Al-Mukhtasar · Tafsir · in Sinhala
البينة
Al-Bayyinah
The Clear Proof · Medinan · 8 ayahs
98:1Page 598
لَمۡ يَكُنِ ٱلَّذِينَ كَفَرُواْ مِنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ وَٱلۡمُشۡرِكِينَ مُنفَكِّينَ حَتَّىٰ تَأۡتِيَهُمُ ٱلۡبَيِّنَةُ ١
Those who disbelieved among the People of the Scripture and the polytheists were not to be parted [from misbelief]1 until there came to them clear evidence –
යුදෙව්වන්, කිතුනුවන් හා දේව ආදේශකයින් අතුරින් දෙවියන් ප්රෙතික්ෂේප කළවුන්හට දේව ප්රතික්ෂේපය මත ඔවුන් එකතු වී ඒ සැමගේ එඟගත්වය පිහිටනු ලැබූනේත් පැහැදිළි සාක්ෂිය හා සාධකය පැමිණි පසුවය.
98:2Page 598
رَسُولٞ مِّنَ ٱللَّهِ يَتۡلُواْ صُحُفٗا مُّطَهَّرَةٗ ٢
A Messenger from Allāh, reciting purified1 scriptures
ඒ පැහැදිලි සාක්ෂිය හා සාධකය වූයේ අල්ලාහ් විසින් එවන ලද දූතයාණන්ය. පාරිශුද්ධයින් මිස අන් කිසිවකු ස්පර්ශ නොකරන පවිත්ර වූ ලේඛනය එම දූතයාණන් විසින් කියවයි.
මෙම ලේඛනයේ සත්යය හා සාධාරණ නීති පිළිබඳ තොරතුරු සඳහන්ව ඇත. එය මිනිසාගේ යහපත හා මඟපෙන්වීම කවර කරුණක් මත පිහිටන්නේ ද එය කරා යෑමට ඔවුනට මඟ පෙන්වනු ඇත.
98:4Page 598
وَمَا تَفَرَّقَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ إِلَّا مِنۢ بَعۡدِ مَا جَآءَتۡهُمُ ٱلۡبَيِّنَةُ ٤
Nor did those who were given the Scripture become divided1 until after there had come to them clear evidence.
තව්රාතය දෙනු ලැබූ යුදෙව්වන් හා ඉන්ජීලය දෙනු ලැබූ කිතුනුවන් ඔවුන් වෙත අල්ලාහ් ඔහුගේ නබිවරයාණන් එවීමෙන් පසුව මිස වෙන්ව නොගියහ. නමුත් ඔවුන් අතර එය පිළිගත් අයද සිටියෝය. එමෙන්ම නබිවරයාගේ සත්යතාව දැන දැනත් එය ප්රතික්ෂේප කිරීමෙහි ඉක්මවා ගියවුන් ද සිටියෝය.
98:5Page 598
وَمَآ أُمِرُوٓاْ إِلَّا لِيَعۡبُدُواْ ٱللَّهَ مُخۡلِصِينَ لَهُ ٱلدِّينَ حُنَفَآءَ وَيُقِيمُواْ ٱلصَّلَوٰةَ وَيُؤۡتُواْ ٱلزَّكَوٰةَۚ وَذَٰلِكَ دِينُ ٱلۡقَيِّمَةِ ٥
And they were not commanded except to worship Allāh, [being] sincere to Him in religion, inclining to truth, and to establish prayer and to give zakāh. And that is the correct religion.
යුදෙව්වන් හා කිතුනුවන්ගේ මුරණ්ඩුකම හා වැරැද්ද හෙළි විය. ඔවුන්ගේ දහම් ග්රන්ථවල සඳහන්ව ඇති පරිදි අල්ලාහ් පමණක් නැමදීම, දෙවිඳුන්හට සමානයන් තැබීමෙන් වැළකීම, සලාතය විධිමත්ව ඉටු කිරීම, සකාත් පිරිනැමීම යනාදිය මිස වෙන කිසිවක් මෙම අල් කුර්ආනයේ ඔවුනට අණ කරනු නොලැබීය. කිසිදු ඇදයක් නැති ඍජු දහම එයයි. ඒ හැර වෙනකක් අණ කරනු නොලැබීය.
98:6Page 598
إِنَّ ٱلَّذِينَ كَفَرُواْ مِنۡ أَهۡلِ ٱلۡكِتَٰبِ وَٱلۡمُشۡرِكِينَ فِي نَارِ جَهَنَّمَ خَٰلِدِينَ فِيهَآۚ أُوْلَٰٓئِكَ هُمۡ شَرُّ ٱلۡبَرِيَّةِ ٦
Indeed, they who disbelieved among the People of the Scripture and the polytheists will be in the fire of Hell, abiding eternally therein. Those are the worst of creatures.
යුදෙව්වන් හා කිතුනුවන් අතුරින් ද දේව ආදේශකයින් අතුරින් ද දෙවියන් ප්රතික්ෂේප කරන්නන් වනාහි, ඔවුහු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී නිරයට ඇතුළු වෙති. එහි සදාතනිකයෝ වෙති. ඔවුන් මැවීම් අතර සිටින නරකම අයයි. එය අල්ලාහ්ව ප්රතික්ෂේප කළ බැවින් හා ඔහුගේ දූතයාණන් ගැන ඔවුන් බොරු කළ බැවිනි.
98:7Page 598
إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ أُوْلَٰٓئِكَ هُمۡ خَيۡرُ ٱلۡبَرِيَّةِ ٧
Indeed, they who have believed and done righteous deeds - those are the best of creatures.
සැබැවින්ම අල්ලාහ්ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් කළවුන් වනාහි ඔවුන් මැවීම් අතුරින් ශ්රේෂ්ඨතම අය වෙති.
98:8Page 599
جَزَآؤُهُمۡ عِندَ رَبِّهِمۡ جَنَّٰتُ عَدۡنٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَآ أَبَدٗاۖ رَّضِيَ ٱللَّهُ عَنۡهُمۡ وَرَضُواْ عَنۡهُۚ ذَٰلِكَ لِمَنۡ خَشِيَ رَبَّهُۥ ٨
Their reward with their Lord will be gardens of perpetual residence beneath which rivers flow, wherein they will abide forever, Allāh being pleased with them and they with Him. That is for whoever has feared his Lord.
ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුනට හිමි කුසල් වනුයේ, මාලිගා හා ගස් අතරින් ගලා බස්නා ගංගා සහිත ස්වර්ග උයන්ය. ඔවුහු එහි සදාතනිකයෝ වන්නාහුය. ඔවුන් අල්ලාහ්ව විශ්වාස කළ බැවින්ද ඔහුට ඔවුන් අවනත වූ බැවින්ද අල්ලාහ් ඔවුන්ව පිළිගත්තේය. ඔවුහු ද ඔහුගේ ආශිර්වාදය ලබා ගත් බැවින් තෘප්තියට පත් වූහ. එම ආශිර්වාදය ලබා ගන්නේ තම පරමාධිපතිට බිය වී ඔහුගේ අණ ක්රියාත්මක කොට ඔහු වැළැක්වූ දැයින් වැළකී සිටින්නන්ය.
Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences