Al-MukhtasarLuqman · 31:1–34

Al-Mukhtasar · Tafsir · in Sinhala

لقمان

Luqman

Luqman · Meccan · 34 ayahs

31:1Page 411

الٓمٓ ١

Alif, Lām, Meem.1

(අලිෆ්, ලාම්, මීම්) සූරා බකරා ආරම්භයේදී මෙවැනි පාඨ පිළිබඳ විස්තර සඳහන් කර ඇත.

31:2Page 411

تِلۡكَ ءَايَٰتُ ٱلۡكِتَٰبِ ٱلۡحَكِيمِ ٢

These are verses of the wise1 Book,

අහෝ දූතය! නුඹ වෙත පහළ කරනු ලැබූ මෙම වදන් ප්රඥාව කතා කරන පුස්තකයේ පාඨ වෙති.

31:3Page 411

هُدٗى وَرَحۡمَةٗ لِّلۡمُحۡسِنِينَ ٣

As guidance and mercy for the doers of good

එමෙන්ම තම පරමාධිපතිගේ යුතුකම් හා ඔහුගේ ගැත්තන්ගේ යුතුකම් ක්රියාවට නංවමින් දැහැමි ක්රියාවන් සිදු කරන දැහැමියන් හට එය මග පෙන්වීමක් හා ආශිර්වාදයකි.

31:4Page 411

ٱلَّذِينَ يُقِيمُونَ ٱلصَّلَوٰةَ وَيُؤۡتُونَ ٱلزَّكَوٰةَ وَهُم بِٱلۡأٓخِرَةِ هُمۡ يُوقِنُونَ ٤

Who establish prayer and give zakāh, and they, of the Hereafter, are certain [in faith].

ඔවුන් වනාහි සලාතය පූර්ණවත් අයුරින් විධිමත්ව ඉටු කරන්නෝ වෙති. ඔවුන්ගේ ධනයෙන් සකාත් පිරිනමති. එමෙන්ම ඔවුහු මතුලොවෙහි සිදුවන යළි අවදි කරනු ලැබීම, විනිශ්චය, කුසල් හා දඬුවම් ගැන තරයේ විශ්වාස කරන්නෝ වෙති.

31:5Page 411

أُوْلَٰٓئِكَ عَلَىٰ هُدٗى مِّن رَّبِّهِمۡۖ وَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡمُفۡلِحُونَ ٥

Those are on [right] guidance from their Lord, and it is those who are the successful.

මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූවෝ ඔවුන්ගේ පරමාධිපතිගේ යහමග මත වෙති. ඔවුන් පතන දෑ හිමි කර ගනිමින් ඔවුන් බිය වූ දැයින් දුරස් වෙමින් ජයග්රහණය ලැබූවෝ ඔවුහු වෙති.

31:6Page 411

وَمِنَ ٱلنَّاسِ مَن يَشۡتَرِي لَهۡوَ ٱلۡحَدِيثِ لِيُضِلَّ عَن سَبِيلِ ٱللَّهِ بِغَيۡرِ عِلۡمٖ وَيَتَّخِذَهَا هُزُوًاۚ أُوْلَٰٓئِكَ لَهُمۡ عَذَابٞ مُّهِينٞ ٦

And of the people is he who buys the amusement of speech1 to mislead [others] from the way of Allāh without knowledge and who takes it [i.e., His way] in ridicule. Those will have a humiliating punishment.

නළ්ර් ඉබ්නු අල් හාරිස් වැනි කිසිදු දැනුමකින් තොර ව අල්ලාහ්ගේ දහමින් ජනයා වෙනතකට යොමු කරනු පිණිස අවදානය වෙනස් කරවන ප්රකාශ තෝරා ගෙන, අල්ලාහ්ගේ වදන් හාස්යයට ගන්නා අය ද ජනයා අතර සිටිති. මෙවන් ගතිගුණවලින් වර්ණනා කරනු ලැබූවන්හට මතුලොවෙහි අවමානය ගෙන දෙන දඬුවමක් ඇත.

31:7Page 411

وَإِذَا تُتۡلَىٰ عَلَيۡهِ ءَايَٰتُنَا وَلَّىٰ مُسۡتَكۡبِرٗا كَأَن لَّمۡ يَسۡمَعۡهَا كَأَنَّ فِيٓ أُذُنَيۡهِ وَقۡرٗاۖ فَبَشِّرۡهُ بِعَذَابٍ أَلِيمٍ ٧

And when Our verses are recited to him, he turns away arrogantly as if he had not heard them, as if there was in his ears deafness. So give him tidings of a painful punishment.

ඔහු වෙත අපගේ වදන් පාරායනය කරනු ලැබූ විට, හඬවල් ඇසීමෙන් ඔහුගේ දෙකන්හි බිහිරිබව ඇත්තාක් සේ එය නොඇසුනාක් මෙන් එයට ඇහුන්කන් දීමට ඔහු උඬගු වී හැරී ගියේය. අහෝ දූතය! ඔහුව බලාපොරොත්තුවෙන් සිටින වේදනීය දඬුවම ගැන ඔබ ඔහුට සුභාරංචි දෙනු.

31:8Page 411

إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ لَهُمۡ جَنَّٰتُ ٱلنَّعِيمِ ٨

Indeed, those who believe and do righteous deeds - for them are the Gardens of Pleasure,

සැබැවින්ම අල්ලාහ් ව විශ්වාස කොට, දැහැමි ක්රියාවන් සිදු කළවුනට සැප පහසුකම් සහිත ස්වර්ග උයන් ඇත. අල්ලාහ් එහි ඔවුනට සූදානම් කර ඇති දෑ අතර ඔවුහු භුක්ති විදිති.

31:9Page 411

خَٰلِدِينَ فِيهَاۖ وَعۡدَ ٱللَّهِ حَقّٗاۚ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ٩

Wherein they abide eternally; [it is] the promise of Allāh [which is] truth. And He is the Exalted in Might, the Wise.

ඔවුහු එහි සදාකල් වෙසෙන්නෝ වෙති. ඒ ගැන අල්ලාහ් ස්ථීර ප්රතිඥාවක් ඔවුනට පොරොන්දු වී ඇත. එහි කිසිදු සැකයක් නැත. සුවිශුද්ධයාණන් වන ඔහු කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්ව බලධාරියාණන්ය. ඔහුගේ මැවීමෙහි, නියම කිරීමෙහි හා දහම් ගත කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය.

31:10Page 411

خَلَقَ ٱلسَّمَٰوَٰتِ بِغَيۡرِ عَمَدٖ تَرَوۡنَهَاۖ وَأَلۡقَىٰ فِي ٱلۡأَرۡضِ رَوَٰسِيَ أَن تَمِيدَ بِكُمۡ وَبَثَّ فِيهَا مِن كُلِّ دَآبَّةٖۚ وَأَنزَلۡنَا مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَنۢبَتۡنَا فِيهَا مِن كُلِّ زَوۡجٖ كَرِيمٍ ١٠

He created the heavens without pillars that you see and has cast into the earth firmly set mountains, lest it should shift with you, and dispersed therein from every creature. And We sent down rain from the sky and made grow therein [plants] of every noble kind.

කුළුණු කිසිවක් නොමැති ව අහස් උසින් පිහිටන සේ උත්තරීතර අල්ලාහ් ඒවා මැව්වේය. නුඹලා කම්පනය නොවන්නට ඔහු මහ පොළොව මත ස්ථාවර කඳු පිහිටෙව්වේය. මහපොළොව මත ජීවී වර්ග විසිරුවා හැරියේය. අහසින් වැසි ජලය පහළ කොට මහපොළොවේ මිනිසුන් හා සිවුපාවුන් ප්රයෝජනයට ගන්නා දැකුම් කළු පැසුණු සෑම වර්ගයක්ම ඔහු හට ගැන්වීය.

31:11Page 411

هَٰذَا خَلۡقُ ٱللَّهِ فَأَرُونِي مَاذَا خَلَقَ ٱلَّذِينَ مِن دُونِهِۦۚ بَلِ ٱلظَّٰلِمُونَ فِي ضَلَٰلٖ مُّبِينٖ ١١

This is the creation of Allāh. So show Me what those other than Him have created. Rather, the wrongdoers are in clear error.

මෙහි සඳහන් කරනු ලැබූ දෑ අල්ලාහ්ගේ මැවීම්ය. අහෝ දේව ආදේශකයිනි! අල්ලාහ් හැර නුඹලා නමදින දෑ මවා ඇත්තේ කුමක් දැ?යි අවධානයෙන් බලනු. එසේ නොව, අපරාධකරුවෝ ඔවුන් ද මවනු ලැබූ තත්ත්වයේ, කිසිවක් මවන්නට නොහැකි දෑ ඔවුන්ගේ පරමාධිපති සමග සමාන කොට සත්යයෙන් පෙරළී පැහැදිළි මුළාවෙහි සිටිති.

31:12Page 412

وَلَقَدۡ ءَاتَيۡنَا لُقۡمَٰنَ ٱلۡحِكۡمَةَ أَنِ ٱشۡكُرۡ لِلَّهِۚ وَمَن يَشۡكُرۡ فَإِنَّمَا يَشۡكُرُ لِنَفۡسِهِۦۖ وَمَن كَفَرَ فَإِنَّ ٱللَّهَ غَنِيٌّ حَمِيدٞ ١٢

And We had certainly given Luqmān wisdom [and said], "Be grateful to Allāh." And whoever is grateful is grateful for [the benefit of] himself. And whoever denies [His favor] - then indeed, Allāh is Free of need and Praiseworthy.

දහම පිළිබඳ අවබෝධය හා කරුණු පිළිබඳ වැටහීම සැබැවින්ම අපි ලුක්මාන්ට පිරිනැමුවෙමු. ඔහුට අපි මෙසේ ප්රකාශ කළෙමු. "අහෝ ලුක්මාන් කවර ආශිර්වාදයක් ඔහු නුඹට පිරිනමා ඇත්තේ ද එයට අවනත වනු පිණිස නුඹ නුඹේ පරමාධිපතිට කෘතඥ වනු. කවරෙකු තම පරමාධිපතිට කෘතඥ වන්නේ ද සැබැවින්ම එම කෘතඥතාවයේ ප්රතිඵල ඔහු වෙත නැවත හැරී එනු ඇත. ඔහුට කෘතඥතාව පුද කරනු ලැබීමේ කිසිදු අවශ්යතාවක් ඔහුට නැත. එමෙන්ම කවරෙකු අල්ලාහ්ගේ ආශිර්වාදයන් හෙළා දැක එමගින් සුවිශුද්ධයාණන්ව ප්රතික්ෂේප කළේ ද ඔහු කළ ප්රතික්ෂේපයේ විපාකය ඔහුට එරෙහිවම පිහිටනු ඇත. එමගින් කිසිදු හානියක් අල්ලාහ්ට සිදු වන්නේ නැත. ඔහු ඔහුගේ සියලු මැවීම්වල අවශ්යතාවන්ගෙන් තොරය. සෑම තත්ත්වයකම ඔහු ප්රශංසාලාභීය.

