Al-MukhtasarAl‑Qamar · 54:1–55

Al-Mukhtasar · Tafsir · in Sinhala

القمر

Al-Qamar

The Moon · Meccan · 55 ayahs

54:1Page 528

ٱقۡتَرَبَتِ ٱلسَّاعَةُ وَٱنشَقَّ ٱلۡقَمَرُ ١

The Hour has come near, and the moon has split [in two].1

අවසන් හෝරාවෙහි පැමිණීම ළඟා වී ඇත. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ යුගයේ සඳු පැළී ගියේය. එය පැළී යාම එතුමාණන්ගේ භෞතික ප්රාතිහාර්යයන්ගෙන් එකක් විය.

54:2Page 528

وَإِن يَرَوۡاْ ءَايَةٗ يُعۡرِضُواْ وَيَقُولُواْ سِحۡرٞ مُّسۡتَمِرّٞ ٢

And if they see a sign [i.e., miracle], they turn away and say, "Passing magic."1

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම) තුමාගේ සත්යභාවය සහතික කරන යම් සාක්ෂියක් හෝ සාධකයක් දෙවියන්ට ආදේශ කරන්නන් දුටුවේ නම් එය පිළිගැනීමට ප්රතික්ෂේප කරමින් ‘මෙම සාක්ෂි හා සාධක ව්යාජ මායාවක් වශයෙන් මිස අපි නොදකින්නෙමු’ යැයි පවසා සිටිති.

54:3Page 528

وَكَذَّبُواْ وَٱتَّبَعُوٓاْ أَهۡوَآءَهُمۡۚ وَكُلُّ أَمۡرٖ مُّسۡتَقِرّٞ ٣

And they denied and followed their inclinations. But for every matter is a [time of] settlement.

ඔවුන් වෙත පැමිණි සත්යය ඔවුන් බොරු කළෝය. ඔවුන් බොරු කිරීමෙහි ඔවුන්ගේ ආශාවන් ඔවුන් අනුගමනය කළෝය. යහපතක් හෝ අයහපතක් හෝ වේවා ඒ සෑම කටයුත්තක්ම එයට සුදුසු අයුරින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සිදු වනු ඇත.

54:4Page 528

وَلَقَدۡ جَآءَهُم مِّنَ ٱلۡأَنۢبَآءِ مَا فِيهِ مُزۡدَجَرٌ ٤

And there has already come to them of information that in which there is deterrence.

ඔවුන්ගේ දේව ප්රතික්ෂේපයෙන් හා අපාරාධයෙන් ඔවුන් වැළකී සිටීම සඳහා ප්රමාණවත් වන අයුරින් දේව ප්රතික්ෂේපය හා අසාධාරණකම් හේතුවෙන් අල්ලාහ් විනාශ කර දැමූ සමූහයන්ගේ තොරතුරු සැබැවින්ම ඔවුන් වෙත පැමිණියේය.

54:5Page 528

حِكۡمَةُۢ بَٰلِغَةٞۖ فَمَا تُغۡنِ ٱلنُّذُرُ ٥

Extensive wisdom - but warning does not avail [them].

ඔවුන් වෙත පැමිණි දෑහි ඔවුනට සාධක නිරූපණය කරනු පිණිස පූර්ණවත් ප්රඥාවක් විය. අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස නොකරන ජනයාට අවවාදය ප්රයෝනවත් වන්නේ නැත.

54:6Page 528

فَتَوَلَّ عَنۡهُمۡۘ يَوۡمَ يَدۡعُ ٱلدَّاعِ إِلَىٰ شَيۡءٖ نُّكُرٍ ٦

So leave them, [O Muḥammad]. The Day the Caller1 calls to something forbidding,

ඔවුන් යහමග නොලැබුවේ නම්, අහෝ දූතය! නුඹ ඔවුන් අතහැර දමනු. මීට පෙර එවන් මැවීමක් නුඹ නොදැන සිටි බිහිසුණු කරුණක් සඳහා හොරණෑවෙහි පිඹීමට භාර කරන ලද මලක්වරයාව ඇරයුම් කරනු ලබන දිනය ගැන බලාපොරොත්තුවෙන්, නුඹ ඔවුන් නොසලකා හරිනු.

