයේ සිට ලෙන වෙත පිවිසීම, ඔවුන් මත නින්ද ඇති කිරීම, හිරු ඔවුන්ගෙන් හැරවීම, ඔවුන්ගේ ස්ථානය සුවපහසුකම් සහිත වීම සහ ඔවුන්ගේ ජනයාගෙන් ඔවුන් මුදවා ගනු ලැබීම යනාදී මෙම ප්රාතිහාර්යයම කරුණු අල්ලාහ්ගේ ක්රියාදාමය ඔහුගේ බලය පෙන්වා දෙන්නකි. අල්ලාහ් කවරෙකුට යහමග වෙත ආශිර්වාද කරන්නේ ද සැබෑ ලෙසින්ම ඔහු මඟ ලැබූවකි. කවරෙකු ඔහු එයින් පහත හෙළා නොමග යන්නට ඉඩ හරින්නේද ඔහුට යහමග ආශිර්වාද කොට ඒ වෙත මග පෙන්වන කිසිදු උදව් කරුවකු ඔහු නොලබන්නේමය. සැබැවින්ම ඊට හේතුව යහමග අල්ලාහ්ගේ අතෙහි ඇත්තකි. ඔහු අතෙහි නැති බැවිණි.
18:18Page 295
وَتَحۡسَبُهُمۡ أَيۡقَاظٗا وَهُمۡ رُقُودٞۚ وَنُقَلِّبُهُمۡ ذَاتَ ٱلۡيَمِينِ وَذَاتَ ٱلشِّمَالِۖ وَكَلۡبُهُم بَٰسِطٞ ذِرَاعَيۡهِ بِٱلۡوَصِيدِۚ لَوِ ٱطَّلَعۡتَ عَلَيۡهِمۡ لَوَلَّيۡتَ مِنۡهُمۡ فِرَارٗا وَلَمُلِئۡتَ مِنۡهُمۡ رُعۡبٗا ١٨
And you would think them awake, while they were asleep. And We turned them to the right and to the left, while their dog stretched his forelegs at the entrance. If you had looked at them, you would have turned from them in flight and been filled by them with terror.
ඔවුන් දෙස අධීක්ෂණයෙන් බලන්නනි! සැබැවින්ම ඔවුන් නින්දෙන් පසුවුව ද ඔවුන්ගේ දෑස් විවෘත ව ඇති බැවින් ඔවුන් අවදිව සිටින්නන් ලෙස ඔබ සිතනු ඇත. ඔවුන්ගේ ශරීර මහපොළොව කා නොදමන පරිදි ඔවුන්ගේ නින්දෙහි විටෙක දකුණු දෙසටත් විටෙක වම් දෙසටත් අපි ඔවුන් හැරෙව්වෙමු. ලෙන පිවිසුමෙහි ඔවුන්ගේ සුනඛයා ද උගේ ඉදිරිපස පාද දිගු කරමින් සිටියේය. නුඹ ඔවුන් දෙස එඹී බලා දෑසින් දුටුවේ නම් ඔවුන් ගැන ඇති බියෙන් ඔවුන්ගෙන් නුඹ පළා යනු ඇත. ඔවුන් ගැන ත්රාසයක් නුඹේ සිත් තුළ පිරෙනු ඇත.
18:19Page 295
وَكَذَٰلِكَ بَعَثۡنَٰهُمۡ لِيَتَسَآءَلُواْ بَيۡنَهُمۡۚ قَالَ قَآئِلٞ مِّنۡهُمۡ كَمۡ لَبِثۡتُمۡۖ قَالُواْ لَبِثۡنَا يَوۡمًا أَوۡ بَعۡضَ يَوۡمٖۚ قَالُواْ رَبُّكُمۡ أَعۡلَمُ بِمَا لَبِثۡتُمۡ فَٱبۡعَثُوٓاْ أَحَدَكُم بِوَرِقِكُمۡ هَٰذِهِۦٓ إِلَى ٱلۡمَدِينَةِ فَلۡيَنظُرۡ أَيُّهَآ أَزۡكَىٰ طَعَامٗا فَلۡيَأۡتِكُم بِرِزۡقٖ مِّنۡهُ وَلۡيَتَلَطَّفۡ وَلَا يُشۡعِرَنَّ بِكُمۡ أَحَدًا ١٩
And similarly,1 We awakened them that they might question one another. Said a speaker from among them, "How long have you remained [here]?" They said, "We have remained a day or part of a day." They said, "Your Lord is most knowing of how long you remained. So send one of you with this silver coin of yours to the city and let him look to which is the best of food and bring you provision from it and let him be cautious. And let no one be aware of you.