31:13Page 412

وَإِذۡ قَالَ لُقۡمَٰنُ لِٱبۡنِهِۦ وَهُوَ يَعِظُهُۥ يَٰبُنَيَّ لَا تُشۡرِكۡ بِٱللَّهِۖ إِنَّ ٱلشِّرۡكَ لَظُلۡمٌ عَظِيمٞ ١٣

And [mention, O Muḥammad], when Luqmān said to his son while he was instructing him, "O my son, do not associate [anything] with Allāh. Indeed, association [with Him] is great injustice."

අහෝ දූතය! ලුක්මාන් තුමා තම පුතණුවන්ට යහපත කිරීමට දිරිගන්වමින් හා අයහපත් දෑ පිළිබඳ අවවාද කරමින් උපදෙස් දුන් අවස්ථාව මෙනෙහි කර බලනු. ඔහු, "මාගේ ආදරණීය පුතණුවනි! අල්ලාහ් සමග වෙනත් අයකු නොනමදිනු. අල්ලාහ් සමග වෙනත් දෑ නමදිනු ලැබීම, නිරා ගින්නට සදාතනිකයකු බවට පත් කරවන මහා පාපයන්ගෙන් තමන්ට කර ගන්නා මහා අපරාධයකි." යැයි පැවසීය.

31:14Page 412

وَوَصَّيۡنَا ٱلۡإِنسَٰنَ بِوَٰلِدَيۡهِ حَمَلَتۡهُ أُمُّهُۥ وَهۡنًا عَلَىٰ وَهۡنٖ وَفِصَٰلُهُۥ فِي عَامَيۡنِ أَنِ ٱشۡكُرۡ لِي وَلِوَٰلِدَيۡكَ إِلَيَّ ٱلۡمَصِيرُ ١٤

And We have enjoined upon man [care] for his parents. His mother carried him, [increasing her] in weakness upon weakness, and his weaning is in two years. Be grateful to Me and to your parents; to Me is the [final] destination.

තම දෙමාපියන්ට අවනත වන මෙන් ද, අල්ලාහ් වෙනුවෙන් පාපයක් සිදු නොවන ක්රියාවන්හි ඔවුන් දෙපළට ඇප උපස්ථාන කරන මෙන් ද අපි මිනිසාට උපදෙස් දුනිමු. ඔහුගේ මව දුෂ්කතරාවකින් පසු දුෂ්කරතාවකට මුහුණ දෙමින් ඇයගේ කුස තුළ ඔහු ව ඉසිළුවාය. වසර දෙකක කාලය තුළ කිරි දී අවසන් කළාය. තවද අපි ඔහුට මෙසේ පැවසුවෙමු. "නුඹ වෙත කවර ආශිර්වාදයක් අල්ලාහ් පිරිනමා ඇත්තේ ද ඒ සඳහා නුඹ ඔහු ට කෘතඥ වනු. පසු ව නුඹව ඇති දැඩි කිරීමෙහි හා නුඹ ව රැකබලාගැනීමෙහි නිරත වූ නුඹේ දෙමව්පියන්ට කෘතඥ වනු. නැවත හැරීම ඇත්තේ මා වෙතය. එවිට ඒ සෑම කෙනෙකු වෙනුවෙන්ම ඔවුනොවුන්ට සුදුසු ප්රතිඵල මම පිරිනමමි."

31:15Page 412

وَإِن جَٰهَدَاكَ عَلَىٰٓ أَن تُشۡرِكَ بِي مَا لَيۡسَ لَكَ بِهِۦ عِلۡمٞ فَلَا تُطِعۡهُمَاۖ وَصَاحِبۡهُمَا فِي ٱلدُّنۡيَا مَعۡرُوفٗاۖ وَٱتَّبِعۡ سَبِيلَ مَنۡ أَنَابَ إِلَيَّۚ ثُمَّ إِلَيَّ مَرۡجِعُكُمۡ فَأُنَبِّئُكُم بِمَا كُنتُمۡ تَعۡمَلُونَ ١٥

But if they endeavor to make you associate with Me that of which you have no knowledge,1 do not obey them but accompany them in [this] world with appropriate kindness and follow the way of those who turn back to Me [in repentance]. Then to Me will be your return, and I will inform you about what you used to do.

ඔවුන් දෙදෙනා විසින් පනවන නීතියක් ලෙස අල්ලාහ් නොවන දෑ ඔහුට ආදේශ කිරීම සඳහා ඔවුන් දෙදෙනා නුඹ මත පටවන්නට උත්සාහ කළේ නම් එහිදී නුඹ ඔවුන් දෙදෙනාට අවනත නොවනු. හේතුව මැවුම්කරුට පිටුපා මැවීම්වලට අවනත විය යුතු නොවන බැවිණි. මෙලොවෙහි නුඹ ඔවුන් දෙදෙනාට ඇප උපස්ථාන කරනු. මව්පිය සම්බන්ධකම් පවත් වනු. උපකාර කරනු. දේව ඒකීයත්වය පිළිගනිමින් හා අවනත වෙමින් මා වෙත යොමු වන්නන්ගේ මාර්ගය පිළිපදිනු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා සියලු දෙනාගේම හැරීම ඇත්තේ මා වෙතය. එවිට මෙලොවෙහි නුඹලා කවර ක්රියාවක් සිදු කරමින් සිටියේ ද ඒ ගැන මම නුඹලාට දැනුම් දෙන්නෙමි. ඒ සඳහා මම නුඹලාට ප්රතිඵල පිරිනමමි.

31:16Page 412

يَٰبُنَيَّ إِنَّهَآ إِن تَكُ مِثۡقَالَ حَبَّةٖ مِّنۡ خَرۡدَلٖ فَتَكُن فِي صَخۡرَةٍ أَوۡ فِي ٱلسَّمَٰوَٰتِ أَوۡ فِي ٱلۡأَرۡضِ يَأۡتِ بِهَا ٱللَّهُۚ إِنَّ ٱللَّهَ لَطِيفٌ خَبِيرٞ ١٦

[And Luqmān said], "O my son, indeed if it [i.e., a wrong] should be the weight of a mustard seed and should be within a rock or [anywhere] in the heavens or in the earth, Allāh will bring it forth. Indeed, Allāh is Subtle1 and Aware.

මාගේ ආදරණීය පුතණුවනි! සැබැවින්ම නපුර හෝ යහකම හෝ වේවා, එය අබ ඇටයක තරම් කුඩාවට තිබුණ ද, එය කිසිවකු විසින් එබී බැලිය නොහැකි කළු ගල් පර්වතයක් තුළ තිබුණ ද, අහස් හි හෝ මහපොළොවේ හෝ කවර ස්ථානයක තිබුණ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සැබැවින්ම අල්ලාහ් එය ගෙන එනු ඇත. ඒ සඳහා ගැත්තාට ඔහු ප්රතිඵල පිරිනමනු ඇත. සැබැවින්ම අල්ලාහ් සියුම් ඥානීය. කරුණුවල සියුම් දෑ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. එම කරුණුවල යථාර්ථයන් හා ඒවායෙහි ස්ථාන පිළිබඳ ඔහු සර්ව ඥානීය.

31:17Page 412

يَٰبُنَيَّ أَقِمِ ٱلصَّلَوٰةَ وَأۡمُرۡ بِٱلۡمَعۡرُوفِ وَٱنۡهَ عَنِ ٱلۡمُنكَرِ وَٱصۡبِرۡ عَلَىٰ مَآ أَصَابَكَۖ إِنَّ ذَٰلِكَ مِنۡ عَزۡمِ ٱلۡأُمُورِ ١٧

O my son, establish prayer, enjoin what is right, forbid what is wrong, and be patient over what befalls you. Indeed, [all] that is of the matters [requiring] resolve.1

"මාගේ ආදරණීය පුතණුවනි! සලාතය පූර්ණ ලෙස විධිමත් ව ඉටු කරනු. යහපත නියෝග කරනු. අයහපතින් වළක්වනු. එහිදී නුඹට අත්වන පිළිකුල් සහගත දෑ ඉවසා දරා ගනු. සැබැවින්ම මේවා අතරින් නුඹට අණ කරනු ලැබූ දෑ වනාහි ඒවා නුඹ ඉටු කිරීම සඳහා අල්ලාහ් නුඹ මත ස්ථීර කළ දෑ වෙයි. එහි නුඹට තෝරා ගැනීමේ නිදහසක් නැත.

31:18Page 412

وَلَا تُصَعِّرۡ خَدَّكَ لِلنَّاسِ وَلَا تَمۡشِ فِي ٱلۡأَرۡضِ مَرَحًاۖ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ كُلَّ مُخۡتَالٖ فَخُورٖ ١٨

And do not turn your cheek [in contempt] toward people1 and do not walk through the earth exultantly. Indeed, Allāh does not like everyone self-deluded and boastful.

අහංකාරකමින් නුඹේ මුහුණු මිනිසුන්ගෙන් නොහරවනු. නුඹ ගැන නුඹ ම උදම් අනමින් සතුටින් මහපොළොව මත ගමන් නොකරනු. සැබැවින්ම තම ගමනෙහි උඩඟුකම් පාන, තමන්ට පිරිනැමූ ආශිර්වාදයන් ගැන අහංකාර වී ඒ සඳහා අල්ලාහ්ට කෘතඥ නොවී ආඩම්භරයෙන් ගමන් කරන සෑම කෙනෙකුවම සැබැවින්ම අල්ලාහ් ප්රිය කරන්නේ නැත.

31:19Page 412

وَٱقۡصِدۡ فِي مَشۡيِكَ وَٱغۡضُضۡ مِن صَوۡتِكَۚ إِنَّ أَنكَرَ ٱلۡأَصۡوَٰتِ لَصَوۡتُ ٱلۡحَمِيرِ ١٩

And be moderate in your pace and lower your voice; indeed, the most disagreeable of sounds is the voice of donkeys."

ගමනෙහි අභිමානවත් ලෙස වේගය හා මන්දගාමී අතර මධ්යස්ථභාවය රකිමින් ගමන් ගනු. ඔබේ හඬ පහත් කරනු. හිංසා ඇති වන පරිදි එය උස් නොකරනු. සැබැවින්ම හඬවල් අතරින් වඩාත් කැතම හඬ වනුයේ බූරුවාගේ හඬය. හේතුව එය හඬවල් අතරින් උස් හඬක් වන බැවිණි.

31:20Page 413

أَلَمۡ تَرَوۡاْ أَنَّ ٱللَّهَ سَخَّرَ لَكُم مَّا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِ وَأَسۡبَغَ عَلَيۡكُمۡ نِعَمَهُۥ ظَٰهِرَةٗ وَبَاطِنَةٗۗ وَمِنَ ٱلنَّاسِ مَن يُجَٰدِلُ فِي ٱللَّهِ بِغَيۡرِ عِلۡمٖ وَلَا هُدٗى وَلَا كِتَٰبٖ مُّنِيرٖ ٢٠

Do you not see that Allāh has made subject to you whatever is in the heavens and whatever is in the earth and amply bestowed upon you His favors, [both] apparent and unapparent? But of the people is he who disputes about Allāh without knowledge or guidance or an enlightening Book [from Him].

සැබැවින්ම අල්ලාහ් අහස්හි ඇති හිරු, සඳු හා ග්රහ තාරකා වැනි දැයින් ප්රයෝජනය ලබන්නට ඒවා නුඹලාට වසඟ කර තිබීමත් මහපොළොවේ ඇති සතා, සිව්පාවා, ගහකොළ පැලෑටී වැනි දෑ වසඟ කර තිබීමත් අහෝ ජනයිනි! නුඹලා නොදුටුවෙහු ද? ඒවා ගැන අධීක්ෂණය නොකළෙහු ද? හැඩ අලංකාරය, කඩවසම් ස්වරූපය වැනි දෑස ට විද්යාමාන වන ඔහුගේ බාහිර ආශිර්වාදයන් ඔහු නුඹලාට පූර්ණවත් කළේය. එමෙන්ම බුද්ධිය හා දැනුම වැනි ඔහුගේ අභ්යන්තර ආශිර්වාදයන් ද අලංකාරවත් කළේය. මෙම ආශිර්වාද මෙසේ තිබියදී අල්ලාහ්ගෙන් වූ පණිවිඩ වෙත ළඟා වන්නට කිසිදු දැනුමක් හෝ ආලෝකය ගෙන දෙන බුද්ධියක් හෝ අල්ලාහ්ගෙන් පහළ කරන ලද පැහැදිලි පුස්තකයක් හෝ නොමැති ව ඔහුගේ ඒකීයත්වය පිළිබඳ තර්ක කරන්නන් ද මිනිසුන් අතර සිටිති.

31:21Page 413

وَإِذَا قِيلَ لَهُمُ ٱتَّبِعُواْ مَآ أَنزَلَ ٱللَّهُ قَالُواْ بَلۡ نَتَّبِعُ مَا وَجَدۡنَا عَلَيۡهِ ءَابَآءَنَآۚ أَوَلَوۡ كَانَ ٱلشَّيۡطَٰنُ يَدۡعُوهُمۡ إِلَىٰ عَذَابِ ٱلسَّعِيرِ ٢١

And when it is said to them, "Follow what Allāh has revealed," they say, "Rather, we will follow that upon which we found our fathers." Even if Satan was inviting them to the punishment of the Blaze?

අල්ලාහ්ගේ ඒකීයත්වය පිළිබඳ තර්ක කරන මොවුනට ‘අල්ලාහ් ඔහුගේ දූතයා වෙත පහළ කළ දිව්ය පණිවිඩ පිළිපදිනු යැයි පවසනු ලැබූ විට ඔවුහු, "අපි එය පිළිනොපදිමු. අපි පිළිපදින්නේ අපගේ මුතුන් මිත්තන් කවර දෙවිවරුන්ට නමදිමින් සිටියේ ද ඒවාය." යැයි පැවසුවෝය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ෂෙයිතාන් (ඔවුන් නොමග යවන පිළිම වන්දනාව තුළින්) ඇවිළෙන ගින්නේ දඬුවම වෙත ඇරයුම් කරමින් සිටියද, ඔවුහු ඔවුන්ගේ මුතුන් මිත්තන් අනුගමනය කරන්නෝද?

31:22Page 413

۞ وَمَن يُسۡلِمۡ وَجۡهَهُۥٓ إِلَى ٱللَّهِ وَهُوَ مُحۡسِنٞ فَقَدِ ٱسۡتَمۡسَكَ بِٱلۡعُرۡوَةِ ٱلۡوُثۡقَىٰۗ وَإِلَى ٱللَّهِ عَٰقِبَةُ ٱلۡأُمُورِ ٢٢

And whoever submits his face [i.e., self] to Allāh while he is a doer of good - then he has grasped the most trustworthy handhold. And to Allāh will be the outcome of [all] matters.

කවරෙකු නැමදුම් කිරීමෙහි අල්ලාහ්ට අවංක ලෙසත්, තම ක්රියාවෙහි දැහැමියෙකු ලෙසත් ඔහු ඉදිරියට පැමිණෙන්නේ ද, ඔහු ග්රහණය කළ දෑ කප්පාදු වීම ගැන බියකින් තොරව ජයග්රහණය අපේක්ෂා කරන්නන් බන්ධනය කළ ශක්තිමත් බන්ධනයක් ඔහු හසු කර ගත්තේය. සියලු කරුණු යොමු වනුයේ ඔහු වෙත පමණය. ඒ සෑම දෙයකටම ගැළපෙන පරිදි ඔහු ප්රතිඵල පිරිනමනු ඇත.

31:23Page 413

وَمَن كَفَرَ فَلَا يَحۡزُنكَ كُفۡرُهُۥٓۚ إِلَيۡنَا مَرۡجِعُهُمۡ فَنُنَبِّئُهُم بِمَا عَمِلُوٓاْۚ إِنَّ ٱللَّهَ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ ٢٣

And whoever has disbelieved - let not his disbelief grieve you. To Us is their return, and We will inform them of what they did. Indeed, Allāh is Knowing of that within the breasts.

කවරෙකු අල්ලාහ් ව ප්රතික්ෂේප කළේ ද අහෝ දූතය! ඔහුගේ ප්රතික්ෂේපය නුඹ ව දුකට පත් නොකළ යුතුය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් නැවත හැරී එනුයේ අප වෙතමය. එවිට ඔවුන් මෙලොව සිදු කරමින් සිටි නපුරුකම් අපි ඔවුනට දන්වමු. ඒ සඳහා අපි ඔවුනට ප්රතිඵල පිරිනමමු. සැබැවින්ම අල්ලාහ් හදවත් තුළ ඇති දෑ පිළිබඳ මැනවින් දන්නාය. එහි ඇති කිසිවක් ඔහුට සැඟ වී යන්නේ නැත.

31:24Page 413

نُمَتِّعُهُمۡ قَلِيلٗا ثُمَّ نَضۡطَرُّهُمۡ إِلَىٰ عَذَابٍ غَلِيظٖ ٢٤

We grant them enjoyment for a little; then We will force them to a massive punishment.

මෙලොවෙහි ස්වල්ප කාලයක් භුක්ති විඳින්නට පිරිනැමූ දෑ ඔවුන් භුක්ති විඳින්නට අපි ඔවුනට ඉඩ හරිමු. පසු ව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරා ගින්නේ දඬුවම වන දැඩි දඬුවමක් වෙත අපි ඔවුන් යොමු කරන්නෙමු.

31:25Page 413

وَلَئِن سَأَلۡتَهُم مَّنۡ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ لَيَقُولُنَّ ٱللَّهُۚ قُلِ ٱلۡحَمۡدُ لِلَّهِۚ بَلۡ أَكۡثَرُهُمۡ لَا يَعۡلَمُونَ ٢٥

And if you asked them, "Who created the heavens and earth?" they would surely say, "Allāh." Say, "[All] praise is [due] to Allāh"; but most of them do not know.

"අහෝ දූතය! අහස් මැව්වේ කවුරුන් ද? මහ පොළොව මැව්වේ කවුරුන් ද?" යැයි නුඹ එම දේව ආදේශකයින්ගෙන් විමසන්නේ නම් ඔවුහු, "ඒවා මැව්වේ අල්ලාහ්" යැයි පවසති. නුඹ ඔවුනට, "නුඹලාට මෙම සාධක විද්යාමාන කළ අල්ලාහ්ටම සියලු ප්රශංසා!" යැයි පවසනු. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා ඔවුන්ගේ අඥානකම හේතුවෙන් ප්රශංසාවට සුදුස්සා ගැන හඳුනා නොගනිති.

31:26Page 413

لِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ إِنَّ ٱللَّهَ هُوَ ٱلۡغَنِيُّ ٱلۡحَمِيدُ ٢٦

To Allāh belongs whatever is in the heavens and earth. Indeed, Allāh is the Free of need, the Praiseworthy.

අහස්හි ඇති දෑ ද මහපොළොවේ ඇති දෑ ද මැවීමෙන්, පාලනයෙන් මෙන්ම සැලසුම් කිරීමෙන් අල්ලාහ්ට පමණක් සතු වන්නේය. සැබැවින්ම අල්ලාහ් ඔහුගේ සියලු මැවීම්වල අවශ්යතාවන්ගෙන් තොරය. ඔහු මෙලොව මෙන්ම මතු ලොවෙහි ප්රශංසාලාභීය.

31:27Page 413

وَلَوۡ أَنَّمَا فِي ٱلۡأَرۡضِ مِن شَجَرَةٍ أَقۡلَٰمٞ وَٱلۡبَحۡرُ يَمُدُّهُۥ مِنۢ بَعۡدِهِۦ سَبۡعَةُ أَبۡحُرٖ مَّا نَفِدَتۡ كَلِمَٰتُ ٱللَّهِۚ إِنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٞ ٢٧

And if whatever trees upon the earth were pens and the sea [was ink], replenished thereafter by seven [more] seas, the words1 of Allāh would not be exhausted. Indeed, Allāh is Exalted in Might and Wise.

සැබැවින්ම මහපොළොවේ ඇති ගස් කපා; ඒවායින් පන්හිදවල් සාදා; ඒ සඳහා තීන්ත වශයෙන් සාගරය පත් කොට එයට තවත් සාගර හතක් එකතු කළ ද අල්ලාහ්ගේ වදන් නිමා නොවන බැවින් ඒවා අවසන් වී යන්නේ නැත. සැබැවින්ම අල්ලාහ් සර්ව බලධාරීය. කිසිවකු විසින් ඔහු පරාජය කළ නොහැක. ඔහුගේ මැවීමෙහි හා සැලසුම් කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය.

31:28Page 413

مَّا خَلۡقُكُمۡ وَلَا بَعۡثُكُمۡ إِلَّا كَنَفۡسٖ وَٰحِدَةٍۚ إِنَّ ٱللَّهَ سَمِيعُۢ بَصِيرٌ ٢٨

Your creation and your resurrection will not be but as that of a single soul.1 Indeed, Allāh is Hearing and Seeing.

අහෝ ජනයිනි! නුඹලා ව මැවීම හෝ විනිශ්චය හා ප්රතිඵල සඳහා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා ව අවදි කිරීම එක ආත්මයක් මවා එය අවදි කරන්නාක් මෙන් පහසු කාර්යයක් මිස නැත. සැබැවින්ම අල්ලාහ් සර්ව ශ්රාවකය. වෙනත් දෙයකට සවන් දෙන විට සවන් කාර්යබහුල වන පරිදි ඔහුගේ සවන කාර්යය බලහු වන්නේ නැත. ඔහු සර්ව නිරීක්ෂකය. වෙනත් දෙයක් බැලීමෙන් බැල්ම කාර්යබහුල වන පරිදි ඔහුගේ බැල්ම කාර්යබහුල වන්නේ නැත. එලෙසම එක් ආත්මයක් මැවීම හෝ අවදි කිරීම තවත් ආත්මයක් මැවීමෙන් හෝ එය අවදි කිරීමෙන් ඔහු කාර්යබහුලත්වයට පත් වන්නේ නැත.

31:29Page 414

أَلَمۡ تَرَ أَنَّ ٱللَّهَ يُولِجُ ٱلَّيۡلَ فِي ٱلنَّهَارِ وَيُولِجُ ٱلنَّهَارَ فِي ٱلَّيۡلِ وَسَخَّرَ ٱلشَّمۡسَ وَٱلۡقَمَرَۖ كُلّٞ يَجۡرِيٓ إِلَىٰٓ أَجَلٖ مُّسَمّٗى وَأَنَّ ٱللَّهَ بِمَا تَعۡمَلُونَ خَبِيرٞ ٢٩

Do you not see [i.e., know] that Allāh causes the night to enter the day and causes the day to enter the night and has subjected the sun and the moon, each running [its course] for a specified term, and that Allāh, of whatever you do, is Aware?

සැබැවින්ම අල්ලාහ් දහවල වැඩි කරනු පිණිස රාත්රිය අඩු කිරීමත් රාත්රිය වැඩි කරනු පිණිස දහවල අඩු කිරීමත් නුඹ නොදුටුවෙහි ද? එමෙන්ම ඔහු හිරු හා සඳුගේ ගමන් මාර්ගය නිර්ණය කළේය. ඒ සෑම එකක්ම තම ගමන් වාරයේ නියමිත සීමාවක් වෙත එකිනෙක ගමන් කරයි. සැබැවින්ම අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ අභිඥානවන්තය. නුඹලාගේ ක්රියාවන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.

31:30Page 414

ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ هُوَ ٱلۡحَقُّ وَأَنَّ مَا يَدۡعُونَ مِن دُونِهِ ٱلۡبَٰطِلُ وَأَنَّ ٱللَّهَ هُوَ ٱلۡعَلِيُّ ٱلۡكَبِيرُ ٣٠

That is because Allāh is the True Reality, and that what they call upon1 other than Him is falsehood, and because Allāh is the Most High, the Grand.

මෙසේ සැලසුම් කර තිබීමත්, නිර්ණය කර තිබීමත් සැබැවින්ම අල්ලාහ් ඒකීය සත්යය බව සාක්ෂි දරනු ඇත. ඔහුගේ පැවැත්ම, ඔහුගේ ගුණාංග හා ඔහුගේ ක්රියාවන්හි ඔහු සත්යය වේ. ඔහු හැර දේව ආදේශකයින් නැමදුම් කරන දෑ කිසිදු පදනමක් නැති නිෂ්ඵල දෑය. සැබැවින්ම අල්ලාහ් ඔහුගේ පැවැත්මෙන් ඔහුගේ බලාධිකාරයෙන් හා ඔහුගේ ශක්තියෙන් ඔහුගේ සියලු මැවීම් වලට වඩා ඔහු උසස්ය. ඔහුට වඩා උසස් වෙනත් කිසිවක් නැත. සියලු දෑට වඩා ඔහු අති ශ්රේෂ්ඨය.

31:31Page 414

أَلَمۡ تَرَ أَنَّ ٱلۡفُلۡكَ تَجۡرِي فِي ٱلۡبَحۡرِ بِنِعۡمَتِ ٱللَّهِ لِيُرِيَكُم مِّنۡ ءَايَٰتِهِۦٓۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّكُلِّ صَبَّارٖ شَكُورٖ ٣١

Do you not see that ships sail through the sea by the favor of Allāh that He may show you of His signs? Indeed in that are signs for everyone patient and grateful.

සුවිශුද්ධයාණන්ගේ බලය හා ඔහුගේ කරුණාව පෙන්වා දෙන සංඥා නුඹලාට ඉදිරිපත් කරනු පිණිස අහෝ ජනයිනි! ඔහුගේ කරුණාව හා ඔහු වසඟ කර දී ඇති, සාගරයේ යාත්රා කරන නැව් නුඹ නොදුටුවෙහි ද? හිංසා පීඩාවන් මත ඉවසීමෙන් කටයුතු කරන, ආශිර්වාද සඳහා කෘතවේදී වන සෑම කෙනෙකුටම ඔහුගේ බලය පිළිබඳ සාධක මෙහි ඇත.

31:32Page 414

وَإِذَا غَشِيَهُم مَّوۡجٞ كَٱلظُّلَلِ دَعَوُاْ ٱللَّهَ مُخۡلِصِينَ لَهُ ٱلدِّينَ فَلَمَّا نَجَّىٰهُمۡ إِلَى ٱلۡبَرِّ فَمِنۡهُم مُّقۡتَصِدٞۚ وَمَا يَجۡحَدُ بِـَٔايَٰتِنَآ إِلَّا كُلُّ خَتَّارٖ كَفُورٖ ٣٢

And when waves come over them like canopies, they supplicate Allāh, sincere to Him in religion [i.e., faith]. But when He delivers them to the land, there are [some] of them who are moderate [in faith]. And none rejects Our signs except everyone treacherous and ungrateful.