54:7Page 529

خُشَّعًا أَبۡصَٰرُهُمۡ يَخۡرُجُونَ مِنَ ٱلۡأَجۡدَاثِ كَأَنَّهُمۡ جَرَادٞ مُّنتَشِرٞ ٧

Their eyes humbled, they will emerge from the graves as if they were locusts spreading,

ඔවුන්ගේ බැල්ම පහත වැටී තිබේ. ඔවුන් මිණීවලවල්වලින් බැහැර වී විනිශ්චයේ ස්ථානය වෙත පිය නැගීම විසිරී යන පළගැටියන් මෙන් පවතී.

54:8Page 529

مُّهۡطِعِينَ إِلَى ٱلدَّاعِۖ يَقُولُ ٱلۡكَٰفِرُونَ هَٰذَا يَوۡمٌ عَسِرٞ ٨

Racing ahead toward the Caller. The disbelievers will say, "This is a difficult Day."

එම ස්ථානය වෙත කැඳවන්නා වෙත ඔවුන් වේගයෙන් පැමිණෙයි. එහි ඇති බිහිසුණුකම් හා අර්බුධ හේතුවෙන් ‘මෙදින ඉතා දුෂ්කර දිනයකි’ යැයි දේව ප්රතික්ෂේපකයෝ පවසති.

54:9Page 529

۞ كَذَّبَتۡ قَبۡلَهُمۡ قَوۡمُ نُوحٖ فَكَذَّبُواْ عَبۡدَنَا وَقَالُواْ مَجۡنُونٞ وَٱزۡدُجِرَ ٩

The people of Noah denied before them, and they denied Our servant and said, "A madman," and he was repelled.

අහෝ දූතය! නුඹේ ඇරයුම බොරු කළ මොවුනට පෙර නූහ්ගේ ජනයා ද ඔහුව බොරු කළෝය. අපගේ ගැත්තෙකු වූ නූහ් අලයිහිස් සලාම් තුමාව ඔවුන් වෙත අප එවූ කල්හි, ඔවුහු අපගේ ගැත්තාව බොරු කළෝය. ඔහු ගැන: ‘ඔහු උම්මත්තකයෙකි’ යැයි ඔවුහු පැවසූහ. ඔවුනට කරන ප්රචාරය ඔහු අත් නොහළ විට බැණ වදිමින්, දොස් නගමින්, තර්ජනය කරමින් ඔවුහු එතුමාට තරවටු කළෝය.

54:10Page 529

فَدَعَا رَبَّهُۥٓ أَنِّي مَغۡلُوبٞ فَٱنتَصِرۡ ١٠

So he invoked his Lord, "Indeed, I am overpowered, so help."

‘සැබැවින්ම මාගේ ජනයා මා අබිබවා ගොස් ඇත. මට ඔවුන් පිළිතුරු දුන්නේ නැත. එහෙයින් ඔවුන් වෙත දඬුවමක් පහළ කොට ඔවුන්ගෙන් මට ජය ලබා දෙනු මැනව!’යි පවසමින් නූහ් තුමා ඔහුගේ පරමාධිපතිට කණ්ණලව් කළේය.

54:11Page 529

فَفَتَحۡنَآ أَبۡوَٰبَ ٱلسَّمَآءِ بِمَآءٖ مُّنۡهَمِرٖ ١١

Then We opened the gates of the heaven with rain pouring down

එවිට අඛණ්ඩව කඩා හැළෙන ජලයෙන් අපි අහසේ දොරටු විවෘත කළෙමු.

54:12Page 529

وَفَجَّرۡنَا ٱلۡأَرۡضَ عُيُونٗا فَٱلۡتَقَى ٱلۡمَآءُ عَلَىٰٓ أَمۡرٖ قَدۡ قُدِرَ ١٢

And caused the earth to burst with springs, and the waters met for a matter already predestined.

මහපොළවේ පැළීම් ඇති කළෙමු. එවිට ජලය ගලා යන උල්පත් හට ගැණින. ඔවුන් අවමානයට පත් කිරීම සඳහා අල්ලාහ් සැලසුම් කළ පෙර නියමයට අනුව අහසින් වැටෙන ජලය මහපොළවෙන් උනන ජලය සමග එකතු විය. අල්ලාහ් මුදවා ගත් අය හැර සෙසු සියල්ලන්ම ජලයේ ගිලුණෝය.

54:13Page 529

وَحَمَلۡنَٰهُ عَلَىٰ ذَاتِ أَلۡوَٰحٖ وَدُسُرٖ ١٣

And We carried him on a [construction of] planks and nails,

ලෑලි සහ ඇනවලින් යුත් නැවක් මත අපි නූහ්ව උසුළා ඔහු සහ ඔහු සමග සිටියවුන් ජලයේ ගිලීමෙන් අපි මුදවා ගත්තෙමු.

54:14Page 529

تَجۡرِي بِأَعۡيُنِنَا جَزَآءٗ لِّمَن كَانَ كُفِرَ ١٤

Sailing under Our observation as reward for he who had been denied.

අපගේ අධීක්ෂණය හා ආරක්ෂාව යටතේ එකිනෙකට පෙරළා ගසන ජල රළ අතරින් එම නැව යාත්රා විය. එය නූහ් තුමාව බොරු කළ, එතුමා කවර කරුණක් අල්ලාහ් වෙතින් ගෙන ආවේ ද එය ප්රතික්ෂේප කළ, තම සමූහයාට පරාජයක් හා නූහ්ට ජයග්රහණයක් ලෙසිනි.

54:15Page 529

وَلَقَد تَّرَكۡنَٰهَآ ءَايَةٗ فَهَلۡ مِن مُّدَّكِرٖ ١٥

And We left it as a sign, so is there any who will remember?

කවර කරුණකින් අප ඔවුනට දඬුවම් කළේ ද එය පාඩමක් හා ආදර්ශයක් වශයෙන් අපි එය අතහැර දැමුවෙමු. එමගින් පාඩම් ලබන කිසිවෙකු හෝ වෙත් ද?

54:16Page 529

فَكَيۡفَ كَانَ عَذَابِي وَنُذُرِ ١٦

And how [severe] were My punishment and warning.1

බොරු කාරයින් හට මාගේ දඬුවම කෙසේ වී ද? මා ඔවුන් විනාශ කර දමමින් කළ අවවාදය කෙසේ වී ද?

54:17Page 529

وَلَقَدۡ يَسَّرۡنَا ٱلۡقُرۡءَانَ لِلذِّكۡرِ فَهَلۡ مِن مُّدَّكِرٖ ١٧

And We have certainly made the Qur’ān easy for remembrance, so is there any who will remember?

මෙනෙහි කිරීමට හා උපදෙස් ලබන්නට සැබැවින්ම අපි අල් කුර්ආනය පහසු කළෙමු. එහි ඇති පාඩම් හා උපදෙස් තුළින් පාඩම් ලබන කිසිවකු හෝ වෙත් ද?

54:18Page 529

كَذَّبَتۡ عَادٞ فَكَيۡفَ كَانَ عَذَابِي وَنُذُرِ ١٨

ʿAad denied; and how [severe] were My punishment and warning.

ආද් සමූහයා හූද් (අලයිහිස් සලාම්) තුමාව බොරු කළෝය. ඔවුනට මාගේ දඬුවම කෙසේ වී දැයි ද? සෙසු අයට මාගේ අවවාදය කෙසේ වී දැයි ද? මක්කා වැසියනි! සිතා බලනු.

54:19Page 529

إِنَّآ أَرۡسَلۡنَا عَلَيۡهِمۡ رِيحٗا صَرۡصَرٗا فِي يَوۡمِ نَحۡسٖ مُّسۡتَمِرّٖ ١٩

Indeed, We sent upon them a screaming wind on a day of continuous misfortune,

සැබැවින්ම ඔවුන් නිරය වෙත කැටුවාගෙන එන අභාග්යවන්ත කම හා නපුර ඔවුන් සමග නිරන්තරයෙන් පවතින දිනයක දැඩි සීත සහිත මහා සුළඟක් ඔවුන් වෙත අපි එව්වෙමු.

54:20Page 529

تَنزِعُ ٱلنَّاسَ كَأَنَّهُمۡ أَعۡجَازُ نَخۡلٖ مُّنقَعِرٖ ٢٠

Extracting the people1 as if they were trunks of palm trees uprooted.

එය මිනිසුන් මහපොළොවෙන් උගුලා, ඔවුන්ගේ හිස් මත වීසි කර දැමීය. එය රට ඉඳි මුල රෝපණය වී ඇති තැනින්ම උගුලා දමන්නක් මෙන් විය.