අප සඳහන් කළ පරිදි අපගේ බලයේ අරුමයෙන් අප ඔවුනට එසේ සිදු කළාක් මෙන්ම දිගු කලකට පසු ව තමන් නින්දට වැටුණු කාලය ඔවුන්ගෙන් ඇතමෙක් ඇතැමෙකුගෙන් විමසා සිටින පරිදි අපි ඔවුන් අවදි කළෙමු. ඔවුන්ගෙන් ඇතැමෙකු පිළිතුරු දෙමින් "දිනක් හෝ දින භාගයක් අපි නින්දට වැටුණෙමු" යැයි පැවසීය. තමන් නින්දට වැටී සිටි කාලය පිළිබද පැහැදිලිතාවක් නොමැති තවත් ඇතැමෙකු මෙසේ පැවසීය. "නුඹලා නින්දෙන් රැඳී සිටි කාලය මැනවින් දන්නේ නුඹලාගේ පරමාධිපතිය. ඒ පිළිබඳ දැනුම ඔහු වෙත යොමු කරනු. නුඹලාට අවශ්යවන දෑහි නුඹලා නිරත වනු. රිදී කාසි කිහිපයක් සමග නුඹලාගේ සුපුරුදු නගරයට නුඹලා අතරින් කෙනෙකු යවා වඩාත් නැවුම් ආහාර හා වඩාත් හොඳින් උපයන කෙනෙකු සොයා බලනු. ඔහුගෙන් ආහාර ලබා නුඹලා වෙත ඔහු ගෙන ආ යුතුය. ඇති විය හැකි මහත් හානිය හේතුවෙන් ඔහු වෙත පිවිසීමේදීත් පිටත් වීමේදීත් ගනුදෙනු කිරීමේදී ප්රවේශම් විය යුතුය. උපායශීලී විය යුතුය. නුඹලාගේ ස්ථානය දැන ගන්නට කිසිවකුට ඉඩ නොහැරිය යුතුය.
18:20Page 295
إِنَّهُمۡ إِن يَظۡهَرُواْ عَلَيۡكُمۡ يَرۡجُمُوكُمۡ أَوۡ يُعِيدُوكُمۡ فِي مِلَّتِهِمۡ وَلَن تُفۡلِحُوٓاْ إِذًا أَبَدٗا ٢٠
Indeed, if they come to know of you, they will stone you or return you to their religion. And never would you succeed, then - ever."
සැබැවින්ම නුඹලාගේ ජනයා නුඹලා දෙස බලා නුඹලාගේ ස්ථානය හඳුනා ගත්තේ නම් නුඹලාට ගල් ගසා මරා දමනු ඇත. එසේ නැතහොත් අල්ලාහ් නුඹලාට සත්ය දහම වෙත මග පෙන්වීමට පෙර නුඹලා කවර විකෘති පිළිවෙතක සිටියේ ද ඒ වෙත ඔවුන් නුඹලාව නැවත හරවනු ඇත. එසේ නුඹලා ඒ වෙත හැරී ගියේ නම්, මෙලොව ජීවිතයේ මෙන්ම මතුලොව ජීවිතයේ කිසිවිටෙක නුඹලා ජය නොලබනු ඇත. අල්ලාහ් නුඹලාට මග පෙන්වා ඇති සත්ය දහම අතහැර එම විකෘති පිළිවෙත වෙත නුඹලාට නැවත හැරී යාම හේතුවෙන් නුඹලා දෙලොවෙහිම පාඩු විදින්නන් ලෙසින් පරජයට පත් වන්නෙහුය.