වළාකුළු හා කඳු මෙන් වූ විශාල රළ සෑම පැත්තකින්ම ඔවුන් වට කළ විට අල්ලාහ්ට පමණක් අවංක ව ප්රාර්ථනා කරමින් හා නැමදුම් කරමින් කණ්ණලව් කළෝය. අල්ලාහ් ඔවුනට පිළිතුරු දී ගිලී යෑමෙන් ඔවුන් ආරක්ෂා කොට ගොඩ බිම වෙත ඔවුන් මුදවා ගෙන ආ කල්හි, ඔහුට පූර්ණ ලෙස කෘතඥතාව පුද කරන්නට අනිවාර්යය වූ දෑ ක්රියාත්මක නොකර පරිස්සම්සහගතව කටයුතු කරන්නන් ඔවුන් අතර වෙති. එමෙන්ම අල්ලාහ්ගේ ආශිර්වාදයන් හෙළා දකින්නන් ද වෙති. ද්රෝහී සෑම කෙනෙකුම මිස අපගේ වදන් හෙළා දකින්නේ නැත. (ඔහු අල්ලාහ් සමග ගිවිසුමක් ඇති කර ගත් පසු ඔහුට කෘතඥ විය යුතු අයෙකි.) නමුත් අල්ලාහ්ගේ ආශිර්වාද ඔහු ප්රතික්ෂේප කරනු ඇත. අල්ලාහ් ඔහුට කවර ආශිර්වාදයක් පිරිනමා ඇත්තේද ඒ සඳහා අල්ලාහ්ට කෘතඥ නොවනු ඇත.

31:33Page 414

يَٰٓأَيُّهَا ٱلنَّاسُ ٱتَّقُواْ رَبَّكُمۡ وَٱخۡشَوۡاْ يَوۡمٗا لَّا يَجۡزِي وَالِدٌ عَن وَلَدِهِۦ وَلَا مَوۡلُودٌ هُوَ جَازٍ عَن وَالِدِهِۦ شَيۡـًٔاۚ إِنَّ وَعۡدَ ٱللَّهِ حَقّٞۖ فَلَا تَغُرَّنَّكُمُ ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَا وَلَا يَغُرَّنَّكُم بِٱللَّهِ ٱلۡغَرُورُ ٣٣

O mankind, fear your Lord and fear a Day when no father will avail his son, nor will a son avail his father at all. Indeed, the promise of Allāh is truth, so let not the worldly life delude you and be not deceived about Allāh by the Deceiver [i.e., Satan].

අහෝ ජනයිනි! නුඹලාගේ පරමාධිපතිගේ නියෝග අනුගමනය කරමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් නුඹලා ඔහුට භක්තිමත් ව කටයුතු කරනු. පියෙක් තම දරුවකුට හෝ දරුවෙක් තම පියාට හෝ පිහිටක් නොවන දිනයක දඬුවමට බිය වනු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ප්රතිඵල පිරිනමන බවට දුන් පොරොන්දු ව කිසිදු සැකයකින් තොරව සිදුවන්නකි. මෙලොවෙහි ඇති ආශාවන් හා පුහු දේවල් හේතුවෙන් නුඹලාගේ මෙලොව ජීවිතය නුඹලා ව රවටා නොදැමිය යුතුයි. එමෙන්ම නුඹලා වෙත අල්ලාහ් පිළිබඳ ව්යාජ සිහින මවමින් නුඹලාගෙන් ඔහු දඬුවම් ප්රමාද කරන බවට පෙන්වා ෂෙයිතාන් නුඹලා ව රවටා නොදැමිය යුතුය.

31:34Page 414

إِنَّ ٱللَّهَ عِندَهُۥ عِلۡمُ ٱلسَّاعَةِ وَيُنَزِّلُ ٱلۡغَيۡثَ وَيَعۡلَمُ مَا فِي ٱلۡأَرۡحَامِۖ وَمَا تَدۡرِي نَفۡسٞ مَّاذَا تَكۡسِبُ غَدٗاۖ وَمَا تَدۡرِي نَفۡسُۢ بِأَيِّ أَرۡضٖ تَمُوتُۚ إِنَّ ٱللَّهَ عَلِيمٌ خَبِيرُۢ ٣٤

Indeed, Allāh [alone] has knowledge of the Hour and sends down the rain and knows what is in the wombs.1 And no soul perceives what it will earn tomorrow, and no soul perceives in what land it will die. Indeed, Allāh is Knowing and Aware.

අවසන් හෝරාව පිළිබඳ දැනුම ඇත්තේ සැබැවින්ම අල්ලාහ් වෙත පමණි. එය සිදු වනුයේ කවදාදැ?යි ඔහු දනී. එමෙන්ම ඔහු අභිමත කරන මොහොතක වර්ෂාව පහළ කරයි. ගර්භාෂවල ඇත්තේ පිරිමි දරුවන් ද ගැහැණු දරුවන් ද යන වගත් එය භාග්ය සම්පන්නද අභාග්ය සම්පන්න ද යන වගත් ඔහු පමණක් දනී. කෙනෙකු හෙට දින උපයන යහපත හෝ අයහපත පිළිබඳ නොදනී. එමෙන් කවර භූමියක මරණයට පත්වන්නේදැයි ද නොදනී. නමුත් ඒ සියල්ලම දන්නේ අල්ලාහ් පමණය. ඒ සියලු දෑ පිළිබඳ තොරතුරු ඔහු මැනවින් දන්නාය. ඒ කිසිවක් ඔහුට සැඟ වී යන්නේ නැත.

Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences

Contents

Ayat al-Kursi36Al-Kahfpage 42juz 15Bukhari 1Muslim 2999

Style

Theme
Text size
Layout

Читать на русском