54:21Page 529

فَكَيۡفَ كَانَ عَذَابِي وَنُذُرِ ٢١

And how [severe] were My punishment and warning.

එවිට ඔවුනට මාගේ දඬුවම කෙසේ වී දැයි ද? සෙසු අයට මාගේ අවවාදය කෙසේ වී දැයි ද? මක්කා වැසියනි! සිතා බලනු.

54:22Page 529

وَلَقَدۡ يَسَّرۡنَا ٱلۡقُرۡءَانَ لِلذِّكۡرِ فَهَلۡ مِن مُّدَّكِرٖ ٢٢

And We have certainly made the Qur’ān easy for remembrance, so is there any who will remember?

මෙනෙහි කිරීමට හා උපදෙස් ලබන්නට සැබැවින්ම අපි අල් කුර්ආනය පහසු කළෙමු. එහි ඇති පාඩම් හා උපදෙස් තුළින් පාඩම් ලබන කිසිවකු හෝ වෙත් ද?

54:23Page 529

كَذَّبَتۡ ثَمُودُ بِٱلنُّذُرِ ٢٣

Thamūd denied the warning.

සමූද් ජනයා වෙත සාලිහ් (අලයිහිස් සලාම්) තුමා කළ අවවාදය ඔවුන් බොරු කර සිටියෝය.

54:24Page 529

فَقَالُوٓاْ أَبَشَرٗا مِّنَّا وَٰحِدٗا نَّتَّبِعُهُۥٓ إِنَّآ إِذٗا لَّفِي ضَلَٰلٖ وَسُعُرٍ ٢٤

And said, "Is it one human being1 among us that we should follow? Indeed, we would then be in error and madness.

ඔවුන් හෙළා දකිමින්, ‘අපගේ ජාතියෙන් වූ මිනිසෙකු අපි අනුගමනය කරන්නෙමු ද? මේ තත්ත්වයේ සැබැවින්ම අපි ඔහුව අනුගමනය කළේ නම් එවිට නිවැරදි භාවයෙන් දුරස්ව එයින් හැරී දැඩි දුෂ්කරතාවය මත පසුවන්නට සිදු වේ’ යැයි ඔවුහු පැවසූහ.

54:25Page 529

أَءُلۡقِيَ ٱلذِّكۡرُ عَلَيۡهِ مِنۢ بَيۡنِنَا بَلۡ هُوَ كَذَّابٌ أَشِرٞ ٢٥

Has the message been sent down upon him from among us? Rather, he is an insolent liar."

අප සියලු දෙනා හැර දමා ඔහු තනි පුද්ගලයෙකුව සිටිය දී ඔහුව පමණක් විශේෂ කොට ඔහු වෙත දේව පණිවිඩ පහළ වූයේ ද?! නැත! ඔහු ගර්වයෙන් යුත් මහා බොරුකාරයෙකි.

54:26Page 529

سَيَعۡلَمُونَ غَدٗا مَّنِ ٱلۡكَذَّابُ ٱلۡأَشِرُ ٢٦

They will know tomorrow who is the insolent liar.

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ගර්වයෙන් යුත් මහා බොරුකාරයා සාලිහ් ද නැතහොත් ඔවුන් දැයි ඔවුන් මතු දැනගනු ඇත.

54:27Page 529

إِنَّا مُرۡسِلُواْ ٱلنَّاقَةِ فِتۡنَةٗ لَّهُمۡ فَٱرۡتَقِبۡهُمۡ وَٱصۡطَبِرۡ ٢٧

Indeed, We are sending the she-camel as trial for them, so watch them and be patient.1

සැබැවින්ම අපි ඔටු දෙන ගල් පර්වතයෙන් බැහැර කරන්නන් වෙමු. ඔවුනට ඌ පරීක්ෂණයක් ලෙස එවන්නෙමු. අහෝ සාලිහ්! ඔවුන් ඌට සිදු කරනුයේ කුමක් දැයි ද, ඔවුන් තුළින් ඌට සිදුවනුයේ කුමක් දැයි ද අධීක්ෂණයෙන් බලා සිටිනු. ඔවුන්ගේ හිංසාවන් ඉවසීමෙන් දරා ගනු.