18:21Page 296
وَكَذَٰلِكَ أَعۡثَرۡنَا عَلَيۡهِمۡ لِيَعۡلَمُوٓاْ أَنَّ وَعۡدَ ٱللَّهِ حَقّٞ وَأَنَّ ٱلسَّاعَةَ لَا رَيۡبَ فِيهَآ إِذۡ يَتَنَٰزَعُونَ بَيۡنَهُمۡ أَمۡرَهُمۡۖ فَقَالُواْ ٱبۡنُواْ عَلَيۡهِم بُنۡيَٰنٗاۖ رَّبُّهُمۡ أَعۡلَمُ بِهِمۡۚ قَالَ ٱلَّذِينَ غَلَبُواْ عَلَىٰٓ أَمۡرِهِمۡ لَنَتَّخِذَنَّ عَلَيۡهِم مَّسۡجِدٗا ٢١
And similarly, We caused them to be found that they [who found them] would know that the promise of Allāh is truth and that of the Hour there is no doubt. [That was] when they1 disputed among themselves about their affair and [then] said, "Construct over them a structure. Their Lord is most knowing about them." Said those who prevailed in the matter, "We will surely take [for ourselves] over them a masjid."2
ඔවුන් වසර ගණනාවක්ම නිදන්නට යෑමට සලස්වා, පසු ව ඔවුන් අවදි කිරීමෙන් අපගේ ශක්තිය පෙන්වා දෙන අරුම ක්රියා පටිපාටියකින් අපි ඔවුන් සමග කටයුතු කළාක් මෙන්ම එවක විසූ නගරවාසීන් ඔවුන් දෙස අවධානය යොමු කරන්නට ඉඩ සැලසීය. එය සැබැවින්ම දේව විශ්වාසීන්ට උදව් කරන බවට හා ඔවුන් නැවත නැගිටුවනු ලබන බවට දුන් අල්ලාහ්ගේ ප්රතිඥාව සත්යය බවත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින කිසිදු සැකයකින් තොර ව පැමිණෙන බවත් ඔවුන්ගේ එම නගරවාසීන් දැනගනු පිණිසය. ලෙන් වාසීන්ගේ කරුණ හෙළි වී ඔවුන් මිය ගිය කල්හි, ඔවුන් දෙස දුටුවන් ඔවුනට කුමක් කළ යුතු දැයි? මතභේද ඇති කර ගත්තෝය. ඔවුන් අතරින් පිරිසක්: "ඔවුන්ගේ ලෙන් දොරටුව අබියස ඔවුන් ආවරණය වන පරිදි හා ඔවුන් ආරක්ෂාවන පරිදි ගොඩනැගිල්ලක් ඉදි කරනු. ඔවුන්ගේ තත්ත්වය මැනවින් දන්නා අල්ලාහ්ය සැබැවින්ම ඔවුන්ගේ තත්ත්වය ඔහු වෙතින් ඔවුනට අත්වූ සුවිශේෂී සිදුවීමකි." යැයි පැවසූහ. කිසිදු දැනුමක් හෝ නිවැරදි පැතුමක් හෝ නැති ධනය ඇත්තන් "ඔවුනට ගරු කිරීමක් වශයෙන් හා ඔවුන්ගේ ස්ථානය අනුස්මරණ කිරීමක් වශයෙන් නැමදුම සඳහා මස්ජිදයක් ඉදි කර ගනිමු" යැයි පැවසූහ.
18:22Page 296
سَيَقُولُونَ ثَلَٰثَةٞ رَّابِعُهُمۡ كَلۡبُهُمۡ وَيَقُولُونَ خَمۡسَةٞ سَادِسُهُمۡ كَلۡبُهُمۡ رَجۡمَۢا بِٱلۡغَيۡبِۖ وَيَقُولُونَ سَبۡعَةٞ وَثَامِنُهُمۡ كَلۡبُهُمۡۚ قُل رَّبِّيٓ أَعۡلَمُ بِعِدَّتِهِم مَّا يَعۡلَمُهُمۡ إِلَّا قَلِيلٞۗ فَلَا تُمَارِ فِيهِمۡ إِلَّا مِرَآءٗ ظَٰهِرٗا وَلَا تَسۡتَفۡتِ فِيهِم مِّنۡهُمۡ أَحَدٗا ٢٢
They [i.e., people] will say there were three, the fourth of them being their dog; and they will say there were five, the sixth of them being their dog - guessing at the unseen; and they will say there were seven, and the eighth of them was their dog. Say, [O Muḥammad], "My Lord is most knowing of their number. None knows them except a few. So do not argue about them except with an obvious argument1 and do not inquire about them among [the speculators] from anyone."
ඔවුන්ගේ කතා වස්තුව අධ්යයනය කළ ඇතැමුන් ඔවුන්ගේ සංඛයාව ගැන මෙසේ පවසා සිටියහ. "ඔවුන් තිදෙනෙකි. ඔවුන්ගේ සිව්වැන්නා ඔවුන්ගේ සුනඛයාය." තවත් ඇතැමෙකු, "පස් දෙනෙකි. ඔවුන්ගේ සය වැන්නා ඔවුන්ගේ සුනඛයාය" යැයි පවසති. මෙම පිරිස් දෙකම එසේ පවසා සිටිනුයේ කිසිදු සාධකයකින් තොර ව ඔවුන්ගේ අනුමානයන් අනුගමනය කරමිනි. තවත් ඇතැමෙකු, "ඔවුන් සත් දෙනෙකි. ඔවුන්ගේ අට වැන්නා ඔවුන්ගේ සුනඛයාය" යැයි පවසති. අහෝ දූතය! නුඹ ඔවුනට මෙසේ පවසනු. ඔවුන්ගේ සංඛ්යාව ගැන මැනවින් දන්නා අල්ලාහ්ය. ඔවුන්ගේ සංඛ්යාව ගැන අල්ලාහ් දිව්ය පණිවිඩ තුළින් දැනුම්වත් කළ අය අතරින් සුළු පිරිසකට මිස වෙනත් අය නොදනිති. ඔවුන්ගේ කරුණ සම්බන්ධයෙන් අපි නුඹ වෙත දන්වා සිටි දෑ මත පමණක් සීමාවෙමින් ගැඹුරට නොගොස් මතු පිටින් කරන වාදයකින් මිස ඔවුන්ගේ සංඛ්යාව ගැන හා ඔවුන්ගේ අනෙකුත් තත්ත්වයන් ගැන ආගම් ලත් ජනයා සමග වාද නොකරනු. ඔවුන් ගැන කරුණු විස්තර කරන මෙන් ඔවුන් කිසිවකුගෙන් ඉල්ලා නොසිටිනු. සැබැවින් ඔවුහු ඒ ගැන නොදනිති.
18:23Page 296
وَلَا تَقُولَنَّ لِشَاْيۡءٍ إِنِّي فَاعِلٞ ذَٰلِكَ غَدًا ٢٣
And never say of anything, "Indeed, I will do that tomorrow,"
අහෝ නබිවරය! හෙට දින සිදු කරන්නට අපේක්ෂා කරන යමකට, "සැබැවින්ම හෙට දින මම මෙය කරමි" යැයි නුඹ නොපවසනු. ඊට හේතුව එය හෙට දින ඔබ සිදු කරනු ඇත් දැයි හෝ එය හා ඔබ අතර බාධකයක් ඇතිවේ දැයි හෝ ඔබ නොදන්නා බැවිනි. එය සෑම මුස්ලිම්වරුයකුටම අනිවාර්යය දෙයකි.
18:24Page 296
إِلَّآ أَن يَشَآءَ ٱللَّهُۚ وَٱذۡكُر رَّبَّكَ إِذَا نَسِيتَ وَقُلۡ عَسَىٰٓ أَن يَهۡدِيَنِ رَبِّي لِأَقۡرَبَ مِنۡ هَٰذَا رَشَدٗا ٢٤
Except [when adding], "If Allāh wills." And remember your Lord when you forget [it] and say, "Perhaps my Lord will guide me to what is nearer than this to right conduct."
‘ඉන්ෂා අල්ලාහ් - අල්ලාහ් අභිමත කළේ නම්- මම එය හෙට සිදු කරමි’ යනුවෙන් අල්ලාහ්ගේ අභිමතය හා සම්බන්ධකොට පවසනවාක් මිස. "ඉන්ෂා අල්ලාහ්" යැයි නුඹ පවසමින් නුඹේ පරමාධිපතිව මෙනෙහි කරනු. නුඹට එය පැවසීමට අමතක වී නම් "මගපෙන්වීමක් වශයෙන් හා ආශිර්වාදයක් වශයෙන් මාගේ පරමාධිපති මෙම කටයුත්ත ඉතා ඉක්මණින් සිදු කරන්නට මට මග පෙන්වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි" යැයි පවසනු.
18:25Page 296
وَلَبِثُواْ فِي كَهۡفِهِمۡ ثَلَٰثَ مِاْئَةٖ سِنِينَ وَٱزۡدَادُواْ تِسۡعٗا ٢٥
And they remained in their cave for three hundred years and exceeded by nine.1
ලෙන්වාසීහු ඔවුන්ගේ ලෙනෙහි වසර තුන්සිය නවයක් රැඳී සිටියහ.
18:26Page 296
قُلِ ٱللَّهُ أَعۡلَمُ بِمَا لَبِثُواْۖ لَهُۥ غَيۡبُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ أَبۡصِرۡ بِهِۦ وَأَسۡمِعۡۚ مَا لَهُم مِّن دُونِهِۦ مِن وَلِيّٖ وَلَا يُشۡرِكُ فِي حُكۡمِهِۦٓ أَحَدٗا ٢٦
Say, "Allāh is most knowing of how long they remained. He has [knowledge of] the unseen [aspects] of the heavens and the earth. How Seeing is He and how Hearing! They have not besides Him any protector, and He shares not His legislation with anyone."