54:28Page 530

وَنَبِّئۡهُمۡ أَنَّ ٱلۡمَآءَ قِسۡمَةُۢ بَيۡنَهُمۡۖ كُلُّ شِرۡبٖ مُّحۡتَضَرٞ ٢٨

And inform them that the water is shared between them,1 each [day of] drink attended [by turn].

සැබැවින්ම ඔවුන්ගේ ළිං ජලය, ඔටු දෙනට දිනක් හා ඔවුනට දිනක් වශයෙන් ඔවුන් අතර හා එම ඔටු දෙන අතර බෙදා වෙන්කර ඇති බව ඔවුනට දන්වා සිටියේය. සෑම කොටසක්ම නියම කරන ලද දිනයේ දී අදාළ පාර්ශවය වෙත ඉදිරිපත් කරනු ලැබ ඇත.

54:29Page 530

فَنَادَوۡاْ صَاحِبَهُمۡ فَتَعَاطَىٰ فَعَقَرَ ٢٩

But they called their companion,1 and he dared2 and hamstrung [her].

එම ඔටු දෙන මරා දැමීම සඳහා ඔවුහු ඔවුන් අතර සිටි සගයකු ඇරයුම් කළෝය. ඔහු ඔහුගේ ජනයාගේ නියෝගය පිළිපදිමින් කඩුව අමෝරා ගොස්, ඌ මාරා දැමීය.

54:30Page 530

فَكَيۡفَ كَانَ عَذَابِي وَنُذُرِ ٣٠

And how [severe] were My punishment and warning.

එවිට ඔවුනට මාගේ දඬුවම කෙසේ වී දැයි ද? සෙසු අයට මාගේ අවවාදය කෙසේ වී දැයි ද? මක්කා වැසියනි! සිතා බලනු.

54:31Page 530

إِنَّآ أَرۡسَلۡنَا عَلَيۡهِمۡ صَيۡحَةٗ وَٰحِدَةٗ فَكَانُواْ كَهَشِيمِ ٱلۡمُحۡتَظِرِ ٣١

Indeed, We sent upon them one shriek [i.e., blast from the sky], and they became like the dry twig fragments of an [animal] pen.

සැබැවින්ම අපි ඔවුන් වෙත බිහිසුණු මහා හඬක් එව්වෙමු. එය ඔවුන් විනාශ කර දැමීය. එළුවන් ගාල් කරන එළු කොටුවෙන් ගන්නා ලද පෑගුණු වියළී ගිය ගස් මෙන් ඔවුහු පත්වූහ.

54:32Page 530

وَلَقَدۡ يَسَّرۡنَا ٱلۡقُرۡءَانَ لِلذِّكۡرِ فَهَلۡ مِن مُّدَّكِرٖ ٣٢

And We have certainly made the Qur’ān easy for remembrance, so is there any who will remember?

මෙනෙහි කිරීමට හා උපදෙස් ලබන්නට සැබැවින්ම අපි අල් කුර්ආනය පහසු කළෙමු. එහි ඇති පාඩම් හා උපදෙස් තුළින් පාඩම් ලබන කිසිවකු හෝ වෙත් ද?

54:33Page 530

كَذَّبَتۡ قَوۡمُ لُوطِۭ بِٱلنُّذُرِ ٣٣

The people of Lot denied the warning.

ලූත්ගේ ජනයා වෙත ලූත් (අලයිහිස් සලාම්) තුමා කළ අවවාදය ඔවුන් බොරු කර සිටියෝය.

54:34Page 530

إِنَّآ أَرۡسَلۡنَا عَلَيۡهِمۡ حَاصِبًا إِلَّآ ءَالَ لُوطٖۖ نَّجَّيۡنَٰهُم بِسَحَرٖ ٣٤

Indeed, We sent upon them a storm of stones, except the family of Lot - We saved them before dawn.

සැබැවින්ම අපි ඔවුන් වෙත සුළඟක් එව්වෙමු. ලූත්ගේ පවුල හැර සෙසු අය වෙත එය ගල් ගෙනැවිත් හෙළීය. ඔවුනට එම දඬුවම අත් වූයේ නැත. සැබැවින් අපි ඔවුන් එයින් මුදවා ගත්තෙමු. එවිට රාත්රිය අවසන් භාගයේ දඬුවම ඇති වීමට පෙර රාත්රියේම ඔවුන්ව පිටත් ගියේය.

54:35Page 530

نِّعۡمَةٗ مِّنۡ عِندِنَاۚ كَذَٰلِكَ نَجۡزِي مَن شَكَرَ ٣٥

As favor from Us. Thus do We reward he who is grateful.

ඔවුනට අප වෙතින් වූ ආශිර්වාදයක් වශයෙන් අපි ඔවුන් දඬුවමින් මුදවා ගත්තෙමු. කවරෙකු අල්ලාහ්ගේ ආශිර්වාදයට කෘතඥ වූයේ ද ලූත්ට පිරිනැමූ මෙන් ප්රතිඵලයක් අපි ඔහුට පිරිනමන්නෙමු.

54:36Page 530

وَلَقَدۡ أَنذَرَهُم بَطۡشَتَنَا فَتَمَارَوۡاْ بِٱلنُّذُرِ ٣٦

And he had already warned them of Our assault, but they disputed the warning.

සැබැවින්ම අපගේ දඬුවම ගැන ලූත් (අලෙයිහිස් සලාම්) තුමා ඔවුනට බිය ගැන්වීය. නමුත් මාගේ අවවාදය ගැන ඔවුන් තර්ක කරන්නට වුහ. එය ඔවුන් බොරු කළෝය.

54:37Page 530

وَلَقَدۡ رَٰوَدُوهُ عَن ضَيۡفِهِۦ فَطَمَسۡنَآ أَعۡيُنَهُمۡ فَذُوقُواْ عَذَابِي وَنُذُرِ ٣٧

And they had demanded from him his guests, but We obliterated their eyes, [saying], "Taste My punishment and warning."

ලූත්ගේ ජනයා ඔහුට, අශීලාචාර ක්රියාවෙහි නිරත වීම සඳහා ඔවුන් අතර හා ඔහුගේ ආගන්තුක මලක්වරුන් අතර තනි වෙන්නට ඉඩ හරින්නැයි සැල කළෝය. එවිට ඔවුන්ගේ ඇස් අපි අන්ධ කළෙමු. එහෙයින් ඔවුන් දෙස බලන්නට නොහැකි විය. එවිට අපි ඔවුනට: ‘නුඹලා මාගේ දඬුවම හා මා නුඹලාට කළ අවවාදයේ ප්රතිඵලය නුඹලා භුක්ති විඳනු’ යැයි පැවසුවෙමු.

54:38Page 530

وَلَقَدۡ صَبَّحَهُم بُكۡرَةً عَذَابٞ مُّسۡتَقِرّٞ ٣٨

And there came upon them by morning an abiding punishment.

උදෑසන කාලයේ ඔවුන් මතුලොවට සේන්දු වී ඔවුනට එහි දඬුවම පැමිණෙන තරමට ඔවුන් සමග වෙළුණු දඬුවම ඔවුන් වෙත පැමිණියේය.

54:39Page 530

فَذُوقُواْ عَذَابِي وَنُذُرِ ٣٩

So taste My punishment and warning.

‘නුඹලා වෙත මා පහළ කළ මාගේ දඬුවම හා නුඹලාට ලූත් තුමා කළ අවවාදයේ ප්රතිඵලය නුඹලා භුක්ති විඳිනු’ යැයි ඔවුනට පවසනු ලැබීය.

54:40Page 530

وَلَقَدۡ يَسَّرۡنَا ٱلۡقُرۡءَانَ لِلذِّكۡرِ فَهَلۡ مِن مُّدَّكِرٖ ٤٠

And We have certainly made the Qur’ān easy for remembrance, so is there any who will remember?

මෙනෙහි කිරීමට හා උපදෙස් ලබන්නට සැබැවින්ම අපි අල් කුර්ආනය පහසු කළෙමු. එහි ඇති පාඩම් හා උපදෙස් තුළින් පාඩම් ලබන කිසිවකු හෝ වෙත් ද?

54:41Page 530

وَلَقَدۡ جَآءَ ءَالَ فِرۡعَوۡنَ ٱلنُّذُرُ ٤١

And there certainly came to the people of Pharaoh warning.

මූසා හා හාරූන් (අලයිහිමස් සලාම්) යන දෙදෙනාගේ මුවින් සැබැවින්ම අපගේ අවවාදය ෆිර්අවුන් පැළැන්තියට පැමිණියේය.

54:42Page 530

كَذَّبُواْ بِـَٔايَٰتِنَا كُلِّهَا فَأَخَذۡنَٰهُمۡ أَخۡذَ عَزِيزٖ مُّقۡتَدِرٍ ٤٢

They denied Our signs, all of them, so We seized them with a seizure of one Exalted in Might and Perfect in Ability.

අප වෙතින් ඔවුන් වෙත පැමිණි සාක්ෂි හා සාධක ඔවුන් බොරු කළෝය. ඔවුන් බොරු කරමින් සිටි බැවින් කිසිවකු විසින් ජය ගත නොහැකි සර්ව බලධාරීයාණන්ගේ දඬුමකින් අපි ඔවුන් දඬුවමට ලක් කළෙමු. ඔහු කිසිදු නොහැකියාවක් නැති බලධාරියාය.

54:43Page 530

أَكُفَّارُكُمۡ خَيۡرٞ مِّنۡ أُوْلَٰٓئِكُمۡ أَمۡ لَكُم بَرَآءَةٞ فِي ٱلزُّبُرِ ٤٣

Are your disbelievers better than those [former ones], or have you immunity in the scriptures?

අහෝ මක්කා වැසියනි! සඳහන් කරන ලද නූහ්, ආද් හා සමූද් සමූහයා, ලූත්ගේ සමූහයා, ෆිර්අවුන් හා ඔහුගේ සමූහයා වැනි ප්රතික්ෂේපකයින්ට වඩා නුඹලා අතර සිටින ප්රතික්ෂේපකයින් උතුම් ද? එසේ නැතහොත් අල්ලාහ්ගේ දඬුවමින් නුඹලා නිදහස් බව සඳහන් දිව්යමය ග්රන්ථයක් නුඹලා වෙත තිබේ ද?

54:44Page 530

أَمۡ يَقُولُونَ نَحۡنُ جَمِيعٞ مُّنتَصِرٞ ٤٤

Or do they say, "We are an assembly supporting [each other]"?

එසේ නැතහොත්, මක්කා වාසීන් අතර සිටින මෙම දේව ප්රතික්ෂේපකයෝ: ‘නපුරක් කරන්නට අපේක්ෂා කරන, අපගේ එකමුතුකම වෙන් කරන්නට බලන අයගෙන් අපි ජය ලබන්නන් වෙමු’ යැයි පවසන්නෝද?

54:45Page 530

سَيُهۡزَمُ ٱلۡجَمۡعُ وَيُوَلُّونَ ٱلدُّبُرَ ٤٥

[Their] assembly will be defeated, and they will turn their backs [in retreat].1

දෙවියන් ප්රතික්ෂේප කළ මෙම පිරිස පරාජයට පත් වනු ඇත. දේව විශ්වාසීන් හමුවේ ඔවුන් පසුපස හැරී පළා යනු ඇත. සැබැවිම් බද්ර් දිනයේ එය සිදු විය.

54:46Page 530

بَلِ ٱلسَّاعَةُ مَوۡعِدُهُمۡ وَٱلسَّاعَةُ أَدۡهَىٰ وَأَمَرُّ ٤٦

But the Hour is their appointment [for due punishment], and the Hour is more disastrous and more bitter.

ඔවුන් බොරු කරමින් සිටි අවසන් හෝරාව වනාහි ඔවුන් දඬුවම් විඳින ඔවුනට ප්රතිඥා දෙන ලද්දකි. බද්ර් දිනයේ ඔවුන් මුහුණ දුන් මෙලොව දඬුවමට වඩා එම හෝරාව වඩාත් කුරීරුය. දරුණුය.

54:47Page 530

إِنَّ ٱلۡمُجۡرِمِينَ فِي ضَلَٰلٖ وَسُعُرٖ ٤٧

Indeed, the criminals are in error and madness.1.

දේව ප්රතික්ෂේපය හා පාපකම් තුළින් සැබැවින්ම අපරාධකළවුන් වනාහි, ඔවුහු සත්යයෙන් පෙරළුණු මුළාවෙහි ද වේදනා හා වධහිංසා තුළ ද පසුවෙති.

54:48Page 530

يَوۡمَ يُسۡحَبُونَ فِي ٱلنَّارِ عَلَىٰ وُجُوهِهِمۡ ذُوقُواْ مَسَّ سَقَرَ ٤٨

The Day they are dragged into the Fire on their faces [it will be said], "Taste the touch of Saqar."1

එය ඔවුන්ගේ මුහුණු මතින් නිරා ගින්න වෙත ඇදගෙන යනු ලබන දිනයකි. ඔවුන් හෙළා දකිමින් ‘නුඹලා නිරා ගින්නේ දඬුවම විඳවනු’ යැයි ඔවුනට පවසනු ලැබේ.

54:49Page 530

إِنَّا كُلَّ شَيۡءٍ خَلَقۡنَٰهُ بِقَدَرٖ ٤٩

Indeed, all things We created with predestination.

විශ්වයේ ඇති සෑම දෙයක්ම සැබැවින්ම අපි අපගෙන් වූ පූර්ව නිර්ණයකින් යුතුව ද අපගේ දැනුම හා අපගේ අභිමතයට අනුකූලව ද අපි මවා ඇත්තෙමු. එය අපි ආරක්ෂිත පුවරුවේ කුමක් සටහන් කළේ ද ඒ අනුවය.

54:50Page 531

وَمَآ أَمۡرُنَآ إِلَّا وَٰحِدَةٞ كَلَمۡحِۭ بِٱلۡبَصَرِ ٥٠

And Our command is but one, like a glance of the eye.

අප යම් දෙයක් සිතූ විට අපගේ නියෝගය කුන් -වනු- යැයි ප්රකාශ කිරීම පමණි. එවිට ඇසි පිය ගසන වේගයෙන් අප සිතූ දෑ සිදුවනු ඇත.

54:51Page 531

وَلَقَدۡ أَهۡلَكۡنَآ أَشۡيَاعَكُمۡ فَهَلۡ مِن مُّدَّكِرٖ ٥١

And We have already destroyed your kinds,1 so is there any who will remember?

දේව ප්රතික්ෂේපයේ සිටි නුඹලා මෙන් වූ ඉකුත් වී ගිය සමූහයන් සැබැවින්ම අපි විනාශ කළෙමු. එමගින් පාඩම් ලබා එම දේව ප්රතික්ෂේපයෙන් දුරස් වන කිසිවෙකු හෝ වෙත් ද?

54:52Page 531

وَكُلُّ شَيۡءٖ فَعَلُوهُ فِي ٱلزُّبُرِ ٥٢

And everything they did is in written records.

ගැත්තන් සිදු කළ සියලු ක්රියාවන් ආරක්ෂිත ලේඛනයේ සටහන් කරනු ලබනු ඇත. ඔවුන් ගැන කිසිවක් එහි මග හැරී යන්නේ නැත.

54:53Page 531

وَكُلُّ صَغِيرٖ وَكَبِيرٖ مُّسۡتَطَرٌ ٥٣

And every small and great [thing] is inscribed.

ක්රියා හා ප්රකාශ අතරින් සියලුම සුළු හා මහා දෑ ක්රියා ලේඛනයන්හි හා ආරක්ෂිත පුවරුවේ සටහන් කරනු ලැබ ඇත. ඒ සඳහා ඔවුනට මතු ප්රතිඵල පිරිනමනු ඇත.

54:54Page 531

إِنَّ ٱلۡمُتَّقِينَ فِي جَنَّٰتٖ وَنَهَرٖ ٥٤

Indeed, the righteous will be among gardens and rivers,

සැබැවින්ම ඔවුන්ගේ පරමාධිපතිගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට බැතිමත්ව කටයුතු කළවුන් වනාහි, සුවපහසුකම් විඳින ස්වර්ග උයන් හා ගලා යන ගංගාවන් අතර සිටිති.

54:55Page 531

فِي مَقۡعَدِ صِدۡقٍ عِندَ مَلِيكٖ مُّقۡتَدِرِۭ ٥٥

In a seat of honor near a Sovereign, Perfect in Ability.1

ඔවුන් සැබෑ සභා ගර්භයේ සිටිති. එහි කිසිදු හාස්යයක් හෝ පාපයක් හෝ නැත. සියලු දේ සතු රජු අබියසය. කිසිවෙකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරී අබියසය. ඔහුගෙන් ඔවුන් ලබන සදාතනික සුවපහසුකම් ගැන විමසනු නොලබනු ඇත.

Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences

Contents

Ayat al-Kursi36Al-Kahfpage 42juz 15Bukhari 1Muslim 2999

Style

Theme
Text size
Layout

Читать на русском