ඔවුන්ගේ ලෙනෙහි ඔවුන් රැඳී සිටි කාලය මැනවින් දන්නා අල්ලාහ්ය. එහි ඔවුන් රැඳී සිටි කාලය පිළිබඳ තොරතුරු අපි දන්වා ඇත්තෙමු. ශුද්ධවන්තයාණන්ගේ ප්රකාශයෙන් පසුව වෙනත් ප්රකාශයක් නැත. මැවීමෙන් හා දැනුමෙන් අහස්හි සැඟවුණු දෑ ද, මහපොළොවේ සැඟවුණු දෑ ද සතු වන්නේ ඔහුටමය. ඒ කිසිවක් ඔහුව දැක නැත. නමුත් ඔහු ඒ සියල්ල දෙස නිරීක්ෂණය කරමින් සිටියි. ඒ කිසිවක් ඔහුට සවන් දෙන්නේ නැත. නමුත් ඔහු සියලු දෑට සවන් දෙන්නාය. ඔවුන්ගේ කටයුතු භාර කරන්නට ඔහු හැර වෙනත් භාරකරුවකු ඔවුනට නැත. ඔහුගේ ප්රඥාවේ කිසිවකු හවුල් නොවනු ඇත. ප්රඥාවෙන් ඔහු පමණක් ඛේවලය.
18:27Page 296
وَٱتۡلُ مَآ أُوحِيَ إِلَيۡكَ مِن كِتَابِ رَبِّكَۖ لَا مُبَدِّلَ لِكَلِمَٰتِهِۦ وَلَن تَجِدَ مِن دُونِهِۦ مُلۡتَحَدٗا ٢٧
And recite, [O Muḥammad], what has been revealed to you of the Book of your Lord. There is no changer of His words, and never will you find in other than Him a refuge.
අහෝ දූතය! අල් කුර්ආනයෙන් අපි නුඹ වෙත දන්වා සිටි දේව පණිවිඩ අනුව නුඹ කටයුතු කරනු. එම දේව වදන් වෙනස් කරන්නෙකු නැත. සැබැවින්ම ඒ සියලු දෑ සැබෑය. යුක්ති සහගතය. ඔහු වෙත හැර සරණ පැතීමට වෙනත් සරණක් නැත. ඔහුගෙන් මිස ආරක්ෂාව පැතීමට වෙනත් ආරක්ෂක ස්ථානයක් නැත.
18:28Page 297
وَٱصۡبِرۡ نَفۡسَكَ مَعَ ٱلَّذِينَ يَدۡعُونَ رَبَّهُم بِٱلۡغَدَوٰةِ وَٱلۡعَشِيِّ يُرِيدُونَ وَجۡهَهُۥۖ وَلَا تَعۡدُ عَيۡنَاكَ عَنۡهُمۡ تُرِيدُ زِينَةَ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۖ وَلَا تُطِعۡ مَنۡ أَغۡفَلۡنَا قَلۡبَهُۥ عَن ذِكۡرِنَا وَٱتَّبَعَ هَوَىٰهُ وَكَانَ أَمۡرُهُۥ فُرُطٗا ٢٨
And keep yourself patient [by being] with those who call upon their Lord in the morning and the evening, seeking His face [i.e., acceptance]. And let not your eyes pass beyond them, desiring adornments of the worldly life, and do not obey one whose heart We have made heedless of Our remembrance and who follows his desire and whose affair is ever [in] neglect.1
ප්රාර්ථනාවෙන් හා නැමදුමෙන් ඔවුන්ගේ පරමාධිපතිට ඇරයුම් කරමින් සිටින අය සමග නුඹ යහපත් සම්බන්ධතාවක් පවත්වා ගනු. දහවල් ආරම්භයේ හා එහි අවසානයේ අවංකව ඔවුන් ඔහුගෙන් ඉල්ලා සිටී. පොහොසත් හා ප්රභූවරුන්ගේ සභාවක් දැක නුඹගේ දෑස් ඔවුන්ගෙන් ඉවතට නොගනු. එම සභාවන් අවසානයේ තම හදවත් අප ව මෙනෙහි කිරීමට අමතක කර දමා, නුඹේ සභාවෙන් දිළිඳු ජනයා ඉවත් කරන මෙන් නුඹට අණ කරන, තම පරමාධිපතිට අවනතවන කටයුතුවලදී තමන්ගේ ආශාවන් අනුගමනය කරමින් කටයුතු ඉදිරිපත් කරන අයට නුඹ අවනත නොවනු. ඔහුගේ ක්රියාවන් නිෂ්ඵලය.
18:29Page 297
وَقُلِ ٱلۡحَقُّ مِن رَّبِّكُمۡۖ فَمَن شَآءَ فَلۡيُؤۡمِن وَمَن شَآءَ فَلۡيَكۡفُرۡۚ إِنَّآ أَعۡتَدۡنَا لِلظَّٰلِمِينَ نَارًا أَحَاطَ بِهِمۡ سُرَادِقُهَاۚ وَإِن يَسۡتَغِيثُواْ يُغَاثُواْ بِمَآءٖ كَٱلۡمُهۡلِ يَشۡوِي ٱلۡوُجُوهَۚ بِئۡسَ ٱلشَّرَابُ وَسَآءَتۡ مُرۡتَفَقًا ٢٩
And say, "The truth is from your Lord, so whoever wills - let him believe; and whoever wills - let him disbelieve." Indeed, We have prepared for the wrongdoers a fire whose walls will surround them. And if they call for relief, they will be relieved with water like murky oil, which scalds [their] faces. Wretched is the drink, and evil is the resting place.
අහෝ දූතය! ඔවුන්ගේ හදවත්හි නොසැලකිලිමත්කම නිසා අල්ලාහ්ව මෙනෙහි කිරීම අතහැර දමන්නන් හට නුඹ මෙසේ පවසනු, "මා කවර දෙයක් සමග නුඹලා වෙත පැමිණියේ ද එය සැබෑවකි. එය මා වෙතින් නොව අල්ලාහ් වෙතිනි. දෙවියන් විශ්වාස කරන්නන් නෙරපා හරින මෙන් නුඹලා කරන ඉල්ලීමට පිළිතුරු දෙන්නෙකු ලෙස මා නැත. එහෙයින් නුඹලා අතරින් මෙම සත්යය විශ්වාස කරන්නට කැමති අය එය විශ්වාස කරත්වා! එහි ප්රතිඵල තුළින් ඔහු ප්රීති වනු ඇත. එමෙන්ම නුඹලා අතරින් එය ප්රතික්ෂේප කරන්නට කැමති අය එය ප්රතික්ෂේප කරත්වා! ඔහු ව බලාපොරොත්තුවෙන් ඇති දඬුවම පැමිණෙනු ඇත. තමන් විසින්ම දේව ප්රතික්ෂේපය තෝරාගත් අපරාධකරුවන්හට පවුරෙන් ඔවුන් වටකරගත් අතිමහත් ගින්නක් අපි සූදානම් කර ඇත්තෙමු. එයින් පළා යන්නට ඔවුහු ශක්තිය නොදරති. පිපාසය හේතුවෙන් ඔවුන් අත් විඳින අසීරුතාවය නිසා ඔවුන් ජලය පතා උදව් ඉල්ලුව ද දැඩි උෂ්ණත්වයෙන් කැළඹුණු තෙල් මෙන් දියරයක් ඔවුන් පොවනු ලබති. දැඩි උෂ්ණත්වය හේතුවෙන් ඔවුන්ගේ මුහුණු පිළිස්සී යයි. ඔවුනට පොවන ලද එම පානය පානයෙන් ඉතා අමිහිරිම පානයයි. එය පිපාසය නොසංසිඳුවන අතර එය තව තවත් වැඩි කරවයි. ඔවුන්ගේ හම් පුළුස්සා දමන ගිනි සිළු නිවී යන්නේ නැත. ඔවුන් ගොඩ බසින නවාතැනින් හා ඔවුන් පදිංචිවන ස්ථානයෙන් නිරය නපුරුම නවාතැනයි.
18:30Page 297
إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ إِنَّا لَا نُضِيعُ أَجۡرَ مَنۡ أَحۡسَنَ عَمَلًا ٣٠
Indeed, those who have believed and done righteous deeds - indeed, We will not allow to be lost the reward of any who did well in deeds.
සැබැවින්ම, අල්ලාහ්ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් කළවුන් වනාහි, ඔවුන්ගේ ක්රියාවන් ඔවුහු යහපත් අයුරින් ඉටු කළෝය. ඔවුනට අතිමහත් තිළිණ ඇත. දැහැමි ලෙස කටයුතු කළවුන්ගේ ප්රතිඵල අපි අපතේ නොයවන්නෙමු. ඔවුන්ගේ ප්රතිඵල කිසිදු අඩුවකින් තොර ව සම්පූර්ණයෙන්ම පිරිනමන්නෙමු.
18:31Page 297
أُوْلَٰٓئِكَ لَهُمۡ جَنَّٰتُ عَدۡنٖ تَجۡرِي مِن تَحۡتِهِمُ ٱلۡأَنۡهَٰرُ يُحَلَّوۡنَ فِيهَا مِنۡ أَسَاوِرَ مِن ذَهَبٖ وَيَلۡبَسُونَ ثِيَابًا خُضۡرٗا مِّن سُندُسٖ وَإِسۡتَبۡرَقٖ مُّتَّكِـِٔينَ فِيهَا عَلَى ٱلۡأَرَآئِكِۚ نِعۡمَ ٱلثَّوَابُ وَحَسُنَتۡ مُرۡتَفَقٗا ٣١
Those will have gardens of perpetual residence; beneath them rivers will flow. They will be adorned therein with bracelets of gold and will wear green garments of fine silk and brocade, reclining therein on adorned couches. Excellent is the reward, and good is the resting place.
දේව විශ්වාසය හා දැහැමි ක්රියාවන් පිළිබඳ ගුණ ගායනා කරනු ලැබූවන්හට ඔවුන් සදා පදිංචි වන ස්වර්ග උයන් ඇත. ඔවුන්ගේ නිවෙස්වලට පහළින් ස්වර්ගයේ මිහිරි ගංගාවන් ගලා යයි. රණින් වූ වළලු වලින් එහි ඔවුන් අලංකාර කරනු ලබති. සියුම් පට හා සේද ඇඳුමින් ඇඳ සැරිසරති. අලංකාර ඇතිරිලිවලින් අලංකරණය කරන ලද ඇඳන් මත හාන්සි වී සිටිති. ඔවුන්ගේ තිළිණ යහපත් විය. ඔහු පදිංචියට යන ස්ථානයෙන් ස්වර්ගය වඩාත් යහපත් නවාතැනක් විය.
18:32Page 297
۞ وَٱضۡرِبۡ لَهُم مَّثَلٗا رَّجُلَيۡنِ جَعَلۡنَا لِأَحَدِهِمَا جَنَّتَيۡنِ مِنۡ أَعۡنَٰبٖ وَحَفَفۡنَٰهُمَا بِنَخۡلٖ وَجَعَلۡنَا بَيۡنَهُمَا زَرۡعٗا ٣٢
And present to them an example of two men: We granted to one of them two gardens of grapevines, and We bordered them with palm trees and placed between them [fields of] crops.
අහෝ දූතය! දේවත්වය ප්රතික්ෂේ කරන්නා හා දේවත්වය විශ්වාස කරන්නා යන මිනිසුන් දෙදෙනාහට උපමා ගෙන හැර දක්වනු. ඔවුන් දෙදෙනා අතරින් දේවත්වය ප්රතික්ෂේප කරන්නාහට වතු දෙකක් උරුම කළෙමු. එම වතු දෙක ඉඳි ගස්වලින් වට කළෙමු. ඒ දෙක අතර පවතින හිඩැස්හි පැලෑටි හට ගැන්වූයෙමු.
18:33Page 297
كِلۡتَا ٱلۡجَنَّتَيۡنِ ءَاتَتۡ أُكُلَهَا وَلَمۡ تَظۡلِم مِّنۡهُ شَيۡـٔٗاۚ وَفَجَّرۡنَا خِلَٰلَهُمَا نَهَرٗا ٣٣
Each of the two gardens produced its fruit and did not fall short thereof in anything. And We caused to gush forth within them a river.
සෑම වත්තකම ඉඳි, මිදි හා පැළෑටිවලින් පලදාව හට ගැනින. ඉන් කිසිවක් අඩු නොවීය. එය පූර්ණ වශයෙන් පලදාව පිරිනැමීය. ඉතා පහසුවෙන් වතු දෙකට වතුර සැපයීම සඳහා ඒ දෙක අතර ගංගාවක් ගලා යන්නට සැලැස්සූවෙමු.
18:34Page 297
وَكَانَ لَهُۥ ثَمَرٞ فَقَالَ لِصَٰحِبِهِۦ وَهُوَ يُحَاوِرُهُۥٓ أَنَا۠ أَكۡثَرُ مِنكَ مَالٗا وَأَعَزُّ نَفَرٗا ٣٤
And he had fruit, so he said to his companion while he was conversing with him, "I am greater than you in wealth and mightier in [numbers of] men."
එම වතු දෙකෙහි හිමිකරුහට වෙනත් ධන සම්පත් ද විය. ඔහුට බලපා ඇති සම්පතට රැවටී ඔහුගේ මිතුරු දේව විශ්වාසියා සමග ඒ ගැන කතා කරමින්, "මම නුඹට වඩා ධනයෙන් අධිකය. නුඹට වඩා අසල්වැසියන්ගෙන් ගෞරවනීයය. පවුලෙන් ඉතා ශක්තිමත්ය" යැයි පැවසීය.
18:35Page 298
وَدَخَلَ جَنَّتَهُۥ وَهُوَ ظَالِمٞ لِّنَفۡسِهِۦ قَالَ مَآ أَظُنُّ أَن تَبِيدَ هَٰذِهِۦٓ أَبَدٗا ٣٥
And he entered his garden while he was unjust to himself.1 He said, "I do not think that this will perish - ever.
අධිමානයෙන් හා දේව ප්රතික්ෂේපයෙන් තමන්ටම අපරාධකරගත් තත්ත්වයේ දේව විශ්වාසියා සමග සම්බන්ධකම් පැවැත්වූ එම දේව ප්රතික්ෂේපකයා, තම වත්ත බැලීම සඳහා ඒ තුළට පිවිසීය. වත්ත දුටු එම දේව ප්රතික්ෂේපකයා, "මේ වත්ත සදාකල් පැවතීම සඳහා ගත යුතු ක්රියා මාර්ග මා ගෙන ඇති බැවින්, ඔබ මේ දකින වත්ත විනාශ වී යනු ඇතැයි මම නොසිතමි"යැයි පැවසීය.
18:36Page 298
وَمَآ أَظُنُّ ٱلسَّاعَةَ قَآئِمَةٗ وَلَئِن رُّدِدتُّ إِلَىٰ رَبِّي لَأَجِدَنَّ خَيۡرٗا مِّنۡهَا مُنقَلَبٗا ٣٦
And I do not think the Hour will occur. And even if I should be brought back to my Lord, I will surely find better than this as a return."
සැබැවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය සිදුවන්නක් බවත්, සැබැවින්ම එය සදාතනික ජීවිතය වන බවත්, එය අනිවාර්යයෙන්ම සිදුවන බවත් මම නොසිතමි. එහෙයින් මා යළි අවදි කරනු ලැබ මාගේ පරමාධිපති වෙත නැවත යොමු කරනු ලැබුව ද, ඔහු වෙත ලබා ගත් මාගේ මෙම වත්තට වඩා උතුම් දෙයක් මම නැවත ලබන්නෙමි. එහෙයින් මෙලොවෙහි මා පොහොසතෙකු ලෙස පත් කර තිබීම යළි අවදි කරනු ලැබුවායින් පසු මා පොහොසතෙකු වීම අනිවාර්යය කරනු ඇත.
18:37Page 298
قَالَ لَهُۥ صَاحِبُهُۥ وَهُوَ يُحَاوِرُهُۥٓ أَكَفَرۡتَ بِٱلَّذِي خَلَقَكَ مِن تُرَابٖ ثُمَّ مِن نُّطۡفَةٖ ثُمَّ سَوَّىٰكَ رَجُلٗا ٣٧
His companion said to him while he was conversing with him, "Have you disbelieved in He who created you from dust and then from a sperm-drop and then proportioned you [as] a man?
ඔහුගේ මිතුරු දේව විශ්වාසියා ඔහු සමග නැවතත් කතා කරමින්" "ඔබේ පියාණන් ආදම් ව මැටියෙන් මවා, පසු ව නුඹ ව ශුක්රාණුවකින් නිර්මාණය කොට, පසු ව නුඹ මිනිසෙකු ලෙස සඳහන් කළ හැකි තත්ත්වයට පත් කොට, නුඹගේ අවයව නිසි අයුරින් සකස් කොට, නුඹව සම්පූර්ණ කළ මැවුම්කරුවාණන්ව නුඹ ප්රතික්ෂේප කරන්නෙහි ද? මේ සියල්ල කළ හැකි ඔහු නුඹ ව යළි අවදි කිරීමේ බලය ඇත්තාය." යනුවෙන් පැවසීය.
Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences